යෙදුමෙන් කියවන්න

දුබ‍්භික‍්ඛකථා අට‍්ඨකථා

දුබ‍්භික‍්ඛකථා

දුබ්භික්ඛකථා

තෙන ඛො පන සමයෙන වෙරඤ‍්ජා දුබ‍්භික‍්ඛා හොතීති යස‍්මිං සමයෙ වෙරඤ‍්ජෙන බ්‍රාහ‍්මණෙන භගවා වෙරඤ‍්ජං උපනිස‍්සාය වස‍්සාවාසං යාචිතො , තෙන සමයෙන වෙරඤ‍්ජා දුබ‍්භික‍්ඛා හොති. දුබ‍්භික‍්ඛාති දුල‍්ලභභික‍්ඛා; සා පන දුල‍්ලභභික‍්ඛතා යත්‍ථ මනුස‍්සා අස‍්සද‍්ධා හොන‍්ති අප‍්පසන‍්නා, තත්‍ථ සුසස‍්සකාලෙපි අතිසමග‍්ඝෙපි පුබ‍්බණ‍්ණාපරණ‍්ණෙ හොති. වෙරඤ‍්ජායං පන යස‍්මා න තථා අහොසි, අපිච ඛො දුසස‍්සතාය ඡාතකදොසෙන අහොසි තස‍්මා තමත්‍ථං දස‍්සෙන‍්තො ද‍්වීහිතිකාතිආදිමාහ. තත්‍ථ ද‍්වීහිතිකාති ද‍්විධා පවත‍්තඊහිතිකා. ඊහිතං නාම ඉරියා ද‍්විධා පවත‍්තා – චිත‍්තඉරියා, චිත‍්තඊහා. “එත්‍ථ ලච‍්ඡාම නු ඛො කිඤ‍්චි භික‍්ඛමානා න ලච‍්ඡාමා”ති, “ජීවිතුං වා සක‍්ඛිස‍්සාම නු ඛො නො”ති අයමෙත්‍ථ අධිප‍්පායො.

‘තෙන ඛො පන සමයෙන වෙරඤ්ජා දුබ්භික්‍‍‍ඛා හොති’ යම්කලක වෙරඤ්ජ බ්‍රාහ්මණයා විසින් වෙරඤ්ජාව ඇසුරුකොට වස්විසීමට භාග්‍යවතුන් වහන්සේ ආරාධනා කරන ලද්දාහුද, ඒ කාලයෙහි වෙරඤ්ජාව දුකසේ ලැබිය යුතු භික්‍ෂා ඇත්තේ වේ. ‘දුබ්භික්‍ඛා’ දුර්‍ලභ භික්‍ෂා ඇත්තේය. යම්තැනක මිනිස්සු සැදැහැ නැත්තාහු නොපහන්වූවාහු වෙත්ද, එහි මැනවින් වැඩුනු ගොයම් ඇති කල්හිද, හැල්, උඳු, මුං ආදියෙහි අගය නැතිව ගියකල්හිද ඒ දුකසේ ලැබියයුතුබව වන්නේය. වෙරඤ්ජාවෙහි වනාහි යම්හෙයකින් එසේ නොවූයේද, එහෙත්, දුස්සස්‍ය බැවින් හටගත් ජාතක දොසයෙන් එසේ වූයේය. එහෙයින් ඒ අරුත් දක්වන සේක් ‘ද්වීහිතිකා’ යනාදිය කීහ.

අථ වා ද‍්වීහිතිකාති දුජ‍්ජීවිකා, ඊහිතං ඊහා ඉරියනං පවත‍්තනං ජීවිතන‍්තිආදීනි පදානි එකත්‍ථානි. තස‍්මා දුක‍්ඛෙන ඊහිතං එත්‍ථ පවත‍්තතීති ද‍්වීහිතිකාති අයමෙත්‍ථ පදත්‍ථො. සෙතට‍්ඨිකාති සෙතකානි අට‍්ඨීනි එත්‍ථාති සෙතට‍්ඨිකා. දිවසම‍්පි යාචිත්‍වා කිඤ‍්චි අලද‍්ධා මතානං කපණමනුස‍්සානං අහිච‍්ඡත‍්තකවණ‍්ණෙහි අට‍්ඨීහි තත්‍ර තත්‍ර පරිකිණ‍්ණාති වුත‍්තං හොති. සෙතට‍්ටිකාතිපි පාඨො. තස‍්සත්‍ථො – සෙතා අට‍්ටි එත්‍ථාති සෙතට‍්ටිකා. අට‍්ටීති ආතුරතා බ්‍යාධි රොගො. තත්‍ථ ච සස‍්සානං ගබ‍්භග‍්ගහණකාලෙ සෙතකරොගෙන උපහතමෙව පච‍්ඡින‍්නඛීරං අග‍්ගහිතතණ‍්ඩුලං පණ‍්ඩරපණ‍්ඩරං සාලිසීසං වා යවගොධූමසීසං වා නික‍්ඛමති, තස‍්මා “සෙතට‍්ටිකා”ති වුච‍්චති.

එහි ‘ද්වීහිතිකා’ දෙපරිද්දෙකින් පැවති ක්‍රියාඇත්තීය. ඊහිතනම් ක්‍රියාය. දෙපරිද්දෙකින් පැවති චිත්ත ක්‍රියාව චිත්තඊහා නමි. ‘මෙහි පිඬු සිඟායන්නමෝ කිසිවක් ලබන්නෙමුදෝ නොලබන්නෙමුදෝ ජීවත්වන්නට හැක්කෙමුදෝ නොහැක්කෙමුදෝ යනු මෙහි අදහසය, නොහොත් ‘ද්විහිතකා’ යනු දුකසේ කළයුතු ජීවිකාය. ඊහිතං, ඊහා, ඉරීයනං, වත්තනං, ජීවිතං යනාදි පදයෝ එකාර්‍ත්‍ථවත් වෙති. එහෙයින් දුකින් ජීවත්වීම මෙහි පවතීනුයි ‘ද්වීහිතිකා’යි මේ මෙහි පදාර්‍ත්‍ථය වේ. සුදු මිනී ඇට මෙහි වේනුයි ‘සෙතට්ඨිකා’ නමි. දවසක් මුළුල්ලෙහිදු ඉල්වා කිසිවක් නොලැබ මළාවූ දිළිඳු මිනිසුන්ගේ නයිහතු පැහැති ඇටවලින් ඒ ඒ තැන ගැවසී ගත්තේය’යි කියන ලද්දේ වේ. ‘සෙතට්ඨිකායි’ද පාඨයක් වේ. එහි අර්‍ත්‍ථය මෙසේය:- ශේවත රෝගය මෙහි වේනුයි සෙතට්ටිකා නමි. අට්ටි යනු ආතුරභාවයයි. ව්‍යාධියයි. රෝගයයි. එහිද, ගොයම් ගැබ්ගන්නා කාලයෙහි ශ්වෙත රෝගයෙන් නැසුනාවූම සිඳීගිය කිරි ඇති සහල් ඇට නොහටගත් ඉතා සුදු වූ හැල්කරල් හෝ යවතිරිඟු කරල් නික්මෙන්නේද, එහෙයින් සෙතට්ඨිකායි කියනු ලැබේ.

වප‍්පකාලෙ සුට‍්ඨු අභිසඞ‍්ඛරිත්‍වාපි වුත‍්තසස‍්සං තත්‍ථ සලාකා එව සම‍්පජ‍්ජතීති සලාකාවුත‍්තා; සලාකාය වා තත්‍ථ ජීවිතං පවත‍්තෙන‍්තීති සලාකාවුත‍්තා. කිං වුත‍්තං හොති? තත්‍ථ කිර ධඤ‍්ඤවික‍්කයකානං සන‍්තිකං කයකෙසු ගතෙසු දුබ‍්බලමනුස‍්සෙ අභිභවිත්‍වා බලවමනුස‍්සාව ධඤ‍්ඤං කිණිත්‍වා ගච‍්ඡන‍්ති. දුබ‍්බලමනුස‍්සා අලභමානා මහාසද‍්දං කරොන‍්ති. ධඤ‍්ඤවික‍්කයකා “සබ‍්බෙසං සඞ‍්ගහං කරිස‍්සාමා”ති ධඤ‍්ඤකරණට‍්ඨානෙ ධඤ‍්ඤමාපකං නිසීදාපෙත්‍වා එකපස‍්සෙ වණ‍්ණජ‍්ඣක‍්ඛං නිසීදාපෙසුං. ධඤ‍්ඤත්‍ථිකා වණ‍්ණජ‍්ඣක‍්ඛස‍්ස සන‍්තිකං ගච‍්ඡන‍්ති. සො ආගතපටිපාටියා මූලං ගහෙත්‍වා “ඉත්‍ථන‍්නාමස‍්ස එත‍්තකං දාතබ‍්බ”න‍්ති සලාකං ලිඛිත්‍වා දෙති, තෙ තං ගහෙත්‍වා ධඤ‍්ඤමාපකස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා දින‍්නපටිපාටියා ධඤ‍්ඤං ගණ‍්හන‍්ති. එවං සලාකාය තත්‍ථ ජීවිතං පවත‍්තෙන‍්තීති සලාකාවුත‍්තා.

