වෙරඤ්ජකණ්ඩො
වෙරඤ්ජකණ්ඩො
වේරඤ්ජකාණ්ඩය
1.
1.
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
1. තෙන සමයෙන බුද්ධො භගවා වෙරඤ්ජායං විහරති නළෙරුපුචිමන්දමූලෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. අස්සොසි ඛො වෙරඤ්ජො බ්රාහ්මණො:– “සමණො ඛලු, භො, ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො වෙරඤ්ජායං විහරති නළෙරුපුචිමන්දමූලෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
1. එකල්හි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වේරඤ්ජාව සමීපයෙහි නළේරු කොසඹගස මුල පන්සියයක් පමණ වූ මහත් භික්ෂුසඞ්ඝයා සමග වැඩ වෙසෙන සේක. වේරඤ්ජබ්‍රාහ්මණ තෙමේ (මෙය) ඇසීය: “පින්වත්නි, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයෝ පන්සියක් පමණ වූ මහසඟන සමග වේරඤ්ජානුවර නළේරු කොසඹරුක මුල වැඩ වෙසෙති. ඒ භවත් ගෞතමයන්ගේ කලණ වූ කීර්තතිරාවය මෙසේ පැන නැංගේ ය: “ඒ භාග්‍යවත් තෙමේ මේ මේ කරුණෙන් කෙලෙස්සතුරන් නැසුවෙක; සම්‍යක්සම්බුද්ධ ය; විද්යාචරණධර්මයන්ගෙන් යුක්ත ය; මනා ගමන් ඇත්තෙක; සව්ලෝ දත්තෙක; නිරුත්තර වූ පුරුෂදම්‍යසාරථි ය; දෙව්මිනිසුන්ගේ අනුශාසක ය; සව්නේ දත්තෙක; භගවත් ය. ඒ භාග්‍යවත් තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ අවකාශ ලෝකය හා මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත වූ සත්ත්ව ලෝකය ද තෙමේ මනා නුවණින් දැන පසක් කොට පවසයි. හෙ තෙමේ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අර්ත්ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සර්වප්රකාරයෙන් සම්පූර්ණ වූ පිරිසිදු වූ දහම් දෙසයි. (මෙසේ) සසුන් බඹසර හා මගබඹසර ද පවසයි. එබඳු රහතුන් දැකීම මැනැව” යනුයි.
2. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “සුතම්මෙතං භො ගොතම,–න සමණො ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා, පච්චුට්ඨෙති වා, ආසනෙන වා නිමන්තෙතීති. තයිදං භො ගොතම තථෙව. න හි භවං ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා, පච්චුට්ඨෙති වා, ආසනෙන වා නිමන්තෙති. තයිදං භො ගොතම න සම්පන්නමෙවා”ති.
2. ඉක්බිති වේරඤ්ජබමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු වූ සිතෙහි රැඳවිය යුතු වූ කථාව කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නා වූ වේරඤ්ජබමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “භවත් ගෞතමයෙනි, මා විසින් මෙය අසන ලදී: ‘භවත් ගෞතමයෝ ජරාවට පත් වූ වෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පැසුළුවියට පත් බමුණන් නො වඳිති. පෙරගමන් නො කෙරෙති. අසුනෙන් හෝ නො පවරති’යි. භවත් ගෞතමයෙනි, ඒ කාරණය එසේ මය. භවත් ගෞතමයෝ ජරාවට පත් වූ වෘද්ධ වූ මහලු වූ කල් ඉක්මවූ පැසුළුවියට පත් බමුණන් නො වඳිති. නැගිට පෙර ගමන් නො කරති. අස්නෙන් හෝ නො පවරති. භවත් ගෞතමයෙනි, මේ කාරණය සුදුසු නො වෙයි.”
3. “නාහං තං බ්‍රාහ්මණ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යමහං අභිවාදෙය්යං වා, පච්චුට්ඨෙය්යං වා, ආසනෙන වා නිමන්තෙය්යං. යං හි, බ්‍රාහ්මණ තථාගතො අභිවාදෙය්ය වා, පච්චුට්ඨෙය්‍ය වා, ආසනෙන වා නිමන්තෙය්‍ය, මුද්ධාපි තස්ස විපතෙය්යා”ති.
3. “බ්‍රාහ්මණය, මම යම් පුද්ගලයකුට වඳිම් ද, නැගිට පෙර ගමන් කෙරෙම් ද, අස්නෙන් හෝ පවරම් ද, එබඳු පුද්ගලයකු දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද මහණ බමුණන් සහිත වූ දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි ද නො ම දකිමි. බ්‍රාහ්මණය, යම් පුද්ගලයකුට තථාගත තෙමේ වඳී නම් හෝ, නැගිට පෙර ගමන් කෙරේ නම් හෝ, අසුනෙන් පවරා නම් හෝ, ඔහුගේ හිස ද ගෙලෙන් ගිලිහෙයි.
4. “අරසරූපො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය –‘අරසරූපො සමණො ගොතමො’ති. යෙ තෙ බ්‍රාහ්මණ, රූපරසා සද්දරසා ගන්ධරසා රසරසා ඵොට්ඨබ්බරසා, තෙ තථාගතස්ස පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අරසරූපො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
4. “භවත් ගෞතමයෝ රසවිරෝධිහු”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ රස විරෝධිහුය යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ ද, ඒ කාරණය මා කෙරෙහි විද්‍යමාන වේ ම ය. බමුණ, යම් ඒ රූපාස්වාදයෝ ශබ්දාස්වාදයෝ ගන්ධාස්වාදයෝ රසාස්වාදයෝ ස්ප්රෂ්ටව්යාස්වාදයෝ වෙද්ද, ඒ ආස්වාද (රසයෝ) තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදහ. සිඳුනා ලද මුල් ඇතියහ. මුදුන සුන් තල් රුකක් මෙන් කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාවය ඇතියහ. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ රසවිරෝධිහුය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි ද, ඒ කාරණය නො වේ.”
5. “නිබ්භොගො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘නිබ්භොගො සමණො ගොතමො’ති. යෙ තෙ බ්‍රාහ්මණ, රූපභොගා සද්දභොගා ගන්ධභොගා රසභොගා ඵොට්ඨබ්බභොගා, තෙ තථාගතස්ස පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා2 ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘නිබ්භොගො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
5. “භවත් ගෞතමයෝ පරිභෝග රහිතයෝ යයි”. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘පරිභෝග රහිතයෝ යැ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ කාරණය මා කෙරෙහි විද්‍යමාන වේ ම ය. බමුණ, යම් ඒ රූපපරිභෝගයෝ, ශබ්දපරිභෝගයෝ ගන්ධපරිභෝගයෝ, රසපරිභෝගයෝ, ඵොට්ඨබ්බපරිභෝගයෝ වෙද්ද, ඔහු තථාගතයන් විසින් ප්‍රහීණ කරණ ලදහ. සිඳින ලද මුල් ඇතියහ. මුදුන සුන් තල්ගසක් මෙන් කරණ ලදහ. නැවත නූපදනා සේ විනාශයට පමුණුවන ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ පරිභෝග රහිතයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි ද, ඒ කාරණය නො වේ.”
6. “අකිරියවාදො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අකිරියවාදො සමණො ගොතමො’ති. අහං හි, බ්‍රාහ්මණ, අකිරියං වදාමි කායදුච්චරිතස්ස වචීදුච්චරිතස්ස මනොදුච්චරිතස්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං අකිරියං වදාමි. අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අකිරියවාදො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
6. “භවත් ගෞතමයෝ අක්රියවාදීහු ය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘අකිරියවාදීහ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, ඒ කාරණය ඇත් ම ය. බ්‍රාහ්මණය, මම කායදුශ්චරිතයාගේ වාග්දුශ්චරිතයාගේ මනෝදුශ්චරිතයාගේ නොකිරීම කියමි. සෙසු ලාමක අකුශල ධර්මයන්ගේ නො කිරීම කියමි. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘අකිරියවාදීහ’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණයයි. එහෙත් යමක් සඳහා තෝ කියයි නම්, ඒ කාරණය නො වේ.”
