ඵලසුත්තං
11. 6. 5.
11. 6. 5.
ඵලසුත්තං
ඵල සූත්රය
3823. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්ති ඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
3823. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සොවන්පල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සොවන්පල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 6.
11. 6. 6.
දුතිය ඵලසුත්තං
දුතියඵල සූත්රය
3824. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සකදාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සකදාගාමීඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
3824. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සෙදගැමිපල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සෙදගැමිපල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 7.
11. 6. 7.
තතිය ඵලසුත්තං
තතියඵල සූත්රය
3825. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අනාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා අනාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
3825. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අනගැමිපල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු අනගැමිපල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 8.
11. 6. 8.
චතුත්ථ ඵලසුත්තං
චතුත්ථඵල සූත්රය
3826. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අරහත්තඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා අරහත්තංඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
3826. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත් යි.
11. 6. 9.
11. 6. 9.
පටිලාභසුත්තං
පටිලාභ සූත්රය
3827. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාපටිලාභාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාපටිලාභාය සංවත්තන්තී.
3827. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත් යි.
11. 6. 10.
11. 6. 10.
වුඩ්ඪිසුත්තං
වුඩ්ඪි සූත්රය
3828. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාවුඩ්ඪියා සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාවුඩ්ඪියා සංවත්තන්තීති.
3828. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත් යි.
11. 6. 11.
11. 6. 11.
වෙපුල්ලසුත්තං
වේපුල්ල සූත්රය
3829. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාවෙපුල්ලාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාවෙපුල්ලාය සංවත්තන්තීති.
3829. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්මශ්රවණ, යෝනිසෝමනස්කාර, ධර්මානුධර්මප්රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත් යි.
සප්පඤ්ඤවග්ගො ඡට්ඨො.
සවැනි සප්පඤ්ඤවර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමමාලාව :
සගාථකං වස්සවුත්ථං ධම්මදින්නං ගිලානකං, චතුප්ඵලා පටිලාභො වුඩ්ඪී වෙපුල්ලනාමිකොති.
සගාථක, වස්සංවුත්ථ, ධම්මදින්න, ගිලානක යි සතරෙකි. පලසුතුරු ද සතරෙකි. පටිලාභ, වුඩ්ඪී, වේපුල්ල නම් තුනෙකැ යි මුළුල්ල එකොළොසෙකි.