ඛන්ධ සුත්තං
12. 2. 3.
12. 2. 3.
ඛන්ධ සුත්තං
ඛන්ධ සූත්‍රය
3855. චත්තාරිමානි භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයො අරියසච්චං, දුක්ඛනිරොධො අරියසච්චං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං: පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං. කතමෙ පඤ්ච: සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො වෙදනූපාදානක්ඛන්ධො සඤ්ඤූපාදානක්ඛන්ධො සංඛාරූපාදානක්ඛන්ධො විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං.
3855. මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය කවර යත්: පස් උපාදානස්කන්ධයෝ ය යි එයට කියයුතු. කවර පසෙක යත්: එනම් “රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ ය” යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛසමුදයො අරියසච්චං: යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛසමුදයො අරියසච්චං.
මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවර යත්: පුනර්භවය ඇති කරන නන්දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං: යො තස්සායෙව තණ්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං.
මහණෙනි, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවර යත්: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාග නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවර යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. එනම්: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.