වපුරණ කාලයෙහි මැනවින් සකස්කොටද වපුළ ගොයම් එහි වෙරඤ්ජාවෙහි ඉරටුම සැපයේනුයි ‘සළාකාවුත්තා’ නමි. සලාකාවෙන් හෝ එහි ජීවිතය පවත්වත්නුයි ‘සලාකාවුත්තා’ය. කුමක් කියන ලද්දේදයත්:- එහි වනාහි, ධාන්‍ය විකුණන්නවුන්ගේ සමීපයට ධාන්‍ය මිලදී ගන්නවුන් ගිය කල්හි දුර්‍වල මනුෂ්‍යයන් මැඬ බලවත් මනුෂ්‍යයෝම ධාන්‍ය මිලදී ගෙනියත්. දුර්‍වල මනුෂ්‍යයෝ ධාන්‍ය නොලබන්නාහු මහහඬ නගත්. ධාන්‍ය විකුණන්නෝ සියල්ලන්ට සඞ්ග්‍රහ කරන්නෙමු’යි ධාන්‍ය මනින තැන ධාන්‍ය මනින්නෙකු හිඳුවා එක්පසෙක කහවණු සොයාබලා ගන්නෙකුද හිඳුවාලූහ. ධාන්‍ය ගන්නට එන්නාහු ධාන්‍යයෙන් ප්‍රයෝජන ඇත්තාහු පළමුකොට කහවණු අයකරන්නහුගේ සමීපයට යන්නාහ. ඔහු මිනිසුන් ආ පිළිවෙළින් මුදල් ගෙන ‘මෙනම් ඇත්තහුට මෙතෙක් දියයුතුය’යි සලාක ලියා දෙන්නේය. ඔවුහු එය ගෙන ධාන්‍ය මනින්නහුගේ සමීපයට ගොස් දුන් පිළිවෙළින් ධාන්‍ය ගන්නාහ. මෙසේ සලාකාවෙන් එහි දිවි පවත්වත්නුයිද සලාකාවුත්තායි කියන ලද්දේය.

න සුකරා උඤ‍්ඡෙන පග‍්ගහෙන යාපෙතුන‍්ති පග‍්ගහෙන යො උඤ‍්ඡො, තෙන යාපෙතුං න සුකරා. පත‍්තං ගහෙත්‍වා යං අරියා උඤ‍්ඡං කරොන‍්ති, භික‍්ඛාචරියං චරන‍්ති, තෙන උඤ‍්ඡෙන යාපෙතුං න සුකරාති වුත‍්තං හොති. තදා කිර තත්‍ථ සත‍්තට‍්ඨගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා එකදිවසම‍්පි යාපනමත‍්තං න ලභන‍්ති.

‘න සුකරා උඤ්ජෙන පග්ගහෙන යාපෙතුං’ පාත්‍රය ගෙන යම් පිඬුසිඟා යෑමෙක්වේද, ඒ සිඟාගත් පාත්‍රයෙන් යැපීම පහසු නොවේ. පාත්‍රය ගෙන ආර්‍ය්‍යයෝ යම් පිඬුසිඟා යෑමක් කරත්ද, භික්‍ෂා චර්‍ය්‍යාවෙහි හැසිරෙත්ද, ඒ සිඟීමෙන් යැපෙන්නට සුවසේ නොහැකියයි කියන ලද්දේ වේ. එකල්හි වනාහි එහි ගම් සතඅටක පිඬුපිණිස හැසිරද, එක්දවසකට යැපෙන පමණකුත් සිඟාගැනීමට නොහැකිවෙත්. එක් දවසකට යැපෙන පමණකුත් නොලබත්.

තෙන ඛො පන සමයෙන උත‍්තරාපථකා අස‍්සවාණිජා…පෙ… අස‍්සොසි ඛො භගවා උදුක‍්ඛලසද‍්දන‍්ති – තෙනාති යස‍්මිං සමයෙ භගවා වෙරඤ‍්ජං උපනිස‍්සාය වස‍්සාවාසං උපගතො තෙන සමයෙන. උත‍්තරාපථවාසිකා උත‍්තරාපථතො වා ආගතත‍්තා එවං ලද‍්ධවොහාරා අස‍්සවාණිජා උත‍්තරාපථෙ අස‍්සානං උට‍්ඨානට‍්ඨානෙ පඤ‍්ච අස‍්සසතානි ගහෙත්‍වා දිගුණං තිගුණං ලාභං පත්‍ථයමානා දෙසන‍්තරං ගච‍්ඡන‍්තා තෙහි අත‍්තනො වික‍්කායිකභණ‍්ඩභූතෙහි පඤ‍්චමත‍්තෙහි අස‍්සසතෙහි වෙරඤ‍්ජං වස‍්සාවාසං උපගතා හොන‍්ති. කස‍්මා? න හි සක‍්කා තස‍්මිං දෙසෙ වස‍්සිකෙ චත‍්තාරො මාසෙ අද‍්ධානං පටිපජ‍්ජිතුං. උපගච‍්ඡන‍්තා ච බහිනගරෙ උදකෙන අනජ‍්ඣොත්‍ථරණීයෙ ඨානෙ අත‍්තනො ච වාසාගාරානි අස‍්සානඤ‍්ච මන්‍දිරං කාරාපෙත්‍වා වතියා පරික‍්ඛිපිංසු. තානි තෙසං වසනට‍්ඨානානි “අස‍්සමණ‍්ඩලිකායො”ති පඤ‍්ඤායිංසු. තෙනාහ – “තෙහි අස‍්සමණ‍්ඩලිකාසු භික‍්ඛූනං පත්‍ථපත්‍ථපුලකං පඤ‍්ඤත‍්තං හොතී”ති. පත්‍ථපත්‍ථපුලකන‍්ති එකමෙකස‍්ස භික‍්ඛුනො පත්‍ථපත්‍ථපමාණං පුලකං. පත්‍ථො නාම නාළිමත‍්තං හොති, එකස‍්ස පුරිසස‍්ස අලං යාපනාය. වුත‍්තම‍්පි හෙතං – “පත්‍ථොදනො නාලමයං දුවින‍්න”න‍්ති (ජා· 2.21.192). පුලකං නාම නිත්‍ථුසං කත්‍වා උස‍්සෙදෙත්‍වා ගහිතයවතණ‍්ඩුලා වුච‍්චන‍්ති. යදි හි සථුසා හොන‍්ති, පාණකා විජ‍්ඣන‍්ති, අද‍්ධානක‍්ඛමා න හොන‍්ති. තස‍්මා තෙ වාණිජා අද‍්ධානක‍්ඛමං කත්‍වා යවතණ‍්ඩුලමාදාය අද‍්ධානං පටිපජ‍්ජන‍්ති “යත්‍ථ අස‍්සානං ඛාදනීයං තිණං දුල‍්ලභං භවිස‍්සති, තත්‍ථෙතං අස‍්සභත‍්තං භවිස‍්සතී”ති.

