යෙදුමෙන් කියවන්න

තතියසඞ‍්ගීතිකථා අට‍්ඨකථා

තතියසඞ‍්ගීතිකථා

තෙවන සඞ්ගීති කථා

තිස‍්සොපි ඛො මහාබ්‍රහ‍්මා බ්‍රහ‍්මලොකතො චවිත්‍වා මොග‍්ගලිබ්‍රාහ‍්මණස‍්ස ගෙහෙ පටිසන්‍ධිං අග‍්ගහෙසි. සිග‍්ගවත්‍ථෙරොපි තස‍්ස පටිසන්‍ධිග‍්ගහණතො පභුති සත‍්ත වස‍්සානි බ්‍රාහ‍්මණස‍්ස ගෙහං පිණ‍්ඩාය පාවිසි. එකදිවසම‍්පි උළුඞ‍්කමත‍්තං වා යාගුං කටච‍්ඡුමත‍්තං වා භත‍්තං නාලත්‍ථ. සත‍්තන‍්නං පන වස‍්සානං අච‍්චයෙන එකදිවසං “අතිච‍්ඡථ, භන‍්තෙ”ති වචනමත‍්තං අලත්‍ථ. තංදිවසමෙව බ්‍රාහ‍්මණොපි බහිද‍්ධා කිඤ‍්චි කරණීයං කත්‍වා ආගච‍්ඡන‍්තො පටිපථෙ ථෙරං දිස‍්වා, “භො පබ‍්බජිත, අම‍්හාකං ගෙහං අගමිත්‍ථා”ති ආහ. “ආම, බ්‍රාහ‍්මණ, අගමිම‍්හා”ති. “අපි කිඤ‍්චි ලභිත්‍ථා”ති? “ආම, බ්‍රාහ‍්මණ, ලභිම‍්හා”ති. සො ගෙහං ගන‍්ත්‍වා පුච‍්ඡි – “තස‍්ස පබ‍්බජිතස‍්ස කිඤ‍්චි අදත්‍ථා”ති? “න කිඤ‍්චි අදම‍්හා”ති. බ්‍රාහ‍්මණො දුතියදිවසෙ ඝරද‍්වාරෙයෙව නිසීදි “අජ‍්ජ පබ‍්බජිතං මුසාවාදෙන නිග‍්ගහෙස‍්සාමී”ති. ථෙරො දුතියදිවසෙ බ්‍රාහ‍්මණස‍්ස ඝරද‍්වාරං සම‍්පත‍්තො. බ්‍රාහ‍්මණො ථෙරං දිස‍්වාව එවමාහ – “තුම‍්හෙ හිය්‍යො අම‍්හාකං ගෙහෙ කිඤ‍්චි අලද‍්ධායෙව ‘ලභිම‍්හා’ති අවොචුත්‍ථ. වට‍්ටති නු ඛො තුම‍්හාකං මුසාවාදො”ති! ථෙරො ආහ – “මයං, බ්‍රාහ‍්මණ, තුම‍්හාකං ගෙහෙ සත‍්ත වස‍්සානි ‘අතිච‍්ඡථා’ති වචනමත‍්තම‍්පි අලභිත්‍වා හිය්‍යො ‘අතිච‍්ඡථා’ති වචනමත‍්තං ලභිම‍්හ; අථෙතං පටිසන්‍ථාරං උපාදාය එවමවොචුම‍්හා”ති.

තිස්ස මහා බ්‍රහ්මතෙමේ, බඹලොවින් ච්‍යුතව මොග්ගලි බ්‍රාහ්මණයාගේ ගෙයි පිළිසිඳ ගත්තේය. සිග්ගව ස්ථවිරයන් වහන්සේද, ඔහු පිළිසිඳගත් තැන් පටන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි එ බමුණුගේ ගෙට පිඬු පිණිස ගියහ. එහෙත් එක් දවසකුදු කෙණෙස්සක් පමණ කැඳක් හෝ සැන්දක් පමණ පතක් නොලැබූහ. මෙසේ සත්අවුරුද්දක් ගෙවියෑමෙන් පසු එක් දවසක් ‘ස්වාමීනි! මෙතැන ඉක්මවා වඩිනු මැනව’යි යන මේ වචනමාත්‍රය ලැබූහ. එ දවසම බ්‍රාහ්මණ තෙමේද, පිටත ගොස් කිසි කාර්‍ය්‍යයක් කොට එනුයේ පෙරමගදී තෙරුන් දැක ‘පින්වත් පැවිද්ද; අපගේ ගෙට ගියහුදැ’යි ඇසීය. ‘එසේය, බ්‍රාහ්මණ! ගියෙමු’යි උන්වහන්සේ පිළිතුරු දුන්හ. නැවත ‘කිසිවක් ලදදැ’යි ඇසීය. ‘එසේය බ්‍රාහ්මණ ලැබීමු’යි කීහ. බ්‍රාහ්මණතෙමේ ගෙට ගොස්, ‘අර පැවිද්දහුට කිසිවක් දුන්නහුදැ’යි අසා කිසිවක් නොදුන්නෙමු’යි කීකල්හි, බ්‍රාහ්මණතෙමේ දෙවනදා ‘අද පැවිද්දට මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමි’යි ගෙදොරම හුන්නේය. සිග්ගව ස්ථවිරයන් වහන්සේ දෙවනදා බ්‍රාහ්මණයාගේ ගෙදොරට වැඩියහ. බ්‍රාහ්මණ තෙමේ උන්වහන්සේ දැක ‘ඔබවහන්සේ ඊයේ අපගේ ගෙයින් කිසිවක් නොලැබම ලැබුවෙමි’යි කීවාහුය. ඔබවහන්සේට මුසාවාදය වටීදැ’යි ඇසීය. ස්ථවිරයන් වහන්සේ ‘බ්‍රාහ්මණ! අපි තොපගේ ගෙයිදී සත් අවුරුද්දක් මුළුල්ලෙහි “මෙතැන ඉක්මවා වඩින්න” යන වචනමාත්‍රයකුදු නොලැබ ඊයේ “මෙතැන ඉක්මවා වඩින්න” යන වචනමාත්‍රය ලැබීමු, මේ ලත් ප්‍රතිසන්‍ථාරය නිසා මෙසේ කීම්හ’යි කීහ.

බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “ඉමෙ පටිසන්‍ථාරමත‍්තම‍්පි ලභිත්‍වා ‘ලභිම‍්හා’ති පසංසන‍්ති, අඤ‍්ඤං කිඤ‍්චි ඛාදනීයං භොජනීයං ලභිත්‍වා කස‍්මා න පසංසන‍්තී”ති පසීදිත්‍වා අත‍්තනො අත්‍ථාය පටියාදිතභත‍්තතො කටච‍්ඡුමත‍්තං භික‍්ඛං තදුපියඤ‍්ච බ්‍යඤ‍්ජනං දාපෙත්‍වා “ඉමං භික‍්ඛං සබ‍්බකාලං තුම‍්හෙ ලභිස‍්සථා”ති ආහ . සො පුනදිවසතො පභුති උපසඞ‍්කමන‍්තස‍්ස ථෙරස‍්ස උපසමං දිස‍්වා භිය්‍යොසොමත‍්තාය පසීදිත්‍වා ථෙරං නිච‍්චකාලං අත‍්තනො ඝරෙ භත‍්තවිස‍්සග‍්ගකරණත්‍ථාය යාචි. ථෙරො අධිවාසෙත්‍වා දිවසෙ දිවසෙ භත‍්තකිච‍්චං කත්‍වා ගච‍්ඡන‍්තො ථොකං ථොකං බුද‍්ධවචනං කථෙත්‍වා ගච‍්ඡති. සොපි ඛො මාණවකො සොළසවස‍්සුද‍්දෙසිකොයෙව තිණ‍්ණං වෙදානං පාරගූ අහොසි. බ්‍රහ‍්මලොකතො ආගතසුද‍්ධසත‍්තස‍්ස ආසනෙ වා සයනෙ වා අඤ‍්ඤො කොචි නිසජ‍්ජිතා වා නිපජ‍්ජිතා වා නත්‍ථි. සො යදා ආචරියඝරං ගච‍්ඡති, තදාස‍්ස මඤ‍්චපීඨං සෙතෙන වත්‍ථෙන පටිච‍්ඡාදෙත්‍වා ලග‍්ගෙත්‍වා ඨපෙන‍්ති. ථෙරො චින‍්තෙසි – “සමයො දානි මාණවකං පබ‍්බාජෙතුං, චිරඤ‍්ච මෙ ඉධාගච‍්ඡන‍්තස‍්ස, න ච කාචි මාණවකෙන සද‍්ධිං කථා උප‍්පජ‍්ජති. හන්‍ද දානි ඉමිනා උපායෙන පල‍්ලඞ‍්කං නිස‍්සාය උප‍්පජ‍්ජිස‍්සතී”ති ගෙහං ගන‍්ත්‍වා යථා තස‍්මිං ගෙහෙ ඨපෙත්‍වා මාණවකස‍්ස පල‍්ලඞ‍්කං අඤ‍්ඤං න කිඤ‍්චි ආසනං දිස‍්සති තථා අධිට‍්ඨාසි. බ්‍රාහ‍්මණස‍්ස ගෙහජනො ථෙරං දිස‍්වා අඤ‍්ඤං කිඤ‍්චි ආසනං අපස‍්සන‍්තො මාණවකස‍්ස පල‍්ලඞ‍්කං අත්‍ථරිත්‍වා ථෙරස‍්ස අදාසි. නිසීදි ථෙරො පල‍්ලඞ‍්කෙ. මාණවකොපි ඛො තඞ‍්ඛණඤ‍්ඤෙව ආචරියඝරා ආගම‍්ම ථෙරං අත‍්තනො පල‍්ලඞ‍්කෙ නිසින‍්නං දිස‍්වා කුපිතො අනත‍්තමනො “කො මම පල‍්ලඞ‍්කං සමණස‍්ස පඤ‍්ඤපෙසී”ති ආහ.

එකල්හි බමුණු තෙමේ ‘මොවුහු පිළිසඳර පමණකුත් ලැබ ලැබීමු’යි පවසන්නාහ, අන්කිසි කෑයුතු බිදියයුතු දැයක් ලත්කල්හි කුමක් හෙයින් නොපසසත්දැ’යි උන්වහන්සේ කෙරෙහි පැහැද තමන් පිණිස පිළියෙල කළ බතින් සැන්දක් පමණ බත්ද, එයට සෑහෙන පමණ ව්‍යඤ්ජනද දෙවා මේ භික්‍ෂාද හැමදා ඔබවහන්සේ ලබන්නහු’යි කීයේය. බ්‍රාහ්මණතෙමේ දෙවන දින පටන් ගෙට එළැඹෙන්නා වූ ස්ථවිරයන් වහන්සේගේ උපසමය දැක බොහෝ සෙයින් පැහැද හැමදා තමන්ගේ ගෙයි බත්කිස කරන්නට තෙරුන්ගෙන් ඉල්ලා සිටියේය. ස්ථවිරතෙමේ ඒ ඉල්ලීම ඉවසා දිනපතා එහි බත්කිසකොට වඩින සේක් මද මද විසින් ඔවුනට බුදුවදන් කියා යන්නේය. ඒ තරුණ තෙමේද, සොළොස් වස් ඇතියේම ත්‍රිවෙදයෙහි පරතෙරට ගියේය. බ්‍රහ්ම ලෝකයෙන් මිනිස්ලොවට උත්පත්ති වශයෙන් පැමිණි ශුද්ධ සත්ත්‍වයක්හුගේ අසුනෙක යහනෙක හිඳින්නාවූ හෝ නිදන්නාවූ හෝ අන් කිසිවෙක් නැත්තේය. හෙතෙමේ යම් දවසක සිය ගුරුගෙට යන්නේද එදවස තමාගේ ඇඳපුටු සුදුවතකින් වසා එල්වා තබන්නේය. ඒ අතර කාලයෙහි සිග්ගව ස්ථවිරයන් වහන්සේ ‘මාණවකයා පැවිදි කරන්නට මේ කාලයයි, එහෙත් බොහෝ දවසක සිට මෙහි එන මාගේ මොහු හා කිසිත් කතාවක් නැත, එහෙයින් දැන් මේ උපායෙන් පලඟ නිසා කතාවක් උපදින්නේය’යි සිතා ගෙට ගොස් ඒ ගෙයි තුබූ මාණවකයාගේ අසුන හැර අන්කිසිත් අසුනක් නොපෙනෙන සේ ඉටූහ. එවේලෙහි බමුණු ගෙදර සිටි ජනයා ගෙට පැමිණි තෙරුන් දැක උන්වහන්සේ වැඩහිඳින්නට දීමට අන්කිසි අසුනක් නොදැක මාණවකයාගේ පලඟ බා ඇතිරියක් අතුරා දුන්නේය. ස්ථවිරයන් වහන්සේ එහි වැඩහුන්හ. මාණවක තෙමේද එකෙණෙහි ගුරු ගෙයින් පෙරළා ආයේ තමන්ගේ පලඟෙහි හුන් තෙරුන් දැක කිපියේ නොසතුටුවූයේ ‘කවරෙක් මාගේ පලඟ මහණහුට පණවා දුන්නේදැ’යි ඇසීය.

ථෙරො භත‍්තකිච‍්චං කත්‍වා වූපසන‍්තෙ මාණවකස‍්ස චණ‍්ඩික‍්කභාවෙ එවමාහ – “කිං පන ත්‍වං, මාණවක, කිඤ‍්චි මන‍්තං ජානාසී”ති? මාණවකො “භො පබ‍්බජිත, මයි දානි මන‍්තෙ අජානන‍්තෙ අඤ‍්ඤෙ කෙ ජානිස‍්සන‍්තී”ති වත්‍වා, ථෙරං පුච‍්ඡි – “තුම‍්හෙ පන මන‍්තං ජානාථා”ති? “පුච‍්ඡ, මාණවක, පුච‍්ඡිත්‍වා සක‍්කා ජානිතු”න‍්ති. අථ ඛො මාණවකො තීසු වෙදෙසු සනිඝණ‍්ඩුකෙටුභෙසු සාක‍්ඛරප‍්පභෙදෙසු ඉතිහාසපඤ‍්චමෙසු යානි යානි ගණ‍්ඨිට‍්ඨානානි, යෙසං යෙසං නයං නෙව අත‍්තනා පස‍්සති නාපිස‍්ස ආචරියො අද‍්දස, තෙසු තෙසු ථෙරං පුච‍්ඡි. ථෙරො “පකතියාපි තිණ‍්ණං වෙදානං පාරගූ, ඉදානි පන පටිසම‍්භිදාප‍්පත‍්තො, තෙනස‍්ස නත්‍ථි තෙසං පඤ‍්හානං විස‍්සජ‍්ජනෙ භාරො”ති තාවදෙව තෙ පඤ‍්හෙ විස‍්සජ‍්ජෙත්‍වා මාණවකං ආහ – “මාණවක, අහං තයා බහුං පුච‍්ඡිතො; අහම‍්පි දානි තං එකං පඤ‍්හං පුච‍්ඡාමි, බ්‍යාකරිස‍්සසි මෙ”ති? “ආම, භො පබ‍්බජිත, පුච‍්ඡ බ්‍යාකරිස‍්සාමී”ති. ථෙරො චිත‍්තයමකෙ ඉමං පඤ‍්හං පුච‍්ඡි –

ස්ථවිරයන් වහන්සේ බත්කිසකොට මාණවකයාගේ සැඩබව සන්සිඳී ගියකල්හි ‘මාණවක! නුඹ කිසියම් වෙදමන්ත්‍රයක් කිම දනිහිදැ’යි ඇසූහ. මානවක තෙමේ ‘පින්වත් පැවිද්ද, මා වෙදමන්ත්‍ර නොදනිතොත් මෙහි අන් කවරහු වෙදමන්ත්‍ර දන්නාහුදැ’යි කියා ‘ඔබවහන්සේ වෙදමන්ත්‍ර දන්නහුදැ’යි තෙරුන්ගෙන් ඇසීය. උන්වහන්සේ ‘අසව මාණවක! අසා දන්නට හැකිය’යි කීහ. එකල්හි මාණවකතෙමේ නිඝණ්ඩු කෙටුභ සහිත වූ අක්‍ෂර ප්‍රභෙද සහිත වූ ඉතිහාසය පස්වැනි කොට ඇති ත්‍රිවෙදයෙහි යම් යම් ග්‍රන්‍ථිස්ථාන වේද, ඒ ග්‍රන්‍ථිස්ථානයන්හි නයක්‍රමය තෙමේත් නොදත්තේද, ආචාර්‍ය්‍ය තෙමේත් නොමදුටුයේද, ඒ ඒ තන්හි ආ ග්‍රන්‍ථිස්ථාන තෙරුන්ගෙන් විචාළේය. ස්ථවිරයන් වහන්සේ පියවින්ම ත්‍රිවෙදයන්හි පරතෙරට ගියහ. දැන් වනාහි පිළිසැඹියාවන්ට පැමිණ සිටිති. එහෙයින් මුන්වහන්සේට ඒ ප්‍රශ්න විසඳීමෙහි බරක් නැත්තේය. එකෙණෙහිම ඒ ප්‍රශ්න විසඳා ‘මාණවක! තොප විසින් මාගෙන් ප්‍රශ්න බොහෝ ගණනක් අසන ලද්දේය, මමත් දැන් තාගෙන් එක් ප්‍රශ්නයක් විචාරමි, මට එය ප්‍රකාශ කරව’යි මාණවකයා හට කිහ. ‘පින්වත් පැවිද්ද! එය, ප්‍රකාශ කරන්නෙමි’යි කී කල්හි ස්ථවිරයන් වහන්සේ චිත්ත යමකයෙහි එන

“යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති නුප‍්පජ‍්ජිස‍්සති; යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති නුප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣතී”ති?

‘යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣති, තස්ස චිත්තං නිරුජ්ඣිස්සති නූපපජ්ජිස්සති, යස්ස වා පන චිත්තං නිරුජ්ඣිස්සති නූපපජ්ජිස්සති, තස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ඣිස්සති’ යන මේ ප්‍රශ්නය විචාළාහුය.

මාණවො උද‍්ධං වා අධො වා හරිතුං අසක‍්කොන‍්තො “කිං නාම, භො පබ‍්බජිත, ඉද”න‍්ති ආහ. “බුද‍්ධමන‍්තො නාමායං, මාණවා”ති. “සක‍්කා පනායං, භො, මය‍්හම‍්පි දාතු”න‍්ති. “සක‍්කා මාණව, අම‍්හෙහි ගහිතපබ‍්බජ‍්ජං ගණ‍්හන‍්තස‍්ස දාතු”න‍්ති. තතො මාණවො මාතාපිතරො උපසඞ‍්කමිත්‍වා ආහ – “අයං පබ‍්බජිතො බුද‍්ධමන‍්තං නාම ජානාති, න ච අත‍්තනො සන‍්තිකෙ අපබ‍්බජිතස‍්ස දෙති, අහං එතස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා මන‍්තං උග‍්ගණ‍්හිස‍්සාමී”ති.

මානවක තෙමේ පූර්‍වපදය හා පරපදය යොදා ප්‍රශ්නයෙහි අර්‍ත්‍ථය පිරිසිඳින්නට අසමර්‍ත්‍ථ වන්නේ ‘පින්වත් පැවිද්ද, මේ කිනම්දැ’යි ඇසීය. ‘මාණවක! මේ වනාහි බුද්ධ මන්ත්‍රය’යි වදාළ කල්හි ‘පින්වත! මෙය මටත් දෙන්නට හැකිදැ’යි විචාළේය. ‘මාණවක! අප විසින් ගත් පැවිද්ද ගන්නහුට දෙන්නට හැකිය’යි කීකල්හි මානවක තෙමේ මවුපියන් කරා ගොස් ‘මේ පැවිදි තෙමේ බුද්ධ මන්ත්‍ර නම් වූ මන්ත්‍රයක් දන්නේය, තමන් වෙත පැවිදි නොවූවක්හට එය නොදෙන්නේය. එහෙයින් මම මොහු වෙත පැවිදිව මන්ත්‍රය උගන්නෙමි’යි කියා සිටියේය.

අථස‍්ස මාතාපිතරො “පබ‍්බජිත්‍වාපි නො පුත‍්තො මන‍්තෙ ගණ‍්හතු, ගහෙත්‍වා පුනාගමිස‍්සතී”ති මඤ‍්ඤමානා “උග‍්ගණ‍්හ, පුත‍්තා”ති අනුජානිංසු. ථෙරො දාරකං පබ‍්බාජෙත්‍වා ද‍්වත‍්තිංසාකාරකම‍්මට‍්ඨානං තාව ආචික‍්ඛි. සො තත්‍ථ පරිකම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තතො ථෙරො චින‍්තෙසි – “සාමණෙරො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතො, අභබ‍්බො දානි සාසනතො නිවත‍්තිතුං. සචෙ පනස‍්සාහං කම‍්මට‍්ඨානං වඩ‍්ඪෙත්‍වා කථෙය්‍යං, අරහත‍්තං පාපුණෙය්‍ය, අප‍්පොස‍්සුක‍්කො භවෙය්‍ය බුද‍්ධවචනං ගහෙතුං, සමයො දානි නං චණ‍්ඩවජ‍්ජිත්‍ථෙරස‍්ස සන‍්තිකං පෙසෙතු”න‍්ති. තතො ආහ – “එහි ත්‍වං, සාමණෙර, ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා බුද‍්ධවචනං උග‍්ගණ‍්හ. මම වචනෙන තඤ‍්ච ආරොග්‍යං පුච‍්ඡ; එවඤ‍්ච වදෙහි – ‘උපජ‍්ඣායො මං, භන‍්තෙ, තුම‍්හාකං සන‍්තිකං පහිණී’ති. ‘කො නාම තෙ උපජ‍්ඣායො’ති ච වුත‍්තෙ ‘සිග‍්ගවත්‍ථෙරො නාම, භන‍්තෙ’ති වදෙය්‍යාසි. ‘අහං කො නාමා’ති වුත‍්තෙ එවං වදෙය්‍යාසි – ‘මම උපජ‍්ඣායො, භන‍්තෙ, තුම‍්හාකං නාමං ජානාතී’”ති.

මවුපියෝ ‘අපගේ පුත්‍ර තෙමේ පැවිදිව හෝ මන්ත්‍රය උගණීවා, උගෙණ පෙරළා එන්නේය’යි හඟින්නාහු ‘ගනු පුත!’යි අනුදත්හ. ස්ථවිරයන් වහන්සේ දරු පැවිදිකොට පළමුව ද්වත්තිංසාකාරය කම්මට්ඨානය කීහ. හෙතෙමේ එහි පිරියම් කරනුයේ නොබෝ කලකින්ම සෝවාන් පලයෙහි පිහිටියේය. අනතුරුව ස්ථවිරයන් වහන්සේ ‘හෙරණ සෝවාන් පලයෙහි පිහිටියේය, දැන් සසුනෙන් බැහැරවන්නට නොසුදුසුය, ඉදින් මම මොහුට කර්‍මස්ථානය වඩා කියන්නෙම්නම් රහත්බවට පැමිණෙන්නේය, එකල්හි බුදුවදන් උගන්නට උත්සාහවත් නොවන්නේය, දැන් මොහු චණ්ඩවජ්ජී තෙරුන්ගේ සමීපයට යවන්නට කාලය’යි සිතූහ. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ ඔහුට ‘හෙරණ! තෝ චණ්ඩවජ්ජි තෙරුන් වෙතට ගොස් බුදුවදන් උගනුව, මාගේ වචනයෙන් ආරොග්‍යය විචාරව, ස්වාමීනි! මාගේ උපාද්ධ්‍යාය තෙමේ මා ඔබවහන්සේ වෙතට එවීයයි මෙසේද කියව. තාගේ උපාද්ධ්‍යාය තෙමේ කිනම් ඇත්තේදැ’යි විචාළ කල්හි ‘ස්වාමීනි! සිග්ගව ස්ථවිර නමැ’යි කියව, මම කිනම් ඇත්තෙම්දැ’යි විචාළ කල්හි ‘ස්වාමීනි! මාගේ උපාද්ධ්‍යය තෙමේ ඔබ වහන්සේගේ නම දනීය’යි මෙසේ කියවයි කීහ.

“එවං, භන‍්තෙ”ති ඛො තිස‍්සො සාමණෙරො ථෙරං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා අනුපුබ‍්බෙන චණ‍්ඩවජ‍්ජිත්‍ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. ථෙරො සාමණෙරං පුච‍්ඡි – “කුතො ආගතොසී”ති? “උපජ‍්ඣායො මං, භන‍්තෙ, තුම‍්හාකං සන‍්තිකං පහිණී”ති. “කො නාම තෙ උපජ‍්ඣායො”ති? “සිග‍්ගවත්‍ථෙරො නාම, භන‍්තෙ”ති. “අහං කො නාමා”ති? “මම උපජ‍්ඣායො, භන‍්තෙ, තුම‍්හාකං නාමං ජානාතී”ති. “පත‍්තචීවරං දානි පටිසාමෙහී”ති. “සාධු, භන‍්තෙ”ති සාමණෙරො පත‍්තචීවරං පටිසාමෙත්‍වා පුනදිවසෙ පරිවෙණං සම‍්මජ‍්ජිත්‍වා උදකදන‍්තපොනං උපට‍්ඨාපෙසි. ථෙරො තස‍්ස සම‍්මජ‍්ජිතට‍්ඨානං පුන සම‍්මජ‍්ජි . තං උදකං ඡඩ‍්ඩෙත්‍වා අඤ‍්ඤං උදකං ආහරි. තඤ‍්ච දන‍්තකට‍්ඨං අපනෙත්‍වා අඤ‍්ඤං දන‍්තකට‍්ඨං ගණ‍්හි. එවං සත‍්ත දිවසානි කත්‍වා සත‍්තමෙ දිවසෙ පුන පුච‍්ඡි. සාමණෙරො පුනපි පුබ‍්බෙ කථිතසදිසමෙව කථෙසි. ථෙරො “සො වතායං බ්‍රාහ‍්මණො”ති සඤ‍්ජානිත්‍වා “කිමත්‍ථං ආගතොසී”ති ආහ. “බුද‍්ධවචනං උග‍්ගණ‍්හත්‍ථාය, භන‍්තෙ”ති. ථෙරො “උග‍්ගණ‍්හ දානි, සාමණෙරා”ති වත්‍වා පුන දිවසතො පභුති බුද‍්ධවචනං පට‍්ඨපෙසි. තිස‍්සො සාමණෙරොව හුත්‍වා, ඨපෙත්‍වා විනයපිටකං සබ‍්බං බුද‍්ධවචනං උග‍්ගණ‍්හි සද‍්ධිං අට‍්ඨකථාය. උපසම‍්පන‍්නකාලෙ පන අවස‍්සිකොව සමානො තිපිටකධරො අහොසි. ආචරියුපජ‍්ඣායා මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරස‍්ස හත්‍ථෙ සකලං බුද‍්ධවචනං පතිට‍්ඨාපෙත්‍වා යාවතායුකං ඨත්‍වා පරිනිබ‍්බායිංසු. මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරොපි අපරෙන සමයෙන කම‍්මට‍්ඨානං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තප‍්පත‍්තො බහූනං ධම‍්මවිනයං වාචෙසි.

තිස්ස හෙරණ ‘ස්වාමීනි! එසේය’යි කියා තෙරුන් වැඳ පැදකුණු කොට පිළිවෙළින් චණ්ඩවජ්ජී ස්ථවිරයන් වහන්සේගේ සමීපයට ගොස් වැඳ එකත්පසෙක සිටියේය. එකල්හි ස්ථවිරයන් වහන්සේ ‘හෙරණ! කොහි සිට ආයේවෙහිදැ’යි ඇසූහ. ‘මාගේ උපාද්ධ්‍යාය තෙමේ මා ඔබවහන්සේගේ සමීපයට පිටත්කර එවීය’යි හෙරණුන් කියූකල්හි ‘තාගේ උපාද්ධ්‍යාය තෙමේ කිනම් ඇත්තේදැ’යි ඇසූහ. ‘ස්වාමීනි! මාගේ උපාද්ධ්‍යාය තෙමේ සිග්ගව ස්ථවිර නමැ’යි කීය. ‘මම කිනම් ඇත්තෙම්දැ’යි ඇසූ කල්හි ‘ස්වාමීනි! මාගේ උපාද්ධ්‍යාය තෙමේ ඔබ වහන්සේගේ නම දනීය’යි කීය. එකල්හි චණ්ඩවජ්ජි ස්ථවිරයන් වහන්සේ දැන් පාසිවුරු තැත්පත්කොට තබව’යි කීහ. හෙරණ තෙමේ ‘ස්වාමීනි! මැනව’යි පාසිවුරු තැන්පත්කොට තබා දෙවනදා පිරිවෙණ හැමද දිය දැහැටි එළවා තැබීය. ස්ථවිරයන් වහන්සේ හෙරණුන් හැමදි තැන නැවත හැමැන්දාහ. ඒ තැබූ දිය බැහැරට දමා අන් දියක් ගත්හ. ඒ දැහැටි දඬුද බැහැරට දමා අන් දැහැට්ටක් ගත්හ. සත්දවසක්ම මෙසේකොට සත්වන දවසෙහි නැවතත් විචාළාහුය. හෙරණ තෙමේ නැවතත් පෙර කියූ සේම කියාසිටියේය. ස්ථවිරයන් වහන්සේ ඒකාන්තයෙන් ඒ මේ තෙමේ බ්‍රාහ්මණැ’යි හිඳින ‘කුමක් පිණිස ආයෙහිදැ’යි ඇසූහ. ‘ස්වාමීනි! බුදුවදන් උගැන්ම පිණිසැ’යි හෙරණ කීයේය. ස්ථවීරයන් වහන්සේ ‘හෙරණ! උගණුව’යි කියා දෙවන දවස පටන් බුදුවදන් උගන්වන්නට පටන් ගත්හ. තිස්ස තෙමේ හෙරණෙක්වූයේම විනයපිටකය තබා අයියලු බුදුවදන් අර්‍ත්‍ථකථා සහිතව උගත්තේන්ය. උපසපන්වීමෙන් වසකුදු නොඉක්මවූයේ නොපිරිපුන් එක් වස් ඇතියේ තෙවළදරවූයේය. මෙසේ ආචාර්‍ය්‍ය උපාධ්‍යායයෝ මොග්ගලිපුත්තතිස්ස තෙරුන් අත සියලු බුදුවදන් පිහිටුවා ආයු ඇති තාකසිට පිරිනිවී ගියහ. මොගග පුතතති සස ස්ථවිරයන්වහන්සේද අන් කලෙක් කමටහන් වඩා රහත්බවට පැමිණියාහු බොහෝදෙනාට ධර්‍ම විනය ඉගැන්වූහ.

තෙන ඛො පන සමයෙන බින්‍දුසාරස‍්ස රඤ‍්ඤො එකසතපුත‍්තා අහෙසුං. තෙ සබ‍්බෙ අසොකො අත‍්තනා සද‍්ධිං එකමාතිකං තිස‍්සකුමාරං ඨපෙත්‍වා ඝාතෙසි. ඝාතෙන‍්තො ච චත‍්තාරි වස‍්සානි අනභිසිත‍්තොව රජ‍්ජං කාරෙත්‍වා චතුන‍්නං වස‍්සානං අච‍්චයෙන තථාගතස‍්ස පරිනිබ‍්බානතො ද‍්වින‍්නං වස‍්සසතානං උපරි අට‍්ඨාරසමෙ වස‍්සෙ සකලජම‍්බුදීපෙ එකරජ‍්ජාභිසෙකං පාපුණි . අභිසෙකානුභාවෙන චස‍්ස ඉමා රාජිද‍්ධියො ආගතා – මහාපථවියා හෙට‍්ඨා යොජනප‍්පමාණෙ ආණා පවත‍්තති; තථා උපරි ආකාසෙ අනොතත‍්තදහතො අට‍්ඨහි කාජෙහි සොළස පානීයඝටෙ දිවසෙ දිවසෙ දෙවතා ආහරන‍්ති, යතො සාසනෙ උප‍්පන‍්නසද‍්ධො හුත්‍වා අට‍්ඨ ඝටෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස අදාසි, ද‍්වෙ ඝටෙ සට‍්ඨිමත‍්තානං තිපිටකධරභික‍්ඛූනං, ද‍්වෙ ඝටෙ අග‍්ගමහෙසියා අසන්‍ධිමිත‍්තාය, චත‍්තාරො ඝටෙ අත‍්තනා පරිභුඤ‍්ජි; දෙවතාඑව හිමවන‍්තෙ නාගලතාදන‍්තකට‍්ඨං නාම අත්‍ථි සිනිද‍්ධං මුදුකං රසවන‍්තං තං දිවසෙ දිවසෙ ආහරන‍්ති, යෙන රඤ‍්ඤො ච මහෙසියා ච සොළසන‍්නඤ‍්ච නාටකිත්‍ථිසහස‍්සානං සට‍්ඨිමත‍්තානඤ‍්ච භික‍්ඛුසහස‍්සානං දෙවසිකං දන‍්තපොනකිච‍්චං නිප‍්පජ‍්ජති. දෙවසිකමෙව චස‍්ස දෙවතා අගදාමලකං අගදහරීතකං සුවණ‍්ණවණ‍්ණඤ‍්ච ගන්‍ධරසසම‍්පන‍්නං අම‍්බපක‍්කං ආහරන‍්ති. තථා ඡද‍්දන‍්තදහතො පඤ‍්චවණ‍්ණනිවාසනපාවුරණං පීතකවණ‍්ණහත්‍ථපුච‍්ඡනපටකං දිබ‍්බඤ‍්ච පානකං ආහරන‍්ති. දෙවසිකමෙව පනස‍්ස න‍්හානගන්‍ධං අනුවිලෙපනගන්‍ධං පාරුපනත්‍ථාය අසුත‍්තමයිකං සුමනපුප‍්ඵපටං මහාරහඤ‍්ච අඤ‍්ජනං නාගභවනතො නාගරාජානො ආහරන‍්ති. ඡද‍්දන‍්තදහෙව උට‍්ඨිතස‍්ස සාලිනො නව වාහසහස‍්සානි දිවසෙ දිවසෙ සුකා ආහරන‍්ති. මූසිකා නිත්‍ථුසකණෙ කරොන‍්ති, එකොපි ඛණ‍්ඩතණ‍්ඩුලො න හොති, රඤ‍්ඤො සබ‍්බට‍්ඨානෙසු අයමෙව තණ‍්ඩුලො පරිභොගං ගච‍්ඡති. මධුමක‍්ඛිකා මධුං කරොන‍්ති. කම‍්මාරසාලාසු අච‍්ඡා කූටං පහරන‍්ති. කරවීකසකුණා ආගන‍්ත්‍වා මධුරස‍්සරං විකූජන‍්තා රඤ‍්ඤො බලිකම‍්මං කරොන‍්ති.

එකල්හි බින්දුසාර රජුට එක්සියයක් පුත්‍රයෝ වූහ. ඔවුන් අතුරෙහි අශෝක කුමාර තෙමේ තමන් හා එකමාතෘකවූ තිස්ස කුමරු තබා ඒ සියලුදෙනා නසාලූයේය. නසාලන්ද සිවුවසක් අභිෂෙක නොකරණ ලදුව රාජ්‍යයකරවා සිවුවසක් ඉක්ම යෑමෙන් පසු තථාගතයන්වහන්සේගේ පිරිනිවීමෙන් දෙසිය වසකට පසුව අටළොස්වන අවුරුද්දෙහි මුළු දඹදිව එකරාජ්‍යාභිෂෙකයට පැමිණියේය. අභිෂෙකයාගේ ආනුභාවයෙන් මේ රාජධීහු පහළ වූහ. මහපොළොව යට යොදුනක් පමණ තැනද අහස මතුවෙහි යොදුනක් පමණ තැනද ආඥාචක්‍රය පවත්නේය. අනවතප්ත විලෙන් අටකදකින් පැන් කළ සොළොසක් දෙවියෝ දිනපතා ගෙන එත්. සසුනෙහි උපන් සැදැහැ ඇතියේ ඒ සොළොස් පැන් කළයෙන් පැන්කළ අටක් භික්‍ෂු ඝඞ්ඝයා හට පිදුයේය. දෙකළයක් තෙවළාදර සැටක් පමණ භික්‍ෂූන් වහන්සේට ද, දෙකළයක් අසන්‍ධිමිත්‍රා අගමෙහෙසියටද මොළොක් රසවත් නාළිය දැහැටි දිනපතා ගෙණවුත් තබත්. රජහුගේ, මෙහෙසියගේ, සොළොස් දහසක් නාටක ස්ත්‍රීන්ගේ, සැටදහසක් භික්‍ෂූන් වහන්සේගේද දිනපතා දහැටිකිස මෙයින්ම සිදුවේ. දෙවියෝ දිනපතාම ඔහුට බෙහෙත් නෙල්ලි හා බෙහෙත් අරළුද සුවඳින් හා රසයෙන් පිරීගිය රන්වන් අඹපලද ගෙන එත්, එසේම ඡද්දන්ත විල සමීපයෙහි පිහිටි දෙව්විමන්වලින් හෝ කප්රුකෙන් පස් පැහැති හඳනා පොරෝණා රෙදිපිළිද, රන්වන් අත්පිස්නා පිළිද, දිව්‍යමය පැන්ද ගෙන එත්, මේ රජහට දවස් පතාම නාරජහු සිරුරෙහි ගල්වන සුවඳ, පෙරවීම පිණිස හුයින් නොගෙතු සමන්මල් පිළි හා මාහැඟි අදුන් නාග භවනයෙන් ගෙන එත්. ඡද්දන්ත විලෙහිම හටගත් ඇල්වී ගැල් නව දහසක් ගිරවු දිනපතාම ගෙන එත්. මීයෝ ඒ සහල් පොතු ගලවා හැර පිරිසිදු කරත්, එහි එක්ම කඩසහලෙක් නොවේ. රජුට සියලු තන්හි මේ සහල්ම පරිභොගය පිණිස යෙදෙන්නේය. මීමැස්සෝ මී බඳිත්. කර්‍මාර ශාලාවන්හි වලස්සු කුළු ගසත්. කුරවි කොවුලෝ මිහිරි හඬින් නාද කරමින් රජුට බිලියම් කරත්.

ඉමාහි ඉද‍්ධීහි සමන‍්නාගතො රාජා එකදිවසං සුවණ‍්ණසඞ‍්ඛලිකබන්‍ධනං පෙසෙත්‍වා චතුන‍්නං බුද‍්ධානං අධිගතරූපදස‍්සනං කප‍්පායුකං කාළං නාම නාගරාජානං ආනයිත්‍වා සෙතච‍්ඡත‍්තස‍්ස හෙට‍්ඨා මහාරහෙ පල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා අනෙකසතවණ‍්ණෙහි ජලජ ථලජපුප‍්ඵෙහි සුවණ‍්ණපුප‍්ඵෙහි ච පූජං කත්‍වා සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතෙහි සොළසහි නාටකිත්‍ථිසහස‍්සෙහි සමන‍්තතො පරික‍්ඛිපිත්‍වා “අනන‍්තඤාණස‍්ස තාව මෙ සද‍්ධම‍්මවරචක‍්කවත‍්තිනො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස රූපං ඉමෙසං අක‍්ඛීනං ආපාථං කරොහී”ති වත්‍වා තෙන නිම‍්මිතං සකලසරීරවිප‍්පකිණ‍්ණපුඤ‍්ඤප‍්පභාවනිබ‍්බත‍්තාසීතානුබ්‍යඤ‍්ජනපටිමණ‍්ඩිතද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණසස‍්සිරීකතාය විකසිතකමලුප‍්පලපුණ‍්ඩරීකපටිමණ‍්ඩිතමිව සලිලතලං තාරාගණරස‍්මිජාලවිසදවිප‍්ඵුරිතසොභාසමුජ‍්ජලිතමිව ගගනතලං නීලපීතලොහිතාදිභෙදවිචිත්‍රවණ‍්ණරංසිවිනද‍්ධබ්‍යාමප‍්පභාපරික‍්ඛෙපවිලාසිතාය සඤ‍්චාප‍්පභානුරාගඉන්‍දධනුවිජ‍්ජුලතාපරික‍්ඛිත‍්තමිව කනකගිරිසිඛරං නානාවිරාගවිමලකෙතුමාලාසමුජ‍්ජලිතචාරුමත්‍ථකසොභං නයනරසායතනමිව බ්‍රහ‍්මදෙවමනුජනාගයක‍්ඛගණානං බුද‍්ධරූපං පස‍්සන‍්තො සත‍්ත දිවසානි අක‍්ඛිපූජං නාම අකාසි.

මෙසේ මේ සෘද්ධීන්ගෙන් යුක්ත වූ රජතෙමේ එක් දවසක් රන් හැකිල්ලක් යවා කකුසන්‍ධාදී වූ සිවු බුදුවරුන්ගේ රූප දක්නාලද කල්පායුෂ්ක වූ කාල නම් නාරජහු ගෙන්වා සේසත යට මාහැගි පලඟෙහි හිඳුවා දිය ගොඩ හටගන්නා නොයෙක් සිය ගණන් පැහැ ඇති මලින් හා රන්මලින් පුදා සියලු අබරණින් සැරසුනු සොළොස් දහසක් නළඟනන්ගෙන් හාත්පසින් වටකරවා ‘මාගේ අනන්තඥාන ඇති සද්ධර්‍මවර චක්‍රවර්ති වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රූපය මොවුන්ගේ ඇස්වලට හමුකරව’යි කියා සිටියේය. ඉක්බිති රජතෙමේ ‘ඒ නාරජු විසින් මැවූ සියලු සිරුරෙහි විසුරුනු පින්තෙදින් නැගුනු අශීත්‍යනුබ්‍යඤ්ජනයෙන් යුක්ත ද්වාත්‍රිංශද්වර මහාපුරුෂ ලක්‍ෂණයන්ගේ සශ්‍රීකතායෙන් විකශිතවූ රත්පියුම් නිලුපුල්, හෙළ පියුම්වලින් ගැවසීගත් ජලතලාවක් වැනිවූ තාරකා සමූහයාගේ රශ්මි සමූහයෙන් පැතිරීගත් ශොභාවෙන් බබලන අහස්තලය වැනිවූ නීල පීත ලොහිතාදි ප්‍රභෙදවත් විචිත්‍ර වූ වර්‍ණ රශ්මියෙන් වළඳනාලද ව්‍යාමප්‍රභාවෙන් වටකළ විලාසය ඇතිබැවින් සන්‍ධ්‍යාප්‍රභා රාගයෙන් යුත් ඉඳුසැවුවෙන් හා විදුලියෙන් වටකළ රන්කඳු මුදුනක් වැනිවූ නන් පැහැයෙන් නිර්‍මල වූ කේතුමාලාවෙන් මොනවට බබලන මනොඥ වූ මස්තක ශොභා ඇති දෙව්, බඹ, මිනිස්, නා, යක් සමූහයාගේ නෙත්‍රයන්ට රසායනයක් වැනි වූ බුදුරුව බලමින් සත් දවසක් මුළුල්ලෙහි අක්‍ෂි පූජාව කෙළේය. රජතෙමේ අභිෂෙකයට පැමිණ තුන් අවුරුද්දක්ම බාහිර පාෂාණ්ඩයන්ට සඞ්ග්‍රහ කළේය. සිවුවන අවුරුද්දෙහි බුදුසසුනෙහි පහන් වූයේය.

රාජා කිර අභිසෙකං පාපුණිත්‍වා තීණියෙව සංවච‍්ඡරානි බාහිරකපාසණ‍්ඩං පරිග‍්ගණ‍්හි. චතුත්‍ථෙ සංවච‍්ඡරෙ බුද‍්ධසාසනෙ පසීදි. තස‍්ස කිර පිතා බින්‍දුසාරො බ්‍රාහ‍්මණභත‍්තො අහොසි, සො බ්‍රාහ‍්මණානඤ‍්ච බ්‍රාහ‍්මණජාතියපාසණ‍්ඩානඤ‍්ච පණ‍්ඩරඞ‍්ගපරිබ‍්බාජකාදීනං සට‍්ඨිසහස‍්සමත‍්තානං නිච‍්චභත‍්තං පට‍්ඨපෙසි. අසොකොපි පිතරා පවත‍්තිතං දානං අත‍්තනො අන‍්තෙපුරෙ තථෙව දදමානො එකදිවසං සීහපඤ‍්ජරෙ ඨිතො තෙ උපසමපරිබාහිරෙන ආචාරෙන භුඤ‍්ජමානෙ අසංයතින්‍ද්‍රියෙ අවිනීතඉරියාපථෙ දිස‍්වා චින‍්තෙසි – “ඊදිසං දානං උපපරික‍්ඛිත්‍වා යුත‍්තට‍්ඨානෙ දාතුං වට‍්ටතී”ති. එවං චින‍්තෙත්‍වා අමච‍්චෙ ආහ – “ගච‍්ඡථ, භණෙ, අත‍්තනො අත‍්තනො සාධුසම‍්මතෙ සමණබ්‍රාහ‍්මණෙ අන‍්තෙපුරං අතිහරථ, දානං දස‍්සාමා”ති. අමච‍්චා “සාධු, දෙවා”ති රඤ‍්ඤො පටිස‍්සුණිත්‍වා තෙ තෙ පණ‍්ඩරඞ‍්ගපරිබ‍්බාජකාජීවකනිගණ‍්ඨාදයො ආනෙත්‍වා “ඉමෙ, මහාරාජ, අම‍්හාකං අරහන‍්තො”ති ආහංසු.

ඒ රජුගේ පියවූ බින්‍දුසාර රජු බ්‍රාහ්මණයන් කෙරෙහි භක්තිමත් වූයේය. හෙතෙමේ බ්‍රාහ්මණයන්ට බ්‍රාහ්මණ ජාතික පාෂාණ්ඩයන්ට පණ්ඩරඞ්ග පරිව්‍රාජකාදීන්ට යන සැටදහසක් දෙනාට නිති බත් පිහිටුවාලූයේය. අශෝක රජ තෙමේ පියරජහු විසින් පවත්වනලද ඒ දානය තමාගේ ඇතුළු පුරයෙහි එසේම පවත්වනුයේ එක් දවසක සීමැදුරු කවුළුව වෙත සිටියේ, උපසමරහිත වූ ආචාරයෙන් යුක්තව බත් අනුභව කරන නොසන්සුන් ඉඳුරන් ඇති නොහික්මුනු ඉරියවු ඇති ඔවුන් දැක ‘මෙබඳු දන් පරීක්‍ෂාකොට දීමට සුදුසු තැනම දීම වටීය’යි සිතීය. සිතා ඇමතියන් කැඳවා ‘සගයෙනි! යවු, තම තමන් විසින් මනාය’යි පිළිගත් මහණ බමුණන් ඇතුළුපුරයට කැඳවාලවු, දන් දෙන්නෙමු’යි කීයේය. ඇමතියෝ ‘මැනවි, දේවයන් වහන්ස’යි රජුට පිළිවදන් දී පණ්ඩරඞ්ග පරිබ්බාජක ආජීවක නිගණ්ඨාදී වූ ඒ ඒ අන් තොටුවන් පමුණුවා ‘මහරජ! මේ අපගේ රහත්හු’යි රජුට දන්වාලූහ.

අථ රාජා අන‍්තෙපුරෙ උච‍්චාවචානි ආසනානි පඤ‍්ඤපෙත්‍වා “ආගච‍්ඡන‍්තූ”ති වත්‍වා ආගතාගතෙ ආහ – “අත‍්තනො අත‍්තනො පතිරූපෙ ආසනෙ නිසීදථා”ති . තෙසු එකච‍්චෙ භද‍්දපීඨකෙසු, එකච‍්චෙ ඵලකපීඨකෙසු නිසීදිංසු. තෙ දිස‍්වා රාජා “නත්‍ථි නෙසං අන‍්තො සාරො”ති ඤත්‍වා තෙසං අනුරූපං ඛාදනීයං භොජනීයං දත්‍වා උය්‍යොජෙසි.

එකල්හි රජ තෙමේ ඇතුළු පුරයෙහි කුදු මහත් අසුන් පණවාලා එත්වා’යි කියා ආ ආවුනට තම තමන්ට සුදුසු අසුන්හි හිඳිනු මැනව’යි කීයේය. උන් අතුරෙහි ඒ ඇතැම් කෙනෙක් භද්‍රපීඨයන්හිද ඇතැම් කෙනෙක් එලකපීඨයන්හිද හිඳගත්හ. රජතෙමේ ඔවුන්ගේ ඒ හිඳීම දැක ඔවුන්ගේ ඇතුළත ශීලාදීවූ ගුණහරයක් නැතැ’යි දැන ඔවුන්ට සුදුසු වූ කෑයුතු බිදියයුතු දෙයදී පිටත්කොට යැවූයේය.

එවං ගච‍්ඡන‍්තෙ කාලෙ එකදිවසං රාජා සීහපඤ‍්ජරෙ ඨිතො අද‍්දස නිග්‍රොධසාමණෙරං රාජඞ‍්ගණෙන ගච‍්ඡන‍්තං දන‍්තං ගුත‍්තං සන‍්තින්‍ද්‍රියං ඉරියාපථසම‍්පන‍්නං. කො පනායං නිග්‍රොධො නාම? බින්‍දුසාරරඤ‍්ඤො ජෙට‍්ඨපුත‍්තස‍්ස සුමනරාජකුමාරස‍්ස පුත‍්තො.

මෙසේ කල්යත් එක් දවසක් රජතෙමේ සීමැදුරු කවුළුව වෙත සිටියේ, රජගෙදොර මිදුලෙන් යන දැමුනු රැකුනු සන්සුන් ඉඳුරන් ඇති මනා ඉරියව්වෙන් යුක්තවූ නිග්‍රෝධ නම් හෙරණහු දුටුවේය. මේ නිග්‍රෝධ නම් කවරෙක්ද යත්: බින්‍දුසාර රජුගේ දෙටුපුත් වූ සුමන රාජකුමාරයාගේ පුත්‍රතෙමේය.

තත්‍රායං අනුපුබ‍්බිකථා –

මේ එහි පිළිවෙළ කතාය:

බින්‍දුසාරරඤ‍්ඤො කිර දුබ‍්බලකාලෙයෙව අසොකකුමාරො අත‍්තනා ලද‍්ධං උජ‍්ජෙනීරජ‍්ජං පහාය ආගන‍්ත්‍වා සබ‍්බනගරං අත‍්තනො හත්‍ථගතං කත්‍වා සුමනරාජකුමාරං අග‍්ගහෙසි. තංදිවසමෙව සුමනස‍්ස රාජකුමාරස‍්ස සුමනා නාම දෙවී පරිපුණ‍්ණගබ‍්භා අහොසි. සා අඤ‍්ඤාතකවෙසෙන නික‍්ඛමිත්‍වා අවිදූරෙ අඤ‍්ඤතරං චණ‍්ඩාලගාමං සන්‍ධාය ගච‍්ඡන‍්තී ජෙට‍්ඨකචණ‍්ඩාලස‍්ස ගෙහතො අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං නිග්‍රොධරුක‍්ඛෙ අධිවත්‍ථාය දෙවතාය “ඉතො එහි, සුමනෙ”ති වදන‍්තියා සද‍්දං සුත්‍වා තස‍්සා සමීපං ගතා. දෙවතා අත‍්තනො ආනුභාවෙන එකං සාලං නිම‍්මිනිත්‍වා “එත්‍ථ වසාහී”ති අදාසි. සා තං සාලං පාවිසි. ගතදිවසෙයෙව ච පුත‍්තං විජායි. සා තස‍්ස නිග්‍රොධදෙවතාය පරිග‍්ගහිතත‍්තා “නිග්‍රොධො” ත්‍වෙව නාමං අකාසි. ජෙට‍්ඨකචණ‍්ඩාලො දිට‍්ඨදිවසතො පභුති තං අත‍්තනො සාමිධීතරං විය මඤ‍්ඤමානො නිබද‍්ධවත‍්තං පට‍්ඨපෙසි. රාජධීතා තත්‍ථ සත‍්ත වස‍්සානි වසි. නිග්‍රොධකුමාරොපි සත‍්තවස‍්සිකො ජාතො. තදා මහාවරුණත්‍ථෙරො නාම එකො අරහා දාරකස‍්ස හෙතුසම‍්පදං දිස‍්වා රක‍්ඛිත්‍වා තත්‍ථ විහරමානො “සත‍්තවස‍්සිකො දානි දාරකො, කාලො නං පබ‍්බාජෙතු”න‍්ති චින‍්තෙත්‍වා රාජධීතාය ආරොචාපෙත්‍වා නිග්‍රොධකුමාරං පබ‍්බාජෙසි. කුමාරො ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පාපුණි. සො එකදිවසං පාතොව සරීරං ජග‍්ගිත්‍වා ආචරියුපජ‍්ඣායවත‍්තං කත්‍වා පත‍්තචීවරමාදාය “මාතුඋපාසිකාය ගෙහද‍්වාරං ගච‍්ඡාමී”ති නික‍්ඛමි. මාතුනිවාසනට‍්ඨානඤ‍්චස‍්ස දක‍්ඛිණද‍්වාරෙන නගරං පවිසිත්‍වා නගරමජ‍්ඣෙන ගන‍්ත්‍වා පාචීනද‍්වාරෙන නික‍්ඛමිත්‍වා ගන‍්තබ‍්බං හොති.

බින්‍දුසාර රජුගේ දුර්‍වල අවස්ථාවෙහිම අශෝක කුමාර තෙමේ තමන්ටද උදේනි රාජ්‍යය හැරපියා අවුත් මුළු නුවර තමන් අත්පත්කොට ගෙන සුමන නම් රජකුමරු අල්ලා ගත්තේය. එදවසම සුමන රජකුමරුගේ සුමනා නම් රාජදේවී පිරිපුන් ගැබ්ඇත්තී වූවාය. ඕ තොමෝ අප්‍රසිද්ධ වේශයෙන් නික්ම නොදුරෙහි වූ එක්තරා සැඩොල් ගමක් බලා යන්නී, එහි දෙටු සැඩොලුගේ ගෙට නොදුරෙහි එක්තරා නුග රුකක අරක්ගෙන සිටි දෙවතාවක විසින් ‘සුමනා! මෙහි එව’යි කියන්නියගේ ශබ්දය අසා ඇය වෙතට ගියාය. දෙවතාතොමෝ තමන්ගේ ආනුභාවයෙන් එක් හලක් මවා ‘මෙහි වසව’යි කියා එය ඇයට පාවාදුන්නීය. ඕ තොමෝ ඒ හලට පිවිසියාය. එහි ඇතුල්වූදාම පුතකු වැදූය. ඕ තොමෝ ඔහුට න්‍යග්‍රොධ දෙවතා විසින් රැකුම් ගත්බැවින් න්‍යග්‍රොධයි නම් කළාය. එහි දෙටු සැඩොල් තෙමේ සුමනා රාජකුමරිය දුටු දා පටන් ඇය තමන්ගේ ස්වාමිදුව මෙන් සලකනුයේ ඇය පිණිස නිති වැටුප් තැබුයේය. රජදු තොමෝ එහි සත් අවුරුද්දක් විසූය. න්‍යග්‍රොධ කුමාර තෙමේද සත් වැසි වූයේය. එකල්හි මහාවරුණ නම් එක් රහතුන් වහන්සේ නමක් මේ දරුගේ රහත්බවට උපනිඃශ්‍රය වූ කුසල සම්පත්තිය දැක වසනුවෝ ‘මේ දරු දැන් සත් වැසිය, ඔහු පැවිදි කිරීමට මේ කාලය’යි සිතා රජදුවට දන්වා න්‍යග්‍රොධ කුමරු පැවිදි කළහ. කුමාර තෙමේ කරකම් කෙළවරම රහත්බවට පැමිණියේය. ඒ හෙරණ භික්‍ෂුව එක් දවසක් උදෑසනම සිරුර පිළිදැගුම් කොට ඇදුරු උවදැවත්කොට පාසිවුරු ගෙන මවු උවැසියගේ ගෙට යමි’යි නික්මුනේය. මෑ වසන තැනට දකුණු දොරින් නුවරට පිවිස, නුවර මැදින් ගොස් පැදුම්දොරින් නික්ම යායුතුවේ.

