සුදින්නභාණවාරවණ්ණනා අට්ඨකථා
සුදින්නභාණවාරවණ්ණනා
සුදින්න බණවර වර්ණනාව
ඉතො පරං තෙන ඛො පන සමයෙන වෙසාලියා අවිදූරෙතිආදි යෙභුය්යෙන උත්තානත්ථං. තස්මා අනුපදවණ්ණනං පහාය යත්ථ යත්ථ වත්තබ්බං අත්ථි, තං තදෙව වණ්ණයිස්සාම. කලන්දගාමොති කලන්දකා වුච්චන්ති කාළකා, තෙසං වසෙන ලද්ධනාමො ගාමො. කලන්දපුත්තොති ගාමවසෙන ලද්ධනාමස්ස රාජසම්මතස්ස චත්තාලීසකොටිවිභවස්ස කලන්දසෙට්ඨිනො පුත්තො. යස්මා පන තස්මිං ගාමෙ අඤ්ඤෙපි කලන්දනාමකා මනුස්සා අත්ථි, තස්මා කලන්දපුත්තොති වත්වා පුන සෙට්ඨිපුත්තොති වුත්තං. සම්බහුලෙහීති බහුකෙහි. සහායකෙහීති සුඛදුක්ඛානි සහ ආයන්ති උපගච්ඡන්තීති සහායා, සහායා එව සහායකා, තෙහි සහායකෙහි. සද්ධින්ති එකතො. කෙනචිදෙව කරණීයෙනාති කෙනචිදෙව භණ්ඩප්පයොජනඋද්ධාරසාරණාදිනා කිච්චෙන; කත්තිකනක්ඛත්තකීළාකිච්චෙනාතිපි වදන්ති. භගවා හි කත්තිකජුණ්හපක්ඛෙ වෙසාලිං සම්පාපුණි. කත්තිකනක්ඛත්තකීළා චෙත්ථ උළාරා හොති. තදත්ථං ගතොති වෙදිතබ්බො.
මෙයින් මතු ‘තෙන ඛො පන සමයෙන වෙසාලියා අවිදූරෙ’ යනාදිය බොහෝසෙයින් ප්‍රකට අර්ත්ථ ඇත්තේය. එහෙයින් පදයක් පාසා වර්ණනා කිරීම හැර යම් යම් තැනක කියයුත්තක් වේනම්, ඒ ඒ කියයුත්තම වර්ණනා කරන්නෙමු. ‘කලන්දගාමො’ ලෙහෙනෝ කලන්දකයි කියනු ලැබෙත්. ලෙහෙනුන්ගේ නම්වසයෙන් ලැබූ නම් ඇති ගමය. ‘කලන්දපුත්තො’ ගම වසයෙන් ලැබූ නම් ඇති රාජ සම්මත වූ සතළිස් කෙළක් ධනය ඇති කලක සිටුහුගේ පුත්රතෙමේය. යම්හෙයකින් වනාහි එගමෙහි කලන්ද යන නම් ඇති අන්‍ය මනුෂ්‍යයෝත් වෙත්ද, එහෙයින් කලන්දපුත්රයි කියා නැවත සිටුපුත්යි වදාළ සේක. ‘සම්බහුලෙහි’ බොහෝවූ ‘සහායකෙහි’ සුඛදුඃඛයන්ට එක්ව යෙත්, එක්ව එළඹෙත්නුයි සහාය නම්වෙත්. සහායයෝම සහායකයහ. ඒ සහායයන් හා ‘සද්ධිං’ එක්ව ‘කෙනචිදෙව කරණීයෙන’ විකිණිය යුතු බඩු විකිණීම, දෙන්නට ලකුණු කළ දිනයෙහි ගොස් ගැනීම, අසුවල් දවසෙහි දියයුතුය’යි සිහිගැන්වීම යනාදී වූ කිසියම් කටයුත්තක් හේතුකොට ඉල්මස නැකැත්කෙළිකිස හේතුකොටයයිද කියත්. භාග්‍යවතුන් වහන්සේ වනාහි ඉල්මස ශුක්ල පක්ෂයෙහි විශාලා මහනගරයට වැඩිය සේක. මෙහි ඉල්මස නැකැත්කෙළිය ඉතා මහත් වේ. ඒ පිණිස ගියේයයි දතයුතුය.
අද්දස ඛොති කථං අද්දස? සො කිර නගරතො භුත්තපාතරාසං සුද්ධුත්තරාසඞ්ගං මාලාගන්ධවිලෙපනහත්ථං බුද්ධදස්සනත්ථං ධම්මසවනත්ථඤ්ච නික්ඛමන්තං මහාජනං දිස්වා “ක්ව ගච්ඡථා”ති පුච්ඡි. “බුද්ධදස්සනත්ථං ධම්මසවනත්ථඤ්චා”ති. තෙන හි “අහම්පි ගච්ඡාමී”ති ගන්ත්වා චතුබ්බිධාය පරිසාය පරිවුතං බ්රහ්මස්සරෙන ධම්මං දෙසෙන්තං භගවන්තං අද්දස. තෙන වුත්තං – “අද්දස ඛො…පෙ… දෙසෙන්ත”න්ති. දිස්වානස්සාති දිස්වාන අස්ස. එතදහොසීති පුබ්බෙ කතපුඤ්ඤතාය චොදියමානස්ස භබ්බකුලපුත්තස්ස එතං අහොසි. කිං අහොසි? යංනූනාහම්පි ධම්මං සුණෙය්යන්ති . තත්ථ යන්නූනාති පරිවිතක්කදස්සනමෙතං. එවං කිරස්ස පරිවිතක්කො උප්පන්නො “යමයං පරිසා එකග්ගචිත්තා ධම්මං සුණාති, අහො වතාහම්පි තං සුණෙය්ය”න්ති.
‘අද්දසා ඛො’ කෙසේ දුටුයේදයත්: ඒ කලන්දක සිටුපුත්තෙමේ, බුදුරජුන් දැකීම පිණිසත්, දහම් ඇසීම පිණිසත්, වැළඳූ උදය බොජුන් ඇති පිරිසිදු උතුරුසළු පෙරොවගෙණ මල් ගඳ විලවුන් ගත් අත් ඇතිව නුවරින් නික්ම යන මහජනයා දැක ‘කොතැන යහු’දැයි විචාළේය. ‘අපි බුදුරජුන් දැකීම පිණිසත් දහම් ඇසීම පිණිසත් යමු’යි ඔවුන් කියූ කල්හි ‘එසේනම් මමත් යමි’යි ඔවුන් සමග ගොස් සිවු පිරිසෙන් පිරිවරණ ලදුව බ්‍රහ්ම ස්වරයෙන් දහම් දෙසන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. ‘අද්දසා ඛො -පෙ- දෙසෙන්තං’ යනු එහෙයින් කියන ලද්දේය. ‘දිස්වා තස්ස’ දැක මොහුට. ‘එතදහොසි’ පෙරකළ පින් ඇති බැවින් මෙහෙයනු ලබන භව්‍ය කුලපුත්‍රයා හට මේ අදහස වූයේය. කිනම් අදහසක් වූයේද යත්: ‘යන්නූනාහම්පි ධම්මං සුණෙය්යං’ යන මේ අදහස වූයේය. එහි ‘යන්නූන’ යන මෙය පරිවිතර්කය දක්වීමය. ‘මේ පිරිස එකඟවූ සිත් ඇතිව යම් ධර්මයක් අසාද මමත් ඒ ධර්මය අසන්නෙම්නම් ඉතා යහපතැ’යි ඔහුට මේ පරිවිතර්කය උපන්නේය.
අථ ඛො සුදින්නො කලන්දපුත්තො යෙන සා පරිසාති ඉධ කස්මා “යෙන භගවා”ති අවත්වා “යෙන සා පරිසා”ති වුත්තන්ති චෙ. භගවන්තඤ්හි පරිවාරෙත්වා උළාරුළාරජනා මහතී පරිසා නිසින්නා, තත්ර න සක්කා ඉමිනා පච්ඡා ආගතෙන භගවන්තං උපසඞ්කමිත්වා නිසීදිතුං. පරිසාය පන එකස්මිං පදෙසෙ සක්කාති සො තං පරිසංයෙව උපසඞ්කමන්තො. තෙන වුත්තං – “අථ ඛො සුදින්නො කලන්දපුත්තො යෙන සා පරිසා”ති. එකමන්තං නිසින්නස්ස ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස එතදහොසීති න නිසින්නමත්තස්සෙව අහොසි, අථ ඛො භගවතො සිත්තයූපසංහිතං ථොකං ධම්මකථං සුත්වා; තං පනස්ස යස්මා එකමන්තං නිසින්නස්සෙව අහොසි. තෙන වුත්තං – “එකමන්තං නිසින්නස්ස ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස එතදහොසී”ති. කිං අහොසීති? යථා යථා ඛොතිආදි.
‘අථ ඛො සුදින්නො කලන්දපුත්තො යෙන සා පරිසා’ යන මෙහි ‘යෙන භගවා’යි නොවදාරා ‘යෙන සා පරිසා’යි කුමක් හෙයින් කියන ලද්දේද යත්: භාග්‍යවතුන් වහන්සේ පිරිවරා ක්ෂත්රිය මහාසාරාදි අත්‍යුදාර ජනයා ඇති මහත් පිරිසක් දුන්නාය. එහි පසුව පැමිණි මොහුට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ හිඳින්නට නොහැකිය. පිරිසෙහි එක් පෙදෙසක හිඳින්නට හැකියයි හෙතෙමේ ඒ පිරිස වෙතම එළඹියේය. ‘අථ ඛො සුදින්නො කලන්දපුත්තො යෙන සා පරිසා’යි එහෙයින් කියන ලද්දේය. ‘එකමන්තං නිසින්නස්ස ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස එතදහොසි’ එහි අවුත් හුන් ඇසිල්ලෙහිම ඔහුට මේ අදහස නොවූයේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ශික්ෂාත්රය සංගෘහීත වූ සවල්ප ධර්මකථාව අසා මේ අදහස උපන්නේය. යම්හෙයකින් එකත්පසෙක හුන් මොහුට ඒ අදහස වූයේද, එහෙයින් ‘එකමන්තං නිසින්නස්ස ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස එතදහොසි’ යනු කියන ලදී. කවර අදහසක් වූයේද යත්: ‘යථා යථා ඛො’ යනාදිය එහිලා කීහ.
තත්රායං සඞ්ඛෙපකථා – අහං ඛො යෙන යෙන ආකාරෙන භගවතා ධම්මං දෙසිතං ආජානාමි, තෙන තෙන මෙ උපපරික්ඛතො එවං හොති යදෙතං සිත්තයබ්රහ්මචරියං එකම්පි දිවසං අඛණ්ඩං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිපුණ්ණං චරිතබ්බං, එකදිවසම්පි ච කිලෙසමලෙන අමලීනං කත්වා චරිමකචිත්තං පාපෙතබ්බතාය එකන්තපරිසුද්ධං. සඞ්ඛලිඛිතං ලිඛිතසඞ්ඛසදිසං ධොතසඞ්ඛසප්පටිභාගං චරිතබ්බං. ඉදං න සුකරං අගාරං අජ්ඣාවසතා අගාරමජ්ඣෙ වසන්තෙන එකන්තපරිපුණ්ණං…පෙ… චරිතුං. යංනූනාහං කෙසෙ ච මස්සුඤ්ච ඔහාරෙත්වා කසායරසපීතතාය කාසායානි බ්රහ්මචරියං චරන්තානං අනුච්ඡවිකානි වත්ථානි අච්ඡාදෙත්වා පරිදහිත්වා අගාරස්මා නික්ඛමිත්වා අනගාරියං පබ්බජෙය්යන්ති. එත්ථ ච යස්මා අගාරස්ස හිතං කසිවාණිජ්ජාදිකම්මං අගාරියන්ති වුච්චති, තඤ්ච පබ්බජ්ජාය නත්ථි; තස්මා පබ්බජ්ජා “අනගාරියා”ති ඤාතබ්බා. තං අනගාරියං පබ්බජ්ජං. පබ්බජෙය්යන්ති පරිබ්බජෙය්යං.
