යෙදුමෙන් කියවන්න

1. සමාධිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සමාධි වර්ගය

1. සමාධිසුත‍්තවණ‍්ණනා

1. සමාධි සූත්‍ර වර්ණනාව

සච‍්චසංයුත‍්තස‍්ස පඨමෙ සමාධිං, භික‍්ඛවෙති තෙ කිර භික‍්ඛූ චිත‍්තෙකග‍්ගතාය පරිහායන‍්ති, අථ නෙසං සත්‍ථා – “එවමෙතෙ චිත‍්තෙකග‍්ගතං ලභිත්‍වා, කම‍්මට‍්ඨානං වඩ‍්ඪෙත්‍වා, විසෙසං පාපුණිස‍්සන‍්තී”ති ඉමං දෙසනං ආරභි. තස‍්මාතිහ, භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයොති එත්‍ථ යථාභූතාදිවසෙන කාරණච‍්ඡෙදො වෙදිතබ‍්බො. ඉදඤ‍්හි වුත‍්තං හොති – භික‍්ඛවෙ, යස‍්මා සමාහිතො භික‍්ඛු චත‍්තාරි සච‍්චානි යථාභූතං පජානාති, තස‍්මා තුම‍්හෙහි ච සමාහිතෙහි චතුන‍්නං සච‍්චානං යථාභූතං පජානනත්‍ථාය “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයො. තථා යස‍්මා චත‍්තාරි සච‍්චානි තථාගතස‍්සෙව පාතුභාවා පාකටානි හොන‍්ති, යස‍්මා ච තථාගතෙන සුවිභත‍්තානි, යස‍්මා ච තෙසු අපරිමාණා වණ‍්ණා අපරිමාණානි පදබ්‍යඤ‍්ජනානි, යස‍්මා ච තෙසං අප‍්පටිවිද‍්ධත‍්තා වට‍්ටං වඩ‍්ඪති, තෙසං පටිවිද‍්ධකාලතො පට‍්ඨාය න වඩ‍්ඪති, තස‍්මා “එවං නො වට‍්ටං න වඩ‍්ඪිස‍්සතී”ති තුම‍්හෙහි “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයො.

සච්ච සංයුත්තයේ පළමු වැන්නෙහි - සමාධිං භික්‍ඛවෙ = ඒ භික්ෂූහු සිතේ එකඟතාවය කෙරෙන් පිරිහෙත් එකල්හි ශාස්තෲන් වහන්සේ මේ භික්ෂූහු මෙසේ (පිළිපදිත හොත්) සිතේ එකඟ බව ලැබ කමටහන් වඩා උතුම් නිවනට පැමිණෙන්නාහුයයි (දැන) ඒ භික්ෂූන් හට මෙම දේශනාව දෙසීම ආරම්භ කළහ. තස්මා තිහ භික්ඛවෙ ඉදං දුක්‍ඛන්ති යොගො කරණීයො = මෙහිදී තත්වූ පරිද්දෙන් කරුණු වෙන්කර පෙන්වීම (පිළිබඳව) දත යුතුය. මෙසේ ද කියන ලද්දේ වෙයි - “මහණෙනි, යම්සේ සන්සුන් වූ සිත් ඇති භික්ෂුව ආර්ය සත්‍යයන් සතර තැන් වූ පරිදි දිනියිද, එසේ සන්සුන් වූ සිත් ඇති ඔබ විසින් ද චතුරාර්ය සත්‍යයන් තත් වූ පරිදි දැනගනු පිණිස මෙය දුකය යනුවෙන් භාවනාවෙහි යෙදීම කළ යුතුය. යම් හෙයකින් චතුස් සත්‍යයන් (පිළිබඳ දැනුම) තථාගතයන් වහන්සේ හටම පහළ වූයෙන් උන්වහන්සේට ම එය ප්‍රකට වේද, යම්සේ තථාගතයන් වහන්සේ විසින් මනාව බෙදා දක්වන ලද්දේ ද, යම් සේ (ඒ පිළිබඳව) අප්‍රමාණ වූ වර්ණනාවන් කරන ලද්දේද, අප්‍රමාණ වූ පදවලින් විස්තර කරන ලද්දේද, යම් හෙයකින් ඒ චතුස්සත්‍යයන් අවබෝධ නො කළ බැවින් සසර වර්ධනය වෙයිද, එය අවබෝධ කරගත් කල පටන් සසර වර්ධනය නොවෙයිද, එහෙයින් මෙසේ අපගේ සසර නො වැඩෙන්නේ යයි (දැන) ඔබ විසින් මෙය දුකයයි භාවනා කළ යුතුය”

