යෙදුමෙන් කියවන්න

7. මහාපඤ‍්ඤවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

7. මහාපඤ්ඤ වර්‍ගය

11. 7. 1.

11. 7. 1.

මහාපඤ‍්ඤසුත‍්තං

මහාපඤ්ඤ සූත්‍රය

3830. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා භාවිතා බහුලීකතා මහාපඤ‍්ඤතාය සංවත‍්තන‍්ති. කතමෙ චත‍්තාරො: සප‍්පුරිසසංසෙවො, සද‍්ධම‍්මසවනං, යොනිසොමනසිකාරො, ධම‍්මානුධම‍්මපටිපත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා මහාපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3830. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මහපැනැති බව පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මහපැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 2.

11. 7. 2.

පුථුපඤ‍්ඤසුත‍්තං

පුථුපඤ්ඤ සූත්‍රය

3831. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- පුථුපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3831. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... ලොවුතුරු පැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 3.

11. 7. 3.

විපුලපඤ‍්ඤසුත‍්තං

විපුලපඤ්ඤ සූත්‍රය

3832. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- විපුලපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3832. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... විපුලපැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 4.

11. 7. 4.

ගම‍්භීරපඤ‍්ඤසුත‍්තං

ගම්භීරපඤ්ඤ සූත්‍රය

3833. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- ගම‍්භීරපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3833. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... ගැඹුරුපැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 5.

11. 7. 5.

අසාමන‍්තපඤ‍්ඤසුත‍්තං

අසාමන්තපඤ්ඤ සූත්‍රය

3834. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- අසාමන‍්තපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3834. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... අසාමන්ත (නො සමීප) පැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 6.

11. 7. 6.

භූරිපඤ‍්ඤසුත‍්තං

භූරිපඤ්ඤ සූත්‍රය

3835. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- භූරිපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3835. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... බොහෝ පැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 7.

11. 7. 7.

පඤ‍්ඤාබාහුල‍්ලසුත‍්තං

පඤ්ඤාබාහුල්ල සූත්‍රය

3836. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- පඤ‍්ඤාබාහුල‍්ලාය සංවත‍්තන‍්තීති.

3836. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... පැන බහුලබව පිණිස පවතිත් යි.

11. 7. 8.

11. 7. 8.

සීඝපඤ‍්ඤසුත‍්තං

සීඝපඤ්ඤ සූත්‍රය

3837. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- සීඝපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3837. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... වහා වැටැහෙන පැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 9.

11. 7. 9.

ලහුපඤ‍්ඤසුත‍්තං

ලහුපඤ්ඤ සූත්‍රය

3838. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- ලහුපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3838. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... යුහුපැනැතිබව පිණිස පවතිත් යි.

11. 7. 10.

11. 7. 10.

හාසුපඤ‍්ඤසුත‍්තං

හාසුපඤ්ඤ සූත්‍රය

3839. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- හාසුපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3839. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... හාසබහුල පැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 11.

11. 7. 11.

ජවනපඤ‍්ඤසුත‍්තං

ජවනපඤ්ඤ සූත්‍රය

3840. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- ජවනපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3840. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... දිවෙන පැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 12.

11. 7. 12.

තික‍්ඛපඤ‍්ඤසුත‍්තං

තික්ඛපඤ්ඤ සූත්‍රය

3841. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා -පෙ- තික‍්ඛපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3841. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... තියුණු පැනැති බව පිණිස පවතිත් යි.

11. 7. 13.

11. 7. 13.

නිබ‍්බෙධිකපඤ‍්ඤසුත‍්තං

නිබ්බේධිකපඤ්ඤ සූත්‍රය

3842. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, ධම‍්මා භාවිතා බහුලීකතා නිබ‍්බෙධිකපඤ‍්ඤතාය සංවත‍්තන‍්ති. කතමෙ චත‍්තාරො: සප‍්පුරිසසංසෙවො, සද‍්ධම‍්මසවනං, යොනිසොමනසිකාරො, ධම‍්මානුධම‍්මපටිපත‍්ති. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ධම‍්මා භාවිතා බහුලීකතා නිබ‍්බෙධිකපඤ‍්ඤතාය සංවත‍්තන‍්තීති.

3842. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිබ්බේධික පඤ්ඤ (කෙලෙස් පළන පැනැති බව) පිණිස පවතිත්. කවර සිවු දහමෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනසිකාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිර්වේධික පැනැති බව පිණිස පවතිත් යි.

මහාපඤ‍්ඤවග‍්ගො සත‍්තමො.

සත්වැනි මහාපඤ්ඤ වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය :

මහාපුථුවිපුලගම‍්භීරං අප‍්පමත‍්තභූරිබාහුලං, සීඝලහුහාසුජවන තික‍්ඛනිබ‍්බෙධිකායචාති.

මහාපඤ්ඤ, පුථුපඤ්ඤ, විපුලපඤ්ඤ, ගම්භීරපඤ්ඤ, අසාමන්තපඤ්ඤ, භූරිපඤ්ඤ, පඤ්ඤාබාහුල්ල, සීඝපඤ්ඤ, ලහුපඤ්ඤ, හාසුපඤ්ඤ, ජවනපඤ්ඤ, තික්ඛපඤ්ඤ, නිබ්බේධිකපඤ්ඤ යි තෙළෙස් සුතුරු කෙනෙකි.

සොතාපත‍්තිසංයුත‍්තං සමත‍්තං.

සෝතාපත්ති සංයුත්තය නිමියේ යි.

තත්‍ර වග‍්ගුද‍්දානං:

එහි වර්‍ගනාමාවලිය :

වෙළුද‍්වාර රාජකාරාමා සරකානි පුඤ‍්ඤාභිසන්‍දා සගාථපුඤ‍්ඤාභිසන්‍දො සපඤ‍්ඤ මහාපඤ‍්ඤා චාති.

වේළුද්වාර, රාජකාරාම, සරකානි, පුඤ්ඤාභිසන්‍ද, සගාථ පුඤ්ඤාභිසන්‍ද, සප්පඤ්ඤ, මහාපඤ්ඤ යි (සෝතාපත්ති සංයුත්තයෙහි වර්‍ග සතෙකි යි).