වෙරඤ්ජකණ්ඩවණ්ණනා අට්ඨකථා
වේරඤ්ජකාණ්ඩ වර්ණනාව
ඉදානි
දැන්:-
“තෙනාතිආදිපාඨස්ස, අත්ථං නානප්පකාරතො; දස්සයන්තො කරිස්සාමි, විනයස්සත්ථවණ්ණන”න්ති.
‘තෙනාති ආදිපාඨස්ස - අත්ථං නානප්පකාරතො, දස්සයන්තො කරිස්සාමි - විනයස්සත්ථවණ්ණනන්ති’
තෙන යනාදි පාඨයන්හි අර්ත්ථය නොයෙක් අයුරින් දක්වමින් විනය පිළිබඳ අර්ත්ථවර්ණනාව කරන්නෙමියි
වුත්තත්තා තෙන සමයෙන බුද්ධො භගවාතිආදීනං අත්ථවණ්ණනං කරිස්සාමි. සෙය්යථිදං – තෙනාති අනියමනිද්දෙසවචනං. තස්ස සරූපෙන අවුත්තෙනපි අපරභාගෙ අත්ථතො සිද්ධෙන යෙනාති ඉමිනා වචනෙන පටිනිද්දෙසො කාතබ්බො. අපරභාගෙ හි විනයපඤ්ඤත්තියාචනහෙතුභූතො ආයස්මතො සාරිපුත්තස්ස පරිවිතක්කො සිද්ධො. තස්මා යෙන සමයෙන සො පරිවිතක්කො උදපාදි, තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරතීති එවමෙත්ථ සම්බන්ධො වෙදිතබ්බො. අයඤ්හි සබ්බස්මිම්පි විනයෙ යුත්ති, යදිදං යත්ථ යත්ථ “තෙනා”ති වුච්චති තත්ථ තත්ථ පුබ්බෙ වා පච්ඡා වා අත්ථතො සිද්ධෙන “යෙනා”ති ඉමිනා වචනෙන පටිනිද්දෙසො කාතබ්බොති.
කියූ බැවින් ‘තෙන සමයෙන බුද්ධො භගවා’ යනාදීන්ගේ අර්ත්ථවර්ණනාව කරන්නෙමි. ඒ කෙසේදයත්: තෙන යනු අනියම නිර්දෙශ වචනයි. තෙන යන ඒ පදයට සරූප වසයෙන් පෙළෙහි නොකියනලද, එහෙත් පසුභාගයෙහි අර්ත්ථ වශයෙන් සිදුවූ යෙන යන මේ වචනයෙන් ප්රතිනිර්දෙශය දතයුත්තේය. යම්හෙයකින් පසුභාගයෙහි ‘එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙය්ය උද්දිසෙය්ය පාතිමොක්ඛං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං’යි මෙසේ විනය ප්රඥප්තියාචනයට කරුණු වූ ආයුෂ්මත්වූ ශාරිපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේට ‘කතමෙසානං ඛො බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි, කතමෙසානං බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසි’යි මෙසේ පහළවූ යම් පරිචිතර්කයක් වූයේද එහෙයින් යම්කලක ඒ පරිචිතර්කය පහළවූයේද ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙරඤ්ජාවෙහි වැඩ වසන සේකැයි මෙසේ මේ පදවල සම්බන්ධය දතයුත්තේය.
තත්රිදං මුඛමත්තනිදස්සනං – “තෙන හි, භික්ඛවෙ, භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤපෙස්සාමි, යෙන සුදින්නො මෙථුනං ධම්මං පටිසෙවි; යස්මා පටිසෙවි, තස්මා පඤ්ඤපෙස්සාමී”ති වුත්තං හොති. එවං තාව පුබ්බෙ අත්ථතො සිද්ධෙන යෙනාති ඉමිනා වචනෙන පටිනිද්දෙසො යුජ්ජති. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති, යෙන සමයෙන ධනියො කුම්භකාරපුත්තො රඤ්ඤො දාරූනි අදින්නං ආදියීති එවං පච්ඡා අත්ථතො සිද්ධෙන යෙනාති ඉමිනා වචනෙන පටිනිද්දෙසො යුජ්ජතීති වුත්තො තෙනාති වචනස්ස අත්ථො. සමයෙනාති එත්ථ පන සමයසද්දො තාව –
යම් මේ, තැනක තෙන යනු කියනු ලැබේද ඒ ඒ තැන පෙර හෝ පසුව අර්ත්ථ වශයෙන් සිද්ධ වූ යෙන යන මේ වචනයෙන් ප්රතිනිර්දෙශය කටයුතුය යන මේ වනාහි සියලු විනයපිටකයෙහි යුක්තිය වෙයි. එහි මුඛමාත්‍රයක් දැක්වීමය. ‘මහණෙනි! එසේනම් භික්ෂූන්ට ශික්ෂාපද පණවන්නෙමි, යම්හෙයකින් සුදින්ත තෙමේ මෙවුන්දම් පිළිසෙවීද එහෙයින් පණවන්නෙමි’යි වදාරණ ලද්දේ වේ. මෙසේ පූර්වයෙහි මෛථුනධර්මප්රතිසෙවනසඞ්ඛ්යාත අර්ත්ථ වශයෙන් සිද්ධ වූ යෙන යන මේ වචනයෙන් විස්තරය දැක්වීම සුදුසු වේ. යෙන යන පදය ගෙන ඒ හා අර්ත්ථ විස්තරය දතයුතුයයි කීසේය. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩවසන සේක, යම්කාලයක ධනියකුම්භකාරපුත්ර තෙමේ රජු විසින් නොදුන් දැවදඬු ගත්තේ යයි මෙසේ පසු අර්ත්ථ වශයෙන් සිද්ධ වූ යෙන යන මේ වචනය හා ගෙන විස්තරය යෙදේනුයි තෙන යන වචනයෙහි අර්ත්ථය කියන ලදී.
සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතු-දිට්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස්සති.
සමයෙන යන මෙහි සමය ශබ්දය ප්‍රත්‍යය සාමග්රියෙහි ක්ෂණයෙහි කාලයෙහි සමූහයෙහි හේතුවෙහි දෘෂ්ටියෙහි ප්‍රතිලාභයෙහි ප්රහාණයෙහි ප්රතිවේධයෙහිද දක්නා ලැබේ.
තථා හිස්ස – “අප්පෙව නාම ස්වෙපි උපසඞ්කමෙය්යාම කාලඤ්ච සමයඤ්ච උපාදායා”ති (දී· නි· 1.447) එවමාදීසු සමවායො අත්ථො. “එකොව ඛො, භික්ඛවෙ, ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසායා”ති (අ· නි· 8.29) එවමාදීසු ඛණො. “උණ්හසමයො පරිළාහසමයො”ති (පාචි· 358) එවමාදීසු කාලො. “මහාසමයො පවනස්මි”න්ති එවමාදීසු සමූහො. “සමයොපි ඛො තෙ, භද්දාලි, අප්පටිවිද්ධො අහොසි – ‘භගවා ඛො සාවත්ථියං විහරති, භගවාපි මං ජානිස්සති – භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරී’ති අයම්පි ඛො තෙ, භද්දාලි, සමයො අප්පටිවිද්ධො අහොසී”ති (ම· නි· 2.135) එවමාදීසු හෙතු. “තෙන ඛො පන සමයෙන උග්ගහමානො පරිබ්බාජකො සමණමුණ්ඩිකාපුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසතී”ති (ම· නි· 2.260) එවමාදීසු දිට්ඨි.
ඒ එසේමය. මේ සමය ශබ්දයාගේ ‘අප්පෙවනාම ස්වෙව උපසඞ්කමෙය්යාම යාව කාලඤ්ච සමයඤ්ච උපාදාය’ යන මේ ආදි එහි ප්‍රත්‍යය සාමග්රි අර්ත්ථය වේ. ‘එකොව ඛො භික්ඛවෙ ඛණො ච සමයො ච බ්රහ්මචරියවාසාය’ යන මේ ආදි තන්හි ක්ෂණාර්ත්ථය වේ. ‘උණ්හසමයො පරිළාහසමයො’ යන මේ ආදි තන්හි කාලාර්ත්ථය වේ. ‘මහාසමයො පවනස්මිං’ යන මේ ආදි තන්හි සමූහාර්ත්ථය ගැනේ. ‘සමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි භගවාපි ඛො සාවත්ථියං විහරති, භගවාපි මං ජානිස්සති භද්දාලි නාම භික්ඛු සත්ථුසාසනෙ සික්ඛාය අපරිපූරකාරීති, අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි’ යන මේ ආදි තන්හි හෙවත්ථියෙහි වේ. ‘තෙන ඛො පන සමයෙන උග්ගහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකා පුත්තො සමයප්පවාදකෙ තින්දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති’ යන මේ ආදි තන්හි දෘෂ්ටිය කියනු ලැබේ.
“දිට්ඨෙ ධම්මෙ ච යො අත්ථො, යො චත්ථො සම්පරායිකො; අත්ථාභිසමයා ධීරො, පණ්ඩිතොති පවුච්චතී”ති. (සං· නි· 1.129);
‘දිට්ඨෙව ධම්මෙ යො අත්ථො යො චත්ථො සම්පරායිකො, අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චති’
එවමාදීසු පටිලාභො. “සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සා”ති (ම· නි· 1.28) එවමාදීසු පහානං. “දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො”ති (පටි· ම· 2.8) එවමාදීසු පටිවෙධො අත්ථො. ඉධ පනස්ස කාලො අත්ථො. තස්මා යෙන කාලෙන ආයස්මතො සාරිපුත්තස්ස විනයපඤ්ඤත්තියාචනහෙතුභූතො පරිවිතක්කො උදපාදි, තෙන කාලෙනාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
යන මේ ආදි තන්හි ප්‍රතිලාභය කියවේ. ‘සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස’ යන මේ ආදි තන්හි ප්රහාණයෙහි වේ. ‘දුක්ඛස්ස පීළනට්ඨො සඞ්ඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො’ යන මේ ආදි තන්හි ප්රතිවෙධාර්ත්ථයි. මෙහි වනාහි සමය ශබ්දයෙහි කාලාර්ත්ථය ගනු ලැබේ. එහෙයින් යම්කලක ආයුෂ්මත් ශාරිපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේට විනයප්රඥප්තියාචනයට හේතුභූත වූ පරිවිතර්කය පහළවූයේද ඒ කාලයෙහියි මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය.
එත්ථාහ – “අථ කස්මා යථා සුත්තන්තෙ ‘එකං සමය’න්ති උපයොගවචනෙන නිද්දෙසො කතො, අභිධම්මෙ ච ‘යස්මිං සමයෙ කාමාවචර’න්ති භුම්මවචනෙන, තථා අකත්වා ඉධ ‘තෙන සමයෙනා’ති කරණවචනෙන නිද්දෙසො කතො”ති? තත්ථ තථා, ඉධ ච අඤ්ඤථා අත්ථසම්භවතො. කථං? සුත්තන්තෙ තාව අච්චන්තසංයොගත්ථො සම්භවති. යඤ්හි සමයං භගවා බ්රහ්මජාලාදීනි සුත්තන්තානි දෙසෙසි, අච්චන්තමෙව තං සමයං කරුණාවිහාරෙන විහාසි; තස්මා තදත්ථජොතනත්ථං තත්ථ උපයොගනිද්දෙසො කතො.
මෙහිලා විතණ්ඩවාදී තෙමේ කීයේය: එසේනම් කුමක් හෙයින් සූත්‍රාන්තයෙහි ‘එකං සමයං’යි ද්විතීයා විභක්ති වචනයෙන් නිර්දෙශය කරන ලද්දේද? අභිධර්මයෙහිද ‘යස්මිං සමයෙ කාමාවචරං’යි සප්තමීවිභක්ති වචනයෙන් කරන ලද්දේද? එසේ නොකොට මෙහි ‘තෙන සමයෙන’යි කරණ වචනයෙන් නිර්දෙශය කරන ලද්දේදැයි එහි එසේද මෙහි අන්පරිද්දෙකින් ද අර්ත්ථය ලැබෙන බැවිනි. සූත්‍රාන්තයෙහි වනාහි කෙසේ අත්යන්තසංයොගාර්ත්ථය ලැබේද? යම්කලෙක භාග්‍යවතුන් වහන්සේ බ්රහ්මජාලාදී වූ සූත්‍රාන්තයන් දෙසූ සේක්ද, නිරතුරුවම ඒ කාලයෙහි පරහිත ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත කරුණා විහරණයෙන් විසූ සේක. එහෙයින් ඒ අත්යන්තසංයොගාර්ත්ථය දක්වනු පිණිස එහි සූත්‍රාන්තයෙහි ‘එකං සමයං’යි අත්යන්තසංයොගාර්ත්ථයෙහි ද්විතීයාවිභක්ති නිර්දෙශය කරන ලද්දේය.
අභිධම්මෙ ච අධිකරණත්ථො භාවෙනභාවලක්ඛණත්ථො ච සම්භවති. අධිකරණඤ්හි කාලත්ථො සමූහත්ථො ච සමයො, තත්ථ වුත්තානං ඵස්සාදිධම්මානං ඛණසමවායහෙතුසඞ්ඛාතස්ස ච සමයස්ස භාවෙන තෙසං භාවො ලක්ඛියති. තස්මා තදත්ථජොතනත්ථං තත්ථ භුම්මවචනෙන නිද්දෙසො කතො. ඉධ පන හෙතුඅත්ථො කරණත්ථො ච සම්භවති. යො හි සො සික්ඛාපදපඤ්ඤත්තිසමයො සාරිපුත්තාදීහිපි දුබ්බිඤ්ඤෙය්යො, තෙන සමයෙන හෙතුභූතෙන කරණභූතෙන ච සික්ඛාපදානි පඤ්ඤාපයන්තො සික්ඛාපදපඤ්ඤත්තිහෙතුඤ්ච අපෙක්ඛමානො භගවා තත්ථ තත්ථ විහාසි; තස්මා තදත්ථජොතනත්ථං ඉධ කරණවචනෙන නිද්දෙසො කතොති වෙදිතබ්බො. හොති චෙත්ථ –
අභිධර්මයෙහි අධිකරණ සඞ්ඛ්‍යාත ආධාරාර්ත්ථය හා ක්රියාසඞ්ඛ්යාත භාවයෙන් භාවලක්ෂණාර්ත්ථයද ලැබන්නේය. ආධාරාර්ත්ථයෙහි එන සමය ශබ්දය කාලාර්ත්ථ සමූහාර්ත්ථ ඇත්තේ වේ. එහෙයින් මෙහි කාලාර්ත්ථ සමූහාර්ත්ථ දෙක සමයයි කියනු ලැබේ. ‘යස්මිං කාලෙ ධම්මපුඤ්ජෙ වා කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති තස්මිං යෙව කාලෙ ධම්ම පුඤ්ජෙ ච ඵස්සාදයො හොන්ති’ යනු අභිධර්මයෙහි සමය ශබ්දය සමූහාර්ත්ථ කාලාර්ත්ථ දෙක්හි එන බවට නිදසුන් වේ. අෂ්ටදුෂ්ටක්ෂණයෙන් මිදුනා වූ බුද්ධෝත්පාදක්ෂණයද ‘චක්ඛුං ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං’යි මේ ලෙසින් කියූ චක්ෂුරූපාදීන්ගේ ප්‍රත්‍යය සාමග්රියද ජනකහෙතුවද යන ක්ෂණ, සමවාය, හෙතු සඞ්ඛ්‍යාත වූ සමය ශබ්දයාගේ භාවයෙන් ඒ ස්පර්ශාදි ධර්මයන්ගේ භාවය යම්හෙයකින් හඟිනු ලැබේද එහෙයින් ඒ ආධාරාර්ත්ථයාගේ භාවයෙන් භාවලක්ෂණාර්ත්ථය දක්වනු පිණිස ‘ගාවිසු දුය්හමානාසු ගතො, දුද්ධාසු ආගතො’ යනාදි තන්හි මෙන් එහි සප්තමී විභක්ති වචනයෙන් නිර්දෙශ කරන ලද්දේය.
මේ විනය පිටකයෙහි වනාහි ‘අන්තෙන වසති. විජ්ජාය වසති’ යනාදි තන්හි මෙන් හෙතු අර්ත්ථයද ‘එරසුනා ඡින්දති, කුද්දාලෙන ඛණති’ යනාදි තන්හි මෙන් කරණාර්ත්ථයද ලැබෙන්නේය. ශික්ෂාපද පැනවීමට සුදුසු වූ යම් ඒ කාලයක් වේද ඒ කාලය ශාරීපුත්‍රාදි මහාස්ථවිරයන් වහන්සේ විසිනුදු නොදත හැක්කේය. හේතුවූද කරණවූද ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවමින් ශික්ෂාපද පැනවීමට හේතුද බලාපොරොත්තු වෙමින් ඒ ඒ තැන වැඩවිසූ සේක්ද එහෙයින් ඒ අර්ත්ථය ප්‍රකාශ කරනු පිණිස මේ විනය පිටකයෙහි කරණ වචනයෙන් නිර්දෙශ කරන ලදැයි දතයුතුය. යතොකර්ත්ථය සඞ්ග්‍රහ කිරීම වශයෙන්
“උපයොගෙන භුම්මෙන, තං තං අත්ථමපෙක්ඛිය; අඤ්ඤත්ර සමයො වුත්තො, කරණෙනෙව සො ඉධා”ති.
‘උපයොගෙන භුම්මෙන - තං තං අත්ථමපෙක්ඛිය අඤ්ඤත්ර සමයො වුත්තො - කරණෙනෙව සො ඉධ’
සූත්‍ර අභිධර්ම දෙක්හි උපයොග සඞ්ඛ්‍යාත ද්විතීයාවෙන්ද භුම්ම සඞ්ඛ්‍යාත සප්තමියෙන්ද ඒ ඒ අර්ත්ථ අපෙක්ෂාකොට මේ විනය පිටකයෙහි ඒ සමය ශබ්දය කරණයෙන්ම කියන ලද්දේය.
පොරාණා පන වණ්ණයන්ති – ‘එකං සමය’න්ති වා ‘යස්මිං සමයෙ’ති වා ‘තෙන සමයෙනා’ති වා අභිලාපමත්තභෙදො එස, සබ්බත්ථ භුම්මමෙව අත්ථො”ති. තස්මා තෙසං ලද්ධියා “තෙන සමයෙනා”ති වුත්තෙපි “තස්මිං සමයෙ”ති අත්ථො වෙදිතබ්බො.
පුරාණාචාර්ය්යයෝ වනාහි ‘එකං සමයං’යි හෝ ‘යස්මිං සමයෙ’යි හෝ ‘තෙන සමයෙන’යි හෝ යන මෙය වචනමාත්‍ර භේදයෙක. මෙය සියලු තන්හි සප්තමී විභකත්යර්ත්ථය මැ’යි කියති. එහෙයින් ඔවුන්ගේ පිළිගැනීම් වසයෙන් ‘තෙන සමයෙන’යි කියූ කල්හිද ඒ කාලයෙහි යන අර්ත්ථය දතයුතුය.
බුද්ධො භගවාති ඉමෙසං පදානං පරතො අත්ථං වණ්ණයිස්සාම. වෙරඤ්ජායං විහරතීති එත්ථ පන වෙරඤ්ජාති අඤ්ඤතරස්ස නගරස්සෙතං අධිවචනං, තස්සං වෙරඤ්ජායං; සමීපත්ථෙ භුම්මවචනං. විහරතීති අවිසෙසෙන ඉරියාපථදිබ්බබ්රහ්මඅරියවිහාරෙසු අඤ්ඤතරවිහාරසමඞ්ගීපරිදීපනමෙතං, ඉධ පන ඨානගමනනිසජ්ජාසයනප්පභෙදෙසුඅඉරියාපථෙසු අඤ්ඤතරඉරියාපථසමායොගපරිදීපනං, තෙන ඨිතොපි ගච්ඡන්තොපි නිසින්නොපි සයානොපි භගවා විහරතිච්චෙව වෙදිතබ්බො. සො හි එකං ඉරියාපථබාධනං අඤ්ඤෙන ඉරියාපථෙන විච්ඡින්දිත්වා අපරිපතන්තං අත්තභාවං හරති පවත්තෙති, තස්මා “විහරතී”ති වුච්චති.
‘බුද්ධො භගවා’ යන මේ පදයන්ගේ අර්ත්ථ ඉදිරියෙහි විස්තර කරන්නෙමු. ‘වෙරඤ්ජායං විහරති’ යන මෙහි වෙරඤ්ජා යනු එක්තරා නගරයක නාමයකි. ඒ වෙරඤ්ජාවෙහිය. සමීපාර්ත්ථයෙහි සප්තමී වචනයි. ‘විහරති’ යන මෙය වෙනසක් නොමැතිව ඊර්ය්යාපථවිහරණ, දිව්යවිහරණ, බ්‍රහ්මවිහරණ, ආර්ය්යවිහරණ යන විහරණ අතුරෙහි එක්තරා විහරණයකින් යුක්තබව දක්වාලන්නේය. මෙහි වනාහි සිටීම, යෑම, හිඳීම, නිදීම යන ප්‍රභෙද ඇති ඊර්‍ය්‍යාපථ අතුරෙහි එක්තරා ඊර්ය්යාපථයකින් මැනවින් යෙදීම දක්වන්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ සිටි සේක්ද ගමන් කරන සේක්ද හිඳින සේක්ද නිදන සේක්ද ඒ සිටීම්, යෑම්, හිඳීම්, නිදීම් යන හැම ඉරියවුම ‘විහරති’ වැඩවසන සේකැයි යන එම ක්‍රියා පදයෙන් ගැනෙන්නේය. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ එක් ඉරියවුවකින් නැගී පීඩාවක් අන් ඉරියවුවකින් සිඳහැර ආත්මභාවය නොවැටෙන්නකොට හිතසුව එළවන සේක්ද පවත්වන සේක්ද එහෙයින් ‘විහරති’යි කියනු ලැබේ.
නළෙරුපුචිමන්දමූලෙති එත්ථ නළෙරු නාම යක්ඛො, පුචිමන්දොති නිම්බරුක්ඛො, මූලන්ති සමීපං. අයඤ්හි මූලසද්දො “මූලානි උද්ධරෙය්ය අන්තමසො උසීරනාළිමත්තානිපී”ති (අ· නි· 4.195) -ආදීසු මූලමූලෙ දිස්සති. “ලොභො අකුසලමූල”න්ති (දී· නි· 3.305) -ආදීසු අසාධාරණහෙතුම්හි. “යාව මජ්ඣන්හිකෙ කාලෙ ඡායා ඵරති, නිවාතෙ පණ්ණානි පතන්ති, එත්තාවතා රුක්ඛමූල”න්තිආදීසු සමීපෙ. ඉධ පන සමීපෙ අධිප්පෙතො, තස්මා නළෙරුයක්ඛෙන අධිග්ගහිතස්ස පුචිමන්දස්ස සමීපෙති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. සො කිර පුචිමන්දො රමණීයො පාසාදිකො අනෙකෙසං රුක්ඛානං ආධිපච්චං විය කුරුමානො තස්ස නගරස්ස අවිදූරෙ ගමනාගමනසම්පන්නෙ ඨානෙ අහොසි. අථ භගවා වෙරඤ්ජං ගන්ත්වා පතිරූපෙ ඨානෙ විහරන්තො තස්ස රුක්ඛස්ස සමීපෙ හෙට්ඨාභාගෙ විහාසි. තෙන වුත්තං – “වෙරඤ්ජායං විහරති නළෙරුපුචිමන්දමූලෙ”ති.
‘නළෙරුපුචිමන්දමූලෙ’ මෙහි නළෙරු නම් යක්ෂයෙකි. පුචිමන්ද යනු කොසඹ රුකය. මූල යනු සමීපය. මේ මූල ශබ්දය වනාහි ‘මූලානි උද්ධරෙය්ය අන්තමසො උසීරනාළමත්තාතිපි’ යනාදි තන්හි මූලමූලයෙහිද ‘ලොභො අකුසල මූලං’ යනාදි තන්හි අසාධාරණ හේතුවෙහිද ‘යාව මජ්ඣන්තිකෙ කාලෙ ඡායා එරති නිවාතෙ පණ්ණානි පතන්ති එත්තාවතා රුක්ඛමූලං’ යනාදි තන්හි සමීපයෙහිද දක්නා ලැබේ. මෙහි වනාහි සමීපය අභිමත වේ. එහෙයින් නළෙරු යකු විසින් අරක්ගත් කොසඹ රුක සමීපයෙහියි මෙසේ මෙහි අරුත් දතයුතුය. ඒ කොසඹ රුක සිත්කලුය. දුටුවන් පහදවන්නේය. නන්වැදෑරුම් වෘක්ෂයනට අධිපතිභාවය කරන්නකු මෙන් එනුවරට නොදුරෙහි යෑම ඊමට පහසුකම් ඇති තැනක වූයේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජාවට වැඩමකොට සුදුසු තැනක වසන සේක් ඒ රුක සමීපයෙහි යට පෙදෙසෙහි විසූ සේක. ‘වෙරඤ්ජායං විහරති නළෙරුපුචිමන්දෙ මූලෙ’යි එහෙයින් කියන ලද්දේය.
තත්ථ සියා යදි තාව භගවා වෙරඤ්ජායං විහරති, “නළෙරුපුචිමන්දමූලෙ”ති න වත්තබ්බං, අථ තත්ථ විහරති, “වෙරඤ්ජාය”න්ති න වත්තබ්බං, න හි සක්කා උභයත්ථ තෙනෙව සමයෙන අපුබ්බං අචරිමං විහරිතුන්ති? න ඛො පනෙතං එවං දට්ඨබ්බං, නනු අවොචුම්හ “සමීපත්ථෙ භුම්මවචන”න්ති. තස්මා යථා ගඞ්ගායමුනාදීනං සමීපෙ ගොයූථානි චරන්තානි “ගඞ්ගාය චරන්ති, යමුනාය චරන්තී”ති වුච්චන්ති; එවමිධාපි යදිදං වෙරඤ්ජාය සමීපෙ නළෙරුපුචිමන්දමූලං තත්ථ විහරන්තො වුච්චති “වෙරඤ්ජායං විහරති නළෙරුපුචිමන්දමූලෙ”ති. ගොචරගාමනිදස්සනත්ථං හිස්ස වෙරඤ්ජාවචනං. පබ්බජිතානුරූපනිවාසනට්ඨානනිදස්සනත්ථං නළෙරුපුචිමන්දමූලවචනං.
‘තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරති නළෙරු පුචිමන්දෙ මූලෙ’යි යමක් කියන ලදද එහි කිසිවක්හට පරිවිතර්කයක් වන්නේය. ඉදින් වනාහි භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජාවෙහි වැඩවසන සේකැයි ගනිත්නම් නළෙරුපුචිමන්දමූලයෙහියි නොකිය යුතුය. නළෙරුපුචිමන්දමූලයෙහි වැඩවසන සේකැයි ගනිත්නම් වෙරඤ්ජාවෙහියි නොකියයුතුය. දෙතැනක ඒ කාලයෙහිම පෙරපසු නොවී වසන්නට නොමහැකිය යනුයි. මෙය වනාහි මෙසේ නොදතයුතුය. සමීපාර්ත්ථයෙහි සප්තමී වචනැයි කීවෝ නොවෙමුද? එහෙයින් ගඞ්ගා-යමුනාදීන්ගේ සමීපයෙහි හැසිරෙත්, ගෝමඬුලු ගඞ්ගාවෙහි හැසිරෙති, යමුනාවෙහි හැසිරෙතියි යම්සේ කියනු ලැබෙත්ද මෙසේ මෙහිද වෙරඤ්ජා නුවර සමීපයෙහි යම් මේ නළෙරුපුචිමන්දමූලය වේද එහි වැඩවසන සේක් ‘වෙරඤ්ජාවෙහි නළෙරුපුචිමන්දමූලයෙහි වැඩවසත්’යි කියනු ලැබේ. මෙහි වෙරඤ්ජා වචනය මුන්වහන්සේගේ ගොදුරුගම දැක්වීම පිණිසය. නළෙරුපුචිමන්දමූල වචනය පැවිද්දන්ට සුදුසු වූ නිවාසස්ථානය දැක්වීම පිණිසය.
තත්ථ වෙරඤ්ජාකිත්තනෙන ආයස්මා උපාලිත්ථෙරො භගවතො ගහට්ඨානුග්ගහකරණං දස්සෙති, නළෙරුපුචිමන්දමූලකිත්තනෙන පබ්බජිතානුග්ගහකරණං, තථා පුරිමෙන පච්චයග්ගහණතො අත්තකිලමථානුයොගවිවජ්ජනං, පච්ඡිමෙන වත්ථුකාමප්පහානතො කාමසුඛල්ලිකානුයොගවිවජ්ජනුපායදස්සනං; පුරිමෙන ච ධම්මදෙසනාභියොගං, පච්ඡිමෙන විවෙකාධිමුත්තිං; පුරිමෙන කරුණාය උපගමනං , පච්ඡිමෙන පඤ්ඤාය අපගමනං; පුරිමෙන සත්තානං හිතසුඛනිප්ඵාදනාධිමුත්තතං, පච්ඡිමෙන පරහිතසුඛකරණෙ නිරුපලෙපනං; පුරිමෙන ධම්මිකසුඛාපරිච්චාගනිමිත්තං ඵාසුවිහාරං, පච්ඡිමෙන උත්තරිමනුස්සධම්මානුයොගනිමිත්තං; පුරිමෙන මනුස්සානං උපකාරබහුලතං, පච්ඡිමෙන දෙවතානං; පුරිමෙන ලොකෙ ජාතස්ස ලොකෙ සංවඩ්ඪභාවං, පච්ඡිමෙන ලොකෙන අනුපලිත්තතං; පුරිමෙන “එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එකපුග්ගලො? තථාගතො අරහං සම්මාසම්බුද්ධො”ති (අ· නි· 1.170) වචනතො යදත්ථං භගවා උප්පන්නො තදත්ථපරිනිප්ඵාදනං, පච්ඡිමෙන යත්ථ උප්පන්නො තදනුරූපවිහාරං. භගවා හි පඨමං ලුම්බිනීවනෙ, දුතියං බොධිමණ්ඩෙති ලොකියලොකුත්තරාය උප්පත්තියා වනෙයෙව උප්පන්නො, තෙනස්ස වනෙයෙව විහාරං දස්සෙතීති එවමාදිනා නයෙනෙත්ථ අත්ථයොජනා වෙදිතබ්බා.
එහි වෙරඤ්ජාව දැක්වීමෙන් ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ගැහැවියනට අනුග්‍රහ කිරීමද දක්වාලන්නෝය. එසේ පළමු වචනයෙන් සිවුපසය ගැනීමෙන් අත්තකිලමථානුයෝගයාගේ දුරුකිරීමද, පැසුළු වචනයෙන් ක්ලේශ කාමයට වස්තු වූ රූපාදීවූ වස්තු කාමයන්ගේ ප්‍රහාණයෙන් කාමසුඛල්ලිකානුයෝගය දුරුකිරීමෙහි උපාය දැක්වීමද, පළමු වචනයෙන් ධර්මදේශනාභියෝගයද, පැසුළු වචනයෙන් විවෙකාධිමුක්තියද, පළමු වචනයෙන් කරුණාවට එළඹ සිටිමද, පැසුළු වචනයෙන් ප්‍රඥාව හේතුකොට ලාභාපෙක්ෂාවෙන් දුරුවීමද, පළමු වචනයෙන් සත්ත්වයන්ට හිතසුව නිපදවීමෙහි නැමුනු බවද, පැසුළු වචනයෙන් පරහට සුඛකරණයෙහි ඇලීමද, පළමු වචනයෙන් ධාර්මික සුඛපරිත්යාගයට කරුණු වූ ඵාසුවිහරණයද, පැසුළු වචනයෙන් උත්තරීමනුෂ්‍ය ධර්මයෙහි එක්වන් යෙදීමට කරුණු වූ ඵාසුවිහරණයද, පළමු වචනයෙන් මිනිසුන්ට උපකාර බහුලබවද, පැසුළු වචනයෙන් දෙවියන්ට උපකාර බහුලබවද, පළමු වචනයෙන් ලෙව්හි උපන්නහුගේ ලෙව්හි ආමිස පරිභෝගයෙන් වැඩීමද, පැසුළු වචනයෙන් ලෙව්හි නොඇලුනු බවද, පළමු වචනයෙන් ‘එකපුග්ගලො භික්ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, කතමො එකපුග්ගලො, තථාගතො අරහං සම්මා සම්බුද්ධො’යි වදාළ වචනයෙන් යම් අර්‍ත්‍ථයක් පිණිස භාග්‍යවතුන් වහන්සේ උපන් සේක්ද, ඒ ලොකාර්ත්ථ නිෂ්පාදනයද, පැසුළු වචනයෙන් යම්තැනක උපන් සේක්ද, එයට අනුරූප වූ විහරණයද, භාග්‍යවතුන් වහන්සේ පළමුකොට ලුම්බිනි වනයෙහිද, දෙවනුව බොධිමණ්ඩයෙහිදැයි ලෞකික ලෝකෝත්තර උත්පත්තියෙන් වනයෙහිම උපන් සේක්ද එහෙයින් වනයෙහිම මුන්වහන්සේගේ විහරණයද දක්වන්නේ යයි මේආදි නයින් මෙහි අර්ත්ථ යෝජනාව දතයුතුය.
මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධින්ති එත්ථ මහතාති ගුණමහත්තෙනපි මහතා; සඞ්ඛ්යාමහත්තෙනපි, සො හි භික්ඛුසඞ්ඝො ගුණෙහිපි මහා අහොසි, යස්මා යො තත්ථ පච්ඡිමකො සො සොතාපන්නො; සඞ්ඛ්යායපි මහා පඤ්චසතසඞ්ඛ්යත්තා. භික්ඛූනං සඞ්ඝෙන භික්ඛුසඞ්ඝෙන; දිට්ඨිසීලසාමඤ්ඤසඞ්ඛාතසඞ්ඝාතෙන සමණගණෙනාති අත්ථො. සද්ධින්ති එකතො.
‘මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං’ යන මෙහි මහතා, ගුණ මහත්ත්වයෙන්ද, සඞ්ඛ්‍යා මහත්ත්වයෙන්ද මහත් වූ ඒ භික්ෂුතෙමේ වනාහි ගුණයන්ගෙනුදු මහත් වූයේය. යම්හෙයකින් එහි යම් පැසුළු මහණෙක් වූයේද හෙතෙමේ සෝවාන් වූයේය. ගණන් විසිනුදු පන්සිය ගණන් බැවින් මහත් වූයේය. භික්ෂූන්ගේ සමූහය භික්ඛු සඞ්ඝ’ නම් වේ. ඒ භික්ෂු සඞ්ඝයා සමග ආර්‍ය්‍ය වූ දෘෂ්ටියෙහි හා ශීලයෙහි සමානභාවයෙන් එක්වූ හැනී සිටියා වූ ශ්‍රමණ ගණයා හා යන අර්‍ත්‍ථයි ‘සද්ධිං’ එක්ව.
