යෙදුමෙන් කියවන්න

මහාමොග‍්ගල‍්ලානස‍්සසීහනාදකථා අට‍්ඨකථා

මහාමොග‍්ගල‍්ලානස‍්සසීහනාදකථා

මහාමොග්ගල්ලානස්සසීහනාදකථා

අථ ඛො ආයස‍්මා මහාමොග‍්ගල‍්ලානොතිආදීසු ආයස‍්මාති පියවචනමෙතං, ගරුගාරවසප‍්පතිස‍්සාධිවචනමෙතං. මහාමොග‍්ගල‍්ලානොති මහා ච සො ගුණමහන‍්තතාය මොග‍්ගල‍්ලානො ච ගොත‍්තෙනාති මහාමොග‍්ගල‍්ලානො. එතදවොචාති එතං අවොච. ඉදානි වත‍්තබ‍්බං “එතරහි භන‍්තෙ”තිආදිවචනං දස‍්සෙති. කස‍්මා අවොච? ථෙරො කිර පබ‍්බජිත්‍වා සත‍්තමෙ දිවසෙ සාවකපාරමිඤාණස‍්ස මත්‍ථකං පත‍්තො, සත්‍ථාරාපි මහිද‍්ධිකතාය එතදග‍්ගෙ ඨපිතො. සො තං අත‍්තනො මහිද‍්ධිකතං නිස‍්සාය චින‍්තෙසි – “අයං වෙරඤ‍්ජා දුබ‍්භික‍්ඛා, භික‍්ඛූ ච කිලමන‍්ති, යංනූනාහං පථවිං පරිවත‍්තෙත්‍වා භික‍්ඛූ පප‍්පටකොජං භොජෙය්‍ය”න‍්ති. අථස‍්ස එතදහොසි – “සචෙ පනාහං භගවතො සන‍්තිකෙ විහරන‍්තො භගවන‍්තං අයාචිත්‍වා එවං කරෙය්‍යං, න මෙතං අස‍්ස පතිරූපං; යුගග‍්ගාහො විය භගවතා සද‍්ධිං කතො භවෙය්‍යා”ති. තස‍්මා යාචිතුකාමො ආගන‍්ත්‍වා භගවන‍්තං එතදවොච.

‘අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානා’ යනාදි තන්හි ‘ආයස්මා’ යන මෙය ප්‍රියවචනයි. මෙය ගරු ගුණ ඇත්තවුන් කෙරෙහි ජ්‍යෙෂ්ඨභාව කියාලන නාමයකි. ‘මහාමොග්ගල්ලානො’ ගුණමහත්‍වයෙන් මහත්වූයේද හේමය. ගොත්‍ර වශයෙන් මොග්ගල්ලාන’ නම්. ‘එතදවොච’ මෙය සැලකෙළේය. දැන් කියයුතු ‘එතරහි භන්තෙ’ යනාදි වචන දක්වාලන්නේය. කුමක්හෙයින් සැලකළේදයත්: මහා මෞද්ගල්‍යා යන මහාස්ථවිරයන් වහන්සේ වනාහි පැවිදිවීමෙන් සත්වනදා ශ්‍රාවක පාරමී ඥානයෙහි මුදුනට පැමිණියහ. ශාස්තෲන් වහන්සේ විසිනුදු මහත් සෘද්ධි ඇති බැවින් එතදග්‍රයෙහි තබන ලදහ. උන්වහන්සේ තමන්ගේ ඒ මහත් සෘද්ධිය ඇසුරුකොට ‘මේ වෙරඤ්ජාව දුකසේ ලැබියයුතු භික්‍ෂා ඇත්තේය, භික්‍ෂූහුද ක්ලාන්ත වෙති, මම පොළොව පෙරළා භික්‍ෂූන්ට පෘථිවි මණ්ඩය (බිම්මල්, හතු) වළඳවන්නෙම් නම් ඉතා යෙහෙකැ’යි සිතූහ. නැවතත් උන්වහන්සේට ‘ඉදින් මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි වසන්නෙම් භාග්‍යවතුන් වහන්සේට යාච්ඤා නොකොට අවසර නොලබා මෙසේ කරන්නෙම්නම්, මෙය මට සුදුසු නොවන්නේය, භාග්‍යවතුන් වහන්සේ සමග කරන ලද එකට එක කිරීමෙන් මෙන් වන්නේය’යි මේ අදහස උපන්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ යදිනු කැමතිව අවුත් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.