‘තෙන ඛො පන සමයෙන උත්තරාපථකා අස්සවාණිජා -පෙ- අස්සොසි ඛො භගවා උදුක්‍ඛලසද්දං තෙන’, යම්කලෙක භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජාව ඇසුරුකොට වස්විසීමට එළැඹි සේක්ද, ඒ කාලයෙහි උත්තරාපථවාසීහු උත්තරාපථයෙන් ආබැවින් හෝ මෙසේලත් ව්‍යවහාර ඇති අස්වෙළෙන්දෝ උත්තරාපථයෙහි අසුන් උපදින පෙදෙසෙහි අසුන් පන්සියයක් ගෙන ද්විගුණ, ත්‍රිගුණ වශයෙන් ලාබ බලාපොරොත්තු වෙමින් අන්පෙදෙස් කරායන්නාහු, තමන්ගේ විකිණියයුතු භාණ්ඩ වූ ඒ පන්සියයක් පමණ වූ අසුන්ද ගෙන වැසි කාලයෙහි විසීමට වෙරඤ්ජාවට පැමිණියාහුවෙත්. කුමක්හෙයින්ද යත්: ඒ ප්‍රදේශයෙහි වැසිසාරමස මගට බසින්නට නොහැක්කාහුද එහෙයිනි. පැමිණෙන්නෝද නුවරින් පිටත දියෙන් යට නොවන තැනක තමන්ට විසීමට ගෙවල් හා අසුන්ට අස්හල්ද කරවා වැටෙන් වටකළහ. ඔවුන්ගේ ඒ වාසස්ථාන අස්සමණ්ඩලිකායි ප්‍රසිද්ධ විය. එහෙයින් ‘තෙහි අස්සමණ්ඩලිකාසු භික්‍‍‍ඛූනං පත්‍ථපත්‍ථපුලකං පඤ්ඤත්තං හොති’ යනු කීහ. ‘පත්‍ථපත්‍ථපුලකං’ එක් එක් මහණක්හට නැළියක් නැළියක් පමණ යවසහල්. පත්‍ථනම්, නැළියක් පමණ වේ. එය එක් පුරුෂයකුහට යැපීමට පමණ වේ. ‘දෙදෙනෙකුන්හට මේ සහල් නැළියේ බත පමණ නොවේයි මේ කියන ලද්දේමය. ‘පත්‍ථොදනො නාලමයං දුවින්නං’යි. පුලකනම්, කුඩු දහයියා රහිතකොට සෝදාගත් යවසහල්යි කියනු ලැබේ. ඉදින් කුඩු දහයියා සහිතවේනම් පණුවෝ විදින්නාහ. කල්පැවැත්මට නොසුදුසුය. එහෙයින් ඒ වෙළෙන්දෝ යවසහල් කල්පැවැත්මට සුදුසුකොටගෙන මගට බසිත්. යම්තැනකදී අසුන්ට බත්වන්නේය.

කස‍්මා පන තෙහි තං භික‍්ඛූනං පඤ‍්ඤත‍්තන‍්ති? වුච‍්චතෙ – “න හි තෙ දක‍්ඛිණාපථමනුස‍්සා විය අස‍්සද‍්ධා අප‍්පසන‍්නා, තෙ පන සද‍්ධා පසන‍්නා බුද‍්ධමාමකා, ධම‍්මමාමකා, සඞ‍්ඝමාමකා; තෙ පුබ‍්බණ‍්හසමයං කෙනචිදෙව කරණීයෙන නගරං පවිසන‍්තා ද‍්වෙ තයො දිවසෙ අද‍්දසංසු සත‍්තට‍්ඨ භික‍්ඛූ සුනිවත්‍ථෙ සුපාරුතෙ ඉරියාපථසම‍්පන‍්නෙ සකලම‍්පි නගරං පිණ‍්ඩාය චරිත්‍වා කිඤ‍්චි අලභමානෙ. දිස‍්වාන නෙසං එතදහොසි – “අය්‍යා ඉමං නගරං උපනිස‍්සාය වස‍්සං උපගතා; ඡාතකඤ‍්ච වත‍්තති, න ච කිඤ‍්චි ලභන‍්ති, අතිවිය කිලමන‍්ති. මයඤ‍්චම‍්හ ආගන‍්තුකා, න සක‍්කොම නෙසං දෙවසිකං යාගුඤ‍්ච භත‍්තඤ‍්ච පටියාදෙතුං. අම‍්හාකං පන අස‍්සා සායඤ‍්ච පාතො ච ද‍්වික‍්ඛත‍්තුං භත‍්තං ලභන‍්ති. යංනූන මයං එකමෙකස‍්ස අස‍්සස‍්ස පාතරාසභත‍්තතො එකමෙකස‍්ස භික‍්ඛුනො පත්‍ථපත්‍ථපුලකං දදෙය්‍යාම. එවං අය්‍යා ච න කිලමිස‍්සන‍්ති , අස‍්සා ච යාපෙස‍්සන‍්තී”ති. තෙ භික‍්ඛූනං සන‍්තිකං ගන‍්ත්‍වා එතමත්‍ථං ආරොචෙත්‍වා “භන‍්තෙ, තුම‍්හෙ පත්‍ථපත්‍ථපුලකං පටිග‍්ගහෙත්‍වා යං වා තං වා කත්‍වා පරිභුඤ‍්ජථා”ති යාචිත්‍වා දෙවසිකං පත්‍ථපත්‍ථපුලකං පඤ‍්ඤපෙසුං. තෙන වුත‍්තං – “තෙහි අස‍්සමණ‍්ඩලිකාසු භික‍්ඛූනං පත්‍ථපත්‍ථපුලකං පඤ‍්ඤත‍්තං හොතී”ති.

කුමක්හෙයින් ඒ යව ඔවුන් විසින් භික්‍ෂූන් සඳහා නියම කරන ලදදයත්: එහිලා කියනු ලැබේ. ඒ උත්තරාපථ වැස්සෝ දක්‍ෂිණාපථ වැස්සන් මෙන් සැදැහැ නැත්තාහු නොවෙත් නොපහන් වූවාහු නොවෙත්. ඔවුහු වනාහි සැදැහ ඇත්තාහ. පහන් වූවාහුය. බුදුරජුන් කෙරෙහි, ධර්‍මය කෙරෙහි, සඞ්ඝයා කෙරෙහි, මමත්‍වය ඇත්තාහ. යම්යම් කටයුතු සඳහා පෙරවරුයෙහි නුවරට පැමිණෙන ඔවුහු දෙතුන් දවසක් මොනවට හැඳ පොරොවාගත් මනා ඉරියවුවලින් යුක්තව නුවර හැමතැන පිඩුසිඟා හැසිරද කිසිවක් නොලබන හත් අට නමක් භික්‍ෂූන් දුටුවාහුය. දැකීමෙන් ‘මේ ආර්‍ය්‍යයන් වහන්සේලා මෙනුවර ඇසුරුකොට වස් එළැඹියෝය, සාබියද පවත්නේය. මුන්වහන්සේලා කිසිවක් නොලබත්, තදින් විඩාපත් වෙති. අපිදු ආගන්තුකයෝ වම්හ. එහෙයින් මුන්වහන්සේලාට දිනපතා කැඳබත් පිළියෙල කරන්නට නොහැක්කෙමු. අපගේ අශ්වයෝ දවසට දෙවරක් උදය සවස බත් බුදින්නාහ. එහෙයින් අපි එක් එක් අසුගේ පෙරවරු බතින් එක් එක් භික්‍ෂු නමක්හට සෝදා පිරිසිදුකළ යවසහල් නැළිය නැළිය දෙන්නෙමුනම් මැනව, එසේකළකල්හි ආර්‍ය්‍යයන් වහන්සේලාද විඩාපත් නොවන්නාහ, අශ්වයෝද යැපෙන්නාහයි ඔවුනට මේ අදහස වූයේය. අනතුරුව ඔවුහු භික්‍ෂූන් වෙත ගොස් මේ තොරතුරු දන්වා ‘ස්වාමීනි! ඔබවහන්සේලා සෝදා පිරිසිදුකළ යවසහල් නැළිය නැළිය පිළිගෙන පිළියෙල කරගත හැකි යම් ඒ එකක් පිළියෙලකොට ගෙන වළඳිනු මැනවැ’යි ඉල්වා දවස්පතා සෝදා පිරිසිදුකළ යවසහල් නැළිය නැළිය දෙන්නට නියම කරගත්හ. ‘තෙහි අස්සමණ්ඩලිකාසු භික්‍‍‍ඛූනං පත්‍ථ පත්‍ථ පුලකං පඤ්ඤත්තං හොති’ යනු එහෙයින් කියන ලදී.

