බාහිරනිදානකථා අට්ඨකථා
බාහිරනිදානකථා
බාහිර නිදානවර්ණනා
තත්ථ තං වණ්ණයිස්සං විනයන්ති වුත්තත්තා විනයො තාව වවත්ථපෙතබ්බො. තෙනෙතං වුච්චති – “විනයො නාම ඉධ සකලං විනයපිටකං අධිප්පෙත”න්ති. සංවණ්ණනත්ථං පනස්ස අයං මාතිකා –
ඒ ගාථාවන්හි “තං වණ්ණයිස්සං විනය” යි කියු බැවින්, සංවරවිනයාදීන්ගේ වශයෙන් විනය බහුවිධ වූයේද, මෙහි විනය නම් සියලු විනය පිටකය අදහස් කරන ලද්දේ යයි මෙය කියනු ලැබේ. මේ විනය පිටකය පිළිබඳ සංවර්ණනාව පිණිස මාතෘකාය:
වුත්තං යෙන යදා යස්මා, ධාරිතං යෙන චාභතං; යත්ථප්පතිට්ඨිතචෙතමෙතං වත්වා විධිං තතො.
‘වුත්තං යෙන යදා යස්මා - ධාරිතං යෙන චාභතං, යත්ථප්පතිට්ඨිතඤ්චෙත - මෙතං වත්වා විධිං තතො.
තෙනාතිආදිපාඨස්ස, අත්ථං නානප්පකාරතො; දස්සයන්තො කරිස්සාමි, විනයස්සත්ථවණ්ණනන්ති.
තෙනාති ආදිපාඨස්ස - අත්ථං නානප්පකාරතො, දස්සයන්තො කරිස්සාමි - විනයස්සත්ථවණ්ණනං’
යමකු විසින් කියන ලද්දේද, යම් කලෙක්හි කියන ලද්දේද, යම් හෙයකින් කියන ලද්දේද, යමකු විසින් දරණ ලද්දේද, යමකු විසින් ගෙනෙන ලද්දේද, යමෙකු කෙරෙහි පිහිටියේද, යන මේ මේ විධිය දක්වා එයට අනතුරුව - තෙන, යනාදි පාඨයේ අර්ත්ථය නොයෙක් අයුරින් දක්වන්නෙම් විනය පිළිබඳ අර්ත්ථ වර්ණනාව කරන්නෙමි.
තත්ථ වුත්තං යෙන යදා යස්මාති ඉදං තාව වචනං “තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරතී”ති එවමාදිවචනං සන්ධාය වුත්තං. ඉදඤ්හි බුද්ධස්ස භගවතො අත්තපච්චක්ඛවචනං න හොති, තස්මා වත්තබ්බමෙතං “ඉදං වචනං කෙන වුත්තං, කදා වුත්තං, කස්මා ච වුත්ත”න්ති? ආයස්මතා උපාලිත්ථෙරෙන වුත්තං, තඤ්ච පන පඨමමහාසඞ්ගීතිකාලෙ.
ඒ ගාථාවන්හි ‘වුත්තං යෙන යදා යස්මා’ යන මේ වචනය වනාහි ‘තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරති’ යන මේ ආදි වචනය සඳහා කියන ලද්දේය. මේ වනාහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ආත්ම ප්රත්යක්ෂ වචනයක් නොවේ. එහෙයින් මේ වචනය කියයුතුය. මේ වචනය, කවරෙකු විසින් කියන ලද්දේද; කවර කලක කියන ලද්දේද, කුමක් හෙයින් කියන ලද්දේදැ’යි කියයුතු වේ. එදා වනාහි ප්‍රථම සඞ්ගීති කාලයෙහි ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් කියන ලද්දේය.