යෙදුමෙන් කියවන්න

දුතියසඞ‍්ගීතිකථා අට‍්ඨකථා

දුතියසඞ‍්ගීතිකථා

දෙවන සඞ්ගීති කථා

දුතියසඞ‍්ගීතිවිජානනත්‍ථං පන අයමනුක‍්කමො වෙදිතබ‍්බො. යදා හි –

ද්විතීය සඞ්ගීතිය පිළිබඳ කරුණු දැනීම පිණිස මේ පිළිවෙළ දතයුතුය:

සඞ‍්ගායිත්‍වාන සද‍්ධම‍්මං, ජොතයිත්‍වා ච සබ‍්බධි; යාව ජීවිතපරියන‍්තං, ඨත්‍වා පඤ‍්චසතාපි තෙ.

යම් කලක වනාහි සද්ධර්‍මය සඞ්ගායනා කොට සියලු තන්හි ඒ සද්ධර්‍මය බබුලුවා මුළුමනින් ගෙවා දැමූ කාමාදි ආස්‍රව ඇති ප්‍රඥා ලෝකයෙන් ආලෝකවත් වූ ආලය රහිත වූ මහාකාශ්‍යපාදී වූ පන්සියයක් මහාස්ථවිරයන් වහන්සේලා දිවි කෙළවර තෙක් සිට සිඳීගිය තෙල් ඇති පහන් මෙන් අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවියාහුය.

ඛීණාසවා ජුතීමන‍්තො, ථෙරා කස‍්සපආදයො; ඛීණස‍්නෙහපදීපාව, නිබ‍්බායිංසු අනාලයා.

අථානුක‍්කමෙන ගච‍්ඡන‍්තෙසු රත‍්තින්‍දිවෙසු වස‍්සසතපරිනිබ‍්බුතෙ භගවති වෙසාලිකා වජ‍්ජිපුත‍්තකා භික‍්ඛූ වෙසාලියං “කප‍්පති සිඞ‍්ගීලොණකප‍්පො, කප‍්පති ද‍්වඞ‍්ගුලකප‍්පො, කප‍්පති ගාමන‍්තරකප‍්පො, කප‍්පති ආවාසකප‍්පො, කප‍්පති අනුමතිකප‍්පො, කප‍්පති ආචිණ‍්ණකප‍්පො, කප‍්පති අමථිතකප‍්පො, කප‍්පති ජළොගිං පාතුං, කප‍්පති අදසකං නිසීදනං, කප‍්පති ජාතරූපරජත”න‍්ති ඉමානි දස වත්‍ථූනි දීපෙසුං. තෙසං සුසුනාගපුත‍්තො කාළාසොකො නාම රාජා පක‍්ඛො අහොසි.

මෙසේ ක්‍රමයෙන් රෑදාවල ඉක්මයන කල්හි භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු සියයක් ඉක්මයත්ම විසල්පුර වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු, විසල් පුරයෙහි ‘කප්පති සිඞ්ගිලොණ කප්පො, කප්පති ද්වඞ්ගුලකප්පො, කප්පති ගාමන්තරකප්පො, කප්පති ආවාසකප්පො, කප්පති අනුමතිකප්පො, කප්පති ආචිණ්ණකප්පො, කප්පති අමථිතකප්පො, කප්පති ජලොගිපාතුං, කප්පති අදසකං නිසීදනං, කප්පති ජාතරූපරජතං’ යන මේ දශවස්තූන් කැපයයි දක්වාලූහ. වැදැරට වැසි ඒ භික්‍ෂූන්ට සුසුනාග පුත්‍ර වූ කාලාශෝක රජතෙමේ පක්‍ෂ වූයේය.

