පඨමමහාසඞ්ගීතිකථා අට්ඨකථා
පඨමමහාසඞ්ගීතිකථා
පළමු මහා සඞ්ගීති කථා
පඨමමහාසඞ්ගීති නාම චෙසා කිඤ්චාපි පඤ්චසතිකසඞ්ගීතික්ඛන්ධකෙ වුත්තා, නිදානකොසල්ලත්ථං පන ඉධාපි ඉමිනා නයෙන වෙදිතබ්බා. ධම්මචක්කප්පවත්තනඤ්හි ආදිං කත්වා යාව සුභද්දපරිබ්බාජකවිනයනා කතබුද්ධකිච්චෙ කුසිනාරායං උපවත්තනෙ මල්ලානං සාලවනෙ යමකසාලානමන්තරෙ විසාඛපුණ්ණමදිවසෙ පච්චූසසමයෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බුතෙ භගවති ලොකනාථෙ, භගවතො පරිනිබ්බානෙ සන්නිපතිතානං සත්තන්නං භික්ඛුසතසහස්සානං සඞ්ඝත්ථෙරො ආයස්මා මහාකස්සපො සත්තාහපරිනිබ්බුතෙ භගවති, සුභද්දෙන වුඩ්ඪපබ්බජිතෙන “අලං, ආවුසො, මා සොචිත්ථ, මා පරිදෙවිත්ථ, සුමුත්තා මයං තෙන මහාසමණෙන; උපද්දුතා ච හොම – ‘ඉදං වො කප්පති, ඉදං වො න කප්පතී’ති! ඉදානි පන මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම, යං න ඉච්ඡිස්සාම න තං කරිස්සාමා”ති (චූළව· 437; දී· නි· 2.232) වුත්තවචනමනුස්සරන්තො “ඨානං ඛො පනෙතං විජ්ජති යං පාපභික්ඛූ අතීතසත්ථුකං පාවචනන්ති මඤ්ඤමානා පක්ඛං ලභිත්වා නචිරස්සෙව සද්ධම්මං අන්තරධාපෙය්යුං, යාව ච ධම්මවිනයො තිට්ඨති තාව අනතීතසත්ථුකමෙව පාවචනං හොති. වුත්තඤ්හෙතං භගවතා –
මේ ප්‍රථම සඞ්ගීතිය, පඤ්චසතික සඞ්ගීතික්ඛන්ධකයෙහි කියනලද නමුත් මෙහිද නිදානයෙහි පටුත්වය පිණිස මේ කියන පරිදි දතයුතුය. ධර්මචක්රප්රවර්තනය ආදිකොට සුභද්‍ර පරිබ්‍රාජකයාගේ හික්මවීම තෙක් කළ බුදුකිස ඇති ලෝකස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, කුසිනාරා නුවර සමීපයෙහි වූ මල්ල රජුන්ගේ උපවර්තන නම් ශාලවනොද්යානයෙහි යමකශාලයන් අතර පැණවූ පරිනිර්වාණ මඤ්චකයෙහි හොත්සේක්, වෙසක් පුන්පොහෝදා අලුයම අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීම හේතුකොට, එතන්හි රැස්වූ සත් ලක්ෂයක් භික්ෂූන් වහන්සේ අතුරෙහි සඞ්ඝ ස්ථවිර වූ ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ - භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් සත් දවසක් ඉක්ම ගිය කල්හි, සුභද්‍ර නම් මහලු පැවිද්ද විසින් ‘ඇවැත්නි, කම් නැත, ශෝක නොකරවු, විලාප නොකියවු තොපට මේ කැපය, තොපට මේ නොකැපයයි අපි ඒ මහාසමණහුගෙන් උවදුරු ලද්දෝ වම්හ, අපි දැන් ඒ මහා සමණහුගෙන් මිදුනෝ වම්හ, අපි දැන් යමක් කැමති වන්නමෝ නම්, එය කරන්නෙමු, යමක් නොකැමති වන්නමෝ නම්, එය නොකරන්නෙමු’යි කියූ වචනය මෙනෙහි කරනුවෝ- ‘පාපී භික්ෂූහු, යම් කරුණක් හේතුකොට, ඉක්මගිය ශාස්තෲන් ඇති ධර්මවිනයකැයි හඟින්නෝ අලජ්ජීපක්ෂ ලැබ, නොබෝකලකින්ම සද්ධර්මය අතුරුදහන් කරන්නාහ’ යන මේ කාරණය වියහැකිය. යම්තාක් කල් මුළුල්ලෙහි ධර්මවිනය ලජ්ජී පුද්ගලයන් කෙරෙහි පවත්නේ නම්, ඒ තාක් ධර්මවිනය නොඉක්මගිය ශාස්තෲන් ඇත්තේමය,
‘යො වො, ආනන්ද, මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො , සො වො මමච්චයෙන සත්ථා’ති (දී· නි· 2.216).
ආනන්ද! තොපට මා විසින් යම් ධර්මයක් යම් විනයක් දේශනා කරන ලද්දේද, පණවන ලද්දේ ද, ඒ ධර්මවිනය, මාගේ ඇවෑමෙන් තොපගේ ශාස්තෲයි යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේමය.
“යංනූනාහං ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යං, යථයිදං සාසනං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං.
යම් ලෙසකින් මේ ශාසනය බොහෝ කල් පැවැත්මට සුදුසුවූයේ, කල් පවතින්නක් වේද, එලෙසින් මම ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙම් නම්, ඉතා මැනව,
යං චාහං භගවතා –
යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින්,
‘ධාරෙස්සසි පන මෙ ත්වං, කස්සප, සාණානි පංසුකූලානි නිබ්බසනානී’ති වත්වා චීවරෙ සාධාරණපරිභොගෙන චෙව,
මම කාශ්‍යප! ඔබ පරිභොගයෙන් දිරාගිය හණ වැහැරියෙන් කළ පාංසුකූල චීවරය දරන්නහු’යි වදාරා, චීවරයෙහි සාධාරණ පරිභොගයෙන්ද,
‘අහං, භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛාමි විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරාමි; කස්සපොපි, භික්ඛවෙ, යාවදෙ ආකඞ්ඛති විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරතී’ති –
මහණෙනි! මම යම්තාක් කැමති වෙම්ද, ඒ තාක් කාමයන්ගෙන් වෙන්ව - ප්‍රථමද්ධ්‍යානයට එළඹ වෙසෙම්ද, මහණෙනි! කාශ්‍යපද යම්තාක් කැමතිවේද, ඒ තාක් කාමයන්ගෙන් වෙන්ව - ප්‍රථමද්ධ්‍යානයට එළඹ වෙසේයයි
එවමාදිනා නයෙන නවානුපුබ්බවිහාරඡළභිඤ්ඤාප්පභෙදෙ උත්තරිමනුස්සධම්මෙ අත්තනා සමසමට්ඨපනෙන ච අනුග්ගහිතො, තස්ස කිමඤ්ඤං ආණණ්යං භවිස්සති; නනු මං භගවා රාජා විය සකකවචඉස්සරියානුප්පදානෙන අත්තනො කුලවංසප්පතිට්ඨාපකං පුත්තං ‘සද්ධම්මවංසප්පතිට්ඨාපකො මෙ අයං භවිස්සතී’ති මන්ත්වා ඉමිනා අසාධාරණෙන අනුග්ගහෙන අනුග්ගහෙසී”ති චින්තයන්තො ධම්මවිනයසඞ්ගායනත්ථං භික්ඛූනං උස්සාහං ජනෙසි. යථාහ –
මේ ආදි ක්‍රමයෙන් නවානුපූර්ව විහාර ෂඩභිඥාදි ප්‍රභෙද ඇති උත්තම මනුෂ්‍ය ධර්මයෙහි තමන්වහන්සේ හා සමතන්හි තැබීමෙන් මම අනුග්‍රහ කරන ලද්දෙම් වෙම්ද, එසේ අනුග්‍රහ කරන ලද මට ධර්මවිනය සඞ්ගායනාව හැර, අන් කිනම් මගකින් නය නැති බවක් වන්නේද, තමන්ගේ කවජඉසුරු දීමෙන් ස්වකීය කුලවංශය පිහිටුවන පුතුට රජක්හු මෙන්, භාග්‍යවතුන් වහන්සේ, මෙතෙමේ මාගේ සද්ධර්මවංශය පිහිටුවන්නේ යයි දැන, මේ අසාධාරණ අනුග්‍රහයෙන් මට අනුග්‍රහ කළසේක්වනැ’යි සිතන්නාහු, ධර්මවිනය සඞ්ගායනා කරනු පිණිස භික්ෂූන්ට උත්සාහ ඉපදවූහ.
“අථ ඛො ආයස්මා මහාකස්සපො භික්ඛූ ආමන්තෙසි – ‘එකමිදාහං, ආවුසො, සමයං පාවාය කුසිනාරං අද්ධානමග්ගප්පටිපන්නො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහී”ති (දී· නි· 2.231) සබ්බං සුභද්දකණ්ඩං විත්ථාරතො වෙදිතබ්බං.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මම එක්කලක පන්සියයක් පමණ මහාභික්ෂු සඞ්ඝයා සමග පාවා නුවරින් නික්ම කුසිනාරා නුවර දිග්මගට පිළිපන්නෙමි’යි භික්ෂූන් ඇමතූ සේක. මෙසේ පඤ්චසතිකක්ඛන්ධකයෙහි ඈ සියලු සුභද්රකාණ්ඩය විස්තර විසින් දතයුතුය.
තතො පරං ආහ –
ඉක්බිති උන්වහන්සේ
“හන්ද මයං, ආවුසො, ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාම. පුරෙ අධම්මො දිප්පති, ධම්මො පටිබාහිය්යති; අවිනයො දිප්පති, විනයො පටිබාහිය්යති. පුරෙ අධම්මවාදිනො බලවන්තො හොන්ති, ධම්මවාදිනො දුබ්බලා හොන්ති; අවිනයවාදිනො බලවන්තො හොන්ති, විනයවාදිනො දුබ්බලා හොන්තී”ති (චූළව· 437).
‘අවැත්නි! ඉදිරියෙහි අධර්මය බබලන්නේය, ධර්මය යටපත් කරනු ලබන්නේය, අවිනය බබලන්නේය, විනය යටපත් කරනු ලබන්නේය, ඉදිරියෙහි අධර්මවාදීහු බලවත් වන්නාහුය, ධර්මවාදීහු දුර්වල වන්නාහුය, අවිනයවාදිහු බලවත් වන්නාහුය, විනයවාදීහු දුර්වල වන්නාහුය, එබැවින් අපි ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙමු’යි භික්ෂූන්ට දන්වා සිටියහ.
භික්ඛූ ආහංසු – “තෙන හි, භන්තෙ, ථෙරො භික්ඛූ උච්චිනතූ”ති. ථෙරො සකලනවඞ්ගසත්ථුසාසනපරියත්තිධරෙ පුථුජ්ජන-සොතාපන්න-සකදාගාමි-අනාගාමි-සුක්ඛවිපස්සකඛීණාසවභික්ඛූ අනෙකසතෙ අනෙකසහස්සෙ ච වජ්ජෙත්වා තිපිටකසබ්බපරියත්තිප්පභෙදධරෙ පටිසම්භිදාප්පත්තෙ මහානුභාවෙ යෙභුය්යෙන භගවතා එතදග්ගං ආරොපිතෙ තෙවිජ්ජාදිභෙදෙ ඛීණාසවභික්ඛූයෙව එකූනපඤ්චසතෙ පරිග්ගහෙසි. යෙ සන්ධාය ඉදං වුත්තං – “අථ ඛො ආයස්මා මහාකස්සපො එකෙනූනාපඤ්චඅරහන්තසතානි උච්චිනී”ති (චූළව· 437).
එකල්හි භික්ෂූහු ‘ස්වාමීනි! එසේනම්, මහාස්ථවිරයන් වහන්සේම සඞ්ගායනාවට සුදුසු භික්ෂූන් තෝරාගන්නා සේක්වා’යි අයැද සිටියහ. භික්ෂූන්ගෙන් ලද ආරාධනා ඇති මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ, සකල නවාඞ්ගශාස්තෲ ශාසනපර්ය්යාපතිධර වූ නොයෙක් සියගණන් නොයෙක් දහස්ගණන් පෘථග්ජනස්රොතාපන්න සකෘදාගාමී අනාගාමී ශුෂ්කවිදර්ශක ක්ෂීණාස්රව භික්ෂුන් හැරපියා බොහෝසෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් එතදග්රයට නගන ලද ත්‍රිපිටක සකල පර්‍ය්‍යාපති ප්රභෙදධර වූ සිවුපිළිසැඹියා පත් මහානුභාව සම්පන්නවූ ත්රිවිද්යාදිභෙද ඇති ක්ෂීණාස්රව භික්ෂූන්ම එකකුඅඩු පන්සියයක් භික්ෂූන් තෝරාගත්හ. ‘අථඛො ආයස්මා මහාකස්සපො එකෙනූන පඤ්චඅරහන්තසතානි උච්චිනි’යි
කිස්ස පන ථෙරො එකෙනූනමකාසීති? ආයස්මතො ආනන්දත්ථෙරස්ස ඔකාසකරණත්ථං. තෙන හායස්මතා සහාපි විනාපි න සක්කා ධම්මසඞ්ගීති කාතුං, සො හායස්මා සෙක්ඛො සකරණීයො, තස්මා සහාපි න සක්කා; යස්මා පනස්ස කිඤ්චි දසබලදෙසිතං සුත්තගෙය්යාදිකං භගවතො අසම්මුඛා පටිග්ගහිතං නාම නත්ථි, තස්මා විනාපි න සක්කා. යදි එවං සෙක්ඛොපි සමානො ධම්මසඞ්ගීතියා බහුකාරත්තා ථෙරෙන උච්චිනිතබ්බො අස්ස. අථ කස්මා න උච්චිනිතොති ? පරූපවාදවිවජ්ජනතො. ථෙරො හි ආයස්මන්තෙ ආනන්දෙ අතිවිය විස්සත්ථො අහොසි, තථා හි නං සිරස්මිං පලිතෙසු ජාතෙසුපි “න වායං කුමාරකො මත්තමඤ්ඤාසී”ති (සං· නි· 2.154) කුමාරකවාදෙන ඔවදති. සක්යකුලප්පසුතො චායං ආයස්මා තථාගතස්ස භාතා චූළපිතුපුත්තො. තත්ර හි භික්ඛූ ඡන්දාගමනං විය මඤ්ඤමානා “බහූ අසෙක්ඛපටිසම්භිදාප්පත්තෙ භික්ඛූ ඨපෙත්වා ආනන්දං සෙක්ඛපටිසම්භිදාප්පත්තං ථෙරො උච්චිනී”ති උපවදෙය්‍යුං, තං පරූපවාදං පරිවජ්ජෙන්තො “ආනන්දං විනා සඞ්ගීති න සක්කා කාතුං, භික්ඛූනංයෙව අනුමතියා ගහෙස්සාමී”ති න උච්චිනි.
යම් කෙනකුන් සඳහා මෙය සඞ්ගීතික්ඛන්ධකයෙහි කියන ලද්දේද, එහෙයිනි. කුමක් හෙයින් මහාස්ථවිරයන් වහන්සේ සඞ්ගායනාවට පැමිණීමට ඉඩ තබනු පිණිසය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ හා එක්වද, ආනන්ද ස්ථවිරයන් වහන්සේ හැරපියාද ධර්ම සඞ්ගායනාව කරන්නට නොහැකිය. උන්වහන්සේ ශෛක්ෂ්යයහ. මතු මාර්ගත්රය පිළිබඳ කටයුතු අවසන් නොකළ බැවින් කෘත්‍ය සහිතයහ. එහෙයින් උන්වහන්සේ හා එක්ව නොකටහැකිය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ නොහමුවෙහි පිළිගත් සූත්රගෙය්යාදී කිසිදු ධර්මයක් නැත්තේය. එහෙයින් උන්වහන්සේ හැරපියාද නොකටහැකිය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ, ශෛක්ෂ්ය වූවාහුද, ධර්මසඞ්ගායනාවට බොහෝ උපකාර බැවින් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ විසින් ධර්මසඞ්ගායනාව පිණිස තෝරා ගතයුතුම වෙත්නම් එසේ තෝරා ගත යුතුව තිබියදී කුමක් හෙයින් තෝරා නොගන්නා ලද්දාහුද; යත්:- අන්හු නගන චෝදනා දුරුකරනු පිණිසය. මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කෙරෙහි දැඩි විස්වස් ඇතියහ. ඒ එසේමය. හිසෙහි කෙස් පැසී තිබියදීද, මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ‘මේ කුමරු පමණ නොදන්නේ’යි ආනන්ද ස්ථවිරයන් වහන්සේට කුමාරවාදයෙන් කතා කරති, මේ ආයුෂ්මත් තෙමේ ශාක්‍ය කුලයෙහි උපන්නේය, බුදුරජාණන් වහන්සේගේ සුලු පියහුගේ පුත්ය, සොහොයුරුය, එහිදී භික්ෂූහු, මා ඡන්දයෙන් අගතියට ගොස් කටයුතු කරන්නෙකු මෙනැ’යි හඟිමින් අශෛක්ෂ ප්රතිසම්හිදාප්රාපත බොහෝ භික්ෂූන් අත්හැර, බැහැරකොට, ශෛක්ෂප්රතිසම්භිදාප්රාප්ත ආනන්ද ස්ථවිරයන් තෝරා ගත්හයි චෝදනා නගතියි ඒ චෝදනා නැගීමට ඉඩ නොතබමින්, ‘ආනන්ද ස්ථවිරයන් හැර සඞ්ගායනාව කරනු. නොහැකිය’යි භික්ෂූන්ගේම අනුමතියෙන් ගනිමි’යි ආනන්ද ස්ථවිරයන් වහන්සේ තෝරා නොගත්හ.
අථ සයමෙව භික්ඛූ ආනන්දස්සත්ථාය ථෙරං යාචිංසු. යථාහ –
එකල්හි භික්ෂූහු, තුමූම ආනන්ද ස්ථවිරයන් වහන්සේ සඳහා
“භික්ඛූ ආයස්මන්තං මහාකස්සපං එතදවොචුං – ‘අයං, භන්තෙ, ආයස්මා ආනන්දො කිඤ්චාපි සෙක්ඛො අභබ්බො ඡන්දා දොසා මොහා භයා අගතිං ගන්තුං, බහු චානෙන භගවතො සන්තිකෙ ධම්මො ච විනයො ච පරියත්තො; තෙන හි, භන්තෙ, ථෙරො ආයස්මන්තම්පි ආනන්දං උච්චිනතූ’ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තම්පි ආනන්දං උච්චිනී”ති (චූළව· 437).
‘ස්වාමිනි! මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ශෛක්ෂ්ය වූවාහුද, ඡන්දයෙන් ද්වෙෂයෙන් භයෙන් මොහයෙන් අගතියට යන්නට නොසුදුස්සහ, ඒ ස්ථවිරයන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියෙහිදීම බොහෝ ධර්මයත් විනයත් හදාරන ලද්දේය, එහෙයින් ස්වාමීනි! මහාස්ථවිරයන් වහන්සේ ‘ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තෝරාගන්නා සේක්වා’යි මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද, තෝරාගත්හ.
එවං භික්ඛූනං අනුමතියා උච්චිනිතෙන තෙනායස්මතා සද්ධිං පඤ්ච ථෙරසතානි අහෙසුං.
මෙසේ, භික්ෂූන්ගේ අනුමැතියෙන් තෝරාගත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සඞ්ගායනාව පිණිස පන්සියයක් ස්ථවිරවරු වූහ.
අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි – “කත්ථ නු ඛො මයං ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාමා”ති. අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි – “රාජගහං ඛො මහාගොචරං පහූතසෙනාසනං, යංනූන මයං රාජගහෙ වස්සං වසන්තා ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාම, න අඤ්ඤෙ භික්ඛූ රාජගහෙ වස්සං උපගච්ඡෙය්යු”න්ති. කස්මා පන නෙසං එතදහොසි? ඉදං අම්හාකං ථාවරකම්මං, කොචි විසභාගපුග්ගලො සඞ්ඝමජ්ඣං පවිසිත්වා උක්කොටෙය්යාති. අථායස්මා මහාකස්සපො ඤත්තිදුතියෙන කම්මෙන සාවෙසි, තං සඞ්ගීතික්ඛන්ධකෙ වුත්තනයෙනෙව ඤාතබ්බං.
