ධාරණසුත්තං
12. 2. 5.
12. 2. 5.
ධාරණසුත්තං
ධාරණ සූත්‍රය
3857. ධාරෙථ නො තුම්හෙ භික්ඛවෙ, “මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: අහං ඛො භන්තෙ, ධාරෙමි. “භගවතා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. යථාකථං පන ත්වං භික්ඛු, ධාරෙසි “මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. දුක්ඛං ඛ්වාහං භන්තෙ, භගවතා පඨමං අරියසච්චං දෙසිතං ධාරෙමි.
3857. මහණෙනි, මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි තෙපි දරවු දැ යි මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරමි” යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ” යි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි.
දුක්ඛසමුදයො ඛ්වාහං භන්තෙ, භගවතා දුතියං අරියසච්චං දෙසිතං ධාරෙමි. දුක්ඛනිරොධො ඛ්වාහං භන්තෙ, භගවතා තතියං අරියසච්චං දෙසිතං ධාරෙමි. දුක්ඛනිරොධගාමිනී පටිපදා ඛ්වාහං භන්තෙ, භගවතා චතුත්ථං අරියසච්චං දෙසිතං ධාරෙමි. එවං ඛ්වාහං භන්තෙ, ධාරෙමි භගවතා චත්තාරි අරියසච්චානි දෙසිතානීති.
“වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දෙසන ලදැ” යි දරමි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දෙසන ලදැ” යි දරමි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දේශනා ලදැ” යි දරමි. “වහන්ස, මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරමි” යි.
සාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, ධාරෙසි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානි. දුක්ඛං ඛො භික්ඛු, මයා පඨමං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි. දුක්ඛසමුදයො ඛො භික්ඛු, මයා දුතියං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි. දුක්ඛනිරොධො ඛො භික්ඛු, මයා තතියං අරියසච්චං දෙසිතං තථා නං ධාරෙහි. දුක්ඛනිරොධගාමිනී පටිපදා ඛො භික්ඛු, මයා චතුත්ථං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි. එවං ඛො භික්ඛු, ධාරෙහි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානි. තස්මාතිහ භික්ඛු ඉදං “දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- අයං “දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
මහණ, මැනවි, මැනවි, මහණ, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු මහණ, මා විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මා විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මා විසින් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මා විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මෙසේ මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුක්ඛ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යි වීර්‍ය්‍ය කටයුතු යි.