තෙන ඛො පන සමයෙන ආයස‍්මා යසො කාකණ‍්ඩකපුත‍්තො වජ‍්ජීසු චාරිකං චරමානො “වෙසාලිකා කිර වජ‍්ජිපුත‍්තකා භික‍්ඛූ වෙසාලියං දස වත්‍ථූනි දීපෙන‍්තී”ති සුත්‍වා “න ඛො පනෙතං පතිරූපං ය‍්වාහං දසබලස‍්ස සාසනවිපත‍්තිං සුත්‍වා අප‍්පොස‍්සුක‍්කො භවෙය්‍යං. හන්‍දාහං අධම‍්මවාදිනො නිග‍්ගහෙත්‍වා ධම‍්මං දීපෙමී”ති චින‍්තෙන‍්තො යෙන වෙසාලී තදවසරි. තත්‍ර සුදං ආයස‍්මා යසො කාකණ‍්ඩකපුත‍්තො වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං.

එකල්හිවනාහි කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස මහාස්ථවිරයන් වහන්සේ වැදැරට චාරිකාවෙහි හැසිරෙණ සේක් ‘විසල්පුර වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන් විසල් පුරයෙහි දශවස්තූන් ප්‍රකාශ කරති’යි ඇසූහ. ඒ අසා ‘යම්බඳු වූ මම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට වන විපත අසා පසුබට වන්නෙම් නම් එය මට සුදුසු නොවේ, එබැවින් මම අධර්‍මවාදීන්ට නිග්‍රහකොට ධර්‍මය දක්වාලමි’යි සිතා විශාලා මහනගරයට වැඩම කළහ. කාකණ්ඩක පුත්‍ර වූ ආයුෂ්මත් යස මහාස්ථවිරයන් වහන්සේ එහි විශාලා මහනගරයෙහි මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක.

තෙන ඛො පන සමයෙන වෙසාලිකා වජ‍්ජිපුත‍්තකා භික‍්ඛූ තදහුපොසථෙ කංසපාතිං උදකෙන පූරෙත්‍වා මජ‍්ඣෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස ඨපෙත්‍වා ආගතාගතෙ වෙසාලිකෙ උපාසකෙ එවං වදන‍්ති – “දෙථාවුසො, සඞ‍්ඝස‍්ස කහාපණම‍්පි අඩ‍්ඪම‍්පි පාදම‍්පි මාසකරූපම‍්පි, භවිස‍්සති සඞ‍්ඝස‍්ස පරික‍්ඛාරෙන කරණීය”න‍්ති සබ‍්බං තාව වත‍්තබ‍්බං, යාව “ඉමාය පන විනයසඞ‍්ගීතියා සත‍්ත භික‍්ඛුසතානි අනූනානි අනධිකානි අහෙසුං, තස‍්මා අයං දුතියසඞ‍්ගීති සත‍්තසතිකාති වුච‍්චතී”ති.

එකල්හි විසල්පුර වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු එ දවස පොහොයෙහි රන්තලියක් දියෙන් පුරවා භික්‍ෂු සඞ්ඝයා මැද තබා එහි පැමිණි විසල්පුර වැසි උපාසකයන්ට, ‘උපාසකයෙනි! සඞ්ඝයා හට කහවණු, අඩකහවණු, කහවණුපාද, මසුද දෙවු, සඞ්ඝයා හට පිරිකරින් කටයුතු ඇත්තේ වන්නේය’යි කියන්නට වූහ. සත්තසතිකක්‍ඛන්‍ධකයෙහි ආ සියල්ල මෙහි කියයුතුය. මේ විනය සඞ්ගීතියෙහි අඩුවැඩි නොවූ සත්සියයක් භික්‍ෂූහු වූවාහුද, එහෙයින් ද්විතීය සඞ්ගීතිය සත්තසතිකායි කියනු ලැබේ.