එයින් පසු ස්ථවිර භික්ෂූන්ට ‘අපි කොතැනක ධර්මයත් විනයයත් සඞ්ගායනා කරන්නමෝදැ’යි මෙබඳු අදහසෙක් වූයේය. නැවැත ස්ථවිර භික්ෂූන්ට ‘‘රජගහ නුවර, භික්ෂාව පිණිස හැසිරීමට ඉඩ පහසුකම් ඇති මහත් තැනක් වන්නේය, බොහෝ සෙනසුන්ද ඇත්තේය, එහෙයින් අපි රජගහා නුවර වස් වසන්නමෝ, ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙමු, අන්‍ය භික්ෂූහු රජගහා නුවර වස් නොඑළැඹන්නාහු නම් ඉතා මැනවැ’යි මේ අදහසද උපන්නේය. කුමක් හෙයින් උන්වහන්සේලාට මේ අදහස උපන්නේද;යත්: ‘අපගේ මේ චිරස්ථායී ක්‍රියාව සුභද්‍ර වැනි විසභාග පුද්ගලයෙක් සඟමැදට පැමිණ උගුළු වන්නේය’ යන මේ අදහසින් මේ උපන්නේය. අනතුරුව ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ඥප්තීද්විතීය කර්මයෙන් ඇස්වූහ. එය සඞ්ගිතීක්ඛන්ධකයෙහි කියනු ලැබූ ලෙසින් දතයුතුය.
අථ තථාගතස්ස පරිනිබ්බානතො සත්තසු සාධුකීළනදිවසෙසු සත්තසු ච ධාතුපූජාදිවසෙසු වීතිවත්තෙසු “අඩ්ඪමාසො අතික්කන්තො, ඉදානි ගිම්හානං දියඩ්ඪො මාසො සෙසො, උපකට්ඨා වස්සූපනායිකා”ති මන්ත්වා මහාකස්සපත්ථෙරො “රාජගහං, ආවුසො, ගච්ඡාමා”ති උපඩ්ඪං භික්ඛුසඞ්ඝං ගහෙත්වා එකං මග්ගං ගතො. අනුරුද්ධත්ථෙරොපි උපඩ්ඪං ගහෙත්වා එකං මග්ගං ගතො. ආනන්දත්ථෙරො පන භගවතො පත්තචීවරං ගහෙත්වා භික්ඛුසඞ්ඝපරිවුතො සාවත්ථිං ගන්ත්වා රාජගහං ගන්තුකාමො යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. ආනන්දත්ථෙරෙන ගතගතට්ඨානෙ මහාපරිදෙවො අහොසි – “භන්තෙ ආනන්ද, කුහිං සත්ථාරං ඨපෙත්වා ආගතොසී”ති . අනුපුබ්බෙන පන සාවත්ථිං අනුප්පත්තෙ ථෙරෙ භගවතො පරිනිබ්බානදිවසෙ විය මහාපරිදෙවො අහොසි.
එකල්හි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් සාධුක්රීඩා සත්දවසද, ධාතු පූජා සත්දවසද ඉක්ම යෑමෙන් අඩමසක් ගෙවී ගියේය. දැන් ඉතිරිව සිටියේ ග්රීෂ්මසෘතුව පිළිබඳ එක්මස් පසළොස් දවසකි. එහෙයින් වස් එළෙඹන දවස ආසන්න යයි දැන, මහා මහාස්ථවිරයන් වහන්සේ, ‘අවැත්නි! රජගහ නුවරට යමු’යි අඩක් භික්ෂු සඞ්ඝයා ගෙන, එක් මගකින් වැඩිය සේක. අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේද, අඩක් ගෙන එක් මගකින් වැඩියාහ. ආනන්ද මහාස්ථවිරයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ පාසිවුරු ගෙන, භික්ෂු සඞ්ඝයාගෙන් පිරිවරණ ලදුව සැවැත් නුවරට ගොස්, රජගහනුවරට යනු කැමැත්තාහු සැවැත්නුවර සැරිසැරූහ. ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ එහි ගියගිය තැන, ‘ස්වාමීනි! ආනන්ද මහාස්ථවිරයන් වහන්ස! ශාස්තෲන් වහන්සේ කොතැන තබා මෙහි ආවහුදැ’යි මහත් විලාපයක් නැගී ගියේය. ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ පිළිවෙළින් සැවැත් නුවරට පැමිණි කල්හි එහි නැගී ගිය මහත් විලාපය, බුදුරජාණන් වහන්සේ පිරිනිවි දවසෙහි නැගුනු මහත් විලාපය සේ වූයේය.
තත්ර සුදං ආයස්මා ආනන්දො අනිච්චතාදිපටිසංයුත්තාය ධම්මියා කථාය තං මහාජනං සඤ්ඤාපෙත්වා ජෙතවනං පවිසිත්වා දසබලෙන වසිතගන්ධකුටියා ද්වාරං විවරිත්වා මඤ්චපීඨං නීහරිත්වා පප්ඵොටෙත්වා ගන්ධකුටිං සම්මජ්ජිත්වා මිලාතමාලාකචවරං ඡඩ්ඩෙත්වා මඤ්චපීඨං අතිහරිත්වා පුන යථාඨානෙ ඨපෙත්වා භගවතො ඨිතකාලෙ කරණීයං වත්තං සබ්බමකාසි. අථ ථෙරො භගවතො පරිනිබ්බානතො පභුති ඨානනිසජ්ජබහුලත්තා උස්සන්නධාතුකං කායං සමස්සාසෙතුං දුතියදිවසෙ ඛීරවිරෙචනං පිවිත්වා විහාරෙයෙව නිසීදි. යං සන්ධාය සුභෙන මාණවෙන පහිතං මාණවකං එතදවොච –
එහිදී ආයුෂ්මත් ආනන්ද මහාස්ථවිරයන් වහන්සේ, අනිත්‍යතාදි ප්‍රතිසංයුක්ත ධර්මකථාවෙන් ඒ විලාප නගන මහජනයාට කරුණු දක්වා සනසා ජේතවනයට පිවිස බුදුරජුන් වැඩවිසූ ගඳකිළියෙහි දොර හැර, ඇඳ පුටු බැහැරට ගෙන ගසාදමා ගඳකිළිය හැමද, මැලවී ගිය මල්කසළ බැහැර දමා, ඇඳපුටු ඇතුළට ගෙන, නැවැත, තුබූ තැනම තබා, බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයෙහි කටයුතු වූ සියලු වත් කළහ. ඉක්බිති ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙහි පටන් සිටීම් හිඳීම් බහුලවීමෙන් උත්සන්නවූවා පිත් සෙම් ඇති සිරුර සන්සිඳවනු පිණිස දෙවන දවසෙහි ක්ෂීරවිරෙචනය වළඳා, විහාරයෙහි වැඩහුන්හ. එකල්හි සුභ නම් මාණවකයා විසින් තමන් වෙත එවූ තරුණයා හට
“අකාලො ඛො, මාණවක, අත්ථි මෙ අජ්ජ භෙසජ්ජමත්තා පීතා, අප්පෙව නාම ස්වෙපි උපසඞ්කමෙය්යාමා”ති (දී· නි· 1.447).
‘මාණවක! මා විසින් අද සුලු බෙහෙතක් වළඳන ලදය, එහෙයින් එහි යෑමට මේ කාලය නොවේ, හෙටවත් එන්නට ලැබුනොත් එන්නෙමු’යි මෙය ඒ සඳහා කියන ලදී.
දුතියදිවසෙ චෙතකත්ථෙරෙන පච්ඡාසමණෙන ගන්ත්වා සුභෙන මාණවෙන පුට්ඨො දීඝනිකායෙ සුභසුත්තංනාම දසමං සුත්තමභාසි.
දෙවන දවසෙහි උන්වහන්සේ චෙතක තෙරුන් පැසුළු මහණහුකොට එහි වැඩ සුභ මාණවකයා විසින් විවාරණ ලද්දාහු, දීඝනිකායෙහි දසවන සූත්‍රය වූ සුභ සූත්‍රය වදාළ සේක.
අථ ථෙරො ජෙතවනවිහාරෙ ඛණ්ඩඵුල්ලප්පටිසඞ්ඛරණං කාරාපෙත්වා උපකට්ඨාය වස්සූපනායිකාය රාජගහං ගතො. තථා මහාකස්සපත්ථෙරො අනුරුද්ධත්ථෙරො ච සබ්බං භික්ඛුසඞ්ඝං ගහෙත්වා රාජගහමෙව ගතො.
අනතුරුව ආනන්ද මහාස්ථවිරයන් වහන්සේ ජේතවන විහාරයෙහි කැඩුම් බිඳුම් පිළිසකර කරවා වස් එළඹෙන දවස ලංව සිටිකල්හි රජගහ නුවරට වැඩිය සේක. එසේ මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේද, අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේද, සියලු භික්ෂු සඞ්ඝයාද ගෙන රජගහ නුවරට වැඩම කළාහුය.
තෙන ඛො පන සමයෙන රාජගහෙ අට්ඨාරස මහාවිහාරා හොන්ති. තෙ සබ්බෙපි ඡඩ්ඩිතපතිතඋක්ලාපා අහෙසුං. භගවතො හි පරිනිබ්බානෙ සබ්බෙ භික්ඛූ අත්තනො අත්තනො පත්තචීවරං ගහෙත්වා විහාරෙ ච පරිවෙණෙ ච ඡඩ්ඩෙත්වා අගමංසු. තත්ථ ථෙරා භගවතො වචනපූජනත්ථං තිත්ථියවාදපරිමොචනත්ථඤ්ච “පඨමං මාසං ඛණ්ඩඵුල්ලප්පටිසඞ්ඛරණං කරොමා”ති චින්තෙසුං. තිත්ථියා හි එවං වදෙය්යුං – “සමණස්ස ගොතමස්ස සාවකා සත්ථරි ඨිතෙයෙව විහාරෙ පටිජග්ගිංසු, පරිනිබ්බුතෙ ඡඩ්ඩෙසු”න්ති. තෙසං වාදපරිමොචනත්ථඤ්ච චින්තෙසුන්ති වුත්තං හොති. වුත්තම්පි හෙතං –
එසමයෙහි වනාහි රජගහ නුවර අටළොස් මහා විහාර විය. ඒ හැම විහාරම හැරදමන ලද්දාහු, ඒ ඒ තැන ඇද වැටුනාහු, ගැවසීගත් කසළ ඇත්තාහුද වූහ. භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙහිදී සියලු භික්ෂූහු තමතමන්ගේ පාසිවුරු ගෙන විහාරද පිරිවෙන්ද හැරදමා ගියහ. ඒ විහාරයන්හි විසූ ස්ථවිරයන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේගේ වචනයට පුදනු පිණිසත් තීර්ථකයන්ගේ වාද මුදනු පිණිසත් වර්ෂාඍතුවෙහි ප්‍රථම මාසයෙහි කැඩුම් බිඳුම් පිළිසකර කරම්හයි සිතූහ. තීර්ථකයෝ වනාහි ‘ශ්‍රමණ ගෞතමගේ ශ්‍රාවකයෝ ශාස්තෲන් දිවමන්ව සිටියදීම වෙහෙර පිළිදැගුම් කළහ, පිරිනිවි කල්හි හැරදමා ගියහයි මෙසේ කියන්නාහ’යි ඒ තීර්ථකයන්ගේ ගැරහුම් බසින් මිදෙනු පිණිසද, උන්වහන්සේලා මෙසේ සිතූහයි කියන ලද්දේ වේ.
“අථ ඛො ථෙරානං භික්ඛූනං එතදහොසි – ‘භගවතා ඛො, ආවුසො, ඛණ්ඩඵුල්ලප්පටිසඞ්ඛරණං වණ්ණිතං. හන්ද මයං, ආවුසො, පඨමං මාසං ඛණ්ඩඵුල්ලප්පටිසඞ්ඛරණං කරොම, මජ්ඣිමං මාසං සන්නිපතිත්වා ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායිස්සාමා”ති (චූළව· 438).
නැවත ‘ඇවැත්නි! කැඩුම් බිඳුම් පිළිසකර කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් පසස්නා ලද්දේය, එබැවින් ඇවැත්නි! අපි ප්‍රථම මාසයෙහි කැඩුම් බිඳුම් පිළිසකර කරමු, මද්ධ්‍යම මාසයෙහි රැස්ව ධර්මයත් විනයත් සඞ්ගායනා කරන්නෙමු’යි ස්ථවිර භික්ෂූන් වහන්සේට මේ අදහස වූයේය.
තෙ දුතියදිවසෙ ගන්ත්වා රාජද්වාරෙ අට්ඨංසු. අජාතසත්තු රාජා ආගන්ත්වා වන්දිත්වා “කිං, භන්තෙ, ආගතත්ථා”ති අත්තනා කත්තබ්බකිච්චං පටිපුච්ඡි. ථෙරා අට්ඨාරස මහාවිහාරපටිසඞ්ඛරණත්ථාය හත්ථකම්මං පටිවෙදෙසුං. “සාධු, භන්තෙ”ති රාජා හත්ථකම්මකාරකෙ මනුස්සෙ අදාසි. ථෙරා පඨමං මාසං සබ්බවිහාරෙ පටිසඞ්ඛරාපෙත්වා රඤ්ඤො ආරොචෙසුං – “නිට්ඨිතං, මහාරාජ, විහාරපටිසඞ්ඛරණං. ඉදානි ධම්මවිනයසඞ්ගහං කරොමා”ති. “සාධු, භන්තෙ, විස්සත්ථා කරොථ. මය්හං ආණාචක්කං, තුම්හාකං ධම්මචක්කං හොතු. ආණාපෙථ, භන්තෙ, කිං කරොමී”ති? “සඞ්ගහං කරොන්තානං භික්ඛූනං සන්නිසජ්ජට්ඨානං, මහාරාජා”ති. “කත්ථ කරොමි, භන්තෙ”ති? “වෙභාරපබ්බතපස්සෙ සත්තපණ්ණිගුහාද්වාරෙ කාතුං යුත්තං, මහාරාජා”ති. “සාධු, භන්තෙ”ති ඛො රාජා අජාතසත්තු විස්සකම්මුනා නිම්මිතසදිසං සුවිභත්තභිත්තිත්ථම්භසොපානං නානාවිධමාලාකම්මලතආකම්මවිචිත්තං අභිභවන්තමිව රාජභවනවිභූතිං අවහසන්තමිව දෙවවිමානසිරිං සිරියා නිකෙතමිව එකනිපාතතිත්ථමිව ච දෙවමනුස්සනයනවිහඞ්ගානං ලොකරාමණෙය්යකමිව සම්පිණ්ඩිතං දට්ඨබ්බසාරමණ්ඩං මණ්ඩපං කාරාපෙත්වා විවිධකුසුමදාම-ඔලම්බක-විනිග්ගලන්තචාරුවිතානං රතනවිචිත්තමණිකොට්ටිමතලමිව ච නං නානාපුප්ඵූපහාරවිචිත්තසුපරිනිට්ඨිතභූමිකම්මං බ්රහ්මවිමානසදිසං අලඞ්කරිත්වා තස්මිං මහාමණ්ඩපෙ පඤ්චසතානං භික්ඛූනං අනග්ඝානි පඤ්ච කප්පියපච්චත්ථරණසතානි පඤ්ඤාපෙත්වා දක්ඛිණභාගං නිස්සාය උත්තරාභිමුඛං ථෙරාසනං මණ්ඩපමජ්ඣෙ පුරත්ථාභිමුඛං බුද්ධස්ස භගවතො ආසනාරහං ධම්මාසනං පඤ්ඤාපෙත්වා දන්තඛචිතං බීජනිඤ්චෙත්ථ ඨපෙත්වා භික්ඛුසඞ්ඝස්ස ආරොචාපෙසි – “නිට්ඨිතං, භන්තෙ, මම කිච්ච”න්ති.
ඒ ස්ථවිර භික්ෂූන් වහන්සේ දෙවන දවසෙහි ගොස් රජගෙදොර සමීපයෙහි සිටගත්හ. එකල්හි අජාසත් රජතෙමේ ඉදිරියට පැමිණ වැඳ ‘ස්වාමීනි! මෙහි වැඩියහු කිමැ’යි තමන් විසින් කළයුතු කිස පිළිවිසියේය. ස්ථවිරයන් වහන්සේ අටළොස් මහවෙහෙර පිළිසකර කිරීම පිණිස අත්කම් වුවමනාබව දන්වා සිටියහ. රජතෙමේ ‘මැනව, ස්වාමීනි!’යි අත්කම් කරන මිනිසුන් නියමකොට දුන්නේය. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ ප්‍රථම මාසයෙහි සියලු වෙහෙර පිළිසකර කරවා රජහට ‘මහරජ! වෙහෙර පිළිසකර කිරීම නිමාවට ගියේය, දැන් ධර්මවිනය සඞ්ගායනා කරම්හ’යි දැන්වූහ. ‘ස්වාමීනි! මැනවැ, නිසැක සිත් ඇතිව කරනු මැනැවැ, මෙහිලා මාගේ අණසක වේවා, ඔබවහන්සේගේ දම්සක වේවා, ස්වාමීනි! මා විසින් කටයුතු යමෙක් වේනම් ඒපිණිස මට අණකළ මැනවැ’යි රජු දන්වා සිටි කල්හි ‘මහරජ! ධර්ම සඞ්ගායනා කරන භික්ෂූන්ට රැස්ව හිඳිනට තැනක් පිළියෙල කළයුතුය’යි කීහ. ‘ස්වාමීනි! එය කොතැනක කරම්දැ’යි ඇසීය. ‘මහරජ! වෙහාර පර්වත - පාර්ශවයෙහි සප්තපර්ණ ගුහාද්වාරයෙහි කිරීම සුදුසුය’යි උන්වහන්සේ දන්වා සිටියහ. අජාසත් රජ තෙමේ, ‘ස්වාමීනි! මැනැවැ’යි විස්කම් දෙව්පුත්හු විසින් මවන ලද්දක් වැනිවූ, මොනවට බෙදූ බිතු ටැම් හිණි මං ඇති, නන්වැදෑරුම් මල්කමින් හා ලියකමින් විසිතුරු වූ, රජවිමන්සිරි මඩින්නක් වැනි වූ, දෙව්විමන් සිරියට අපහාස කරන්නක් වැනිවූ, ලක්‍ෂමියගේ වාසස්ථානය වැනිවූ දෙව්මිනිසුන්ගේ නෙත් නැමැති විහඟුන්ට බැසීමට එක් පැන් තොටක් වැනි වූ, ලොව ඇතිතාක් සිත්කලුබව පිඩුකළ තැන් වැනි වූ, දැක්කයුතු ඉතා විසිතුරු සැරසුම්වලින් යුත් මණ්ඩපයක් කරවා, ඒ මණ්ඩපය එල්බෙන නන්වැදෑරුම් මල්දම් වමාරන්නක් වැනිවූ සිත්කලු වියන් ඇත්තක්කොට, නන්රුවනින් විසිතුරු වූ මැණික් ඔබ්බා කළ තලය ඇත්තක්කොට, නානාවිධ පුෂ්පොපහාරයෙන් විසිතුරුවූ මැනැවින් නිමවූ භූමිකර්මාන්ත ඇත්තක් කොට බඹවිමනක් සේ සරසා, ඒ මහා මණ්ඩපයෙහි පන්සියයක් භික්ෂූන්ට අනගි කැප පසතුරුණු පන්සියයක් පණවා, දකුණුදිග ඇසුරුකොට උතුරුදිගට මූණලා ස්ථවිරාසනයද, මණ්ඩප මද්ධ්යයෙහි පෙරදිගට මූණලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩහිඳීමට සුදුසු වූ ධර්මාසනයද පනවා, මෙහි දළමුවා විජනිපත තබා ‘ස්වාමීනි! මාගේ කටයුතු නිමවන ලදැ’යි භික්ෂු සඞ්ඝයාට සැලකරවිය.
