සුදින්නභාණවාරො
$$සුදින්නභාණවාරො$$
$$සුදින්න බණවර$$
1. තෙන ඛො පන සමයෙන වෙසාලියා අවිදූරෙ කලන්දගාමො නාම හොති. තත්ථ සුදින්නො නාම කලන්දපුත්තො සෙට්ඨිපුත්තො හොති. අථ ඛො සුදින්නො කලන්දපුත්තො සම්බහුලෙහි සහායකෙහි සද්ධිං වෙසාලිං අගමාසි කෙනචිදෙව කරණීයෙන. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නො හොති.
1. එසමයෙහි විසල්පුර අසල කලන්දගාම නම් ගමෙක් වෙයි. එහි කලන්ද සිටුහුගේ පුත් වූ සුදින්න නම් සිටුපුතෙක් වෙයි. ඉක්බිති කලන්දසිටුපුත් වූ සුදින්න තෙමේ බොහෝ යහළුවන් සමග කිසි යම් කටයුත්තෙකින් විසල්පුරයට පැමිණියේ ය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවැරුණ සේක් දහම් දෙසමින් වැඩහුන් සේක.
2. අද්දසා ඛො සුදින්නො කලන්දපුත්තො භගවන්තං මහතියා පරිසාය පරිවුතං ධම්මං දෙසෙන්තං නිසින්නං. දිස්වානස්ස එතදහොසි: “යන්නූනාහම්පි ධම්මං සුණෙය්ය”න්ති. අථ ඛො සුදින්නො කලන්දපුත්තො යෙන සා පරිසා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නස්ස ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස එතදහොසි: “යථා යථා ඛො අහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති.
2. කලන්ද සිටුපුත් තෙමේ මහපිරිසෙන් පිරිවරණ ලදු ව දහම් දෙසමින් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක ඔහුට “ඉදින් මම ද බණ අසන්නෙම් නම් යෙහෙකැ”යි මෙබඳු සිතෙක් විය. ඉක්බිති සුදින්න සිටුපුත් තෙමේ ඒ පිරිස වෙත පැමිණ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් සුදින්නහට මෙබඳු සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය යම් යම් සේ මම දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය හැසිරෙන්නට සුකර නො වේ. ඉදින් මම කෙස්රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නෙම් නම් මැනැව” යනුයි.
3. අථ ඛො සා පරිසා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද, කුසල් දහම්හි යොදවන ලද, තියුණු කරණ ලද, පහන් කරණ ලද ඒ පිරිස හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
4. අථ ඛො සුදින්නො කලන්දපුත්තො අචිරවුට්ඨිතාය පරිසාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුදින්නො කලන්දපුත්තො භගවන්තං එතදවොච: “යථා යථා ඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං භන්තෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. පබ්බාජෙතු මං භගවා”ති.
4. ඉක්බිති සුදින්න නම් වූ කලන්‍දපුත් තෙමේ ඒ පිරිස නැගිට ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුදින්න කලන්‍දපුත් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය මම යම්සේ දනිම් ද, ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය හැසිරෙන්නට සුකර නො වේ. වහන්ස, මම් කෙස් රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරණ සේක්වා” යනු යි.
“අනුඤ්ඤාතො’සි පන ත්වං සුද්දින්න මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා?”ති.
“සුදින්නය, ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් තෝ අනුදන්නා ලද්දෙහි ද?”
“න ඛො අහං භන්තෙ අනුඤ්ඤාතො මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
“වහන්ස, ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මව්පියන් විසින් මම නො අනුදන්නා ලද්දෙම් වෙමි.”
“න ඛො සුදින්න තථාගතා අනනුඤ්ඤාතං මාතාපිතූහි පුත්තං පබ්බාජෙන්තී”ති.
“සුදින්නය, තථාගතවරයෝ මව්පියන් විසින් නොඅනුදත් කුලදරුවා පැවිදි නො කෙරෙත්.”
“සො’හං භන්තෙ තථා කරිස්සාමි, යථා මං මාතාපිතරො අනුජානිස්සන්ති, අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
“වහන්ස, ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මව්පියෝ මට යම්සේ අනුදන්නාහු ද, මම් එසේ කරන්නෙමි.”
5. අථ ඛො සුදින්නො කලන්දපුත්තො වෙසාලියං තං කරණීයං තීරෙත්වා යෙන කලන්දගාමො, යෙන මාතාපිතරො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මාතාපිතරො එතදවොච: – “අම්ම, තාත, යථා යථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. එවං වුත්තෙ සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි තාත සුදින්න, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො. න ත්වං තාත සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි. මරණෙන’පි මයං තෙ අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
5. ඉක්බිති කලන්ද සිටු පුත් වූ සුදින්න තෙමේ විසල්පුරයෙහි ඒ කටයුතු දැය අවසන් කොට කලන්දගම මව්පියන් වෙත ගියේ ය. ගොස් මව්පියන්ට “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මය මම යම් යම් ලෙසෙකින් දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම් කෙස්රවුල් බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මට අවසර දෙන්නැ”යි මෙය කීය. මෙසේ කී කල්හි සුදින්න කලන්ද පුතුගේ මව්පියෝ සුදින්න කලන්ද පුත්හට “දරුව, සුදින්නය, තෝ අපගේ ප්‍රිය වූ මනාප වූ සුව සේ වැඩුනු, සුව සේ පෝෂණය කරණ ලද, එක ම පුත්‍ර වෙහි. දරුව, සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. අපි තාගේ මරණයෙනුදු නොකැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු දැ?” යි මෙය කීහ.
6. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සුදින්නො කලන්දපුත්තො මාතාපිතරො එතදවොච: “අම්ම, තාත, යථා යථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. ඉච්ඡාමහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතුං. අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. තතියම්පි ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි, තාත සුදින්න අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො. න ත්වං, තාත සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි. මරණෙන’පි මයං තෙ අකාමකා විනා භවිස්සාම, කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා?”ති.
6. දෙවෙනු ද ... තෙවෙනු ද ... කලන්ද පුත් වූ සුදින්න තෙමේ මව්පියන්ට “මෑණියෙනි, පියාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්මය මම යම් සේ දනිම් ද, ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් එකැතින් පිරිසිදු ඒ සඞ්ඛලිඛිත බඹසර හැසිරෙන්නට සුකර නො වේ. මම කෙස්රවුල් බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන් වදින්නට කැමැත්තෙමි. ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස මට අවසර දෙන්නැ”යි මෙය කී ය. තෙවෙනු ද කලන්ද පුත් සුදින්නගේ මව්පියෝ කලන්ද පුත් සුදින්නහට “දරුව, සුදින්නය, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මන වඩන, සුව සේ වැඩුනු, සුවසේ පෝෂිත වූ, එක ම පුත්‍ර වෙහි. දරු, සුදින්න, තෝ කිසි දුකක් නො දන්නෙහි. තාගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු දැ?” යි මෙය කීහ.
7. අථ ඛො සුදින්නො කලන්දපුත්තො “න මං මාතාපිතරො අනුජානන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති, තත්ථෙව අනන්තරහිතාය භූමියා නිපජ්ජි “ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වා”ති. අථ ඛො සුදින්නො කලන්දපුත්තො එකම්පි භත්තං න භුඤ්ජි. ද්වෙ’පි භත්තානි න භුඤ්ජි. තීණි’පි භත්තානි න භුඤ්ජි. චත්තාරි’පි භත්තානි න භුඤ්ජි. පඤ්ච’පි භත්තානි න භුඤ්ජි. ඡ’පි භත්තානි න භුඤ්ජි. සත්ත’පි භත්තානි න භුඤ්ජි.
7. ඉක්බිති කලන්ද පුත් සුදින්න තෙමේ “ගිහිගෙන් නික්ම සසුන් වදින්නට මව්පියෝ මට නො ම අනුදනිත්. මෙහි ම මගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේ ය”යි එහි ම කිසිවක් නො අතුළ බිමෙහි හොත්තේ ය. ඉක්බිති කලන්‍දපුත් සුදින්න තෙමේ එක් බතක් ද නො වැළඳීය. බත් දෙකක් ද නො වැළඳී ය. බත් තුණක් ද නො වැළඳී ය. බත් සතරක් ද නො වැළඳී ය. බත් පසක් ද නො වැළඳී ය. බත් සයක් ද නො වැළඳී ය. බත් සතක් ද නො වැළඳී ය. (සත් දිනක් ම නො වැළඳීය යනු භාවයි.)
8. අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි තාත සුදින්න, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො, න ත්වං තාත සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි, මරණෙන’පි මයං තෙ අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. උට්ඨෙහි තාත සුදින්න, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච. භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමෙ පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. එවං වුත්තෙ සුදින්නො කලන්දපුත්තො තුණ්හී අහොසි දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි තාත සුදින්න, අම්හාකං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො. න ත්වං තාත සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි. මරණෙන’පි මයං තෙ අකාමකා විනා භවිස්සාම. කිං පන මයං තං ජීවන්තං අනුජානිස්සාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. උට්ඨෙහි තාත සුදින්න, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච. භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමෙ පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මයං අනුජානාම අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. තතියම්පි ඛො සුදින්නො කලන්දපුත්තො තුණ්හී අහොසි.