එවං තස‍්මිඤ‍්ච සන‍්නිපාතෙ ද‍්වාදස භික‍්ඛුසතසහස‍්සානි සන‍්නිපතිංසු ආයස‍්මතා යසෙන සමුස‍්සාහිතා. තෙසං මජ‍්ඣෙ ආයස‍්මතා රෙවතෙන පුට‍්ඨෙන සබ‍්බකාමිත්‍ථෙරෙන විනයං විස‍්සජ‍්ජෙන‍්තෙන තානි දස වත්‍ථූනි විනිච‍්ඡිතානි, අධිකරණං වූපසමිතං. අථ ථෙරා “පුන ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිස‍්සාමා”ති තිපිටකධරෙ පත‍්තපටිසම‍්භිදෙ සත‍්තසතෙ භික‍්ඛූ උච‍්චිනිත්‍වා වෙසාලියං වාලිකාරාමෙ සන‍්නිපතිත්‍වා මහාකස‍්සපත්‍ථෙරෙන සඞ‍්ගායිතසදිසමෙව සබ‍්බං සාසනමලං සොධෙත්‍වා පුන පිටකවසෙන නිකායවසෙන අඞ‍්ගවසෙන ධම‍්මක‍්ඛන්‍ධවසෙන ච සබ‍්බං ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිංසු. අයං සඞ‍්ගීති අට‍්ඨහි මාසෙහි නිට‍්ඨිතා. යා ලොකෙ –

මේ සඞ්ඝ සන්නිපාතයෙහි ආයුෂ්මත් යස මහාස්ථවිරයන් වහන්සේ විසින් උත්සාහවත් කරන ලද දොළොස් ලක්‍ෂයක් භික්‍ෂූහු රැස් වූහ. ඒ භික්‍ෂූන් මැද ආයුෂ්මත් රෙවත මහාස්ථවිරයන් වහන්සේ විසින් විචාරණ ලද විනය විසඳන්නා වූ සබ්බකාමී මහස්ථවිරයන් වහන්සේ විසින් ඒ දශවස්තූහු විනිශ්චය කරන ලද්දාහු අධිකරණය සන්සිඳුවන ලද්දේය. ඉක්බිති ඒ මහස්ථවිරයන් වහන්සේලා නැවත ධර්‍මයත් විනයයත් සඞ්ගායනා කරන්නෙමුයි තෙවළාදර වූ පැමිණි පිළිසැඹියා ඇති සත්සියයක් භික්‍ෂූන් තෝරාගෙන විශාලා මහනගරයෙහි වාලුකාරාමයෙහි රැස්ව හිඳ මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේ විසින් සඞ්ගායනා කළ පරිද්දෙන්ම සියලු සසුන්මල සෝදා හැර, නැවත පිටක වසයෙන් නිකාය වසයෙන් සියලු ධර්‍මයද විනයයද සඞ්ගායනා කළහ. මේ සඞ්ගායනාව අටමසකින්කොට නිමවන ලදී. යම් සඞ්ගීතියක් ලොකයෙහි:

සතෙහි සත‍්තහි කතා, තෙන සත‍්තසතාති ච; පුබ‍්බෙ කතං උපාදාය, දුතියාති ච වුච‍්චතීති.

‘සත් සියයක් මහරහතුන් වහන්සේ විසින් කරන ලදද, එහෙයින් සත්තසතිකායිද, පෙරකළ සඞ්ගීතිය ගෙන, දුතියා’යිද කියනු ලැබේද

සා පනායං –

යෙහි ථෙරෙහි සඞ‍්ගීතා, සඞ‍්ගීති තෙසු විස‍්සුතා; සබ‍්බකාමී ච සාළ‍්හො ච, රෙවතො ඛුජ‍්ජසොභිතො.

ඒ මේ ප්‍රසිද්ධ වූ ද්විතීය සඞ්ගීතිය යම් මහා තෙරකෙනකුන් විසින් සඞ්ගායනා කරන ලදද, ඒ සඞ්ගීතිකාරක මහාස්ථවිරයන් වහන්සේ අතුරෙහි ආනන්‍ද මහා ස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වූ තථාගතයන් වහන්සේ දුටුවිරූ සබ්බකාමී මහා ස්ථවිර, සාළහ මහා ස්ථවිර, රෙවත මහාස්ථවිර, ඛුජ්ජසොභිත මහා ස්ථවිර, යස මහා ස්ථවිර, සාණ සම්භුත මහා ස්ථවිර යන මේ මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රසිද්ධයහ.