තස්මිං ඛො පන සමයෙ එකච්චෙ භික්ඛූ ආයස්මන්තං ආනන්දං සන්ධාය එවමාහංසු – “ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ එකො භික්ඛු විස්සගන්ධං වායන්තො විචරතී”ති. ථෙරො තං සුත්වා “ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ අඤ්ඤො විස්සගන්ධං වායන්තො විචරණකභික්ඛු නාම නත්ථි, අද්ධා එතෙ මං සන්ධාය වදන්තී”ති සංවෙගං ආපජ්ජි. එකච්චෙ භික්ඛූ ආයස්මන්තං ආනන්දං ආහංසු – “ස්වෙ, ආවුසො, සන්නිපාතො ත්වඤ්ච සෙක්ඛො සකරණීයො, තෙන තෙ න යුත්තං සන්නිපාතං ගන්තුං, අප්පමත්තො හොහී”ති.
[missing trans] ඉක්බිති භික්ෂූන් වහන්සේලා ‘ඇවැත්නි! හෙට රැස්වීම වන්නේය. ඔබද ශෛක්ෂ්යවහු, කටයුතු ඇත්තහුවහු, එහෙයින් ඔබට රැස්වීමට යෑම සුදුසු නොවේ, අප්රමත්තවහු’යි ආයුෂ්මත් ආනන්ද මහාස්ථවිරයන් වහන්සේට දන්වා සිටියහ.
අථ ඛො ආයස්මා ආනන්දො – “ස්වෙ සන්නිපාතො, න ඛො පන මෙතං පතිරූපං ය්වාහං සෙක්ඛො සමානො සන්නිපාතං ගච්ඡෙය්ය”න්ති බහුදෙව රත්තිං කායගතායසතියා වීතිනාමෙත්වා රත්තියා පච්චූසසමයං චඞ්කමා ඔරොහිත්වා විහාරං පවිසිත්වා “නිපජ්ජිස්සාමී”ති කායං ආවජ්ජෙසි. ද්වෙ පාදා භූමිතො මුත්තා, අප්පත්තඤ්ච සීසං බිම්බොහනං, එතස්මිං අන්තරෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි. අයඤ්හි ආයස්මා චඞ්කමෙන බහි වීතිනාමෙත්වා විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තො චින්තෙසි – “නනු මං භගවා එතදවොච – ‘කතපුඤ්ඤොසි ත්වං, ආනන්ද, පධානමනුයුඤ්ජ; ඛිප්පං හොහිසි අනාසවො’ති (දී· නි· 2.207). බුද්ධානඤ්ච කථාදොසො නාම නත්ථි. මම අච්චාරද්ධං වීරියං තෙන මෙ චිත්තං උද්ධච්චාය සංවත්තති. හන්දාහං වීරියසමථං යොජෙමී”ති චඞ්කමා ඔරොහිත්වා පාදධොවනට්ඨානෙ ඨත්වා පාදෙ ධොවිත්වා විහාරං පවිසිත්වා මඤ්චකෙ නිසීදිත්වා “ථොකං විස්සමිස්සාමී”ති කායං මඤ්චකෙ උපනාමෙසි. ද්වෙ පාදා භූමිතො මුත්තා, සීසඤ්ච බිම්බොහනං අසම්පත්තං. එතස්මිං අන්තරෙ අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං, චතුඉරියාපථවිරහිතං ථෙරස්ස අරහත්තං අහොසි. තෙන ඉමස්මිං සාසනෙ අනිපන්නො අනිසින්නො අට්ඨිතො අචඞ්කමන්තො “කො භික්ඛු අරහත්තං පත්තො”ති වුත්තෙ “ආනන්දත්ථෙරො”ති වත්තුං වට්ටති.
එකල්හි ආයුෂ්මත් ආනන්ද මහාස්ථවිරයන් වහන්සේ, ‘හෙට රැස්වීම වන්නේය, ශෛක්ෂ්ය වූ ඒ මම රැස්වීමට යන්නෙම් නම්, මාගේ ඒ යෑම සුදුසු නොවේ මැ’යි රෑ බොහෝ වේලාවක් කායගතා ස්මෘතියෙන් කල්ගෙවා, රෑ අලුයම සක්මනින් බැස වෙහෙරට පිවිස! හොවින්නෙමි’යි කය ආවර්ජනා කළහ. දෙපාදයෝ බිමින් මිදුනාහ. හිස කොට්ටයට නොපැමිණියේද වේ. මේ අතර සිත තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් කිසිවක් අල්ලා නොගෙන, ආස්‍රවයන්ගෙන් මිදීගියේය. මේ ආයුෂ්මත්තෙමේ සක්මනින් පිටත කල්ගෙවා විශෙෂාධිගමයක් උපදවන්නට අසමර්ත්ථ වූයේ, බුදුරජාණන් වහන්සේ මට ‘ආනන්ද තෝ කළපින් ඇත්තෙහිය, ප්‍රදහන වීර්‍ය්‍යයෙහි යෙදෙව, වහා ආස්‍රවරහිත වෙව’යි මෙසේ වදාළෝ නොවෙත්දැ’යි සිතුයේය. ‘බුදුරජාණන් වහන්සේගේ කථාවෙහි දොෂයෙක් නම් නැත්තේය, මා විසින් වීර්‍ය්‍යය පමණ ඉක්මවා දැඩිව පටන් ගන්නා ලද්දේය, එයින් මාගේ සිත උඩඟු බවට වැටුනේය, එබැවින් මම වීර්‍ය්‍යය සමබවෙහි යොදමි’යි සක්මනින් බැස පාදෝනා තැන සිට, පා දොවා වෙහෙරට පිවිස ඇඳෙහි හිඳ මදක් විඩා සන්සිඳුවන්නෙමි’යි කය ඇඳට එළවීය. දෙපාද බිමින් මිදුනි. හිස කොට්ටයෙහි නොතැබුනේය. මේ අතර සිත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් අල්ලා නොගෙන ආස්‍රවයන්ගෙන් මිදුනේය. මෙසේ ආනන්ද මහාස්ථවිරයන් වහන්සේගේ අර්හත්වය සතර ඉරියව්වෙන් වෙන්වීම සිදුවූයේය එහෙයින් මේ ශාසනයෙහි කවරනම් භික්ෂුනමක් නොහොත්තේ නොහුන්නේ නොසිටියේ සක්මන් නොකරනුයේ අර්හත්වයට පැමිණියේදැ’යි විචාළ කල්හි ආනන්ද මහාස්ථවරයන් වහන්සේ යයි කීම වටියි.
අථ ඛො ථෙරා භික්ඛූ දුතියදිවසෙ කතභත්තකිච්චා පත්තචීවරං පටිසාමෙත්වා ධම්මසභායං සන්නිපතිතා. ආනන්දත්ථෙරො පන අත්තනො අරහත්තප්පත්තිං ඤාපෙතුකාමො භික්ඛූහි සද්ධිං න ගතො. භික්ඛූ යථාවුඩ්ඪං අත්තනො අත්තනො පත්තාසනෙ නිසීදන්තා ආනන්දත්ථෙරස්ස ආසනං ඨපෙත්වා නිසින්නා. තත්ථ කෙහිචි “එතමාසනං කස්සා”ති වුත්තෙ “ආනන්දත්ථෙරස්සා”ති. “ආනන්දො පන කුහිං ගතො”ති? තස්මිං සමයෙ ථෙරො චින්තෙසි – “ඉදානි මය්හං ගමනකාලො”ති. තතො අත්තනො ආනුභාවං දස්සෙන්තො පථවියං නිමුජ්ජිත්වා අත්තනො ආසනෙයෙව අත්තානං දස්සෙසි. ආකාසෙනාගන්ත්වා නිසීදීතිපි එකෙ.
ඉක්බිති දෙවන දවසෙහි ස්ථවිර භික්ෂූන් වහන්සේ කළ බත්කිස ඇත්තාහු පාසිවුරු තැන්පත්කොට ධර්මසභාවෙහි රැස්වූහ. ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ තමන් රහත්බවට පැමිණීම දන්වනු කැමැත්තාහු භික්ෂූන් සමග ධර්මසභාවට නොවැඩියාහ. භික්ෂූහු වැඩිමහලු පිළිවෙළින් තම තමන්ට පැමිණ අසුන්හි හිඳින්නාහු ආනන්ද මහාස්ථවිරයන් වහන්සේට අසුන තබා වැඩහුන්හ. එහි කිසිවකුන් ‘මේ අසුන කවරක්හටදැ’යි විචාළ කල්හි ‘ආනන්ද මහාස්ථවිරයන් වහන්සේටය’යි කීහ. ආනන්ද මහාස්ථවිරයන් වහන්සේ කොහි ගියාහුදැයි විචාළාහුය. එකල්හි උන්වහන්සේ ‘දැන් මට යෑමට කාලය’යි සිතා තමන්ගේ ආනුභාවය දක්වන්නාහු, පොළොව ගැලී තමන්ගේ අසුන්හිම තමන් දැක්වූහ. සමහර මද්ධ්‍යම භාණිකයෝ අහසින් අවුත් හුන්හයි කියත්.
එවං නිසින්නෙ තස්මිං ආයස්මන්තෙ මහාකස්සපත්ථෙරො භික්ඛූ ආමන්තෙසි – “ආවුසො, කිං පඨමං සඞ්ගායාම, ධම්මං වා විනයං වා”ති? භික්ඛූ ආහංසු – “භන්තෙ මහාකස්සප, විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති; තස්මා පඨමං විනයං සඞ්ගායාමා”ති,. “කං ධුරං කත්වා”ති? “ආයස්මන්තං උපාලි”න්ති. “කිං ආනන්දො නප්පහොතී”ති? “නො නප්පහොති; අපි ච ඛො පන සම්මාසම්බුද්ධො ධරමානොයෙව විනයපරියත්තිං නිස්සාය ආයස්මන්තං උපාලිං එතදග්ගෙ ඨපෙසි – ‘එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං විනයධරානං යදිදං උපාලී’ති (අ· නි· 1.219, 228). තස්මා උපාලිත්ථෙරං පුච්ඡිත්වා විනයං සඞ්ගායාමා”ති. තතො ථෙරො විනයං පුච්ඡනත්ථාය අත්තනාව අත්තානං සම්මන්නි. උපාලිත්ථෙරොපි විස්සජ්ජනත්ථාය සම්මන්නි. තත්රායං පාළි –
උන්වහන්සේ මෙසේ අවුත් හුන්කල්හි මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි! කිම, පළමුකොට ධර්මය සඞ්ගායනා කරමුද, නැත, විනය සඞ්ගායනා කරමුදැ’යි භික්ෂූන්ගෙන් අසා වදාළ සේක. එහිදී ‘ස්වාමීනි! මහාකාශ්‍යප මහා ස්ථවිරයන් වහන්ස! විනය බුද්ධ ශාසනයාගේ ආයුෂය වේ, විනය සිටිකල්හි ශාසනය සිටියේ වේ, එහෙයින් පළමුකොට විනය සඞ්ගායනා කරමු’යි දන්වා සිටිකල්හි මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ‘කවරකු දෙටුකොට, විනය සඞ්ගායනාව කරමුදැ’යි ඇසූහ. ‘ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ දෙටුකොට කරමු’යි. ‘ඇයි; එයට ආනන්ද ස්ථවිර තෙමේ නො පොහොනේදැ’යි ඇසූහ. ‘නො පොහොනේ නොවේ, එහෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාණ සේක්ම, ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් ‘මේ උපාලි තෙමේ මාගේ විනයධර ශ්‍රාවකයන් අතුරෙහි අග්‍රය’යි විනය පර්ය්යාප්තියෙහි ලා එතදග්‍රස්ථානයෙහි තැබූ සේක. එහෙයින් උපාලි මහාස්ථවිරයන් විචාරා විනය සඞ්ගායනා කරමු’යි කීහ. අනතුරුව මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ, විනය විචාරණු පිණිස තුමූම තමන් සම්මත කළහ.
“අථ ඛො ආයස්මා මහාකස්සපො සඞ්ඝං ඤාපෙසි –
‘අථ ඛො ආයස්මා මහා කස්සපො සඞ්ඝං ඤාපෙසි:- සුණාතු මෙ ආවුසො සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං උපාලිං විනයං පුච්ඡෙය්යං’ යනු එහි මේ පාළිය වේ.
“සුණාතු මෙ, ආවුසො, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං උපාලිං විනයං පුච්ඡෙය්ය’න්ති.
“ආයස්මාපි උපාලි සඞ්ඝං ඤාපෙසි –
ඉක්බිති ආයුෂ්මත් උපාලි මහා ස්ථවිරයන් වහන්සේ සඞ්ඝයා හට මෙසේ දැන්වූහ:-
“සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ආයස්මතා මහාකස්සපෙන විනයං පුට්ඨො විස්සජ්ජෙය්ය”න්ති.
‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආයස්මතා මහාකස්සපෙන විනයං පුට්ඨො විස්සජ්ජෙය්‍යං’ යනු එහි මේ පාළිය වේ.
එවං අත්තනාව අත්තානං සම්මන්නිත්වා ආයස්මා උපාලි උට්ඨායාසනා එකංසං චීවරං කත්වා ථෙරෙ භික්ඛූ වන්දිත්වා ධම්මාසනෙ නිසීදි, දන්තඛචිතං බීජනිං ගහෙත්වා. තතො ආයස්මා මහාකස්සපො ථෙරාසනෙ නිසීදිත්වා ආයස්මන්තං උපාලිං විනයං පුච්ඡි – “පඨමං, ආවුසො උපාලි, පාරාජිකං කත්ථ පඤ්ඤත්ත”න්ති ? “වෙසාලියං, භන්තෙ”ති. “කං ආරබ්භා”ති? “සුදින්නං කලන්දපුත්තං ආරබ්භා”ති. “කිස්මිං වත්ථුස්මි”න්ති? “මෙථුනධම්මෙ”ති.
මෙසේ ආයුෂ්මත් උපාලි මහා ස්ථවිරයන් වහන්සේ තුමූම තමන් සම්මත හුනස්නෙන් නැගිට සිවුර එකස්කොට, ස්ථවිර භික්ෂූන් වැඳ දත්මුවා විජනිපත ගෙන, ධර්මාසනයෙහි වැඩහුන්හ. අනතුරුව ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ස්ථවිරාසනයෙහි වැඩහිඳ ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේගෙන් විනය විචාළ සේක: මහාකාශ්‍යප මහාස්ථවිර - උපාලි ආයුෂ්මත්නි! භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රථම පාරාජිකාව කොතැනදී පණවන ලද්ද? උපාලි මහාස්ථවිර - ස්වාමීනි! විශාලා මහානගරයේදීය. මහාකාශ්‍යප මහාස්ථවිර - කවරක්හු අරඹයා පනවන ලදද? උපාලි මහාස්ථවිර - කලන්දකපුත්ර සුදින්න අරබයා මහාකාශ්‍යප මහාස්ථවිර - කවර වස්තුවක් නිමිතිකොට පනවන ලදද? උපාලි මහාස්ථවිර - මෙවුන්දම් නිමිතිකොටය.
අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං උපාලිං පඨමස්ස පාරාජිකස්ස වත්ථුම්පි පුච්ඡි, නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි, පඤ්ඤත්තිම්පි පුච්ඡි, අනුපඤ්ඤත්තිම්පි පුච්ඡි, ආපත්තිම්පි පුච්ඡි, අනාපත්තිම්පි පුච්ඡි; යථා ච පඨමස්ස තථා දුතියස්ස තථා තතියස්ස තථා චතුත්ථස්ස පාරාජිකස්ස වත්ථුම්පි පුච්ඡි…පෙ… අනාපත්තිම්පි පුච්ඡි. පුට්ඨො පුට්ඨො උපාලිත්ථෙරො විස්සජ්ජෙසි. තතො ඉමානි චත්තාරි පාරාජිකානි “පාරාජිකකණ්ඩං නාම ඉද”න්ති සඞ්ගහං ආරොපෙත්වා ඨපෙසුං. තෙරස සඞ්ඝාදිසෙසානි “තෙරසක”න්ති ඨපෙසුං. ද්වෙ සික්ඛාපදානි “අනියතානී”ති ඨපෙසුං. තිංස සික්ඛාපදානි “නිස්සග්ගියපාචිත්තියානී”ති ඨපෙසුං. ද්වෙනවුති සික්ඛාපදානි “පාචිත්තියානී”ති ඨපෙසුං. චත්තාරි සික්ඛාපදානි “පාටිදෙසනීයානී”ති ඨපෙසුං. පඤ්චසත්තති සික්ඛාපදානි “සෙඛියානී”ති ඨපෙසුං. සත්ත ධම්මෙ “අධිකරණසමථා”ති ඨපෙසුං.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ අතින් ප්‍රථම පාරාජිකාව පිළිබඳ වස්තුවද විචාළාහුය. නිදානයද විචාළාහුය. පුද්ගලයාද විචාළාහුය. ප්රඥප්තියද විචාළාහුය. අනුප්රඥප්තියද විචාළාහුය. ආපත්තියද විචාළාහුය. අනාපත්තියද විචාළාහුය. යම් සේ ප්‍රථම පාරාජිකාව පිළිබඳ වස්තු - නිදාන - පුද්ගල - ප්රඥප්ති - අනුප්‍රඥප්ති - ආපත්ති - අනාපත්ති විචාළ සේක්ද, එසේ ද්විතීය - තෘතීය - චතුර්ත්ථ පාරාජිකා පිළිබඳ වස්තුවද විචාළ සේක. -පෙ- අනාපත්තියද විචාළ සේක. මෙසේ මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ විසින් විචාරණ ලද විනය ප්‍රශ්න උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසඳූහ. ඉක්බිති මේ සතර පාරාජිකාවන්, පාරාජිකකණ්ඩ නම් මේ යයි සඞ්ග්‍රහයට නගා තැබූහ. තෙළෙස් සඞ්ඝාදිසෙස තෙරසකයි තැබූහ. දෙකක් ශික්ෂාපද, අනියතයි තැබූහ. තිසක් ශික්ෂාපද, නිස්සග්ගියපාචිත්ති යයි තැබූහ. දෙයානූවක් ශික්ෂාපද, පාචිත්ති යයි තැබූහ. සතරක් ශික්ෂාපද, පාටිදෙසනී යයි තැබූහ. පන්සැත්තෑවක් ශික්ෂාපද, සෙඛියායි තැබූහ. සතක් ධර්ම, අධිකරණසමථ යයි තැබූහ.
එවං මහාවිභඞ්ගං සඞ්ගහං ආරොපෙත්වා භික්ඛුනීවිභඞ්ගෙ අට්ඨ සික්ඛාපදානි “පාරාජිකකණ්ඩං නාම ඉද”න්ති ඨපෙසුං. සත්තරස සික්ඛාපදානි “සත්තරසක”න්ති ඨපෙසුං. තිංස සික්ඛාපදානි “නිස්සග්ගියපාචිත්තියානී”ති ඨපෙසුං. ඡසට්ඨිසතසික්ඛාපදානි “පාචිත්තියානී”ති ඨපෙසුං. අට්ඨ සික්ඛාපදානි “පාටිදෙසනීයානී”ති ඨපෙසුං. පඤ්චසත්තති සික්ඛාපදානි “සෙඛියානී”ති ඨපෙසුං. සත්ත ධම්මෙ “අධිකරණසමථා”ති ඨපෙසුං. එවං භික්ඛුනීවිභඞ්ගං සඞ්ගහං ආරොපෙත්වා එතෙනෙව උපායෙන ඛන්ධකපරිවාරෙපි ආරොපෙසුං. එවමෙතං සඋභතොවිභඞ්ගඛන්ධකපරිවාරං විනයපිටකං සඞ්ගහමාරූළ්හං සබ්බං මහාකස්සපත්ථෙරො පුච්ඡි, උපාලිත්ථෙරො විස්සජ්ජෙසි. පුච්ඡාවිස්සජ්ජනපරියොසානෙ පඤ්ච අරහන්තසතානි සඞ්ගහං ආරොපිතනයෙනෙව ගණසජ්ඣායමකංසු. විනයසඞ්ගහාවසානෙ උපාලිත්ථෙරො දන්තඛචිතං බීජනිං නික්ඛිපිත්වා ධම්මාසනා ඔරොහිත්වා වුඩ්ඪෙ භික්ඛූ වන්දිත්වා අත්තනො පත්තාසනෙ නිසීදි.