එහි මේ සඞ්ක්ෂෙප කථාය. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යම් අයුරකින් දෙසූ ධර්මය මම දනිම්ද, ඒ ඒ අයුරින් විමසන මට මෙබඳු අදහසක් වේ: යම් මේ ශික්ෂාත්රය සඞ්ගෘහිත බ්‍රහ්මචර්‍ය්‍යය එක් දවසකුදු නොකඩකොට ච්යුතිචිත්තයට පැමිණවිය යුතු බැවින් ‘එකන්ත පරිපුණ්ණං’ එකතින් පිරිපුන්කොට හැසිරිය යුතුය. එක් දවසකුදු නොකඩකොට ච්‍යුති චිත්තයට පැමිණවිය යුතු වූ බැවින් ‘එකන්ත පරිසුද්ධං’ එකතින් පිරිසුදු වූ, ‘සඞ්ඛලිඛිතං’ ලියූ සකක් සමානකොට සේදූ සකක් සමානකොට හැසිරියයුතුවූ මේ ශික්ෂාත්රය සංගෘහීත වූ බ්‍රහ්මචර්‍ය්‍යය. ‘අගාරං අජඣාවසතා’ ගෙහි වසන්නහු විසින් එකතින් පිරිපුන්කොට පෙ- හැසිරීම පහසු නොවේ. මම ‘කෙසෙ ච මස්සුඤ්ච ඔභාරෙත්වා’ කෙස් ද උඩුයටි රැවුළුද සිඳහැර, කසට දියෙන් රඳන් ගැන්වූ බැවින්. ‘කාසායානි’ කසටගැන්වූ බඹසර හැසිරෙන්නවුන්ට සුදුසු වූ, ‘වත්ථානි අච්ඡාදෙත්වා’ වස්ත්‍ර හැඳ, පෙරව, ‘අගාරම්භා’ගෙන් නික්ම. ‘අනාගාරියං පබ්බජෙය්යං’ සසුන් වඳින්නෙම්නම් ඉතා යෙහෙක. මෙහි යම්හෙයකින් ගෘහවාසයට හිතවූ සීසෑම් වෙළඳාම් ආදිකර්මාන්ත අගාරියයි කියනු ලැබේ, එද පැවිද්දෙහි නැත්තේද, එහෙයින් පැවිද්ද අනගාරියයි දතයුතුය. ඒ අනගාරිය සඞ්ඛ්‍යාත ප්‍රව්‍රජ්‍යාවට පැමිණෙන්නෙමි.
අචිරවුට්ඨිතාය පරිසාය යෙන භගවා තෙනුපසඞ්කමීති සුදින්නො අවුට්ඨිතාය පරිසාය න භගවන්තං පබ්බජ්ජං යාචි. කස්මා? තත්රස්ස බහූ ඤාතිසාලොහිතා මිත්තාමච්චා සන්ති, තෙ “‘ත්වං මාතාපිතූනං එකපුත්තකො, න ලබ්භා තයා පබ්බජිතු’න්ති බාහායම්පි ගහෙත්වා ආකඩ්ඪෙය්යුං, තතො පබ්බජ්ජාය අන්තරායො භවිස්සතී”ති සහෙව පරිසාය උට්ඨහිත්වා ථොකං ගන්ත්වා පුන කෙනචි සරීරකිච්චලෙසෙන නිවත්තිත්වා භගවන්තං උපසඞ්කම්ම පබ්බජ්ජං යාචි. තෙන වුත්තං – “අථ ඛො සුදින්නො කලන්දපුත්තො අචිරවුට්ඨිතාය පරිසාය…පෙ… පබ්බාජෙතු මං භගවා”ති.
‘අචිරවුට්ඨිතාය පරිසාය යෙන භගවා තෙනුපසඞ්කමි’ සුදින්න තෙමේ පිරිස නොනැගිට හුන් කල්හි භාග්‍යවතුන් වහන්සේගෙන් පැවිද්ද නොඉල්ලීය. කුමක් හෙයින්දයත්: එහි සුදින්නගේ නෑ සහලේ නෑයෝ මිත්‍රාමාත්‍යයෝ බොහෝ වෙත්. ඒ වේලෙහි සුදින්න පැවිද්ද ඉල්ලා සිටියේ නම් ඒ නෑයෝ සහලේ නෑයෝ මිත්‍රාමාත්‍යයෝ ‘තෝ මවුපියන්ගේ එක්ම පුත්රවෙහි, තම පැවිදිවන්නට නොලැබෙන්නේය’යි බාහුවෙන් අල්ලා අදින්නාහ. එයින් පැවිද්දට අන්තරාය වන්නේය’යි ඒ පිරිස සමගම නැගිට මදක් දුර ගොස් නැවත මලමූ පහකිරීම් ආදීවූ කිසියම් සිරුරුකිස කරන ආකාරයෙන් නැවතී සිට පෙරළා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පැවිද්ද ඉල්ලා සිටියේය. ‘අථ ඛො සුදින්නො කලන්දපුත්තො අචිරවුට්ඨිතාය පරිසාය - පෙ- පබ්බාජෙතු මං භගවා’යි එහෙයින් කියන ලදී.
භගවා පන යස්මා රාහුලකුමාරස්ස පබ්බජිතතො පභුති මාතාපිතූහි අනනුඤ්ඤාතං පුත්තං න පබ්බාජෙති, තස්මා නං පුච්ඡි – “අනුඤ්ඤාතොසි පන ත්වං සුදින්න මාතාපිතූහි…පෙ… පබ්බජ්ජායා”ති.
භාග්‍යවතුන් වහන්සේ වනාහි යම්හෙයකින් රාහුල කුමරුන්ගේ පැවිද්දෙහි පටන් මවුපියන් විසින් නොඅනුදත් පුතු පැවිදි නොකරණ සේක්ද, එහෙයින් ‘අනුඤ්ඤාතොසි පන ත්වං සුදින්න මාතාපිතුහි -පෙ- පබ්බජ්ජාය’ සුදින්න! පැවිද්ද පිණිස මවුපියන් විසින් තෝ අනුදන්නා ලද්දෙහිදැ’යි ඔහුගෙන් විචාළ සේක.
ඉතො පරං පාඨානුසාරෙනෙව ගන්ත්වා තං කරණීයං තීරෙත්වාති එත්ථ එවමත්ථො වෙදිතබ්බො – ධුරනික්ඛෙපෙනෙව තං කරණීයං නිට්ඨාපෙත්වාති; න හි පබ්බජ්ජාය තිබ්බච්ඡන්දස්ස භණ්ඩප්පයොජනඋද්ධාරසාරණාදීසු වා නක්ඛත්තකීළායං වා චිත්තං නමති. අම්ම තාතාති එත්ථ පන අම්මාති මාතරං ආලපති; තාතාති පිතරං. ත්වං ඛොසීති ත්වං ඛො අසි. එකපුත්තකොති එකොව පුත්තකො; අඤ්ඤො තෙ ජෙට්ඨො වා කනිට්ඨො වා නත්ථි. එත්ථ ච “එකපුත්තො”ති වත්තබ්බෙ අනුකම්පාවසෙන “එකපුත්තකො”ති වුත්තං. පියොති පීතිජනනකො. මනාපොති මනවඩ්ඪනකො. සුඛෙධිතොති සුඛෙන එධිතො; සුඛසංවඩ්ඪිතොති අත්ථො. සුඛපරිහතොති සුඛෙන පරිහතො; ජාතකාලතො පභුති ධාතීහි අඞ්කතො අඞ්කං හරිත්වා ධාරියමානො අස්සකරථකාදීහි බාලකීළනකෙහි කීළමානො සාදුරසභොජනං භොජියමානො සුඛෙන පරිහතො.
මෙයින් මතු පාඨානුසාරයෙන්ම ගොස් ‘තං කරණීයං තීරෙත්වා’ යන මෙහි මෙසේ අර්ත්ථ දතයුතුය: ධුරනිඃක්ෂෙපයෙන්ම ඒ කිස කොට නිමවා පැවිද්දෙහි දැඩි ආශාව ඇත්තහුගේ සිත බඩු විකිණීම, ණය දීම, යෙදූ මිල වැඩිකොට ගැණීමෙහි උත්සාහය, අසුවල් දවසෙහි දෙන ලදැයි ආදී ලෙසින් මුළාවූහුට සිහි ඉපදවීම යනාදියෙහි හෝ නැකැත් කෙළියෙහි හෝ නොනැමෙන්නේය. ‘අම්ම! තාත!’ යන මෙහි ‘අම්ම!’යි මව අමතයි. ‘තාත!’යි පියා අමතයි. ‘ත්වං ඛොසි’ තෝම වෙහි. ‘එකපුත්තකො’ එක්ම පුතට අන්‍ය වූ දෙටුබෑයෙක් හෝ කනිටු බෑයෙක් නැත. මෙහිද ‘එකපුත්තො’යි කියයුත්තෙහි අනුකම්පා වසයෙන් ‘එකපුත්තක’යි කියන ලද්දේය. ‘පියො’ ප්රීතිජනක වෙහි. ‘මනාපො’ මනවඩන්නෙහිය. ‘සුබෙධිතො’ සුවසේ වැඩුනෙහිය. සුඛයෙන් වඩන ලද්දෙහිය යන අර්‍ත්‍ථයි. ‘සුඛපරිභටො’ සුඛයෙන් පෝෂණය කරන ලද්දෙහිය. උපන්දා සිට කිරිමවුන් විසින් ඇකයෙන් ඇකයට වඩා දරණු ලබන්නෙහිය. අස්රිය ඈ ලදරු කෙළිබඩුවෙන් කෙළින්නන් හා කෙළිමින් මිහිරි රසබොජුන් බුදිනු ලබන්නෙහිය. සුඛයෙන් පෝෂණය කරන ලද්දෙහිය.
න ත්වං, තාත සුදින්න, කිඤ්චි දුක්ඛස්ස ජානාසීති ත්වං තාත සුදින්න කිඤ්චි අප්පමත්තකම්පි කලභාගං දුක්ඛස්ස න ජානාසි; අථ වා කිඤ්චි දුක්ඛෙන නානුභොසීති අත්ථො. කරණත්ථෙ සාමිවචනං, අනුභවනත්ථෙ ච ජානනා; අථ වා කිඤ්චි දුක්ඛං නස්සරසීති අත්ථො. උපයොගත්ථෙ සාමිවචනං, සරණත්ථෙ ච ජානනා. විකප්පද්වයෙපි පුරිමපදස්ස උත්තරපදෙන සමානවිභත්තිලොපො දට්ඨබ්බො. තං සබ්බං සද්දසත්ථානුසාරෙන ඤාතබ්බං. මරණෙනපි මයං තෙ අකාමකා විනා භවිස්සාමාති සචෙපි තව අම්හෙසු ජීවමානෙසු මරණං භවෙය්ය, තෙන තෙ මරණෙනපි මයං අකාමකා අනිච්ඡකා න අත්තනො රුචියා, විනා භවිස්සාම; තයා වියොගං වා පාපුණිස්සාමාති අත්ථො. කිං පන මයං තන්ති එවං සන්තෙ කිං පන කිං නාම තං කාරණං යෙන මයං තං ජීවන්තං අනුජානිස්සාම; අථ වා කිං පන මයං තන්ති කෙන පන කාරණෙන මයං තං ජීවන්තං අනුජානිස්සාමාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
‘න ත්වං සුදින්න කිඤ්චි දුක්ඛස්ස ජානාසි’ ‘පුත! සුදින්න’ තෝ කිසි ස්වල්ප මාත්රවූත් කලභාගයක් තරම්වූත් දුකක් නොදනිහි, නොහොත් දුකින් යුක්තව කිසි පස්කම් රසයක් නොවැළඳුයෙහිය යන අර්‍ත්‍ථයි. කරණාර්‍ත්‍ථයෙහි සාමිවචනයි. අනුභවනාර්ත්ථයෙහිද දැනීමය. නොහොත් කිසිදු දුකක් සිහි නොකරහි යන අර්‍ත්‍ථයි. උපයොගාර්ත්ථයෙහි සාමිවචනයි. සරණාර්ත්ථයෙහිද දැනීමයි. දැනීම නම් සිහිකිරීමය. ද්විතීයා - තෘතීයා විකල්ප දෙක්හි ‘කිඤ්චි’ යන පුරිම පදයෙහි ‘දුක්ඛස්ස’ යන උත්තර පදය හා සමාන වූ ෂෂ්ඨි වචනයේ ලෝපය දතයුතුය. ඒ සියල්ල ශබ්ද ශාස්ත්රානුසාරයෙන් දතයුතුය. ‘මරණෙන පි මයං තෙ අකාමකා විනා භවිස්සාම’ අප ජීවත්ව සිටියදී තාගේ මරණය වන්නේනම් තාගේ ඒ මරණයෙන්ද අපි නොකැමති වන්නමෝ රුචි නොකරන්නමෝ තමන්ගේ කැමැත්තෙන් වෙන් නොවන්නෙමු. තාගෙන් වියොගයට හෝ නොපැමිණෙන්නෙමු යන අර්‍ත්‍ථයි. ‘කිං පන මයං තං’ මෙසේ කල්හි අපි යම්කරුණකින් ජීවත්වන තට එයට අනුදනිමුද, ඒ කරුණ කිම? කිනම්ද? නොහොත් ‘කිං පන මයං තං’ අපි ජීවත්වන තට කවර කරුණකින් අනුදන්නෙමුදැයි මෙසේ අර්ත්ථය දතයුතුය.