2. පටිසල‍්ලානසුත‍්තවණ‍්ණනා

2. පටිසල්ලාන සූත්‍ර වර්ණනාව

දුතියං කායවිවෙකවිකලානං කායවිවෙකපටිලාභත්‍ථාය වුත‍්තං.

දෙවැන්න කායික විවේකය අඩු අයට කායික විවේකය ලබා ගැනීම සඳහා කියන ලදී.

3-5. කුලපුත‍්තසුත‍්තාදිවණ‍්ණනා

3-5. කුලපුත්ත ආදි සූත්‍ර වර්ණනා

තතියෙ අභිසමයායාති අභිසමයත්‍ථාය. සමණබ්‍රාහ‍්මණාති චෙත්‍ථ සාසනාවචරා අධිප‍්පෙතා. තථා චතුත්‍ථපඤ‍්චමෙසු, තෙන තෙන අභිලාපෙන බුජ‍්ඣනකානං පන අජ‍්ඣාසයෙනෙතානි වුත‍්තානි.

තුන් වැන්නෙහි - අභිසමයාය = අවබෝධය පිණිස. සමණාවා බ්‍රාහ්මණාවා = මෙහිදී ධර්මයෙහි හැසිරෙන්නෝ අදහස් කරනු ලැබෙති. සතර වැන්නෙහි ද පස් වැන්නෙහි ද එසේමය. ඒ ඒ කියමනෙන් අවබෝධ කර ගන්නවුන්ගේ අදහසින් මේවා කියන ලදී.

6. දුතිය සමණබ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

6. දුතියසමණබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ අභිසම‍්බුද‍්ධං පකාසෙසුන‍්ති අභිසම‍්බුද‍්ධො අහන‍්ති එවං අත‍්තානං අභිසම‍්බුද‍්ධං පකාසයිංසු. ඉමස‍්මිඤ‍්හි සුත‍්තෙ සබ‍්බඤ‍්ඤුබුද‍්ධා ච සමණගහණෙන ගහිතා.

සය වැන්නෙහි - අභිසම්බුද්ධං පකාසෙසු “මම අභිසම්බුද්ධ වෙමි”යි මෙසේ තමන් වහන්සේ “අභිසම්බුද්ධ” යයි ප්‍රකාශ කළහ. මේ සූත්‍රයෙහි දී සර්වඥ බුදුන් වහන්සේලා ද ශ්‍රමණ ගණයා ලෙස ගන්නා ලදහ.