යසො ච සාණසම‍්භූතො, එතෙ සද‍්ධිවිහාරිකා; ථෙරා ආනන්‍දථෙරස‍්ස, දිට‍්ඨපුබ‍්බා තථාගතං.

සුමනො වාසභගාමී ච, ඤෙය්‍යා සද‍්ධිවිහාරිකා; ද‍්වෙ ඉමෙ අනුරුද‍්ධස‍්ස, දිට‍්ඨපුබ‍්බා තථාගතං.

සුමන මහාස්ථවිර, වාසභගාමි මහාස්ථවිර මහාස්ථවිරයන් වහන්සේලා දෙනම අනුරුද්ධ මහාස්ථවිරයන් වහන්සේගේ සද්ධිවිහාරික වෙති. තථාගතයන් වහන්සේ පෙර දක්නා ලද්දෝ යයි දතයුත්තාහ.

දුතියො පන සඞ‍්ගීතො, යෙහි ථෙරෙහි සඞ‍්ගහො; සබ‍්බෙපි පන‍්නභාරා තෙ, කතකිච‍්චා අනාසවාති.

යම් මහා තෙර කෙනෙකුන් විසින් ද්විතීය සඞ්ග්‍රහය සඞ්ගායනා කරන ලද්දේද, ඒ සියලුදෙනා වහන්සේම බහා තැබූ ස්කන්‍ධ භාරය ඇත්තාහුය. සිවුමගින් කළයුතු වූ සොඩශවිධ කෘත්‍යය ඇත්තාහුය. ආස්‍රව රහිතයහ.

අයං දුතියසඞ‍්ගීති.

මේ ද්විතීය සඞ්ගීතියයි.

එවමිමං දුතියසඞ‍්ගීතිං සඞ‍්ගායිත්‍වා ථෙරා “උප‍්පජ‍්ජිස‍්සති නු ඛො අනාගතෙපි සාසනස‍්ස එවරූපං අබ‍්බුද”න‍්ති ඔලොකයමානා ඉමං අද‍්දසංසු – “ඉතො වස‍්සසතස‍්ස උපරි අට‍්ඨාරසමෙ වස‍්සෙ පාටලිපුත‍්තෙ ධම‍්මාසොකො නාම රාජා උප‍්පජ‍්ජිත්‍වා සකලජම‍්බුදීපෙ රජ‍්ජං කාරෙස‍්සති. සො බුද‍්ධසාසනෙ පසීදිත්‍වා මහන‍්තං ලාභසක‍්කාරං පවත‍්තයිස‍්සති. තතො තිත්‍ථියා ලාභසක‍්කාරං පත්‍ථයමානා සාසනෙ පබ‍්බජිත්‍වා සකං සකං දිට‍්ඨිං පරිදීපෙස‍්සන‍්ති. එවං සාසනෙ මහන‍්තං අබ‍්බුදං උප‍්පජ‍්ජිස‍්සතී”ති. අථ නෙසං එතදහොසි – “කින‍්නු ඛො මයං එතස‍්මිං අබ‍්බුදෙ උප‍්පන‍්නෙ සම‍්මුඛා භවිස‍්සාම, න භවිස‍්සාමා”ති. අථ තෙ සබ‍්බෙව තදා අත‍්තනො අසම‍්මුඛභාවං ඤත්‍වා “කො නු ඛො තං අධිකරණං වූපසමෙතුං සමත්‍ථො භවිස‍්සතී”ති සකලං මනුස‍්සලොකං ඡකාමාවචරදෙවලොකඤ‍්ච ඔලොකෙන‍්තා න කඤ‍්චි දිස‍්වා බ්‍රහ‍්මලොකෙ තිස‍්සං නාම මහාබ්‍රහ‍්මානං අද‍්දසංසු පරිත‍්තායුකං උපරිබ්‍රහ‍්මලොකූපපත‍්තියා භාවිතමග‍්ගං. දිස‍්වාන නෙසං එතදහොසි – “සචෙ මයං එතස‍්ස බ්‍රහ‍්මුනො මනුස‍්සලොකෙ නිබ‍්බත‍්තනත්‍ථාය උස‍්සාහං කරෙය්‍යාම, අද‍්ධා එස මොග‍්ගලිබ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගහෙස‍්සති. තතො ච මන‍්තෙහි පලොභිතො නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සති. සො එවං පබ‍්බජිත්‍වා සකලං බුද‍්ධවචනං උග‍්ගහෙත්‍වා අධිගතපටිසම‍්භිදො හුත්‍වා තිත්‍ථියෙ මද‍්දිත්‍වා තං අධිකරණං විනිච‍්ඡිත්‍වා සාසනං පග‍්ගණ‍්හිස‍්සතී”ති.