7. “උච්ඡෙදවාදො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘උච්ඡෙදවාදො සමණො ගොතමො’ති. අහං හි බ්‍රාහ්මණ, උච්ඡෙදං වදාමි රාගස්ස දොසස්ස මොහස්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං උච්ඡෙදං වදාමි. අයං ඛො බ්‍රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘උච්ඡෙදවාදො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
7. “භවත් ගෞතමයෝ උච්ඡේදවාදිහුය’ යි.” “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘උච්ඡේදවාදිහුය’ යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම් ඒ මේ කාරණය ඇත් ම ය. බ්‍රාහ්මණය, මම වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ නැසීම කියමි. සෙසු අකුශල ධර්මයන්ගේ නැසීම කියමි. බ්‍රාහ්මණය, ශ්‍රමණ ගෞතමයෝ ‘උච්ඡේදවාදිහුය’ යි මොනොවට කියන තෙනැත්තේ යම් කරුණෙකින් මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
8. “ජෙගුච්ඡී භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස බ්‍රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘ජෙගුච්ඡී සමණො ගොතමො’ති. අහං හි බ්‍රාහ්මණ, ජිගුච්ඡාමි කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා ජිගුච්ඡාමි. අයං ඛො බ්‍රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘ජෙගුච්ඡී සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
8. “භවත් ගෞතමයෝ පිළිකුල් කරන්නෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘ජෙගුච්ඡි ය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. බ්‍රාහ්මණය, මම වනාහි කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය පිළිකුල් කරමි. සෙසු ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම පිළිකුල් කරමි. බ්‍රාහ්මණය, ශ්‍රමණ ගෞතමයෝ ‘ජෙගුච්ඡි ය’යි මොනොවට කියන තෙනැත්තේ යම් කරුණෙකින් මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
9. “වෙනයිකො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘වෙනයිකො සමණො ගොතමො’ති. අහං හි බ්‍රාහ්මණ, විනයාය ධම්මං දෙසෙමි රාගස්ස දොසස්ස මොහස්ස. අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං විනයාය ධම්මං දෙසෙමි. අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘වෙනයිකො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
9. “භවත් ගෞතමයෝ නාශකයෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතම තෙමේ ‘නාශකයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. බ්‍රාහ්මණය, මම් වනාහි රාගයාගේ ද්වේෂයාගේ මෝහයාගේ විනාශය පිණිස ධර්මය දේශනා කරමි. සෙසු ලාමක අකුශලධර්‍මයන්ගේ විනාශය පිණිස ධර්මය දේශනා කරමි. බ්‍රාහ්මණය, ශ්‍රමණ ගෞතමයෝ ‘වෙනයිකයෝ = නාශකයෝය’යි මොනොවට කියන තෙනැත්තේ යම් කරුණෙකින් මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
10. “තපස්සී භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘තපස්සී සමණො ගොතමො’ති. තපනීයාහං, බ්‍රාහ්මණ, පාපකෙ අකුසලෙ ධම්මෙ වදාමි කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. යස්ස ඛො බ්‍රාහ්මණ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තමහං තපස්සීති වදාමි. තථාගතස්ස ඛො බ්‍රාහ්මණ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘තපස්සී සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
10. “භවත් ගෞතමයෝ අනුන් තවන්නෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ශ්‍රමණ ගෞතමයෝ ‘තවන්නෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. “බ්‍රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය තැවිය යුතු කොට කියමි. බ්‍රාහ්මණය, යමකුගේ වනාහි තැවිය යුතු ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණ වෙද්ද, උදුරණ ලද මුල් ඇත්තෝ වෙද්ද, මුදුන සුන් තල් ගසක් මෙන් කරණ ලද්දෝ වෙද්ද, නැවත නොහටගන්නා පරිද්දෙන් කරණ ලද්දෝ වෙද්ද, මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තෝ වෙද්ද, මම් ඔහුට ‘තපස්වී’ (තවන්නා)’ යි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ වූ කලී තැවිය යුතු ලාමක අකුශලධර්‍මයෝ ප්‍රහීණයහ. උදුරණ ලද මුල් ඇතියහ. මුදුන සුන් තල්ගසක් මෙන් කරණ ලදහ. නැවත නොහටගන්නා පරිද්දෙන් කරණ ලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියන තෙනැත්තේ ‘ශ්‍රමණ ගෞතම තෙමේ තපස්සී යැ’යි මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කාරණය යි. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කරුණ නො වේ.”
11. “අපගබ්භො භවං ගොතමො”ති. “අත්ථි ඛ්වෙස බ්‍රාහ්මණ, පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අපගබ්භො සමණො ගොතමො’ති. යස්ස ඛො බ්‍රාහ්මණ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා, තමහං අපගබ්භො’ති වදාමි. තථාගතස්ස ඛො බ්‍රාහ්මණ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීණා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො බ්‍රාහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය ‘අපගබ්භො සමණො ගොතමො’ති. නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසි.”
11. “භවත් ගෞතමයෝ අපගර්භයෝය”යි. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතම තෙමේ අපගර්භයෝය’යි මොනොවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, ඒ මේ කරුණ ඇත් ම ය. බ්‍රාහ්මණය, යමකුගේ මතු මවු ගැබ හෝනාබව, නැවත භවයෙහි ඉපදීම ප්‍රහීණ ද, උදුරණ ලද මුල් ඇත්තේ ද, සුන් මුදුන ඇති තල්ගසක් මෙන් කරණ ලද ද, නැවත නො හට ගන්නා පරිද්දෙන් කරණ ලද ද, මත්තෙහි නූපදනා ස්වභාවය ඇත් ද, ඔහුට මම් ‘අපගර්භ’ය යි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ මතු මවුගැබ ශයනය, නැවත භවයෙහි ඉපදීම ප්‍රහීණ ය. උදුරණ ලද මුල් ඇත්තේ ය. සුන් මුදුන ඇති තල්ගසක් මෙන් කරණ ලද ය. නැවත නො හට ගන්නා පරිද්දෙන් කරණ ලද ය. මත්තෙහි නූපදනා ස්වභාවය ඇත්තේ ය. යම් කරුණෙකින් ‘ශ්‍රමණ ගෞතමයෝ අපගර්භ හ’යි මොනවට කියන තෙනැත්තේ මට කියන්නේ නම්, බ්‍රාහ්මණය, මේ ඒ කරුණ ය. එහෙත් තෝ යමක් සඳහා කියයි නම්, ඒ කාරණය නො වේ.”
12. “සෙය්යථාපි බ්‍රාහ්මණ කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා, තානස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි සම්මා පරිසෙදිතානි සම්මා පරිභාවිතානි, යො නු ඛො තෙසං කුක්කුටච්ඡාපකානං පඨමතරං පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්ය, කින්ති ස්වාස්ස වචනීයො ජෙට්ඨො වා කනිට්ඨො වා’ති. ‘ජෙට්ඨො’ති’ස්ස, භො ගොතම වචනීයො. සො හි නෙසං ජෙට්ඨො හොතී’ති. එවමෙව ඛො අහං බ්‍රාහ්මණ අවිජ්ජාගතාය පජාය අණ්ඩභූතාය පරියොනද්ධාය අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා එකො’ව ලොකෙ අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො. ස්වාහං බ්‍රාහ්මණ, ජෙට්ඨො සෙට්ඨො ලොකස්ස.”
12. “බ්‍රාහ්මණය, යම්සේ කිකිළියගේ බීජයෝ අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් හෝ වෙත් ද, උහු කිකිළිය විසින් මත්තෙහි හෙව රක්නා ලද්දාහු ද, මනා කොට උණුසුම් ගන්වන ලද්දාහු ද, මනා කොට කුකුළුගඳ ගන්වන ලද්දාහු ද, ඒ කුකුළුපැටවුන් අතුරෙන් යමෙක් සිය පානියසිළින් හෝ මුවතුඩින් හෝ බිජුකටුව පළා ගෙන සියල්ලන්ට පළමුවෙන් සුවයෙන් නික්මෙන්නේ ද, කිම, හේ දෙටු ය යි හෝ කනිටු ය යි හෝ කිය යුතු වන්නේ ද?” “භවත් ගෞතමයෙනි, හේ දෙටු ය යි කිය යුතු වන්නේ ය. හෙ තෙමේ ඔවුන් අතුරෙන් දෙටු වෙයි.” “බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම මම් අවිද්‍යා නැමැති බිජුවට තුළ වූ, අවිද්‍යා නැමැති අණ්ඩකෝෂයෙන් හාත්පසින් බැඳුනා වූ සත්ත්වවර්ගයා අතුරෙන් අවිද්‍යා නැමැති බිජුකටුව පළාගෙන සියලු ලෝකසන්නිවාසයෙහි අද්විතීය වූයෙම් නිරුත්තර වූ සම්‍යක්සම්බෝධිය ප්‍රතිවේධ කෙළෙමි. බ්‍රාහ්මණය, ඒ මම් ලොවට දෙටු ද වෙමි. සෙට ද වෙමි.