10. තිරච‍්ඡාන කථාසුත‍්තවණ‍්ණනා

10. තිරච්ඡානකථා සූත්‍ර වර්ණනාව

දසමෙ අනෙකවිහිතන‍්ති අනෙකවිධං. තිරච‍්ඡානකථන‍්ති අනිය්‍යානිකත‍්තා සග‍්ගමොක‍්ඛමග‍්ගානං තිරච‍්ඡානභූතං කථං. රාජකථන‍්තිආදීසු රාජානං ආරබ‍්භ “මහාසම‍්මතො මන්‍ධාතා ධම‍්මාසොකො එවං මහානුභාවො”තිආදිනා නයෙන පවත‍්තකථා රාජකථා. එස නයො චොරකථාදීසු. තෙසු “අසුකො රාජා අභිරූපො දස‍්සනීයො”තිආදිනා නයෙන ගෙහසිතකථාව තිරච‍්ඡානකථා හොති. “සොපි නාම එවං මහානුභාවො ඛයං ගතො”ති එවං පවත‍්තා පන කම‍්මට‍්ඨානභාවෙ තිට‍්ඨති. චොරෙසුපි “මූලදෙවො එවං මහානුභාවො මෙඝමාලො එවං මහානුභාවො”ති තෙසං කම‍්මං පටිච‍්ච “අහො සූරා”ති ගෙහසිතකථාව තිරච‍්ඡානකථා. යුද‍්ධෙපි භාරතයුද‍්ධාදීසු “අසුකෙන අසුකො එවං මාරිතො එවං විද‍්ධො”ති කාමස‍්සාදවසෙනෙව කථා තිරච‍්ඡානකථා, “තෙපි නාම ඛයං ගතා”ති එවං පවත‍්තා පන සබ‍්බත්‍ථ කම‍්මට‍්ඨානමෙව හොති. අපිච අන‍්නාදීසු “එවං වණ‍්ණවන‍්තං ගන්‍ධවන‍්තං රසවන‍්තං ඵස‍්සසම‍්පන‍්නං ඛාදිම‍්හ භුඤ‍්ජිම‍්හ පිවිම‍්හ පරිභුඤ‍්ජිම‍්හා”ති කාමස‍්සාදවසෙන කථෙතුං න වට‍්ටති. සාත්‍ථකං පන කත්‍වා “පුබ‍්බෙ එවං වණ‍්ණාදිසම‍්පන‍්නං අන‍්නං පානං වත්‍ථං සයනං මාලං ගන්‍ධං විලෙපනං සීලවන‍්තානං අදම‍්හ, චෙතියෙ පූජං අකරිම‍්හා”ති කථෙතුං වට‍්ටති.

දස වැන්නෙහි - අනෙක විහිතං = නානාවිධ වූ තිරච්ඡාන කථං = සසරින් නිදහස් නොවීමට හේතුවන කථාව ස්වර්ග මෝක්ෂ මාර්ගයන් වෙනුවට තිරිසන් මාර්ග කථාව. රාජ කථං යන ආදියෙහි මහා සම්මත, මන්‍ධාතු, ධම්මාසෝක යන රජුන් අරභයා මහානුභාව ඇතැයි යන ආදී පිළිවෙලින් පැවති කථාව “රාජ කථා” නම් වේ. චොර කථා ආදියෙහි ද මේ පිළිවෙළම වේ. ඒ අතරෙහි අසවල් රජ තෙමේ රූප සම්පන්නය. දැක්මට ප්‍රියය යන ආදී පිළිවෙළින් කෙරෙන ලෞකික කථාවම තිරච්ඡාන කථා නම් වෙයි. මෙවන් මහානුභාව සම්පන්න හේ තෙමේ පවා දුබල වී නැති වී ගියේය යනුවෙන් පවත්නා කථාව කමටහන් බවෙහි පිහිටයි. සොරුන් අතරෙහිද මූලිකයා මෙසේ මහානුභාව ඇත්තෙකි. ඔවුන්ගේ කර්මය හේතු කොට ගෙන මෙසේ වූහයි යන ලෞකික කථාවම තිරච්ඡාන (තිරිසන්) කථා නම් වෙයි. යුද්ධ ආදියෙහි දී අසවලා විසින් අසවලා මෙසේ මරා දමන ලද්දේය. මෙසේ විදින ලද්දේය යනාදී කථාද කාමාස්වාද වශයෙන් කෙරෙන කථා තිරිසන් කථා නම් වෙයි. ඔව්හු ද අභාවයට පත්වූහ යනුවෙන් පවත්නා කථා හැම තැන්හිම කමටහනක් ම වෙයි. තව ද අන්න (ආහාර) ආදියෙහිදී මෙසේ වර්ණවත්, සුවඳවත්, රස පහස යුත් අහරක් කෑවෙමු, අනුභව කෙළෙමු, පීවෙමු යයි කාමාස්වාද වශයෙන් කීමට සුදුසු නොවේ. අතීතයෙහි මෙසේ වර්ණ ආදියෙන් යුක්ත වූ ආහාරපාන, වස්ත්‍ර, යාන, සයන, මල්දම්, සුවඳ විලවුන් සිල්වතුන්හට දුන්නෙමු, චෛත්‍යයන් වෙත පූජා කෙළෙමු, යයි යහපත් අරුත් ඇති කොට ඒවා සත්‍ය නම්, එසේ කීම සුදුසුය.

