යෙදුමෙන් කියවන්න

සමණබ්‍රාහ‍්මණසුත‍්තං

12. 1. 5.

12. 1. 5.

සමණබ්‍රාහ‍්මණසුත‍්තං

සමණබ්‍රාහ්මණ සූත්‍රය

3847. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා යථාභූතං අභිසම‍්බුජ‍්ඣිංසු, සබ‍්බෙ තෙ චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසම‍්බුජ‍්ඣිංසු. යෙ හි කෙචි භික‍්ඛවෙ, අනාගතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා යථාභූතං අභිසම‍්බුජ‍්ඣිස‍්සන‍්ති, සබ‍්බෙ තෙ චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසම‍්බුජ‍්ඣිස‍්සන‍්ති. යෙ හි කෙචි භික‍්ඛවෙ, එතරහි සමණා වා බ්‍රාහ‍්මණා වා යථාභූතං අභිසම‍්බුජ‍්ඣන‍්ති, සබ‍්බෙ තෙ චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසම‍්බුජ‍්ඣන‍්ති. කතමානි චත‍්තාරි: දුක‍්ඛං අරියසච‍්චං -පෙ- දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා යථාභූතං අභිසම‍්බුජ‍්ඣිංසු -පෙ- අභිසම‍්බුජ‍්ඣිස‍්සන‍්ති -පෙ- අභිසම‍්බුජ‍්ඣන‍්ති, සබ‍්බෙ තෙ ඉමානි චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසම‍්බුජ‍්ඣන‍්ති. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.

3847. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. කවර චතුරාර්‍ය්‍යසත්‍ය කෙනෙක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ... අවබෝධ කරන්නාහු ද, ... අවබෝධ කෙරෙත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.