යෙදුමෙන් කියවන්න

2. ධම‍්මචක‍්කප‍්පවත‍්තනවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. ධම්මචක්කප්පවත්තන වර්ගය

1. ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තවණ‍්ණනා

1. ධම්මචක්කප්පවත්තන සූත්‍ර වර්ණනාව

දුතියස‍්ස පඨමෙ බාරාණසියන‍්ති එවංනාමකෙ නගරෙ. ඉසිපතනෙ මිගදායෙති ඉසීනං පතනුප‍්පතනවසෙන එවංලද‍්ධනාමෙ මිගානං අභයදානවසෙන දින‍්නත‍්තා මිගදායසඞ‍්ඛාතෙ ආරාමෙ. එත්‍ථ හි උප‍්පන‍්නුප‍්පන‍්නා සබ‍්බඤ‍්ඤුඉසයො පතන‍්ති, ධම‍්මචක‍්කප‍්පවත‍්තනත්‍ථං නිසීදන‍්තීති අත්‍ථො. නන්‍දමූලකපබ‍්භාරතො සත‍්තාහච‍්චයෙන නිරොධසමාපත‍්තිතො වුට‍්ඨිතා අනොතත‍්තදහෙ කතමුඛධොවනාදිකිච‍්චා ආකාසෙන ආගන‍්ත්‍වා පච‍්චෙකබුද‍්ධඉසයොපෙත්‍ථ ඔතරණවසෙන පතන‍්ති, උපොසථත්‍ථඤ‍්ච අනුපොසථත්‍ථඤ‍්ච සන‍්නිපතන‍්ති, ගන්‍ධමාදනං පටිගච‍්ඡන‍්තාපි තතොව උප‍්පතන‍්තීති ඉමිනා ඉසීනං පතනුප‍්පතනවසෙන තං “ඉසිපතන”න‍්ති වුච‍්චති.

දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - බාරාණසියං = මෙම නම ඇති නගරයෙහි. ඉසිපතනෙ මිගදායෙ = ඍෂින්ගේ පහළට බැසීම, ඉහළට නැගීම යනුවෙන් මෙසේ ලැබූ නම ඇත්තාවූ ද, මුවන් හට අභය දානය වශයෙන් දෙන ලද බැවින් මිගදාය නම්වූ ද ආරාමයෙහි. මෙහිදී උපනුපන් සර්වඥයන් වහන්සේලා ඍෂීන් බිමට බස්නා මෙහිදී දම්සක් පැවත්වීම සඳහා හිඳ ගනිත්ය යන අර්ථය වේ. සත් දිනයෙක නිරෝධ සමාපත්තියෙන් නැගී සිට අනවතප්ත විලෙහිදී කරන ලද මුව දෙවීම් ආදී කටයුතු ඇත්තාහු අහසින් අවුත් බිමට බැසීම් වශයෙන් මෙහි පතනය වෙත් යයි ද, පොහෝ දිනවල හා පොහොය නැති දිනවල ද රැස් වෙත් යයි ද, ගන්‍ධ මාදන (පර්වත) යට ආපසු යන සෘෂිවරු එතැනින්ම අහසට නගිත් යයිද මෙසේ සෘෂින්ගේ බිමට බැසීම් අහසට නැගීම් සිදුවන තැන වශයෙන් ඒ ස්ථානය ඉසිපතනය යයි කියනු ලැබේ.