හෙට‍්ඨිමතලං සම‍්පන‍්නන‍්ති පථවියා කිර හෙට‍්ඨිමතලෙ පථවිමණ‍්ඩො පථවොජො පථවි-පප‍්පටකො අත්‍ථි, තං සන්‍ධාය වදති. තත්‍ථ සම‍්පන‍්නන‍්ති මධුරං, සාදුරසන‍්ති අත්‍ථො. යථෙව හි “තත්‍රස‍්ස රුක‍්ඛො සම‍්පන‍්නඵලො ච උපපන‍්නඵලො චා”ති (ම· නි· 2.48) එත්‍ථ මධුරඵලොති අත්‍ථො; එවමිධාපි සම‍්පන‍්නන‍්ති මධුරං සාදුරසන‍්ති වෙදිතබ‍්බං. සෙය්‍යථාපි ඛුද‍්දමධුං අනීළකන‍්ති ඉදං පනස‍්ස මධුරතාය ඔපම‍්මනිදස‍්සනත්‍ථං වුත‍්තං. ඛුද‍්දමධුන‍්ති ඛුද‍්දකමක‍්ඛිකාහි කතමධු. අනීළකන‍්ති නිම‍්මක‍්ඛිකං නිම‍්මක‍්ඛිකණ‍්ඩකං පරිසුද‍්ධං. එතං කිර මධු සබ‍්බමධූහි අග‍්ගඤ‍්ච සෙට‍්ඨඤ‍්ච සුරසඤ‍්ච ඔජවන‍්තඤ‍්ච. තෙනාහ – “සෙය්‍යථාපි ඛුද‍්දමධුං අනීළකං එවමස‍්සාද”න‍්ති.

‘හෙට්ඨිමං තලං සම්පන්නං’ පොළොවෙහි යටතෙලෙහි පෘථිවීමණ්ඩ පෘථිවිඕජා පෘථිවීපප්පට ඇත්තේද, ඒ සඳහා කියයි. එහි ‘සම්පන්නං’ යනු මිහිරිය. මධුරරස සම්පන්නය යන අර්‍ත්‍ථයි ‘තත්‍රස්ස රුක්‍ඛො සම්පන්නඵලො ච උප්පන්නඵලොච’ යන මෙහි යම්සේ මධුරඵල ඇත්තේය යන අර්‍ත්‍ථයවේද, එසේ මෙහිද ‘සම්පන්නං’ යනු මිහිරිය. මිහිරි රස ඇත්තේය යන අර්‍ත්‍ථය දතයුතුය. ‘සෙය්‍යථාපි ඛුද්දමධුං අනීලකං’ මේවනාහි පොළොව යටතෙලෙහි වූ පෘථිවි මණ්ඩයාගේ මිහිරිබවට උපමා දැක්වීම පිණිස කියන ලද්දේය. ‘ඛුද්දමධුං’ කුඩා මැස්සන් විසින් කළ මීවදය. ‘අනීලකං’ මැස්සන් රහිතය. පිළවුන් රහිතය. මැසිබිජු රහිතය. පිරිසිදුය. මේ මී සියලු මීවලට වඩා අග්‍රය. ශ්‍රේෂ්ඨය. මනා රස ඇත්තේය. ඔජොවත්ද වේ. ‘සෙය්‍යථාපි ඛුද්දමධුං අනීලකං එවමස්සාදං’ යනු එහෙයින් කීහ.