තෙන ච සමයෙන අසොකො ධම‍්මරාජා පාචීනදිසාභිමුඛො සීහපඤ‍්ජරෙ චඞ‍්කමති. තඞ‍්ඛණඤ‍්ඤෙව නිග්‍රොධො රාජඞ‍්ගණං සම‍්පාපුණි සන‍්තින්‍ද්‍රියො සන‍්තමානසො යුගමත‍්තං පෙක‍්ඛමානො. තෙන වුත‍්තං – “එකදිවසං රාජා සීහපඤ‍්ජරෙ ඨිතො අද‍්දස නිග්‍රොධසාමණෙරං රාජඞ‍්ගණෙන ගච‍්ඡන‍්තං දන‍්තං ගුත‍්තං සන‍්තින්‍ද්‍රියං ඉරියාපථසම‍්පන‍්න”න‍්ති. දිස‍්වා පනස‍්ස එතදහොසි – “අයං ජනො සබ‍්බොපි වික‍්ඛිත‍්තචිත‍්තො භන‍්තමිගප‍්පටිභාගො. අයං පන දාරකො අවික‍්ඛිත‍්තචිත‍්තො අතිවිය චස‍්ස ආලොකිතවිලොකිතං සමිඤ‍්ජනපසාරණඤ‍්ච සොභති. අද‍්ධා එතස‍්ස අබ‍්භන‍්තරෙ ලොකුත‍්තරධම‍්මො භවිස‍්සතී”ති රඤ‍්ඤො සහ දස‍්සනෙනෙව සාමණෙරෙ චිත‍්තං පසීදි, පෙමං සණ‍්ඨහි. කස‍්මා? පුබ‍්බෙ හි කිර පුඤ‍්ඤකරණකාලෙ එස රඤ‍්ඤො ජෙට‍්ඨභාතා වාණිජකො අහොසි. වුත‍්තම‍්පි හෙතං –

ඒ වේලෙහි අශොක ධර්‍මරාජ තෙමේ පැදුම් දෙසට අභිමුඛව සීමැදුරු කවුළුව සමීපයෙහි සක්මන් කරමින් සිටියේය. එකෙණෙහිම න්‍යග්‍රොධ සාමණෙර තෙමේ සන්සුන් ඉඳුරන් ඇතියේ, සන්සුන් සිත් ඇතියේ, වියදඬු පමණ තැන් බලමින් රජ ගෙදොර මිදුලට පැමිණියේය. ‘එකදිවසං සීහපඤ්ජරෙ ඨිතො අද්දස නිග්‍රොධං සාමණෙරං රාජඞ්ගණෙ ගච්ඡන්තං දන්තං සන්තින්‍ද්‍රියං ඉරියාපථසම්පන්නං’ යනු එහෙයින් කියන ලදී. රජගෙදොර මිදුලෙහි යන දමුනු රැකුනු සන්හුන් ඉඳුරන් ඇති ඊර්‍ය්‍යාපථසම්පන්න වූ ඒ හෙරණහු දැක රජහට ‘මේ සියලු ජනතෙමේ විසිරුනු සිත් ඇත්තේ සැලෙන මුවන් වැනි වේ, මේ දරු තෙමේ නොවිසිරුනු සිත් ඇත්තේය, මොහුගේ ඉදිරිය බැලීම අනුදිග් බැලීම අත්පා හැකිළීම දිගහැරීම ඉතා හොබනේය, ඒකාන්තයෙන් මොහුගේ ඇතුළත ලොකොත්තර ධර්‍මය පිහිටියේ වන්නේය’යි මෙසේ සිත්විය. තවද හෙරණහු දැකීම සමගම හෙරණහු කෙරෙහි රජුගේ සිත පහන්විය. ප්‍රේමය උපන. පෙර මොවුන් පින්කම් කරන කාලයෙහි මේ හෙරණ භික්‍ෂුව රජුගේ දෙටුබෑ මීවෙළඳ වූයේය. එහෙයින් මෙය කියන ලදී:

“පුබ‍්බෙ ව සන‍්නිවාසෙන, පච‍්චුප‍්පන‍්නහිතෙන වා; එවං තං ජායතෙ පෙමං, උප‍්පලං ව යථොදකෙ”ති. (ජා· 1.2.174);

‘පුබ්බෙව සන්නිවාසෙන - පච්චුප්පන්නහිතෙන වා එවං තං ජායතෙ පෙමං - උප්පලංව යථොදකෙ’

පෙර සහවාසයෙන් හෝ මෙකල හිත වැටුමෙන් හෝ මෙසේ ප්‍රේමය දියෙහි උපුල්පියුම් හටගන්නා සේ හටගන්නේ යයි.

අථ රාජා සඤ‍්ජාතපෙමො සබහුමානො “එතං සාමණෙරං පක‍්කොසථා”ති අමච‍්චෙ පෙසෙසි. “තෙ අතිචිරායන‍්තී”ති පුන ද‍්වෙ තයො පෙසෙසි – “තුරිතං ආගච‍්ඡතූ”ති. සාමණෙරො අත‍්තනො පකතියා එව අගමාසි. රාජා පතිරූපමාසනං ඤත්‍වා “නිසීදථා”ති ආහ. සො ඉතො චිතො ච විලොකෙත්‍වා “නත්‍ථි දානි අඤ‍්ඤෙ භික‍්ඛූ”ති සමුස‍්සිතසෙතච‍්ඡත‍්තං රාජපල‍්ලඞ‍්කං උපසඞ‍්කමිත්‍වා පත‍්තග‍්ගහණත්‍ථාය රඤ‍්ඤො ආකාරං දස‍්සෙසි. රාජා තං පල‍්ලඞ‍්කසමීපං උපගච‍්ඡන‍්තංයෙව දිස‍්වා චින‍්තෙසි – “අජ‍්ජෙව දානි අයං සාමණෙරො ඉමස‍්ස ගෙහස‍්ස සාමිකො භවිස‍්සතී”ති සාමණෙරො රඤ‍්ඤො හත්‍ථෙ පත‍්තං දත්‍වා පල‍්ලඞ‍්කං අභිරුහිත්‍වා නිසීදි. රාජා අත‍්තනො අත්‍ථාය සම‍්පාදිතං සබ‍්බං යාගුඛජ‍්ජකභත‍්තවිකතිං උපනාමෙසි. සාමණෙරො අත‍්තනො යාපනීයමත‍්තකමෙව සම‍්පටිච‍්ඡි. භත‍්තකිච‍්චාවසානෙ රාජා ආහ – “සත්‍ථාරා තුම‍්හාකං දින‍්නොවාදං ජානාථා”ති? “ජානාමි, මහාරාජ, එකදෙසෙනා”ති. “තාත, මය‍්හම‍්පි නං කථෙහී”ති. “සාධු, මහාරාජා”ති රඤ‍්ඤො අනුරූපං ධම‍්මපදෙ අප‍්පමාදවග‍්ගං අනුමොදනත්‍ථාය අභාසි.

ඉක්බිති රජතෙමේ උපන් පෙම් ඇතියේ, බුහුමන් සහිත වූයේ ‘අර යන හෙරණහු කැඳවා ගෙනඑවු’යි ඇමැතියන් යැවූයේය. රජතෙමේ ‘ඒ ඇමැතියෝ බොහෝ කල්යවති’යි නැවතත් ‘වහා එව’යි ඇමැතියන් දෙතුන් දෙනකුන් යැවීය. හෙරණතෙමේ තමන්ගේ පියවී ගමනින්ම ගියේය. රජතෙමේ ‘සුදුසු අසුනක් දැන වැඩහිඳිනු මැනවැ’යි උන්වහන්සේට කීය. හෙරණතෙමේ ඈත මෑත බලා ‘දැන් මෙහි අන් මහණහු නැතැ’යි නැගු සේසත් ඇති රජපලඟ වෙතට ගොස් පාත්‍රය ගැනීම පිණිස රජුට ඉඟියක් දැක්වීය. රජතෙමේ පලඟ සමීපයට යන උන්වහන්සේ දැක ‘අදම දැන් මේ හෙරණ තෙමේ මේ ගෙට ස්වාමියෙක් වන්නේය’යි සිතීය. හෙරණතෙමේ රජුගේ අතට පාත්‍රය දී පලඟට නැගී වැඩහුන්නේය. ඉක්බිති රජතෙමේ තමන්ට පිළියෙලකොට තුබූ කැඳ කැවිලියෙන් යුත් ආහරවර්‍ග එළවා තැබූයේය. හෙරණතෙමේ තමන්ට යැපිය හැකි පමණක්ම පිළිගත්තේය. බත්කිස අවසන්හි රජතෙමේ ‘ශාස්තෲන් වහන්සේ විසින් ඔබවහන්සේලාට දෙන ලද අවවාදය දන්නහුදැ’යි ඇසීය. හෙරණතෙමේ ‘මහරජ! තරමක් දනිමි’යි කීයේය. ‘එසේ නම් දරුව! එය මටත් වදාරනු මැනවැ’යි කීය. ‘මැනව මහරජ!’යි රජුට සුදුසු වූ ධර්‍මපදයෙහි අප්‍රමාද වර්‍ගය අනුමොදනා පිණිස වදාළේය.

රාජා පන “අප‍්පමාදො අමතපදං, පමාදො මච‍්චුනො පද”න‍්ති සුත්‍වාව “අඤ‍්ඤාතං, තාත, පරියොසාපෙහී”ති ආහ. අනුමොදනාවසානෙ ච “අට‍්ඨ තෙ, තාත, ධුවභත‍්තානි දම‍්මී”ති ආහ. සාමණෙරො ආහ – “එතානි අහං උපජ‍්ඣායස‍්ස දම‍්මි, මහාරාජා”ති. “කො අයං, තාත, උපජ‍්ඣායො නාමා”ති? “වජ‍්ජාවජ‍්ජං දිස‍්වා චොදෙතා සාරෙතා ච, මහාරාජා”ති. “අඤ‍්ඤානිපි තෙ, තාත, අට‍්ඨ දම‍්මී”ති. “එතානි ආචරියස‍්ස දම‍්මි, මහාරාජා”ති. “කො අයං, තාත, ආචරියො නාමා”ති? “ඉමස‍්මිං සාසනෙ සික‍්ඛිතබ‍්බකධම‍්මෙසු පතිට‍්ඨාපෙතා, මහාරාජා”ති. “සාධු, තාත, අඤ‍්ඤානිපි තෙ අට‍්ඨ දම‍්මී”ති. “එතානිපි භික‍්ඛුසඞ‍්ඝස‍්ස දම‍්මි, මහාරාජා”ති. “කො අයං, තාත, භික‍්ඛුසඞ‍්ඝො නාමා”ති? “යං නිස‍්සාය , මහාරාජ, අම‍්හාකං ආචරියුපජ‍්ඣායානඤ‍්ච මම ච පබ‍්බජ‍්ජා ච උපසම‍්පදා චා”ති. රාජා භිය්‍යොසො මත‍්තාය තුට‍්ඨචිත‍්තො ආහ – “අඤ‍්ඤානිපි තෙ, තාත, අට‍්ඨ දම‍්මී”ති. සාමණෙරො “සාධූ”ති සම‍්පටිච‍්ඡිත්‍වා පුනදිවසෙ ද‍්වත‍්තිංස භික‍්ඛූ ගහෙත්‍වා රාජන‍්තෙපුරං පවිසිත්‍වා භත‍්තකිච‍්චමකාසි. රාජා “අඤ‍්ඤෙපි ද‍්වත‍්තිංස භික‍්ඛූ තුම‍්හෙහි සද‍්ධිං ස‍්වෙ භික‍්ඛං ගණ‍්හන‍්තූ”ති එතෙනෙව උපායෙන දිවසෙ දිවසෙ වඩ‍්ඪාපෙන‍්තො සට‍්ඨිසහස‍්සානං බ්‍රාහ‍්මණපරිබ‍්බාජකාදීනං භත‍්තං උපච‍්ඡින්‍දිත්‍වා අන‍්තොනිවෙසනෙ සට‍්ඨිසහස‍්සානං භික‍්ඛූනං නිච‍්චභත‍්තං පට‍්ඨපෙසි නිග්‍රොධත්‍ථෙරෙ ගතෙනෙව පසාදෙන. නිග්‍රොධත්‍ථෙරොපි රාජානං සපරිසං තීසු සරණෙසු පඤ‍්චසු ච සීලෙසු පතිට‍්ඨාපෙත්‍වා බුද‍්ධසාසනෙ පොථුජ‍්ජනිකෙන පසාදෙන අචලප‍්පසාදං කත්‍වා පතිට‍්ඨාපෙසි. පුන රාජා අසොකාරාමං නාම මහාවිහාරං කාරෙත්‍වා සට‍්ඨිසහස‍්සානං භික‍්ඛූනං නිච‍්චභත‍්තං පට‍්ඨපෙසි. සකලජම‍්බුදීපෙ චතුරාසීතියා නගරසහස‍්සෙසු චතුරාසීතිවිහාරසහස‍්සානි කාරාපෙසි චතුරාසීතිසහස‍්සචෙතියපටිමණ‍්ඩිතානි ධම‍්මෙනෙව, නො අධම‍්මෙන.

රජතෙමේ ‘අප්පමාදො අමතපදං පමාදො මච්චුනො පදං’ යනු අසාම ‘දරුව! දන්නා ලදය, බණ හමාරකරන මැනවැ’යි කීයේය. අනුමොදනා අවසානයෙහි ‘දරුව! ඔබ වහන්සේට නිති බත්අටක් දෙමි’යි කියූ කල්හි, හෙරණතෙමේ ‘මහරජ! මේ නිතිබත් අට මම මාගේ උපාද්ධ්‍යායන් වහන්සේට දෙමි’යි දන්වා සිටියේය. ‘දරුව! මේ කවරෙක් උපාද්ධ්‍යාය නම්වේදැ’යි ඇසූ කල්හි ‘මහරජ! කුදු මහත් වරද නිවරද දැක චෝදනා කරනුයේ සිහිකරවනුයේ උපාද්ධ්‍යාය’යි කීයේය. ‘එසේ නම් දරුව! අනිකුදු අටක් දෙමි’යි කියූ කල්හි ‘මේ අට මාගේ ආචාර්‍ය්‍යන් වහන්සේට දෙමි’යි හෙරණතෙමේ කීය. එකල්හි රජතෙමේ මේ කවරෙක් ආචාර්‍ය්‍ය නම්වේදැ’යි ඇසීය. ‘මහරජ! මේ ශාසනයෙහි හික්මියයුතු දහම්හි පිහිටුවාලන්නේය’යි කීය. ‘හොඳයි දරුව! අනිකුදු අටක් දෙමි’යි රජු කියූ කල්හි ‘මහරජ! මේ අට සඞ්ඝයා වහන්සේට දෙමි’යි කීය. එකල්හි රජතෙමේ ‘දරුව! මේ කවරෙක් සඞ්ඝ නම්වේදැ’යි ඇසීය. ‘මහරජ! අපගේ ආචාර්‍ය්‍යොපාද්ධ්‍යයන් වහන්සේගේත් මාගේත් පැවිද්ද හා උපසම්පදාව යමෙකු නිසා වේනම් ඒ භික්‍ෂු සඞ්ඝ’ නමැයි හෙරණතෙමේ කීයේය. රජතෙමේ අතිශයින් සතුටුවූයේ ‘දරුව! අනිකුදු අටක් ඔබවහන්සේට දෙමි’යි කීය. හෙරණතෙමේ ‘මැනවැ’යි පිළිගෙන පසුදා දෙතිස්නමක් භික්‍ෂූන් ගෙන රජුගේ ඇතුළුපුරයට පිවිස බත්කිස කෙළේය. රජතෙමේ ‘අනිකුදු දෙතිස්නමක් භික්‍ෂූහු ඔබවහන්සේ සමගම භික්‍ෂාව ගන්නා සේක්වා’යි මේ ලෙසින් දවසින් දවස ද්විගුණද්විගුණකොට භික්‍ෂූන් වඩන්නේ සැටදහසක් බ්‍රාහ්මණ පරිබ්‍රාජකාදීන්ට දෙනලද බත් නවතා, න්‍යග්‍රොධ ස්ථවිරයන් වහන්සේ කෙරෙහි උපන් පැහැදීමෙන් ඇතුළුගෙයි සැටදහසක් භික්‍ෂූන්ට නිති බත් පිහිටුවාලූයේය. න්‍යග්‍රොධ ස්ථවිරයන් වහන්සේද පිරිස් සහිත වූ රජු තිසරණයෙහි හා පඤ්ච ශීලයෙහි පිහිටුවා බුදුසසුනෙහි පුහුදුන් පැහැදීමෙන් නොසැලෙන පැහැදුම් ඇත්තකු කොට පිහිටවූහ. නැවත රජතෙමේ අශෝකාරාම නම් මහාවිහාරය කරවා සැටදහසක් භික්‍ෂූන්ට නිතිබත් එළවූයේය. සියලු දඹදිව සුවාසූදහසක් නගරයන්හි සුවාසූදහසක් චෛත්‍යයෙන් ප්‍රතිමණ්ඩිතවූ සුවාසූදහසක් විහාර ධර්‍මයෙන්ම කරවූයේය. අධර්‍මයෙන් නොද කරවූයේය.

එකදිවසං කිර රාජා අසොකාරාමෙ මහාදානං දත්‍වා සට‍්ඨිසහස‍්සභික‍්ඛුසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ නිසජ‍්ජ සඞ‍්ඝං චතූහි පච‍්චයෙහි පවාරෙත්‍වා ඉමං පඤ‍්හං පුච‍්ඡි – “භන‍්තෙ, භගවතා දෙසිතධම‍්මො නාම කිත‍්තකො හොතී”ති? “අඞ‍්ගතො, මහාරාජ, නවඞ‍්ගානි, ඛන්‍ධතො චතුරාසීතිධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානී”ති. රාජා ධම‍්මෙ පසීදිත්‍වා “එකෙකං ධම‍්මක‍්ඛන්‍ධං එකෙකවිහාරෙන පූජෙස‍්සාමී”ති එකදිවසමෙව ඡන‍්නවුතිකොටිධනං විසජ‍්ජෙත්‍වා අමච‍්චෙ ආණාපෙසි – “එථ, භණෙ, එකමෙකස‍්මිං නගරෙ එකමෙකං විහාරං කාරාපෙන‍්තා චතුරාසීතියා නගරසහස‍්සෙසු චතුරාසීතිවිහාරසහස‍්සානි කාරාපෙථා”ති. සයඤ‍්ච අසොකාරාමෙ අසොකමහාවිහාරත්‍ථාය කම‍්මං පට‍්ඨපෙසි. සඞ‍්ඝො ඉන්‍දගුත‍්තත්‍ථෙරං නාම මහිද‍්ධිකං මහානුභාවං ඛීණාසවං නවකම‍්මාධිට‍්ඨායකං අදාසි. ථෙරො යං යං න නිට‍්ඨාති තං තං අත‍්තනො ආනුභාවෙන නිට‍්ඨාපෙසි. එවම‍්පි තීහි සංවච‍්ඡරෙහි විහාරකම‍්මං නිට‍්ඨාපෙසි. එකදිවසමෙව සබ‍්බනගරෙහි පණ‍්ණානි ආගමිංසු.

එක් දවසක් රජතෙමේ අශෝකාරාමයෙහි සළු, සත්, වහන් ආදියෙන් යුත් මහදනක් දී සැටදහසක් භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ සඞ්ඝයා සිවුපසයෙන් පවරා ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ධර්‍මය කොපමණ වේදැ’යි යන මේ ප්‍රශ්නය විචාළේය. ‘මහරජ! අඞ්ග වශයෙන් නවාඞ්ගයෙක, ස්කන්‍ධ වශයෙන් සුවාසූදහසෙකැ’යි වදාළ කල්හි රජතෙමේ ධර්‍මයෙහි පැහැද එක් එක් ධර්‍මස්කන්‍ධය එක් එක් විහාරයෙන් පුදන්නෙමියි එක්ම දවසෙහි සයානූකෙළක් ධනය විසදා ඇමතියන් කැඳවා ‘සගයෙනි! එවු, එක්එක් නුවර එක්එක් විහාර කරවන්නාහු, සුවාසුදහසක් නුවර සුවාසූදහසක් වෙහෙර කරවාලවු’යි අණ කෙළේය. තෙමේද අශෝකාරාමයෙහි අශෝක මහාවිහාරය පිණිස කර්‍මාන්ත පටන් ගත්තේය. සඞ්ඝයා වහන්සේ මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති ක්‍ෂයකළ ආස්‍රව ඇති ඉන්‍දගුත්ත මහතෙරහු කර්‍මාන්ත විධාන කරන්නහුකොට දුන්නේය. ඒ මහාස්ථවිරයන් වහන්සේ යම් යම් කර්‍මාන්තයක් නොනිමියේද ඒ ඒ කර්‍මාන්ත තමන්ගේ ආනුභාවයෙන් නිමකරවූහ. මෙසේ තුන් අවුරුද්දකින් විහාර කර්‍මාන්ත නිමකරවූහ. එක්ම දවසෙහි සියලු නගරයන්ගෙන් ඒවග දන්වා ලියුම් ආයේය.

අමච‍්චා රඤ‍්ඤො ආරොචෙසුං – “නිට‍්ඨිතානි, දෙව, චතුරාසීතිවිහාරසහස‍්සානී”ති. රාජා නගරෙ භෙරිං චරාපෙසි – “ඉතො සත‍්තන‍්නං දිවසානං අච‍්චයෙන විහාරමහො භවිස‍්සති. සබ‍්බෙ අට‍්ඨ සීලඞ‍්ගානි සමාදියිත්‍වා අන‍්තොනගරෙ ච බහිනගරෙ ච විහාරමහං පටියාදෙන‍්තූ”ති. තතො සත‍්තන‍්නං දිවසානං අච‍්චයෙන සබ‍්බාලඞ‍්කාරවිභූසිතාය අනෙකසතසහස‍්සසඞ‍්ඛ්‍යාය චතුරඞ‍්ගිනියා සෙනාය පරිවුතො දෙවලොකෙ අමරවතියා රාජධානියා සිරිතො අධිකතරසස‍්සිරීකං විය නගරං කාතුකාමෙන උස‍්සාහජාතෙන මහාජනෙන අලඞ‍්කතපටියත‍්තං නගරං අනුවිචරන‍්තො විහාරං ගන‍්ත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ අට‍්ඨාසි.

ඇමතියෝ ‘දේවයන් වහන්ස! සුවාසූ දහසක් විහාර ගොඩනගා අවසන් කරන ලදැ’යි රජුට සැල කළහ. ඉක්බිති රජතෙමේ ‘මෙයින් සත්දවසක් ඇවෑමෙන් විහාර පූජෝත්සවය වන්නේය. එහෙයින් සියල්ලෝ අටසිල් සමාදන්ව ඇතුළුනුවරෙහිද, පිටනුවරෙහිද විහාර පූජෝත්සවය පිළියෙල කෙරෙත්වා’යි නුවර බෙර හැසිරවූයේය. එයින් සත් දවසක් ඇවෑමෙන් සියලු අබරණින් සැරසුණු නොයෙක් සියදහස් ගණන් සිවුරඟ සෙනඟින් පිරිවරනලද රජතෙමේ, දෙව්ලොව අමරවතී රාජධානියෙහි ශොභාවට අධිකතර වූ ශොභා ඇත්තක්කොට නුවර සරසනු කැමති වූ හටගත් උත්සාහය ඇති මහජනයා විසින් සරසා පිළියෙලකළ නුවර හැසිරෙනුයේ, විහාරයට ගොස් භික්‍ෂු සඞ්ඝයා මැද සිටගත්තේය.

තස‍්මිඤ‍්ච ඛණෙ සන‍්නිපතිතා අසීති භික‍්ඛුකොටියො අහෙසුං, භික‍්ඛුනීනඤ‍්ච ඡන‍්නවුතිසතසහස‍්සානි. තත්‍ථ ඛීණාසවභික‍්ඛූයෙව සතසහස‍්සසඞ‍්ඛ්‍යා අහෙසුං. තෙසං එතදහොසි – “සචෙ රාජා අත‍්තනො අධිකාරං අනවසෙසං පස‍්සෙය්‍ය අතිවිය බුද‍්ධසාසනෙ පසීදෙය්‍යා”ති. තතො ලොකවිවරණං නාම පාටිහාරියං අකංසු. රාජා අසොකාරාමෙ ඨිතොව චතුද‍්දිසා අනුවිලොකෙන‍්තො සමන‍්තතො සමුද‍්දපරියන‍්තං ජම‍්බුදීපං පස‍්සති චතුරාසීතිඤ‍්ච විහාරසහස‍්සානි උළාරාය විහාරමහපූජාය විරොචමානානි. සො තං විභූතිං පස‍්සමානො උළාරෙන පීතිපාමොජ‍්ජෙන සමන‍්නාගතො “අත්‍ථි පන අඤ‍්ඤස‍්සපි කස‍්සචි එවරූපං පීතිපාමොජ‍්ජං උප‍්පන‍්නපුබ‍්බ”න‍්ති චින‍්තෙන‍්තො භික‍්ඛුසඞ‍්ඝං පුච‍්ඡි – “භන‍්තෙ, අම‍්හාකං ලොකනාථස‍්ස දසබලස‍්ස සාසනෙ කො මහාපරිච‍්චාගං පරිච‍්චජි. කස‍්ස පරිච‍්චාගො මහන‍්තොති? භික‍්ඛුසඞ‍්ඝො මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරස‍්ස භාරං අකාසි. ථෙරො ආහ – “මහාරාජ, දසබලස‍්ස සාසනෙ පච‍්චයදායකො නාම තයා සදිසො ධරමානෙපි තථාගතෙ න කොචි අහොසි, තවෙව පරිච‍්චාගො මහා”ති. රාජා ථෙරස‍්ස වචනං සුත්‍වා උළාරෙන පීතිපාමොජ‍්ජෙන නිරන‍්තරං ඵුට‍්ඨසරීරො හුත්‍වා චින‍්තෙසි – “නත්‍ථි කිර මයා සදිසො පච‍්චයදායකො, මය‍්හං කිර පරිච‍්චාගො මහා, අහං කිර දෙය්‍යධම‍්මෙන සාසනං පග‍්ගණ‍්හාමි. කිං පනාහං එවං සති සාසනස‍්ස දායාදො හොමි, න හොමී”ති. තතො භික‍්ඛුසඞ‍්ඝං පුච‍්ඡි – “භවාමි නු ඛො අහං, භන‍්තෙ, සාසනස‍්ස දායාදො”ති?

එකෙණෙහි අසූකෙළක් භික්‍ෂූහු එහි රැස්වූහ. භික්‍ෂුණීහු සයානූකෙළක් වූහ. එහි ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහුම ලක්‍ෂ ගණනක් වූහ. උන්වහන්සේලාට ‘ඉදින් රජතෙමේ තමන්ගේ අධිකාරය ඉතිරි නොකොට දක්නේ නම් වැඩියක් සසුනෙහි පහදින්නේය’යි සිත්වූයේය. එහෙයින් උන්වහන්සේලා ලොකවිවරණ නම් පෙළහර කළහ. රජතෙමේ අශෝකාරාමයෙහි සිටියේම සිවුදිගුන් බලනුයේ හාත්පසින් මුහුද කෙළවරකොට සිටි දඹදිවද, උදාරවූ විහාර පූජෝත්සවයෙන් බබලන අසූසාරදහසක් විහාරද දක්නේය. රජතෙමේ ඒ ශ්‍රී විභූතිය දක්නේ උදාර වූ ප්‍රීතිප්‍රමොද්‍යයෙන් යුක්තවූයේ ‘අන් කිසිවක්හටත් පෙර උපන්විරූ මෙබඳු ප්‍රීති ප්‍රමොද්‍යයක් ඇත්තේදැ’යි සිතනුයේ ‘ස්වාමීනි! අපගේ දසබලධාරී ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි කවරක්නම් මහා පරිත්‍යාගයක් කළේද, කවරක්හුගේ පරිත්‍යාගය මහත්යි කියත්දැ’යි භික්‍ෂු සඞ්ඝයාගෙන් විචාළේය. මහා භික්‍ෂු සඞ්ඝයා එයට පිළිතුරු දීම මොග්ගලිපුත්තතිස්ස මහාස්ථවිරයන් වහන්සේට භාරකළහ. ඉක්බිති මොගලිපුත්තතිස්ස මහා ස්ථවිරයන් වහන්සේ ‘මහරජ! දසබලධාරී බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ඔබ සමාන වූ අන්කිසි ප්‍රත්‍යය දායකයෙක් තථාගතයන් වහන්සේ ධරමාන කාලයෙහිද නොවූයේය, ඔබගේම පරිත්‍යාගය මහත්’යි කීහ. රජතෙමේ තෙරුන්ගේ මේ වචනය අසා උදාර වූ ප්‍රීති ප්‍රමොද්‍යයෙන් නිරතුරුව පහස්නාලද සිරුරු ඇතියේ ‘මා හා සමාන ප්‍රත්‍යය දායකයෙක් නැත්තේය, මාගේම පරිත්‍යාගය මහත්ය, මම දියයුතු දැයින් සසුනට සඞ්ග්‍රහ කරමි, කිම? මම මෙසේ ඇතිකල්හි සසුනෙහි නෑයෙක් වෙම්ද, නොවෙම්දැ’යි සිතීය. එසේ සිතා රජතෙමේ, ‘ස්වාමීනි! මම සසුනෙහි නෑයෙක් වෙම්දැ’යි භික්‍ෂු සඞ්ඝයාගෙන් විචාළේය.

තතො මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරො රඤ‍්ඤො ඉදං වචනං සුත්‍වා රාජපුත‍්තස‍්ස මහින්‍දස‍්ස උපනිස‍්සයසම‍්පත‍්තිං සම‍්පස‍්සමානො “සචෙ අයං කුමාරො පබ‍්බජිස‍්සති සාසනස‍්ස අතිවිය වුඩ‍්ඪි භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා රාජානං එතදවොච – “න ඛො, මහාරාජ, එත‍්තාවතා සාසනස‍්ස දායාදො හොති; අපිච ඛො පච‍්චයදායකොති වා උපට‍්ඨාකොති වා සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. යොපි හි, මහාරාජ, පථවිතො යාව බ්‍රහ‍්මලොකපරිමාණං පච‍්චයරාසිං දදෙය්‍ය සොපි ‘සාසනෙ දායාදො’ති සඞ‍්ඛ්‍යං න ගච‍්ඡතී”ති. “අථ කථං චරහි, භන‍්තෙ, සාසනස‍්ස දායාදො හොතී”ති? “යො හි කොචි, මහාරාජ, අඩ‍්ඪො වා දලිද‍්දො වා අත‍්තනො ඔරසං පුත‍්තං පබ‍්බාජෙති – අයං වුච‍්චති, මහාරාජ, දායාදො සාසනස‍්සා”ති.

ඉක්බිති මොග්ගලිපුත්තතිස්ස මහා ස්ථවිරයන් වහන්සේ රජුගේ මේ වචනය අසා මහින්‍ද රජකුමරුගේ උපනිඃශ්‍රය සම්පත්තිය දක්නාහු ‘මේ කුමරු පැවිදි වන්නේනම් එය සසුනෙහි මහත් අභිවෘද්ධියෙකැ’යි සිතා ‘මහරජ! මෙපමණකින් සසුනෙහි නෑයෙක් නොවේමය, එහෙත් ප්‍රත්‍යය දායකැයි හෝ උපස්ථායකැයි ගිනීමට යන්නේය, මහරජ! යමෙක් පොළොව පටන් බඹලොව පමණ තෙක් ප්‍රත්‍යය රාශියක් දෙන්නේ නමුත් හෙතෙමේද සසුනෙහි නෑයෙකැ’යි ගිනීමට නොයන්නේය’යි රජුට වදාළ සේක. ‘ස්වාමීනි! එසේනම් කෙසේ වනාහි සසුනෙහි නෑයෙක් වේදැ’යි ඇසීය. ‘මහරජ! පොහොසත් වූ හෝ දිළිදු වූ යම්කිසිවෙක් තමන්ගේ ඖරස පුත්‍රයකු සසුනෙහි පැවිදි කරවාද, මහරජ! මෙතෙමේම සසුනෙහි නෑයෙක් වේය’යි වදාළ සේක.

එවං වුත‍්තෙ අසොකො රාජා “අහං කිර එවරූපං පරිච‍්චාගං කත්‍වාපි නෙව සාසනස‍්ස දායාදභාවං පත‍්තො”ති සාසනෙ දායාදභාවං පත්‍ථයමානො ඉතො චිතො ච විලොකෙත්‍වා අද‍්දස මහින්‍දකුමාරං අවිදූරෙ ඨිතං. දිස‍්වානස‍්ස එතදහොසි – “කිඤ‍්චාපි අහං ඉමං කුමාරං තිස‍්සකුමාරස‍්ස පබ‍්බජිතකාලතො පභුති ඔපරජ‍්ජෙ ඨපෙතුකාමො, අථ ඛො ඔපරජ‍්ජතොපි පබ‍්බජ‍්ජාව උත‍්තමා”ති. තතො කුමාරං ආහ – “සක‍්ඛසි ත්‍වං, තාත, පබ‍්බජිතු”න‍්ති? කුමාරො පකතියාපි තිස‍්සකුමාරස‍්ස පබ‍්බජිතකාලතො පභුති පබ‍්බජිතුකාමොව රඤ‍්ඤො වචනං සුත්‍වා අතිවිය පාමොජ‍්ජජාතො හුත්‍වා ආහ – “පබ‍්බජාමි, දෙව, මං පබ‍්බාජෙත්‍වා තුම‍්හෙ සාසනදායාදා හොථා”ති.

මෙසේ වදාළ කල්හි අශෝක රජතෙමේ ‘මම මෙබඳු මහත් පරිත්‍යාගකොටද සසුනෙහි නෑයෙකු බවට නොපැමිණියෙමි’යි සසුනෙහි නෑබව පතමින් වටපිට බැලීය. එවිට නොදුරෙහි සිටි මිහිඳු කුමරු දැකීමෙන් රජහට ‘මම තිස්ස කුමරු පැවිදිවූදා සිට මේ කුමරු යුවරජ බැව්හි පිහිටුවනු කැමැත්තෙම් වීමි, එහෙත් යුවරජබවට වඩා පැවිද්දම උතුමැ’යි සිත්විය. ඉක්බිති ‘පුත! පැවිදිවන්නට හැක්කෙහිදැ’යි මිහිඳු කුමරුන්ගෙන් ඇසීය. මිහිඳු කුමරතෙමේද පියොවින්ම තිස්ස කුමරු පැවිදිවූදා සිට පැවිදිවනු කැමැත්තේම රජුගේ වචනය අසා හටගත් වැඩියක් හටගත් ප්‍රමොදය ඇත්තේ ‘දේවයන් වහන්ස! පැවිදිවෙමි, මා පැවිදි කරවා ඔබ සසුනෙහි දායාදවහු’යි කීයේය.

තෙන ච සමයෙන රාජධීතා සඞ‍්ඝමිත‍්තාපි තස‍්මිංයෙව ඨානෙ ඨිතා හොති. තස‍්සා ච සාමිකො අග‍්ගිබ්‍රහ‍්මා නාම කුමාරො යුවරාජෙන තිස‍්සකුමාරෙන සද‍්ධිං පබ‍්බජිතො හොති. රාජා තං දිස‍්වා ආහ – “ත්‍වම‍්පි, අම‍්ම, පබ‍්බජිතුං සක‍්ඛසී”ති? “සාධු, තාත, සක‍්කොමී”ති. රාජා පුත‍්තානං මනං ලභිත්‍වා පහට‍්ඨචිත‍්තො භික‍්ඛුසඞ‍්ඝං එතදවොච – “භන‍්තෙ, ඉමෙ දාරකෙ පබ‍්බාජෙත්‍වා මං සාසනෙ දායාදං කරොථා”ති. සඞ‍්ඝො රඤ‍්ඤො වචනං සම‍්පටිච‍්ඡිත්‍වා කුමාරං මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරෙන උපජ‍්ඣායෙන මහාදෙවත්‍ථෙරෙන ච ආචරියෙන පබ‍්බාජෙසි. මජ‍්ඣන‍්තිකත්‍ථෙරෙන ආචරියෙන උපසම‍්පාදෙසි. තදා කිර කුමාරො පරිපුණ‍්ණවීසතිවස‍්සොව හොති. සො තස‍්මිංයෙව උපසම‍්පදසීමමණ‍්ඩලෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. සඞ‍්ඝමිත‍්තායපි රාජධීතාය ආචරියා ආයුපාලිත්‍ථෙරී නාම, උපජ‍්ඣායා පන ධම‍්මපාලිත්‍ථෙරී නාම අහොසි. තදා සඞ‍්ඝමිත‍්තා අට‍්ඨාරසවස‍්සා හොති. තං පබ‍්බජිතමත‍්තං තස‍්මිංයෙව සීමමණ‍්ඩලෙ සික‍්ඛාය පතිට‍්ඨාපෙසුං. උභින‍්නං පබ‍්බජිතකාලෙ රාජා ඡබ‍්බස‍්සාභිසෙකො හොති.

ඒවේලෙහි සඞ්ඝමිත්‍රා රජ දූ කුමරියද එතැනම සිටියාය. ඇයගේ ස්වාමිපුත්‍ර වූ අග්ගිබ්‍රහ්ම නම් කුමරුද යුවරජවූ තිස්ස කුමරුන් හා පැවිදිවූයේ වේ. රජතෙමේ ඇය දැක ‘දියනියෙනි! තිටත් පැවිදිවනු හැකිදැ’යි ඇසීය. ‘පියාණෙනි! මැනවි, පැවිදිවන්නට හැක්කෙමි’යි කුමරිය පිළිතුරු දුන්නීය. රජතෙමේ දූපුතුන්ගේ අදහස ලබාගෙන, පහටුසිත් ඇත්තේ භික්‍ෂු සඞ්ඝයා හට ‘ස්වාමීනි! මේ දරුවන් පැවිදිකරවා මා සසුනෙහි නෑයකු කරමැනව’යි කියා සිටියේය. සඞ්ඝයා වහන්සේ රජුගේ වචනය පිළිගෙන මොග්ගලීපුත්තතිස්ස මහා ස්ථවිරයන් වහන්සේ උපාද්ධ්‍යායකොට මහාදෙව මහා ස්ථවිරයන් වහන්සේ ආචාර්‍ය්‍යකොට මිහිඳු කුමරු පැවිදි කරවූයේය. මජ්ඣන්තික මහාස්ථවිරයන් වහන්සේ ආචාර්‍ය්‍යකොට උපසපන් කරවූයේය. එකල්හි මිහිඳු කුමරු පිරිපුන් විසිවයස් ඇත්තේද වේ. ඒ මහින්‍ද භික්‍ෂු උපසම්පදා මණ්ඩලයෙහිදීම පිළිසැඹියාවත් සමග රහත්බවට පැමිණියේය. සඞ්ඝමිත්‍රා රාජ දුහිතෘ ආචාර්‍ය්‍යවූවා ආයුපාලි ස්ථවිරීතොමෝය. උපාද්ධ්‍යායවූවා ධම්මපාලි ස්ථවිරීතොමෝය. එදවස සඞ්ඝමිත්‍රා ස්ථවිරාතොමෝ අටළොස්වස් ඇත්තීය. පැවිද්ද පමණක් ඇති ඇය ඒ සීමාමණ්ඩලයෙහිදීම ශික්‍ෂා සම්මුතියදී ‘පාණාතිපාතා වෙරමණී’ යන ශික්‍ෂාපදය මුල්කොට ඇති ‘විකාලභොජනා වෙරමණි’ යන ශික්‍ෂාපදය කෙළවරකොට ඇති ෂට්ශික්‍ෂාවෙහි සමාදන් කරවීම් වසයෙන් ශික්‍ෂාවෙහි පිහිටෙව්වාහුය. ඒ දෙදෙන පැවිද්ද ලැබූ කාලයෙහි රජතෙමේ අභිෂෙකයෙන් සවස් ඇත්තේ වේ.

අථ මහින්‍දත්‍ථෙරො උපසම‍්පන‍්නකාලතො පභුති අත‍්තනො උපජ‍්ඣායස‍්සෙව සන‍්තිකෙ ධම‍්මඤ‍්ච විනයඤ‍්ච පරියාපුණන‍්තො ද‍්වෙපි සඞ‍්ගීතියො ආරූළ‍්හං තිපිටකසඞ‍්ගහිතං සාට‍්ඨකථං සබ‍්බං ථෙරවාදං තිණ‍්ණං වස‍්සානං අබ‍්භන‍්තරෙ උග‍්ගහෙත්‍වා අත‍්තනො උපජ‍්ඣායස‍්ස අන‍්තෙවාසිකානං සහස‍්සමත‍්තානං භික‍්ඛූනං පාමොක‍්ඛො අහොසි. තදා අසොකො ධම‍්මරාජා නවවස‍්සාභිසෙකො හොති. රඤ‍්ඤො පන අට‍්ඨවස‍්සාභිසෙකකාලෙයෙව කොන‍්තපුත‍්තතිස‍්සත්‍ථෙරො බ්‍යාධිපටිකම‍්මත්‍ථං භික‍්ඛාචාරවත‍්තෙන ආහිණ‍්ඩන‍්තො පසතමත‍්තං සප‍්පිං අලභිත්‍වා බ්‍යාධිබලෙන පරික‍්ඛීණායුසඞ‍්ඛාරො භික‍්ඛුසඞ‍්ඝං අප‍්පමාදෙන ඔවදිත්‍වා ආකාසෙ පල‍්ලඞ‍්කෙන නිසීදිත්‍වා තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා පරිනිබ‍්බායි. රාජා තං පවත‍්තිං සුත්‍වා ථෙරස‍්ස සක‍්කාරං කත්‍වා “මයි නාම රජ‍්ජං කාරෙන‍්තෙ එවං භික‍්ඛූනං පච‍්චයා දුල‍්ලභා”ති නගරස‍්ස චතූසු ද‍්වාරෙසු පොක‍්ඛරණියො කාරාපෙත්‍වා භෙසජ‍්ජස‍්ස පූරාපෙත්‍වා දාපෙසි.

මහින්‍ද ස්ථවිරයන් වහන්සේ උපසපන්වූ කාලයෙහි පටන් තමන්ගේ උපාද්ධ්‍යායයන් වහන්සේ වෙතම ධර්‍මයද විනයද පුහුණු කරන්නාහු ප්‍රථම - ද්වීතීය සඞ්ගායනාවන්ට නැගූ අර්‍ත්‍ථ කථා සහිතව සඞ්ගායනා කරන ලද සියලු ථෙරවාද ත්‍රිපිටක ධර්‍මය තෙවසක් ඇතුළතදී උගෙන තමන්ගේ උපාධ්‍යායයන් වහන්සේගේ අතවැසි දහසක් පමණ භික්‍ෂූන් අතුරෙහි ප්‍රමුඛ වූහ. එකල්හි අශෝක ධර්‍මරාජතෙමේ අභිෂෙකයෙන් නවවස් ඇත්තේ වේ. රජුගේ අභිෂෙකයෙන් අටවස් කාලයෙහිම කුන්තපුත්තතිස්ස ස්ථවිරයන් වහන්සේ ව්‍යාධි පිළියම් පිණිස භික්‍ෂා චාරවතින් ඇවිදින්නාහු අතළොස්සක් පමණ වූ ගිතෙලක් නොලැබ ව්‍යාධි බලයෙන් පිරිහී ගිය ආයුසංස්කාර ඇත්තාහු භික්‍ෂු සඞ්ඝයා හට අප්‍රමාදයෙන් අවවාද දී අහසෙහි පර්‍ය්‍යඞ්කයෙන් හිඳ තෙජොධාතු සමාපත්තියට සමවැද පිරිනිවීයහ. රජතෙමේ කුන්තපුත්‍රතිස්ස ස්ථවිරයන් වහන්සේ පිළිබඳ එපුවත අසා තෙරුන්ගේ ධාතුසත්කාරයකොට ‘මා රාජ්‍යය කරවන කල්හි භික්‍ෂූන් වහන්සේට මෙසේ ප්‍රත්‍යය දුර්‍ලභය’යි දැන නුවර සිවුදොරටුවෙහි එක් දොරටුවෙහි සතරසතර බැගින් පොකුණු කරවා බෙහෙතින් පුරවා සඞ්ඝයා හට දෙවූයේය.

තෙන කිර සමයෙන පාටලිපුත‍්තස‍්ස චතූසු ද‍්වාරෙසු චත‍්තාරි සතසහස‍්සානි, සභායං සතසහස‍්සන‍්ති දිවසෙ දිවසෙ පඤ‍්චසතසහස‍්සානි රඤ‍්ඤො උප‍්පජ‍්ජන‍්ති. තතො රාජා නිග්‍රොධත්‍ථෙරස‍්ස දෙවසිකං සතසහස‍්සං විසජ‍්ජෙසි. බුද‍්ධස‍්ස චෙතියෙ ගන්‍ධමාලාදීහි පූජනත්‍ථාය සතසහස‍්සං . ධම‍්මස‍්ස සතසහස‍්සං, තං ධම‍්මධරානං බහුස‍්සුතානං චතුපච‍්චයත්‍ථාය උපනීයති. සඞ‍්ඝස‍්ස සතසහස‍්සං, චතූසු ද‍්වාරෙසු භෙසජ‍්ජත්‍ථාය සතසහස‍්සං. එවං සාසනෙ උළාරො ලාභසක‍්කාරො නිබ‍්බත‍්ති.

ඒ කාලයෙහි රජහට පැළලුප් නුවර සිවුදොරින් සාරලක්‍ෂයක්ද, නුවරමැද විනිශ්චය ශාලාවෙන් ලක්‍ෂයක්දැ’යි දවසක් දවසක් පාසා රටින් උපදින අය හැර පන්ලක්‍ෂයක් උපදියි. රජ තෙමේ ඒ පන්ලක්‍ෂයෙන් එක් ලක්‍ෂයක් න්‍යග්‍රොධ තෙරුන් පිණිස දවස් පතා වියදම් කරයි. බුදුරජාණන් වහන්සේගේ සෑය ගඳ මල් ආදියෙන් පුදනු පිණිස එක් ලක්‍ෂයක්ද, ධර්‍මයට එක් ලක්‍ෂයක්ද වියදමිකරයි, ධර්‍මයට පිදූ එක් ලක්‍ෂය බහුශ්‍රැත වූ ධර්‍මධරයන්ගේ සිවුපසය පිණිස එළවනු ලැබේ. සඞ්ඝයා හට එක් ලක්‍ෂයක් පිදුනේය. සිවුදොරටුවෙහි බෙහෙත් පිණිස ලක්‍ෂයක් යෙදුනේය. මෙසේ සසුනට මහත්ලාභ සත්කාර උපන්නේය.

තිත්‍ථියා පරිහීනලාභසක‍්කාරා අන‍්තමසො ඝාසච‍්ඡාදනම‍්පි අලභන‍්තා ලාභසක‍්කාරං පත්‍ථයමානා සාසනෙ පබ‍්බජිත්‍වා සකානි සකානි දිට‍්ඨිගතානි “අයං ධම‍්මො, අයං විනයො”ති දීපෙන‍්ති. පබ‍්බජ‍්ජං අලභමානාපි සයමෙව මුණ‍්ඩෙත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා විහාරෙසු විචරන‍්තා උපොසථම‍්පි පවාරණම‍්පි සඞ‍්ඝකම‍්මම‍්පි ගණකම‍්මම‍්පි පවිසන‍්ති. භික‍්ඛූ තෙහි සද‍්ධිං උපොසථං න කරොන‍්ති. තදා මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරො “උප‍්පන‍්නං දානි ඉදං අධිකරණං, තං නචිරස‍්සෙව කක‍්ඛළං භවිස‍්සති. න ඛො පනෙතං සක‍්කා ඉමෙසං මජ‍්ඣෙ වසන‍්තෙන වූපසමෙතු”න‍්ති මහින්‍දත්‍ථෙරස‍්ස ගණං නීය්‍යාතෙත්‍වා අත‍්තනා ඵාසුවිහාරෙන විහරිතුකාමො අහොගඞ‍්ගපබ‍්බතං අගමාසි. තෙපි ඛො තිත්‍ථියා භික‍්ඛුසඞ‍්ඝෙන ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන නිග‍්ගය‍්හමානාපි ධම‍්මවිනයානුලොමාය පටිපත‍්තියා අසණ‍්ඨහන‍්තා අනෙකරූපං සාසනස‍්ස අබ‍්බුදඤ‍්ච මලඤ‍්ච කණ‍්ටකඤ‍්ච සමුට‍්ඨාපෙසුං. කෙචි අග‍්ගිං පරිචරන‍්ති, කෙචි පඤ‍්චාතපෙන තාපෙන‍්ති, කෙචි ආදිච‍්චං අනුපරිවත‍්තන‍්ති, කෙචි “ධම‍්මඤ‍්ච විනයඤ‍්ච වොභින්‍දිස‍්සාමා”ති පග‍්ගණ‍්හිංසු. තදා භික‍්ඛුසඞ‍්ඝො න තෙහි සද‍්ධිං උපොසථං වා පවාරණං වා අකාසි. අසොකාරාමෙ සත‍්තවස‍්සානි උපොසථො උපච‍්ඡිජ‍්ජි. රඤ‍්ඤොපි එතමත්‍ථං ආරොචෙසුං. රාජා එකං අමච‍්චං ආණාපෙසි – “විහාරං ගන‍්ත්‍වා අධිකරණං වූපසමෙත්‍වා උපොසථං කාරාපෙහී”ති. අමච‍්චො රාජානං පටිපුච‍්ඡිතුං අවිසහන‍්තො අඤ‍්ඤෙ අමච‍්චෙ උපසඞ‍්කමිත්‍වා ආහ – “රාජා මං ‘විහාරං ගන‍්ත්‍වා අධිකරණං වූපසමෙත්‍වා උපොසථං කාරාපෙහී’ති පහිණි. කථං නු ඛො අධිකරණං වූපසම‍්මතී”ති? තෙ ආහංසු – “මයං එවං සල‍්ලක‍්ඛෙම – ‘යථා නාම පච‍්චන‍්තං වූපසමෙන‍්තා චොරෙ ඝාතෙන‍්ති, එවමෙව යෙ උපොසථං න කරොන‍්ති, තෙ මාරෙතුකාමො රාජා භවිස‍්සතී’”ති. අථ සො අමච‍්චො විහාරං ගන‍්ත්‍වා භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා ආහ – “අහං රඤ‍්ඤා ‘උපොසථං කාරාපෙහී’ති පෙසිතො. කරොථ දානි, භන‍්තෙ, උපොසථ”න‍්ති. භික‍්ඛූ “න මයං තිත්‍ථියෙහි සද‍්ධිං උපොසථං කරොමා”ති ආහංසු. අථ අමච‍්චො ථෙරාසනතො පට‍්ඨාය අසිනා සීසානි පාතෙතුං ආරද‍්ධො.

මේ හේතුවෙන් පිරිහුණු ලාභසත්කාර ඇති තීර්ථකයෝ යටත්පිරිසෙයින් කෑම්ඇදීම් පමණකුත් නොලබන්නාහු ලාභසත්කාර පතන්නාහු සසුනෙහි පැවිදිව ’මේ ධර්‍මය, මේ විනයය’යි තමතමන් අයත් මිථ්‍යාදෘෂ්ටීන් ප්‍රකාශ කරත්. පැවිද්ද නොලබන්නාහුද තුමූම හිස මුඩු කොට කසටවත් හැඳ විහාරයන්හි හැසිරෙමින් පොහොය කිරීමටද, පවාරණයටද, සඞ්ඝකර්‍මයටද, ගණකර්‍මයටද වැදගණිත්. භික්‍ෂූහු ඔවුන් සමග පෙහොය නොකරත්. එකල්හි මොග්ගලිපුත්තතිස්ස මහා ස්ථවිරයන් වහන්සේ ‘දැන් මේ අධිකරණයෙන් උපන්නේය, වැඩිකල් නොගොස්ම එය කැකුළු වන්නේය, මේ අධිකරණය මොවුන් මැද වසන්නහු විසින් සන්සිඳුවන්නට නොහැකිය’යි මිහිඳු තෙරුන්ට ගණයා පාවාදී තමන්වහන්සේ පහසු විහරණයෙන් වසනු කැමැතිව අහොගඞ්ග පර්‍වතයට වැඩිය සේක. ඒ තීර්ථකයෝද භික්‍ෂු සඞ්ඝයා විසින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෲ ශාසනයෙන් නිග්‍රහ කරනු ලබන්නාහුද, ධර්‍මවිනයයට අනුලොම් වූ පිළිවෙතෙහි නොසිටින්නාහු සසුනට නන්වැදෑරුම් වූ අර්බුදද, මලද, කටුද ඉපදවූහ. සමහරු ගිනි පුදති. සමහරු සතර පැත්තෙහි ගිනි දල්වා එහි මැදසිට සූර්‍ය්‍යතාපයෙන් තැවෙත්, සමහරු හිරුට මූණදී පෙරළෙත්, සමහරු ධර්‍මයත් විනයත් ඉතිරි නොකොට බිඳහරින්නෙමු’යි තැත්කළහ. එකල්හි භික්‍ෂු සඞ්ඝයා ඔවුන් සමග පොහොයද පවාරණයද නොකෙළේය. අශෝකාරාමයෙහි සත් අවුරුද්දක් පොහොය කිරීම මුළුමනින් සිඳීගියේය. රජුටද මේ කාරණය දන්වා සිටියහ. එකල්හි රජතෙමේ එක් ඇමතියෙකුට ‘විහාරයට ගොස් අධිකරණය සන්සිඳුවා පොහොය කරවාලව’යි අණකෙළේය. අණලත් අමාත්‍යතෙමේ රජුගෙන් නැවත විචාරන්නට අසමර්‍ත්‍ථ වූයේ අන් ඇමතියන් කරා එළඹ, ‘රජතෙමේ විහාරයට ගොස් අධිකරණය සන්සිඳුවා සඞ්ඝයා ලවා පොහොය කරවාලන්නැ’යි මා පිටත්කොට හැරියේය, අධිකරණය කෙසේ සන්සිඳේදැ’යි ඇසීය. ඒ ඇමතියෝ ‘පසල් දනවු සන්සිඳුවන්නෝ හොරුන් අල්ලා යම්සේ නසාලත්ද, එපරිද්දෙන් යම්කෙනෙක් පොහොය නොකරත්ද රජතෙමේ ඔවුන් මරවනු කැමැත්තේ වන්නේ යයි මෙසේ අපි සලකමු’යි කීහ. ඉක්බිති ඒ ඇමතිතෙමේ විහාරයට ගොස් භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා, ‘ඔබවහන්සේ ලවා පොහොය කරවාලවයි රජු විසින් මම මෙහි එවන ලද්දෙම් වෙමි, එහෙයින් ස්වාමිනි! දැන් පොහොය කරනු මැනවැ’යි දන්වා සිටියේය. භික්‍ෂූහු ‘අපි තීර්ථකයන් සමග පොහොය නොකරමු’යි කීහ. එකල්හි අමාත්‍යතෙමේ ථෙරාසනයෙහි පටන් කඩුවෙන් භික්‍ෂූන්ගේ හිස් කපා හෙලන්නට පටන් ගත්තේය.

