ගිලානසුත‍්තං
11. 6. 4.
11. 6. 4.
ගිලානසුත‍්තං
ගිලාන සූත්‍රය
3822. එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ භගවතො චීවරකම‍්මං කරොන‍්ති: “නිට‍්ඨිතචීවරො භගවා තෙමාසච‍්චයෙන චාරිකං පක‍්කමිස‍්සතී”ති. අස‍්සොසි ඛො මහානාමො සක‍්කො සම‍්බහුලා කිර භික‍්ඛූ භගවතො චීවරකම‍්මං කරොන‍්ති: නිට‍්ඨිතචීවරො භගවා තෙමාසච‍්චයෙන චාරිකං පක‍්කමිස‍්සතී”ති. අථ ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහානාමො සක‍්කො භගවන‍්තං එතදවොච: සුතං මෙතං භන‍්තෙ, සම‍්බහුලා කිර භික‍්ඛූ භගවතො චීවරකම‍්මං කරොන‍්ති “නිට‍්ඨිතචීවරො භගවා, තෙමාසච‍්චයෙන චාරිකං පක‍්කමිස‍්සතී”ති. න ඛො නෙතං භන‍්තෙ, භගවතො සම‍්මුඛා සුතං, සම‍්මුඛා පටිග‍්ගහිතං “සප‍්පඤ‍්ඤෙන උපාසකෙන සප‍්පඤ‍්ඤො උපාසකො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො ඔවදිතබ‍්බො”ති.
3822. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු “නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති. “නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මහානාම ශාක්‍යයෝ ඇසූහ. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මෙය මා විසින් අසන ලදි. “වහන්ස, (පැනැති) සෝවන් උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අවවාද කටයුත්තේ ය”යි මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි නො ම අසන ලදි. ඉදිරියෙහි නො ම පිළිගන්නා ලදී යි.
සප‍්පඤ‍්ඤෙන මහානාම, උපාසකෙන සප‍්පඤ‍්ඤො උපාසකො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො චතූහි අස‍්සාසනීයෙහි ධම‍්මෙහි අස‍්සාසෙතබ‍්බො. අස‍්සසතායස‍්මා, අත්‍ථායස‍්මතො බුද‍්ධෙ අවෙච‍්චප‍්පසාදො “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. අස‍්සසතායස‍්මා, අත්‍ථායස‍්මතො ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදො “ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො -පෙ- පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී”ති. අස‍්සසතායස‍්මා අත්‍ථායස‍්මතො සඞ‍්ඝෙ අවෙච‍්චප‍්පසාදො “සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා”ති. අස‍්සසතායස‍්මා අත්‍ථායස‍්මතො අරියකන‍්තානි සීලානි අඛණ‍්ඩානි -පෙ- සමාධිසංවත‍්තනිකානීති.
මහානාම, පැනැති උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අස්වැසිලි කර සිවු දහමෙකින් අස්වැසියයුතු. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි, ධර්‍මය කෙරෙහි අචලප්‍රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි, සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තසිල් ආයුෂ්මත්හට ඇත.
සප‍්පඤ‍්ඤෙන මහානාම, උපාසකෙන සප‍්පඤ‍්ඤො උපාසකො ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. ඉමෙහි චතූහි අස‍්සාසනීයෙහි ධම‍්මෙහි අස‍්සාසෙත්‍වා එවමස‍්ස වචනීයො. “අත්‍ථායස‍්මතො මාතාපිතූසු අපෙඛා”ති. සො චෙ එවං වදෙය්‍ය: “අත්‍ථි මෙ මාතාපිතූසු අපෙඛාති. සො එවමස‍්ස වචනීයො. ආයස‍්මා ඛො මාරිසො මරණධම‍්මො. සචෙපායස‍්මා මාතාපිතූසු අපෙඛං කරිස‍්සති මරිස‍්සතෙව. නො චෙපායස‍්මා මාතාපිතූසු අපෙඛං කරිස‍්සති මරිස‍්සතෙව. සවායස‍්මතො මාතාපිතුසු අපෙඛා තං පජහා”ති. සො චෙ එවං වදෙය්‍ය: “යා මෙ මාතාපිතූසු අපෙඛා සා පහීනා”ති, සො එවමස‍්ස වචනීයො: “අත්‍ථි පනායස‍්මතො පුත‍්තදාරෙසු අපෙඛා”ති? සො චෙ එවං වදෙය්‍ය: “අත්‍ථි මෙ පුත‍්තදාරෙසු අපෙඛා”ති. සො එවමස‍්ස වචනීයො: “ආයස‍්මා ඛො මාරිසො මරණධම‍්මො. සචෙ පායස‍්මා පුත‍්තදාරෙසු අපෙඛං කරිස‍්සති මරිස‍්සතෙව, නො චෙපායස‍්මා පුත‍්තදාරෙසු අපෙඛං කරිස‍්සති මරිස‍්සතෙව. සචායස‍්මතො පුත‍්තදාරෙසු අපෙඛා තං පජහා”ති.
