ආයතනසුත්තං
12. 2. 4.
12. 2. 4.
ආයතනසුත්තං
ආයතන සූත්‍රය
3856. චත්තාරිමානි භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං: ඡ අජ්ඣත්තිකානි ආයතනානීතිස්ස වචනීයං. කතමානි ඡ: චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං.
3856. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍යය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය ය” යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය කවර යත්: අධ්‍යාත්මික ෂඩායතනයෝ යයි එයට කියයුතු. කවර ෂඩායතනයෝ යැ යත්: “චක්ඛායතන සෝතායතන ඝානායතන ජිව්හායතන කායායතන මනායතන” යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛසමුදයො අරියසච්චං: යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී. සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛසමුදයො අරියසච්චං.
මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවර යත්: පුනර්භවය ඇති කරන නන්දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇලුම් ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: “කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා” යි. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං: යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං.
මහණෙනි, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවර යත්: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවර යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.