තත්ථෙවාති යත්ථ නං ඨිතං මාතාපිතරො නානුජානිංසු, තත්ථෙව ඨානෙ. අනන්තරහිතායාති කෙනචි අත්ථරණෙන අනත්ථතාය.
‘තත්ථෙව’ යම්තැනක සිටි ඔහුට මවුපියෝ නොඅනුදන්නාහුද එතැනදීම. ‘අනන්තරහිතාය’ කිසි ඇතිරියකින් නොඅතුරණ ලද.
පරිචාරෙහීති ගන්ධබ්බනටනාටකාදීනි පච්චුපට්ඨාපෙත්වා තත්ථ සහායකෙහි සද්ධිං යථාසුඛං ඉන්ද්රියානි චාරෙහි සඤ්චාරෙහි; ඉතො චිතො ච උපනෙහීති වුත්තං හොති. අථ වා පරිචාරෙහීති ගන්ධබ්බනටනාටකාදීනි පච්චුපට්ඨාපෙත්වා තත්ථ සහායකෙහි සද්ධිං ලළ, උපලළ, රම, කීළස්සූතිපි වුත්තං හොති. කාමෙ පරිභුඤ්ජන්තොති අත්තනො පුත්තදාරෙහි සද්ධිං භොගෙ භුඤ්ජන්තො. පුඤ්ඤානි කරොන්තොති බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච ආරබ්භ දානප්පදානාදීනි සුගතිමග්ගසොධකානි කුසලකම්මානි කරොන්තො. තුණ්හී අහොසීති කථානුප්පබන්ධවිච්ඡෙදනත්ථං නිරාලාපසල්ලාපො අහොසි. අථස්ස මාතාපිතරො තික්ඛත්තුං වත්වා පටිවචනම්පි අලභමානා සහායකෙ පක්කොසාපෙත්වා “එස වො සහායකො පබ්බජිතුකාමො, නිවාරෙථ න”න්ති ආහංසු. තෙපි තං උපසඞ්කමිත්වා තික්ඛත්තුං අවොචුං, තෙසම්පි තුණ්හී අහොසි. තෙන වුත්තං – “අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා…පෙ… තුණ්හී අහොසී”ති.
‘පරිචාරෙහි’ ගඳඹ නළු ආදීන් තමන් වෙත පමුණුවාගෙන එහි යහළුවන් සම සැපසේ ඉඳුරන් හසුරුවාලව. මැනැවින් ඉඳුරන් පිණවාලව. ඔබනොබ හසුරුවාලවයි කියන ලද්දේ වේ. නොහොත් ‘පරිචාරෙහි’ ගඳඹ නළු ආදීන් වෙතට පමුණුවාගෙන යහළුවන් සමග ක්රීඩාකරව ලංව ක්රීඩාකරව. සිත් අලවව. ක්‍රීඩා කරවයි කියන ලද්දේ වේ. ‘කාමෙ පරිභුඤ්ජන්තො’ තමන්ගේ අඹුදරුවන් සමග පඤ්චකාමගුණ අනුභව කරමින් ‘පුඤ්ඤානි කරොන්තො’ බුදුන් දහම් සඟුන් උදෙසා දන්දීම් වසයෙන් පවත්නා සුගතිමග පිරිසිදුකරන කුශලකර්ම කරමින්. ‘තුණ්හි අහොසි’ කථා පරම්පරාව සිඳලනු පිණිස වදන් පිළිවදන් රහිතවූයේය. ඉක්බිති මොහුගේ මවුපියෝ තෙවරක් කියා පිළිවදනකුදු නොලබනුවෝ යහළුවන් කැඳවා ‘තොපගේ මේ යහළු පැවිදිවනු කැමැත්තෝය. ඔහු වළකාලවූ’යි කීහ. ඔවුහුද සුදින්න කරා එළඹ තෙවරක් කීහ. ඔවුන්ගේ බසටද කිසිවක් නොබැණ නිහඬ වූයේය. ‘අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා -පෙ- තුණ්හි අහොසි’ යනු එහෙයින් කියන ලදී.
අථස්ස සහායකානං එතදහොසි – “සචෙ අයං පබ්බජ්ජං අලභමානො මරිස්සති න කොචි ගුණො භවිස්සති. පබ්බජිතං පන නං මාතාපිතරොපි කාලෙන කාලං පස්සිස්සන්ති. මයම්පි පස්සිස්සාම. පබ්බජ්ජාපි ච නාමෙසා භාරියා, දිවසෙ දිවසෙ මත්තිකාපත්තං ගහෙත්වා පිණ්ඩාය චරිතබ්බං. එකසෙය්යං එකභත්තං බ්රහ්මචරියං අතිදුක්කරං. අයඤ්ච සුඛුමාලො නාගරිකජාතියො, සො තං චරිතුං අසක්කොන්තො පුන ඉධෙව ආගමිස්සති. හන්දස්ස මාතාපිතරො අනුජානාපෙස්සාමා”ති. තෙ තථා අකංසු. මාතාපිතරොපි නං අනුජානිංසු. තෙන වුත්තං – “අථ ඛො සුදින්නස්ස කලන්දපුත්තස්ස සහායකා යෙන සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතාපිතරො…පෙ… අනුඤ්ඤාතොසි මාතාපිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති.
ඉක්බිති ‘ඉදින් මෙතෙමේ පැවිද්ද නොලබන්නේ නම් මැරෙන්නේය, එයින් කිසි යහපතක් නොවන්නේය, මවුපියෝද පැවිදිවූ ඔහු කලින්කල දකින්නාහුය. අපිද ඔහු දකින්නෙමු, මේ පැවිද්දනම් බැරෑරුම්ය. දවසක්පාසා මැටිපයක් ගෙණ පිඬු පිණිස හැසිරිය යුතුය. එක් යහන, එක් බත, බඹසර රැකුම් අති දුෂ්කරය, මෙතෙමේද සියුමැලිය, නුවරුන්ගේ ගතිගුණ ඇත්තේය. එහෙයින් මෙතෙමේ එහි හැසිරෙන්නට නොහැකිවනුයේ පෙරළා මෙහිම එන්නේය, එහෙයින් මොහුගේ මවුපියන් ලවා පැවිද්දට අනුදන්වාලන්නෙමු’යි ඔහුගේ යහළුවන්ට මේ අදහස වූයේය. ඔවුහු එසේ කළහ. මවුපියෝද ඔහුට අනුදත්හ. ‘අථ ඛො සුදින්නස්ස කලන්ද පුත්තස්ස සහායකා යෙන සුදින්නස්ස කලන්දපුත්තස්ස මාතා පිතරො -පෙ- අනුඤ්ඤාතොසි මාතා පිතූහි අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය’ යන එහෙයින් කියන ලදී.
හට්ඨොති තුට්ඨො. උදග්ගොති පීතිවසෙන අබ්භුන්නතකායචිත්තො. කතිපාහන්ති කතිපයානි දිවසානි. බලං ගාහෙත්වාති සප්පායභොජනානි භුඤ්ජන්තො, උච්ඡාදනන්හාපනාදීහි ච කායං පරිහරන්තො, කායබලං ජනෙත්වා මාතාපිතරො වන්දිත්වා අස්සුමුඛං ඤාතිපරිවට්ටං පහාය යෙන භගවා තෙනුපසඞ්කමි…පෙ… පබ්බාජෙතු මං භන්තෙ භගවාති. භගවා සමීපෙ ඨිතං අඤ්ඤතරං පිණ්ඩචාරිකං භික්ඛුං ආමන්තෙසි – “තෙන හි භික්ඛු සුදින්නං පබ්බාජෙහි චෙව උපසම්පාදෙහි චා”ති. “සාධු, භන්තෙ”ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුණිත්වා සුදින්නං කලන්දපුත්තං ජිනදත්තියං සද්ධිවිහාරිකං ලද්ධා පබ්බාජෙසි චෙව උපසම්පාදෙසි ච. තෙන වුත්තං – “අලත්ථ ඛො සුදින්නො කලන්දපුත්තො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පද”න්ති.
‘හට්ඨො’ තුටුවූයේය. ‘උදග්ගො’ ප්‍රීතිවේගයෙන් ඉතා උස්ව නැගීගිය කායචිත්ත ඇත්තේය. ‘කතිපාහං’ කිහිප දවසක් ‘බලං ගාහෙත්වා’ හිත බොජුන් බුදිමින් ඇඟ ඉලීම් නෑම් ආදියෙන් කාය පරිහරණය කරමින් කායශක්තිය උපදවා. මවුපියන් වැඳ කඳුලු වැකුණු මුහුණු ඇති නෑ පරපුර හැරපියා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ ‘ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ මා පැවිදිකරන සේක්වා’යි ඇයද සිටියේය. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටි එක්තරා පිණ්ඩචාරික භික්ෂු නමක්හට ‘මහණ! එසේනම් සුදින්න පැවිදි කරව, උපසපන්ද කරව’යි නියමකළ සේක. ඒ භික්ෂුතෙමේ ‘ස්වාමීනි! යහපතැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කලන්දපුත්ර සුදින්න ජිනදත්තිය සද්ධිවිහාරිකයෙකු ලැබ පැවිදි කෙළේය. උපසපන්ද කෙළේය. එහෙයින් ‘අලත්ථ ඛො සුදින්නො කලන්දපුත්තො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං’ යනු කියන ලදී.
එත්ථ පන ඨත්වා සබ්බඅට්ඨකථාසු පබ්බජ්ජා ච උපසම්පදා ච කථිතා. මයං පන යථාඨිතපාළිවසෙනෙව ඛන්ධකෙ කථයිස්සාම. න කෙවලඤ්චෙතං, අඤ්ඤම්පි යං ඛන්ධකෙ වා පරිවාරෙ වා කථෙතබ්බං අට්ඨකථාචරියෙහි විභඞ්ගෙකථිතං, තං සබ්බං තත්ථ තත්ථෙව කථයිස්සාම. එවඤ්හි කථියමානෙ පාළික්කමෙනෙව වණ්ණනා කතා හොති. තතො තෙන තෙන විනිච්ඡයෙන අත්ථිකානං පාළික්කමෙනෙව ඉමං විනයසංවණ්ණනං ඔලොකෙත්වා සො සො විනිච්ඡයො සුවිඤ්ඤෙය්යො භවිස්සතීති.
මෙතැන් සිට සියලු අර්ත්ථ කථාවන්හි ප්‍රව්‍රජ්‍යාව හා උපසම්පදාව කියන ලදය. අපි වනාහි තුබූ පරිදි සිටිසේ පාලි වශයෙන්ම ඛන්ධකයෙහි කියන්නෙමු. හුදෙක් මෙයම නොකියන්නෙමු. අන්‍යවූ ද යමක් ඛන්ධකයෙහි හෝ පරිවාරයෙහි කියයුත්තේද අර්ත්ථකථාචාර්ය්යයන් විසින් විභඞ්ගයෙහි කියන ලද්දේ ද ඒ සියල්ල ඒ ඒ තන්හිම කියන්නෙමු. මෙසේ කියනු ලබන කල්හි පාලි ක්‍රමයෙන්ම වර්ණනා කරන ලද්දී වේ. එහෙයින් ඒ ඒ විනිශ්වයෙන් ප්‍රයෝජන ඇතියනට පාලි ක්‍රමයෙන්ම මේ විනයසංවර්ණනාව බලා ඒ ඒ විනිශ්චය මොනවට දතහැකි වන්නේය.