පඤ‍්ඤත‍්තන‍්ති නිච‍්චභත‍්තසඞ‍්ඛෙපෙන ඨපිතං. ඉදානි භික‍්ඛූ පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වාතිආදීසු පුබ‍්බණ‍්හසමයන‍්ති දිවසස‍්ස පුබ‍්බභාගසමයං, පුබ‍්බණ‍්හසමයෙති අත්‍ථො. පුබ‍්බණ‍්හෙ වා සමයං පුබ‍්බණ‍්හසමයං, පුබ‍්බණ‍්හෙ එකං ඛණන‍්ති වුත‍්තං හොති. එවං අච‍්චන‍්තසංයොගෙ උපයොගවචනං ලබ‍්භති. නිවාසෙත්‍වාති පරිදහිත්‍වා, විහාරනිවාසනපරිවත‍්තනවසෙනෙතං වෙදිතබ‍්බං. න හි තෙ තතො පුබ‍්බෙ අනිවත්‍ථා අහෙසුං. පත‍්තචීවරමාදායාති පත‍්තං හත්‍ථෙහි චීවරං කායෙන ආදියිත්‍වා සම‍්පටිච‍්ඡාදෙත්‍වා, ධාරෙත්‍වාති අත්‍ථො. යෙන වා තෙන වා හි පකාරෙන ගණ‍්හන‍්තා ආදායඉච‍්චෙව වුච‍්චන‍්ති, යථා “සමාදායෙව පක‍්කමතී”ති (දී· නි· 1.21). පිණ‍්ඩං අලභමානාති සකලම‍්පි වෙරඤ‍්ජං චරිත්‍වා තිට‍්ඨතු පිණ‍්ඩො, අන‍්තමසො “අතිච‍්ඡථා”ති වාචම‍්පි අලභමානා.

‘පඤ්ඤත්තං’ නිතිබත් ලෙසින් තබන ලද්දේය. දැන් ‘භික්‍ඛු පුබ්බණ්හසමයං නිවාසෙත්‍වා’ යනාදි තන්හි ‘පුබ්බණ්හසමයං’ දවසෙහි පෙරවරු කාලය, දවස පිළිබඳ පෙරවරු කාලයෙහි යන අර්‍ත්‍ථයි නොහොත් පූර්‍වාහණයෙහි කාලය පුබ්බණ්හ සමයය. පූර්‍වාහණයෙහි එක් ක්‍ෂණයෙකැයි කියන ලද්දේ වේ. මෙසේ මෙහි අත්‍යන්ත සංයොගයෙහි ද්විතීයා වචනය ලැබේ. ‘නිවාසෙත්‍වා’ හැඳ පොරොවා වෙහෙරෙහිදී හැඳිසිවුර පෙරළීම් වසයෙන් මෙය දතයුතුය. ඒ භික්‍ෂූහු එයට පෙර නොහැඳියාහු නොවූහ. ‘පත්තචීවරං ආදාය’ පාත්‍රය අත්වලින්, සිවුර කයින් ගෙන පිළිගෙන දරා යන අරුත්ය. ‘සමාදායෙව පක්කමති’ යනු යම්සේද, එසේය. ඒ අයුරකින් හෝ ගන්නාහු ගෙනමැයි කියනු ලැබෙත්. ‘පිණ්ඩං අලභමානා’ පිඬුලැබීම තිබේවා, සියලුම ‘වෙරඤ්ජාවෙහි හැසිරද, යටත්පිරිසෙයින් ‘ඉක්මවා වඩිනු මැනව’ යන වචනයකුදු නොලබන්නාහු,

පත්‍ථපත්‍ථපුලකං ආරාමං ආහරිත්‍වාති ගතගතට‍්ඨානෙ ලද‍්ධං එකමෙකං පත්‍ථපත්‍ථපුලකං ගහෙත්‍වා ආරාමං නෙත්‍වා. උදුක‍්ඛලෙ කොට‍්ටෙත්‍වා කොට‍්ටෙත්‍වා පරිභුඤ‍්ජන‍්තීති ථෙරානං කොචි කප‍්පියකාරකො නත්‍ථි, යො නෙසං තං ගහෙත්‍වා යාගුං වා භත‍්තං වා පචෙය්‍ය. සාමම‍්පි පචනං සමණසාරුප‍්පං න හොති න ච වට‍්ටති. තෙ එවං නො සල‍්ලහුකවුත‍්තිතා ච භවිස‍්සති, සාමපාකපරිමොචනඤ‍්චාති අට‍්ඨ අට‍්ඨ ජනා වා දස දස ජනා වා එකතො හුත්‍වා උදුක‍්ඛලෙ කොට‍්ටෙත්‍වා කොට‍්ටෙත්‍වා සකං සකං පටිවීසං උදකෙන තෙමෙත්‍වා පරිභුඤ‍්ජන‍්ති. එවං පරිභුඤ‍්ජිත්‍වා අප‍්පොස‍්සුක‍්කා සමණධම‍්මං කරොන‍්ති . භගවතො පන තෙ අස‍්සවාණිජා පත්‍ථපුලකඤ‍්ච දෙන‍්ති, තදුපියඤ‍්ච සප‍්පිමධුසක‍්කරං. තං ආයස‍්මා ආනන්‍දො ආහරිත්‍වා සිලායං පිසති. පුඤ‍්ඤවතා පණ‍්ඩිතපුරිසෙන කතං මනාපමෙව හොති. අථ නං පිසිත්‍වා සප‍්පිආදීහි සම‍්මා යොජෙත්‍වා භගවතො උපනාමෙසි. අථෙත්‍ථ දෙවතා දිබ‍්බොජං පක‍්ඛිපන‍්ති. තං භගවා පරිභුඤ‍්ජති. පරිභුඤ‍්ජිත්‍වා ඵලසමාපත‍්තියා කාලං අතිනාමෙති. න තතො පට‍්ඨාය පිණ‍්ඩාය චරති.

‘පත්‍ථපත්‍ථපුලකං ආරාමං හරිත්‍වා’ ගිය ගිය තැනදී ලද එක්එක් සෝදා පිරිසිදුකළ යවසහල් නැළිය ගෙන ආරාමයට පමුණුවා ‘උදුක්‍ඛලෙ කොට්ටෙත්‍වා කොට්ටෙත්‍වා පරිභුඤ්ජත්ති’ යමෙක් ඒ තෙරුන්ගේ යවසහල් ගෙන කැඳ හෝ බත් පිසන්නේද, එබඳු කිසි කැපකරුවෙක් තෙරුන්ට නැත්තේය. තමන් පිසීමද ශ්‍රමණසාරුප්‍ය නොවේ. නොද වටියි. ඒ භික්‍ෂූහු ‘අපගේ සැහැල්ලු පැවැත්මත් තමන් පිසීමෙන්වන දෝෂයෙන් මිදීමත් මෙසේ වන්නේය’යි අටඅට දෙනා හෝ දසදස දෙනා එකතුව වණෙහිලා කොටකොටා තමතමන් අයත් කොටස දියෙන් තෙමා වළඳත්. මෙසේ වළඳා අන්කටයුතුවල උත්සාහ නැතිව මහණදම් කරත්. ඒ අස් වෙළෙන්දෝ භාග්‍යවතුන් වහන්සේට සෝදා පිරිසිදුකළ යවසහල් නැළියක්ද සෑහෙන පමණ ගිතෙල්, මී, සකුරුද දෙන්නාහ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ එය ගෙන අවුත් ගලෙකලා අඹරත්. පින්වත් නුවණැති පුරුෂයෙකු විසින් කරන ලද්ද, මනවඩන්නේම වේ. ඒ යවසහල් අඹරා ගිතෙල්, මී ආදිය හා මැනවින් යොදා භාග්‍යවතුන් වහන්සේට එළවත්. නැවත දෙවියෝ එහි දිව්‍යඔජස් බහාලත්. භාග්‍යවතුන් වහන්සේ ඒ බොජුන් වළඳන සේක. වළඳා පලසමවතින් කල්යවන සේක. එතැන් පටන් පිඬු පිණිස නොහැසිරෙත්.