පඤ්චමත්තෙහි භික්ඛුසතෙහීති පඤ්ච මත්තා එතෙසන්ති පඤ්චමත්තානි. මත්තාති පමාණං වුච්චති. තස්මා යථා “භොජනෙ මත්තඤ්ඤූ”ති වුත්තෙ භොජනෙ මත්තං ජානාති, පමාණං ජානාතීති අත්ථො හොති; එවමිධාපි තෙසං භික්ඛුසතානං පඤ්ච මත්තා පඤ්චප්පමාණන්ති එවමත්ථො දට්ඨබ්බො. භික්ඛූනං සතානි භික්ඛුසතානි, තෙහි පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. එතෙන යං වුත්තං – “මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධි”න්ති, එත්ථ තස්ස මහතො භික්ඛුසඞ්ඝස්ස සඞ්ඛ්යාමහත්තං දස්සිතං හොති. පරතො පනස්ස “නිරබ්බුදො හි, සාරිපුත්ත භික්ඛුසඞ්ඝො නිරාදීනවො අපගතකාළකො සුද්ධො සාරෙ පතිට්ඨිතො. ඉමෙසඤ්හි, සාරිපුත්ත, පඤ්චන්නං භික්ඛුසතානං යො පච්ඡිමකො සො සොතාපන්නො”ති වචනෙන ගුණමහත්තං ආවිභවිස්සති.
‘පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි’ පසක් ප්‍රමාණ මොවුනටනුයි පඤ්චමත්ත නමි. මත්තා යන මෙයින් ප්‍රමාණය කියනු ලැබේ. එහෙයින් යම්සේ ‘භොජනෙ මත්තඤ්ඤූ’යි කියූ කල්හි බොජුනෙහි මාත්‍රය දනී, පමණ දනී, යන අර්ත්ථය වේ එසේ මෙහිද ඒ භික්ෂූන් සියය පිළිබඳ පංචමාත්රය පංචප්රමාණයයි මෙසේ අර්ත්ථය දතයුත්තේය. භික්ෂූන් පිළිබඳ සියය ‘භික්ඛුසත’ නම් වේ. ඒ පන්සියයක් පමණ වූ භික්ෂුන් සමග ‘මහතා භික්ඛු සඞ්ඝෙන සද්ධිං’ යන මෙයින් යමක් කියන ලදද එයින් මෙහි ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහත්වූ භික්ඛු සඞ්ඝයාගේ සඞ්ඛ්‍යා මහත්ත්වය දක්වන ලද්දේ වේ. ඉදිරියෙහි වනාහි මේ පන්සියයක් පමණ භික්ෂු සඞ්ඝයා පිළිබඳ ‘ශාරීපුත්‍ර! භික්ෂු සඞ්ඝ තෙමේ වියවුල් රහිතය, එහෙයින් දොස් නැත්තේය, පහවූ පව් ඇත්තේය, පිරිසිදුය, සාරයෙහි පිහිටියේය, ශාරීපුත්‍ර! මේ පන්සියයක් භික්ෂූන් අතුරෙහි යම් පැසුළු මහණෙක් වේද, හෙතෙමේ සොතාපන්තය’ යන වචනයෙන් ගුණ මහත්ත්වය ප්රකටය.
අස්සොසි ඛො වෙරඤ්ජො බ්රාහ්මණොති අස්සොසීති සුණි උපලභි, සොතද්වාරසම්පත්තවචනනිග්ඝොසානුසාරෙන අඤ්ඤාසි. ඛොති පදපූරණමත්තෙ අවධාරණත්ථෙ වා නිපාතො. තත්ථ අවධාරණත්ථෙන අස්සොසි එව, නාස්ස කොචි සවනන්තරායො අහොසීති අයමත්ථො වෙදිතබ්බො. පදපූරණෙන පන බ්යඤ්ජනසිලිට්ඨතාමත්තමෙව. වෙරඤ්ජායං ජාතො, වෙරඤ්ජායං භවො, වෙරඤ්ජා වා අස්ස නිවාසොති වෙරඤ්ජො. මාතාපිතූහි කතනාමවසෙන පනායං “උදයො”ති වුච්චති. බ්රහ්මං අණතීති බ්රාහ්මණො, මන්තෙ සජ්ඣායතීති අත්ථො. ඉදමෙව හි ජාතිබ්රාහ්මණානං නිරුත්තිවචනං. අරියා පන බාහිතපාපත්තා “බ්රාහ්මණා”ති වුච්චන්ති.
‘අස්සොසි ඛො වෙරඤ්ජො බ්රාහ්මණො’ යන මෙහි ‘අස්සොසි’, ඇසූයේය. ලැබුයේය. කණට වැටුණු වාග්ඝොෂානුසාරයෙන් දැනගත්තේය. ‘ඛො’ යනු පදපූරණ මාත්‍රයෙහි හෝ අවධාරණාර්ත්ථයෙහි නිපාතයි. එහි අවධාරණාර්ත්ථයෙන් ඇසුයේමය, මොහුට කිසි ශ්රවණාන්තරායක් නොවූයේය, යන මේ අර්ත්ථය දතයුතුය. පදපූරණ මාත්‍රයෙන් වනාහි ව්‍යඤ්ජනයන්ගේ සිලිටි බව පමණක්ම වේ. වෙරඤ්ජාවෙහි උපන්නේය, වෙරඤ්ජාවෙහි වූයේය, වෙරඤ්ජාව මොහුට වාසස්ථාන හෝ වූයේ යයි වෙරඤ්ජ නම් වේ. මවුපියන් විසින් කරන ලද නාම වශයෙන් මෙතෙමේ ‘උදය’යි කියනු ලැබේ. වේදය හදාරානුයි ‘බ්‍රහ්මණ’ නම්. සෘග්වෙදාදි මන්ත්‍ර හදාරන්නේය යන අර්‍ත්‍ථයි. මේ වනාහි බැහැරකළ බහා තැබූ පව් ඇති බැවින් බ්රාහ්මණයෝයි කියනු ලැබෙත්.
ඉදානි යමත්ථං වෙරඤ්ජො බ්රාහ්මණො අස්සොසි, තං පකාසෙන්තො සමණො ඛලු භො ගොතමොතිආදිමාහ. තත්ථ සමිතපාපත්තා සමණොති වෙදිතබ්බො. වුත්තං හෙතං – “බාහිතපාපොති බ්රාහ්මණො (ධ· ප· 388), සමිතපාපත්තා සමණොති වුච්චතී”ති (ධ· ප· 265). භගවා ච අනුත්තරෙන අරියමග්ගෙන සමිතපාපො, තෙනස්ස යථාභුච්චගුණාධිගතමෙතං නාමං යදිදං සමණොති. ඛලූති අනුස්සවනත්ථෙ නිපාතො. භොති බ්රාහ්මණජාතිකානං ජාතිසමුදාගතං ආලපනමත්තං.
දැන් වෙරඤ්ජ බ්‍රාහ්මණ තෙමේ යම් අර්‍ත්‍ථයක් ඇසූයේද එය පවසනුයේ ‘සමණො බලු භො ගොතමො’ යනාදිය කීයේය. එහි සන්සිඳවූ පව් ඇති බැවින් ‘ශ්‍රමණය’යි දතයුතුය. ‘බාහිතපාපොති බ්රාහ්මණො සමිතපාපත්තා සමණොති වුච්චති’යි මෙය කියන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේද නිරුත්තරවූ ආර්‍ය්‍ය මාර්ගයෙන් සන්සිඳවූ පව් ඇති සේක. එහෙයින් යම් මේ ශ්‍රමණ යන නාමයක්වේද මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් යථාර්ත්ථවත් වූ ගුණයන්ගෙන් ලබන ලද්දේය. ‘බලු’ යනු අනුශ්රවණාර්ත්ථයෙහි නිපාතයකි. ‘භො’ යනු බ්‍රාහ්මණ ජාති ඇතියනට ජාති වශයෙන් සිද්ධ වූ ආලපන මාත්‍රයකි.
වුත්තම්පි හෙතං – “භොවාදී නාමසො හොති, සචෙ හොති සකිඤ්චනො”ති. (ධ· ප· 396; සු· නි· 625). ගොතමොති භගවන්තං ගොත්තවසෙන පරිකිත්තෙති, තස්මා “සමණො ඛලු භො ගොතමො”ති එත්ථ සමණො කිර භො ගොතමගොත්තොති එවමත්ථො දට්ඨබ්බො. සක්යපුත්තොති ඉදං පන භගවතො උච්චාකුලපරිදීපනං. සක්යකුලා පබ්බජිතොති සද්ධාපබ්බජිතභාවපරිදීපනං, කෙනචි පාරිජුඤ්ඤෙන අනභිභූතො අපරික්ඛීණංයෙව, තං කුලං පහාය සද්ධාය පබ්බජිතොති වුත්තං හොති. තතො පරං වුත්තත්ථමෙව. තං ඛො පනාති ඉත්ථම්භූතාඛ්යානත්ථෙ උපයොගවචනං, තස්ස ඛො පන භොතො ගොතමස්සාති අත්ථො. කල්යාණොති කල්යාණගුණසමන්නාගතො; සෙට්ඨොති වුත්තං හොති. කිත්තිසද්දොති කිත්ති එව, ථුතිඝොසො වා.
‘භොවාදී නාම සො හොති සචෙ හොති සකිඤ්චනො’යි මෙය කියන ලද්දේය. ‘ගොතමො’ යන මෙය ගෝත්‍ර වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දක්වාලන්නේය. එහෙයින් ‘සමණො බලු භො ගොතමො’ යන මෙහි භවත්නි! ශ්‍රමණතෙමේ වනාහි ගෞතම ගෝත්‍ර ඇත්තේ යයි මෙසේ අර්ත්ථ දතයුතුය. ‘සක්යපුත්තො’ යන මෙය භාග්‍යවතුන් වහන්සේගේ උසස් කුලය දක්වන්නේය. ‘සක්යකුලා පබ්බජිතො’ යනු ශ්‍රද්ධාවෙන් පැවිදි වූ බව දැක්වීමය. කිසිදු පිරිහීමකින් නොමඩනා ලද්දාහු කිසිවකින් ක්ෂය නොවූම ඒ කුලය හැරපියා ශ්‍රද්ධාවෙන් පැවිදිවූහ’යි කියන ලද්දේ වේ. එයින් අන්‍යවූයේ කියූ අර්ත්ථ ඇත්තේමය. ‘තං ඛො පන’ යනු ඉත්ථම්භූතාඛ්යානයෙහි ද්විතියා වචනයි. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යන අර්‍ත්‍ථයි. ‘කල්යාණො’ කල්‍යාණ ගුණ යුක්තයහ. ශ්රේෂ්ඨයහයි කියන ලද්දේ වේ. ‘කිත්තිසද්දො’ යනු කීර්තියමය. හෝ ස්තූති ඝොෂය වෙයි.
ඉතිපි සො භගවාතිආදීසු පන අයං තාව යොජනා – සො භගවා ඉතිපි අරහං, ඉතිපි සම්මාසම්බුද්ධො…පෙ… ඉතිපි භගවාති ඉමිනා ච ඉමිනා ච කාරණෙනාති වුත්තං හොති.
‘ඉතිපි සො භගවා’ යනාදි තන්හි වනාහි ‘සො භගවා ඉතිපි අරහං ඉතිපි සම්මා සම්බුද්ධො -පෙ- ඉතිපි භගවා’ යන මේ වනාහි යෙදීමය. මේ මේ කාරණයෙනැයි කියන ලද්දේ වේ.
ඉදානි විනයධරානං සුත්තන්තනයකොසල්ලත්ථං විනයසංවණ්ණනාරම්භෙ බුද්ධගුණපටිසංයුත්තාය ධම්මියා කථාය චිත්තසම්පහංසනත්ථඤ්ච එතෙසං පදානං විත්ථාරනයෙන වණ්ණනං කරිස්සාමි.
දැන් විනයධරයන්ගේ සූත්රාන්තනය කෞශල්‍යය පිණිස විනය සංවර්ණානාවගේ ආරම්භයෙහි බුද්ධගුණ ප්‍රතිසංයුක්ත වූ ධර්මකථාවෙන් චිත්ත සන්තොෂය පිණිස චිත්තප්‍රසාදය උපදවනු පිණිස මේ පදයන්ගේ සංවර්ණනාව විස්තර නයින් කරන්නෙමි.
තස්මා යං වුත්තං – “සො භගවා ඉතිපි අරහ”න්තිආදි;
එහෙයින් ‘සො භගවා ඉතිපි අරහං’ යනාදි විසින් යමක් කියන ලදද එහිලා මෙසේ දතයුතුය.
අරහං
තත්ථ ආරකත්තා, අරීනං අරානඤ්ච හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවාති ඉමෙහි තාව කාරණෙහි සො භගවා අරහන්ති වෙදිතබ්බො. ආරකා හි සො සබ්බකිලෙසෙහි සුවිදූරවිදූරෙ ඨිතො, මග්ගෙන සවාසනානං කිලෙසානං විද්ධංසිතත්තාති ආරකත්තා අරහං; තෙ චානෙන කිලෙසාරයො මග්ගෙන හතාති අරීනං හතත්තාපි අරහං. යඤ්චෙතං අවිජ්ජාභවතණ්හාමයනාභිපුඤ්ඤාදිඅභිසඞ්ඛාරාරං ජරාමරණනෙමි ආසවසමුදයමයෙන අක්ඛෙන විජ්ඣිත්වා තිභවරථෙ සමායොජිතං අනාදිකාලප්පවත්තං සංසාරචක්කං, තස්සානෙන බොධිමණ්ඩෙ වීරියපාදෙහි සීලපථවියං පතිට්ඨාය සද්ධාහත්ථෙන කම්මක්ඛයකරං ඤාණඵරසුං ගහෙත්වා සබ්බෙ අරා හතාති අරානං හතත්තාපි අරහං.
එහි කෙලෙසුන්ගෙන් දුරුවූ බැවින් කෙලෙස් සතුරන් හා සංසාර චක්‍රයාගේ දැවී නැසූ බැවින් වීවරාදි ප්රත්යයන්ට සුදුසු බැවින් පව් කිරීමෙහි රහසක් නැති බැවින් රහසිනුදු පව් නොකරන බැවින් යන මේ කරුණුවලින් පළමුකොට ඒ භාග්‍යවතුන් වහන්සේ ‘රහත්හ’යි දතයුතුය. ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් ඈත්වෙති. ඉතා දුර ඉතා ඈත්හි සිටියහ. ආර්ය්යමාර්ගයෙන් ස්වාසනා ක්ලේශයන් විධ්වංසනය කළබැවිනැයි ඈත්හිවූ බැවින් රහත්හ. මේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ කෙලෙස් සතුරෝ මාර්ගඥානයෙන් නසන ලදහයි කෙලෙස් සතුරන් නැසූ බැවින්ද රහත්හ. අවිද්‍යා භවතෘෂ්ණාමය නාභි ඇති පුණ්යාභිසංස්කාරාදීවූ අභිසංස්කාර නැමති අර ඇති ජරාමරණ නැමති නිම්වළලු ඇති ආස්‍රව සමුදයමය අලවංගුවෙන් විද භවත්‍රය නැමති රියෙහි මොනවට යොදනලද මුල් නොදතහැකි කලක් පැවැති යම් මේ සංසාර චක්‍රයක් වේද මුන්වහන්සේ විසින් ඒ සංසාර චක්‍රයාගේ භවරූප වූ සියලු අරයෝ බෝමැඩදී වීර්‍ය්‍ය නැමැති පාදයෙන් ශීල නැමැති පෘථිවියෙහි පිහිටාගෙන ශ්‍රද්ධා නැමති හස්තයෙන් කර්ම ක්ෂයකර ඥාන නමැති පොරොව ගෙන නසන ලදහයි මෙසේ සංසාර චක්‍රයෙහි අර නැසූ බැවිනුදු රහත්හ.
අථ වා සංසාරචක්කන්ති අනමතග්ගසංසාරවට්ටං වුච්චති, තස්ස ච අවිජ්ජා නාභි, මූලත්තා; ජරාමරණං නෙමි, පරියොසානත්තා; සෙසා දස ධම්මා අරා, අවිජ්ජාමූලකත්තා ජරාමරණපරියන්තත්තා ච. තත්ථ දුක්ඛාදීසු අඤ්ඤාණං අවිජ්ජා, කාමභවෙ ච අවිජ්ජා කාමභවෙ සඞ්ඛාරානං පච්චයො හොති. රූපභවෙ අවිජ්ජා රූපභවෙ සඞ්ඛාරානං පච්චයො හොති. අරූපභවෙ අවිජ්ජා අරූපභවෙ සඞ්ඛාරානං පච්චයො හොති. කාමභවෙ සඞ්ඛාරා කාමභවෙ පටිසන්ධිවිඤ්ඤාණස්ස පච්චයා හොන්ති. එස නයො ඉතරෙසු. කාමභවෙ පටිසන්ධිවිඤ්ඤාණං කාමභවෙ නාමරූපස්ස පච්චයො හොති, තථා රූපභවෙ. අරූපභවෙ නාමස්සෙව පච්චයො හොති. කාමභවෙ නාමරූපං කාමභවෙ සළායතනස්ස පච්චයො හොති. රූපභවෙ නාමරූපං රූපභවෙ තිණ්ණං ආයතනානං පච්චයො හොති. අරූපභවෙ නාමං අරූපභවෙ එකස්සායතනස්ස පච්චයො හොති. කාමභවෙ සළායතනං කාමභවෙ ඡබ්බිධස්ස ඵස්සස්ස පච්චයො හොති. රූපභවෙ තීණි ආයතනානි රූපභවෙ තිණ්ණං ඵස්සානං; අරූපභවෙ එකමායතනං අරූපභවෙ එකස්ස ඵස්සස්ස පච්චයො හොති. කාමභවෙ ඡ ඵස්සා කාමභවෙ ඡන්නං වෙදනානං පච්චයා හොන්ති. රූපභවෙ තයො තත්ථෙව තිස්සන්නං; අරූපභවෙ එකො තත්ථෙව එකිස්සා වෙදනාය පච්චයො හොති. කාමභවෙ ඡ වෙදනා කාමභවෙ ඡන්නං තණ්හාකායානං පච්චයා හොන්ති. රූපභවෙ තිස්සො තත්ථෙව තිණ්ණං; අරූපභවෙ එකා වෙදනා අරූපභවෙ එකස්ස තණ්හාකායස්ස පච්චයො හොති. තත්ථ තත්ථ සා සා තණ්හා තස්ස තස්ස උපාදානස්ස පච්චයො; උපාදානාදයො භවාදීනං.
තවද, ‘සංසාරචක්ක’ යන මෙයින් නොදත් පූර්ව කෙළවර ඇති සංසාර වෘත්ත කියනු ලැබේ. එයටද අවිද්‍යාව මූලය බැවින් නාභිය වේ. කෙළවර බැවින් ජරාමරණ නිම්වළල්ල වේ. අවිද්‍යාව මූලය බැවින් හා ජරාමරණ අවසානය බැවින් සෙසු දශධර්‍මයෝ අරවෙත්. එහි දුඃඛාදියෙහි නොදැනීම අවිද්‍යාය. කාමභවයෙහි අවිද්‍යාව කාමභවයෙහි සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ. රූපභවයෙහි අවිද්‍යාව රූපභවයෙහි සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ. අරූප භවයෙහි අවිද්‍යාව අරූප භවයෙහි සංස්කාරයන්ට ප්‍රත්‍යය වේ. කාමභවයෙහි සංස්කාරයෝ කාමභවයෙහි ප්රතිසන්ධි විඥානයට ප්‍රත්‍යයෝ වෙත්. රූපභව, අරූපභවයන්හිද මේ ක්‍රමය වේ. කාමභවයෙහි ප්රතිසන්ධිවිඥානය කාම භවයෙහි නාමරූපයට ප්‍රත්‍යය වේ. රූපභවයෙහිද එසේය. අරූප භවයෙහි නාමයටම ප්‍රත්‍යය වේ. කාමභවයෙහි නාමරූපය කාමභවයෙහි ෂඩායතනයට ප්‍රත්‍යය වේ. රූපභවයෙහි නාමරූපය රූපභවයෙහි චක්ඛු, සොත, මන යන ත්‍රිවිධ ආයතනයන්ට ප්‍රත්‍යය වේ. අරූපභවයෙහි නාමය අරූපභවයෙහි එක්ම මනායතනයට ප්‍රත්‍යය වේ. කාමභවයෙහි ෂඩායතනය කාමභවයෙහි සවැදෑරුම් වූ ස්පර්ශයට ප්‍රත්‍යය වේ. රූපභවයෙහි චක්ඛු, සොත, මන යන ත්‍රිවිධ ආයතන රූපභවයෙහි තෙවැදෑරුම් ස්පර්ශයන්ට ප්‍රත්‍යය වේ. අරූප භවයෙහි එක්ම මනායතනය අරූප භවයෙහි එක්ම ස්පර්ශයට ප්‍රත්‍යය වේ. කාමභවයෙහි සවැදෑරුම් වූ ස්පර්ශ වේ. කාමභවයෙහි සවැදෑරුම් වූ වෙදනාවන්ට ප්‍රත්‍යය වේ. රූපභවයෙහි තෙවැදෑරුම් වූ ස්පර්ශ රූපභවයෙහිම තෙවැදෑරුම් වූ වේදනාවන්ට ප්‍රත්‍යය වේ. අරූපභවයෙහි එකම ස්පර්ශය එහිම එක්ම වෙදනාවට ප්‍රත්‍යය වේ. කාමභවයෙහි සවැදෑරුම් වූ වෙදනා කාමභවයෙහි සවැදෑරුම් වූ තෘෂ්ණාකායයන්ට ප්‍රත්‍යය වේ. රූපභවයෙහි තෙවැදෑරුම් වූ වෙදනා එහිම තෙවැදෑරුම් වූ තෘෂ්ණාකායයන්ට ප්‍රත්‍යය වේ. අරූප භවයෙහි එක්ම වෙදනා අරූප භවයෙහි එම තෘෂ්ණාකායට ප්‍රත්‍යය වේ. ඒ ඒ තන්හි ඒ ඒ තෘෂ්ණා තොමෝ ඒ ඒ උපාදානයට ප්‍රත්‍යය වේ. උපාදානාදිය කාමභවාදීන්ට ප්‍රත්‍යය වේ.
කථං? ඉධෙකච්චො “කාමෙ පරිභුඤ්ජිස්සාමී”ති කාමුපාදානපච්චයා කායෙන දුච්චරිතං චරති, වාචාය මනසා දුච්චරිතං චරති; දුච්චරිතපාරිපූරියා අපායෙ උපපජ්ජති. තත්ථස්ස උපපත්තිහෙතුභූතං කම්මං කම්මභවො, කම්මනිබ්බත්තා ඛන්ධා උපපත්තිභවො, ඛන්ධානං නිබ්බත්ති ජාති, පරිපාකො ජරා, භෙදො මරණං.
කෙසේදයත්: මේ ලෝකයෙහි ඇතැම් එකෙක් කාමයන් වළඳන්නෙමි’යි කාමොපාදාන ප්‍රත්‍යයයෙන් කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. දුශ්චරිත පරිපූර්ණත්වයෙන් අපායයෙහි උපදියි. එහි මොහුගේ උපතට හේතු වූ කර්මය කර්මභව නම් වේ. කර්මයෙන් උපන් ස්කන්ධ උත්පත්ති භව නම් වේ. ස්කන්ධයන්ගේ හටගැනීම ජාතියය. පැසීම ජරාය. බිඳීම මරණයයි.
අපරො “සග්ගසම්පත්තිං අනුභවිස්සාමී”ති තථෙව සුචරිතං චරති; සුචරිතපාරිපූරියා සග්ගෙ උපපජ්ජති. තත්ථස්ස උපපත්තිහෙතුභූතං කම්මං කම්මභවොති සො එව නයො.
අනෙකෙක් ස්වර්ගසම්පත්තිය වළඳන්නෙමි’යි එසේම සුචරිතයෙහි හැසිරෙයි. පුචරිතයන්ගේ පරිපූර්ණත්වයෙන් ස්වර්ගයෙහි උපදියි. එහි මොහුගේ උපතට හේතු වූ කර්මය කර්මභව නම්වේය යන මෙහිද ඒ ක්රමයම වේ.
අපරො පන “බ්රහ්මලොකසම්පත්තිං අනුභවිස්සාමී”ති කාමුපාදානපච්චයා එව මෙත්තං භාවෙති, කරුණං… මුදිතං… උපෙක්ඛං භාවෙති, භාවනාපාරිපූරියා බ්රහ්මලොකෙ නිබ්බත්තති. තත්ථස්ස නිබ්බත්තිහෙතුභූතං කම්මං කම්මභවොති සොයෙව නයො.
අනෙකෙක් බ්‍රහ්මලෝක සම්පත්තිය වළඳින්නෙමියි කාමොපාදාන ප්රත්යයයෙන්ම මෛත්‍රිය වඩයි. කරුණා, මුදිතා, උපෙක්ෂාවන් වඩයි. භාවනාවන්ගේ පරිපූර්ණත්වයෙන් බ්‍රහ්ම ලෝකයෙහි උපදියි. එහි මොහුගේ උපතට කරුණු වූ කර්මය කර්මභව නම්වේ, යන මෙහිද ඒ ක්රමයම වේ.
අපරො “අරූපවභසම්පත්තිං අනුභවිස්සාමී”ති තථෙව ආකාසානඤ්චායතනාදිසමාපත්තියො භාවෙති, භාවනාපාරිපූරියා තත්ථ නිබ්බත්තති. තත්ථස්ස නිබ්බත්තිහෙතුභූතං කම්මං කම්මභවො, කම්මනිබ්බත්තා ඛන්ධා උපපත්තිභවො, ඛන්ධානං නිබ්බත්ති ජාති, පරිපාකො ජරා, භෙදො මරණන්ති. එස නයො සෙසුපාදානමූලිකාසුපි යොජනාසු.
අනෙකෙක් අරූප භවයෙහි සම්පත්තිය වළඳන්නෙමි’යි එසේම ආකාසානඤ්චායතනාදි සමාපත්තීන් වඩයි. භාවනාවන්ගේ පරිපූර්ණත්වයෙන් ඒ ඒ තන්හි උපදියි. එහි මොහුගේ උපතට කරුණු වූ කර්මය කර්මභව නම් වේ. කර්මයෙන් උපන් ස්කන්ධ උත්පත්තිභව නම් වේ. ස්කන්ධයන්ගේ හටගැනීම ජාතියය. පැසීම ජරාය. බිදීම මරණයයි. සෙසු උපාදාන මුල්කොටගත් යෝජනාවන්හිද මේ ක්‍රමය වේ.
එවං “අයං අවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා, උභොපෙතෙ හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං; අතීතම්පි අද්ධානං, අනාගතම්පි අද්ධානං; අවිජ්ජා හෙතු, සඞ්ඛාරා හෙතුසමුප්පන්නා, උභොපෙතෙ හෙතුසමුප්පන්නාති පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණ”න්ති එතෙන නයෙන සබ්බපදානි විත්ථාරෙතබ්බානි. තත්ථ අවිජ්ජා සඞ්ඛාරා එකො සඞ්ඛෙපො, විඤ්ඤාණ-නාමරූප-සළායතන-ඵස්ස-වෙදනා එකො, තණ්හුපාදානභවා එකො, ජාති-ජරා-මරණං එකො. පුරිමසඞ්ඛෙපො චෙත්ථ අතීතො අද්ධා, ද්වෙ මජ්ඣිමා පච්චුප්පන්නො, ජාතිජරාමරණං අනාගතො. අවිජ්ජාසඞ්ඛාරග්ගහණෙන චෙත්ථ තණ්හුපාදානභවා ගහිතාව හොන්තීති ඉමෙ පඤ්ච ධම්මා අතීතෙ කම්මවට්ටං; විඤ්ඤාණාදයො පඤ්ච ධම්මා එතරහි විපාකවට්ටං. තණ්හුපාදානභවග්ගහණෙන අවිජ්ජාසඞ්ඛාරා ගහිතාව හොන්තීති ඉමෙ පඤ්ච ධම්මා එතරහි කම්මවට්ටං; ජාතිජරාමරණාපදෙසෙන විඤ්ඤාණාදීනං නිද්දිට්ඨත්තා ඉමෙ පඤ්ච ධම්මා ආයතිං විපාකවට්ටං. තෙ ආකාරතො වීසතිවිධා හොන්ති. සඞ්ඛාරවිඤ්ඤාණානඤ්චෙත්ථ අන්තරා එකො සන්ධි, වෙදනාතණ්හානමන්තරා එකො, භවජාතීනමන්තරා එකො. ඉති භගවා එවං චතුසඞ්ඛෙපං, තියද්ධං, වීසතාකාරං, තිසන්ධිං පටිච්චසමුප්පාදං සබ්බාකාරතො ජානාති පස්සති අඤ්ඤාති පටිවිජ්ඣති. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති – “පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණ”න්ති. ඉමිනා ධම්මට්ඨිතිඤාණෙන භගවා තෙ ධම්මෙ යථාභූතං ඤත්වා තෙසු නිබ්බින්දන්තො විරජ්ජන්තො විමුච්චන්තො වුත්තප්පකාරස්ස ඉමස්ස සංසාරචක්කස්ස අරෙ හනි විහනි විද්ධංසෙසි. එවම්පි අරානං හතත්තා අරහං.
මෙසේ මේ අවිද්‍යාව හේතුයි. සංස්කාර හේතුසමුත්පන්නයහ. මේ අවිද්‍යා, සංස්කාර දෙකම හේතු සමුත්පන්නයයි. ප්‍රත්‍යය පිරිසිඳ දැනීමෙහි නුවණ ධර්මස්ථිති ඥානයයි. ඒ නම් ප්රතීත්යසමුත්පාදාවබෝධයයි. අද්ධානසඞ්ඛ්යාත දීර්ඝ වූ අතීත කාලයටත් අනාගත කාලයටත් අවිද්‍යාව හේතුය. සංස්කාරයෝ හේතු සමුත්පන්නයහ. මේ දෙක හේතුසමුත්පන්නයයි. ප්‍රත්‍යය පිරිසිඳ දැනීමෙහි නුවණ ධර්මස්ථිති ඥානයයි. මේ ක්‍රමයෙන් සියලු පද විස්තර කටයුතුය. එහි අවිද්‍යා, සංකාර එක් සඞ්ක්ෂෙපයෙකි. විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වෙදනා එක් සඞ්ක්ෂෙපයෙකි. තෘෂ්ණා උපාදාන, භවයෝ එක් සඞ්ක්ෂෙපයෙකි. ජාති ජරා, මරණ මෙහි ප්‍රථම සඞ්ක්‍ෂෙපය එක් සංකල්පයකි. අතීත කාලයයි. මද්ධ්යයෙහි වූ සඞ්ක්ෂෙප දෙක වර්තමාන කාලයි. ජාති, ජරා, මරණ සඞ්ක්‍ෂෙපය අනාගත කාලයි. මෙහි අවිද්‍යා සංස්කාරයන්ගේ ගැනීමෙන් තෘෂ්ණා උපාදානභව ගන්නා ලදී. අවිද්‍යා, සංස්කාර, තෘෂ්ණා, උපාදාන - භව යන මේ ධර්ම පස අතීත කර්මවෘත්තයි. විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වෙදනා යන ධර්ම පස දැන් මේ ආත්මභාවයෙහි විපාක වෘත්තයි. තෘෂ්ණා උපාදාන භවයන්ගේ ගැනීමෙන් අවිද්‍යා, සංස්කාර ගන්නා ලද්දේම වෙයි. තෘෂ්ණා, උපාදාන, භව, අවිද්‍යා, සංස්කාර යන මේ ධර්මය දැන් මේ ආත්මභාවයෙහි කර්මවෘත්තයි. ජාති, ජරා, මරණ දැක්වීමෙන් විඥානාදීන් දැක්වූ බැවින් විඥාන, නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වෙදනා යන මේ ධර්මය අනාගතයෙහි විපාක වෘත්තයි. ඒ අවිද්‍යාදී ආකාර වශයෙන් විසිවැදෑරුම් වන්නේය. මෙහි සංස්කාර විඥානයන්ගේ අතර එක්සන්ධියකි. වෙදනා, තෘෂ්ණා අතර එක්සන්ධියකි. භව, ජාති අතර එක්සන්ධියකි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සඞ්ක්ෂෙප සතරක් ඇති අද්ධ තුනක් ඇති ආකාර විස්සක් ඇති සන්ධි තුනක් ඇති මේ ප්‍රතීත්‍යසමුත්පාදය සියලු අයුරින් දන්නා සේක. දක්නා සේක. පිළිපදින සේක. ඒ දැනීම යථාස්වභාව වශයෙන් ජානනාර්ත්ථයෙන් ඥානනම. අනිත්‍යාදි ආකාරයෙන්, පිළිවිදින අර්ත්ථයෙන් ප්රඥානම. ‘පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණං’යි එහෙයින් කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මස්ථිති ඥානයෙන් ඒ අවිද්‍යාදි ධර්මයන් තතු පරිදි දැන ඒ අවිද්‍යාදි ධර්ම කෙරෙහි බලවත් විදර්ශනාවෙන් කළකිරෙන සේක් ආර්යමාර්ගයෙන් නොඇලෙන සේක් මිදෙන සේක් කියූ ආකාර ඇති මේ සංසාර චක්‍රයෙහි අර නැසූ සේක. වෙසෙසින් නැසූ සේක. විද්ධවංසනය කළසේක. මෙසේද අර නැසූ බැවින් රහත්හ.