අචිරූපසම්පන්නොති අචිරං උපසම්පන්නො හුත්වා; උපසම්පදතො නචිරකාලෙයෙවාති වුත්තං හොති. එවරූපෙති එවංවිධෙ එවංජාතිකෙ. ධුතගුණෙති කිලෙසනිද්ධුනනකෙ ගුණෙ. සමාදාය වත්තතීති සමාදියිත්වා ගණ්හිත්වා වත්තති චරති විහරති. ආරඤ්ඤිකො හොතීති ගාමන්තසෙනාසනං පටික්ඛිපිත්වා ආරඤ්ඤිකධුතඞ්ගවසෙන අරඤ්ඤවාසිකො හොති. පිණ්ඩපාතිකොති අතිරෙකලාභපටික්ඛෙපෙන චුද්දස භත්තානි පටික්ඛිපිත්වා පිණ්ඩපාතිකධුතඞ්ගවසෙන පිණ්ඩපාතිකො හොති. පංසුකූලිකොති ගහපතිචීවරං පටික්ඛිපිත්වා පංසුකූලිකධුතඞ්ගවසෙන පංසුකූලිකො හොති. සපදානචාරිකොති ලොලුප්පචාරං පටික්ඛිපිත්වා සපදානචාරිකධුතඞ්ගවසෙන සපදානචාරිකො හොති; ඝරපටිපාටියා භික්ඛාය පවිසති. වජ්ජිගාමන්ති වජ්ජීනං ගාමං වජ්ජීසු වා ගාමං.
‘අචිරූපසම්පන්නො’ උපසපන්වී නොබෝකල් ඇත්තේ උපසම්පත්තියෙන් නොබෝකලකින්මැයි කියන ලද්දේ වේ. ‘එවරූපෙ’ මෙබඳු වූ, මෙබඳු සැහැවි ඇති. ‘ධුතගුණෙ’ කෙලෙස් සලන ගුණයන්. ‘සමාදාය වත්තති’ සමාදන්ව ගෙන පවතී. හැසිරෙයි. වෙසෙයි. ‘ආරඤ්ඤිකො හොති’ ග්රාමාන්තසෙනාසනය ප්රතික්ෂේපකොට ආරණ්‍යක ධුතාඞ්ග වශයෙන් අරන්වැසියෙක් වේ. ‘පිණ්ඩපාතිකො’ අතිරෙකලාභ ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් සඞ්ඝභත්ත-උද්දෙසභත්ත-නිමන්ත්රණාදී වූ තුදුස්බත් ප්රතික්ෂෙපකොට පිණ්ඩපාතික ධුතාඞ්ග වශයෙන් පිණ්ඩපාතිකයෙක් වේ. ‘පංසුකූලිකො’ ගෘහපතිචීවරය ප්රතික්ෂේපකොට පංසුකූලිකධුතාඞග වශයෙන් පංසුකූලිකයෙක් වේ. ‘සපදානචාරිකො’ තෘෂ්ණා වශයෙන් හැසිරීම ප්රතික්ෂේපකොට සපදානචාරික ධුතාඞ්ග වශයෙන් සපදාන චාරිකයෙක් වේ. ගෙපිළිවෙලින් භික්ෂාව පිණිස පිවිසෙන්නේය. ‘වජ්ජිගාමං’ වැදෑ රජුන්ගේ ගම හෝ වැදැරට වැස්සන් කෙරෙහි පවත්නා ගම.
අඩ්ඪා මහද්ධනාතිආදීසු උපභොගපරිභොගූපකරණමහන්තතාය අඩ්ඪා; යෙ හි තෙසං උපභොගා යානි ච උපභොගූපකරණානි, තානි මහන්තානි බහුලානි සාරකානීති වුත්තං හොති. නිධෙත්වා ඨපිතධනමහන්තතාය මහද්ධනා. මහාභොගාති දිවසපරිබ්බයසඞ්ඛාතභොගමහන්තතාය මහාභොගා. අඤ්ඤෙහි උපභොගෙහි ජාතරූපරජතස්සෙව පහූතතාය පහූතජාතරූපරජතා. අලඞ්කාරභූතස්ස විත්තූපකරණස්ස පීතිපාමොජ්ජකරණස්ස පහූතතාය පහූතවිත්තූපකරණා. වොහාරවසෙන පරිවත්තෙන්තස්ස ධනධඤ්ඤස්ස පහූතතාය පහූතධනධඤ්ඤාති වෙදිතබ්බා.
‘අඩ්ඪා මහද්ධනා’ යනාදි තන්හි උපභොග පරිභොග උපකරණයන්ගේ මහත්බැවින් ආඪ්‍ය වූ. ඔවුන්ගේ යම් උපභොගයෝ වෙත්ද, යම් උපභොගොපකරණයෝ වෙත්ද, ඔවුහු මහත්හ. බහුලයහ. සාරභූතහයි කියන ලදී. නිදන්කොට තැබූ ධනය මහබැවින් මහත් ධන ඇත්තාහ. ‘මහාභොගා’ දවස වියදමැයි කියූ භොගයන්ගේ මහත්බැවින් මහත්භොග ඇත්තාහ. අන්‍ය උපභොගයන්ට වඩා රන්රිදීම මහත්බැවින් පහූතජාතරූපරජතයහ. ආභරණ භූත වූ ප්‍රීති ප්රමෝදයට කරුණුවූ සතුට උපදවන උපකරණයන් බොහෝබැවින් පහූතවිත්තුපකරණයහ. වෙළඳාම් ගණුදෙනු වසයෙන් හුවමාරු කරන ධනධාන්‍ය බොහෝ බැවින් පහූතධනධඤ්ඤහ යි දතයුතුය.
සෙනාසනං සංසාමෙත්වාති සෙනාසනං පටිසාමෙත්වා; යථා න විනස්සති තථා නං සුට්ඨු ඨපෙත්වාති අත්ථො. සට්ඨිමත්තෙ ථාලිපාකෙති ගණනපරිච්ඡෙදතො සට්ඨිථාලිපාකෙ. එකමෙකො චෙත්ථ ථාලිපාකො දසන්නං භික්ඛූනං භත්තං ගණ්හාති. තං සබ්බම්පි ඡන්නං භික්ඛුසතානං භත්තං හොති. භත්තාභිහාරං අභිහරිංසූති එත්ථ අභිහරීයතීති අභිහාරො. කිං අභිහරීයති? භත්තං. භත්තමෙව අභිහාරො භත්තාභිහාරො, තං භත්තාභිහාරං. අභිහරිංසූති අභිමුඛා හරිංසු. තස්ස සන්තිකං ගහෙත්වා ආගමංසූති අත්ථො. එතස්ස කිං පමාණන්ති? සට්ඨි ථාලිපාකා. තෙන වුත්තං – “සට්ඨිමත්තෙ ථාලිපාකෙ භත්තාභිහාරං අභිහරිංසූ”ති. භික්ඛූනං විස්සජ්ජෙත්වාති සයං උක්කට්ඨපිණ්ඩපාතිකත්තා සපදානචාරං චරිතුකාමො භික්ඛූනං පරිභොගත්ථාය පරිච්චජිත්වා දත්වා. අයං හි ආයස්මා “භික්ඛූ ච ලාභං ලච්ඡන්ති අහඤ්ච පිණ්ඩකෙන න කිලමිස්සාමී”ති එතදත්ථමෙව ආගතො. තස්මා අත්තනො ආගමනානුරූපං කරොන්තො භික්ඛූනං විස්සජ්ජෙත්වා සයං පිණ්ඩාය පාවිසි.
‘සෙනාසනං සංසාමෙත්වා’ සෙනසුන් තැන්පත්කොට. යම්සේ නොනැසේද, එසේ සෙනසුන් මනාකොට තබා යන අර්‍ත්‍ථයි. ‘සට්ඨිමත්තෙ ථාලිපාකෙ’ ගණන් පිරිසිඳීමෙන් සැටක් බත්සැළි මෙහි එක් එක් බත්සැළිය දසනමකට සෑහෙන බත් ගණියි. ඒ සියල්ලම සසියක් භික්ෂූන්ට බත් වේ. ‘භත්තාභිහාරං අභිහරිංසු’ මෙහි මැනවින් එළවනු ලැබේනුයි අභිහාර නම්වේ. කුමක් එළවනු ලැබේදයත්: බත්ය. බත්ම එළවනු ලැබේනුයි භත්තාභිහාර නමි. ඒ භත්තාභිහාරය ‘අභිහරිංසු’ අභිමුඛයට එළවූහ. ඔහුගේ සමීපයට ගෙන ආහ යනු අර්‍ත්‍ථයි. එහි පමණ කෙතෙක්දයත්: බත්සැළි සැටෙක් වේ. ‘සට්ඨිමත්තෙ ථාලිපාකෙ භත්තාභිහාරං අභිහරිංසු’යි එහෙයින් කියන ලද්දේය. ‘භික්ඛූනං විස්සජ්ජෙත්වා’ තෙමේ උත්කෘෂ්ට පිණ්ඩපාතික බැවින් සපදාන චාරිකාවෙහි හැසිරෙනු කැමැත්තේ භික්ෂූන්ට පරිභොගය පිණිස පරිත්‍යාගකොට. පුදා දී. මේ ආයුෂ්මත්තෙමේ වනාහි ‘භික්ෂූහුද ලාභ ලබන්නෝය, මම ද පිඩුයෙන් වෙහෙසට පත්නොවන්නෙමි’යි සිතා මේ පිණිසම ආයේය. එහෙයින් තමන්ගේ ඊමට අනුරූප ලෙසින් කරනුයේ භික්ෂූන්ට ඒ බත්සැළි පුදා තෙමේ පිඬුපිණිස ගියේය.
ඤාතිදාසීති ඤාතකානං දාසී. ආභිදොසිකන්ති පාරිවාසිකං එකරත්තාතික්කන්තං පූතිභූතං. තත්රායං පදත්ථො – පූතිභාවදොසෙන අභිභූතොති අභිදොසො, අභිදොසොව ආභිදොසිකො, එකරත්තාතික්කන්තස්ස වා නාමසඤ්ඤා එසා, යදිදං ආභිදොසිකොති, තං ආභිදොසිකං. කුම්මාසන්ති යවකුම්මාසං. ඡඩ්ඩෙතුකාමා හොතීති යස්මා අන්තමසො දාසකම්මකරානම්පි ගොරූපානම්පි අපරිභොගාරහො, තස්මා තං කචවරං විය බහි ඡඩ්ඩෙතුකාමා හොති. සචෙතන්ති සචෙ එතං. භගිනීති අරියවොහාරෙන ඤාතිදාසිං ආලපති. ඡඩ්ඩනීයධම්මන්ති ඡඩ්ඩෙතබ්බසභාවං. ඉදං වුත්තං හොති – “භගිනි, එතං සචෙ බහි ඡඩ්ඩනීයධම්මං නිස්සට්ඨපරිග්ගහං, තං ඉධ මෙ පත්තෙ ආකිරා”ති.
‘ඤාතිදාසි’ නෑයන්ගේ දාසීතොමෝ. ‘ආභිදොසිකං’ පිළිනුවූ, එක් රැයක් ඉක්මගියාවූ කුණුවූ. එහි මේ පදාර්ත්ථය වේ. කුණුවීමේ දොසයෙන් මැඩුනේනුයි අභිදොස නමි. අභිදොසයම ආභිදොසික නම්වේ. යම් මේ ආභිදොසික යන නමක්වේද, මෙය එක් රැයක් ඉක්මගියහුට නාමසංඥාය. ඒ ආභිදොසික වූ ‘කුම්මාසං’ අඩක් තැම්බූ යවකොමු. ඡඩ්ඩෙතුකාමා හොති’ එය යටත්පිරිසෙයින් දස්කම්කරුවන්ගේද ගෙරින්ගේද පරිභෝගයට සුදුසු නොවූයේද එහෙයින් කසළ මෙන් බැහැරලනු කැමැත්තී වූවාය. ‘සචෙ තං’ ඉදින් මේ යවකොමු. ‘භගිනි’ ආර්‍ය්‍ය ව්‍යවහාරයෙන් නෑදැස්ස අමතයි. ‘ඡඩ්ඩනීයධම්මං’ බැහැරලියයුතු සැහැවි ඇති. ‘බුහුන’ මේ පිළිනු වූ යවකොමු බැහැරලිය යුතු සැහැවි ඇත්තේනම් හළ ගැනීම් ඇත්තේනම් මෙහි මාගේ පාත්‍රයෙහි බහාලවයි මේ කියන ලද්දේ වේ.