කිං පනානන්‍දත්‍ථෙරො තදා භගවතො උපට‍්ඨාකො හොතීති? හොති, නො ච ඛො උපට‍්ඨාකට‍්ඨානං ලද‍්ධා. භගවතො හි පඨමබොධියං වීසතිවස‍්සන‍්තරෙ නිබද‍්ධුපට‍්ඨාකො නාම නත්‍ථි. කදාචි නාගසමාලත්‍ථෙරො භගවන‍්තං උපට‍්ඨාසි, කදාචි නාගිතත්‍ථෙරො, කදාචි මෙඝියත්‍ථෙරො, කදාචි උපවාණත්‍ථෙරො, කදාචි සාගතත්‍ථෙරො, කදාචි සුනක‍්ඛත‍්තො ලිච‍්ඡවිපුත‍්තො. තෙ අත‍්තනො රුචියා උපට‍්ඨහිත්‍වා යදා ඉච‍්ඡන‍්ති තදා පක‍්කමන‍්ති. ආනන්‍දත්‍ථෙරො තෙසු තෙසු උපට‍්ඨහන‍්තෙසු අප‍්පොස‍්සුක‍්කො හොති, පක‍්කන‍්තෙසු සයමෙව වත‍්තපටිපත‍්තිං කරොති. භගවාපි කිඤ‍්චාපි මෙ ඤාතිසෙට‍්ඨො උපට‍්ඨාකට‍්ඨානං න තාව ලභති, අථ ඛො එවරූපෙසු ඨානෙසු අයමෙව පතිරූපොති අධිවාසෙසි. තෙන වුත‍්තං – “ආයස‍්මා පනානන්‍දො පත්‍ථපුලකං සිලායං පිසිත්‍වා භගවතො උපනාමෙසි, තං භගවා පරිභුඤ‍්ජතී”ති.

කිම, ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූවාහුදයත්: උපස්ථායක නොවෙත්. උපස්ථායක ස්ථානාන්තරය නොලැබූහ. භාග්‍යවතුන් වහන්සේට ප්‍රථම බෝධියෙහි විසිවස තුළ නිබඳව උපස්ථාන කරන්නෙක් නොවූයේය. සමහරකලක නාගසමාල ස්ථවිරයන් වහන්සේ, සමහර කලක නාගිත ස්ථවිරයන් වහන්සේ, සමහර කලක මේඝිය ස්ථවිරයන් වහන්සේ, සමහර කලක උපවාණ ස්ථවිරයන් වහන්සේ, සමහර කලක සාගත ස්ථවිරයන් වහන්සේ, සමහර කලක ලිච්ඡවී පුත්‍ර සුනක්‍ඛත්තයෝ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළහ. උන්වහන්සේ තමන් කැමති තාත්ම උපස්ථාන කොට බැහැරයත්. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඔවුන් උපස්ථාන කරන කල්හි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමෙහි උත්සාහ රහිත වූහ. ඔවුන් බැහැර ගිය කල්හි තමන්වහන්සේ වත්පිළිවෙත් කෙරෙත්. භාග්‍යවතුන් උන්වහන්සේද ‘මාගේ ඥාති ශ්‍රේෂ්ඨතෙමේ මෙතෙක් උපස්ථායකස්ථානාන්තරය නොලබා සිටියි, මෙබඳු තන්හි මෙතෙමේම සුදුසුයයි ඉවසා වදාළ සේක. එහෙයින් ‘ආයස්මා ආනන්‍දො පත්‍ථපුලකං සිලායං පිංසිත්‍වා භගවතො උපනාමෙති තං භගවා පරිභුඤ්ජති’යි කියන ලද්දේය.

නනු ච මනුස‍්සා දුබ‍්භික‍්ඛකාලෙ අතිවිය උස‍්සාහජාතා පුඤ‍්ඤානි කරොන‍්ති, අත‍්තනා අභුඤ‍්ජිත්‍වාපි භික‍්ඛූනං දාතබ‍්බං මඤ‍්ඤන‍්ති. තෙ තදා කස‍්මා කටච‍්ඡුභික‍්ඛම‍්පි න අදංසු? අයඤ‍්ච වෙරඤ‍්ජො බ්‍රාහ‍්මණො මහතා උස‍්සාහෙන භගවන‍්තං වස‍්සාවාසං යාචි, සො කස‍්මා භගවතො අත්‍ථිභාවම‍්පි න ජානාතීති? වුච‍්චතෙ – මාරාවට‍්ටනාය. වෙරඤ‍්ජඤ‍්හි බ්‍රාහ‍්මණං භගවතො සන‍්තිකා පක‍්කන‍්තමත‍්තමෙව සකලඤ‍්ච නගරං සමන‍්තා ච යොජනමත‍්තං යත්‍ථ සක‍්කා පුරෙභත‍්තං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්චාගන‍්තුං, තං සබ‍්බං මාරො ආවට‍්ටෙත්‍වා මොහෙත්‍වා සබ‍්බෙසං අසල‍්ලක‍්ඛණභාවං කත්‍වා පක‍්කාමි. තස‍්මා න කොචි අන‍්තමසො සාමීචිකම‍්මම‍්පි කත‍්තබ‍්බං මඤ‍්ඤිත්‍ථ.

මනුෂ්‍යයෝ දුර්භික්‍ෂ කාලයෙහි වැඩියක් උත්සාහවත්වද, පින්කරන්නාහු නොවෙත්ද? තුමු නොකා නොබී භික්‍ෂූන්ට දියයුතුයයි සිතන්නාහු නොවෙත්ද? ඔවුහු කුමක්හෙයින් ඒ කාලයෙහි සැන්දක් පමණ වූත් භික්‍ෂාවක් නොදුන්නාහුද? මේ වෙරඤ්ජ බ්‍රාහ්මණතෙමේද මහත් උත්සාහයෙන් භාග්‍යවතුන් වහන්සේට වස්විසීමට ආරාධනා කෙළේය. එසේ ඇතිකල්හි කුමක්හෙයින් ඔහු භාග්‍යවතුන් වහන්සේ ඇතිබවත් නොදනීදයත්: මේ මෙසේවූයේ මරහුකළ සිත් පෙරළියෙනැයි කියනු ලැබේ. වෙරඤ්ජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙතින් බැහැරට ගිය ඇසිල්ලෙහිම මුළු නුවරද හාත්පස යොදුනක් පමණද යම්තැනක පෙරබත පිඬුපිණිස හැසිර පෙරළා එන්නට හැකිද, ඒ සියලු තැන් මාරතෙමේ පෙරළා මුළාකොට සියල්ලන්ට නොසලකන හැටියක්කොට ගියේය. එහෙයින් කිසිවෙක් යටත් පිරිසෙයින් සැලකිලි පමණකුත් කටයුතුයයි නොසැලකූයේය.

කිං පන භගවාපි මාරාවට‍්ටනං අජානිත්‍වාව තත්‍ථ වස‍්සං උපගතොති? නො අජානිත්‍වා. අථ කස‍්මා චම‍්පා-සාවත්‍ථි-රාජගහාදීනං අඤ‍්ඤතරස‍්මිං න උපගතොති? තිට‍්ඨන‍්තු චම‍්පා-සාවත්‍ථි-රාජගහාදීනි, සචෙපි භගවා තස‍්මිං සංවච‍්ඡරෙ උත‍්තරකුරුං වා තිදසපුරං වා ගන‍්ත්‍වා වස‍්සං උපගච‍්ඡෙය්‍ය, තම‍්පි මාරො ආවට‍්ටෙය්‍ය. සො කිර තං සංවච‍්ඡරං අතිවිය ආඝාතෙන පරියුට‍්ඨිතචිත‍්තො අහොසි. ඉධ පන භගවා ඉමං අතිරෙකකාරණං අද‍්දස – “අස‍්සවාණිජා භික‍්ඛූනං සඞ‍්ගහං කරිස‍්සන‍්තී”ති. තස‍්මා වෙරඤ‍්ජායමෙව වස‍්සං උපගච‍්ඡි.

කිම, භාග්‍යවතුන් වහන්සේද මේ මාරාවර්‍තනය නොදැන එහි වස් එළැඹි සේක්දයත්: මාරාවර්‍තනය නොදැන වස්ඵළැඹි සේක් නොවෙයි, එසේනම් කුමක්හෙයින් චම්පා, සාවත්‍ථි, රාජගහා ආදීවූ එක්තරා නුවරක වස්නොඑළැඹි සේක්ද? චම්පා, සාවත්‍ථි, රාජගහාදීහු තිබෙත්වා, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ඒ අවුරුද්දෙහි උතුරුකුරු දිවයිනට හෝ තිදස පුරයට ගොස් වස් එළැඹෙන්නාහු ද, මාරතෙමේ එතැන්ද ආවර්‍තනය කරන්නේය. මාරතෙමේ ඒ අවුරුද්දෙහි තද ක්‍රෝධයෙන් මැඩුනු සිතැත්තේ වූයේය. තවද භාග්‍යවතුන් වහන්සේ මෙහිදී ‘අස් වෙළෙන්දෝ භික්‍ෂූන්ට සඞ්ග්‍රහ කරන්නාහ’යි යන මේ අතිරේක කාරණයද දුටු සේක. එහෙයින් වෙරඤ්ජාවෙහිම වස් එළැඹි සේක.

