අවිජ්ජාසුත්තං
12. 2. 7.
12. 2. 7.
අවිජ්ජාසුත්තං
අවිජ්ජා සූත්‍රය
3859. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජාති” භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති? යං ඛො භික්ඛු, දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං අයං වුච්චති භික්ඛු, අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොති. තස්මාතිහ භික්ඛු, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
3859. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, අවිද්‍යා අවිද්‍යා” යි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යා නම් කවර යැ? කෙතෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි. මහණ, යම් දුකෙහි නො දැන්මෙක් දුක් හටගැන්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි නො දැන්මෙක් වේ ද, මහණ, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙතෙකින් අවිද්‍යාගතත් වේ. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
12. 2. 8.
12. 2. 8.
විජ්ජාසුත්තං
විජ්ජා සූත්‍රය
3860. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි: උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “විජ්ජා විජ්ජා”ති භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, විජ්ජා. කිත්තාවතා ච විජ්ජාගතො හොතීති? යං ඛො භික්ඛු, දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං. අයං වුච්චති භික්ඛු, විජ්ජා. එත්තාවතා ච විජ්ජාගතො හොති. තස්මාතිහ භික්ඛු, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
3860. එකල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, විද්‍යා විද්‍යා”යී කියනු ලැබේ. වහන්ස, විද්‍යා නම් කවර යැ? කෙතෙකින් විද්‍යාගතත් වේ දැයි? මහණ, යම් දුකෙහි දැනීමෙක්, දුක් හටගැන්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි දැනීමෙක්, වේ ද, මහණ, මේ ‘විද්‍යා’ යි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යාගතත් වෙයි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍ය කටයුතු යි.
12. 2. 9.
12. 2. 9.
සඞ්කාසනසුත්තං
සඞ්කාසන සූත්‍රය
3861. ඉදං දුක්ඛං අරියසච්චන්ති භික්ඛවෙ, මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා වණ්ණා, අපරිමාණා ව්යඤ්ජනා, අපරිමාණා සඞ්කාසනා. ඉතිපිදං දුක්ඛං අරියසච්චන්ති. ඉදං දුක්ඛසමුදයො අරියසච්චන්ති භික්ඛවෙ මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා වණ්ණො, අපරිමාණා ව්යඤ්ජනා, අපරිමාණා සඞ්කාසනා. ඉතිපිදං දුක්ඛසමුදයො අරියසච්චන්ති. ඉදං දුක්ඛ නිරොධො අරියසච්චන්ති භික්ඛවෙ, මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා වණ්ණා, අපරිමාණා ව්යඤ්ජනා, අපරිමාණා සඞ්කාසනා. ඉතිපිදං දුක්ඛනිරොධො අරියසච්චන්ති. ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චන්ති භික්ඛවෙ, මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා වණ්ණා අපරිමාණා ව්යඤ්ජනා අපරිමාණා සඞ්කාසනා. ඉතිපිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
3861. මහණෙනි, “මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදි. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි. මහණෙනි, “මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි” මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, “මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, “මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා”යි වීර්‍ය්‍ය කටයුතු යි.