8. ඉක්බිති කලන්‍දපුත් සුදින්නගේ මවුපියෝ කලන්‍දපුත් සුදින්න හට “දරු, සුදින්න, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මන වඩන්නා වූ, සුවසේ වැඩුනු, සුව සේ පෝෂණය කරණ ලද, එක ම පුත්‍ර වෙහි. දරුව සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. තාගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ ම වෙන් වන්නමු. කිම, ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වැදීම පිණිස අපි අනුදනිමු ද? දරුව, සුදින්නය, නැගිටුව. අනුභව ද කරව. පානය ද කරව. ඉඳුරන් ද පිණවව. කමින් බොමින් ඉඳුරන් පිණවමින් පස්කම් සුව විඳිමින් පින් කරමින් ගිහිසුව විඳුව. ගිහිගෙන් නික්ම සසුන් වදිනට අපි තට නො ම අනුදනිමු” යි මෙය කීහ. මෙසේ කී කල්හි කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ වි ය. දෙවෙනුත් ... තෙවෙනුත් කලන්‍දපුත් සුදින්නගේ මවුපියෝ කලන්‍දපුත් සුදින්න හට “දරුව, සුදින්නය, තෝ වනාහි අපගේ ප්‍රිය වූ, මනාප වූ, සුවසේ වැඩුනා වූ සුව සේ පෝෂිත වූ එක ම පුත් වෙහි. දරුව, සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. අපි තාගේ මරණයෙනුදු නො කැමැත්තමෝ වෙන් වන්නමු. කිම, අපි ජීවත් වන තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අනුදනිමු ද? දරුව, සුදින්නය, නැගිටුව, කව, බොව. ඉඳුරන් පිණවව. කමින් බොමින් ඉඳුරන් පිණවමින් පස්කම්සුව විඳිමින් පින් කරමින් (ගිහිගෙහි) සිත් අලවව. අපි තට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට අවසර නො දෙමු” යි මෙය කීහ. තෙවනුත් කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ වි ය.
9. අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා යෙන සුදින්නො කලන්දපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි සම්ම සුදින්න මාතාපිතුන්නං එකපුත්තකො පියො මනාපො සුඛෙධිතො සුඛපරිභටො. න ත්වං සම්ම සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසි. මරණෙන’පි තෙ මාතාපිතරො අකාමකා විනා භවිස්සන්ති. කිං පන තං ජීවන්තං අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. උට්ඨෙහි, සම්ම සුදින්න, භුඤ්ජ ච පිව ච පරිචාරෙහි ච. භුඤ්ජන්තො පිවන්තො පරිචාරෙන්තො කාමෙ පරිභුඤ්ජන්තො පුඤ්ඤානි කරොන්තො අභිරමස්සු. න තං මාතාපිතරො අනුජානිස්සන්ති අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. එවං වුත්තෙ සුදින්නො කලන්දපුත්තො තුණ්හී අහොසි. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “ත්වං ඛො’සි සම්ම සුදින්න -පෙ- තතියම්පි ඛො සුදින්නො කලන්දපුත්තො තුණ්හී අහොසි.
9. ඉක්බිති කලන්‍දපුත් සුදින්නගේ යහළුවෝ කලන්‍දපුත් සුදින්න වෙත පැමිණියාහු ය. පැමිණ කලන්‍දපුත් සුදින්නහට “යහළු සුදින්නය, තෝ වනාහි මවුපියන්ගේ ප්‍රිය වූ මනාප වූ සුවසේ වැඩුනා වූ, සුව සේ පෝෂිත වූ, එක ම පුත් වෙහි ය. යහළු සුදින්නය, තෝ කිසි දුකක් නො දන්නෙහි ය. තාගේ මරණයෙනුදු මවුපියෝ නො කැමැත්තමෝ ම වෙන් වන්නාහ. කිම, ඔහු ජීවත් වන්නා වූ තට ගිහිගෙන් නික්ම සසුන් වැදීමට අනුදන්නාහු ද? යහළු සුදින්නය, නැගිටින්න. කන්න. බොන්න. ඉඳුරන් පිණවන්න. කමින් බොමින් ඉඳුරන් පිණවමින් කම් සුව විඳිමින් පින් කරමින් ගිහිගෙහි සිත් අලවන්න. මව්පියෝ තොපට ගිහිගෙන් නික්ම සසුන් වදින්නට නො අනුදන්නාහ” යි මෙය කීහ. මෙසේ කී කල්හි කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ විය. දෙවෙනුත් ... තෙවෙනුත් කලන්‍දපුත් සුදින්නගේ යහළුවෝ කලන්‍දපුත් සුදින්නහට මෙය කීහු: “යහළු සුදින්නය, තෝ වනාහි ...” තෙවෙනුත් කලන්‍දපුත් සුදින්න තෙමේ නිහඬ විය.
10. අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා යෙන සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො එතදවොචුං: “අම්ම, තාත, එසො සුදින්නො අනන්තරහිතාය භූමියා නිපන්නො ‘ඉධෙව මෙ මරණං භවිස්සති පබ්බජ්ජා වා’ති. සචෙ තුම්හෙ සුදින්නං නානුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, තත්ථෙව මරණං ආගමිස්සති. සචෙ පන තුම්හෙ සුදින්නං අනුජානිස්සථ අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, පබ්බජිතම්පි නං දක්ඛිස්සථ. සචෙ සුදින්නො නාභිරමිස්සති අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය, කා තස්ස අඤ්ඤා ගති භවිස්සති? ඉධෙව පච්චාගමිස්සති. අනුජානාථ සුදින්නං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. “අනුජානාම, තාතා, සුදින්නං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා යෙන සුදින්නො කලන්දපුත්තො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සුදින්නං කලන්දපුත්තං එතදවොචුං: “උට්ඨෙහි සම්ම සුදින්න, අනුඤ්ඤාතො’සි මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
10. ඉක්බිති කලන්දපුත්ර වූ සුදින්නගේ යහළුවෝ කලන්දපුත්ර සුදින්නගේ මාපියන් වෙත එළඹියාහු ය. එළඹ කලන්දපුත්ර සුදින්නගේ මාපියන්ට මෙය කීහු: “මෑනියනි, පියාණෙනි, තෙල සුදින්න තෙමේ ‘මෙහි ම මාගේ මරණය හෝ පැවිද්ද වන්නේ ය’ යි කිසිවක් නො අතුළ බිමෙහි හොත්තේ වෙයි. ඉදින් තෙපි ගිහිගෙන් නික්ම සසුන් වදින්නට සුදින්නට අවසර නො දෙන්නහු නම්, එහි ම මරණය පැමිණෙන්නේ ය. ඉදින් තෙපි ගිහිගෙන් නික්ම සසුන් වැදීමට සුදින්නට අවසර දෙන්නහු නම්, පැවිදි වූ ඔහු දක්නහු ය. ඉදින් සුදින්න තෙමේ ගිහිගෙන් නික්ම සසුන් වැදී පැවිද්දෙහි සිත් නො අලවන්නේ නම්, ඔහුගේ කිනම් අනෙක් ගතියෙක් වන්නේ ද? මෙහි ම පෙරළා එන්නේ ය. ගිහිගෙන් නික්ම සසුන් වැදීමට සුදින්නට අනුදනිවු” යි. “දරුවෙනි, ගිහිගෙන් නික්ම සසුන් වැදීමට සුදින්නට අනුදනිමු” යි. ඉක්බිති කලන්දපුත්ර සුදින්නගේ යහළුවෝ කලන්දපුත්ර සුදින්න වෙත එළඹියාහු ය. එළඹ කලන්දපුත්ර සුදින්නහට මෙය කීහු: “යහළු සුදින්නයෙනි, නැගිටින්න, මාපියන් විසින් ගිහිගෙන් නික්ම සසුන් වැදීමට අනුදන්නා ලද්දාහු ය” යි.
11. අථ ඛො සුදින්නො කලන්දපුත්තො “අනුඤ්ඤාතො’ම්හි කිර මාතා පිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති හට්ඨො උදග්ගො පාණිනා ගත්තානි පරිපුඤ්ඡන්තො උට්ඨාසි. අථ ඛො සුදින්නො කලන්දපුත්තො කතිපාහං බලං ගාහෙත්වා යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුදින්නො කලන්දපුත්තො භගවන්තං එතදවොච: “අනුඤ්ඤාතො’ම්හි අහං භන්තෙ, මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය. පබ්බාජෙතු මං භගවා”ති . අලත්ථ ඛො සුදින්නො කලන්දපුත්තො භගවතො සන්තිකෙ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා සුදින්නො එවරූපෙ ධුතගුණෙ සමාදාය වත්තති: ආරඤ්ඤිකො හොති, පිණ්ඩපාතිකො, පංසුකූලිකො, සපදානචාරිකො. අඤ්ඤතරං වජ්ජිගාමං උපනිස්සාය විහරති.