කිං පන එවං වත්තුං ලබ්භති, විඤ්ඤත්ති වා පයුත්තවාචා වා න හොතීති? න හොති. කස්මා? නිස්සට්ඨපරිග්ගහත්තා. යඤ්හි ඡඩ්ඩනීයධම්මං නිස්සට්ඨපරිග්ගහං, යත්ථ සාමිකා අනාලයා හොන්ති, තං සබ්බං “දෙථ ආහරථ ඉධ ආකිරථා”ති වත්තුං වට්ටති. තථා හි අග්ගඅරියවංසිකො ආයස්මා රට්ඨපාලොපි “ඡඩ්ඩනීයධම්මං කුම්මාසං ඉධ මෙ පත්තෙ ආකිරා”ති (ම· නි· 2.299) අවච. තස්මා යං එවරූපං ඡඩ්ඩනීයධම්මං අඤ්ඤං වා අපරිග්ගහිතං වනමූලඵලභෙසජ්ජාදිකං තං සබ්බං යථාසුඛං ආහරාපෙත්වා පරිභුඤ්ජිතබ්බං, න කුක්කුච්චායිතබ්බං. හත්ථානන්ති භික්ඛාග්ගහණත්ථං පත්තං උපනාමයතො මණිබන්ධතො පභුති ද්වින්නම්පි හත්‍ථානං. පාදානන්ති නිවාසනන්තතො පට්ඨාය ද්වින්නම්පි පාදානං. සරස්සාති “සචෙතං භගිනී”ති වාචං නිච්ඡාරයතො සරස්ස ච. නිමිත්තං අග්ගහෙසීති ගිහිකාලෙ සල්ලක්ඛිතපුබ්බං ආකාරං අග්ගහෙසි සඤ්ජානි සල්ලක්ඛෙසි. සුදින්නො හි භගවතො ද්වාදසමෙ වස්සෙ පබ්බජිතො වීසතිමෙ වස්සෙ ඤාතිකුලං පිණ්ඩාය පවිට්ඨො සයං පබ්බජ්ජාය අට්ඨවස්සිකො හුත්වා; තෙන නං සා ඤාතිදාසී දිස්වාව න සඤ්ජානි, නිමිත්තං පන අග්ගහෙසීති.
කිම? මෙසේ කියන්නට ලබාද විඥප්තිය හෝ ප්රයුක්තවචනයක් නොවේදයත්: නොවේ. කුමක්හෙයින්දයත්: හළ ආලය ඇත්තක් බැවිනි. යමක් බැහැරලියයුතු සැහැවි ඇත්තේද, හළ ආලය ඇත්තේද, අයිතිකරුවෝ යමක්කෙරෙහි ආලය රහිතවෙත්ද, ඒ සියල්ල ‘දෙවු, ගෙණෙවු, මෙහි බහාලවු’යි කීමෙහි වරදක් නැත්තේය. එසේම අග්රාර්ය්යවංශික වූ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිර තෙමේද ‘බැහැරලියයුතු සැහැවි ඇති යවකොමු මෙහි මාගේ පාත්‍රයෙහි බහාලව’යි කීයේය. එහෙයින් මෙබඳු බැහැරලියයුතු සැහැවි ඇති අන්යමක් හෝ අන්හු විසින් තමන් අයත්කොට නොගත් වනමුල් පල බෙහෙත් ආදියක් හෝ වේද ඒ සියල්ල කැමති සේ ගෙන්වාගෙන වැළඳිය යුතුය. කුකුස් නොකටයුතුය. ‘හත්‍ථානං’ පිඬුගැනීම පිණිස පාත්‍රය එළවන්නහුගේ මැණික්කටුව පටන් දෙයතෙහිද, ‘පාදානං’ අඳන කෙළවර පටන් දෙපයෙහිද, ‘සරස්ස’ ඉදින් බුහුන යන ඒ වචනය නිකුත් කරන්නහුගේ ශබ්දයෙහිද ‘නිමිත්තං අග්ගහෙසි’ ගිහිකාලයෙහි සැලකූවිරූ ආකාරය ගත්තීය. හැඳින ගත්තීය. සලකා ගත්තීය. සුදින්න තෙමේ වනාහි භාග්‍යවතුන් වහන්සේගේ දොළොස්වන අවුරුද්දෙහි පැවිදි වූයේය. විසිවන අවුරුද්දෙහි තමා පැවිද්දෙන් අටවස් ඇත්තේ, නෑකුලයට පිඩුසිඟා ගියේය. එහෙයින් ඒ නෑදැස්ස ඔහු දැකද හඳුනාගත නොහැකිවූය. එහෙත් නිමිති ගත්තීය.
සුදින්නස්ස මාතරං එතදවොචාති අතිගරුනා පබ්බජ්ජූපගතෙන සාමිපුත්තෙන සද්ධිං “ත්වං නු ඛො මෙ, භන්තෙ, අය්යො සුදින්නො”තිආදිවචනං වත්තුං අවිසහන්තී වෙගෙන ඝරං පවිසිත්වා සුදින්නස්ස මාතරං එතං අවොච. යග්ඝෙති ආරොචනත්ථෙ නිපාතො. සචෙ ජෙ සච්චන්ති එත්ථ ජෙති ආලපනෙ නිපාතො. එවඤ්හි තස්මිං දෙසෙ දාසිජනං ආලපන්ති, තස්මා “ත්වං, භොති දාසි, සචෙ සච්චං භණසී”ති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
‘සුදින්නස්ස මාතරං එතදවොච’ ඉතා ගරුවූ ප්රව්රජ්යොපගතව සිටි ස්වාමිපුත්‍රයා සමග ‘ස්වාමීනි! ඔබවහන්සේ ආර්‍ය්‍ය සුදින්නදැ’යි යනාදි වචනයක් කියන්නට නොහැකිවන්නී, වේගයෙන් ගෙට දුවගොස් සුදින්නගේ මවට මෙය කිවූය. ‘යග්ඝෙ’ ආරොචනාර්ත්ථයෙහි නිපාතයි. ‘සචෙ ජෙ! සච්චං’ මෙහි ‘ජෙ’ යනු ආලේපනයෙහි නිපාතයි. ඒ දේශයෙහි දාසීජනයා හට මෙසේ ආමන්ත්‍රණය කරති. එහෙයින් ‘එම්බා දැස්ස! තෝ සැබවක් කියහිදැ’යි මෙසේ අර්ත්ථ දතයුතුය.
අඤ්ඤතරං කුට්ටමූලන්ති තස්මිං කිර දෙසෙ දානපතීනං ඝරෙසු සාලා හොන්ති, ආසනානි චෙත්ථ පඤ්ඤත්තානි හොන්ති, උපට්ඨාපිතං උදකකඤ්ජියං; තත්ථ පබ්බජිතා පිණ්ඩාය චරිත්වා නිසීදිත්වා භුඤ්ජන්ති. සචෙ ඉච්ඡන්ති, දානපතීනම්පි සන්තකං ගණ්හන්ති. තස්මා තම්පි අඤ්ඤතරස්ස කුලස්ස ඊදිසාය සාලාය අඤ්ඤතරං කුට්ටමූලන්ති වෙදිතබ්බං. න හි පබ්බජිතා කපණමනුස්සා විය අසාරුප්පෙ ඨානෙ නිසීදිත්වා භුඤ්ජන්තීති.
‘අඤ්ඤතරං කුඩ්ඩමූලං’ ඒ දේශයෙහි දානපතීන්ගේ ගෙවල එක්පෙදෙසෙක දානශාලා වෙයි. ඒ ශාලාවන්හි ආසනද පණවන ලද්දේ වේ. දිය හා කැඳ ද එළවා තබන ලද්දේය. පැවිද්දෝ පිඩුසිඟා හැසිර අවුත් එහි හිඳ වළඳත්. ඉදින් කැමති වෙත්නම් දානපතියන් අයත් දැයද පිළිගණිත්. එහෙයින් ඒ බිත්ති මුල්ලද එක්තරා කුලයෙක මෙබඳු ශාලාවක එක්තරා බිත්ති මුල්ලකැයි දතයුතුය. පැවිද්දෝ බැගෑපත් දිළිඳු මිනිසුන් මෙන් නොසරුප් තැන හිඳ නොවළඳන්නෝය.
අත්ථි නාම තාතාති එත්ථ අත්ථීති විජ්ජමානත්ථෙ; නාමාති පුච්ඡනත්ථෙ මඤ්ඤනත්ථෙ ච නිපාතො. ඉදඤ්හි වුත්තං හොති – “අත්ථි නු ඛො, තාත සුදින්න, අම්හාකං ධනං, න මයං නිද්ධනාති වත්තබ්බා, යෙසං නො ත්වං ඊදිසෙ ඨානෙ නිසීදිත්වා ආභිදොසිකං කුම්මාසං පරිභුඤ්ජිස්සසි”; තථා “අත්ථි නු ඛො, තාත සුදින්න, අම්හාකං ජීවිතං, න මයං මතාති වත්තබ්බා, යෙසං නො ත්වං ඊදිසෙ ඨානෙ නිසීදිත්වා ආභිදොසිකං කුම්මාසං පරිභුඤ්ජිස්සසි”; තථා “අත්ථි මඤ්ඤෙ, තාත සුදින්න, තව අබ්භන්තරෙ සාසනං නිස්සාය පටිලද්ධො සමණගුණො, යං ත්වං සුභොජනරසසංවඩ්ඪිතොපි ඉමං ජිගුච්ඡනෙය්යං ආභිදොසිකං කුම්මාසං අමතමිව නිබ්බිකාරො පරිභුඤ්ජිස්සසී”ති.
‘අර්ත්ථ නාම තාත!’ මෙහි ‘අර්ත්ථ’ යනු විද්යාමානාර්ත්ථයෙහිද ‘නාම’ යනු පෘච්ඡනාර්ත්ථයෙහි හා ජානනාර්ත්ථයෙහිද නිපාතයි. ‘පුත! සුදින්න! අපට ධනය ඇත්තේමය. අපි නිර්ධනැයි නොකිය යුත්තම්භ. එබඳු වූ අපගේ පුත්‍ර වූ තෝ මෙබඳු තැන හිඳ පිළුනු යවකොමු වළඳන්නෙහිය. එසේම පුත! සුදින්න! අපගේ ජීවිතයද තිබේ. එසේ ජීවත්වන අපගේ පුත්‍රවූ තෝ මෙබඳු තැන හිඳ පිළුනු යවකොමු වළඳන්නෙහිය, එයින් අපි මළම්හයි නොකියයුත්තම්හ, පුත! සුදින්න! යම්හෙයකින් තෝ මනා භොජන රසයෙන් වැඩුනෙහි පිළිකුල් කටයුතු පිළුනු වූ මේ යවකොමු අමාවක් මෙන් විකාර රහිතව වළඳන්නෙහිද? එහෙයින් තාගේ ඇතුළත ශාසනය නිසා පිළිලැබූ ශ්‍රමණ ගුණයක් ඇතැයි සිතමි’යි මේ කියන ලද්දේ වේ.
සො පන ගහපති දුක්ඛාභිතුන්නතාය එතමත්ථං පරිපුණ්ණං කත්වා වත්තුමසක්කොන්තො “අත්ථි නාම, තාත සුදින්න, ආභිදොසිකං කුම්මාසං පරිභුඤ්ජිස්සසී”ති එත්තකමෙව අවොච. අක්ඛරචින්තකා පනෙත්ථ ඉමං ලක්ඛණං වදන්ති – අනොකප්පනාමරිසනත්ථවසෙන එතං අත්ථිනාමසද්දෙ උපපදෙ “පරිභුඤ්ජිස්සසී”ති අනාගතවචනං කතං. තස්සායමත්ථො – අත්ථි නාම…පෙ… පරිභුඤ්ජිස්සසි, ඉදං පච්චක්ඛම්පි අහං න සද්දහාමි න මරිසයාමීති. තතායං ආභිදොසිකොති තතො තව ගෙහතො අයං ආභිදොසිකො කුම්මාසො ලද්ධොති අත්ථො. තතොයන්තිපි පාඨො. තදායන්තිපි පඨන්ති, තං න සුන්දරං. යෙන සකපිතු නිවෙසනන්ති යෙන සකස්ස පිතු අත්තනො පිතු නිවෙසනන්ති අත්ථො; ථෙරො පිතරි පෙමෙනෙව සුබ්බචො හුත්වා අගමාසි. අධිවාසෙසීති ථෙරො උක්කට්ඨපිණ්ඩපාතිකොපි සමානො “සචෙ එකභත්තම්පි න ගහෙස්සාමි, අතිවිය නෙසං දොමනස්සං භවිස්සතී”ති ඤාතීනං අනුකම්පාය අධිවාසෙසි.
