යෙදුමෙන් කියවන්න

විතක‍්කසුත‍්තං

12. 1. 7.

12. 1. 7.

විතක‍්කසුත‍්තං

විතක්ක සූත්‍රය

3849. මා භික‍්ඛවෙ, පාපකෙ අකුසලෙ විතක‍්කෙ විතක‍්කෙථ. සෙය්‍යථිදං: කාමවිතක‍්කං ව්‍යාපාදවිතක‍්කං විහිංසාවිතක‍්කං. තං කිස‍්ස හෙතු, නෙතෙ භික‍්ඛවෙ, විතක‍්කා අත්‍ථසංහිතා නාදිබ්‍රහ‍්මචරියකා න නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තන‍්ති. විතක‍්කෙන‍්තො ච ඛො තුම‍්හෙ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති විතක‍්කෙය්‍යාථ -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති විතක‍්කෙය්‍යාථ. තං කිස‍්ස හෙතු, එතෙ භික‍්ඛවෙ, විතක‍්කා අත්‍ථසංහිතා එතෙ ආදිබ්‍රහ‍්මචරියකා එතෙ නිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.

3849. මහණෙනි, ලාමක වූ අකුශල විතර්‍කයන් නහමක් විතර්‍කණය කරවු. එනම්: කාමවිතර්‍ක ය, ව්‍යාපාදවිතර්‍ක ය, විහිංසා විතර්‍ක යි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිත නො වෙත්. මගබඹසරට මුල් වූවෝ නො වෙත්. නිර්වේදය පිණිස නො පවතිත්. විරාගය පිණිස නො පවතිත්. නිරෝධය පිණිස නො පවතිත්. ව්‍යුපශමය පිණිස නො පවතිත්. අභින්‍දනය පිණිස නො පවතිත්. සම්බෝධිය පිණිස නො පවතිත්. නිර්‍වාණය පිණිස නො පවතිත්. මහණෙනි, තෙපි විතර්‍කණය කරන්නාහු නම් “මේ දුක්ඛ”යි විතර්‍කණය කරවු. ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී විතර්‍කණය කරවු. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිතයහ. මොහු මගබඹසරට මුල් ය. මොහු නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිපිණිස පවතිත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.