මෙසේ මහාවිභඞ්ගය සඞ්ග්‍රහයට නගා භික්ෂුණී විභඞ්ගයෙහි අටක් ශික්ෂාපද, පාරාජිකකණ්ඩ නම් මේයයි තැබූහ. සතළොසක් ශික්ෂාපද, සත්තරසක යයි තැබූහ. තිසක් ශික්ෂාපද, නිස්සග්ගිය-පාචිත්ති යයි තැබූහ. එක්සිය සසැටක් ශික්ෂාපද, පාචිත්ති යයි තැබූහ. අටක් ශික්ෂාපද, පාටිදෙසනී යයි තැබූහ. පන්සැත්තෑවක් ශික්ෂාපද, සෙඛියා යයි තැබූහ. සතක් ධර්ම, අධිකරණසමථ යයි තැබූහ. මෙසේ භික්ෂුණී විභඞ්ගය සඞ්ග්‍රහයට නගා, මේ උපායෙන්ම බන්ද -පරිවාරයන්ද නගා තැබූහ. මෙසේ මේ උභතො විභඞ්ග ඛන්ධක පරිවාර සහිත වූ සඞ්ග්‍රහයට නැගු සියලු විනයපිටකය, මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ මෙසේ විචාළ සේක. උපාලි මහා ස්ථවිරයන් වහන්සේ විසඳූ සේක. මේ පිළිවිසීම් විසඳීම් අවසානයෙහි පන්සියයක් මහරහතුන් වහන්සේ, සඞ්ග්‍රහයට නැගූ පරිදිම ගණසජ්ඣායනා කළහ. විනය සඞ්ග්රහාවසානයෙහි උපාලි මහාස්ථවිරයන් වහන්සේ දත්මුවා විජනිපත තබා ධර්මාසනයෙන් බැස වැඩිමහලු තෙරුන් වැඳ තමන්ට පැමිණි අසුනෙහි වැඩහුන්හ.
විනයං සඞ්ගායිත්වා ධම්මං සඞ්ගායිතුකාමො ආයස්මා මහාකස්සපො භික්ඛූ පුච්ඡි – “ධම්මං සඞ්ගායන්තෙහි කං පුග්ගලං ධුරං කත්වා ධම්මො සඞ්ගායිතබ්බො”ති? භික්ඛූ “ආනන්දත්ථෙරං ධුරං කත්වා”ති ආහංසු.
විනය සඞ්ගායනාකොට, ධර්මය සඞ්ගායනා කරනු කැමති ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ, ‘ධර්මය සඞ්ගායනා කරන්නා වූ අප විසින් කවර පුද්ගලයකු දෙටුකොට ධර්මය සඞ්ගායනා කටයුතුදැ’යි භික්ෂූන් විචාළ සේක. භික්ෂූහු ‘ආනන්ද මහාස්ථවිරයන් වහන්සේ දෙටුකොට’යි කීහ.
අථ ඛො ආයස්මා මහාකස්සපො සඞ්ඝං ඤාපෙසි –
එකල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ,
“සුණාතු මෙ, ආවුසො, සඞ්ඝො. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ආනන්දං ධම්මං පුච්ඡෙය්ය”න්ති.
‘සුණාතු මේ ආවුසො සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආනන්දං ධම්මං පුච්ඡෙය්යං’යි සඞ්ඝයා හට දන්වාලූ සේක.
අථ ඛො ආයස්මා ආනන්දො සඞ්ඝං ඤාපෙසි –
නැවැත ආයුෂ්මත් ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ,
“සුණාතු මෙ, භන්තෙ, සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං, අහං ආයස්මතා මහාකස්සපෙන ධම්මං පුට්ඨො විස්සජ්ජෙය්ය”න්ති.
‘සුණාතු මෙ භන්තෙ සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං අහං ආයස්මතා මහාකස්සපෙන ධම්මං පුට්ඨො විස්සජ්ජෙය්‍යං’යි සඞ්ඝයා හට දන්වාලූ සේක.
අථ ඛො ආයස්මා ආනන්දො උට්ඨායාසනා එකංසං චීවරං කත්වා ථෙරෙ භික්ඛූ වන්දිත්වා ධම්මාසනෙ නිසීදි දන්තඛචිතං බීජනිං ගහෙත්වා. අථ මහාකස්සපත්ථෙරො ආනන්දත්ථෙරං ධම්මං පුච්ඡි – “බ්රහ්මජාලං, ආවුසො ආනන්ද, කත්ථ භාසිත”න්ති? “අන්තරා ච, භන්තෙ, රාජගහං අන්තරා ච නාළන්දං රාජාගාරකෙ අම්බලට්ඨිකාය”න්ති. “කං ආරබ්භා”ති? “සුප්පියඤ්ච පරිබ්බාජකං, බ්රහ්මදත්තඤ්ච මාණව”න්ති. “කිස්මිං වත්ථුස්මි”න්ති? “වණ්ණාවණ්ණෙ”ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං බ්රහ්මජාලස්ස නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි, වත්ථුම්පි පුච්ඡි. “සාමඤ්ඤඵලං පනාවුසො ආනන්ද, කත්ථ භාසිත”න්ති? ‘රාජගහෙ, භන්තෙ, ජීවකම්බවනෙ”ති. “කෙන සද්ධි”න්ති? “අජාතසත්තුනා වෙදෙහිපුත්තෙන සද්ධි”න්ති. අථ ඛො ආයස්මා මහාකස්සපො ආයස්මන්තං ආනන්දං සාමඤ්ඤඵලස්ස නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි. එතෙනෙව උපායෙන පඤ්ච නිකායෙ පුච්ඡි.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ හුනස්නෙන් නැගිට සිවුර එකස්කොට ස්ථවිර භික්ෂූන් වැඳ දත්මුවා විජනිපත ගෙන ධර්මාසනයෙහි වැඩ හුන්හ. මහාකාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ ස්ථවිරාසනයෙහි වැඩහිඳ ආයුෂ්මත් ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේන්ගෙන් ධර්මය විචාළ සේක. මහා කාශ්‍යප මහාස්ථවිර - ආනන්ද ආයුෂ්මත්නි , භාග්‍යවතුන් වහන්සේ විසින් බ්‍රහ්මජාල සූත්‍රය කොතැන්හිදී වදාරණ ලදද? ආනන්ද මහාස්ථවිර - ස්වාමීනි, රජගහ නුවරටත් නාලන්දාවටත් අතර අම්බලට්ඨිකා නම් රජඋයන්හි කළ රාජගෘහයෙහිදීය. මහාකාශ්‍යප මහාස්ථවිර - කවරක්හු අරබයා වදාරණ ලදද? ආනන්ද මහාස්ථවිර - සුප්පිය පරිව්‍රාජක හා බ්‍රහ්මදත්ත මාණවක අරබයාය. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද මහාස්ථවිරයන් වහන්සේගෙන් බ්‍රහ්මජාල සූත්‍රය පිළිබඳ නිදානයද විචාළාහුය. පුද්ගලයාද විචාළාහුය. මහාකාශ්‍යප මහාස්ථවිර - ආනන්ද ආයුෂ්මත්නි! සාමඤ්ඤඵල සූත්‍රය කොතැනකදී වදාරණ ලදද? ආනන්ද මහාස්ථවිර - ස්වාමීනි, රජගහනුවර ජීවකයාගේ අඹඋයන්හිදීය. මහාකාශ්‍යප මහාස්ථවිර - කවරක්හු සමගද? ආනන්ද මහාස්ථවිර - අජාතශත්‍රැ වෙදෙහියගේ පුතු සමගය. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේගෙන් සාමඤ්ඤඵල සූත්‍රය පිළිබඳ නිදානයද විචාළාහුය. පුද්ගලයාද විචාළාහුය. උන්වහන්සේ මේ උපායෙන් පස්නිකාය විචාළ සේක.
පඤ්චනිකායා නාම – දීඝනිකායො, මජ්ඣිමනිකායො, සංයුත්තනිකායො, අඞ්ගුත්තරනිකායො, ඛුද්දකනිකායොති. තත්ථ ඛුද්දකනිකායො නාම – චත්තාරො නිකායෙ ඨපෙත්වා, අවසෙසං බුද්ධවචනං. තත්ථ විනයො ආයස්මතා උපාලිත්ථෙරෙන විස්සජ්ජිතො, සෙසඛුද්දකනිකායො චත්තාරො ච නිකායා ආනන්දත්ථෙරෙන. තදෙතං සබ්බම්පි බුද්ධවචනං රසවසෙන එකවිධං, ධම්මවිනයවසෙන දුවිධං, පඨමමජ්ඣිමපච්ඡිමවසෙන තිවිධං; තථා පිටකවසෙන, නිකායවසෙන පඤ්චවිධං, අඞ්ගවසෙන නවවිධං, ධම්මක්ඛන්ධවසෙන චතුරාසීතිසහස්සවිධන්ති වෙදිතබ්බං.
දීඝනිකාය - මජ්ඣිමනිකාය - සංයුත්තනිකාය - අඞ්ගුත්තරනිකාය - ඛුද්දක නිකාය යන පස්නිකාය ග්රන්ථ වෙයි. එහි ඛුද්දකනිකාය නම්, දීඝනිකායාදීවූ නිකාය සතර හැර, අවශේෂ බුද්ධ වචනයි. ඛුද්දකනිකායෙහිලා ගැනෙන විනය ආයුෂ්මත් උපාලි මහා ස්ථවිරයන් වහන්සේ විසින් විසඳන ලද්දේය. සෙසු ඛුද්දකනිකාය හා දීඝනිකායාදී නිකාය සතර ආයුෂ්මත් ආනන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින් විසඳන ලද්දේය. ඒ මේ සියළුම බුද්ධ වචනය, රස වශයෙන් එක්වැදෑරුම්ය. ධර්මවිනය වශයෙන් දෙවැදෑරුම්ය. ප්‍රථම මද්ධ්‍යම පශ්චිම වශයෙන් තෙවැදෑරුම්ය. පිටක වශයෙන් එසේ තෙවැදෑරුම්ය. නිකාය වශයෙන් පස්වැදෑරුම්ය. අඞ්ග වශයෙන් නවවැදෑරුම්ය. ධර්මස්කන්ධ වශයෙන් සුවාසූදහස් ප්‍රකාර යයි දතයුතුය.
කථං රසවසෙන එකවිධං? යඤ්හි භගවතා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිත්වා යාව අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, එත්ථන්තරෙ පඤ්චචත්තාලීසවස්සානි දෙවමනුස්සනාගයක්ඛාදයො අනුසාසන්තෙන පච්චවෙක්ඛන්තෙන වා වුත්තං, සබ්බං තං එකරසං විමුත්තිරසමෙව හොති. එවං රසවසෙන එකවිධං.
රස වශයෙන් එක්වැදෑරුම් වූයේ කෙසේද. යම්කලෙක භාග්‍යවතුන් වහන්සේ නිරුත්තර වූ සම්‍යක් සම්බොධිය මැනවින් අවබෝධකොට, යම්කලක අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි සේක්ද, මේ අතර පන්සාළිස් අවුරුද්දක් මුළුල්ලෙහි දෙව්මිනිස් නා යක් ඈනට අනුශාසනා කරන්නා වූ හෝ උදානාදි වශයෙන් ප්රත්යවෙක්ෂා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළා වූ ඒ සියලු ධර්මය එකම රසය වූ විමුක්ති රසයම වේ. මෙසේ රස වශයෙන් එක්වැදෑරුම් වේ.
කථං ධම්මවිනයවසෙන දුවිධං? සබ්බමෙව චෙතං ධම්මො චෙව විනයො චාති සඞ්ඛ්‍යං ගච්ඡති. තත්ථ විනයපිටකං විනයො, අවසෙසං බුද්ධවචනං ධම්මො; තෙනෙවාහ – “යංනූන මයං, ආවුසො, ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාමා”ති. “අහං උපාලිං විනයං පුච්ඡෙය්යං, ආනන්දං ධම්මං පුච්ඡෙය්ය”න්ති ච එවං ධම්මවිනයවසෙන දුවිධං.
ධර්මවිනය වශයෙන් දෙවැදෑරුම් වූයේ කෙසේද: මේ සියල්ලම ධර්මය, විනයයි ගිණීමට යන්නේය. එහි විනයපිටකය විනය නම්වේ. අවශෙෂ බුද්ධ වචනය ධර්ම නම් වේ. එහෙයින්ම ‘යන්නූන මයං ආවුසො ධම්මඤ්ච විනයඤ්ච සඞ්ගායෙය්යාම’ යනුද, ‘අහං උපාලිං විනයං පුච්ඡෙය්යං, ආනන්දං ධම්මං පුච්ඡෙය්යං’ යනුද වදාළ සේක. මෙසේ ධර්මවිනය වශයෙන් දෙවැදෑරුම් වේ.
කථං පඨමමජ්ඣිමපච්ඡිමවසෙන තිවිධං? සබ්බමෙව හිදං පඨමබුද්ධවචනං, මජ්ඣිමබුද්ධවචනං, පච්ඡිමබුද්ධවචනන්ති තිප්පභෙදං හොති. තත්ථ –
ප්‍රථම මද්ධ්‍යම පශ්චිම වශයෙන් තෙවැදෑරුම් වූයේ කෙසේද? මේ සියලු ධර්මයම, ප්‍රථම බුද්ධ වචනය, මද්ධ්‍යම බුද්ධ වචනය, පශ්චිම බුද්ධ වචනයයි තෙවැදෑරුම් වේ. එහි,
“අනෙකජාතිසංසාරං, සන්ධාවිස්සං අනිබ්බිසං; ගහකාරං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.
‘අකෙජාතිසංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං, ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං,
“ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛතං; විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්ඣගා”ති. (ධ· ප· 153-154);
ගහකාරක, දිට්ඨොසි පුන ගෙහං න කාහසි, සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසඞ්ඛිතං, විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා’
ඉදං පඨමබුද්ධවචනං.
යන මෙය ප්‍රථම බුද්ධ වචනය වේ.
කෙචි “යදා හවෙ පාතුභවන්ති ධම්මා”ති ඛන්ධකෙ උදානගාථං ආහු. එසා පන පාටිපදදිවසෙ සබ්බඤ්ඤුභාවප්පත්තස්ස සොමනස්සමයඤාණෙන පච්චයාකාරං පච්චවෙක්ඛන්තස්ස උප්පන්නා උදානගාථාති වෙදිතබ්බා.
එහෙත් සමහර කෙනෙක් ‘යදා භවෙ පාතුභවන්ති ධම්මා’ යන ඛන්ධකයෙහි වූ උදානගාථා ප්‍රථම බුද්ධ වචනයයි කියත්. මේ වනාහි සර්වඥභාවයට පැමිණියා වූ සොම්නසින් යුත් නුවණින් ප්‍රත්‍යයාකාරය ප්රත්යවෙක්ෂා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ හට පෑළවියදා උපන් උදාන ගාථායි දතයුතුය.
යං පන පරිනිබ්බානකාලෙ අභාසි – “හන්ද දානි, භික්ඛවෙ, ආමන්තයාමි වො, වයධම්මා සඞ්ඛාරා, අප්පමාදෙන සම්පාදෙථා”ති (දී· නි· 2.218) ඉදං පච්ඡිමබුද්ධවචනං.
පරිනිර්වාණ කාලයෙහි ‘හන්දදානි භික්ඛවෙ! ආමන්තයාමි වො, වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථ’යි යමක් වදාළ සේක්ද, මෙය පශ්චිම බුද්ධ වචනය වේ.
උභින්නමන්තරෙ යං වුත්තං එතං මජ්ඣිමබුද්ධවචනන්ති. එවං පඨමමජ්ඣිමපච්ඡිමවසෙන තිවිධං.
ප්‍රථම - පශ්චිම බුද්ධ වචන දෙක අතුරෙහි යම් ධර්මයක් වදාරණ ලදද, මෙය මද්ධ්‍යම බුද්ධ වචනය වේ. මෙසේ ප්‍රථම - මධ්‍යම-පශ්චිම වශයෙන් තෙවැදෑරුම් වේ.
කථං පිටකවසෙන තිවිධං? සබ්බම්පි හෙතං විනයපිටකං සුත්තන්තපිටකං අභිධම්මපිටකන්ති තිප්පභෙදමෙව හොති. තත්ථ පඨමසඞ්ගීතියං සඞ්ගීතඤ්ච අසඞ්ගීතඤ්ච සබ්බම්පි සමොධානෙත්වා උභයානි පාතිමොක්ඛානි, ද්වෙ විභඞ්ගානි, ද්වාවීසති ඛන්ධකානි, සොළසපරිවාරාති ඉදං විනයපිටකං නාම.
පිටක වශයෙන් තෙවැදෑරුම් වූයේ කෙසේද? මේ සියලුම බුද්ධ වචනය, විනයපිටක-සුත්තන්තපිටක-අභිධම්මපිටකයි තෙවැදෑරුම් භෙද ඇත්තේම වේ. එහි ප්‍රථම සඞ්ගීතියෙහි සඞ්ගායනා කරන ලද්දාවූද සඞ්ගායනා නොකළාවූද සියල්ලම එක්කොට, භික්ෂු භික්ෂුණී උභය ප්රාතිමොක්ෂය, භික්ෂු භික්ෂුණී උභය විභඞ්ගය, මහාවග්ග, චුල්ලවග්ග දෙක්හි ආවාවූ ද්වාවිංශතිස්කන්ධකය, ෂොඩශපරිවාරය යන මේ ධර්මසමූහය විනයපිටක නම්වේ.
බ්‍රහ්මජාලාදි චතුත්තිංසසුත්තසඞ්ගහො දීඝනිකායො, මූලපරියායසුත්තාදි දියඩ්ඪසතද්වෙසුත්තසඞ්ගහො මජ්ඣිමනිකායො, ඔඝතරණසුත්තාදි සත්තසුත්තසහස්ස සත්තසත ද්වාසට්ඨිසුත්තසඞ්ගහො සංයුත්තනිකායො, චිත්තපරියාදානසුත්තාදි නවසුත්තසහස්ස පඤ්චසත සත්තපඤ්ඤාසසුත්තසඞ්ගහො අඞ්ගුත්තරනිකායො, ඛුද්දකපාඨ-ධම්මපද-උදාන-ඉතිවුත්තක-සුත්තනිපාත-විමානවත්ථු-පෙතවත්ථු-ථෙරගාථා-ථෙරීගාථා-ජාතකනිද්දෙස-පටිසම්භිදා-අපදාන-බුද්ධවංස-චරියාපිටකවසෙන පන්නරසප්පභෙදො ඛුද්දකනිකායොති ඉදං සුත්තන්තපිටකං නාම.
බ්‍රහ්මජාල සූත්‍රය ආදිකොට සිටි සූතිස් සූත්‍රයන්ගේ සඞ්ග්‍රහය දීඝනිකාය වේ. මූලපරියාය සූත්‍රය ආදිකොට එක්සිය දෙපණසක් සූත්‍රයන්ගේ සඞ්ග්‍රහය මජ්ඣිම නිකාය වේ. ඔඝතරණ සූත්‍රය ආදිකොට සත්දහස් සත්සිය දෙසැටක් සූත්‍රයන්ගේ සඞ්ග්‍රහය සංයුත්ත නිකාය. චිත්තපරියාදාන සුත්‍රය ආදිකොට නවදහස් පන්සිය සත්පණසක් සූත්‍රයන්ගේ සඞ්ග්‍රහය අඞ්ගුත්තර නිකාය වේ. ඛුද්දකපාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතක, නිද්දෙස, පටිසම්භිදා, අපදාන, බුද්ධවංස, චරියාපිටක යන මේ ග්රන්ථයන් වසයෙන් පසළොස් භෙද ඇතියේ ඛුද්දක නිකායයි. මේ වනාහි සුත්තන්තපිටක නම්වේ.
ධම්මසඞ්ගහො, විභඞ්ගො, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්ථු, යමකං, පට්ඨානන්ති ඉදං අභිධම්මපිටකං නාම. තත්ථ –
ධම්මසඞ්ගණී, විභඞ්ග, ධාතුකථා, පුග්ගලපඤ්ඤත්ති, කථාවත්ථු, යමක, පට්ඨාන යන මෙය අභිධම්මපිටක නම් වේ. එහි:
විවිධවිසෙසනයත්තා , විනයනතො චෙව කායවාචානං; විනයත්ථවිදූහි අයං, විනයො විනයොති අක්ඛාතො.