සාධාහං , භන‍්තෙති සාධු අහං, භන‍්තෙ. එත්‍ථ සාධූති ආයාචනවචනමෙතං. පථවිපරිවත‍්තනං ආයාචන‍්තො හි ථෙරො භගවන‍්තං එවමාහ. පරිවත‍්තෙය්‍යන‍්ති උක‍්කුජ‍්ජෙය්‍යං, හෙට‍්ඨිමතලං උපරිමං කරෙය්‍යං. කස‍්මා? එවඤ‍්හි කතෙ සුඛෙන භික‍්ඛූ පප‍්පටකොජං පථවිමණ‍්ඩං පරිභුඤ‍්ජිස‍්සන‍්තීති. අථ භගවා අනනුඤ‍්ඤාතුකාමොපි ථෙරං සීහනාදං නදාපෙතුං පුච‍්ඡි – “යෙ පන තෙ, මොග‍්ගල‍්ලාන, පථවිනිස‍්සිතා පාණා තෙ කථං කරිස‍්සසී”ති. යෙ පථවිනිස‍්සිතා ගාමනිගමාදීසු පාණා, තෙ පථවියා පරිවත‍්තියමානාය ආකාසෙ සණ‍්ඨාතුං අසක‍්කොන‍්තෙ කථං කරිස‍්සසි, කත්‍ථ ඨපෙස‍්සසීති? අථ ථෙරො භගවතා එතදග‍්ගෙ ඨපිතභාවානුරූපං අත‍්තනො ඉද‍්ධානුභාවං පකාසෙන‍්තො “එකාහං, භන‍්තෙ”තිආදිමාහ. තස‍්සත්‍ථො – එකං අහං භන‍්තෙ හත්‍ථං යථා අයං මහාපථවී එවං අභිනිම‍්මිනිස‍්සාමි, පථවිසදිසං කරිස‍්සාමි. එවං කත්‍වා යෙ පථවිනිස‍්සිතා පාණා තෙ එකස‍්මිං හත්‍ථතලෙ ඨිතෙ පාණෙ තතො දුතියහත්‍ථතලෙ සඞ‍්කාමෙන‍්තො විය තත්‍ථ සඞ‍්කාමෙස‍්සාමීති.

‘සාධාහං භන්තෙ’ මැනව, ස්වාමීනි! මම, සාධු යන මෙහි මෙය ආයාචන වචනයි. පොළොව පෙරළීම ආයාචනා කරන්නාවූ ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ‘පරිවත්තෙය්‍යං’ උඩහුරු කරන්නෙමි, යටතලය මතුකරන්නෙමි, කුමහෙයින්දයත්: මෙසේ කළකල්හි භික්‍ෂූහු සුවසේ පප්පටකොජය පෘථිවි රසය වළඳන්නාහුය’යි මෙසේ සැලකළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනුදනු නොකැමැති සේක්ද, තෙරුන් ලවා සිංහනාද කරවන්නට ‘යෙ පන තෙ මොග්ගල්ලාන පඨවිනිස්සිතා පාණා තෙ කථං කරිස්සසි’ ‘පොළොව ඇසුරු කළ ගම්නියම්ගම්හි වූ යම් ප්‍රාණීහු වෙත්ද, පොළොව පෙරළන කල්හි අහසෙහි පිහිටා සිටින්නට නොහැකි වූ ඔවුන්ට කෙසේ කරන්නෙහිද? කොතැන තබන්නෙහිදැ’යි අසා වදාළ සේක. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ එතදග්‍රයෙහි තැබූ බවට අනුරූපකොට තමන්ගේ සෘද්ධ්‍යනුභාවය ප්‍රකාශ කරන්නාහු, ‘එකාහං භන්තෙ’ යනාදිය කීහ. ‘ස්වාමීනි! මම එක් අතක් මේ මහපොළොව සේ මවාපාන්නෙමි, පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත්ද, ඒ ප්‍රාණීන් එක් අල්ලෙක සිටි ප්‍රාණීන් දෙවන අල්ලට මාරුකරන්නකු මෙන් මාරු කරන්නෙමි’ යනු එහි අර්‍ත්‍ථය වේ.