ආමන‍්තෙසීති දීපඞ‍්කරපාදමූලෙ කතාභිනීහාරතො පට‍්ඨාය පාරමියො පූරෙන‍්තො අනුපුබ‍්බෙන පච‍්ඡිමභවෙ කතාභිනික‍්ඛමනො අනුපුබ‍්බෙන බොධිමණ‍්ඩං පත්‍වා තත්‍ථ අපරාජිතපල‍්ලඞ‍්කෙ නිසින‍්නො මාරබලං භින්‍දිත්‍වා පඨමයාමෙ පුබ‍්බෙනිවාසං අනුස‍්සරිත්‍වා මජ‍්ඣිමයාමෙ දිබ‍්බචක‍්ඛුං විසොධෙත්‍වා පච‍්ඡිමයාමාවසානෙ දසසහස‍්සිලොකධාතුං උන‍්නාදෙන‍්තො සබ‍්බඤ‍්ඤුතං පත්‍වා සත‍්ත සත‍්තාහානි බොධිමණ‍්ඩෙ වීතිනාමෙත්‍වා මහාබ්‍රහ‍්මුනා ආයාචිතධම‍්මදෙසනො බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙත්‍වා ලොකානුග‍්ගහෙන බාරාණසිං ගන‍්ත්‍වා පඤ‍්චවග‍්ගියෙ සඤ‍්ඤාපෙත්‍වා ධම‍්මචක‍්කං පවත‍්තෙතුකාමො ආමන‍්තෙසි.

ආමන්තෙසි = දීපංකර සර්වඥ පාද මූලයෙහිදී කරන ලද ප්‍රාර්ථනාවෙහි පටන් පාරමිතා පුරමින් අනුපිළිවෙළින් පැමිණ අවසාන භවයෙහිදී කරන ලද අබිනික්මන් ඇත්තාහු අනු පිළිවෙළින් බෝ මැඩට පැමිණ එහි අපරාජිත පර්යංකය මත හුන් සේක් මාර බල බිඳ ප්‍රථම යාමයෙහි පෙර විසු කඳ පිළිවෙළ සිහිකොට මධ්‍යම යාමයෙහි දිවැස් පිරිසිදු කොට, පශ්චිම යාමයේ අවසානයෙහි දස දහසක් ලෝක ධාතුව මහත් සේ නාද කරවමින් සර්වඥභාවයට පැමිණ සති සතක් බෝ මැඩ අසල කල් යවා දහම් දෙසීම සඳහා මහා බ්‍රහ්මයා විසින් ආරාධනා කරන ලද සේක් බුදු ඇසින් ලොව බලා ලෝකයට අනුග්‍රහ කිරීමේ අදහසින් බරණැසට ගොස් පස්වග තවුසන් දැනුවත් කරවා දම්සක් පවත්වනු කැමැත්තාහු (ඒ තවුසන් හට) ආමන්ත්‍රණය කළහ.

ද‍්වෙමෙ, භික‍්ඛවෙ, අන‍්තාති ද‍්වෙ ඉමෙ, භික‍්ඛවෙ, කොට‍්ඨාසා. ඉමස‍්ස පන පදස‍්ස සහ සමුදාහාරෙන සමුදාහාරනිග‍්ඝොසො හෙට‍්ඨා අවීචිං උපරි භවග‍්ගං පත්‍වා දසසහස‍්සිලොකධාතුං පත්‍ථරිත්‍වා අට‍්ඨාසි. තස‍්මිංයෙව සමයෙ අට‍්ඨාරසකොටිසඞ‍්ඛා බ්‍රහ‍්මානො සමාගච‍්ඡිංසු, පච‍්ඡිමදිසාය සූරියො අත්‍ථමෙති, පාචීනදිසාය ආසාළ‍්හනක‍්ඛත‍්තෙන යුත‍්තො පුණ‍්ණචන්‍දො උග‍්ගච‍්ඡති. තස‍්මිං සමයෙ භගවා ඉමං ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තං ආරභන‍්තො “ද‍්වෙමෙ, භික‍්ඛවෙ, අන‍්තා”තිආදිමාහ.

ද්වෙමෙ භික්‍ඛවෙ අන්තා = “මහණෙනි, මෙම ලාමක වූ කොටස් දෙකක් පවතී” මේ කියමන ප්‍රකාශ කිරීම සමග ම එම ප්‍රකාශයේ මහ හඬ යටින් අවීචියෙහි පටන් උඩින් භවාග්‍රය දක්වා විහිදී දස දහසක් ලෝක ධාතුවෙහි පැතිරී සිටියේය. එවිටම අටළොස් කෙළක් බ්‍රහ්මයෝ පැමිණියහ. අවර දිගින් හිරු බැස යයි පෙර දිගින් ආසාළ්හ නැකතින් යුතුව පුන්සඳ නැග එයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ දම්සක් පැවතුම් සුතුර අරඹන්නාහු “ද්වෙ මෙ භික්ඛවෙ අන්තා (මහණෙනි, මේ අන්ත දෙකක් පවතී)” යන ආදිය වදාළහ.

