දුතිය කුලපුත‍්තසුත‍්තං
12. 1. 4.
12. 1. 4.
දුතිය කුලපුත‍්තසුත‍්තං
දුතියකුලපුත්ත සූත්‍රය
3846. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං කුලපුත‍්තා සම‍්මා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා යථාභූතං අභිසමෙසුං, සබ‍්බෙ තෙ චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසමෙසුං. යෙ හි කෙචි භික‍්ඛවෙ, අනාගතමද‍්ධානං කුලපුත‍්තා සම‍්මා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා යථාභූතං අභිසමෙස‍්සන‍්ති, සබ‍්බෙ තෙ චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසමෙස‍්සන‍්ති. යෙ හි කෙචි භික‍්ඛවෙ, එතරහි කුලපුත‍්තා සම‍්මා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා යථාභූතං අභිසමෙන‍්ති, සබ‍්බෙ තෙ චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසමෙන‍්ති. කතමානි චත‍්තාරි: දුක‍්ඛං අරියසච‍්චං -පෙ- දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං. යෙ හි කෙචි භික‍්ඛවෙ, අතීතමද‍්ධානං කුලපුත‍්තා සම‍්මා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතා යථාභූතං අභිසමෙසුං -පෙ- අභිසමෙස‍්සන‍්ති -පෙ- අභිසමෙන‍්ති, සබ‍්බෙ තෙ ඉමානි චත‍්තාරි අරියසච‍්චානි යථාභූතං අභිසමෙන‍්ති. තස‍්මාතිහ භික‍්ඛවෙ, ඉදං දුක‍්ඛන‍්ති යොගො කරණීයො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
3846. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනැවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතු සේ අවබෝධ කළාහු ද ... අවබෝධ කරන්නාහු ද ... අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යී වීර්‍ය්‍යය කටයුතු යි.