ඤාතිකථාදීසුපි “අම‍්හාකං ඤාතකා සූරා සමත්‍ථා”ති වා, “පුබ‍්බෙ මයං එවං විචිත්‍රෙහි යානෙහි විචරිම‍්හා”ති වා අස‍්සාදවසෙන වත‍්තුං න වට‍්ටති. සාත්‍ථකං පන කත්‍වා “තෙපි නො ඤාතකා ඛයං ගතා”ති වා, “පුබ‍්බෙ මයං එවරූපා උපාහනා සඞ‍්ඝස‍්ස අදම‍්හා”ති වා කථෙතබ‍්බා. ගාමකථාදීසුපි සුනිවිට‍්ඨදුන‍්නිවිට‍්ඨසුභික‍්ඛදුබ‍්භික‍්ඛාදිවසෙන වා “අසුකගාමවාසිනො සූරා සමත්‍ථා”ති වා එවං අස‍්සාදවසෙන වත‍්තුං න වට‍්ටති, සාත්‍ථකං පන කත්‍වා “සද‍්ධා පසන‍්නා”ති වා, “ඛයං ගතා”ති වා වත‍්තුං වට‍්ටති. නිගමනගරජනපදකථාසුපි එසෙව නයො.

ඤාති කථා = අපගේ නෑයෝ සූරය, දක්ෂය යනුවෙන් හෝ, පෙර අපි මෙසේ විසිතුරු යානාවලින් චාරිකා කෙළෙමු යයි කියා හෝ ආස්වාදනීය වශයෙන් කීම සුදුසු නොවේ. අපගේ එම නෑයෝ පවා වැනසී ගියාහුයයි කියා හෝ පෙර අපි මෙවැනි යානාවන් සංඝයාට දුන්නෙමු යයි හෝ යහපත් අරුත් ඇති කොට කිවයුතු වේ. ගාම කථා = මේ ආදියෙහිදී අසවල් ගමෙහි වැසියෝ යහපත් ලෙස වෙසෙති, අයහපත් ලෙස වෙසෙති, ඔව්හු සුභික්ෂයහ, දුර්භික්ෂයහ යන ආදී වශයෙන් හෝ අසවල් ගමෙහි වැසියෝ සූරයෝය, දක්ෂයෝය යනුවෙන් මෙසේ ආස්වාදනීය වශයෙන් කීම සුදුසු නොවේ. ඔව්හු ශ්‍රද්ධාවන්තයෝය, පැහැදී සිටින්නාහුය යනුවෙන් හෝ ක්ෂය වීමට විනාශයට පත්වූහ යනුවෙන් හෝ එය සත්‍ය නම් කීම සුදුසුය. නිගම නගර ජනපද කථාවන්හිද මේ පිළිවෙළම වේ.