අද‍්දසා ඛො තිස‍්සත්‍ථෙරො තං අමච‍්චං තථා විප‍්පටිපන‍්නං. තිස‍්සත්‍ථෙරො නාම න යො වා සො වා, රඤ‍්ඤො එකමාතිකො භාතා තිස‍්සකුමාරො නාම, තං කිර රාජා පත‍්තාභිසෙකො ඔපරජ‍්ජෙ ඨපෙසි. සො එකදිවසං වනචාරං ගතො අද‍්දස මහන‍්තං මිගසඞ‍්ඝං චිත‍්තකීළාය කීළන‍්තං. දිස‍්වානස‍්ස එතදහොසි – “ඉමෙ තාව තිණභක‍්ඛා මිගා එවං කීළන‍්ති, ඉමෙ පන සමණා රාජකුලෙ පණීතානි භොජනානි භුඤ‍්ජිත්‍වා මුදුකාසු සෙය්‍යාසු සයමානා කිං නාම කීළිතං න කීළිස‍්සන‍්තී”ති! සො තතො ආගන‍්ත්‍වා ඉමං අත‍්තනො විතක‍්කං රඤ‍්ඤො ආරොචෙසි. රාජා “අට‍්ඨානෙ කුක‍්කුච‍්චායිතං කුමාරෙන! හන්‍ද, නං එවං සඤ‍්ඤාපෙස‍්සාමී”ති එකදිවසං කෙනචි කාරණෙන කුද‍්ධො විය හුත්‍වා “එහි සත‍්තදිවසෙන රජ‍්ජං සම‍්පටිච‍්ඡ, තතො තං ඝාතෙස‍්සාමී”ති මරණභයෙන තජ‍්ජෙත්‍වා තමත්‍ථං සඤ‍්ඤාපෙසි. සො කිර කුමාරො “සත‍්තමෙ මං දිවසෙ මාරෙස‍්සතී”ති න චිත‍්තරූපං න‍්හායි, න භුඤ‍්ජි, න සුපි, අතිවිය ලූඛසරීරො අහොසි. තතො නං රාජා පුච‍්ඡි – “කිස‍්ස ත්‍වං එවරූපො ජාතො”ති? “මරණභයෙන, දෙවා”ති. “අරෙ, ත්‍වං නාම පරිච‍්ඡින‍්නමරණං සම‍්පස‍්සමානො විස‍්සත්‍ථො න කීළසි? භික‍්ඛූ අස‍්සාසපස‍්සාසනිබද‍්ධං මරණං පෙක‍්ඛමානා කථං කීළිස‍්සන‍්තී”ති! තතො පභුති කුමාරො සාසනෙ පසීදි.

එහි සිටි තිස්ස ස්ථවිරයන් වහන්සේ එසේ විපිළිපන් ඒ අමාත්‍යයා දුටහ. තිස්ස ස්ථවිරයන් වහන්සේ යම් ඒ කෙනෙක් නොවෙති. උන්වහන්සේ රජුගේ එක් මවුකුස උපන් සොහොයුරු වූ තිස්ස කුමාරයෝය. රජතෙමේ පැමිණි රාජ්‍යාභිෂෙකය ඇත්තේ ඒ තිස්ස කුමරු යුවරජ බැව්හි තැබුයේය. හෙතෙමේ එක් දවසක්හි වනයෙහි හැසිරීමට ගියේ කැමැති සේ කෙළින මහත් මුවරැළක් දුටුයේය. ඒ දැකීමෙන් ඔහුට ‘මේ මුවෝ තණ බුදින්නාහු මෙසේ ක්‍රීඩා කරන්නෝය, මේ ශ්‍රමණයෝ වනාහි රජගෙයින් ලැබෙන පිණි බොජුන් වළඳා මොළොක් යහන්හි හොවින්නාහු කොතරම් සිත්ගත් ක්‍රීඩාවක් නමුත් නොකරන්නාහුය’යි අදහස් වූයේය. ඔහු වනයෙන් අවුත් තමන්ගේ මේ විතර්‍කය රජුට සැලකොට සිටියේය. එකල්හි රජතෙමේ ‘කුමරුන් නොතැන කුකුස් කරන ලද්දේය. එබැවින් එය මොහුට මෙසේ හඟවන්නෙමි’යි එක් දවසක් කිසි කරුණකින් කිපියෙකු මෙන්ව ‘එව මෙහි, සත්දවසකට මේ රජය පිළිගණුව, සත්දවස ගෙවීගියතැන තා නසා ලන්නෙමි’යි මරණ බියෙන් තැතිගන්වා ඒ කාරණය අවබෝධ කරවීය. ඒ කුමාරතෙමේ සත්වන දවසෙහි මා මරවනු ඇතැ’යි සිත් සේ නොනෑයේය. නොකෑයේය. නිදි නොගත්තේය. එහෙයින් තදින් වැහැරීගිය රලු සිරුරු ඇත්තේ විය. ඉක්බිති රජතෙමේ ‘තෝ කවර හෙයකින් මෙසේ වැහැරී ගියෙහිදැ’යි ඔහුගෙන් ඇසීය. ‘දෙවියන් වහන්ස! මරණ බියෙනැ’යි කීය. ‘කොල! තෝ සත්දවසින් පිරිසිඳිනලද මරණය දක්නෙහි, නිසැක සිත් ඇතියෙහි ක්‍රීඩා නොකරන්නෙහිය, භික්‍ෂූහු හුස්ම ගැනීම හා පිටකිරීම සම්බන්‍ධකොට ඇති මරණය ගැන බලාපොරොත්තු වන්නාහු කෙසේ ක්‍රීඩා කරන්නාහුදැ’යි කීයේය. එතැන් පටන් කුමාරතෙමේ සසුනෙහි පැහැදුනේය.

සො පුන එකදිවසං මිගවං නික‍්ඛමිත්‍වා අරඤ‍්ඤෙ අනුවිචරමානො අද‍්දස යොනකමහාධම‍්මරක‍්ඛිතත්‍ථෙරං අඤ‍්ඤතරෙන හත්‍ථිනාගෙන සාලසාඛං ගහෙත්‍වා බීජියමානං නිසින‍්නං. දිස‍්වා පාමොජ‍්ජජාතො චින‍්තෙසි – “කදා නු ඛො අහම‍්පි අයං මහාථෙරො විය පබ‍්බජෙය්‍යං! සියා නු ඛො සො දිවසො”ති. ථෙරො තස‍්සාසයං විදිත්‍වා තස‍්ස පස‍්සන‍්තස‍්සෙව ආකාසෙ උප‍්පතිත්‍වා අසොකාරාමෙ පොක‍්ඛරණියා උදකතලෙ ඨත්‍වා චීවරඤ‍්ච උත‍්තරාසඞ‍්ගඤ‍්ච ආකාසෙ ලග‍්ගෙත්‍වා න‍්හායිතුං ආරද‍්ධො.

හෙතෙමේ නැවත එක් දවසක් මුවදඩයමට ගොස් වනයෙහි ඒ ඒ තැන හැසිරෙනුයේ, එක්තරා රජෙකු විසින් සල් අත්තක් ගෙන පවන් සලනු ලබන වැඩහුන් යොනක මහාධම්මරක්‍ඛිත මහා ස්ථවිරයන් වහන්සේ දුටුයේය. දැක හටගත් ප්‍රමුදිතභාව ඇත්තේ, ‘කවදානම් මමත් මේ මහතෙරුන් මෙන් පැවිදිවන්නෙම්ද කවදානම් එබඳු දවසක් මටත් වන්නේදැ’යි සිතීය. යොනක මහා ධම්මරක්‍ඛිත ස්ථවිරයන් වහන්සේ ඔහුගේ මේ අදහස දැන ඔහු බලාඉන්දදීම අහසට නැගී ගොස් අශෝකාරාමයෙහි වූ පොකුණෙහි දිය මතුපිට සිට සිවුරත් උතුරුසඟ සිවුරත් අහසෙහි එල්ලා නාන්නට පටන් ගත්හ.

කුමාරො ථෙරස‍්සානුභාවං දිස‍්වා අතිවිය පසන‍්නො “අජ‍්ජෙව පබ‍්බජිස‍්සාමී”ති නිවත‍්තිත්‍වා රඤ‍්ඤො ආරොචෙසි – “පබ‍්බජිස‍්සාමහං, දෙවා”ති. රාජා අනෙකප‍්පකාරං යාචිත්‍වාපි තං නිවත‍්තෙතුං අසක‍්කොන‍්තො අසොකාරාමගමනීයමග‍්ගං අලඞ‍්කාරාපෙත්‍වා කුමාරං ඡණවෙසං ගාහාපෙත්‍වා අලඞ‍්කතාය සෙනාය පරිවාරාපෙත්‍වා විහාරං නෙසි. “යුවරාජා කිර පබ‍්බජිස‍්සතී”ති සුත්‍වා බහූ භික‍්ඛූ පත‍්තචීවරානි පටියාදෙසුං. කුමාරො පධානඝරං ගන‍්ත්‍වා මහාධම‍්මරක‍්ඛිතත්‍ථෙරස‍්සෙව සන‍්තිකෙ පබ‍්බජි සද‍්ධිං පුරිසසතසහස‍්සෙන. කුමාරස‍්ස පන අනුපබ‍්බජිතානං ගණනපරිච‍්ඡෙදො නත්‍ථි. කුමාරො රඤ‍්ඤො චතුවස‍්සාභිසෙකකාලෙ පබ‍්බජිතො. අථඤ‍්ඤොපි රඤ‍්ඤො භාගිනෙය්‍යො සඞ‍්ඝමිත‍්තාය සාමිකො අග‍්ගිබ්‍රහ‍්මා නාම කුමාරො අත්‍ථි. සඞ‍්ඝමිත‍්තා තං පටිච‍්ච එකමෙව පුත‍්තං විජායි. සොපි “යුවරාජා පබ‍්බජිතො”ති සුත්‍වා රාජානං උපසඞ‍්කමිත්‍වා – “අහම‍්පි, දෙව, පබ‍්බජිස‍්සාමී”ති යාචි. “පබ‍්බජ, තාතා”ති ච රඤ‍්ඤා අනුඤ‍්ඤාතො තංදිවසමෙව පබ‍්බජි.

කුමාරතෙමේ තෙරුන්ගේ ආනුභාවය දැක වැඩියක් පහන්වූයේ, ‘අදම පැවිදි වන්නෙමි’යි පෙරළා අවුත් ‘දෙවයන් වහන්ස! මම පැවිදි වන්නෙමි’යි රජුට දන්වා සිටියේය. රජතෙමේ නොයෙක් අයුරින් යැදද, ඔහු නවතාලන්නට නොහැකිවනුයේ අශෝකාරාමයට යායුතු මග සරසවා කුමරුට උත්සව වේශය ගන්නා සැරසුනු සේනාවෙන් පිරිවරවා විහාරයට පැමිණවූයේය. ‘යුවරජතෙමේ පැවිදි වන්නේය’යි අසා බොහෝ භික්‍ෂූහු පාසිවුරු පිළියෙල කළහ. කුමාරතෙමේ පධානඝරයට ගොස් මහාධම්මරක්‍ඛිත මහා ස්ථවිරයන් වහන්සේගේ සමීපයෙහිම සියදහසක් පුරුෂයන් සමග පැවිදි වූයේය. කුමරු අනුව ගොස් පැවිදි වූවන්ගේ ගණන් පිරිසිඳීමක් නැත්තේය. කුමරු රජුගේ අභිෂෙකයෙන් සිවු අවුරුදු කාලයෙහි පැවිදි වූයේය. නැවත රජුගේ බුහුනන් පුත් වූ සඞ්ඝමිත්‍රාවගේ ස්වාමිපුත්‍ර වූ අග්ගිබ්‍රහ්මනම් කුමාරයෙක් ඇත්තේය. සඞ්ඝමිත්‍රා ඔහුට දාව එක්ම පුතෙකු වැදූය. ඔහුද ‘යුවරජතෙමේ පැවිදි වූයේය’යි අසා රජු වෙත ගොස් ‘දෙවයන් වහන්ස! මමත් පැවිදි වන්නෙමි’යි පැවිද්දට අවසර ඉල්ලිය. ‘දරුව! පැවිදිවෙව’යි රජු විසින් අනුදන්නා ලද්දේ එදවසම පැවිදි වූයේය.

එවං අනුපබ‍්බජිතො, උළාරවිභවෙන ඛත‍්තියජනෙන; රඤ‍්ඤො කනිට‍්ඨභාතා, තිස‍්සත්‍ථෙරොති විඤ‍්ඤෙය්‍යො.

මෙසේ උදාර සම්පත් ඇති ක්‍ෂත්‍රිය ජනයා අනුව ගොස් පැවිදිවූ රජුගේ කනිටුබෑ තිස්ස ස්ථවිරැ’යි දතයුතුය.

සො තං අමච‍්චං තථා විප‍්පටිපන‍්නං දිස‍්වා චින‍්තෙසි – “න රාජා ථෙරෙ මාරාපෙතුං පහිණෙය්‍ය; අද‍්ධා ඉමස‍්සෙවෙතං අමච‍්චස‍්ස දුග‍්ගහිතං භවිස‍්සතී”ති ගන‍්ත්‍වා සයං තස‍්ස ආසන‍්නෙ ආසනෙ නිසීදි. සො ථෙරං සඤ‍්ජානිත්‍වා සත්‍ථං නිපාතෙතුං අවිසහන‍්තො ගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි – “අහං, දෙව, උපොසථං කාතුං අනිච‍්ඡන‍්තානං එත‍්තකානං නාම භික‍්ඛූනං සීසානි පාතෙසිං; අථ අය්‍යස‍්ස තිස‍්සත්‍ථෙරස‍්ස පටිපාටි සම‍්පත‍්තා, කින‍්ති කරොමී”ති? රාජා සුත්‍වාව – “අරෙ! කිං පන, ත්‍වං, මයා භික‍්ඛූ ඝාතෙතුං පෙසිතො”ති තාවදෙව සරීරෙ උප‍්පන‍්නදාහො හුත්‍වා විහාරං ගන‍්ත්‍වා ථෙරෙ භික‍්ඛූ පුච‍්ඡි – “අයං, භන‍්තෙ, අමච‍්චො මයා අනාණත‍්තොව එවං අකාසි, කස‍්ස නු ඛො ඉමිනා පාපෙන භවිතබ‍්බ”න‍්ති? එකච‍්චෙ ථෙරා, “අයං තව වචනෙන අකාසි, තුය‍්හෙතං පාප”න‍්ති ආහංසු. එකච‍්චෙ “උභින‍්නම‍්පි වො එතං පාප”න‍්ති ආහංසු. එකච‍්චෙ එවමාහංසු – “කිං පන තෙ, මහාරාජ, අත්‍ථි චිත‍්තං ‘අයං ගන‍්ත්‍වා භික‍්ඛූ ඝාතෙතූ’”ති? “නත්‍ථි, භන‍්තෙ, කුසලාධිප‍්පායො අහං පෙසෙසිං – ‘සමග‍්ගො භික‍්ඛුසඞ‍්ඝො උපොසථං කරොතූ’”ති. “සචෙ ත්‍වං කුසලාධිප‍්පායො, නත්‍ථි තුය‍්හං පාපං, අමච‍්චස‍්සෙවෙතං පාප”න‍්ති.

ඒ තිස්ස ස්ථවිරයන් වහන්සේ එසේ විපිළිපන් ඒ ඇමතියා දැක ‘රජතෙමේ තෙරුන් මරන්නට මොහු නොඑවන්නේය, ඒකාන්තයෙන් මෙය මේ ඇමතියාගේම නපුරු ගැන්මෙක් වන්නේය’යි සිතුයේය. එසේ සිතා ගොස් තෙමේ ඔහුට ලංව තුබූ අසුනෙහි හිඳගත්තේය. ඒ ඇමති තෙරුන් හැඳින කඩුව හෙළන්නට අපොහොසත් වූයේ ගොස්, දෙවයන් වහන්ස! මම පොහොය කරන්නට නොකැමැතිවූ මෙපමණ භික්‍ෂූන්ගේ හිස් කපා හෙළීමි, අනතුරුව ආර්‍ය්‍යතිෂ්‍ය ස්ථවිරයන් වහන්සේට පිළිවෙළ පැමිණියා කුමක් කරම්දැ’යි රජුට දන්වා සිටියේය. රජතෙමේ එපුවත අසාම ‘බොල! කිම මා විසින් තෝ යවන ලද්දෙහි භික්‍ෂූන් නසන්නටදැ’යි එකෙණෙහිම සිරුරෙහි හටගත් දාහය ඇත්තේ විහාරයට ගොස් ‘ස්වාමීනි! මේ ඇමතිතෙමේ මා විසින් නොඅණවන ලද්දේම මෙසේ කෙළේය, කවරක්හට මේ පාපය වියයුතුදැ’යි ස්ථවිර භික්‍ෂූන් අතින් විචාළේය. එහි ඇතැම් ස්ථවිරයන් වහන්සේ ‘මෙතෙමේ ඔබගේ වචනයෙන් මෙය කෙළේය, එහෙයින් මේ පාපය ඔබටැ’යි කීහ. ඇතැම්හු ‘මේ පාපය ඔබ දෙපොලටමැ’යි කීහ. ඇතැම්හු ‘මහරජ! කිම මෙ තෙමේ ගොස් භික්‍ෂූන් නසාවායි ඔබට සිතක් වූයේදැ’යි ඇසූහ. ‘ස්වාමීනි! එබඳු සිතක් මට නොවීය. මම කුසල් අදහස් ඇතියෙම්, සමග්‍ර වූ භික්‍ෂු සඞ්ඝතෙමේ පොහොය කෙරේවායි දන්වා යැවීමි’යි රජතෙමේ කීයේය. ‘මහරජ! ඉදින් ඔබ කුසල් අදහස් ඇතියහුනම් ඔබට පාපයක් නැත්තේය, මේ පාපය ඇමති හටමැ’යි කීහ.

රාජා ද‍්වෙළ‍්හකජාතො ආහ – “අත්‍ථි නු ඛො, භන‍්තෙ, කොචි භික‍්ඛු මමෙතං ද‍්වෙළ‍්හකං ඡින්‍දිත්‍වා සාසනං පග‍්ගහෙතුං සමත්‍ථො”ති? “අත්‍ථි, මහාරාජ, මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරො නාම, සො තෙ ඉමං ද‍්වෙළ‍්හකං ඡින්‍දිත්‍වා සාසනං පග‍්ගණ‍්හිතුං සමත්‍ථො”ති. රාජා තදහෙව චත‍්තාරො ධම‍්මකථිකෙ එකෙකභික‍්ඛුසහස‍්සපරිවාරෙ, චත‍්තාරො ච අමච‍්චෙ එකෙකපුරිසසහස‍්සපරිවාරෙ “ථෙරං ගණ‍්හිත්‍වා ආගච‍්ඡථා”ති පෙසෙසි. තෙ ගන‍්ත්‍වා “රාජා පක‍්කොසතී”ති ආහංසු. ථෙරො නාගච‍්ඡි . දුතියම‍්පි ඛො රාජා අට‍්ඨ ධම‍්මකථිකෙ, අට‍්ඨ ච අමච‍්චෙ සහස‍්සසහස‍්සපරිවාරෙයෙව පෙසෙසි – “‘රාජා, භන‍්තෙ, පක‍්කොසතී’ති වත්‍වා ගණ‍්හිත්‍වාව ආගච‍්ඡථා”ති. තෙ තථෙව ආහංසු. දුතියම‍්පි ථෙරො නාගච‍්ඡි. රාජා ථෙරෙ පුච‍්ඡි – “අහං, භන‍්තෙ, ද‍්වික‍්ඛත‍්තුං පහිණිං; කස‍්මා ථෙරො නාගච‍්ඡතී”ති? “‘රාජා පක‍්කොසතී’ති වුත‍්තත‍්තා, මහාරාජ, නාගච‍්ඡති. එවං පන වුත‍්තෙ ආගච‍්ඡෙය්‍ය ‘සාසනං, භන‍්තෙ, ඔසීදති, අම‍්හාකං සාසනං පග‍්ගහත්‍ථාය සහායකා හොථා’”ති. අථ රාජා තථා වත්‍වා සොළස ධම‍්මකථිකෙ, සොළස ච අමච‍්චෙ සහස‍්සසහස‍්සපරිවාරෙ පෙසෙසි. භික‍්ඛූ ච පටිපුච‍්ඡි – “මහල‍්ලකො නු ඛො, භන‍්තෙ, ථෙරො දහරො නු ඛො”ති? “මහල‍්ලකො, මහාරාජා”ති. “වය‍්හං වා සිවිකං වා අභිරුහිස‍්සති, භන‍්තෙ”ති? “නාභිරුහිස‍්සති, මහාරාජා”ති. “කුහිං, භන‍්තෙ, ථෙරො වසතී”ති? “උපරි ගඞ‍්ගාය, මහාරාජා”ති. රාජා ආහ – “තෙන හි, භණෙ, නාවාසඞ‍්ඝාටං බන්‍ධිත්‍වා තත්‍ථෙව ථෙරං නිසීදාපෙත්‍වා ද‍්වීසුපි තීරෙසු ආරක‍්ඛං සංවිධාය ථෙරං ආනෙථා”ති. භික‍්ඛූ ච අමච‍්චා ච ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා රඤ‍්ඤො සාසනං ආරොචෙසුං.

රජතෙමේ ස්ථවිර භික්‍ෂූන් කියූ මෙබස් අසා හටගත් සැක ඇත්තේ ‘ස්වාමීනි! මාගේ සැකය සිඳහැර සසුන නගාසිටුවන්නට සමර්‍ත්‍ථ වූ කිසි භික්‍ෂු නමක් ඇත්තේදැ’යි ඇසීය. ‘ඇත, මහරජ! මොග්ගලීපුත්තතිස්ස මහාස්ථවිරයන් වහන්සේ, උන්වහන්සේ ඔබගේ මේ සැකය සිඳහැර සසුන නගාසිටුවන්නට සමර්‍ත්‍ථ වනසේකැ’යි කීහ. රජතෙමේ, එදවසම එකක් එකක්හට සමර්‍ත්‍ථ වනසේකැ’යි කීහ. රජතෙමේ, එදවසම එක් භික්‍ෂුවට භික්‍ෂූන් එක් එක් දහස පිරිවරකොටදී ධර්‍මකථික භික්‍ෂූන් සිවුනමක්ද, එක ඇමතියකුට පුරුෂයන් දහසදහස පිරිවරකොටදී ඇමතියන් සිවුදෙනකුන්ද ‘තෙරුන් වැඩමවාගෙන එවු’යි යැවූයේය. ඔවුහු ගොස් ‘රජතෙමේ කැඳවා’යි කීහ. මහාස්ථවිරයන් වහන්සේ නොවැඩියාහ. රජ තෙමේ, දෙවන වරද, දහසදහස පිරිවර ඇතිවම ධර්‍මකථික භික්‍ෂූන් අටනමක්ද, ඇමතියන් අටදෙනෙකුන්ද ‘ස්වාමීනි! රජතෙමේ කැඳවා’යි කියා තෙරුන් ගෙනම එවු’යි යැවීය. ඔවුහු තෙරුන් වෙත ගොස් එසේම සැලකොට සිටියහ. දෙවන වරද මහා ස්ථවිරයන් වහන්සේ නොද වැඩියාහ. එකල්හි රජතෙමේ, ස්ථවිර භික්‍ෂූන් අතේ ‘ස්වාමීනි! මම දෙවරක්ම ආරාධනා යැවීමි, කුමක් හෙයින් මහා ස්ථවිරයන් වහන්සේ නොවඩින සේක්දැ’යි විචාළේය. ‘මහරජ! රජතෙමේ කැඳවායි කියූබැවින් නොවැඩියහ, ස්වාමීනි! සසුන පසුබස්නේය, අපගේ සසුන නගාසිටුවන්නට සහාය වනු මැනවයි මෙසේ දන්වා යැවූකල්හි වඩිනු ඇතැ’යි කීහ. ඉක්බිති රජතෙමේ, එසේ කියා දහසදහස පිරිවරකොට ඇති සොළොසක් ධර්‍මකථික භික්‍ෂූන්ද, සොළොසක් ඇමතියන්ද යැවූයේය. යවා, ‘ස්වාමීනි! මහාස්ථවිරයන් වහන්සේ මහලු සේක්ද, නැත, තරුණ සේක්දැ’යි භික්‍ෂූන් අතින් විචාළේය. ‘මහරජ! මහලු සේකැ’යි කියූකල්හි ‘ස්වාමීනි පුවරුවෙන් වසාකළ ගැලකට, සිවිගෙයකට හෝ නගින සේක්දැ’යි ඇසීය. ‘නැත, මහරජ! නොනගින සේකැ’යි කීහ. එකල්හි ‘ස්වාමීනි! මහාස්ථවිරයන් වහන්සේ කොතැන වසත්දැ’යි විචාළේය. ‘මහරජ! ගඟ මතුවෙහි’යි කීහ. රජතෙමේ, ‘සගයෙනි! එසේනම් තෙපි එකට ගටා නැවක් බැඳ, එහි තෙරුන් වඩාහිඳුවා දෙගංඉවුරෙහි රැකවල්තබා තෙරුන් වඩාගෙන එවු’යි අණ කෙළේය. භික්‍ෂූහුද ඇමතියෝද තෙරුන් වෙත ගොස් රජුගේ ආරාධනාව සැලකොට සිටියහ.

ථෙරො සුත්‍වා “යං ඛො අහං මූලතො පට‍්ඨාය සාසනං පග‍්ගණ‍්හිස‍්සාමීති පබ‍්බජිතොම‍්හි. අයං දානි මෙ සො කාලො අනුප‍්පත‍්තො”ති චම‍්මඛණ‍්ඩං ගණ‍්හිත්‍වාව උට‍්ඨහි. අථ “ථෙරො ස‍්වෙ පාටලිපුත‍්තං සම‍්පාපුණිස‍්සතී”ති රත‍්තිභාගෙ රාජා සුපිනං අද‍්දස. එවරූපො සුපිනො අහොසි – “සබ‍්බසෙතො හත්‍ථිනාගො ආගන‍්ත්‍වා රාජානං සීසතො පට‍්ඨාය පරාමසිත්‍වා දක‍්ඛිණහත්‍ථෙ අග‍්ගහෙසී”ති. පුනදිවසෙ රාජා සුපිනජ‍්ඣායකෙ පුච‍්ඡි – “මයා එවරූපො සුපිනො දිට‍්ඨො, කිං මෙ භවිස‍්සතී”ති? එකො තං, “මහාරාජ, සමණනාගො දක‍්ඛිණහත්‍ථෙ ගණ‍්හිස‍්සතී”ති. අථ රාජා තාවදෙව “ථෙරො ආගතො”ති සුත්‍වා ගඞ‍්ගාතීරං ගන‍්ත්‍වා නදිං ඔතරිත්‍වා අබ‍්භුග‍්ගච‍්ඡන‍්තො ජාණුමත‍්තෙ උදකෙ ථෙරං සම‍්පාපුණිත්‍වා ථෙරස‍්ස නාවාතො ඔතරන‍්තස‍්ස හත්‍ථං අදාසි. ථෙරො රාජානං දක‍්ඛිණහත්‍ථෙ අග‍්ගහෙසි. තං දිස‍්වා අසිග‍්ගාහා “ථෙරස‍්ස සීසං පාතෙස‍්සාමා”ති කොසතො අසිං අබ‍්බාහිංසු. කස‍්මා? එතං කිර චාරිත‍්තං රාජකුලෙසු – “යො රාජානං හත්‍ථෙ ගණ‍්හති තස‍්ස අසිනා සීසං පාතෙතබ‍්බ”න‍්ති. රාජා ඡායංයෙව දිස‍්වා ආහ – “පුබ‍්බෙපි අහං භික‍්ඛූසු විරද‍්ධකාරණා අස‍්සාදං න වින්‍දාමි, මා ඛො ථෙරෙ විරජ‍්ඣිත්‍ථා”ති. ථෙරො පන කස‍්මා රාජානං හත්‍ථෙ අග‍්ගහෙසීති? යස‍්මා රඤ‍්ඤා පඤ‍්හං පුච‍්ඡනත්‍ථාය පක‍්කොසාපිතො තස‍්මා “අන‍්තෙවාසිකො මෙ අය”න‍්ති අග‍්ගහෙසි.

මහාස්ථවිර තෙමේද එය අසා ‘මම යම්හෙයකින් මුල පටන් සසුන නගාලන්නට පැවිදි වූයෙම් වෙම්ද, මට දැන් එයට ඒ මේ කාලය පැමිණියේය’යි සම්කඩ හකුළා ගෙනම නැගීසිටියහ. එකල්හි රජතෙමේ හෙටම මහා ස්ථවිරයන් වහන්සේ පැළලුප් නුවරට පැමිණෙන්නාහයි රාත්‍රියෙහි සිහිනයක් දුටුයේය. රජු දුටු සිහිනය මෙබඳු වූයේය: ‘මුළු සිරුර සුදුවන් ඇත්රජෙක් රජු වෙතට අවුත් රජු හිස පටන් පරාමර්‍ශනයකොට රජුගේ දකුණත අල්ලා ගත්තේය’ මේ ඒ දුටු සිහිනය. පසුදා තෙමේ ‘මා විසින් මෙබඳු සිහිනයක් දක්නා ලද්දේය, එයින් මට කුමක් වන්නේදැ’යි සිහින හදාරන්නන් අතින් විචාළේය. ‘මහරජ! එක් ශ්‍රමණයෙක් ඔබගේ දකුණත ගන්නේය’යි ඔවුහු කීහ. රජතෙමේ එකෙණෙහිම මහාස්ථවිරයන් වහන්සේ වැඩියාහයි අසා ගංඉවුරට ගොස් ගඟට බැස ඉදිරියට යනුයේ දණ පමණ දියෙහිදී මහ තෙරුන් වෙත පැමිණ නැවෙන් බසින්නාවූ මහා ස්ථවිරයන් වහන්සේලාට අත දුන්නේය. මහා ස්ථවිරයන් වහන්සේ රජුගේ දකුණත අල්ලා ගත්හ. ඒ දුටු කඩු ගත්තාහු මහතෙරුන්ගේ හිස ගසා හෙලන්නෙමු’යි කඩුව කඩු කොපුවෙන් එලියට ඇදගත්හ. ඒ කුමක් හෙයින්දයත්: ‘යමෙක් රජුගේ අත අල්ලාගනීද ඔහුගේ හිස කඩුවෙන් සිඳහළ යුතුය’ යනු රජකුලයෙහි මේ චාරිත්‍රය බැවිනි. රජතෙමේ එහි ඡායා මාත්‍රයක්ම දැක ‘පෙරත් මම භික්‍ෂූන් කෙරෙහි වැරදි ලෙසින් කළ කරුණක් නිසා අස්වැසුමක් නොවිඳිමි, තෙරුන් කෙරෙහි විරුද්ධයක් නොකරවු’යි කීයේය. කුමක් හෙයින් මහා ස්ථවිරයන් වහන්සේ රජුගේ අත අල්ලාගත් සේක්ද යත්: ‘යම් හෙයකින් රජු විසින් ප්‍රශ්නයක් විචාරනු පිණිස මහා ස්ථවිරයන් වහන්සේ කැඳවා ගන්නා ලද්දාහුද, එහෙයින් මෙතෙමේ මාගේ අතැවැසියෙකැ’යි සලකා රජුගේ අතගත්හ.

රාජා ථෙරං අත‍්තනො උය්‍යානං නෙත්‍වා බාහිරතො තික‍්ඛත‍්තුං පරිවාරාපෙත්‍වා ආරක‍්ඛං ඨපෙත්‍වා සයමෙව ථෙරස‍්ස පාදෙ ධොවිත්‍වා තෙලෙන මක‍්ඛෙත්‍වා ථෙරස‍්ස සන‍්තිකෙ නිසීදිත්‍වා “පටිබලො නු ඛො ථෙරො මම කඞ‍්ඛං ඡින්‍දිත්‍වා උප‍්පන‍්නං අධිකරණං වූපසමෙත්‍වා සාසනං පග‍්ගණ‍්හිතු”න‍්ති වීමංසනත්‍ථාය “අහං, භන‍්තෙ, එකං පාටිහාරියං දට‍්ඨුකාමො”ති ආහ. “කතරං පාටිහාරියං දට‍්ඨුකාමොසි, මහාරාජා”ති? “පථවීකම‍්පනං, භන‍්තෙ”ති. “සකලපථවීකම‍්පනං දට‍්ඨුකාමොසි, මහාරාජ, පදෙසපථවීකම‍්පන”න‍්ති? “කතරං පනෙත්‍ථ, භන‍්තෙ, දුක‍්කර”න‍්ති? “කිං නු ඛො, මහාරාජ, කංසපාතියා උදකපුණ‍්ණාය සබ‍්බං උදකං කම‍්පෙතුං දුක‍්කරං; උදාහු උපඩ‍්ඪ”න‍්ති? “උපඩ‍්ඪං, භන‍්තෙ”ති. “එවමෙව ඛො, මහාරාජ, පදෙසපථවීකම‍්පනං දුක‍්කර”න‍්ති. “තෙන හි, භන‍්තෙ, පදෙසපථවීකම‍්පනං පස‍්සිස‍්සාමී”ති. “තෙන හි, මහාරාජ, සමන‍්තතො යොජනෙ පුරත්‍ථිමාය දිසාය එකෙන චක‍්කෙන සීමං අක‍්කමිත්‍වා රථො තිට‍්ඨතු; දක‍්ඛිණාය දිසාය ද‍්වීහි පාදෙහි සීමං අක‍්කමිත්‍වා අස‍්සො තිට‍්ඨතු; පච‍්ඡිමාය දිසාය එකෙන පාදෙන සීමං අක‍්කමිත්‍වා පුරිසො තිට‍්ඨතු; උත‍්තරාය දිසාය උපඩ‍්ඪභාගෙන සීමං අක‍්කමිත්‍වා එකා උදකපාති තිට‍්ඨතූ”ති. රාජා තථා කාරාපෙසි. ථෙරො අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා තතො වුට‍්ඨාය “රාජා පස‍්සතූ”ති යොජනප‍්පමාණපථවීචලනං අධිට‍්ඨහි. පුරත්‍ථිමාය දිසාය රථස‍්ස අන‍්තොසීමාය ඨිතො පාදොව චලි, ඉතරො න චලි. එවං දක‍්ඛිණපච‍්ඡිමදිසාසු අස‍්සපුරිසානං අන‍්තොසීමාය ඨිතපාදායෙව චලිංසු, උපඩ‍්ඪුපඩ‍්ඪං සරීරඤ‍්ච. උත‍්තරදිසාය උදකපාතියාපි අන‍්තොසීමාය ඨිතං උපඩ‍්ඪභාගගතමෙව උදකං චලි, අවසෙසං නිච‍්චලමහොසීති.

රජතෙමේ මහතෙරුන් උයනට පමුණුවා උයනට පිටින් තුන්වළල්ලක් සිටින සේ පිරිවරවා රැකවල තබා තෙමේම මහතෙරුන්ගේ පා සෝදා තෙල් ගල්වා මහතෙරුන් වෙත හිඳ ‘මහා ස්ථවිරයන් වහන්සේ මාගේ සැකය සිඳහැර හටගෙන ඇති මේ අධිකරණය සන්සිඳුවා සසුන නගාසිටුවන්නට සමර්‍ත්‍ථ සේක්දැ’යි විමසනු පිණිස ‘ස්වාමීනී! මම එක් පෙළහරක් දකිනු කැමැතියෙමි’යි කියා සිටියේය. ‘මහරජ! කිනම් පෙළහරක් දකිනු කැමත්තෙහිදැ’යි ඇසූ කල්හි ‘ස්වාමීනි! පොළෝ සැලීමය’යි කීයේය. ‘මහරජ! දකිනු කැමැතියෙහි මුළු පොළොවෙහි සැලීමක්ද, නැත, පොළොවෙහි එක් පෙදෙසක සැලීමක්දැ’යි විචාළ සේක. එකල්හි ‘ස්වාමීනි! මෙහි කවරනම් පෙළහරක් දුෂ්කර වන්නේදැ’යි ඇසීය. මහාස්ථවිරයන් වහන්සේ ‘කිම මහරජ! දියපිරූ කස්ලෝ තලියෙහි සියලු දිය සැලීම දුෂ්කරද? නැත, ඉන් අඩක් සැලීම දුෂ්කරදැ’යි අසා වදාළ කල්හි ‘ස්වාමීනි! අඩක් සෙලවීම දුෂ්කරය’යි කීයේය. ‘මහරජ! එපරිද්දෙන්ම ප්‍රදේශ පෘථිවි කම්පනය දුෂ්කරය’යි වදාළවිට ‘ස්වාමීනි! එසේනම් පොළොවෙහි එක් පෙදෙසක සැලීම දකිනු රිසියෙමි’යි කීයේය. ‘මහරජ! එසේනම් හාත්පස යොදුනක්හි යොදුනක්හි පෙරදිග සීමාව එක් රියසකකින් ආක්‍රමණයකොට රථයක් තිබේවා, දකුණුදිග දෙපසකින් සීමාව පාගාගෙන අශ්වයෙක් සිටීවා, පැසුළුදිග එක් පයකින් සීමාව පාගා ගෙන පුරුෂයෙක් සිටීවා, උතුරුදිග අඩකොටසක් සීමාව යටකොට එක් දියතලියක් තිබේවා’යි වදාළ සේක. රජතෙමේ එසේ කරවූයේය. ඉක්බිති මහා ස්ථවිරයන් වහන්සේ අභිඥාපාදක චතුර්‍ත්‍ථද්ධ්‍යානයට සමවැද එයින් නැගිට ‘රජතෙමේ දකීවා’යි පොළොවෙහි යොදුනක් පමණ තැන සැලීම ඉටූ සේක. පෙරදිග තිබූ රියෙහි සීමාව ඇතුළත සිටි රියසක සැලී ගියේය. අනික් රියසක නොසැලුනේය. මෙසේ දකුණු-පැසුළු දික්හි සිටි අශ්වයන්ගේ හා පුරුෂයන්ගේ සීමාව ඇතුළත වූ පාද සැලී ගියේය. සිරුරුද අඩ අඩ සැලුනේය. උතුරු දිග තුබූ දියතලියෙහිද සීමාව තුළ සිටි අඩකොටසක්ම වූ දිය සැලුනේය. ඉතිරි කොටස නිසලව සිටියේය.

රාජා තං පාටිහාරියං දිස‍්වා “සක‍්ඛති දානි ථෙරො සාසනං පග‍්ගණ‍්හිතු”න‍්ති නිට‍්ඨං ගන‍්ත්‍වා අත‍්තනො කුක‍්කුච‍්චං පුච‍්ඡි – “අහං, භන‍්තෙ, එකං අමච‍්චං ‘විහාරං ගන‍්ත්‍වා අධිකරණං වූපසමෙත්‍වා උපොසථං කාරාපෙහී’ති පහිණිං, සො විහාරං ගන‍්ත්‍වා එත‍්තකෙ භික‍්ඛූ ජීවිතා වොරොපෙසි, එතං පාපං කස‍්ස හොතී”ති?

රජතෙමේ මේ පෙළහර දැක ‘මහාස්ථවිරයන් වහන්සේ සසුන නගාලන්නට සමර්‍ත්‍ථයහ’යි තීරණයට බැස ‘ස්වාමීනි! මම විහාරයට ගොස් අධිකරණය සන්සිඳුවා පොහොය කරවාලවයි එක් ඇමතියෙකු විහාරයට යැවීමි, ඒ ඇමතිවරයා විහාරයට ගොස් මෙතෙක් භික්‍ෂූන් ජීවිතයෙන් තොර කෙළේය, ස්වාමීනි! මේ පාපය කවරක්හට වේදැ’යි තමන්ගේ කුකුස දන්වා විචාළේය.

“කිං පන තෙ, මහාරාජ, අත්‍ථි චිත‍්තං ‘අයං විහාරං ගන‍්ත්‍වා භික‍්ඛූ ඝාතෙතූ’”ති? “නත්‍ථි, භන‍්තෙ”ති. “සචෙ තෙ, මහාරාජ, නත්‍ථි එවරූපං චිත‍්තං, නත්‍ථි තුය‍්හං පාප”න‍්ති. අථ ථෙරො රාජානං එතමත්‍ථං ඉමිනා සුත‍්තෙන සඤ‍්ඤාපෙසි – “චෙතනාහං, භික‍්ඛවෙ, කම‍්මං වදාමි. චෙතයිත්‍වා කම‍්මං කරොති – කායෙන වාචාය මනසා”ති (අ· නි· 6.63).

‘කිම මහරජ! මෙතෙමේ විහාරයට ගොස් භික්‍ෂූන් නසාවයි ඔබට සිතක් උපන්නේදැ’යි ඇසූහ. ‘නැත ස්වාමීනි!’යි කියු කල්හි ‘මහරජ! ඉදින් ඔබට එබඳු සිතක් නොඋපන්නේ නම් පාපයක් ඔබට නැත්තේය’යි වදාරා, නැවත මහාස්ථවිරයන් වහන්සේ රජුට ‘චෙතනාහං භික්‍‍‍ඛවෙ කම්මං වදාමි, චෙතයිත්‍වා කම්මං කරොති කායෙන වාචාය මනසා’ යන සූත්‍රයෙන් මෙහි අර්‍ත්‍ථය හැඟවූ සේක.

තමෙවත්‍ථං පරිදීපෙතුං තිත‍්තිරජාතකං (ජා· 1.4.75) ආහරි – “අතීතෙ, මහාරාජ, දීපකතිත‍්තිරො තාපසං පුච‍්ඡි –

ඒ කරුණම දක්වන්නට මහාස්ථවිරයන් වහන්සේ තිත්තිර ජාතකය ගෙනහැර දැක්වූ සේක. ‘මහරජ! යටගිය දවස දීපක තිත්තිර තෙමේ :

‘ඤාතකො නො නිසින‍්නොති, බහු ආගච‍්ඡතී ජනො; පටිච‍්ච කම‍්මං ඵුසති, තස‍්මිං මෙ සඞ‍්කතෙ මනො’ති.

‘අපගේ නෑයෙක් හුන්නේය’යි බොහෝ වටුවෝ මා වෙතට එත්, ආවෝ මා නිසා මරණයට පැමිණෙත්, එහෙයින් ඒ ගැන මාගේ සිහි සැකයක් වේය’යි

තාපසො ආහ – ‘අත්‍ථි පන තෙ චිත‍්තං මම සද‍්දෙන ච රූපදස‍්සනෙන ච ආගන‍්ත්‍වා එතෙ පක‍්ඛිනො බජ‍්ඣන‍්තු වා හඤ‍්ඤන‍්තු වා’ති? ‘නත්‍ථි, භන‍්තෙ’ති තිත‍්තිරො ආහ. තතො නං තාපසො සඤ‍්ඤාපෙසි – ‘සචෙ තෙ නත්‍ථි චිත‍්තං, නත්‍ථි පාපං; චෙතයන‍්තමෙව හි පාපං ඵුසති, නාචෙතයන‍්තං.

තවුසාගෙන් විචාළේය. එකල්හි තාපස තෙමේ ‘මාගේ හඬින් මාගේ රූ දැක්මෙන් අවුත් මේ වටුවෝ බැඳෙත්වා, නැසෙත්වායි තට උපන් සිතක් ඇත්තේදැ’යි ඇසූයේය. ‘නැත, ස්වාමීනි!’යි තිත්තිරතෙමේ කීයේය. අනතුරුව තාපසතෙමේ ‘ඉදින් තට එබඳු සිතක් නැත්නම් පාපයක්ද නැත්තේය, කර්‍මය සිතන්නහුම පහසන්නේය, නොසිතන්නහු නොදපහසන්නේය’යි ඔහුට හැඟවීය.

‘න පටිච‍්ච කම‍්මං ඵුසති, මනො චෙ නප‍්පදුස‍්සති; අප‍්පොස‍්සුක‍්කස‍්ස භද්‍රස‍්ස, න පාපමුපලිම‍්පතී’”ති.

‘සිත දූෂිත නොවේනම් කර්‍මය නිසා දුක් නොවිඳියි, පාපක්‍රියාවෙහි නිරාලය වූ පිරිසිදු සත්ත්‍වයාගේ සිත පාපයෙහි නොඇලේය’යි

එවං ථෙරො රාජානං සඤ‍්ඤාපෙත්‍වා තත්‍ථෙව රාජුය්‍යානෙ සත‍්ත දිවසානි වසන‍්තො රාජානං සමයං උග‍්ගණ‍්හාපෙසි. රාජා සත‍්තමෙ දිවසෙ අසොකාරාමෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා සාණිපාකාරං පරික‍්ඛිපාපෙත්‍වා සාණිපාකාරන‍්තරෙ නිසින‍්නො එකලද‍්ධිකෙ එකලද‍්ධිකෙ භික‍්ඛූ එකතො එකතො කාරාපෙත්‍වා එකමෙකං භික‍්ඛුසමූහං පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි – “කිංවාදී සම‍්මාසම‍්බුද‍්ධො”ති? තතොසස‍්සතවාදිනො “සස‍්සතවාදී”ති ආහංසු. එකච‍්චසස‍්සතිකා…පෙ… අන‍්තානන‍්තිකා… අමරාවික‍්ඛෙපිකා… අධිච‍්චසමුප‍්පන‍්නිකා… සඤ‍්ඤීවාදා… අසඤ‍්ඤීවාදා… නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීවාදා … උච‍්ඡෙදවාදා… දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදා “දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදී”ති ආහංසු. රාජා පඨමමෙව සමයස‍්ස උග‍්ගහිතත‍්තා “නයිමෙ භික‍්ඛූ, අඤ‍්ඤතිත්‍ථියා ඉමෙ”ති ඤත්‍වා තෙසං සෙතකානි වත්‍ථානි දත්‍වා උප‍්පබ‍්බාජෙසි. තෙ සබ‍්බෙපි සට‍්ඨිසහස‍්සා අහෙසුං.

මෙසේ මහාස්ථවිරයන් වහන්සේ රජුට කරුණු අවබෝධ කරවා එහි රාජොද්‍යානයෙහිම සත්දවසක් වසන සේක්, රජුට බුදුරජාණන් වහන්සේගේ ලබ්ධිය ඉගැන්නූහ. රජතෙමේ සත්වන දවසෙහි අශෝකාරාමයට භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා තිරපවුරකින් හාත්පස වටකරවා තිරපවුර තුළ හුන්නේ සමාන ලබ්ධික සමාන ලබ්ධික භික්‍ෂූන් එක් එක් තන්හි කරවා එක් එක් භික්‍ෂු සමූහයා කැඳවා ‘සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිනම් වාද ඇති සේක්දැ’යි විචාළේය. එකල්හි ශාස්වතවාදීහු ශාස්තවාදීහයිද, එකත්‍යශාස්වතිකයෝ එකත්‍යශාස්තවාදීහයිද, අන්තානන්තිකයෝ අන්තානන්තිකවාදීහයිද, අමරාවික්‍ෂෙපිකයෝ අමරාවික්‍ෂෙපිකහයිද, අධිත්‍යසමූත්පන්තිකයෝ අධිත්‍යසමුත්පන්තිකවාදීහයිද, සංඥිවාදීහු සංඥිවාදීහයිද, අසංඥිවාදීහු අසංඥිවාදීහයිද, නෛවසංඥී නාසංඥිවාදීහු නෛවසංඥි නාසංඥිවාදීහයිද, උච්ඡෙදවාදීහු උච්ඡෙදවාදීහයිද, දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදීහු දෘෂ්ටධර්‍මනිර්‍වාණවාදීහයිද කීහ. රජතෙමේ පළමුකොට බුදුරජාණන් වහන්සේගේ ලබ්ධිය උගත් බැවින් ‘මොවුහු භික්‍ෂූහු නොවෙති, මොවුහු අන්‍ය තීර්ථකයෝය’යි දැන ඔවුනට සුදුවත් දී සිවුරු හැරවූයේය. ඒ සියල්ලෝ සැටදහසක් වූහ.

අථඤ‍්ඤෙ භික‍්ඛූ පක‍්කොසාපෙත්‍වා පුච‍්ඡි – “කිංවාදී, භන‍්තෙ, සම‍්මාසම‍්බුද‍්ධො”ති? “විභජ‍්ජවාදී, මහාරාජා”ති. එවං වුත‍්තෙ රාජා ථෙරං පුච‍්ඡි – “විභජ‍්ජවාදී, භන‍්තෙ, සම‍්මාසම‍්බුද‍්ධො”ති? “ආම, මහාරාජා”ති. තතො රාජා “සුද‍්ධං දානි, භන‍්තෙ, සාසනං; කරොතු භික‍්ඛුසඞ‍්ඝො උපොසථ”න‍්ති ආරක‍්ඛං දත්‍වා නගරං පාවිසි.

නැවත එහි ඉතිරි වූ භික්‍ෂූන් ගෙන්වා ‘ස්වාමීනි! සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිනම් වාද ඇති සේක්දැ’යි විචාළේය. ‘මහරජ! සම්මා සම්බුදුරජාණන් වහන්සේ විභජ්ජවාදීහ’යි මෙසේ කියූකල්හි රජතෙමේ ‘ස්වාමීනි! සම්මා සම්බුදුරජාණන් වහන්සේ විභජ්ජවාදීහුදැ’යි මහතෙරුන්ගෙන් විචාළේය. ‘එසේය මහරජ!’යි උන්වහන්සේ වදාළ සේක. ඉක්බිති රජතෙමේ ‘ස්වාමීනි! දැන් සසුන පිරිසිදුය, භික්‍ෂු සඞ්ඝයා පොහොය කෙරේවා’යි ආරක්‍ෂාව දී නුවරට පිවිසියේය.

සමග‍්ගො සඞ‍්ඝො සන‍්නිපතිත්‍වා උපොසථං අකාසි. තස‍්මිං සන‍්නිපාතෙ සට‍්ඨි භික‍්ඛුසතසහස‍්සානි අහෙසුං. තස‍්මිං සමාගමෙ මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරො පරප‍්පවාදං මද‍්දමානො කථාවත්‍ථුප‍්පකරණං අභාසි. තතො සට‍්ඨිසතසහස‍්සසඞ‍්ඛ්‍යෙසු භික‍්ඛූසු උච‍්චිනිත්‍වා තිපිටකපරියත‍්තිධරානං පභින‍්නපටිසම‍්භිදානං තෙවිජ‍්ජාදිභෙදානං භික‍්ඛූනං සහස‍්සමෙකං ගහෙත්‍වා යථා මහාකස‍්සපත්‍ථෙරො ච කාකණ‍්ඩකපුත‍්තො යසත්‍ථෙරො ච ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායිංසු; එවමෙව ධම‍්මඤ‍්ච විනයඤ‍්ච සඞ‍්ගායන‍්තො සබ‍්බං සාසනමලං විසොධෙත්‍වා තතියසඞ‍්ගීතිං අකාසි. සඞ‍්ගීතිපරියොසානෙ අනෙකප‍්පකාරං පථවී අකම‍්පිත්‍ථ. අයං සඞ‍්ගීති නවහි මාසෙහි නිට‍්ඨිතා. යා ලොකෙ –

සමග්‍ර සඞ්ඝයා රැස්ව පොහොය කෙළේය. ඒ රැස්වීමෙහි සැටලක්‍ෂයක් භික්‍ෂූහු වූහ. ඒ සමාගමයෙහි මොග්ගලීපුත්තතිස්ස මහා ස්ථවිරයන් වහන්සේ පරප්‍රවාදය මඩිමින් කථාවස්තුප්‍රකරණය වදාළ සේක. ඉන්පසු සැටලක්‍ෂ ගණනක් වූ භික්‍ෂූන් අතුරෙහි ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිධර වූ, පැමිණි පිළිසැඹියා ඇති, ත්‍රිවිද්‍යා ප්‍රභෙද ඇති භික්‍ෂූන් එක්දහසක් තෝරාගෙන මහා කාශ්‍යප මහා ස්ථවිරයන් වහන්සේද, කාකණ්ඩපුත්‍ර යස මහා ස්ථවිරයන් වහන්සේද ධර්‍මයත් විනයයත් යම්සේ සඞ්ගායනා කළාහුද, එපරිද්දෙන්ම ධර්‍මයත් විනයයත් සඞ්ගායනා කරණසේක් සියලු සසුන්මල සෝදාහැර තෘතීයඞ්ගීතිය කළ සේක. සඞ්ගීතිය අවසානයෙහි නන්අයුරින් පොළොව සැලුනීය. මේ සඞ්ගීති නවමසකින් නිමවන ලදී. ලෝකයෙහි යම් සඞ්ගීතියක්:

කතා භික‍්ඛුසහස‍්සෙන, තස‍්මා සහස‍්සිකාති ච; පුරිමා ද‍්වෙ උපාදාය, තතියාති ච වුච‍්චතීති.

භික්‍ෂූන් දහසක් විසින් කරන ලදද, එහෙයින් සාහස්සිකායිද, ප්‍රථම, ද්විතීය සඞ්ගීති දෙක කරුණුකොට තෘතීයයිද කියනු ලැබේ.

අයං තතියසඞ‍්ගීති.

මේ තෘතීය සඞ්ගීතිය නිමවන ලදී.

එත‍්තාවතා ච “කෙනාභත”න‍්ති එතස‍්ස පඤ‍්හස‍්ස විස‍්සජ‍්ජනත්‍ථං යං අවොචුම‍්හ – “ජම‍්බුදීපෙ තාව උපාලිත්‍ථෙරමාදිං කත්‍වා ආචරියපරම‍්පරාය යාව තතියසඞ‍්ගීති තාව ආභතං. තත්‍රායං ආචරියපරම‍්පරා –

මෙපමණකින්ද ‘කෙනාභතං’ කවරෙකු විසින් ගෙන එන ලදද, යන මේ ප්‍රශ්නය විසඳනු පිණිස අපි පළමුකොට දඹදිව උපාලි මහා ස්ථවිරයන් වහන්සේ ආදිකොට ඇති ඇදුරු පරපුරෙන් තෘතීය සඞ්ගීතිය යම්තාක්ද ඒතාක් ගෙන එන ලද්දේ යයි යමක් කීමුද මේ එහි ඇදුරු පරපුරය:

“උපාලි දාසකො චෙව, සොණකො සිග‍්ගවො තථා; තිස‍්සො මොග‍්ගලිපුත‍්තො ච, පඤ‍්චෙතෙ විජිතාවිනො.

දිනූ කෙලෙස් ඇති උපාලි මහා ස්ථවිර, දාසක මහා ස්ථවිර, සොණක මහා ස්ථවිර, සිග්ගව මහා ස්ථවිර, මොග්ගලීපුත්තතිස්ස මහා ස්ථවිර යන මේ මහාස්ථවිරයන් වහන්සේලා පස්නම විනය පිටකය දඹදිව නොසිඳුනක්කොට පරම්පරාවෙන් තෘතීය සඞ්ගීතිය යම්තාක්ද ඒතාක් ගෙන ආහ.

“පරම‍්පරාය විනයං, දීපෙ ජම‍්බුසිරිව‍්හයෙ; අච‍්ඡිජ‍්ජමානමානෙසුං, තතියො යාව සඞ‍්ගහො”ති.

තස‍්සත්‍ථො පකාසිතොව හොති.

ඒ ප්‍රශ්නයේ අර්‍ත්‍ථය මෙපමණකින් ප්‍රකාශ කරන ලද්දේම වේ.