11. ඉක්බිති කලන්දපුත්ර සුදින්න තෙමේ “මාපියන් විසින් ගිහිගෙන් නික්ම සසුන් වැදීමට අනුදන්නා ලද්දෙම් වෙමි”යි සතුටු වූයේ ඔදවැඩි සිත් ඇත්තේ, අතින් සිරුර පිරිමදිමින් නැගී සිටියේ ය. ඉක්බිති කලන්දපුත්ර සුදින්න තෙමේ කීපදවසක් මුළුල්ලෙහි කය බල ගන්වා බුදුරදුන් වෙත එළැඹියේ ය. එළඹ බුදුරදුන් වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ කලන්දපුත්ර සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “වහන්ස, මම ගිහිගෙන් නික්ම සසුන් වැදීමට මාපියන් විසින් අනුදන්නා ලද්දෙම් වෙමි. භාග්‍යවතුන්වහන්සේ මා පැවිදි කරණ සේක්වා”යි. කලන්දපුත්ර වූ සුදින්න තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබී ය. උපසම්පදාව ලැබී ය. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් සුදින්න තෙමේ මෙබඳු ධුතගුණයන් සමාදන් ව වෙසෙයි: අරණෙහි වසන්නෙක් වෙයි. පිණ්ඩපාතිකයෙක් වෙයි. පසුල්සිවුරු දරන්නෙක් වෙයි. ගෙපිළිවෙලින් පිඬු සිඟන්නෙක් වෙයි. එක්තරා වැදෑගමක් ඇසුරු කොට වාසය කෙරෙයි.
12. තෙන ඛො පන සමයෙන වජ්ජී දුබ්භික්ඛා හොති ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා. න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. අථ ඛො ආයස්මතො සුදින්නස්ස එතදහොසි: “එතරහි ඛො වජ්ජී දුබ්භික්ඛා ද්වීහිතිකා සෙතට්ඨිකා සලාකාවුත්තා. න සුකරා උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. බහූ ඛො පන මෙ වෙසාලියං ඤාතී අඩ්ඪා මහද්ධනා මහාභොගා පහූතජාතරූපරජතා පහූතවිත්තූපකරණා පහූතධනධඤ්ඤා. යංනූනාහං ඤාතී උපනිස්සාය විහරෙය්යං, ඤාතී මං නිස්සාය දානානි දස්සන්ති. පුඤ්ඤානි කරිස්සන්ති, භික්ඛූ ච ලාභං ලච්ඡන්ති, අහඤ්ච පිණ්ඩකෙන න කිලමිස්සාමී”ති.
12. එකල වැදෑරට දුක සේ ලැබිය යුතු භික්ෂාව ඇත්තේ වෙයි. දෙපරිද්දෙකින් පැවැති අදහස් ඇත්තක් වෙයි. තන්හි තන්හි විසුරුණු මිනීඇට ඇත්තක් වෙයි. නොහොත් සේතට්ඨිකානම් සස්‍යරෝගය ඇත්තක් වෙයි. කුසපත්නියමයෙන් ජීවිකාවෘත්තිය පවත්වන්නක් වෙයි. නොහොත් ඉරටු පමණක් ව හටගත් සස්‍ය ඇත්තක් වෙයි. පාත්‍රය ගෙන භික්ෂාවෙහි හැසිරීමෙන් ජීවත් වන්නට පහසු නො වන්නක් වෙයි. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නහට මේ සිත විය: “දැන් වනාහි වැදෑරට දුක සේ ලැබිය හැකි භික්ෂාව ඇත්තකි. දෙපරිද්දෙන් පැවති අදහස් ඇත්තකි. තන්හි තන්හි විසුරුණු මිනීඇට ඇත්තකි නොහොත් සේතට්ඨිකා නම් රෝගය ඇත්තකි. කුසපත්නියමයෙන් ජීවිකාවෘත්තිය පවත්වන්නකි නොහොත් ඉරටු පමණක් ව හටගත් සස්‍ය ඇත්තකි. පාත්‍රය ගෙණ භික්ෂාවෙහි හැසිරීමෙන් ජීවත් වන්නට පහසු නො වන්නකි. විසල්පුරයෙහි (උපභෝග පරිභෝගයන්ගෙන්) ආඪ්‍ය වූ නිදන්ගත මහත් ධනය ඇති, දින පතා වියදම් වන මහත් භෝග ඇති, බොහෝ වූ රන්රිදී ඇති, සතුටු උපදවන බොහෝ අලඞ්කාරෝපකරණ ඇති, ගණුදෙනුවට යෝග්‍ය වූ බොහෝ ධනධාන්‍යයන් ඇති මාගේ ඥාතීහු බොහෝ වෙත්. මම නෑයන් ඇසුරු කොට වාසය කරන්නෙම් නම්, ඉතා මැනැවි. නෑයෝ මා නිසා දන් දෙත්. පින් කරත්. භික්ෂුහු ද ලාබ ලබත්. මම ද ආහාරයෙන් ක්ලාන්ත නො වෙමි” යි.
13. අථ ඛො ආයස්මා සුදින්නො සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන වෙසාලී, තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන වෙසාලී තදවසරි. තත්ර සුදං ආයස්මා සුදින්නො වෙසාලියං විහරති මහාවනෙ. අස්සොසුං ඛො ආයස්මතො සුදින්නස්ස ඤාතකා “සුදින්නො කිර කලන්දපුත්තො වෙසාලිං අනුප්පත්තො”ති. තෙ ආයස්මතො සුදින්නස්ස සට්ඨිමත්තෙ ථාලිපාකෙ භත්තාභිහාරං අභිහරිංසු. අථ ඛො ආයස්මා සුදින්නො තෙ සට්ඨිමත්තෙ ථාලිපාකෙ භික්ඛූනං විස්සජ්ජෙත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කලන්දගාමං පිණ්ඩාය පාවිසි. කලන්දගාමෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන සකපිතුනිවෙසනං, තෙනුපසඞ්කමි.
13. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ සෙනසුන තැන්පත් කොට පා සිවුරු ගෙන විසල්පුරය බලා ගියේ ය. පිළිවෙළින් ගොස් විසල්පුරයට පැමිණියේ ය. එකල්හි ආයුෂ්මත් සුදින්න තෙමේ විසල්පුර මහවනයෙහි වෙසෙයි. ආයුෂ්මත් වූ සුදින්නගේ නෑයෝ “කලන්ද පුත් සුදින්න තෙමේ විසල් පුරයට පැමිණියේ ල” යි ඇසූහ. ඔහු ආයුෂ්මත් සුදින්නට බත්සැළි සැටක් එළැවූහ. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ බත්සැළි සැට භික්ෂූන්ට දී පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කලන්දසිටුගමෙහි පිඬු පිණිස හැසිරෙන්නේ සිය පියාගේ නිවෙසට පැමිණියේ ය.
14. තෙන ඛො පන සමයෙන ආයස්මතො සුදින්නස්ස ඤාතිදාසී ආභිදොසිකං කුම්මාසං ඡඩ්ඩෙතුකාමා හොති. අථ ඛො ආයස්මා සුදින්නො තං ඤාතිදාසිං එතදවොච: “සචෙ තං භගිනි ඡඩ්ඩනීයධම්මං, ඉධ මෙ පත්තෙ ආකිරා”ති. අථ ඛො ආයස්මතො සුදින්නස්ස ඤාතිදාසී තං ආභිදොසිකං කුම්මාසං ආයස්මතො සුදින්නස්ස පත්තෙ ආකිරන්ති හත්ථානඤ්ච පාදානඤ්ච සරස්ස ච නිමිත්තං අග්ගහෙසි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස ඤාතිදාසී යෙනායස්මතො සුදින්නස්ස මාතා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතො සුදින්නස්ස මාතරං එතදවොච: “යග්ඝය්යෙ ජානෙය්යාසි, අය්යපුත්තො සුදින්නො අනුප්පත්තො”ති. “සචෙ ජෙ සච්චං භණසි, අදාසිං තං කරොමී”ති.
14. එකල්හි ආයුෂ්මත් සුදින්නගේ නෑදැස්සක් පිළුනු වූ කොමු පිඩුවක් ඉවත ලනු කැමැත්තී වෙයි. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ නෑදැස්සට මෙය කී: “ඉදින් නැගනියෙනි, එය ඉවත දැමිය යුත්තක් නම් මෙහි මාගේ පාත්‍රයෙහි බහාලනු මැනැවි”යි. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නගේ නෑදැස්ස ඒ පිළුනු කොමුපිඩුව ආයුෂ්මත් සුදින්නගේ පාත්‍රයෙහි බහන්නී අත්වල ද පාවල ද ස්වරයෙහි ද නිමිති ගත්තා ය. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නගේ නෑදැස්ස ආයුෂ්මත් වූ සුදින්නගේ මවු වෙත එළඹියාය ය. එළඹ ආයුෂ්මත් සුදින්නගේ මවට මෙය කිවූය: “ආර්‍ය්‍යාවෙනි, දන්නෙහි ද? ආර්‍ය්‍ය පුත්‍ර වූ සුදින්න තෙමේ පැමිණියේ ය” යි. “එම්බල දාසිය, ඉදින් තෝ සත්‍යයක් කීයෙහි නම්, තී නොදැස්සක් කරමි”යි.
