යෙදුමෙන් කියවන්න

තථාගත සුත‍්තං

12. 2. 2.

12. 2. 2.

තථාගත සුත‍්තං

තථාගත සූත්‍රය

3854. ඉදං දුක‍්ඛං අරියසච‍්චන‍්ති භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛං අරියසච‍්චං පරිඤ‍්ඤෙය්‍යන‍්ති භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ -පෙ- පරිඤ‍්ඤාතන‍්ති, භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.

3854. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දත යුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය ... එළිය පහළ විය.

ඉදං දුක‍්ඛසමුදයො අරියසච‍්චන‍්ති භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛසමුදයො අරියසච‍්චං පහාතබ‍්බන‍්ති භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ -පෙ- පහීනන‍්ති, භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.

මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය ප්‍රහාණය කළයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... ප්‍රහාණය කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය ... එළිය පහළ විය.

ඉදං දුක‍්ඛනිරොධො අරියසච‍්චන‍්ති භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛනිරොධො අරියසච‍්චං සච‍්ඡිකාතබ‍්බන‍්ති භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ -පෙ- සච‍්ඡිකතන‍්ති, භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි.

මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කළයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... පසක් කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය.

ඉදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චන‍්ති භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං භාවෙතබ‍්බන‍්ති, භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ -පෙ- භාවිතන‍්ති භික‍්ඛවෙ, තථාගතානං පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදීති.

මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩියයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... වඩන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ වී ය යි.