‘විවිධවිසෙසනයත්තා - විනයන්තො චෙව කායවාචානං, විනයත්ථවිදූහි අයං - විනයො විනයොති අක්ඛාතො’
විනයාර්ත්ථ දන්නවුන් විසින්, මේ විනය නන්වැදෑරුම් වූ විශේෂ නය ඇති බැවින්, කය, වචන හික්මවන බැවින් විනයයි කියන ලද්දේය.
විවිධා හි එත්ථ පඤ්චවිධ පාතිමොක්ඛුද්දෙස පාරාජිකාදි සත්තආපත්තික්ඛන්ධමාතිකා විභඞ්ගාදිප්පභෙදා නයා, විසෙසභූතා ච දළ්හීකම්මසිථිලකරණප්පයොජනා අනුපඤ්ඤත්තිනයා , කායිකවාචසිකඅජ්ඣාචාරනිසෙධනතො චෙස කායං වාචඤ්ච විනෙති, තස්මා විවිධනයත්තා විසෙසනයත්තා කායවාචානඤ්ච විනයනතො “විනයො”ති අක්ඛාතො. තෙනෙතමෙතස්ස වචනත්ථකොසල්ලත්ථං වුත්තං –
මෙහි විවිධ වූ පඤ්චවිධ ප්රාතිමොක්ෂාද්දෙශ, පාරාජිකාදිසප්තා - පත්තිස්කන්ධ, මාතෘකා විභඞ්ගාදි ප්‍රභෙද නයින්ද, විශේෂ වූ ලොකවද්‍ය ශික්ෂාවන්හි දළහීකර්ම ප්‍රයෝජනය හා ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාවන්හි ශිථිලීකරණ ප්‍රයෝජනය ඇති අනුප්‍රඥප්ති නයින්ද, කායික, වාචසිකාද්ධ්යාචාරයන් වළකාලීමෙන්ද, මේ විනය කය වචන හික්මවාද, එහෙයින් විවිධ නය ඇති බැවින්, විශෙෂ නය ඇති බැවින්, කය වචන හික්මවන බැවින් විනයයි කියන ලද්දේය. ඒ හේතුවෙන් මේ ගාථා වචනය මේ විනය පිළිබඳ වචනාර්ත්ථ ඥානය පිණිස කියන ලදී.
“විවිධවිසෙසනයත්තා, විනයනතො චෙව කායවාචානං; විනයත්ථවිදූහි අයං, විනයො විනයොති අක්ඛාතො”ති.
ඉතරං පන –
අන්‍ය සූත්‍රය වනාහි:
අත්ථානං සූචනතො, සුවුත්තතො සවනතොථ සූදනතො; සුත්තාණා සුත්තසභාගතො ච, සුත්තන්ති අක්ඛාතං.
‘අත්ථානං සූචනතො - සුවුත්තතො සවනතො ච සුදන්තො, සුත්තාණසුත්තසභාගතො ච - සුත්තං සුත්තන්ති අක්ඛාතං’
තඤ්හි අත්තත්ථපරත්ථාදිභෙදෙ අත්ථෙ සූචෙති, සුවුත්තා චෙත්ථ අත්ථා වෙනෙය්යජ්ඣාසයානුලොමෙන වුත්තත්තා. සවති චෙතං අත්ථෙ සස්සමිව ඵලං පසවතීති වුත්තං හොති. සූදති චෙතං ධෙනුවිය ඛීරං, පග්ඝරතීති වුත්තං හොති. සුට්ඨු ච නෙ තායති රක්ඛතීති වුත්තං හොති. සුත්තසභාගඤ්චෙතං, යථා හි තච්ඡකානං සුත්තං පමාණං හොති; එවමෙතම්පි විඤ්ඤූනං. යථා ච සුත්තෙන සඞ්ගහිතානි පුප්ඵානි න විකිරියන්ති න විද්ධංසියන්ති; එවමෙතෙන සඞ්ගහිතා අත්ථා. තෙනෙතමෙතස්ස වචනත්ථකොසල්ලත්ථං වුත්තං –
අර්ත්ථ ප්‍රකාශ කරන බැවින්, මැනවින් කියූබැවින්, අර්ත්ථ ප්රසවය කරන බැවින්, අරුත් වගුරණ බැවින්, මැනවින් රක්නා බැවින්, හූ සමාන බැවින් සූත්‍රයයි කියන ලද්දේය. ඒ සූත්‍රය වනාහි ආත්මාර්ත්ථපරාර්ත්ථාදිභෙද ඇති අර්ත්ථ ප්‍රකාශ කරන්නේය. මෙහි අර්ත්ථ විනෙයජනයාගේ අදහසට අනුකුල භාවයෙන් වදාළ බැවින් මොනවට වදාරණ ලද්දේ වේ. මේ සූත්‍රය සස්‍යය ඵලප්රසවය කරන්නා සේ යථොක්තාර්ත්ථයන් ප්රසවය කෙරේ යයි කියන ලද්දේ වේ. දෙනක් යම්සේ කිරි වගුරාද, එසේ මේ සූත්‍රය අරුත් වගුරන්නේ යයි කියන ලද්දේ වේ. ඒ අරුත් මොනවට පාලනය කරයි, රකියි, කියන ලද්දේ වේ. මේ සූත්‍රය හුය හා සමානද වේ. වඩුවන්ගේ දැලිනූල, ඒ අනුසාරයෙන් දඬුකඩ සැසීමට පැළීමට යම්සේ පමණවේද, එසේ මේ සුත්රයද නුවණැතියනට අර්ත්ථ ඥානය පිණිස පමණවන්නේය. යම් සේ හුයෙන් ඇවුණු මල්, නොවිසිරෙනු ලැබේද, නොනැසෙනු ලැබේද, එසේ මේ සූත්‍රයෙන් සඞ්ග්‍රහ කරනලද අර්ත්ථ නොවිසිරී නොනැසී පවතී. මේ ගාථා වචනය සූත්‍රය පිළිබඳ වචනාර්ත්ථ ඥානය පිණිස කියන ලද්දේය.
“අත්ථානං සූචනතො, සුවුත්තතො සවනතොථ සූදනතො; සුත්තාණා සුත්තසභාගතො ච, සුත්තන්ති අක්ඛාත”න්ති.
ඉතරො පන –
අන්‍ය අභිධර්මය වනාහි:
යං එත්ථ වුඩ්ඪිමන්තො, සලක්ඛණා පූජිතා පරිච්ඡින්නා; වුත්තාධිකා ච ධම්මා, අභිධම්මො තෙන අක්ඛාතො.
‘යං එත්ථ වුද්ධිමන්තො - සලක්ඛණ පූජිතා පරිච්ඡින්නා, වුත්තාධිකා ච ධම්මා - අභිධම්මො තෙන අක්ඛාතො’
යම්හෙයකින් මෙහි වෘද්ධිමත් ධර්මයෝ, ස්වලක්ෂණ ධර්මයෝ, පූජිත ධර්මයෝ, පරිච්ඡින්න ධර්මයෝ, උක්තාධික ධර්මයෝ වෙත්ද, එහෙයින් අභිධර්ම යයි කියන ලද්දේය.
අයඤ්හි අභිසද්දො වුඩ්ඪිලක්ඛණපූජිතපරිච්ඡින්නාධිකෙසු දිස්සති. තථාහෙස – “බාළ්හා මෙ ආවුසො දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්තී”තිආදීසු (ම· නි· 3.389; සං· නි· 5.195) වුඩ්ඪියං ආගතො. “යා තා රත්තියො අභිඤ්ඤාතා අභිලක්ඛිතා”තිආදීසු (ම· නි· 1.49) ලක්ඛණෙ. “රාජාභිරාජා මනුජින්දො”තිආදීසු (ම· නි· 2.399; සු· නි· 558) පූජිතෙ. “පටිබලො විනෙතුං අභිධම්මෙ අභිවිනයෙ”තිආදීසු (මහාව· 85) පරිච්ඡින්නෙ. අඤ්ඤමඤ්ඤසඞ්කරවිරහිතෙ ධම්මෙ ච විනයෙ චාති වුත්තං හොති. “අභික්කන්තෙන වණ්ණෙනා”තිආදීසු (වි· ව· 75) අධිකෙ.
මේ අභි ශබ්දය වනාහි, වෘද්ධි, ස්වලක්ෂණ, පූජිත, පරිච්ඡින්න, අධිකාර්ත්ථයන්හි දක්නා ලැබේ. ඒ එසේමය. මේ අභිශබ්දය ‘බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති’ යනාදි තන්හි වෘද්ධියෙහි ආයේය. ‘යා තා රත්තියො අභිඤ්ඤාතා අභිලක්ඛිතා’ යනාදි තන්හි ස්වලක්ෂණයෙහි, ‘රාජාභිරාජා මනුජින්දො’ යනාදි තන්හි පූජිතයෙහි, “පටිබලො විනෙතුං අභිධම්මෙ අභිවිනයෙ” යනාදි තන්දි පරිච්ඡින්නයෙහි ආයේය. අන්‍යොන්‍ය සඞ්කර විරහිත ධර්මයෙහි හා විනයෙහි කියන ලද්දේය. “අභික්කන්තෙන වණ්ණෙන” යනාදි තන්හි අධිකයෙහි ආයේය.
එත්ථ ච “රූපූපපත්තියා මග්ගං භාවෙති, මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරතී”තිආදිනා (ධ· ස· 160 ආදයො) නයෙන වුඩ්ඪිමන්තොපි ධම්මා වුත්තා. “රූපාරම්මණං වා සද්දාරම්මණං වා”තිආදිනා නයෙන ආරම්මණාදීහි ලක්ඛණීයත්තා සලක්ඛණාපි. “සෙක්ඛා ධම්මා, අසෙක්ඛා ධම්මා, ලොකුත්තරා ධම්මා”තිආදිනා නයෙන පූජිතාපි පූජාරහාති අධිප්පායො. “ඵස්සො හොති වෙදනා හොතී”තිආදිනා නයෙන සභාවපරිච්ඡින්නත්තා පරිච්ඡින්නාපි. “මහග්ගතා ධම්මා, අප්පමාණා ධම්මා, අනුත්තරා ධම්මා”තිආදිනා නයෙන අධිකාපි ධම්මා වුත්තා. තෙනෙතමෙතස්ස වචනත්ථකොසල්ලත්ථං වුත්තං –
මේ අභිධර්මයෙහිද ‘රූපූපත්තියා මග්ගං භාවෙති මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති’ යනාදි නයින් වෘද්ධිමත් ධර්මද, ‘රූපාරම්මණං වා සද්දාරම්මණං වා’ යනාදි නයින් අරමුණු කරනකොට, හැදහියයුතු බැවින් ස්වලක්ෂණ ධර්මද, ‘සෙක්ඛා ධම්මා, අසෙක්ඛා ධම්මා ලොකුත්තරා ධම්මා’ යනාදි නයින් පූජිත ධර්මද, පූජාර්හධර්ම යනු අදහසය. ‘ඵස්සො හොති වෙදනා හොති’ යනාදි නයින් ස්වභාවයෙන් පිරිසිඳුනු බැවින් පරිච්ජින්න ධර්මද, ‘මහග්ගතා ධම්මා අප්පමාණා ධම්මා අනුත්තරා ධම්මා’ යනාදි නයින් අධික ධර්මද කියන ලදි. එහෙයින් මේ ගාථා වචනය මොහුගේ වචනාර්ත්ථ ඥානය පිණිස කියන ලද්දේය.
“යං එත්ථ වුඩ්ඪිමන්තො, සලක්ඛණා පූජිතා පරිච්ඡින්නා; වුත්තාධිකා ච ධම්මා, අභිධම්මො තෙන අක්ඛාතො”ති.
යං පනෙත්ථ අවිසිට්ඨං, තං –
මෙහි අසාධාරණ වූ විනයාදී වූ කොටස් තුන අතුරෙහි යමක් සාධාරණ වූයේද ඒ පිටකශබ්දය වන්නේය.
පිටකං පිටකත්ථවිදූ, පරියත්තිබ්භාජනත්ථතො ආහු; තෙන සමොධානෙත්වා, තයොපි විනයාදයො ඤෙය්‍යා.
‘පිටකං පිටකත්ථවිදූ - පරියත්තිභාජනත්ථතො ආහු, තෙන සමොධානෙත්වා - තයොපි විනයාදයො ඤෙය්‍යා’
පිටක ශබ්දයේ අර්ත්ථය දන්නාහු, පර්ය්යාප්තියට බඳුන්ය යන අර්ත්ථ විසින් පිටකැයි කීහු. එහෙයින් ඒ පිටකශබ්දය හා එක්කොට විනයාදී වූ පිටක වන්නේ යයි දතයුතුය.
පරියත්තිපි හි “මා පිටකසම්පදානෙනා”තිආදීසු (අ· නි· 3.66) පිටකන්ති වුච්චති. “අථ පුරිසො ආගච්ඡෙය්ය කුදාලපිටකං ආදායා”තිආදීසු (ම· නි· 1.228; අ· නි· 3.70) යං කිඤ්චි භාජනම්පි. තස්මා පිටකං පිටකත්ථවිදූ, පරියත්තිබ්භාජනත්ථතො ආහු.
පර්‍ය්‍යාප්තිය වනාහි ‘මා පිටක සම්පදානෙන’ යනාදි තන්හි පිටකැයි කියනු ලැබේ. ‘අථ පුරිසො ආගච්ඡෙය්ය කුද්දාල පිටකං ආදාය’ යනාදි තන්හි යම්කිසි බඳුනක් කියනු ලැබේ.
ඉදානි තෙන සමොධානෙත්වා තයොපි විනයාදයො ඤෙය්යාති. තෙන එවං දුවිධත්ථෙන පිටකසද්දෙන සහ සමාසං කත්වා විනයො ච සො පිටකඤ්ච පරියත්තිභාවතො තස්ස තස්ස අත්ථස්ස භාජනතො චාති විනයපිටකං, යථාවුත්තෙනෙව නයෙන සුත්තන්තඤ්ච තං පිටකඤ්චාති සුත්තන්තපිටකං, අභිධම්මො ච සො පිටකඤ්චාති අභිධම්මපිටකන්ති එවමෙතෙ තයොපි විනයාදයො ඤෙය්‍යා.
මෙසේ දෙවැදෑරුම් අරුත් ඇති ඒ පිටකශබ්දය හා සමාසකොට, විනයවූයේද, හේමය, පර්ය්යාප්තිභාවයෙන් හෝ ඒ ඒ අර්ත්ථයන්ට භාජනභාවයෙන් පිටකවූයේද, හේම, නුයි විනයපිටක නම් වේ. ඒ කියූ නයින්ම, සුත්ත වූයේද, හේමය, පිටක වූයේද හේම, නුයි සුත්තපිටක නම් වේ. අභිධම්ම වූයේද, හේමය, පිටක වූයේද, හේම, නුයි අභිධම්මපිටක නම්වේ යයි මෙසේ මේ විනයාදීවූ තුන දතයුත්තේය.
එවං ඤත්වා ච පුනපි තෙස්වෙව පිටකෙසු නානප්පකාරකොසල්ලත්ථං –
මෙසේ දැනම නැවත ඒ පිටකයන්හි නානාවිධ කෞශල්‍යය පිණිස:
දෙසනාසාසනකථා, භෙදං තෙසු යථාරහං; සික්ඛාපහානගම්භීර, භාවඤ්ච පරිදීපයෙ.
‘දෙසනා සාසනකථා - භෙදං තෙසු යථාරහං, සික්ඛාප්පභාණගම්භීර - භාවඤ්ච පරිදීපයෙ.’
පරියත්තිභෙදං සම්පත්තිං, විපත්තිං චාපි යං යහිං; පාපුණාති යථා භික්ඛු, තම්පි සබ්බං විභාවයෙ.
‘පරියත්තිභෙදං සම්පත්තිං - විපත්තිං චාපි යං යහිං, පාපුණාති යථා භික්ඛු - තම්පි සබ්බං විභාවයෙ’
ඒ පිටකයන්හි දෙශනාභෙදය, ශාසනභෙදය, කථාභෙදය හා ශික්ෂා - ප්‍රහාණ - ගම්භීර භාවයන්ද සුදුසු පරිදි දක්වන්නෙමි. යම් විනයාදියෙක්හි පර්ය්යාප්තිභෙදයකට, සම්පත්තියකට, විපත්තියකට යන යමකට, මහණෙක් යම්සේ පැමිණේද, ඒ සියල්ලද දක්වන්නෙමි.
තත්රායං පරිදීපනා විභාවනා ච, එතානි හි තීණි පිටකානි යථාක්කමං ආණා වොහාර පරමත්ථදෙසනා යථාපරාධ-යථානුලොම-යථාධම්මසාසනානි, සංවරාසංවරදිට්ඨිවිනිවෙඨනාමරූපපරිච්ඡෙදකථාති ච වුච්චන්ති.
මේ එහි පරිදීපනවිභාවනාය:- මේ ත්‍රිපිටකය පිළිවෙළින් ආණාදෙසනා, වොහාරදෙසනා, පරමත්ථදෙසනායිද, යථාපරාධ සාසන, යථානුලොමසාසන, යථාධම්මසාසනයිද, සංවරාසංවර කථා, දිට්ඨිවිනිවෙඨනකථා, නාමරූපපරිච්ඡෙදකථායිද, කියනු ලැබේ.
එත්ථ හි විනයපිටකං ආණාරහෙන භගවතා ආණාබාහුල්ලතො දෙසිතත්තා ආණාදෙසනා, සුත්තන්තපිටකං වොහාරකුසලෙන භගවතා වොහාරබාහුල්ලතො දෙසිතත්තා වොහාරදෙසනා, අභිධම්මපිටකං පරමත්ථකුසලෙන භගවතා පරමත්ථබාහුල්ලතො දෙසිතත්තා පරමත්ථදෙසනාති වුච්චති.
මෙහි අණ පැණවීමට සුදුසු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ආඥාබාහුල්යයෙන් දෙසූ බැවින් විනයපිටකය, ආණදෙසනා නම්. ව්‍යවහාරයෙහි දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යවහාර බාහුල්‍යයෙන් දෙසූ බැවින් සූත්‍ර පිටකය වොහාරදෙසනා නම්. පරමාර්ත්ථයෙහි දක්ෂ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් පරමාර්‍ත්‍ථ බාහුල්‍යයෙන් දෙසූ බැවින් අභිධර්ම පිටකය පරමත්ථ දෙසනා නම් වන්නේ යයි කියනු ලැබේ.
තථා පඨමං යෙ තෙ පචුරාපරාධා සත්තා තෙ යථාපරාධං එත්ථ සාසිතාති යථාපරාධසාසනං, දුතියං අනෙකජ්ඣාසයානුසයචරියාධිමුත්තිකා සත්තා යථානුලොමං එත්ථ සාසිතාති යථානුලොමසාසනං, තතියං ධම්මපුඤ්ජමත්තෙ “අහං මමා”ති සඤ්ඤිනො සත්තා යථාධම්මං එත්ථ සාසිතාති යථාධම්මසාසනන්ති වුච්චති.
එසේ අපරාධ බහුල වූ යම් ඒ සත්ත්වයෝ වෙත්ද, ඔවුහු අපරාධයට සුදුසු සේ මෙහි අනුශාසනා කරන ලදහයි ප්‍රථම වූ විනයපිටකය, යථාපරාධසාසනයිද, නන් වැදෑරුම් වූ ආශය, අනුශය, චරිතය, අධිමුත්ති ඇති සත්ත්වයෝ අනුලොම්වූ පරිදි මෙහි අනුශාසනා කරන ලදහයි දෙවැනි වූ සූත්‍ර පිටකය, යථානුලොමසාසනයිද, ධර්මසමූහ මාත්‍රයෙහි මමය, මාගේය, යන හැඟීම් ඇති සත්ත්වයෝ ධර්මස්වභාවයට අනුරූප පරිදි මෙහි අනුශාසනා කරන ලදහයි තෙවැනි වූ අභිධර්ම පිටකය, යථාධම්මසාසනයිද කියනු ලැබේ.
තථා පඨමං අජ්ඣාචාරපටිපක්ඛභූතො සංවරාසංවරො එත්ථ කථිතොති සංවරාසංවරකථා, දුතියං ද්වාසට්ඨිදිට්ඨිපටිපක්ඛභූතා දිට්ඨිවිනිවෙඨනා එත්ථ කථිතාති දිට්ඨිවිනිවෙඨනකථා, තතියං රාගාදිපටිපක්ඛභූතො නාමරූපපරිච්ඡෙදො එත්ථ කථිතොති නාමරූපපරිච්ඡෙදකථාති වුච්චති.
