යෙදුමෙන් කියවන්න

දුතිය සමණබ්‍රාහ‍්මණසුත‍්තං

12. 1. 6.

12. 1. 6.

දුතිය සමණබ්‍රාහ‍්මණසුත‍්තං

දුතියසමණබ්‍රාහ්මණ සූත්‍රය

3848. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා යථාභූතං අභිසම‍්බුද‍්ධං පකාසෙසුං, සබ‍්බෙ තෙ චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසම‍්බුද‍්ධං පකාසෙසුං. යෙ හි කෙචි භික‍්ඛවෙ, අනාගතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා යථාභූතං අභිසම‍්බුද‍්ධං පකාසෙස‍්සන‍්ති, සබ‍්බෙ තෙ චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසම‍්බුද‍්ධං පකාසෙස‍්සන‍්ති. යෙ හි කෙචි භික‍්ඛවෙ, එතරහි සමණා වා බ්‍රාහ‍්මණා වා යථාභූතං අභිසම‍්බුද‍්ධං පකාසෙන‍්ති, සබ‍්බෙ තෙ චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසම‍්බුද‍්ධං පකාසෙන‍්ති. කතමානි චත‍්තාරි: දුක‍්ඛං අරියසච‍්චං -පෙ- දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා යථාභූතං අභිසම‍්බුද‍්ධං පකාසෙසුං -පෙ- පකාසෙස‍්සන‍්ති -පෙ- පකාසෙන‍්ති, සබ‍්බෙ තෙ ඉමානි චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසම‍්බුද‍්ධං පකාසෙන‍්ති. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.

3848. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ (මම්) අවබෝධ කෙළෙමැ යි (තමන්) පැවසූහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කෙළෙමැ යි පැවසූහ. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතු සේ අවබෝධ කෙළෙමැ යි තමන් පවසත් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අභිසම්බුද්ධය යි පවසත්. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පැවසූහු ද ... පවසන්නාහු ද ... පවසත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසත්. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ “දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.