තත්‍ථ පබ‍්බජිතෙනාති ගිහිසංයොජනං ඡින්‍දිත්‍වා පබ‍්බජ‍්ජුපගතෙන. න සෙවිතබ‍්බාති න වළඤ‍්ජෙතබ‍්බා. යො චායං කාමෙසු කාමසුඛල‍්ලිකානුයොගොති යො ච අයං වත්‍ථුකාමෙසු කිලෙසකාමසුඛස‍්ස අනුයොගො. හීනොති ලාමකො. ගම‍්මොති ගාමවාසීනං සන‍්තකො. පොථුජ‍්ජනිකොති අන්‍ධබාලජනෙන ආචිණ‍්ණො. අනරියොති න අරියො න විසුද‍්ධො න උත‍්තමො න වා අරියානං සන‍්තකො. අනත්‍ථසංහිතොති න අත්‍ථසංහිතො, හිතසුඛාවහකාරණං අනිස‍්සිතොති අත්‍ථො. අත‍්තකිලමථානුයොගොති අත‍්තනො කිලමථස‍්ස අනුයොගො, අත‍්තනො දුක‍්ඛකරණන‍්ති අත්‍ථො. දුක‍්ඛොති කණ‍්ටකාපස‍්සයසෙය්‍යාදීහි අත‍්තමාරණෙහි දුක‍්ඛාවහො.

එහි පබ්බජිතෙන = ගිහි සංයෝජන බිඳ පැවිදි බිමට පැමිණි තැනැත්තා විසින් න සෙවිතබ්බා = භාවිත නො කළ යුතු යොචායං කාමෙසු කාම සුඛල්ලිකානු යොගො = වස්තු කාමයන්හි ක්ලේශ කාමයෙන් යුතුව කාමසුඛයෙහි යෙදීම නම් වූ මෙය හීනො = ලාමක වූ ගම්මො = ගම්වැසියන් හට අයත් පොථුජ්ජනිකො = මෝඩ, නුවණ අඩු මිනිසුන් විසින් පුරුදු කරන ලද්දාවූ අනරියො = පිරිසිදු නොවූ, උතුම් නොවූ, උතුමන් හට අයත් නොවූ අනත්‍ථ සංහිතො = යහපත සඳහා නොයෙදුණා වූ යන අරුත වේ. අත්තකිලමථානු යොගො = තමාට පීඩාව ඇති කිරිම සඳහා යෙදුනාවූ තමාගේ දුක සඳහා හේතු වන යන අර්ථයයි. දුක්ඛො = කටු උල් යෙදු ලෑලි මත නිදා ගැනීම් ආදියෙන් සිදු වන්නාවූ ද, මරණ ආදියෙන් සිදු වන්නාවූ ද (ශරීරයට) දුක් ගෙන දීම්.

පඤ‍්ඤාචක‍්ඛුං කරොතීති චක‍්ඛුකරණී. දුතියපදං තස‍්සෙව වෙවචනං. උපසමායාති කිලෙසූපසමත්‍ථාය. අභිඤ‍්ඤායාති චතුන‍්නං සච‍්චානං අභිජානනත්‍ථාය. සම‍්බොධායාති තෙසංයෙව සම‍්බුජ‍්ඣනත්‍ථාය. නිබ‍්බානායාති නිබ‍්බානසච‍්ඡිකිරියාය. සෙසමෙත්‍ථ යං වත‍්තබ‍්බං සියා, තං හෙට‍්ඨා තත්‍ථ තත්‍ථ වුත‍්තමෙව. සච‍්චකථාපි සබ‍්බාකාරෙනෙව විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.529) විත්‍ථාරිතා.