තතියසඞ‍්ගහතො පන උද‍්ධං ඉමං දීපං මහින්‍දාදීහි ආභතං. මහින්‍දතො උග‍්ගහෙත්‍වා කඤ‍්චි කාලං අරිට‍්ඨත්‍ථෙරාදීහි ආභතං. තතො යාවජ‍්ජතනා තෙසංයෙව අන‍්තෙවාසිකපරම‍්පරභූතාය ආචරියපරම‍්පරාය ආභතන‍්ති වෙදිතබ‍්බං. යථාහු පොරාණා –

මෙසේකොට අවසන් කළ තෘතීය සඞ්ගීතියෙන් මතු මේ හෙළදිවයිනට මහාමහීන්‍ද්‍රාදී වූ මහරහතුන් වහන්සේ විසින් ගෙන එන ලද්දේය. මහා මහීන්‍ද්‍ර මහරහතුන් වහන්සේ වෙතින් උගෙණ, මද කලක් අරිෂ්ට ස්ථවිරාදීවූ මහාස්ථවිරයන් වහන්සේලා විසින් ගෙන එන ලද්දේය. එතැන් සිට අද දක්වා උන්වහන්සේගේම අන්තෙවාසික පරම්පරාගත වූ ආචාර්‍ය්‍ය පරම්පරාවෙන් ගෙන එන ලදැයි දතයුතුය. හෙළදිව හෙළ අටුවා කළ පොරණැදුරෝ එය මෙසේ දැක්වූහ:

“තතො මහින්‍දො ඉට‍්ටියො, උත‍්තියො සම‍්බලො තථා; භද‍්දනාමො ච පණ‍්ඩිතො.

ඉන්පසු පව් නසාසිටි මහා නුවණැති මහින්‍ද ස්ථවිර, ඉට්ඨිය ස්ථවිර, උත්තිය ස්ථවිර, සම්බල ස්ථවිර, පණ්ඩිත භද්දසාල ස්ථවිර යන මේ මහා ස්ථවිරයන් වහන්සේලා දඹදිවින් මෙහි වැඩියාහු හෙළදිව විනය පිටකය කියවූහ. නිකාය පසද සප්තප්‍රකරණද කියවූහ.

“එතෙ නාගා මහාපඤ‍්ඤා, ජම‍්බුදීපා ඉධාගතා; විනයං තෙ වාචයිංසු, පිටකං තම‍්බපණ‍්ණියා.

“නිකායෙ පඤ‍්ච වාචෙසුං, සත‍්ත චෙව පකරණෙ; තතො අරිට‍්ඨො මෙධාවී, තිස‍්සදත‍්තො ච පණ‍්ඩිතො.

ඉන්පසු නුවණැති අරිට්ඨ ස්ථවිරද, පණ්ඩිත තිස්සදත්ත ස්ථවිරද, විශාරද වූ කාලසුමන ස්ථවිරද, දීඝ නම් ස්ථවිරද, පණ්ඩිත දීඝසුමන ස්ථවිරද, ඉන්පසු කාලසුමන ස්ථවිරද, නාග ස්ථවිරද, බුද්ධරක්‍ඛිත ස්ථවිරද, නුවණැති තිස්ස ස්ථවිරද, පණ්ඩිත දෙව ස්ථවිරද,

“විසාරදො කාළසුමනො, ථෙරො ච දීඝනාමකො; දීඝසුමනො ච පණ‍්ඩිතො.

“පුනදෙව කාළසුමනො, නාගත්‍ථෙරො ච බුද‍්ධරක‍්ඛිතො; තිස‍්සත්‍ථෙරො ච මෙධාවී, දෙවත්‍ථෙරො ච පණ‍්ඩිතො.

“පුනදෙව සුමනො මෙධාවී, විනයෙ ච විසාරදො; බහුස‍්සුතො චූළනාගො, ගජොව දුප‍්පධංසියො.

නැවත විනයෙහි විශාරද වූ නුවණැති සුමන ස්ථවිරද, නොමැඩිය හැකි ඇතෙකු වැනි වූ බහුශ්‍රැත වූ චූලනාග ස්ථවිරද,

“ධම‍්මපාලිතනාමො ච, රොහණෙ සාධුපූජිතො; තස‍්ස සිස‍්සො මහාපඤ‍්ඤො, ඛෙමනාමො තිපෙටකො.

රුහුණහි උපන් සත්පුරුෂයන් විසින් පුදනලද ධම්මපාලිත නම් ස්ථවිරද, උන්වහන්සේගේ ශිෂ්‍ය වූ මහා නුවණැති ත්‍රිපිටකධර ඛෙම නම් ස්ථවිරද යන මහාස්ථවිරයන් වහන්සේලා හෙළදිව සඳු මෙන් නුවණින් අතිශයින් බැබලුනාහ.

“දීපෙ තාරකරාජාව, පඤ‍්ඤාය අතිරොචථ; උපතිස‍්සො ච මෙධාවී, ඵුස‍්සදෙවො මහාකථී.

නුවණැති උපතිස්ස ස්ථවිරද, මහාකවි ඵුස්සදෙව ස්ථවිරද

“පුනදෙව සුමනො මෙධාවී, පුප‍්ඵනාමො බහුස‍්සුතො; මහාකථී මහාසිවො, පිටකෙ සබ‍්බත්‍ථ කොවිදො.

නැවත නුවණැති සුමන ස්ථවිරද, බහුශ්‍රැත පුප්ඵ නම් ස්ථවිරද, ත්‍රිපිටකයෙහි සියලු තන්හි දක්ෂ වූ මහා කවි මහාසීව ස්ථවිරද,

“පුනදෙව උපාලි මෙධාවී, විනයෙ ච විසාරදො; මහානාගො මහාපඤ‍්ඤො, සද‍්ධම‍්මවංසකොවිදො.

නැවත විනයයෙහි විශාරදවූ නුවණැති උපාලි ස්ථවිරද, සද්ධර්‍ම වංශයෙහි දක්‍ෂ වූ මහා නුවණැති මහානාග ස්ථවිරද,

“පුනදෙව අභයො මෙධාවී, පිටකෙ සබ‍්බත්‍ථ කොවිදො; තිස‍්සත්‍ථෙරො ච මෙධාවී, විනයෙ ච විසාරදො.

නැවත ත්‍රිපිටකයෙහි සියලු තන්හි දක්‍ෂ වූ නුවණැති අභය ස්ථවිරද, විනයයෙහි දක්‍ෂ වූ නුවණැති තිස්ස ස්ථවිරද, උන්වහන්සේගේ ශිෂ්‍ය වූ මහා නුවණැති බහුශ්‍රැත වූ පුප්ඵ නම් ස්ථවිරද යන මහාස්ථවිරයන් වහන්සේලා සසුන රකිමින් දඹදිව දිවි ගැලවූහ.

“තස‍්ස සිස‍්සො මහාපඤ‍්ඤො, පුප‍්ඵනාමො බහුස‍්සුතො; සාසනං අනුරක‍්ඛන‍්තො, ජම‍්බුදීපෙ පතිට‍්ඨිතො.

“චූළාභයො ච මෙධාවී, විනයෙ ච විසාරදො; තිස‍්සත්‍ථෙරො ච මෙධාවී, සද‍්ධම‍්මවංසකොවිදො.

විනයයෙහිද විශාරදවූ නුවණැති චූලාභය ස්ථවිරද, සද්ධර්‍ම වංශයෙහි දක්‍ෂ වූ නුවණැති තිස්ස ස්ථවිරද,

“චූළදෙවො ච මෙධාවී, විනයෙ ච විසාරදො; සිවත්‍ථෙරො ච මෙධාවී, විනයෙ සබ‍්බත්‍ථ කොවිදො.

විනයයෙහි දක්‍ෂ වූ නුවණැති චූලදෙව ස්ථවිරද, විනයයෙහි සියලු තන්හි දක්‍ෂ වූ නුවණැති සීව ස්ථවිරයන් වහන්සේලා

“එතෙ නාගා මහාපඤ‍්ඤා, විනයඤ‍්ඤූ මග‍්ගකොවිදා; විනයං දීපෙ පකාසෙසුං, පිටකං තම‍්බපණ‍්ණියා”ති.

ශ්‍රේෂ්ඨ වූ මහාප්‍රාඥ වූ විනයඥ වූ ස්වර්‍ග - මොක්‍ෂ මාර්‍ගයෙහි දක්‍ෂ වූ මේ මහාස්ථවිරයන් වහන්සේලා හෙළදිව විනය පිටකය කියවූහ.

තත්‍රායං අනුපුබ‍්බිකථා – මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරො කිර ඉමං තතියධම‍්මසඞ‍්ගීතිං කත්‍වා එවං චින‍්තෙසි – “කත්‍ථ නු ඛො අනාගතෙ සාසනං සුප‍්පතිට‍්ඨිතං භවෙය්‍යා”ති? අථස‍්ස උපපරික‍්ඛතො එතදහොසි – “පච‍්චන‍්තිමෙසු ඛො ජනපදෙසු සුප‍්පතිට‍්ඨිතං භවිස‍්සතී”ති. සො තෙසං තෙසං භික‍්ඛූනං භාරං කත්‍වා තෙ තෙ භික‍්ඛූ තත්‍ථ තත්‍ථ පෙසෙසි. මජ‍්ඣන‍්තිකත්‍ථෙරං කස‍්මීරගන්‍ධාරරට‍්ඨං පෙසෙසි – “ත්‍වං එතං රට‍්ඨං ගන‍්ත්‍වා එත්‍ථ සාසනං පතිට‍්ඨාපෙහී”ති. මහාදෙවත්‍ථෙරං තථෙව වත්‍වා මහිංසකමණ‍්ඩලං පෙසෙසි. රක‍්ඛිතත්‍ථෙරං වනවාසිං. යොනකධම‍්මරක‍්ඛිතත්‍ථෙරං අපරන‍්තකං. මහාධම‍්මරක‍්ඛිතත්‍ථෙරං මහාරට‍්ඨං. මහාරක‍්ඛිතත්‍ථෙරං යොනකලොකං. මජ‍්ඣිමත්‍ථෙරං හිමවන‍්තදෙසභාගං. සොණත්‍ථෙරඤ‍්ච උත‍්තරත්‍ථෙරඤ‍්ච සුවණ‍්ණභූමිං. අත‍්තනො සද‍්ධිවිහාරිකං මහින්‍දත්‍ථෙරං ඉට‍්ටියත්‍ථෙරෙන උත‍්තියත්‍ථෙරෙන සම‍්බලත්‍ථෙරෙන භද‍්දසාලත්‍ථෙරෙන ච සද‍්ධිං තම‍්බපණ‍්ණිදීපං පෙසෙසි – “තුම‍්හෙ තම‍්බපණ‍්ණිදීපං ගන‍්ත්‍වා එත්‍ථ සාසනං පතිට‍්ඨාපෙථා”ති. සබ‍්බෙපි තං තං දිසාභාගං ගච‍්ඡන‍්තා අත‍්තපඤ‍්චමා අගමංසු “පච‍්චන‍්තිමෙසු ජනපදෙසු පඤ‍්චවග‍්ගො ගණො අලං උපසම‍්පදකම‍්මායා”ති මඤ‍්ඤමානා.

මේ එහි පිළිවෙළ කතාය. මොග්ගලිපුත්තතිස්ස මහාස්ථවිරයන් වහන්සේ වනාහි මේ තෘතීය ධර්‍ම සඞ්ගීතියකොට ‘අනාගතයෙහි බුදුසසුන කොතැනක මැනවින් පිහිටන්නේදැ’යි බලා වදාළ සේක. මෙසේ බලාවදාරන්නා වූ උන්වහන්සේට ‘ප්‍රත්‍යන්ත ජනපදයන්හි මැනවින් සසුනෙහි පිහිටීම වන්නේය’යි පෙනී ගියේය. ඉක්බිති උන්වහන්සේ ඒ ඒ භික්‍ෂූන්ට සසුන භාරකොට ඒ ඒ භික්‍ෂූන් ඒ ඒ ප්‍රදේශයන්ට යැවූහ. ‘තමුන්නාන්සේ මේ රටට ගොස් මෙහි සසුන පිහිටුවාලවු’යි මජ්ඣන්තික මහාස්ථවිරයන් වහන්සේ කාශ්මීර ගන්‍ධාර රටට යැවූහ. එසේම කියා මහාදේව මහාස්ථවිරයන් වහන්සේ මහිසමණ්ඩලයටද, රක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේ වනවාසී රටටද, යොනකධම්මරක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේ අපරන්තක රටටද, මහාධම්මරක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේ මහරටටද, මහාරක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේ යොනක ලෝකයටද, මජ්ඣිම මහාස්ථවිරයන් වහන්සේ හිමවත් පෙදෙසටද, සොණක මහාස්ථවිරයන් වහන්සේ හා උත්තර මහා ස්ථවිරයන් වහන්සේ ස්වර්‍ණභූමියටද, යවා තමන්ගේ සද්ධිවිහාරික වූ මහින්‍ද මහාස්ථවිරයන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල මහාස්ථවිරයන් වහන්සේලා සමග ‘ඔබ හෙළදිවට ගොස් හෙළදිව සසුන පිහිටුවාලවු’යි හෙළදිවට යැවූහ. එසේ නියමිත වූ ඒ සියලුදෙනා වහන්සේ ඒ ඒ දිශාවන්ට යවන්නාහු ‘ප්‍රත්‍යන්ත ජනපදයන්හි පඤ්ච වර්ගීය ගණය උපසම්පදා කර්‍මයට පමණය’යි සිතන්නාහු තමා පස්වැනිකොට ඇතියාහු නියමකළ ඒ ඒ දිශාවන්ට ගියහ.

තෙන ඛො පන සමයෙන කස‍්මීරගන්‍ධාරරට‍්ඨෙ සස‍්සපාකසමයෙ අරවාළො නාම නාගරාජා කරකවස‍්සං නාම වස‍්සාපෙත්‍වා සස‍්සං හරාපෙත්‍වා මහාසමුද‍්දං පාපෙති. මජ‍්ඣන‍්තිකත්‍ථෙරො පන පාටලිපුත‍්තතො වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා හිමවති අරවාළදහස‍්ස උපරි ඔතරිත්‍වා අරවාළදහපිට‍්ඨියං චඞ‍්කමතිපි තිට‍්ඨතිපි නිසීදතිපි සෙය්‍යම‍්පි කප‍්පෙති. නාගමාණවකා තං දිස‍්වා අරවාළස‍්ස නාගරාජස‍්ස ආරොචෙසුං – “මහාරාජ, එකො ඡින‍්නභින‍්නපටධරො භණ‍්ඩු කාසාවවසනො අම‍්හාකං උදකං දූසෙතී”ති. නාගරාජා තාවදෙව කොධාභිභූතො නික‍්ඛමිත්‍වා ථෙරං දිස‍්වා මක‍්ඛං අසහමානො අන‍්තලික‍්ඛෙ අනෙකානි භිංසනකානි නිම‍්මිනි. තතො තතො භුසා වාතා වායන‍්ති, රුක‍්ඛා ඡිජ‍්ජන‍්ති, පබ‍්බතකූටානි පතන‍්ති, මෙඝා ගජ‍්ජන‍්ති, විජ‍්ජුලතා නිච‍්ඡරන‍්ති, අසනියො ඵලන‍්ති, භින‍්නං විය ගගනතලං උදකං පග‍්ඝරති. භයානකරූපා නාගකුමාරා සන‍්නිපතන‍්ති. සයම‍්පි ධූමායති, පජ‍්ජලති, පහරණවුට‍්ඨියො විස‍්සජ‍්ජෙති. “කො අයං මුණ‍්ඩකො ඡින‍්නභින‍්නපටධරො”තිආදීහි ඵරුසවචනෙහි ථෙරං සන‍්තජ‍්ජෙසි. “එථ ගණ‍්හථ හනථ නිද‍්ධමථ ඉමං සමණ”න‍්ති නාගබලං ආණාපෙසි. ථෙරො සබ‍්බං තං භිංසනකං අත‍්තනො ඉද‍්ධිබලෙන පටිබාහිත්‍වා නාගරාජානං ආහ –

මජ්ඣන්තික මහා ස්ථවිරයන් වහන්සේ කාශ්මීර ගන්‍ධාර රටට වැඩමකළ කාලය එහි පැසුන ගොයම් කපා පාගා ගන්නා කාලය වූයේය. ඒ කාලයෙහි අරවාළ නම් නාරජ හිමපාතක නම් වැස්සක් වස්වා, ගොයම් දියපාරට හසුකොට ගෙනගොස් මහමුහුදට දමන්නේය. මජ්ඣන්තික මහාස්ථවිරයන් වහන්සේ වනාහි පැළලුප් නුවරින් අහසට නැගී හිමවතෙහි අරවාළ විල මත්තෙහි බැස අරවාළ විල දියපිට සක්මන් කරන සේක. නැවතීද සිටින සේක. හිඳීමද කරන සේක. නිදීමද කරන සේක. තරුණ නාගයෝ උන්වහන්සේ දැක අරවාළ නාරජුට ‘මහරජ! කැපූ කෙටු රඳන් ගැන්වූ පිළී දරන හිස මුඩුකළ කසටවත් හැඳි එකෙක් අපගේ දිය කිලිටි කෙරේය’යි දන්වා සිටියහ. නාරජ තෙමේ එකෙණෙහිම ක්‍රෝධයෙන් මැඩුනේ නික්මගොස් මහතෙරුන් දැක ගුණමකුබව සන්සිඳුවා ගැනීමෙහි අපොහොසත් වූයේ අහසට නැගී එහි නොයෙක් බිහිසුණු අරමුණු මවාපෑයේය. ඒ ඒ දිගින් බලගතු වාතය හමයි. ගස්කොළන් බිඳවැටෙයි. කඳු මුදුන් ඇදහැලෙයි. වලාකූට ගුගුරයි. විදුලිය කොටයි. හෙන පුපුරයි. අහස බිඳුනක් මෙන් දිය වැගිරේ. බිහිසුණු රූ ඇති නා කුමරුවෝ රැස්වෙති. තෙමේද දුමයි. දිලෙයි. අවි වැසි වස්වයි. ‘හිස මුඩුකළ සුන්බුන් පිළී දරන මු කවරෙක්ද?’ යනාදී වූ කැකුළු බසින් මහතෙරුන්ට තර්ජනය කෙළේය. ‘එව මේ මහණහු අල්ලා ගනිවු, බිඳිවු, මෙතැනින් ඇද දමවු’යි නාග සේනාවට අණ කළේය. මහාස්ථවිරයන් වහන්සේ ඒ සියලු විහිංසනක ක්‍රියාවන් තමන් වහන්සේගේ සෘද්ධි බලයෙන් ප්‍රතිබාහනයකොට නා රජුට:

“සදෙවකොපි චෙ ලොකො, ආගන‍්ත්‍වා තාසයෙය්‍ය මං; න මෙ පටිබලො අස‍්ස, ජනෙතුං භයභෙරවං.

‘දෙවියන් සහිත වූ මුලු ලොවම අවුත් මා තැතිගන්වන්නේ නමුදු මට බිය උපදවන අරමුණක් උපදවන්නට ඒ කිසිවෙක් සමර්‍ත්‍ථ නොවන්නේය, මහා නාගය! තෝ මුහුද සහිත වූ පර්‍වත සහිතවූ මේ සියලු මහපොළොව ඔසොවා මා මතුවෙහි හෙළන්නෙහි නමුත් මට බිය උපදවන අරමුණක් උපදවන්නට නොදහැක්කෙහිය, නාගාධිපතිය! එය තටම එකතින් වෙහෙසක් වන්නේය’යි වදාළ සේක.

“සචෙපි ත්‍වං මහිං සබ‍්බං, සසමුද‍්දං සපබ‍්බතං; උක‍්ඛිපිත්‍වා මහානාග, ඛිපෙය්‍යාසි මමූපරි.

“නෙව මෙ සක‍්කුණෙය්‍යාසි, ජනෙතුං භයභෙරවං; අඤ‍්ඤදත්‍ථු තවෙවස‍්ස, විඝාතො උරගාධිපා”ති.

එවං වුත‍්තෙ නාගරාජා විහතානුභාවො නිප‍්ඵලවායාමො දුක‍්ඛී දුම‍්මනො අහොසි. තං ථෙරො තඞ‍්ඛණානුරූපාය ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා තීසු සරණෙසු පඤ‍්චසු ච සීලෙසු පතිට‍්ඨාපෙසි සද‍්ධිං චතුරාසීතියා නාගසහස‍්සෙහි. අඤ‍්ඤෙපි බහූ හිමවන‍්තවාසිනො යක‍්ඛා ච ගන්‍ධබ‍්බා ච කුම‍්භණ‍්ඩා ච ථෙරස‍්ස ධම‍්මකථං සුත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨහිංසු. පඤ‍්චකොපි යක‍්ඛො සද‍්ධිං භරියාය යක‍්ඛිනියා පඤ‍්චහි ච පුත‍්තසතෙහි පඨමෙ ඵලෙ පතිට‍්ඨිතො. අථායස‍්මා මජ‍්ඣන‍්තිකත්‍ථෙරො සබ‍්බෙපි නාගයක‍්ඛරක‍්ඛසෙ ආමන‍්තෙත්‍වා එවමාහ –

මෙසේ වදාළ කල්හි නාරජතෙමේ පහවූ ආනුභාව ඇත්තේ ඵල රහිත ව්‍යායාම ඇත්තේ දුක් ඇත්තේ දොම්නස් ඇත්තේ වීය. මහාස්ථවිරයන් වහන්සේ ඒ අවස්ථාවට සුදුසු වූ ධර්‍ම කථාවෙන් ඒ නාරජුට මෙලොව පරලොව වැඩ දක්වා කුසල් දහම්හි සමාදන් කරවා එහි සිත තියුණුකරවා සිත සතුටුකරවා සුවාසූදහසක් නාගයන් සමග තිසරණයෙහි හා පන්සිල්හි පිහිටුවාලූහ. අන්‍යවූද හිමවත් වැසි බොහෝ යක්‍ෂයෝද ගාන්ධර්‍ව කුම්භාණ්ඩයෝද, මහතෙරුන්ගේ ධර්‍මකථාව අසා ශරණයන්හිද, ශීලයන්හිද පිහිටියහ. පඤ්චක නම් යක්‍ෂ තෙමේද බිරිඳ යකින්න හා පන්සියයක් පුතුද සමග ප්‍රථම ඵලයෙහි පිහිටා ගත්තේය. ඉක්බිති ආයුෂ්මත් මජ්ඣන්තික මහාස්ථවිරයන් වහන්සේ සියලුම නා, යක්, රකුසන් අමතා:

“මා දානි කොධං ජනයිත්‍ථ, ඉතො උද‍්ධං යථා පුරෙ; සස‍්සඝාතඤ‍්ච මා කත්‍ථ, සුඛකාමා හි පාණිනො; කරොථ මෙත‍්තං සත‍්තෙසු, වසන‍්තු මනුජා සුඛ”න‍්ති.

‘මෙයින් පසු ඉදිරියෙහි පෙර සේ අද සිට කිසිවකු කෙරෙහි ක්‍රෝධ නොඋපදවාලවු, සියලු සත්ත්‍වයෝ සැප කැමැතියහ. සස්‍ය නසාලීමද නොකරවු, මනුෂ්‍යයෝ සැපසේ වෙසෙත්වායි සත්ත්‍වයන් කෙරෙහි මෙත් කරවු’යි ධර්‍ම දේශනා කළ සේක.

තෙ සබ‍්බෙපි “සාධු භන‍්තෙ”ති ථෙරස‍්ස පටිස‍්සුණිත්‍වා යථානුසිට‍්ඨං පටිපජ‍්ජිංසු. තංදිවසමෙව ච නාගරාජස‍්ස පූජාසමයො හොති. අථ නාගරාජා අත‍්තනො රතනමයං පල‍්ලඞ‍්කං ආහරාපෙත්‍වා ථෙරස‍්ස පඤ‍්ඤපෙසි. නිසීදි ථෙරො පල‍්ලඞ‍්කෙ. නාගරාජාපි ථෙරං බීජයමානො සමීපෙ අට‍්ඨාසි. තස‍්මිං ඛණෙ කස‍්මීරගන්‍ධාරරට‍්ඨවාසිනො ආගන‍්ත්‍වා ථෙරං දිස‍්වා “අම‍්හාකං නාගරාජතොපි ථෙරො මහිද‍්ධිකතරො”ති ථෙරමෙව වන්‍දිත්‍වා නිසින‍්නා. ථෙරො තෙසං ආසීවිසොපමසුත‍්තං කථෙසි . සුත‍්තපරියොසානෙ අසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි, කුලසතසහස‍්සං පබ‍්බජි. තතො පභුති ච කස‍්මීරගන්‍ධාරා යාවජ‍්ජතනා කාසාවපජ‍්ජොතා ඉසිවාතපටිවාතා එව.

ඒ සියල්ලෝම ‘ස්වාමීනි! යහපතැ’යි මහාස්ථවිරයන් වහන්සේට පිළිවදන් දී ඒ අනුශාසනා පරිදි පිළිපැද්දාහුය. එදවසම නාරජු පිළිබඳ පූජා සමය වේ. එහෙයින් නාරජතෙමේ තමන්ගේ රුවන්මුවා පළඟ ගෙන්වා මහතෙරුන්ට වැඩහිඳිනට පණවා දුන්නේය. උන්වහන්සේ පලඟෙහි වැඩහුන් සේක. නාරජතෙමේද මහතෙරුන්ට පවන් සලමින් උන්වහන්සේගේ සමීපයෙහි සිටියේය. ඒ වේලෙහිම කාශ්මීර ගන්‍ධාර රටවැස්සෝ එහි ආවාහු මහතෙරුන් දැක ‘අපගේ නාරජුටද වඩා මහාස්ථවිරයන් වහන්සේ අතිශයින් මහත් සෘද්ධි ඇත්තාහ’යි මහතෙරුන්ට වැඳහුන්හ. මහාස්ථවිරයන් වහන්සේ ඔවුනට ආශුවිෂොපම සූත්‍රය දෙසූ සේක. සූත්‍ර දේශනාවසානයෙහි අසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වූයේය. සියදහසක් පුරුෂයෝ පැවිදි වූහ. එතැන් පටන් කාශ්මීර ගන්‍ධාර රට වැසියෝ අද දක්වා කසාවතින් බබලන්නාහ. භික්‍ෂූන්ගේ හඳනා පොරෝණා කසාවත් පවනින්ද අත්පා හැකිළීම් දිගුකිරීම් ආදීන් පිළිබඳ පවනිත්ද හාත්පසින් පවන් සලනු ලබන්නෝම වූහ.

ගන‍්ත්‍වා කස‍්මීරගන්‍ධාරං, ඉසි මජ‍්ඣන‍්තිකො තදා; දුට‍්ඨං නාගං පසාදෙත්‍වා, මොචෙසි බන්‍ධනා බහූති.

මජ්ඣන්තික මහාස්ථවිරයන් වහන්සේ කාශ්මීර ගන්‍ධාරයට වැඩමකොට එකල්හි කිපියා වූ නාගයා පහදවා බොහෝදෙන භව බන්‍ධනයෙන් මුදාහළ සේක.

මහාදෙවත්‍ථෙරොපි මහිංසකමණ‍්ඩලං ගන‍්ත්‍වා දෙවදූතසුත‍්තං කථෙසි. සුත‍්තපරියොසානෙ චත‍්තාලීස පාණසහස‍්සානි ධම‍්මචක‍්ඛුං පටිලභිංසු, චත‍්තාලීසංයෙව පාණසහස‍්සානි පබ‍්බජිංසු.

මහාදෙව මහාස්ථවිරයන් වහන්සේ මහිසමණ්ඩලයට වැඩමකොට දෙවදූත සූත්‍රය දෙසූ සේක. සූත්‍ර දේශනාවසානයෙහි සතළිස්දහසක් ප්‍රාණීහු ධර්‍මචක්‍ෂුස ලැබූහ. සතළිස්දහසක් ප්‍රාණීහු පැවිදි වූහ.

ගන‍්ත්‍වාන රට‍්ඨං මහිංසං, මහාදෙවො මහිද‍්ධිකො; චොදෙත්‍වා දෙවදූතෙහි, මොචෙසි බන්‍ධනා බහූති.

මහත් සෘද්ධි ඇති මහාදේව මහාස්ථවිරයන් වහන්සේ මහිංසක රටට වැඩමකොට දේවදූතයන් ලවා චෝදනා කරවා බොහෝ දෙන භව බන්‍ධනයෙන් මුදාහළ සේක.

රක‍්ඛිතත්‍ථෙරො පන වනවාසිං ගන‍්ත්‍වා ආකාසෙ ඨත්‍වා අනමතග‍්ගපරියායකථාය වනවාසිකෙ පසාදෙසි. කථාපරියොසානෙ පනස‍්ස සට‍්ඨිසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. සත‍්තතිසහස‍්සමත‍්තා පබ‍්බජිංසු, පඤ‍්චවිහාරසතානි පතිට‍්ඨහිංසු. එවං සො තත්‍ථ සාසනං පතිට‍්ඨාපෙසි.

රක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේ වනවාසී රටට වැඩමකොට අහසෙහි සිට අනමතග්ගපරියාය කථාවෙන් වනවාසී රටවැසියන් පැහැදවූහ. මුන්වහන්සේගේ ධර්‍මකථාවසානයෙහි සැටදහසකට ධර්‍මාවබෝධය වූයේය. සත්තිස්දහසක් පමණ දෙනා පැවිදි වූහ. පන්සියයක් විහාර එහි පිහිටියේය. මෙසේ උන්වහන්සේ එහි සසුන පිහිටුවාලූ සේක.

ගන‍්ත්‍වාන රක‍්ඛිතත්‍ථෙරො, වනවාසිං මහිද‍්ධිකො; අන‍්තලික‍්ඛෙ ඨිතො තත්‍ථ, දෙසෙසි අනමතග‍්ගියන‍්ති.

මහත් සෘද්ධි ඇති රක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේ වනවාසී රටට වැඩම කොට එහි අහසෙහි සිට අනමතග්ගියසංයුත්තය දෙසූ සේක.

යොනකධම‍්මරක‍්ඛිතත්‍ථෙරොපි අපරන‍්තකං ගන‍්ත්‍වා අග‍්ගික‍්ඛන්‍ධොපමසුත‍්තන‍්තකථාය අපරන‍්තකෙ පසාදෙත්‍වා සත‍්තති පාණසහස‍්සානි ධම‍්මාමතං පායෙසි. ඛත‍්තියකුලතො එව පුරිසසහස‍්සානි පබ‍්බජිංසු, සමධිකානි ච ඡ ඉත්‍ථිසහස‍්සානි. එවං සො තත්‍ථ සාසනං පතිට‍්ඨාපෙසි.

යොනක ධම්මරක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේද අපරන්තක ජනපදයට වැඩමකොට අග්ගික්‍ඛන්‍ධූපම සූත්‍රාන්ත කථාවෙන් අපරන්තක දනවු වැස්සන් පහදවා සත්තිස් දහසක් ප්‍රාණීන්ට දහම් අමා පෙවූ සේක. කැත්කුලයෙන්ම සයදහසකට අධික වූ ස්ත්‍රීහුද, දහසක් පුරුෂයෝද පැවිදිවූහ. මෙසේ උන්වහන්සේ එහි සසුන පිහිටුවාලූ සේක.

අපරන‍්තං විගාහිත්‍වා, යොනකො ධම‍්මරක‍්ඛිතො; අග‍්ගික‍්ඛන්‍ධොපමෙනෙත්‍ථ, පසාදෙසි ජනෙ බහූති.

යොනක ධම්මරක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේ අපරන්තක ජනපදයට වැඩමකොට මෙහිදී අග්ගික්‍ඛන්‍ධූප සූත්‍රයෙන් බොහෝදෙනා පැහැදවූ සේක.

මහාධම‍්මරක‍්ඛිතත්‍ථෙරො පන මහාරට‍්ඨං ගන‍්ත්‍වා මහානාරදකස‍්සපජාතකකථාය මහාරට‍්ඨකෙ පසාදෙත්‍වා චතුරාසීති පාණසහස‍්සානි මග‍්ගඵලෙසු පතිට‍්ඨාපෙසි. තෙරසසහස‍්සානි පබ‍්බජිංසු. එවං සො තත්‍ථ සාසනං පතිට‍්ඨාපෙසි.

මහාධම්මරක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේ වනාහි මහරටට වැඩ මහානාරදකස්සප ජාතක කථාවෙන් මහරට වැසියන් පහදවා සුවාසූදහසක් ප්‍රාණීන් මාර්‍ගඵලයන්හි පිහිටවූ සේක. තෙළෙස් දහසක් දෙනා පැවිදිවූහ. මෙසේ උන්වහන්සේ එහි සසුන පිහිටවූ සේක.

මහාරට‍්ඨං ඉසි ගන‍්ත්‍වා, සො මහාධම‍්මරක‍්ඛිතො; ජාතකං කථයිත්‍වාන, පසාදෙසි මහාජනන‍්ති.

ඒ සෘෂීවූ මහා ධම්මරක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේ මහරටට වැඩ මහානාරදකස්සප ජාතකය වදාරා මහජනයා පැහැදවූ සේක.

මහාරක‍්ඛිතත්‍ථෙරොපි යොනකරට‍්ඨං ගන‍්ත්‍වා කාළකාරාමසුත‍්තන‍්තකථාය යොනකලොකං පසාදෙත්‍වා සත‍්තතිසහස‍්සාධිකස‍්ස පාණසතසහස‍්සස‍්ස මග‍්ගඵලාලඞ‍්කාරං අදාසි. සන‍්තිකෙ චස‍්ස දසසහස‍්සානි පබ‍්බජිංසු. එවං සොපි තත්‍ථ සාසනං පතිට‍්ඨාපෙසි.

මහාරක්‍ඛිත මහාස්ථවිරයන් වහන්සේද යොන් රටට වැඩ කාළකාරාමසූත්‍රාන්ත කථාවෙන් යොන් රටවැසියන් පහදවා සත්තිස් දහසක් අධිකකොට ඇති සියදහසක් ප්‍රාණීන්ට මාර්‍ගඵලාලඞ්කාරය දුන් සේක. මුන්වහන්සේගේ සමීපයෙහිද දසදහසක් දෙනා පැවිදි වූහ. උන්වහන්සේද මෙසේ එහි සසුන පිහිටවූ සේක.

යොනරට‍්ඨං තදා ගන‍්ත්‍වා, සො මහාරක‍්ඛිතො ඉසි; කාළකාරාමසුත‍්තෙන තෙ පසාදෙසි යොනකෙති.

මහාරක්‍ඛිත මහර්ෂීන් වහන්සේ යොන් රටට වැඩ එකල්හි කාළකාරාම සූත්‍රයෙන් ඒ යොනකයන් පැහැදවූ සේක.

මජ‍්ඣිමත්‍ථෙරො පන කස‍්සපගොත‍්තත්‍ථෙරෙන අළකදෙවත්‍ථෙරෙන දුන්‍දුභිස‍්සරත්‍ථෙරෙන මහාදෙවත්‍ථෙරෙන ච සද‍්ධිං හිමවන‍්තදෙසභාගං ගන‍්ත්‍වා ධම‍්මචක‍්කප‍්පවත‍්තනසුත‍්තන‍්තකථාය තං දෙසං පසාදෙත්‍වා අසීතිපාණකොටියො මග‍්ගඵලරතනානි පටිලාභෙසි. පඤ‍්චපි ච ථෙරා පඤ‍්ච රට‍්ඨානි පසාදෙසුං. එකමෙකස‍්ස සන‍්තිකෙ සතසහස‍්සමත‍්තා පබ‍්බජිංසු. එවං තෙ තත්‍ථ සාසනං පතිට‍්ඨාපෙසුං.

මජ්ඣිම මහා ස්ථවිරයන් වහන්සේ වනාහි මහා කස්සපගොත්ත මහාස්ථවිර, අලකදෙව මහාස්ථවිර, දුන්‍දුභිස්සර මහා ස්ථවිර, මහාදෙව මහාස්ථවිර යන මහතෙරුන් සමග හිමවත් පෙදෙසට වැඩ ධම්මචක්කපවත්තන සූත්‍රාන්ත කථාවෙන් එදෙස් වැස්සෙන් පහදවා අසූකෙළක් ප්‍රාණීන්ට මගපල රුවන් ලබාදුන් සේක. ඒ පස්මහතෙරහු පස්රටක් පැහැදවූහ. එක් එක් ස්ථවිර නමක් වෙත සියදහසක් පමණ දෙනා පැවිදි වූහ. උන්වහන්සේලා මෙසේ එහි සසුන පිහිටවූහ.

ගන‍්ත්‍වාන මජ‍්ඣිමත්‍ථෙරො, හිමවන‍්තං පසාදයි; යක‍්ඛසෙනං පකාසෙන‍්තො, ධම‍්මචක‍්කපවත‍්තනන‍්ති.

මජ්ඣිම මහාස්ථවිරයන් වහන්සේ හිමවත් පෙදෙසට වැඩ දම්සක් පැවතුම් සුතුර වදාරන්නාහු යක්‍ෂ සේනාව පැහැදවූ සේක.

සොණත්‍ථෙරොපි සද‍්ධිං උත‍්තරත්‍ථෙරෙන සුවණ‍්ණභූමිං අගමාසි. තෙන ච සමයෙන තත්‍ථ එකා රක‍්ඛසී සමුද‍්දතො නික‍්ඛමිත්‍වා රාජකුලෙ ජාතෙ ජාතෙ දාරකෙ ඛාදති. තංදිවසමෙව ච රාජකුලෙ එකො දාරකො ජාතො හොති. මනුස‍්සා ථෙරං දිස‍්වා “රක‍්ඛසානං සහායකො එසො”ති මඤ‍්ඤමානා ආවුධානි ගහෙත්‍වා ථෙරං පහරිතුකාමා ආගච‍්ඡන‍්ති. ථෙරො “කිං තුම‍්හෙ ආවුධහත්‍ථා ආගච‍්ඡථා”ති ආහ. තෙ ආහංසු – “රාජකුලෙ ජාතෙ ජාතෙ දාරකෙ රක‍්ඛසා ඛාදන‍්ති, තෙසං තුම‍්හෙ සහායකා”ති. ථෙරො “න මයං රක‍්ඛසානං සහායකා, සමණා නාම මයං විරතා පාණාතිපාතා…පෙ… විරතා මජ‍්ජපානා එකභත‍්තිකා සීලවන‍්තො කල්‍යාණධම‍්මා”ති ආහ.

සොණ මහාස්ථවිරයන් වහන්සේ, උත්තර මහාස්ථවිරයන් වහන්සේ සමග ස්වර්‍ණ භූමියට වැඩිය සේක. ඒ කාලයෙහි එහි එක් යකින්නක් මුහුදෙන් නික්ම අවුත් රජගෙයි උපනුපන් දරුවන් කන්නීය. එදවසම එහි රජගෙයි එක් දරුවෙක් උපන්නේය. එහි මිනිස්සු තෙරුන් දැක ‘මෙතෙමේ රකුසන්ගේ යහළුවෙකැ’යි සිතන්නාහු ආයුධ ගෙන තෙරුන්ට පහරදෙනු කැමැත්තාහු ඉදිරියට එත්. එකල්හි මහාස්ථවිරයන් වහන්සේ ‘තෙපි ආයුධ ගත් අත් ඇතිව කුමට එවුදැ’යි ඇසූහ. ඔවුහු ‘රජගෙයි උපනුපන් දරුවන් රාක්‍ෂයෝ අවුත් කන්නාහ. තෙපි ඔවුන්ගේ යහළුවෝ’යි ඔවුහු කීහ. මහාස්ථවිරයන් වහන්සේ ‘අපි රකුසන්ගේ යහළුවෝ නොවම්හ, අපි ශ්‍රමණයෝ නම් වන්නෙමු, ප්‍රාණඝාතයෙන් වැළකුනෝ වෙමු - පෙ- මද්‍ය පානයෙන් වැළකුනෝ වෙමු, එක් වේලේ වළඳන්නමෝය, සිල්වත්හු වෙමු, කලණ සැහැවි ඇත්තමෝය අපි’යි වදාළ සේක.

තස‍්මිංයෙව ච ඛණෙ සා රක‍්ඛසී සපරිවාරා සමුද‍්දතො නික‍්ඛමි “රාජකුලෙ දාරකො ජාතො තං ඛාදිස‍්සාමී”ති. මනුස‍්සා තං දිස‍්වා “එසා, භන‍්තෙ, රක‍්ඛසී ආගච‍්ඡතී”ති භීතා විරවිංසු. ථෙරො රක‍්ඛසෙහි දිගුණෙ අත‍්තභාවෙ නිම‍්මිනිත්‍වා තෙහි අත‍්තභාවෙහි තං රක‍්ඛසිං සපරිසං මජ‍්ඣෙ කත්‍වා උභොසු පස‍්සෙසු පරික‍්ඛිපි . තස‍්සා සපරිසාය එතදහොසි – “අද‍්ධා ඉමෙහි ඉදං ඨානං ලද‍්ධං භවිස‍්සති. මයං පන ඉමෙසං භක‍්ඛා භවිස‍්සාමා”ති. සබ‍්බෙ රක‍්ඛසා භීතා වෙගසා පලායිංසු. ථෙරොපි තෙ යාව අදස‍්සනං තාව පලාපෙත්‍වා දීපස‍්ස සමන‍්තතො රක‍්ඛං ඨපෙසි. තස‍්මිඤ‍්ච සමයෙ සන‍්නිපතිතං මහාජනකායං බ්‍රහ‍්මජාලසුත‍්තන‍්තකථාය පසාදෙත්‍වා සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාපෙසි. සට‍්ඨිසහස‍්සානං පනෙත්‍ථ ධම‍්මාභිසමයො අහොසි. කුලදාරකානං අඩ‍්ඪුඩ‍්ඪානි සහස‍්සානි පබ‍්බජිංසු, කුලධීතානං දියඩ‍්ඪසහස‍්සං. එවං සො තත්‍ථ සාසනං පතිට‍්ඨාපෙසි. තතො පභුති රාජකුලෙ ජාතදාරකානං සොණුත‍්තරනාමමෙව කරොන‍්ති.

එකෙණෙහිම රජගෙයි උපන් එදරු කන්නෙමියි ඒ රාක්‍ෂසී තොමෝ පිරිවර සහිතව මුහුදෙන් නික්ම ආය. මිනිස්සු රකුසිය දැක ‘ස්වාමීනි! මෝ රකුසිය එන්නීය’යි බියපත්ව මොරදෙන්නට වූහ. මහාස්ථවිරයන් වහන්සේ රකුසන්ට වඩා ද්විගුණ වූ ආත්මභාව මවා ඒ ආත්මභාවයන්ගෙන් පිරිස් සහිත වූ ඒ රකුසිය මැදිකොට දෙපසින් වටකළහ. එකල්හි පිරිස් සහිත වූ ඒ රකුසියට ‘එකතින් මොවුන් විසින් මෙ තැන අත්පත්කොට ගන්නා ලද්දේ වන්නේය. අපි වනාහි මොවුන්ට බත් වන්නෙමු’යි සිත්විය. බියපත් වූ සියලු රකුසෝ වේගයෙන් පැන දිවූහ. මහාස්ථවිරයන් වහන්සේද ඔවුන් නොපෙනෙන තෙක් පන්නා හැර දිවයින වටා රැකවල් තැබූහ. ඒ වේලෙහිද එහි රැස්වූ මහාජන සමූහයා බ්‍රහ්මජාල සූත්‍රාන්ත කථාවෙන් පහදවා ශරණයන්හි හා ශීලයන්හිද පිහිටවූහ. මෙහිදී සැටදහසකට ධර්මාවබෝධය වුයේය. කුලදරුවන්ගෙන් තුන්දහස් පන්සියයක්ද, කුලදුහිතෲන්ගෙන් එක්දහස් පන්සියයක්ද පැවිදි වූහ. උන්වහන්සේ මෙසේ එහි සසුන පිහිටවූ සේක. එතැන් පටන් රජගෙයි උපන් දරුවන්ට සෝණුත්තර නමම තබත්.

සුවණ‍්ණභූමිං ගන‍්ත්‍වාන, සොණුත‍්තරා මහිද‍්ධිකා; පිසාචෙ නිද‍්ධමෙත්‍වාන, බ්‍රහ‍්මජාලං අදෙසිසුන‍්ති.

මහත් සෘද්ධි ඇති සොණ - උත්තර මහාස්ථවිරයන් වහන්සේලා ස්වර්‍ණ භූමියට වැඩ පිශාචයන් පලවා හැර බ්‍රහ්මජාල සූත්‍රය දෙසූහ.

මහින්‍දත්‍ථෙරො පන “තම‍්බපණ‍්ණිදීපං ගන‍්ත්‍වා සාසනං පතිට‍්ඨාපෙහී”ති උපජ‍්ඣායෙන ච භික‍්ඛුසඞ‍්ඝෙන ච අජ‍්ඣිට‍්ඨො චින‍්තෙසි – “කාලො නු ඛො මෙ තම‍්බපණ‍්ණිදීපං ගන‍්තුං නො”ති. අථස‍්ස වීමංසතො “න තාව කාලො”ති අහොසි. කිං පනස‍්ස දිස‍්වා එතදහොසි? මුටසිවරඤ‍්ඤො මහල‍්ලකභාවං. තතො චින‍්තෙසි – “අයං රාජා මහල‍්ලකො, න සක‍්කා ඉමං ගණ‍්හිත්‍වා සාසනං පග‍්ගහෙතුං. ඉදානි පනස‍්ස පුත‍්තො දෙවානංපියතිස‍්සො රජ‍්ජං කාරෙස‍්සති. තං ගණ‍්හිත්‍වා සක‍්කා භවිස‍්සති සාසනං පග‍්ගහෙතුං. හන්‍ද යාව සො සමයො ආගච‍්ඡති, තාව ඤාතකෙ ඔලොකෙම. පුන දානි මයං ඉමං ජනපදං ආගච‍්ඡෙය්‍යාම වා න වා”ති. සො එවං චින‍්තෙත්‍වා උපජ‍්ඣායඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච වන්‍දිත්‍වා අසොකාරාමතො නික‍්ඛම‍්ම තෙහි ඉට‍්ටියාදීහි චතූහි ථෙරෙහි සඞ‍්ඝමිත‍්තාය පුත‍්තෙන සුමනසාමණෙරෙන භණ‍්ඩුකෙන ච උපාසකෙන සද‍්ධිං රාජගහනගරපරිවත‍්තකෙන දක‍්ඛිණාගිරිජනපදෙ චාරිකං චරමානො ඤාතකෙ ඔලොකෙන‍්තො ඡ මාසෙ අතික‍්කාමෙසි. අථානුපුබ‍්බෙන මාතු නිවෙසනට‍්ඨානං වෙදිසනගරං නාම සම‍්පත‍්තො.

මහාමහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ වනාහි ‘තාම්‍රපර්ණී ද්වීපයට ගොස් සසුන පිහිටුවා ලවු’යි උපාද්ධ්‍යාය මහාස්ථවිරයන් වහන්සේ හා භික්‍ෂු සඞ්ඝයා විසින් අණවන ලද්දාහු ‘මට තාම්‍රපර්ණි ද්වීපයට යන්නට මේ කාලයවේද නොවේදැ’යි සිතා බැලූහ. එසේ විමසන්නා වූ උන්වහන්සේට ‘තවම කාලය නොවේය’යි සිත් වූයේය. කුමක් දැක මුන්වහන්සේට මේ අදහස වූයේදයත්: එවක තාම්‍රපර්ණීයෙහි රජය කළ මුටසීව රජුගේ මහලුබව දැක මෙසේ සිත් උපන. අනතුරුව ‘මේ රජතෙමේ මහලුය, මොහු වහල්කොටගෙන සසුන නගාලන්නට නොහැකිය, මොහුගේ ඇවෑමෙන් මොහුගේ පුත්‍ර වූ දේවානම්පියතිස්ස රජය කරවන්නේය, ඔහු වහල්කොට ගෙන සසුන නගාලන්නට හැකිවන්නේය, එබැවින් ඒ කාලය එනතුරු නෑයින් බලන්නෙමු, නැවත අපි මේ ජනපදයට එන්නමෝද නොහොත් නොඑන්නමෝදැ’යි සිතූහ. උන්වහන්සේ මෙසේ සිතා උපාද්ධ්‍යායයන් වහන්සේද භික්‍ෂු සඞ්ඝයාද වැඳ අශෝකාරාමයෙන් නික්ම ඒ ඉට්ඨියාදී වූ මහා තෙරුන් සතර නමද, සඞ්ඝමිත්‍රාවගේ පුත්‍ර වූ සුමන සාමණේර හා භණ්ඩුක උපාසකද සමග රජගහ නුවර හැර ඉන් පිටත දක්‍ෂිණගිරි ජනපදයෙහි සැරිසරන්නාහු නෑයන් බලමින් සමසක් කල්ගෙවූහ. ඉන්පසු පිළිවෙළින් මෑනියන් වසන තැන වූ වෙදිස නම් නුවරට වැඩියහ.

අසොකො කිර කුමාරකාලෙ ජනපදං ලභිත්‍වා උජ‍්ජෙනිං ගච‍්ඡන‍්තො වෙදිසනගරං පත්‍වා වෙදිසසෙට‍්ඨිස‍්ස ධීතරං අග‍්ගහෙසි. සා තංදිවසමෙව ගබ‍්භං ගණ‍්හිත්‍වා උජ‍්ජෙනියං මහින්‍දකුමාරං විජායි. කුමාරස‍්ස චුද‍්දසවස‍්සකාලෙ රාජා අභිසෙකං පාපුණි. සා තස‍්ස මාතා තෙන සමයෙන ඤාතිඝරෙ වසති. තෙන වුත‍්තං – “අථානුපුබ‍්බෙන මාතු නිවෙසනට‍්ඨානං වෙටිසනගරං නාම සම‍්පත‍්තො”ති.

අශෝක මහරජතුමා කුමාර කාලයෙහි උදෙනි ජනපදය ලබා එහි යනුයේ වෙදිස නුවරට පැමිණ වෙදිස සිටුහුගේ දුව සරණපාවා ගත්තේය. ඕතොමෝ එදවසම ගැබ්ගෙන උදේනි නුවරදීම මිහිඳු කුමරු වැදූය. කුමරුගේ තුදුස්වස් කල්හි අශෝක රජතුමා රාජ්‍යාභිෂෙකයට පැමිණියේය. මිහිඳු කුමරුගේ ඒ මවුබිසව ඒ කාලයෙහි නෑගෙයිම වාසය කළාය. ‘අථානුපුබ්බෙන මාතුනිවෙසට්ඨානං වෙදිසනගරං නාම සම්පත්තො’ යනු එහෙයින් කියනලදී.

සම‍්පත‍්තඤ‍්ච පන ථෙරං දිස‍්වා ථෙරමාතා දෙවී පාදෙසු සිරසා වන්‍දිත්‍වා භික‍්ඛං දත්‍වා ථෙරං අත‍්තනා කතං වෙදිසගිරිමහාවිහාරං නාම ආරොපෙසි. ථෙරො තස‍්මිං විහාරෙ නිසින‍්නො චින‍්තෙසි – “අම‍්හාකං ඉධ කත‍්තබ‍්බකිච‍්චං නිට‍්ඨිතං, සමයො නු ඛො ඉදානි ලඞ‍්කාදීපං ගන‍්තු”න‍්ති. තතො චින‍්තෙසි – “අනුභවතු තාව මෙ පිතරා පෙසිතං අභිසෙකං දෙවානංපියතිස‍්සො, රතනත‍්තයගුණඤ‍්ච සුණාතු, ඡණත්‍ථඤ‍්ච නගරතො නික‍්ඛමිත්‍වා මිස‍්සකපබ‍්බතං අභිරුහතු, තදා තං තත්‍ථ දක‍්ඛිස‍්සාමා”ති. අථාපරං එකමාසං තත්‍ථෙව වාසං කප‍්පෙසි. මාසාතික‍්කමෙන ච ජෙට‍්ඨමූලමාසපුණ‍්ණමායං උපොසථදිවසෙ සන‍්නිපතිතා සබ‍්බෙපි – “කාලො නු ඛො අම‍්හාකං තම‍්බපණ‍්ණිදීපං ගමනාය, උදාහු නො”ති මන‍්තයිංසු. තෙනාහු පොරාණා –

වෙදිස නුවරට පැමිණි තෙරුන් දක ස්ථවිරමාතෘ වූ ඒ දේවිය උන්වහන්සේගේ පාමුල වැටී හිසින් වැඳ දන් දී තමන් විසින් කළ වෙදිසගිරි මහාවිහාරයද තෙරුන්ට පාවාදුන්නීය. මහාස්ථවිරයන් වහන්සේ එහි වැඩහුන් සේක් ‘මෙහි අප විසින් කළයුතු කිස නිමාවට ගියේය, ලක්දිවට යෑමට දැන් කාලය වේදැ’යි සිතාබැලූහ. ඉක්බිති ‘මාගේ පියතුමන් විසින් යවන ලද අභිෂේකය දේවානම්පියතිස්ස රජු අනුභව කෙරේවා, තෙරුවන් ගුණද අසාවා, උත්සව පිණිස නුවරින් නික්ම මිශ්‍රක පර්‍වතයට නගීවා, එකල්හි එහිදී ඔහු දකින්නමෝය’යි සිතූහ. නැවතද එක් මසක් එහිම විසූහ. මස ඉක්ම යෑමෙන් පසු පොසොන් මස පසළොස්වක් පොහෝ දිනයෙහි සියල්ලෝම රැස්ව ‘අපට තාම්‍රපර්ණී ද්වීපයට යෑමට මේ කාලයවේද නොහොත් කාලය නොවේදැ’යි සාකච්ඡා කළහ. එහෙයින් පුරාතනයෝ:

“මහින්‍දො නාම නාමෙන, සඞ‍්ඝත්‍ථෙරො තදා අහු; ඉට‍්ටියො උත‍්තියො ථෙරො, භද‍්දසාලො ච සම‍්බලො.

‘නමින් මහින්‍ද නම්වූ මහාස්ථවිරයන් වහන්සේ එකල්හි සඞ්ඝස්ථවිර වූහ. ඉට්ඨිය ස්ථවිර, උත්තිය ස්ථවිර, භද්දසාල ස්ථවිර, සම්බල ස්ථවිරද, ෂඩභිඥවූ මහත් සෘද්ධි ඇති සුමන සාමණෙරද, ඔවුන් අතුරෙහි සත්වැනි වූ ප්‍රතිවෙධකළ චතුස්සත්‍යය ඇති භණ්ඩුක උපාසකද යන මේ මහා ශ්‍රේෂ්ඨයෝ රහසිගතව මන්ත්‍රණය කළහ’යි කියත්.

“සාමණෙරො ච සුමනො, ඡළභිඤ‍්ඤො මහිද‍්ධිකො; භණ‍්ඩුකො සත‍්තමො තෙසං, දිට‍්ඨසච‍්චො උපාසකො; ඉති හෙතෙ මහානාගා, මන‍්තයිංසු රහොගතා”ති.

තදා සක‍්කො දෙවානමින්‍දො මහින්‍දත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා එතදවොච – “කාලඞ‍්කතො, භන‍්තෙ, මුටසිවරාජා; ඉදානි දෙවානංපියතිස‍්සමහාරාජා රජ‍්ජං කාරෙති. සම‍්මාසම‍්බුද‍්ධෙන ච තුම‍්හෙ බ්‍යාකතා – ‘අනාගතෙ මහින්‍දො නාම භික‍්ඛු තම‍්බපණ‍්ණිදීපං පසාදෙස‍්සතී’ති. තස‍්මාතිහ වො, භන‍්තෙ, කාලො දීපවරං ගමනාය; අහම‍්පි වො සහායො භවිස‍්සාමී”ති.

එකල්හි සක්දෙව් රජතෙමේ මහාමහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි! මුටසීව රජතෙමේ කලුරිය කෙළේය, දැන් දේවානම්පියතිස්ස මහරජ රජය කරවයි, අනාගතයෙහි මහින්‍ද නම් ස්ථවිරතෙමේ තාම්‍රපර්ණී ද්වීපය පහදවන්නේ යයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ද ඔබවහන්සේ දක්වන ලද්දාහුය, එහෙයින් ස්වාමීනි! මෙහි ඔබවහන්සේලාට ඒ උතුම් දිවයිනට යෑමට මේ කාලය වේ, මමද ඔබවහන්සේලාට සහාය වන්නෙමි’යි මෙසේ කීයේය.