එසේ අද්ධ්යාචාරයට පටහැනි වූ කුදුමහත් සංවරාසංවර මෙහි කියන ලදැයි ප්‍රථම වූ විනය පිටකය සංවරාසංවරකථායිද, දෙසැට මිසදිටුවට පටහැනිවූ දෘෂ්ටිවිමුක්තිය, මෙහි කියන ලදැ’යි දෙවැනි වූ සූත්‍ර පිටකය, දිට්ඨිවිනිවෙඨනකථායි ද, රාගාදි ක්ලෙශයන්ට පටහැනි වූ නාමරූපපරිච්ඡෙදය මෙහි කියන ලදැයි තෙවැනි වූ අභිධර්මපිටකය නාමරූපපරිච්ඡෙදකථායිද කියනු ලැබේ.
තීසුපි ච චෙතෙසු තිස්සො සික්ඛා, තීණි පහානානි, චතුබ්බිධො ච ගම්භීරභාවො වෙදිතබ්බො . තථා හි – විනයපිටකෙ විසෙසෙන අධිසීලසික්ඛා වුත්තා, සුත්තන්තපිටකෙ අධිචිත්තසික්ඛා, අභිධම්මපිටකෙ අධිපඤ්ඤාසික්ඛා.
මේ ත්රිපිටකයෙහිම ත්‍රිවිධ ශික්ෂා, ත්රිවිධප්රහාණ, චතුර්විධ ගම්භීරභාවයද දතයුතුය. ඒ එසේමය. විනයපිටකයෙහි විශේෂ විසින් අධිශීල ශික්ෂාවද, සූත්‍ර පිටකයෙහි අධිචිත්තශික්ෂාවද, අභිධර්මපිටකයෙහි අධිප්රඥාශික්ෂාවද කියන ලදහ.
විනයපිටකෙ ච වීතික්කමප්පහානං කිලෙසානං, වීතික්කමපටිපක්ඛත්තා සීලස්ස. සුත්තන්තපිටකෙ පරියුට්ඨානප්පහානං, පරියුට්ඨානපටිපක්ඛත්තා සමාධිස්ස. අභිධම්මපිටකෙ අනුසයප්පහානං අනුසයපටිපක්ඛත්තා පඤ්ඤාය.
ශීලය කෙලෙසුන්ගේ ව්‍යතික්‍රමයට පටහැනි බැවින් විනයපිටකයෙහි ව්යතික්රමප්රහාණයද, සමාධිය නීවරණයන්ගේ නැඟීසිටීමට පටහැනි බැවින් සූත්‍ර පිටකයෙහි පර්ය්යුත්ථානප්රහාණයද, ප්‍රඥාව කාමරාගාදි අනුශයන්ට පටහැනි බැවින් අභිධර්ම පිටකයෙහි අනුශයප්රහාණයද,
පඨමෙ ච තදඞ්ගප්පහානං කිලෙසානං, ඉතරෙසු වික්ඛම්භනසමුච්ඡෙදප්පහානානි. පඨමෙ ච දුච්චරිතසංකිලෙසස්ස පහානං, ඉතරෙසු තණ්හාදිට්ඨිසංකිලෙසානං.
ප්‍රථම වූ විනයපිටකයෙහි කෙලෙසුන්ගේ තදඞ්ගප්රහාණයද, අන්‍ය වූ සූත්‍ර, අභිධර්ම පිටක දෙක්හි විෂ්කම්භණ, සමුච්ඡෙද ප්රහාණද, ප්‍රථම වූ විනයපිටකයෙහි දුශ්චරිත සඞ්ක්ලෙශයන්ගේ ප්‍රහාණයද, අන්‍ය වූ සූත්‍ර, අභිධර්ම පිටක දෙක්හි තෘෂ්ණාදෘෂ්ටි සඞ්ක්ලෙශයන්හි ප්‍රහාණයද කියන ලදහ.
එකමෙකස්මිඤ්චෙත්ථ චතුබ්බිධොපි ධම්මත්ථදෙසනාපටිවෙධගම්භීරභාවො වෙදිතබ්බො. තත්ථ ධම්මොති පාළි. අත්ථොති තස්සායෙවත්ථො. දෙසනාති තස්සා මනසාවවත්ථාපිතාය පාළියා දෙසනා. පටිවෙධොති පාළියා පාළිඅත්ථස්ස ච යථාභූතාවබොධො. තීසුපි චෙතෙසු එතෙ ධම්මත්ථදෙසනාපටිවෙධා යස්මා සසාදීහි විය මහාසමුද්දො මන්දබුද්ධීහි දුක්ඛොගාහා අලබ්භනෙය්යපතිට්ඨා ච, තස්මා ගම්භීරා. එවං එකමෙකස්මිං එත්ථ චතුබ්බිධොපි ගම්භීරභාවො වෙදිතබ්බො.
මෙහි එක් එක් පිටකයෙහි චතුර්විධ වූ ධර්මාර්ත්ථදෙශනා ප්‍රතිවෙධ භාෂාවයි. ගම්භීරභාවය දතයුතුය. එහි ධර්ම නම්, පාළිභාෂාවයි. අර්ත්ථ නම්, ඒ පාළි භාෂාව පිළිබඳ අර්ත්ථයය. දේශනා නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් සිතින් ව්‍යවස්ථා කරන ලද ඒ පාළිභාෂාව පිළිබඳ දේශනාය. ප්‍රතිවෙධ නම්, පාළිභාෂාව පිළිබඳ වූත් පාල්යර්ත්ථය පිළිබඳවූත් තත්ත්වාබෝධයයි. මේ ත්‍රිපිටකයෙහි එන මේ ධර්‍මාර්‍ත්‍ථ දේශනා ප්‍රතිවෙධ, යම් හෙයකින් සසාදීන් විසින් මහාසමුද්‍රය සේ, මන්දබුද්ධීන් විසින් දුකින් බැසගත යුත්තාහුද, නොලැබිය හැකි පිහිට ඇත්තාහුද, එහෙයින් ගම්භීරයහ. මෙසේ මෙහි එක් එක් පිටකයෙහි චතුර්විධ වූ ගම්භීරභාවයද දතයුතුය.
අපරො නයො – ධම්මොති හෙතු. වුත්තං හෙතං – “හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා”ති. අත්ථොති හෙතුඵලං. වුත්තං හෙතං – “හෙතුඵලෙ ඤාණං අත්ථපටිසම්භිදා”ති. දෙසනාති පඤ්ඤත්ති, යථාධම්මං ධම්මාභිලාපොති අධිප්පායො. පටිවෙධොති අභිසමයො, සො ච ලොකියලොකුත්තරො විසයතො අසම්මොහතො ච අත්‍ථානුරූපං ධම්මෙසු, ධම්මානුරූපං අත්ථෙසු, පඤ්ඤත්තිපථානුරූපං පඤ්ඤත්තීසු අවබොධො.
මෙහිලා අන්‍ය ක්‍රමයක් වේ: ධර්ම නම්, හේතුවයි. ‘හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා’යි මෙය වදාරණ ලද්දේය. අර්ත්ථ නම්, හේතුඵලයයි. ‘හෙතුඵලෙ ඤාණං අත්ථපටිසම්පිදා’යි මෙය වදාරණ ලද්දේය. දේශනා නම්, ප්රඥප්තියයි. ධර්මය වූ පරිදි, ධර්මය නොඉක්මවා අර්ත්ථ ව්‍යඤ්ජන වශයෙන් විපරිත නොකොට, කීමය යන අභිප්රායය ප්‍රතිවෙධ නම්, මනා අවබෝධයයි. එයද ලෞකිකද, ලොකොත්තරද වේ. එහි ලෞකිකය ධර්මාර්ත්ථාදිය අරමුණු කොටම පවත්නා බැවින් තද්විෂයක මොහවිද්ධවංසනයෙන් අසම්මොහ විසින් ද කාරණයන්හි කාර්ය්යානුරූප විසින්ද, කාර්ය්යානුරූපයන්හි කාරණානුරූප විසින්ද ෂඩ්විධ නාම ප්රඥාප්තීන් අතුරෙහි ප්රඥප්තිපථානුරූප විසින්ද අවබෝධ යයි දතයුතුය.
ඉදානි යස්මා එතෙසු පිටකෙසු යං යං ධම්මජාතං වා අත්ථජාතං වා, යා චායං යථා යථා ඤාපෙතබ්බො අත්ථො සොතූනං ඤාණස්ස අභිමුඛො හොති, තථා තථා තදත්ථජොතිකා දෙසනා, යො චෙත්ථ අවිපරීතාවබොධසඞ්ඛාතො පටිවෙධො සබ්බමෙතං අනුපචිතකුසලසම්භාරෙහි දුප්පඤ්ඤෙහි සසාදීහි විය මහාසමුද්දො දුක්ඛොගාහං අලබ්භනෙය්යපතිට්ඨඤ්ච, තස්මා ගම්භීරං. එවම්පි එකමෙකස්මිං එත්ථ චතුබ්බිධොපි ගම්භීරභාවො වෙදිතබ්බො.
දැන් යම්හෙයකින් මේ පිටකයන්හි කාරණප්රභෙද වූ හෝ කාරණමවූ, කාර්ය්යප්රභෙද වූ කාර්ය්යමවූ යමක්වේද, යම්සේ හැඟවිය යුතුවූ යම් අර්‍ත්‍ථයක් අසන්නවුන්ගේ නුවණට අභිමුඛවේද, ඒ ඒ ලෙසින් එයරුත් පවසන දේශනාවක්වේද, මේ ත්‍රිපිටකයෙහි යම් අවිපරීතාවබොධ නම්වූ ප්රතිවෙධයක් වේද, මේ සියල්ලම රැස්නොකළ කුසල්සමූහ ඇති නුවණ නැතියන් විසින් සසාදීන් විසින් මහාසමුද්‍රය මෙන් බැසිය නොහැක්කේද, නොලැබිය හැකි පිහිටද ඇත්තේද එහෙයින් මෙසේද මෙහි එක් එක් පිටකයෙහි චතුර්විධගම්භීරභාවය දතයුතුය.
එත්තාවතා ච –
“දෙසනා-සාසනකථා , භෙදං තෙසු යථාරහං; සික්ඛාපහානගම්භීරභාවඤ්ච පරිදීපයෙ”ති.
අයං ගාථා වුත්තත්ථා හොති.
“පරියත්තිභෙදං සම්පත්තිං, විපත්තිඤ්චාපි යං යහිං; පාපුණාති යථා භික්ඛු, තම්පි සබ්බං විභාවයෙ”ති.
එත්ථ පන තීසු පිටකෙසු තිවිධො පරියත්තිභෙදො දට්ඨබ්බො. තිස්සො හි පරියත්තියො – අලගද්දූපමා, නිස්සරණත්ථා, භණ්ඩාගාරිකපරියත්තීති.
මෙසේ මේ ත්‍රිපිටකයෙහි ත්රිවිධපර්ය්යප්තිභෙදය දතයුතුය. අලගද්දූපමපරියත්ති, නිස්සරණත්ථපරියත්ති, භණ්ඩාගාරිකපරියත්තියි පර්‍ය්‍යාප්ති තුනක් වේ.
තත්ථ යා දුග්ගහිතා උපාරම්භාදිහෙතු පරියාපුටා, අයං අලගද්දූපමා. යං සන්ධාය වුත්තං – “සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො අලගද්දත්ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො, සො පස්සෙය්ය මහන්තං අලගද්දං. තමෙනං භොගෙ වා නඞ්ගුට්ඨෙ වා ගණ්හෙය්ය. තස්ස සො අලගද්දො පටිපරිවත්තිත්වා හත්ථෙ වා බාහාය වා අඤ්ඤතරස්මිං වා අඞ්ගපච්චඞ්ගෙ ඩංසෙය්ය. සො තතොනිදානං මරණං වා නිගච්ඡෙය්ය, මරණමත්තං වා දුක්ඛං. තං කිස්ස හෙතු? දුග්ගහිතත්තා, භික්ඛවෙ, අලගද්දස්ස. එවමෙව ඛො, භික්ඛවෙ, ඉධෙකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති සුත්තං…පෙ… වෙදල්ලං. තෙ තං ධම්මං පරියාපුණිත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං න උපපරික්ඛන්ති. තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපපරික්ඛතං න නිජ්ඣානං ඛමන්ති. තෙ උපාරම්භානිසංසා චෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛානිසංසා ච. යස්ස චත්ථාය ධම්මං පරියාපුණන්ති, තඤ්චස්ස අත්ථං නානුභොන්ති. තෙසං තෙ ධම්මා දුග්ගහිතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? දුග්ගහිතත්තා, භික්ඛවෙ, ධම්මාන”න්ති (ම· නි· 1.238).
එහි නොමනාව උගත් අන්හට ගැරහීම් ආදිය හේතුකොට පුහුණු කළ පර්‍ය්‍යාප්තිය අලගද්දූපමපරියත්ති නම් වේ. එය මෙසේ වදාළ සේක: ‘සෙය්යථාපි භික්ඛවෙ පුරිසො අලගද්දත්ථිකො අලගද්දගවෙසී අලගද්දපරියෙසනං චරමානො, සො පස්සෙය්ය මහන්තං අලගද්දං, තමෙනං භොගෙ වා නඞ්ගුට්ඨෙ වා ගණ්හෙය්ය, තස්ස සො අලගද්දො පටිපරීවත්තිත්වා හත්ථෙ වා බාහාය වා අඤ්ඤතරස්මිං වා අඞ්ගපච්චඞ්ගෙ වා ඩසෙය්‍ය, සො තතොනිදානං මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං, තං කිස්ස හෙතු, දුග්ගහිතත්තා භික්ඛවෙ අලගද්දස්ස, එවමෙව ඛො භික්ඛවෙ ඉධෙකච්චෙ මොඝපුරිසා ධම්මං පරියාපුණන්ති සුත්තං -පෙ- වෙදල්ලං, තෙ තං ධම්මං පරියාපුණිත්වා තෙසං ධම්මානං පඤ්ඤාය අත්ථං න උපපරික්ඛන්ති, තෙසං තෙ ධම්මා පඤ්ඤාය අත්ථං අනුපපරික්ඛතං න නිජ්ඣානං ඛමන්ති, තෙ උපාරම්හානිසංසා චෙව ධම්මං පරියාපුණන්ති ඉතිවාදප්පමොක්ඛානිසංසා ච, යස්සචත්ථාය ධම්මං පරියාපුණන්ති, තං චස්ස අත්ථං නානුහොන්ති, තෙසං තෙ ධම්මා දුග්ගහීතා දීඝරතනං අහිතාය දුක්ඛාය සංවත්තන්ති, තං කිස්ස හෙතු; දුග්ගහිතත්තා භික්ඛවෙ ධම්මානං’යි.
යා පන සුග්ගහිතා සීලක්ඛන්ධාදිපාරිපූරිංයෙව ආකඞ්ඛමානෙන පරියාපුටා න උපාරම්භාදි හෙතු, අයං නිස්සරණත්ථා. යං සන්ධාය වුත්තං – “තෙසං තෙ ධම්මා සුග්ගහිතා දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්ති. තං කිස්ස හෙතු? සුග්ගහිතත්තා, භික්ඛවෙ, ධම්මාන”න්ති (ම· නි· 1.239).
යම් පර්ය්යාප්තියක් මනාව උගන්නා ලද්දී ශීලස්කන්ධාදීන්ගේ පිරීමම කැමතිවන්නහු විසින් පුහුණු කරන ලද්දේ අන්හට ගැරහීම් ආදිය හේතුකොට නොපුහුණු කරන ලද්දේ, එය නිස්සරණත්ථපරියත්ති නම් වේ. එය මෙසේ වදාළ සේක: ‘තෙසං තෙ ධම්මා සුග්ගහීතා දීඝරත්තං හිතාය සුඛාය සංවත්තන්ති තං කිස්ස හෙතු; සුග්ගහිතත්තා භික්ඛවෙ ධම්මානං’
යං පන පරිඤ්ඤාතක්ඛන්ධො පහීනකිලෙසො භාවිතමග්ගො පටිවිද්ධාකුප්පො සච්ඡිකතනිරොධො ඛීණාසවො කෙවලං පවෙණීපාලනත්ථාය වංසානුරක්ඛණත්ථාය පරියාපුණාති, අයං භණ්ඩාගාරිකපඅයත්තීති.
යම් පර්ය්යාප්තියක් දන්නාලද ස්කන්ධ ඇත්තාවූ, ප්‍රහීණ කළ කෙලෙස් ඇත්තාවූ, වැඩූ මාර්ග ඇත්තාවූ, පිළිවිදි රහත්පල ඇත්තාවූ, සාක්ෂාත් කළ නිරොධය ඇත්තා වූ ක්ෂීණාස්රවයන් වහන්සේ, හුදෙක් ප්රවේණි පාලනය පිණිස වංශානුරක්ෂණය පිණිස පුහුණු කෙරෙත්ද, භාණ්ඩාගාරිකපරියත්ති නම් වේ.
විනයෙ පන සුප්පටිපන්නො භික්ඛු සීලසම්පත්තිං නිස්සාය තිස්සො විජ්ජා පාපුණාති, තාසංයෙව ච තත්ථ පභෙදවචනතො. සුත්තෙ සුප්පටිපන්නො සමාධිසම්පදං නිස්සාය ඡ අභිඤ්ඤා පාපුණාති, තාසංයෙව ච තත්ථ පභෙදවචනතො. අභිධම්මෙ සුප්පටිපන්නො පඤ්ඤාසම්පදං නිස්සාය චතස්සො පටිසම්භිදා පාපුණාති, තාසඤ්ච තත්ථෙව පභෙදවචනතො. එවමෙතෙසු සුප්පටිපන්නො යථාක්කමෙන ඉමං විජ්ජාත්තයඡළභිඤ්ඤාචතුපටිසම්භිදාභෙදං සම්පත්තිං පාපුණාති.
විනයයෙහි සුපිළිපන් මහණ ශීලසම්පත්තිය නිසා ත්රිවිද්යාවනට පැමිණේ. මෙසේ කියන්නේ විනය පිටකයෙහි ඒ ත්‍රිවිද්‍යාවන් පිළිබඳවුම ප්‍රභෙද කථා ඇති බැවිනි. සුත්‍රයෙහි සුපිළිපන් මහණ සමාධි සම්පත්තිය නිසා ෂඩහිඥාවනට පැමිණේ. එහි සූත්‍ර පිටකයෙහි ඒ ෂඩභිඥා පිළිබඳවූම ප්‍රභෙද කථා ඇති බැවින් මෙසේ කියන්නාහුය. අභිධර්මයෙහි සුපිළිපන් මහණතෙමේ, ප්‍රඥාසම්පත්තිය නිසා සිවුපිළිසිඹියාවනට පැමිණේ. අභිධර්මයෙහි ඒ සිව්පිළිසිඹියා පිළිබඳවූම ප්‍රභෙද කථා ඇති බැවිනි. මෙසේ මේ ත්‍රිපිටකයෙහි සුපිළිපන් මහණතෙමේ, පිළිවෙළින් මේ ත්‍රිවිද්‍යා ෂඩභිඥා චතුර්විධ ප්රතිසංවිද්භෙද සම්පත්තියට පැමිණේ.
විනයෙ පන දුප්පටිපන්නො අනුඤ්ඤාතසුඛසම්ඵස්සඅත්ථරණපාවුරණාදිඵස්සසාමඤ්ඤතො පටික්ඛිත්තෙසු උපාදින්නඵස්සාදීසු අනවජ්ජසඤ්ඤී හොති. වුත්තම්පි හෙතං – “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායායා”ති (පාචි· 417; ම· නි· 1.234) තතො දුස්සීලභාවං පාපුණාති. සුත්තෙ දුප්පටිපන්නො “චත්තාරොමෙ, භික්ඛවෙ, පුග්ගලා සන්තො සංවිජ්ජමානා”තිආදීසු (අ· නි· 4.5) අධිප්පායං අජානන්තො දුග්ගහිතං ගණ්හාති. යං සන්ධාය වුත්තං – “අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්භාචික්ඛති, අත්තානඤ්ච ඛනති, බහුඤ්ච අපුඤ්ඤං පසවතී”ති (පාචි· 417; ම· නි· 1.236) තතො මිච්ඡාදිට්ඨිතං පාපුණාති.