අථස‍්ස භගවා ආයාචනං පටික‍්ඛිපන‍්තො “අලං මොග‍්ගල‍්ලානා”තිආදිමාහ. තත්‍ථ අලන‍්ති පටික‍්ඛෙපවචනං. විපල‍්ලාසම‍්පි සත‍්තා පටිලභෙය්‍යුන‍්ති විපරීතග‍්ගාහම‍්පි සත‍්තා සම‍්පාපුණෙය්‍යුං. කථං? අයං නු ඛො පථවී , උදාහු න අයන‍්ති. අථ වා අම‍්හාකං නු ඛො අයං ගාමො, උදාහු අඤ‍්ඤෙස”න‍්ති. එවං නිගමජනපදඛෙත‍්තාරාමාදීසු. න වා එස විපල‍්ලාසො, අචින‍්තෙය්‍යො හි ඉද‍්ධිමතො ඉද‍්ධිවිසයො. එවං පන විපල‍්ලාසං පටිලභෙය්‍යුං – ඉදං දුබ‍්භික‍්ඛං නාම න ඉදානියෙව හොති, අනාගතෙපි භවිස‍්සති. තදා භික‍්ඛූ තාදිසං ඉද‍්ධිමන‍්තං සබ්‍රහ‍්මචාරිං කුතො ලභිස‍්සන‍්ති? තෙ සොතාපන‍්න-සකදාගාමි-අනාගාමි-සුක‍්ඛවිපස‍්සක-ඣානලාභි-පටිසම‍්භිදාප‍්පත‍්තඛීණාසවාපි සමානා ඉද‍්ධිබලාභාවා පරකුලානි පිණ‍්ඩාය උපසඞ‍්කමිස‍්සන‍්ති. තත්‍ර මනුස‍්සානං එවං භවිස‍්සති – “බුද‍්ධකාලෙ භික‍්ඛූ සික‍්ඛාසු පරිපූරකාරිනො අහෙසුං. තෙ ගුණෙ නිබ‍්බත‍්තෙත්‍වා දුබ‍්භික‍්ඛකාලෙ පථවිං පරිවත‍්තෙත්‍වා පප‍්පටකොජං පරිභුඤ‍්ජිංසු. ඉදානි පන සික‍්ඛාය පරිපූරකාරිනො නත්‍ථි. යදි සියුං, තථෙව කරෙය්‍යුං. න අම‍්හාකං යං කිඤ‍්චි පක‍්කං වා ආමං වා ඛාදිතුං දදෙය්‍යු”න‍්ති. එවං තෙසුයෙව අරියපුග‍්ගලෙසු “නත්‍ථි අරියපුග‍්ගලා”ති ඉමං විපල‍්ලාසං පටිලභෙය්‍යුං. විපල‍්ලාසවසෙන ච අරියෙ ගරහන‍්තා උපවදන‍්තා අපායුපගා භවෙය්‍යුං. තස‍්මා මා තෙ රුච‍්චි පථවිං පරිවත‍්තෙතුන‍්ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෞද්ගල්ල්‍යා යන ස්ථවිරයන් වහන්සේගේ ආයාචනය ප්‍රතික්‍ෂෙප කරනසේක් ‘අලං මොග්ගල්ලානං’ යනාදිය වදාළ සේක. එහි ‘අලං’ යනු ප්‍රතික්‍ෂේප වචනයි. ‘විපල්ලාසම්පි සත්තා පටිලහෙය්‍යුං’ සත්ත්‍වයෝ විපරීතග්‍රාහයට පැමිණෙන්නාහුය. කෙසේදයත්: ‘මේ පෘථිවියද නොහොත් මේ පෘථිවිය නොවේද? තවද, මේ අපගේ ගමද නොහොත් අන්‍යයන්ගේ ගමදැයි ගම්නියම්ගම්දනවු කෙත්, අරම් ආදියෙහිද මෙසේය. සෘද්ධිමත්හුගේ සෘද්ධි විෂය නොසිතිය හැකිය, එහෙයින් මේ විපර්‍ය්‍යාසය නොවේ. ‘මේ දුර්භික්‍ෂය වනාහි දැන් පමණක් වන්නේ නොවේ, අනාගතයෙහිද වන්නේය. එකල්හි භික්‍ෂූහු තා වැනිවූ සෘද්ධිමත් සබ්‍රහ්මචාරියෙකු කොතැනින් ලබන්නාහුද ඒ භික්‍ෂූහු, ස්‍රොතාපන්න, සකෘදාගාමී, අනාගාමී, ශුෂ්කවිදර්‍ශක, ධ්‍යානලාභී, ප්‍රතිසම්භිදාප්‍රාප්ත ක්‍ෂීණාස්‍රවයෝ වූවාහුද සෘද්ධිබල නැති බැවින් පිඬුපිණිස පරකුලයන් කරා එළැඹෙන්නාහයි මෙසේ විපර්‍ය්‍යාසය පිළිලබන්නාහුය. ‘බුද්ධ කාලයෙහි භික්‍ෂූහු ශික්‍ෂාපරිපූරකාරීහු වූහ, ඔවුහු ගුණ උපදවා දුර්භික්‍ෂ කාලයෙහි පොළොව පෙරළා පෘථිවී රසය වැළඳූහ, දැන් වනාහි, ශික්‍ෂාපරිපූරකාරීහු නැත්තාහ, ඇත්තාහුනම්, එසේම කරන්නාහුය, අපට පැසුනාවූ හෝ අමුවූ කිසිවක් කරන්නට නොදෙන්නාහුයි එහිදී මිනිසුන්ට මෙසේ අදහස් වන්නේය. මෙසේ ඒ මිනිස්සු ආර්‍ය්‍ය පුද්ගලයන් ඇති කල්හි ආර්‍ය්‍ය පුද්ගලයෝ නැත්තාහයි මේ විපර්‍ය්‍යාසය ලබන්නාහුය. විපර්‍ය්‍යාස වශයෙනුදු ආර්‍ය්‍යන්ට අභිමුඛයෙහි ගරහන්නාහු අනභිමුඛයෙහි ආක්‍රෝශ කරන්නාහු අපායට පැමිණෙන්නෝ වන්නාහ, එහෙයින් ‘මා තෙ රුච්චි පඨවිං පරිවත්තෙතුං’ ‘පොළොව පෙරළීම, තට අභිමත නොවේවා’යි වදාළ සේක.