කස‍්මා පන සක‍්කො එවමාහ? භගවා කිරස‍්ස බොධිමූලෙයෙව බුද‍්ධචක‍්ඛුනා ලොකං වොලොකෙත්‍වා අනාගතෙ ඉමස‍්ස දීපස‍්ස සම‍්පත‍්තිං දිස‍්වා එතමත්‍ථං ආරොචෙසි – “තදා ත්‍වම‍්පි සහායො භවෙය්‍යාසී”ති ච ආණාපෙසි. තස‍්මා එවමාහ. ථෙරො තස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා අත‍්තසත‍්තමො වෙටිසකපබ‍්බතා වෙහාසං උප‍්පතිත්‍වා අනුරාධපුරස‍්ස පුරත්‍ථිමදිසාය මිස‍්සකපබ‍්බතෙ පතිට‍්ඨහි. යං පනෙතරහි “චෙතියපබ‍්බතො”තිපි සඤ‍්ජානන‍්ති. තෙනාහු පොරාණා –

කුමක් හෙයින් සක්දෙව් රාජෝත්තමයා මෙසේ කියේදයත්: ‘භාග්‍යවතුන් වහන්සේ වනාහි බෝමුලදීම බුදු ඇසින් ලොව බලා අනාගතයෙහි මේ දිවයිනෙහි සම්පත්තිය දැක මේ කාරණය මොහුට වදාළ සේක. එකල්හි ඔබද එයට සහායවවු’යි ඇණවූ සේක. එහෙයින් සක්දෙව් රජ මෙසේ දන්වා සිටියේය. මහා මහීන්‍ද්‍ර මහා ස්ථවිරයන් වහන්සේ ඔහුගේ වචනය පිළිගෙන තුමූ සත්වැනි වූවෝ වෙදිස පර්‍වතයෙන් අහසට නැගී අනුරාධපුරයට පූර්‍වදිශාවෙහි වූ මිශ්‍රක පර්‍වතයෙහි පිහිටා ගත්හ. දැන් මේ පර්‍වතය චෛත්‍ය පර්‍වතයයිද දනිත්. එහෙයින් පුරාතනයෝ:

“වෙටිසගිරිම‍්හි රාජගහෙ, වසිත්‍වා තිංසරත‍්තියො; කාලොව ගමනස‍්සාති, ගච‍්ඡාම දීපමුත‍්තමං.

‘රජගහ නුවර වෙදිස ගිරියෙහි තිස්රැයක් වාසයකොට ගමනට මේ කාලයමය, එහෙයින් උතුම් දිවයිනට යම්හයි දඹදිවින් අහසට නැංගාහුය. මෙසේ හස්රජුන් මෙන් අහසට නැංගා වූ මහාස්ථවිරයන් වහන්සේ පර්‍වතයනට උතුම් වූ සෑගිරි පව්වෙහි පිහිටා ගත්හ.

“පළීනා ජම‍්බුදීපා තෙ, හංසරාජාව අම‍්බරෙ; එවමුප‍්පතිතා ථෙරා, නිපතිංසු නගුත‍්තමෙ.

“පුරතො පුරසෙට‍්ඨස‍්ස, පබ‍්බතෙ මෙඝසන‍්නිභෙ; පතිංසු සීලකූටම‍්හි, හංසාව නගමුද‍්ධනී”ති.

පුරශ්‍රේෂ්ඨ වූ අනුරාධපුරයෙහි පූර්‍වදිශා භාගයෙහි නිල් මහමේකුළක් සමාන වූ පිලකූට නම් පර්‍වත මස්තකයෙහි හංසයන් මෙන් පෙනී සිටියහ’යි කියත්.

එවං ඉට‍්ටියාදීහි සද‍්ධිං ආගන‍්ත්‍වා පතිට‍්ඨහන‍්තො ච ආයස‍්මා මහින්‍දත්‍ථෙරො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පරිනිබ‍්බානතො ද‍්වින‍්නං වස‍්සසතානං උපරි ඡත‍්තිංසතිමෙ වස‍්සෙ ඉමස‍්මිං දීපෙ පතිට‍්ඨහීති වෙදිතබ‍්බො. අජාතසත‍්තුස‍්ස හි අට‍්ඨමෙ වස‍්සෙ සම‍්මාසම‍්බුද‍්ධො පරිනිබ‍්බායි. තස‍්මිංයෙව වස‍්සෙ සීහකුමාරස‍්ස පුත‍්තො තම‍්බපණ‍්ණිදීපස‍්ස ආදිරාජා විජයකුමාරො ඉමං දීපමාගන‍්ත්‍වා මනුස‍්සාවාසං අකාසි. ජම‍්බුදීපෙ උදයභද‍්දස‍්ස චුද‍්දසමෙ වස‍්සෙ ඉධ විජයො කාලමකාසි. උදයභද‍්දස‍්ස පඤ‍්චදසමෙ වස‍්සෙ පණ‍්ඩුවාසුදෙවො නාම ඉමස‍්මිං දීපෙ රජ‍්ජං පාපුණි. තත්‍ථ නාගදාසකරඤ‍්ඤො වීසතිමෙ වස‍්සෙ ඉධ පණ‍්ඩුවාසුදෙවො කාලමකාසි. තස‍්මිංයෙව ච වස‍්සෙ අභයො නාම රාජකුමාරො ඉමස‍්මිං දීපෙ රජ‍්ජං පාපුණි. තත්‍ථ සුසුනාගරඤ‍්ඤො සත‍්තරසමෙ වස‍්සෙ ඉධ අභයරඤ‍්ඤො වීසතිවස‍්සානි පරිපූරිංසු. අථ අභයස‍්ස වීසතිමෙ වස‍්සෙ පණ‍්ඩුකාභයො නාම දාමරිකො රජ‍්ජං අග‍්ගහෙසි.

මෙසේ ආයුෂ්මත් මහාමහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ ඉට්ඨියාදි මහාස්ථවිරයන් වහන්සේ සමග මෙහි වැඩමකොට, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් දෙසියවසක් ඇවෑමෙන් මතුවෙහි සතිස්වන අවුරුද්දෙහි මේ දිවයිනෙහි පිහිටාගත්හයි දතයුතුය. අජාසත් රජුගේ අටවන අවුරුද්දෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවි සේක. ඒ අවුරුද්දෙහිම සීහ කුමාරයාගේ පුත්‍ර වූ හෙළදිව ආදිරාජ වූ විජය කුමරා මේ දිවයිනට පැමිණ දිවයින මනුෂ්‍යවාස ඇත්තක් කළේය. දඹදිව උදයභද්ද රජුගේ තුදුස්වන අවුරුද්දෙහි මෙහි විජයරජ කලුරිය කෙළේය. උදයභද්ද රජුගේ පසළොස්වන අවුරුද්දෙහි පණ්ඩුවාසදෙව රජ මේ දිවයිනෙහි රාජ්‍යයට පැමිණියේය. ඒ දඹදිව නාගදාසක රජුගේ විසිවන අවුරුද්දෙහි මේ ලක්දිව පණ්ඩුවාසදේව රජු කලුරිය කෙළේය. ඒ අවුරුද්දෙහිම අභය නම් රජකුමරා මේ දිවයිනෙහි රාජ්‍යයට පැමිණියේය. එහි දඹදිව සුසුනාග රජුගේ සතළොස්වන අවුරුද්දෙහි මෙහි අභයරජහට විසිවසක් සම්පූර්‍ණ වූයේය. අනතුරුව අභය රජුගේ විසිවන අවුරුද්දෙහි පකුණ්ඩකාභය නම් වූ දාමරිකයෙක් රාජ්‍යය අල්ලා ගත්තේය.

තත්‍ථ කාළාසොකස‍්ස සොළසමෙ වස‍්සෙ ඉධ පණ‍්ඩුකස‍්ස සත‍්තරසවස‍්සානි පරිපූරිංසු. තානි හෙට‍්ඨා එකෙන වස‍්සෙන සහ අට‍්ඨාරස හොන‍්ති. තත්‍ථ චන්‍දගුත‍්තස‍්ස චුද‍්දසමෙ වස‍්සෙ ඉධ පණ‍්ඩුකාභයො කාලමකාසි. මුටසිවරාජා රජ‍්ජං පාපුණි. තත්‍ථ අසොකධම‍්මරාජස‍්ස සත‍්තරසමෙ වස‍්සෙ ඉධ මුටසිවරාජා කාලමකාසි. දෙවානම‍්පියතිස‍්සො රජ‍්ජං පාපුණි. පරිනිබ‍්බුතෙ ච සම‍්මාසම‍්බුද‍්ධෙ අජාතසත‍්තු චතුවීසති වස‍්සානි රජ‍්ජං කාරෙසි. උදයභද‍්දො සොළස, අනුරුද‍්ධො ච මුණ‍්ඩො ච අට‍්ඨ, නාගදාසකො චතුවීසති, සුසුනාගො අට‍්ඨාරස, තස‍්සෙව පුත‍්තො කාළාසොකො අට‍්ඨවීසති, තතො තස‍්ස පුත‍්තකා දස භාතුකරාජානො ද‍්වෙවීසති වස‍්සානි රජ‍්ජං කාරෙසුං. තෙසං පච‍්ඡතො නව නන්‍දා ද‍්වෙවීසතිමෙව, චන්‍දගුත‍්තො චතුවීසති, බින්‍දුසාරො අට‍්ඨවීසති . තස‍්සාවසානෙ අසොකො රජ‍්ජං පාපුණි. තස‍්ස පුරෙ අභිසෙකා චත‍්තාරි අභිසෙකතො අට‍්ඨාරසමෙ වස‍්සෙ ඉමස‍්මිං දීපෙ මහින්‍දත්‍ථෙරො පතිට‍්ඨිතො. එවමෙතෙන රාජවංසානුසාරෙන වෙදිතබ‍්බමෙතං – “සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පරිනිබ‍්බානතො ද‍්වින‍්නං වස‍්සසතානං උපරි ඡත‍්තිංසතිමෙ වස‍්සෙ ඉමස‍්මිං දීපෙ පතිට‍්ඨහී”ති.

දඹදිව කාලාශෝක රජුගේ සොළොස්වන අවුරුද්දෙහි මේ දිවයිනෙහි පකුණ්ඩකාභය රජුට සතළොස් වසක් පිරී සිටියේය. යට එක් වසක් සමග ඒ වස් ගණන අටළොසක් වේ. එහි දඹදිව චන්‍ද්‍රගුප්ත රජුගේ තුදුස්වන අවුරුද්දෙහි මෙහි පකුණ්ඩකාභය රජු කලුරිය කෙළේය. මුටසීව රජු රාජ්‍යයට පැමිණියේය. එහි දඹදිව අශෝකධර්‍ම රජුගේ සතළොස්වන අවුරුද්දෙහි මෙහි මුටසීව රජු කලුරිය කෙළේය. දේවානම්පියතිස්ස රජ රාජ්‍යයට පැමිණියේය. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුද අජාසත් සූවිසි වසක් රාජ්‍යය කරවීය. උදයභද්ද සොළොස් වසක්ද, අනුරුද්ධ - මුණ්ඩ දෙදෙන අටවසක්ද, නාගදාසක සූවිසි වසක්ද, සුසුනාග අටළොස් වසක්ද, ඔහුගේම පුත්‍ර වූ කාලාශෝක අටවිසි වසක්ද, අශෝකගේ පුත්‍ර වූ දසභාතුක රජහු දෙවිසි වසක්ද රාජ්‍යය කරවූහ. ඔවුනට පසු උග්ගසෙනනන්‍ද, පණ්ඩුකනන්‍ද, භූතපාලනන්‍ද, රට්ඨපාලනන්‍ද, ගොවිසාණනන්‍ද, සවින්‍ධකනන්‍ද, කෙවට්ටකනන්‍ද, ධනනන්‍ද යන නවනන්‍ද රජහු දෙවිසිවසක්ම රාජ්‍යය කළහ. චන්‍ද්‍රගුප්ත සූවිසිවසක්ද, බින්‍දුසාර අටවිසිවසක්ද රාජ්‍යය කළහ. ඔහුගේ අවසානයෙහි අශෝක රජු රාජ්‍යයට පැමිණියේය. ඔහුගේ අභිෂෙකයෙන් පෙර සිවුවසක්ද, අහිෂේකයෙන් අටළොස්වන අවුරුද්දෙහි මේ දිවයිනෙහි මහාමහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ පිහිටා ගත්හ. මේ පැමිණීම මෙසේ රාජවංශානුසාරයෙන් දතයුතුය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්‍වාණයෙන් දෙසිය සතිස්වන අවුරුද්දෙහි මෙහිද සසුන පිහිටියේය.

තස‍්මිඤ‍්ච දිවසෙ තම‍්බපණ‍්ණිදීපෙ ජෙට‍්ඨමූලනක‍්ඛත‍්තං නාම හොති. රාජා නක‍්ඛත‍්තං ඝොසාපෙත්‍වා “ඡණං කරොථා”ති අමච‍්චෙ ච ආණාපෙත්‍වා චත‍්තාලීසපුරිසසහස‍්සපරිවාරො නගරම‍්හා නික‍්ඛමිත්‍වා යෙන මිස‍්සකපබ‍්බතො තෙන පායාසි මිගවං කීළිතුකාමො. අථ තස‍්මිං පබ‍්බතෙ අධිවත්‍ථා එකා දෙවතා “රඤ‍්ඤො ථෙරෙ දස‍්සෙස‍්සාමී”ති රොහිතමිගරූපං ගහෙත්‍වා අවිදූරෙ තිණපණ‍්ණානි ඛාදමානා විය චරති. රාජා තං දිස‍්වා “අයුත‍්තං දානි පමත‍්තං විජ‍්ඣිතු”න‍්ති ජියං ඵොටෙසි. මිගො අම‍්බත්‍ථලමග‍්ගං ගහෙත්‍වා පලායිතුං ආරභි. රාජා පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධන‍්තො අම‍්බත්‍ථලමෙව අභිරුහි. මිගොපි ථෙරානං අවිදූරෙ අන‍්තරධායි. මහින්‍දත්‍ථෙරො රාජානං අවිදූරෙ ආගච‍්ඡන‍්තං දිස‍්වා “මමංයෙව රාජා පස‍්සතු, මා ඉතරෙ”ති අධිට‍්ඨහිත්‍වා “තිස‍්ස, තිස‍්ස, ඉතො එහී”ති ආහ. රාජා සුත්‍වා චින‍්තෙසි – “ඉමස‍්මිං දීපෙ ජාතො මං ‘තිස‍්සා’ති නාමං ගහෙත්‍වා ආලපිතුං සමත්‍ථො නාම නත්‍ථි. අයං පන ඡින‍්නභින‍්නපටධරො භණ‍්ඩු කාසාවවසනො මං නාමෙන ආලපති, කො නු ඛො අයං භවිස‍්සති මනුස‍්සො වා අමනුස‍්සො වා”ති? ථෙරො ආහ –

එදවසද මෙහි හෙළදිව පොසොන් මස පහළොස් වසක් පොහෝ දිනයෙහි මූලනක්‍ෂත්‍ර නම් නැකැත් කෙළියක් වේ. රජතෙමේ නැකැත් කෙළිය හඬගා කියවා ‘උත්සව කරවු’යි ඇමතියන්ද අණවා සතළිස්දහසක් පුරුෂයන් පිරිවරකොට ඇතියේ නුවරින් නික්ම මුවන් පෙළීමෙන් ක්‍රීඩා කරනු කැමතිව මිශ්‍රක පර්‍වතයට ගියේය. ඉක්බිති ඒ පර්‍වතයෙහි අරක්ගත් එක් දේවතාවෙක් රජුට මහතෙරුන් දක්වන්නෙමි’යි රොහිත මෘග වේශයක් ගෙන නොදුර තැනක තනපත් කරන්නියක මෙන් හැසිරෙන්නීය. රජු ඌ දැක ‘පමාවූවහු විදීම අයුතුය’යි දුනුදිය පෙළීය. මෘගතෙමේ අඹතලා මගට වැටී පැන යන්නට පටන් ගත්තේය. රජු ඌ පසුපස ලුහුබැඳ දුවනුයේ අඹතලයට නැග ගත්තේය. මෘගතෙමේද මහතෙරුන්ට නොදුරෙහිදී නොපෙනී ගියේය. මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ නොදුරෙහි එන රජු දැක ‘රජතුමාම දකීවා, අන්හු නොදකීවා’යි ඉටා ‘තිස්ස! තිස්ස! මෙහි එව’යි වදාළ සේක. රජතුමා ඒ අඬගෑම අසා ‘මේ දිවයිනෙහි උපන්නෙක් ‘තිස්ස’යි නම් කියා මට අමතන්නට සමර්‍ත්‍ථ වූයේනම් නොවේ, මේ සුන්බුන් පිළී දරන හිස මුඩුකළ කසාවත් හැඳ පෙරවූ මෙතෙමේ නම් කියා මා අමතන්නේය, මෙතෙමේ මනුෂ්‍යයෙක්ද, අමනුෂ්‍යයෙක්ද කවරෙක් හෝ වන්නේදැ’යි සිතීය. එකල්හි මහා ස්ථවිරයන් වහන්සේ:-

“සමණා මයං මහාරාජ, ධම‍්මරාජස‍්ස සාවකා; තවෙව අනුකම‍්පාය, ජම‍්බුදීපා ඉධාගතා”ති.

‘මහරජ! ධර්‍මරාජන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අපි ශ්‍රමණයෝ වම්හ, ඔබටම අනුකම්පා පිණිස දඹදිවින් මෙහි ආම්හ’යි වදාළ සේක.

තෙන ච සමයෙන දෙවානම‍්පියතිස‍්සමහාරාජා ච අසොකධම‍්මරාජා ච අදිට‍්ඨසහායකා හොන‍්ති. දෙවානම‍්පියතිස‍්සමහාරාජස‍්ස ච පුඤ‍්ඤානුභාවෙන ඡාතපබ‍්බතපාදෙ එකම‍්හි වෙළුගුම‍්බෙ තිස‍්සො වෙළුයට‍්ඨියො රථයට‍්ඨිප‍්පමාණා උප‍්පජ‍්ජිංසු – එකා ලතායට‍්ඨි නාම, එකා පුප‍්ඵයට‍්ඨි නාම, එකා සකුණයට‍්ඨි නාම. තාසු ලතායට‍්ඨි රජතවණ‍්ණා හොති, තං අලඞ‍්කරිත්‍වා උප‍්පන‍්නලතා කඤ‍්චනවණ‍්ණා ඛායති. පුප‍්ඵයට‍්ඨියං පන නීලපීතලොහිතොදාතකාළවණ‍්ණානි පුප‍්ඵානි සුවිභත‍්තවණ‍්ටපත‍්තකිඤ‍්ජක‍්ඛානි හුත්‍වා ඛායන‍්ති. සකුණයට‍්ඨියං හංසකුක‍්කුටජීවජීවකාදයො සකුණා නානප‍්පකාරානි ච චතුප‍්පදානි සජීවානි විය ඛායන‍්ති. වුත‍්තම‍්පි චෙතං දීපවංසෙ –

ඒ කාලයෙහි දේවානම්පියතිස්ස රජතුමා, ධර්‍මාශෝක මහරජතුමාද යන දෙදෙන නොදුටු මිතුරෝ වෙත්. දේවානම්පියතිස්ස මහරජුගේද පුණ්‍යානුභාවයෙන් ඡාතක පර්‍වත පාදයෙහි එක් උණලැහැබක රියකෙවිටි පමණ වූ උණයටි තුනක් හටගත්තේය. එකක් ලතායෂ්ටිනම. එකක් පුෂ්පයෂ්ටිනම. එකක් ශකුණයෂ්ටිනම. ඒ යට අතුරෙහි ලතායෂ්ටි රිදී පැහැ ඇත්තේ වේ. ඒ රිදී පැහැය අලඞ්කාරකොට උපන් ලතා සියල්ල රන්වන්වූවා සේ වැටහේ. පුෂ්ප යෂ්ටියෙහි නීල පීත ලෝහිත අවදාත කාලවර්‍ණ පුෂ්පයෝ මොනවට බෙදූ නටුපත් කෙසුරු ඇතිව පෙනේ. ශකුණ යෂ්ටියෙහි හංස කුක්කුට ජීවඤ්ජීවකාදි පක්‍ෂීහුද නන්වැදෑරුම් සිවුපාවෝද දිවි ඇත්තන් මෙන් පෙනෙත්. දීපවංසයෙහි මෙය:

“ඡාතපබ‍්බතපාදම‍්හි , වෙළුයට‍්ඨී තයො අහු; සෙතා රජතයට‍්ඨීව, ලතා කඤ‍්චනසන‍්නිභා.

‘ඡාත පර්‍වත පාදයෙහි හුණයටි තුනක් විය. රිදීයටක් මෙන් සුදුවූ ලතා තොමෝ කසුන් සමානවූය. නිල්ඈ පැහැයෙන් යුත් පුෂ්ප යම්බඳු වේද, පුෂ්ප යෂ්ටියෙහි එබඳුව වැටහේ. ශකුණ යෂ්ටියෙහි ස්වරූපයෙන්ම පක්‍ෂීහු පිහිටියාහුය’යි කියන ලදී.

“නීලාදි යාදිසං පුප‍්ඵං, පුප‍්ඵයට‍්ඨිම‍්හි තාදිසං; සකුණා සකුණයට‍්ඨිම‍්හි, සරූපෙනෙව සණ‍්ඨිතා”ති.

සමුද‍්දතොපිස‍්ස මුත‍්තාමණිවෙළුරියාදි අනෙකවිහිතං රතනං උප‍්පජ‍්ජි. තම‍්බපණ‍්ණියං පන අට‍්ඨ මුත‍්තා උප‍්පජ‍්ජිංසු – හයමුත‍්තා, ගජමුත‍්තා, රථමුත‍්තා, ආමලකමුත‍්තා, වලයමුත‍්තා, අඞ‍්ගුලිවෙඨකමුත‍්තා, කකුධඵලමුත‍්තා, පාකතිකමුත‍්තාති. සො තා ච යට‍්ඨියො තා ච මුත‍්තා අඤ‍්ඤඤ‍්ච බහුං රතනං අසොකස‍්ස ධම‍්මරඤ‍්ඤො පණ‍්ණාකාරත්‍ථාය පෙසෙසි. අසොකො පසීදිත්‍වා තස‍්ස පඤ‍්ච රාජකකුධභණ‍්ඩානි පහිණි – ඡත‍්තං, චාමරං, ඛග‍්ගං, මොළිං, රතනපාදුකං, අඤ‍්ඤඤ‍්ච අභිසෙකත්‍ථාය බහුවිධං පණ‍්ණාකාරං; සෙය්‍යථිදං – සඞ‍්ඛං, ගඞ‍්ගොදකං, වඩ‍්ඪමානං, වටංසකං, භිඞ‍්ගාරං, නන්‍දියාවට‍්ටං, සිවිකං, කඤ‍්ඤං, කටච‍්ඡුං, අධොවිමං දුස‍්සයුගං, හත්‍ථපුඤ‍්ඡනං, හරිචන්‍දනං, අරුණවණ‍්ණමත‍්තිකං, අඤ‍්ජනං, හරීතකං, ආමලකන‍්ති. වුත‍්තම‍්පි චෙතං දීපවංසෙ –

මේ රජුට මුහුදෙන්ද මුතු මැණික් වෙරළුමිණි ආදීවූ නන්වැදෑරුම් රුවන් උපන්නේය. හෙළදිව හයමුතු, ගජමුතු, රියමුතු, ඇඹුල්පල මුතු, වලය මුතු, ඇඟිලිවෙළුම් මුතු, කුඹුක්පල මුතු, පියවි මුතු යන අටවැදෑරුම් මුතු උපන. දේවානම්පියතිස්ස රජතෙමේ ඒ යටිද, ඒ මුතුද, අන්‍ය වූ බොහෝ රුවන්ද ධර්‍මාශෝක මහරජුට පඬුරු පිණිස යැවූයේය. අශෝක රජතෙමේ පැහැද දේවානම්පියතිස්ස රජුට ඡත්‍රය, චාමරය, ඛඞ්ගය, මෞලිය, රුවන් මිරිවැඩි සඟලය යන පඤ්චවිධ කකුධභාණ්ඩයන්ද, අභිෂෙකය පිණිස, එයින් අන්‍යවූ නන්වැදෑරුම් පඬුරුද එවූයේය. එනම්: දක්‍ෂිණාවෘත්ත සඞ්ඛය, අනවතප්ත ජලය, අලඞ්කාර සුණුය, කන්පලඳනාය, ස්වර්‍ණමය කෙණ්ඩිය, කවුඩුපා සටහන් ඇති රන්බඳුනය, සිවිගෙය, කැත්කුමරිය, රන්මුවා සැන්දය, කිලිටි වූ කල ගින්නෙහිලූ ඇසිල්ලෙහි පිරිසිදුවන එනම් වස්ත්‍ර යුග්මය, රන්වන් අත්පිස්නා පටපිළිය, රන්වන් සඳුන්ය, අරුණවන් මැටිය, නයින් විසින් ගෙනෙන ලද අඳුන්ය, දිව්‍යමය අරළුය, දිව්‍යමය නෙල්ලිය, මාහැඟිවු අමෘතෞෂධය යන මොවුහුය. දීපවංසයෙහි මෙය කියන ලද්දේ මෙසේය:

“වාලබීජනිමුණ‍්හීසං, ඡත‍්තං ඛග‍්ගඤ‍්ච පාදුකං; වෙඨනං සාරපාමඞ‍්ගං, භිඞ‍්ගාරං නන්‍දිවට‍්ටකං.

‘වල්විදුනාය, නළල්පටය, ඡත්‍රය, ඛඞ්ගය, මිරිවැඩිසඟලය, හිස්වෙලුමය, උතුම් හවඩිය, රන් කෙණ්ඩිය, නන්‍දිවට්ට නම් රන් බඳුනය, සිව්ගෙය, දක්‍ෂිණාවෘත්ත ශඞ්ඛය, කන් පලඳනාය, (අධොවිම නම්) වස්ත්‍ර යුග්මය, රන්තලිය, රන්මුවාහැන්දය, මාහැඟි අත්පිස්නය, අනවතප්තවිල දිය, කැත්කුමරිය, උතුම් ගොසීත සඳුන්ය, අරුණුවන් මැටිය, නයින් විසින් ගෙනෙන ලද අඳුන්, දිව්‍යමය අරලුය, දිව්‍යමය නෙල්ලිය, මාහැඟි අමතොසධ නම් ඝුටිකාය, පුණ්‍යකර්‍ම බලයෙන් උපන් ගිරවුන් විසින් ගෙනෙනලද සුවඳහැල් එක්සියසැට ගැලක්ද අශෝක නම් රජු එවූයේය’යි.

“සිවිකං සඞ‍්ඛං වටංසඤ‍්ච, අධොවිමං වත්‍ථකොටිකං; සොවණ‍්ණපාතිං කටච‍්ඡුං, මහග‍්ඝං හත්‍ථපුඤ‍්ඡනං.

“අනොතත‍්තොදකං කඤ‍්ඤං, උත‍්තමං හරිචන්‍දනං; අරුණවණ‍්ණමත‍්තිකං , අඤ‍්ජනං නාගමාහටං.

“හරීතකං ආමලකං, මහග‍්ඝං අමතොසධං; සට‍්ඨිවාහසතං සාලිං, සුගන්‍ධං සුවකාහටං; පුඤ‍්ඤකම‍්මාභිනිබ‍්බත‍්තං, පාහෙසි අසොකව‍්හයො”ති.

න කෙවලඤ‍්චෙතං ආමිසපණ‍්ණාකාරං, ඉමං කිර ධම‍්මපණ‍්ණාකාරම‍්පි පෙසෙසි –

හුදෙක් මේ ආමිස පඬුරුම නොද එවූයේය.

“අහං බුද‍්ධඤ‍්ච ධම‍්මඤ‍්ච, සඞ‍්ඝඤ‍්ච සරණං ගතො; උපාසකත‍්තං දෙසෙසිං, සක්‍යපුත‍්තස‍්ස සාසනෙ.

‘මම බුදුන්ද, දහම්ද, සඟුන්ද, සරණකොට ගියෙමි, ශාක්‍යපුත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි උපාසකභාවය ප්‍රකාශ කෙළෙමි, නරොත්තමය! එහෙයින් ඔබද මේ උතුම් වූ වස්තුත්‍රයයෙහි සිත පහදවවු, ශ්‍රද්ධාවෙන් සරණ යවුයි මේ දහම් පඬුරුද එවූයේය.

“ඉමෙසු තීසු වත්‍ථූසු, උත‍්තමෙ ජිනසාසනෙ; ත්‍වම‍්පි චිත‍්තං පසාදෙහි, සද‍්ධා සරණමුපෙහී”ති.

ස‍්වායං රාජා තං දිවසං අසොකරඤ‍්ඤා පෙසිතෙන අභිසෙකෙන එකමාසාභිසිත‍්තො හොති.

ඒ මේ දේවානම්පියතිස්ස රජතෙමේද එදවස අශෝක මහරජු විසින් එවනලද අභිෂෙකයෙන් අභිෂෙක කරනලද එක්වස් ඇත්තේ වේ.

විසාඛපුණ‍්ණමායං හිස‍්ස අභිසෙකමකංසු. සො අචිරස‍්සුතං – තං සාසනප‍්පවත‍්තිං අනුස‍්සරමානො තං ථෙරස‍්ස “සමණා මයං මහාරාජ ධම‍්මරාජස‍්ස සාවකා”ති වචනං සුත්‍වා “අය්‍යා නු ඛො ආගතා”ති තාවදෙව ආවුධං නික‍්ඛිපිත්‍වා එකමන‍්තං නිසීදි සම‍්මොදනීයං කථං කථයමානො. යථාහ –

වෙසක් පුණුපොහොයදා මොහුගේ අභිෂේකය කළහ. හෙතෙමේ නොබෝදා ඇසූ ඒ ශාසන ප්‍රවෘත්තිය සිහිකරනුයේ ‘සමණා මයං මහාරාජ ධම්මරාජස්ස සාවකා’ යන මහතෙරුන් වහන්සේගේ ඒ වචනය අසා ‘ආර්‍ය්‍යයෝ ආවාහු මැ’යි එකෙණෙහිම අත තුබූ ආවුධ බිම හෙළා සතුටුවිය යුතු කතා කරමින් එකත් පසෙක හුන්නේය. එය මෙසේ කීහ:

“ආවුධං නික‍්ඛිපිත්‍වාන, එකමන‍්තං උපාවිසි; නිසජ‍්ජ රාජා සම‍්මොදි, බහුං අත්‍ථූපසඤ‍්හිත”න‍්ති.

‘ආවුධ බිම හෙළා එකත්පසෙක හුන්නේය. රජතෙමේ එසේ එකත්පසෙක හිඳ අර්‍ත්‍ථයෙන් යුක්තවූ බොහෝ කතාකරමින් සතුටු වූයේය’යි.

සම‍්මොදනීයකථඤ‍්ච කුරුමානෙයෙව තස‍්මිං තානිපි චත‍්තාලීසපුරිසසහස‍්සානි ආගන‍්ත්‍වා සම‍්පරිවාරෙසුං. තදා ථෙරො ඉතරෙපි ඡ ජනෙ දස‍්සෙසි. රාජා දිස‍්වා “ඉමෙ කදා ආගතා”ති ආහ . “මයා සද‍්ධිංයෙව, මහාරාජා”ති. “ඉදානි පන ජම‍්බුදීපෙ අඤ‍්ඤෙපි එවරූපා සමණා සන‍්තී”ති? “සන‍්ති, මහාරාජ; එතරහි ජම‍්බුදීපො කාසාවපජ‍්ජොතො ඉසිවාතපටිවාතො. තස‍්මිං –

රජු සතුටු වියයුතු කතා කරන කල්හිම ඒ සතළිස්දහසක් පුරුෂයෝ එහි අවුත් රජු පිරිවරා ගත්හ. එකල්හි මහාස්ථවිරයන් වහන්සේ රජුට අනික් සදෙනාද දැක්වූහ. රජතෙමේ ඔවුන් දැක ‘මොවුහු කවදා ආවාහුදැ’යි ඇසිය. ‘මහරජ! මා සමගමැ’යි වදාළවිට ‘ස්වාමීනි! දැන් දඹදිව මෙබඳු ශ්‍රමණයෝ තවත් වෙත්දැ’යි ඇසීය. ‘මහරජ! ඇත්තාහ, දැන් මේ කාලයෙහි දඹදිව කසාවතින් බබලන්නේය, භික්‍ෂූන් වෙතින් හමන වාතප්‍රතිවාත ඇත්තේය,

“තෙවිජ‍්ජා ඉද‍්ධිපත‍්තා ච, චෙතොපරියායකොවිදා; ඛීණාසවා අරහන‍්තො, බහූ බුද‍්ධස‍්ස සාවකාති.

එහි ත්‍රිවිද්‍යා ඇත්තාවූ සෘද්ධිවිධඥානයට පැමිණි පරා පිළිබඳ සිත්හසර දැනීමෙහි දක්‍ෂ වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්වූ බුද්ධ ශ්‍රාවකයෝ බොහෝය’යි වදාළ සේක.

“භන‍්තෙ, කෙන ආගතත්‍ථා”ති? “නෙව, මහාරාජ, උදකෙන න ථලෙනා”ති. “රාජා ආකාසෙන ආගතා”ති අඤ‍්ඤාසි. ථෙරො “අත්‍ථි නු ඛො රඤ‍්ඤො පඤ‍්ඤාවෙයත‍්තිය”න‍්ති වීමංසනත්‍ථාය ආසන‍්නං අම‍්බරුක‍්ඛං ආරබ‍්භ පඤ‍්හං පුච‍්ඡි – “කිං නාමො අයං, මහාරාජ, රුක‍්ඛො”ති? “අම‍්බරුක‍්ඛො නාම, භන‍්තෙ”ති. “ඉමං පන, මහාරාජ, අම‍්බං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤො අම‍්බො අත්‍ථි, නත්‍ථී”ති? “අත්‍ථි, භන‍්තෙ, අඤ‍්ඤෙපි බහූ අම‍්බරුක‍්ඛා”ති. “ඉමඤ‍්ච අම‍්බං තෙ ච අම‍්බෙ මුඤ‍්චිත්‍වා අත්‍ථි නු ඛො, මහාරාජ, අඤ‍්ඤෙ රුක‍්ඛා”ති? “අත්‍ථි, භන‍්තෙ, තෙ පන න අම‍්බරුක‍්ඛා”ති. “අඤ‍්ඤෙ අම‍්බෙ ච අනම‍්බෙ ච මුඤ‍්චිත්‍වා අත්‍ථි පන අඤ‍්ඤො රුක‍්ඛො”ති? “අයමෙව, භන‍්තෙ, අම‍්බරුක‍්ඛො”ති. “සාධු, මහාරාජ, පණ‍්ඩිතොසි. අත්‍ථි පන තෙ, මහාරාජ, ඤාතකා”ති? “අත්‍ථි, භන‍්තෙ, බහූ ජනා”ති. “තෙ මුඤ‍්චිත්‍වා අඤ‍්ඤෙ කෙචි අඤ‍්ඤාතකාපි අත්‍ථි, මහාරාජා”ති? “අඤ‍්ඤාතකා, භන‍්තෙ, ඤාතකෙහි බහුතරා”ති. “තව ඤාතකෙ ච අඤ‍්ඤාතකෙ ච මුඤ‍්චිත්‍වා අත්‍ථඤ‍්ඤො කොචි, මහාරාජා”ති ? “අහමෙව, අඤ‍්ඤාතකො”ති. අථ ථෙරො “පණ‍්ඩිතො රාජා සක‍්ඛිස‍්සති ධම‍්මං අඤ‍්ඤාතු”න‍්ති චූළහත්‍ථිපදොපමසුත‍්තං කථෙසි. කථාපරියොසානෙ රාජා තීසු සරණෙසු පතිට‍්ඨහි සද‍්ධිං චත‍්තාලීසාය පාණසහස‍්සෙහි.

‘ස්වාමීනි! ඔබවහන්සේලා කුමකින් වැඩියහුදැ’යි විචාළ කල්හි ‘මහරජ! දියෙන් නොම ආයෙමු, ගොඩින් නොම ආයෙමු’යි වදාළ සේක. එකල්හි රජතෙමේ ‘උන්වහන්සේලා අහසින් වැඩියාහ’යි දැනගත්තේය. ඉක්බිති මහාස්ථවිරයන් වහන්සේ ප්‍රඥාව පිළිබඳ ව්‍යක්තභාවයක් රජුට ඇත්තේදැ’යි විමසනු පිණිස අසල තුබූ අඹරුකක් ඇරැබ ‘මහරජ! මේ රුක කිනම්දැ’යි ඇසූහ. ‘ස්වාමීනි! මේ අඹරුක නමැ’යි කීය. ‘මහරජ! මේ රුක හැර අන් අඹරුකක් ඇත්තේද; නැත්තේදැ’යි ඇසූහ. ‘ස්වාමීනි! අන්‍යවූද බොහෝ අඹරුක් ඇතැ’යි එයට පිළිතුරු දුන්කල්හි ‘මහරජ! මේ අඹරුකද ඒ අඹරුක්ද හැර අන් රුක් ඇත්තේදැ’යි විචාළ සේක. ‘ස්වාමීනි! ඇත්තේය, ඒ අඹරුක් නොවේය’යි කියූ කල්හි ‘මහරජ! ඒ අන් අඹරුක්ද ඒ නොඅඹරුක්ද හැර අන්රුකක් ඇත්තේදැ’යි ඇසූහ. ‘ස්වාමීනි! මේ අඹරුකැ’යි රජතෙමේ පිළිතුරු දුන්නේය. එකල්හි ‘මැනවි, මහරජ! ඔබ පණ්ඩිතවහු’යි වදාළ සේක. නැවත ‘මහරජ! ඔබට නෑයෝ ඇත්තාහුදැ’යි ඇසූහ. බොහෝදෙනෙක් ඇතැ’යි කියූකල්හි ‘මහරජ! ඒ නෑයන් හැර නොනෑවූ අන්කිසි කෙනෙක් ඇත්තාහුදැ’යි ඇසූහ. ’ස්වාමීනි! නෑයන්ට වඩා නොනෑයෝම ඉතා බොහෝ වෙති’යි කීය. එකල්හි මහරජ! ඔබගේ ඒ නෑයන්ද නොනෑයන්ද හැර අන්කිසිවෙක් ඇත්තේදැ’යි ඇසූහ. ‘ස්වාමීනි! ඒ මමමැ’යි කීයේය. ‘මැනවි, මහරජ! තෙමේ තමාගේ නෑයෙක් නොවේමය, නොනෑයෙක්ද නොවේමය’යි වදාරා මහාස්ථවිරයන් වහන්සේ ‘රජතෙමේ පණ්ඩිතය, ධර්‍මය දැනගන්නට හැකිවන්නේය’යි රජහට චූලහත්‍ථිපදොපම සූත්‍රය වදාළ සේක. ධර්‍මකථාවසානයෙහි රජතෙමේ සතළිදහස් පිරිවර ජනයා සමග තුන්සරණයෙහි පිහිටියේය.

තං ඛණඤ‍්ඤෙව ච රඤ‍්ඤො භත‍්තං ආහරියිත්‍ථ . රාජා ච සුත‍්තන‍්තං සුණන‍්තො එව අඤ‍්ඤාසි – “න ඉමෙසං ඉමස‍්මිං කාලෙ භොජනං කප‍්පතී”ති. “අපුච‍්ඡිත්‍වා පන භුඤ‍්ජිතුං අයුත‍්ත”න‍්ති චින‍්තෙත්‍වා “භුඤ‍්ජිස‍්සථ, භන‍්තෙ”ති පුච‍්ඡි. “න, මහාරාජ, අම‍්හාකං ඉමස‍්මිං කාලෙ භොජනං කප‍්පතී”ති. “කස‍්මිං කාලෙ, භන‍්තෙ, කප‍්පතී”ති? “අරුණුග‍්ගමනතො පට‍්ඨාය යාව මජ‍්ඣන‍්හිකසමයා, මහාරාජා”ති. “ගච‍්ඡාම, භන‍්තෙ, නගර”න‍්ති? “අලං, මහාරාජ, ඉධෙව වසිස‍්සාමා”ති. “සචෙ, භන‍්තෙ, තුම‍්හෙ වසථ, අයං දාරකො ආගච‍්ඡතූ”ති. “මහාරාජ, අයං දාරකො ආගතඵලො විඤ‍්ඤාතසාසනො පබ‍්බජ‍්ජාපෙක‍්ඛො ඉදානි පබ‍්බජිස‍්සතී”ති. රාජා “තෙන හි, භන‍්තෙ, ස‍්වෙ රථං පෙසෙස‍්සාමි; තං අභිරුහිත්‍වා ආගච‍්ඡෙය්‍යාථා”ති වත්‍වා වන්‍දිත්‍වා පක‍්කාමි.

ඒ වේලෙහිම රජුට බත් එළවනු ලැබීය. රජතෙමේ සූත්‍රාන්තය අසන්නේ ‘මුන්වහන්සේට මෙකල්හි වැළඳීම නොසුදුසුය’යි දැනගත්තේද, නොවිචාරා වැළඳීම අයුතුය’යි සිතා ‘ස්වාමීනි! වළඳන්නහුදැ’යි විචාළේය. ‘මහරජ! මේ කාලයෙහි බොජුන් ගැනීම අපට කැප නොවේය’යි වදාළ කල්හි ‘ස්වාමීනි! කවර වේලාවක ඒ සුදුසුදැ’යි ඇසීය. ‘මහරජ! අරුණ නැගි තැන්පටන් මද්ධ්‍යාහ්න කාලය දක්වා කැපය’යි වදාළ සේක. නැවත රජතෙමේ ‘ස්වාමීනි! නුවරට යමු’යි කීයේය. ‘මහරජ! කම් නැත, අපි මෙහිම වසන්නෙමු’යි කීහ. ‘ඉදින් ස්වාමීනි! ඔබවහන්සේ මෙහි වසන්නහුනම් මේ දරු ඒවා, ‘මහරජ! මේ දරු පැමිණි අනාගාමීඵල ඇත්තේය, දන්නාලද ශාස්තෲ ශාසනය ඇත්තේය, පැවිද්ද බලාපොරොත්තු වේ, දැන් පැවිදිවන්නේය’යි වදාළ සේක. ‘ස්වාමීනි! එසේනම් හෙට රිය එවන්නෙමි, එයට නැග වඩිනු මැනව’යි කියා වැඳ නික්ම ගියේය.

ථෙරො අචිරපක‍්කන‍්තස‍්ස රඤ‍්ඤො සුමනසාමණෙරං ආමන‍්තෙසි – “එහි ත්‍වං, සුමන, ධම‍්මසවනස‍්ස කාලං ඝොසෙහී”ති. “භන‍්තෙ, කිත‍්තකං ඨානං සාවෙන‍්තො ඝොසෙමී”ති? “සකලං තම‍්බපණ‍්ණිදීප”න‍්ති. “සාධු, භන‍්තෙ”ති සාමණෙරො අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානං සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය අධිට‍්ඨහිත්‍වා සමාහිතෙන චිත‍්තෙන සකලං තම‍්බපණ‍්ණිදීපං සාවෙන‍්තො තික‍්ඛත‍්තුං ධම‍්මසවනස‍්ස කාලං ඝොසෙසි. රාජා තං සද‍්දං සුත්‍වා ථෙරානං සන‍්තිකං පෙසෙසි – “කිං, භන‍්තෙ, අත්‍ථි කොචි උපද‍්දවො”ති. “නත්‍ථම‍්හාකං කොචි උපද‍්දවො, ධම‍්මසවනස‍්ස කාලං ඝොසාපයිම‍්හ බුද‍්ධවචනං කථෙතුකාමම‍්හා”ති .

රජු පෙරළා ගිය නොබෝ වේලාවකදී මහාස්ථවිරයන් වහන්සේ ‘සුමන! මෙහි එව, ධර්‍මශ්‍රවණය පිණිස කල් දන්වාලව’යි සුමන සාමණේරයන් ඇමතූහ. ‘ස්වාමීනි! කොතෙක් දුරට අස්වන නම්, ඝෝෂාකරම්දැ’යි ඇසූ කල්හි ‘සියලු තාම්‍රපර්‍ණයටැ’යි කීහ. ‘ස්වාමීනි! යහපතැ’යි සාමණේර තෙමේ අභිඥාපාදක චතුර්‍ත්‍ථද්ධ්‍යානයට සමවැද එයින් නැගිට ඉටා එකඟ වූ සිතින් සියලු තාම්‍රපර්‍ණයට අස්වමින් තෙවරක් ධර්‍මශ්‍රවණයට කාලඝෝෂා කළේය. රජතෙමේ එහඬ අසා ‘ස්වාමීනි! කිසි උවදුරක් වේදැ’යි සොයා බැලීමට මහතෙරුන් වෙතට රාජපුරුෂයන් යැවූයේය. උන්වහන්සේ ‘අපට කිසි උවදුරක් නැත්තේය, ධර්‍මශ්‍රවණයට කාලඝෝෂා කරවුම්හ. බුදුදහම් කියාදෙනු කැමැත්තම්හ’යි ඔවුනට වදාළ සේක.

තඤ‍්ච පන සාමණෙරස‍්ස සද‍්දං සුත්‍වා භුම‍්මා දෙවතා සද‍්දමනුස‍්සාවෙසුං. එතෙනුපායෙන යාව බ්‍රහ‍්මලොකා සද‍්දො අබ‍්භුග‍්ගච‍්ඡි. තෙන සද‍්දෙන මහා දෙවතාසන‍්නිපාතො අහොසි. ථෙරො මහන‍්තං දෙවතාසන‍්නිපාතං දිස‍්වා සමචිත‍්තසුත‍්තන‍්තං කථෙසි. කථාපරියොසානෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානං දෙවතානං ධම‍්මාභිසමයො අහොසි. බහූ නාගා ච සුපණ‍්ණා ච සරණෙසු පතිට‍්ඨහිංසු. යාදිසොව සාරිපුත‍්තත්‍ථෙරස‍්ස ඉමං සුත‍්තන‍්තං කථයතො දෙවතාසන‍්නිපාතො අහොසි, තාදිසො මහින්‍දත්‍ථෙරස‍්සාපි ජාතො. අථ තස‍්සා රත‍්තියා අච‍්චයෙන රාජා ථෙරානං රථං පෙසෙසි. සාරථී රථං එකමන‍්තෙ ඨපෙත්‍වා ථෙරානං ආරොචෙසි – “ආගතො, භන‍්තෙ, රථො; අභිරුහථ ගච‍්ඡිස‍්සාමා”ති. ථෙරා “න මයං රථං අභිරුහාම; ගච‍්ඡ ත්‍වං, පච‍්ඡා මයං ආගච‍්ඡිස‍්සාමා”ති වත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා අනුරාධපුරස‍්ස පුරත්‍ථිමදිසායං පඨමකචෙතියට‍්ඨානෙ ඔතරිංසු. තඤ‍්හි චෙතියං ථෙරෙහි පඨමං ඔතිණ‍්ණට‍්ඨානෙ කතත‍්තායෙව “පඨමකචෙතිය”න‍්ති වුච‍්චති.

සුමන සාමණේරයන්ගේ ඒ කාලඝොෂය අසා බූමාටු දෙවියෝ ශබ්ද ඇස්වූහ. මේ ක්‍රමයෙන් බඹලොව තෙක් ශබ්දය උස්ව පැන නැගී ගියේය. ඒ ශබ්දයෙන් මහත්වූ දේවතා සන්නිපාතය වූයේය. මහාස්ථවිරයන් වහන්සේ මහත්වූ ඒ දේවතා සන්නිපාතය දැක එහිදී සමචිත්ත සූත්‍රාන්තය දෙසූ සේක. දේශනාවසානයෙහි සඞ්ඛ්‍යා නොකට හැකිවූ දෙවියන්ට ධර්‍මාවබෝධය වූයේය. බොහෝ නාගයෝද, ගරුඩයෝද තිසරණයෙහි පිහිටියහ. ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන කල්හි යම්බඳුවූම දෙවතා සන්නිපාතයක් වූයේද, මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේටද එබඳුම වූ දෙවතා සන්නිපාතයක් වූයේය. ඉක්බිති රජතෙමේ ඒ රැය ගෙවීයෑමෙන් පසු මහතෙරුන් වෙතට රිය යැවීය. රියැදුරුතෙමේ රිය ගෙනගොස් පසෙක තබා මහතෙරුන්ට ‘ස්වාමීනි! රිය ගෙන එන ලද්දේය, යන්නෙමු, රියට නගිනු මැනව’යි දන්වා සිටියේය. ස්ථවිරයන් වහන්සේ ‘අපි රියට නොනගිමු, ඔබ යවු, අපි පසුව එන්නෙමු’යි කියා අහසට නැගී අනුරාධපුරයෙහි පූර්‍වදිශාවෙහි ප්‍රථමක චෛත්‍යස්ථානයෙහි බැසගත්හ. ඒ චෛත්‍යය මහතෙරුන් පළමු බටතැන කළබැවින්ම ‘ප්‍රථමකචෛත්‍ය’යි කියනු ලැබේ.

රාජාපි සාරථිං පෙසෙත්‍වා “අන‍්තොනිවෙසනෙ මණ‍්ඩපං පටියාදෙථා”ති අමච‍්චෙ ආණාපෙසි. තාවදෙව සබ‍්බෙ හට‍්ඨතුට‍්ඨා අතිවිය පාසාදිකං මණ‍්ඩපං පටියාදෙසුං. පුන රාජා චින‍්තෙසි – “හිය්‍යො ථෙරො සීලක‍්ඛන්‍ධං කථයමානො ‘උච‍්චාසයනමහාසයනං න කප‍්පතී’ති ආහ; ‘නිසීදිස‍්සන‍්ති නු ඛො අය්‍යා ආසනෙසු, න නිසීදිස‍්සන‍්තී’”ති? තස‍්සෙවං චින‍්තයන‍්තස‍්සෙව සො සාරථි නගරද‍්වාරං සම‍්පත‍්තො. තතො අද‍්දස ථෙරෙ පඨමතරං ආගන‍්ත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා චීවරං පාරුපන‍්තෙ. දිස‍්වා අතිවිය පසන‍්නචිත‍්තො හුත්‍වා ආගන‍්ත්‍වා රඤ‍්ඤො ආරොචෙසි – “ආගතා, දෙව, ථෙරා”ති. රාජා “රථං ආරූළ‍්හා”ති පුච‍්ඡි. “න ආරූළ‍්හා, දෙව, අපි ච මම පච‍්ඡතො නික‍්ඛමිත්‍වා පඨමතරං ආගන‍්ත්‍වා පාචීනද‍්වාරෙ ඨිතා”ති. රාජා “රථම‍්පි නාභිරූහිංසූ”ති සුත්‍වා “න දානි අය්‍යා උච‍්චාසයනමහාසයනං සාදියිස‍්සන‍්තී”ති චින‍්තෙත්‍වා “තෙන හි, භණෙ, ථෙරානං භූමත්‍ථරණසඞ‍්ඛෙපෙන ආසනානි පඤ‍්ඤපෙථා”ති වත්‍වා පටිපථං අගමාසි. අමච‍්චා පථවියං තට‍්ටිකං පඤ‍්ඤපෙත්‍වා උපරි කොජවකාදීනි චිත‍්තත්‍ථරණානි පඤ‍්ඤපෙසුං. උප‍්පාතපාඨකා දිස‍්වා “ගහිතා දානි ඉමෙහි පථවී, ඉමෙ තම‍්බපණ‍්ණිදීපස‍්ස සාමිකා භවිස‍්සන‍්තී”ති බ්‍යාකරිංසු. රාජාපි ගන‍්ත්‍වා ථෙරෙ වන්‍දිත්‍වා මහින්‍දත්‍ථෙරස‍්ස හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා මහතියා පූජාය ච සක‍්කාරෙන ච ථෙරෙ නගරං පවෙසෙත්‍වා අන‍්තොනිවෙසනං පවෙසෙසි.

රජතෙමේද රියැදුරු යවා ‘ඇතුළු නිවෙස්නෙහි මණ්ඩපයක් පිළියෙල කරවු’යි ඇමතියන්ට අණ කෙළේය. එකෙණෙහිම සියල්ලෝ තුටු පහටුව අතිශය ප්‍රසාදාවහවූ මණ්ඩපයක් පිළියෙල කළහ. නැවත රජතෙමේ ‘ඊයේ මහාස්ථවිරයන් වහන්සේ ශීලස්කන්‍ධය වදාරන සේක් උසසුන් මහසුන් අකැපය’යි වදාළ සේක. ආර්‍ය්‍යයන් වහන්සේලා අසුන්හි හිඳින්නාහුද නොහිඳින්නාහුදැ’යි සිතුයේය. රජු මෙසේ සිතත්ම ඒ රියැදුරු නුවර දොරට පැමිණියේය. තමාට ඉතා පෙරාතුව අවුත් කාබාන බැඳ සිවුරු පොරවන මහතෙරුන් දුටුයේය. දැක තදින් පහන්වූ සිත්ඇති රියැදුරු අවුත් ‘දෙවයන් වහන්ස! මහාස්ථවිරයන් වහන්සේ වැඩම කළහ’යි රජුට සැලකර සිටියේය. එහිදී රජතෙමේ ‘උන්වහන්සේ රියට නැංගාහුදැ’යි විචාළේය. ‘දෙවයන් වහන්ස! නොනැංගාහ, එහෙත් මට පසුව එතැනින් පිටත්ව මා මෙහි ඊමට ඉතා පෙරාතුව අවුත් පැදුම්දොර සිටියාහ’යි කීය. රජතෙමේ ‘මහතෙරහු රියට නොනැංගාහ’යි අසා ‘ආර්‍ය්‍යයන් වහන්සේ දැන් උසසුන් මහසුන් නොඉවසන්නාහ’යි සිතා ‘සඟයෙනි! එසේනම් මහතෙරුන්ට බුමුතුරුණු අයුරින් අසුන් පණවාලව’යි නියමකොට පෙරමඟට ගියේය. ඇමතියෝ බිම තල්පතින් කළ තටු පණවා ඒ මතුවෙහි කොඳුපලස් ආදීවූ විසිතුරු ඇතිරිලි ඇතුරූහ. භූමිකම්පානාදිය කියාපාන විද්‍යාඥයෝ ඒ දැක ‘දැන් මොවුන් විසින් පොළොව ගන්නා ලදය, මොවුහු තාම්‍රපර්‍ණයෙහි ඊශ්වර වන්නාහ’යි කියාපෑහ. රජතෙමේද ඉදිරියට ගොස් මහතෙරුන් වැඳ මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේගේ අතින් පාත්‍රය ගෙන මහත් වූ පූජාවෙන්ද මහත් වූ සත්කාරයෙන්ද යුක්තව මහතෙරුන් නුවරට වැඩමකරවා අනතුරුව ඇතුල් නිවෙස්නට වැඩම කරවීය.

ථෙරො ආසනපඤ‍්ඤත‍්තිං දිස‍්වා “අම‍්හාකං සාසනං සකලලඞ‍්කාදීපෙ පථවී විය පත්‍ථටං නිච‍්චලඤ‍්ච හුත්‍වා පතිට‍්ඨහිස‍්සතී”ති චින‍්තෙන‍්තො නිසීදි. රාජා ථෙරෙ පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්‍ථා සන‍්තප‍්පෙත්‍වා සම‍්පවාරෙත්‍වා “අනුළාදෙවීපමුඛානි පඤ‍්ච ඉත්‍ථිසතානි ථෙරානං අභිවාදනං පූජාසක‍්කාරඤ‍්ච කරොන‍්තූ”ති පක‍්කොසාපෙත්‍වා එකමන‍්තං නිසීදි. ථෙරො භත‍්තකිච‍්චාවසානෙ රඤ‍්ඤො සපරිජනස‍්ස ධම‍්මරතනවස‍්සං වස‍්සෙන‍්තො පෙතවත්‍ථුං විමානවත්‍ථුං සච‍්චසංයුත‍්තඤ‍්ච කථෙසි. තං ථෙරස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා තානි පඤ‍්චපි ඉත්‍ථිසතානි සොතාපත‍්තිඵලං සච‍්ඡාකංසු.

මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ අසුන් පැනවීම දැක ‘අපගේ ශාසනය මුළු ලක්දිව පොළොව මෙන් පැතිර නිසලවම පිහිටා ගත්තේය’යි සිතමින් වැඩහුන් සේක. රජතෙමේ මහතෙරුන් ප්‍රණීත වූ කෑයුතු දැයින් හා බිදියයුතු දැයින් සියතින් සතප්වා මොනවට පවරා ‘අනුලා දේවිය ප්‍රමුඛ වූ පන්සියයක් ස්ත්‍රීහු මහතෙරුන්ට වැඳුම්පිදුම් සත්කාර කෙරෙත්වා’යි උන් කැඳවා එකත්පසෙක හුන්නේය. මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ බත්කිස අවසන්හි පිරිවරදෙනා සහිත වූ රජුට දම්රුවන් වැසිවස්වන සේක් ප්‍රෙතවස්තුව හා විමානවස්තුවද, සත්‍යසංයුක්තයද වදාළ සේක. මහාස්ථවිරයන් වහන්සේගේ ඒ ධර්‍මදේශනාව අසා ඒ පන්සියයක් ස්ත්‍රීහු සොතාපත්ති ඵලය ප්‍රත්‍යක්‍ෂ කළහ.

යෙපි තෙ මනුස‍්සා පුරිමදිවසෙ මිස‍්සකපබ‍්බතෙ ථෙරෙ අද‍්දසංසු, තෙ තෙසු තෙසු ඨානෙසු ථෙරානං ගුණෙ කථෙන‍්ති. තෙසං සුත්‍වා මහාජනකායො රාජඞ‍්ගණෙ සන‍්නිපතිත්‍වා මහාසද‍්දං අකාසි. රාජා “කිං එසො සද‍්දො”ති පුච‍්ඡි. “නාගරා, දෙව, ‘ථෙරෙ දට‍්ඨුං න ලභාමා’ති විරවන‍්තී”ති. රාජා “සචෙ ඉධ පවිසිස‍්සන‍්ති, ඔකාසො න භවිස‍්සතී”ති චින‍්තෙත්‍වා “ගච‍්ඡථ, භණෙ, හත්‍ථිසාලං පටිජග‍්ගිත්‍වා වාලුකං ආකිරිත්‍වා පඤ‍්චවණ‍්ණානි පුප‍්ඵානි විකිරිත්‍වා චෙලවිතානං බන්‍ධිත්‍වා මඞ‍්ගලහත්‍ථිට‍්ඨානෙ ථෙරානං ආසනානි පඤ‍්ඤපෙථා”ති ආහ. අමච‍්චා තථා අකංසු. ථෙරො තත්‍ථ ගන‍්ත්‍වා නිසීදිත්‍වා දෙවදූතසුත‍්තන‍්තං කථෙසි. කථාපරියොසානෙ පාණසහස‍්සං සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨහි. තතො “හත්‍ථිසාලා අතිසම‍්බාධා”ති දක‍්ඛිණද‍්වාරෙ නන්‍දනවනුය්‍යානෙ ආසනං පඤ‍්ඤපෙසුං. ථෙරො තත්‍ථ නිසීදිත්‍වා ආසීවිසොපමසුත‍්තං කථෙසි. තම‍්පි සුත්‍වා පාණසහස‍්සං සොතාපත‍්තිඵලං පටිලභි.

යම් ඒ මිනිස් කෙනෙක් පළමු දිනයෙහි මිශ්‍රක පර්‍වතයෙහිදී මහතෙරුන් දුටුවාහුද, ඔවුහු ඒ ඒ තන්හි මහතෙරුන්ගේ ගුණ කියත්. ඔවුන් කියන ගුණකථාව අසා මහජන සමූහයා රජගෙදොර මිදුලෙහි රැස්ව මහා හඬ නැගුයේය. රජතෙමේ ඒ අසා ‘මේ හඬ කිමැ’යි විචාළේය. ‘දෙවියන් වහන්ස! නුවර වැස්සෝ මහතෙරුන් දක්නට නොලබමු’යි හඬ නගති’යි කීහ. ‘ඉදින් ඔවුහු මෙහි පිවිසෙන්නාහු නම් ඉඩපහසු නැතිව යන්නේය’යි සිතා රජතෙමේ ‘සගයෙනි! ඇත්හල පිළිදැග වැලි අතුරා පස්පැහැති මල් විසුරුවා සෙල්වියන් බැඳ මඟුල් ඇතු සිටින තැන මහතෙරුන්ට අසුන් පනවාලව’යි ඇමතියන්ට අණ කෙළේය. ඇමතියෝ එසේ කළහ. මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ එහි වැඩමවා වැඩ හිඳ දෙවදූත සූත්‍රාන්තය දෙසූ සේක. ධර්‍මකථාවසානයෙහි ප්‍රාණීන් දහසක් සෝතාපත්ති ඵලයෙහි පිහිටියේය. ඉක්බිති ඇත්හල අතිසම්බාධ යයි දකුණු දොර නන්‍දන වනොද්‍යානයෙහි අසුන් පැනවූහ. මහාස්ථවිරයන් වහන්සේ එහි වැඩහිද ආශුවිෂොපම සූත්‍රය දෙසූ සේක. එයද අසා ප්‍රාණීන් දහසක් සොතාපත්ති ඵලය පිළිලැබීය.

එවං ආගතදිවසතො දුතියදිවසෙ අඩ‍්ඪතෙය්‍යසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. ථෙරස‍්ස නන්‍දනවනෙ ආගතාගතාහි කුලිත්‍ථීහි කුලසුණ‍්හාහි කුලකුමාරීහි සද‍්ධිං සම‍්මොදමානස‍්සෙව සායන‍්හසමයො ජාතො. ථෙරො කාලං සල‍්ලක‍්ඛෙත්‍වා “ගච‍්ඡාම දානි මිස‍්සකපබ‍්බත”න‍්ති උට‍්ඨහි. අමච‍්චා – “කත්‍ථ, භන‍්තෙ, ගච‍්ඡථා”ති? “අම‍්හාකං නිවාසනට‍්ඨාන”න‍්ති. තෙ රඤ‍්ඤො සංවිදිතං කත්‍වා රාජානුමතෙන ආහංසු – “අකාලො, භන‍්තෙ, ඉදානි තත්‍ථ ගන‍්තුං; ඉදමෙව නන්‍දනවනුය්‍යානං අය්‍යානං ආවාසට‍්ඨානං හොතූ”ති. “අලං, ගච‍්ඡාමා”ති. පුන රඤ‍්ඤො වචනෙනාහංසු – “රාජා, භන‍්තෙ, ආහ – ‘එතං මෙඝවනං නාම උය්‍යානං මම පිතු සන‍්තකං නගරතො නාතිදූරං නාච‍්චාසන‍්නං ගමනාගමනසම‍්පන‍්නං, එත්‍ථ ථෙරා වාසං කප‍්පෙන‍්තූ’”ති. වසිංසු ථෙරා මෙඝවනෙ උය්‍යානෙ.

මෙසේ මෙහි වැඩමකළ දවසින් දෙවන දවසෙහි දෙදහස් පන්සියයක් දෙනාහට ධර්‍මාවබෝධය වූයේය. එහි ආ කුලස්ත්‍රීන් කුලයෙහෙළින් කුලකුමාරීන් සමග සතුටු වියයුතු දැහැමි කතාවෙහි යෙදීසිටි මහාස්ථවිරයන් වහන්සේට නන්‍දන වනයෙහිදීම සවස් වූයේය. උන්වහන්සේ කාලය ගැන සලකා ‘දැන් මිශ්‍රක පර්‍වතයට යමු’යි නැගී සිටියහ. එකල්හි ඇමතියෝ ‘ස්වාමීනි! කොතැන වඩින්නහුදැ’යි ඇසූහ. ‘අපගේ වාසස්ථානයටැ’යි උන්වහන්සේ කීහ. ඇමතියෝ රජුට දන්වා රජුගේ අනුමතියෙන් ‘ස්වාමීනි! එහි වඩින්නට දැන් කාලය නොවේ, මේ නදුන්වන උයනම ආර්‍ය්‍යයන් වහන්සේලාට වාසස්ථානය වේවා’යි දන්වා සිටියහ. එකල්හි ‘කම් නැත යමු’යි කීහ. නැවත රජුගේ වචනයෙන් ‘ස්වාමීනි! රජු මෙසේ කීයේය: මේ මෙඝවන නම් උයන මාගේ පිය සතුය, නුවරට ඉතා දුර නොවේ, ඉතා සමීපද නොවේ, යෑමට ඊමට පහසුය, මහාස්ථවිරයන් වහන්සේලා මෙහි වාසය කරත්වා’යි කීහ. එකල්හි මහාස්ථවිරයන් වහන්සේලා මෙඝවන උයනෙහි විසූහ.

රාජාපි ඛො තස‍්සා රත‍්තියා අච‍්චයෙන ථෙරස‍්ස සමීපං ගන‍්ත්‍වා සුඛසයිතභාවං පුච‍්ඡිත්‍වා “කප‍්පති, භන‍්තෙ, භික‍්ඛුසඞ‍්ඝස‍්ස ආරාමො”ති පුච‍්ඡි. ථෙරො “කප‍්පති, මහාරාජා”ති වත්‍වා ඉමං සුත‍්තං ආහරි – “අනුජානාමි, භික‍්ඛවෙ, ආරාම”න‍්ති. රාජා තුට‍්ඨො සුවණ‍්ණභිඞ‍්ගාරං ගහෙත්‍වා ථෙරස‍්ස හත්‍ථෙ උදකං පාතෙත්‍වා මහාමෙඝවනුය්‍යානං අදාසි. සහ උදකපාතෙන පථවී කම‍්පි. අයං මහාවිහාරෙ පඨමො පථවීකම‍්පො අහොසි. රාජා භීතො ථෙරං පුච‍්ඡි – “කස‍්මා, භන‍්තෙ, පථවී කම‍්පතී”ති? “මා භායි, මහාරාජ, ඉමස‍්මිං දීපෙ දසබලස‍්ස සාසනං පතිට‍්ඨහිස‍්සති; ඉදඤ‍්ච පඨමං විහාරට‍්ඨානං භවිස‍්සති, තස‍්සෙතං පුබ‍්බනිමිත‍්ත”න‍්ති. රාජා භිය්‍යොසොමත‍්තාය පසීදි. ථෙරො පුනදිවසෙපි රාජගෙහෙයෙව භුඤ‍්ජිත්‍වා නන්‍දනවනෙ අනමතග‍්ගියානි කථෙසි. පුනදිවසෙ අග‍්ගික‍්ඛන්‍ධොපමසුත‍්තං කථෙසි. එතෙනෙවුපායෙන සත‍්ත දිවසානි කථෙසි. දෙසනාපරියොසානෙ අඩ‍්ඪනවමානං පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. තතො පට‍්ඨාය ච නන්‍දනවනං සාසනස‍්ස ජොතිපාතුභාවට‍්ඨානන‍්ති කත්‍වා “ජොතිවන”න‍්ති නාමං ලභි. සත‍්තමෙ පන දිවසෙ ථෙරා අන‍්තෙපුරෙ රඤ‍්ඤො අප‍්පමාදසුත‍්තං කථයිත්‍වා චෙතියගිරිමෙව අගමංසු.

රජතුමාද ඒ රැය ගෙවී ගිය පසු මහතෙරුන් වෙත ගොස් ‘කිම, ස්වාමීනි! මෙහි සුවසේ හොත්තහුද, ඔබවහන්සේලාට මේ නිවස සැපද යන සුඛසහිතභාවය විචාරා ‘ස්වාමීනි! භික්‍ෂු සඞ්ඝයා හට ආරාමය කැපවේදැ’යි විචාළේය. මහාස්ථවිරයන් වහන්සේ ‘කැපය, මහරජ’යි වදාරා ‘අනුජානාමි භික්‍‍‍ඛවෙ ආරාමං’ යන මේ සූත්‍රය වදාළ සේක. රජතෙමේ තුටුවූයේ රන් කෙණ්ඩිය ගෙන මහතෙරුන්ගේ අතෙහි පැන් වත්කොට මහා මේඝවන උයන පිදුයේය. පැන් වැටීම සමග පොළොව සැලුනීය. මේ වනාහි මහා විහාරයෙහිවූ ප්‍රථම පෘථිවි කම්පනයයි. මේ පෘථිවි කම්පනයෙන් බියටපත් රජ ‘ස්වාමීනි! කුමක් හෙයින් පොළොව සැලුනීදැ’යි ඇසීය. ‘මහරජ! බිය නොවව, මේ දිවයිනෙහි බුදුරජාණන් වහන්සේගේ සසුන පිහිටන්නේය, මෙතැන ප්‍රථම විහාරස්ථානය වන්නේය, මේ එයට පෙරනිමිති’යි වදාළ සේක. රජතෙමේ බෙහෙවින් පහන් වූයේය. මහාස්ථවිරයන් වහන්සේ පසුදාද රජගෙයිම වළඳා නන්‍දන වනයෙහිදී අනමතග්ගියසංයුත්තය වදාළ සේක. එයට පසුදා අග්ගික්‍ඛන්‍ධොපම සූත්‍රය දෙසූ සේක. ඒ ක්‍රමයෙන්ම සත්දවසක් දහම් දෙසූහ. ධර්‍මදේශනාවසානයෙහි අටදහස් පන්සියයක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වූයේය. එතැන් පටන් නන්‍දන වනය සසුනට ආලෝකය පහළවන තැනැයි ස්ථිරකොට ජොතිය වනය යන නම ලැබීය. සත්වන දිනයෙහි මහාස්ථවිරයන් වහන්සේලා ඇතුළු නුවරදී රජුට අප්පමාද සූත්‍රය වදාරා සෑගිරියටම වැඩිය සේක.

අථ ඛො රාජා අමච‍්චෙ පුච‍්ඡි – “ථෙරො, අම‍්හෙ ගාළ‍්හෙන ඔවාදෙන ඔවදති; ගච‍්ඡෙය්‍ය නු ඛො”ති? අමච‍්චා “තුම‍්හෙහි, දෙව, ථෙරො අයාචිතො සයමෙව ආගතො; තස‍්මා තස‍්ස අනාපුච‍්ඡාව ගමනම‍්පි භවෙය්‍යා”ති ආහංසු. තතො රාජා රථං අභිරුහිත්‍වා ද‍්වෙ ච දෙවියො ආරොපෙත්‍වා චෙතියගිරිං අගමාසි මහඤ‍්චරාජානුභාවෙන. ගන‍්ත්‍වා දෙවියො එකමන‍්තං අපක‍්කමාපෙත්‍වා සයමෙව ථෙරානං සමීපං උපසඞ‍්කමන‍්තො අතිවිය කිලන‍්තරූපො හුත්‍වා උපසඞ‍්කමි. තතො නං ථෙරො ආහ – “කස‍්මා ත්‍වං, මහාරාජ, එවං කිලමමානො ආගතො”ති? “‘තුම‍්හෙ මම ගාළ‍්හං ඔවාදං දත්‍වා ඉදානි ගන‍්තුකාමා නු ඛො’ති ජානනත්‍ථං, භන‍්තෙ”ති. “න මයං, මහාරාජ, ගන‍්තුකාමා; අපිච වස‍්සූපනායිකකාලො නාමායං මහාරාජ, තත්‍ර සමණෙන වස‍්සූපනායිකට‍්ඨානං ඤාතුං වට‍්ටතී”ති. තංදිවසමෙව අරිට‍්ඨො නාම අමච‍්චො පඤ‍්චපණ‍්ණාසාය ජෙට‍්ඨකනිට‍්ඨභාතුකෙහි සද‍්ධිං රඤ‍්ඤො සමීපෙ ඨිතො ආහ – “ඉච‍්ඡාමහං, දෙව, ථෙරානං සන‍්තිකෙ පබ‍්බජිතු”න‍්ති. “සාධු, භණෙ, පබ‍්බජස‍්සූ”ති රාජා අනුජානිත්‍වා ථෙරං සම‍්පටිච‍්ඡාපෙසි. ථෙරො තදහෙව පබ‍්බාජෙසි. සබ‍්බෙ ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පාපුණිංසු.

ඉක්බිති රජතෙමේ ‘මහාස්ථවිරයන් වහන්සේ අපට දැඩි අවවාදයෙන් අවවාද කරන සේක, කිම පෙරළා වඩින්නාහුදැ’යි ඇමතියන්ගෙන් විචාළේය. ඇමතියෝ ‘දෙවයන් වහන්ස! මහාස්ථවිරයන් වහන්සේලා දෙවියන් විසින් අනාරාධිතව තුමූම මෙහි වැඩිය සේක. එහෙයින් ඔබවහන්සේ නොවිචාරා ගමනද වන්නේය’යි කීහ. ඉක්බිති රජතුමා රියට නැගී දේවින් දෙදෙනද රියට නංවාගෙන මහත් රාජානුභාවයෙන් සෑගිරියට ගියේය. ගොස් දේවීන් දෙදෙන එකත්පසකට බැහැර කරවා තෙමේම තෙරුන් වෙත එළඹෙනුයේ දැඩිසේ වෙහෙසුනු බව ඇතිව එළඹියේය. ඉක්බිති මහාස්ථවිරයන් වහන්සේ ‘මහරජ! කුමක්හෙයින් ඔබ මෙසේ වෙහෙස විඳ මෙහි ආවහුදැ’යි රජුගෙන් විචාළේය. ‘ස්වාමීනි! මට දැඩිසේ අවවාද දී පෙරළා වඩිනු කැමැත්තහුදැයි දැනගනු පිණිසය’යි කීය. ‘මහරජ! අපි යනු කැමැත්තෝ නොවම්හ, එහෙත් මහරජ! මේ වස් එළඹෙන කාලය වේ, මහණහු විසින් එහි වස් එළඹෙන තැනක් දැනගත යුතුයයි කීහ. එදවසම අරිට්ඨ නම් ඇමති පස්පණසක් දෙටුකනිටුබෑයන් සමග රජුවෙත සිටියේ ‘දෙවයන් වහන්ස! අපි මහතෙරුන් සමීපයෙහි පැවිදිවනු කැමැත්තම්හ’යි කීය. එකෙණෙහි රජතුමා ‘සගයෙනි. පැවිදි වෙවු’යි අනුදැන මහතෙරුන්ට ඔවුන් භාර කෙළේය. මහතෙරුන් වහන්සේ ඔවුන් එදවසම පැවිදි කළහ. සියල්ලෝ කරකම් අවසන්හි රහත්බවට පැමිණියහ.

රාජාපි ඛො තඞ‍්ඛණෙයෙව කණ‍්ටකෙන චෙතියඞ‍්ගණං පරික‍්ඛිපිත්‍වා ද‍්වාසට‍්ඨියා ලෙණෙසු කම‍්මං පට‍්ඨපෙත්‍වා නගරමෙව අගමාසි. තෙපි ථෙරා දසභාතිකසමාකුලං රාජකුලං පසාදෙත්‍වා මහාජනං ඔවදමානා චෙතියගිරිම‍්හි වස‍්සං වසිංසු. තදාපි චෙතියගිරිම‍්හි පඨමං වස‍්සං උපගතා ද‍්වාසට‍්ඨි අරහන‍්තො අහෙසුං.

රජතෙමේද එදවසම කණ්ටක චෛත්‍යාඞ්ගණය වටකොට අටසැටක් ලෙන්හි කර්‍මාන්ත පටන් ගන්වා නුවරටම පිවිසියේය. ඒ මහාස්ථවිරයන් වහන්සේලාද දසබෑයන්ගෙන් යුත් රජකුලය පහදවා මහජනයාට අවවාද කරමින් සෑගිරියෙහිම වස් එළඹියහ. එදා සෑගිරියෙහි පළමු වස එළඹියාහු දෙසැටක් රහතුන් වහන්සේලා වූහ.

අථායස‍්මා මහාමහින්‍දො වුත්‍ථවස‍්සො පවාරෙත්‍වා කත‍්තිකපුණ‍්ණමායං උපොසථදිවසෙ රාජානං එතදවොච – “මහාරාජ, අම‍්හෙහි චිරදිට‍්ඨො සම‍්මාසම‍්බුද‍්ධො, අනාථවාසං වසිම‍්හ, ඉච‍්ඡාම මයං ජම‍්බුදීපං ගන‍්තු”න‍්ති. රාජා ආහ – “අහං, භන‍්තෙ, තුම‍්හෙ චතූහි පච‍්චයෙහි උපට‍්ඨහාමි, අයඤ‍්ච මහාජනො තුම‍්හෙ නිස‍්සාය තීසු සරණෙසු පතිට‍්ඨිතො, කස‍්මා තුම‍්හෙ උක‍්කණ‍්ඨිතත්‍ථා”ති? “චිරදිට‍්ඨො නො, මහාරාජ, සම‍්මාසම‍්බුද‍්ධො, අභිවාදනපච‍්චුට‍්ඨානඅඤ‍්ජලිකම‍්මසාමීචිකම‍්මකරණට‍්ඨානං නත්‍ථි, තෙනම‍්හ උක‍්කණ‍්ඨිතා”ති. “නනු, භන‍්තෙ, තුම‍්හෙ අවොචුත්‍ථ – ‘පරිනිබ‍්බුතො සම‍්මාසම‍්බුද‍්ධො’”ති. “කිඤ‍්චාපි, මහාරාජ, පරිනිබ‍්බුතො; අථ ඛ‍්වස‍්ස සරීරධාතුයො තිට‍්ඨන‍්තී”ති. “අඤ‍්ඤාතං, භන‍්තෙ, ථූපපතිට‍්ඨානං තුම‍්හෙ ආකඞ‍්ඛථාති. කරොමි , භන‍්තෙ, ථූපං, භූමිභාගං දානි විචිනාථ; අපිච, භන‍්තෙ, ධාතුයො කුතො ලච‍්ඡාමා”ති? “සුමනෙන සද‍්ධිං මන‍්තෙහි, මහාරාජා”ති. “සාධු, භන‍්තෙ”ති රාජා සුමනං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි – “කුතො දානි, භන‍්තෙ, ධාතුයො ලච‍්ඡාමා”ති?

ඉක්බිති ආයුෂ්මත් මහා මහීන්‍ද්‍ර මහා ස්ථවිරයන් වහන්සේ වුසූ වස් ඇති සේක් වස්පවරා ඉල්මස මැදිපොහොය දිනයෙහි රජු අමතා ‘මහරජ! අප විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක්නා ලද බොහෝකල් ඇත්තාහ. අපි අනාථ වාසයෙන් විසුම්හ, එහෙයින් දඹදිව යන්නට කැමැත්තම්හ’යි කීහ. එකල්හි රජතෙමේ ‘ස්වාමීනි! ඔබවහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කරමි, මේ මහජනයාද ඔබ වහන්සේලා නිසා තිසරණයෙහි පිහිටියේය, කුමක් හෙයින් ඔබවහන්සේලා උකටලී වූවහුදැ’යි විචාළේය. ‘මහරජ! අප විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ ඈත කල්හි දක්නා ලදහ. අපට උන්වහන්සේට වැඳීමට දැක නැගීසිටීමට ඇඳිලි බැඳීමට සැලකිලි දැක්වීමට තැනක් නැත්තේය, එහෙයින් අපි උකටලී වූම්හ’යි වදාළ සේක. ‘ස්වාමීනි! ඔබවහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවියාහු’යි වදාළාහු නොවහුදැ’යි රජතෙමේ ඇසීය. ‘මහරජ! අප විසින් කියන ලද්ද සත්‍යය, එහෙත් උන්වහන්සේගේ ශාරීරික ධාතුහු ඇත්තාහ’යි වදාළ සේක. ‘ස්වාමීනි! දන්නා ලද්දේය, ඔබවහන්සේලා සෑයක් ගොඩනැගීමට කැමතිවහුනම් ‘ස්වාමීනි! සෑයක් කරමි, සෑය පිහිටුවීමට බිම් පෙදෙසක් දැන් සොයා බලහු’යි කීයේය. එහෙත් ‘ස්වාමීනි! ධාතුන් කොයින් ලබමු ද?’ ‘මහරජ! සුමන හා ඒ ගැන සාකච්ඡා කරව’යි වදාළ කල්හි රජතුමා ‘ස්වාමීනි! යහපතැ’යි සුමන සාමණේරයන් වෙත එළැඹ ‘ස්වාමීනි! දැන් ධාතූන් කොතැනින් ලබමුදැ’යි ඇසීය.

සුමනො ආහ – “අප‍්පොස‍්සුක‍්කො ත්‍වං, මහාරාජ, වීථියො සොධාපෙත්‍වා ධජපටාකපුණ‍්ණඝටාදීහි අලඞ‍්කාරාපෙත්‍වා සපරිජනො උපොසථං සමාදියිත්‍වා සබ‍්බතාළාවචරෙ උපට‍්ඨාපෙත්‍වා මඞ‍්ගලහත්‍ථිං සබ‍්බාලඞ‍්කාරපටිමණ‍්ඩිතං කාරාපෙත්‍වා උපරි චස‍්ස සෙතච‍්ඡත‍්තං උස‍්සාපෙත්‍වා සායන‍්හසමයෙ මහානාගවනුය්‍යානාභිමුඛො යාහි. අද‍්ධා තස‍්මිං ඨානෙ ධාතුයො ලච‍්ඡසී”ති. රාජා “සාධූ”ති සම‍්පටිච‍්ඡි. ථෙරා චෙතියගිරිමෙව අගමංසු. තත්‍රායස‍්මා මහින්‍දත්‍ථෙරො සුමනසාමණෙරං ආහ – “ගච‍්ඡ ත්‍වං, සාමණෙර, ජම‍්බුදීපෙ තව අය්‍යකං අසොකං ධම‍්මරාජානං උපසඞ‍්කමිත්‍වා මම වචනෙන එවං වදෙහි – ‘සහායො වො, මහාරාජ, දෙවානම‍්පියතිස‍්සො බුද‍්ධසාසනෙ පසන‍්නො ථූපං පතිට‍්ඨාපෙතුකාමො, තුම‍්හාකං කිර හත්‍ථෙ ධාතු අත්‍ථි තං මෙ දෙථා’ති. තං ගහෙත්‍වා සක‍්කං දෙවරාජානං උපසඞ‍්කමිත්‍වා එවං වදෙහි – ‘තුම‍්හාකං කිර, මහාරාජ, හත්‍ථෙ ද‍්වෙ ධාතුයො අත්‍ථි – දක‍්ඛිණදාඨා ච දක‍්ඛිණක‍්ඛකඤ‍්ච; තතො තුම‍්හෙ දක‍්ඛිණදාඨං පූජෙථ, දක‍්ඛිණක‍්ඛකං පන මය‍්හං දෙථා’ති. එවඤ‍්ච නං වදෙහි – ‘කස‍්මා ත්‍වං, මහාරාජ, අම‍්හෙ තම‍්බපණ‍්ණිදීපං පහිණිත්‍වා පමජ‍්ජසී’”ති?

සුමන සාමණේර භික්‍ෂු ‘මහරජ! ඔබ එයට උත්සාහවත් නොවව, මාවත් පිරිසිදු කරවා, ධ්වජපතාකා, පූර්‍ණඝටාදියෙන් සරසවා, පිරිවර ජනයා සහිතව පෙහෙවස් සමාදන්ව, සියලු තූර්‍ය්‍ය භාණ්ඩ වයන්නන් එළවා, මඟුලැතු සර්‍වාලඞ්කාරයෙන් ප්‍රතිමණ්ඩිත කරවා, ඇතු මතුවෙහි සේසත් නංවා, සවස් වේලෙහි මහමෙවුනා උයනට මූණදී යනු මැනවි, එහිදී එකතින් ධාතුන් ලබන්නහුය’යි කීයේය රජතෙමේ ‘යහපතැ’යි පිළිගත්තේය. මහාස්ථවිරයන් වහන්සේලා සෑගිරියටම වැඩියාහුය. එහිදී ආයුෂ්මත් මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ සුමන සාමණේරයන්ට ‘සාමණෙරය! යව, දඹදිව ඔබගේ මුත්තනු වූ අශෝක දම්රජුන් වෙත එළඹ ‘මහරජ! ඔබගේ යහළු වූ දේවානම්පියතිස්ස මහරජතෙමේ බුදුසසුන්හි පහන් වූයේය, ඒ රජතෙමේ සෑයක් පිහිටවනු කැමැත්තේය, ඔබ අත ධාතුහු ඇත්තාහ, එය මට දෙනු මැනවැ’යි මාගේ වචනයෙන් මෙසේ කියන්න, මෙසේ කියා ඒ ධාතු ගෙන සක්දෙව් රජුන් වෙත ගොස් ‘මහරජ! ඔබ අත දකුණු දළදා, දකුණු අකුදා දෙක ඇත්තේය. එයින් ඔබ දකුණු දළදාව පුදවු, දකුණු අකුදාව මට දෙවු, ‘මහරජ! කුමක්හෙයින් ඔබ අප හෙළදිවට යවා පමාවහුදැ’යි ඔහුට මෙසේත් කියව’යි වදාළ සේක.

“සාධු, භන‍්තෙ”ති ඛො සුමනො ථෙරස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා තාවදෙව පත‍්තචීවරමාදාය වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පාටලිපුත‍්තද‍්වාරෙ ඔරුය‍්හ රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා එතමත්‍ථං ආරොචෙසි. රාජා තුට‍්ඨො සාමණෙරස‍්ස හත්‍ථතො පත‍්තං ගහෙත්‍වා ගන්‍ධෙහි උබ‍්බට‍්ටෙත්‍වා වරමුත‍්තසදිසානං ධාතූනං පූරෙත්‍වා අදාසි. සො තං ගහෙත්‍වා සක‍්කං දෙවරාජානං උපසඞ‍්කමි. සක‍්කො දෙවරාජා සාමණෙරං දිස‍්වාව “කිං, භන‍්තෙ සුමන, ආහිණ‍්ඩසී”ති ආහ. “ත්‍වං, මහාරාජ, අම‍්හෙ තම‍්බපණ‍්ණිදීපං පෙසෙත්‍වා කස‍්මා පමජ‍්ජසී”ති? “නප‍්පමජ‍්ජාමි, භන‍්තෙ, වදෙහි – ‘කිං කරොමී’”ති? “තුම‍්හාකං කිර හත්‍ථෙ ද‍්වෙ ධාතුයො අත්‍ථි – දක‍්ඛිණදාඨා ච දක‍්ඛිණක‍්ඛකඤ‍්ච; තතො තුම‍්හෙ දක‍්ඛිණදාඨං පූජෙථ, දක‍්ඛිණක‍්ඛකං පන මය‍්හං දෙථා”ති. “සාධු, භන‍්තෙ”ති ඛො සක‍්කො දෙවානමින්‍දො යොජනප‍්පමාණං මණිථූපං උග‍්ඝාටෙත්‍වා දක‍්ඛිණක‍්ඛකධාතුං නීහරිත්‍වා සුමනස‍්ස අදාසි. සො තං ගහෙත්‍වා චෙතියගිරිම‍්හියෙව පතිට‍්ඨාසි.

‘ස්වාමීනි! යහපතැ’යි සුමන සාමණේර තෙමේ මහතෙරුන්ගේ වචනය පිළිගෙන එකෙණෙහිම පාසිවුරු ගෙන අහසට නැගී පැළලුප් නුවර දොරබැස රජු වෙත ගොස් මේ කාරණය දන්වා සිටියේය. රජතුමා තුටුවූයේ හෙරණහු අතින් පාත්‍රය ගෙන සුවඳින් උළා උතුම් මුතු සමාන වූ ධාතූන්ගෙන් එය පුරවා දුන්නේය. සාමණේරතෙමේ ඒ ධාතු ගෙන සක්දෙව් රජු වෙත ගියේය. සක්දෙව් රජු හෙරණහු දැක ‘ස්වාමීනි! සුමන! කුමක්නිසා ඇවිදින්නහුදැ’යි ඇසීය. ‘මහරජ! ඔබ අප හෙළදිවට යවා පමාවහු කුමක් හෙයිනැ’යි හෙරණුන් විචාළ කල්හි ‘ස්වාමීනි! පමා නොවෙමි, කුමක් කරම්දැ’යි කියනු මැනවැ’යි කීය. ‘ඔබගේ අතෙහි දකුණු දළදාව හා දකුණු අකුදාව යන දෙධාතු ඇත්තේය, එයින් ඔබ දකුණු දළදාව පුදවු, දකුණු අකුදාව වනාහි මට දෙවු’යි කීයේය. ‘ස්වාමීනි! යහපතැ’යි සක්දෙව් රජතෙමේ යොදුනක් පමණ වූ මැණික් සෑය විවෘතකොට දකුණු අකුදාව පිටතට ගෙන සුමන සාමණේරයන් හට දුන්නේය. සාමණේරතෙමේ එය ගෙන සෑගිරියෙහිම තැබූයේය.

අථ ඛො මහින්‍දපමුඛා සබ‍්බෙපි තෙ මහානාගා අසොකධම‍්මරාජෙන දින‍්නධාතුයො චෙතියගිරිම‍්හියෙව පතිට‍්ඨාපෙත්‍වා දක‍්ඛිණක‍්ඛකං ආදාය වඩ‍්ඪමානකච‍්ඡායාය මහානාගවනුය්‍යානමගමංසු . රාජාපි ඛො සුමනෙන වුත‍්තප‍්පකාරං පූජාසක‍්කාරං කත්‍වා හත්‍ථික‍්ඛන්‍ධවරගතො සයං මඞ‍්ගලහත්‍ථිමත්‍ථකෙ සෙතච‍්ඡත‍්තං ධාරයමානො මහානාගවනං සම‍්පාපුණි. අථස‍්ස එතදහොසි – “සචෙ අයං සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ධාතු, ඡත‍්තං අපනමතු, මඞ‍්ගලහත්‍ථී ජණ‍්ණුකෙහි භූමියං පතිට‍්ඨහතු, ධාතුචඞ‍්කොටකං මය‍්හං මත්‍ථකෙ පතිට‍්ඨාතූ”ති. සහ රඤ‍්ඤො චිත‍්තුප‍්පාදෙන ඡත‍්තං අපනමි, හත්‍ථී ජණ‍්ණුකෙහි පතිට‍්ඨහි, ධාතුචඞ‍්කොටකං රඤ‍්ඤො මත්‍ථකෙ පතිට‍්ඨහි. රාජා අමතෙනෙව අභිසිත‍්තගත‍්තො විය පරමෙන පීතිපාමොජ‍්ජෙන සමන‍්නාගතො හුත්‍වා පුච‍්ඡි – “ධාතුං, භන‍්තෙ, කිං කරොමා”ති? “හත්‍ථිකුම‍්භම‍්හියෙව තාව, මහාරාජ, ඨපෙහී”ති. රාජා ධාතුචඞ‍්කොටකං ගහෙත්‍වා හත්‍ථිකුම‍්භෙ ඨපෙසි. පමුදිතො නාගො කොඤ‍්චනාදං නදි. මහාමෙඝො උට‍්ඨහිත්‍වා පොක‍්ඛරවස‍්සං වස‍්සි. උදකපරියන‍්තං කත්‍වා මහාභූමිචාලො අහොසි. “පච‍්චන‍්තෙපි නාම සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ධාතු පතිට‍්ඨහිස‍්සතී”ති දෙවමනුස‍්සා පමොදිංසු. එවං ඉද‍්ධානුභාවසිරියා දෙවමනුස‍්සානං පීතිං ජනයන‍්තො –

ඉක්බිති මහා මහීන්‍ද්‍ර මහා ස්ථවිර ප්‍රමුඛ වූ ඒ සියලු මහාශ්‍රේෂ්ඨයෝ අශොක දම්රජහු විසින් දෙන ලද ධාතුන් සෑගිරියෙහිම පිහිටුවා දකුණු අකුදාව ගෙන පසුබත මහානාග වනයට වැඩියහ. රජතෙමේද සාමණේරයන් කියූ පරිදි පූජාසත්කාරකොට මඟුලැතු පිට නැගුනේ තෙමේම මඟුලැතු මත සේසත් නගමින් මහා නාගවනයට පැමිණියේය. ඉක්බිති රජහට ‘මේ ධාතු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වේනම් මේ සේසත එයට නැමී සිටීවා, මඟුලැත්තෙමේ දණින් බිම සිට ගනීවා: දාකරඬුව මා හිස පිහිටාවා’යි සිත් වූයේය. රජුගේ ඒ සිතීම සමගම සේසත නැමී ගියේය. මඟුලැත්තෙමේ දණින් බිම සිටගත්තේය. දාකරඬුව රජුගේ හිසමත පිහිටියේය. රජතෙමේ අමෘතයෙන් අභිෂෙක කරනලද සිරුරු ඇතියෙකු මෙන් බලවත් ප්‍රීති ප්‍රමොද්‍යයෙන් යුක්තවූයේ ‘ස්වාමීනි! ධාතුවට කුමක් කරමුදැ’යි විචාළේය. ‘මහරජ! ඇත්කුඹෙහිම තබවු’යි කීහ. රජතෙමේ දාකරඬුව ගෙන ඇත්කුඹෙහි තැබුයේය. පිනාගිය ඇත්තෙමේ කුඤ්චනාද කෙළේය. මහමේ නැගුනේය. පොකුරු වැසි වට. දිය කෙළවරකොට මහත්වූ භූමිකම්පනයක් වූයේය. ප්‍රත්‍යන්තයෙහිද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටාය’යි දෙවිමිනිස්සු ප්‍රමුදිත වූහ. මෙසේ දෙවිමිනිසුන්ට සෘද්ධ්‍යනුභාවශ්‍රීයෙන් ප්‍රීතිය උපදවමින්:

පුණ‍්ණමායං මහාවීරො, චාතුමාසිනියා ඉධ; ආගන‍්ත්‍වා දෙවලොකම‍්හා, හත්‍ථිකුම‍්භෙ පතිට‍්ඨිතොති.

‘මහාවීරතෙමේ සිවුමසක්හුගේ කෙළවර පුණු පොහෝ දිනයෙහි දෙව්ලොවින් මෙහි අවුත් ඇත්කුඹෙහි පිහිටියේය.’

අථස‍්ස සො හත්‍ථිනාගො අනෙකතාළාවචරපරිවාරිතො අතිවිය උළාරෙන පූජාසක‍්කාරෙන සක‍්කරියමානො පච‍්ඡිමදිසාභිමුඛොව හුත්‍වා, අපසක‍්කන‍්තො යාව නගරස‍්ස පුරත්‍ථිමද‍්වාරං තාව ගන‍්ත්‍වා පුරත්‍ථිමෙන ද‍්වාරෙන නගරං පවිසිත්‍වා සකලනාගරෙන උළාරාය පූජාය කරීයමානාය දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛමිත්‍වා ථූපාරාමස‍්ස පච‍්ඡිමදිසාභාගෙ මහෙජවත්‍ථු නාම කිර අත්‍ථි, තත්‍ථ ගන‍්ත්‍වා පුන ථූපාරාමාභිමුඛොයෙව පටිනිවත‍්ති. තෙන ච සමයෙන ථූපාරාමෙ පුරිමකානං තිණ‍්ණං සම‍්මාසම‍්බුද‍්ධානං පරිභොගචෙතියට‍්ඨානං හොති.

ඉක්බිති ඒ ඇත්රජ නන්වැදෑරුම් වූ පසඟතුරු වයන්නන් විසින් පිරිවරන ලද්දේ ඉතා මහත් වූ පූජාවෙන් සත්කාර කරනු ලබන්නේ පැසුළු දිගට මූණදී පසුබස්නේ නුවර පෙරදිග දොර තෙක් ගොස් පෙරදිග දොරින් නුවරට පිවිස සියලු නුවර වැස්සන් විසින් මහත්පුද පවත්වන කල්හි දකුණු දොරින් නික්ම ථූපාරාමයට පශ්චිම දිශාභාගයෙහි ඇති මහෙජවාස්තුවට ගොස් නැවත ථූපාරාමයට අභිමුඛව නැවතී සිටගත්තේය. ඒ කාලයෙහි ථූපාරාමයෙහි කකුසන්‍ධාදී වූ තුන්බුදුවරයන්ගේ පරිභොග චෛත්‍යස්ථානය පිහිටියේ වේ.

අතීතෙ කිර අයං දීපො ඔජදීපො නාම අහොසි, රාජා අභයො නාම, නගරං අභයපුරං නාම, චෙතියපබ‍්බතො දෙවකූටපබ‍්බතො නාම, ථූපාරාමො පටියාරාමො නාම. තෙන ඛො පන සමයෙන කකුසන්‍ධො භගවා ලොකෙ උප‍්පන‍්නො හොති. තස‍්ස සාවකො මහාදෙවො නාම ථෙරො භික‍්ඛුසහස‍්සෙන සද‍්ධිං දෙවකූටෙ පතිට‍්ඨාසි, මහින්‍දත්‍ථෙරො විය චෙතියපබ‍්බතෙ. තෙන ඛො පන සමයෙන ඔජදීපෙ සත‍්තා පජ‍්ජරකෙන අනයබ්‍යසනං ආපජ‍්ජන‍්ති. අද‍්දසා ඛො කකුසන්‍ධො භගවා බුද‍්ධචක‍්ඛුනා ලොකං ඔලොකෙන‍්තො තෙ සත‍්තෙ අනයබ්‍යසනමාපජ‍්ජන‍්තෙ. දිස‍්වා චත‍්තාලීසාය භික‍්ඛුසහස‍්සෙහි පරිවුතො අගමාසි. තස‍්සානුභාවෙන තාවදෙව පජ‍්ජරකො වූපසන‍්තො. රොගෙ වූපසන‍්තෙ භගවා ධම‍්මං දෙසෙසි. චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. භගවා ධමකරණං දත්‍වා පක‍්කාමි. තං අන‍්තො පක‍්ඛිපිත්‍වා පටියාරාමෙ චෙතියං අකංසු. මහාදෙවො දීපං අනුසාසන‍්තො විහාසි.

අතීතයෙහි මේ දිවයින ඔජදීප නම් වූයේය. රජතෙමේ අභය නම්ය. නුවර අභයපුර නම්ය. සෑගිරිපවුව දෙව්කුළුපවුවය. ථූපාරාමය පටියාරාම නම්වූයේය. ඒ කාලයෙහි කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපන් සේක. උන්වහන්සේගේ ශ්‍රාවක මහාදේව නම් මහාස්ථවිරයන් වහන්සේ මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ සෑගිරිපවුවෙහි පිහිටාගත්තාක් මෙන් භික්‍ෂූන් දහසක් සමග දෙව්කුළු පවුවෙහි පිහිටාගත් සේක. ඒ කාලයෙහි ඔජදීපයෙහි සත්ත්‍වයෝ උණ රෝගයෙන් විපතට පැමිණෙත්. කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරණ සේක් විපතටපත් ඒ සත්ත්‍වයන් දැක, වදාළ සේක. දැක, සතළිස්දහසක් භික්‍ෂූන්ගෙන් පිරිවරන ලද්දාහු මෙහි වැඩම කළහ. උන්වහන්සේගේ ආනුභාවයෙන් එකෙණෙහිම ඒ උෂ්ණ රෝගය සන්සිඳී ගියේය. රෝගය සන්සිඳී ගිය පසු භාග්‍යවතුන් වහන්සේ ධර්‍ම දේශනා කළ සේක. එහිදී සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වූයේය. භාග්‍යවතුන් වහන්සේ මෙහි වැසියනට පුදන්නට ඩබරාව දී පෙරළා වැඩම කළහ. එය ඇතුළත බහා පටියාරාමයෙහි සෑයක් කළහ. මහාදෙව මහාස්ථවිරයන් වහන්සේ දිවයින් වැසියන්ට අනුශාසනා කරමින් මෙහි වැඩවිසූහ.

කොණාගමනස‍්ස පන භගවතො කාලෙ අයං දීපො වරදීපො නාම අහොසි, රාජා සමෙණ‍්ඩී නාම, නගරං වඩ‍්ඪමානං නාම , පබ‍්බතො සුවණ‍්ණකූටො නාම. තෙන ඛො පන සමයෙන වරදීපෙ දුබ‍්බුට‍්ඨිකා හොති දුබ‍්භික‍්ඛං දුස‍්සස‍්සං. සත‍්තා ඡාතකරොගෙන අනයබ්‍යසනං ආපජ‍්ජන‍්ති. අද‍්දසා ඛො කොණාගමනො භගවා බුද‍්ධචක‍්ඛුනා ලොකං ඔලොකෙන‍්තො තෙ සත‍්තෙ අනයබ්‍යසනං ආපජ‍්ජන‍්තෙ. දිස‍්වා තිංසභික‍්ඛුසහස‍්සපරිවුතො අගමාසි. බුද‍්ධානුභාවෙන දෙවො සම‍්මාධාරං අනුප‍්පවෙච‍්ඡි. සුභික‍්ඛං අහොසි. භගවා ධම‍්මං දෙසෙසි. චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. භගවා භික‍්ඛුසහස‍්සපරිවාරං මහාසුමනං නාම ථෙරං දීපෙ ඨපෙත්‍වා කායබන්‍ධනං දත්‍වා පක‍්කාමි. තං අන‍්තො පක‍්ඛිපිත්‍වා චෙතියං අකංසු.

කොණාගමන භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මේ දිවයින වරදීප නම් වූයේය. රජතෙමේ සමිද්ධි නම්ය. නුවර වඩ්ඪමාන නම්ය. පවුව සුවණ්ණකුට නම්ය. ඒ කාලයෙහි වරදීපයෙහි නපුරු වැසි වැටුනේය. එයින්ම දුර්භික්‍ෂයක් දුශ්ශස්‍යයක් වූයේය. මෙහි සත්ත්‍වයෝ ඡාතක රෝගයෙන් විපතට වැටෙත්. කොණාගමන භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරන සේක් විපතට පත් ඒ සත්ත්‍වයන් දැක තිස්දහසක් භික්‍ෂූන්ගෙන් පිරිවරන ලද්දාහු මෙහි වැඩම කළහ. බුද්ධානුභාවයෙන් මෙඝය මැනවින් දියදහර මුදාහැරියේය. දිවයින සුභික්‍ෂ විය. භාග්‍යවතුන් වහන්සේ ධර්‍මදේශනා කළ සේක. එහිදී සුවාසූදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වූයේය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් දහසක් පිරිවරකොටැති මහාසුමන ස්ථවිරයන් වහන්සේ මෙහි නවතා කාබාන දී පෙරළා වැඩම කළහ. එය, ඇතුළත බහා සෑයක් කළහ.

කස‍්සපස‍්ස පන භගවතො කාලෙ අයං දීපො මණ‍්ඩදීපො නාම අහොසි, රාජා ජයන‍්තො නාම, නගරං විසාලං නාම, පබ‍්බතො සුභකූටො නාම . තෙන ඛො පන සමයෙන මණ‍්ඩදීපෙ මහාවිවාදො හොති. බහූ සත‍්තා කලහවිග‍්ගහජාතා අනයබ්‍යසනං ආපජ‍්ජන‍්ති. අද‍්දසා ඛො කස‍්සපො භගවා බුද‍්ධචක‍්ඛුනා ලොකං ඔලොකෙන‍්තො තෙ සත‍්තෙ අනයබ්‍යසනං ආපජ‍්ජන‍්තෙ. දිස‍්වා වීසතිභික‍්ඛුසහස‍්සපරිවුතො ආගන‍්ත්‍වා විවාදං වූපසමෙත්‍වා ධම‍්මං දෙසෙසි. චතුරාසීතියා පාණසහස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. භගවා භික‍්ඛුසහස‍්සපරිවාරං සබ‍්බනන්‍දං නාම ථෙරං දීපෙ පතිට‍්ඨාපෙත්‍වා උදකසාටකං දත්‍වා පක‍්කාමි. තං අන‍්තො පක‍්ඛිපිත්‍වා චෙතියං අකංසු. එවං ථූපාරාමෙ පුරිමකානං තිණ‍්ණං බුද‍්ධානං චෙතියානි පතිට‍්ඨහිංසු. තානි සාසනන‍්තරධානෙන නස‍්සන‍්ති, ඨානමත‍්තං අවසිස‍්සති. තස‍්මා වුත‍්තං – “තෙන ච සමයෙන ථූපාරාමෙ පුරිමකානං තිණ‍්ණං සම‍්මාසම‍්බුද‍්ධානං පරිභොගචෙතියට‍්ඨානං හොතී”ති. තදෙතං විනට‍්ඨෙසු චෙතියෙසු දෙවතානුභාවෙන කණ‍්ටකසමාකිණ‍්ණසාඛෙහි නානාගච‍්ඡෙහි පරිවුතං තිට‍්ඨති – “මා නං කොචි උච‍්ඡිට‍්ඨාසුචිමලකචවරෙහි පදූසෙසී”ති.

කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මේ දිවයින මණ්ඩදීප නම්වූයේය. රජතෛමේ ජයන්ත නම්ය. නුවර විශාල නම්ය. පවුව සුභකුට නම්ය. ඒ කාලයෙහි මණ්ඩදීපයෙහි මහා විවාදයක් වේ. බොහෝ සත්ත්‍වයෝ හටගත් කලහ විග්‍රහ ඇත්තාහු විපතට පැමිණෙත්. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලා වදාරන සේක් විපතට වැටෙන ඒ සත්ත්‍වයන් දුටු සේක. දැක, විසිදහසක් භික්‍ෂූන්ගෙන් පිරිවරන ලද්දාහු මෙහි වැඩමකොට විවාදය සන්සිඳුවා ධර්‍මදේශනා කළ සේක. එහිදී සුවාසුදහසක් ප්‍රාණීන්ට ධර්‍මාවබෝධය වූයේය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් දහසක් පිරිවරකොට ඇති සබ්බනන්‍ද මහාස්ථවිරයන් වහන්සේ මෙහි නවතා දියසළුව දී පෙරළා වැඩම කළහ. එය, ඇතුළත බහා සෑයක් කළහ. මෙසේ ථූපාරාමයෙහි පළමු තුන් බුදුවරුන්ගේ චෛත්‍ය පිහිටියේය. ඒ චෛත්‍ය ශාසනාන්තර්‍ධානයෙන් නැසුනේය. චෛත්‍යය පිහිටි තැන පමණක් ඉතිරි වේ. ‘තෙන ච සමයෙන ථූපාරාමෙ පුරිමිකානං තිණ්ණං සම්මා සම්බුද්ධානං පරිභොගචෙතියට්ඨානං හොති’ යනු එහෙයින් කියන ලදී. චෛත්‍යයන් නැසීගිය කල්හි ඒ මේ තැන ‘කිසිවෙක් ඉඳුල්, අසූචි, වල් කසළින් දුෂිත නොකෙරේවා’යි දෙවියන්ගේ ආනුභාවයෙන් කටුවෙන් ගැවසීගත් අතු ඇති ගස්වලින් පිරිවරන ලදුව සිටින්නේය.

අථ ඛ‍්වස‍්ස හත්‍ථිනො පුරතො පුරතො ගන‍්ත්‍වා රාජපුරිසා සබ‍්බගච‍්ඡෙ ඡින්‍දිත්‍වා භූමිං සොධෙත්‍වා තං හත්‍ථතලසදිසං අකංසු. හත්‍ථිනාගො ගන‍්ත්‍වා තං ඨානං පුරතො කත්‍වා තස‍්ස පච‍්ඡිමදිසාභාගෙ බොධිරුක‍්ඛට‍්ඨානෙ අට‍්ඨාසි. අථස‍්ස මත්‍ථකතො ධාතුං ඔරොපෙතුං ආරභිංසු. නාගො ඔරොපෙතුං න දෙති. රාජා ථෙරං පුච‍්ඡි – “කස‍්මා, භන‍්තෙ, නාගො ධාතුං ඔරොපෙතුං න දෙතී”ති? “ආරූළ‍්හං, මහාරාජ, ඔරොපෙතුං න වට‍්ටතී”ති. තස‍්මිඤ‍්ච කාලෙ අභයවාපියා උදකං ඡින‍්නං හොති. සමන‍්තා භූමි ඵලිතා හොති, සුඋද‍්ධරා මත‍්තිකාපිණ‍්ඩා. තතො මහාජනො සීඝං සීඝං මත‍්තිකං ආහරිත්‍වා හත්‍ථිකුම‍්භප‍්පමාණං වත්‍ථුමකාසි. තාවදෙව ච ථූපකරණත්‍ථං ඉට‍්ඨකා කාතුං ආරභිංසු. න යාව ඉට‍්ඨකා පරිනිට‍්ඨන‍්ති තාව හත්‍ථිනාගො කතිපාහං දිවා බොධිරුක‍්ඛට‍්ඨානෙ හත්‍ථිසාලායං තිට‍්ඨති, රත‍්තිං ථූපපතිට‍්ඨානභූමිං පරියායති. අථ වත්‍ථුං චිනාපෙත්‍වා රාජා ථෙරං පුච‍්ඡි – “කීදිසො, භන‍්තෙ, ථූපො කාතබ‍්බො”ති? “වීහිරාසිසදිසො, මහාරාජා”ති. “සාධු, භන‍්තෙ”ති රාජා ජඞ‍්ඝප‍්පමාණං ථූපං චිනාපෙත්‍වා ධාතුඔරොපනත්‍ථාය මහාසක‍්කාරං කාරෙසි.

ඉක්බිති මේ ඇතුට පෙරටු පෙරටුව ගොස් රාජපුරුෂයෝ සියලු ගස් සිඳහැර බිම පිරිසිදුකොට එතැන අත්තලක් මෙන් කළහ. ඇත්රජ ගොස් එතැන ඉදිරියෙහි එයට පැසුළු දිග බෝරුක පිහිටන තැන සිටගත්තේය. අනතුරුව ඇතුගේ මස්තකයෙන් ධාතූන් වහන්සේ බස්වන්නට ඉදිරිපත් වූහ. එහෙත් ඇත්තෙමේ ධාතුන් වහන්සේ බස්වන්නට ඉඩනොදෙයි. රජු ‘ස්වාමීනි! කුමක්හෙයින් ඇතු ධාතුන් වහන්සේ බස්වන්නට ඉඩනොදේදැ’යි මහාස්ථවිරයන් වහන්සේගෙන් විචාළේය. ‘මහරජ! නගාතබන ලද්ද බස්වන්නට නොවටීය’යි වදාළ සේක. ඒ කාලයෙහි අභය වැවෙහි දිය සිඳීගියේ වේ. හාත්පස බිම පැලී සිටියාය. මැටිපිඬු පහසුවෙන් උදුරා ගතහැකිවිය. මහජන තෙමේ එයින් වහවහා මැටිපිඬු ගෙනවුත් ඇත්කුඹ පමණ උසට වාස්තුවක් කෙළේය. එකෙණෙහිම සෑය ගොඩනැගීමට ගඩොල් කරන්නට පටන්ගත්හ. යම්තාක් ගඩොල් ඉදිකොට නොනිමවෙත්ද ඒතාක් ඇත්රජ තෙමේ කිහිප දවසක් දහවල බෝධිවෘක්‍ෂ ස්ථානයෙහි ඇත්හලෙහි සිටියි. රාත්‍රියෙහි සෑය පිහිටන බිම වටපිට හැසිරෙයි. නැවත චෛත්‍යවාස්තුව ඉදිකරවා රජතෙමේ ‘ස්වාමීනි! කෙබඳු සෑයක් කටයුතුදැ’යි මහතෙරුන් විචාළේය. ‘මහරජ! වීගොඩක් වැනි සෑයක් කටයුතුය’යි මහතෙරුන් වදාළ කල්හි ‘ස්වාමීනි! යහපතැ’යි රජතෙමේ මල් අසුනක් පමණ වූ සෑයක් ගොඩනංවා ඇත්කුඹින් ධාතූන් බාගන්නට මහත් සත්කාර කරවූයේය.