කිං පන මාරො වාණිජකෙ ආවට‍්ටෙතුං න සක‍්කොතීති? නො න සක‍්කොති, තෙ පන ආවට‍්ටිතපරියොසානෙ ආගමිංසු. පටිනිවත‍්තිත්‍වා කස‍්මා න ආවට‍්ටෙතීති? අවිසහතාය. න හි සො තථාගතස‍්ස අභිහටභික‍්ඛාය නිබද‍්ධදානස‍්ස අප‍්පිතවත‍්තස‍්ස අන‍්තරායං කාතුං විසහති. චතුන‍්නඤ‍්හි න සක‍්කා අන‍්තරායො කාතුං. කතමෙසං චතුන‍්නං? තථාගතස‍්ස අභිහටභික‍්ඛාසඞ‍්ඛෙපෙන වා නිබද‍්ධදානස‍්ස අප‍්පිතවත‍්තසඞ‍්ඛෙපෙන වා පරිච‍්චත‍්තානං චතුන‍්නං පච‍්චයානං න සක‍්කා කෙනචි අන‍්තරායො කාතුං. බුද‍්ධානං ජීවිතස‍්ස න සක‍්කා කෙනචි අන‍්තරායො කාතුං. අසීතියා අනුබ්‍යඤ‍්ජනානං බ්‍යාමප‍්පභාය වා න සක‍්කා කෙනචි අන‍්තරායො කාතුං. චන්‍දිමසූරියදෙවබ්‍රහ‍්මානම‍්පි හි පභා තථාගතස‍්ස අනුබ්‍යඤ‍්ජනබ්‍යාමප‍්පභාප‍්පදෙසං පත්‍වා විහතානුභාවා හොන‍්ති. බුද‍්ධානං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණස‍්ස න සක‍්කා කෙනචි අන‍්තරායො කාතුන‍්ති ඉමෙසං චතුන‍්නං න සක‍්කා කෙනචි අන‍්තරායො කාතුං. තස‍්මා මාරෙන අකතන‍්තරායං භික‍්ඛං භගවා සසාවකසඞ‍්ඝො තදා පරිභුඤ‍්ජතීති වෙදිතබ‍්බො.

කිම, මාරතෙමේ අස්වෙළෙඳුන් ආවර්‍තනය කරන්නට නොහැක්කේද? නොහැක්කේ නොවේ. ඒ අස්වෙළෙන්දෝ වනාහි මාරාවර්‍තනයෙහි කෙළවර එහි පැමිණියාහුය. පෙරළා අවුත් කුමක්හෙයින් ආවර්‍තනය නොකෙළේද? එසේකරන්නට සමර්‍ත්‍ථභාවයක් නැති බැවිනි. මාරතෙමේ වනාහි තථාගතයන් වහන්සේට එළවූ භික්‍ෂාවටත් නිබද්ධදානයටත් වෙහෙරට ගෙනවුත් පිදූ වස්තුවටත් අනතුරු කරන්නට පොහොසත් නොවේ. සතරකට අන්තරාය කරන්නට නොහැක්කේය. කවර සතරකටද යත්: තථාගතයන් වහන්සේට එළවූ භික්‍ෂා සඞ්ක්‍ෂෙපයෙන් නිබද්ධදානයට හෝ නියමිත චාරිත්‍ර විධියෙන් පිරිනැමූ සිවුපසයට කිසිවෙකු විසිනුත් අන්තරායක් කරන්නට නොහැක්කේය. බුදුවරුන්ගේ ජීවිතයට කිසිවෙකු විසිනුත් අන්තරායක් කරන්නට නොහැක්කේය. අශීත්‍යනුබ්‍යඤ්ජනයට හා ව්‍යාමප්‍රභාවට කිසිවෙකු විසිනුත් අන්තරායක් කරන්නට නොහැක්කේය. චන්‍ද්‍ර, සූර්‍ය්‍ය, දිව්‍ය, බ්‍රහ්මයන්ගේද ප්‍රභාවෝ තථාගතයන් වහන්සේගේ අනුව්‍යඤ්ජන ව්‍යාමප්‍රභා ප්‍රදේශයට පැමිණ පහවූ ආනුභාව ඇත්තාහු වෙත්. බුදුවරුන්ගේ සර්‍වඥතා ඥානයට කිසිවෙකු විසිනුත් අන්තරායක් කරන්නට නොහැක්කේය. මෙකියූ සතරට කිසිවෙකු විසිනුත් අන්තරායක් කරන්නට නොහැක්කේය. එහෙයින් මාරයා විසින් නොකළ අන්තරාය ඇති භික්‍ෂාව භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක සඞ්ඝයා සහිතව එදා වැළඳූ සේකැයි දතයුතුය.

එවං පරිභුඤ‍්ජන‍්තො ච එකදිවසං අස‍්සොසි ඛො භගවා උදුක‍්ඛලසද‍්දන‍්ති භගවා පත්‍ථපත්‍ථපුලකං කොට‍්ටෙන‍්තානං භික‍්ඛූනං මුසලසඞ‍්ඝට‍්ටජනිතං උදුක‍්ඛලසද‍්දං සුණි. තතො පරං ජානන‍්තාපි තථාගතාති එවමාදි යං පරතො “කින‍්නු ඛො සො, ආනන්‍ද, උදුක‍්ඛලසද‍්දො”ති පුච‍්ඡි, තස‍්ස පරිහාරදස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍රායං සඞ‍්ඛෙපවණ‍්ණනා – තථාගතා නාම ජානන‍්තාපි සචෙ තාදිසං පුච‍්ඡාකාරණං හොති, පුච‍්ඡන‍්ති. සචෙ පන තාදිසං පුච‍්ඡාකාරණං නත්‍ථි, ජානන‍්තාපි න පුච‍්ඡන‍්ති. යස‍්මා පන බුද‍්ධානං අජානනං නාම නත්‍ථි, තස‍්මා අජානන‍්තාපීති න වුත‍්තං. කාලං විදිත්‍වා පුච‍්ඡන‍්තීති සචෙ තස‍්සා පුච‍්ඡාය සො කාලො හොති, එවං තං කාලං විදිත්‍වා පුච‍්ඡන‍්ති; සචෙ න හොති , එවම‍්පි කාලං විදිත්‍වාව න පුච‍්ඡන‍්ති. එවං පුච‍්ඡන‍්තාපි ච අත්‍ථසංහිතං තථාගතා පුච‍්ඡන‍්ති, යං අත්‍ථනිස‍්සිතං කාරණනිස‍්සිතං, තදෙව පුච‍්ඡන‍්ති, නො අනත්‍ථසංහිතං. කස‍්මා? යස‍්මා අනත්‍ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං. සෙතු වුච‍්චති මග‍්ගො, මග‍්ගෙනෙව තාදිසස‍්ස වචනස‍්ස ඝාතො, සමුච‍්ඡෙදොති වුත‍්තං හොති.