13. “ආරද්ධං ඛො පන මෙ බ්‍රාහ්මණ, විරියං අහොසි අසල්ලීනං, උපට්ඨිතා සති අසම්මුට්ඨා පස්සද්ධො කායො අසාරද්ධො, සමාහිතං චිත්තං එකග්ගං. සො ඛො අහං බ්‍රාහ්මණ, විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහාසිං. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහාසිං. සතො ච සම්පජානො සුඛං ච කායෙන පටිසංවෙදෙසිං. යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති, තතියං ඣානං උපසම්පජ්ජ විහාසිං. සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහාසිං.
13. බ්‍රාහ්මණය, (බෝමැඩ හුන්) මා විසින් වඩන ලද වීර්‍ය්‍යය නො හැකුළුනේ විය. සිහිය එළඹ සිටියේ නොනටුයේ ය. (නාමරූප) කය සංහිඳුනේ දරථ රහිත විය. සිත අරමුණෙහි මොනොවට පිහිටියේ එකඟ විය. බ්‍රාහ්මණය, ඒ මම් කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම, විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සැපය ද ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් සිය සතන්හි හටගත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ, චිත්තයාගේ එකඟ බව ඇති, විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතියෙන් ද වෙන්වීමෙන් ධ්යානෝපේක්ෂාව ඇත්තෙම් වාසය කෙළෙමි. සිහි ඇත්තෙම්, සම්‍යක්ප්‍රඥාවෙන් යුක්ත වූයෙම්, කයින් සුවය වින්දෙමි. යම් ධ්‍යානයක් හේතු කොට ගෙණ, ඒ පුද්ගලයා ‘උපේක්ෂාවෙන් යුක්තයෙක, සිහියෙන් යුක්තයෙක, සුඛ විහරණ ඇත්තෙකැ’යි බුද්ධාදී ආර්‍ය්‍යයෝ ප්‍රකාශ කෙරෙත් නම්, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. කායිකසුඛයාගේ ද කායික දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමුවෙන් ම සොම්නස් දොම්නස් පහ ව යාමෙන් දුක්වේදනා නැති සුඛවේදනා ද නැති, උපේක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදුබව ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි.
14. “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි, සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාළීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි, ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පෙ, ‘අමුත්රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං. තත්රාපාසිං එවන්නාමො එවං ගොත්තො එවං වණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ බ්‍රාහ්මණ, පඨමාභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
14. ඒ මම් මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සමාහිත වූ කල්හි, උපේක්ෂාස්මෘතිපරිශුද්ධියෙන් පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, පහ වූ රාගාදී අඞ්ගණ ඇති වූ කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මෘදු වූ කල්හි, අභිඥාකර්‍මයට සුදුසු ව පිරිසිදුබව් ආදියෙහි සිටි කල්හි, අචල බවට පත් කල්හි, පෙර වුසූ කඳපිළිවෙළ සිහි කිරීමේ නුවණ පිණිස සිත නැමුයෙමි. ඒ මම නන්වැදෑරුම් වූ පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරමි. ඒ මෙසේ යි: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුණක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පණසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති ලක්ෂයක් ද, නොයෙක් නස්නා කල්පයන් ද, නොයෙක් වැඩෙන කල්පයන් ද, නොයෙක් නස්නා වැඩෙන කල්පයන් ද සිහි කරමි. කෙසේ ද? යත්: අසෝ තැන මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් විඳින්නෙම්, මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම් එයින් චුත වූයෙම් අසෝ තැන උපනිමි. එහි ද මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගෝත්‍ර ඇත්තෙම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් අනුභව කරන්නෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීම්. ඒ මම් එයින් චුත වූයෙම් මෙහි උපනිමි කියා යි. මෙසේ ආකාර සහිත වූ නාමගෝත්රාදී උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් වූ පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරමි. බමුණ මා විසින් රැයෙහි පෙරයම්හි දී මේ පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කරණ නුවණ නැමැති ප්‍රථම විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව පහළ විය. මෝහ නැමැති අඳුර නැසුනේ ය. ප්‍රඥා නැමැති ආලෝකය පහළ විය. ස්මෘතිඅවිප්‍රවාසයෙන් අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත ව අභිප්රෙතාර්ත්ථ සිද්ධිය කෙරෙහි යොමු කරණ ලද සිත් ඇති ව වාසය කරන්නහුට යම්සේ ද මටත් එසේ ය. බමුණ, බිජුවටින් කුකුළුපැටියාගේ නික්මීම මෙන් මාගේ මේ පළමු වන නික්මීම විය.
15. “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ සත්තානං චුතූපපාතඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ. සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි, “ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා9”ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සාමි චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාමි. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ බ්‍රාහ්මණ, දුතියාභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
15. ඒ මම් මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සමාහිත වූ කල්හි, උපේක්ෂා ස්මෘති පාරිශුද්ධියෙන් පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, පහ වූ රාගාදී අඞ්ගණ ඇති කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මෘදුභාවයට පැමිණි කල්හි, අභිඥාකර්‍මයට සුදුසු ව පරිශුද්ධභාවාදියෙහි පිහිටි කල්හි, අචලබවට පත් කල්හි සත්ත්වයන්ගේ චුති උපපත්ති දෙක දැනීම පිණිස සිත නැමූයෙමි. ඒ මම් පිරිසිදු වූ, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවැසින් චුත වන්නා වූ ද උපදින්නා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද ආඪ්‍ය වූ ද දිළිඳු වූ ද සත්ත්වයන් දකිමි. කර්මය පරිදි පැමිණියා වූ සත්ත්වයින් දනිමි. ඒ මෙසේ යි: “ඒකාන්තයෙන් මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූහ. වාග්දුශ්චරිතයෙන් යුක්ත වූහ. මනෝදුශ්චරිතයෙන් යුක්ත වූහ. බුද්ධාදී ආර්‍ය්‍යයන්ට ගර්හා කරන්නෝ වූහ. විපරීතදෘෂ්ටි ඇත්තෝ වූහ. මිථ්‍යාදෘෂ්ටියෙන් ගන්නා ලද නානාවිධ කර්ම ඇත්තෝ වූහ. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ හෙයින් අපාය නම් වූ දුක පිහිටි තැන හෙයින් දුග්ගති නම් වූ, (නො කැමැත්තෙන් ම) පතිත වන හෙයින් විනිපාත නම් වූ නරකයට පැමිණියාහු ය. මේ භවත් සත්වයෝ වනාහි කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්‍ය්‍යයන්ට ගර්හා නො කරන්නෝ වූහ. සම්‍යග්දෘෂ්ටියෙන් යුක්තයෝ ය. සම්‍යග්දෘෂ්ටියෙන් ගන්නා ලද නානාවිධ කර්ම ඇත්තෝ වූහ. ඔහු කාබුන් මරණින් මතු මනා ගති ඇති හෙයින් සුගති නම් වූ දිව්‍යලෝකයට පැමිණියාහු ය”යි මෙසේ මිනිස් ඇස ඉක්ම පැවැති පිරිසිදු දිවැසින් චුත වන්නා වූ ද උපදින්නා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අභිරූප වූ ද විරූප වූ ද ආඪ්‍ය වූ ද දිළිඳු වූ ද සත්ත්වයන් දකිමි. කර්මය වූ පරිදි පැමිණියා වූ සත්ත්වයන් දනිමි. බ්‍රාහ්මණය, මා විසින් රැය මැදුම්යම්හි මේ ද්විතීය විද්‍යාව වූ දිව්‍යඥානය ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව පහළ විය. මෝහ අඳුර පහ විය. ප්‍රඥා ආලෝකය පහළ විය. අප්රමාදී වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වසන්නහුට යම් සේ නම් එමෙනි. බ්‍රාහ්මණය, බිජුවටින් කුකුළු පැටියාගේ නික්මීම මෙන් මාගේ මේ ද්විතීය වූ නික්මීම විය.