සකලනගරඤ‍්ච ජනපදො ච ධාතුමහදස‍්සනත්‍ථං සන‍්නිපති. සන‍්නිපතිතෙ ච පන තස‍්මිං මහාජනකායෙ දසබලස‍්ස ධාතු හත්‍ථිකුම‍්භතො සත‍්තතාලප‍්පමාණං වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා යමකපාටිහාරියං දස‍්සෙසි. තෙහි තෙහි ධාතුප‍්පදෙසෙහි ඡන‍්නං වණ‍්ණානං උදකධාරා ච අග‍්ගික‍්ඛන්‍ධා ච පවත‍්තන‍්ති, සාවත්‍ථියං කණ‍්ඩම‍්බමූලෙ භගවතා දස‍්සිතපාටිහාරියසදිසමෙව පාටිහාරියං අහොසි. තඤ‍්ච ඛො නෙව ථෙරානුභාවෙන, න දෙවතානුභාවෙන; අපිච ඛො බුද‍්ධානුභාවෙනෙව. භගවා කිර ධරමානොව අධිට‍්ඨාසි – “මයි පරිනිබ‍්බුතෙ තම‍්බපණ‍්ණිදීපෙ අනුරාධපුරස‍්ස දක‍්ඛිණදිසාභාගෙ පුරිමකානං තිණ‍්ණං බුද‍්ධානං පරිභොගචෙතියට‍්ඨානෙ මම දක‍්ඛිණක‍්ඛකධාතු පතිට‍්ඨානදිවසෙ යමකපාටිහාරියං හොතූ”ති.

සියලු නුවර වැස්සෝද දනවු වැස්සෝද ධාතු පූජාව දකිනු පිණිස එහි රැස්වූහ. මහජනයා එහි රැස්වූ කල්හි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඇත්කුඹින් සත්තලක් පමණ අහසට පැන නැග යමාමහ පෙළහර දැක්වූහ. ඒ ඒ ධාතු ප්‍රදේශයන්ගෙන් සවණක්රැස් මුසුවූ දියදහරද ගිනිකඳුද පවතිත්. භාග්‍යවතුන් වහන්සේ විසින් සැවැත්නුවර ගණ්ඩම්බ වෘක්‍ෂ මූලයෙහි දක්වන ලද පෙළහර වැනිවූම පෙළහරක් වූයේය. ඒ පෙළහර වනාහි මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේගේ ආනුභාවයෙන් නොමවූයේය. බුද්ධානුභාවයෙන්ම වූයේය. භාග්‍යවතුන් වහන්සේ ධරමාන සේක්ම ‘මා පිරිනිවි කල්හි හෙළදිව අනුරාධපුරයෙහි දක්‍ෂිණ දිශාභාගයෙහි පළමු තුන්බුදුවරුන්ගේ පරිභොග චෛත්‍යස්ථානයෙහි මාගේ දකුණු අකුදාව පිහිටන දිනයෙහි යමා පෙළහර වේවා’යි ඉටුසේක.

“එවං අචින‍්තියා බුද‍්ධා, බුද‍්ධධම‍්මා අචින‍්තියා; අචින‍්තියෙ පසන‍්නානං, විපාකො හොති අචින‍්තියො”ති. (අප· ථෙර 1.1.82);

‘මෙසේ බුදුවරයෝ නොසිතිය හැක්කාහ. බුදු ගුණ නොසිතිය හැක්කාහ. නොසිතිය හැකියන් කෙරෙහි පහන් වූවන්ගේ විපාකය නොසිතිය හැක්කේ වේ.’

සම‍්මාසම‍්බුද‍්ධො කිර ඉමං දීපං ධරමානකාලෙපි තික‍්ඛත‍්තුං ආගමාසි. පඨමං – යක‍්ඛදමනත්‍ථං එකකොව ආගන‍්ත්‍වා යක‍්ඛෙ දමෙත්‍වා “මයි පරිනිබ‍්බුතෙ ඉමස‍්මිං දීපෙ සාසනං පතිට‍්ඨහිස‍්සතී”ති තම‍්බපණ‍්ණිදීපෙ රක‍්ඛං කරොන‍්තො තික‍්ඛත‍්තුං දීපං ආවිජ‍්ජි. දුතියං – මාතුලභාගිනෙය්‍යානං නාගරාජූනං දමනත්‍ථාය එකකොව ආගන‍්ත්‍වා තෙ දමෙත්‍වා අගමාසි. තතියං – පඤ‍්චභික‍්ඛුසතපරිවාරො ආගන‍්ත්‍වා මහාචෙතියට‍්ඨානෙ ච ථූපාරාමචෙතියට‍්ඨානෙ ච මහාබොධිපතිට‍්ඨිතට‍්ඨානෙ ච මහියඞ‍්ගණචෙතියට‍්ඨානෙ ච මුතියඞ‍්ගණචෙතියට‍්ඨානෙ ච දීඝවාපිචෙතියට‍්ඨානෙ ච කල්‍යාණියචෙතියට‍්ඨානෙ ච නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිසීදි. ඉදමස‍්ස චතුත්‍ථං ධාතුසරීරෙන ආගමනං.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහිද මේ දිවයිනට තෙවරක් වැඩිය සේක. පළමුකොට යක්‍ෂයන් දමනු පිණිස එකලාවම මෙහි වැඩමවා යකුන් දමනය කොට ‘මා පිරිනිවිකල්හි මාගේ ශාසනය මේ දිවයිනෙහි පිහිටන්නේය’යි හෙළදිව ආරක්‍ෂා තබමින් තෙවරක් දිවයින හාත්පස හැසුරුණු සේක. දෙවනවර මයිල් බෑනනු වූ නාරජුන් දමනය කිරීම පිණිස එකලාවම මෙහි වැඩමවා ඔවුන් දමනය කොට වැඩිය සේක. තෙවනවර පන්සියයක් භික්‍ෂූන් පිරිවරකොට ඇතිසේක් මෙහි වැඩමකොට මහාචෛත්‍යස්ථානයෙහිද ථූපාරාම චෛත්‍යස්ථානයෙහි ද මහාබොධිප්‍රතිෂ්ඨිතස්ථානයෙහිද මුතියඞ්ගණ චෛත්‍යස්ථානයෙහිද දීඝවාපි චෛත්‍යස්ථානයෙහි ද කල්‍යාණි චෛත්‍යස්ථානයෙහි ද නිරොධසමාපත්තියට සමවැද වැඩහුන් සේක. මේ උන්වහන්සේගේ සිවුවනවර ධාතු ශරීරයෙන් වැඩීමය.

ධාතුසරීරතො ච පනස‍්ස නික‍්ඛන‍්තඋදකඵුසිතෙහි සකලතම‍්බපණ‍්ණිතලෙ න කොචි අඵුට‍්ඨොකාසො නාම අහොසි. එවමස‍්ස තං ධාතුසරීරං උදකඵුසිතෙහි තම‍්බපණ‍්ණිතලස‍්ස පරිළාහං වූපසමෙත්‍වා මහාජනස‍්ස පාටිහාරියං දස‍්සෙත්‍වා ඔතරිත්‍වා රඤ‍්ඤො මත්‍ථකෙ පතිට‍්ඨාසි . රාජා සඵලං මනුස‍්සපටිලාභං මඤ‍්ඤමානො මහන‍්තං සක‍්කාරං කරිත්‍වා ධාතුං පතිට‍්ඨාපෙසි. සහ ධාතුපතිට‍්ඨාපනෙන මහාභූමිචාලො අහොසි. තස‍්මිඤ‍්ච පන ධාතුපාටිහාරියෙ චිත‍්තං පසාදෙත්‍වා රඤ‍්ඤො භාතා අභයො නාම රාජකුමාරො පුරිසසහස‍්සෙන සද‍්ධිං පබ‍්බජි. චෙතරට‍්ඨගාමතො පඤ‍්ච දාරකසතානි පබ‍්බජිංසු, තථා ද‍්වාරමණ‍්ඩලාදීහි ගාමකෙහි නික‍්ඛමිත්‍වා පඤ‍්චපඤ‍්ච දාරකසතානි සබ‍්බානිපි අන‍්තොනගරතො ච බහිනගරතො ච පබ‍්බජිතානි තිංසභික‍්ඛුසහස‍්සානි අහෙසුං. නිට‍්ඨිතෙ පන ථූපස‍්මිං රාජා ච රාජභාතිකා ච දෙවියො ච දෙවනාගයක‍්ඛානම‍්පි විම‍්හයකරං පච‍්චෙකං පච‍්චෙකං පූජං අකංසු. නිට‍්ඨිතාය පන ධාතුපූජාය පතිට‍්ඨිතෙ ධාතුවරෙ මහින්‍දත්‍ථෙරො මෙඝවනුය්‍යානමෙව ගන‍්ත්‍වා වාසං කප‍්පෙසි.

මුන්වහන්සේගේ ධාතු ශරීරයෙන්ද නිකුත් දිය පොදින් මුළු හෙළදිව් තෙලෙහි නොපහළ කිසිත් අවකාශයක් නම් නොවූයේය. මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධාතු ශරීරය දිය පොදින් හෙළදිව්තෙලෙහි පරිදාහය සන්සිඳුවා මහජනයා හට පෙළහර දක්වා ඇත්කුඹින් බැස රජුගේ හිස මතුයෙහි පිහිටා ගත්තේය. රජු ‘මිනිසත්බව ලැබීම ඵල සහිතය’යි සිතමින් මහසත්කාරකොට ධාතුන්වහන්සේ පිහිටුවාලූයේය. ධාතු පිහිටුවීම සමගම මහත් භූමි කම්පාවක් විය. ඒ ධාතු ප්‍රාතිහාර්‍ය්‍යයෙහිද සිත් පහදාගෙන රජුගේ සොහොයුරු වූ මත්තාභය රජකුමරු දහසක් පුරුෂයන් සමග පැවිදි වූයේය. වෙතාළි ගමින් පන්සියයක් තරුණයෝ පැවිදි වූහ. එසේම ද්වාරමණ්ඩලාදී වූ ගම්වලින් නික්ම අවුත් පන්සියයක් පන්සියයක් තරුණයෝ පැවිදිවූහ. ඇතුළුනුවරින් හා පිටනුවරින් පැවිදි වූ සියල්ලෝම තිස්දහසක් භික්‍ෂූහු වූහ. සෑය නිමි කල්හි රජතෙමේද රජුගේ සොහොයුරෝද දේවීහුද දෙව්, නා, යකුන්ට විස්මය කරවූ වෙන්වෙන්වූ පූජාවන් කළාහුය. ධාතු පූජා නිමකල්හි උතුම් ධාතුව සෑයෙහි පිහිටි කල්හි මහාමහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ මහාමේඝ වනොද්‍යානයටම වැඩමකොට එහි වාසය කළසේක.

තස‍්මිං ඛො පන සමයෙ අනුළා දෙවී පබ‍්බජිතුකාමා හුත්‍වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා තස‍්සා වචනං සුත්‍වා ථෙරං එතදවොච – “අනුළා, භන‍්තෙ, දෙවී පබ‍්බජිතුකාමා, පබ‍්බාජෙථ න”න‍්ති. “න, මහාරාජ, අම‍්හාකං මාතුගාමං පබ‍්බාජෙතුං කප‍්පති. පාටලිපුත‍්තෙ පන මය‍්හං භගිනී සඞ‍්ඝමිත‍්තත්‍ථෙරී නාම අත්‍ථි, තං පක‍්කොසාපෙහි. ඉමස‍්මිඤ‍්ච පන, මහාරාජ, දීපෙ පුරිමකානං තිණ‍්ණං සම‍්මාසම‍්බුද‍්ධානං බොධි පතිට‍්ඨාසි. අම‍්හාකම‍්පි භගවතො සරසරංසිජාලවිස‍්සජ‍්ජනකෙන බොධිනා ඉධ පතිට‍්ඨාතබ‍්බං, තස‍්මා තථා සාසනං පහිණෙය්‍යාසි යථා සඞ‍්ඝමිත‍්තා බොධිං ගහෙත්‍වා ආගච‍්ඡෙය්‍යා”ති.

ඒකාලයෙහි අනුලා දේවී තොමෝ පැවිදිවනු කැමැතිව එබව රජුට සැලකළාය. රජතෙමේ ඇයගේ වචනය අසා මහාස්ථවිරයන් වහන්සේට ‘ස්වාමීනි! අනුලා දේවී තොමෝ පැවිදිවනු කැමැත්තීය. ඇය පැවිදි කරනු මැනව’යි දන්වා සිටියේය. ‘මහරජ! මාගමුන් පැවිදි කිරීම අපට කැප නොවේ, පැළලුප් නුවර සඞ්ඝමිත්‍රා ස්ථවිරා නම්වූ මාගේ බුහුනක් ඇත, ඇය කැඳවා ගනිවු, මහරජ! මේ දිවයිනෙහිද පළමු තුන්සම්බුදු රජුන්ගේ බෝධීන් පිහිටා තුබුහ, අපගේද භාග්‍යවතුන් වහන්සේගේ ඔදවත් රැස්කඳ විහිදුවන බෝධිය මෙහි පිහිටිය යුතුය. එහෙයින් යම්සේ සඞ්ඝමිත්‍රා තොමෝ බෝධිය ගෙන මෙහි එන්නීද, එසේ හසුනක් යවහු’යි.

“සාධු, භන‍්තෙ”ති රාජා ථෙරස‍්ස වචනං සම‍්පටිච‍්ඡිත්‍වා අමච‍්චෙහි සද‍්ධිං මන‍්තෙන‍්තො අරිට‍්ඨං නාම අත‍්තනො භාගිනෙය්‍යං ආහ – “සක‍්ඛිස‍්සසි ත්‍වං, තාත, පාටලිපුත‍්තං ගන‍්ත්‍වා මහාබොධිනා සද‍්ධිං අය්‍යං සඞ‍්ඝමිත‍්තත්‍ථෙරිං ආනෙතු”න‍්ති? “සක‍්ඛිස‍්සාමි, දෙව, සචෙ මෙ පබ‍්බජ‍්ජං අනුජානිස‍්සසී”ති. “ගච‍්ඡ, තාත , ථෙරිං ආනෙත්‍වා පබ‍්බජාහී”ති. සො රඤ‍්ඤො ච ථෙරස‍්ස ච සාසනං ගහෙත්‍වා ථෙරස‍්ස අධිට‍්ඨානවසෙන එකදිවසෙනෙව ජම‍්බුකොලපට‍්ටනං ගන‍්ත්‍වා නාවං අභිරුහිත්‍වා සමුද‍්දං අතික‍්කමිත්‍වා පාටලිපුත‍්තමෙව අගමාසි. අනුළාපි ඛො දෙවී පඤ‍්චහි කඤ‍්ඤාසතෙහි පඤ‍්චහි ච අන‍්තෙපුරිකාසතෙහි සද‍්ධිං දස සීලානි සමාදියිත්‍වා කාසායානි වත්‍ථානි අච‍්ඡාදෙත්‍වා නගරස‍්ස එකදෙසෙ උපස‍්සයං කාරාපෙත්‍වා නිවාසං කප‍්පෙසි. අරිට‍්ඨොපි තංදිවසමෙව රඤ‍්ඤො සාසනං අප‍්පෙසි, එවඤ‍්ච අවොච – “පුත‍්තො තෙ, දෙව, මහින්‍දත්‍ථෙරො එවමාහ – ‘සහායකස‍්ස කිර තෙ දෙවානම‍්පියතිස‍්සස‍්ස රඤ‍්ඤො භාතු ජායා අනුළා නාම දෙවී පබ‍්බජිතුකාමා , තං පබ‍්බාජෙතුං අය්‍යං සඞ‍්ඝමිත‍්තත්‍ථෙරිං පහිණථ, අය්‍යායෙව ච සද‍්ධිං මහාබොධි’”න‍්ති.

රජ තෙමේ ‘ස්වාමීනි! යහපතැ’යි මහතෙරුන්ගේ වචනය පිළිගෙන ඇමතියන් සමග සාකච්ඡාකොට තමාගේ බෑනනු වූ අරිට්ඨ නම් ඇමතියාහට ‘දරුව! පැළලුප් නුවරට ගොස් මහාබෝධිය සමග ආර්‍ය්‍ය සඞ්ඝමිත්‍රා ස්ථවිරින් මෙහි කැඳවාගෙන එන්නට හැකියෙහිදැ’යි විචාළේය. ‘දෙවයන් වහන්සේ! මට පැවිදිවන්නට අනුදත්තහුනම් හැකියෙමි’යි. ‘දරුව! යව, ස්ථවිරාවන් මෙහි වැඩමවාගෙන අවුත් පැවිදිවෙව’යි. අරිට්ඨතෙමේ රජුගේද මහාස්ථවිරයන් වහන්සේගේද හසුන් ගෙන මහතෙරුන්ගේ අධිෂ්ඨාන බලයෙන් එක් දවසින් දඹකොළපටුනට ගොස් නැව් නැගී මුහුද තරණයකොට පැළලුප් නුවරටම ගියේය. අනුලා දේවී තොමෝද පන්සියයක් කන්‍යාවන්ද පන්සියයක් ඇතුළුනුවර වැසි ස්ත්‍රීන්ද සමග දසසිල් සමාදන්ව කසාවත් හැඳ නුවර එක් පෙදෙසෙක මෙහෙණවරක් කරවා වාසය කළාය. අරිට්ඨතෙමේද එදවසම ගොස් රජුගේ හසුන ඔප්පු කළේය. ඔප්පුකොට ‘දෙවයන් වහන්ස! ඔබගේ පුත්‍ර වූ මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ ඔබවහන්සේගේ යහළු වූ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරුගේ බිරිඳ වූ අනුලා නම් දේවිතොමෝ පැවිදිවනු කැමැත්තීය, ඇය පැවිදි කරන්නට ආර්‍ය්‍ය සඞ්ඝමිත්‍රා ස්ථවිරීන් එවනු මැනවි, ඒ ආර්‍ය්‍යාව සමගම මහාබෝධියත් එවහු’යි දන්වන්නට මට නියම කළසේකැයි මෙසේද කීයේය.

ථෙරස‍්ස සාසනං ආරොචෙත්‍වා සඞ‍්ඝමිත‍්තත්‍ථෙරිං උපසඞ‍්කමිත්‍වා එවමාහ – “අය්‍යෙ, තුම‍්හාකං භාතා මහින්‍දත්‍ථෙරො මං තුම‍්හාකං සන‍්තිකං පෙසෙසි, දෙවානම‍්පියතිස‍්සස‍්ස රඤ‍්ඤො භාතු ජායා අනුළා නාම දෙවී පඤ‍්චහි කඤ‍්ඤාසතෙහි, පඤ‍්චහි ච අන‍්තෙපුරිකාසතෙහි සද‍්ධිං පබ‍්බජිතුකාමා, තං කිර ආගන‍්ත්‍වා පබ‍්බාජෙථා”ති. සා තාවදෙව තුරිතතුරිතා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්ත්‍වා එවමාහ – “මහාරාජ, මය‍්හං භාතා මහින්‍දත්‍ථෙරො එවං පහිණි, ‘රඤ‍්ඤො කිර භාතු ජායා අනුළා නාම දෙවී පඤ‍්චහි කඤ‍්ඤාසතෙහි පඤ‍්චහි ච අන‍්තෙපුරිකාසතෙහි සද‍්ධිං පබ‍්බජිතුකාමා මය‍්හං ආගමනං උදික‍්ඛති’. ගච‍්ඡාමහං, මහාරාජ, තම‍්බපණ‍්ණිදීප”න‍්ති.

මහාස්ථවිරයන් වහන්සේගේ හසුන මෙසේ සැලකොට සඞ්ඝමිත්‍රා ස්ථවිරීන් වෙතට ගොස් ‘ආර්‍ය්‍යාවෙනි! ඔබගේ බෑවූ මහාමහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ මා ඔබ වෙතට එවූහ, දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරුගේ බිරිඳ වූ අනුලා දේවිතොමෝ පන්සියයක් කන්‍යාවන් හා පන්සියයක් ඇතුළුපුර වැසි ස්ත්‍රින්ද සමග පැවිදිවනු කැමැත්තීය, එහෙයින් එහි වැඩමකොට ඇය පැවිදිකරහු’යි කීයේය. සඞ්ඝමිත්‍රා ස්ථවිරිය ‘එකෙණෙහිම ඉතා වහා පියරජු වෙතට ගොස් මෙසේ කීවාය: ‘මහරජ! මාගේ බෑවූ මහාමහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ මෙසේ දන්වා තිබේ: ‘දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරුගේ බිරිඳ වූ අනුලා දේවියතොමෝ පන්සියයක් කන්‍යාවන් හා පන්සියයක් ඇතුළුපුරවැසි ස්ත්‍රීන් සමග පැවිදිවනු කැමැත්තීය, මාගේ ඊම බලාපොරොත්තු වෙති, මහරජ! එහෙයින් මම හෙළදිවට යමි’යි දන්වා සිටියාය.

රාජා ආහ – “අම‍්ම, පුත‍්තොපි මෙ මහින්‍දත්‍ථෙරො නත‍්තා ච මෙ සුමනසාමණෙරො මං ඡින‍්නහත්‍ථං විය කරොන‍්තා තම‍්බපණ‍්ණිදීපං ගතා. තස‍්ස මය‍්හං තෙපි අපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො සොකො තව මුඛං පස‍්සන‍්තස‍්ස වූපසම‍්මති! අලං, අම‍්ම, මා ත්‍වං අගමාසී”ති. “භාරියං මෙ, මහාරාජ, භාතු වචනං; අනුළාපි ඛත‍්තියා ඉත්‍ථිසහස‍්සපරිවුතා පබ‍්බජ‍්ජාපුරෙක‍්ඛාරා මං පටිමානෙති; ගච‍්ඡාමහං, මහාරාජා”ති. “තෙන හි, අම‍්ම, මහාබොධිං ගහෙත්‍වා ගච‍්ඡාහී”ති. කුතො රඤ‍්ඤො මහාබොධි? රාජා කිර තතො පුබ‍්බෙ එව ධාතුග‍්ගහණත්‍ථාය අනාගතෙ සුමනෙ ලඞ‍්කාදීපං මහාබොධිං පෙසෙතුකාමො, “කථං නු ඛො අසත්‍ථඝාතාරහං මහාබොධිං පෙසෙස‍්සාමී”ති උපායං අපස‍්සන‍්තො මහාදෙවං නාම අමච‍්චං පුච‍්ඡි. සො ආහ – “සන‍්ති, දෙව, බහූ පණ‍්ඩිතා භික‍්ඛූ”ති. තං සුත්‍වා රාජා භික‍්ඛුසඞ‍්ඝස‍්ස භත‍්තං පටියාදෙත්‍වා භත‍්තකිච‍්චාවසානෙ සඞ‍්ඝං පුච‍්ඡි – “ගන‍්තබ‍්බං නු ඛො, භන‍්තෙ, භගවතො මහාබොධිනා ලඞ‍්කාදීපං නො”ති? සඞ‍්ඝො මොග‍්ගලිපුත‍්තතිස‍්සත්‍ථෙරස‍්ස භාරං අකාසි.

රජතෙමේ ‘දියණියනි! මාගේ පුත් මිහිඳු තෙරද, මුණුබුරු වූ සුමනහෙරණද, මා සිඳහළ අත්ඇතියෙකු මෙන් කරමින් හෙළදිවට ගියහ, ඔවුන් නොදක්නාවූ ඒ මට උපන් ශෝකය ඔබගේ මූණ බලත් සන්සිඳී යන්නේය, එහෙයින් දුව! කම්නැත, නොයනු මැනවැ’යි කීයේය. ‘මහරජ! මාගේ සොහොයුරුගේ වචනය මට බරය, අනුලා ක්‍ෂත්‍රියාතොමෝද දහසක් ස්ත්‍රීන්ගෙන් පිරිවරණ ලද්දී පැවිද්ද පිණිස උපන් ආශාව පෙරටුකොට ඇත්තී මා එනු බලාපොරොත්තු වේ, මහරජ! එහෙයින් මම එහි යමි’යි සඞ්ඝමිත්‍රා තොමෝ කියාසිටියාය. ‘එසේ නම් දුව! මහා බෝධියත් ගෙනයව’යි කීයේය. රජුට මහාබෝධිය කොතනින්ද යත්:- ධාතූන් ගෙනයෑම පිණිස සුමන හෙරණුන් නොපැමිණි කල්හි එයට පෙරම ලක්දිවට බෝධිය යවනු කැමතිවූ රජතෙමේ ආයුධයකින් සිඳීමට නොසුදුසු වූ මහා බෝධිය කෙසේ යවන්නෙම්දැ’යි උපායක් නොදක්නේ මහාදෙවනම් ඇමතියාගෙන් එය විචාළේය. ‘දෙවයන් වහන්ස! පණ්ඩිත භික්‍ෂූහු බොහෝ ඇත්තාහ’යි හෙතෙමේ කීයේය. රජ තෙමේ ඇමතිහුගේ ඒ වචනය අසා භික්‍ෂු සඞ්ඝයා හට බත් පිළියෙලකොට වළඳවා බත්කිය අවසන්හි ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය ලක්දිවට යායුතුද, නොයායුතුදැ’යි සඞ්ඝයා විචාළේය. සඞ්ඝයා වහන්සේ එයට පිළිතුරු දීම මොග්ගලීපුත්තතිස්ස මහාස්ථවිරයන් වහන්සේට භාර කෙළේය.

ථෙරො “ගන‍්තබ‍්බං, මහාරාජ, මහාබොධිනා ලඞ‍්කාදීප”න‍්ති වත්‍වා භගවතො පඤ‍්ච මහාඅධිට‍්ඨානානි කථෙසි. කතමානි පඤ‍්ච? භගවා කිර මහාපරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නො ලඞ‍්කාදීපෙ මහාබොධිපතිට‍්ඨාපනත්‍ථාය “අසොකමහාරාජා මහාබොධිග‍්ගහණත්‍ථං ගමිස‍්සති, තදා මහාබොධිස‍්ස දක‍්ඛිණසාඛා සයමෙව ඡිජ‍්ජිත්‍වා සුවණ‍්ණකටාහෙ පතිට‍්ඨාතූ”ති අධිට‍්ඨාසි – ඉදමෙකමධිට‍්ඨානං.

උන්වහන්සේ ‘මහරජ! මහා බෝධිය ලක්දිවට යායුතුය’යි වදාරා භාග්‍යවතුන් වහන්සේගේ මහා අධිෂ්ඨානපස රජුට කීහ. කවර අධිෂ්ඨාන පසක්ද යත්: භාග්‍යවතුන් වහන්සේ වනාහි මහා පරිනිර්‍වාණ මඤ්චකයෙහි වැදහොත් සේක් ‘ලක්දිව මහාබෝධිය පිහිටවනු පිණිස අශෝක මහරජතෙමේ මහාබෝධිය ගනු පිණිස යන්නේය, එකල්හි මහාබෝධියෙහි දක්‍ෂිණ ශාඛාව තොමෝම සිඳී රන්කටාහයෙහි පිහිටාවා’යි ඉටූ සේක. මේ එක් අධිෂ්ඨානයකි.

තත්‍ථ පතිට‍්ඨානකාලෙ ච “මහාබොධි හිමවලාහකගබ‍්භං පවිසිත්‍වා පතිට‍්ඨාතූ”ති අධිට‍්ඨාසි – ඉදං දුතියමධිට‍්ඨානං.

‘මහාබෝධි දක්‍ෂිණ ශාඛාව එහි පිහිටන කල්හිද මහාබෝධිය හිමිවලාගැබට පිවිස සිටීවා’යි ඉටූ සේක. මේ දෙවන අධිෂ්ඨානයයි.

“සත‍්තමෙ දිවසෙ හිමවලාහකගබ‍්භතො ඔරුය‍්හ සුවණ‍්ණකටාහෙ පතිට‍්ඨහන‍්තො පත‍්තෙහි ච ඵලෙහි ච ඡබ‍්බණ‍්ණරංසියො මුඤ‍්චතූ”ති අධිට‍්ඨාසි – ඉදං තතියමධිට‍්ඨානං.

‘සත්වන දවසෙහි හිමවලාගැබින් බැස රන්කටාහයෙහි පිහිටනුයේ පත්වලින්ද පලවලින්ද සවණක් රැස් මුදවා’යි ඉටූ සේක. මේ තෙවන අධිෂ්ඨානයයි.

“ථූපාරාමෙ දක‍්ඛිණක‍්ඛකධාතු චෙතියම‍්හි පතිට‍්ඨානදිවසෙ යමකපාටිහාරියං කරොතූ”ති අධිට‍්ඨාසි – ඉදං චතුත්‍ථං අධිට‍්ඨානං.

‘ථූපාරාමයෙහි දකුණු අකුදාව සෑයෙහි පිහිටන දවසෙහි යමා පෙළහර කෙරේවා’යි ඉටූ සේක. මේ සිවුවන අධිෂ්ඨානයයි.

ලඞ‍්කාදීපම‍්හියෙව මෙ දොණමත‍්තා ධාතුයො මහාචෙතියම‍්හි පතිට‍්ඨානකාලෙ බුද‍්ධවෙසං ගහෙත්‍වා වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා යමකපාටිහාරියං කරොන‍්තූ”ති අධිට‍්ඨාසි – ඉදං පඤ‍්චමං අධිට‍්ඨානන‍්ති.

‘ලක්දිවම මගධ නැළියෙන් සොළොස් නැළියක් පමණ වූ මාගේ ධාතූහු මහසෑයෙහි පිහිටන කල්හි බුදුවෙස් ගෙන අහසට පැන නැගී යමාපෙළහර කෙරෙත්වා’යි ඉටූ සේක. මේ පස්වන අධිෂ්ඨානයයි.

රාජා ඉමානි පඤ‍්ච මහාඅධිට‍්ඨානානි සුත්‍වා පසන‍්නචිත‍්තො පාටලිපුත‍්තතො යාව මහාබොධි තාව මග‍්ගං පටිජග‍්ගාපෙත්‍වා සුවණ‍්ණකටාහත්‍ථාය බහුං සුවණ‍්ණං නීහරාපෙසි. තාවදෙව ච රඤ‍්ඤො චිත‍්තං ඤත්‍වා විස‍්සකම‍්මදෙවපුත‍්තො කම‍්මාරවණ‍්ණං නිම‍්මිනිත්‍වා පුරතො අට‍්ඨාසි. රාජා තං දිස‍්වා “තාත, ඉමං සුවණ‍්ණං ගහෙත්‍වා කටාහං කරොහී”ති ආහ. “පමාණං, දෙව, ජානාථා”ති? “ත්‍වමෙව, තාත, ඤත්‍වා කරොහී”ති. “සාධු, දෙව, කරිස‍්සාමී”ති සුවණ‍්ණං ගහෙත්‍වා අත‍්තනො ආනුභාවෙන හත්‍ථෙන පරිමජ‍්ජිත්‍වා සුවණ‍්ණකටාහං නිම‍්මිනි නවහත්‍ථපරික‍්ඛෙපං පඤ‍්චහත්‍ථුබ‍්බෙධං තිහත්‍ථවික‍්ඛම‍්භං අට‍්ඨඞ‍්ගුලබහලං හත්‍ථිසොණ‍්ඩප‍්පමාණමුඛවට‍්ටිං.

රජතෙමේ මේ පඤ්ච මහා අධිෂ්ඨානයන් අසා පහන් සිත්ඇත්තේ පැළලුප් නුවර සිට මහාබෝමැඩ තෙක්ම පිළිදැගුම් කරව. රන්කටාහය කරනු පිණිස බොහෝ රන් බැහැර කරවූයේය. එකෙණෙහිම රජුගේ අදහස් දැන විස්කම් දෙව්පුත්තෙමේ කඹුරු වෙසක් ගෙන රජුගේ ඉදිරියෙහි පෙනී සිටියේය. රජතෙමේ ඔහු දැක ‘දරුව! මේ රන් ගෙන කටාහයක් කරව’යි කීයේය. ‘දෙවයන් වහන්ස! පමණ දනිහු’යි කීකල්හි ‘ඔබම දරුව! එය දැන කරව’යි රජතෙමේ කීයේය. ‘දෙවයන් වහන්ස! යහපති, කරන්නෙමි’යි රන් ගෙන තමන්ගේ ආනුභාවයෙන් ඒ රන් අතින් පිරිමැද නවරියන් වටඇති පස්රියන් උස ඇති තුන්රියන් පුළුලැති අටගුලක් ඝන වූ ඇත්සොඬක් පමණ මුවවිට ඇති රන්කටාහයක් මැවූයේය.

අථ රාජා සත‍්තයොජනායාමාය තියොජනවිත්‍ථාරාය මහතියා සෙනාය පාටලිපුත‍්තතො නික‍්ඛමිත්‍වා අරියසඞ‍්ඝමාදාය මහාබොධිසමීපං අගමාසි. සෙනා සමුස‍්සිතධජපටාකං නානාරතනවිචිත‍්තං අනෙකාලඞ‍්කාරපඅමණ‍්ඩිතං නානාවිධකුසුමසමාකිණ‍්ණං අනෙකතූරියසඞ‍්ඝුට‍්ඨං මහාබොධිං පරික‍්ඛිපි. රාජා සහස‍්සමත‍්තෙ ගණපාමොක‍්ඛෙ මහාථෙරෙ ගහෙත්‍වා සකලජම‍්බුදීපෙ පත‍්තාභිසෙකානං රාජූනං සහස‍්සෙන අත‍්තානඤ‍්ච මහාබොධිඤ‍්ච පරිවාරාපෙත්‍වා මහාබොධිමූලෙ ඨත්‍වා මහාබොධිං උල‍්ලොකෙසි. මහාබොධිස‍්ස ඛන්‍ධඤ‍්ච දක‍්ඛිණමහාසාඛාය චතුහත්‍ථප‍්පමාණප‍්පදෙසඤ‍්ච ඨපෙත්‍වා අවසෙසං අදස‍්සනං අගමාසි.

ඉක්බිති රජතෙමේ සත්යොදුනක් දික් වූ තුන්යොදුනක් පළල් වූ මහත්වූ සේනාව සමග පැළලුප් නුවරින් නික්ම ආර්‍ය්‍ය සඞ්ඝයා කැඳවා ගෙන මහාබෝධිය සමීපයට ගියේය. සේනාව එසවූ ධ්වජපතාකා ඇති නන්රුවනින් විසිතුරු වූ නානාලඞ්කාරයෙන් සැරසූ නන්වැදෑරුම් මලින් ගැවසීගත් නොයෙක් පසඟතුරු රැවින් ගුම්ගත් මහා බෝධිය වටකොට සිටියහ. රජතෙමේ දහසක් පමණ ගණපාමොක් මහතෙරුන් ගෙන සියලු දඹදිව අභිෂේක ලත් රජුන් දහසක් ලවා තමන්ද මහා බෝධියද පිරිවරවා මහබෝමුල සිට මහා බෝධිය දෙස හිස ඔසොවා බැලූයේය. ඒ වේලෙහි මහා බෝධියෙහි කඳද, දක්‍ෂිණ මහා ශාඛාවෙහි සිවුරියන් පමණ පෙදෙසද තබා ඉතිරිකොට, සෙසු කොටස් නොපෙනී ගියේය.

රාජා තං පාටිහාරියං දිස‍්වා උප‍්පන‍්නපීතිපාමොජ‍්ජො “අහං, භන‍්තෙ, ඉමං පාටිහාරියං දිස‍්වා තුට‍්ඨො මහාබොධිං සකලජම‍්බුදීපරජ‍්ජෙන පූජෙමී”ති භික‍්ඛුසඞ‍්ඝස‍්ස වත්‍වා අභිසෙකං අදාසි. තතො පුප‍්ඵගන්‍ධාදීහි පූජෙත්‍වා තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා අට‍්ඨසු ඨානෙසු වන්‍දිත්‍වා උට‍්ඨාය අඤ‍්ජලිං පග‍්ගය‍්හ ඨත්‍වා සච‍්චවචනකිරියාය බොධිං ගණ‍්හිතුකාමො භූමිතො යාව මහාබොධිස‍්ස දක‍්ඛිණසාඛා තාව උච‍්චං කත්‍වා ඨපිතස‍්ස සබ‍්බරතනමයපීඨස‍්ස උපරි සුවණ‍්ණකටාහං ඨපාපෙත්‍වා රතනපීඨං ආරුය‍්හ සුවණ‍්ණතුලිකං ගහෙත්‍වා මනොසිලාය ලෙඛං කත්‍වා “යදි මහාබොධිනා ලඞ‍්කාදීපෙ පතිට‍්ඨාතබ‍්බං, යදි චාහං බුද‍්ධසාසනෙ නිබ‍්බෙමතිකො භවෙය්‍යං, මහාබොධි සයමෙව ඉමස‍්මිං සුවණ‍්ණකටාහෙ ඔරුය‍්හ පතිට‍්ඨාතූ”ති සච‍්චවචනකිරියමකාසි. සහ සච‍්චකිරියාය බොධිසාඛා මනොසිලාය පරිච‍්ඡින‍්නට‍්ඨානෙ ඡිජ‍්ජිත්‍වා ගන්‍ධකලලපූරස‍්ස සුවණ‍්ණකටාහස‍්ස උපරි අට‍්ඨාසි. තස‍්ස උබ‍්බෙධෙන දසහත්‍ථො ඛන්‍ධො හොති චතුහත්‍ථා පඤ‍්ච මහාසාඛා පඤ‍්චහියෙව ඵලෙහි පටිමණ‍්ඩිතා, ඛුද‍්දකසාඛානං පන සහස‍්සං. අථ රාජා මූලලෙඛාය උපරි තිවඞ‍්ගුලප‍්පදෙසෙ අඤ‍්ඤං ලෙඛං පරිච‍්ඡින්‍දි. තතො තාවදෙව පුප‍්ඵුළකා හුත්‍වා දස මහාමූලානි නික‍්ඛමිංසු. පුන උපරූපරි තිවඞ‍්ගුලෙ තිවඞ‍්ගුලෙ අඤ‍්ඤා නව ලෙඛා පරිච‍්ඡින්‍දි. තාහිපි දස දස පුප‍්ඵුළකා හුත්‍වා නවුති මූලානි නික‍්ඛමිංසු. පඨමකා දස මහාමූලා චතුරඞ‍්ගුලමත‍්තං නික‍්ඛන‍්තා. ඉතරෙපි ගවක‍්ඛජාලසදිසං අනුසිබ‍්බන‍්තා නික‍්ඛන‍්තා.

රජතෙමේ ඒ පෙළහර දැක හටගත් ප්‍රීති ප්‍රමෝදය ඇත්තේ ‘ස්වාමීනි! මම මේ පෙළහර දැක තුටුවූයෙම් මහාබෝධිය සියලු දඹදිව් රජයෙන් පුදමි’යි භික්‍ෂු සඞ්ඝයා හට දන්වා අභිෂේකය දුන්නේය. ඉක්බිති සුවඳමල් ආදියෙන් පුදා තෙවරක් පැදකුණු කොට අට තැනක වැඳවැටී නැගීසිට ඇඳිලි බැඳගෙන සත්‍යවචන ක්‍රියාවෙන් බෝධිය ගනු කැමැත්තේ බිම සිට බෝධියෙහි දක්‍ෂිණ ශාඛාව තෙක් උස්කොට තැබූ සියලු රුවනින් කළ පුටුව මතුවෙහි රන්කටාහය තබවා රුවන් පුටුවට නැගී රන්තෙල්ල ගෙන රන්සිරියලින් රේඛාවක්කොට ‘ඉදින් මහා බෝධිය ලක්දිව පිහිටිය යුතුනම් ඉතින් මමද බුදුසසුනෙහි විමති නැත්තෙක් වන්නෙම් නම් මහා බෝධිය තෙමේම මේ රන්කටාහයෙහි පිහිටාවා’යි සත්‍යක්‍රියා කළේය. සත්‍යක්‍රියාව සමග බෝධිශාඛා තොමෝ රන්සිරියලින් පිරිසිඳි තැනින් සිඳී සුවඳ මඩින් පිරු රන්කටාහ මතුවෙහි සිටියාය. ඒ ශාඛාවෙහි කඳ උසින් දසරියන් ඇත්තේ වේ. සිවුරියන් සිවුරියන් දිගැති පස්මහා ශාඛාවෝ පස්ථලයකින්ම යුක්ත වූහ. කුඩා අතු දහසෙකි. නැවත රජතෙමේ මුල් රෙඛාවෙන් මතුවෙහි තුන්අඟුල් පෙදෙසෙහි අන්‍ය වූ රේඛාවක් පිරිසින්දේය. ඉක්බිති එකෙණෙහි එතැනින් බුබුලුව මහමුල් දසයක් නික්මුනේය. නැවත මතුමතුවෙහි තුන් තුන් අඟුලක් පාසා අන්‍ය වූ රේඛා නවයක් පිරිසින්දේය. ඒ රේඛාවන්ගෙන්ද බුබුලුව දසයක් දසයක් බැගින් මුල් අනූවක් නික්මුනේය. පළමු දස මහා මූලයෝ සතුරඟුල් පමණට නික්මුනාහුය. අන් මුල් දැල්කවුළු වැනිව එකට බැඳී නික්මුනේය.

එත‍්තකං පාටිහාරියං රාජා රතනපීඨමත්‍ථකෙ ඨිතොයෙව දිස‍්වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ මහානාදං නදි. අනෙකානි භික‍්ඛුසහස‍්සානි සාධුකාරමකංසු. සකලරාජසෙනා උන‍්නාදිනී අහොසි. චෙලුක‍්ඛෙපසතසහස‍්සානි පවත‍්තයිංසු. භූමට‍්ඨකදෙවෙ ආදිං කත්‍වා යාව බ්‍රහ‍්මකායිකා දෙවා තාව සාධුකාරං පවත‍්තයිංසු. රඤ‍්ඤො ඉමං පාටිහාරියං පස‍්සන‍්තස‍්ස පීතියා නිරන‍්තරං ඵුටසරීරස‍්ස අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා ඨිතස‍්සෙව මහාබොධි මූලසතෙන සුවණ‍්ණකටාහෙ පතිට‍්ඨාසි. දස මහාමූලානි සුවණ‍්ණකටාහතලං ආහච‍්ච අට‍්ඨංසු. අවසෙසානි නවුති ඛුද‍්දකමූලානි අනුපුබ‍්බෙන වඩ‍්ඪනකානි හුත්‍වා ගන්‍ධකලලෙ ඔරුය‍්හ ඨිතානි.

රජතෙමේ රුවන් පුටුව මතුවෙහි සිටියේ මෙතෙක් පෙළහර දක ඇඳිලි බැඳගෙන මහානාද කෙළේය. නොයෙක් දහස්ගණන් භික්‍ෂූහු සාධුකාර දුන්හ. සියලු රාජසෙනා තොමෝ උස්වූ ශබ්ද ඇත්තීවූය. පිළිහිස සිසෑරුම් සියදහස් ගණන් පැවැත්තේය. බූමාටු දෙවියන් ආදිකොට ඇති යම්තාක් බ්‍රහ්මකායික දෙවියෝ වෙත්ද ඒ හැමදෙන සාධුකාර පැවැත්වූහ. ප්‍රීතියෙන් නිරතුරුව පැතිරගිය සිරුරු ඇතිව ඇඳිලිබැඳ සිටි රජු මේ පෙළහර බලාසිටියදීම මහාබෝධිය මුල් සියයකින් යුක්තව රන්කටාහයෙහි පිහිටියේය. දසමහා මූලයෝ රන්කටාහයෙහි යටතලය හැපී සිටියහ. සෙසු අනූවක් මුල් පිළිවෙළින් වැඩෙන්නෝව සුවඳ මඬෙහි බැස සිටියෝය.

එවං සුවණ‍්ණකටාහෙ පතිට‍්ඨිතමත‍්තෙ මහාබොධිම‍්හි මහාපථවී චලි. ආකාසෙ දෙවදුන්‍දුභියො ඵලිංසු. පබ‍්බතානං නච‍්චෙහි දෙවානං සාධුකාරෙහි යක‍්ඛානං හිඞ‍්කාරෙහි අසුරානං ථුතිජප‍්පෙහි බ්‍රහ‍්මානං අප‍්ඵොටනෙහි මෙඝානං ගජ‍්ජිතෙහි චතුප‍්පදානං රවෙහි පක‍්ඛීනං රුතෙහි සබ‍්බතාළාවචරානං සකසකපටිභානෙහි පථවීතලතො යාව බ්‍රහ‍්මලොකා තාව එකකොලාහලං එකනින‍්නාදං අහොසි. පඤ‍්චසු සාඛාසු ඵලතො ඵලතො ඡබ‍්බණ‍්ණරංසියො නික‍්ඛමිත්‍වා සකලචක‍්කවාළං රතනගොපානසීවිනද‍්ධං විය කුරුමානා යාව බ්‍රහ‍්මලොකා අබ‍්භුග‍්ගච‍්ඡිංසු. තං ඛණතො ච පන පභුති සත‍්ත දිවසානි මහාබොධි හිමවලාහකගබ‍්භං පවිසිත්‍වා අට‍්ඨාසි. න කොචි මහාබොධිං පස‍්සති. රාජා රතනපීඨතො ඔරුය‍්හ සත‍්ත දිවසානි මහාබොධිපූජං කාරෙසි. සත‍්තමෙ දිවසෙ සබ‍්බදිසාහි හිමා ච ඡබ‍්බණ‍්ණරංසියො ච ආවත‍්තිත්‍වා මහාබොධිමෙව පවිසිංසු. විගතහිමවලාහකෙ විප‍්පසන‍්නෙ චක‍්කවාළගබ‍්භෙ මහාබොධි පරිපුණ‍්ණඛන්‍ධසාඛාපසාඛො පඤ‍්චඵලපටිමණ‍්ඩිතො සුවණ‍්ණකටාහෙ පතිට‍්ඨිතොව පඤ‍්ඤායිත්‍ථ. රාජා මහාබොධිං දිස‍්වා තෙහි පාටිහාරියෙහි සඤ‍්ජාතපීතිපාමොජ‍්ජො “සකලජම‍්බුදීපරජ‍්ජෙන තරුණමහාබොධිං පූජෙස‍්සාමී”ති අභිසෙකං දත්‍වා සත‍්ත දිවසානි මහාබොධිට‍්ඨානෙයෙව අට‍්ඨාසි.

මෙසේ මහාබෝධිය රන්කටාහයෙහි පිහිටි ඇසිල්ලෙහි මහපොළොව සැලුනීය. අහසෙහි මෙඝයෝ ගිගුරූහ. පෘථිවි කම්පනයෙන් ඔබමොබ බමන්නා වූ පර්‍වතයන්ගේ නෘත්‍යයෙන්ද, දෙවියන්ගේ සාධු නාදයෙන්ද, යක්‍ෂයන්ගේ භිඞ්කාරයෙන්ද, අසුරයන්ගේ ස්තුති වචනයෙන්ද, බ්‍රහ්මයගේ අත්පොළසින්ද, මේඝයන්ගේ ගර්‍ජනාවෙන්ද, සිවුපාවුන්ගේ රාවයෙන්ද, පක්‍ෂීන්ගේ නාදයෙන්ද, සියළු පසඟතුරු වයන්නන්ගේ තමතමන් පිළිබඳ දස්කම් දැක්වීමෙන් ද පොළෝතල පටන් බ්‍රහ්මලෝකය තෙක් එක්ම කෝලාහලයක් එක්ම නින්නාදයෙක් වූයේය. ශාඛා පසෙහි ඵලයෙන් ඵලයෙන් සවණක් රැස් නික්ම මුළු සක්වල රුවන් ගොනැස්සෙන් ගැවසුනක් මෙන් කරමින් බඹලොව තෙක් උස්ව නැංගේය. එකෙණෙහි පටන් සත්දවසක් මහාබෝධිය හිමවලාගැබට පිවිස සිටියේය. එසේ සිටි බෝධිය කිසිවෙක් නොදකියි. රජතෙමේ රුවන් පුටුවෙන් බැස සත්දවසක් බෝධි පූජාව කරවුයේය. සත්වන දවසෙහි සියලු දිශාවන්ගෙන් හිමද රැස්ද කරකැවී පැදකුණු කොට මහාබෝධියටම ඇතුල්වූහ. පහවූ හිමවලා ඇති සක්වළ ගැබ වෙසෙසින් පහන්වූ කල්හි මහා බෝධිය පරිපූර්‍ණ ස්කන්‍ධශාඛා ප්‍රශාඛා ඇත්තේද පස්ඵලයෙන් යුක්තවූයේ රන්කටාහයෙහි පිහිටියේම පෙනී ගියේය. රජතෙමේ මහා බෝධිය දැක ඒ පෙළහරින් හටගත් ප්‍රීතිප්‍රමෝදය ඇත්තේ සියලු දඹදිව් රජයෙන් තරුණ මහා බෝධිය පුදන්නෙමි’යි අභිෂේකය දී සත්දවසක් මුළුල්ලෙහි මහා බෝධිය පිහිටි තැනම සිටියේය.

මහාබොධි පුබ‍්බකත‍්තිකපවාරණාදිවසෙ සායන‍්හසමයෙ පඨමං සුවණ‍්ණකටාහෙ පතිට‍්ඨහි. තතො හිමගබ‍්භසත‍්තාහං අභිසෙකසත‍්තාහඤ‍්ච වීතිනාමෙත්‍වා කාළපක‍්ඛස‍්ස උපොසථදිවසෙ රාජා එකදිවසෙනෙව පාටලිපුත‍්තං පවිසිත්‍වා කත‍්තිකජුණ‍්හපක‍්ඛස‍්ස පාටිපදදිවසෙ මහාබොධිං පාචීනමහාසාලමූලෙ ඨපෙසි. සුවණ‍්ණකටාහෙ පතිට‍්ඨිතදිවසතො සත‍්තරසමෙ දිවසෙ මහාබොධිස‍්ස අභිනවඞ‍්කුරා පාතුරහෙසුං. තෙ දිස‍්වාපි පසන‍්නො රාජා පුන මහාබොධිං රජ‍්ජෙන පූජෙන‍්තො සකලජම‍්බුදීපාභිසෙකමදාසි. තදා සුමනසාමණෙරො කත‍්තිකපුණ‍්ණමදිවසෙ ධාතුග‍්ගහණත්‍ථං ගතො මහාබොධිස‍්ස කත‍්තිකඡණපූජං අද‍්දස. එවං මහාබොධිමණ‍්ඩතො ආනෙත්‍වා පාටලිපුත‍්තෙ ඨපිතං මහාබොධිං සන්‍ධාය ආහ – “තෙන හි, අම‍්ම, මහාබොධිං ගහෙත්‍වා ගච‍්ඡාහී”ති. සා “සාධූ”ති සම‍්පටිච‍්ඡි.

මහා බෝධිය වප්මස පෙරපස පුණු පොහෝ දිනයෙහි සවස් කාලයෙහි පළමුකොට රන්කටාහයෙහි පිහිටියේය. අනතුරුව හිමගැබ රැඳීසිටි සත්දවසද අභිෂේක සප්තාහයද ඉක්මවා කෘෂ්ණ පක්‍ෂය පිළිබඳ වූ පොහොය දිනයෙහි රජතෙමේ එක් දවසින්ම පැළලුප් නුවරට පිවිස වප්මස පෙරපස පෑළවිය දවසෙහි මහාබෝධිය පැදුම් දික්හි වූ මහසල්මුල තැබුයේය. රන්කටාහයෙහි පිහිටි දිනයෙන් සතළොස්වන දිනයෙහි මහා බෝධියෙහි අභිනව අඞ්කුර පහළ වූවාහුය. ඒ අඞ්කුර දැකද පහන් වූ රජතෙමේ නැවත මහා බෝධිය රාජ්‍යයෙන් පුදනුයේ සියලු දඹදිව අභිෂේකය දුන්නේය. එකල්හි සුමන සාමණේර තෙමේ කාර්තික පෞර්‍ණමී දිනයෙහි ධාතු ගැනීම පිණිස ගියේ මහා බෝධිය පිළිබඳ කාර්ති කොත්සව පූජාව දුටුයේය. මෙසේ මහබෝමැඩින් ගෙනවුත් පැළලුප් නුවර තබනලද මහා බෝධිය සඳහා ‘එසේනම් මෑණියෙනි! මහා බෝධිය ගෙන යව’යි කීයේය. ඕතොමෝ ‘යහපතැ’යි පිළිගත්තීය.

රාජා මහාබොධිරක‍්ඛණත්‍ථාය අට‍්ඨාරස දෙවතාකුලානි, අට‍්ඨ අමච‍්චකුලානි, අට‍්ඨ බ්‍රාහ‍්මණකුලානි, අට‍්ඨ කුටුම‍්බියකුලානි, අට‍්ඨ ගොපකකුලානි, අට‍්ඨ තරච‍්ඡකුලානි, අට‍්ඨ ච කාලිඞ‍්ගකුලානි දත්‍වා උදකසිඤ‍්චනත්‍ථාය ච අට‍්ඨ සුවණ‍්ණඝටෙ, අට‍්ඨ ච රජතඝටෙ දත්‍වා ඉමිනා පරිවාරෙන මහාබොධිං ගඞ‍්ගාය නාවං ආරොපෙත්‍වා සයම‍්පි නගරතො නික‍්ඛමිත්‍වා විජ‍්ඣාටවිං සමතික‍්කම‍්ම අනුපුබ‍්බෙන සත‍්තහි දිවසෙහි තාමලිත‍්තිං අනුප‍්පත‍්තො. අන‍්තරාමග‍්ගෙ දෙවනාගමනුස‍්සා උළාරං මහාබොධිපූජං අකංසු. රාජාපි සමුද‍්දතීරෙ සත‍්ත දිවසානි මහාබොධිං ඨපෙත්‍වා සකලජම‍්බුදීපමහාරජ‍්ජං අදාසි. ඉදමස‍්ස තතියං ජම‍්බුදීපරජ‍්ජසම‍්පදානං හොති.

රජතෙමේ මහා බෝධිය රැකීම පිණිස දෙවතාකුල අටළොසක්ද, අමාත්‍යකුල අටක්ද, බ්‍රාහ්මණකුල අටක්ද, කුටුම්බිකකුල අටක්ද, ගොපකකුල අටක්ද, තරච්ඡකුල අටක්ද, කාලිඞ්ගකුල අටක්ද මහාබෝධියට දිය ඉසිනු පිණිස රන්කළ අටක්ද, රිදීකළ අටක්ද දී මේ පිරිවරින් යුක්තව මහාබෝධිය නැවට නංවා තෙමේද නුවරින් නික්ම වින්‍ධ්‍යවනය ඉක්මවා පිළිවෙළින් සත්දිනකින් තාමලිප්තියට පැමිණියේය. අතරමගදී දෙව, නාග, මනුෂ්‍යයෝ මහත් වූ බෝධි පූජාවන් කළහ. රජතෙමේද මුහුදු තෙර සත්දවසක් බෝධිය තබා මුළු දඹදිව මහා රාජ්‍යය දුන්නේය. මේවනාහි මොහුගේ තෙවන ජම්බුද්වීප රාජ්‍යය දීම වේ.