මෙසේ මේ ද්විතීය සඞ්ගීතිය සඞ්ගායනාකොට, ඒ මහා ස්ථවිරයන් වහන්සේලා ‘අනාගතයෙහිද ශාසනයට මෙබඳු උවදුරු වන්නේදැ’යි බලා වදාරන්නාහු, ‘මෙයින් අවුරුදු සියයකට පසුව අටළොස්වන අවුරුද්දෙහි පැළලුප් නුවර ධර්‍මාශොක නම් රජෙක් ඉපිද, සියලු දඹදිව රාජ්‍යය කරවන්නේය, හෙතෙම බුදුසසුනෙහි පැහැද මහත් ලාභසත්කාර පවත්වන්නේය, ඒ හේතුවෙන් තීර්ථකයෝ ලාභසත්කාර පතන්නෝ, සසුනෙහි පැවිදිව තමතමන්ගේ දෘෂ්ටීන් දක්වන්නාහුය, මෙසේ සසුනෙහි මහත් අර්බුද උපදින්නේය’ යන මෙය දැන වදාළාහුය. එකල්හි උන්වහන්සේලාට ‘කිම, අපි මේ අර්බුදය උපන්කල්හි හමු වන්නමෝද, හමු නො වන්නමෝදැ’යි මේ අදහස උපන්නේය. ඉක්බිති සියල්ලෝ එකල්හි තමන් නොහමුවන බව දැන කවරෙක් ඒ අධිකරණය සන්සිඳුවාලන්නට සමර්‍ත්‍ථ වන්නේදැයි සියලු මනුෂ්‍ය ලෝකයත් ෂඩ්විධ කාමාවචර දෙවලොකයත් බලන්නාහු, දෙලොවම එයට සමර්‍ත්‍ථ වූ කිසිවෙකු නොදැක, බ්‍රහ්ම ලොකයෙහි මදආයු ඇතිව මතු බඹලොවක ඉපදීමට වැඩූ ධ්‍යාන ඇතිව සිටි තිස්ස නම් මහබඹහු දුටහ. දැක ‘ඉදින් අපි මිනිස්ලොව ඉපදීමට, මොහුට උත්සාහය උපදවන්නෙමු නම්, ඒකාන්තයෙන් මෙතෙමේ මොග්ගලි බ්‍රාහ්මණයාගේ ගෙයි පිළිසිඳ ගන්නේය, එයින් පසු මන්ත්‍රයන්ගෙන් පොළොඹවන ලදුයේ, ගෙන් නික්ම පැවිදි වන්නේය, හෙතෙමේ මෙසේ පැවිදිව සියලු බුදුවදන් උගෙන, ලැබූ පිළිසැඹියා ඇත්තේ, තීර්ථකයන් මැඩ ඒ අධිකරණය විනිශ්චයකොට සසුන නගාසිටුවන්නේය’යි මේ අදහස වූයේය.