විනයයෙහි දුපිළිපන් මහණ භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදන්නාලද සුවපහස් ඇති සුවපහසින් යුත් ඇතිරිලි පොරෝණ ආදීන්ගේ පහස හා සමකොට, භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනලද ස්ත්රීස්පර්ශාදි උපාදින්න වස්තුන්ගේ පහස් ආදියෙහිද නිරවද්‍ය සංඥා ඇත්තේ වේ. මෙය ‘තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන්තරායාය’යි වදාළ සේක්මය. මෙසේ හැඟීම් ඇති මහණ, ඒ හැඟීම් හේතුවෙන් දුශ්ශීලභාවයට පැමිණේ. සුත්‍රයෙහි දුපිළිපන් මහණ, ‘චත්තාරොමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා’ යනාදී තන්හි භාග්‍යවතුන් වහන්සේගේ අදහස නොදන්නේ, එය විපරීත කොටගන්නේය. ‘අත්තනා දුග්ගහිතෙන අම්හෙ චෙව අබ්හාචික්ඛති, අත්තානං ච ඛණති, බහුඤ්ච අපුඤ්ඤං පසවති’ යනු මේ සඳහා වදාළසේක. එයින් මිසදිටුබවට පැමිණෙන්නේය.
අභිධම්මෙ දුප්පටිපන්නො ධම්මචින්තං අතිධාවන්තො අචින්තෙය්යානිපි චින්තෙති, තතො චිත්තක්ඛෙපං පාපුණාති. වුත්තං හෙතං – “චත්තාරිමානි, භික්ඛවෙ, අචින්තෙය්යානි න චින්තෙතබ්බානි, යානි චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්සා”ති (අ· නි· 4.77). එවමෙතෙසු දුප්පටිපන්නො යථාක්කමෙන ඉමං දුස්සීලභාවමිච්ඡාදිට්ඨිතා චිත්තක්ඛෙපභෙදං විපත්තිං පාපුණාතීති.
අභිධර්මයෙහි දුපිළිපන් මහණ ධර්මස්වභාවය දැනීම ඉක්මවා සිටියේ, නොසිතිය හැකි ධර්මයන් ගැනද සිතන්නේය. ඒ හේතුවෙන් හෙතෙමේ, චිත්තවික්ෂෙපයට පැමිණෙන්නේය. එහිලා මෙය වදාරණ ලද්දේය. ‘චත්තාරිමානි භික්ඛවෙ අචින්තෙය්යානි න චින්තෙතබ්බානි, යානි චින්තෙන්තො උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස’යි. මෙසේ මෙතැන්හි දුපිළිපන්වූයේ, පිළිවෙළින් මේ දුසිල්බව, මිසදිටුබව, උමතුබවයි ප්රභෙදවත්වූ විපත්තියට පැමිණෙන්නේය.
එත්තාවතා ච –
“පරියත්තිභෙදං සම්පත්තිං, විපත්තිං චාපි යං යහිං; පාපුණාති යථා භික්ඛු, තම්පි සබ්බං විභාවයෙ”ති.
අයම්පි ගාථා වුත්තත්ථා හොති. එවං නානප්පකාරතො පිටකානි ඤත්වා තෙසං වසෙනෙතං බුද්ධවචනං තිවිධන්ති ඤාතබ්බං.
මෙසේද, නන් අයුරින් පිටකයන් දැන ඔවුන්ගේ වසයෙන් බුද්ධ වචනය තෙවැදෑරුම් යයි දතයුතුය.
කථං නිකායවසෙන පඤ්චවිධං? සබ්බමෙව චෙතං දීඝනිකායො, මජ්ඣිමනිකායො, සංයුත්තනිකායො, අඞ්ගුත්තරනිකායො, ඛුද්දකනිකායොති පඤ්චප්පභෙදං හොති. තත්ථ කතමො දීඝනිකායො? තිවග්ගසඞ්ගහානි බ්රහ්මජාලාදීනි චතුත්තිංස සුත්තානි.
නිකාය වසයෙන් පස්වැදෑරුම් වූයේ කෙසේද? මේ සියලු බුද්ධ වචනය, දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අඞ්ගුත්තරනිකාය, ඛුද්දකනිකායයි නිකාය වසයෙන් පස්වැදෑරුම් වේ. එම දීඝනිකාය කවරේද යත්:- වර්ගත්රයකින් සඞ්ග්‍රහ කරන ලද බ්‍රහ්මජාල සූත්‍රය ආදිකොට සිටි සූතිස්සූත්රයෝය. එහිලා මෙද දතයුතුය.
චතුත්තිංසෙව සුත්තන්තා, තිවග්ගො යස්ස සඞ්ගහො; එස දීඝනිකායොති, පඨමො අනුලොමිකො.
‘චතුත්තිංසෙව සුත්තන්තා - තිවග්ගො යස්ස සඞ්ගහො, එස දීඝනිකායොති - පඨමො අනුලොමිකො’ යනු
කස්මා පනෙස දීඝනිකායොති වුච්චති? දීඝප්පමාණානං සුත්තානං සමූහතො නිවාසතො ච, සමූහනිවාසා හි නිකායොති වුච්චන්ති. “නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං; යථයිදං, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා; පොණිකනිකායො, චික්ඛල්ලිකනිකායො”ති (සං· නි· 3.100) එවමාදීනි චෙත්ථ සාධකානි සාසනතො ච ලොකතො ච. එවං සෙසානම්පි නිකායභාවෙ වචනත්ථො වෙදිතබ්බො.
යම් නිකායයෙක්හි සූතිසක්ම සූත්රවෙයිද, ත්රිවර්ගසඞ්ග්රහයක්වේද, අර්ත්ථයනට අවිරුද්ධ වූ මේ ප්‍රථම නිකාය දීඝනිකායයි. කුමක් හෙයින් මෙය දීඝනිකායයි කියනු ලැබේද යත්: ප්‍රමාණයෙන් දීර්ඝ වූ සමූහ වශයෙන් හා නිවාස වශයෙන් දීඝනිකායයි කියනු ලැබේ. සමූහ නිවාසනිකාය නම්වේ. ‘නාහං භික්ඛවෙ අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි, එවං චිත්තං යථයිදං භික්ඛවෙ තිරච්ඡානගතා පාණා’ යනු හා ‘පොණික නිකායො චික්ඛල්ලික නිකායො’ යනාදීහුද මෙහි ශාසන ව්‍යවහාර වශයෙන් හා ලෝකව්‍යවහාර වශයෙන් සාධකයහ. අන්‍ය නිකායයන්යිද නිකාය භාවයෙහි වචනාර්ත්ථය මෙසේ දතයුතුය.
කතමො මජ්ඣිමනිකායො? මජ්ඣිමප්පමාණානි පඤ්චදසවග්ගසඞ්ගහානි මූලපරියායසුත්තාදීනි දියඩ්ඪසතං ද්වෙ ච සුත්තානි.
මජ්ඣිමනිකාය කවරේද යත්: ප්‍රමාණයෙන් මද්ධ්‍යම වූ පසළොස් වගකින් සඞ්ග්‍රහ කරනලද මූලපරියාය සූත්‍රය ආදිකොට ඇති එක්සිය දෙපණසක් සූත්‍රය. එහිලා මේද දතයුතුය.
දියඩ්ඪසතං සුත්තන්තා, ද්වෙ ච සුත්තානි යත්ථ සො; නිකායො මජ්ඣිමො පඤ්ච-දසවග්ගපරිග්ගහො.
‘දියඩ්ඪසතසුත්තන්තා - ද්වෙ ච සුත්තානි යත්ථ සො, නිකායො මජ්ඣිමො පඤ්ච - දසවග්ගපරිග්ගහො’ යනු
යම් නිකායක එක්සියදෙපණසක් සුත්රයෝ වෙත්ද, පසළොස් වගකින් සඞ්ග්‍රහ කරනලද ඒ නිකාය මජ්ඣිම නිකායයි.
කතමො සංයුත්තනිකායො? දෙවතාසංයුත්තාදිවසෙන ඨිතානි ඔඝතරණාදීනි සත්ත සුත්තසහස්සානි සත්ත ච සුත්තසතානි ද්වාසට්ඨි ච සුත්තානි.
සංයුත්තනිකාය කවරේද යත්: දෙවතා සංයුත්තාදීන්ගේ වසයෙන් ඔඝතරණසූත්රය ආදිකොට සිටි සත්දහස්සත්සිය දෙසැටක් සූත්රයෝය. එහිලා මේද දතයුතුය:
සත්ත සුත්තසහස්සානි, සත්ත සුත්තසතානි ච; ද්වාසට්ඨි චෙව සුත්තන්තා, එසො සංයුත්තසඞ්ගහො.
‘සත්තසුත්තසහස්සානි - සත්තසුත්තසතානි ච, ද්වාසට්ඨි චෙව සුත්තන්තා - එසො සංයුත්තසඞ්ගහො’ යනු
සත්දහස් සත්සිය දෙසැටක් සූත්‍ර සංයුත්ත සඞ්ග්රහයයි.
කතමො අඞ්ගුත්තරනිකායො? එකෙකඅඞ්ගාතිරෙකවසෙන ඨිතානි චිත්තපරියාදානාදීනි නව සුත්තසහස්සානි පඤ්ච සුත්තසතානි සත්තපඤ්ඤාසඤ්ච සුත්තානි.
අඞ්ගුත්තරනිකාය යනු කවරේද යත්: එක් එක් අඞ්ගයක් වැඩීගොස් සිටි චිත්තපරියාදාන සූත්‍රය ආදිකොට ඇති නවදහස්පන්සිය සත්පණස් සූත්‍රය. එහිලා මේද දතයුතුය:
නව සුත්තසහස්සානි, පඤ්ච සුත්තසතානි ච; සත්තපඤ්ඤාස සුත්තානි, සඞ්ඛ්‍යා අඞ්ගුත්තරෙ අයං.
‘නවසුත්තසහස්සානි - පඤ්චසුත්තසතානි ච, සත්තපඤ්ඤාය සුත්තානි - සඞ්ඛා අඞ්ගුත්තරෙ අයං’ යනු
අඞ්ගුත්තර නිකායයෙහි නවදහස් පන්සිය සත්පණසක් සූත්‍ර වෙයි. මේ එහි ගණනය.
කතමො ඛුද්දකනිකායො? සකලං විනයපිටකං අභිධම්මපිටකං ඛුද්දකපාඨාදයො ච පුබ්බෙ නිදස්සිතා පන්නරසභෙදා ඨපෙත්වා චත්තාරො නිකායෙ අවසෙසං බුද්ධවචනන්ති.
ඛුද්දකනිකාය නම් කවරේද යත්: සිවුනිකාය හැර සියලු විනයපිටකය හා අභිධර්‍මපිටකයද, පෙර සූත්‍රපිටක නිර්‍දෙශයෙහි දක්වන ලද පසළොස් ප්‍රභෙද වූ ඛුද්දක පාඨාදීන් හා සෙසු බුද්ධ වචනය. එහිලා මේද දතයුතුය:
ඨපෙත්වා චතුරොපෙතෙ, නිකායෙ දීඝආදිකෙ; තදඤ්ඤං බුද්ධවචනං, නිකායො ඛුද්දකො මතොති.
‘ඨපෙත්වා චතුරොපෙතෙ - නිකායෙ දීඝ ආදිකෙ, තදඤ්ඤං බුද්ධවචනං - නිකායො ඛුද්දකො මතො’ යනු
දීඝනිකායාදීවූ මේ නිකාය සතර හැර, අන්‍ය වූ බුද්ධ වචනය ඛුද්දක නිකායයි දන්නා ලදී.
එවං නිකායවසෙන පඤ්චවිධං.
නිකාය වසයෙන් පස්වැදෑරුම් වූයේ මෙසේය.
කථං අඞ්ගවසෙන නවවිධං? සබ්බමෙව හිදං සුත්තං, ගෙය්යං, වෙය්යාකරණං, ගාථා, උදානං, ඉතිවුත්තකං, ජාතකං, අබ්භුතධම්මං, වෙදල්ලන්ති නවප්පභෙදං හොති. තත්ථ උභතොවිභඞ්ගනිද්දෙසඛන්ධකපරිවාරා සුත්තනිපාතෙ මඞ්ගලසුත්ත-රතනසුත්ත-නාලකසුත්ත-තුවට්ටකසුත්තානි අඤ්ඤම්පි ච සුත්තනාමකං තථාගතවචනං සුත්තන්ති වෙදිතබ්බං. සබ්බම්පි සගාථකං සුත්තං ගෙය්යන්ති වෙදිතබ්බං. විසෙසෙන සංයුත්තකෙ සකලොපි සගාථාවග්ගො, සකලං අභිධම්මපිටකං, නිග්ගාථකං සුත්තං, යඤ්ච අඤ්ඤම්පි අට්ඨහි අඞ්ගෙහි අසඞ්ගහිතං බුද්ධවචනං තං වෙය්යාකරණන්ති වෙදිතබ්බං. ධම්මපදං, ථෙරගාථා, ථෙරීගාථා, සුත්තනිපාතෙ නොසුත්තනාමිකා සුද්ධිකගාථා ච ගාථාති වෙදිතබ්බා. සොමනස්සඤාණමයිකගාථාපටිසංයුත්තා ද්වාසීති සුත්තන්තා උදානන්ති වෙදිතබ්බං. “වුත්තඤ්හෙතං භගවතා”තිආදිනයප්පවත්තා දසුත්තරසතසුත්තන්තා ඉතිවුත්තකන්ති වෙදිතබ්බං. අපණ්ණකජාතකාදීනි පඤ්ඤාසාධිකානි පඤ්ච ජාතකසතානි ජාතකන්ති වෙදිතබ්බං. “චත්තාරොමෙ, භික්ඛවෙ, අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ”ති (දී· නි· 2.209) -ආදිනයප්පවත්තා සබ්බෙපි අච්ඡරියඅබ්භුතධම්මපටිසංයුත්තා සුත්තන්තා අබ්භුතධම්මන්ති වෙදිතබ්බං. චූළවෙදල්ල-මහාවෙදල්ල-සම්මාදිට්ඨි-සක්කපඤ්හ-සඞ්ඛාරභාජනිය-මහාපුණ්ණමසුත්තාදයො සබ්බෙපි වෙදඤ්ච තුට්ඨිඤ්ච ලද්ධා ලද්ධා පුච්ඡිතසුත්තන්තා වෙදල්ලන්ති වෙදිතබ්බං. එවං අඞ්ගවසෙන නවවිධං.
අඞ්ග වසයෙන් නවවැදෑරුම් වූයේ කෙසේදයත් මේ සියලුම බුද්ධ වචනය, සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ලයි නවවැදෑරුම් වේ. එහි උභතොවිභඞ්ග, චුල්ලනිද්දේස, මහානිද්දේස, ඛන්ධක, පරිවාර යන මොවුහුද, සූත්‍ර නිපාතයෙහි මඞ්ගලසුත්ත, රතනසුත්ත, නාලකසුත්ත, තුවටකසුත්ත යන සූත්රයෝද, සූත්‍ර නාමයෙන් ගැණෙන අන්‍ය වූ තථාගත වචනද, සුත්තයි දතයුතුය. සියලුම සගාථක සූත්‍ර ගෙය්ය නම් වේ. විශේෂ විසින් සංයුත්ත නිකායයෙහි සියලු සගාථක වර්ගය මෙහි ඇතුළත්ව සිටියේය. සියලු අභිධර්මපිටකය ගාථා විරහිත සූත්‍ර අටකින් සඞ්ග්‍රහ නොකළ යම් අන්‍ය වූ බුද්ධ වචනයක් වේද, මේ සියල්ල වෙය්යාකරණයි දතයුතුය. ධම්මපද, ථෙරගාථා, ථෙරීගාථා, සූත්‍රනිපාතයෙහි සූත්රනාම විරහිත වූ සුද්ධික ගාථා ගාථායි දතයුතුය. සොම්නස් සහගිය නුවණින් උපන් ගාථාවන්ගෙන් ප්‍රතිසංයුක්ත වූ දෙයාසූවක් සූත්‍ර උදානැයි දතයුතුය. ‘වුත්තං හෙතං භගවතා’ යනාදී නයින් පැවති එක්සිය දොළොසක් සූත්‍ර ඉතිවුත්තකැයි දතයුතුය. අපණ්ණක ජාතකය ආදිකොට ඇති පන්සිය පණසක් ජාතක, ජාතක යයි දතයුතුය. ‘චත්තාරො මෙ භික්ඛවෙ අච්ඡරියා අබ්භූතා ධම්මා ආනන්දෙ’ යනාදි නයින් පැවති සියලුම, ආශ්චර්‍ය්‍යාද්භූත ධර්මයන්ගෙන් ප්‍රතිසංයුක්ත වූ සූත්‍ර, අබ්භූතධම්මැයි දතයුතුය. චුල්ලවෙදල්ල, මහාවෙදල්ල, සම්මාදිට්ඨි, සක්කපඤ්හ, සඞ්ඛාරභාජනිය, මහාපුණ්ණම සූත්‍රාදී වූ නුවණත් සතුටත් ලබමින් විචාරණ ලදුව, වදාළ සියලුම සූත්‍ර, වෙදල්ලයි දතයුතුය. මෙසේ අඞ්ග වසයෙන් නවවැදෑරුම් වේ.
කථං ධම්මක්ඛන්ධවසෙන චතුරාසීතිසහස්සවිධං? සබ්බමෙව චෙතං බුද්ධවචනං –
ධර්මස්කන්ධ වසයෙන් අසූහාර දහසක් වූයේ කෙසේදයත්: මේ සියලුම බුද්ධ වචනය:
“ද්වාසීති බුද්ධතො ගණ්හිං, ද්වෙ සහස්සානි භික්ඛුතො; චතුරාසීති සහස්සානි, යෙ මෙ ධම්මා පවත්තිනො”ති. (ථෙරගා· 1027);
‘ද්වාසීතිං බුද්ධතො ගණ්හිං - ද්වෙසහස්සානි භික්ඛුතො, චතුරාසීති සහස්සානි - යෙ මෙ ධම්මාපවත්තිනො’යි
මෙසේ දෙයාසු දහසක් ධර්මස්කන්ධ, බුදුරජාණන් වහන්සේ වෙතින් උගතිමි. දෙදහසක් ධර්මස්කන්ධ, දම්සෙනෙවි ඈ මහරහත් තෙරුන් වහන්සේ වෙතින් උගතිමි. යම් ධර්මයක් මාගේ ලෙහි පවතීද ඒ ධර්ම, සුවාසු දහසක් වේ යයි දක්වන ලද ධර්මස්කන්ධයන්ගේ වසයෙන් සුවාසූ දහසක් ප්‍රභෙද ඇත්තේය.
එවං පරිදීපිතධම්මක්ඛන්ධවසෙන චතුරාසීතිසහස්සප්පභෙදං හොති. තත්ථ එකානුසන්ධිකං සුත්තං එකො ධම්මක්ඛන්ධො. යං අනෙකානුසන්ධිකං තත්ථ අනුසන්ධිවසෙන ධම්මක්ඛන්ධගණනා. ගාථාබන්ධෙසු පඤ්හාපුච්ඡනං එකො ධම්මක්ඛන්ධො, විස්සජ්ජනං එකො. අභිධම්මෙ එකමෙකං තික-දුක-භාජනං, එකමෙකඤ්ච චිත්තවාරභාජනං, එකො ධම්මක්ඛන්ධො. විනයෙ අත්ථි වත්ථු, අත්ථි මාතිකා, අත්ථි පදභාජනීයං, අත්ථි අන්තරාපත්ති, අත්ථි ආපත්ති, අත්ථි අනාපත්ති, අත්ථි පරිච්ඡෙදො; තත්ථ එකමෙකො කොට්ඨාසො, එකමෙකො ධම්මක්ඛන්ධොති වෙදිතබ්බො. එවං ධම්මක්ඛන්ධවසෙන චතුරාසීතිසහස්සවිධං.