15. තෙන ඛො පන සමයෙන ආයස්මා සුදින්නො තං ආභිදොසිකං කුම්මාසං අඤ්ඤතරං කුඩ්ඩමූලං නිස්සාය පරිභුඤ්ජති. පිතා’පි ඛො ආයස්මතො සුදින්නස්ස කම්මන්තා ආගච්ඡන්තො අද්දස ආයස්මන්තං සුදින්නං තං ආභිදොසිකං කුම්මාසං අඤ්ඤතරං කුඩ්ඩමූලං නිස්සාය පරිභුඤ්ජන්තං. දිස්වාන යෙනායස්මා සුදින්නො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “අත්ථි නාම, තාත සුදින්න, ආභිදොසිකං කුම්මාසං පරිභුඤ්ජිස්සසි? නනු නාම තාත සුදින්න, සකං ගෙහං ගන්තබ්බ?”න්ති. “අගමිම්හ ඛො තෙ ගහපති, ගෙහං. තතායං ආභිදොසිකො කුම්මාසො”ති. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පිතා ආයස්මතො සුදින්නස්ස බාහායං ගහෙත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “එහි තාත සුදින්න, ඝරං ගමිස්සාමා”ති. අථ ඛො ආයස්මා සුදින්නො යෙන සකපිතුනිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පිතා ආයස්මන්තං සුදින්නං එතදවොච: “භුඤ්ජ තාත සුදින්නා”ති. “අලං ගහපති. කතං මෙ අජ්ජ භත්තකිච්ච”න්ති. “අධිවාසෙහි, තාත සුදින්න ස්වාතනාය භත්ත”න්ති. අධිවාසෙසි ඛො ආයස්මා සුදින්නො තුණ්හීභාවෙන. අථ ඛො ආයස්මා සුදින්නො උට්ඨායාසනා පක්කාමි.
15. එකල්හි ආයුෂ්මත් සුදින්න තෙමේ ඒ පිළුනු වූ කොමුපිඩුව එක් ගෙබිත්තියක් ලඟ හිඳ වළඳයි. ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ද කර්මාන්ත ස්ථානයෙන් පෙරළා එන්නේ ඒ පිළුනු වූ කොමුපිඩුව එක් ගෙබිත්තියක් ලඟ හිඳ වළඳන්නා වූ ආයුෂ්මත් සුදින්න දිටී ය. දැක ආයුෂ්මත් සුදින්න වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් සුදින්නට මෙය කී ය: “දරුව සුදින්නයෙනි, රෑලැගි කොමු පිඩුව වළඳවු ද, (අත්ථි නාම =) තොප කෙරෙහි ශ්‍රමණගුණ විශේෂයක් ඇත් ම ය; දරුව සුදින්නය, සියගෙට යා යුතු නො වේ ද?”. “ගැහැවිය, ඔබගේ ගෙට ගියෙමු. මේ පිළුනු කොම පිඩුව ඒ ඔබගේ ගෙයින් ය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ බාහුව ගෙණ ආයුෂ්මත් සුදින්නට මෙය කීය: “දරුව, සුදින්නය, එව. ගෙට යමු” යි. පසු ව ආයුෂ්මත් සුදින්න තෙමේ සිය පියාගේ ගෙට ගියේ ය. ගොස් පණවන ලද අස්නෙහි හුනි. ඉන් පසු ආයුෂ්මත් වූ සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් වූ සුදින්නට “දරුව, සුදින්නය, අනුභව කරව” යි මෙය කී ය. “ගැහැවිය, කම් නැත. අද බත්කිස නිමවන ලදී” යි සුදින්න භික්ෂු තෙමේ කීය. “දරුව සුදින්න හෙට සඳහා බත ඉවසන්නැ” යි (පියතුමා) කීවේය. ආයුෂ්මත් සුදින්න තෙමේ නිශ්ශබ්දභාවයෙන් ඉවසූ සේක. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ හුනස්නෙන් නැගිට වැඩිසේක.
16. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා තස්සා රත්තියා අච්චයෙන හරිතෙන ගොමයෙන පඨවිං ඔපුඤ්ඡාපෙත්වා ද්වෙ පුඤ්ජෙ කාරාපෙසි: එකං හිරඤ්ඤස්ස, එකං සුවණ්ණස්ස. තාව මහන්තා පුඤ්ජා අහෙසුං-ඔරතො ඨිතො පුරිසො පාරතො ඨිතං පුරිසං න පස්සති, පාරතො ඨිතො පුරිසො ඔරතො ඨිතං පුරිසං න පස්සති. තෙ පුඤ්ජෙ කිලඤ්ජෙහි පටිච්ඡාදාපෙත්වා මජ්ඣෙ ආසනං පඤ්ඤාපෙත්වා තිරොකරණීයං පරික්ඛිපිත්වා ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකං ආමන්තෙසි: “තෙන හි ත්වං වධු, යෙන අලඞ්කාරෙන අලඞ්කතා පුත්තස්ස මෙ සුදින්නස්ස පියා අහොසි මනාපා, තෙන අලඞ්කාරෙන අලඞ්කරා”ති. ‘එවං අය්යෙ”ති ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස මාතුයා පච්චස්සොසි.
16. ඉක්බිති ආයුෂ්මත් වූ සුදින්නගේ මවු තොමෝ එ රැය ඇවෑමෙන් අමුගොමින් බිම පිරිබඩ දී කහවණුවලින් එකක් ද රනින් එකක් දැ යි ගොඩවල් දෙකක් කරවී ය. මොබ සිටි පුරුෂතෙමේ ඔබ සිටි පුරුෂයා නො දකීද, ඔබ සිටි පුරුෂ තෙමේ මොබ සිටි පුරුෂයා නො දකීද, ඒ සා මහත් ගොඩවල් වූහ. ඒ ගොඩවල් කළාලවලින් වසා මැද අසුනක් පණවා තිරයකින් වට කොට ආයුෂ්මත් සුදින්නගේ පැරණි දෙවැන්නිය (= අඹුව) අමතා, “ලෙහෙළිය, යම් අලඞ්කාරයකින් සැරසුනා වූ තී මා පුත් සුදින්නට ප්‍රිය වූවා ද, මනාප වූවා ද, ඒ අලඞ්කාරයෙන් සැරසෙව” යි කිවු ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය” යි ආයුෂ්මත් සුදින්නගේ පැරණි අඹුව ආයුෂ්මත් සුදින්නගේ මවුට පිළිවදන් දුන්නී ය.
17. අථ ඛො ආයස්මා සුදින්නො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සකපිතුනිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පිතා යෙනායස්මාසුදින්නො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ පුඤ්ජෙ විවරාපෙත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තෙ තාත සුදින්න, මාතුමත්තිකං ඉත්ථිකාය ඉත්ථිධනං. අඤ්ඤං පෙත්තිකං. අඤ්ඤං පිතාමහං. ලබ්භා තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගා ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු. පුඤ්ඤානි ච කරොහී”ති. “තාත, න උස්සහාමි. න විසහාමි. අභිරතො අහං බ්රහ්මචරියං චරාමී”ති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මතො සුදින්නස්ස පිතා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තෙ තාත සුදින්න මාතුමත්තිකං ඉත්ථිකාය ඉත්ථිධනං. අඤ්ඤං පෙත්තිකං. අඤ්ඤං පිතාමහං. ලබ්භා, තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගා ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං, තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු. පුඤ්ඤානි ච කරොහී”ති. “වදෙය්යාම ඛො තං, ගහපති, සචෙ ත්වං නාතිකඩ්ඪෙය්යාසී”ති. “වදෙහි තාත සුදින්නා”ති. “තෙන හි ත්වං ගහපති, මහන්තෙ මහන්තෙ සාණිපසිබ්බකෙ කාරාපෙත්වා හිරඤ්ඤසුවණ්ණස්ස පූරාපෙත්වා සකටෙහි නිබ්බාහාපෙත්වා මජ්ඣෙ ගඞ්ගාය සොතෙ ඔසාදෙහි තං කිස්ස හෙතු? යං හි තෙ ගහපති භවිස්සති තතොනිදානං භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා ආරක්ඛො වා, සො තෙ න භවිස්සතී”ති. එවං වුත්තෙ ආයස්මතො සුදින්නස්ස පිතා අනත්තමනො අහොසි: කථං හි නාම පුත්තො සුදින්නො එවං වක්ඛතී”ති.
17. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ පෙරබත්කල හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සිය පිය නිවෙස වෙත එළඹියේ ය. එළඹ පැණවූ අස්නෙහි හුන්නේ ය. ඉන්පසු ආයුෂ්මත් සුදින්නගේ පියතෙමේ ආයුෂ්මත් සුදින්න වෙත එළඹියේ ය. එළඹ ඒ රන්රුවන් ගොඩවල් වැසුම් හරවා ආයුෂ්මත් සුදින්නට මෙය කී: “දරුව, සුදින්නය, මේ මිත්තනියන් විසින් ඔබගේ මවට දෛනික පරිභෝග වූ නානසුණු ආදිය ගැණීම පිණිස දුන් ධනය වෙයි. පියාට අයත් ධනය මෙයින් අන්‍ය ය. මුත්තනුවන්ගේ ධනය මෙයින් අන්‍ය ය. දරුව සුදින්නය, ගිහිබවට පැමිණ භෝග අනුභව කරන්නට ද පින් කරන්නට ද හැකි ය. දරුව සුදින්නය, එව. තෝ ගිහිබවට පැමිණ භෝගයන් ද අනුභව කරව. පින් ද කරව” යනු යි. “පියාණෙනි, නො හෙමි. නො හැකියෙමි. මම් සස්නෙහි ඇලුනෙම් බඹසර හැසිරෙමි”යි. දෙවනුවත් ... තෙවෙනුවත් ආයුෂ්මත් සුදින්නගේ පියතෙමේ ආයුෂ්මත් සුදින්නහට මෙය කී ය: “දරුව සුදින්නය, මේ මිත්තනියන් විසින් ඔබගේ මවට දෛනික පරිභෝය පිණිස දුන් ධනය වෙයි. පියාට අයත් ධනය මෙයින් අන්‍ය ය. මුත්තනුවන්ගේ ධනය ද මෙයින් අන්‍ය ය. දරුව සුදින්නය, ගිහිබවට පැමිණ භෝග අනුභව කරන්නට ද පින් කරන්නට ද හැකි ය. දරුව සුදින්නය, එව, තෝ ගිහිබවට පැමිණ භෝගයන් ද අනුභව කරව. පින් ද කරව” කියා යි. “ඉදින් ගැහැවිය, ඔබ නොකිපෙන්නහු නම්, එයට කිව යුතු දෙය කියමු” යි. “පුත සුදින්නය, කියව” යි ගැහැවි කී ය. “එසෙ වී නම් ගැහැවිය, ඔබ මහත් මහත් ගෝණිමලු කරවා, කහවණුවලින් හා රනින් පුරවා, ගැල්වලින් අදවා, ගඟ මැද සැඩ දියපහරෙහි කිඳවා ලන්න. ඒ කවර හෙයින් ද? ගැහැවිය, ඔබට එය හේතු කොට ගෙණ යම්බඳු බියක් හෝ ලය සැලීමෙක් හෝ ලොමුදහ ගැණීමක් හෝ රැක ගැණීමක් හෝ වේ ද, එය ඔබට නොවන්නේය” යි සුදින්න භික්ෂු කී ය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ “කෙසේ නම් මා පුත් සුදින්න තෙමේ මෙසේ කියන්නේ දැ?”යි නොසතුටු සිත් ඇත්තේ විය.
18. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පිතා ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකං ආමන්තෙසි: “තෙන හි වධු, ත්වම්පි යාච, අප්පෙව නාම පුත්තො සුදින්නො තුය්හම්පි වචනං කරෙය්යා”ති. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස පාදෙසු ගහෙත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “කීදිසා නාම තා අය්යපුත්ත අච්ඡරායො, යාසං ත්වං හෙතු බ්රහ්මචරියං චරසී?”ති. “න ඛො අහං භගිනි, අච්ඡරානං හෙතු බ්රහ්මචරියං චරාමී”ති.
18. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ පිය තෙමේ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව ඇමතී ය: “එසේ වී නම් ලෙහෙළිය, තෝ ද යාච්ඤා කරව. පුත් වූ සුදින්න තෙමේ තිගේ වචනය වත් කරන්නේ නම් ඉතා මැනැවි”යි කී ය. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ පා අල්ලාගෙන ආයුෂ්මත් සුදින්නට මෙය කී ය: “ආර්ය්යපුත්රයෙනි, ඔබ යම්බඳු වූ දෙවඟනන් ලැබීම පිණිස බඹසර හැසිරෙත් නම්, ඒ දෙවඟනෝ කෙබඳු දැ”යි ඇසුවා ය. “නැගනියෙනි, මම දෙවඟනන් හේතු කොට ගෙණ බඹසර නො හැසිරෙමි”යි හේ කී ය.
19. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා “අජ්ජතග්ගෙ මං අය්යපුත්තො සුදින්නො භගිනීවාදෙන සමුදාචරතී”ති තත්ථෙව මුච්ඡිතා පපතා. අථ ඛො ආයස්මා සුදින්නො පිතරං එතදවොච: “සචෙ ගහපති, භොජනං දාතබ්බං, දෙථ. මා නො විහෙඨයිත්ථා”ති. “භුඤ්ජ තාත සුදින්නා”ති. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ච පිතා ච ආයස්මන්තං සුදින්නං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසුං සම්පවාරෙසුං. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මන්තං සුදින්නං භුත්තාවිං ඔනීතපත්තපාණිං එතදවොච: “ඉදං තාත සුදින්න, කුලං අඩ්ඪං මහද්ධනං මහාභොගං පහූතජාතරූපරජතං පහූතවිත්තූපකරණං පහූතධනධඤ්ඤං. ලබ්භා තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගා ච භුඤ්ජිතුං. පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු. පුඤ්ඤානි ච කරොහී”ති. “අම්ම, න උස්සහාමි. න විසහාමි. අභිරතො අහං බ්රහ්මචරියං චරාමී”ති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තාත සුදින්න, කුලං අඩ්ඪං මහද්ධනං මහාභොගං පහූතජාතරූපරජතං පහූතවිත්තූපකරණං පහූතධනධඤ්ඤං. තෙන හි තාත සුදින්න, බීජකම්පි දෙහි, මා නො අපුත්තකං සාපතෙය්යං ලිච්ඡවයො අතිහරාපෙසු”න්ති. “එතං ඛො මෙ අම්ම, සක්කා කාතු”න්ති. “කහං පන තාත සුදින්න, එතරහි විහරසී”ති? “මහාවනෙ අම්මා”ති. අථ ඛො ආයස්මා සුදින්නො උට්ඨායාසනා පක්කාමි.
19. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආර්‍ය්‍යපුත්‍ර වූ සුදින්න තෙමේ “අද පටන් මට භගිනිවාදයෙන් කථා කෙරේ ය”යි සිහි නැති ව එහි ම වැටුනී ය. ඉන් පසු ආයුෂ්මත් සුදින්න තෙමේ “ඉදින් ගැහැවිය දිය යුතු ආහාරයක් වේ නම්, දෙනු මැනැවි. අප නො වෙහෙසන්නැ”යි පියාට කී ය. “පුත සුදින්නය, වළඳනු මැනැවි” යි ගැහැවි කීය. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ මවු ද පියා ද ආයුෂ්මත් සුදින්නට ප්‍රණීත වූ කෑ යුතු දැය ද බිදිය යුතු දැය ද සියතින් වැළඳවූහ, පැවැරවූහ. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ වළඳා අවසන් කළ, පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් සුදින්නට මෙය කී ය: “පුත සුදින්න, මේ කුලය ආඪ්‍ය ය. මහද්ධන ඇත්තක. මහද් භෝග ඇත්තක. බොහෝ රන් රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධනධාන්‍ය ඇත්තක. පුත සුදින්න, ගිහි බවට පැමිණ භෝග අනුභව කරන්ට ද පින් කරන්ට ද හැකි ය. පුත සුදින්න. එව, තෝ ගිහි බවට පැමිණ භෝග ද අනුභව කරව. පින් ද කරව” කියා යි. “මෑනියනි, නො හෙමි. නො හැක්කෙමි. මම ඇලුනෙම් බඹසර හැසිරෙමි”යි සුදින්න භික්ෂු කී ය. දෙවනුවත් ... තෙවනුවත් ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නහට මෙය කීය: “පුත සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහද්ධන ඇත්තක. මහාභෝග ඇත්තක. බොහෝ රන්රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධනධාන්‍ය ඇත්තක. එහෙයින් පුත සුදින්න, (කුලවංශය ආරක්ෂා කර ගැණීමට) බීජයක් (පුතෙකු) දෙව. අපගේ දරුවන් නොමැති වස්තුව ලිච්ඡවීහු ගෙන්වා නො ගණිත්වා”යනු යි. “මෑනියනි, මෙය මට කරන්නට හැකි ය”යි සුදින්න කී ය. “පුත සුදින්න, මෙ කල කොහි වෙසෙහි දැ?”යි මවු ඇසුවා ය. “මෑනියනි, මහවනයෙහියැ”යි සුදින්නභික්‍ෂු තෙමේ කී ය. ඉක්බිති ආයුෂ්මත් සුදින්න තෙමේ අස්නෙන් නැගිට ගියේ ය.
20. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකං ආමන්තෙසි: “තෙන හි වධු, යදා උතුනී හොසි, පුප්ඵං තෙ උප්පන්නං හොති, අථ මෙ ආරොචෙය්යාසී”ති. “එවං අය්යෙ”ති ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස මාතුයා පච්චස්සොසි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා න චිරස්සෙව උතුනී අහොසි, පුප්ඵංසා උප්පජ්ජි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස මාතරං එතදවොච: “උතුනී’ම්හි අය්යෙ, පුප්ඵං මෙ උප්පන්න”න්ති. “තෙන හි වධු, යෙන අලඞ්කාරෙන අලඞ්කතා පුත්තස්ස සුදින්නස්ස පියා අහොසි මනාපා, තෙන අලඞ්කාරෙන අලඞ්කරා”ති. “එවං අය්යෙ”ති ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා ආයස්මතො සුදින්නස්ස මාතරං පච්චස්සොසි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකං ආදාය යෙන මහාවනං යෙනායස්මා සුදින්නො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තාත සුදින්න, කුලං අඩ්ඪං මහද්ධනං මහාභොගං පහූතජාතරූපරජතං පහූතවිත්තූපකරණං පහූතධනධඤ්ඤං. ලබ්භා තාත සුදින්න හීනායාවත්තිත්වා භොගා ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. එහි ත්වං තාත සුදින්න, හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු පුඤ්ඤානි ච කරොහී”ති. “අම්ම, න උස්සහාමි. න විසහාමි අභිරතො අහං බ්රහ්මචරියං චරාමී”ති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො -පෙ- ආයස්මතො සුදින්නස්ස මාතා ආයස්මන්තං සුදින්නං එතදවොච: “ඉදං තාත සුදින්න, කුලං අඩ්ඪං මහද්ධනං මහාභොගං පහූතජාතරූපරජතං පහූතවිත්තූපකරණං පහූතධනධඤ්ඤං. තෙන හි තාත සුදින්න, බීජකම්පි දෙහි, මා නො අපුත්තකං සාපතෙය්යං ලිච්ඡවයො අතිහරාපෙසු”න්ති.
20. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව බණවා “එසේ වී නමි ලේළිය, යම් දවසක ඍතුමතී වෙහි ද, තිට මල්වර වේ ද, එකල්හි මට දන්වව” යි කිවු ය. “ආර්‍ය්‍යාවෙනි, එස් යැ”යි කියා ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට පිළිවදන් දුන්නී ය. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ නොබෝ දවසකින් ම ඍතුමතී වූවා ය. ඇයට මල්වර උපන. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට “ආර්‍ය්‍යාවෙනි, උතුනියක් වෙමි. මට ඔසප් ලෙය උපනැ”යි මෙය කීවා ය. “එසේ වී නම් ලේළිය, යම් අලඞ්කාරයකින් සැරසුනී පුත් වූ සුදින්නහට ප්‍රියමනාප වූ ද, ඒ අලඞ්කාරයෙන් සැරසෙව”යි ඕ කිවු ය. “ආර්‍ය්‍යාවෙනි, එසේ ය”යි ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ මවුට පිළිවදන් ඇස්වූ ය. ඉන් පසු ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුව කැඳවාගෙණ මහවනයෙහි ආයුෂ්මත් සුදින්න වෙත එළඹියා ය. එළඹ ආයුෂ්මත් සුදින්නහට මෙය කිවු ය: “පුත සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහද්ධන ඇත්තක. මහද්භෝග ඇත්තක. බොහෝ රන්රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධනධාන්‍ය ඇත්තක. පුත සුදින්න, ගිහිබවට පැමිණ භෝග අනුභව කරන්නට ද පින් කරන්නට ද හැකි ය. පුත සුදින්න, එව. තො ගිහිබවට පැමිණ භෝගයන් ද අනුභව කරව. පින් ද කරව” යනු යි. “මෑනියනි, නො හෙමි. නො හැකියෙමි. මම ඇලුනෙම් බඹසර හැසිරෙමි”යි හේ කී ය. දෙවනුත් ... තෙවනුත් ආයුෂ්මත් සුදින්නගේ මවු තොමෝ ආයුෂ්මත් සුදින්නහට මෙය කීවාය: “පුත, සුදින්න, මේ කුලය ආඪ්‍යය, මහද් ධන ඇත්තක. මහද් භෝග ඇත්තක. බොහෝ රන්රිදී මසු කහවණු ඇත්තක. බොහෝ වස්තූපකරණ ඇත්තක. බොහෝ ධන ධාන්‍ය ඇත්තක. එහෙයින් පුත සුදින්නය, බීජයක් (පුතකු) දෙව. අපුත්‍රක වූ ධනය ලිච්ඡවීහු හැර නො ගණිත්වා” යනු යි.
21. “එතං ඛො මෙ අම්ම, සක්කා කාතු”න්ති පුරාණදුතියිකාය බාහායං ගහෙත්වා මහාවනං අජ්ඣොගාහෙත්වා අප්පඤ්ඤත්තෙ සික්ඛාපදෙ අනාදීනවදස්සො පුරාණදුතියිකාය තික්ඛත්තුං මෙථුනං ධම්මං අභිවිඤ්ඤාපෙසි. සා තෙන ගබ්භං ගණ්හි.
21. “මෑනියනි, මෙය නම් මට කරන්නට හැකි” යි හෙතෙම ගිහි කල අඹුවගේ අත අල්ලා ගෙණ මහවනයට බැස ගෙණ, සිකපද නො පැණවූ කල්හි ආදීනව නො දක්නේ ගිහිකල අඹුව සමග තෙවරක් මෙවුන්දම් සෙවී ය. ඕ එයින් ගැබ් ගත්තී ය.
භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං: “නිරබ්බුදො වත භො, භික්ඛුසඞ්ඝො නිරාදීනවො. සුදින්නෙන කලන්දපුත්තෙන අබ්බුදං උප්පාදිතං, ආදීනවො උප්පාදිතො”ති. භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දෙවා සද්දමනුස්සාවෙසුං -පෙ- තාවතිංසා දෙවා, -යාමා දෙවා- තුසිතා දෙවා, -නිම්මානරතිනො දෙවා, -පරනිම්මිතවසවත්තිනො දෙවා, -බ්රහ්මකායිකා දෙවා, සද්දමනුස්සාවෙසුං: “නිරබ්බුදො වත භො භික්ඛුසඞ්ඝො නිරාදීනවො. සුදින්නෙන කලන්දපුත්තෙන අබ්බුදං උප්පාදිතං, ආදීනවො උප්පාදිතො”ති. ඉතිහ තෙන ඛණෙන තෙන මුහුත්තෙන යාව බ්රහ්මලොකා සද්දො අබ්භුග්ගඤ්ඡි.
“පින්වත්නි, ඒකාන්තයෙන් ම භික්‍ෂුසඞ්ඝ තෙමේ නො කැලැල් ය. නිදොස් ය. කලන්දසිටු පුත් වූ සුදින්න විසින් අර්බුදයක් උපදවන ලදී. ආදීනවයක් උපදවන ලදැ” යි බූමාටු දෙවියෝ උද්ඝෝෂණය කළාහු ය. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ උද්ඝෝෂණය කළාහු ය. ... තව්තිසා වැසි දෙවියෝ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ … නිම්මානරති දෙවියෝ ... පරනිර්මිත වශවර්ති දෙවියෝ ... බඹලොව වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් භික්‍ෂුසඞ්ඝ තෙමේ නො කැලැල් ය. නිදොස් ය. කලන්දසිටු පුත් සුදින්න විසින් අර්බුදයක් උපදවන ලදී. ආදීනවයක් උපදවන ලදැ” යි උද්ඝෝෂණය කළාහු ය. මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි ඝෝෂය බඹලොව තෙක් පැන නැගුනේ ය.
22. අථ ඛො ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකා තස්ස ගබ්භස්ස පරිපාකමන්වාය පුත්තං විජායි. අථ ඛො ආයස්මතො සුදින්නස්ස සහායකා තස්ස දාරකස්ස බීජකො’ති නාමං අකංසු. ආයස්මතො සුදින්නස්ස පුරාණදුතියිකාය බීජකමාතා’ති නාමං අකංසු. ආයස්මතො සුදින්නස්ස බීජකපිතා’ති නාමං අකංසු. තෙ අපරෙන සමයෙන උභො අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අරහත්තං සච්ඡාකංසු.
22. ඉක්බිති ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුතොමෝ ඒ ගබ මිහිකිරීමට පැමිණ පුතකු වැදුවා ය. එකල්හි ආයුෂ්මත් වූ සුදින්නගේ යහළුවෝ ඒ දරුහට ‘බීජක ය’ යි නම් කළාහු ය. ආයුෂ්මත් සුදින්නගේ ගිහිකල අඹුවට ‘බීජකමාතෘ ය’ යි නම් කළාහු ය. ආයුෂ්මත් සුදින්නහට ‘බීජකපිතෘ ය’ යි නම් කළාහු ය. ඔහු (මාතෘපුත්ර) දෙදෙන පසු කාලයෙහි ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වී රහත්බව ලැබූහ.
23. අථ ඛො ආයස්මතො සුදින්නස්ස අහුදෙව කුක්කුච්චං, අහු විප්පටිසාරො “අලාභා වත මෙ. න වත මෙ ලාභා. දුල්ලද්ධං වත මෙ. න වත මෙ සුලද්ධං. යො’හං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා නාසක්ඛිං යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතු”න්ති. සො තෙනෙව කුක්කුච්චෙන තෙන විප්පටිසාරෙන කිසො අහොසි ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො අන්තොමනො ලීනමනො දුක්ඛී දුම්මනො විප්පටිසාරී පජ්ඣායි.
23. ඉක්බිති ආයුෂ්මත් සුදින්නහට “යම් ඒ මම මෙසේ මනා කොට දේශනා කරණ ලද ධර්මවිනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැකි වීම් ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෝ ය. ඒකාන්තයෙන් මට ලාභයෝ නො වෙත්. මා විසින් ඒකාන්තයෙන් නපුරු ලැබීමක් ය. යහපත් ලැබීමක් නො වේ”යි පසුතැවිලි ඇති විය. විපිළිසර ඇති විය. හෙතෙමේ ඒ කුකුසෙන් ඒ විපිළිසරින් කෘශ වූයේ රළු වූයේ දුර්වර්ණ වූයේ පඬුවන් පැහැ ඇති වූයේ නහර ඉල්පී ගිය සිරුරු ඇත්තේ, සැඟවුනු හැකුළුණු සිත් ඇත්තේ දුක් ඇත්තේ නො සතුටු සිත් ඇත්තේ විපිළිසර වූයේ සිතිවිල්ලට වැටුනේ විය.
24. අථ ඛො ආයස්මතො සුදින්නස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං සුදින්නං එතදවොචුං: “පුබ්බෙ ඛො ත්වං ආවුසො සුදින්න, වණ්ණවා අහොසි පීනින්ද්රියො පසන්නමුඛවණ්ණො විප්පසන්නඡවිවණ්ණො. සො’දානි ත්වං එතරහි කිසො ලූඛො දුබ්බණ්ණො උප්පණ්ඩුප්පණ්ඩුකජාතො ධමනිසන්ථතගත්තො, අන්තොමනො ලීනමනො දුක්ඛී දුම්මනො විප්පටිසාරී පජ්ඣායසි. කච්චි නො ත්වං ආවුසො සුදින්න, අනභිරතො බ්රහ්මචරියං චරසී”ති? “න ඛො අහං ආවුසො අනභිරතො බ්රහ්මචරියං චරාමි. අත්ථි මෙ පාපකම්මං කතං. පුරාණදුතියිකාය මෙථුනො ධම්මො පටිසෙවිතො. තස්ස මය්හං ආවුසො, අහුදෙව කුක්කුච්චං, අහු විප්පටිසාරො: අලාභා වත මෙ. න වත මෙ ලාභා. දුල්ලද්ධං වත මෙ. න වත මෙ සුලද්ධං: යො ‘හං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා නාසක්ඛිං යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතු”න්ති.