මහානාම පැනැති උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අස්වැසිලි කර මේ සිවු දහමින් අස්වසා “ආයුෂ්මත්හට මවුපියන් කෙරෙහි අපේක්‍ෂාවක් ඇද්දැ”යි මෙසේ කිවයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට මවුපියන් කෙරෙහි අපේක්‍ෂා ඇතැ”යි මෙසේ කියන්නේ නම් හේ මෙසේ කියයුතු වන්නේ ය. “ආයුෂ්මත් තෙමේ මරණය පිළිබඳ ය. මැරෙණ ස්වභාව ඇත්තේ ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි අපේක්‍ෂාව කරන්නේ නමුදු මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි අපේක්‍ෂාව නො කරන්නේ නමුදු මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත්හට මවුපියන් කෙරෙහි අපේක්‍ෂා ඇත්නම් එය හරුව”යි. හෙ ඉදින් “මවුපියන් කෙරෙහි මට යම් අපේක්‍ෂාවක් වූ නම් එය ප්‍රහීණ ය”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ආයුෂ්මත්හට අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂාව ඇද්දැ”යි මෙසේ කියයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා ඇතැ”යි මෙසේ කියන්නේ නම් හෙ මෙසේ කියයුතු වන්නේ ය. “ආයුෂ්මත් තෙමේ මරණය පිළිබඳ ය. මැරෙණ ස්වභාව ඇත්තේ ය. ඉදින් ආයුෂ්මත් තෙමේ අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා කරන්නේ ද, මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත් තෙමේ අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂාව නො කරන්නේ ද, මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත්හට අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා ඇත් නම් එය හරුව”යි.
සො චෙ එවං වදෙය්‍ය: “යා මෙ පුත‍්තදාරෙසු අපෙඛා සා පහීනා”ති, සො එවමස‍්ස වචනීයො: “අත්‍ථි පනායස‍්මතො මානුසකෙසු පඤ‍්චසු කාමගුණෙසු අපෙඛා”ති? සො චෙ එවං වදෙය්‍ය: “අත්‍ථි මෙ මානුසකෙසු පඤ‍්චසු කාමගුණෙසු අපෙඛා”ති, සො එවමස‍්ස වචනීයො: “මානුසකෙහි ඛො ආවුසො, කාමෙහි දිබ‍්බා කාමා අභික‍්කන‍්තතරා ච පණීතතරා ච. සාධායස‍්මා මානුසකෙහි කාමෙහි චිත‍්තං වුට‍්ඨාපෙත්‍වා චාතුම‍්මහාරාජිකෙසු දෙවෙසු චිත‍්තං අධිමොචෙහී”ති.
ඉදින් හෙතෙමේ “මට අඹුදරුවන් කෙරෙහි යම් අපේක්‍ෂාවක් වූ නම් එය ප්‍රහීණ ය”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ආයුෂ්මත්හට මිනිසුන් පිළිබඳ පස්කම්ගුණෙහි අපේක්‍ෂාවක් ඇද්දැ”යි මෙසේ කියයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට මිනිසුන් පිළිබඳ පස්කම්ගුණෙහි අපේක්‍ෂාවක් ඇතැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මිනිසුන් පිළිබඳ කාමයන්ට වඩා දෙවියන් පිළිබඳ කාමයෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ මිනිසුන් පිළිබඳ කාමයන්ගෙන් සිත නඟා සිවුමහරජයෙහි දෙවියන් කෙරෙහි සිත තබව”යි.