අග්ගදක්ඛිණෙය්‍යත්තා ච චීවරාදිපච්චයෙ අරහති පූජාවිසෙසඤ්ච; තෙනෙව ච උප්පන්නෙ තථාගතෙ යෙ කෙචි මහෙසක්ඛා දෙවමනුස්සා න තෙ අඤ්ඤත්ථ පූජං කරොන්ති. තථා හි බ්රහ්මා සහම්පති සිනෙරුමත්තෙන රතනදාමෙන තථාගතං පූජෙසි, යථාබලඤ්ච අඤ්ඤෙපි දෙවා මනුස්සා ච බිම්බිසාරකොසලරාජාදයො. පරිනිබ්බුතම්පි ච භගවන්තං උද්දිස්ස ඡන්නවුතිකොටිධනං විසජ්ජෙත්වා අසොකමහාරාජා සකලජම්බුදීපෙ චතුරාසීතිවිහාරසහස්සානි පතිට්ඨාපෙසි. කො පන වාදො අඤ්ඤෙසං පූජාවිසෙසානන්ති! එවං පච්චයාදීනං අරහත්තාපි අරහං. යථා ච ලොකෙ කෙචි පණ්ඩිතමානිනො බාලා අසිලොකභයෙන රහො පාපං කරොන්ති; එවමෙස න කදාචි කරොතීති පාපකරණෙ රහාභාවතොපි අරහං. හොති චෙත්ථ –
භාග්‍යවතුන් වහන්සේ අග්රදක්ෂිණාර්හ බැවින්ම චීවරාදි ප්රත්යයයන්ටද සෙසු පූජා විශේෂයන්ටද සුදුසු සේක. එහෙයින්ම තථාගතයන් වහන්සේ උපන් කල්හි යම්කිසි මහෙශාක්‍ය වූ දෙව්මිනිස් කෙනෙක් වෙත්ද ඔවුහු අන්තැනක පූජා නොකෙරෙත්. ඒ එසේමය. සහම්පති බ්‍රහ්මතෙමේ මහමෙර තරම් වූ රුවන් දමකින් තථාගතයන් වහන්සේ පිදුයේය. අන්‍යවූ දෙවියෝද මනුෂ්‍යයෝද බිම්බිසාර, කෝශල රාජාදීහුද ශක්ති පමණින් උන්වහන්සේ පිදූහ. අශෝක මහරජතෙමේ පිරිනිවියාවූද භාග්‍යවතුන් වහන්සේ උදෙසා සයානු කෙළක් ධනය වියදම් කොට සියලු දඹදිව අසූහාරදහසක් විහාර පිහිටුවාලූයේය. අන්‍යයන්ගේ පුද වෙසෙස් ගැන කවර කතාද. මෙසේ ප්රත්යයයන්ට සුදුසු බැවින්ද රහත්හ. ලෝකයෙහි යම්කිසි පණ්ඩිතමානී වූ අඥයෝ අපකීර්තියට බියෙන් රහසිගතව යම්සේ පව්කෙරෙත්ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ කිසිකලෙකත් පව් නොකෙරෙතියි පව් කිරීමෙහි රහසක් නැති බැවින් රහත්හ. මේ අරුත් ගාථා බන්ධනයෙන් සැකෙවින් මෙසේ දක්වත්:
“ආරකත්තා හතත්තා ච, කිලෙසාරීන සො මුනි; හතසංසාරචක්කාරො, පච්චයාදීන චාරහො; න රහො කරොති පාපානි, අරහං තෙන වුච්චතී”ති.
‘ආරකත්තා හතත්තා ච - කිලෙසාරීන සො මුනි හතසංසාරචක්කාරො - පච්චයාදීන චාරහො, න රහො කරොති පාපානි - අරහං තෙන වුච්චති’යි
සම්මාසම්බුද්ධෝ
සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා පන සම්මාසම්බුද්ධො. තථා හෙස සබ්බධම්මෙ සම්මා සාමඤ්ච බුද්ධො, අභිඤ්ඤෙය්‍යෙ ධම්මෙ අභිඤ්ඤෙය්‍යතො බුද්ධො, පරිඤ්ඤෙය්‍යෙ ධම්මෙ පරිඤ්ඤෙය්‍යතො, පහාතබ්බෙ ධම්මෙ පහාතබ්බතො, සච්ඡිකාතබ්බෙ ධම්මෙ සච්ඡිකාතබ්බතො, භාවෙතබ්බෙ ධම්මෙ භාවෙතබ්බතො. තෙනෙව චාහ –
අවිපරීතකොට තමන්වහන්සේම සියලු ධර්මයන් අවබෝධ කළබැවින් වනාහි භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ වන සේක. ඒ එසේමය. මුන්වහන්සේ සියලු ධර්මයන් විපරීත නොකොට තුමූම අවබෝධ කළ සේක. විශිෂ්ට ඥානයෙන් දතයුතු ධර්මයන් විශිෂ්ට ඥානයෙන් දතයුතු බැවින් අවබෝධ කළ සේක. පිරිසිඳ දතයුතු ධර්මයන් පිරිසිඳ දතයුතු බැවින් හැරියයුතු ධර්මයන් හැරියයුතු බැවින්, සාක්ෂාත් කටයුතු ධර්මයෙන් සාක්ෂාත් කටයුතු බැවින් වැඩියයුතු ධර්මයන් වැඩිය යුතු බැවින්ද විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළහ. එහෙයින් සෙල බ්‍රාහ්මණයා හට තමන්වහන්සේගේ බුදුබව දක්වන සේක්,
“අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, භාවෙතබ්බඤ්ච භාවිතං; පහාතබ්බං පහීනං මෙ, තස්මා බුද්ධොස්මි බ්රාහ්මණා”ති. (ම· නි· 2.399; සු· නි· 563);
‘අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං - භාවෙතබ්බඤ්ච භාවිතං, පහාතබ්බං පහීණං මෙ - තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ’
‘බ්‍රාහ්මණ! මා විසින් මැනවින් දතයුතුවූ දුඃඛ සත්‍යය මැනවින් දන්නා ලදී. වැඩියයුතු වූ මාර්ග සත්‍යය වඩන ලදී. ප්‍රහීණ කටයුතු වූ සමුදය සත්‍යය ප්‍රහීණ කරන ලදී. එහෙයින් බුදුවූයෙම් වෙමි’යි මෙසේ වදාළ සේක.
අපිච චක්ඛු දුක්ඛසච්චං, තස්ස මූලකාරණභාවෙන තංසමුට්ඨාපිකා පුරිමතණ්හා සමුදයසච්චං, උභින්නමප්පවත්ති නිරොධසච්චං, නිරොධප්පජානනා පටිපදා මග්ගසච්චන්ති එවං එකෙකපදුද්ධාරෙනාපි සබ්බධම්මෙ සම්මා සාමඤ්ච බුද්ධො. එස නයො සොත-ඝාන-ජිව්හා-කායමනෙසුපි. එතෙනෙව නයෙන රූපාදීනි ඡ ආයතනානි, චක්ඛුවිඤ්ඤාණාදයො ඡ විඤ්ඤාණකායා, චක්ඛුසම්ඵස්සාදයො ඡ ඵස්සා, චක්ඛුසම්ඵස්සජාදයො ඡ වෙදනා, රූපසඤ්ඤාදයො ඡ සඤ්ඤා, රූපසඤ්චෙතනාදයො ඡ චෙතනා, රූපතණ්හාදයො ඡ තණ්හාකායා, රූපවිතක්කාදයො ඡ විතක්කා, රූපවිචාරාදයො ඡ විචාරා , රූපක්ඛන්ධාදයො පඤ්චක්ඛන්ධා, දස කසිණානි, දස අනුස්සතියො, උද්ධුමාතකසඤ්ඤාදිවසෙන දස සඤ්ඤා, කෙසාදයො ද්වත්තිංසාකාරා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයො, කාමභවාදයො නව භවා, පඨමාදීනි චත්තාරි ඣානානි, මෙත්තාභාවනාදයො චතස්සො අප්පමඤ්ඤා, චතස්සො අරූපසමාපත්තියො, පටිලොමතො ජරාමරණාදීනි, අනුලොමතො අවිජ්ජාදීනි පටිච්චසමුප්පාදඞ්ගානි ච යොජෙතබ්බානි.
තවද, චක්ඛායතනය දුඃඛ සත්‍යයය. ඒ දුඃඛ සත්‍යයට මූලකාරණ භාවයෙන් තදුතපාදක වූ පූර්වභවයෙහි සිද්ධ වූ තෘෂ්ණාව සමුදය සත්‍යයයි. ඒ දුඃඛ සත්‍ය, සමුදය සත්‍ය දෙදෙනාගේ නොපැවැත්ම නිරොධ සත්‍යයයි. නිරොධය ප්‍රතිවෙධ කරන ප්‍රතිපදාව මාර්ග සත්‍යයයි. මෙසේ එක් එක් පදය නගාලීමෙන්ද සියලු ධර්මයන් මැනවින් තුමූම අවබෝධ කළහ. සොතායතන, ඝාණායතන, ජීව්හායතන, කායායතන, මනායතන යන මොවුන් කෙරෙහිද මේ ක්‍රමය වේ. මේ ක්‍රමයෙන්ම රූපාදී වූ සවැදෑරුම් ආයතන, චක්ඛු විඤ්ඤාණාදී වූ සවැදෑරුම් විඤ්ඤාණකාය, චක්ඛුසම්ඵස්සාදී වූ සවැදෑරුම් ඵස්ස, චක්ඛු සම්ඵස්සජාදීවූ සවැදෑරුම් වෙදනා, රූපසඤ්ඤදීවූ සවැදෑරුම් සඤ්ඤා, රූපසඤ්චෙතනාදී වූ සවැදෑරුම් චෙතනා, රූප තණ්හාදී වූ සවැදෑරුම් තණ්හාකාය, රූපවිතක්කාදී වූ සවැදෑරුම් විතක්ක, රූපවිචාරාදී වූ සවැදෑරුම් විචාර, රූපස්කන්ධාදී වූ පඤ්චස්කන්ධ, දසකසිණ, දස අනුස්සති, උද්ධුමාතක සඤ්ඤාදීන්ගේ වශයෙන් දසසඤ්ඤා, කෙසාදි වූ ද්වත්තිංසාකාරය, ද්වාදසායතන, අට්ඨාරසධාතු, කාමභවාදීවූ නවභව, ප්රථමද්ධ්යනාදී වූ චතුර්විධ ධ්‍යාන, මෙත්තාභාවනාදී වූ සිවුවැදෑරුම් වූ අප්පමඤ්ඤා, සිවුවැදෑරුම් වූ අරූප සමාපත්ති, ප්‍රතිලොම වශයෙන් ජරාමරණාදිය හා අනුලොම වශයෙන් අවිද්‍යාදී වූ ප්රතීත්යසමුත්පාදාඞ්ගද යෙදිය යුතුය.
තත්රායං එකපදයොජනා – “ජරාමරණං දුක්ඛසච්චං, ජාති සමුදයසච්චං, උභින්නම්පි නිස්සරණං නිරොධසච්චං, නිරොධප්පජානනා පටිපදා මග්ගසච්ච”න්ති. එවං එකෙකපදුද්ධාරෙන සබ්බධම්මෙ සම්මා සාමඤ්ච බුද්ධො අනුබුද්ධො පටිවිද්ධො. තෙන වුත්තං – සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා පන සම්මාසම්බුද්ධොති.
එහි මේ එක් පදයක්හුගේ යෙදීමය. ජරාමරණ දුඃඛ සත්‍යයය. ජාතිය සමුදය සත්‍යයය. දුඃඛසත්‍ය, සමුදයසත්‍ය දෙදෙනාගේ නිස්සරණය නිරොධ සත්‍යයයි. නිරොධය ප්‍රතිවෙධ කරන ප්‍රතිපදාව මාර්ග සත්‍යයයි. මෙසේ එක් එක් පදය නගාලීමෙන් සියලු ධර්මයන් මනාකොට තුමුම අවබෝධ කළහ. අනුරූප වශයෙන් අවබෝධ කළහ. ප්‍රතිවෙධ කළහ. ‘සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා පන සම්මාසම්බුද්ධො’ යනු එහෙයින් කියන ලදී.
විජ්ජාචරණසම්පන්නො
විජ්ජාහි පන චරණෙන ච සම්පන්නත්තා විජ්ජාචරණසම්පන්නො; තත්ථ විජ්ජාති තිස්සොපි විජ්ජා, අට්ඨපි විජ්ජා. තිස්සො විජ්ජා භයභෙරවසුත්තෙ (ම· නි· 1.34 ආදයො) වුත්තනයෙනෙව වෙදිතබ්බා, අට්ඨ විජ්ජා අම්බට්ඨසුත්තෙ (දී· නි· 1.278 ආදයො). තත්ර හි විපස්සනාඤාණෙන මනොමයිද්ධියා ච සහ ඡ අභිඤ්ඤා පරිග්ගහෙත්වා අට්ඨ විජ්ජා වුත්තා.
විද්‍යාවන්ගෙන්ද චරණයන්ගෙන්ද සමන්වාගත බැවින් විජ්ජාචරණ සම්පන්නයහ. එහි විජ්ජායි ත්‍රිවිද්‍යාවද අෂ්ට විද්‍යාවද ගැනෙත්. ත්‍රිවිද්‍යාවෝ භයභෙරව සූත්‍රයෙහිද, අෂ්ටවිද්යාවෝ අම්බට්ඨ සූත්‍රයෙහිද කියූනයින් දතයුත්තාහ. එහි වනාහි ෂට් අභිඥාවන් විදර්ශනා ඥානය හා මනොමය සෘද්ධිය හා සමග එක්කොට ගැනීමෙන් අෂ්ට විද්‍යාව කියන ලදී.
චරණ
චරණන්ති සීලසංවරො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා, ජාගරියානුයොගො, සත්ත සද්ධම්මා, චත්තාරි රූපාවචරජ්ඣානානීති ඉමෙ පන්නරස ධම්මා වෙදිතබ්බා. ඉමෙයෙව හි පන්නරස ධම්මා, යස්මා එතෙහි චරති අරියසාවකො ගච්ඡති අමතං දිසං තස්මා, චරණන්ති වුත්තා. යථාහ – “ඉධ, මහානාම, අරියසාවකො සීලවා හොතී”ති (ම· නි· 2.24) විත්ථාරො. භගවා ඉමාහි විජ්ජාහි ඉමිනා ච චරණෙන සමන්නාගතො, තෙන වුච්චති විජ්ජාචරණසම්පන්නොති . තත්ථ විජ්ජාසම්පදා භගවතො සබ්බඤ්ඤුතං පූරෙත්වා ඨිතා, චරණසම්පදා මහාකාරුණිකතං. සො සබ්බඤ්ඤුතාය සබ්බසත්තානං අත්ථානත්ථං ඤත්වා මහාකාරුණිකතාය අනත්ථං පරිවජ්ජෙත්වා අත්ථෙ නියොජෙති, යථා තං විජ්ජාචරණසම්පන්නො. තෙනස්ස සාවකා සුප්පටිපන්නා හොන්ති නො දුප්පටිපන්නා, විජ්ජාචරණවිපන්නානඤ්හි සාවකා අත්තන්තපාදයො විය.
චරණ යන මෙහිලා සීලසංවර-ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා-භොජනෙ මත්තඤ්ඤුතා-ජාගරියානුයොග, සද්ධා, හිරි, ඔත්තප්ප, බාහුසච්ච, විරිය සති, පඤ්ඤා, පඨම, දුතිය, තතිය, චතුත්ථජ්ඣාන යන පසළොස් ධර්ම දතයුතුය. යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ ධර්ම කරණකොට හැසිරේද නිවනට යේද එහෙයින් මේ පසළොස් ධර්මයෝම චරණයි කියන ලදහ. ඒ මෙසේ වදාළ සේක. ‘ඉධ මහානාම අරියසාවකො සීලවා හොති’යි එහි විස්තරය වේ. භාග්‍යවතුන් වහන්සේ මේ විද්‍යාවන්ගෙන්ද මේ චරණයෙන්ද සමන්වාගත සේක්ද, එහෙයින් විජ්ජාචරණසම්පන්නහයි කියනු ලැබෙත්. එහි විද්යාසම්පදා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඥානය පුරවා සිටියාය. චරණ සම්පදා තොමෝ මහාකාරුණිකභාවය පුරවා සිටියාය. ඒ භාග්‍යවතුන් වහන්සේ සර්වඥතා ඥානයෙන් සියලු සත්ත්වයන් පිළිබඳ අර්‍ත්‍ථානර්‍ත්‍ථ දැන යම්සේ තමන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න සේක්ද එසේ මහා කරුණා භාවයෙන් අනර්‍ත්‍ථ දුරුකොට ඔවුන් අර්‍ත්‍ථයෙහි යොදන සේක. එබැවින් මුන්වහන්සේගේ ශ්‍රාවකයෝ සුප්‍රතිපන්න වෙති. දුෂ්ප්‍රතිපන්න නොවෙති. විද්යාචරණවිපන්නයන්ගේ ශ්‍රාවකයෝ වනාහි අත්තන්තපාදී මෙන් වෙති.
සුගතො
සොභනගමනත්තා, සුන්දරං ඨානං ගතත්තා, සම්මාගතත්තා, සම්මා ච ගදත්තා සුගතො. ගමනම්පි හි ගතන්ති වුච්චති, තඤ්ච භගවතො සොභනං පරිසුද්ධමනවජ්ජං . කිං පන තන්ති? අරියමග්ගො. තෙන හෙස ගමනෙන ඛෙමං දිසං අසජ්ජමානො ගතොති සොභනගමනත්තා සුගතො. සුන්දරං චෙස ඨානං ගතො අමතං නිබ්බානන්ති සුන්දරං ඨානං ගතත්තාපි සුගතො. සම්මා ච ගතො තෙන තෙන මග්ගෙන පහීනෙ කිලෙසෙ පුන අපච්චාගච්ඡන්තො. වුත්තඤ්චෙතං – “සොතාපත්තිමග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡතීති සුගතො…පෙ… අරහත්තමග්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡතීති සුගතො”ති (මහානි· 38). සම්මා වා ආගතො දීපඞ්කරපාදමූලතො පභුති යාව බොධිමණ්ඩො තාව සමතිංසපාරමිපූරිතාය සම්මාපටිපත්තියා සබ්බලොකස්ස හිතසුඛමෙව කරොන්තො සස්සතං උච්ඡෙදං කාමසුඛං අත්තකිලමථන්ති ඉමෙ ච අන්තෙ අනුපගච්ඡන්තො ආගතොති සම්මාගතත්තාපි සුගතො. සම්මා චෙස ගදති, යුත්තට්ඨානෙ යුත්තමෙව වාචං භාසතීති සම්මා ගදත්තාපි සුගතො.
ශෝභන වූ ගමන් ඇති බැවින් සොඳුරු තැනට ගිය බැවින් මනාකොට ගිය බැවින් මනාතෙපුල් පවසන බැවින් සුගත්හ. ගමනද වනාහි ගත යි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ගමනද හොබනේය. පිරිසිදුය. නිවරදය. ඒ ගමන කිනම්දයත්: ආර්‍ය්‍ය මාර්ගයයි. මුන්වහන්සේ ඒ ආර්ය්යමාර්ග ගමනින් කිසිතැනක නොලැගෙමින් නිවනට වැඩිය සේකැයි ශෝභන වූ ගමන් ඇතිබැවින් සුගත්හ. මුන්වහන්සේ අමානිවනැයි ගැණෙන සොඳුරු තැනට ගියාහු සොඳුරු තැනට ගිය බැවින් සුගත්හ. ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීණ වූ කෙලෙසුන් කරා නැවත පෙරළා නොපැමිණෙනුවෝ මැනවින් ගියහ. මෙය මෙසේ කියන ලදී: ‘සොතාපත්ති මග්ගෙන යෙ කිලෙසා පහීණා තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡතීති සුගතො -පෙ- අරහත්තමග්ගෙන යෙ කිලෙසා පහීණා, තෙ කිලෙසෙ න පුනෙති න පච්චෙති න පච්චාගච්ඡතීති සුගතො’යි දීපඞ්කර පාදමූලයෙහි පටන් බෝමැඩ දක්වා සමතිස්පැරුම් පිරීම වූ මනාපිළිවෙතින් මුළුලොවට හිතසුවම කරමින් ශාස්වත, උච්ඡෙද, කාමසුඛ, අත්තකිලමථ යන මේ අන්තයන්ට නොපැමිණෙනුවෝ මනාකොට ගියහ. මුන්වහන්සේ මනාකොට බණන්නාහ. සුදුසු තැන සුදුසුම වචන වදාරණ සේකැයි මනාකොට වදාරන බැවිනුදු සුගත්හ.
තත්රිදං සාධකසුත්තං – “යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සා ච පරෙසං අප්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති. යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං, සා ච පරෙසං අප්පියා අමනාපා, තම්පි තථාගතො වාචං න භාසති. යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං, සා ච පරෙසං අප්පියා අමනාපා, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සා වාචාය වෙය්යාකරණාය. යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති. යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං, සා ච පරෙසං පියා මනාපා, තම්පි තථාගතො වාචං න භාසති. යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං, සා ච පරෙසං පියා මනාපා, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සා වාචාය වෙය්‍යාකරණායා”ති (ම· නි· 2.86). එවං සම්මා ගදත්තාපි සුගතොති වෙදිතබ්බො.
එහි මේ සාධක සූත්රයි: ‘යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සා ච පරෙසං අප්පියා අමනාපා, තම්පි තථාගතො වාචං න භාසති. යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං, සා ච පරෙසං අප්පියා අමනාපා, තම්පි තථාගතො වාචං න භාසති. යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං, සා ච පරෙසං අප්පියා අමනාපා, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති, තස්සා වාචාය වෙය්යාකරණාය, යං තථාගතො වාචං ජානාති අභූතං අතච්ඡං අනත්ථසංහිතං, සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති. යම්පි තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අනත්ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, තම්පි තථාගතො වාචං න භාසති. යඤ්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච්ඡං අත්ථසංහිතං, සා ච පරෙසං පියා මනාපා, තත්ර කාලඤ්ඤූ තථාගතො හොති තස්සා වාචාය වෙය්යාකරණාය’ යනු. මෙසේ මනාකොට වදාරන බැවින් සුගත්හයි දතයුතුය.
ලොකවිදූ
සබ්බථා විදිතලොකත්තා පන ලොකවිදූ. සො හි භගවා සභාවතො සමුදයතො නිරොධතො නිරොධූපායතොති සබ්බථා ලොකං අවෙදි අඤ්ඤාසි පටිවිජ්ඣි. යථාහ – “යත්ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති, නාහං තං ගමනෙන ලොකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි; න චාහං, ආවුසො, අප්පත්වාව ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපි චාහං, ආවුසො, ඉමස්මිංයෙව බ්යාමමත්තෙ කළෙවරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤපෙමි ලොකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොකනිරොධගාමිනිඤ්ච පටිපදං.
සර්වප්රකාරයෙන් දන්නාලද ලෝක ඇති බැවින් වනාහි ලොකවිදූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වභාව වශයෙන් සමූදය වශයෙන් නිරොධ වශයෙන් නිරොධොපාය වශයෙන් සියලු අයුරින් ලෝකය දත් සේක. විශිෂ්ට ඥානයෙන් දත්සේක. ප්‍රතිවෙධ කළ සේක. තදර්ත්ථ සාධනයෙහිලා මෙසේ වදාළ සේක. ‘යත්ථ ඛො ආවුසො න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති නාහන්තං ගමනෙන ලොකස්සන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමි. න චාහං ආවුසො අප්පත්වා ලොකස්සන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපිචාහං ආවුසො ඉමස්මිං යෙච ව්යාමමතෙන කලෙබරෙ සසඤ්ඤීම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤපෙමි ලොකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොකනිරොධගාමිනිඤ්ච පටිපදං.
“ගමනෙන න පත්තබ්බො, ලොකස්සන්තො කුදාචනං; න ච අප්පත්වා ලොකන්තං, දුක්ඛා අත්ථි පමොචනං.
ගමනෙන න පත්තබ්බො - ලොකස්සන්තං කුදාචනං, න ච අප්පත්වා ලොකන්තං - දුක්ඛා අත්ථි පමොචනං
“තස්මා හවෙ ලොකවිදූ සුමෙධො; ලොකන්තගූ වුසිතබ්රහ්මචරියො; ලොකස්ස අන්තං සමිතාවි ඤත්වා; නාසීසතී ලොකමිමං පරඤ්චා”ති. (අ· නි· 4.45; සං· නි· 1.107);
‘තස්මා භවෙ ලොකවිදූ සුමෙධො - ලොකන්තගු වුසිතබ්රහ්මචරියො, ලොකස්ස අන්තං සමිතාවි ඤත්වා - නාසිංසතී ලොකමිමං පරඤ්ච’යි
අපිච තයො ලොකා – සඞ්ඛාරලොකො, සත්තලොකො, ඔකාසලොකොති; තත්ථ “එකො ලොකො – සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා”ති (පටි· ම· 1.112) ආගතට්ඨානෙ සඞ්ඛාරලොකො වෙදිතබ්බො. “සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා”ති (දී· නි· 1.421) ආගතට්ඨානෙ සත්තලොකො.
තවද සංස්කාරලෝක, සත්ත්ව ලෝක, අවකාශලෝකැයි ලෝක තුනෙකි. එහි ‘එකො ලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා’යි ආ තන්හි සංස්කාර ලෝකයද, ‘සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා’යි ආ තන්හි සත්ත්ව ලෝකයද,
“යාවතා චන්දිමසූරියා, පරිහරන්ති දිසා භන්ති විරොචනා; තාව සහස්සධා ලොකො, එත්ථ තෙ වත්තතී වසො”ති. (ම· නි· 1.503) –
‘යාවතා චන්දිමසුරියා - පරිහරන්ති දිසා භන්තී විරොචනා, තාව සහස්සධා ලොකො - එත්ථ තෙ වත්තතී වසො’යි
ආගතට්ඨානෙ ඔකාසලොකො, තම්පි භගවා සබ්බථා අවෙදි. තථා හිස්ස – “එකො ලොකො – සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා. ද්වෙ ලොකා – නාමඤ්ච රූපඤ්ච. තයො ලොකා – තිස්සො වෙදනා. චත්තාරො ලොකා – චත්තාරො ආහාරා. පඤ්ච ලොකා – පඤ්චුපාදානක්ඛන්ධා. ඡ ලොකා – ඡ අජ්ඣත්තිකානි ආයතනානි. සත්ත ලොකා සත්ත විඤ්ඤාණට්ඨිතියො. අට්ඨ ලොකා – අට්ඨ ලොකධම්මා. නව ලොකා – නව සත්තාවාසා. දස ලොකා – දසායතනානි. ද්වාදස ලොකා – ද්වාදසායතනානි . අට්ඨාරස ලොකා – අට්ඨාරස ධාතුයො”ති (පටි· ම· 1.112). අයං සඞ්ඛාරලොකොපි සබ්බථා විදිතො.
ආතන්හි අවකාශ ලෝකයද දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ සියලු අයුරින් ඒ ත්‍රිවිධ ලෝකය දත් සේක. ඒ එසේමය. ‘එකො ලොකො සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා, ද්වෙ ලොකා නාමඤ්ච රූපඤ්ච, තයො ලොකො තිස්සො වෙදනා, චත්තාරො ලොකා චත්තාරො ආහාරා, පඤ්ච ලොකා පඤ්චුපාදානක්ඛන්ධො, ඡලොකා ඡ අජ්ඣත්තිකානි ආයතනානි, සත්ත ලොකා සත්ත විඤ්ඤාණට්ඨිතියො, අට්ඨ ලොකා අට්ඨ ලොකධම්මා, නව ලොකා නව සත්තාවාසා, දස ලොකා දසායතනාති, ද්වාදස ලොකා ද්වාදසායතනානි, අට්ඨාරස ලොකා අට්ඨාරස ධාතුයො’යි ආ මේ සංස්කාර ලෝකයද මුන්වහන්සේ විසින් සියලු අයුරින් දන්නා ලද්දේය.
යස්මා පනෙස සබ්බෙසම්පි සත්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බෙ අභබ්බෙ සත්තෙ ජානාති, තස්මාස්ස සත්තලොකොපි සබ්බථා විදිතො. යථා ච සත්තලොකො එවං ඔකාසලොකොපි. තථා හෙස එකං චක්කවාළං ආයාමතො ච විත්ථාරතො ච යොජනානං ද්වාදස සතසහස්සානි තීණි සහස්සානි චත්තාරි සතානි පඤ්ඤාසඤ්ච යොජනානි. පරික්ඛෙපතො –
යම්හෙයකින් වනාහි මුන්වහන්සේ සියලුම සත්ත්වයන්ගේ ආශය දනිත්ද අනුශය දනිත්ද චරිතය දනිත්ද අදහස දනිත්ද නුවණැසෙහි මදකෙලෙස් රජස් ඇත්තාවූද නුවණැසෙහි මහත් කෙලෙස් රජස් ඇත්තාවූද තියුණු වූ ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ඇත්තාවූද මොලොක් වූ ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ඇත්තාවූද යහපත් අදහස් ඇත්තාවූද අයහපත් අදහස් ඇත්තාවූද ධර්මය සුවසේ හැඟවිය හැක්කාවූද ධර්මය සුවසේ හැඟවිය නොහැක්කාවූද කර්මාවරණාදිය නැත්තාවූද කර්මාවරණාදිය ඇත්තාවූද සත්ත්වයන් දනිත්ද, එහෙයින් මුන්වහන්සේ විසින් සත්ත්ව ලෝකයද සියලු අයුරින් දන්නා ලද්දේය. සත්ත්ව ලොකය යම්සේ දන්නා ලද්දේද අවකාශ ලෝකයද එසේ සියලු අයුරින් දන්නා ලද්දේය.
සබ්බං සතසහස්සානි, ඡත්තිංස පරිමණ්ඩලං; දසඤ්චෙව සහස්සානි, අඩ්ඪුඩ්ඪානි සතානි ච.
මේ ලොකධාතුව එක් සක්වළකි. එක් සක්වළක් වනාහි දිගින් හා පුළුලින්ද දොළොස් ලක්ෂ තුන්දහස් සාරසියපණස් යොදුනකි. වටින්වනාහි සියලු පරිමණ්ඩලය සතිස්ලක්ෂ දසදහස් තුන්සිය පණස් යොදුනකි.
තත්ථ –
දුවෙ සතසහස්සානි, චත්තාරි නහුතානි ච; එත්තකං බහලත්තෙන, සඞ්ඛාතායං වසුන්ධරා.
ඒ සක්වළෙහි ගනකමින් මහපොළොව දෙලක්ෂ සතළිස්දහස් යොදුන් ඇත්තීයයි කියන ලදී.
තස්සා එව සන්ධාරකං –
චත්තාරි සතසහස්සානි, අට්ඨෙව නහුතානි ච; එත්තකං බහලත්තෙන, ජලං වාතෙ පතිට්ඨිතං.
ඒ පොළොව දරා සිටින්නාවූ ජලය ගනකමින් යොදුන් සාරලක්ෂ අසූදහසෙක වාතයෙහි පිහිටියේය.
තස්සාපි සන්ධාරකො –
නවසතසහස්සානි, මාලුතො නභමුග්ගතො; සට්ඨි චෙව සහස්සානි, එසා ලොකස්ස සණ්ඨිති.
ඒ ජලපොළොව දරාසිටින්නාවූ අහසෙහි නැගුනු වාතය නවලක්ෂ සැටදහසක් යොදුන් පමණ වන්නේය. මේ වනාහි ලෝක ධාතුවේ යටින් හා උඩින් සර්වප්රකාරයෙන් පිහිටීමය.
එවං සණ්ඨිතෙ චෙත්ථ යොජනානං –
චතුරාසීති සහස්සානි, අජ්ඣොගාළ්හො මහණ්ණවෙ; අච්චුග්ගතො තාවදෙව, සිනෙරුපබ්බතුත්තමො.
මෙසේ සිටියාවූද මේ සක්වළෙහි පර්වතයන්ට උතුම් වූ මහාමෙරු පර්වතය සුවාසූදහසක් යොදුන් මහසයුරෙහි ගැලී සිටියේය. එපමණම මුහුදු දියෙන් මතුව නැගී සිටියේය. දිග පළලද සුවාසූදහස් සුවාසුදහස් යොදුන් පමණ වේ.
තතො උපඩ්ඪුපඩ්ඪෙන, පමාණෙන යථාක්කමං; අජ්ඣොගාළ්හුග්ගතා දිබ්බා, නානාරතනචිත්තිතා.
ඒ මහාමේරුවෙහි යටින් හා මතුවෙන් කී පමණින් අඩ අඩ පමණින් පිළිවෙළින් ගැලී නැගී සිටියාවූ දෙවියන් පිළිබඳ වූ නන්රුවනින් විසිතුරු වූ යුගන්ධර, ඊසධර, කරවීක, සුදස්සන, නෙමින්ධර, විනතක, අස්සකණ්ණ යන සප්තකුට පර්වත හාත්පස පිහිටියේය. මේ සප්ත මහාශෛල සිවුවරම් මහරජදරුවන්ට වාසස්ථාන විය. දෙව් යකුන් විසින් සෙවුනා ලද්දේය.
යුගන්ධරො ඊසධරො, කරවීකො සුදස්සනො; නෙමින්ධරො විනතකො, අස්සකණ්ණො ගිරී බ්රහා.
එතෙ සත්ත මහාසෙලා, සිනෙරුස්ස සමන්තතො; මහාරාජානමාවාසා, දෙවයක්ඛනිසෙවිතා.
යොජනානං සතානුච්චො, හිමවා පඤ්ච පබ්බතො; යොජනානං සහස්සානි, තීණි ආයතවිත්ථතො; චතුරාසීතිසහස්සෙහි, කූටෙහි පටිමණ්ඩිතො.
හිමවත් පර්වතය යොදුන් පන්සියයක් උසය. අයම් විතරින් තුන් දහසක් යොදුන් ඇත්තේය. සුවාසූදහසක් තුළින් හෙබියේය. යම් දඹගසක් නිසා ජම්බුද්වීපයයි ප්‍රකාශ කරන ලද්දේද, නග නම්වූ ඒ දඹගස වටින් පසළොස් යොදුන් කඳ ඇත්තේය. උසින් පණස්යොදුන් කඳ ඇත්තේය. හාත්පසින් පණස් පණස් යොදුන් දිගඅතු ඇත්තේය. පුළුලින් සියක් යොදුන් පමණය. එහෙයින් සියක්යොදුන් පමණ පළල ඇත්තේය. දෙයාසූදහසක්යොදුන් සාගරයෙහි බැසසිටියේය. එපමණම උස්ව සිටියේය. ඒ සියලු ලොකධාතුව වටකොට මේ සක්වළගල පිහිටියේය.
තිපඤ්චයොජනක්ඛන්ධ, පරික්ඛෙපා නගව්හයා; පඤ්ඤාස යොජනක්ඛන්ධ, සාඛායාමා සමන්තතො.
සතයොජනවිත්ථිණ්ණා, තාවදෙව ච උග්ගතා; ජම්බූ යස්සානුභාවෙන, ජම්බුදීපො පකාසිතො.
