දුතියධාරණසුත්තං
12. 2. 6.
12. 2. 6.
දුතියධාරණසුත්තං
දුතිය ධාරණ සූත්‍රය
3858. ධාරෙථ නො තුම්හෙ භික්ඛවෙ, “මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “අහං ඛො භන්තෙ, ධාරෙමි භගවතා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. “යථාකථං පන ත්වං භික්ඛු, ධාරෙසි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති? දුක්ඛං ඛො’හං භන්තෙ, “භගවතා පඨමං අරියසච්චං දෙසිතං” ධාරෙමි. යො හි කොචි භන්තෙ, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛං පඨමං අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං. අහමෙතං දුක්ඛං පඨමං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛං පඨමං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති.
3858. මහණෙනි, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ යි මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ”යි දරමි යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ”යි. වහන්ස, “මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි. වහන්ස, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමු නො වේ. මම මේ පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පළමුවනු කොට පනවන්නෙමි”යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
දුක්ඛසමුදයං ඛො’හං භන්තෙ, භගවතා දුතියං අරියසච්චං දෙසිතං ධාරෙමි. යො හි කොචි භන්තෙ, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛසමුදයො අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං, අහමෙතං දුක්ඛසමුදයං දුතියං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛසමුදයං දුතියං අරියසච්චං පඤ්ඤා පස්සාමී”ති නෙතං ඨානං විජ්ජති.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දේශනා ලදැ යි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු නො වේ. මම මේ දෙවන දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛසමුදයාර්ය්යසත්යයක් දෙවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
දුක්ඛනිරොධං ඛො’හං භන්තෙ, භගවතා තතියං අරියසච්චං දෙසිතං ධාරෙමි. යො හි කොචි භන්තෙ, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛනිරොධො තතියං අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං, අහමෙතං දුක්ඛනිරොධං තතියං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛනිරොධං තතියං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දේශනා කරන ලදැ යි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු නො වේ. මම මේ තෙවන දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධාර්ය්යසත්යයක් තෙවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
දුක්ඛනිරොධගාමිනිං පටිපදං ඛො’හං භන්තෙ භගවතා චතුත්ථං අරියසච්චං දෙසිතං ධාරෙමි. යො හි කොචි භන්තෙ, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛනිරොධගාමිනීපටිපදා චතුත්ථං අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං. අහමෙතං දුක්ඛනිරොධගාමිනිං පටිපදං චතුත්ථං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛනිරොධගාමිනිං පටිපදං චතුත්ථං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති. එවං ඛො’හං භන්තෙ, ධාරෙමි භගවතා චත්තාරි අරියසච්චානි දෙසිතානීති.
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දේශනා කරන ලදැයි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු නො වේ. මම මේ සිවුවන දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයක් සිවුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. වහන්ස, මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරමි.
සාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, ධාරෙසි. මයා චත්තාරි අරියසච්චානි දෙසිතානි. දුක්ඛං ඛො භික්ඛු, මයා පඨමං අරියසච්චං දෙසිතං. තථා නං ධාරෙහි. යො හි කොචි භික්ඛු, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛං පඨමං අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං. අහමෙතං දුක්ඛං පඨමං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛං පඨමං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති. -පෙ-
මහණ, මැනවි, මැනවි. මහණ, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරනු මැනවි. මහණ, මා විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමු නො වේ. මම මේ පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පළමුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත ...
දුක්ඛනිරොධගාමිනී පටිපදා ඛො භික්ඛු, මයා චතුත්ථං අරියසච්චං දෙසිතං. තථා නං ධාරෙහි. යො හි කොචි භික්ඛු, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛනිරොධගාමිනී පටිපදා චතුත්ථං අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං. අහමෙතං දුක්ඛනිරොධගාමිනිං පටිපදං චතුත්ථං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛනිරොධගාමිනිං පටිපදං චතුත්ථං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති. එවං ඛො ත්වං භික්ඛු, ධාරෙහි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානි. තස්මාතිහ භික්ඛු, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
මහණෙනි, මා විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දේශනා කරන ලදි. එය එසේ දරවු. මහණ, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු නො වේ. මම මේ සිවුවන දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයක් සිවුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණ, මෙසේ තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරවු. මහණ, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.