16. “සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. ‘ඉමෙ ආසවා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං ආසවසමුදයො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං, ‘අයං ආසවනිරොධො’ති යථාභූතං අබ්භඤ්ඤාසිං ‘අයං ආසවනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං අබ්භඤ්ඤාසිං. තස්ස මෙ එවං ජානතො එවං පස්සතො කාමාසවා’පි චිත්තං විමුච්චිත්ථ. භවාසවා’පි චිත්තං විමුච්චිත්ථ. අවිජ්ජාසවා’පි චිත්තං විමුච්චිත්ථ. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසිං. අයං ඛො මෙ බ්‍රාහ්මණ, රත්තියා පච්ඡිමෙ යාමෙ තතියා විජ්ජා අධිගතා, අවිජ්ජා විහතා, විජ්ජා උප්පන්නා, තමො විහතො, ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ බ්‍රාහ්මණ තතියාභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා’ති.
16. ඒ මම් මෙසේ සිත චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සමාධිගත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, පහ වූ රාගාදි අඞ්ගණ ඇති කල්හි, පහවූ උපක්ලේශ ඇති කල්හි, සිත වශී භාවයට පැමිණි කල්හි, අභිඥාකර්‍මයට සුදුසු ව පරිශුද්ධභාවාදියෙහි පිහිටි කල්හි නොසැලී සිටි කල්හි, ආස්රවක්ෂයකරඥානය පිණිස හෙවත් මගනුවණ පිණිස විදසුන් සිත නැමූයෙමි. ඒ මම් මේ දුක යැ යි තත් වූ පරිද්දෙන් දතිමි. මේ දුක හටගැණීමට හේතුවැ යි තත් වූ පරිද්දෙන් දතිමි. මේ දුක්ඛනිරෝධය යි තත් වූ පරිදි දතිමි. දුක්ඛනිරෝධයට = නිවනට යන පිළිවෙත ය යි තත් වූ පරිදි දතිමි. මොහු ආස්‍රවයෝ යි තතු සේ දතිමි. මේ ආස්‍රවයන්ගේ හට ගැණීමට හේතුව ය යි තතු සේ දතිමි. මේ ආස්‍රවනිරෝධය යි තතු සේ දතිමි. මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්ති ය යි තතු සේ දතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුනේ ය. භවාස්‍රවයෙන් ද මිදුනේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද මිදුනේ ය. සිත මිදුනු කල්හි මිදිනැ යි නුවණ පහළ විය. ඉපදීම ක්ෂීණ විය. මග බඹසර වැස නිමවන ලදී. සිවු මග කටයුතු කරණ ලද්දේ ය. මේ බව (කෙලෙසුන් නැසීම) පිණිස අන්‍ය වූවක් නැතැ යි දනිමි. බ්‍රාහ්මණය, රෑ පැසුළුයමෙහි මේ තෘතීයවිද්යාව (ආස්රවක්ෂයකරඥානය) අවබෝධ කරණ ලද්දේ ය. අවිද්‍යාව නසන ලදී. ආර්ය්යමාර්ගඥානවිද්යාව උපන. මෝහාන්ධකාරය නැසින. ප්රඥාලෝකය පහළ විය. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වසන්නහුට යම් සේ ද, එසේ ය. බ්‍රාහ්මණය, බිජුවටින් කුකුළු පැටියාගේ නික්මීම මෙන් මාගේ මේ තුන්වන නික්මීම විය.
17. එවං වුත්තෙ වෙරඤ්ජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “ජෙට්ඨො භවං ගොතමො. සෙට්ඨො භවං ගොතමො. අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අධිවාසෙතු ච මෙ භවං ගොතමො වෙරඤ්ජායං වස්සාවාසං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති.
17. මෙසේ වදාළ කල්හි ඒ වේරඤ්ජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කෙළේ ය: “භවත් ගෞතමයෝ ජ්යේෂ්ඨයහ. ශ්‍රේෂ්ඨයහ. භවත් ගෞතමයෙනි, ඉතා මැනැවි. භවත් ගෞතමයෙනි, ඉතා මැනැවි. භවත් ගෞතමයෙනි, යම්සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ ද, වසන ලද්දක් විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මග කියන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකිත්වා යි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ ද, මෙපරිද්දෙන් ම භවත් ගෞතමයන් විසින් නන් අයුරින් දහම් දෙසන ලදී. මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂු සංඞ්ඝයා ද සරණ යමි. භවත් ගෞතමයෝ අද පටන් දිවිහිමියෙන් සරණ ගියා වූ උවසුවකු කොට මා සලකත්වා. භවත් ගෞතමයෝ භික්ෂුසඞ්ඝයා සමග මට අනුග්‍රහය පිණිස වේරඤ්ජා නුවර වස් විසීම ද ඉවසත්වා”යි.
18. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
18. භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් එය ඉවසූසේක. ඉක්බිති වේරඤ්ජ බමුණු තෙමේ බුදුරජානන් වහන්සේගේ ඒ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදුකුණු කොට ගියේය.
19. තෙන ඛො පන සමයෙන වෙරඤ්ජා දුබ්භික්ඛා හොති ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා. න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. තෙන ඛො පන සමයෙන උත්තරාපථකා අස්සවාණිජා පඤ්චමත්තෙහි අස්සසතෙහි වෙරඤ්ජං වස්සාවාසං උපගතා හොන්ති. තෙහි අස්සමණ්ඩලිකාසු භික්ඛූනං පත්ථපත්ථපුලකං පඤ්ඤත්තං හොති. භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙරඤ්ජං පිණ්ඩාය පවිසිත්වා පිණ්ඩං අලභමානා අස්සමණ්ඩලිකාසු පිණ්ඩාය චරිත්වා පත්ථපත්ථපුලකං ආරාමං හරිත්වා උදුක්ඛලෙ කොට්ටෙත්වා කොට්ටෙත්වා පරිභුඤ්ජන්ති. ආයස්මා පනානන්දො පත්ථපුලකං සිලායං පිංසිත්වා භගවතො උපනාමෙති. තං භගවා පරිභුඤ්ජති.
19. එකල්හි වේරඤ්ජා නුවර දුක සේ ලැබිය යුතු භික්ෂාව ඇත්තේය. ජීවිතයත් මරණයත් අතර පැවැති දෙ-අදහස් ඇත්තේ ය. තැන තැන විසුළ මිනීඇටවලින් යුක්ත ය. (නොහොත් ‘සේතට්ඨිකා’ නම් සස්යරෝගයෙන් යුක්ත ය.) කුසපත් බෙදා කරණ දිවිපැවැත්ම ඇත්තේ ය. (නොහොත් කූරු පමණක් ව හටගත් සස්‍ය ඇත්තේ ය.) පිඬු සිඟීමෙන් යැපෙන්නට පහසු නොවන තැනෙක් විය. එකල්හි උත්තරාපථයෙන් පැමිණි අස්වෙළෙන්දෝ පන්සියක් පමණ වූ අසුන් සමග වස් සාරමස විසීමට වේරඤ්ජාවට පැමිණියාහු වෙත්. ඔවුන් විසින් අස්මඬුලුවල දී භික්ෂූන්ට යවහාල් පත පත පිහිටුවන ලද්දේ වෙයි. භික්ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ වේරඤ්ජාවට පිඬු පිණිස පිවිස නො ලබන්නාහු අස්මඬුලුවල පිඬු සිඟා ඇවිද යවහාල් පත පත අරමට ගෙණවුත් වනෙහි ලා කොටා වළඳත්. ආයුෂ්මත් වූ ආනන්ද ස්ථවිර තෙමේ යවහාල්පතක් ගලෙහි ලා අඹරා (මී සකුරු යොදා) භාග්‍යවතුන් වහන්සේට පිළිගන්වයි. භාග්‍යවතුන් වහන්සේ එය වළඳනසේක.