ප්‍රඥාව නමැති ඇස ඇති කරයි යන අදහසින් චක්‍ඛුකරණී යයි කියනු ලැබේ. දෙවන පාදය එයටම වෙනත් වචනයකි. උපසමාය = කෙලෙස් සන්සිඳීම පිණිස අභිඤ්ඤාය = සත්‍ය සතර පිළිබඳ මනා දැන ගැනීම පිණිස සම්බොධාය = ඒ සත්‍යයන් සතරේම මනා අවබෝධය පිණිස නිබ්බාණාය = නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා සෙසු යමක් මෙහි කිව යුතු වන්නේ ද එය යට ඒ ඒ තැන්හි කියන ලද්දේමය. (චතුරාර්ය) සත්‍ය කථාවන් ද හැම අයුරින් ම විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී.

තිපරිවට‍්ටන‍්ති සච‍්චඤාණකිච‍්චඤාණකතඤාණසඞ‍්ඛාතානං තිණ‍්ණං පරිවට‍්ටානං වසෙන තිපරිවට‍්ටං. එත්‍ථ හි “ඉදං දුක‍්ඛං අරියසච‍්චං, ඉදං දුක‍්ඛසමුදය”න‍්ති එවං චතූසු සච‍්චෙසු යථාභූතං ඤාණං සච‍්චඤාණං නාම. තෙසුයෙව “පරිඤ‍්ඤෙය්‍යං පහාතබ‍්බ”න‍්ති එවං කත‍්තබ‍්බකිච‍්චජානනඤාණං කිච‍්චඤාණං නාම. “පරිඤ‍්ඤාතං පහීන”න‍්ති එවං තස‍්ස තස‍්ස කිච‍්චස‍්ස කතභාවජානනඤාණං කතඤාණං නාම.

තිපරි වට්ටං = සත්‍යඥාන කෘත්‍යඥාන, කෘතඥාන නම් වූ පරිවෘත්තයන් තුන වශයෙන් යන අදහසින් “තිපරිවට්ටං” යි කියන ලදී. මෙහිදී වනාහී මෙය දුඃඛ ආර්ය සත්‍යය, මෙය දුඃඛ සමුදයය ආදී වශයෙන් මෙසේ සත්‍යයන් සතර පිළිබඳව තත් වූ පරිදි වූ ඥානය සත්‍යඥානය නම් වෙයි. ඒ සත්‍යයන්හිම පවතින, බැහැර කළ යුතුයයි අවබෝධ කරගත් දෙය බැහැර කළ යුතුය. මෙසේ කළ යුතු කාර්යය දැන ගැනීමේ නුවණ කෘතඥාන නම් වෙයි. ප්‍රහීන කළ යුතුයයි අවබෝධ කරගත් දෙය ප්‍රහීන කළපසු, එසේ කළ බව දැන ගන්නා ඥානය කෘතඥාන නම් වෙයි.

ද‍්වාදසාකාරන‍්ති තෙසංයෙව එකෙකස‍්මිං සච‍්චෙ තිණ‍්ණං තිණ‍්ණං ආකාරානං වසෙන ද‍්වාදසාකාරං. ඤාණදස‍්සනන‍්ති එතෙසං තිපරිවට‍්ටානං ද‍්වාදසන‍්නං ආකාරානං වසෙන උප‍්පන‍්නඤාණසඞ‍්ඛාතං දස‍්සනං. ධම‍්මචක‍්ඛුන‍්ති අඤ‍්ඤත්‍ථ තයො මග‍්ගා තීණි ච ඵලානි ධම‍්මචක‍්ඛු නාම හොන‍්ති, ඉධ පඨමමග‍්ගොව.

ද්වා දසා කාරං = ඒ එක් එක් සත්‍යයෙහි තුනක් තුනක් බැගින් වූ ආකාරයන්ගේ වශයෙන් සත්‍ය සතර (තිපරිවට්ට වශයෙන්) දොළොස් ආකාර වේ. ඤාණ දස්සනං මෙම තිපරිවට්ට වූ දොළොස් ආකාරයන්ගේ වශයෙන් උපන් නුවණ නම් වූ දර්ශනයයි. ධම්ම චක්‍ඛුං මාර්ග තුනකින් ද, ඵල තුනකින්ද වෙන්ව වුවද “ධමම චක්‍ඛු” පවතී. මෙහිදී පළමු මාර්ගය (සෝවාන්) ම අදහස් වේ.

