අඩ්ඪසුත්තං
11. 5. 4.
11. 5. 4.
අඩ්ඪසුත්තං
අඩ්ඪ සූත්‍රය
3812. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො “අඩ්ඪො මහද්ධනො මහාභොගො”ති වුච්චති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො “අඩ්ඪො මහද්ධනො මහාභොගො”ති වුච්චතීති.
3812. මහණෙනි, සිවු දහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්‍යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ. කවර සිවු දහමකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්‍යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ යි.
11. 5. 5.
11. 5. 5.
දුතිය අඩ්ඪසුත්තං
දුතිය අඩ්ඪ සූත්‍රය
3813. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො “අඩ්ඪො මහද්ධනො මහාභොගො මහායසො”ති වුච්චති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො “අඩ්ඪො මහද්ධනො මහාභොගො මහායසො”ති වුච්චතීති.
3813. මහණෙනි, සිවු දහමෙකින් යුත් අරීසවු “ආඪ්‍ය ය. මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ ය. මහත් යශස් ඇත්තේ”යි කියනු ලැබේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මේ සිවු දහමින් සමන්වාගත ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “ආඪ්‍ය ය. මහද්ධන ඇත්තේ ය. මහත්භෝග ඇත්තේ ය. මහත්යශස් ඇත්තේ”යි කියනු ලැබේ.
11. 5. 6.
11. 5. 6.
සුද්ධකසුත්තං
සුද්ධක සූත්‍රය
3814. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො”ති.
3814. මහණෙනි, මේ සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු අරීසවු “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි කියනු ලැබේ යි.
11. 5. 7.
11. 5. 7.
නන්දියසුත්තං
නන්දිය සූත්‍රය
3815. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො නන්දියා සක්කො යෙන භගවා තෙනුපසංඞ්ඛමි. -පෙ- එකමන්තං නිසින්නං ඛො නන්දියං සක්කං භගවා එතදවොච, චතූහි ඛො නන්දිය, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො. කතමෙහි චතූහි: ඉධ නන්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො නන්දිය, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
3815. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නන්දිය ශාක්‍යහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: නන්දිය, සිවු දහමෙකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: නන්දිය, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. නන්දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 8.
11. 5. 8.
භද්දියසුත්තං
භද්දිය සූත්‍රය
3816. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භද්දියො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නං ඛො භද්දියං සක්කං භගවා එතදවොච: චතූහි ඛො භද්දිය, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො. කතමෙහි චතූහි: ඉධ භද්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භද්දිය, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
3816. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති භද්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් භද්දිය ශාක්‍යයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: භද්දිය, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: භද්දිය, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. භද්දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 9.
11. 5. 9.
මහානාමසුත්තං
මහානාම සූත්‍රය
3817. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නං ඛො මහානාමං සක්කං භගවා එතදවොච: “චතූහි ඛො මහානාම, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාත ධම්මො නියතො සම්බොධිපරායනො. කතමෙහි චතූහි: ඉධ මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො මහානාම, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
3817. එක්සමයෙක් භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් මහානාම ශාක්‍යහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහානාම, සිවු දහමකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙයි. කවර සතරකින යත්: මහානාම, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුතු වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්වාගත වෙයි. මහානාම, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
11. 5. 10.
11. 5. 10.
අඞ්ගසුත්තං
අඞ්ග සූත්‍රය
3818. චත්තාරිමානි භික්ඛවෙ, සොතාපත්තියඞ්ගානි. කතමානි චත්තාරි: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි සොතාපත්තියඞ්ගානීති.
3818. මහණෙනි, මේ සෝවන් අඟ සතරෙකි. කවර සතරෙක යත්: සත්පුරුෂසේවනය සද්ධර්මශ්රවණය යෝනිසෝමනස්කාරය ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි. මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි.
සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො පඤ්චමො.
පස්වැනි සගාථ පුඤ්ඤාභිසන්ද වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්‍රනාමාවලිය:
අසඞ්ඛෙය්යො තයො වුත්තා අඩ්ඪෙන අපරෙ දුවෙ, සුද්ධකං නන්දියං භද්දියං මහානාමඞ්ගෙහි තෙ දසාති.
අසඞ්ඛෙය්යසූත්ර තුනෙක් ද, අඩ්ඪ නමින් අනෙක් දෙකෙක් ද කියන ලදහ, සුද්ධක නන්දිය භද්දිය මහානාම අඞ්ග යන පසින් ඔහු දසයෙක් වේ යි.