යෙදුමෙන් කියවන්න

කුලපුත‍්තසුත‍්තං

12. 1. 3.

12. 1. 3.

කුලපුත‍්තසුත‍්තං

කුලපුත්ත සූත්‍රය

3845. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං කුලපුත‍්තා සම‍්මා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිංසු, සබ‍්බෙ තෙ චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අභිසමයාය. යෙ හි කෙචි භික‍්ඛවෙ, අනාගතමද‍්ධානං කුලපුත‍්තා සම‍්මා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිස‍්සන‍්ති, සබ‍්බෙ තෙ චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අභිසමයාය. යෙ හි කෙචි භික‍්ඛවෙ, එතරහි කුලපුත‍්තා සම‍්මා අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, සබ‍්බෙ තෙ චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අභිසමයාය.

3845. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, දැන් යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය.

කතමෙසං චතුන‍්නං: දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස, දුක‍්ඛසමුදයස‍්ස අරියසච‍්චස‍්ස, දුක‍්ඛනිරොධස‍්ස අරියසච‍්චස‍්ස, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච‍්චස‍්ස. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං කුලපුත‍්තා සම‍්මා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිංසු -පෙ- පබ‍්බජිස‍්සන‍්ති -පෙ- පබ‍්බජන‍්ති, සබ‍්බෙ තෙ ඉමෙසං යෙව චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අභිසමයාය. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො, -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.

කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූහු ද ... පැවිදි වන්නාහු ද ... පැවිදි වෙද්ද, ඒ සියල්ලෝ මේ සිවු අරීසස් ම තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.