සො චෙ එවං වදෙය්‍ය: “මානුසකෙහි මෙ කාමෙහි චිත‍්තං වුට‍්ඨිතං, චාතුම‍්මහාරාජිකෙසු දෙවෙසු චිත‍්තං අධිමොචිතන‍්ති”. සො එවමස‍්ස වචනීයො: “චාතුම‍්මහාරාජිකෙහි ඛො ආවුසො දෙවෙහි තාවතිංසා දෙවා අභික‍්කන‍්තතරා ච පණීතතරා ච. සාධායස‍්මා චාතුම‍්මහාරාජිකෙහි දෙවෙහි චිත‍්තං වුට‍්ඨාපෙත්‍වා තාවතිංසෙසු දෙවෙසු චිත‍්තං අධිමොචෙහී”ති.
ඉදින් හෙතෙමේ “මිනිසුන් පිළිබඳ කාමයන්ගෙන් මාගේ සිත නැඟිණි. සිවුමහරජයෙහි දෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, සිවුමහරජයෙහි දෙවියන්ට වඩා තවුතිසාවැසි දෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ සිවුමහරජයෙහි දෙවියන්ගෙන් සිත නඟා තවුතිසාවැසි දෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
සො චෙ එවං වදෙය්‍ය: “චාතුම‍්මහාරාජිකෙහි මෙ දෙවෙහි චිත‍්තං වුට‍්ඨිතං, තාවතිංසෙසු දෙවෙසු චිත‍්තං අධිමොචිතන‍්ති”. සො එවමස‍්ස වචනීයො: “තාවතිංසෙහි ඛො ආවුසො, දෙවෙහි යාමා දෙවා අභික‍්කන‍්තරා ච පණීතතරා ච. සාධායස‍්මා තාවතිංසෙහි දෙවෙහි චිත‍්තං වුට‍්ඨාපෙත්‍වා යාමෙසු දෙවෙසු චිත‍්තං අධිමොචෙහී”ති.
ඉදින් හෙතෙමේ “සිවුමහරජයෙහි දෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. තවුතිසාවැසි දෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, තවුතිසාවැසි දෙවියන්ට වඩා යාමදෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ තවුතිසාවැසි දෙවියන්ගෙන් සිත නඟා යාමදෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
සො චෙ එවං වදෙය්‍ය: “තාවතිංසෙහි ඛො දෙවෙහි මෙ චිත‍්තං වුට‍්ඨිතං, යාමෙසු දෙවෙසු චිත‍්තං අධිමොචිතන‍්ති”. සො එවමස‍්ස වචනීයො: “යාමෙහි ඛො ආවුසො, දෙවෙහි තුසිතා දෙවා අභික‍්කන‍්තරා ච පණීතතරා ච. සාධායස‍්මා යාමෙහි දෙවෙහි චිත‍්තං වුට‍්ඨාපෙත්‍වා තුසිතෙසු දෙවෙසු චිත‍්තං අධිමොචෙහී”ති.
ඉදින් හෙතෙමේ තවුතිසාවැසි දෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. යාමදෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, යාමදෙවියන්ට වඩා තුසිතදෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ යාමදෙවියන් ගෙන් සිත නඟා තුසිතදෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
සො චෙ එවං වදෙය්‍ය: “යාමෙහි දෙවෙහි මෙ චිත‍්තං වුට‍්ඨිතං, තුසිතෙසු දෙවෙසු චිත‍්තං අධිමොචිතන‍්ති”. සො එවමස‍්ස වචනීයො: “තුසිතෙහි ඛො ආවුසො, දෙවෙහි නිම‍්මාණරතී දෙවා අභික‍්කන‍්තරා ච පණීතතරා ච. සාධායස‍්මා තුසිතෙහි දෙවෙහි චිත‍්තං වුට‍්ඨාපෙත්‍වා නිම‍්මාණරතීසු දෙවෙසු චිත‍්තං අධිමොචෙහී”ති.
ඉදින් හෙතෙමේ “යාමදෙවියන් ගෙන් මාගේ සිත නැඟිණි. තුසිතදෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, තුසිතදෙවියන්ට වඩා නිම්මාණරතී දෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ තුසිතදෙවියන් ගෙන් සිත නඟා නිම්මාණරතී දෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
සො චෙ එවං වදෙය්‍ය: “තුසිතෙහි දෙවෙහි මෙ චිත‍්තං වුට‍්ඨිතං, නිම‍්මාණරතීසු දෙවෙසු චිත‍්තං අධිමොචිතන‍්ති”. සො එවමස‍්ස වචනීයො: “නිම‍්මාණරතීහි ඛො ආවුසො, දෙවෙහි පරනිම‍්මිතවසවත‍්තී දෙවා අභික‍්කන‍්තරා ච පණීතතරා ච. සාධායස‍්මා නිම‍්මාණරතීහි දෙවෙහි චිත‍්තං වුට‍්ඨාපෙත්‍වා පරනිම‍්මිතවසවත‍්තීසු දෙවෙසු චිත‍්තං අධිමොචෙහී”ති.