20. අස්සොසි ඛො භගවා උදුක්ඛලසද්දං. - ජානන්තාපි තථාගතා පුච්ඡන්ති, ජානන්තාපි න පුච්ඡන්ති. කාලං විදිත්වා පුච්ඡන්ති, කාලං විදිත්වා න පුච්ඡන්ති. අත්ථසංහිතං තථාගතා පුච්ඡන්ති, නො අනත්ථසංහිතං. අනත්ථසංහිතෙ සෙතුඝාතො තථාගතානං. ද්වීහාකාරෙහි බුද්ධා භගවන්තො භික්ඛූ පරිපුච්ඡන්ති: ‘ධම්මං වා දෙසෙස්සාම. සාවකානං වා සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමා’ති. -
20. භාග්‍යවතුන් වහන්සේ වනෙහි මොහොල් ගැටෙන හඬ ඇසූසේක. - තථාගතවරයෝ කරුණ දන්නාහු ද විචාරත්. දන්නාහු ද නො විචාරත්. කල් දැන විචාරත්. කල් දැන නො විචාරත්. තථාගතවරයෝ වැඩ සහිත වූවක් ම විචාරත්. අවැඩ සහිතයෙක් නො විචාරත්. අනර්‍ත්‍ථ සහිත වචන විෂයයෙහි තථාගතවරයන්ගේ සේතුඝාතය (එබඳු වචන කීමෙහි සිත මාර්ගයෙන් නැසුනේ ම) වෙයි. භාග්‍යවත් බුදුවරු “දහම් හෝ දෙසන්නෙමු. සව්වන්ට සිකපද හෝ පණවන්නෙමු” යි දෙ කරුණෙකින් භික්ෂූන් පිළිවිසිත්. –
අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කිං නු ඛො සො, ආනන්ද, උදුක්ඛලසද්දො”ති අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි. “සාධු සාධු, ආනන්ද, තුම්හෙහි ආනන්ද, සප්පුරිසෙහි විජිතං. පච්ඡිමා ජනතා සාලිමංසොදනං අතිමඤ්ඤිස්සතීති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූ සේක: “ආනන්දය, ඒ වනෙහි මොහොල් ගැටෙන හඬ කිමෙක් ද?”. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කෙළේය. “ආනන්ද ය, මැනැවි, මැනැවි. සත්පුරුෂ වූ තොප විසින් දුර්භික්ෂය ද ලෝභය ද දිනන ලදී. පශ්චිමජනතාව මස් හා හැල්සාල්බතට පවා අවමන් කරායි” වදාළ සේක.
21. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච: – “එතරහි භන්තෙ, වෙරඤ්ජා දුබ්භික්ඛා ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා. න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. ඉමිස්සා භන්තෙ මහාපඨවියා හෙට්ඨිමං තලං සම්පන්නං. සෙය්යථාපි ඛුද්දමධුං අනීලකං එවමස්සාදං. සාධාහං භන්තෙ පඨවිං පරිවත්තෙය්යං. භික්ඛූ පප්පටකොජං පරිභුඤ්ජිස්සන්තී”ති.
21. ඉක්බිති ආයුෂ්මත් වූ මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් සැළ කළහ: “වහන්ස, දැන් වේරඤ්ජා නුවර දුක සේ ලැබිය යුතු වූ භික්ෂාව ඇත්තේ ය. ජීවිතය පිළිබඳ ව දෙඅතෙකින් පැවැති සැක ඇත්තේය. තැන තැන විසුළ මිනීඇට ඇත්තේ ය. (නොහොත් වැළඳුනු සේතට්ඨිකා නම් සස්‍යරෝගය ඇත්තේය.) ලහ බෙදීමෙන් දිවි පවත්වන්නක් වෙයි. පිඬු සිඟීමෙන් ජීවත් වන්නට පහසු නොවන්නක් වෙයි. වහන්ස, මේ පොළොවේ යට පෙදෙස මිහිරිරසයෙන් සමෘද්ධ වෙයි. පිලවුන් නැති මීවදයක් යම් සේ ද, එමෙන් රසවත් වෙයි. වහන්ස, භික්ෂූහු පෘථිවිරසය වළඳත්වා’ යි මම් පොළොව පෙරළන්නෙම් නම් මැනැවි” යනු යි.
“යෙ පන තෙ, මොග්ගල්ලාන, පඨවිනිස්සිතා පාණා තෙ කථං කරිස්සසී”ති.
“මුගලන, යම් ඒ පොළොව ඇසුරු කළ ප්‍රාණීහු වෙද්ද, ඔවුනට කුමක් කරන්නෙහි ද?”
“එකාහං භන්තෙ, පාණිං අභිනිම්මිනිස්සාමි – සෙය්යථාපි මහාපඨවී. යෙ පඨවිනිස්සිතා පාණා තෙ තත්ථ සඞ්කාමෙස්සාමි. එකෙන හත්ථෙන පඨවිං පරිවත්තෙස්සාමී”ති.
“වහන්ස, මම් පොළොව පමණ මහත් වූ එක් අත්ලක් මවන්නෙමි. පොළොව ඇසුරු කළ ඒ ප්‍රාණීන් එයට මාරු කරන්නෙමි. අනික් අතින් පොළොව පෙරළන්නෙමි.”
“අලං, මොග්ගල්ලාන, මා තෙ රුච්චි පඨවිං පරිවත්තෙතුං. විපල්ලාසම්පි සත්තා පටිලභෙය්යු”න්ති.
“මුගලන, නුසුදුසු ය. පොළොව පෙරැළීම තොපට රුචි නො වේවා. සත්ත්වයෝ චිත්තවිපර්ය්යාසයට පවා පැමිණෙන්නාහු ය.”
“සාධු භන්තෙ, සබ්බො භික්ඛුසඞ්ඝො උත්තරකුරුං පිණ්ඩාය ගච්ඡෙය්යා”ති.
“වහන්ස, සියලු භික්‍ෂුසඞ්ඝ තෙමේ උතුරුකුරු දිවයිනට පිඬු පිණිස යන්නේ නම් මැනැවි.”
“අලං මොග්ගල්ලාන, මා තෙ රුච්චි සබ්බස්ස භික්ඛුසඞ්ඝස්ස උත්තරකුරුං පිණ්ඩාය ගමන”න්ති.
“මුගලන, නුසුදුසු ය. උතුරුකුරුදිවයිනට සියලු භික්‍ෂුසඞ්ඝයාගේ යෑම තොපට රුචි නො වේවා.”
22. අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි:– “කතමෙසානං ඛො බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි? කතමෙසානං බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී?”ති.
22. ඉක්බිති රහෝගත වූ, චිත්තවිවේකයෙන් යුත් වූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ වූ චිත්තපරිවිතර්කයෙක් පහළ විය. “කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?”
23. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායණ්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “කතමෙසානං ඛො බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි? කතමෙසානං බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී?”ති.
23. ඉක්බිති ආයුෂ්මත් වූ ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ පස්වරුයෙහි පලසමවතින් නැගී සිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත් පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, මෙහි රහසිගත වූ චිත්තවිවේකයෙන් යුත් වූ මගේ සිතට මෙබඳු විතර්කයෙක් පහළ විය. “කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?” යනු යි.
24. “කතමෙසානං නු ඛො, භන්තෙ, බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි? කතමෙසානං බුද්ධානං භගවන්තානං බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී?”ති
24. “වහන්ස, මෙහි කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී නො වී ද? කවර භාග්‍යවත් බුදුවරුන්ගේ ශාසනය චිරස්ථායී වී ද?”
“භගවතො ච, සාරිපුත්ත, විපස්සිස්ස භගවතො ච සිඛිස්ස භගවතො ච වෙස්සභුස්ස බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසි. භගවතො ච සාරිපුත්ත, කකුසන්ධස්ස භගවතො ච කොණාගමනස්ස භගවතො ච කස්සපස්ස බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසි”ති.
“ශාරීපුත්රයිනි, විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පැවැතුනෙක් නො වී ය. ශාරීපුත්රයිනි, කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ ද කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ද, ශාසනය වූ කලී බොහෝ කල් පැවැතුනෙක් වී” යැ යි වදාළ සේක.
25. “කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො යෙන භගවතො ච විපස්සිස්ස භගවතො ච සිඛිස්ස භගවතො ච වෙස්සභුස්ස බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසී?”ති.
25. “වහන්ස, යම් හේතුවෙකින් විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පැවතුනෙක් නො වී නම්, එයට හේතු කවරේ ද? එයට ප්‍රත්‍යය කවරේ ද?”
26. “භගවා ච, සාරිපුත්ත, විපස්සී භගවා ච සිඛී භගවා ච වෙස්සභූ කිලාසුනො අහෙසුං සාවකානං විත්ථාරෙන ධම්මං දෙසෙතුං. අප්පකං ච තෙසං අහොසි සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. අප්පඤ්ඤත්තං සාවකානං සික්ඛාපදං. අනුද්දිට්ඨං පාතිමොක්ඛං.