මෙසේ වළඳන සේක්ද එක් දවසක් ‘අස්සොසි ඛො භගවා උදුක්‍ඛලසද්දං’ භාග්‍යවතුන් වහන්සේ සෝදා පිරිසිදුකළ යවසහල් නැළිය නැළිය වණෙහිලා කොටන භික්‍ෂූන්ගේ මොහොල් ගැටීමෙන් හටගත් වණ හඬ ඇසූ සේක. එයින් මතු ‘ජානන්තාපි තථාගතා’ යන මේ ආදිය ඉදිරියෙහි ‘කින්නුඛො ආනන්‍ද උදුක්‍ඛලසද්දො’යි යමක් විචාළ සේක්ද එයට පරිහාර දක්වනු පිණිස කියන ලද්දේය. එහි මේ සඞ්ක්‍ෂෙප වර්‍ණනාය: ඉදින් තථාගතයන් වහන්සේ දන්නාහු නමුත් එබඳු වූ පිළිවිසීමට හේතුවක් වේනම්, විචාරණ සේක. ඉදින් වනාහි එබඳු වූ විචාරීමට කරුණක් නැත්තේනම් දන්නාහුනමුත් නොවිචාරණ සේක. යම්හෙයකින් බුදුවරුන්ට නොදැක්මක් නැත්තේද එහෙයින් ‘අජානන්තා’ යනු නොකියන ලද්දේය. ‘කාලං විදිත්‍වා පුච්ඡන්ති’ ඉදින් ඒ විචාරීමට ඒ කාලයවේනම්, මෙසේ ඒ කාලය දැන විචාරණ සේක. ඉදින් කාලය නොවේනම්, මෙසේ කාලය දැනම නොවිචාරණ සේක. මෙසේ විචාරණ සේක්ද ‘අත්‍ථසංහිතං තථාගතා පුච්ඡන්ති’ යමක් අර්‍ත්‍ථනිඃශ්‍රිතව කාරණනිඃශ්‍රිතද එයම විචාරණ සේක. ‘නො අනත්‍ථසංහිතං’ අනර්‍ත්‍ථ නිඃශ්‍රිතයක් නොවිචාරණ සේක. කුමක් හෙයින්දයත්: යම්හෙයකින් ‘අනත්‍ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං’ අනර්‍ත්‍ථ නිඃශ්‍රිත වචන විෂයයෙහි තථාගතයන්ගේ මාර්‍ගයෙන් නැසීමවේද එහෙයිනි. අර්‍හන්මාර්‍ගය සෙතුයි කියනු ලැබේ. අර්‍හන්මාර්‍ගයෙන්ම එබඳු වචනයන්ගේ නැසීම වේ. මුළුමනින්ම නැසීමයි කියන ලද්දේ වේ

ඉදානි අත්‍ථසංහිතන‍්ති එත්‍ථ යං අත්‍ථසන‍්නිස‍්සිතං වචනං තථාගතා පුච‍්ඡන‍්ති, තං දස‍්සෙන‍්තො “ද‍්වීහාකාරෙහී”ති ආදිමාහ. තත්‍ථ ආකාරෙහීති කාරණෙහි. ධම‍්මං වා දෙසෙස‍්සාමාති අට‍්ඨුප‍්පත‍්තියුත‍්තං සුත‍්තං වා පුබ‍්බචරිතකාරණයුත‍්තං ජාතකං වා කථයිස‍්සාම. සාවකානං වා සික‍්ඛාපදං පඤ‍්ඤපෙස‍්සාමාති සාවකානං වා තාය පුච‍්ඡාය වීතික‍්කමං පාකටං කත්‍වා ගරුකං වා ලහුකං වා සික‍්ඛාපදං පඤ‍්ඤපෙස‍්සාම ආණං ඨපෙස‍්සාමාති.

දැන් ‘අත්‍ථසංහිතං’ යන මෙහි අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ යම් වචනයක් තථාගතයන් වහන්සේගෙන් විචාරණ සේක්ද, එය දක්වනුයේ ‘ද්වීහි ආකාරෙහි’ යනාදිය කීහ. එහි ‘ආකාරෙහි’ කාරණයන්ගෙන් ‘ධම්මං වා දෙසිස්සාම’ අර්‍ත්‍ථොත්පත්තියෙන් යුක්ත වූ සූත්‍රයක් හෝ පූර්‍ව චරිතකාරණයෙන් යුක්ත වූ ජාතකයක් වදාරන්නෙමු. ‘සාවකානං වා සික්‍ඛාපදං පඤ්ඤාපෙස්සාම’ ශ්‍රාවකයන්ට හෝ ඒ ඒ විචාරීමෙන් ඒ ඒ භික්‍ෂූන් විසින් කරන ලද ව්‍යතික්‍රමය ප්‍රකටකොට ගරුක වූ හෝ ලහුක වූ ශික්‍ෂා පදයක් පණවන්නෙමු. අණ තබන්නෙමුයි.

අථ ඛො භගවා…පෙ… එතමත්‍ථං ආරොචෙසීති එත්‍ථ නත්‍ථි කිඤ‍්චි වත‍්තබ‍්බං. පුබ‍්බෙ වුත‍්තමෙව හි භික‍්ඛූනං පත්‍ථපත්‍ථපුලකපටිලාභං සල‍්ලහුකවුත‍්තිතං සාමපාකපරිමොචනඤ‍්ච ආරොචෙන‍්තො එතමත්‍ථං ආරොචෙසීති වුච‍්චති. “සාධු සාධු, ආනන්‍දා”ති ඉදං පන භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං සම‍්පහංසෙන‍්තො ආහ. සාධුකාරං පන දත්‍වා ද‍්වීසු ආකාරෙසු එකං ගහෙත්‍වා ධම‍්මං දෙසෙන‍්තො ආහ – “තුම‍්හෙහි, ආනන්‍ද, සප‍්පුරිසෙහි විජිතං, පච‍්ඡිමා ජනතා සාලිමංසොදනං අතිමඤ‍්ඤිස‍්සතී”ති. තත්‍රායමධිප‍්පායො – තුම‍්හෙහි, ආනන්‍ද, සප‍්පුරිසෙහි එවං දුබ‍්භික‍්ඛෙ දුල‍්ලභපිණ‍්ඩෙ ඉමාය සල‍්ලහුකවුත‍්තිතාය ඉමිනා ච සල‍්ලෙඛෙන විජිතං. කිං විජිතන‍්ති? දුබ‍්භික‍්ඛං විජිතං, ලොභො විජිතො, ඉච‍්ඡාචාරො විජිතො. කථං? “අයං වෙරඤ‍්ජා දුබ‍්භික‍්ඛා, සමන‍්තතො පන අනන‍්තරා ගාමනිගමා ඵලභාරනමිතසස‍්සා සුභික‍්ඛා සුලභපිණ‍්ඩා. එවං සන‍්තෙපි භගවා ඉධෙව අම‍්හෙ නිග‍්ගණ‍්හිත්‍වා වසතී”ති එකභික‍්ඛුස‍්සපි චින‍්තා වා විඝාතො වා නත්‍ථි. එවං තාව දුබ‍්භික‍්ඛං විජිතං අභිභූතං අත‍්තනො වසෙ වත‍්තිතං.

‘අථ ඛො භගවා -පෙ- එතමත්‍ථං ආරොවෙසි’ යන මෙහි කියයුතු කිසිවක් නැත්තේය. පිරිසිදු කළ යවසහල් නැළිය නැළිය ලැබීමද, සැහැල්ලු පැවතුම් ඇති බවද, තමන්ට පිසීමෙන් මිදීමද දක්වන සේක් ‘මේ අර්‍ත්‍ථය සැල කළේය’යි කියන ලද්දෙමැයි කියනු ලැබේ. ‘සාධු සාධු ආනන්‍ද’ මේ වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සතුටුකරමින් පහදවමින් වදාළ සේක. සාධුකාර දී දෙඅයුරෙන් එක්අයුරක් ගෙන ධර්‍මදේශනා කරනසේක් ‘තුම්මෙහි ආනන්‍ද සප්පුරිසෙහි විජිතං, පච්ඡිමා ජනතා සාලිමං සොදනං අතිමඤ්ඤිස්සති’යි වදාළ සේක. එහි මේ අදහස වේ: ‘ආනන්‍ද! සත්පුරුෂ වූ තොප විසින් දුක සේ භික්‍ෂාව ලැබියයුතු කල්හි දුකසේ පිඬු ලැබියයුතු කල්හි මේ සැහැල්ලු පැවැත්මෙන් මේ කෙලෙස් සිඳලන පැවැත්මෙන් දිනන ලද්දේය. කුමක් දිනන ලදදයත්: දුර්භික්‍ෂය දිනන ලද්දේය. ලෝභය දිනන ලද්දේය. ඉච්ඡාචාරය දිනන ලද්දේය. කෙසේදයත්: මේ වෙරඤ්ජාව දුකසේ ලැබියයුතු භික්‍ෂා ඇත්තීය, හාත්පස වනාහි අතර නැතිව පිහිටි ගම්නියම්ගම්හු පලබරින් නැමුනු සස්‍ය ඇත්තාහුය, සුවසේ ලැබිය හැකි භික්‍ෂා ඇත්තාහුය. සුවසේ ලැබිය හැකි පිඬු ඇත්තාහුය. මෙසේ ඇති කල්හිද භාග්‍යවතුන් වහන්සේ අප රඳවාගෙන මෙහිම වසන සේකැයි එක් භික්‍ෂු නමක් හටද සිතුවිල්ලක් හෝ සිත්පෙළීමක් නැත්තේය. මෙසේ වනාහි දුර්භික්‍ෂය දිනන ලද්දේය. මඩින ලද්දේය. තම යටතට ගන්නා ලද්දේය.

