තතිය අසඞ්ඛෙය්යසුත්තං
11. 5. 3.
11. 5. 3.
තතිය අසඞ්ඛෙය්යසුත්තං
තතිය අසඞේඛය්‍ය සූත්‍රය
3811. චත්තාරොමෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා, කුසලාභිසන්දා, සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො හොති අරියාය නිබ්බෙධිතාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං “එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො”ති. අථ ඛො “අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො”ත්වෙව සඞ්ඛං ගච්ඡතීති. ඉදමවොච භගවා -පෙ- සත්ථා:
3811. මහණෙනි, සුවයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට පසය වූ පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ නුවණැතියේ වෙයි. උදයව්‍යයය පිරිසිඳ දැනුමට පමුණුවන සුලු ආර්‍ය්‍ය වූ නිර්වේදයට හිත වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන ප්‍රඥායෙන් සමන්වාගත වෙයි. මේ සුවයට පසය වූ සිවු පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, මොහු සුවයට පසය වූ සිවු පින්ගඟහු ය, කුසල්ගඟහු ය. මහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට සුවයට පසය වූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
යො පුඤ්ඤකාමො කුසලෙ පතිට්ඨිතො භාවෙති මග්ගං අමතස්ස පත්තියා, සො ධම්මසාරාධිගමො ඛයෙ රතො න වෙධති මච්චුරාජා ගමිස්සතීති.
පින් කැමති මඟකුසල්හි පිහිටි යමෙක් නිවනට පැමිණෙනු පිණිස රහත්මඟ වඩා ද, පිළිලද අරීපෙළ දහම්හර ඇති හෙතෙමේ කෙලෙස් ක්ෂය කිරීමෙහි ඇලුණේ මරරජ පැමිණෙන්නේ යි නො සැලේ යි.