එවං මහාරජ‍්ජෙන පූජෙත්‍වා මාගසිරමාසස‍්ස පඨමපාටිපදදිවසෙ අසොකො ධම‍්මරාජා මහාබොධිං උක‍්ඛිපිත්‍වා ගලප‍්පමාණං උදකං ඔරුය‍්හ නාවායං පතිට‍්ඨාපෙත්‍වා සඞ‍්ඝමිත‍්තත්‍ථෙරිම‍්පි සපරිවාරං නාවං ආරොපෙත්‍වා අරිට‍්ඨං අමච‍්චං එතදවොච – “අහං, තාත, මහාබොධිං තික‍්ඛත‍්තුං සකලජම‍්බුදීපරජ‍්ජෙන පූජෙත්‍වා ගලප‍්පමාණං උදකං ඔරුය‍්හ මම සහායකස‍්ස පෙසෙසිං, සොපි එවමෙව මහාබොධිං පූජෙතූ”ති. එවං සහායකස‍්ස සාසනං දත්‍වා “ගච‍්ඡති වතරෙ, දසබලස‍්ස සරසරංසිජාලං විමුඤ‍්චන‍්තො මහාබොධිරුක‍්ඛො”ති වන්‍දිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා අස‍්සූනි පවත‍්තයමානො අට‍්ඨාසි. සාපි ඛො මහාබොධිසමාරූළ‍්හා නාවා පස‍්සතො පස‍්සතො මහාරාජස‍්ස මහාසමුද‍්දතලං පක‍්ඛන‍්තා. මහාසමුද‍්දෙපි සමන‍්තා යොජනං වීචියො වූපසන‍්තා; පඤ‍්ච වණ‍්ණානි පදුමානි පුප‍්ඵිතානි; අන‍්තලික‍්ඛෙ දිබ‍්බානි තූරියානි පවජ‍්ජිංසු; ආකාසෙ ජලජථලජරුක‍්ඛාදිසන‍්නිස‍්සිතාහි දෙවතාහි පවත‍්තිතා අතිවිය උළාරා පූජා අහොසි. සඞ‍්ඝමිත‍්තත්‍ථෙරීපි සුපණ‍්ණරූපෙන මහාසමුද‍්දෙ නාගකුලානි සන‍්තාසෙසි. තෙ ච උත්‍රස‍්තරූපා නාගා ආගන‍්ත්‍වා තං විභූතිං පස‍්සිත්‍වා ථෙරිං යාචිත්‍වා මහාබොධිං නාගභවනං අතිහරිත්‍වා සත‍්ත දිවසානි නාගරජ‍්ජෙන පූජෙත්‍වා පුන නාවායං පතිට‍්ඨාපෙසුං. තංදිවසමෙව නාවා ජම‍්බුකොලපට‍්ටනං අගමාසි. අසොකමහාරාජාපි මහාබොධිවියොගදුක‍්ඛිතො කන්‍දිත්‍වා රොදිත්‍වා යාව දස‍්සනවිසයං ඔලොකෙත්‍වා පටිනිවත‍්ති.

මෙසේ මහා රාජ්‍යයෙන් පුදා ඉල්මස පෙරපස පළමු පෑළවිය දවසෙහි අශෝක ධර්‍මරාජ රජු මහා බෝධිය ඔසොවාගෙන ගෙල පමණ දියටබැස නැවෙහි පිහිටුවා පිරිවර සහිත වූ සඞ්ඝමිත්‍රා ස්ථවිරීන්ද නැවට නංවා අරිට්ඨ ඇමතිහට ‘පුත! මම මහා බෝධිය තෙවරක් මුළු දඹදිව රාජ්‍යයෙන් පුදා ගෙල පමණ දියට බැස මාගේ යහළු හට යැවීමි, හෙතෙමේද මෙපරිද්දෙන්ම මහා බෝධිය පුදාවා’යි දන්වා සිටියේය. මෙසේ යහළුහට හසුන් දී ‘අහෝ! ඒකාන්තයෙන් දශබලධාරීහුගේ මහා බෝධි වෘක්‍ෂය ඔදවත් රැස්දැල් විහිදුවමින් වඩීය’යි වැඳගෙන ඇඳිලිබැඳ කඳුලු හෙලමින් මුහුදුතෙර සිටියේය. මහා බෝධිය වඩා නැගූ ඒ නැව රජු බල බලා ඉන්දදීම මහමුහුදු තලයට පැමිණුනීය. මහමුහුදෙහිද හාත්පස යොදුනක් පමණ පෙදෙසෙහි රළ සන්සිඳී ගියේය. පස්පැහැති පියුම් පිපී ගියේය. අහසෙහි දිව්‍යතූර්‍ය්‍ය නාද වාදනය වූහ. අහසෙහි දිය, ගොඩ, ගස්කොළන් ඈ ඇසුරුකොට සිටි දෙවියන් විසින් පවත්වන ලද අතිමහත් පූජා වූයේය. සඞ්ඝමිත්‍රා ස්ථවිරී තොමෝද ගුරුළු වෙස්ගෙන මහා මුහුදෙහි නා කුලයන් තැතිගැන්නුය. තදින් තැතිගත් සැහැවි ඇති ඒ නාගයෝ අවුත් ඒ ආශ්චර්‍ය්‍යය දැක ස්ථවිරීන් අයැද මහා බෝධිය නාග භවනයට ගෙනගොස් සත්දවසක් නා රජයෙන් පුදා නැවත නැවෙහි පිහිටුවාලූහ. එදවසම නැව දඹකොළ පටුනට ලඟාවූය. අශෝක මහරජතෙමේද මහා බෝධි වියොග දුඃඛයෙන් හටගත් දුක්ඇත්තේ හඬා වැලප ඇසට නොපෙනෙනතුරු බලාසිට පෙරළා යන්නට හැරුනේය.

දෙවානම‍්පියතිස‍්සො මහාරාජාපි ඛො සුමනසාමණෙරස‍්ස වචනෙන මාගසිරමාසස‍්ස පඨමපාටිපදදිවසතො පභුති උත‍්තරද‍්වාරතො පට‍්ඨාය යාව ජම‍්බුකොලපට‍්ටනං තාව මග‍්ගං සොධාපෙත්‍වා අලඞ‍්කාරාපෙත්‍වා නගරතො නික‍්ඛමනදිවසෙ උත‍්තරද‍්වාරසමීපෙ සමුද‍්දසාලවත්‍ථුස‍්මිං ඨිතොයෙව තාය විභූතියා මහාසමුද‍්දෙ ආගච‍්ඡන‍්තංයෙව මහාබොධිං ථෙරස‍්ස ආනුභාවෙන දිස‍්වා තුට‍්ඨමානසො නික‍්ඛමිත්‍වා සබ‍්බං මග‍්ගං පඤ‍්චවණ‍්ණෙහි පුප‍්ඵෙහි ඔකිරාපෙන‍්තො අන‍්තරන‍්තරෙ පුප‍්ඵඅග‍්ඝියානි ඨපෙන‍්තො එකාහෙනෙව ජම‍්බුකොලපට‍්ටනං ගන‍්ත්‍වා සබ‍්බතාළාවචරපරිවුතො පුප‍්ඵධූමගන්‍ධවාසාදීහි පූජයමානො ගලප‍්පමාණං උදකං ඔරුය‍්හ “ආගතො වතරෙ, දසබලස‍්ස සරසරංසිජාලවිස‍්සජ‍්ජනකො මහාබොධිරුක‍්ඛො”ති පසන‍්නචිත‍්තො මහාබොධිං උක‍්ඛිපිත්‍වා උත‍්තමඞ‍්ගෙ සිරස‍්මිං පතිට‍්ඨාපෙත්‍වා මහාබොධිං පරිවාරෙත්‍වා ආගතෙහි සොළසහි ජාතිසම‍්පන‍්නකුලෙහි සද‍්ධිං සමුද‍්දතො පච‍්චුත‍්තරිත්‍වා සමුද‍්දතීරෙ මහාබොධිං ඨපෙත්‍වා තීණි දිවසානි සකලතම‍්බපණ‍්ණිදීපරජ‍්ජෙන පූජෙසි, සොළසන‍්නං ජාතිසම‍්පන‍්නකුලානං රජ‍්ජං විචාරෙසි.

දේවානම්පියතිස්ස මහරජතෙමේද සුමන සාමණේරයන්ගේ වචනයෙන් ඉල්මස පළමු පෑළවිය දින පටන් අනුරාධපුරයෙහි උතුරු දොරසිට දඹකොළ පටුන තෙක් මග පිරිසිදු කරවා සරසවා නුවරින් නික්මෙන දවසෙහි උතුරු දොර සමීපයෙහි සමුද්‍රශාලා වස්තුවෙහි නැවතී සිටියේම ඒ මහත් විභූතියෙන් මහමුහුදෙහි එන්නාවූම මහාබෝධිය තෙරුන්ගේ ආනුභාවයෙන් දැක තුටුසිත් ඇත්තේ නික්මගොස් සියලුමග පස්පැහැති මලින් අතුරුවමින් මගපෙදෙස අතරින්පතර මල්ඇගෑ තබමින් එක්දවසින්ම දඹකොළ පටුනට පැමිණ සියලු තූර්‍ය්‍යභාණ්ඩ වයන්නන්ගෙන් පිරිවැරුනේ සුවඳමල් සුවඳදුම් ආදියෙන් පුදමින් ගෙල පමණ දියට බැස ‘අනේ! එකතින් බුදුරජාණන් වහන්සේගේ ඔදවත් රැස්දැල් විහිදුවන මහාබෝධි වෘක්‍ෂය පැමිණියේය’යි පහන්සිත් ඇත්තේ මහා බෝධිය ඔසොවා උත්තමාඞ්ගය හිසෙහි පිහිටුවාගෙන මහා බෝධිය පිරිවරා පැමිණි ජාතිමත් සොළොස් කුලයන් සමග මුහුදෙන් ගොඩනැගී මුහුදු වෙරළෙහි මහා බෝධිය තබා තුන්දවසක් මුළු ලක්දිව රාජ්‍යයෙන් පිදූයේය. ජාතිමත් සොළොස් කුලවලට රාජ්‍යය පිළිබඳ කටයුතු විචාරීම භාර කෙළේය.

අථ චතුත්‍ථෙ දිවසෙ මහාබොධිං ආදාය උළාරං පූජං කුරුමානො අනුපුබ‍්බෙන අනුරාධපුරං සම‍්පත‍්තො. අනුරාධපුරෙපි මහාසක‍්කාරං කත්‍වා චාතුද‍්දසීදිවසෙ වඩ‍්ඪමානකච‍්ඡායාය මහාබොධිං උත‍්තරද‍්වාරෙන පවෙසෙත්‍වා නගරමජ‍්ඣෙන අතිහරන‍්තො දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛමිත්‍වා දක‍්ඛිණද‍්වාරතො පඤ‍්චධනුසතිකෙ ඨානෙ යත්‍ථ අම‍්හාකං සම‍්මාසම‍්බුද‍්ධො නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිසීදි, පුරිමකා ච තයො සම‍්මාසම‍්බුද‍්ධා සමාපත‍්තිං අප‍්පෙත්‍වා නිසීදිංසු, යත්‍ථ කකුසන්‍ධස‍්ස භගවතො මහාසිරීසබොධි, කොනාගමනස‍්ස භගවතො උදුම‍්බරබොධි, කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධස‍්ස ච නිග්‍රොධබොධි පතිට‍්ඨාසි, තස‍්මිං මහාමෙඝවනුය්‍යානස‍්ස තිලකභූතෙ සුමනසාමණෙරස‍්ස වචනෙන පඨමමෙව කතභූමිපරිකම‍්මෙ රාජවත්‍ථුද‍්වාරකොට‍්ඨකට‍්ඨානෙ මහාබොධිං පතිට‍්ඨාපෙසි.

නැවත සිවුවන දිනයෙහි මහා බෝධිය රැගෙන මහත් පූජාවන් කරමින් පිළිවෙළින් අනුරාධපුරයට පැමිණියේය. අනුරාධපුරයෙහිදී ද මහත් සත්කාරකොට තුදුස්වක්හිම පස්වරුයෙහි මහා බෝධිය උතුරු දොරින් ඇතුල්කරවා නුවරමැදින් ගෙන යනුයේ දකුණු දොරින් නික්ම දකුණු දොරින් දුනු පන්සියයක් ගියතැන අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම්තැනක නිරෝධසමාපත්තියට සමවැද වැඩහුන් සේක්ද පෙරවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තුන්නම සමාපත්තියට සමවැද වැඩහුන් සේක්ද, කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ මහරී බෝධිය, කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ උදුම්බර බෝධිය, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ නිග්‍රෝධ බෝධිය යම්තැනක පිහිටියාහුද, එහි මහාමෙඝ වනෝද්‍යානයට තිලකයක් වූ සුමන සාමණේරයන්ගේ වචනයෙන් පළමුකොටම කළ බිම පිරියම් ඇති රජ උයනෙහි දොරකොටු පිහිටි තැන මහාබෝධිය පිහිටුවාලූයේය.

කථං? තානි කිර බොධිං පරිවාරෙත්‍වා ආගතානි සොළස ජාතිසම‍්පන‍්නකුලානි රාජවෙසං ගණ‍්හිංසු. රාජා දොවාරිකවෙසං ගණ‍්හි. සොළස කුලානි මහාබොධිං ගහෙත්‍වා ඔරොපයිංසු. මහාබොධි තෙසං හත්‍ථතො මුත‍්තසමනන‍්තරමෙව අසීතිහත්‍ථප‍්පමාණං වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා ඡබ‍්බණ‍්ණරංසියො මුඤ‍්චි. රංසියො සකලදීපං පත්‍ථරිත්‍වා උපරි බ්‍රහ‍්මලොකං ආහච‍්ච අට‍්ඨංසු. මහාබොධිපාටිහාරියං දිස‍්වා සඤ‍්ජාතප‍්පසාදානි දසපුරිසසහස‍්සානි අනුපුබ‍්බවිපස‍්සනං පට‍්ඨපෙත්‍වා අරහත‍්තං පත්‍වා පබ‍්බජිංසු.

කෙසේදයත්: බෝධිය පිරිවරා මෙහි පැමිණි ඒ ජාතිමත් සොළොස් කුලපිරිස රජ වෙස් ගත්හ. රජතෙමේ දොරටුපල් වෙස් ගත්තේය. සොළොස් කුලයේ මහාබෝධිය ගෙන බැස්සූහ. මහා බෝධිය ඔවුන් අතින් මිදීමට අනතුරුවම අසූරියනක් පමණ අහසට නැගී සවණක් රැස් විදුයේය. රශ්මීහු සියලු දිවයින පැතිර මත්තෙහි බඹලොව හැපී සිටගත්හ. මහබෝ පෙළහර දැක හටගත් පැහැදීම් ඇති දසදහසක් පුරුෂයෝ අනුපූර්‍ව විදර්‍ශනාව පටන්ගෙන එළවා රහත්බවට පැමිණ පැවිදිවූහ.

යාව සූරියත්‍ථඞ‍්ගමා මහාබොධි අන‍්තලික‍්ඛෙ අට‍්ඨාසි. අත්‍ථඞ‍්ගමිතෙ පන සූරියෙ රොහිණිනක‍්ඛත‍්තෙන පථවියං පතිට‍්ඨාසි. සහ බොධිපතිට‍්ඨානා උදකපරියන‍්තං කත්‍වා මහාපථවී අකම‍්පි. පතිට‍්ඨහිත්‍වා ච පන මහාබොධි සත‍්ත දිවසානි හිමගබ‍්භෙ සන‍්නිසීදි. ලොකස‍්ස අදස‍්සනං අගමාසි. සත‍්තමෙ දිවසෙ විගතවලාහකං නභං අහොසි. ඡබ‍්බණ‍්ණරංසියො ජලන‍්තා විප‍්ඵුරන‍්තා නිච‍්ඡරිංසු. මහාබොධිස‍්ස ඛන්‍ධො ච සාඛායො ච පත‍්තානි ච පඤ‍්ච ඵලානි ච දස‍්සිංසු. මහින්‍දත්‍ථෙරො ච සඞ‍්ඝමිත‍්තත්‍ථෙරී ච රාජා ච සපරිවාරා මහාබොධිට‍්ඨානමෙව අගමංසු. යෙභුය්‍යෙන ච සබ‍්බෙ දීපවාසිනො සන‍්නිපතිංසු. තෙසං පස‍්සන‍්තානංයෙව උත‍්තරසාඛතො එකං ඵලං පච‍්චිත්‍වා සාඛතො මුච‍්චි. ථෙරො හත්‍ථං උපනාමෙසි. ඵලං ථෙරස‍්ස හත්‍ථෙ පතිට‍්ඨාසි. තං ථෙරො “රොපය, මහාරාජා”ති රඤ‍්ඤො අදාසි. රාජා ගහෙත්‍වා සුවණ‍්ණකටාහෙ මධුරපංසුං ආකිරිත්‍වා ගන්‍ධකලලං පූරෙත්‍වා රොපෙත්‍වා මහාබොධිආසන‍්නට‍්ඨානෙ ඨපෙසි. සබ‍්බෙසං පස‍්සන‍්තානංයෙව චතුහත්‍ථප‍්පමාණා අට‍්ඨ තරුණබොධිරුක‍්ඛා උට‍්ඨහිංසු. රාජා තං අච‍්ඡරියං දිස‍්වා අට‍්ඨ තරුණබොධිරුක‍්ඛෙ සෙතච‍්ඡත‍්තෙන පූජෙත්‍වා අභිසෙකං අදාසි. තතො එකං බොධිරුක‍්ඛං ආගමනකාලෙ මහාබොධිනා පඨමපතිට‍්ඨිතොකාසෙ ජම‍්බුකොලපට‍්ටනෙ රොපයිංසු, එකං තවක‍්කබ්‍රාහ‍්මණස‍්ස ගාමද‍්වාරෙ, එකං ථූපාරාමෙ, එකං ඉස‍්සරනිම‍්මානවිහාරෙ, එකං පඨමචෙතියට‍්ඨානෙ, එකං චෙතියපබ‍්බතෙ, එකං රොහණජනපදම‍්හි කාජරගාමෙ, එකං රොහණජනපදම‍්හියෙව චන්‍දනගාමෙ. ඉතරෙසං චතුන‍්නං ඵලානං බීජෙහි ජාතෙ ද‍්වත‍්තිංස බොධිතරුණෙ යොජනියආරාමෙසු පතිට‍්ඨාපෙසුං.

හිරු බැසයනතුරු මහා බෝධිය අහසෙහි රැඳී සිටියේද හිරු බැසගිය කල්හි රෙහෙණ නැකතින් පොළොවෙහි පිහිටියේය. බෝධිය පොළොවෙහි පිහිටීම සමගම දිය කෙළවරකොට මහපොළොව කම්පිත විය. පොළොවෙහි පිහිටාද මහාබෝධිය සත්දවසක් හිමගැබ තුළ සිටියේය. ලෝවැසියනට නොපෙනී ගියේය. සත්වන දවසෙහි අහස පහවූ වලා ඇත්තේ විය. ෂඩ්වර්‍ණ රශ්මීහු දිලිසෙමින් හැමතැන පැතිරෙමින් විසිරී ගියහ. මහාබෝධියෙහි කඳද අතුද ඒ පස්ඵලද පෙනී ගියේය. මහාමහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේද සඞ්ඝමිත්‍රා ස්ථවිරීන්ද රජතුමාද පිරිවර සහිතවූවාහු මහාබෝධිය පිහිටි තැනට ගියහ. සියලු දිවයින් වැස්සෝද බොහෝ සෙයින් රැස්වූහ. ඔවුන් බලාසිටියදීම උතුරුදිග ශාඛාවෙන් එක් ඵලයක් පැසී ශාඛාවෙන් ගිලිහී ගියේය. මහාස්ථවිරයන් වහන්සේ එයට අත එළවූහ. ඵලය මහතෙරුන්ගේ අතෙහි පිහිටියේය. මහාස්ථවිරයන් වහන්සේ ඒ ඵලය ‘මහරජ! මෙය රෝපණය කරව’යි රජුට දුන්හ. රජතෙමේ එය පිළිගෙන රන්කටාහයෙහි මිහිරිපස් වගුරුවා සුවඳමඩ පුරවා රෝපණයකොට මහා බෝධියට පෙරපස මහගල් අසුන තුබු තැන තැබූයේය. සියල්ලන් බලාසිටියදීම සිවුරියන් පමණවූ තරුණ බෝරුක් අටක් එයින් නැගුනේය. රජතෙමේ ඒ ආශ්චර්‍ය්‍ය දැක තරුණ බෝරුකක් අට සේසතින් පුදා අභිෂේකය දුන්නේය. එයින් එක් බෝරුකක් මහාබෝධිය මෙහි ගෙනආ කාලයෙහි පළමු පිහිටි අවකාශය වූ දඹකොළ පටුනෙහි රෝපණය කළහ. එකක් තිවක්ක බ්‍රාහ්මණයාගේ ගම්දොරද එකක් ථූපාරාමයෙහිද එකක් ඉසුරුමුණි විහාරයෙහිද එකක් පළමු සෑ පිහිටි තැනද එකක් සෑපව්වෙහිද එකක් රුහුණු දනව්වෙහි කතරගමද එකක් රුහුණු දනව්වෙහිම වූ සඳුන් ගමෙහිද රෝපණය කළහ. අනික් සිවුඵලයන්ගේ බිජුවටින් උපන් දෙතිස් තරුණ බෝපැල යොදුනෙක්හි යොදුනෙහි කරනලද ආරාමයන්හි පිහිටවූහ.

එවං පුත‍්තනත‍්තුපරම‍්පරාය සමන‍්තා දීපවාසීනං හිතාය සුඛාය පතිට‍්ඨිතෙ දසබලස‍්ස ධම‍්මධජභූතෙ මහාබොධිම‍්හි අනුළා දෙවී පඤ‍්චහි කඤ‍්ඤාසතෙහි පඤ‍්චහි ච අන‍්තෙපුරිකාසතෙහීති මාතුගාමසහස‍්සෙන සද‍්ධිං සඞ‍්ඝමිත‍්තත්‍ථෙරියා සන‍්තිකෙ පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව සපරිවාරා අරහත‍්තෙ පතිට‍්ඨාසි. අරිට‍්ඨොපි ඛො රඤ‍්ඤො භාගිනෙය්‍යො පඤ‍්චහි පුරිසසතෙහි සද‍්ධිං ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව සපරිවාරො අරහත‍්තෙ පතිට‍්ඨාසි.

මෙසේ අනුරාධපුරයට හාත්පස ලක්දිව් වැස්සන්ගේ දරුමුණුබුරු පරපුරට හිතපිණිස සැප පිණිස මහා බෝධිය පිහිටි කල්හි අනුලා දේවිය පන්සියයක් කන්‍යාවන්ද, පන්සියයක් ඇතුළුපුර වැසි ස්ත්‍රීන්ද’යි දහසක් මාගමුන් සමග සඞ්ඝමිත්‍රා ස්ථවිරාවන්ගේ සමීපයෙහි පැවිදිව නොබෝ කලකින්ම පිරිවර සහිතව රහත්බැව්හි පිහිටා ගත්තීය. රජුන්ගේ බෑනනු වූ අරිට්ඨ තෙමේද පන්සියයක් පුරුෂයන් සමග මහතෙරුන්ගේ සමීපයෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත්බැව්හි පිහිටාගත්තේය.

අථෙකදිවසං රාජා මහාබොධිං වන්‍දිත්‍වා ථෙරෙන සද‍්ධිං ථූපාරාමං ගච‍්ඡති. තස‍්ස ලොහපාසාදට‍්ඨානං සම‍්පත‍්තස‍්ස පුරිසා පුප‍්ඵානි අභිහරිංසු. රාජා ථෙරස‍්ස පුප‍්ඵානි අදාසි. ථෙරො පුප‍්ඵෙහි ලොහපාසාදට‍්ඨානං පූජෙසි. පුප‍්ඵෙසු භූමියං පතිතමත‍්තෙසු මහාභූමිචාලො අහොසි. රාජා “කස‍්මා, භන‍්තෙ, භූමි චලිතා”ති පුච‍්ඡි. “ඉස‍්මිං, මහාරාජ, ඔකාසෙ සඞ‍්ඝස‍්ස අනාගතෙ උපොසථාගාරං භවිස‍්සති, තස‍්සෙතං පුබ‍්බනිමිත‍්ත”න‍්ති.

නැවත රජතෙමේ එක් දවසක් මහා බෝධිය වැඳ මහාස්ථවිරයන් වහන්සේ සමග ථූපාරාමයට යන්නේය. ලෝවාමහා ප්‍රාසාදස්ථානයට පැමිණි ඔහුට මිනිස්සු මල් එළවූහ. රජතෙමේ ඒ මල් මහාස්ථවිරයන් වහන්සේට පිළිගැන්වීය. උන්වහන්සේ මලින් ලෝහප්‍රාසාද ස්ථානය පිදූහ. ඒ මල් බිමට වැටුනු ඇසිල්ලෙහි මහා භූමිකම්පාවක් වූය. එකල්හි රජතෙමේ ‘ස්වාමීනි! කුමක් හෙයින් පොළොව සැලුනීදැ’යි විචාළේය. ‘මහරජ! අනාගතයෙහි මේ අවකාශයෙහි සඞ්ඝයාගේ උපොසථාගාරය වන්නේය, මේ එයට පෙරනිමිත්තැ’යි වදාළ සේක.

රාජා පුන ථෙරෙන සද‍්ධිං ගච‍්ඡන‍්තො අම‍්බඞ‍්ගණට‍්ඨානං පත‍්තො. තත්‍ථස‍්ස වණ‍්ණගන්‍ධසම‍්පන‍්නං අතිමධුරරසං එකං අම‍්බපක‍්කං ආහරීයිත්‍ථ. රාජා තං ථෙරස‍්ස පරිභොගත්‍ථාය අදාසි. ථෙරො තත්‍ථෙව පරිභුඤ‍්ජිත්‍වා “ඉදං එත්‍ථෙව රොපෙථා”ති ආහ. රාජා තං අම‍්බට‍්ඨිං ගහෙත්‍වා තත්‍ථෙව රොපෙත්‍වා උදකං ආසිඤ‍්චි. සහ අම‍්බබීජරොපනෙන පථවී අකම‍්පි. රාජා “කස‍්මා, භන‍්තෙ, පථවී කම‍්පිත්‍ථා”ති පුච‍්ඡි. “ඉමස‍්මිං, මහාරාජ, ඔකාසෙ සඞ‍්ඝස‍්ස අනාගතෙ ‘අම‍්බඞ‍්ගණං’ නාම සන‍්නිපාතට‍්ඨානං භවිස‍්සති, තස‍්සෙතං පුබ‍්බනිමිත‍්ත”න‍්ති.

නැවත රජතෙමේ මහතෙරුන් සමග යනුයේ අම්බඞ්ගණස්ථානයට පැමිණියේය. එහිදී රජුට පැහැයෙන් හා සුවඳින් යුත් ඉතා මිහිරි රස ඇති එක් අඹපලයක් එළවන ලද්දේය. රජතෙමේ එය වැළඳීම පිණිස මහතෙරුන්ට පිදුයේය. උන්වහන්සේ එය එහිදීම වළඳා ‘මෙය මෙහිම රෝපණය කරව’යි වදාළාහුය. රජතෙමේ ඒ අඹ ඇටය ගෙන එහිම රෝපණය කරවා දිය වත් කෙළේය. අඹ බිජුවටය රෝපණය කිරීම සමගම පොළොව කම්පිතවූය රජ තෙමේ ‘ස්වාමීනි! කුමක් හෙයින් පොළොව කම්පිත වූදැ’යි විචාළේය. ‘මහරජ! අනාගතයෙහි මේ අවකාශයෙහි සඞ්ඝයාගේ අම්බඞ්ගණ නම් සන්නිපාතස්ථානය වන්නේය, මෙය එයට පෙරනිමිත්තැ’යි වදාළ සේක.

රාජා තත්‍ථ අට‍්ඨ පුප‍්ඵමුට‍්ඨියො ඔකිරිත්‍වා වන්‍දිත්‍වා පුන ථෙරෙන සද‍්ධිං ගච‍්ඡන‍්තො මහාචෙතියට‍්ඨානං පත‍්තො. තත්‍ථස‍්ස පුරිසා චම‍්පකපුප‍්ඵානි අභිහරිංසු. තානි රාජා ථෙරස‍්ස අදාසි. ථෙරො මහාචෙතියට‍්ඨානං පුප‍්ඵෙහි පූජෙත්‍වා වන්‍දි. තාවදෙව මහාපථවී සඞ‍්කම‍්පි. රාජා “කස‍්මා, භන‍්තෙ, පථවී කම‍්පිත්‍ථා”ති පුච‍්ඡි. “ඉමස‍්මිං, මහාරාජ, ඔකාසෙ අනාගතෙ බුද‍්ධස‍්ස භගවතො අසදිසො මහාථූපො භවිස‍්සති, තස‍්සෙතං පුබ‍්බනිමිත‍්ත”න‍්ති.

රජතෙමේ එහි මල්දම්මිටක් විසුරුවා වැඳ නැවත මහතෙරුන් සමග යනුයේ මහසෑය පිහිටන තැනට පැමිණියේය. එහිදී රජුට සපුමල් ගෙනවුත් එළවූහ. රජතෙමේ ඒ මල් මහතෙරුන්ට පිදුයේය. උන්වහන්සේ මහසෑය පිහිටන තැන මලින් පුදා වැන්දාහ. එකෙණෙහිම මහා පොළොව කම්පිතවූය. රජතෙමේ ස්වාමීනි, කුමක් හෙයින් පොළොව කම්පිතවූදැ’යි විචාළේය. උන්වහන්සේ ‘මහරජ! අනාගතයෙහි මේ අවකාශයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසදෘශ මහා ස්තූපය වන්නේය, මෙය එයට පෙරනිමිත්තැ’යි වදාළ සේක.

“අහමෙව කරොමි, භන‍්තෙ”ති. “අලං, මහාරාජ, තුම‍්හාකං අඤ‍්ඤං බහුකම‍්මං අත්‍ථි, තුම‍්හාකං පන නත‍්තා දුට‍්ඨගාමණී අභයො නාම කාරෙස‍්සතී”ති. අථ රාජා “සචෙ, භන‍්තෙ, මය‍්හං නත‍්තා කරිස‍්සති, කතංයෙව මයා”ති ද‍්වාදසහත්‍ථං පාසාණත්‍ථම‍්භං ආහරාපෙත්‍වා “දෙවානම‍්පියතිස‍්සස‍්ස රඤ‍්ඤො නත‍්තා දුට‍්ඨගාමණී අභයො නාම ඉමස‍්මිං පදෙසෙ ථූපං කරොතූ”ති අක‍්ඛරානි ලිඛාපෙත්‍වා පතිට‍්ඨාපෙත්‍වා වන්‍දිත්‍වා ථෙරං පුච‍්ඡි – “පතිට‍්ඨිතං නු ඛො, භන‍්තෙ, තම‍්බපණ‍්ණිදීපෙ සාසන”න‍්ති? “පතිට‍්ඨිතං, මහාරාජ, සාසනං; මූලානි පනස‍්ස න තාව ඔතරන‍්තී”ති. “කදා පන, භන‍්තෙ මූලානි ඔතිණ‍්ණානි නාම භවිස‍්සන‍්තී”ති? “යදා, මහාරාජ, තම‍්බපණ‍්ණිදීපකානං මාතාපිතූනං තම‍්බපණ‍්ණිදීපෙ ජාතො දාරකො තම‍්බපණ‍්ණිදීපෙ පබ‍්බජිත්‍වා තම‍්බපණ‍්ණිදීපම‍්හියෙව විනයං උග‍්ගහෙත්‍වා තම‍්බපණ‍්ණිදීපෙ වාචෙස‍්සති, තදා සාසනස‍්ස මූලානි ඔතිණ‍්ණානි නාම භවිස‍්සන‍්තී”ති. “අත්‍ථි පන, භන‍්තෙ, එදිසො භික‍්ඛූ”ති? “අත්‍ථි, මහාරාජ, මහාඅරිට‍්ඨො භික‍්ඛු පටිබලො එතස‍්මිං කම‍්මෙ”ති. “මයා එත්‍ථ, භන‍්තෙ, කිං කත‍්තබ‍්බ”න‍්ති? “මණ‍්ඩපං, මහාරාජ, කාතුං වට‍්ටතී”ති. “සාධු, භන‍්තෙ”ති රාජා මෙඝවණ‍්ණාභයස‍්ස අමච‍්චස‍්ස පරිවෙණට‍්ඨානෙ මහාසඞ‍්ගීතිකාලෙ අජාතසත‍්තුමහාරාජෙන කතමණ‍්ඩපප‍්පකාරං රාජානුභාවෙන මණ‍්ඩපං කාරෙත්‍වා සබ‍්බතාළාවචරෙ සකසකසිප‍්පෙසු පයොජෙත්‍වා “සාසනස‍්ස මූලානි ඔතරන‍්තානි පස‍්සිස‍්සාමී”ති අනෙකපුරිසසහස‍්සපරිවුතො ථූපාරාමං අනුප‍්පත‍්තො.

ඉක්බිති රජතෙමේ ‘ස්වාමීනි! ඒ මහා ස්තූපය මමම කරමි’යි කීයේය. රජු එසේ කීකල්හි මහරජ! කම් නැත, ඔබට අන්‍යවූ බොහෝ වැඩ ඇත, අනාගතයෙහි ඔබගේ මුණුබුරු වූ දුටුගැමුණු අභය රජතෙම් එය කරවන්නේය’යි වදාළ සේක. එකල්හි රජතෙමේ ‘ස්වාමීනි! ඉදින් මාගේ මුණුබුරෙක් එය කරන්නේනම් මා විසින් කරන ලද්දේමය’යි දොළොස් රියන් පමණ වූ ගල්ටැඹක් ගෙන්වා ‘දෙවන පෑතිස් රජුගේ මුණුබුරු වූ දුටුගැමුණු අභයතෙමේ මේ පෙදෙසෙහි මහා ස්තූපය කෙරේවා’යි අකුරු ලියවා එහි පිහිටුවා මහතෙරුන් වැඳ ‘ස්වාමීනි! හෙළදිව බුදුසසුන පිහිටියේදැ’යි ඇසූයේය. ‘මහරජ! බුදුසසුන පිහිටියේය, එහෙත් මෙතෙක් එහි මුල්වනාහි මෙහි නොබැසගති’යි වදාළ කල්හි ‘ස්වාමීනි! කවදා එහි මුල් මෙහි බැසගත්තේනම් වේදැ’යි ඇසීය. ‘මහරජ! යම්දවසක හෙළදිව උපන් මවුපියන්ගේ හෙළදිව උපන් දරුවෙක් හෙළදිවදීම පැවිදිව හෙළදිවදීම විනය උගෙන හෙළදිවෙහිඳ අන්හට කියවන්නේද එකල්හි සසුනෙහි මුල්බැසගත්තේවේ’යි වදාළ සේක. ‘ස්වාමීනි! එබඳු භික්‍ෂු නමක් ඇත්තේද, ‘ඇත මහරජ! මහා අරිට්ඨ භික්‍ෂුතෙමේ මේ ක්‍රියාවෙහි ප්‍රතිබලය’යි වදාළ සේක. එකල්හි රජතෙමේ ‘ස්වාමීනි! මෙහිදී මා විසින් කුමක් කටයුතුදැ’යි විචාළේය. ‘මහරජ! මණ්ඩපයක් කිරීම වටීය’යි කීහ. ‘ස්වාමීනි! යහපතැ’යි රජතෙමේ මෙඝර්‍වණාභය රජුගේ ඇමතියාගේ පරිවෙණස්ථානයෙහි මහාසඞ්ගීති කාලයෙහි අජාසත් මහරජු විසින් කළ මණ්ඩපයෙහි ආකාර ඇති මණ්ඩපයක් රාජානුභාවයෙන් කරවා සියලු පසඟතුරු වයන්නන් තමතමන් පුහුණු කළ ශිල්පයෙහි යොදවා සසුනෙහි බැසගන්නාවූ මුල් බලන්නෙමි’යි නොයෙක් දහස්ගණන් පුරුෂයන්ගෙන් පිරිවරන ලද්දේ ථූපාරාමයට පැමිණියේය.

තෙන ඛො පන සමයෙන ථූපාරාමෙ අට‍්ඨසට‍්ඨි භික‍්ඛුසහස‍්සානි සන‍්නිපතිංසු. මහාමහින්‍දත්‍ථෙරස‍්ස ආසනං දක‍්ඛිණාභිමුඛං පඤ‍්ඤත‍්තං හොති. මහාඅරිට‍්ඨත්‍ථෙරස‍්ස ධම‍්මාසනං උත‍්තරාභිමුඛං පඤ‍්ඤත‍්තං හොති. අථ ඛො මහාඅරිට‍්ඨත්‍ථෙරො මහින්‍දත්‍ථෙරෙන අජ‍්ඣිට‍්ඨො අත‍්තනො අනුරූපෙන පත‍්තානුක‍්කමෙන ධම‍්මාසනෙ නිසීදි. මහින්‍දත්‍ථෙරපමුඛා අට‍්ඨසට‍්ඨි මහාථෙරා ධම‍්මාසනං පරිවාරෙත්‍වා නිසීදිංසු. රඤ‍්ඤොපි කනිට‍්ඨභාතා මත‍්තාභයත්‍ථෙරො නාම “ධුරග‍්ගාහො හුත්‍වා විනයං උග‍්ගණ‍්හිස‍්සාමී”ති පඤ‍්චහි භික‍්ඛුසතෙහි සද‍්ධිං මහාඅරිට‍්ඨත්‍ථෙරස‍්ස ධම‍්මාසනමෙව පරිවාරෙත්‍වා නිසීදි. අවසෙසාපි භික‍්ඛූ සරාජිකා ච පරිසා අත‍්තනො අත‍්තනො පත‍්තාසනෙ නිසීදිංසු.

ඒ කාලයෙහි අටසැට දහසක් භික්‍ෂූහු ථූපාරාමයෙහි රැස්වූහ. එහි මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේගේ ආසනය දකුණුදිගට අභිමුඛකොට පණවන ලද්දේ වේ. මහාඅරිට්ඨ ස්ථවිරයන් වහන්සේගේ ධර්‍මාසනය උතුරුදිගට අහිමුඛකොට පණවන ලද්දේ වේ. ඉක්බිති මහාඅරිට්ඨ ස්ථවිරයන් වහන්සේ මහා මහීන්‍ද්‍ර මහාස්ථවිරයන් වහන්සේ විසින් අණවන ලද්දහු තමන්ට අනුරූපවූ පැමිණි පිළිවෙළින් ධර්‍මාසනයෙහි වැඩහුන්හ. මහා මහීන්‍ද්‍ර මහාස්ථවිර ප්‍රමුඛ වූ අටසැටක් මහතෙරහු ධර්‍මාසනය පිරිවරා වැඩහුන්හ. රජුගේද කනිටු සොහොයුරු වූ මත්තාභය නම් ස්ථවිරතෙමේ ධුරග්‍රාහීව විනය උගන්නෙමියි පන්සියයක් භික්‍ෂූන් සමග මහා අරිට්ඨ ස්ථවිරයන් වහන්සේගේ ධර්‍මාසනය පිරිවරා වැඩහුන්නේය. සෙසු භික්‍ෂූහුද රජු සහිත පිරිසද තමතමන්ට පැමිණි අසුන්හි හුන්හ.

අථායස‍්මා මහාඅරිට‍්ඨත්‍ථෙරො තෙන සමයෙන බුද‍්ධො භගවා වෙරඤ‍්ජායං විහරති නළෙරුපුචිමන්‍දමූලෙති විනයනිදානං අභාසි. භාසිතෙ ච පනායස‍්මතා අරිට‍්ඨත්‍ථෙරෙන විනයනිදානෙ ආකාසං මහාවිරවං රවි. අකාලවිජ‍්ජුලතා නිච‍්ඡරිංසු. දෙවතා සාධුකාරං අදංසු. මහාපථවී උදකපරියන‍්තං කත්‍වා සඞ‍්කම‍්පි. එවං අනෙකෙසු පාටිහාරියෙසු වත‍්තමානෙසු ආයස‍්මා අරිට‍්ඨත්‍ථෙරො මහාමහින්‍දපමුඛෙහි අට‍්ඨසට‍්ඨියා පච‍්චෙකගණීහි ඛීණාසවමහාථෙරෙහි තදඤ‍්ඤෙහි ච අට‍්ඨසට‍්ඨිභික‍්ඛුසහස‍්සෙහි පරිවුතො පඨමකත‍්තිකපවාරණාදිවසෙ ථූපාරාමවිහාරමජ‍්ඣෙ සත්‍ථු කරුණාගුණදීපකං භගවතො අනුසිට‍්ඨිකරානං කායකම‍්මවචීකම‍්මවිප‍්ඵන්‍දිතවිනයනං විනයපිටකං පකාසෙසි. පකාසෙත්‍වා ච යාවතායුකං තිට‍්ඨමානො බහූනං වාචෙත්‍වා බහූනං හදයෙ පතිට‍්ඨාපෙත්‍වා අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි. තෙපි ඛො මහාමහින්‍දප‍්පමුඛා තස‍්මිං සමාගමෙ –

ඉක්බිති ආයුෂ්මත් මහා අරිට්ඨ ස්ථවිරයන් වහන්සේ ‘තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරති නළෙරුපුචිමන්‍දමූලෙ’ යන විනය නිදානය ප්‍රකාශ කළහ. ආයුෂ්මත් මහා අරිට්ඨ ස්ථවිරයන් වහන්සේ විසින් විනය නිදානය වදාළ කල්හි අහස මහහඬ නැගුයේය. අකාල විද්‍යුල්ලතාවෝ පැතිරී ගියහ. දෙවියෝ සාධුකාර දුන්හ. මහා පෘථිවිය දිය කෙළවරකොට තදින් සැලුනි. මෙසේ නොයෙක් පෙළහර පවත්නා කල්හි ආයුෂ්මත් මහා අරිට්ඨ ස්ථවිරයන් වහන්සේ මහා මහීන්‍ද්‍ර මහාස්ථවිර ප්‍රමුඛ වූ වෙන් වෙන්ව ගණාචාර්‍ය්‍ය වූ අටසැටක් ක්‍ෂීණාස්‍රව මහාස්ථවිරයන් වහන්සේලා විසින් ද උන්වහන්සේලාගෙන් අන්‍යවූද අටසැට දහසක් භික්‍ෂූන් විසින් පිරිවරණ ලද්දාහු වප්මස පසළොස්වක් පොහෝදිනයෙහි ථූපාරාම විහාර මද්ධ්‍යයෙහි ශාස්තෲන් වහන්සේගේ කරුණා ගුණය ප්‍රකාශ කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව කරන්නවුන්ගේ කාය වාග්ද්වාරයන්හි වූ ක්ලේශයන්ගේ සැලීම හික්මවන්නා වූ විනය පිටකය ප්‍රකාශ කළහ. ප්‍රකාශ කොටද දිවි ඇතිතාක් වැඩසිටින්නාහු බොහෝදෙනාට කියවා බොහෝදෙනාගේ ලෙහි පිහිටුවා අනුපාදිශේෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවියාහුය. ඒ සමාගමෙහි මහා මහීන්‍ද්‍ර මහා ස්ථවිර ප්‍රමුඛ වූ ඒ මහාස්ථවිරයන් වහන්සේලාද,

“අට‍්ඨසට‍්ඨි මහාථෙරා, ධුරග‍්ගාහා සමාගතා; පච‍්චෙකගණිනො සබ‍්බෙ, ධම‍්මරාජස‍්ස සාවකා.

‘එහි රැස්වූ ධුරග්‍රාහී වූ වෙන්වෙන්ව ගණයා ඇති ධර්‍මරාජන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති වශීප්‍රාප්ත වූ ත්‍රිවිද්‍යා ඇත්තාවූ සෘද්ධියෙහි දක්‍ෂ වූ අටසැට නමක් වූ ඒ සියලු මහාස්ථවිරයන් වහන්සේලා උත්තමාර්‍ත්‍ථය වෙසෙසින් දැන රජුට අනුශාසනා කළහ.

“ඛීණාසවා වසිප‍්පත‍්තා, තෙවිජ‍්ජා ඉද‍්ධිකොවිදා; උත‍්තමත්‍ථමභිඤ‍්ඤාය, අනුසාසිංසු රාජිනො.

“ආලොකං දස‍්සයිත්‍වාන, ඔභාසෙත්‍වා මහිං ඉමං; ජලිත්‍වා අග‍්ගික‍්ඛන්‍ධාව, නිබ‍්බායිංසු මහෙසයො”.

ඒ මහර්ෂීහු ඥානාලෝකය දක්වා මේ මහපොළොව බබුලුවා ගිනිකඳු මෙන් දිලිහී සිට පිරිනිවී ගියහ.’

තෙසං පරිනිබ‍්බානතො අපරභාගෙ අඤ‍්ඤෙපි තෙසං ථෙරානං අන‍්තෙවාසිකා තිස‍්සදත‍්තකාළසුමන-දීඝසුමනාදයො ච මහාඅරිට‍්ඨත්‍ථෙරස‍්ස අන‍්තෙවාසිකා, අන‍්තෙවාසිකානං අන‍්තෙවාසිකා චාති එවං පුබ‍්බෙ වුත‍්තප‍්පකාරා ආචරියපරම‍්පරා ඉමං විනයපිටකං යාවජ‍්ජතනා ආනෙසුං. තෙන වුත‍්තං –

උන්වහන්සේලාගේ පිරිනිවීමෙන් මෑතභාගයෙහි ඒ මහතෙරුන්ගේ අන්‍ය වූ අතවැසියෝද, මහා අරිට්ඨ ස්ථවිරයන් වහන්සේගේ තිස්සදන්ත, කාලසුමන, දීඝසුමන ආදී වූ අතවැසියෝද අතවැසියන්ගේ අතවැසියෝදැයි මෙසේ පෙර කියූ අයුරු ඇති ආචාර්‍ය්‍ය පරම්පරා විසින් මේ විනය පිටකය අද දක්වා ගෙනෙන ලදී. එහෙයින්

“තතියසඞ‍්ගහතො පන උද‍්ධං ඉමං දීපං මහින්‍දාදීහි ආභතං, මහින්‍දතො උග‍්ගහෙත්‍වා කඤ‍්චි කාලං අරිට‍්ඨත්‍ථෙරාදීහි ආභතං, තතො යාවජ‍්ජතනා තෙසංයෙව අන‍්තෙවාසිකපරම‍්පරභූතාය ආචරියපරම‍්පරාය ආභත”න‍්ති.

‘තතියසඞ්ගහතො පන උද්ධං ඉමං දීපං මහින්‍දාදීහි ආභතං, මහින්‍දතො උග්ගහෙත්‍වා කඤ්චි කාලං අරීට්ඨත්‍ථෙරාදීහි ආභතං, තතො යාවජ්ජතනා තෙසංයෙව අන්තෙවාසිකපරම්පරාභූතාය ආචරියපරම්පරාය ආභතං’ යනු කියන ලදී.

කත්‍ථ පතිට‍්ඨිතන‍්ති? යෙසං පාළිතො ච අත්‍ථතො ච අනූනං වත‍්තති, මණිඝටෙ පක‍්ඛිත‍්තතෙලමිව ඊසකම‍්පි න පග‍්ඝරති, එවරූපෙසු අධිමත‍්තසති-ගති-ධිති-මන‍්තෙසු ලජ‍්ජීසු කුක‍්කුච‍්චකෙසු සික‍්ඛාකාමෙසු පුග‍්ගලෙසු පතිට‍්ඨිතන‍්ති වෙදිතබ‍්බං. තස‍්මා විනයපතිට‍්ඨාපනත්‍ථං විනයපරියත‍්තියා ආනිසංසං සල‍්ලක‍්ඛෙත්‍වා සික‍්ඛාකාමෙන භික‍්ඛුනා විනයො පරියාපුණිතබ‍්බො.

කොතැන්හි පිහිටියේද යන ප්‍රශ්නයෙහිලා යම්කෙනකුන් අත පෙළ විසින්ද අරුත් විසින්ද නොඅඩුව පවතීද මිණිමුවා කළයෙහි වත්කළ සිංහ තෙලක් මෙන් මදකුත් නොවැගිරේද මෙබඳු වූ අධිකමාත්‍ර ස්මෘතිගති ධෘතිමත් වූ ලජ්ජිත වූ කුක්කුච්චක වූ ශික්‍ෂාකාමීවූ පුද්ගලයන් කෙරෙහි පිහිටියේයයි දතයුතුය. එහෙයින් විනය පිහිටුවීම පිණිස විනයපර්‍ය්‍යාප්තියෙහි අනුසස් සලකා ශික්‍ෂාකාමී භික්‍ෂූහු විසින් විනය පුහුණු කටයුතුය.

තත්‍රායං විනයපරියත‍්තියා ආනිසංසො – විනයපරියත‍්තිකුසලො හි පුග‍්ගලො සාසනෙ පටිලද‍්ධසද‍්ධානං කුලපුත‍්තානං මාතාපිතුට‍්ඨානියො හොති, තදායත‍්තා හි නෙසං පබ‍්බජ‍්ජා උපසම‍්පදා වත‍්තානුවත‍්තපටිපත‍්ති ආචාරගොචරකුසලතා. අපි චස‍්ස විනයපරියත‍්තිං නිස‍්සාය අත‍්තනො සීලක‍්ඛන්‍ධො සුගුත‍්තො හොති සුරක‍්ඛිතො; කුක‍්කුච‍්චපකතානං භික‍්ඛූනං පටිසරණං හොති; විසාරදො සඞ‍්ඝමජ‍්ඣෙ වොහරති; පච‍්චත්‍ථිකෙ සහධම‍්මෙන සුනිග‍්ගහිතං නිග‍්ගණ‍්හාති; සද‍්ධම‍්මට‍්ඨිතියා පටිපන‍්නො හොති. තෙනාහ භගවා – “පඤ‍්චිමෙ, භික‍්ඛවෙ, ආනිසංසා විනයධරෙ පුග‍්ගලෙ; අත‍්තනො සීලක‍්ඛන්‍ධො සුගුත‍්තො හොති සුරක‍්ඛිතො…පෙ… සද‍්ධම‍්මට‍්ඨිතියා පටිපන‍්නො හොතී”ති (පරි· 325).

එහි විනයපර්‍ය්‍යාප්තියෙහි මේ ආනිසංසය වේ: විනයපර්‍ය්‍යාප්තියෙහි දක්‍ෂ වූ පුද්ගල තෙමේම සසුනෙහි පිළිලද සැදැහැති කුලපුත්‍රයන්ගේ මවුපිය තනතුරට සුදුසුවූයේ වේ. ඔවුන්ගේ පබ්බජ්ජා, උපසම්පදා වත්තානුවත්තපටිපත්ති ආචාර ගොචර කුසලතා යන මොවුන් ඔහු අයත් බැවිනි. තවද මොහුගේ විනයර්‍පය්‍යාප්තිය නිසා තමාගේ ශීලස්කන්‍ධය මොනවට ගොපනය කරන ලද්දේ මොනවට රක්නා ලද්දේ වේ. කුකුසින් මැඩුනවුන්ට පිළිසරණ වේ. සඟ මැද විශාරදව කියන්නේය. කරුණු සහිත වචනයෙන් සතුරන්ට ඉතා දැඩිව නිග්‍රහ කරන්නේය. සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස පිළිපන්නේ වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘පඤ්චිමෙ භික්‍‍‍ඛවෙ ආනිසංසා විනයධරෙ පුග්ගලෙ, අත්තනො සීලක්‍ඛන්‍ධො සුගුත්තො හොති සුරක්‍ඛිතො-පෙ සද්ධම්මට්ඨිතියා පටිපන්නො හොති’යි වදාළ සේක.

යෙ චාපි සංවරමූලකා කුසලා ධම‍්මා වුත‍්තා භගවතා, විනයධරො පුග‍්ගලො තෙසං දායාදො; විනයමූලකත‍්තා තෙසං ධම‍්මානං. වුත‍්තම‍්පි හෙතං භගවතා – “විනයො සංවරත්‍ථාය, සංවරො අවිප‍්පටිසාරත්‍ථාය, අවිප‍්පටිසාරො පාමොජ‍්ජත්‍ථාය, පාමොජ‍්ජං පීතත්‍ථාය, පීති පස‍්සද‍්ධත්‍ථාය, පස‍්සද‍්ධි සුඛත්‍ථාය, සුඛං සමාධත්‍ථාය, සමාධි යථාභූතඤාණදස‍්සනත්‍ථාය, යථාභූතඤාණදස‍්සනං නිබ‍්බිදත්‍ථාය, නිබ‍්බිදා විරාගත්‍ථාය, විරාගො විමුත‍්තත්‍ථාය , විමුත‍්ති විමුත‍්තිඤාණදස‍්සනත්‍ථාය, විමුත‍්තිඤාණදස‍්සනං අනුපාදාපරිනිබ‍්බානත්‍ථාය. එතදත්‍ථා කථා, එතදත්‍ථා මන‍්තනා, එතදත්‍ථා උපනිසා, එතදත්‍ථං සොතාවධානං – යදිදං අනුපාදාචිත‍්තස‍්ස විමොක‍්ඛො”ති (පරි· 366). තස‍්මා විනයපරියත‍්තියා ආයොගො කරණීයොති.

භාග්‍යවතුන් වහන්සේ විසින් සංවරය මුල්කොට ඇති යම් කුශලධර්‍ම වදාරන ලද්දේද, විනයධර පුද්ගලතෙමේ ඒ ධර්‍මයන්ට දායාද වේ. ඒ ධර්‍මයන් විනය මුල්කොට ඇති බැවිනි. මෙද භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විනයො සංවරත්‍ථාය, සංවරො අවිප්පටිසාරත්‍ථාය, අවිප්පටිසාරො පාමුජ්ජත්‍ථාය, පාමුජ්ජං පීතත්‍ථාය, පීති පස්සද්ධත්‍ථාය, පස්සද්ධි සුඛත්‍ථාය, සුඛං සමාධත්‍ථාය, සමාධි යථාභූතඤාණ දස්සනත්‍ථාය, යථාභූතඤාණදස්සනං නිබ්බිදත්‍ථාය, නිබ්බිදා විරාගත්‍ථාය, විරාගො විමුත්තත්‍ථාය, විමුත්ති විමුත්තිඤාණදස්සනත්‍ථාය, විමුත්තිඤාණදස්සනං අනුපාදා පරිනිබ්බානත්‍ථාය, එතදත්‍ථා කථා, එතදත්‍ථා මන්තණා, එතදත්‍ථා උපනිසා, එතදත්‍ථං සොතාවධානං, යදිදං අනුපාදා චිත්තස්ස විමොක්‍ඛො’යි වදාරන ලද්දේය. එහෙයින් විනයපර්‍ය්‍යාප්තියෙහි නැවත නැවත දැඩිව යෙදිය යුතුය.

එත‍්තාවතා ච යා සා විනයසංවණ‍්ණනත්‍ථං මාතිකා ඨපිතා තත්‍ථ –

මෙපමණකින්ද විනයසංවර්‍ණනාව පිණිස යම් ඒ මාතෘකාවක් තබන ලද්දීද ඒ මාතෘකා පදයෙහිලා

“වුත‍්තං යෙන යදා යස‍්මා, ධාරිතං යෙන චාභතං; යත්‍ථප‍්පතිට‍්ඨිතං චෙතමෙතං, වත්‍වා විධිං තතො”ති.

‘වුත්තං යෙන යදා යස්මා - ධාරීතං යෙන චාහතං, යත්‍ථප්පතිට්ඨිතං චෙතමෙතං වත්‍වා විධිං තතො’

ඉමිස‍්සා තාව ගාථාය අත්‍ථො පකාසිතො විනයස‍්ස ච බාහිරනිදානවණ‍්ණනා යථාධිප‍්පායං සංවණ‍්ණිතා හොතීති.

යන මේ ගාථාවෙහි අර්‍ත්‍ථය පළමුකොට ප්‍රකාශ කරන ලද්දේය. විනයපිටකය පිළිබඳ බාහිර නිදාන වර්‍ණනා අදහස් පරිදි වර්‍ණනා කරන ලද්දී වේ.

තතියසඞ‍්ගීතිකථා නිට‍්ඨිතා.

බාහිරනිදානකථා නිට‍්ඨිතා.

බාහිර නිදානවර්‍ණනා නිමි