ඒ ගැහැවිතෙමේ වනාහි සිත්හි වූ දුකින් තදින් පෙළුනු බැවින් මේ අදහස සම්පූර්ණකොට කියන්නට අපොහොසත්වනුයේ ‘අර්ත්ථනාම සුදින්න! ආභිදොසිකං කුම්මාසං පරිභුඤ්ජිස්සසි’ යන මෙපමණක්ම කීයේය. අක්ෂරචින්තකයෝ වනාහි මෙහි නොඇදහීම, නොඉවසීම යන අර්ත්ථ වශයෙන් මේ ‘අර්ත්ථ නාම’ ශබ්දය උපපදව සිටිකල්හි ‘පරිභුඤ්ජිස්සසි’ යන අනාගත වචනය කරන ලදැයි මේ ලක්ෂණය කියත්. එහි ‘අර්ත්ථ නාම -පෙ- පරිභුඤ්ජිස්සසි’ යන මේ ප්රත්යක්ෂයද මම නොඅදහමි, නොඉවසමි යනු එහි මේ අර්ත්ථයයි. ‘තතායං ආභිදොසිකො’ තාගේ ඒ ගෙයින් පිළුනු වූ මේ යවකොමු ලද්දේය’ යන අර්‍ත්‍ථයි. ‘තතොයං’යි පාඨයක් ද වේ. ‘තදායං’යිද කියත්. එය නොමැනවි. ‘යෙන සකපිතුනිවෙසනං’ සිය පියහුගේ. තමන්ගේ පියා අයත් ගෙය, යම් තැනෙක්හිද යන අර්‍ත්‍ථයි. ස්ථවිරතෙමේ පියා කෙරෙහි ප්‍රේමයෙන්ම සුවචව එහි ගියේය. ‘අධිවාසෙසි’ ස්ථවිරතෙමේ උත්කෘෂ්ට පිණ්ඩපාතික වූයේද ‘එක් බතකුදු නොගන්නෙම්නම් එයින් ඔවුන්ට ඉතා දැඩි දොම්නසක් වන්නේය’යි නෑයන්ට අනුකම්පාවෙන් ඉවසුයේය.
ඔපුඤ්ජාපෙත්වාති උපලිම්පාපෙත්වා. එකං හිරඤ්ඤස්සාති එත්ථ හිරඤ්ඤන්ති කහාපණො වෙදිතබ්බො. පුරිසොති නාතිදීඝො නාතිරස්සො මජ්ඣිමප්පමාණො වෙදිතබ්බො. තිරොකරණීයන්ති කරණත්ථෙ භුම්මං; සාණිපාකාරෙන පරික්ඛිපිත්වාති අත්ථො. අථ වා තිරො කරොන්ති එතෙනාති තිරොකරණීයං, තං පරික්ඛිපිත්වා; සමන්තතො කත්වාති අත්ථො. තෙන හීති යස්මා අජ්ජ සුදින්නො ආගමිස්සති තෙන කාරණෙන. හි ඉති පදපූරණමත්තෙ නිපාතො. තෙනාති අයම්පි වා උය්යොජනත්ථෙ නිපාතොයෙව.
‘ඔපුඤ්ජාපෙත්වා’ ආලේප කරවා ‘එකං හිරඤ්ඤස්ස’ මෙහි හිරණ්යනම් කහවණුයි දතයුතුය. ‘පුරිසො’ ඉතාඋස් නොවූ ඉතාමිටි නොවූ මැදියම් පමණ පුරුෂතෙමේයි දතයුතුය. ‘තිරොකරණීයං’ කරණාර්‍ත්‍ථයෙහි සප්තමී වචනයි. තිරපවුරකින් වටකොට යන අර්‍ත්‍ථයි. නොහොත් ‘මෙයින් වටකෙරෙත්’නුයි තිරොකරණීය නමි. එය ‘පරික්ඛිපිත්වා’ හාත්පසින් වටකොට යන අර්ත්ථය ‘තෙන හි’ යම්හෙයකින් සුදින්නතෙමේ අද එන්නේද, ඒ කාරණයෙනි. ‘හි’ යනු පදපූරණ මාත්‍රයෙහි නිපාතයි. ‘තෙන’ යන මේ හෝ උය්යොජනාර්ත්ථයෙහි නිපාතයක්ම වේ.
පුබ්බණ්හසමයන්ති එත්ථ කිඤ්චාපි පාළියං කාලාරොචනං න වුත්තං, අථ ඛො ආරොචිතෙයෙව කාලෙ අගමාසීති වෙදිතබ්බො. ඉදං තෙ තාතාති ද්වෙ පුඤ්ජෙ දස්සෙන්තො ආහ. මාතූති ජනෙත්තියා. මත්තිකන්ති මාතිතො ආගතං; ඉදං තෙ මාතාමහියා මාතු ඉමං ගෙහං ආගච්ඡන්තියා දින්නධනන්ති අත්ථො. ඉත්ථිකාය ඉත්ථිධනන්ති හීළෙන්තො ආහ . ඉත්ථිකාය නාම ඉත්ථිපරිභොගානංයෙව න්හානචුණ්ණාදීනං අත්ථාය ලද්ධං ධනං කිත්තකං භවෙය්ය. තස්සාපි තාව පරිමාණං පස්ස. අථ වා ඉදං තෙ තාත සුදින්න මාතු ධනං, තඤ්ච ඛො මත්තිකං, න මයා දින්නං, තව මාතුයෙව සන්තකන්ති වුත්තං හොති. තං පනෙතං න කසියා න වණිජ්ජාය සම්භූතං, අපිච ඛො ඉත්ථිකාය ඉත්ථිධනං. යං ඉත්ථිකාය ඤාතිකුලතො සාමිකකුලං ගච්ඡන්තියා ලද්ධබ්බං න්හානචුණ්ණාදීනං අත්ථාය ඉත්ථිධනං, තං තාව එත්තකන්ති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
‘පුබ්බණ්හසමයං’ මෙහි කිසිසේත් පාළියෙහි කල්දැන්වීමක් නොකියන ලද්දේද, එහෙත් කල්දැන්වූ කල්හිම ගියේයයි දතයුතුය. ‘ඉදං තෙ තාත’ යනු දෙගොඩ දක්වමින් කීයේය. ‘මාතු’ මවගේ ‘මත්තිකං’ මවගෙන් පැමිණියේය. මේ ධනය තාගේ මිත්තනිය විසින් මේ ගෙට එන තාගේ මවට දෙනලද ධනය යන අර්‍ත්‍ථයි. ‘ඉත්ථිකාය ඉත්ථිධනං’ යනු ගරහමින් කීයේය. ස්ත්රීන්ගේ පරිභෝගය පිණිසම වූ නහනසුණු ආදිය පිණිස ලත් ධනය ඉත්ථිකාය නම්වේ. එය කොපමණ වන්නේද, එහිදු වනාහි ප්‍රමාණය බලව. තවද ‘පුත! සුදින්න! මේ තාගේ මවට අයත් ධනයයි. එද මව සතුය. මා විසින් දෙන ලද්දේ නොවේ. තාගේ මව සතුමයයි කියන ලද්දේ වේ. ඒ මේ ධනය ගොවිකමින් රැස්කරන ලද්දේ නොවේ. වෙළඳාමෙන් රැස්කරන ලද්දේ නොවේ. තවද, ස්ත්‍රිය සතු වූම ස්ත්‍රියගේ ධනයයි. නෑකුලයෙන් ස්වාමිකුලයට යන්නා වූ ස්ත්‍රිය විසින් නහනසුණු ආදිය සඳහා ලැබියයුතු වූ යම් ස්ත්රීධනයක්වේද, ඒ ධනය වනාහි මෙපමණයි මෙසේද මෙහි අරුත් දතයුතුය.
අඤ්ඤං පෙත්තිකං අඤ්ඤං පිතාමහන්ති යං පන තෙ පිතු ච පිතාමහානඤ්ච සන්තකං, තං අඤ්ඤංයෙව. නිහිතඤ්ච පයුත්තඤ්ච අතිවිය බහු; එත්ථ ච පිතාමහන්ති තද්ධිතලොපං කත්වා වෙදිතබ්බං. පෙතාමහන්ති වා පාඨො. ලබ්භා තාත සුදින්න හීනායාවත්තිත්වාති තාත, සුදින්න, උත්තමං අරියද්ධජං පබ්බජිතලිඞ්ගං පහාය හීනාය ගිහිභාවාය ආවත්තිත්වා ලබ්භා භොගා භුඤ්ජිතුං, නාලබ්භා භුඤ්ජිතුං, න ත්වං රාජභීතො පබ්බජිතො, න ඉණායිකෙහි පලිබුද්ධො හුත්වාති. තාත න උස්සහාමීති එත්ථ පන තාතාති වචනං ගෙහසිතපෙමෙන ආහ, න සමණතෙජෙන. න උස්සහාමීති න සක්කොමි. න විසහාමීති නප්පහොමි, න සමත්ථොම්හි.
‘අඤ්ඤං පෙත්තිකං අඤ්ඤං පිතාමහ’ යම් ධනයක් තාගේ පියා හා මුත්තනුවන් සතුවේද, ඒ ධනය අනිකක්මය. නිදන් කරණ ලද්දාවූද, වැඩීමට යොදන ලද්දාවූද ඒ ධනය ඉතා බොහෝය. මෙහිද ‘පිතාමහං’යි තද්ධිත ප්‍රත්‍යය ලොප්කොට දතයුතුය. ‘පෙතාමහං’යි හෝ පාඨයක් වේ. ‘ලබ්හා තාත! සුදින්න! හීනායාවත්තිත්වා’ පුත! සුදින්න! උතුම් වූ ආර්ය්යධ්වජය, ශ්‍රමණ වේශය හැරපියා හීනවූ ගිහි බවට පෙරැළී භොග අනුභව කරන්නට ලබන්නේය. සම්පත් වළඳන්නට නොලබන්නේ නොවේ හෝ රජුන්ට බියව පැවිදිවූයේ නොවෙහි, ණයකාරයන් විසින් පෙළෙන ලද්දෙක්ව පැවිදිවූයේ නොවෙහි ‘තාත! න උස්සහාමි’ මෙහි ‘තාත’ යන වචනය ගෘහාශ්‍රිත ප්‍රේමයෙන් කීයේය. ශ්‍රමණ තෙජසින් නොකීයේය. ‘න උස්සහාමි’ නොහැකියෙමි. ‘න විසහාමි’ නොපොහොනෙමි. සමර්ත්ථ වූයෙම් නොවෙමි.
“වදෙය්යාම ඛො තං ගහපතී”ති ඉදං පන වචනං සමණතෙජෙනාහ. නාතිකඩ්ඪෙය්යාසීති යං තෙ මයි පෙමං පතිට්ඨිතං, තං කොධවසෙන න අතිකඩ්ඪෙය්යාසි; සචෙ න කුජ්ඣෙය්යාසීති වුත්තං හොති. තතො සෙට්ඨි “පුත්තො මෙ සඞ්ගහං මඤ්ඤෙ කත්තුකාමො”ති උදග්ගචිත්තො ආහ – “වදෙහි තාත සුදින්නා”ති. තෙනහීති උය්යොජනත්ථෙ විභත්තිපතිරූපකො නිපාතො. තතොනිදානන්ති තංනිදානං තංහෙතුකන්ති පච්චත්තවචනස්ස තො-ආදෙසො වෙදිතබ්බො; සමාසෙ චස්ස ලොපාභාවො. භයං වාති “කින්ති මෙ භොගෙ නෙව රාජානො හරෙය්යු”න්තිආදිනා නයෙන වුත්තං රාජාදිභයං; චිත්තුත්රාසොති අත්ථො. ඡම්භිතත්තන්ති රාජූහි වා චොරෙහි වා “ධනං දෙහී”ති කම්මකාරණං කාරියමානස්ස කායිඤ්ජනං කායකම්පො හදයමංසචලනං. ලොමහංසොති උප්පන්නෙ භයෙ ලොමානං හංසනං උද්ධග්ගභාවො. ආරක්ඛොති අන්තො ච බහි ච රත්තිඤ්ච දිවා ච ආරක්ඛණං.
