යෙදුමෙන් කියවන්න

ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තං

12. 2. 1.

12. 2. 1.

ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තං

ධම්මචක්කප්පවත්තන සූත්‍රය

3853. එවං මෙ සුතං, එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්‍ර ඛො භගවා පඤ‍්චවග‍්ගියෙ භික‍්ඛූ ආමන‍්තෙසි: “ද‍්වෙ මෙ භික‍්ඛවෙ, අන‍්තා පබ‍්බජිතෙන න සෙවිතබ‍්බා. යොචායං කාමෙසු කාමසුඛල‍්ලිකානුයොගො හීනො ගම‍්මො පොථුජ‍්ජනිකො අනරියො අනත්‍ථසංහිතො, යො චායං අත‍්තකිලමථානුයොගො දුක‍්ඛො අනරියො අනත්‍ථසංහිතො. එතෙ තෙ භික‍්ඛවෙ, උභො අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. කතමා ච සා, භික‍්ඛවෙ, මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. අයං ඛො සා භික‍්ඛවෙ, මජ‍්ඣිමා පටිපදා තථාගතෙන අභිසම‍්බුද‍්ධා චක‍්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති.

3853. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක. මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලේශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නුවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. මහණෙනි, තථාගතයන් විසින් අවබෝධ කරන ලද පැනැස ඇති කරන නුවණැස ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතෙක් කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද යත්: “මේ අරිඅටඟිමඟ මැ” යි. එනම්: “සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි” යි. මහණෙනි, පැනැස කරන නුවණැස කරන ඒ මේ මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.

ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං: “ජාතිපි දුක‍්ඛා, ජරාපි දුක‍්ඛා, ව්‍යාධිපි දුක‍්ඛො, මරණම‍්පි දුක‍්ඛං, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා”. ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛසමුදයො අරියසච‍්චං: “යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථිදං: කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා”. ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධො අරියසච‍්චං: යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො. ඉදං ඛො පන භික‍්ඛවෙ, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.

මහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි: පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡේද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි. මහණෙනි, මේ වූකලි දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යි: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂයෙන් නො ඇලීම් සඞ්ඛ්‍යාත නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, (එයයි) මහණෙනි, මේ වූ කලි දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ය. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.

“ඉදං දුක‍්ඛං අරියසච‍්චන‍්ති” මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛං අරියසච‍්චං පරිඤ‍්ඤෙය්‍යන‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛං අරියසච‍්චං පරිඤ‍්ඤාතන‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.

මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දතයුතු (ඉක්මැ වියැ යුතු) ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළවිය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.

“ඉදං දුක‍්ඛසමුදයො අරියසච‍්චන‍්ති” මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛසමුදයො අරියසච‍්චං පහාතබ‍්බන‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛසමුදයො අරියසච‍්චං පහීනන‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.

මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාණය කළ යුතු යයි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහීණයැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.

“ඉදං දුක‍්ඛනිරොධො අරියසච‍්චන‍්ති” මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛනිරොධො අරියසච‍්චං සච‍්ඡිකාතබ‍්බන‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛනිරොධො අරියසච‍්චං සච‍්ඡිකතන‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, -පෙ- ආලොකො උදපාදි.

මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කළයුතුය යි. පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.

“ඉදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චන‍්ති” මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං භාවෙතබ‍්බන‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං භාවිතන‍්ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි.

මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩිය යුතු ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වඩන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය.

යාවකීවඤ‍්ච මෙ භික‍්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච‍්චෙසු එවං තිපරිවට‍්ටං ද‍්වාදසාකාරං යථාභූතං ඤාණදස‍්සනං න සුවිසුද‍්ධං අහොසි, නෙව තාවාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො පච‍්චඤ‍්ඤාසිං. යතො ච ඛො මෙ භික‍්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච‍්චෙසු එවං තිපරිවට‍්ටං ද‍්වාදසාකාරං යථාභූතං ඤාණදස‍්සනං සුවිසුද‍්ධං අහොසි, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි, අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති, අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවොති. ඉදමවොච භගවා. අත‍්තමනා පඤ‍්චවග‍්ගියා භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

මහණෙනි, යම්තාක් මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්‍ශනය තතුසේ වෙසෙසින් විසුදු නො වී ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැ යි නො ම පිළින කෙළෙමි. මහණෙනි, යම් කලෙක මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්‍ශනය තතුසේ වෙසෙසින් විසුදු වී ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනයත් පහළ විය. මාගේ අර්‍හත්ඵල සමාධිය අකෝප්‍ය ය (නො සැලේ). මේ කෙළවර ඉපැද්ම ය, දැන් පුනර්‍භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු සිත් ඇති පස්වග භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.

