සමාධිසුත‍්තං
12. 1. 1.
12. 1. 1.
සමාධිසුත‍්තං
සමාධි සූත්‍රය
3843. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. -පෙ- සමාධිං භික‍්ඛවෙ, භාවෙථ. සමාහිතො භික‍්ඛවෙ, භික‍්ඛු යථාභූතං පජානාති. කිඤ‍්ච යථාභූතං පජානාති: ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති. අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. සමාධිං භික‍්ඛවෙ, භාවෙථ. සමාහිතො භික‍්ඛවෙ, භික‍්ඛු යථාභූතං පජානාති.
3843. මා විසින් මෙසේ අසන ලදි. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක ... මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනියි. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනියි. “මේ දුක්හටගැනුමැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනියි. මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනී.
තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො, අයං දුක‍්ඛසමුදයොති යොගො කරණීයො, අයං දුක‍්ඛනිරොධොති යොගො කරණීයො, අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි (දැන) වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් හටගැනුමැ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් වැළැක්මැ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍යය කටයුතු යි.
12. 1. 2.
12. 1. 2.
පටිසල‍්ලානසුත‍්තං
පටිසල්ලාන සූත්‍රය
3844. පටිසල‍්ලානෙ භික‍්ඛවෙ, යොගමාපජ‍්ජථ, පටිසල‍්ලීනො භික‍්ඛවෙ, භික‍්ඛු යථාභූතං පජානාති. කිඤ‍්ච යථාභූතං පජානාති: ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. පටිසල‍්ලානෙ භික‍්ඛවෙ, යොගමාපජ‍්ජථ, පටිසල‍්ලීනො භික‍්ඛවෙ, භික‍්ඛු යථාභූතං පජානාති. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
3844. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනී. ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. මහණෙනි, එහෙයින් එහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍යය කටයුතු යි.