‘වදෙය්යාම ඛො තං ගහපති!’ මේ වචනය වනාහි ශ්‍රමණ තෙජසින් කීයේය. ‘නාතිකඩ්ඪෙය්යාසි’ තාගේ සිත්හි මා කෙරෙහි යම් ප්‍රේමයක් පිහිටියේද, එය ක්‍රොධ වශයෙන් නො ඇදගනුව, ඉදින් නොකිපෙන්නෙහිනම්යි කියන ලද්දේ වේ. ඉක්බිති සිටුතෙමේ ‘පුත්‍රතෙමේ මට සඞ්ග්‍රහ කරනු කැමැත්තේ වනැ’යි ඔදවැඩි සිත් ඇත්තේ ‘වදෙහි තාත! සුදින්න! යනු කීයේය. ‘තෙනහි’ යනු උය්යොජනාර්ත්ථයෙහි විභක්ති ප්‍රතිරූපක නිපාතයෙකි. ‘තතො නිදානං’ ඒ නිදානකොට. ඒ හේතුකොට. ප්‍රථම වචනයට තො ආදෙශය දතයුතුය. සමාස විෂයයෙහි ද මොහුගේ තොලොපාභාවය වේ. ‘භයං වා’ ‘කිම, මාගේ භොගයෙන් රජහුනොම පැහැර ගන්නාහුදැ’යි යනාදි ක්‍රමයෙන් කියූ රාජාදීන්ගෙන් වනබිය. සිතෙහි තැතිගැනීම යන අර්‍ත්‍ථයි. ‘ඡම්භිතත්තං’ රජුන් විසින් හෝ සොරුන් විසින් ධනය දෙවයි කම්කටොලු කරවනු ලබන්නහුගේ කය සැලීම. කය වෙවුලීම. හදය මස් සැලීමය. ‘ලොමහංසො’ උපන් බිය නිමිතිකොට ලොමයන්ගේ දහගැණීමය. ලොමයන්ගේ උඩුහුරු අග් ඇතිබවය. ‘ආරක්ඛො’ ඇතුළතද පිටතද රෑද දාවලද රැකීමය.
තෙන හි වධූති සෙට්ඨි ගහපති ධනං දස්සෙත්වා පුත්තං අත්තනා ගිහිභාවත්ථාය පලොභෙතුං අසක්කොන්තො “මාතුගාමසදිසං දානි පුරිසානං බන්ධනං නත්ථී”ති මඤ්ඤිත්වා තස්ස පුරාණදුතියිකං ආමන්තෙසි – “තෙන හි වධූ”ති. පුරාණදුතියිකන්ති පුරාණං දුතියිකං පුබ්බෙ ගිහිකාලෙ දුතියිකං, ගෙහසිතසුඛුපභොගසහායිකං භූතපුබ්බභරියන්ති අත්ථො. තෙන හීති යෙන කාරණෙන මාතුගාමසදිසං බන්ධනං නත්ථි. පාදෙසු ගහෙත්වාති පාදෙ ගහෙත්වා; උපයොගත්ථෙ භුම්මවචනං, පාදෙසු වා තං ගහෙත්වා. “කීදිසා නාම තා අය්යපුත්ත අච්ඡරායො”ති කස්මා එවමාහ? තදා කිර සම්බහුලෙ ඛත්තියකුමාරෙපි බ්රාහ්මණකුමාරෙපි සෙට්ඨිපුත්තෙපි මහාසම්පත්තියො පහාය පබ්බජන්තෙ දිස්වා පබ්බජ්ජාගුණං අජානන්තා කථං සමුට්ඨාපෙන්ති – “කස්මා එතෙ පබ්බජන්තී”ති. අථඤ්ඤෙ වදන්ති – “දෙවච්ඡරානං දෙවනාටකානං කාරණා”ති. සා කථා විත්ථාරිකා අහොසි. තං ගහෙත්වා අයං එවමාහාති. ථෙරො තං පටික්ඛිපන්තො න ඛො අහං භගිනීති ආහ. සමුදාචරතීති වොහරති වදෙති. තත්ථෙව මුච්ඡිතා පපතාති නං භගිනිවාදෙන සමුදාචරන්තං දිස්වා “අනත්ථිකො දානි මයා අයං යො මං පජාපතිං සමානං අත්තනා සද්ධිං එකමාතුකුච්ඡියා සයිතදාරිකං විය මඤ්ඤතී”ති සමුප්පන්නබලවසොකා හුත්වා තස්මිංයෙව පදෙසෙ මුච්ඡිතා පපතා; පතිතාති අත්ථො.
‘තෙනහි වධූ’ සිටුගැහැවිතෙමේ ධනය දක්වා තමා සිය පුතු ගිහි බවට පොළඹවන්නට නොහැකිවනුයේ ‘පුරුෂයන්ට දැන් මාගම සමානවූ බන්ධනයක් නැතැ’යි සලකා ඔහුගේ පැරණි අඹුවට ‘තෙනහි වධූ’යි ඇමතුයේය. ‘පුරාණදුතියිකං’ පැරණි බිරිද පෙර ගිහිකාලයෙහි දෙවැන්නිය. ගෘහාශ්රිතසුඛොපභොගයෙහි සහායිකාය. පෙර බිරිද යන අර්‍ත්‍ථයි. ‘තෙනහි’ යම් කරුණකින් මාගම සමාන වූ බන්ධනයක් නැත්තේද එහෙයිනි. ‘පාදෙසු ගහෙත්වා’ පාවලින් අල්ලා ගෙන කර්මාර්න්ථයෙහි සප්තමී වචනයි. පාවලින් හෝ ඔහු අල්ලා ගෙන ‘කීදිසා නාම තා අය්යපුත්ත! අච්ඡරායො’යි කුමක් හෙයින් මෙසේ කීයේද? ඒ කාලයෙහි වනාහි මහත් සම්පත් හැරපියා පැවිදිවන බොහෝ කැත්කුමරුන්ද, බමුණු කුමරුන්ද, සිටුපුතුන්ද දැක පැවිදි ගුණ නොදන්නාහු ‘කුමක් හෙයින් මොවුහු පැවිදි වෙත්දැ’යි කතාබහ කරත්. එහි අන් කෙනෙක් දිව්‍යාප්සරාවන් දිව්‍ය නාටිකාවන් කරුණු කොටැයි කියත්. ඒ කතාව පැතිර ගියාය. ඒ කතාව අසා මෝතොමෝ මෙසේ කිවූය. ස්ථවිරතෙමේ එය ප්‍රතික්ෂේප කරනුයේ ‘න ඛො අහං භගිනි!’ යනු කීයේය. ‘සමුදාචරති’ ව්‍යවහාර කරයි. කියයි. ‘තත්ථෙව මුච්ඡිතා පපතා’ භගිනි වාදයෙන් කතා කරන ඔහු දැක ‘දැන් මාගෙන් ප්‍රයෝජන නැත, යම් බඳුවූ මෙතෙමේ බිරිඳ වූ මා, තමන් හා එක් මවුකුස හොත් දැරියක සේ සලකාය’යි හටගත් බලවත්ව උපන් ශෝක ඇතියා ඒ පෙදෙස්හිම මුසපත්ව පතනය වූවාය. වැටුනීය යන අර්‍ත්‍ථයි.
මා නො විහෙඨයිත්ථාති මා අම්හෙ ධනං දස්සෙත්වා මාතුගාමඤ්ච උය්යොජෙත්වා විහෙඨයිත්ථ; විහෙසා හෙසා පබ්බජිතානන්ති. තෙන හි තාත සුදින්න බීජකම්පි දෙහීති එත්ථ තෙන හීති අභිරතියං උය්යොජෙති. සචෙ ත්වං අභිරතො බ්රහ්මචරියං චරසි, චරිත්වා ආකාසෙ නිසීදිත්වා පරිනිබ්බායිතා හොහි, අම්හාකං පන කුලවංසබීජකං එකං පුත්තං දෙහි. මා නො අපුත්තකං සාපතෙය්යං ලිච්ඡවයො අතිහරාපෙසුන්ති මයඤ්හි ලිච්ඡවීනං ගණරාජූනං රජ්ජෙ වසාම, තෙ තෙ පිතුනො අච්චයෙන ඉමං සාපතෙය්යං එවං මහන්තං අම්හාකං විභවං අපුත්තකං කුලධනරක්ඛකෙන පුත්තෙන විරහිතං අත්තනො රාජන්තෙපුරං අතිහරාපෙය්යුන්ති, තං තෙ මා අතිහරාපෙසුං, මා අතිහරාපෙන්තූති.
‘මා නො විහෙඨයිත්ථ’ ධනය දක්වා මාගමද යොදා අප වෙහෙස නොකරවු. මෙය පැවිද්දන්ට වෙහෙසක්මය. ‘තෙනහි තාත! සුදින්න! බීජකම්පි දෙහි’ මෙහි ‘තෙනහි’ යන මෙයින් ඉදින් තෝ ඇලීම් ඇතිව බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙහිනම් හැසිරෙව, හැසිර අහසෙහි හිඳ පිරිනිවියේ වෙව, අපට කුලවංශයට බිජුවටක් වූ එක් පුතෙකු දෙවයි අභිරතියෙහි යොදයි. ‘මානො අපුත්තකං සාපතෙය්යං ලිච්ඡවයො අතිහරාපෙසුං’ අපි වනාහි ගණ රාජවූ ලිච්ඡවීන්ගේ රාජ්‍යයෙහි වසම්හ. ඔවුහු තාගේ පියාගේ ඇවෑමෙන් කුල ධන රකින පුතුගෙන් තොරවූ මෙසේ මහත්වූ අපගේ විභව වූ මේ ධනය තමන්ගේ රාජන්තෙපුරයට ගෙන්වන්නාහුය, ඔවුහු ඒ ධනය නොගෙන්වන්නාහු, නොගෙන්වත්වා.
එතං ඛො මෙ, අම්ම, සක්කා කාතුන්ති කස්මා එවමාහ? සො කිර චින්තෙසි – “එතෙසං සාපතෙය්යස්ස අහමෙව සාමී, අඤ්ඤො නත්ථි. තෙ මං සාපතෙය්යරක්ඛණත්ථාය නිච්චං අනුබන්ධිස්සන්ති; තෙනාහං න ලච්ඡාමි අප්පොස්සුක්කො සමණධම්මං කාතුං, පුත්තකං පන ලභිත්වා ඔරමිස්සන්ති, තතො අහං යථාසුඛං සමණධම්මං කරිස්සාමී”ති ඉමං නයං පස්සන්තො එවමාහාති.
‘එතං ඛො මෙ අම්ම සක්කා කාතුං’ කුමක් හෙයින් මෙසේ කීයේද යත්: ‘ මොවුන්ගේ ධනයට මම ම හිමියෙමි, අනෙකෙක් නැත්තේය, ඔවුහු ධනය රැකගැනීමට නිතර මා ලුහුබඳින්නාහුය. එහෙයින් මම උත්සාහ රහිතව මහණදම් කරන්නට නොලබමි. පුතෙකු ලැබීමෙන් පුතෙකු ලබා ඔවුහු මෙයින් වළකින්නාහුය, ඉන්පසු මම සැපසේ මහණදම් කරන්නෙමි’යි හෙතෙමේ සිතුයේය. මේ ක්‍රමය දක්නේ මෙසේ කීයේය.
පුප්ඵන්ති උතුකාලෙ උප්පන්නලොහිතස්ස නාමං. මාතුගාමස්ස හි උතුකාලෙ ගබ්භපතිට්ඨානට්ඨානෙ ලොහිතවණ්ණා පිළකා සණ්ඨහිත්වා සත්ත දිවසානි වඩ්ඪිත්වා භිජ්ජන්ති, තතො ලොහිතං පග්ඝරති, තස්සෙතං නාමං “පුප්ඵ”න්ති. තං පන යාව බලවං හොති බහු පග්ඝරති, තාව දින්නාපි පටිසන්ධි න තිට්ඨති, දොසෙනෙව සද්ධිං පග්ඝරති; දොසෙ පන පග්ඝරිතෙ සුද්ධෙ වත්ථුම්හි දින්නා පටිසන්ධි ඛිප්පං පතිට්ඨාති. පුප්ඵංසා උප්පජ්ජීති පුප්ඵං අස්සා උප්පජ්ජි; අකාරලොපෙන සන්ධි පුරාණදුතියිකාය බාහායං ගහෙත්වාති පුරාණදුතියිකාය යා බාහා, තත්ර නං ගහෙත්වාති අත්ථො.