අථ ථෙරො ඉමං යාචනං අලභමානො අඤ‍්ඤං යාචන‍්තො “සාධු, භන‍්තෙ”තිආදිමාහ. තම‍්පිස‍්ස භගවා පටික‍්ඛිපන‍්තො “අලං මොග‍්ගල‍්ලානා”තිආදිමාහ. තත්‍ථ කිඤ‍්චාපි න වුත‍්තං “විපල‍්ලාසම‍්පි සත‍්තා පටිලභෙය්‍යු”න‍්ති, අථ ඛො පුබ‍්බෙ වුත‍්තනයෙනෙව ගහෙතබ‍්බං; අත්‍ථොපි චස‍්ස වුත‍්තසදිසමෙව වෙදිතබ‍්බො. යදි පන භගවා අනුජානෙය්‍ය, ථෙරො කිං කරෙය්‍යාති? මහාසමුද‍්දං එකෙන පදවීතිහාරෙන අතික‍්කමිතබ‍්බං මාතිකාමත‍්තං අධිට‍්ඨහිත්‍වා නළෙරුපුචිමන්‍දතො උත‍්තරකුරුඅභිමුඛං මග‍්ගං නීහරිත්‍වා උත‍්තරකුරුං ගමනාගමනසම‍්පන‍්නෙ ඨානෙ කත්‍වා දස‍්සෙය්‍ය, යථා භික‍්ඛූ ගොචරගාමං විය යථාසුඛං පිණ‍්ඩාය පවිසිත්‍වා නික‍්ඛමෙය්‍යුන‍්ති.

ඉක්බිති මෞද්ගල්ල්‍යා යන ස්ථවිරයන් වහන්සේ මේ ඉල්ලීම නොලබන්නාහු අනිකක් යදින්නාහු ‘සාධු භන්තෙ’ යනාදිය කීහ. භාග්‍යවතුන් වහන්සේ මුන්වහන්සේගේ ඒ ඉල්ලීමද ප්‍රතික්‍ෂෙප කරනසේක් ‘අලං මොග්ගල්ලාන’ යනාදිය වදාළ සේක. එහි ‘සත්ත්‍වයෝ විපර්‍ය්‍යාසය ලබන්නාහ’යි කිසිසේත් නොවදාරණ ලද්දේද, එකල්හි, මෙහිද පෙර කියූ නයින්ම ගතයුතුය. මෙහි අර්‍ත්‍ථයද කියූ අර්‍ත්‍ථ සමානමයයි දතයුතුය. ඉදින් වනාහි, භාග්‍යවතුන් වහන්සේ අනුදන්නාහුනම් ස්ථවිරයන් වහන්සේ කුමක් කරන්නාහුද යත්: මහාසමුද්‍රය එක් පයක් තැබීමෙන් ඉක්මවා ගියහැකි මිටිරියනක් පමණ වූ දියඇලක තරම්කොට ඉටා නළෙරු පුචිමන්‍ද මූලයෙහි සිට උතුරුකුරු දිවයිනට අභිමුඛකොට මග ගෙනහැර දක්වා, උතුරුකුරු දිවයින යෑමඊම කළහැකි තැන්හිකොට යම්සේ භික්‍ෂූහු ගොදුරුගමට පිඬු පිණිස යන්නවුන් මෙන් සුවසේ පිඬු පිණිස නික්මෙන්නාහුද එසේ දක්වන්නාහුය.

නිට‍්ඨිතා මහාමොග‍්ගල‍්ලානස‍්ස සීහනාදකථා.

මෞද්ගල්ල්‍යා යන ස්ථවිර සිංහනාද කථා නිමි