ධම‍්මචක‍්කෙති පටිවෙධඤාණෙ චෙව දෙසනාඤාණෙ ච. බොධිපල‍්ලඞ‍්කෙ නිසින‍්නස‍්ස හි චතූසු සච‍්චෙසු උප‍්පන‍්නං ද‍්වාදසාකාරං පටිවෙධඤාණම‍්පි, ඉසිපතනෙ නිසින‍්නස‍්ස ද‍්වාදසාකාරාය සච‍්චදෙසනාය පවත‍්තිතං දෙසනාඤාණම‍්පි ධම‍්මචක‍්කං නාම. උභයම‍්පි හෙතං දසබලස‍්ස උරෙ පවත‍්තඤාණමෙව. ඉමාය දෙසනාය පකාසෙන‍්තෙන භගවතා ධම‍්මචක‍්කං පවත‍්තිතං නාම. තං පනෙතං ධම‍්මචක‍්කං යාව අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරො අට‍්ඨාරසහි බ්‍රහ‍්මකොටීහි සද‍්ධිං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාති, තාව නං භගවා පවත‍්තෙති නාම, පතිට‍්ඨිතෙ ච පවත‍්තිතං නාම. තං සන්‍ධාය පවත‍්තිතෙ ච පන භගවතා ධම‍්මචක‍්කෙ භුම‍්මා දෙවා සද‍්දමනුස‍්සාවෙසුන‍්තිආදි වුත‍්තං.

ධම්මචක්කෙ = සත්‍යාවබෝධ ඥානයෙහි ද, දේශනා ඥානයෙහිද (යන අදහසයි) බෝධි පර්යංකයෙහි වැඩහුන් තථාගතයන් වහන්සේ සත්‍යයන් සතර පිළිබඳව උපන් දොළොස් ආකාර වූ සත්‍යාවබෝධ ඥානය ද, ඉසිපතනයෙහි වැඩ හුන් තථාගතයන් වහන්සේගේ දොළොස් ආකාර වූ (චතුරාර්ය) සත්‍ය දේශනාව සඳහා පවත්වන ලද දේශනා ඥානය ද ධම්මචක්ක නම් වේ. මේ දෙකම දස බලධාරී බුදුන් වහන්සේගේ හදවතෙහි (සිතෙහි) පැවති ඥානය ම වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම දේශනාවෙන් ප්‍රකාශ කරනු ලබන්නාවූ එම ධර්ම චක්‍ර සූත්‍ර දේශනාව පවත්වන ලද්දේ වෙයි. යම් තාක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරහු යම්තාක් අටළොස් කෙළක් බ්‍රහ්මයන් සමග සෝවාන් ඵලයෙහි පිහිටත් ද, ඒතාක් භාග්‍යවතුන් වහන්සේ ඒ මේ ධර්ම චක්‍ර (දේශන) ය පවත්වන්නාහයි කිවයුතු වේ. සෝවාන් ඵලයෙහි පිහිටි කල්හිම දේශනය පවත්වන ලද්දේ වේ යයි (පවත්තිතං) කියනු ලැබේ. ඒ සඳහා පවත්තිතෙච පනභගවතා ධම්ම චක්කෙ භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං (භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සක් දෙසුම පවත්වනු ලැබූ කල්හි භූම්‍යස්ථ දෙවිවරු ශබ්දය ඇසෙන්නට සැලැස්වූහ) යන ආදිය කියන ලදී.

තත්‍ථ භුම‍්මාති භූමට‍්ඨකදෙවතා. සද‍්දමනුස‍්සාවෙසුන‍්ති එකප‍්පහාරෙනෙව සාධුකාරං දත්‍වා – “එතං භගවතා”තිආදීනි වදන‍්තා අනුසාවයිංසු. ඔභාසොති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණොභාසො. සො හි තදා දෙවානං දෙවානුභාවං අතික‍්කමිත්‍වා විරොචිත්‍ථ. අඤ‍්ඤාසි වත, භො, කොණ‍්ඩඤ‍්ඤොති ඉමස‍්සපි උදානස‍්ස උදාහාරනිග‍්ඝොසො දසසහස‍්සිලොකධාතුං ඵරිත්‍වා අට‍්ඨාසි.