ද්වෙ අසීති සහස්සානි, අජ්ඣොගාළ්හො මහණ්ණවෙ; අච්චුග්ගතො තාවදෙව, චක්කවාළසිලුච්චයො; පරික්ඛිපිත්වා තං සබ්බං, ලොකධාතුමයං ඨිතො.
තත්ථ චන්දමණ්ඩලං එකූනපඤ්ඤාසයොජනං, සූරියමණ්ඩලං පඤ්ඤාසයොජනං, තාවතිංසභවනං දසසහස්සයොජනං; තථා අසුරභවනං, අවීචිමහානිරයො, ජම්බුදීපො ච. අපරගොයානං සත්තසහස්සයොජනං; තථා පුබ්බවිදෙහො. උත්තරකුරු අට්ඨසහස්සයොජනො, එකමෙකො චෙත්ථ මහාදීපො පඤ්චසතපඤ්චසතපරිත්තදීපපරිවාරො; තං සබ්බම්පි එකං චක්කවාළං , එකා ලොකධාතු, තදන්තරෙසු ලොකන්තරිකනිරයා. එවං අනන්තානි චක්කවාළානි අනන්තා ලොකධාතුයො භගවා අනන්තෙන බුද්ධඤාණෙන අවෙදි, අඤ්ඤාසි, පටිවිජ්ඣි. එවමස්ස ඔකාසලොකොපි සබ්බථා විදිතො. එවම්පි සබ්බථා විදිතලොකත්තා ලොකවිදූ.
එහි සඳමඩල එකුන්පණස් යොදුන් පමණ වේ. හිරුමඬල පණස්යොදුන් පමණ වේ. තාවතිංස භවනය දසදහස් යොදුන් පමණ වේ. අසුරභවනයද අවීචි මහා නිරයද ජම්බුද්වීපයද එසේ දසදහස්දස යොදුන. අපරගොයානයද පූර්වවිදෙහයද සත්දහස් සත්දහස් යොදුන. උතුරුකුරු දිවයින අටදහස් යොදුන. මෙහි එක් එක් මහා ද්වීපයක් පන්සියයක් පන්සියයක් කොදෙව් පිරිවරකොට ඇත්තේය. ඒ සියල්ලම එක් සක්වළකි. එක් ලොකධාතුවකි. ඒ චක්‍රවාටයන් අතුරෙහි ලෝකන්තරික නරකාදිලෝක වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අනන්ත චක්‍රවාට අනත්ත ලොකධාතු අනන්ත බුද්ධ ඥානයෙන් දත් සේක. හැම අතින් දත් සේක. ප්‍රතිවෙධ කළසේක. මෙසේ මුන්වහන්සේ විසින් අවකාශ ලෝකයද සියලු අයුරින් දන්නා ලද්දේය. මෙසේද සියලු අයුරින් දන්නාලද ලෝකය ඇති බැවින් උන්වහන්සේ ලෝකවිදූහ.
අත්තනො පන ගුණෙහි විසිට්ඨතරස්ස කස්සචි අභාවා නත්ථි එතස්ස උත්තරොති අනුත්තරො. තථා හෙස සීලගුණෙනාපි සබ්බං ලොකමභිභවති, සමාධි…පෙ… පඤ්ඤා… විමුත්ති… විමුත්තිඤාණදස්සනගුණෙනාපි, සීලගුණෙනාපි අසමො අසමසමො අප්පටිමො අප්පටිභාගො අප්පටිපුග්ගලො…පෙ… විමුත්තිඤාණදස්සනගුණෙනාපි. යථාහ – “න ඛො පනාහං, භික්ඛවෙ, සමනුපස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ…පෙ… සදෙවමනුස්සාය අත්තනා සීලසම්පන්නතර”න්ති විත්ථාරො.
තමන්ගේ ගුණයන්ට වඩා අතිශය විශිෂ්ට වූ ගුණ ඇති කිසිවෙකු නැති බැවින් මුන්වහන්සේට වැඩිතරම් එකක් නැත්තේනු’යි අනුත්තරහ. ඒ එසේමය. මුන්වහන්සේ ශීලගුණයෙනුදු සියලු ලෝකය මැඩලන සේක. සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥානදර්ශන ගුණයන්ගෙන්ද සියලු ලෝකය මැඩලන සේක. ශීල ගුණයෙනුදු තමාට සමකෙනෙකු නැති බැවින් අසමයහ. අසමවූ දීපඞ්කරාදීවූ පෙර බුදුවරයන්ට සමවන බැවින් අසමසමයහ. ශීලාදි ගුණයෙන් තමාට උපමාකට හැකිකෙනෙකු නැති බැවින් තමා වැනි රූ ඇතියෙකුද නැති බැවින් තමාගේ රූබඳු පිළිරූ නොකොට හැකි බැවින් අප්රතිමයහ. තමන් දෙසූ ධර්මයට පටහැනිව නැගීසිටිය හැකි තැනැත්තෙකු නැති බැවින් අප්රතිභාගයහ. තමන් ඉදිරියෙහි ‘මම බුදුමැ’යි සිටියහැකි ප්රතිපුද්ගලයෙකු නැති බැවින් අප්රතිපුද්ගලයහ. -විමුක්තිඥානදර්ශන ගුණයෙනුදු අසමයහ. අසමසමයහ. අප්රතිමයහ. අප්රතිභාගයහ. අප්රතිපුද්ගලයහ. ‘න ඛො පනාහං භික්ඛවෙ සමනුපස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ -පෙ සදෙවමනුස්සාය අත්තනා සීලසම්පන්නතරං’යි මෙසේ වදාළ සේක. මේ ආදි විස්තරයයි.
එවං අග්ගප්පසාදසුත්තාදීනි (අ· නි· 4.34; ඉතිවු· 90) “න මෙ ආචරියො අත්ථී”තිආදිකා ගාථායො (ම· නි· 1.285; මහාව· 11) ච විත්ථාරෙතබ්බා.
අග්‍රප්‍රසාද සූත්‍රාදිය මෙසේය. ‘න මෙ ආචරියො අත්ථි’ යනාදී වූ ගාථාද විස්තර කටයුතුය.
පුරිසදම්මෙ සාරෙතීති පුරිසදම්මසාරථි, දමෙති විනෙතීති වුත්තං හොති. තත්ථ පුරිසදම්මාති අදන්තා දමෙතුං යුත්තා තිරච්ඡානපුරිසාපි මනුස්සපුරිසාපි අමනුස්සපුරිසාපි. තථා හි භගවතා තිරච්ඡානපුරිසාපි අපලාළො නාගරාජා, චූළොදරො, මහොදරො, අග්ගිසිඛො, ධූමසිඛො, ධනපාලකො හත්ථීති එවමාදයො දමිතා, නිබ්බිසා කතා, සරණෙසු ච සීලෙසු ච පතිට්ඨාපිතා. මනුස්සපුරිසාපි සච්චකනිගණ්ඨපුත්ත-අම්බට්ඨමාණව-පොක්ඛරසාති-සොණදණ්ඩකූටදන්තාදයො. අමනුස්සපුරිසාපි ආළවක-සූචිලොම-ඛරලොම-යක්ඛ-සක්කදෙවරාජාදයො දමිතා විනීතා විචිත්රෙහි විනයනූපායෙහි. “අහං ඛො, කෙසි, පුරිසදම්මං සණ්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි, සණ්හඵරුසෙනපි විනෙමී”ති (අ· නි· 4.111) ඉදඤ්චෙත්ථ සුත්තං විත්ථාරෙතබ්බං. අථ වා විසුද්ධසීලාදීනං පඨමජ්ඣානාදීනි සොතාපන්නාදීනඤ්ච උත්තරිමග්ගපටිපදං ආචික්ඛන්තො දන්තෙපි දමෙතියෙව.
දැමියයුතු පුරුෂයන් මෙහෙයත්නුයි පුරිසදම්මසාරථීහ. දමනය කරත්, කායසමාධීන් හා යොදත්, හික්මවත්යි කියන ලද්දේ වේ. එහි පුරිසදම්ම නම් නොදැමුනු දමනයට සුදුසු වූ තිරශ්චීන පුරුෂයෝද මනුෂ්‍ය පුරුෂයෝද අමනුෂ්‍ය පුරුෂයෝද වෙත්. ඒ එසේමය. භාග්‍යවතුන් වහන්සේ විසින් අජලාල නාගරාජ, මහෝදර, චූලෝදර, අග්නිසිඛ, ධූමසිඛ, ධනපාලහත්ථි යන මේ ආදී වූ තිරශ්චීන පුරුෂයෝද දමනය කරන ලදහ. පහවූ විෂ ඇතියාහු කරන ලදහ. සරණයෙහිද සීලයෙහිද පිහිටුවන ලදහ. සච්චක, නිගණ්ඨපුත්ත, අම්බට්ඨමාණව, පොක්ඛරසාති, සොණදණ්ඩ, කූටදන්ත යනාදී වූ මනුෂ්‍ය පුරුෂයෝද, ආලවක, සුචිලොම, ඛරලොම යක්ඛ, සක්කදෙවරාජ යනාදී වූ අමනුෂ්‍ය පුරුෂයෝද විසිතුරු වූ විනය උපායයන්ගෙන් දමනය කරන ලදහ. හික්මවන ලදහ. ‘අහං ඛො කෙසි පුරිසදම්මෙ සණ්භෙනපි විනෙමි, එරුසෙනපි විනෙමි, සණ්හඵරුසෙනපි විනෙමි’ යනාදී වූ සූත්‍රය මෙහි විස්තර කටයුතුය.
අථ වා අනුත්තරො පුරිසදම්මසාරථීති එකමෙවිදං අත්ථපදං . භගවා හි තථා පුරිසදම්මෙ සාරෙති, යථා එකපල්ලඞ්කෙනෙව නිසින්නා අට්ඨ දිසා අසජ්ජමානා ධාවන්ති. තස්මා “අනුත්තරො පුරිසදම්මසාරථී”ති වුච්චති. “හත්ථිදමකෙන, භික්ඛවෙ, හත්ථිදම්මො සාරිතො එකංයෙව දිසං ධාවතී”ති ඉදඤ්චෙත්ථ සුත්තං (ම· නි· 3.312) විත්ථාරෙතබ්බං.
නොහොත් ‘අනුත්තරො පුරිසදම්මසාරථි’ යන මෙය එක්ම අර්ත්ථ පදයක් වේ. යම්සේ එක්ම පලඟකින් හුන්නාහු නොගැටෙමින් අට දිශාවන්ට දුවත්ද එසේ භාග්‍යවතුන් වහන්සේ දැමියයුතු පුරුෂයන් මෙහෙයවන සේක. එහෙයින් අනුත්තර පුරිසදම්මසාරථියි කියනු ලැබෙත්. ‘හත්ථිදමකෙන භික්ඛවෙ හත්ථිදම්මො සාරිතො එකං යෙව දිසං ධාවති’ යන මේ සූත්‍රයද මෙහි විස්තර කටයුතුය.
දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථෙහි යථාරහං අනුසාසතීති සත්ථා. අපිච සත්ථා වියාති සත්ථා, භගවා සත්ථවාහො. “යථා සත්ථවාහො සත්ථෙ කන්තාරං තාරෙති, චොරකන්තාරං තාරෙති, වාළකන්තාරං තාරෙති, දුබ්භික්ඛකන්තාරං තාරෙති, නිරුදකකන්තාරං තාරෙති, උත්තාරෙති නිත්තාරෙති පතාරෙති ඛෙමන්තභූමිං සම්පාපෙති; එවමෙව භගවා සත්ථා සත්ථවාහො සත්තෙ කන්තාරං තාරෙති ජාතිකන්තාරං තාරෙතී”තිආදිනා (මහානි· 190) නිද්දෙසනයෙනපෙත්ථ අත්ථො වෙදිතබ්බො.
දිට්ඨධම්මික, සම්පරායික, පරමත්ථ යන අර්ත්ථයන්ගෙන් සුදුසු පරිදි අනුශාසනා කෙරෙත්නුයි ශාස්තෲ නම් වෙති. තවද, සන්වායෙකු වැනිනුයි සාර්ත්ථ නම් භාග්‍යවතුන් වහන්සේ සාර්ත්ථවාහයහ. යම්සේ සාර්ත්ථවාහ තෙමේ වෙණද සමූහයා කාන්තාරයෙන් එතෙර කරවාද චොර කාන්තාරය, වාළ කාන්තාරය, දුබ්භික්ඛ කාන්තාරය, නිරුදක කන්තාරය තරණය කරවාද නිර්භය ස්ථානයට පමුණුවාද බිය සහිත ස්ථානයෙන් බැහැර කරමින් තරණය කරවාද අතින් ගෙන මෙන් තරණය කරවාද නිර්භයස්ථානයට පමුණුවාද එපරිද්දෙන්ම ‘භාග්‍යවතුන් වහන්සේ ශාස්තෲ වූසේක් සාර්ත්ථවාහ වූසේක් සත්ත්වයන් එතෙර කරවන සේක. ජාති කාන්තාරයෙන් එතෙර කරවන සේකැ’යි යන මේ ආදි නිර්දෙශ නයින්ද අර්ත්ථ දතයුතුය.
දෙවමනුස්සානන්ති දෙවානඤ්ච මනුස්සානඤ්ච උක්කට්ඨපරිච්ඡෙදවසෙනෙතං වුත්තං, භබ්බපුග්ගලපරිච්ඡෙදවසෙන ච. භගවා පන තිරච්ඡානගතානම්පි අනුසාසනිප්පදානෙන සත්ථායෙව. තෙපි හි භගවතො ධම්මසවනෙන උපනිස්සයසම්පත්තිං පත්වා තාය එව උපනිස්සයසම්පත්තියා දුතියෙ තතියෙ වා අත්තභාවෙ මග්ගඵලභාගිනො හොන්ති. මණ්ඩූකදෙවපුත්තාදයො චෙත්ථ නිදස්සනං.
‘දෙවමනුස්සානං’ දෙවියන්ට හා මිනිසුන්ටද මෙය උත්කෘෂ්ට පරිච්ඡේද වශයෙන් හා භව්යපුද්ගල පරිච්ඡේද වශයෙන් කියන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි තිරිසන් ගියවුන්ටද අනුශාසනා දීමෙන් ශාස්තෲ සේක්මය. ඔවුහුද භාග්‍යවතුන් වහන්සේගේ දහම් ඇසීමෙන් උපනිඃශ්‍රය සම්පත්තියට පැමිණ ඒ උපනිඃශ්‍රය සම්පත්තියෙන්ම දෙවන හෝ තෙවන අත්බැව්හි මගපල ලබන්නෝ වෙත්. මණ්ඩුක දිව්යපුත්රාදීහු මෙහි නිදසුන් වෙයි.
භගවති කිර ගග්ගරාය පොක්ඛරණියා තීරෙ චම්පානගරවාසීනං ධම්මං දෙසයමානෙ එකො මණ්ඩූකො භගවතො සරෙ නිමිත්තං අග්ගහෙසි. තං එකො වච්ඡපාලකො දණ්ඩමොලුබ්භ තිට්ඨන්තො තස්ස සීසෙ සන්නිරුම්භිත්වා අට්ඨාසි. සො තාවදෙව කාලං කත්වා තාවතිංසභවනෙ ද්වාදසයොජනිකෙ කනකවිමානෙ නිබ්බත්ති. සුත්තප්පබුද්ධො විය ච තත්ථ අච්ඡරාසඞ්ඝපරිවුතං අත්තානං දිස්වා “අරෙ, අහම්පි නාම ඉධ නිබ්බත්තොස්මි! කිං නු ඛො කම්මං අකාසි”න්ති ආවජ්ජෙන්තො නාඤ්ඤං කිඤ්චි අද්දස, අඤ්ඤත්ර භගවතො සරෙ නිමිත්තග්ගාහා. සො තආවදෙව සහ විමානෙන ආගන්ත්වා භගවතො පාදෙ සිරසා වන්දි. භගවා ජානන්තොව පුච්ඡි –
භාග්‍යවතුන් වහන්සේ ගග්ගරා නම් පොකුණු ඉවුරෙහි චම්පා නුවර වැසියන්ට ධර්මදේශනා කරන කල්හි එක් මැඩියෙක් උන්වහන්සේගේ ස්වරයෙහි නිමිති ගත්තේය. එහි එක් වසුපල්ලෙක් දඬුයෙහි එල්බ සිටිනුයේ ඒ මැඩියාගේ හිස දඬුවෙන් ඔබාගෙන සිටියේය. ඒ මැඩියා ඒ වේලෙහිම කලුරියකොට තාවතිංස භවනයෙහි දොළොස්යොදුන් පමණ වූ රන්විමනක නිදා පිබිදියෙකු මෙන් උපන්නේය. එහි දෙවඟනන් සමූහයෙන් පිරිවරුනු තමන් දැක ‘එම්බල! මමද මෙහි උපන්මි, කිනම් කර්මයක් කෙළෙම්දෝ’ හෝයි ආවර්ජනා කරනුයේ භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයෙහි නිමිති ගැනීම හැර තමන්කළ අන්කිසිදු කර්මයක් නොදුටුයේය. එකෙණෙහිම ඒ දිව්‍යපුත්‍ර තෙමේ විමානය සමග අවුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයෙහි හිස තබා වැඳ සිටියේය.
“කො මෙ වන්දති පාදානි, ඉද්ධියා යසසා ජලං; අභික්කන්තෙන වණ්ණෙන, සබ්බා ඔභාසයං දිසා”ති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක්ම ‘සෘද්ධියෙන් හා පිරිවරින් දිලිසෙමින් ඉතා කාන්තිමත් වූ සිවිපැහැයෙන් සියලුදිග් බබුළුවමින් කවරෙක් මාගේ පා වඳීදැ’යි විචාළ සේක.
“මණ්ඩූකොහං පුරෙ ආසිං, උදකෙ වාරිගොචරො; තව ධම්මං සුණන්තස්ස, අවධි වච්ඡපාලකො”ති. (වි· ව· 857-858);
භාග්‍යවතුන් වහන්සේ විසින් විචාළ ඒ දිව්‍යපුත්‍ර තෙමේ ‘මම පෙර මැඩියෙක් වීමි, දියෙහි දියම ගොදුරුකොට ඇතියෙම් වීමි, ඔබවහන්සේගේ ධර්මය අසාසිටියදී වසුපල්ලෙක් මා මැරීය’යි කියා සිටියේය.
භගවා තස්ස ධම්මං දෙසෙසි. දෙසනාවසානෙ චතුරාසීතියා පාණසහස්සානං ධම්මාභිසමයො අහොසි. දෙවපුත්තොපි සොතාපත්තිඵලෙ පතිට්ඨාය සිතං කත්වා පක්කාමීති.
භාග්‍යවතුන් වහන්සේ ඔහුට ධර්ම දේශනා කළ සේක. ධර්ම දේශනාව අවසානයෙහි අසූසාරදහසක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය වූයේය. දිව්‍යපුත්‍ර තෙමේද සොතාපත්ති ඵලයෙහි පිහිටාගෙන සිනහ පහළකොට එතැනින් නික්ම ගියේය.
යං පන කිඤ්චි අත්ථි ඤෙය්යං නාම, තස්ස සබ්බස්ස බුද්ධත්තා විමොක්ඛන්තිකඤාණවසෙන බුද්ධො. යස්මා වා චත්තාරි සච්චානි අත්තනාපි බුජ්ඣි, අඤ්ඤෙපි සත්තෙ බොධෙසි; තස්මා එවමාදීහිපි කාරණෙහි බුද්ධො. ඉමස්ස චත්ථස්ස විඤ්ඤාපනත්ථං “බුජ්ඣිතා සච්චානීති බුද්ධො, බොධෙතා පජායාති බුද්ධො”ති එවං පවත්තො සබ්බොපි නිද්දෙසනයො (මහානි· 192) පටිසම්භිදානයො (පටි· ම· 1.162) වා විත්ථාරෙතබ්බො.
දතයුතු යම්කිසිවක් ඇත්තේනම් ඒ සියල්ල අවබෝධ කළ බැවින් විමොක්ෂාන්තික ඥාන වශයෙන් බුද්ධ නම් වන සේක. යම්හෙයකින් හෝ චතුස්සත්‍යය තුමූත් අවබෝධ කළසේක්ද අන්සතුන් හටත් අවබෝධ කරවූ සේක්ද එහෙයින් මේ ආදි කරුණෙනුදු බුද්ධ වන සේක. මේ අර්ත්ථයම දක්වනු පිණිස ‘බුජ්ඣිතා සච්චානීති බුද්ධා බොධෙතා පජායාති බුද්ධො’යි පැවති සියලුම නිර්දෙශය හෝ ප්රතිසම්භිදානය හෝ විස්තර කටයුතුය.
භගවාති ඉදං පනස්ස ගුණවිසිට්ඨසත්තුත්තමගරුගාරවාධිවචනං. තෙනාහු පොරාණා –
‘භගවා’ යන මේ පදය ශීලාදි ගුණයන්ගෙන් විශිෂ්ට වූ සියලු සත්ත්වයන් අතුරෙහි උතුම් වූ සියලු සත්ත්වයන්ට ගුරුවූ භාග්‍යවතුන් වහන්සේට ගෞරව වශයෙන් කියනු ලබන්නේය. එහෙයින් පුරාතනයෝ:
“භගවාති වචනං සෙට්ඨං, භගවාති වචනමුත්තමං; ගරු ගාරවයුත්තො සො, භගවා තෙන වුච්චතී”ති.
‘භගවාති වචනං සෙට්ඨං භගවාති වචනමුත්තමං, ගරුගාරවයුත්තො සො භගවා තෙන වුච්චති’යි
භගවා යන වචනය ශ්රෙෂ්ඨවාචකය. භගවා යන වචනය උත්තමාර්ත්ථවාචකය. ගරු ගුණයෙන් යුක්ත බැවින් අතිශය ගෞරවයට සුදුසුය. එහෙයින් භගවායි කියනු ලැබේ.
චතුබ්බිධඤ්හි නාමං – ආවත්ථිකං, ලිඞ්ගිකං, නෙමිත්තිකං, අධිච්චසමුප්පන්නන්ති. අධිච්චසමුප්පන්නං නාම ලොකියවොහාරෙන “යදිච්ඡක”න්ති වුත්තං හොති. තත්ථ “වච්ඡො දම්මො බලිබද්දො”ති එවමාදි ආවත්ථිකං. “දණ්ඩී ඡත්තී සිඛී කරී”ති එවමාදි ලිඞ්ගිකං. “තෙවිජ්ජො ඡළභිඤ්ඤො”ති එවමාදි නෙමිත්තිකං. “සිරිවඩ්ඪකො ධනවඩ්ඪකො”ති එවමාදි වචනත්ථමනපෙක්ඛිත්වා පවත්තං අධිච්චසමුප්පන්නං. ඉදං පන භගවාති නාමං නෙමිත්තිකං, න මහාමායාය න සුද්ධොදනමහාරාජෙන න අසීතියා ඤාතිසහස්සෙහි කතං, න සක්කසන්තුසිතාදීහි දෙවතාවිසෙසෙහි. වුත්තඤ්හෙතං ධම්මසෙනාපතිනා – “භගවාති නෙතං නාමං මාතරා කතං…පෙ… විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභා සච්ඡිකාපඤ්ඤත්ති, යදිදං භගවා”ති (මහානි· 84).
නාමය වනාහි ආවත්ථික, ලිඞ්ගික, නෙමිත්තික, අධිච්චසමුප්පන්නයි සිවුවැදෑරුම් වේ. අධිච්චසමුප්පන්න නාමය නම් ලෝකව්‍යවහාර වශයෙන් යදිච්ඡකයි කියන ලද්දේය. එහි වච්ඡ, දම්ම, බලීවද්ද යන මේ ආදිය ඒ ඒ අවස්ථා ගෙන පැනවූ බැවින් ආවත්ථික නමි. දණ්ඩි, ඡත්ති, සිඛී, කරී යන මේ ආදිය ඒ ඒ ලක්ෂණ ගෙන පැණවූ බැවින් ලිඞ්ගික නමි. තෙවිජ්ජ, ඡළභිඤ්ඤ යන මේ ආදිය ඒ ඒ නිමිතිගෙන පැනවූ බැවින් නෙමිත්තික නමි. සිරිවඩ්ඪක, ධනවඩ්ඪක යන මේ ආදිය වචනාර්ත්ථ නොසලකා පැනවූ බැවින් අධිච්චසමුප්පන්න නමි. භගවා යන මේ නාමපදය තෙමිත්තක නමි. මෙය මහාමායා දේවිය විසින් සුද්ධෝදන මහරජු විසින් අසූදහසක් නෑකුලයන් විසින් ශක්රසන්තුෂිතාදී වූ දෙවතා විශේෂයන් විසින් තබන ලද්දේ නොවේ. ධර්ම සේනාපතිහු විසින් මෙය කියන ලද්දේය. ‘භගවාති නෙතං නාම මාතරා කතං -පෙ- විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤූතඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති, යදිදං භගවා’යි
යංගුණනෙමිත්තිකඤ්චෙතං නාමං, තෙසං ගුණානං පකාසනත්ථං ඉමං ගාථං වදන්ති –
යම්හෙයකින් මේ නාමය ගුණ නෙමිත්තික නාමයක්වේද, ඒ ගුණ පවසනු පිණිස මේ ගාථාව කියත්.
“භගී භජී භාගී විභත්තවා ඉති; අකාසි භග්ගන්ති ගරූති භාග්‍යවා; බහූහි ඤායෙහි සුභාවිතත්තනො; භවන්තගො සො භගවාති වුච්චතී”ති.
‘භගී භජී භාගි විභත්තවා ඉති අකාසි භග්ගන්ති ගරූති භාග්‍යවා, බහූහි ඤායෙහි සුභාවිතත්තනො භවන්තගො සො භගවාති වුච්චති’
ඒ භාග්‍යවත්තෙමේ ඓශ්වර්ය්යාදිභෙද ඇති වාසනා ධර්ම ඇත්තේ, ප්රාන්තසයනාසනාදිය සෙවුනේ, අර්ත්ථ, ධර්ම විමුක්තිරසභාග ඇත්තේ, ලෞකික ලෝකෝත්තර ධර්මවිභාග කෙළේ, රාගාදීන් බිඳහැරියේ, කාය භාවනාදි අනෙකවිධ භාවනා ක්‍රමයෙන් මනාකොට වැඩූ සිත් ඇත්තේ, හවයෙහි කෙළවරට ගියේ භගවත්යි කියනු ලැබේ.
නිද්දෙසෙ වුත්තනයෙනෙව චෙත්ථ තෙසං තෙසං පදානමත්ථො දට්ඨබ්බො.
නිර්‍දෙශයෙහි කියූ ක්‍රමයෙන්ම ඒ ඒ පදයන්ගේ අර්ත්ථ දතයුතුය.
අයං පන අපරො නයො –
මේ අනික් ක්‍රමයක් වේ:
“භාග්‍යවා භග්ගවා යුත්තො, භගෙහි ච විභත්තවා; භත්තවා වන්තගමනො, භවෙසු භගවා තතො”ති.
‘භාග්‍යවා භග්ගවා යුත්තො - භගෙහි ච විභත්තවා, භත්තවා වන්තගමනො - භවෙසු භගවා තතො’ යනු
යම් හෙයකින් භාග්‍ය ඇත්තේද රාගාදි ක්ලේශයන් බිඳහළේද භග ධර්මයන්ගෙන් යුක්ත වූයේද මාර්ගඵලාදී ආර්ය්යධර්මරත්නය විභාග කළේද අර්ත්ථ ධර්ම, විමුක්තිරස, සෙවනය කෙළේද භවයෙහි වැමෑරූ තෘෂ්ණා ගමන් ඇත්තේද එහෙයින් භගවත් නම්වේ.
තත්ථ වණ්ණාගමො වණ්ණවිපරියයොති එතං නිරුත්තිලක්ඛණං ගහෙත්වා සද්දනයෙන වා පිසොදරාදිපක්ඛෙපලක්ඛණං ගහෙත්වා යස්මා ලොකියලොකුත්තරසුඛාභිනිබ්බත්තකං දානසීලාදිපාරප්පත්තං භාග්යමස්ස අත්ථි, තස්මා “භාග්‍යවා”ති වත්තබ්බෙ “භගවා”ති වුච්චතීති ඤාතබ්බං. යස්මා පන ලොභ-දොස-මොහ-විපරීතමනසිකාර-අහිරිකානොත්තප්ප-කොධූපනාහ-මක්ඛ-පළාසඉස්සා-මච්ඡරිය-මායාසාඨෙය්ය-ථම්භ-සාරම්භ-මානාතිමාන-මද-පමාද-තණ්හාවිජ්ජා තිවිධාකුසලමූල-දුච්චරිත-සංකිලෙස-මල-විසමසඤ්ඤා-විතක්ක-පපඤ්ච-චතුබ්බිධවිපරියෙසආසව-ගන්ථ-ඔඝ-යොගාගති-තණ්හුප්පාදුපාදාන-පඤ්චචෙතොඛීල-විනිබන්ධ-නීවරණාභිනන්දනඡවිවාදමූල-තණ්හාකාය-සත්තානුසය-අට්ඨමිච්ඡත්ත-නවතණ්හාමූලක-දසාකුසලකම දිට්ඨිගත-අට්ඨසතතණ්හාවිචරිතප්පභෙද-සබ්බදරථ-පරිළාහ-කිලෙසසතසහස්සානි, සඞ්ඛෙපතො වා පඤ්ච කිලෙස-අභිසඞ්ඛාරඛන්ධමච්චු-දෙවපුත්ත-මාරෙ අභඤ්ජි, තස්මා භග්ගත්තා එතෙසං පරිස්සයානං භග්ගවාති වත්තබ්බෙ භගවාති වුච්චති. ආහ චෙත්ථ –
එහි ‘වණ්ණාගමො වණ්ණවිපරීයයො’ යනු විසින් මේ නිරුක්ති ලක්ෂණ ගෙන ශබ්දනයින් හෝ පාෂොදරාදි ශබ්දයන් කෙරෙහි ප්රක්ෂෙප ලක්ෂණ ගෙන යම්හෙයකින් ලොවී ලොවුතුරා සැප නිපදවන්නාවූ දානශීලාදීන්ගේ පාරමීභාවයට පැමිණි භාග්‍යය මුන්වහන්සේට ඇත්තේද එහෙයින් භාග්‍යවා කියයුතුතන්හි භගවායි කියනු ලැබේ යයි දතයුතුය. යම්හෙයකින් ලෝභ, දෝස, මෝහ, විපරීත, මනසිකාර, අහිරිකානොත්තප්ප, කොධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය මායා, සාඨෙය්‍ය ථම්හ, සාරම්හ මාන, අතිමාන, මද, ප්‍රමාද, තණ්හා, අවිජ්ජා, තිවිධ අකුසලමූල දුච්චරිත සඞ්කිලෙසමල විසමසඤ්ඤා විතක්ක පපඤ්ච චතුබ්බිධ විපරියෙස ආසව ගන්ථ ඔඝ යොග අගති තණ්හුප්පාද උපාදාන පඤ්චචෙතොඛීල විනිබන්ධ නීවරණ අභිනන්දන ඡවිවාදමූල තණ්හාකාය සත්තානුසය අට්ඨමිච්ඡත්ත නවතණ්හාමූලක දසඅකුසලකම්මපථ ද්වාසට්ඨිදිට්ඨිගත අට්ඨසතතණ්හාවිචරිත භෙද ඇති සියලු සත්ත්වයන්ට දරථපරිදාහකරවු නොයෙක් ක්ලේශ ශතසහස්‍රයන් බිඳහළ සේක්ද සඞක්ෂෙප විසින් හෝ කිලෙස ඛන්ධ අභිසඞ්ඛාර මච්චු දෙවපුත්ත මාර යන පස්මරුන් බිඳහළ සේක්ද, එහෙයින් මේ කෙලෙස් උවදුරු බිඳහළ බැවින් භග්ගවායි කියයුතු තන්හි භගවායි කියනු ලැබේ. මෙහිලා මෙසේද කීහ.
“භග්ගරාගො භග්ගදොසො, භග්ගමොහො අනාසවො; භග්ගාස්ස පාපකා ධම්මා, භගවා තෙන වුච්චතී”ති.
‘භග්ගරාගො භග්ගදොසො - භග්ගමොහො අනාසවො, භග්ගාස්ස පාපකා ධම්මා - භගවා තෙන වුච්චති’යි
යම්හෙයකින් බිඳහළ රාග ඇත්තේද බිඳහළ ද්වේෂ ඇත්තේද බිඳහළ මෝහ ඇත්තේද ආස්‍රව රහිතද මුන්වහන්සේ විසින් සියලු පාපධර්ම බිඳහරින ලද්දේද එහෙයින් භගවායි කියනු ලැබේ.
භාග්යවන්තතාය චස්ස සතපුඤ්ඤජලක්ඛණධරස්ස රූපකායසම්පත්තිදීපිතා හොති, භග්ගදොසතාය ධම්මකායසම්පත්ති. තථා ලොකියපරික්ඛකානං බහුමතභාවො, ගහට්ඨපබ්බජිතෙහි අභිගමනීයතා, අභිගතානඤ්ච නෙසං කායචිත්තදුක්ඛාපනයනෙ පටිබලභාවො, ආමිසදානධම්මදානෙහි උපකාරිතා, ලොකියලොකුත්තරසුඛෙහි ච සම්පයොජනසමත්ථතා දීපිතා හොති.
භාග්‍යවත් බැවින් ශතපුණ්යලක්ෂණධර වූ මුන්වහන්සේගේ රූපකාය සම්පත්තිය දක්වන ලද්දීය. බිඳහළ ද්වේශ ඇති බැවින් ධර්මකාය සම්පත්තියද එසේ ලෞකික පරීක්ෂකයන් විසින් බුහුමන් කරනු ලබන බවද, ගිහි පැවිද්දන් විසින් එළඹිය යුතුබවද, වෙත එළඹියාවූ ඔවුන්ගේ කය සිත පිළිබඳ දුක් දුරුකිරීමෙහි පොහොසත් බවද ආමිෂදාන ධර්මදානයෙන් ගිහි පැවිද්දන්ට උපකාර බවද ලෞකික ලෝකෝත්තර සුඛයන් හා යෙදීමෙහි පොහොසත් බවද දක්වන ලදහ.