තෙ බ්‍රහ‍්මලොකං ගන‍්ත්‍වා තිස‍්සං මහාබ්‍රහ‍්මානං එතදවොචුං – “ඉතො වස‍්සසතස‍්ස උපරි අට‍්ඨාරසමෙ වස‍්සෙ සාසනෙ මහන‍්තං අබ‍්බුදං උප‍්පජ‍්ජිස‍්සති. මයඤ‍්ච සකලං මනුස‍්සලොකං ඡකාමාවචරදෙවලොකඤ‍්ච ඔලොකයමානා කඤ‍්චි සාසනං පග‍්ගහෙතුං සමත්‍ථං අදිස‍්වා බ්‍රහ‍්මලොකං විචිනන‍්තා භවන‍්තමෙව අද‍්දසාම. සාධු, සප‍්පුරිස, මනුස‍්සලොකෙ නිබ‍්බත‍්තිත්‍වා දසබලස‍්ස සාසනං පග‍්ගණ‍්හිතුං පටිඤ‍්ඤං දෙහී”ති.

අනතුරුව උන්වහන්සේලා බඹ ලොවට වැඩ තිස්ස නම් මහාබ්‍රහ්මයා හට ‘මෙයින් අවුරුදු සියයකට මත්තෙහි අටළොස්වන අවුරුද්දෙහි ශාසනයෙහි මහත් අර්බුදයක් උපදින්නේය, අපිද සියලු මනුෂ්‍ය ලොකයත් ෂඩ්විධ කාමාවචර දෙවලොකයත් පරීක්‍ෂාකර බලන්නමෝ, ශාසනය නගාසිටුවන්නට සමර්‍ත්‍ථ වූ කිසිවෙකු නොදැක බඹලොව පරීක්‍ෂාකර බලන්නමෝ, පින්වත්හු දුටුවෙමු, සත්පුරුෂය! මැනව, එහෙයින් මිනිස්ලොව ඉපද දශබලධාරී භාග්‍යවතුන් වහන්සේගේ සසුන නගාසිටුවනු මැනවි, එයට අපට පොරොන්දුවක් දෙව’යි කියා සිටියාහ.

එවං වුත‍්තෙ මහාබ්‍රහ‍්මා, “අහං කිර සාසනෙ උප‍්පන‍්නං අබ‍්බුදං සොධෙත්‍වා සාසනං පග‍්ගහෙතුං සමත්‍ථො භවිස‍්සාමී”ති හට‍්ඨපහට‍්ඨො උදග‍්ගුදග‍්ගො හුත්‍වා, “සාධූ”ති පටිස‍්සුණිත්‍වා පටිඤ‍්ඤං අදාසි. ථෙරා බ්‍රහ‍්මලොකෙ තං කරණීයං තීරෙත්‍වා පුන පච‍්චාගමිංසු.

මෙසේ කියාසිටිකල්හි මහාබ්‍රහ්මතෙමේ ‘මම අනාගතයෙහි සසුනෙහි උපදින අර්බුදය නසාලීමෙන් සසුන නගාසිටුවන්නට සමර්‍ත්‍ථ වන්නෙමි’යි තුටු පහටුවූයේ, අතිශයින් ඔද වැඩීගියේ, ‘යහපතැ’යි ගිවිස පොරොන්දුවක් දුන්නේය. මහාස්ථවිරයන් වහන්සේලා බඹලොව ඒ කටයුතුකොට නිමවා පෙරළා මිනිස් ලොවට පැමිණියහ.

තෙන ඛො පන සමයෙන සිග‍්ගවත්‍ථෙරො ච චණ‍්ඩවජ‍්ජිත්‍ථෙරො ච ද‍්වෙපි නවකා හොන‍්ති දහරභික‍්ඛූ තිපිටකධරා පත‍්තපටිසම‍්භිදා ඛීණාසවා, තෙ තං අධිකරණං න සම‍්පාපුණිංසු. ථෙරා “තුම‍්හෙ, ආවුසො, අම‍්හාකං ඉමස‍්මිං අධිකරණෙ නො සහායකා අහුවත්‍ථ, තෙන වො ඉදං දණ‍්ඩකම‍්මං හොතු – ‘තිස‍්සො නාම බ්‍රහ‍්මා මොග‍්ගලිබ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හිස‍්සති, තං තුම‍්හාකං එකො නීහරිත්‍වා පබ‍්බාජෙතු, එකො බුද‍්ධවචනං උග‍්ගණ‍්හාපෙතූ’”ති වත්‍වා සබ‍්බෙපි යාවතායුකං ඨත්‍වා –