එහි - භූම්මා = බිම වෙසෙන දෙවිවරු සද්දමනුස්සාවෙසුං = එක් වරම සාධුකාර දී, එතං භගවතා යන ආදිය කියමින් ඇසීමට සැලැස්වූහ. ඔභාසො = සර්වඥතා ඥානයේ ආලෝකය එම ආලෝකය එදින දෙවිවරුන්ගේ දේවානුභාවය ඉක්මවා බැබළුණේය. අඤ්ඤාස වතභො කොණ්ඩඤ්ඤො යන මේ උදානයේ ද ප්‍රකාශිත වූ ඝෝෂාව දස දහසක් ලෝක ධාතුව පුරා පැතිර සිටියේය.

9. සඞ‍්කාසනසුත‍්තවණ‍්ණනා

9. සඞ්කාසන සූත්‍ර වර්ණනාව

නවමෙ අපරිමාණා වණ‍්ණාති අප‍්පමාණානි අක‍්ඛරානි. බ්‍යඤ‍්ජනාති තෙසංයෙව වෙවචනං, වණ‍්ණානං වා එකදෙසා යදිදං බ්‍යඤ‍්ජනා නාම. සඞ‍්කාසනාති විභත‍්තියො. එකමෙකස‍්මිඤ‍්හි සච‍්චෙ සබ‍්බාකාරෙන විත්‍ථාරියමානෙ වණ‍්ණාදීනං අන‍්තො නාම නත්‍ථි. තස‍්මා එවමාහ.

නව වැන්නෙහි - අපරිමාණ වණ්ණා අප්‍රමාණ වූ අකුරු බ්‍යඤ්ජනානි = ඒවාටම වෙනත් වචනයකි. බ්‍යංජන නම් වර්ණයන්ගේ ම එක් කොටසකි. සඞ්කාසනා = විභක්තීහුය. එක් එක් සත්‍යය හැම අයුරින්ම විස්තර කරනු ලබන කල්හි වර්ණ (අකුරු) ආදීන්ගේ කෙළවරක් නම් නැත්තේය. එහෙයින් මෙසේ කීය.

10. තථසුත‍්තවණ‍්ණනා

10. තථ සූත්‍ර වර්ණනාව

දසමෙ සභාවාවිජහනට‍්ඨෙන තථං. දුක‍්ඛඤ‍්හි දුක‍්ඛමෙව වුත‍්තං. සභාවස‍්ස අමොඝතාය අවිතථං. න හි දුක‍්ඛං අදුක‍්ඛං නාම හොති. අඤ‍්ඤභාවානුපගමෙන අනඤ‍්ඤථං. න හි දුක‍්ඛං සමුදයාදිභාවං උපගච‍්ඡති. සමුදයාදීසුපි එසෙව නයොති.

දස වැන්නෙහි - ස්වභාවය අත්නොහැර පැවතීම යන අරුතින් තථං යි යෙදේ. “දුක්ඛං “ යනු දුකම යයි කියන ලදී. සත්‍ය ස්වභාවයේ හිස් නොවන බව සඳහා අවිතථං යි යෙදේ. දුක් නැත්තෝය යන අදහසින් “අදුක්ඛං” නම් වේ. අන්‍ය වූ ස්වභාවයකට නොපැමිණීම යන අදහසින් අනඤ්ඤථං යි යෙදේ. දුක ය, දුක ඉපදීමය යන ස්වභාවයකට නො පැමිණේ යන අදහසයි. සමුදය ආදියෙහි ද මේ පිළිවෙළම වේ.

ධම‍්මචක‍්කප‍්පවත‍්තනවග‍්ගො දුතියො.

දෙවන ධම්ම චක්කප්පවත්තන වර්ගය නිමි.