ඉමස‍්මිඤ‍්ච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ ආයස‍්මතො කොණ‍්ඩඤ‍්ඤස‍්ස විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: “යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බන‍්තං නිරොධධම‍්මන‍්ති”. පවත‍්තිතෙ ච පන භගවතා ධම‍්මචක‍්කෙ භුම‍්මා දෙවා සද‍්දමනුස‍්සාවෙසුං: “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තිතං අප‍්පතිවත‍්තියං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මින‍්ති”. භුම‍්මානං දෙවානං සද‍්දං සුත්‍වා චාතුම‍්මහාරාජිකා දෙවා සද‍්දමනුස‍්සාවෙසුං: “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තිතං අප‍්පතිවත‍්තියං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මින‍්ති”. චාතුම‍්මහාරාජිකානං දෙවානං සද‍්දං සුත්‍වා තාවතිංසා දෙවා සද‍්දමනුස‍්සාවෙසුං -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම‍්මානරතී දෙවා -පෙ- පරනිම‍්මිතවසවත‍්තී දෙවා -පෙ- බ්‍රහ‍්මකායිකා දෙවා සද‍්දමනුස‍්සාවෙසුං: “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තිතං අප‍්පතිවත‍්තියං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මින‍්ති”.

මේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි “යම් කිසිවෙක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුල්ලැ”යි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට පහවූ කෙලෙස්රජස් ඇති පහව ගිය කෙලෙස්මල ඇති දහම්ඇස (පළමු මගනැණ) පහළ විය. භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සක් පැවැත්වූ කල්හි මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ (තමන් වහන්සේ හා සමාන ලෙස) නො පැවැත්විය හැකි මේ අනුත්තර දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ”යි බූමාටු දෙවියෝ ප්‍රීති ශබ්ද ඇස්වූහ. (සාධුකාර දුන්හ.) මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ යි බූමාටු දෙවියන්ගේ (සාධුකාර) ශබ්දය අසා සිවුමහරජවැසි දෙවියෝ සාධුකාර දුන්හ ... සිවුමහරජවැසි දෙවියන්ගේ සාධුකාර ශබ්දය අසා තව්තිසා වැසි දෙවියෝ සාධුකාර දුන්හ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ ... නිර්‍මාණරතී දෙවියෝ ... පරනිර්මිතවශවර්ති දෙවියෝ ... මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ” යි ... බ්‍රහ්මකායික දෙවියෝ සාධුකාර දුන්හ” යි.

ඉතිහ තෙන ඛණෙන තෙන මුහුත‍්තෙන යාව බ්‍රහ‍්මලොකා සද‍්දො අබ‍්භුග‍්ගඤ‍්ඡි. අයඤ‍්ච දසසහස‍්සී ලොකධාතු සඞ‍්කම‍්පි සම‍්පකම‍්පි සම‍්පවෙධි, අප‍්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුරහොසි: අතික‍්කම‍්ම දෙවානං දෙවානුභාවන‍්ති. අථ ඛො භගවා උදානං උදානෙසි: “අඤ‍්ඤාසි වත භො, කොණ‍්ඩඤ‍්ඤො, අඤ‍්ඤාසි වත භො කොණ‍්ඩඤ‍්ඤොති”. ඉතිහිදං ආයස‍්මතො කොණ‍්ඩඤ‍්ඤස‍්ස අඤ‍්ඤාකොණ‍්ඩඤ‍්ඤොත්‍වෙව නාමං අහොසීති.

මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් (සාධුකාර) ශබ්දය උස්ව පැන නැංගේ ය. මේ දශසහස්‍රී ලෝකධාතුවත් සැලුණේ ය. මහත්සේ සැලුණේ ය. දැඩිසේ වෙවුළී ය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි අප්‍රමාණ උදාර ආලොකයෙක් ද ලොව පහළ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් (චතුස්සත්‍යය) දැන ගත්තේ ය. භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් දැන ගත්තේ ය යි උදන් ඇනූ සේක. මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට “අඤ්ඤාකොණ්ඩඤ්ඤ”යි ම මේ නමෙක් වී යි.