26. “ශාරීපුත්‍රයෙනි, විපස්සී භාග්‍යවතුන් වහන්සේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ ද ශ්‍රාවකයන්ට විස්තරවශයෙන් ධර්මය දේශනා කරන්නට උත්සාහ රහිත වූහ. ඒ බුදුවරුන්ගේ සුත්ත ය, ගෙය්ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වේදල්ල ය යන නවාංග ශාස්තෘශාසනය ස්වල්ප ද විය. ශ්‍රාවකයන්ට ශික්ෂාපද ද නො පණවන ලදී. ආණාපාතිමොක්ඛය නො උදෙසන ලදී.
27. තෙසං බුද්ධානං භගවන්තානං අන්තරධානෙන බුද්ධානුබුද්ධානං සාවකානං අන්තරධානෙන යෙ තෙ පච්ඡිමා සාවකා නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා, තෙ තං බ්රහ්මචරියං ඛිප්පඤ්ඤෙව අන්තරධාපෙසුං. සෙය්යථාපි සාරිපුත්ත, නානාපුප්ඵානි ඵලකෙ නික්ඛිත්තානි සුත්තෙන අසඞ්ගහිතානි, තානි වාතො විකිරති විධමති විද්ධංසෙති. තං කිස්ස හෙතු? යථා තං සුත්තෙන අසඞ්ගහිතත්තා. එවමෙව ඛො සාරිපුත්ත තෙසං බුද්ධානං භගවන්තානං අන්තරධානෙන බුද්ධානුබුද්ධානං සාවකානං අන්තරධානෙන යෙ තෙ පච්ඡිමා සාවකා නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා, තෙ තං බ්රහ්මචරියං ඛිප්පඤ්ඤෙව අන්තරධාපෙසුං.
27. ඒ භාග්‍යවත් වූ බුදුවරුන්ගේ පරිනිර්වාණයෙන් ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ ද පරිනිර්වාණයෙන් නානානාම ඇති, නානාගෝත්ර ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් පැවිදි වූ යම් පශ්චිමශ්‍රාවක කෙනෙක් වූවාහු ද, ඔහු ඒ ශාසනය වහා ම අතුරුදන් කළාහු ය. ශාරීපුත්‍රයෙනි, යම්සේ නන් වැදෑරුම් පුෂ්පජාතීහු මලස්නේ තැන්පත් කරණ ලද්දාහු හුයෙන් නොගොතන ලද්දාහු ද, යම් සේ ඒ මල් වාතය තෙමේ විසුරුවා ද, අන් තැනකට යවා ද, තුබූ තැනින් පහ කෙරේ ද, ඒ කවර හෙයින් ද? යත්: සුදුසු පරිදි ඒ මල් හුයින් නොගෙතුනු හෙයිනි. මෙ පරිද්දෙන් ම, ශාරීපුත්‍රයෙනි, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පිරිනිවන් පෑමෙන් ඒ ශ්‍රාවකයන්ගේ අතැවැසි වූ නානානාමගෝත්‍ර ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ යම් පශ්චිමශ්‍රාවක කෙනෙක් වූවාහු නම්, ඔහු ඒ ශාසනය වහා ම අතුරුදන් කළහ.
28. අකිලාසුනො ච තෙ භගවන්තො අහෙසුං සාවකෙ චෙතසා චෙතො පරිච්ච ඔවදිතුං. භූතපුබ්බං සාරිපුත්ත වෙස්සභූ භගවා අරහං සම්මාසම්බුද්ධො අඤ්ඤතරස්මිං භිංසනකෙ වනසණ්ඩෙ සහස්සං භික්ඛුසඞ්ඝං චෙතසා චෙතො පරිච්ච ඔවදති අනුසාසති: –“එවං විතක්කෙථ, මා එවං විතක්කයිත්ථ; එවං මනසි කරොථ, මා එවං මනසාකත්ථ. ඉදං පජහථ. ඉදං උපසම්පජ්ජ විහරථා”ති. අථ ඛො සාරිපුත්ත තස්ස භික්ඛුසහස්සස්ස වෙස්සභුනා භගවතා අරහතා සම්මාසම්බුද්ධෙන එවං ඔවදියමානානං එවං අනුසාසියමානානං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු. තත්ර සුදං සාරිපුත්ත, භිංසනකස්ස වනසණ්ඩස්ස භිංසනකතස්මිං හොති:– යො කොචි අවීතරාගො තං වනසණ්ඩං පවිසති, යෙභුය්යෙන ලොමානි හංසන්ති. –
28. වැලි දු ඒ භාග්‍යවත් බුදුවරු තමන්ගේ සිතින් ශ්‍රාවකයන් සිත පිරිසිඳ දැන ශ්‍රාවකයන්ට අවවාද කරන්නට උත්සාහ සහිත වූහ. ශාරීපුත්‍රයෙනි, පෙර වූවක් කියමි: අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ බිහිසුණු වූ එක්තරා වනලැහැබක දී තමන්ගේ සිතින් ඒ මහණුන්ගේ සිත පිරිසිඳ දැන දහසක් මහණුන්ට ‘මෙසේ (නෙක්ඛම්මාදි) විතර්ක කරවු. (කාමාදි) විතර්ක නො කරවු. මෙසේ අනිත්‍යාදිවශයෙන් මෙනෙහි කරවු. නිත්‍යාදිවශයෙන් මෙනෙහි නො කරවු. අකුසල් වූ මෙය දුරු කරවු. කුසල් වූ මෙයට පැමිණ වාසය කරවු’යි අවවාද කරණ සේක, අනුශාසනා කරණ සේක. ඉක්බිති ශාරීපුත්‍රයෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ අවවාද කරණු ලබන්නා වූ මෙසේ අනුශාසනා කරණු ලබන්නා වූ ඒ දහසක් මහණුන්ගේ සිත් උපාදාන රහිත ව කාමාදි ආස්‍රවයන්ගෙන් මිදුනේය. - ශාරීපුත්‍රයෙනි, ඒ බිහිසුණු වනලැහැබෙහි මේ බිහිසුණු බව වෙයි: අවීතරාග වූ යමෙක් ඒ වන ලැහැබට පිවිසේ ද, බෙහෙවින් ඔහුගේ ලොමුදහගණී.-
29. අයං ඛො සාරිපුත්ත හෙතු අයං පච්චයො, යෙන භගවතො ච විපස්සිස්ස භගවතො ච සිඛිස්ස භගවතො ච වෙස්සභුස්ස බ්රහ්මචරියං න චිරට්ඨිතිකං අහොසී”ති.
29. යමක් හේතු කොට ගෙණ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ද සිඛී භාග්‍යවතුන් වහන්සේගේ ද වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ ද ශාසනය බොහෝ කල් පවත්නේ නො වී ද, ශාරීපුත්‍රයෙනි, මේ එයට හේතුව යි. මේ එයට ප්‍රත්‍යය යි.”
30. “කො පන භන්තෙ හෙතු කො පච්චයො යෙන භගවතො ච කකුසන්ධස්ස භගවතො ච කොණාගමනස්ස භගවතො ච කස්සපස්ස බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී?”ති.
30. “වහන්ස, යමක් කරණ කොට ගෙණ කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේත් කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේත් ශාසනය බොහෝ කල් පවත්නක් වී නම්, එයට හේතුව කිම? ප්‍රත්‍යය කිම?”
31. “භගවා ච සාරිපුත්ත කකුසන්ධො භගවා ච කොණාගමනො භගවා ච කස්සපො අකිලාසුනො අහෙසුං සාවකානං විත්ථාරෙන ධම්මං දෙසෙතුං. බහුං ච නෙසං අහොසි සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. පඤ්ඤත්තං සාවකානං සික්ඛාපදං. උද්දිට්ඨං පාතිමොක්ඛං.
31. “ශාරීපුත්‍රයෙනි, කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ද කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ද ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් දහම් දෙසන්නට උත්සාහවත් වූහ. ඒ බුදුවරුන්ගේ සූත්‍රදේශනා ද, ගාථා සහිත සූත්‍ර දේශනා ද, අභිධර්මපිටකය හා අන්‍ය අඞ්ග අටට අයත් නුවූ බුද්ධවචන ද, ගාථා දේශනා ද, සොම්නස්මුවා නුවණින් වදාළ දේශනා ද, ‘භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේකැ’යි දැක්වූ සූත්‍රාන්ත ද, ජාතකදේශනා ද, ආශ්චර්ය්යාද්භූතධර්මප්රතිසංයුක්ත සූත්‍රාන්ත ද, ප්‍රීතිය හා ඥානය ඇසුරු කළ සූත්‍රාන්ත ද යන නවාංග ශාස්තෘශාසනය බොහෝ විය. ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවන ලදී. පාමොක් උදෙසන ලදී.