ඒ කාලයෙහි සිග්ගව, චණ්ඩවජ්ජි යන ස්ථවීර දෙනම නවකයෝ වෙති. තරුණ භික්‍ෂූහුය. තෙවළාදරයහ. ලැබූ පිළිසිඹියා ඇතියහ. රහත්හුය. එහෙයින් ඒ ස්ථවිර දෙනම වැදැරට භික්‍ෂූන් ඉපදවූ ඒ අධිකරණයට නොපැමිණියහ. එහෙයින් ඒ ස්ථවිරයන් වන්සේලා ‘අවැත්නි! තෙපි මේ අධිකරණයෙහි අපට සහාය නොවූවාහුය. එහෙයින් තොපට මෙය දඬුවම වේවා, එනම් තිස්ස නම් බ්‍රහ්ම තෙමේ මොග්ගලී බ්‍රාහ්මණයාගේ ගෙයි පිළිසිඳ ගන්නේය, තොප අතුරෙන් එකෙක් ඔහු ගෙන අවුත් පැවිදි කෙරේවා, එකෙක් බුදුවදන් උගන්වා ලන්නැ’යි කියා නියමකොට සියල්ලෝම ආයු පමණින් සිට:

සබ‍්බකාමිප‍්පභුතයො, තෙපි ථෙරා මහිද‍්ධිකා; අග‍්ගික‍්ඛන්‍ධාව ලොකම‍්හි, ජලිත්‍වා පරිනිබ‍්බුතා.

සබ්බකාමී මහාස්ථවිරයන් වහන්සේ ආදිකොට සිටි මහත් සෘද්ධි ඇති ඒ මහා ස්ථවිරයන් වහන්සේලාද දෙවන සඞ්ගායනාව කිරීමෙන් සසුන පිරිසිදුකොට අනාගතයෙහිද සද්ධර්‍ම ශුද්ධිය පිණිස කරුණු සලසා තබා ලෙව්හි ගිනිකඳන් සේ දැල්වෙමින් සිට පිරිනිවියාහුය.

දුතියං සඞ‍්ගහං කත්‍වා, විසොධෙත්‍වාන සාසනං; අනාගතෙපි කත්‍වාන, හෙතුං සද‍්ධම‍්මසුද‍්ධියා.

ඛීණාසවා වසිප‍්පත්‍ථා, පභින‍්නපටිසම‍්භිදා; අනිච‍්චතාවසං ථෙරා, තෙපි නාම උපාගතා.

ක්‍ෂය කළ ආස්‍රව ඇති වශීභාවයට පැමිණි ප්‍රභෙදගත ප්‍රතිසම්භිදා ඇති ඒ මහා රහතුනන් වහන්සේ පවා අනිත්‍යතායෙහි වශයට පැමිණියාහුය. ලාමක වූ මැඩලීමට නොහැකි වූ අනිත්‍යතාව මෙසේ දැන නුවණැත්තේ යමක් නිත්‍යවේද, ඒ අමෘත පදයට පැමිණෙනු පිණිස ව්‍යායාම කරන්නේය.

එවං අනිච‍්චතං ජම‍්මිං, ඤත්‍වා දුරභිසම‍්භවං; තං පත‍්තුං වායමෙ ධීරො, යං නිච‍්චං අමතං පදන‍්ති.

එත‍්තාවතා සබ‍්බාකාරෙන දුතියසඞ‍්ගීතිවණ‍්ණනා නිට‍්ඨිතා හොති.

මෙපමණකින් ද්විතීය සඞ්ගීතිය සර්‍වකාරයෙන් කියා නිමවන ලදී.

දුතියසඞ‍්ගීතිකථා නිට‍්ඨිතා