යස්මා ච ලොකෙ ඉස්සරිය-ධම්ම-යස-සිරී-කාම-පයත්තෙසු ඡසු ධම්මෙසු භගසද්දො වත්තති, පරමඤ්චස්ස සකචිත්තෙ ඉස්සරියං, අණිමා ලඝිමාදිකං වා ලොකියසම්මතං සබ්බාකාරපරිපූරං අත්ථි තථා ලොකුත්තරො ධම්මො ලොකත්තයබ්යාපකො යථාභුච්චගුණාධිගතො අතිවිය පරිසුද්ධො යසො, රූපකායදස්සනබ්යාවටජනනයනප්පසාදජනනසමත්ථා සබ්බාකාරපරිපූරා සබ්බඞ්ගපච්චඞ්ගසිරී, යං යං එතෙන ඉච්ඡිතං පත්ථිතං අත්තහිතං පරහිතං වා, තස්ස තස්ස තථෙව අභිනිප්ඵන්නත්තා ඉච්ඡිතිච්ඡි, තත්ථ නිප්ඵත්තිසඤ්ඤිතො කාමො, සබ්බලොකගරුභාවප්පත්තිහෙතුභූතො සම්මාවායාමසඞ්ඛාතො පයත්තො ච අත්ථි; තස්මා ඉමෙහි භගෙහි යුත්තත්තාපි භගා අස්ස සන්තීති ඉමිනා අත්ථෙන භගවාති වුච්චති.
යම් හෙයකින් ලොකයෙහි භග ශබ්දය ඓශ්ර්වය්ය, ධර්ම, යශස්, කාම, සිරි, ප්රයත්න යන සයවැදෑරුම් අර්‍ත්‍ථයෙහි පවත්නේද මුන්වහන්සේගේ සියසිත්හි උත්කෘෂ්ට වූ ඓශ්වර්‍ය්‍ය ඇත්තේද ලෞකිකයන් විසින් සම්මත වූ අණිමා, ලඝිමා යනාදීවූ ඓශ්වර්‍ය්‍ය හෝ හැමතින් පිරිපුන්ව ඇත්තේද එසේ ලෝකෝත්තර ධර්මයද ඇත්තේය. තුන්ලොව පතළා වූ යථාභූතගුණයෙන් ලැබූ ඉතා පිරිසිදුවූ යශස රූපකාය දර්ශනයෙහි ව්‍යාවෘත මහජනයාගේ ඇසට හා සිතට ප්‍රසාද එළවීමෙහි සමර්ත්ථ වූ සියලු අතින් පිරිපුන්වූ සියලු අඟපසඟ පිළිබඳ ශෝභාව මුන්වහන්සේ විසින් තමහට හිතවූ හෝ අන්හට හිත වූ යම් යම් අර්‍ත්‍ථයක් කැමතිවන ලද්දේද පතන ලද්දේ ද ඒ ඒ ආත්මහිතය පරහිතය එපරිද්දෙන්ම නිපන් බැවින් කැමතිදැය නිපදවීමැයි හඳුන්වන ලද කාමය සියලු ලෝකයාගේ ගුරුබවට කරුණු වූ සම්‍යග්ව්‍යායාම නම් වූ ප්රයත්නය ඇත්තේද එහෙයින් මේ ඓශ්වර්ය්යාදී වූ භගධර්මයන්ගෙන් යුක්ත බැවින්ද මුන්වහන්සේට භගධර්ම වේනුයි යන අර්ත්ථයෙන් භගවායි කියනු ලැබෙත්.
යස්මා පන කුසලාදීහි භෙදෙහි සබ්බධම්මෙ, ඛන්ධායතන-ධාතුසච්ච-ඉන්ද්රියපටිච්චසමුප්පාදාදීහි වා කුසලාදිධම්මෙ, පීළන-සඞ්ඛත-සන්තාපවිපරිණාමට්ඨෙන වා දුක්ඛමරියසච්චං, ආයූහන-නිදාන-සංයොග-පලිබොධට්ඨෙන සමුදයං, නිස්සරණවිවෙකාසඞ්ඛත-අමතට්ඨෙන නිරොධං, නිය්‍යාන-හෙතු-දස්සනාධිපතෙය්යට්ඨෙන මග්ගං විභත්තවා, විභජිත්වා විවරිත්වා දෙසිතවාති වුත්තං හොති. තස්මා විභත්තවාති වත්තබ්බෙ භගවාති වුච්චති .
යම්හෙයකින් දුකතිකපද සඞ්ගෘහිත වූ කුශලාදි ප්‍රභේද වශයෙන් සියලු ධර්මයන් ඛන්ධ, ආයතන ධාතු, සච්ච, ඉන්ද්රිය, පටිච්චසමුප්පාද යනාදී වූ භෙදයෙන් හෝ කුශල ධර්මයන් දුඃඛාර්ය්ය සත්‍යය පීඩන, සඞ්ඛත, සන්තාප, විපරිනාමයන් අර්ත්ථ වශයෙන් හෝ සමුදයාර්ය්යසත්යය ආයූහන, නිදාන, සංයොග, පළිබොධ යන අර්ත්ථ වශයෙන් හෝ නිරෝධාර්ය්යසත්යය නිස්සරණ, විවෙක, අසංඛත, අමත යන අර්ත්ථ වශයෙන් හෝ මාර්ගාර්ය්ය සත්‍යයය නීයාණික, හෙතු, දස්සන, ආධිපතෙය්‍ය යන අර්ත්ථ වශයෙන් හෝ බෙදූ සේක්ද බෙදා විවරණයකොට දේශනා කළසේක්ද එහෙයින් විභත්තවායි කියයුතු තන්හි භගවායි කියනු ලැබෙත්.
යස්මා ච එස දිබ්බබ්රහ්මඅරියවිහාරෙ කායචිත්තඋපධිවිවෙකෙ සුඤ්ඤතප්පණිහිතානිමිත්තවිමොක්ඛෙ අඤ්ඤෙ ච ලොකියලොකුත්තරෙ උත්තරිමනුස්සධම්මෙ භජි සෙවි බහුලමකාසි, තස්මා භත්තවාති වත්තබ්බෙ භගවාති වුච්චති.
යම්හෙයකින් මුන්වහන්සේ දිව්‍ය, බ්‍රහ්ම, ආර්‍ය්‍ය, විහරණයන්, කාය, චිත්ත, උපධි විවෙකයන් සුඤ්ඤත, අප්පණිහිත, අනිමිත්ත, විමොක්ෂයන්, අන්‍යවූද ලෞකික ලෝකොත්තරාභිඥාදී වූ උත්තරි මනුෂ්‍ය ධර්මයන් භජනය කළසේක්ද සෙවනය කළසේක්ද බහුල කළසේක්ද එහෙයින් භත්තවායි කියයුතු තන්හි භගවායි කියනු ලැබෙත්.
යස්මා පන තීසු භවෙසු තණ්හාසඞ්ඛාතං ගමනමනෙන වන්තං, තස්මා භවෙසු වන්තගමනොති වත්තබ්බෙ භවසද්දතො භකාරං, ගමනසද්දතො ගකාරං, වන්තසද්දතො වකාරඤ්ච දීඝං කත්වා ආදාය භගවාති වුච්චති. යථා ලොකෙ “මෙහනස්ස ඛස්ස මාලා”ති වත්තබ්බෙ “මෙඛලා”ති වුච්චති.
යම්හෙයකින් මුන්වහන්සේ විසින් භවත්‍රයෙහි තෘෂ්ණාසඞ්ඛ්‍යාත ගමන ආර්ය්යමාර්ග මුඛයෙන් වමනය කරන ලද්දේ ද එහෙයින් භවෙසු වන්තගමනොයි කියයුතුතන්හි භව ශබ්දයෙන් ‘භ’ කාරය ගමන ශබ්දයෙන් ‘ග’ කාරය වන්ත ශබ්දයෙන් ‘ව’ කාරයද දීර්ඝකොට ගෙන යම්සේ ලෝකයෙහි ‘මෙහනස්ස ඛස්ස මාලා’යි කියයුතු තන්හි ‘මෙඛලා’යි කියනු ලැබේද එසේ භගවායි කියනු ලැබෙත්.
සො ඉමං ලොකන්ති සො භගවා ඉමං ලොකං. ඉදානි වත්තබ්බං නිදස්සෙති. සදෙවකන්ති සහ දෙවෙහි සදෙවකං; එවං සහ මාරෙන සමාරකං; සහ බ්රහ්මුනා සබ්රහ්මකං; සහ සමණබ්රාහ්මණෙහි සස්සමණබ්රාහ්මණිං; පජාතත්තා පජා, තං පජං; සහ දෙවමනුස්සෙහි සදෙවමනුස්සං. තත්ථ සදෙවකවචනෙන පඤ්චකාමාවචරදෙවග්ගහණං වෙදිතබ්බං, සමාරකවචනෙන ඡට්ඨකාමාවචරදෙවග්ගහණං, සබ්රහ්මකවචනෙන බ්රහ්මකායිකාදිබ්රහ්මග්ගහණං, සස්සමණබ්රාහ්මණීවචනෙන සාසනස්ස පච්චත්ථිකපච්චාමිත්තසමණබ්රාහ්මණග්ගහණං, සමිතපාප-බාහිතපාප-සමණබ්රාහ්මණග්ගහණඤ්ච, පජාවචනෙන සත්තලොකග්ගහණං, සදෙවමනුස්සවචනෙන සම්මුතිදෙවඅවසෙසමනුස්සග්ගහණං. එවමෙත්ථ තීහි පදෙහි ඔකාසලොකො, ද්වීහි පජාවසෙන සත්තලොකො ගහිතොති වෙදිතබ්බො.
‘සො ඉමං ලොකං’ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය, දැන් කියයුත්ත මෙසේ දක්වාලන්නේය. ‘සදෙවකං’ දෙවියන් සමග පවත්නේ සදෙවකය. මෙසේ මාරයා සමග පවත්නේ සමාරකය. බඹහු සමග පවන්නේ සබ්රහ්මකය. මහණ බමුණන් සමග පවත්නේ සස්සමණ බ්‍රාහ්මණය. කම්කෙලෙස් උපන් බැවින් පජානම්. ඒ ප්රජාය. දෙවිමිනිසුන් සමග පවත්නේ සදෙව මනුස්සය. එහි සදෙවක වචනයෙන් වශවර්ති දෙවියන් හැර පඤ්චකාමාවචර දෙවියන්ගේ ගැනීම, සමාරක වචනයෙන් සවන කාමාවචර දෙවියන්ගේ ගැනීම, සබ්‍රහ්මක වචනයෙන් ප්රථමද්ධ්යානභූමික බ්‍රහ්මයන් ආදිකොට ආරුප්පය කෙළවරකොටසිටි බ්‍රහ්මයන්ගේ ගැනීම, සස්සමණ බ්රාහ්මණී වචනයෙන් සසුනට පසමිතුරු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ හා සන්සිඳවූ පව්ඇති මහණ බමුණන්ගේ ගැනීමද පජා වචනයෙන් සත්ත්ව ලොකය ගැනීම, සදෙවමනුස්ස වචනයෙන් සම්මුති දෙවියන්ගේ හා අවශේෂ මනුෂ්‍යයන්ගේ ගැනීම දතයුතුය. මෙහි මෙසේ ‘සදෙවකං, සමාරකං, සබ්රහ්මකං’ යන තෙපදයෙන් අවකාශ ලෝකයද ‘සස්සමණබ්රාහ්මණං, සදෙවමනුස්සං’ යන දෙපදයෙන් ප්‍රජා වශයෙන් සත්ත්ව ලෝකයද ගන්නා ලදැයි දතයුත්තේය.
අපරො නයො – සදෙවකග්ගහණෙන අරූපාවචරදෙවලොකො ගහිතො, සමාරකග්ගහණෙන ඡකාමාවචරදෙවලොකා, සබ්රහ්මකග්ගහණෙන රූපීබ්රහ්මලොකො, සස්සමණබ්රාහ්මණාදිග්ගහණෙන චතුපරිසවසෙන සම්මුතිදෙවෙහි වා සහ මනුස්සලොකො, අවසෙසසබ්බසත්තලොකො වා.
මෙහි අන් ක්‍රමයක් වේ: සදෙවක ග්රහණයෙන් අරූපාවචර ලොක, සමාරක ග්රහණයෙන් ෂඩ්විධ කාමාවචරදෙවලොක, සබ්‍රහ්මක ග්රහණයෙන් රූපී බ්‍රහ්මලෝක, සස්සමණ බ්‍රාහ්මණාදි ග්රහණයෙන් ක්ෂත්රිය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රමණ යන සිවුපිරිස් වශයෙන් සම්මුති දෙවියන් සමග මනුෂ්‍ය ලෝකය හෝ අවශේෂ සියලු සත්ත්ව ලෝකය ගන්නා ලදහ.
අපිචෙත්ථ සදෙවකවචනෙන උක්කට්ඨපරිච්ඡෙදතො සබ්බස්සාපි ලොකස්ස සච්ඡිකතභාවං සාධෙන්තො තස්ස භගවතො කිත්තිසද්දො අබ්භුග්ගතො. තතො යෙසං සියා – “මාරො මහානුභාවො ඡකාමාවචරිස්සරො වසවත්තී; කිං සොපි එතෙන සච්ඡිකතො”ති? තෙසං විමතිං විධමන්තො සමාරකන්ති අබ්භුග්ගතො. යෙසං පන සියා – “බ්රහ්මා මහානුභාවො එකඞ්ගුලියා එකස්මිං චක්කවාළසහස්සෙ ආලොකං ඵරති, ද්වීහි…පෙ… දසහි අඞ්ගුලීහි දසසු චක්කවාළසහස්සෙසු ආලොකං ඵරති, අනුත්තරඤ්ච ඣානසමාපත්තිසුඛං පටිසංවෙදෙති, කිං සොපි සච්ඡිකතො”ති? තෙසං විමතිං විධමන්තො සබ්රහ්මකන්ති අබ්භුග්ගතො. තතො යෙසං සියා – “පුථූසමණබ්රාහ්මණා සාසනපච්චත්ථිකා, කිං තෙපි සච්ඡිකතා”ති? තෙසං විමතිං විධමන්තො සස්සමණබ්රාහ්මණිං පජන්ති අබ්භුග්ගතො. එවං උක්කට්ඨුක්කට්ඨානං සච්ඡිකතභාවං පකාසෙත්වා අථ සම්මුතිදෙවෙ අවසෙසමනුස්සෙ ච උපාදාය උක්කට්ඨපරිච්ඡෙදවසෙන සෙසසත්තලොකස්ස සච්ඡිකතභාවං පකාසෙන්තො සදෙවමනුස්සන්ති අබ්භුග්ගතො. අයමෙත්ථානුසන්ධික්කමො.
තවද මෙහි සදෙවක වචනයෙන් උසස් පිරිසිඳීමෙන් සියලු සත්ත්ව ලෝකයම ප්රත්යක්ෂ කළබව අස්වමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. ඒ හේතුවෙන් මරු මහත් ආනුභාව ඇත්තේය, ෂඩ්විධ කාමාවචරයට ඊශ්වරවූයේ අන්හු තම වශයෙහි පවත්වන්නේය, ඒ මාරතෙමේත් කිම? මේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්රත්යක්ෂ කරන ලද්දේදැයි යම්කෙනෙකුන්ට අදහසක් වන්නේනම් ඔවුන්ගේ විමතිය විද්ධවංසනය කරමින් මාරයා සහිත අවශේෂ ලෝකය යටපත් කරමින් ඒ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. තවද, ‘බ්‍රහ්මතෙමේ මහත් ආනුභාව ඇත්තේය, එකැඟිල්ලෙන් එක් සක්වළ දහසෙක්හි ආලෝකය පතුරුවා හරින්නේය. දෙයැඟිල්ලෙන් -පෙ- දසැඟිල්ලෙන් දසදහසක් සක්වළ ආලෝකය පතුරුවා හරින්නේය, නිරුත්තර වූ ධ්‍යාන සමාපත්ති සුඛයද විඳින්නේය, කිම? ඒ බ්රහ්මතෙමේත් මේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්රත්යක්ෂ කරන ලද්දේදැ’යි යම් කෙනෙකුන්හට විමතියක් වන්නීනම් ඔවුන්ගේ විමතිය විද්ධවංසනය කරමින් බ්‍රහ්මයා සහිත අවශේෂ ලෝකය යටපත් කරමින් ඒ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. අනතුරුව ‘සසුනට සතුරු වූ බොහෝ මහණ බමුණෝ වෙත්ද කිම? ඒ මහණ බමුණෝත් ප්රත්යක්ෂ කරන ලද්දාහුදැ’යි යම් කෙනෙකුන්හට විමතියක් වන්නී නම් ඔවුන්ගේ විමතිය විද්ධවංසනය කරමින් සසුනට සතුරු වූ මහණ බමුණන් හා සන්සිඳවූ පව් ඇති මහණ බමුණන් සහිත අවශේෂ ලෝකය යටපත් කරමින් ඒ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. මෙසේ උත්කෘෂ්ටොත්කෘෂ්ටයන් ප්රත්යක්ෂ කළ බව ප්‍රකාශකොට නැවත සම්මුති දෙවියන් හා අවශේෂ මනුෂ්‍යයන්ද ගෙන උත්කෘෂ්ට පරිච්ඡෙද වශයෙන් සෙසු සත්ත්ව ලෝකය ප්රත්යක්ෂ කළබව පවසනුයේ දෙවිමිනිසුන් සහිත වූ ලෝකය යටපත් කරමින් ඒ කීර්ති ශබ්දය උස්ව පැනනැංගේය. මේ මෙහි අනුසන්ධි ක්‍රමය වේ. අර්ත්ථ පදයන්ගේ ගැළපීමය.
සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙතීති එත්ථ පන සයන්ති සාමං, අපරනෙය්යො හුත්වා; අභිඤ්ඤාති අභිඤ්ඤාය, අධිකෙන ඤාණෙන ඤත්වාති අත්ථො. සච්ඡිකත්වාති පච්චක්ඛං කත්වා, එතෙන අනුමානාදිපටික්ඛෙපො කතො හොති. පවෙදෙතීති බොධෙති ඤාපෙති පකාසෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං…පෙ… පරියොසානකල්යාණන්ති සො භගවා සත්තෙසු කාරුඤ්ඤතං පටිච්ච හිත්වාපි අනුත්තරං විවෙකසුඛං ධම්මං දෙසෙති. තඤ්ච ඛො අප්පං වා බහුං වා දෙසෙන්තො ආදිකල්යාණාදිප්පකාරමෙව දෙසෙති.
‘සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති’ මෙහි ‘සයං’ තෙමේ අන්හු විසින් දැනගත යුත්තෙක්ව ‘අභිඤ්ඤා’ මැනවින් දැන අධික ඥානයෙන් දැන යන අර්‍ත්‍ථයි. ‘සච්ඡිකත්වා’ ප්රත්යක්ෂකොට. මේ පදයෙන් අනුමානාදියෙන් දැනීම ප්‍රතික්ෂේප කරන ලද්දේ වේ. ‘පවෙදෙති’ අවබෝධ කරයි. දන්වයි; ප්‍රකාශ කරයි. ‘සො ධම්මං දෙසෙති ආදි -පෙ- පරියොසාන කල්‍යාණං’ ඒ භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි වූ කරුණාභාවය නිසා නිරුත්තර වූ ඵලසමාපත්ති සුඛය හැරපියා දහම් දෙසන සේක. එදවනාහි උද්ඝටිතඥයන්ගේ වශයෙන් ස්වල්පකොට හෝ විපචිතඥයන්ගේ වශයෙන් බොහෝකොට දෙසන සේක් ආදි කල්‍යාණ ප්‍රකාරයෙන්ම දෙසන සේක.
කථං? එකගාථාපි හි සමන්තභද්රකත්තා ධම්මස්ස පඨමපාදෙන ආදිකල්යාණා, දුතියතතියපාදෙහි මජ්ඣෙකල්යාණා, පච්ඡිමපාදෙන පරියොසානකල්යාණා. එකානුසන්ධිකං සුත්තං නිදානෙන ආදිකල්යාණං, නිගමනෙන පරියොසානකල්යාණං, සෙසෙන මජ්ඣෙකල්යාණං. නානානුසන්ධිකං සුත්තං පඨමානුසන්ධිනා ආදිකල්යාණං, පච්ඡිමෙන පරියොසානකල්යාණං, සෙසෙහි මජ්ඣෙකල්යාණං. සකලොපි සාසනධම්මො අත්තනො අත්ථභූතෙන සීලෙන ආදිකල්යාණො, සමථවිපස්සනාමග්ගඵලෙහි මජ්ඣෙකල්යාණො, නිබ්බානෙන පරියොසානකල්යාණො. සීලසමාධීහි වා ආදිකල්යාණො, විපස්සනාමග්ගෙහි මජ්ඣෙකල්යාණො, ඵලනිබ්බානෙහි පරියොසානකල්යාණො . බුද්ධසුබොධිතාය වා ආදිකල්යාණො, ධම්මසුධම්මතාය මජ්ඣෙකල්යාණො, සඞ්ඝසුප්පටිපත්තියා පරියොසානකල්යාණො. තං සුත්වා තථත්තාය පටිපන්නෙන අධිගන්තබ්බාය අභිසම්බොධියා වා ආදිකල්යාණො, පච්චෙකබොධියා මජ්ඣෙකල්යාණො, සාවකබොධියා පරියොසානකල්යාණො. සුය්යමානො චෙස නීවරණවික්ඛම්භනතො සවනෙනපි කල්යාණමෙව ආවහතීති ආදිකල්යාණො, පටිපජ්ජියමානො සමථවිපස්සනාසුඛාවහනතො පටිපත්තියාපි කල්යාණමෙව ආවහතීති මජ්ඣෙකල්යාණො, තථා පටිපන්නො ච පටිපත්තිඵලෙ නිට්ඨිතෙ තාදිභාවාවහනතො පටිපත්තිඵලෙනපි කල්යාණමෙව ආවහතීති පරියොසානකල්යාණො. නාථප්පභවත්තා ච පභවසුද්ධියා ආදිකල්යාණො, අත්ථසුද්ධියා මජ්ඣෙකල්යාණො , කිච්චසුද්ධියා පරියොසානකල්යාණො. තස්මා එසො භගවා අප්පං වා බහුං වා දෙසෙන්තො ආදිකල්යාණාදිප්පකාරමෙව දෙසෙතීති වෙදිතබ්බො.
කෙසේදයත්: පර්‍ය්‍යාප්ති ධර්මය තමා හැමඅතින් යහපත් බැවින් එක් ගාථාවකුදු ප්‍රථම පාදයෙන් ආදිකල්යාණය. ද්විතීය, තෘතීය පාදයන්ගෙන් මද්ධ්යෙ කල්‍යාණය. පශ්චිම පාදයෙන් පර්‍ය්‍යවසාන කල්‍යාණය. එක් අනුසන්ධියක් ඇති සූත්‍රය නිදානයෙන් ආදිකල්යාණය. නිගමනයෙන් පර්‍ය්‍යවසාන කල්‍යාණය. සෙස්සෙන් මද්ධ්යෙ කල්‍යාණය. නොයෙක් අනුසන්ධි ඇති සූත්‍රය ප්‍රථම අනුසන්ධියෙන් ආදිකල්යාණය. පශ්චිම අනුසන්ධියෙන් පර්‍ය්‍යවසාන කලණය. සෙසු අනුසන්ධීන්ගෙන් මද්ධ්යෙ කල්‍යාණය. ‘සබ්බපාපස්ස අකරණං, එතං බුද්ධාන සාසනං’යි මෙසේ වදාළ ශාස්තෲ ශාසනය පවසන සියලුම පර්‍ය්‍යාප්ති ධර්මය තෙමේ තමාගේ ආත්මභූතවූ ශීලයෙන් ආදිකල්යාණය. ශමථ විදර්ශනා මාර්ගඵලයන්ගෙන් මද්ධ්යෙ කල්‍යාණය. නිර්වාණයෙන් පර්‍ය්‍යවසාන කල්‍යාණය. ශීල සමාධීන්ගෙන් හෝ ආදිකල්යාණය. ශමථ, විදර්ශනා, මාර්ගයන්ගෙන් මද්ධ්යෙ කල්‍යාණය. සෝපාදිශේෂඵල නිර්වාණයෙන් පර්‍ය්‍යවසාන කල්‍යාණය. බුදුරජුන්ගේ සම්බුද්ධත්වයෙන් හෝ ආදිකල්යාණය. ධර්මයාගේ සුධර්මත්වයෙන් මද්ධ්යෙ කල්‍යාණය. ඒ ශාසන ධර්මය අසා බුදුරජාණන් වහන්සේ විසින් යථාස්වභාව වූ ධර්මයක් දේශනා කරන ලද්දේද ඒ තථාස්වභාවය පිණිස පිළිපන්නහු විසින් අවබෝධ කටයුතු වූ සම්‍යක් සම්බෝධයෙන් හෝ ආදිකල්යාණය. ප්රත්යෙක බෝධියෙන් මද්ධ්යෙ කල්‍යාණය. ශ්‍රාවක බෝධියෙන් පර්‍ය්‍යවසාන කල්‍යාණය. අසනු ලබන මේ ශාසන ධර්මය තෙමේ විමුක්තායතන ශීර්ෂයෙහි සිට අසන්නහුගේ නීවරණයන් යටපත්වන බැවින් ඇසීමෙනුදු යහපතක්ම එළවානුයි ආදිකල්යාණය. පිළිපදිනු ලබන ශාසනධර්මය ශමථ, විදර්ශනා සුඛ එළවන බැවින් ප්රතිපත්තියෙනුදු යහපතක්ම එළවානුයි මද්ධ්යෙ කල්‍යාණය. ශමථ, විදර්ශනා සුඛය යම්සේ එළවානම් එසේ පිළිපන් ශාසන ධර්මය ප්‍රතිපත්ති ඵලය නිමිකල්හි ෂඩඞ්ගොපෙක්‍ෂා වශයෙන් ඉෂ්ටානිෂ්ටාදියෙහි නොසැලෙනබව එළවන බැවින් ප්‍රතිපත්ති ඵලයෙන්ද යහපතක්ම එළවානුයි පර්‍ය්‍යවසාන කල්‍යාණය. ශාසන ධර්මය නාථප්රභව බැවින්ද ප්‍රභව ශුද්ධියෙන් ආදිකල්යාණය. නිරුපක්ලෙශතාව නෛර්ය්යාණිකභාව යන අර්ත්ථ ශුද්ධියෙන් මද්ධ්යෙ කල්‍යාණය. කෘත්‍ය ශුද්ධියෙන් පර්‍ය්‍යවසාන කල්‍යාණය. එහෙයින් මේ භාග්‍යවතුන් වහන්සේ ස්වල්ප කොට හෝ බොහෝකොට ධර්ම දේශනාකරන සේක් ආදිකල්යාණාදි ප්‍රකාරයෙන්ම ධර්ම දේශනාකරන සේකැයි දතයුතුය.
සාත්ථං සබ්යඤ්ජනන්ති එවමාදීසු පන යස්මා ඉමං ධම්මං දෙසෙන්තො සාසනබ්රහ්මචරියං මග්ගබ්රහ්මචරියඤ්ච පකාසෙති, නානානයෙහි දීපෙති; තඤ්ච යථානුරූපං අත්ථසම්පත්තියා සාත්ථං, බ්යඤ්ජනසම්පත්තියා සබ්යඤ්ජනං. සඞ්කාසනපකාසන-විවරණ-විභජන-උත්තානීකරණ-පඤ්ඤත්ති-අත්ථපදසමායොගතො සාත්ථං, අක්ඛරපද-බ්යඤ්ජනාකාරනිරුත්තිනිද්දෙසසම්පත්තියා සබ්යඤ්ජනං. අත්ථගම්භීරතා-පටිවෙධගම්භීරතාහි සාත්ථං, ධම්මගම්භීරතාදෙසනාගම්භීරතාහි සබ්යඤ්ජනං. අත්ථපටිභානපටිසම්භිදාවිසයතො සාත්ථං, ධම්මනිරුත්තිපටිසම්භිදාවිසයතො සබ්යඤ්ජනං. පණ්ඩිතවෙදනීයතො පරික්ඛකජනප්පසාදකන්ති සාත්ථං, සද්ධෙය්යතො ලොකියජනප්පසාදකන්ති සබ්යඤ්ජනං. ගම්භීරාධිප්පායතො සාත්ථං, උත්තානපදතො සබ්යඤ්ජනං. උපනෙතබ්බස්ස අභාවතො සකලපරිපුණ්ණභාවෙන කෙවලපරිපුණ්ණං; අපනෙතබ්බස්ස අභාවතො නිද්දොසභාවෙන පරිසුද්ධං; සික්ඛත්තයපරිග්ගහිතත්තා බ්රහ්මභූතෙහි සෙට්ඨෙහි චරිතබ්බතො තෙසඤ්ච චරියභාවතො බ්රහ්මචරියං. තස්මා “සාත්ථං සබ්යඤ්ජනං…පෙ… බ්රහ්මචරියං පකාසෙතී”ති වුච්චති.
‘සාත්ථං සබ්යඤ්ජනං’ යන මේආදි තන්හි වනාහි යම්හෙයකින් මේ ත්‍රිවිධ කල්‍යාණ ධර්මය දේශනාකරන සේක් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය හා මාර්ගබ්රහ්මර්ච්යය ප්‍රකාශ කරන සේක්ද නොයෙක් නයින් දක්වන සේක්ද ඒ දෙවැදෑරුම් වූ බ්‍රහ්මචර්‍ය්‍යය සුදුසු පරිදි අර්ත්ථ සම්පත්තියෙන් සාර්ත්ථ වේ. බ්‍යඤ්ජන සම්පත්තියෙන් සබ්‍යඤ්ජන වේ. සඞ්කාසන, පකාසන, විවරණ, විභජන, උත්තානීකරණ, පඤ්ඤත්ති යන අර්ත්ථ පදයන්ගේ සමායොගයෙන් සාර්ත්ථද, අක්ඛර, පද, බ්‍යඤ්ජන, ආකාර, නිරුත්ති නිද්දෙස සම්පත්තියෙන් සබ්යඤ්ජනද, අර්ත්ථගම්භීරතා ප්‍රතිවෙධ ගම්භීරතාවෙන් සාර්ත්ථද, ධර්ම ගම්භීරතා දේශනා ගම්භීරතාවෙන් සබ්යඤ්ජනද, අර්ත්ථගම්භීරතා ප්‍රතිවෙධ ගම්භීරතාවෙන් සාර්ත්ථද, ධර්මගම්භීරතා දේශනා ගම්භීරතාවෙන් සඛ්යඤ්ජනද, අර්ත්ථ, ප්‍රතිභාණ ප්‍රතිසම්භිදාවන් විෂයකොට සිටි බැවින් සබ්යඤ්ජනද, නුවණැත්තන් විසින් දතයුතු බැවින් පරීක්ෂකයන්ට ප්‍රසාදය එළවානුයි සාර්ත්ථද, ඇදහිය යුතු බැවින් ලෞකික ජනයන්ට ප්‍රසාදය එළවානුයි සබ්යඤ්ජනද, ගැඹුරු අදහස් ඇති බැවින් සාර්ත්ථද, නොගැඹුරුපද ඇති බැවින් සබ්යඤ්ජනද වේ. එළවියයුතු බහාලියයුතු අර්ත්ථ නැති බැවින් සියල්ලෙන් පිරිපුන් බැවින් කෙවලපරිපුණ්ණය. බැහැර කළ යුතු සංක්ලෙශ ධර්මයන්ගේ අභාවයෙන් වූ නිදොස් බැවින් පරිසුද්ධය. ශික්ෂාත්‍රයෙන් පරිගෘහිත වූ බැවින් ශ්රේෂ්ඨාර්ත්ථයෙන් බ්‍රහ්ම වූ බුද්ධාදි ශ්‍රේෂ්ඨයන් විසින් හැසිරියයුතු බැවින් ඒ බුද්ධාදි ශ්‍රේෂ්ඨයන්ගේ චර්ය්යා බැවින් බ්‍රහ්මචරියය. එහෙයින් ‘සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති’යි කියනු ලැබේ.
අපිච යස්මා සනිදානං සඋප්පත්තිකඤ්ච දෙසෙන්තො ආදිකල්යාණං දෙසෙති, වෙනෙය්යානං අනුරූපතො අත්ථස්ස අවිපරීතතාය ච හෙතුදාහරණයුත්තතො ච මජ්ඣෙකල්යාණං, සොතූනං සද්ධාපටිලාභෙන නිගමනෙන ච පරියොසානකල්යාණං දෙසෙති. එවං දෙසෙන්තො ච බ්රහ්මචරියං පකාසෙති. තඤ්ච පටිපත්තියා අධිගමබ්යත්තිතො සාත්ථං, පරියත්තියා ආගමබ්යත්තිතො සබ්යඤ්ජනං, සීලාදිපඤ්චධම්මක්ඛන්ධයුත්තතො කෙවලපරිපුණ්ණං, නිරුපක්කිලෙසතො නිත්ථරණත්ථාය පවත්තිතො ලොකාමිසනිරපෙක්ඛතො ච පරිසුද්ධං, සෙට්ඨට්ඨෙන බ්රහ්මභූතානං බුද්ධ-පච්චෙකබුද්ධ-බුද්ධසාවකානං චරියතො “බ්‍රහ්මචරිය”න්ති වුච්චති. තස්මාපි “සො ධම්මං දෙසෙති ආදිකල්යාණං…පෙ… බ්රහ්මචරියං පකාසෙතී”ති වුච්චති.
තවද, යම්හෙයකින් යටකියූ ලක්ෂණයෙන් නිදාන සහිතව අර්‍ත්‍ථොත්පත්ති සහිතව දේශනා කරන සේක් ආදිකල්යාණයෙන් යුක්තව දේශනා කරන සේක්ද, විනෙයජනයාගේ චර්ය්යාදීන්ට අනුරූප වශයෙන් දේශනා කරන ලද ශීලාදි අර්ත්ථයන්ගේ අවිපරීත භාවයෙන් හා හෙතූදාහරණයෙන් යුක්ත බැවින්ද මද්ධ්යෙ කල්‍යාණයෙන් යුක්තව දේශනා කරන සේක්ද තථාගතයන් වහන්සේ කෙරෙහි අසන්නවුන්ගේ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් හා පෙරකියූ නිගමනයෙන්ද පර්‍ය්‍යවසාන කල්‍යාණයෙන් යුක්තව දේශනා කරන සේක්ද මෙසේ දේශනා කරන්නාහුද පිරිසිදු වූ බ්‍රහ්මචර්‍ය්‍යය දේශනා කරන සේක. භෙද ශීලවිශුද්ධි ආදී සම්යක්ප්රතිපත්තියෙන් සත්යසම්ප්රතිවෙධ වශයෙන් අධිගමයාගේ ප්රකටභාවයෙන් සාර්ත්ථ වේ. පර්‍ය්‍යාප්ති ධර්මයෙහි පරිචයෙන් සිද්ධ වූ බහුශ්‍රැතභාවය පිළිබඳ ව්‍යක්තභාවයෙන් සබ්‍යඤ්ජන වේ. ශීලාදීවූ පස්වැදෑරුම් ධර්මස්කන්ධයෙන් යුක්ත බැවින්, නොතොරබැවින් කේවලපරිපුණ්ණ වේ. දෘෂ්ටි මානාදි උපක්ලෙශ රහිත බැවින්ද දුක් එතෙර කිරීම පිණිස පවත්නා බැවින්ද ලෝකාමිෂයෙහි බලාපොරොත්තු රහිත බැවින්ද පරිසුද්ධ වේ. ශ්රේෂ්ඨාර්ත්ථයෙන් බ්‍රහ්ම භූත බුද්ධ ප්රත්යෙක බුද්ධ බුද්ධ ශ්‍රාවකයන්ගේ චර්‍ය්‍යාව (ස්වභාවය) බ්රහ්මචර්ය්යයි කියනු ලැබේද එහෙයිනුදු ‘සො ධම්මං දෙසෙති ආදි කල්‍යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති’යි කියනු ලැබේ.