32. තෙසං බුද්ධානං භගවන්තානං අන්තරධානෙන, බුද්ධානුබුද්ධානං සාවකානං අන්තරධානෙන, යෙ තෙ පච්ඡිමා සාවකා නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා, තෙ තං බ්රහ්මචරියං චිරං දීඝමද්ධානං ඨපෙසුං. සෙය්යථාපි සාරිපුත්ත, නානාපුප්ඵානි ඵලකෙ නික්ඛිත්තානි සුත්තෙන සුසංගහිතානි, තානි වාතො න විකිරති න විධමති න විද්ධංසෙති. තං කිස්ස හෙතු? යථා තං සුත්තෙන සුසඞ්ගහිතත්තා. එවමෙව ඛො සාරිපුත්ත, තෙසං බුද්ධානං භගවන්තානං අන්තරධානෙන බුද්ධානුබුද්ධානං සාවකානං අන්තරධානෙන යෙ තෙ පච්ඡිමා සාවකා නානානාමා නානාගොත්තා නානාජච්චා නානාකුලා පබ්බජිතා, තෙ තං බ්රහ්මචරියං චිරං දීඝමද්ධානං ඨපෙසුං.
32. ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පරිනිර්වාණයෙන්, ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පරිනිර්වාණයෙන්, ඒ සම්බුද්ධසම්මුඛ ශ්රාවකවරයන්ගේ අතැවැසි වූ, නන් වැදෑරුම් නම් ගොත් ඇති, නන් වැදෑරුම් ජාතියෙන් නන් වැදෑරුම් කුලයෙන් නික්ම පැවිදි වූ යම් ඒ පශ්චිම ශ්‍රාවක කෙනෙක් වූවාහු නම්, ඔහු ඒ ශාසනය ඉතා දීර්ඝ කාලයක් තැබූහ. ශාරීපුත්‍රයෙනි, යම්සේ නන්වැදෑරුම් පුෂ්පයෝ මලස්නේ තැන්පත් කරණ ලද්දාහු හුයෙන් මනා ව බඳනා ලද්දාහු ද, වාතය තෙමේ ඔවුන් නො විසුරුවා ද, අන් තැනකට නො යවා ද, තුබූ තැනින් පහ නො කෙරේ ද, ඒ කවර හෙයින් ද? යත්: සුදුසු පරිදි ඒ මල් හුයින් ගෙතුනු හෙයිනි. මෙ පරිද්දෙන් ම ශාරීපුත්‍රයෙනි, ඒ භාග්‍යවත් බුදුවරුන්ගේ පිරිනිවීමෙන්, ඒ බුදුවරුන්ගේ සම්මුඛශ්‍රාවකයන්ගේ පිරිනිවීමෙන්, ඒ සම්මුඛශ්‍රාවකයන්ගේ අතැවැසි වූ, නානා නම් ගොත් ඇති, නානාජාතියෙන් නානාකුලයෙන් නික්ම පැවිදි වූ යම් ඒ පශ්චිම ශ්‍රාවක කෙනෙක් වූවාහු ද, ඔහු ඒ ශාසනය බොහෝ දිගු කලක් තැබූහ.
33. අයං ඛො, සාරිපුත්ත හෙතු අයං පච්චයො යෙන භගවතො ච කකුසන්ධස්ස භගවතො ච කොණාගමනස්ස භගවතො ච කස්සපස්ස බ්රහ්මචරියං චිරට්ඨිතිකං අහොසී”ති.
33. ශාරීපුත්‍රයෙනි, යම් කරුණෙකින් කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේත්, කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේත්, කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේත් ශාසනය දිගු කලක් පවත්නේ වී ද, මේ එයට හේතුව ය, මේ එයට ප්‍රත්‍යය ය” යි වදාළ සේක.
34. අථ ඛො ආයස්මා සාරිපුත්තො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “එතස්ස භගවා කාලො, එතස්ස, සුගත කාලො, යං භගවා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙය්ය, උද්දිසෙය්ය පාතිමොක්ඛං, යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතික”න්ති.
34. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පොරෝණය එකස් කොට පෙරෙව භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “භාග්‍යවතුන් වහන්ස, යම් හෙයෙකින් මේ ශාසනය දිගුකල් පවත්නක්, බොහෝ කල් පවත්නක් වන්නේ ද, එසේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවන සේක්වා. පාමොක් උදෙසන සේක්වා. භාග්‍යවතුන් වහන්ස, මෙය එයට කල් වෙයි. සුගතයන් වහන්ස, මෙය එයට කල් වෙයි.”
35. “ආගමෙහි ත්වං, සාරිපුත්ත. ආගමෙහි ත්වං, සාරිපුත්ත. තථාගතො’ව තත්ථ කාලං ජානිස්සති. න තාව සාරිපුත්ත සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති, න උද්දිසති පාතිමොක්ඛං, යාව න ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. යතො ච ඛො, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.
35. “ශාරීපුත්‍රයෙනි, බලාපොරොත්තු වවු. ශාරීපුත්‍රයෙනි, බලාපොරොත්තු වවු. තථාගත තෙමේ ම එයට කල් දන්නේ ය. ශාරීපුත්‍රයෙනි, යම් තාක් මේ ශාසනයෙහි ආස්‍රවයන් ඉපද සිටීමට ආධාර වූ ඇතැම් ධර්මයෝ සඞ්ඝයා කෙරෙහි නො පහළ වෙද්ද, ඒ තාක් ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන්ට සිකපද නො පණවයි, පාමොක් නො උදෙසයි. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක වනාහි මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙද්ද, එකල්හි ශාස්තෘ තෙමේ එම ආස්රවස්ථානීය ධර්මයන් නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
36. න තාව, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො රත්තඤ්ඤුමහත්තං පත්තො හොති. යතො ච ඛො සාරිපුත්ත, සඞ්ඝො රත්තඤ්ඤුමහත්තං පත්තො හොති, අථ ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති. අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.
36. ශාරීපුත්‍රයෙනි, සඞ්ඝ තෙමේ යම් තාක් චිරරාත්රයන්ගෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ චිරරාත්රයන්ගෙන් මහත්වයට පැමිණියේ වේ ද, මේ ශාසනයෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ සඞ්ඝයා කෙරෙහි පහළ වෙත් ද, එකල්හි ශාස්තෘ තෙමේ ඒ ආස්රවස්ථානීයධර්මයන් නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
37. න තාව, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො වෙපුල්ලමහත්තං පත්තො හොති. යතො ච ඛො සාරිපුත්ත සඞ්ඝො වෙපුල්ලමහත්තං පත්තො හොති, අථ ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.
37. ශාරීපුත්‍රයෙනි, සඞ්ඝ තෙමේ යම් තාක් ස්ථවිර මද්ධ්‍යම නවක වශයෙන් විපුලත්වයට මහත්ත්වයට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ විපුලත්වයට මහත්ත්වයට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ පහළ වෙත්. එකල්හි ශාස්තෘ තෙමේ එ ම ආස්රවස්ථානීය ධර්ම නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
38. න තාව, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො ලාභග්ගමහත්තං පත්තො හොති. යතො ච ඛො සාරිපුත්ත සඞ්ඝො ලාභග්ගමහත්තං පත්තො හොති, අථ ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.
38. ශාරීපුත්‍රයෙනි, යම් තාක් සඞ්ඝ තෙමේ ලාභයෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ ලාභයෙන් මහත්බවට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ පහළ වෙත්. ඉක්බිති ශාස්තෘ තෙමේ එ ම ආස්රවස්ථානීය ධර්ම නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
39. න තාව, සාරිපුත්ත, ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, යාව න සඞ්ඝො බාහුසච්චමහත්තං පත්තො හොති. යතො ච ඛො සාරිපුත්ත, සඞ්ඝො බාහුසච්චමහත්තං පත්තො හොති, අථ ඉධෙකච්චෙ ආසවට්ඨානීයා ධම්මා සඞ්ඝෙ පාතුභවන්ති, අථ සත්ථා සාවකානං සික්ඛාපදං පඤ්ඤාපෙති, උද්දිසති පාතිමොක්ඛං තෙසඤ්ඤෙව ආසවට්ඨානීයානං ධම්මානං පටිඝාතාය.”