කථං ලොභො විජිතො? “අයං වෙරඤ‍්ජා දුබ‍්භික‍්ඛා, සමන‍්තතො පන අනන‍්තරා ගාමනිගමා ඵලභාරනමිතසස‍්සා සුභික‍්ඛා සුලභපිණ‍්ඩා . හන්‍ද මයං තත්‍ථ ගන‍්ත්‍වා පරිභුඤ‍්ජිස‍්සාමා”ති ලොභවසෙන එකභික‍්ඛුනාපි රත‍්තිච‍්ඡෙදො වා “පච‍්ඡිමිකාය තත්‍ථ වස‍්සං උපගච‍්ඡාමා”ති වස‍්සච‍්ඡෙදො වා න කතො. එවං ලොභො විජිතො.

ලෝභය කෙසේ කෙසේ දිනන ලද්දේදයත්: මේ වෙරඤ්ජාව දුකසේ ලැබියයුතු භික්‍ෂා ඇත්තීය. හාත්පස පිහිටි අතර නැති ගම්නියම්ගම්හි පලබරින් නැමුනු සස්‍ය ඇත්තාහුය. සුවසේ ලැබිය හැකි පිඬු ඇත්තාහුය. එබැවින් අපි එහි ගොස් වළඳන්නෙමුයි ලෝභ වසයෙන් එක් භික්‍ෂු නමක් විසිනුදු රාත්‍රිච්ඡෙදයක් හෝ අවපෑළවියෙහි එහි වස් එළැඹෙම්හයි වස්සච්ඡෙදයක් නොකරන ලද්දේය. මෙසේ ලෝභය දිනන ලද්දේය.

කථං ඉච‍්ඡාචාරො විජිතො? අයං වෙරඤ‍්ජා දුබ‍්භික‍්ඛා, ඉමෙ ච මනුස‍්සා අම‍්හෙ ද‍්වෙ තයො මාසෙ වසන‍්තෙපි න කිස‍්මිඤ‍්චි මඤ‍්ඤන‍්ති. යංනූන මයං ගුණවාණිජ‍්ජං කත්‍වා “අසුකො භික‍්ඛු පඨමස‍්ස ඣානස‍්ස ලාභී…පෙ… අසුකො ඡළභිඤ‍්ඤොති එවං මනුස‍්සානං අඤ‍්ඤමඤ‍්ඤං පකාසෙත්‍වා කුච‍්ඡිං පටිජග‍්ගිත්‍වා පච‍්ඡා සීලං අධිට‍්ඨහෙය්‍යාමා”ති එකභික‍්ඛුනාපි එවරූපා ඉච‍්ඡා න උප‍්පාදිතා. එවං ඉච‍්ඡාචාරො විජිතො අභිභූතො අත‍්තනො වසෙ වත‍්තිතොති.

ඉච්ඡාචාරය කෙසේ දිනන ලද්දේදයත්: මේ වෙරඤ්ජාව දුකසේ ලැබියයුතු භික්‍ෂා ඇත්තීය. මේ මිනිස්සුද දෙතුන් මසක් මෙහි වසන අප කිසි ගුණයක ලා නොසලකන්නෝය. එහෙයින් අසවල් මහණ ප්‍රථමද්ධ්‍යානලාභීය -පෙ- අසුවල් මහණ ෂඩභිඥයි මෙසේ මිනිසුන්ට ගුණ වෙළඳම්කොට උනුන් ගැන ප්‍රකාශකොට කුස පිළිදැගුම්කොට පසුව අපි සිල් ඉටාගන්නෙමු නම් යෙහෙකැයි එක් භික්‍ෂු නමක් විසිනුදු මෙබඳු ආශාවක් නොඋපදවන ලදු යයි මෙසේ ඉච්ඡාචාරය දිනන ලද්දේය. මඩින ලද්දේය. තම යටතට ගන්නා ලද්දේය.

අනාගතෙ පන පච‍්ඡිමා ජනතා විහාරෙ නිසින‍්නා අප‍්පකසිරෙනෙව ලභිත්‍වාපි “කිං ඉදං උත‍්තණ‍්ඩුලං අතිකිලින‍්නං අලොණං අතිලොණං අනම‍්බිලං අච‍්චම‍්බිලං, කො ඉමිනා අත්‍ථො”ති ආදිනා නයෙන සාලිමංසොදනං අතිමඤ‍්ඤිස‍්සති, ඔඤ‍්ඤාතං අවඤ‍්ඤාතං කරිස‍්සති. අථ වා ජනපදො නාම න සබ‍්බකාලං දුබ‍්භික‍්ඛො හොති. එකදා දුබ‍්භික‍්ඛො හොති, එකදා සුභික‍්ඛො හොති. ස‍්වායං යදා සුභික‍්ඛො භවිස‍්සති, තදා තුම‍්හාකං සප‍්පුරිසානං ඉමාය පටිපත‍්තියා පසන‍්නා මනුස‍්සා භික‍්ඛූනං යාගුඛජ‍්ජකාදිප‍්පභෙදෙන අනෙකප‍්පකාරං සාලිවිකතිං මංසොදනඤ‍්ච දාතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති. තං තුම‍්හෙ නිස‍්සාය උප‍්පන‍්නං සක‍්කාරං තුම‍්හාකං සබ්‍රහ‍්මචාරීසඞ‍්ඛාතා පච‍්ඡිමා ජනතා තුම‍්හාකං අන‍්තරෙ නිසීදිත්‍වා අනුභවමානාව අතිමඤ‍්ඤිස‍්සති, තප‍්පච‍්චයං මානඤ‍්ච ඔමානඤ‍්ච කරිස‍්සති. කථං? කස‍්මා එත‍්තකං පක‍්කං, කිං තුම‍්හාකං භාජනානි නත්‍ථි, යත්‍ථ අත‍්තනො සන‍්තකං පක‍්ඛිපිත්‍වා ඨපෙය්‍යාථාති.

අනාගතයෙහි වනාහි පශ්චිම ජනතාව විහාරයෙහි හුන්නේ නිදුකින්ම බත් ලැබද ‘නොපැසුනු සහල් ඇති ඉතා තෙත්වූ, ලුනු නැති ලුනු වැඩිවූ ඇඹුල් නැති මේ කිම? මෙයින් කවර ප්‍රයෝජනයක්දැ’යි මේ ආදී ක්‍රමයෙන් ඇල්සහලින් කළ රසමසින් යුත් බත පහත්කොට ලාමක කොට සිතාය. ඉතා පහත්කොට නින්‍දා කරමින්ය. තවද ජනපදය හැමදා දුර්භික්‍ෂ නොවේ. සමහර කලක දුර්භික්‍ෂ වේ. සමහර කලක සුභික්‍ෂ වේ. ඒ මේ ජනපදය යම් කලක සුභික්‍ෂ වන්නේද, එකල්හි සත්පුරුෂ වූ තොපගේ මේ පිළිවෙතින් පහන් වූ මිනිස්සු භික්‍ෂූන්ට කැඳ, කැවිලි ආදීන්ගේ ප්‍රභෙදයෙන් නන්වැදෑරුම් වූ ඇල්සහලින් කළ කෑමවර්‍ග හා මසින් යුත් බත්ද දියයුතුයයි සිතන්නාහුය. තොප නිසා උපන් ඒ සත්කාරය තොපගේ සබ්‍රහ්මචාරී වූ පශ්චිම ජනතාව තොප අතරම හිඳ අනුභව කරන්නේය. පහත්කොට, ලාමකකොට සිතන්නේය. ඒ හේතුකොට මානයද අවමානයද කරන්නේය. කෙසේදයත්: කුමක්හෙයින් මෙපමණ පිසන ලදද? කිම? තමන් සතුදැය බහා තබන්නට තොපට බඳුන් නැත්තේදැයි අසන්නේය.

දුබ‍්භික‍්ඛකථා නිට‍්ඨිතා.