යෙදුමෙන් කියවන්න

තථසුත‍්තං

12. 2. 10.

12. 2. 10.

තථසුත‍්තං

තථ සූත්‍රය

3862. චත‍්තාරිමානි භික‍්ඛවෙ, තථානි අවිතථානි අනඤ‍්ඤථානි. කතමානි චත‍්තාරි; ඉදං දුක‍්ඛන‍්ති භික‍්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ‍්ඤථමෙතං. අයං දුක‍්ඛසමුදයොති තථමෙතං අවිතථමෙතං අනඤ‍්ඤථමෙතං. අයං දුක‍්ඛනිරොධොති තථමෙතං අවිතථමෙතං අනඤ‍්ඤථමෙතං. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති තථමෙතං අවිතථමෙතං අනඤ‍්ඤථමෙතං. ඉමානි ඛො භික‍්ඛවෙ, චත‍්තාරි තථානි අවිතථානි අනඤ‍්ඤථානි. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො, අයං දුක‍්ඛසමුදයොති යොගො කරණීයො. අයං දුක‍්ඛනිරොධොති යොගො කරණීයො. අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.

3862. මහණෙනි, මේ සතරෙක් සත්‍ය ය. නො වෙනස් වන සුලු ය, අන්පරිදි නොවන සුලු ය. කවර සතරෙක යත්: මහණෙනි, “මේ දුකැ” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය, “මේ දුක්හේතු” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, “මේ දුක් නැවැත්මැ”යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය. “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, මහණෙනි, මේ සතර සත්‍ය ය. නො වෙනස් වනසුලු ය, අන්පරිදි නො වනසුලු ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක්හේතු ය”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් නැවැත්මැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.

ධම‍්මචක‍්කප‍්පවත‍්තනවග‍්ගො දුතියො.

දෙවැනි ධම්මචක්කපවත්තන වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

තථාගතෙන ද‍්වෙ වුත‍්තා ඛන්‍ධා ආයතනානි ච, ධාරණා ච ද‍්වෙ අවිජ‍්ජා විජ‍්ජා සඞ‍්කාසනා තථාති.

(ධම්මචක්කප්පවත්තන තථාගත යි) තථාගතනමින් දෙකෙක් කියන ලදි. ඛන්‍ධ ආයතනනමින් ද දෙකෙකි. ධාරණ සූත්‍ර ද දෙකෙකි. අවිජ්ජා, විජ්ජා, සඞ්කාසන, තථ යී සතරෙකි. මුළුල්ල දශයෙකි යි.