ඉත්‍ථිකථාපි වණ‍්ණසණ‍්ඨානාදීනි පටිච‍්ච අස‍්සාදවසෙන වත‍්තුං න වට‍්ටති, “සද‍්ධා පසන‍්නා ඛයං ගතා”ති එවමෙව වට‍්ටති. සූරකථාපි “නන්‍දිමිත‍්තො නාම යොධො සූරො අහොසී”ති අස‍්සාදවසෙන වත‍්තුං න වට‍්ටති, “සද‍්ධො පසන‍්නො අහොසි, ඛයං ගතො”ති එවමෙව වට‍්ටති. සුරාකථාතිපි පාඨො. සාපි චෙසා සුරාකථා “එවරූපා නාම සුරා පීතා රතිජනනී හොතී”ති අස‍්සාදවසෙනෙව න වට‍්ටති, ආදීනවවසෙන පන “උම‍්මත‍්තකසංවත‍්තනිකා”තිආදිනා නයෙන වට‍්ටති. විසිඛාකථාපි “අසුකවිසිඛා සුනිවිට‍්ඨා දුන‍්නිවිට‍්ඨා”ති වා, “අසුකවිසිඛාය වාසිනො සූරා සමත්‍ථා”ති වා අස‍්සාදවසෙනෙව වත‍්තුං න වට‍්ටති, “සද‍්ධා පසන‍්නා ඛයං ගතා”ති එච‍්චෙවං වට‍්ටති. කුම‍්භට‍්ඨානකථාති උදකතිත්‍ථකථා වුච‍්චති, කුම‍්භදාසිකථා වා. සාපි “පාසාදිකා නච‍්චිතුං ගායිතුං ඡෙකා”ති අස‍්සාදවසෙන න වට‍්ටති, “සද‍්ධා පසන‍්නා”තිආදිනා නයෙනෙව වට‍්ටති.

ඉත්‍ථි කථා = (ස්ත්‍රීන් පිළිබඳ කථා) ආදියෙහි ද වර්ණ සලකුණු ආදිය හේතු කොට ගෙන ආස්වාදනීය වශයෙන් කීමට නොවටනේය. ශ්‍රද්ධාවන්තය, පැහැදීමෙන් යුක්තය, අභාවයට පත්වූහ යනුවෙන් මෙසේ කීමට හැකිනම් සුදුසු වේ. සූරකථා = නන්‍දිමිත්‍ර නම් යෝධයා සූරයෙක් වූයේ යයි රස විඳීම් වශයෙන් කීම සුදුසු නොවේ. ශ්‍රද්ධාවන්ත, පැහැදුන අයෙක් විය, ඔහු නැති වී ගියේය යනුවෙන් මෙසේ කීම සුදුසු වේ. සූර කථා යයි ද පාඨයෙක් වේ. ඒ සුරකථා ව ද මෙසේ වේ. සුරාපානය කළ අය රතිය උපදවන්නෝ යයි රස විඳීම් වශයෙන් කීම සුදුසු නොවේ. විපාක වශයෙන් එය උමතු බව සඳහා පවතියි යන ආදී වශයෙන් කීම සුදුසු වේ. විසිඛා කථා = අසවල් වීථියෙහි වැසියෝ මනාව ජීවත් වෙතියි හෝ අසවල් වීථියෙහි වැසියෝ දක්ෂ වූ, සමත්කම් ඇති අය යයි හෝ රස විඳිම් වශයෙන් කීමට නොවටනේය. ශ්‍රද්ධාවන්තයෝය, පැහැදුණ අයය. අභාවයට පත්වූහ යනුවෙන් මෙසේ කීමට වටනේය. කුම්භට්ඨාන කථා = දිය තොටු පොළවල්හි කථායයි කියනු ලැබේ. දිය ගෙනෙන දාසීන්ගේ කථායයිද කියනු ලැබේ. අසවල් ප්‍රාසාදයෙහි වෙසෙන තැනැත්තිය නැටීමට ද ගැයීමට ද දක්ෂයයි ආස්වාද වශයෙන් කීම සුදුසු නොවේ. ශ්‍රද්ධාවන්ත පැහැදුන තැනැත්තියක්ය ආදී වශයෙන් ම කීම සුදුසු වේ.

