යෙදුමෙන් කියවන්න

කොටිගාමසුත‍්තං

12. 3. 1.

12. 3. 1.

කොටිගාමසුත‍්තං

කෝටිගාම සූත්‍රය

3863. එවං මෙ සුතං එකං සමයං භගවා වජ‍්ජීසු විහරති කොටිගාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: චතුන‍්නං භික‍්ඛවෙ, අරියසච‍්චානං අනනුබොධා අප‍්පටිවෙධා එවමිදං දීඝමද‍්ධානං සන්‍ධාවිතං සංසරිතං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච. කතමෙසං චතුන‍්නං: දුක‍්ඛස‍්ස භික‍්ඛවෙ, අරියසච‍්චස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා එවමිදං දීඝමද‍්ධානං සන්‍ධාවිතං සංසරිතං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච. දුක‍්ඛසමුදයස‍්ස අරියසච‍්චස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා එවමිදං දීඝමද‍්ධානං සන්‍ධාවිතං සංසරිතං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච. දුක‍්ඛනිරොධස‍්ස අරියසච‍්චස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා එවමිදං දීඝමද‍්ධානං සන්‍ධාවිතං සංසරිතං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච. දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච‍්චස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා එවමිදං දීඝමද‍්ධානං සන්‍ධාවිතං සංසරිතං මමඤ‍්චෙව තුම‍්හාකඤ‍්ච.

3863. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑ දනව්වෙහි කෙළගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, සිවු අරීසස් නොදැනුමෙන් නො පිළිවිදුමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි දිවිණි සැරිසැරිණි. නොහොත් මාගේත් තොපගේත් දිවුම සැරිසැරුම විය. කවර සතරක යත්: මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නො පිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි.

තයිදං භික‍්ඛවෙ, දුක‍්ඛං අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං, දුක‍්ඛසමුදයො අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං, දුක‍්ඛනිරොධො අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං අනුබුද‍්ධං පටිවිද‍්ධං. උච‍්ඡින‍්නා භවතණ‍්හා. ඛීණා භවනෙත‍්ති. නත්‍ථිදානි පුනබ‍්භවොති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්‍ථා:

මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. භවතෘෂ්ණාව සිඳින ලදු, බවරැහැන (තෘෂ්ණ) ගෙවිණ. දැන් පුනර්‍භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:

චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අදස‍්සනා, සංසරං දීඝමද‍්ධානං තාසු තාස‍්වෙව ජාතිසු. තානි එතානි දිට‍්ඨානි භවනෙත‍්ති සමූහතා, උච‍්ඡින‍්නං මූලං දුක‍්ඛස‍්ස නත්‍ථිදානි පුනබ‍්භවොති.

‘සිවු අරීසස් තතුසේ නොදැක්මෙන් දිගුකලක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි සැරිසරමින් ම ඒ මොහු (සිවුසස්) දක්නා ලද හ. බවරැහැන නසන ලදි. දුකෙහි මුල් සිඳින ලදී. දැන් පුනර්‍භවයෙක් නැතැ’ යි.