එහි එක් අනුසන්ධියක් ඇති සූත්‍රය එක් ධර්මස්කන්ධයක් වේ. නොයෙක් අනුසන්ධි ඇති යම් සූත්‍රයක් වේද, එහි අනුසන්ධි වසයෙන් ධර්මස්කන්ධයන්ගේ ගණන වේ. ගාථා ඛන්ධයන්හි ‘කති ඡින්දෙ කති ජහෙ’ යනාදි ලෙසින් පැවති ප්‍රශ්න විචාරීම, එක් ධර්මස්කන්ධයක් වේ ‘පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ’ යනාදි ලෙසින් පැවති ප්‍රශ්න විසර්ජනය එක් ධර්මස්කන්ධයක් වේ. අභිධර්මයෙහි එක් එක් ධර්මස්කන්ධයක් වේ. විනයයෙහි වස්තු ඇත්තේය. මාතෘකා ඇත්තේය. පදභාජනිය ඇත්තේය. අන්තරාපත්ති ඇත්තේය. අනාපත්ති ඇත්තේය. පරිච්ඡේද ඇත්තේය. එහි එක් එක් කොටසක් එක් එක් ධර්මස්කන්ධයකැයි දතයුතුය. මෙසේ ධර්මස්කන්ධ වශයෙන් සුවාසූදහස් වැදෑරුම් වූයේය.
එවමෙතං අභෙදතො රසවසෙන එකවිධං, භෙදතො ධම්මවිනයාදිවසෙන දුවිධාදිභෙදං බුද්ධවචනං සඞ්ගායන්තෙන මහාකස්සපප්පමුඛෙන වසීගණෙන “අයං ධම්මො, අයං විනයො; ඉදං පඨමබුද්ධවචනං, ඉදං මජ්ඣිමබුද්ධවචනං, ඉදං පච්ඡිමබුද්ධවචනං; ඉදං විනයපිටකං, ඉදං සුත්තන්තපිටකං, ඉදං අභිධම්මපිටකං; අයං දීඝනිකායො…පෙ… අයං ඛුද්දකනිකායො; ඉමානි සුත්තාදීනි නවඞ්ගානි, ඉමානි චතුරාසීතිධම්මක්ඛන්ධසහස්සානී”ති ඉමං පභෙදං වවත්ථපෙත්වාව සඞ්ගීතං. න කෙවලඤ්ච එත්තකමෙව, අඤ්ඤම්පි උද්දානසඞ්ගහ-වග්ගසඞ්ගහපෙය්යාලසඞ්ගහ-එකකනිපාත-දුකනිපාතාදිනිපාතසඞ්ගහ-සංයුත්තසඞ්ගහ-පණ්ණාසසඞ්ගහාදිඅනෙකවිධං තීසු පිටකෙසු සන්දිස්සමානං සඞ්ගහප්පභෙදං වවත්ථපෙත්වාඑව සත්තහි මාසෙහි සඞ්ගීතං. සඞ්ගීතිපරියොසානෙ චස්ස – “ඉදං මහාකස්සපත්ථෙරෙන දසබලස්ස සාසනං පඤ්චවස්සසහස්සපරිමාණං කාලං පවත්තනසමත්ථං කත”න්ති සඤ්ජාතප්පමොදා සාධුකාරං විය දදමානා අයං මහාපථවී උදකපරියන්තං කත්වා අනෙකප්පකාරං කම්පි සඞ්කම්පි සම්පකම්පි සම්පවෙධි, අනෙකානි ච අච්ඡරියානි පාතුරහෙසුන්ති අයං පඨමමහාසඞ්ගීතිනාම. යා ලොකෙ –
මෙසේ අභෙදයෙන් රස වසයෙන් එක් වැදෑරුම් වූ භෙදයෙන් ධර්මවිනයාදි වශයෙන් දෙවැදෑරුම් ඈ භෙද ඇති මේ බුද්ධ වචනය සඞ්ගායනා කරන්නා වූ මහාකාශ්‍යප මහාස්ථවිර ප්රමුඛ වශීගණයා විසින් මේ ධර්මය, මේ විනයය, මේ ප්‍රථම බුද්ධ වචනය, මේ මද්ධ්‍යම බුද්ධ වචනය, මේ පශ්චිම බුද්ධ වචනය, මේ විනයපිටකය, මේ සූත්‍ර පිටකය, මේ අභිධර්මපිටකය, මේ දීඝනිකායයි -පෙ- මේ ඛුද්දක නිකායය, මේ සූත්රාදීහු නවාඞ්ගය, යන මේ ප්‍රභෙදය ව්‍යවස්ථා කොටම, සඞ්ගායනා කරන ලද්දේය. හුදෙක්මෙ පමණක්ම සඞ්ගායනා කරන ලද්දේ නොවේ. අන්‍යවූද උදානසඞ්ග්රහ, වර්ගසඞ්ග්රහ, පෙය්යාලසඞ්ග්රහ, ඒකක නිපාත දුකනිපාතාදී වූ නිපාත සඞ්ග්‍රහ, සංයුක්තසඞ්ග්රහ, පණ්ණාසකසඞ්ග්රහ යනාදී වූ ත්‍රිපිටකයෙහි පෙනෙන නන් වැදෑරුම් වූ සඞ්ග්‍රහ ප්රභෙදයද ව්යාවස්ථාකොට, මෙසේ සත්මසකින් සඞ්ගායනා කරන ලද්දේය. මේ බුද්ධ වචනයෙහි සඞ්ගීතය අවසානයෙහිද, මහාකාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය අවුරුදු පන්දහසක් පමණ කල්පැවැත්මට සමර්ත්ථ වූවක් කරන ලදැයි හටගත් ප්‍රමොදය ඇති මේ මහාපෘථිවී තොමෝ සාධුකාර දෙන්නියක සේ දිය කෙළවරකොට නොයෙක් අයුරින් නැගි නැගී සැලුනීය. උඩ යට යෙමින් සැලුනීය. සිවු දිසාවෙහි යෙමින් සැලුනීය. අනෙකප්‍රකාර වූ ආශ්චර්‍ය්‍ය පහළවිය. මෝ ප්‍රථම සඞ්ගීති නම් වන්නීය.
සතෙහි පඤ්චහි කතා, තෙන පඤ්චසතාති ච; ථෙරෙහෙව කතත්තා ච, ථෙරිකාති පවුච්චතීති.
ලෙව්හි යම් සඞ්ගීතියක් මහාකාශ්‍යප මහාස්ථවිරාදි වූ පන්සියයක් රහතුන් වහන්සේ විසින් කරන ලද ද, ඒ කරණ කොට, පඤ්චසතායිද, තෙරුන් විසින්ම කළබැවින් ථෙරිකායිද කියනු ලබාද ඕ තොමෝ ප්‍රථම සඞ්ගීති නමු.
ප්‍රථම සඞ්ගීතිය නිමි.
ඉමිස්සා පන පඨමමහාසඞ්ගීතියා පවත්තමානාය විනයං පුච්ඡන්තෙන ආයස්මතා මහාකස්සපෙන “පඨමං, ආවුසො උපාලි, පාරාජිකං කත්ථ පඤ්ඤත්ත”න්ති එවමාදිවචනපරියොසානෙ “වත්ථුම්පි පුච්ඡි, නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡී”ති එත්ථ නිදානෙ පුච්ඡිතෙ තං නිදානං ආදිතො පභුති විත්ථාරෙත්වා යෙන ච පඤ්ඤත්තං, යස්මා ච පඤ්ඤත්තං, සබ්බමෙතං කථෙතුකාමෙන ආයස්මතා උපාලිත්ථෙරෙන වුත්තං “තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරතී”ති සබ්බං වත්තබ්බං. එවමිදං ආයස්මතා උපාලිත්ථෙරෙන වුත්තං, තඤ්ච පන “පඨමමහාසඞ්ගීතිකාලෙ වුත්ත”න්ති වෙදිතබ්බං. එත්තාවතා ච “ඉදං වචනං කෙන වුත්තං, කදා වුත්ත”න්ති එතෙසං පදානං අත්ථො පකාසිතො හොති.
මේ ප්‍රථම සඞ්ගීතිය පවත්නා කාලයෙහි විනය විචාරන්නා වූ ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ විසින් ‘පඨමං ආවුසො උපාලි පාරාජිකං කත්ථ පඤ්ඤත්තං’ යි වදාළ මේ ආදී වචන අවසානයෙහි ‘වත්ථුම්පි පුච්ඡි, නිදානම්පි පුච්ඡි, පුග්ගලම්පි පුච්ඡි’යි මෙහි නිදානය විචාළ කල්හි ඒ නිදානය මුල පටන් විස්තරකොට ‘යමක්හු විසින් පණවන ලදද, යම්හෙයකින් පණවන ලදදැ’යි මේ සියල්ල කියනු කැමැති වූ ආයුෂ්මත් වූ උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් කියන ලද ‘තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරති’ යන මේ සියල්ල කියයුත්තේය. මෙසේ මෙය ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් කියන ලද්දේය. එද ප්‍රථම සඞ්ගීති කාලයෙහි කියන ලදැයි දතයුතුය. මෙපමණකිනුදු ‘ඉදං වචනං කෙන වුත්තං කදා ච වුත්තං’ යන මේ පදවල අර්ත්ථය ප්‍රකාශ කරන ලද්දේ වේ.
ඉදානි කස්මා වුත්තන්ති එත්ථ වුච්චතෙ, යස්මා අයමායස්මතා මහාකස්සපත්ථෙරෙන නිදානං පුට්ඨො තස්මානෙන තං නිදානං ආදිතො පභුති විත්ථාරෙතුං වුත්තන්ති. එවමිදං ආයස්මතා උපාලිත්ථෙරෙන පඨමමහාසඞ්ගීතිකාලෙ වදන්තෙනාපි ඉමිනා කාරණෙන වුත්තන්ති වෙදිතබ්බං. එත්තාවතා ච වුත්තං යෙන යදා යස්මාති ඉමෙසං මාතිකාපදානං අත්ථො පකාසිතො හොති.
දැන් ‘කස්මා වුත්තං’ යනු මෙහිලා කියනු ලැබේ. යම්හෙයකින් මේ ආයුෂ්මත් උපාලි මහාස්ථවිර තෙමේ ආයුෂ්මත් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ විසින් නිදානය විචාරණ ලද්දේද, එහෙයින් උන්වහන්සේ විසින් ඒ නිදානය මුලපටන් විස්තර කරනු පිණිස කියන ලද්දේ යයි මෙසේ මේ විස්තරය ප්‍රථම සඞ්ගීති කාලයෙහි කියන්නාවූද ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් මේ කාරණයෙන් කියන ලදැයි දතයුතුය. මෙපමණකිනුදු ‘වුත්තං යෙන යදා යස්මා’ යන මේ මාතෘකා පදයන්ගේ අර්ත්ථය ප්‍රකාශ කරන ලද්දේ වේ.
ඉදානි ධාරිතං යෙන චාභතං, යත්ථප්පතිට්ඨිතං චෙතමෙතං වත්වා විධිං තතොති එතෙසං අත්ථප්පකාසනත්ථං ඉදං වුච්චති. තං පනෙතං “තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරතී”ති එවමාදිවචනපටිමණ්ඩිතනිදානං විනයපිටකං කෙන ධාරිතං, කෙනාභතං, කත්ථ පතිට්ඨිතන්ති? වුච්චතෙ – ආදිතො තාව ඉදං භගවතො සම්මුඛා ආයස්මතා උපාලිත්ථෙරෙන ධාරිතං, තස්ස සම්මුඛතො අපරිනිබ්බුතෙ තථාගතෙ ඡළභිඤ්ඤාදිභෙදෙහි අනෙකෙහි භික්ඛුසහස්සෙහි පරිනිබ්බුතෙ තථාගතෙ මහාකස්සපප්පමුඛෙහි ධම්මසඞ්ගාහකත්ථෙරෙහි. කෙනාභතන්ති? ජම්බුදීපෙ තාව උපාලිත්ථෙරමාදිං කත්වා ආචරියපරම්පරාය යාව තතියසඞ්ගීති තාව ආභතං. තත්රායං ආචරියපරම්පරා –
දැන් ‘ධාරිතං යෙන චාහතං යත්ථප්පතිට්ඨිතං චෙතමෙතං වත්වා විධිං තතො’ යන මේ පදවල අර්ත්ථ ප්‍රකාශය පිණිස මේ කියනු ලැබේ. ‘තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරති’යි. මේ ආදි වචනයන්ගෙන් ප්‍රතිමණ්ඩිත වූ නිදානය ඇති ඒ මේ විනය පිටකය වනාහි ‘කවරකු විසින් දරණ ලදද, කවරකු විසින් ගෙන එන ලදද; කවරෙකු කෙරෙහි පිහිටියේදැ’යි කියනු ලැබේ: ආදියෙහි වනාහි මේ විනය පිටකය භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් දරණ ලද්දේය. තථාගතයන් වහන්සේ ධරමාණ කාලයෙහිම ෂඩභිඥාදි ප්රභෙදවත් ගුණ ඇති නොයෙක් දහස්ගණන් භික්ෂූන් විසින් මහාස්ථවිරයන් වහන්සේගේ හමුවෙහි උගන්නා ලද්දේය. තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි මහාකාශ්‍යප මහා ස්ථවිර ප්රමුඛ ධර්‍මසඞ්ග්‍රාහක මහාස්ථවිරයන් වහන්සේලා විසින් දරණ ලද්දේය. ‘කෙනාභතං’ මේ විනය පිටකය දඹදිව උපාලි මහාස්ථවිරයන් වහන්සේ ආදිකොට සිටි ඇදුරු පරපුර විසින් තෘතීය සඞ්ගීතිය දක්වා ගෙන එන ලද්දේය.
උපාලි දාසකො චෙව, සොණකො සිග්ගවො තථා; තිස්සො මොග්ගලිපුත්තො ච, පඤ්චෙතෙ විජිතාවිනො.
මේ ඒ ඇදුරු පරපුර: දිනූ කෙලෙස් ඇති උපාලි මහාස්ථවිර, දාසක ස්ථවිර සොණක ස්ථවිර, සිග්ගව ස්ථවිර, මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර යන මහාස්ථවිරයන් වහන්සේලා පස්නම, විනය පිටකය දඹදිව නොසිඳුනක්කොට, පරම්පරාවෙන් තෘතීය සඞ්ගීතිය දක්වා ගෙන ආහ.
පරම්පරාය විනයං, දීපෙ ජම්බුසිරිව්හයෙ; අච්ඡිජ්ජමානමානෙසුං, තතියො යාව සඞ්ගහො.
ආයස්මා හි උපාලි ඉමං විනයවංසං විනයතන්තිං විනයපවෙණිං භගවතො සම්මුඛා උග්ගහෙත්වා බහූනං භික්ඛූනං හදයෙ පතිට්ඨාපෙසි. තස්ස හායස්මතො සන්තිකෙ විනයවංසං උග්ගහෙත්වා විනයෙ පකතඤ්ඤුතං පත්තෙසු පුග්ගලෙසු පුථුජ්ජන-සොතාපන්න-සකදාගාමි-අනාගාමිනො ගණනපථං වීතිවත්තා, ඛීණාසවානං සහස්සමෙකං අහොසි.
ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ මේ විනයවංසය, විනයතන්තිය, විනය ප්‍රවෙණිය, භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි උගෙන, බොහෝ භික්ෂූන්ගේ ලෙහි පිහිටුවාලූහ. ඒ ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහි විනය උගෙන, ව්යක්තභාවයට පැමිණි පුද්ගලයන් අතුරෙහි පෘථග්ජන, ස්‍රොතාපන්න, සකෘදාගාමී, අනාගාමීහු සඞ්ඛ්යාපථය ඉක්මවා ගියහ. රහතුන් වහන්සේම එක්දහසක් වූහ.
දාසකත්ථෙරොපි තස්සෙව සද්ධිවිහාරිකො අහොසි, සො උපාලිත්ථෙරස්ස සම්මුඛා උග්ගහෙත්වා තථෙව විනයං වාචෙසි. තස්සාපි ආයස්මතො සන්තිකෙ උග්ගහෙත්වා විනයෙ පකතඤ්ඤුතං පත්තා පුථුජ්ජනාදයො ගණනපථං වීතිවත්තා, ඛීණාසවානං සහස්සමෙව අහොසි. සොණකත්ථෙරොපි දාසකත්ථෙරස්ස සද්ධිවිහාරිකො අහොසි, සොපි අත්තනො උපජ්ඣායස්ස දාසකත්ථෙරස්ස සම්මුඛා උග්ගහෙත්වා තථෙව විනයං වාචෙසි. තස්සාපි ආයස්මතො සන්තිකෙ උග්ගහෙත්වා විනයෙ පකතඤ්ඤුතං පත්තා පුථුජ්ජනාදයො ගණනපථං වීතිවත්තා, ඛීණාසවානං සහස්සමෙව අහොසි. සිග්ගවත්ථෙරොපි සොණකත්ථෙරස්ස සද්ධිවිහාරිකො අහොසි, සොපි අත්තනො උපජ්ඣායස්ස සොණකත්ථෙරස්ස සන්තිකෙ විනයං උග්ගහෙත්වා අරහන්තසහස්සස්ස ධුරග්ගාහො අහොසි. තස්ස පනායස්මතො සන්තිකෙ උග්ගහෙත්වා විනයෙ පකතඤ්ඤුතං පත්තා පුථුජ්ජන-සොතාපන්නසකදාගාමි-අනාගාමිනොපි ඛීණාසවාපි එත්තකානි සතානීති වා එත්තකානි සහස්සානීති වා අපරිච්ඡින්නා අහෙසුං. තදා කිර ජම්බුදීපෙ අතිමහාභික්ඛුසමුදායො අහොසි. මොග්ගලිපුත්තතිස්සත්ථෙරස්ස පන ආනුභාවො තතියසඞ්ගීතියං පාකටො භවිස්සති. එවමිදං විනයපිටකං ජම්බුදීපෙ තාව ඉමාය ආචරියපරම්පරාය යාව තතියසඞ්ගීති තාව ආභතන්ති වෙදිතබ්බං.
දාසක ස්ථවිරයන් වහන්සේද? ඒ උපාලි මහාස්ථවිරයන් වහන්සේගේම සද්ධිවිහාරිකයෙක් වූයේය. දාසක ස්ථවිර උපාලි මහාස්ථවිරයන් වහන්සේගේ හමුවෙහි විනය උගෙන එපරිද්දෙන් විනය කියවූයේය. ඒ ආයුෂ්මත්හුගේද සමීපයෙහි විනය උගෙන, විනයයෙහි ව්යක්තභාවයට ගියාවූ පෘථග්ජනාදීහු සඞ්ඛ්යාපථය ඉක්මවූහ. රහතුන් වහන්සේ දහසක්ම වූහ. සොණක ස්ථවිර වනාහි දාසක ස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වූයේය. උන්වහන්සේද තමන්ගේ උපාද්ධ්‍යාය වූ දාසක ස්ථවිරයන් වහන්සේගේ හමුවෙහි විනය උගෙන, එසේම විනය කියවූහ. ඒ ආයුෂ්මත්හුගේද සමීපයෙහි විනය උගෙන, විනයයෙහි ව්‍යක්ත භාවයට පැමිණි පෘථග්ජනාදීහු සඞ්ඛ්යාපථය ඉක්මවා සිටියහ. රහතුන් වහන්සේම දහසක් වූහ. සිග්ගව ස්ථවිර, සොණක ස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වූයේය. උන්වහන්සේ සොණක ස්ථවිරයන් වහන්සේගේ හමුවෙහි විනය උගෙන, දහසක් රහතුන් වහන්සේගේ ප්‍රධාන ස්ථානය ගත්හ. ඒ ආයුෂ්මතුන් වහන්සේගේ සමීපයෙහි විනය උගෙන, විනයයෙහි ව්යක්තභාවයට පැමිණි පෘථග්ජන, ස්‍රොතාපන්න, සකෘදාගාමී, අනාගාමීහුද, රහත්හුද සියගණනින් මෙතෙකැයි හෝ දහස් ගණනින් මෙතෙකැයි නොපිරිසිඳින ලද්දා වූහ. එකල්හි දඹදිව ඉතා මහත් වූ භික්ෂු සමූහයක් වූයේය. මොග්ගලීපුත්තතිස්ස මහාස්ථවිරයන් වහන්සේගේ ආනුභාවය තෘතීය සඞ්ගීතියෙහි ප්‍රකට වන්නේය. මෙසේ මේ විනයපිටකය පළමුකොට දඹදිව මේ ඇදුරු පරපුර විසින් තෘතීය සඞ්ගීතිය දක්වා ගෙන එන ලදැයි දතයුතුය.
පඨමමහාසඞ්ගීතිකථා නිට්ඨිතා.