සංයොජනසුත්තං
10. 2. 7.
10. 2. 7.
සංයොජනසුත්තං
සංයෝජන සූත්රය
3765. ආනාපානසතිසමාධි භික්ඛවෙ, භාවිතො බහුලීකතො සංයොජනප්පහානාය සංවත්තති. කථං භාවිතො ච භික්ඛවෙ, ආනාපානසතිසමාධි කථං බහුලීකතො සංයොජනප්පහානාය සංවත්තති? ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතො ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි එවං බහුලීකතො සංයොජනප්පහානාය සංවත්තතීති.
3765. මහණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ සංයෝජන ප්රහාණය පිණිස පවතී. මහණෙනි, ආනාපානසතිසමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ සංයෝජන ප්රහාණය පිණිස පවතීද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ සංයෝජන ප්රහාණය පිණිස පවතී යි.
10. 2. 8.
10. 2. 8.
අනුසයසුත්තං
අනුසය සූත්රය
3766. ආනාපානසතිසමාධි භික්ඛවෙ -පෙ- අනුසයසමුග්ඝාතාය සංවත්තතීති.
3766. මහණෙනි, ආනාපානසතිසමාධිය ... අනුසය නැසීම පිණිස පවතී යි.
10. 2. 9.
10. 2. 9.
අද්ධානසුත්තං
අද්ධාන සූත්රය
3767. ආනාපානසතිසමාධි භික්ඛවෙ -පෙ- අද්ධානපරිඤ්ඤාය සංවත්තතීති.
3767. මහණෙනි, ආනාපානසතිසමාධිය ... අදන් පිරිසිඳ දැනීම පිණිස පවතී යි.
10. 2. 10.
10. 2. 10.
ආසවක්ඛයසුත්තං
ආසවක්ඛය සූත්රය
3768. ආනාපානසතිසමාධි භික්ඛවෙ -පෙ- ආසවානං ඛයාය සංවත්තතීති.
3768. මහණෙනි, ආනාපානසතිසමාධිය ... ආස්රවක්ෂය පිණිස පවතී යි.
(ඉමානි තීණි සුත්තානිපි යථා සංයොජනසුත්තං විත්ථාරෙතබ්බානි.)
(මේ තුන් සුතුර ද සංයෝජන සුතුර මෙන් විතර කටයුතු.)
ආනන්දවග්ගො දුතියො.
දෙවැනි ආනන්ද වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමමාලාව:
ඉච්ඡානඞ්ගලං කඞ්ඛෙය්යං ආනන්දෙන පරෙ දුවෙ ද්වෙ භික්ඛූ සංයොජනානුසයා අද්ධානමාසවක්ඛයොති.
ඉච්ඡාඞ්ගල සඞ්ඛෙය්ය යී දෙසුතුරෙකි. ආනන්ද නමින් අනෙක් සුතුරු දෙකෙකි. භික්ඛු නමිනුදු සුතුරු දෙකෙකි. සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.
ආනාපානසංයුත්තං සමත්තං.
අනාපානසංයුත්තය නිමියේ ය.
තත්රවග්ගුද්දානං:
එහි වර්ග නාමාවලිය:
එකධම්මො ආනන්දොති ද්වෙව වග්ගා සුදෙසිතා ආපානස්ස සංයුත්තෙ මුනිනා ධම්මසාමිනාති.
ධර්මස්වාමි මුනීන්ද්රයන් වහන්සේ විසින් අනාපානසංයුත්තයෙහි ඒකධම්ම, ආනන්ද යි වර්ග දෙකෙක් ම මැනවින් දේශනා කරණ ලද යි.