සාධු ඛො පනාති සුන්දරං ඛො පන අත්ථාවහං සුඛාවහන්ති වුත්තං හොති. තථාරූපානං අරහතන්ති යථාරූපො සො භව ගොතමො, එවරූපානං යථාභුච්චගුණාධිගමෙන ලොකෙ අරහන්තොති ලද්ධසද්දානං අරහතං. දස්සනං හොතීති පසාදසොම්මානි අක්ඛීනි උම්මීලිත්වා “දස්සනමත්තම්පි සාධු හොතී”ති එවං අජ්ඣාසයං කත්වා අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමීති.
‘සාධු ඛො පන’ මනහරමය. මෙලොව පරලොව හිත හා නිවන් හිත එළවන්නේය. මෙ කියූ ත්‍රිවිධ සුඛය එළවන්නේ යයි කියන ලද්දේ වේ. ‘තථාරූපානං අරහතං’ ඒ භවත් ගෞතමයන් වහන්සේ යම්බඳු වෙද්ද, එබඳුවූ යථාභූත ගුණාවබෝධයෙන් ලොකයෙහි රහත්හයි ලැබූ ශබ්ද ඇති රහතුන්ගේ ‘දස්සනං හොති’ ප්‍රසාදයෙන් සෞම්‍ය වූ ඇස් දල්වා දැකීම් පමණද යහපත් වේයයි මෙසේ අදහස්කොට ‘අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි’යනු කීහ.
යෙනාති භුම්මත්ථෙ කරණවචනං. තස්මා යත්ථ භගවා තත්ථ උපසඞ්කමීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො . යෙන වා කාරණෙන භගවා දෙවමනුස්සෙහි උපසඞ්කමිතබ්බො, තෙන කාරණෙන උපසඞ්කමීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. කෙන ච කාරණෙන භගවා උපසඞ්කමිතබ්බො? නානප්පකාරගුණවිසෙසාධිගමාධිප්පායෙන, සාදුඵලූපභොගාධිප්පායෙන දිජගණෙහි නිච්චඵලිතමහාරුක්ඛො විය. උපසඞ්කමීති ච ගතොති වුත්තං හොති. උපසඞ්කමිත්වාති උපසඞ්කමනපරියොසානදීපනං. අථ වා එවං ගතො තතො ආසන්නතරං ඨානං භගවතො සමීපසඞ්ඛාතං ගන්ත්වාතිපි වුත්තං හොති.
‘යෙන’ යනු සප්තමී විභක්ත්යර්ත්ථයෙහි කරණවචනයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ යම්තැනක විසූ සේක්ද එහි එළඹියේ යයි මෙසේ මෙහි අරුත් දතයුතුය. යම් කරුණක් හේතුකොට හෝ භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන් විසින් එළඹිය යුත්තාහුද ඒ කාරණය හේතුකොට එළඹියේ යයි මෙසේද මෙහි අරුත් දතයුතුය. කවර කරුණක් හේතුකොට භාග්‍යවතුන් වහන්සේ එළඹිය යුත්තාහුද යත්: මිහිරිපල අනුභව කිරීමෙහි අදහසින් පක්ෂි සමූහයා එළඹෙන නිති පැවති පල ඇති රුකක් මෙන් නානාප්‍රකාර ගුණ විශේෂයන් ලැබීමෙහි අදහසින් එළඹිය යුත්තාහ. ‘උපසඞ්කමි’ යන මෙයින් ගියේ යයි කියන ලද්දේ වේ. ‘උපසඞ්කමිත්වා’ යනු එළඹීමෙහි අවසානය දැක්වීමය. තවද මෙසේ යම්තැනකට ගියේද ඒ ගියතැනට වඩා ඉතා ආසන්න වූ භාග්‍යවතුන් වහන්සේගේ සමීපස්ථානයට ගොසිනැයි කියන ලද්දේ වේ.
භගවතා සද්ධිං සම්මොදීති යථා ඛමනීයාදීනි පුච්ඡන්තො භගවා තෙන, එවං සොපි භගවතා සද්ධිං සමප්පවත්තමොදො අහොසි, සීතොදකං විය උණ්හොදකෙන සම්මොදිතං එකීභාවං අගමාසි. යාය ච “කච්චි, භො, ගොතම, ඛමනීයං; කච්චි යාපනීයං, කච්චි භොතො ගොතමස්ස, ච සාවකානඤ්ච අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරො”තිආදිකාය කථාය සම්මොදි, තං පීතිපාමොජ්ජසඞ්ඛාතං සම්මොදං ජනනතො සම්මොදිතුං යුත්තභාවතො ච සම්මොදනීයං. අත්ථබ්යඤ්ජනමධුරතාය සුචිරම්පි කාලං සාරෙතුං නිරන්තරං පවත්තෙතුං අරහරූපතො සරිතබ්බභාවතො ච සාරණීයං, සුය්යමානසුඛතො වා සම්මොදනීයං, අනුස්සරියමානසුඛතො සාරණීයං. තථා බ්යඤ්ජනපරිසුද්ධතාය සම්මොදනීයං, අත්ථපරිසුද්ධතාය සාරණීයන්ති. එවං අනෙකෙහි පරියායෙහි සම්මොදනීයං සාරණීයං කථං වීතිසාරෙත්වා පරියොසාපෙත්වා නිට්ඨාපෙත්වා යෙනත්ථෙන ආගතො තං පුච්ඡිතුකාමො එකමන්තං නිසීදි.
‘භගවතා සද්ධිං සම්මොදි’ ‘කච්චි තෙ බ්‍රාහ්මණ ඛමනීයං’ යනාදී වූ ඛමනීයාදිය විචාරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ යම්සේ ඒ බමුණා සමග සතුටුවූවාහුද මෙසේ ඒ බමුණුතෙමේත් භාග්‍යවතුන් වහන්සේ සමග සමව පැවති සන්තෝෂය ඇත්තේ වීය. සිහිල් දිය උණුදිය සමග මෙන් සැසඳීමට සමානබවට එකස්වරූපබවට ගියේය. ‘කච්චි හො ගොතම ඛමනීයං කච්චි යාපනීයං කච්චි භොතො ච ගොතමස්ස ගොතමසාවකානඤ්ච අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරො’ යනාදී වූ යම් කථාවකින් සතුටුවූයේද එය ප්‍රීති ප්රාමොද්ය සඞ්ඛ්‍යාත සන්තෝෂය උපදවනබැවින් සතුටුවන්නට යුතු බැවින්ද සම්මොදනීය වේ. අර්ත්ථ බ්‍යඤ්ජනයන්ගේ මධුරභාවයෙන් ඉතා බොහෝකලක් සිහිකරන්නට නිතර පවත්වන්නට සුදුසු බැවින් හා සිහිකටයුතු බැවින්ද සාරාණීය වේ අසනු ලැබීමෙහි සුඛයෙන්ද සම්මොදනීය වේ. සිහිකරනු ලැබීමෙහි සුඛයෙන්ද සාරාණිය වේ. එසේ බ්‍යඤ්ජනයන්ගේ පරිශුද්ධභාවයෙන් සම්මොදනීය වේ. අර්ත්ථයන්ගේ පරිශුද්ධභාවයෙන් සාරාණීය වේයයි මෙසේ නොයෙක් ක්රමයන්ගෙන් සතුටු වියයුතු වූ සිහිකටයුතුවූ කථාව ‘විතිසාරෙත්වා’ අවසන්කොට නිමවා, යම් අර්‍ත්‍ථයක් හේතු කොට ආයේද එය විචාරනු කැමැත්තේ එකත්පසෙක හුන්නේය.
එකමන්තන්ති භාවනපුංසකනිද්දෙසො “විසමං චන්දිමසූරියා පරිවත්තන්තී”තිආදීසු (අ· නි· 4.70) විය. තස්මා යථා නිසින්නො එකමන්තං නිසින්නො හොති තථා නිසීදීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. භුම්මත්ථෙ වා එතං උපයොගවචනං. නිසීදීති උපාවිසි. පණ්ඩිතා හි පුරිසා ගරුට්ඨානියං උපසඞ්කමිත්වා ආසනකුසලතාය එකමන්තං නිසීදන්ති. අයඤ්ච තෙසං අඤ්ඤතරො, තස්මා එකමන්තං නිසීදි.
‘එකමන්තං’ යනු භාවනපුංසක නිර්දෙශයි. ‘විසමං චන්දිමසුරියා පරිවත්තන්ති’ යනාදි තන්හි මෙනි. එහෙයින් යම්සේ හුන්නේ වනාහි එකත්පසෙක හුන්නේ වේද එසේ හුන්නේ යයි මෙසේ මෙහි අරුත් දතයුතුය. මෙය සප්තමී විභක්ත්යර්ත්ථයෙහි හෝ ද්විතීයා විභක්ති වචනයි. ‘නිසීදි’ හුන්නේය. නුවණැති පුරුෂයෝ වනාහි ගරුකටයුත්තෙකු කරා පැමිණ අසුන් දැනීමෙහි දක්ෂභාවයෙන් එකත්පසෙක හිඳිත්ද, මෙතෙමේද ඔවුනතුරෙහි එක්තරා එකෙක්වේද, එහෙයින් එකත්පසෙක හුන්නේය.
කථං නිසින්නො පන එකමන්තං නිසින්නො හොතීති? ඡ නිසජ්ජදොසෙ වජ්ජෙත්වා. සෙය්යථිදං – අතිදූරං, අච්චාසන්නං, උපරිවාතං, උන්නතප්පදෙසං, අතිසම්මුඛං, අතිපච්ඡාති. අතිදූරෙ නිසින්නො හි සචෙ කථෙතුකාමො හොති උච්චාසද්දෙන කථෙතබ්බං හොති. අච්චාසන්නෙ නිසින්නො සඞ්ඝට්ටනං කරොති. උපරිවාතෙ නිසින්නො සරීරගන්ධෙන බාධති. උන්නතප්පදෙසෙ නිසින්නො අගාරවං පකාසෙති. අතිසම්මුඛා නිසින්නො සචෙ දට්ඨුකාමො හොති, චක්ඛුනා චක්ඛුං ආහච්ච දට්ඨබ්බං හොති. අතිපච්ඡා නිසින්නො සචෙ දට්ඨුකාමො හොති ගීවං පසාරෙත්වා දට්ඨබ්බං හොති. තස්මා අයම්පි එතෙ ඡ නිසජ්ජදොසෙ වජ්ජෙත්වා නිසීදි. තෙන වුත්තං – “එකමන්තං නිසීදී”ති.
කෙසේ හුන්නේ වනාහි එකත්පසෙක හුන්නේවේද, කෙසේදයත්: ඉතාදුර, ඉතාලඟ, උඩුසුළඟ, උස්පෙදෙස, ඉතාහමුව, ඉතාපසුපස යන සවැදෑරුම් හිඳීම පිළිබඳ දොස් හැරපියා එකත් පසෙක හුන්නේ වේ. ඉතාදුර හුන්නේ වනාහි යමක් කියනු කැමැත්තේ නම් ඉතා උස්හඬින් කියයුතු වේ. ඉතාලඟ හුන්නේ ගැටීම කරන්නේය. උඩුළඟෙහි හුන්නේ ශරීර ගන්ධයෙන් පෙළන්නේය. උස් පෙදෙසෙහි හුන්නේ අගෞරවය ප්‍රකාශ කරන්නේය. ඉතාහමුවෙහි හුන්නේ ඉදින් දකිනු කැමැත්තේනම් ඇසින් ඇස පැහැර දැකියයුතු වේ. ඉතාපසුපස හුන්නේ දකිනු කැමැත්තේ නම් ගෙල දිගුකොට පෙරළා දැකිය යුතුවේ. එහෙයින් මෙතෙමේද ඒ සවැදෑරුම් හිඳීමෙහි දොස් දුරුකොට හුන්නේය. ‘එකමන්තං නිසීදි’යි එහෙයින් කියන ලදී.
එකමන්තං නිසින්නො ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවන්තං එතදවොචාති එතන්ති ඉදානි වත්තබ්බමත්ථං දස්සෙති. දකාරො පදසන්ධිකරො. අවොචාති අභාසි. සුතං මෙතන්ති සුතං මෙ එතං, එතං මයා සුතන්ති ඉදානි වත්තබ්බමත්ථං දස්සෙති. භො ගොතමාති භගවන්තං ගොත්තෙන ආලපති.
‘එකමන්තං නිසින්තො ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවන්තං එතදවොච’ යන මෙහි ‘එතං’ යනු දැන් කියයුතු අර්ත්ථය දක්වන්නේය. දකාරය පදසන්ධි කරන්නේය ‘අවොච’ කීයේය. ‘සුතම්මෙතං’ යන මෙහි ‘සුතං මෙ එතං’ යනු පද වෙන්කිරීම. ‘මෙය මා විසින් අසන ලදැ’යි දැන් කියයුතු අර්ත්ථය දක්වන්නේය. ‘භො ගොතම’යි භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍රයෙන් අමතන්නේය.
ඉදානි යං තෙන සුතං – තං දස්සෙන්තො න සමණො ගොතමොති එවමාදිමාහ. තත්රායං අනුත්තානපදවණ්ණනා – බ්රාහ්මණෙති ජාතිබ්රාහ්මණෙ. ජිණ්ණෙති ජජ්ජරීභූතෙ ජරාය ඛණ්ඩිච්චාදිභාවං ආපාදිතෙ. වුඩ්ඪෙති අඞ්ගපච්චඞ්ගානං වුඩ්ඪිමරියාදප්පත්තෙ. මහල්ලකෙති ජාතිමහල්ලකතාය සමන්නාගතෙ, චිරකාලප්පසුතෙති වුත්තං හොති. අද්ධගතෙති අද්ධානං ගතෙ , ද්වෙ තයො රාජපරිවට්ටෙ අතීතෙති අධිප්පායො. වයො අනුප්පත්තෙති පච්ඡිමවයං සම්පත්තෙ, පච්ඡිමවයො නාම වස්සසතස්ස පච්ඡිමො තතියභාගො.
ඔහු විසින් යමක් අසන ලදද දැන් එය දක්වනුයේ ‘න සමණො ගොතමො’ යන මේ ආදිය කීයේය. එහි මේ අර්ත්ථ වශයෙන් ප්‍රකට නොවූ පදයන්ගේ වර්ණනාය: ‘බ්රාහ්මණෙ’ උත්පත්තියෙන් බ්‍රාහ්මණයන් ‘ජිණ්ණෙ’ දැදුරු වූ ජරාවෙන් වැටුනු දත් පැසුනු කෙස් ආදිය ඇති බවට පැමිණි ‘වුද්ධෙ’ අඟපසඟ වැඩීමෙහි කෙළවරට පැමිණි ‘මහල්ලකෙ’ උපතින් මහලුබැවින් යුක්ත වූ, ‘උපතින් බොහෝ කල්ගියාවූ’ යනු කියන ලද්දේ වේ. ‘අද්ධගතෙ’ දිගුකලක් ඉක්මවූ, දෙතුන් රජකෙනෙකුන්ගේ රාජ්‍යානුශාසනා ඉක්මවා සිටියාවූ යන අදහස වේ. ‘වයො අනුප්පතෙන’ පැසුළු වයසට පැමිණියාවූ, පැසුළු වයස නම් අවුරුදු සියයක පශ්චිම වූ තෙවන කොටසය.
අපිච – ජිණ්ණෙති පොරාණෙ, චිරකාලප්පවත්තකුලන්වයෙති වුත්තං හොති. වුඩ්ඪෙති සීලාචාරාදිගුණවුඩ්ඪියුත්තෙ. මහල්ලකෙති විභවමහත්තතාය සමන්නාගතෙ මහද්ධනෙ මහාභොගෙ. අද්ධගතෙති මග්ගප්පටිපන්නෙ, බ්රාහ්මණානං වතචරියාදිමරියාදං අවීතික්කම්ම චරමානෙ. වයොඅනුප්පත්තෙති ජාතිවුඩ්ඪභාවං අන්තිමවයං අනුප්පත්තෙති එවමෙත්ථ යොජනා වෙදිතබ්බා.
තවද ‘ජිණ්ණෙ’ පුරාතන වූ බොහෝකල් පැවති කුලවංශ ඇත්තාවූයි කියන ලද්දේ වේ. ‘වුද්ධෙ’ සීලාචාරාදි ගුණයන්ගේ වැඩීමෙන් යුක්ත වූ ‘මහල්ලකෙ’ විභව මහත්වයෙන් යුක්තවූ, මහත්ධන ඇත්තාවූ, මහාභොග ඇත්තාවූ, ‘අද්ධගතෙ’ බමුණන්ගේ පිළිවෙතට පැමිණියා වූ බ්‍රාහ්මණයන් පිළිබඳ ව්රතචර්ය්යාදි සීමාවන් නොඉක්මවා හැසිරෙන්නා වූ, ‘වයො අනුප්පත්තෙ’ උපතින් මහලු බවට අන්තිම වයසට පැමිණියාවූයි මෙසේද මෙහි අර්ත්ථ යොජනාව දතයුතුය.
ඉදානි අභිවාදෙතීති එවමාදීනි “න සමණො ගොතමො”ති එත්ථ වුත්තනකාරෙන යොජෙත්වා එවමත්ථතො වෙදිතබ්බානි – “න වන්දති වා, නාසනා වුට්ඨහති වා, නාපි ‘ඉධ භොන්තො නිසීදන්තූ’ති එවං ආසනෙන වා උපනිමන්තෙතී”ති. එත්ථ හි වා සද්දො විභාවනෙ නාම අත්ථෙ, “රූපං නිච්චං වා අනිච්චං වා”තිආදීසු විය. එවං වත්වා අථ අත්තනො අභිවාදනාදීනි අකරොන්තං භගවන්තං දිස්වා ආහ – “තයිදං භො ගොතම තථෙවා”ති. යං තං මයා සුතං – තං තථෙව, තං සවනඤ්ච මෙ දස්සනඤ්ච සංසන්දති සමෙති, අත්ථතො එකීභාවං ගච්ඡති. “න හි භවං ගොතමො…පෙ… ආසනෙන වා නිමන්තෙතී”ති එවං අත්තනා සුතං දිට්ඨෙන නිගමෙත්වා නින්දන්තො ආහ – “තයිදං භො ගොතම න සම්පන්නමෙවා”ති තං අභිවාදනාදීනං අකරණං න යුත්තමෙව.
දැන් ‘අභිවාදෙති’ යන මේ ආදීහු ‘න සමණො ගොතමො’යි මෙහි කියූ ‘න’ කාරය සමග යොදා ‘න චන්දති වා නාසනා වුට්ඨහති වා නාපි ඉධ හොන්තො නිසීදන්තු වා එවං ආසෙන න වා උපනිමන්තෙති’ මෙසේ අර්ත්ථ වශයෙන් දතයුතුය. මෙහි වූ ‘වා’ ශබ්දය ‘රූපං නිච්චං වා අනිච්චං වා’ යනාදි තන්හි මෙන් ප්රකෘතිවිභාවනා සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙහි වැටේ. මෙසේ කියා නැවත තමාට අභිවාදනාදිය නො කරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දැක ‘තයිදං භො ගොතම තථෙව’යි කීයේය. මා විසින් යම් වචනයක් අසන ලදද ඒ ඇසීම එසේමය. මාගේ ඒ ඇසීම හා දැකීමද සැසඳෙන්නේය. සමවන්නේය. අර්ත්ථ වශයෙන් එකීභාවයට යන්නේය. ‘න හි භවං ගොතමො -පෙ- ආසනෙන වා නිමන්තෙති’යි මෙසේ තමන් විසින් අසන ලද්ද දක්න ලද්දෙන් නිගමනයකොට නින්දා කරනුයේ ‘තයිදං භො ගොතම න සම්පන්නමෙව’ යනු කීයේය. ඒ අභිවාදනාදිය නොකිරීම නොසුදුසුමය.
අථස්ස භගවා අත්තුක්කංසනපරවම්භනදොසං අනුපගම්ම කරුණාසීතලහදයෙන තං අඤ්ඤාණං විධමිත්වා යුත්තභාවං දස්සෙතුකාමො ආහ – “නාහං තං බ්‍රාහ්මණ …පෙ… මුද්ධාපි තස්ස විපතෙය්යා”ති. තත්රායං සඞ්ඛෙපත්ථො – “අහං, බ්‍රාහ්මණ, අප්පටිහතෙන සබ්බඤ්ඤුතඤ්ඤාණචක්ඛුනා ඔලොකෙන්තොපි තං පුග්ගලං එතස්මිං සදෙවකාදිභෙදෙ ලොකෙ න පස්සාමි, යමහං අභිවාදෙය්යං වා පච්චුට්ඨෙය්යං වා ආසනෙන වා නිමන්තෙය්යං. අනච්ඡරියං වා එතං, ය්වාහං අජ්ජ සබ්බඤ්ඤුතං පත්තො එවරූපං නිපච්චකාරාරහං පුග්ගලං න පස්සාමි. අපිච ඛො යදාපාහං සම්පතිජාතොව උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගන්ත්වා සකලං දසසහස්සිලොකධාතුං ඔලොකෙසිං; තදාපි එතස්මිං සදෙවකාදිභෙදෙ ලොකෙ තං පුග්ගලං න පස්සාමි, යමහං අභිවාදෙය්යං වා පච්චුට්ඨෙය්යං වා ආසනෙන වා නිමන්තෙය්යං. අථ ඛො මං සොළසකප්පසහස්සායුකො ඛීණාසවමහාබ්රහ්මාපි අඤ්ජලිං පග්ගහෙත්වා “ත්වං ලොකෙ මහාපුරිසො, ත්වං සදෙවකස්ස ලොකස්ස අග්ගො ච ජෙට්ඨො ච සෙට්ඨො ච, නත්ථි තයා උත්තරිතරො”ති සඤ්ජාතසොමනස්සො පතිනාමෙසි; තදාපි චාහං අත්තනා උත්තරිතරං අපස්සන්තො ආසභිං වාචං නිච්ඡාරෙසිං – “අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්සා”ති. එවං සම්පතිජාතස්සපි මය්හං අභිවාදනාදිරහො පුග්ගලො නත්ථි, ස්වාහං ඉදානි සබ්බඤ්ඤුතං පත්තො කං අභිවාදෙය්යං වා…පෙ… ආසනෙන වා නිමන්තෙය්යං. තස්මා ත්වං, බ්‍රාහ්මණ, මා තථාගතෙ එවරූපං නිපච්චකාරං පත්ථයිත්ථ. යඤ්හි, බ්‍රාහ්මණ, තථාගතො අභිවාදෙය්ය වා…පෙ… ආසනෙන වා නිමන්තෙය්‍ය, මුද්ධාපි තස්ස පුග්ගලස්ස රත්තිපරියොසානෙ පරිපාකසිථිලබන්ධනං වණ්ටා පවුත්තතාලඵලමිව ගීවතො පච්ඡිජ්ජිත්වා සහසාව භූමියං විපතෙය්‍යාති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් හුවාදැක්වීමෙහි හා පරා හෙළාදැක්වීමෙහි දෝෂයට නොපැමිණ කරුණාවෙන් සිහිල් වූ හෘදයෙන් මොහුගේ ඒ නොදැනීම විධමනයකොට එහි යුක්තිය දක්වනු කැමැතිව ‘නාහං තං බ්‍රාහ්මණ -පෙ- මුද්ධාපි තස්ස විපතෙය්ය’ යනු වදාළ සේක. එහි මේ සංක්ෂෙපාර්ත්ථය වේ:- ‘බ්‍රාහ්මණ! මම නොපැකිළ පවත්නා සර්වඥතාඥාන චක්ෂුසින් බලනුයෙම්ද, සදෙවකාදි භෙද ඇති ලෝකයෙහි මම යමෙකුහට වඳින්නෙම් හෝ දැක හුනස්නෙන් නැගීසිටින්නෙම්. අසුනෙන් පවරන්නෙම් හෝ වෙම්ද එබඳු පුද්ගලයෙකු නොදක්නෙමි. යම්බඳුවූ මම අද සර්වඥභාවයට පැමිණියෙම් මෙබඳුවූ වැඳීමට සුදුසු වූ පුද්ගලයෙකු නොදක්නෙමි. මෙය ආශ්චර්‍ය්‍යයක් නොවේ. තවද මම යම්කලක උපන් මොහොතැතියෙම් උතුරුදිගට මුහුණ දුන්නෙම් සප්තපදවීතිහාරයෙන් ගොස් සියලු දශසහශ්රීලොකධාතුව බැලූයෙම්ද එකල්හිදු මේ සදෙවකාදි භෙද ඇති ලෝකයෙහි මම යමෙකුහට වඳින්නෙම්, දැක හුනස්නෙන් නැගී සිටින්නෙම්, අසුනෙන් පවරන්නෙම් හෝ වෙම්ද එබඳු පුද්ගලයෙකු නොදක්නෙමි. තවද කප් සොළොස්දහසක් ආයු ඇති ක්ෂයකළ ආස්‍රව ඇති මහාබ්‍රහ්ම තෙමේද ඇඳිලිබැඳ ‘ඔබවහන්සේ ලෝකයෙහි ජාති ගොත්‍ර කුල ප්රදෙශාදි වශයෙන් මහාපුරුෂවහුය, ඔබවහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි ගුණ කරණකොට අග්‍රද වහුය, ගුණ කරනකොට ජ්යෙෂ්ඨදවහුය, ගුණකරනකොට ශ්රේෂ්ඨදවහුය, සදෙවකාදි භෙද ඇති ලෝකයෙහි ඔබවහන්සේට වඩා අග්‍ර වූවෙක් ජ්‍යෙෂ්ඨ වූවෙක් ශ්‍රේෂ්ඨ වූවෙක් උත්තරීතරයෙක් නැත්තේය’යි උපන් සොම්නස් ඇත්තේ මා පිදූයේය. එකල්හිදු මම තමාට වඩා උත්තරීතරයකු නොදක්නෙම් ‘මම ලෝකයෙහි අග්රවෙමි, මම ලෝකයෙහි ජ්‍යෙෂ්ඨ වෙමි, මම ලෝකයෙහි ශ්‍රෝෂ්ඨ වෙමියි උත්තම වචනයක් පැතිරවීමි’යි. මෙසේ දැන් උපන් මොහොතැති මාගේ වැඳුම් පිදුම් ආදියට සුදුසු වූ කිසිම පුද්ගලයෙක් නැත්තේය. ඒ මම දැන් සර්වඥභාවයට පැමිණියෙම් කවරක්හට අභිවාදනය කරන්නෙම්ද -පෙ- අසුනෙන් හෝ පවරන්නෙම්ද, එහෙයින් බ්‍රාහ්මණ! ඔබ තථාගතයන් වෙත මෙබඳු වූ අභිවාදනාදී වූ ප්රණීපාතයක් නොපතව, බ්‍රාහ්මණ! තථාගතතෙමේ යමෙක්හට වඳින්නේ හෝ -පෙ- අසුනෙන් පවරන්නේද ඒ පුද්ගලයාගේ හිස අලුයම් කාලයෙහි පැසීමෙන් බුරුල් වූ බැඳුම් ඇති නටුවෙන් ගිලිහුනු තල් ගෙඩියක් මෙන් බෙල්ලෙන් ගැලවී සිඳී බිම හෙන්නේය’යි මෙසේ වදාළ සේක.
එවං වුත්තෙපි බ්රාහ්මණො දුප්පඤ්ඤතාය තථාගතස්ස ලොකෙ ජෙට්ඨභාවං අසල්ලක්ඛෙන්තො කෙවලං තං වචනං අසහමානො ආහ – “අරසරූපො භවං ගොතමො”ති. අයං කිරස්ස අධිප්පායො – යං ලොකෙ අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මං “සාමග්ගිරසො”ති වුච්චති, තං භොතො ගොතමස්ස නත්ථි , තස්මා අරසරූපො භවං ගොතමො, අරසජාතිකො අරසසභාවොති. අථස්ස භගවා චිත්තමුදුභාවජනනත්ථං උජුවිපච්චනීකභාවං පරිහරන්තො අඤ්ඤථා තස්ස වචනස්සත්ථං අත්තනි සන්දස්සෙන්තො “අත්ථි ඛ්වෙස බ්‍රාහ්මණ පරියායො”තිආදිමාහ.
මෙසේ වදාළ කල්හිදු බ්‍රාහ්මණතෙමේ නුවණ නැති බැවින් තථාගතයන් වහන්සේගේ ලොකජ්යෙෂ්ඨභාවය නොසලකනුයේ හුදෙක් ‘නාහන්තං බ්‍රාහ්මණ!’ යනාදි වශයෙන් වදාළ ඒ වචනය නොඉවසනුයේ ‘අරසරූපො භවං ගොතමො’ යනු කීයේය. ලෝකයෙහි යම් වැඳීම් දැක නැගීසිටීම් ඇඳිලිබැඳීම් සැලකිලි දැක්වීම් සාමග්රි රසයයි කියනු ලැබේද එය භවත් ගෞතමයන් හට නැත්තේය, එහෙයින් භවත් ගෞතම තෙමේ සාමග්‍රී රසවිරෝධීය, සාමග්‍රී රසයෙන් තොරවූ පියවි ඇත්තේය. සාමග්‍රී රසයෙන් තොරවූ සැහැවි ඇත්තේය යනු මේ මොහුගේ අදහස වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොහුගේ සිතෙහි මොළොක්බව උපදවනු පිණිස සෘජුව විරුද්ධවීම දුරුකරමින් ඔහුගේ වචනයෙහි ඇති අර්ත්ථය අන්අයුරකින් තමන්වහන්සේ කෙරෙහි ඇති බව දක්වමින් ‘අත්ථිඛ්වෙස බ්‍රාහ්මණ පරියායො’ යනාදිය වදාළ සේක.
තත්ථ පරියායොති කාරණං; අයඤ්හි පරියායසද්දො දෙසනා-වාර-කාරණෙසු වත්තති. “මධුපිණ්ඩිකපරියායොත්වෙව නං ධාරෙහී”තිආදීසු (ම· නි· 1.205) හි එස දෙසනායං වත්තති. “කස්ස නු ඛො, ආනන්ද, අජ්ජ පරියායො භික්ඛුනියො ඔවදිතු”න්තිආදීසු (ම· නි· 3.398) වාරෙ. “සාධු, භන්තෙ, භගවා අඤ්ඤං පරියායං ආචික්ඛතු, යථායං භික්ඛුසඞ්ඝො අඤ්ඤාය සණ්ඨහෙය්යා”තිආදීසු (පාරා· 164) කාරණෙ. ස්වායමිධ කාරණෙ වත්තති . තස්මා එත්ථ එවමත්ථො දට්ඨබ්බො – අත්ථි ඛො, බ්‍රාහ්මණ, එතං කාරණං; යෙන කාරණෙන මං “අරසරූපො භවං ගොතමො”ති වදමානො පුග්ගලො සම්මා වදෙය්ය, අවිතථවාදීති සඞ්ඛ්‍යං ගච්ඡෙය්ය. කතමො පන සොති? යෙ තෙ බ්‍රාහ්මණ රූපරසා…පෙ… ඵොට්ඨබ්බරසා තෙ තථාගතස්ස පහීනාති. කිං වුත්තං හොති? යෙ තෙ ජාතිවසෙන වා උපපත්තිවසෙන වා සෙට්ඨසම්මතානම්පි පුථුජ්ජනානං රූපාරම්මණාදීනි අස්සාදෙන්තානං අභිනන්දන්තානං රජ්ජන්තානං උප්පජ්ජන්ති කාමසුඛස්සාදසඞ්ඛාතා රූපරසසද්දගන්ධරසඵොට්ඨබ්බරසා, යෙ ඉමං ලොකං ගීවාය බන්ධිත්වා විය ආවිඤ්ඡන්ති, වත්ථාරම්මණාදිසාමග්ගියඤ්ච උප්පන්නත්තා සාමග්ගිරසාති වුච්චන්ති, තෙ සබ්බෙපි තථාගතස්ස පහීනාති. මය්හං පහීනාති වත්තබ්බෙපි මමාකාරෙන අත්තානං අනුක්ඛිපන්තො ධම්මං දෙසෙති. දෙසනාවිලාසො වා එස භගවතො.
එහි ‘පරියායො’ යනු කාරණයයි. මේ පරියාය ශබ්දය, දේශනාවාරකාරණයන්හි පවත්නේය. ‘මධුපිණ්ඩිකපරියායොත්වෙව නං ධාරෙහි’ යනාදි තන්හි මෙය දේශනාවෙහි පවත්නේය. ‘කස්ස නුඛො ආනන්ද අජ්ජ පරියායො භික්ඛුනියො ඔවදිතුං’ යනාදි තන්හි වාරයෙහි පවත්නේය. ‘සාධු භන්තෙ භගවා අඤ්ඤං පරියායං ආචික්ඛතුං යථායං භික්ඛු සඞ්ඝො අඤ්ඤාය සණ්ඨහෙය්‍ය’ යනාදි තන්හි කාරණයෙහි පවත්නේය මෙහිද ඒ මේ පරියාය ශබ්දය කාරණයෙහි පවතීද එහෙයින් මෙහි මෙසේ අර්ත්ථ දතයුතුය. ‘බ්‍රාහ්මණ! මේ කරුණ ඇත්තේමය, යම් කාරණයකින් භවත් ගෞතම තෙමේ සාමග්‍රී රසයෙන් තොරවූ පියවි ඇත්තේ යයි මට කියන්නාවූ පුද්ගල තෙමේ මොනවට කියන්නේය. සත්යවාදීයයි ගිණීමට යන්නේය. හේ කවරේදයත්: ‘යෙ තෙ බ්‍රාහ්මණ රූපරසා -පෙ- ඵොට්ඨබ්බරසා තෙ තථාගතස්ස පහීණා’යි කියන්නේය. මෙයින් කුමක් කියන ලද්දේද යත්: ජාති වශයෙන් හෝ උත්පත්ති වශයෙන් හෝ ශ්‍රේෂ්ඨයයි සම්මතවූද රූපාලම්බනාදිය රස වශයෙන් විඳගන්නාවූද සප්‍රීතික තෘෂ්ණා වශයෙන් එහි සතුටුවන්නාවූද බලවත් රාගයෙන් එහි ඇලෙන්නාවූද පෘථග්ජනයන්ට කාමසුඛාස්වාද සඞ්ඛ්‍යාත වූ යම් ඒ රූප රස, ශබ්ද රස, ගන්ධ රස, රස රස, ස්ප්‍රෂ්ටව්‍ය රස යන රස උපදීද යම් රසයක් මේ ලෝකය ගෙලෙන් බැඳ මෙන් අදීද වස්තු ආලම්බනාදීන්ගේ එකතුවීමෙහි උපන් බැවින් ඒ රස සාමග්‍රී රසැයි කියනු ලැබේ. ඒ සියලු රස තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දේය. ‘මා විසින් ප්‍රහීණ කරන ලදය’යි කියයුත්තෙහිද මමංකාරයෙන් තමන් හුවානොදක්වමින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ධර්ම දේශනා කරන සේක. මේ වනාහි භාග්‍යවතුන් වහන්සේගේ දේශනා විලාසය හෝ වේ.
