යෙදුමෙන් කියවන්න

තිරච‍්ඡාන කථාසුත‍්තං

12. 1. 10.

12. 1. 10.

තිරච‍්ඡාන කථාසුත‍්තං

තිරච්ඡානකථා සූත්‍රය

3852. මා භික‍්ඛවෙ, අනෙකවිහිතං තිරච‍්ඡානකථං කථෙථ: සෙය්‍යථිදං: රාජකථං චොරකථං මහාමත‍්තකථං සෙනාකථං භයකථං යුද‍්ධකථං අන‍්නකථං පානකථං වත්‍ථකථං සයනකථං මාලාකථං ගන්‍ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්‍ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම‍්භට‍්ඨානකථං පුබ‍්බපෙතකථං නානත‍්තකථං ලොකක‍්ඛායිකං සමුද‍්දක‍්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. තං කිස‍්ස හෙතු: නෙසා භික‍්ඛවෙ, කථා අත්‍ථසංහිතා. නාදිබ්‍රහ‍්මචරියකා න නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තති. කථෙන‍්තා ච ඛො තුම‍්හෙ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති” කථෙය්‍යාථ. “අයං දුක‍්ඛසමුදයොති” කථෙය්‍යාථ, “අයං දුක‍්ඛනිරොධොති” කථෙය්‍යාථ, “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති” කථෙය්‍යාථ. තං කිස‍්ස හෙතු: එසා භික‍්ඛවෙ, කථා අත්‍ථසංහිතා, එසා ආදිබ්‍රහ‍්මචරියකා, එසා නිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛන‍්ති” යොගො කරණීයො. “අයං දුක‍්ඛසමුදයොති” යොගො කරණීයො. “අයං දුක‍්ඛනිරොධොති” යොගො කරණීයො. “අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති” යොගො කරණීයො ති.

3852. මහණෙනි, නන්වැදෑරුම් තිරිසන් කථා නො කියවු. එනම් “රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍රයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බිය පිළිබඳ කථා, යුද පිළිබඳ කථා, අහර පිළිබඳ කථා, පානවර්‍ග පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, සෙනසුන් පිළිබඳ කථා, මල්දම් පිළිබඳ කථා, ගඳ පිළිබඳ කථා, නෑයන් පිළිබඳ කථා, වාහන පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම්ගම් පිළිබඳ කථා, නගර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, පුරුෂයන් පිළිබඳ කථා, සූරයන් පිළිබඳ කථා, වීථි පිළිබඳ කථා, දියතොට පිළිබඳ කථා, (කුම්භදාසීන් පිළිබඳ කථා) ඉකුත් නෑයන් පිළිබඳ කථා, නානාස්වභාව ඇති කථා, ලෝකනිර්‍මාණය පිළිබඳ කථා, සමුදුර හටගැනීම පිළිබඳ කථා (ශාශ්වත උච්ඡේද ආදි) භවාභව කථා හෝ” යි. එ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නහු නම් “මේ දුක්ඛ”යි කියවු. “මේ දුක්ඛසමුදය”යී කියවු. “මේ දුක්ඛනිරෝධ”යි කියවු. මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛ සමුදය” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍යය කටයුතු යි. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.

සමාධිවග‍්ගො පඨමො.

පළමුවැනි සමාධිවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

සමාධි පටිසල‍්ලානා කුලපුත‍්තා පරෙ දුවෙ සමණබ්‍රාහ‍්මණා ද‍්වෙ විතක‍්කා චින‍්තා විග‍්ගාහිකා කථාති.

සමාධි, පටිසල්ලාන යී දෙසුතුරෙකි. අනෙක් කුලපුත්ත සුතුරු දෙකෙකි. සමණබ්‍රාහ්මණ සුතුරු දු දෙකෙකි. විතක්ක, චින්තා, විග්ගාහිකකථා, තිරච්ඡානකථා යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.