24. එකල්හි ආයුෂ්මත් සුදින්නගේ යහළු භික්ෂුහු ආයුෂ්මත් සුදින්න හට මෙය කීවාහු ය: “ඇවැත් සුදින්න ය, පෙර තෝ පැහැපත් වූයෙහි ය. පිණා ගිය ඉඳුරන් ඇත්තෙහි ය. පහන් වූ මුව පැහැය ඇත්තෙහි ය. ඉතා ප්‍රසන්න වූ ඡවිවර්ණ ඇත්තෙහි ය. ඒ තෝ දැන් වනාහි කෘශ වූයෙහි රළු වූයෙහි දුර්වර්ණ වූයෙහි පඬුවන් පැහැ ඇති වූයෙහි නහර ඉල්පී ගිය සිරුරු ඇත්තෙහි සැඟවුනු සිත් ඇත්තෙහි හැකිළුනු සිත් ඇත්තෙහි දුක් ඇත්තෙහි නො සතුටු සිත් ඇත්තෙහි විපිළිසර වූයෙහි ඒ ඒ දෑ සිතන්නට පටන් ගත්තෙහි ය. කිම ඇවැත් සුදින්න, තෝ නො ඇලුනෙහි බඹසර හැසිරෙහි ද?”. “ඇවැත්නි, මම නො ඇලුනෙම් බඹසර නො හැසිරෙමි. මා විසින්කළ පව්කමක් ඇත. පොරණඅඹුව හා මෙවුන්දම් සෙවුනා ලද්දේ ය. ‘ඇවැත්නි, යම් ඒ මම මෙසේ මනා කොට දේශනා කරණ ලද ධර්මවිනයෙහි පැවිදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැකි වීමි ද, ඒ මට අලාභයෝ ය. ඒකාන්තයෙන් ලාභයෝ නො වෙත්. මවිසින් ඒකාන්තයෙන් නපුරු ලැබීමකි, එකැතින් මට යහපත් ලැබීමක් නො වෙයි, පසුතැවිලි ඇති විය. විපිළිසර ඇති විය” යි සුදින්න මහණ කී ය. එ විට ඒ මහණහු මෙසේ කීහ:
25. “අලං හි තෙ ආවුසො සුදින්න කුක්කුච්චාය, අලං විප්පටිසාරාය, යං ත්වං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා න සක්ඛිස්සසි යාවජීවං පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුං.
25. “ඇවැත් සුදින්න, යම් හෙයකින් තෝ මෙසේ මැනැවින් දෙසූ ධර්ම විනයයෙහි පැවිදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද? තාගේ කුකුසට එය සෑහේ. විපිළිසරට සෑහේ.
26. නනු ආවුසො භගවතා අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය? විසංයොගාය ධම්මො දෙසිතො නො සංයොගාය? අනුපාදානාය ධම්මො දෙසිතො නො සඋපාදානාය?
26. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් සරාගය පිණිස නොව විරාගය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? (නො ඇලීම පිණිස දෙසන ලදී. ඇලීම පිණිස නො වෙයි.) ක්ලේශයන්ගෙන් වෙන් ව විසීම පිණිස ධර්මය දේශනා කරණ ලද්දේ නො වේ ද? කෙලෙසුන් හා නො යෙදීම පිණිස ධර්මය දෙසන ලද්දේ නො වේ ද? තෘෂ්ණාවශයෙන් දැඩි කොට නො ගැණීම පිණිස ධර්මය දේශනා කරණ ලද්දේ නො වේ ද? තෘෂ්ණා වශයෙන් දැඩි කොට ගැණීම පිණිස නො දෙසන ලද්දේ නො වේ ද?
27. තත්ථ නාම ත්වං ආවුසො භගවතා විරාගාය ධම්මෙ දෙසිතෙ සරාගාය චෙතෙස්සසි. විසංයොගාය ධම්මෙ දෙසිතෙ සංයොගාය චෙතෙස්සසි. අනුපාදානාය ධම්මෙ දෙසිතෙ සඋපාදානාය චෙතෙස්සසි,
27. එහි ඇවැත්නි, තෝ භාග්‍යවතුන් වහන්සේ විසින් විරාගය පිණිස ධර්මය දේශනා කරණ ලද කල්හි රාගය හා පවත්නා මෙවුන්දම් සෙවීම පිණිස උත්සාහ කෙළෙහි ය. විසංයෝගය පිණිස ධර්මය දේශනා කරණ ලද කල්හි සංයෝගය පිණිස උත්සාහ කෙළෙහි ය. අනුපාදානය පිණිස ධර්මය දේශනා කරණ ලද කල්හි සඋපාදානය පිණිස උත්සාහ කෙළෙහි ය.
28. නනු, ආවුසො භගවතා අනෙකපරියායෙන රාගවිරාගාය ධම්මො දෙසිතො? මදනිම්මදනාය පිපාසවිනයාය ආලයසමුග්ඝාතාය වට්ටුපච්ඡෙදාය තණ්හාක්ඛයාය විරාගාය නිරොධාය නිබ්බානාය ධම්මො දෙසිතො?
28. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් මදාදිය දුරු කිරීම පිණිස කාම පිපාසාදීන්ගේ දුර ලීම පිණිස, පඤ්චකාමාලය මුලින් ම සිඳීම පිණිස සංසාරයේ මුල් සිඳීම පිණිස, තෘෂ්ණාක්ෂයය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, නිවණ පිණිස ධර්මය දේශනා කරණ ලද්දේ නොවේ ද?
29. නනු ආවුසො භගවතා අනෙක පරියායෙන කාමානං පහාණං අක්ඛාතං, කාමසඤ්ඤානං පරිඤ්ඤා අක්ඛාතා, කාමපිපාසානං පටිවිනයො අක්ඛාතො, කාමවිතක්කානං සමුග්ඝාතො අක්ඛාතො, කාමපරිළාහානං වූපසමො අක්ඛාතො?
29. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් වස්තුකාම ක්ලේශකාමයන්ගේ ප්රහාණය පිණිස වදාරණ ලද්දේ නො වේ ද? සියලු කාමසංඥාවන්ගේ ත්‍රිවිධ වූ පරිඥාව වදාරණ ලද නො වේ ද? කාමපිපාසාවන්ගේ දුරු කිරීම වදාරණ ලද්දේ නො වේ ද? කාමවිතර්‍කයන්ගේ නැසීම වදාරණ ලද්දේ නො වේ ද? කාමපරිදාහයන්ගේ සන්සිඳීම වදාරණ ලද්දේ නො වේ ද?
30. නෙතං ආවුසො අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය අථ ඛ්වෙතං, ආවුසො අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
30. ඇවැත්නි, ඔබගේ පාපකර්මය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස නො වෙයි. පහන් වූවන්ගේ නැවත නැවත පැහැදීම පිණිස නො වෙයි. වැලිදු, ඇවැත්නි, තෙල පාපකර්මය වනාහි නොපහන් වූවන්ගේ නොපහන් බව පිණිස ද, පහන් වූ සමහරුන්ගේ (සෝවන් මගට නො පැමිණියවුන්ගේ) විපිළිසරබව පිණිස ද වෙයි.”
31. අථ ඛො තෙ භික්ඛූ ආයස්මන්තං සුදින්නං අනෙකපරියායෙන විගරහිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං සුදින්නං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං සුදින්න, පුරාණ දුතියිකාය මෙථුනං ධම්මං පටිසෙවී”ති. “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා:
31. ඉන් පසු ඒ භික්ෂුහු ආයුෂ්මත් සුදින්නහට නොයෙක් ආරෙන් ගර්හා කොට භාග්‍යවතුන් වහන්සේට ඒ කරුණ සැළ කළාහු ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්ෂුසඞ්ඝයා රැස් කරවා “සුදින්න, තෝ පොරණ අඹුව සමග මෙවුන්දම් සේවනය කෙළෙහි ය යනු සැබෑ දැ”යි ආයුෂ්මත් සුදින්නගෙන් පිළිවිසි සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය”යි සුදින්න භික්ෂු කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූසේක:
32. “අනනුච්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිත්වා න සක්ඛිස්සසි යාවජීවං පරිසුද්ධං පරිපුණ්ණං බ්රහ්මචරියං චරිතුං.
32. “හිස් පුරුෂය, නුසුදුසු වූ අනුලොම් නුවූ අයෝග්‍ය වූ ශ්‍රමණයන්ට අයත් නුවූ අකැප වූ නො කට යුත්තෙක. කෙසේ නම්, හිස් පුරුෂය, තෝ මෙසේ මැනැවින් දෙසූ ධර්මවිනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු බඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද?
33. නනු මයා, මොඝපුරිස, අනෙකපරියායෙන විරාගාය ධම්මො දෙසිතො නො සරාගාය? විසංයොගාය ධම්මො දෙසිතො නො සංයොගාය? අනුපාදානාය ධම්මො දෙසිතො නො සඋපාදානාය?
33. හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් විරාගය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? සරාගය පිණිස දහම් නො දෙසන ලද්දේ නො වේද? විසංයෝගය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? සංයෝගය පිණිස දහම් නො දෙසන ලද්දේ නො වේද? අනුපාදානය පිණිස දහම් දෙසන ලද්දේ නො වේ ද? සඋපාදානය පිණිස දහම් නො දෙසන ලද්දේ නො වේද?
34. තත්ථ නාම ත්වං මොඝපුරිස, මයා විරාගාය ධම්මෙ දෙසිතෙ සරාගාය චෙතෙස්සසි. විසංයොගාය ධම්මෙ දෙසිතෙ සංයොගාය චෙතෙස්සසි. අනුපාදානාය ධම්මෙ දෙසිතෙ සඋපාදානාය චෙතෙස්සසි.
34. හිස් පුරුෂය, එහි තෝ මා විසින් විරාගය පිණිස ධර්මය දෙසූ කල්හි සරාගය පිණිස උත්සාහ කෙළෙහි ය. විසංයෝගය පිණිස ධර්මය දෙසූ කල්හි සංයෝගය පිණිස උත්සාහ කෙළෙහි ය. අනුපාදානය පිණිස ධර්මය දෙසූ කල්හි සඋපාදානය පිණිස උත්සාහ කෙළෙහි ය.
35. නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන රාගවිරාගාය ධම්මො දෙසිතො? මදනිම්මදනාය පිපාසවිනයාය ආලයසමුග්ඝාතාය වට්ටුපච්ඡෙදාය තණ්හක්ඛයාය විරාගාය නිරොධාය නිබ්බානාය ධම්මො දෙසිතො?
35. හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් රාගවිරාගය පිණිස ධර්මය දේශනා කරණ ලද්දේ නො වේ ද? මදනීම්මදනය පිණිස, පිපාසාවිනය පිණිස, ආලයසමුග්ඝාතය පිණිස, වට්ටූපච්ඡේදය පිණිස, තෘෂ්ණාක්ෂය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, නිර්වාණය පිණිස, ධර්මය දේශනා කරණ ලද්දේ නො වේ ද?
36. නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන කාමානං පහාණං අක්ඛාතං? කාමසඤ්ඤානං පරිඤ්ඤා අක්ඛාතා? කාමපිපාසානං පටිවිනයො අක්ඛාතො? කාමවිතක්කානං සමුග්ඝාතො අක්ඛාතො? කාමපරිළාහානං වූපසමො අක්ඛාතො?”
36. හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් කාමයන්ගේ ප්රහාණය කියන ලද්දේ නො වේ ද? කාමසංඥාවන්ගේ පරිඥාව කියන ලද්දේ නො වේ ද? කාමපිපාසවන්ගේ දුර ලීම කියන ලද්දේ නො වේ ද? කාමවිතර්‍කයන්ගේ නැසීම කියන ලද්දේ නො වේ ද? කාමපරිදාහයන්ගේ සංහිඳීම කියන ලද්දේ නො වේ ද?
37. “වරං තෙ මොඝපුරිස ආසීවිසස්ස ඝොරවිසස්ස මුඛෙ අඞ්ගජාතං පක්ඛිත්තං, න ත්වෙව මාතුගාමස්ස අඞ්ගජාතෙ අඞ්ගජාතං පක්ඛිත්තං. වරං තෙ මොඝපුරිස කණ්හසප්පස්ස මුඛෙ අඞ්ගජාතං පක්ඛිත්තං, න ත්වෙව මාතුගාමස්ස අඞ්ගජාතෙ අඞ්ගජාතං පක්ඛිත්තං. වරං තෙ මොඝපුරිස අඞ්ගාරකාසුයා ආදිත්තාය සම්පජ්ජලිතාය සජොතිභූතාය අඞ්ගජාතං පක්ඛිත්තං. න ත්වෙව මාතුගාමස්ස අඞ්ගජාතෙ අඞ්ගජාතං පක්ඛිත්තං. තං කිස්ස හෙතු? තතොනිදානං හි, මොඝපුරිස මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. නත්වෙව තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය. ඉතොනිදානඤ්ච ඛො මොඝපුරිස කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය.
37. “හිස් පුරුෂය, තා විසින් දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහා ලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි සිය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් කෘෂ්ණසර්‍පයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, තා විසින් ඇවිළගත්, හාත්පසින් ඇවිළගත්, ගිනිදැල් සහිත වූ ගිනිඅඟුරුවළෙක අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. මාගමකගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, එය හේතු කොට ගෙණ මරණයට හෝ පැමිණෙන්නේ ය. නැත හොත් මරණය වැනි දුකකට පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කා බුන් මරණින් මතු සැපයෙන් පහ වූ නරකගතියෙන් යුක්ත වූ විවශ ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. මේ හේතුවෙන්, හිස් පුරුෂය, කා බුන් මරණින් මතු අපාය නම් වූ දුග්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.
38. “තත්ථ නාම ත්වං මොඝපුරිස, යං ත්වං අසද්ධම්මං ගාමධම්මං වසලධම්මං දුට්ඨුල්ලං ඔදකන්තිකං රහස්සං ද්වයංද්වයසමාපත්තිං සමාපජ්ජිස්සසි, බහුන්නං ඛො ත්වං මොඝපුරිස අකුසලානං ධම්මානං ආදිකත්තා පුබ්බඞ්ගමො. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථ ඛ්වෙතං මොඝපුරිස, අප්පසන්නානඤ්චෙව අප්පසාදාය, පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
38. “හිස් පුරුෂය, ඒ මෙබඳු වූ සාවද්යකර්මයෙහි තෝ නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ගම්වැස්සන්ගේ ස්වභාවයක් වූ, ලාමකපුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසුන්ගෙන් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇති, රහසේ කට යුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන් විසින් සමවැද්දැ යුතු වූ මෛථුන ධර්මයට සමවන්නෙහි ය. හිස් පුරුෂය, තෝ බොහෝ දෙනා අතුරෙන් අකුශල ධර්මයන්ට ආදිකර්තෘ වෙහි. පූර්වඞ්ගම වෙහි. හිස් පුරුෂය, මෙය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස හෝ නො වෙයි. වැලිදු, හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ නො පැහැදීම පිණිස ද පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්යථාත්වය පිණිස ද වේ.”
39. අථ ඛො භගවා ආයස්මන්තං සුදින්නං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය දුප්පොසතාය මහිච්ඡතාය අසන්තුට්ඨිතාය සඞ්ගණිකාය කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වා අනෙකපරියායෙන සුභරතාය සුප්පොසතාය අප්පිච්ඡස්ස සන්තුට්ඨස්ස සල්ලෙඛස්ස ධුතස්ස පාසාදිකස්ස අපචයස්ස වීරියාරම්භස්ස වණ්ණං භාසිත්වා භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
39. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සුදින්නහට නොයෙක් ක්‍රමයෙන් ගර්හා කොට (තමන් විසින් ද, අනුන් විසින් ද) දුර්භරභාවයෙහි ද දුකසේ පෝෂණය කට හැකි බව්හි ද, මහත් ආශා ඇති බව්හි ද, ලද දැයෙකින් සතුටු නො වීමෙහි ද, ගණසමූහයා කෙරෙහි ඇලීමෙහි ද, කුසීත බවෙහි ද අගුණ වදාරා, නොයෙක් ක්‍රමයෙන් සුභර භාවයෙහි ද, සුව සේ පෝෂණය කට හැකි බව්හි ද, අපිස් වූවහුගේ ද, ලද දැයෙකින් සතුටු වන්නහුගේ ද, කෙලෙස් සිඳ ලන්නහුගේ ද, කෙලෙස් කම්පිත කළහුගේ ද, ප්‍රසාදය එළවන සංවරයාගේ ද, කෙලෙස් රැස් නො කිරීමෙහි ද, වීර්ය්යාරම්භයෙහි ද, ගුණ වදාරා, භික්ෂූන්ට එතැනට සුදුසු වූ එයට අනුලොම් වූ දැහැමි කථාවක් කොට භික්ෂූන් ඇමතූ සේක.
40. “තෙන හි භික්ඛවෙ භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤපෙස්සාමි දස අත්ථවසෙ පටිච්ච: සඞ්ඝසුට්ඨුතාය, සඞ්ඝඵාසුතාය, දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය, පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය, දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය, අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්යොභාවාය, සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
40. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝයාගේ හිත සුව පිණිස, සඞ්ඝයාගේ පහසු බව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීල භික්ෂූන්ගේ ඵාසුවිහරණය පිණිස, මෙලොව දී පැමිණියැ හැකි දුක් දුරු කිරීම පිණිස, පරලොව දී පැමිණෙන දුක් නැසීම පිණිස, නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස ය යන මේ දස හිතවිශේෂයන්ගේ නිෂ්පත්තිය පිණිස භික්ෂූන්ට සිකපදයක් පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, පාරාජිකො හොති අසංවාසො”ති.
“යම් මහණෙක් මෙවුන්දම් සෙව්නේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ සංඝයා හා ඒකකර්මාදිසංවාස නැති වන බැවින් (අසංවාස සහවාස නැත්තෙක්) වේ.”
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මෙසේත් මේ ශික්ෂාපදය පණවන ලද්දේ වෙයි.
[මූලපඤ්ඤත්ති]
[මුල් පැණවීමයි.]
සුදින්නභාණවාරො නිට්ඨිතො.
සුදින්න බණවර නිමි.