තත්ථ පහීනාති චිත්තසන්තානතො විගතා ජහිතා වා. එතස්මිං පනත්ථෙ කරණෙ සාමිවචනං දට්ඨබ්බං. අරියමග්ගසත්ථෙන උච්ඡින්නං තණ්හාවිජ්ජාමයං මූලමෙතෙසන්ති උච්ඡින්නමූලා. තාලවත්ථු විය නෙසං වත්ථු කතන්ති තාලාවත්ථුකතා. යථා හි තාලරුක්ඛං සමූලං උද්ධරිත්වා තස්ස වත්ථුමත්තෙ තස්මිං පදෙසෙ කතෙ න පුන තස්ස තාලස්ස උප්පත්ති පඤ්ඤායති; එවං අරියමග්ගසත්ථෙන සමූලෙ රූපාදිරසෙ උද්ධරිත්වා තෙසං පුබ්බෙ උප්පන්නපුබ්බභාවෙන වත්ථුමත්තෙ චිත්තසන්තානෙ කතෙ සබ්බෙපි තෙ “තාලාවත්ථුකතා”ති වුච්චන්ති. අවිරූළ්හිධම්මත්තා වා මත්ථකච්ඡින්නතාලො විය කතාති තාලාවත්ථුකතා. යස්මා පන එවං තාලාවත්ථුකතා අනභාවංකතා හොන්ති, යථා නෙසං පච්ඡාභාවො න හොති, තථා කතා හොන්ති; තස්මා ආහ – “අනභාවංකතා”ති. අයඤ්හෙත්ථ පදච්ඡෙදො – අනුඅභාවං කතා අනභාවංකතාති. “අනභාවං ගතා”තිපි පාඨො, තස්ස අනුඅභාවං ගතාති අත්ථො. තත්ථ පදච්ඡෙදො අනුඅභාවං ගතා අනභාවං ගතාති, යථා අනුඅච්ඡරියා අනච්ඡරියාති. ආයතිං අනුප්පාදධම්මාති අනාගතෙ අනුප්පජ්ජනකසභාවා. යෙ හි අභාවං ගතා, තෙ පුන කථං උප්පජ්ජිස්සන්ති? තෙනාහ – “අනභාවං ගතා ආයතිං අනුප්පාදධම්මා”ති.
එහි ‘පහීණා’ චිත්තසන්තානයෙන් පහවූවාහුය. හරන ලද්දාහුහෝය. මේ අර්‍ත්‍ථයෙහි වනාහි ‘තථාගතස්ස’ යනු කරණාර්‍ත්‍ථයෙහි සාමිවචනයි දතයුතුය. ආර්ය්යමාර්ග ශස්ත්‍රයෙන් සිඳහළ තෘෂ්ණා අවිද්‍යාමය වූ භවමූලය මොවුනට ඇතැයි ‘උච්ඡින්නමූලා’යි. ඒ රූපරසාදීන්ගේ වාස්තුව තාලවාස්තුවක් මෙන් කරන ලදනුයි. ‘තාලාවත්ථුකතා’ය. යම්සේ තල් රුකක් මුල්සහිතව උදුරාහැර ඒ තල් රුක පිහිටි පෙදෙස සමතලාකොට වාස්තුමාත්ර කළකල්හි නැවත ඒ තල් රුකෙහි හටගැණීමක් නොපෙනේද, මෙසේ ආර්ය්යමාර්ග ශස්ත්‍රයෙන් රූපාදි රසයන් මුල් සහිතව උදුරා හැර ඔවුන් පෙර උපන්විරූ බැවින් චිත්තසන්තානය වාස්තු මාත්‍රයක් කළකල්හි ඒ සියලු රූපරසාදීහු තල් වත්තක් මෙන් කරන ලදහයි කියනු ලැබෙත්. නොහටගන්නා සැහැවි ඇති බැවින් හෝ මුදුන සිඳහළ තල් රුකක් මෙන් කරන ලදහයි ‘තාලාවත්ථුකතා’ නම්. යම්හෙයකින් වනාහි මෙසේ තල් වත්තක් මෙන් කරන ලද්දාහු නැවත නොහට ගැනීම කරන ලද්දහු වෙත්ද, යම්සේ ඔවුන්ගේ පසුව හටගැනීමක් නොවේද එසේ කරන ලද්දහුවෙත් ‘අනභාවකතා’යි එහෙයින් වදාළ සේක. ‘අනු අභාවං කතා - අනභාවකතා’ යනු මෙහි මේ පද සිඳීමය. ‘අනුභාවගතා’යිද පාඨයි. පසුකාලයෙහි නොඉපදීම් වශයෙන් අභාවයට ගියහ යනු ඒ පදයාගේ අර්‍ත්‍ථයි. එහි ‘අනු අභාවංගතා - අනභාවගතා’ යනු පද සිඳීමය. ‘අනුඅච්ඡරියා - අනච්ඡරියා’ යනුවෙනි. ‘ආයතිං අනුප්පාද ධම්මා’ අනාගතයෙහි නොඉපදෙන සැහැවි ඇත්තාහුය. යම් ක්ලෙශ අභාවයට ගියාහුද ඔවුහු නැවත කෙසේනම් උපදින්නාහුද මෙහිලා ‘අනභාවගතා ආයතිං අනුප්පාදධම්මා’යි එහෙයින් කීහ.
අයං ඛො බ්‍රාහ්මණ පරියායොති ඉදං ඛො, බ්‍රාහ්මණ, කාරණං යෙන මං සම්මා වදමානො වදෙය්ය “අරසරූපො සමණො ගොතමො”ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසීති යඤ්ච ඛො ත්වං සන්ධාය වදෙසි, සො පරියායො න හොති. කස්මා පන භගවා එවමාහ? නනු එවං වුත්තෙ යො බ්රාහ්මණෙන වුත්තො සාමග්ගිරසො තස්ස අත්තනි විජ්ජමානතා අනුඤ්ඤාතා හොතීති. වුච්චතෙ, න හොති. යො හි තං සාමග්ගිරසං කාතුං භබ්බො හුත්වා න කරොති, සො තදභාවෙන අරසරූපොති වත්තබ්බො භවෙය්ය. භගවා පන අභබ්බොව එතං කාතුං, තෙනස්ස කරණෙ අභබ්බතං පකාසෙන්තො ආහ – “නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසී”ති. යං පරියායං සන්ධාය ත්වං මං “අරසරූපො”ති වදෙසි, සො අම්හෙසු නෙව වත්තබ්බොති.
‘අයං ඛො පන බ්‍රාහ්මණ පරියායො’ ‘බ්‍රාහ්මණ! යම් කරුණක් හේතුකොට මනාකොට කියන්නෙක් මට ශ්‍රමණ ගෞතම තෙමේ අරසරූපො සමණො ගොතමො’යි කියන්නේනම් එහි මේ කාරණය වේ. ‘නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි’ ඔබ යම් වන්දනාදි සාමග්රීරසභාව සඞ්ඛ්‍යාත කාරණයක් සඳහා එසේ කීවහුද ඒ කාරණය නොවේමය. කුමක්හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක්ද? මෙසේ වදාළ කල්හි බ්‍රාහ්මණයා විසින් යම් සාමග්‍රී රසයක් කියන ලද්දේද, ඒ සාමග්‍රී රසය තමන් කෙරෙහි ඇතිබව අනුදන්නා ලද්දේ නොවේදයත්: කියනු ලැබේ නොවේ. යමෙක් වනාහි ඒ සාමග්‍රී රසය කරන්නට සුදුසුවූයේ නොකෙරේද, හෙතෙමේ ඒ සාමග්‍රී රසයාගේ අභාවයෙන් ‘අරසරූපැ’යි කියයුතු වන්නේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි ඒ අභිවාදනාදි සාමග්‍රී රසකරනයට නොසුදුස්සාහුමය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේගේ ඒ සාමග්‍රී රසකරනයෙහි නොසුදුසු බව ප්‍රකාශකරන සේක් ‘නොච ඛො යං ත්වං සන්ධාය වදෙසි’ යනු වදාළ සේක. යම් කාරණයක් නිසා ඔබ මා අරසරූපැයි කීවහුද ඒ අරසරූපය අප කෙරෙහි නොකිය යුතුමය.
එවං බ්රාහ්මණො අත්තනා අධිප්පෙතං අරසරූපතං ආරොපෙතුං අසක්කොන්තො අථාපරං නිබ්භොගො භවං ගොතමොතිආදිමාහ. සබ්බපරියායෙසු චෙත්ථ වුත්තනයෙනෙව යොජනක්කමං විදිත්වා සන්ධාය භාසිතමත්තං එවං වෙදිතබ්බං. බ්රාහ්මණො තමෙව වයොවුඩ්ඪානං අභිවාදනකම්මාදිං ලොකෙ සාමග්ගිපරිභොගොති මඤ්ඤමානො තදභාවෙන භගවන්තං නිබ්භොගොති ආහ. භගවා පන ය්වායං රූපාදීසු සත්තානං ඡන්දරාගපරිභොගො තදභාවං අත්තනි සම්පස්සමානො අපරම්පි පරියායං අනුජානාති.
මෙසේ බ්‍රාහ්මණතෙමේ තමන් අදහස් කළ අරසරූපභාවය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නගන්නට නොහැකිවනුයේ නැවත, ‘නිබ්භොගො භවං ගොතමො’ යනාදිය කීයේය. මෙහි සියලු වාරයන්හි කියූ ලෙසින්ම යෝජනා ක්‍රමය දැන යමක් සඳහා බ්‍රාහ්මණ තෙමේ ‘නිබ්භොගො භවං ගොතමො’ යනාදිය කීයේද භාග්‍යවතුන් වහන්සේද යමක් සඳහා ‘නිබ්භොගො’ යනාදිය තමන්වහන්සේ කෙරෙහි ආරෝපණය කෙරෙත්ද ඒ සඳහා කියනලද අර්ත්ථය මෙසේ දතයුතුය. බ්‍රාහ්මණ තෙමේ වයසින් වැඩීගියවුන්ට කරනලද ඒ අභිවාදනාදි ක්‍රියාම ලෝකයෙහි සාමග්‍රී පරිභොග යයි සලකනුයේ ඒ සාමග්‍රී පරිභෝගය නොවීමෙන් භාග්‍යවතුන් වහන්සේට ‘නිබ්භොගො’යි කීයේය. භාග්‍යවතුන් වහන්සේ රූපාදීන් කෙරෙහි වූ සත්ත්වයන් පිළිබඳ යම් මේ ඡන්දරාගපරිභොගයක් වේද, ඒ ඡන්දරාග පරිභොගයාගේ අභාවය තමන්වහන්සේ කෙරෙහි දක්නා සේක් අනික් කාරණයක් අනුදන්නා සේක.
පුන බ්රාහ්මණො යං ලොකෙ වයොවුඩ්ඪානං අභිවාදනාදිකුලසමුදාචාරකම්මං ලොකියා කරොන්ති තස්ස අකිරියං සම්පස්සමානො භගවන්තං අකිරියවාදොති ආහ. භගවා පන, යස්මා කායදුච්චරිතාදීනං අකිරියං වදති තස්මා, තං අකිරියවාදං අත්තනි සම්පස්සමානො අපරම්පි පරියායං අනුජානාති. තත්ථ ච කායදුච්චරිතන්ති පාණාතිපාත-අදින්නාදාන-මිච්ඡාචාරචෙතනා වෙදිතබ්බා. වචීදුච්චරිතන්ති මුසාවාද-පිසුණවාචා-ඵරුසවාචා-සම්ඵප්පලාපචෙතනා වෙදිතබ්බා. මනොදුච්චරිතන්ති අභිජ්ඣාබ්යාපාදමිච්ඡාදිට්ඨියො වෙදිතබ්බා. ඨපෙත්වා තෙ ධම්මෙ, අවසෙසා අකුසලා ධම්මා “අනෙකවිහිතා පාපකා අකුසලා ධම්මා”ති වෙදිතබ්බා.
නැවත, බ්‍රාහ්මණතෙමේ ලෝවැස්සෝ ලෝකයෙහි වයසින් වැඩීගියවුන්ට යම් අභිවාදනාදි කුලසමුදාචාර ක්රියාකෙරෙත්ද, ඒ කුලාචාරකර්ම නොකිරීම දක්නේ භාග්‍යවතුන් වහන්සේට ‘අකිරියවාදො’ අක්‍රියාවාදී යයි කීයේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්හෙයකින් කායදුශ්චරිතාදීන්ගේ නොකිරීම වදාරන සේක්ද, එහෙයින් ඒ අක්‍රියවාදය තමන්වහන්සේ කෙරෙහි දක්නාසේක් අනික් කාරණයක් අනුදන්නා සේක. එහිද ‘කායදුච්චරිතං’ යන මෙහි ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිච්ඡාචාර චෙතනා දතයුතුය. ‘වචීදුච්චරිතං’ යන මෙහි මුසාවාද, පිසුණවචන, ඵරුසවචන, සමඵප්පලාප චේතනා දතයුතුය. ‘මනොදුච්චරිතං’ යන මෙහි අභිජ්ඣා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨිහු දතයුතුය. ඒ කායදුශ්චරිතාදි අකුශල ධර්මයන් හැර සෙසු අකුශල ධර්මයෝ ‘අනෙකවිහිතා පාපකා අකුසලා ධම්මා’ යන මෙයින් ගතයුත්තාහ.
පුන බ්රාහ්මණො තමෙව අභිවාදනාදිකම්මං භගවති අපස්සන්තො ඉමං “ආගම්ම අයං ලොකතන්ති ලොකපවෙණී උච්ඡිජ්ජතී”ති මඤ්ඤමානො භගවන්තං උච්ඡෙදවාදොති ආහ. භගවා පන යස්මා අට්ඨසු ලොභසහගතචිත්තෙසු පඤ්චකාමගුණිකරාගස්ස ද්වීසු අකුසලචිත්තෙසු උප්පජ්ජමානකදොසස්ස ච අනාගාමිමග්ගෙන උච්ඡෙදං වදති. සබ්බාකුසලසම්භවස්ස පන නිරවසෙසස්ස මොහස්ස අරහත්තමග්ගෙන උච්ඡෙදං වදති. ඨපෙත්වා තෙ තයො, අවසෙසානං පාපකානං අකුසලානං ධම්මානං යථානුරූපං චතූහි මග්ගෙහි උච්ඡෙදං වදති; තස්මා තං උච්ඡෙදවාදං අත්තනි සම්පස්සමානො අපරම්පි පරියායං අනුජානාති.
නැවත, බ්‍රාහ්මණතෙමේ ඒ අභිවාදනාදි කියාම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නොදක්නේ ‘මොහු නිසා වයසින් වැඩීගියවුන්ට කටයුතු වූ අභිවාදනාදි ක්‍රියා ලක්ෂණ ලොකතන්තිය ලෝකප්රවෙණිය සිඳීයායි සලකනුයේ භාග්‍යවතුන් වහන්සේට ‘උච්ඡෙදවාදො’ ‘උච්ඡෙදවාදීය’යි කීයේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්හෙයකින් අටවැදෑරුම් වූ ලෝභසහගත චිත්තයන්හි උපදින්නා වූ පඤ්චකාම ගුණිත රාගයාගේද දෙවැදෑරුම් වූ දෝමනස්ස සහගත චිත්තයන්හි උපදින්නාවූ ද්වේෂයාගේද අනාගාමී මාර්ගයෙන් සිඳීයෑම වදාරන සේක්ද, අර්හත් මාර්ගයෙන් සියලු අකුශලයන්ගේ ඉපැත්මට කරුණු වූ මෝහයාගේ නිරවශේෂයෙන් සිඳීයෑම වදාරන සේක්ද, රාග, ද්වෙෂ, මෝහ යන තිදෙන හැර සෙසු සක්කායදිට්ඨි ආදී වූ ලාමක අකුශල ධර්මයන්ගේ සුදුසු පරිදි සිවුමගින් සිඳීයෑම වදාරන සේක්ද, එහෙයින් ඒ උච්ඡෙදවාදය තමන්වහන්සේ කෙරෙහි දක්නා සේක් අනික් කාරණයක් අනුදන්නා සේක.
පුන බ්රාහ්මණො “ජිගුච්ඡති මඤ්ඤෙ සමණො ගොතමො ඉදං වයොවුඩ්ඪානං අභිවාදනාදිකුලසමුදාචාරකම්මං, තෙන තං න කරොතී”ති මඤ්ඤමානො භගවන්තං ජෙගුච්ඡීති ආහ. භගවා පන යස්මා ජිගුච්ඡති කායදුච්චරිතාදීහි; කිං වුත්තං හොති ? යඤ්ච තිවිධං කායදුච්චරිතං, යඤ්ච චතුබ්බිධං වචීදුච්චරිතං, යඤ්ච තිවිධං මනොදුච්චරිතං, යා ච ඨපෙත්වා තානි දුච්චරිතානි අවසෙසානං ලාමකට්ඨෙන පාපකානං අකොසල්ලසම්භූතට්ඨෙන අකුසලානං ධම්මානං සමාපත්ති සමාපජ්ජනා සමඞ්ගිභාවො, තං සබ්බම්පි ගූථං විය මණ්ඩනකජාතියො පුරිසො ජිගුච්ඡති හිරීයති, තස්මා තං ජෙගුච්ඡිතං අත්තනි සම්පස්සමානො අපරම්පි පරියායං අනුජානාති. තත්ථ “කායදුච්චරිතෙනා”ති උපයොගත්ථෙ කරණවචනං දට්ඨබ්බං.
නැවත බ්‍රාහ්මණතෙමේ ‘ශ්‍රමණ ගෞතමතෙමේ වයසින් වැඩීගියවුනුට කටයුතුවූ අභිවාදනාදි කුශලසමුදාචාරකර්ම පිළිකුල් කරන්නාක් මෙනි. එහෙයින් ඒ නොකෙරේයයි හඟිමින් භාග්‍යවතුන් වහන්සේට ‘ජෙගුච්ඡි’ අභිවාදනාදි කුශලසමුදාචාරකර්ම පිළිකුල් කරනසුලුයි කීයේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්හෙයකින් කායදුශ්චරිතාදිය හේතුකොටගෙන පිළිකුල් කෙරේද කුමක් කියන ලද්දේ වේදයත්: තෙවැදෑරුම් වූ යම් කායදුච්චරිතයක්වේද, සිවුවැදෑරුම් වු යම් වවීදුච්චරිතයක්වේද, තෙවැදෑරුම් වූ යම් මනොදුච්චරිතයක් වේද, ඒ ත්‍රිවිධ දුශ්චරිතයන් හැර සෙසු නින්දිතාර්ත්ථයෙන් ‘පාපකානං’ ලාමකවූ නුනුවණින් හටගන්නා අර්ත්ථයෙන් ‘අකුසලානං ධම්මානං’ අකුශල ධර්මයන්ට යම් පැමිණීමක් යම් සමාපජ්ජනයක් ඔවුන් හා එකීභාවයක්වේද, ඒ සියල්ල සැරසීම සැහැවි කොටගත් පුරුෂයෙක් ගූථයක් මෙන් පිළිකුල් කෙරේද, හටගත් ලජ්ජා ඇත්තේවේද, එහෙයින් ඒ පිළිකුල් කිරීම තමන්වහන්සේ කෙරෙහි දක්නා සේක් අනික් කරුණක් අනුදන්නා සේක. එහි ‘කායදුච්චරිතෙන’ යනු ද්විතීයා විභක්ත්යර්ත්ථයෙහි කරන වචනැයි දතයුතුය.
පුන බ්රාහ්මණො තමෙව අභිවාදනාදිකම්මං භගවති අපස්සන්තො “අයං ඉමං ලොකජෙට්ඨකකම්මං විනෙති විනාසෙති, අථ වා යස්මා එතං සාමීචිකම්මං න කරොති තස්මා අයං විනෙතබ්බො නිග්ගණ්හිතබ්බො”ති මඤ්ඤමානො භගවන්තං වෙනයිකොති ආහ. තත්රායං පදත්ථො – විනයතීති විනයො, විනාසෙතීති වුත්තං හොති. විනයො එව වෙනයිකො, විනයං වා අරහතීති වෙනයිකො, නිග්ගහං අරහතීති වුත්තං හොති. භගවා පන, යස්මා රාගාදීනං විනයාය වූපසමාය ධම්මං දෙසෙති, තස්මා වෙනයිකො හොති. අයමෙව චෙත්ථ පදත්ථො – විනයාය ධම්මං දෙසෙතීති වෙනයිකො. විචිත්‍රා හි තද්ධිතවුත්ති! ස්වායං තං වෙනයිකභාවං අත්තනි සම්පස්සමානො අපරම්පි පරියායං අනුජානාති.
නැවත බ්‍රාහ්මණ තෙමේ ඒ අභිවාදනාදිකර්ම භාග්‍යවතුන් වහන්සේ - කෙරෙහි නොදක්නේ ‘මෙතෙමේ මේ ලෝකයෙහි දෙටු තැන්හට කළයුතු කටයුතු නසන්නේය, විනාශ කරන්නේය, නොහොත් යම්හෙයකින් වැඩිහිටියන්ට කටයුතු වූ මේ අභිවාදනාදි සත්කාරය නොකෙරේද, එහෙයින් මෙතෙමේ හික්මවිය යුතුය නිග්‍රහ කටයුතුය’යි හඟිමින් භාග්‍යවතුන් වහන්සේට ‘වෙනයිකො’ නිග්‍රහයට සුදුසු යයි කීයේය. එහි මේ පදාර්ත්ථය වේ: විනයනය කෙරේනුයි විනය නමි. විනාශ කෙරේනුයි කියන ලද්දේ වේ. විනයම වෙනයික නම් වේ. නොහොත් විනයට සුදුසුනුයි වෙනයිකය. නිග්‍රහයට සුදුසුයි කියන ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්හෙයකින් රාගාදීන්ගේ විනය පිණිස සන්සිදීම පිණිස ධර්ම දේශනා කරනසේක්ද එහෙයින් වෙනයික නම්වෙත්. මෙම මෙහි පදාර්ත්ථය වේ. විනය පිණිස ධර්මදේශනා කෙරෙත්නුයි වෙනයිකභාවය තමන්වහන්සේ කෙරෙහි දක්නා සේක් අනික් කාරණයක් අනුදන්නා සේක.
පුන බ්රාහ්මණො යස්මා අභිවාදනාදීනි සාමීචිකම්මානි කරොන්තා වයොවුඩ්ඪෙ තොසෙන්ති හාසෙන්ති, අකරොන්තා පන තාපෙන්ති විහෙසෙන්ති දොමනස්සං නෙසං උප්පාදෙන්ති, භගවා ච තානි න කරොති; තස්මා “අයං වයොවුඩ්ඪෙ තපතී”ති මඤ්ඤමානො සප්පුරිසාචාරවිරහිතත්තා වා “කපණපුරිසො අය”න්ති මඤ්ඤමානො භගවන්තං තපස්සීති ආහ. තත්රායං පදත්ථො – තපතීති තපො, රොසෙති විහෙසෙතීති වුත්තං හොති, සාමීචිකම්මාකරණස්සෙතං නාමං. තපො අස්ස අත්ථීති තපස්සී. දුතියෙ අත්ථවිකප්පෙ බ්යඤ්ජනානි අවිචාරෙත්වා ලොකෙ කපණපුරිසො “තපස්සී”ති වුච්චති. භගවා පන යෙ අකුසලා ධම්මා ලොකං තපනතො තපනීයාති වුච්චන්ති, තෙසං පහීනත්තා යස්මා තපස්සීති සඞ්ඛ්‍යං ගතො, තස්මා තං තපස්සිතං අත්තනි සම්පස්සමානො අපරම්පි පරියායං අනුජානාති. තත්රායං පදත්ථො – තපන්තීති තපා, අකුසලධම්මානමෙතං අධිවචනං. වුත්තම්පි හෙතං – “ඉධ තප්පති පෙච්ච තප්පතී”ති. තථා තෙ තපෙ අස්සි නිරස්සි පහාසි විද්ධංසෙසීති තපස්සී.
නැවත, බ්‍රාහ්මණතෙමේ යම්හෙයකින් අභිවාදනාදි සාමීචිකර්ම කරන්නෝ වයසින් වැඩිසිටියවුන් සතුටු කරන්නාහු සිනහ ගන්වන්නාහු වෙත්ද, ඒ නොකරන්නාහු වනාහි ඔවුන් තවත්ද, වෙහෙසත්ද, ඔවුන්ට දොම්නස් උපදවත්ද, භාග්‍යවත්තෙමේ එය නොකෙරේද, එහෙයින් මෙතෙමේ වයසින් වැඩී සිටියවුන් තවායයි හඟිනුයේ සත්පුරුෂාචාරයන්ගෙන් තොරබැවින් හෝ දීන පුරුෂයෙකැයි හඟිනුයේ භාග්‍යවතුන් වහන්සේට ‘තපස්සී’ අන්හු තවන්නේ යයි කීයේය. එහි මේ පදාර්ත්ථය වේ: තවානුයි තප නමි. දුෂිත කරයි, වෙහෙසායි කියන ලද්දේ වේ. සාමීචිකර්ම නොකරන්නහුට මේ නමකි. තපස් මොහුට ඇත්තේනුයි තපස්සීය. දෙවන අර්ත්ථ විකල්පයෙහි ව්‍යඤ්ජනයන් පරීක්ෂා නොකොට ලෝකයෙහි දරිද්රපුරුෂතෙමේ තපස්සීයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් අකුශල ධර්ම කෙනෙක් ලෝකය තවන බැවින් තපනී යයි කියනු ලැබෙත්ද, ඒ අකුශල ධර්මයන් ප්‍රහීණ කළ බැවින් යම්හෙයකින් තපස්සීයි ගිණීමට යෙත්ද, එහෙයින් ඒ තපස්සීභාවය තමන්වහන්සේ කෙරෙහි දක්නා සේක් අනික් කරුණක්ද අනුදන්නා සේක. එහි මේ පදාර්ත්ථය වේ: තවත්නුයි තප නමි. අකුශල ධර්මයන්ට මේ නමකි. ‘ඉධ තප්පති පෙච්ච තප්පති’යි මේ කියන ලද්දේය. එසේ මුන්වහන්සේ ඒ අකුශල ධර්මයන් හළු කළහ. ඉතිරි නොකොට හළු කළහ, හැරපූහ. වැනසූහයි තපස්සී නම්වෙත්.
පුන බ්රාහ්මණො තං අභිවාදනාදිකම්මං දෙවලොකගබ්භසම්පත්තියා දෙවලොකපටිසන්ධිපටිලාභාය සංවත්තතීති මඤ්ඤමානො භගවති චස්ස අභාවං දිස්වා භගවන්තං අපගබ්භොති ආහ. කොධවසෙන වා භගවතො මාතුකුච්ඡිස්මිං පටිසන්ධිග්ගහණෙ දොසං දස්සෙන්තොපි එවමාහ. තත්රායං පදත්ථො – ගබ්භතො අපගතොති අපගබ්භො, අභබ්බො දෙවලොකූපපත්තිං පාපුණිතුන්ති අධිප්පායො. හීනො වා ගබ්භො අස්සාති අපගබ්භො, දෙවලොකගබ්භපරිබාහිරත්තා ආයතිං හීනගබ්භපටිලාභභාගීති, හීනො වාස්ස මාතුකුච්ඡිම්හි ගබ්භවාසො අහොසීති අධිප්පායො. භගවතො පන යස්මා ආයතිං ගබ්භසෙය්යා අපගතා, තස්මා සො තං අපගබ්භතං අත්තනි සම්පස්සමානො අපරම්පි පරියායං අනුජානාති. තත්ර ච යස්ස ඛො බ්‍රාහ්මණ ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීනාති එතෙසං පදානං එවමත්ථො දට්ඨබ්බො – බ්‍රාහ්මණ, යස්ස පුග්ගලස්ස අනාගතෙ ගබ්භසෙය්යා, පුනබ්භවෙ ච අභිනිබ්බත්ති අනුත්තරෙන මග්ගෙන විහතකාරණත්තා පහීනාති. ගබ්භසෙය්යග්ගහණෙන චෙත්ථ ජලාබුජයොනි ගහිතා. පුනබ්භවාභිනිබ්බත්තිග්ගහණෙන ඉතරා තිස්සොපි.
නැවත, බ්‍රාහ්මණතෙමේ ඒ අභිවාදනාදිකර්ම දෙව්ලොව ගර්භසම්පත්තිය පිණිස, දෙව්ලොව ප්රතිසන්ධිය ලැබීම පිණිස පවතීයි හඟිනුයේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මේ අභිවාදනාදිකර්ම අභාවය දැක භාග්‍යවතුන් වහන්සේට ‘අපගබ්භො’ පහවූ ගැබ්ඇත්තෙක, ලාමකවූ ගැබ් ඇත්තෙකැයි කීයේය. ක්‍රොධ වශයෙන් හෝ භාග්‍යවතුන් වහන්සේගේ මවුකුස පිළිසිඳ ගැනීමෙහි දොස් දක්වනුයේද මෙසේ කීයේය. එහි මේ පදාර්ත්ථය වේ. ගැබින් පහවූයේනුයි අපගබ්භ නමි. දෙව්ලොව උපතට පැමිණෙන්නට නොසුදුසුය යන අදහසය. ලාමකවූ ගැබක් මොහුට ඇත්තේනුයි හෝ අපගබ්භය. දෙව්ලොව ගැබ්ගැනීමෙන් බැහැරිබැවින් මත්තෙහි හීනවූ ගැබ්ලැබීම් ඇත්තෙකි. මොහුගේ මාතෘකුක්‍ෂියෙහි ගර්භවාසය ලාමකවූයේ හෝ යන අදහසය. යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේගේ මත්තෙහි ගැබෙහි හොවීම පහවූයේද, එහෙයින් උන්වහන්සේ තමන්වහන්සේ කෙරෙහි ඒ පහවූ ගැබ්ගැනුම දක්නාසේක් අනික් කරුණක් අනුදන්නා සේක. එහිද ‘යස්ස ඛො බ්‍රාහ්මණ ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීණා’ යන මේ පදයන්ගේ අර්ත්ථ මෙසේ දතයුතුය: ‘බ්‍රාහ්මණ! යම් පුද්ගලයෙකුගේ මත්තෙහි ගර්‍භශය්‍යාව හා පුනර්භවාභිනිබ්බත්තිය අග්රමාර්ගයෙන් නැසූ කාරණයෙන් ප්රහීණවූය. ගබ්භසෙය්යා ග්රහණයෙන් ජලාබුජයොනිය ගන්නා ලදී. පුනබ්භවාභිනිබ්බත්ති ග්රහණයෙන් අණ්ඩජ, සංසෙදජ, ඔපපාතික යන අන්‍ය වූ ත්‍රිවිධ යෝනීහු ගන්නා ලදහ.
අපිච ගබ්භස්ස සෙය්යා ගබ්භසෙය්යා, පුනබ්භවො එව අභිනිබ්බත්ති පුනබ්භවාභිනිබ්බත්තීති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. යථා ච විඤ්ඤාණට්ඨිතීති වුත්තෙපි න විඤ්ඤාණතො අඤ්ඤා ඨිති අත්ථි, එවමිධාපි න ගබ්භතො අඤ්ඤා සෙය්යාති වෙදිතබ්බා. අභිනිබ්බත්ති ච නාම යස්මා පුනබ්භවභූතාපි අපුනබ්භවභූතාපි අත්ථි, ඉධ ච පුනබ්භවභූතා අධිප්පෙතා. තස්මා වුත්තං – “පුනබ්භවො එව අභිනිබ්බත්ති පුනබ්භවාභිනිබ්බත්තී”ති.
තවද ගැබෙහි හොවීම ගබ්භසෙය්යාය. පුනර්භවයම අභිනිබ්බත්තියි. පුනබ්භවාභිනිබ්බති නමි. මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය. යම්සේ විඤ්ඤාණට්ඨිතියි කියූකල්හිද විඥානයෙන් අන්‍යවූ ඨිතියක් නැත්තීද, මෙහිද මෙසේ ගැබින් අන්‍යවූ සෙය්යාවක් ඇතැයි නොදතයුතුය. අභිනිබ්බත්තිය නම්ද යම්හෙයකින් පුනබ්භවවූවාද අපුනබ්භවවූවාද ඇත්තීද මෙහිද පුනබ්භවභූත අභිනිබ්බත්තිය අදහස් කරන ලදී. ‘පුනබ්භවා එව අභිනිබ්බත්ති - පුනබ්වාභිනිබ්බත්ති’යි. එහෙයින් කියන ලදී.