39. ශාරීපුත්‍රයෙනි, යම් තාක් සඞ්ඝ තෙමේ බහුශ්රැතියෙන් මහත් බවට නො පැමිණියේ වේ ද, ඒ තාක් මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ නො පහළ වෙත්. ශාරීපුත්‍රයෙනි, යම් කලෙක සඞ්ඝ තෙමේ බොහෝ උගත්බවට පැමිණියේ වේ ද, එකල්හි මේ ශාසනයෙහි සඞ්ඝයා කෙරෙහි ඇතැම් ආස්‍රවස්ථානීයධර්‍මයෝ පහළ වෙත්. එකල්හි ශාස්තෘ තෙමේ එ ම ආස්රවස්ථානීය ධර්ම නැසීම පිණිස ශ්‍රාවකයන්ට සිකපද පණවයි, පාමොක් උදෙසයි.
40. නිරබ්බුදො හි සාරිපුත්ත, භික්ඛුසඞ්ඝො නිරාදීනවො අපගතකාළකො සුද්ධො සාරෙ පතිට්ඨිතො. ඉමෙසං හි සාරිපුත්ත පඤ්චන්නං භික්ඛුසතානං යො පච්ඡිමකො භික්ඛු, සො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
40. ශාරීපුත්‍රයෙනි, භික්‍ෂුසඞ්ඝ තෙමේ නිරර්බුද ය, නිදොස් ය, දුසිල් මහණුන්ගෙන් තොර ය, පිරිසුදු ය, සිල් ආදි සරුදහම්හි පිහිටියේ ය. ශාරීපුත්‍රයෙනි, මේ පන්සියක් මහණුන් අතුරෙන් යම් පැසුළු මහණෙක් වේ ද, හෙතෙමේ සෝවන් ය, අපායෙහි නො හෙනසුලු ය, නිවණට නියත ය, සම්බෝධිය ම පිහිට කොට ඇත්තේ ය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
41. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: –“ආචිණ්ණං ඛො පනෙතං ආනන්ද තථාගතානං යෙහි නිමන්තිතා වස්සං වසන්ති, න තෙ අනපලොකෙත්වා ජනපදචාරිකං පක්කමන්ති. ආයාමානන්ද වෙරඤ්ජං බ්රාහ්මණං අපලොකෙස්සාමා”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
41. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳතෙරුන් අමතා “ආනන්දය, බුදුවරු යම් කෙනෙකුන් විසින් නිමතන ලද්දාහු වස් වෙසෙද්ද, ඔවුන් නො විචාරා දනවු සැරිසැරීමට නො නික්මෙත් යන මෙය තථාගතයන්ගේ පුරුදු ධර්මතාවකි. ආනන්දය යමු. වේරඤ්ජ බ්‍රාහ්මණයාට දැනුම් දෙමු”යි වදාළ සේක. ආයුෂ්මත් ආනන්ද තෙමේ, “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුනි.
42. අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන වෙරඤ්ජස්ස බ්රාහ්මණස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
42. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙව පාසිවුරු ගෙණ ආයුෂ්මත් අනඳ තෙරහු පසුව ලා යන මහණහු කොට වේරඤ්ජ බමුණාගේ නිවෙසට එළැඹි සේක. එළඹ පැනවූ අසුන්හි වැඩ හුන් සේක.
43. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො වෙරඤ්ජං බ්රාහ්මණං භගවා එතදවොච: “නිමන්තිතම්හ තයා බ්‍රාහ්මණ වස්සං වුත්ථා. අපලොකෙම තං. ඉච්ඡාම මයං ජනපදචාරිකං පක්කමිතු”න්ති.
43. එකල්හි වේරඤ්ජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත් පසෙක හුන් වේරඤ්ජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ “බමුණානෙනි, අපි තොප විසින් නිමතන ලද්දමෝ වස් වුසූමු. තොපට දන්වමු. දනවු සැරිසරන්නට අපි කැමැත්තෙමු” යි වදාළ සේක.
44. “සච්චං භො ගොතම, නිමන්තිතත්ථ මයා වස්සං වුත්ථා. අපි ච යො දෙය්යධම්මො සො න දින්නො. තඤ්ච ඛො නො අසන්තං නො’පි අදාතුකම්යතා. තං කුතෙත්ථ ලබ්භා? බහුකිච්චා ඝරාවාසා බහුකරණීයා. අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
44. “භවත් ගෞතමයන් වහන්ස, සැබැව. මා විසින් නිමතන ලද්දහු වස් වුසූහු ය. එහෙත් යම් දෙයධර්‍මයක් වී නම්, එය නො දෙන ලද්දේ ය. හෙ ද වනාහි නැතිව නො වෙයි. නො දෙනු කැමැත්තෙක් ද නො වීය. ගෘහවාසයෝ බොහෝ කෘත්‍ය ඇත්තෝ ය. බොහෝ කටයුතු ඇත්තෝ ය. එහෙයින් එයට අවකාශයෙක් කොයින් ලැබේ ද? භවත් ගෞතමයන් වහන්ස, භික්ෂුසඞ්ඝයා සමග සෙට දවසට මාගේ දානය ඉවසන සේක්වා”යි හේ කී ය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් එය ඉවසූ සේක.
45. අථ ඛො භගවා වෙරඤ්ජං බ්රාහ්මණං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
45. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බ්‍රාහ්මණයාට දැහැමි කථාවෙන් කරුණු දක්වා, ඔහු කුසල් දහම්හි සමාදන් කරවා, තියුණු කරවා, සතුටු කොට හුනස්නෙන් නැගී වැඩි සේක.
46. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: “කාලො භො ගොතම, නිට්ඨිතං භත්ත”න්ති.
46. ඉක්බිති වේරඤ්ජ බ්‍රාහ්මණ තෙමේ එ රැය ඇවෑමෙන් සිය නිවෙසෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා, “භවත් ගෞතමයන් වහන්ස, කල් වෙයි. බත නිමියේ ය” යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවීය.
47. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන වෙරඤ්ජස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං තිචීවරෙන අච්ඡාදෙසි. එකමෙකං ච භික්ඛුං එකමෙකෙන දුස්සයුගෙන අච්ඡාදෙසි. අථ ඛො භගවා වෙරඤ්ජං බ්රාහ්මණං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
47. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ වේරඤ්ජ බ්‍රාහ්මණයාගේ නිවෙසට එළඹ පැණවූ අසුන්හි භික්ෂුසඞ්ඝයා සමග වැඩහුන් සේක. ඉක්බිති වේරඤ්ජබ්‍රාහ්මණ තෙමේ ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් බුදුපාමොක් මහසඟන සියතින් වළඳවා පවරවා, වළඳා නිමවූ, පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ තුන්සිවුරෙන් පිදී ය. එක් එක් භික්ෂුනමක් එක් එක් වස්ත්‍රයුග්මයෙන් පිදී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජ බමුණාට දැහැමි කථාවෙන් කරුණු දක්වා, ඔහු කුසල් දහම්හි සමාදන් කරවා, තියුණු කරවා, පහන් කොට හුනස්නෙන් නැගී වැඩි සේක.
48. අථ ඛො භගවා වෙරඤ්ජායං යථාභිරන්තං විහරිත්වා අනුපගම්ම සොරෙය්යං සඞ්කස්සං කන්නකුජ්ජං, යෙන පයාගපතිට්ඨානං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පයාගපතිට්ඨානෙ ගඞ්ගං නදිං උත්තරිත්වා යෙන බාරාණසී තදවසරි. අථ ඛො භගවා බාරාණසියං යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී, තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං.
48. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජාවෙහි රිසි තාක් වැස සොරෙය්‍ය, සඞ්කස්ස, කාන්‍යකුබ්ජ යන නගරයන්ට නො පැමිණ ප්රයාගප්රතිෂ්ඨානයට එළඹි සේක. එළඹ ප්රයාගප්රතිෂ්ඨානයෙහි දී ගඞ්ගා නදිය තරණය කොට බරණැසට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බරණැස රිසි තාක් වැස විසල්පුර බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරණ සේක්, විසල්පුර යම් තැනෙක ද එහි වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩ වෙසෙන සේක.
වෙරඤ්ජභාණවාරො නිට්ඨිතො.
වේරඤ්ජ බණවර නිමියේ ය.