යෙදුමෙන් කියවන්න

විග‍්ගාහිකකථාසුත‍්තං

12. 1. 9.

12. 1. 9.

විග‍්ගාහිකකථාසුත‍්තං

විග්ගාහිකකථා සූත්‍රය

3851. මා භික‍්ඛවෙ, විග‍්ගාහිකකථං කථෙථ: “න ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානාසි, අහං ඉමං ධම‍්මවිනයං ආජානාමි. කිං ත්‍වං ඉමං ධම‍්මවිනයං ආජානිස‍්සසි? මිච‍්ඡාපටිපන‍්නො ත්‍වමසි, අහමස‍්මි සම‍්මා පටිපන‍්නො පුරෙ වචනීයං පච‍්ඡා අවච, පච‍්ඡා වචනීයං පුරෙ අවච, සංහිතං මෙ, අසංහිතං තෙ, ආචිණ‍්ණං තෙ විපරාවත‍්තං. ආරොපිතො තෙ වාදො, චර වාදප‍්පමොක‍්ඛාය, නිග‍්ගහිතොසි, නිබ‍්බෙඨෙහි සචෙ පහොසීති. තං කිස‍්ස හෙතු: නෙසා භික‍්ඛවෙ, කථා අත්‍ථසංහිතා නාදිබ්‍රහ‍්මචරියකා. න නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තති. කථෙන‍්තා ච ඛො තුම‍්හෙ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති කථෙය්‍යාථ -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති කථෙය්‍යාථ. තං කිස‍්ස හෙතු, එසා භික‍්ඛවෙ, කථා අත්‍ථසංහිතා, එසා ආදිබ්‍රහ‍්මචරියකා, එසා නිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.

3851. මහණෙනි, “තෙපි මේ සස්න නො දනිවු, මම මේ සස්න දනිමි. කිම තෙපි මේ සස්න දනිවු ද, තෙපි වරදවා පිළිපන්නහු වවු. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු කිය යුත්ත පසු ව කීහු, පසු ව කිව යුත්ත පළමු කීහු. මාගේ වචනය කරුණු සහිත ය. තොපගේ වචනය කරුණු රහිත ය. තොප විසින් දිගුකලක් මුළුල්ලෙහි පුරුදු කරන ලද්ද පෙරළී සිටියේ ය. තොපට දොස් නගන ලද. දොසින් මිදීම පිණිස හැසිරෙවු. නිගා කරන ලදහු යැ, ඉදින් සමත් වවු නම් නිදහස් වවු” යී විරුදධවාදී කථා නො කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නාහු නම් “මේ දුක්ඛ”යි කියවු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.