එවං ආගතකාලතො පට්ඨාය අරසරූපතාදීහි අට්ඨහි අක්කොසවත්ථූහි අක්කොසන්තම්පි බ්රාහ්මණං භගවා ධම්මිස්සරො ධම්මරාජා ධම්මස්සාමී තථාගතො අනුකම්පාය සීතලෙනෙව චක්ඛුනා ඔලොකෙන්තො යං ධම්මධාතුං පටිවිජ්ඣිත්වා දෙසනාවිලාසප්පත්තො හොති, තස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා විගතවලාහකෙ අන්තලික්ඛෙ සමබ්භුග්ගතො පුණ්ණචන්දො විය සරදකාලෙ සූරියො විය ච බ්රාහ්මණස්ස හදයන්ධකාරං විධමන්තො තානියෙව අක්කොසවත්ථූනි තෙන තෙන පරියායෙන අඤ්ඤථා දස්සෙත්වා, පුනපි අත්තනො කරුණාවිප්ඵාරං අට්ඨහි ලොකධම්මෙහි අකම්පියභාවෙන පටිලද්ධං, තාදිගුණලක්ඛණං පථවීසමචිත්තතං අකුප්පධම්මතඤ්ච පකාසෙන්තො “අයං බ්රාහ්මණො කෙවලං පලිතසිරඛණ්ඩදන්තවලිත්තචතාදීහි අත්තනො වුඩ්ඪභාවං සඤ්ජානාති, නො ච ඛො ජානාති අත්තානං ජාතියා අනුගතං ජරාය අනුසටං බ්යාධිනා අභිභූතං මරණෙන අබ්භාහතං වට්ටඛාණුභූතං අජ්ජ මරිත්වා පුන ස්වෙව උත්තානසයනදාරකභාවගමනීයං. මහන්තෙන ඛො පන උස්සාහෙන මම සන්තිකං ආගතො, තදස්ස ආගමනං සාත්ථකං හොතූ”ති චින්තෙත්වා ඉමස්මිං ලොකෙ අත්තනො අප්පටිසමං පුරෙජාතභාවං දස්සෙන්තො සෙය්යථාපි බ්රාහ්මණාතිආදිනා නයෙන බ්රාහ්මණස්ස ධම්මදෙසනං වඩ්ඪෙසි.
මෙසේ තමන් වෙත පැමිණි තැන් පටන් අරසරූපාදී වූ අටවැදෑරුම් වූ ආක්‍රොශ වස්තූන්ගෙන් ආක්‍රෝශ කරන්නාවූ බ්‍රාහ්මණයා දෙස ධර්මෙශ්වරවූ ධර්මරාජන් වූ ධර්මස්වාමී වූ තථාගතවූද භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් සිහිල්වූම ඇසින් බලනසේක් යම් ධර්මධාතුවක් ප්‍රතිවේධකොට දේශනා විලාශයට පැමිණියාහුවෙත්ද, ඒ ධර්මධාතුව ප්රතිවේධකළ බැවින් පහළවු වලා ඇති අහසෙහි නැගීසිටි පුන්සඳ මෙන්ද ශරත් කාලයෙහි නැගි හිරු මෙන්ද බ්‍රාහ්මණයාගේ හෘදයාන්ධකාරය නසමින් ඒ ආක්‍රොශ වස්තූන්ම ඒ ඒ කාරණයෙන් අන්අයුරකින් දක්වා නැවතද, තමන්වහන්සේගේ කරුණා විස්ඵාරයද අෂ්ටලොකධර්මයන්ගෙන් නොසැලීමෙන් පිළිලැබූ තාදී ගුණ ලක්ෂණ වූ පොළොව සමවූ සිත් ඇති බවද, නොකිපෙන සැහැවි ඇති බවද ප්‍රකාශකර සේක් ‘මේ බ්රාහමණතෙමේ හුදෙක් පැසුනු හිස වැටුනුදත් රැලිනැගී සම් ආදියෙන් තමන්ගේ මහලු බව දන්නේය. උත්පත්තිය හා අනුවගිය ජරාවෙන් පෙළන ලද, ව්‍යාධියෙන් මඩිනලද, මරණයෙන් නසනලද, සසරට කණුවක් වූ අද මැරීගොස් නැවත හෙටම උඩුකුරුව හෝනා දරු බවට යායුතු වූ තමන් ගැන නොමදන්නේය, මෙතෙමේ මහත් උත්සාහයෙන් මාවෙතට ආයේය, එහෙයින් මොහුගේ ඒ ඊම සාර්‍ත්‍ථක වේවා’යි සිතා මේ ලෝකයෙහි තමන්වහන්සේගේ අප්‍රතිසම අනන්‍යසාධාරණ පුරෙජාතභාවය දක්වනසේක් ‘සෙය්යථාපි බ්‍රාහ්මණ’ යනාදි නයින් බ්‍රාහ්මණයාහට ධර්මදේශනා කළසේක.
තත්ථ සෙය්යථාති ඔපම්මත්ථෙ නිපාතො; පීති සම්භාවනත්ථෙ; උභයෙනාපි යථා නාම බ්රාහ්මණාති දස්සෙති. කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වාති එත්ථ පන කිඤ්චාපි කුක්කුටියා වුත්තප්පකාරතො ඌනාධිකානිපි අණ්ඩානි හොන්ති, අථ ඛො වචනසිලිට්ඨතාය එවං වුත්තන්ති වෙදිතබ්බං. එවඤ්හි ලොකෙ සිලිට්ඨවචනං හොති. තානස්සූති තානි අස්සු, භවෙය්යුන්ති වුත්තං හොති. කුක්කුටියා සම්මා අධිසයිතානීති තාය ජනෙත්තියා කුක්කුටියා පක්ඛෙ පසාරෙත්වා තෙසං උපරි සයන්තියා සම්මා අධිසයිතානි. සම්මා පරිසෙදිතානීති කාලෙන කාලං උතුං ගණ්හාපෙන්තියා සුට්ඨු සමන්තතො සෙදිතානි, උස්මීකතානීති වුත්තං හොති. සම්මා පරිභාවිතානීති කාලෙන කාලං සුට්ඨු සමන්තතො භාවිතානි, කුක්කුටගන්ධං ගාහාපිතානීති වුත්තං හොති.
එහි ‘සෙය්යථා’ යනු උපමාර්ත්ථයෙහි නිපාතයි. ‘අපි’ යනු සම්භාවනාර්ත්ථයෙහි නිපාතයි. ඒ දෙකින්ම බ්‍රාහ්මණ! යම්සේයි දක්වාලන්නාහ. ‘කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා’ යන මෙහි වනාහි කිසිසේත් කිකිළියකට කියූ අයුරින් මෙයට අඩුවැඩිවූද අණ්ඩයෝ වෙත්ද එහෙත් වදන් සිලිටුබව පිණිස මෙසේ වදාරණ ලද්දේ යයි දතයුතුය. මෙසේ එක්ම ගණනක් නොකියා අනික් ගණනක් සමග කීම ලෝකයෙහි සිලිටු වචනය වේ. ‘තානස්සු’ යන මෙහි ‘තානි + අස්සු’ යනු පද වෙන්කිරීමය. වන්නාහුයයි කියන ලද්දේ වේ. ‘කුක්කුටියා සම්මා අධිසයිතානි’ ඒ දිනිතිය වූ කිකිළිය විසින් පියාපත් දිගහැර ඒ බිජුවට මත්තෙහි සයනය කරන්නීය විසින් මැනවින් ඒ අණ්ඩයෝ සයනය කරන ලද්දාහු වෙති. ‘සම්මා පරිසෙදිතානි’ කලින්කල සෘතු ගන්වන්නිය විසින් මැනවින් හාත්පසින් ඩහගන්වන ලදහ. උණුසුම් කරන ලදහයි කියන ලද්දේ වේ. ‘සම්මා පරිභාවිතානි’ කලින්කල මැනවින් හාත්පසින් වඩන ලදහ. කුකුළු ගඳ ගන්වන ලදහයි කියන ලද්දේ වේ.
ඉදානි යස්මා තාය කුක්කුටියා එවං තීහි පකාරෙහි තානි අණ්ඩානි පරිපාලියමානානි න පූතීනි හොන්ති. යොපි නෙසං අල්ලසිනෙහො සො පරියාදානං ගච්ඡති. කපාලං තනුකං හොති, පාදනඛසිඛා ච මුඛතුණ්ඩකඤ්ච ඛරං හොති, කුක්කුටපොතකා පරිපාකං ගච්ඡන්ති, කපාලස්ස තනුකත්තා බහිද්ධා ආලොකො අන්තො පඤ්ඤායති. අථ තෙ කුක්කුටපොතකා “චිරං වත මයං සඞ්කුටිතහත්ථපාදා සම්බාධෙ සයිම්හ, අයඤ්ච බහි ආලොකො දිස්සති, එත්ථ දානි නො සුඛවිහාරො භවිස්සතී”ති නික්ඛමිතුකාමා හුත්වා කපාලං පාදෙන පහරන්ති, ගීවං පසාරෙන්ති. තතො තං කපාලං ද්වෙධා භිජ්ජති, කුක්කුටපොතකා පක්ඛෙ විධුනන්තා තඞ්ඛණානුරූපං විරවන්තා නික්ඛමන්ති. එවං නික්ඛමන්තානඤ්ච නෙසං යො පඨමතරං නික්ඛමති සො ‘ජෙට්ඨො’ති වුච්චති. තස්මා භගවා තාය උපමාය අත්තනො ජෙට්ඨකභාවං සාධෙතුකාමො බ්රාහ්මණං පුච්ඡි – “යො නු ඛො තෙසං කුක්කුටච්ඡාපකානං…පෙ… කින්ති ස්වස්ස වචනීයො”ති.
දැන් යම්හෙයකින් ඒ කිකිළිය විසින් මෙසේ තුන්අයුරකින් පාලනය කළ ඒ අණ්ඩයෝ කුණුනොවී පවතිත්ද, ඔවුන්ගේ යම් තෙත්ගතියක්වේද, එය පිරිසිඳීමටයේද, කටුව තුනීවේද, පානියසිඑ හා මුවතුඩ රළුවේද, කුකුළු පැටියෝ මේරීමට යෙත්ද, කටුව තුනීව ගිය බැවින් පිටත ආලෝකය ඇතුළට පෙනේද, එවිට ඒ කුකුළු පැටියෝ අපි බොහෝකලක් හැකුළු අත්පා ඇතිව ඉඩකඩ නැති තැනක හොවීමු, පිටතද මේ ආලෝකයක් පෙනේ, මෙහි දැන් අපට ආලෝකය පෙනෙන තැන සුවසේ විසීම වන්නේය’යි පිටතට එනුකැමැතිව කටුවට පයින් පහරදෙත්ද, ගෙල දිගුකරත්ද, එයින් ඒ කටුව දෙකට බිඳීයේද, කුකුළු පැටියෝ පියාපත් සලමින් ඒ මොහොතට සුදුසු ලෙසින් හඬලමින් නික්මෙත්ද, මෙසේ නික්මෙන්නා වූ ඔවුන් අතරෙහි යමෙක් ඉතා පළමුකොට නික්මේද, හේ වැඩිමලා යයි කියනු ලැබේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ උපමාවෙන් තමන්වහන්සේගේ දෙටුබව සිදුකරනු කැමතිසේක් බ්‍රාහ්මණයාගෙන් මෙසේ විචාරණ සේක: ‘යො නු ඛො තෙසං කුක්කුටච්ඡාපකානං -පෙ- කින්ති ස්වාස්ස වචනීයො’යි.
තත්ථ කුක්කුටච්ඡාපකානන්ති කුක්කුටපොතකානං. කින්ති ස්වස්ස වචනීයොති සො කින්ති වචනීයො අස්ස, කින්ති වත්තබ්බො භවෙය්ය ජෙට්ඨො වා කනිට්ඨො වාති. සෙසං උත්තානත්ථමෙව.
එහි ‘කුක්කුටච්ඡාපකානං’ කුකුළු පැටවුන් අතරෙහි ‘කින්ති ස්වාස්ස වචනීයො’ කීම? හේ දෙටු හෝ කනිටුවේදැයි කියයුතුවන්නේද? සෙස්ස ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
තතො බ්රාහ්මණො ආහ – “ජෙට්ඨොතිස්ස භො ගොතම වචනීයො”ති. භො, ගොතම, සො ජෙට්ඨො ඉති අස්ස වචනීයො. කස්මාති චෙ? සො හි නෙසං ජෙට්ඨො, තස්මා සො නෙසං වුඩ්ඪතරොති අත්ථො. අථස්ස භගවා ඔපම්මං සම්පටිපාදෙන්තො ආහ – “එවමෙව ඛො අහං බ්රාහ්මණා”තිආදි. යථා සො කුක්කුටච්ඡාපකො ජෙට්ඨොති සඞ්ඛ්‍යං ගච්ඡති; එවං අහම්පි අවිජ්ජාගතාය පජාය. අවිජ්ජාගතායාති අවිජ්ජා වුච්චති අඤ්ඤාණං, තත්ථ ගතාය. පජායාති සත්තාධිවචනමෙතං. තස්මා එත්ථ අවිජ්ජණ්ඩකොසස්ස අන්තො පවිට්ඨෙසු සත්තෙසූති එවං අත්ථො දට්ඨබ්බො. අණ්ඩභූතායාති අණ්ඩෙ භූතාය ජාතාය සඤ්ජාතාය. යථා හි අණ්ඩෙ නිබ්බත්තා එකච්චෙ සත්තා අණ්ඩභූතාති වුච්චන්ති; එවමයං සබ්බාපි පජා අවිජ්ජණ්ඩකොසෙ නිබ්බත්තත්තා අණ්ඩභූතාති වුච්චති. පරියොනද්ධායාති තෙන අවිජ්ජණ්ඩකොසෙන සමන්තතො ඔනද්ධාය බද්ධාය වෙඨිතාය . අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වාති තං අවිජ්ජාමයං අණ්ඩකොසං භින්දිත්වා . එකොව ලොකෙති සකලෙපි ලොකසන්නිවාසෙ අහමෙව එකො අදුතියො. අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති අනුත්තරන්ති උත්තරවිරහිතං සබ්බසෙට්ඨං. සම්මාසම්බොධින්ති සම්මා සාමඤ්ච බොධිං; අථ වා පසත්ථං සුන්දරඤ්ච බොධිං; බොධීති රුක්ඛොපි මග්ගොපි සබ්බඤ්ඤුතඤ්ඤාණම්පි නිබ්බානම්පි වුච්චති. “බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො”ති (මහාව· 1; උදා· 1) ච “අන්තරා ච ගයං අන්තරා ච බොධි”න්ති (මහාව· 11; ම· නි· 1.285) ච ආගතට්ඨානෙසු හි රුක්ඛො බොධීති වුච්චති. “බොධි වුච්චති චතූසු මග්ගෙසු ඤාණ”න්ති (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121) ආගතට්ඨානෙ මග්ගො. “පප්පොති බොධිං වරභූරිමෙධසො”ති (දී· නි· 3.217) ආගතට්ඨානෙ සබ්බඤ්ඤුතඤ්ඤාණං. “පත්වාන බොධිං අමතං අසඞ්ඛත”න්ති ආගතට්ඨානෙ නිබ්බානං. ඉධ පන භගවතො අරහත්තමග්ගඤාණං අධිප්පෙතං. සබ්බඤ්ඤුතඤ්ඤාණන්තිපි වදන්ති. අඤ්ඤෙසං අරහත්තමග්ගො අනුත්තරා බොධි හොති, න හොතීති? න හොති. කස්මා? අසබ්බගුණදායකත්තා. තෙසඤ්හි කස්සචි අරහත්තමග්ගො අරහත්තඵලමෙව දෙති, කස්සචි තිස්සො විජ්ජා, කස්සචි ඡ අභිඤ්ඤා, කස්සචි චතස්සො පටිසම්භිදා, කස්සචි සාවකපාරමිඤාණං. පච්චෙකබුද්ධානම්පි පච්චෙකබොධිඤාණමෙව දෙති. බුද්ධානං පන සබ්බගුණසම්පත්තිං දෙති, අභිසෙකො විය රඤ්ඤො සබ්බලොකිස්සරියභාවං. තස්මා අඤ්ඤස්ස කස්සචිපි අනුත්තරා බොධි න හොතීති. අභිසම්බුද්ධොති අබ්භඤ්ඤාසිං පටිවිජ්ඣිං; පත්තොම්හි අධිගතොම්හීති වුත්තං හොති.
ඉක්බිති බ්‍රාහ්මණතෙමේ ‘ජෙට්ඨොතිස්ස භො ගොතම වචනීයො’ භවත් ගෞතමයන් වහන්ස! හේ දෙටුය’යි කියයුතුවන්නේය. කුමක් හෙයින්දයත්: ‘සො හි තෙසං ජෙට්ඨො’ යම්හෙයකින් හෙතෙමේ ඔවුන් අතරෙහි ඉතා වැඩිමහලුවේද එහෙයිනැයි කීයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපමාව සසඳන සේක් පිළියෙල කරනසේක් ‘එවමෙව ඛො අහං බ්‍රාහ්මණ’ යනාදිය වදාළ සේක. යම්සේ ඒ කුකුළු පැටවා දෙටුයයි ගිනීමටයේද, මමද එසේවෙමි. ‘අවිජ්ජාගතාය පජාය’ එහි ‘අවිජ්ජාගතාය’ සිවුසස්දහම් නොදැනීම අවිද්යායි කියනු ලැබේ. ඒ අවිද්‍යාවෙහි ඇලුනු ප්‍රජාවෙහි, පජා යන මෙය සත්ත්වයන්ට නමකි. එහෙයින් මෙහි අවිද්‍යා නැමැති අණ්ඩකොෂයාගේ ඇතුළට පිවිසි සත්ත්වයන් අතුරෙහියි මෙසේ අර්ත්ථය දතයුතුය. ‘අණ්ඩභූතාය’ අණ්ඩයෙහි උපන්නාවූ හටගත්තා වූ යම්සේ අණ්ඩයෙහි උපන් ඇතැම් සත්ත්වයෝ අණ්ඩභූතහයි කියනු ලැබෙත්ද එසේ මේ සියලු ප්‍රජා තොමෝ අවිද්‍යා නැමැති අණ්ඩකෝෂයෙහි උපන් බැවින් අණ්ඩභූත’යි කියනු ලැබේ. ‘පරියොනද්ධාය’ ඒ අවිද්‍යා නමැති අණ්ඩකෝෂයෙන් හැමතින් වැසුනාවූ බැඳුනාවූ වෙළුනාවූ ‘අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා’ ඒ අවිද්‍යාමය වූ අණ්ඩකොෂය සිඳහැර ‘එකොව ලොකෙ’ සියලු ලෝක සන්නිවාසයෙහි මමම අසහාය වූයෙම් වෙමි. අද්විතීය වූයෙම් වෙමි. ‘අනුත්තරං සම්මා සම්බොධිං අභිසම්බුද්ධො’ යන මෙහි ‘අනුත්තරං’ උත්තර විරහිත වූ සර්වශ්රෙෂ්ඨවූ ‘සම්මා සම්බොධිං’ අවිපරිතකොට තමන්ම අවබෝධ කළ නොහොත් ප්රශස්ත වූද සුන්දර වූ ද චතුස්සත්‍යාවබෝධය, බෝධියි. වෘක්ෂයද මාර්ගයද සර්වඥතා ඥානයද නිර්වාණයද කියනු ලැබේ. ‘බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො’යිද ‘අන්තරා ච බොධිං අන්තරා ච ගයං’යිද ආතන්හි වෘක්ෂ බෝධියිද ‘බොධි වුච්චති චතුසු මග්ගෙසු ඤාණං’යි ආතන්හි මාර්ගයද ‘පප්පොති බොධිං වරභූරි මෙධසො’යි ආතන්හි සර්වඥතා ඥානයද ‘පත්වාන බොධිං අමතං අසඞ්ඛතං’යි ආතන්හි නිර්වාණයද කියනු ලැබේ. මෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේගේ අර්හත්මාර්ගඥානය අදහස් කරන ලද්දේය. සර්වඥතා ඥානයද අදහස් කරන ලදැයි කියත්. අන්‍යයන්ගේ අර්හත්මාර්ගය අනුත්තර බෝධියවේද නොවේදයත්: නොවේ. කුමක් හෙයින්දයත්: සියලුගුණ නොදෙන බැවිනි. ඔවුන් අතරෙහි කිසිවක්හට අර්හත්මාර්ගය අර්හත් ඵලයම දෙන්නේය. හේතුසම්පත් ඇති කිසිවක්හට අර්හත්ඵලය සමග ත්‍රිවිද්‍යාවද කිසිවක්හට ෂඩභිඥාද කිසිවක්හට චතුර්විධ ප්රතිසම්භිදාද කිසිවක්හට ශ්රාවකපාරමී ඥානයද දෙන්නේය. පසේ බුදුවරුන්ටද ප්රත්යෙකබොධි ඥානයම දෙන්නේය. බුදුවරුන්ට වනාහි සියලුගුණ සම්පත්තිය දෙන්නේය. රජහට සර්වලොකෙකශ්චර්ය්යය දෙන අභිෂේකය මෙනි. එහෙයින් අන්කවරක්හටත් අනුත්තර බෝධිය නොවේ. ‘අභිසම්බුද්ධො’ මනාකොට දත්තෙමි. ප්‍රතිවෙධ කෙළෙමි. පැමිණියේ වෙමි. සියසතන්හි එළවීම් වසයෙන් පිළිලැබීමියි කියන ලද්දේ වේ.
ඉදානි යදෙතං භගවතා “එවමෙව ඛො අහං බ්රාහ්මණා”ති ආදිනා නයෙන වුත්තං ඔපම්මසම්පටිපාදනං, තං එවමත්ථෙන සද්ධිං සංසන්දිත්වා වෙදිතබ්බං. යථා හි තස්සා කුක්කුටියා අත්තනො අණ්ඩෙසු අධිසයනාදිතිවිධකිරියාකරණං; එවං බොධිපල්ලඞ්කෙ නිසින්නස්ස බොධිසත්තභූතස්ස භගවතො අත්තනො චිත්තසන්තානෙ අනිච්චං දුක්ඛං අනත්තාති තිවිධානුපස්සනාකරණං. කුක්කුටියා තිවිධකිරියාසම්පාදනෙන අණ්ඩානං අපූතිභාවො විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණස්ස අපරිහානි. කුක්කුටියා තිවිධකිරියාකරණෙන අණ්ඩානං අල්ලසිනෙහපරියාදානං විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන භවත්තයානුගතනිකන්තිසිනෙහපරියාදානං. කුක්කුටියා තිවිධකිරියාකරණෙන අණ්ඩකපාලානං තනුභාවො විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන අවිජ්ජණ්ඩකොසස්ස තනුභාවො. කුක්කුටියා තිවිධකිරියාකරණෙන කුක්කුටච්ඡාපකස්ස පාදනඛසිඛාතුණ්ඩකානං ථද්ධඛරභාවො විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණස්ස තික්ඛඛරවිප්පසන්නසූරභාවො. කුක්කුටියා තිවිධකිරියාකරණෙන කුක්කුටච්ඡාපකස්ස පරිපාකකාලො විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණස්ස පරිපාකකාලො වඩ්ඪිතකාලො ගබ්භග්ගහණකාලො වෙදිතබ්බො.
භාග්‍යවතුන් වහන්සේ විසින් දැන් ‘එවමෙව ඛො අහං බ්‍රාහ්මණ’ යනාදි ක්‍රමයෙන් යම් මේ උපමාසම්ප්රතිපාදනයක් වදාරණ ලද්දේද එය මෙසේ උපමෙයාර්ත්ථය සමග සසඳා දතයුතුය. තමන්ගේ අණ්ඩ මත්තෙහි ඒ කිකිළියගේ හොවීම ආදීවූ ත්රිවිධක්රියාකරණය යම්සේද බෝපලඟෙහි වැඩහුන් බෝධිසත්ත්ව වූ භාග්‍යවතුන් වහන්සේගේ තමන්ගේ සන්තානයෙහිලා අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ත්රිවිධඅනුර්දශනාකරණය එසේය. කිකිළියගේ අණ්ඩ මත්තෙහි හොවීමි ආදීවූ ත්රිවිධක්රියා සම්පාදනයෙන් අණ්ඩයන්ගේ කුණු නොවීම යම්සේද බෝධිසත්ත්ව වූ භාග්‍යවතුන් වහන්සේගේ ත්රිවිධානුදර්ශනා සම්පාදනයෙන් විදර්ශනා ඥානයාගේ නොපිරිහීම එසේය. බෝධිසත්ත්ව භාග්‍යවතුන් වහන්සේගේ ත්රිවිධානුදර්ශනා සම්පාදනයෙන් භවත්රයානුගත තෘෂ්ණඝෙනහයෙහි ක්ෂයවීම කිකිළියගේ ත්රිවිධක්රියාකරණයන් අණ්ඩයන්ගේ තෙත්ගතිය ක්ෂයවී යෑමසේය. බෝධිසත්ත්ව වූ භාග්‍යවතුන් වහන්සේගේ ත්රිවිධානුදර්ශනා සම්පාදනයෙන් අවිද්‍යා නැමති අණ්ඩකෝෂයාගේ තුනීබව කිකිළියගේ ත්රිවිධක්රියාකරණයෙන් බීජකපාලයන්ගේ තුනීබව සේය. බෝධිසත්ත්ව වූ භාග්‍යවතුන් වහන්සේගේ ත්රිවිධානුදර්ශනාසම්පාදනයෙන් විදර්ශනා ඥානයාගේ තියුණුබව රළුබව පහත්බව සූරබව කිකිළියගේ ත්රිවිධක්රියාකරණයෙන් කුකුළු පැටවාගේ පානියතුඩු පිළිබඳ තදරළුබව සේය. බෝධිසත්ත්ව වූ භාග්‍යවතුන් වහන්සේගේ ත්රිවිධානුදර්ශනා සම්පාදනයෙන් විදර්ශනා ඥානයාගේ මෝරන කාලය වැඩුනු කාලය ගැබ්ගන්නා කාලය කිකිළියගේ ත්රිවිධක්රියාකරණයෙන් කුකුළු පැටවාගේ මෝරන කාලය මෙන් දතයුතුය.
තතො කුක්කුටියා තිවිධකිරියාකරණෙන කුක්කුටච්ඡාපකස්ස පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා පක්ඛෙ පප්ඵොටෙත්වා සොත්ථිනා අභිනිබ්භිදාකාලො විය බොධිසත්තභූතස්ස භගවතො තිවිධානුපස්සනාසම්පාදනෙන විපස්සනාඤාණං ගබ්භං ගණ්හාපෙත්වා අනුපුබ්බාධිගතෙන අරහත්තමග්ගෙන අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා අභිඤ්ඤාපක්ඛෙ පප්ඵොටෙත්වා සොත්ථිනා සකලබුද්ධගුණසච්ඡිකතකාලො වෙදිතබ්බොති.
බෝධිසත්ත්ව වූ භාග්‍යවතුන් වහන්සේගේ ත්රිවිධානුදර්ශනා සම්පාදනයෙන් විදර්ශනා ඥානය ගැබ්ගන්වා පිළිවෙළින් ලැබූ අර්හත්මාර්ගයෙන් අවිද්‍යා නමැති අණ්ඩකෝෂය පළාහැර අභිඥා නමැති තටුපොළා සුවසේ සියලු බුදුගුණ අවබෝධකළ කාලය කිකිළියගේ ත්රිවිධක්රියාකරණයෙන් කුකුළු පැටවාගේ පානිය සිළින් හෝ මුවතුඩින් බීජකපාලය පළාහැර තටුපොළා සුවසේ නික්මෙන කාලය මෙන් දතයුතුය.
ස්වාහං බ්‍රාහ්මණ ජෙට්ඨො සෙට්ඨො ලොකස්සාති සො අහං බ්‍රාහ්මණ යථා තෙසං කුක්කුටපොතකානං පඨමතරං අණ්ඩකොසං පදාලෙත්වා අභිනිබ්භිදො කුක්කුටපොතකො ජෙට්ඨො හොති; එවං අවිජ්ජාගතාය පජාය තං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා පඨමතරං අරියාය ජාතියා ජාතත්තා ජෙට්ඨො වුඩ්ඪතරොති සඞ්ඛ්‍යං ගතො. සබ්බගුණෙහි පන අප්පටිසමත්තා සෙට්ඨොති.
‘ස්වාහං බ්‍රාහ්මණ ජෙට්ඨො සෙට්ඨො ලොකස්ස’ ‘බ්‍රාහ්මණ! ඒ මම ඒ කුකුළු පැටවුන් අතරෙහි ඉතා පළමුකොට අණ්ඩකෝෂය පළා උපන් කුකුළු පැටවා යම්සේ දෙටුවේද එසේ අවිද්‍යාවෙහි ගැලීගියාවූ අවිද්‍යාවෙහි වැදසිටියාවූ සත්ත්වයන් අතුරෙහි ඒ අවිද්‍යා නමැති අණ්ඩකෝෂය පළාහැර ඉතා පළමුකොට ආර්‍ය්‍ය ජාතියෙහි උපන් බැවින් දෙටුවෙමි. ඉතා වැඩිමහලු වෙමි. සියලු ගුණයන්ගෙන් මට සමානයෙකු නැති බැවින් ශ්‍රේෂ්ඨය’යි ගිනීමට පැමිණියෙමියි වදාළ සේක.
එවං භගවා අත්තනො අනුත්තරං ජෙට්ඨසෙට්ඨභාවං බ්රාහ්මණස්ස පකාසෙත්වා ඉදානි යාය පටිපදාය තං අධිගතො තං පටිපදං පුබ්බභාගතො පභුති දස්සෙතුං “ආරද්ධං ඛො පන මෙ බ්රාහ්මණා”තිආදිමාහ. ඉමං වා භගවතො අනුත්තරං ජෙට්ඨසෙට්ඨභාවං සුත්වා බ්රාහ්මණස්ස චිත්තමෙවමුප්පන්නං – “කාය නු ඛො පටිපදාය ඉමං පත්තො”ති. තස්ස චිත්තමඤ්ඤාය “ඉමායාහං පටිපදාය ඉමං අනුත්තරං ජෙට්ඨසෙට්ඨභාවං පත්තො”ති දස්සෙන්තො එවමාහ. තත්ථ ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ වීරියං අහොසීති බ්‍රාහ්මණ, න මයා අයං අනුත්තරො ජෙට්ඨසෙට්ඨභාවො කුසීතෙන මුට්ඨස්සතිනා සාරද්ධකායෙන වික්ඛිත්තචිත්තෙන අධිගතො, අපිච ඛො තදධිගමාය ආරද්ධං ඛො පන මෙ වීරියං අහොසි, බොධිමණ්ඩෙ නිසින්නෙන මයා චතුරඞ්ගසමන්නාගතං වීරියං ආරද්ධං අහොසි, පග්ගහිතං අසිථිලප්පවත්තිතන්ති වුත්තං හොති. ආරද්ධත්තායෙව ච මෙ තං අසල්ලීනං අහොසි. න කෙවලඤ්ච වීරියමෙව, සතිපි මෙ ආරම්මණාභිමුඛීභාවෙන උපට්ඨිතා අහොසි. උපට්ඨිතත්තායෙව ච අසම්මුට්ඨා. පස්සද්ධො කායො අසාරද්ධොති කායචිත්තපස්සද්ධිවසෙන කායොපි මෙ පස්සද්ධො අහොසි . තත්ථ යස්මා නාමකායෙ පස්සද්ධෙ රූපකායොපි පස්සද්ධොයෙව හොති, තස්මා නාමකායො රූපකායොති අවිසෙසෙත්වාව පස්සද්ධො කායොති වුත්තං. අසාරද්ධොති සො ච ඛො පස්සද්ධත්තායෙව අසාරද්ධො, විගතදරථොති වුත්තං හොති. සමාහිතං චිත්තං එකග්ගන්ති චිත්තම්පි මෙ සම්මා ආහිතං සුට්ඨු ඨපිතං අප්පිතං විය අහොසි; සමාහිතත්තා එව ච එකග්ගං අචලං නිප්ඵන්දනන්ති. එත්තාවතා ඣානස්ස පුබ්බභාගපටිපදා කථිතා හොති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ නිරුත්තරවූ ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨභාවය බ්‍රාහ්මණයා හට ප්‍රකාශකොට දැන් යම් ප්‍රතිපදාවකින් එයට පැමිණි සේක්ද පූර්වභාගීය වීර්ය්යාරම්භයෙහි පටන් ඒ ප්‍රතිපදාව දක්වනු පිණිස ‘ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ විරියං’ යනාදිය වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ නිරුත්තරවූ මේ ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨභාවය අසා බ්‍රාහ්මණයා හට ‘කිනම් ප්‍රතිපදාවකින් මේ ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨභාවයට පැමිණියේදැ’යි මෙසේ සිත් උපන්නේය. ඔහුට උපන් ඒ සිත දැන ‘මම මේ ප්‍රතිපදාවෙන් නිරුත්තරවූ මේ ජ්යෙෂ්ඨභාවයට පැමිණියෙමි’යි දක්වනසේක් මෙසේ වදාළ සේක. එහි ‘ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ විරියං අහොසි’ බ්‍රාහ්මණ! කුසීත වූ මුළාවූ සිහිඇති කෙලෙස් දැවිල්ලෙන් දැවුනු නන්අරමුණෙහි විසිරීගිය සිත් ඇති මා විසින් නිරුත්තරවූ මේ ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨභාවය ලද්දේ නොවේ. තවද එයට පැමිණෙනු පිණිස ලබනු පිණිස මා විසින් වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වූයේය. බෝමැඩ හුන්නාවූ මා විසින් සිවුරඟින් යුක්තවූ වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ වූයේය. දැඩිව ගන්නා ලද්දේ සිථිල නොකොට පවත්වන ලද්දේ යයි කියන ලද්දේ වේ. දැඩිව පටන්ගත් බැවින්ම මාගේ ඒ වීර්‍ය්‍යය ‘අසල්ලීනං’ නොහැකුළුනේය. හුදෙක් වීර්‍ය්‍යය පමණක්ම නොවේ. ‘සතිපි’ මාගේ සිහියද අරමුණට අභිමුඛවීමෙන් ‘උපට්ඨිතා’ අරමුණට එළඹ සිටියාය. එළඹසිටි බැවින්ම ‘අසම්මුට්ඨා’ මුළානොවූය. ‘පස්සද්ධො කායො’ කාය, චිත්ත, පස්සද්ධි වසයෙන් මාගේ කයද නිවී ගියේය. එහි යම්හෙයකින් නාමකාය නිවීගිය කල්හි රූපකායද සන්සිඳී ගියේමවේද එහෙයින් නාමකාය, රූපකායයි වෙනසක් නොකොට කය සන්සිඳී ගියේ යයි වදාරණ ලද්දේය. ‘අසාරද්ධො’ එම කය සන්සිඳුනු බැවින්ම පහවූ කෙලෙස්පිඩා ඇත්තේය. පහවූ කෙලෙස් දැවිලි ඇත්තේයයි කියන ලද්දේ වේ. ‘සමාහිතං චිත්තං එකග්ගං’ මාගේ සිතද නන්අරමුණෙහි විසිරයෑම සිඳහැර එක් අරමුණක කරන ලද්දේය. මොනවට තබන ලද්දේය, ඔප්පු කරන ලද්දක් මෙන් වූයේය. මොනවට පිහිටි බැවින්ම එකඟය. නිසලය. පහවූ සැලීම් ඇත්තේය. මෙපමණකින් ධ්‍යානය පිළිබඳ පූර්වභාග ප්‍රතිපදා තොමෝ කියන ලද්දීය.