ඉදින් හෙතෙමේ “තුසිතදෙවියන් ගෙන් මාගේ සිත නැඟිණි. නිම්මාණරතී දෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, නිම්මාණරතීදෙවියන්ට වඩා පරනිර්මිත වසවර්තිදෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ නිර්‍මාණරතීදෙවියන් ගෙන් සිත නඟා පරනිර්මිතවසවර්තිදෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
සො චෙ එවං වදෙය්‍ය: “නිම‍්මාණරතීහි මෙ දෙවෙහි චිත‍්තං වුට‍්ඨිතං, පරනිම‍්මිතවසවත‍්තීසු දෙවෙසු චිත‍්තං අධිමොචිතන‍්ති”. සො එවමස‍්ස වචනීයො: “පරනිම‍්මිතවසවත‍්තීහි ඛො ආවුසො, දෙවෙහි බ්‍රහ‍්මලොකො අභික‍්කන‍්තරො ච පණීතතරො ච. සාධායස‍්මා පරනිම‍්මිතවසවත‍්තීහි දෙවෙහි චිත‍්තං වුට‍්ඨාපෙත්‍වා බ්‍රහ‍්මලොකෙ චිත‍්තං අධිමොචෙහී”ති.
ඉදින් හෙතෙමේ “නිර්‍මාණරතී දෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. පරනිර්මිතවසවර්තිදෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, පරනිර්මිතවසවර්තී දෙවියන්ට වඩා බඹලොව ඉතා සිත්කලු ද ඉතා පිණී ද වේ. ආයුෂ්මත් තෙමේ පරනිර්මිතවසවර්තිදෙවියන්ගෙන් සිත නඟා බඹලොව කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
සො චෙ එවං වදෙය්‍ය: පරනිම‍්මිතවසවත‍්තීහි ඛො දෙවෙහි චිත‍්තං වුට‍්ඨිතං, බ්‍රහ‍්මලොකෙ චිත‍්තං අධිමොචිතන‍්ති”, සො එවමස‍්ස වචනීයො: “බ්‍රහ‍්මලොකො’පි ඛො ආවුසො, අනිච‍්චො අද‍්ධුවො සක‍්කායපරියාපන‍්නො. සාධායස‍්මා බ්‍රහ‍්මලොකා චිත‍්තං වුට‍්ඨාපෙත්‍වා සක‍්කායනිරොධෙ චිත‍්තං උපසංහරා”ති.
ඉදින් හෙතෙමේ “පරනිර්මිතවශවර්තීදෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. බඹලොව කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, බඹලොව ද අනිස ය. නො තිර ය. සත්කායයට ඇතුළත් ය. ආයුෂ්මත් තෙමේ බඹලොවින් සිත නඟා සත්කායනිරෝධය කෙරෙහි සිත එළවා තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
සො චෙ එවං වදෙය්‍ය: “බ්‍රහ‍්මලොකා මෙ චිත‍්තං වුට‍්ඨිතං, සක‍්කායනිරොධෙ චිත‍්තං උපසංහතන‍්ති” එවං විමුත‍්තචිත‍්තස‍්ස ඛො මහානාම උපාසකස‍්ස වස‍්සසතවිමුත‍්තචිත‍්තෙන භික‍්ඛුනා න කිඤ‍්චි නානාකරණං වදාමි යදිදං විමුත‍්තියා විමුත‍්තින‍්ති.
ඉදින් හෙතෙමේ “බඹලොවින් මාගේ සිත නැඟිණි. සත්කායනිරෝධයෙහි සිත එළවා තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් “මහානාම, මෙසේ මිදුණු සිත් ඇති උවසුහුගේ සියවසක් මුළුල්ලෙහි මිදුණු සිත් ඇති මහණහු සමග විමුක්තිය ඇරබ විමුක්තියෙහි කිසි වෙනසක් නො කියමි”යි.