චින්තාසුත්තං
12. 1. 8.
12. 1. 8.
චින්තාසුත්තං
චින්තා සූත්රය
3850. මා භික්ඛවෙ, පාපකං අකුසලං චිත්තං චින්තෙථ. “සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා. තං කිස්ස හෙතු: නෙසා භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා, නාදි බ්රහ්මචරියකා, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. චින්තෙන්තා ච වො තුම්හෙ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති චින්තෙය්යාථ -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති චින්තෙය්යාථ. තං කිස්ස හෙතු, එසා භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා, එසා ආදිබ්රහ්මචරියකා, එසා නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
3850. මහණෙනි, “ලෝකය ශාශ්වතයැ” යි හෝ “ලෝකය අශාශ්වතයැ”යි හෝ “ලෝකය අන්තවතයැ” යි හෝ “ලෝකය අන්නතවතයැ” යි හෝ “එය ජීවය එය ශරීරය”යි හෝ “ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ”යි හෝ “සත්ත්වයා මරණින් මතු වේ” යී හෝ “සත්ත්වයා මරණින් මතු නො වේ” යි හෝ “සත්ත්වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි ලාමක අකුසල් සිතක් නො සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත නො වේ, මඟබඹසරට මුල් නො වේ, නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි සිතන්නාහු නම් “මේ දුක්ඛ”යි සිතවු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්යූපශමය අභිඥාය සම්බෝධිය නිර්වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යී වීර්ය්යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්ය්යය කටයුතු යි.