පුබ‍්බපෙතකථාති අතීතඤාතිකථා. තත්‍ථ වත‍්තමානඤාතිකථාසදිසොව විනිච‍්ඡයො. නානත‍්තකථාති පුරිමපච‍්ඡිමකථාහි විමුත‍්තා අවසෙසා නානාසභාවා නිරත්‍ථකකථා. ලොකක‍්ඛායිකාති “අයං ලොකො කෙන නිම‍්මිතො, අසුකෙන නාම නිම‍්මිතො, කාකො සෙතො අට‍්ඨීනං සෙතත‍්තා, බලාකා රත‍්තා ලොහිතස‍්ස රත‍්තත‍්තා”ති එවමාදිකා ලොකායතවිතණ‍්ඩසල‍්ලාපකථා. සමුද‍්දක‍්ඛායිකා නාම “කස‍්මා සමුද‍්දො සාගරො, සාගරදෙවෙන ඛනිතත‍්තා සාගරො, ඛතො මෙති හත්‍ථමුද‍්දාය නිවෙදිතත‍්තා සමුද‍්දො”ති එවමාදිකා නිරත්‍ථකසමුද‍්දක‍්ඛායිකකථා. ඉති භවො ඉති අභවොති යං වා තං වා නිරත්‍ථකකාරණං වත්‍වා පවත‍්තිතකථා ඉතිභවාභවකථා. එත්‍ථ ච භවොති සස‍්සතං, අභවොති උච‍්ඡෙදං. භවොති වුද‍්ධි, අභවොති හානි. භවොති කාමසුඛං, අභවොති අත‍්තකිලමථො. ඉති ඉමාය ඡබ‍්බිධාය ඉතිභවාභවකථාය සද‍්ධිං බාත‍්තිංස තිරච‍්ඡානකථා නාම හොන‍්ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

පුබ්බපෙත කථා = අතීතයෙහි වූ ඥාතීන් පිළිබඳ කථා එහිදී වර්තමාන ඥාතී කථාවන් හා සමාන කොට විනිශ්චය කෙරේ. නානත්ත කථා = පෙර පසු කථාවන්ගෙන් වෙනස් වූ විවිධ ස්වභාවයේ වෙනත් නිෂ්ප්‍රයෝජන කථා. ලොකක්‍ඛායිකා = මෙලොව කුමකින් නිර්මිත වූයේ ද, අසවල් දෙයින් නිර්මිත වූයේය, ඇට සුදු බැවින් කවුඩා සුදුය, ලේ රතු බැවින් කොක්කු රතුය යන මේ ආදී වශයෙන් කෙරෙන කථා සියල්ල ලෞකික වූ ද, පරලොවක් නැත යන අදහසින් කෙරෙන්නාවූ ද පිළිසඳර කථාවය. සමුද්දක්‍ඛායිකා කුමක් හෙයින් සමුද්ද නම් වීද? සගර නම් දෙවියා විසින් ලද්දේයයි හස්ත මුද්‍රාවෙන් දැන්වූ බැවින් “සමුද්ද” නම් විය. මේ ආදී නිරර්ථක කථා “සමුද්දක්‍ඛායික කථා” නම් වේ. මෙය පවත්නා දෙය (භව්‍ය) වේ. මෙය නොපවත්නා දෙය (අභව්‍ය) වේ යන ආදී ඒ ඒ නිරර්ථක කරුණු කියා පවත්වන කථාව ඉති භවා භව කථා නම් වේ. මෙහි ද “භව” යනු ශාස්වත (සදාකාලික පැවැත්ම) යි. “අභව” යනු උච්ඡේදය (නැවත නො ඉපදීම) යි. භව යනු වුඩ්ඪි (වර්ධනය) යි, අභව යනු හානියයි. භව යනු කම් සුවයයි, අභව යනු සිරුරට දුක් දීමයි. මෙසේ සය වැදෑරුම් වූ මෙම “ඉති භවාභව” (භව සහ අභව යනු මෙසේය) කථාව සමග දෙතිස් තිරිසන් කථා පවතී. සෙස්ස සියලු තැන්හි පහසු වේ.

පඨමො වග‍්ගො.

පළමුවන සමාධි වර්ගය නිමි.