‘පුප්ඵං’ පුප්ඵ යනු ඔසප් කාලයෙහි හටගත් ලෙයට නමකි. ඔසප් කාලයෙහි මාගමගේ ගැබ පිහිටන තැන ලේවන් පිළිකාවෝ හටගෙන සත් දවසක් තුළ වැඩීගොස් බිඳීයත්. ඉන්පසු ලේ වැගිරෙයි. පුප්ඵ යන මෙය එයට නමකි. එය යම් තරම් බලවත් වේද, ඒ තරම් ලෙසින් බොහෝ ලේ වැගිරෙන්නේය. ඒ කාලයෙහි දුන් ප්රතිසන්ධියද නොපිහිටයි. ලේ සමගම ප්රතිසන්ධියද වැගිරීයයි. ලේ වැගිරී ගිය කල්හි පිරිසිදු වූ ගර්භාශයෙහි දෙන ලද ප්රතිසන්ධිය වහා පිහිටා ගනියි. ‘පුප්ඵංසා උප්පජ්ජි’ මැයට ලේ උපන. ආකාර ලොපය සමග සංයොගයාගේද ලොපය වේ. ‘පුරාණ දුතියිකාය බාහායං ගහෙත්වා’ පැරණි බිරියගේ යම් බාහුවක්වීද, එයින් ඇය අල්ලාගෙන යන අර්‍ත්‍ථයි.
අපඤ්ඤත්තෙ සික්ඛාපදෙති පඨමපාරාජිකසික්ඛාපදෙ අට්ඨපිතෙ. භගවතො කිර පඨමබොධියං වීසති වස්සානි භික්ඛූ චිත්තං ආරාධයිංසු, න එවරූපං අජ්ඣාචාරමකංසු. තං සන්ධායෙව ඉදං සුත්තමාහ – “ආරාධයිංසු වත මෙ, භික්ඛවෙ, භික්ඛූ එකං සමයං චිත්ත”න්ති (ම· නි· 1.225). අථ භගවා අජ්ඣාචාරං අපස්සන්තො පාරාජිකං වා සඞ්ඝාදිසෙසං වා න පඤ්ඤපෙසි. තස්මිං තස්මිං පන වත්ථුස්මිං අවසෙසෙ පඤ්ච ඛුද්දකාපත්තික්ඛන්ධෙ එව පඤ්ඤපෙසි. තෙන වුත්තං – “අපඤ්ඤත්තෙ සික්ඛාපදෙ”ති.
‘අපඤ්ඤත්තෙ සික්ඛාපදෙ’ ප්‍රථම පාරාජිකා ශික්ෂාපදය නොපැණවූ කල්හි ප්‍රථම බෝධියෙහි විසිවසක්ම භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිත සතුටු කළහ. මෙබඳු අද්ධ්යචාරයක් නොකළහ. ‘ආරාධයිංසු වත මෙ භික්ඛවෙ භික්ඛු එකං සමයං චිත්තං’ යන මේ සුත්‍රය ඒ සඳහාම වදාළ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ අද්ධ්යාචාරයක් නොදක්නා සේක් පාරාජිකයක් හෝ සඞ්ඝාදිසෙසයක් නොපැණවූහ. ඒ ඒ වස්තුවෙහි සෙසු පස්වැදෑරුම් වූ ක්ෂුදාපත්තිස්කන්ධයන්ම පැණවූහ. ‘අපඤ්ඤත්තෙ සික්ඛාපදෙ’ යනු එහෙයින් වදාරණ ලද්දේය.
අනාදීනවදස්සොති යං භගවා ඉදානි සික්ඛාපදං පඤ්ඤපෙන්තො ආදීනවං දස්සෙස්සති, තං අපස්සන්තො අනවජ්ජසඤ්ඤී හුත්වා. සචෙ හි “අයං ඉදං න කරණීයන්ති වා මූලච්ඡෙජ්ජාය වා සංවත්තතී”ති ජානෙය්ය, සද්ධාපබ්බජිතො කුලපුත්තො තතොනිදානං ජීවිතක්ඛයං පාපුණන්තොපි න කරෙය්ය. එත්ථ පන ආදීනවං අපස්සන්තො නිද්දොසසඤ්ඤී අහොසි. තෙන වුත්තං – “අනාදීනවදස්සො”ති. පුරාණදුතියිකායාති භුම්මවචනං. අභිවිඤ්ඤාපෙසීති පවත්තෙසි; පවත්තනාපි හි කායවිඤ්ඤත්තිචොපනතො “විඤ්ඤාපනා”ති වුච්චති. තික්ඛත්තුං අභිවිඤ්ඤාපනඤ්චෙස ගබ්භසණ්ඨානසන්නිට්ඨානත්ථමකාසීති වෙදිතබ්බො.
‘අනාදීනවදස්සො’ භාග්‍යවතුන් වහන්සේ දැන් ප්‍රථම ශික්ෂාපදය පණවන සේක් යම් ආදීනවයක් දක්වන්නාහුද, එය නොදකිමින් නිරවද්යසංඥා ඇතිව ‘ඉදින් මෙතෙමේ මෙය නොකට යුතුය’යි හෝ මුල් සිඳීම පිණිස පවතීයි දන්නේ නම් සැදහයෙන් පැවිදි වූ කුලපුත්‍රතෙමේ ඒ හේතුකොට ජීවිතක්ෂයට පැමිණෙනුයේද නොකරන්නේය. මෙතෙමේ මෙහි වනාහි ආදීනව නොදක්නේ නිර්දෝෂ සංඥා ඇත්තේ වූයේය. ‘අනාදීනවදස්සො’ යනු එහෙයින් වදාරණ ලදී. ‘පුරාණදුතියිකාය’ යනු සප්තමී වචනයි. ‘අභිවිඤ්ඤාපෙසි’ පැවැත්වූයේය. පැවැත්මද කායවිඥප්ති චලනයෙන් ‘විඤ්ඤාපනා’යි කියනු ලැබේ. මෙතෙමේ ගැබ් පිහිටීමෙහි තීරණය පිණිස තෙවරක් මෙවුන්දම් සෙවීම කෙළේයයි දතයුතුය.
සා තෙන ගබ්භං ගණ්හීති සා ච තෙනෙව අජ්ඣාචාරෙන ගබ්භං ගණ්හි, න අඤ්ඤථා. කිං පන අඤ්ඤථාපි ගබ්භග්ගහණං හොතීති ? හොති. කථං? කායසංසග්ගෙන , චොළග්ගහණෙන, අසුචිපානෙන, නාභිපරාමසනෙන, රූපදස්සනෙන, සද්දෙන, ගන්ධෙන. ඉත්ථියො හි එකච්චා උතුසමයෙ ඡන්දරාගරත්තා පුරිසානං හත්ථග්ගාහ-වෙණිග්ගාහ-අඞ්ගපච්චඞ්ගපරාමසනං සාදියන්තියොපි ගබ්භං ගණ්හන්ති. එවං කායසංසග්ගෙන ගබ්භග්ගහණං හොති.
‘සා තෙන ගබ්හං ගණ්හි’ ඕතොමෝද ඒ ආචාරව්යතික්රමයෙන්ම ගැබ් ගත්තීය. අන්පරිද්දෙකින් ඒ නොවූයේය. කිම, අන් පරිද්දෙකිනුදු ගැබ්ගැණීම වේදයත්: වන්නේය. කෙසේදයත්: කායසංසර්ගයෙන්, හැඳිරෙදි ගැනීමෙන්, ශුක්ළ පානයෙන්, නැබ පිරිමැදීමෙන්, රූප දැකීමෙන්, ශබ්දශ්‍රවණයෙන්, ගන්ධාඝ්රාණයෙන් ගැබ් හටගැනීම වන්නේය. ඇතැම් ස්ත්‍රීහු ඔසප් කාලයෙහි ඡන්දරාගයෙන් ඇලීගියාහු පුරුෂයන්ගේ අත් ගැණීම් කෙස් ගැණීම් අඟපසඟ පැහසීම් ඉවසන්නාහු ඒ හේතුවෙන් ගැබ් ගණිත්. මෙසේ කායසංසර්ගයෙන් ගැබ් හටගැණීම වේ.
උදායිත්ථෙරස්ස පන පුරාණදුතියිකා භික්ඛුනී තං අසුචිං එකදෙසං මුඛෙන අග්ගහෙසි, එකදෙසං චොළකෙනෙව සද්ධිං අඞ්ගජාතෙ පක්ඛිපි. සා තෙන ගබ්භං ගණ්හි. එවං චොළග්ගහණෙන ගබ්භග්ගහණං හොති.
උදායි තෙරුන්ගේ පැරණි බිරිඳ වූ මෙහෙණතොමෝ උදායි තෙරුන්ගේ මිදුනු ශුක්ල කොටසක් මුවෙහි ලාගත්තීය. අඳනයෙහි රැඳී තුබූ කොටස අඳනයත් සමග තමාගේ අඞ්ගජාතයෙහි බැහුය. ඕ තොමෝ එයින් ගැබ් ගත්තීය. රෙදිකඩ ගැනීමෙන් ගැබ් හටගැණීම මෙසේ වේ.
මිගසිඞ්ගතාපසස්ස මාතා මිගී උතුසමයෙ තාපසස්ස පස්සාවට්ඨානං ආගන්ත්වා සසම්භවං පස්සාවං පිවි. සා තෙන ගබ්භං ගණ්හිත්වා මිගසිඞ්ගං විජායි. එවං අසුචිපානෙන ගබ්භග්ගහණං හොති.
මිගසිඞ්ග තාපසයාගේ මව වූ මුවදෙන ඔසප් කාලයෙහි තාපසයා මුත්රකරන තැනට අවුත් ශුක්ල සහිත මුත්‍ර බීවාය. ඕ තොමෝ එයින් ගැබ් ගෙණ මිගසිඞ්ග තවුසා වැදූය. ශුක්ල පානයෙන් ගැබ් හටගැණීම මෙසේ වේ.
සාමස්ස පන බොධිසත්තස්ස මාතාපිතූනං චක්ඛුපරිහානිං ඤත්වා සක්කො පුත්තං දාතුකාමො දුකූලපණ්ඩිතං ආහ – “වට්ටති තුම්හාකං මෙථුනධම්මො”ති? “අනත්ථිකා මයං එතෙන, ඉසිපබ්බජ්ජං පබ්බජිතාම්හා”ති. “තෙන හි ඉමිස්සා උතුසමයෙ අඞ්ගුට්ඨෙන නාභිං පරාමසෙය්යාථා”ති. සො තථා අකාසි. සා තෙන ගබ්භං ගණ්හිත්වා සාමං තාපසදාරකං විජායි. එවං නාභිපරාමසනෙන ගබ්භග්ගහණං හොති. එතෙනෙව නයෙන මණ්ඩබ්යස්ස ච චණ්ඩපජ්ජොතස්ස ච වත්ථු වෙදිතබ්බං.
සාම බෝසත්හුගේ මවුපියන්ගේ ඇස් නටබව දැන සක්දෙව් රජතෙමේ පුතෙකු දෙනු කැමැත්තේ දුකූල පණ්ඩිතයා හට ‘ඔබට මෙවුන්දම් සෙවුම වටීය’යි කීයේය. ‘අපි මෙවුන්දම් සෙවුමෙන් ප්‍රයෝජන නැත්තමෝ වෙමු, අපි ඉසි පැවිද්දෙන් පැවිදිවූවෝ වෙමු’යි හෙතෙමේ කීයේය. ‘එසේ නම් ඔසප් කාලයෙහි මැයගේ නාභිය ඇඟිල්ලෙන් පරාමර්ශනය කරවු’යි සක්දෙව් රජු කීකල්හි හෙතෙමේ එසේ කෙළේය. ඕතොමෝ එයින් ගැබ්ගෙන සාම තවුස් දරු වැදූය. නාභිය පැහැසීමෙන් ගැබ් හටගැනීම මෙසේ වේ. මේ නයින්ම මණ්ඩව්යායාගේද චණ්ඩප්රද්යොතයාගේද වස්තුව දතයුතුය.
කථං රූපදස්සනෙන හොති? ඉධෙකච්චා ඉත්ථී උතුසමයෙ පුරිසසංසග්ගං අලභමානා ඡන්දරාගවසෙන අන්තොගෙහගතාව පුරිසං උපනිජ්ඣායති රාජොරොධා විය, සා තෙන ගබ්භං ගණ්හාති. එවං රූපදස්සනෙන ගබ්භග්ගහණං හොති.
රූපදර්ශනයෙන් ගැබ් හටගැනීම කෙසේ වේදයත්: මෙහි ඇතැම් ස්ත්‍රියක්තොමෝ ඔසප් කාලයෙහි පුරුෂ සංසර්ගයක් නොලබන්නී ගෙය තුළ හුන්නීම ඡන්දරාග වසයෙන් ලක්දිව රාජොරොධාව මෙන් ජනෙල් කවුළුවෙන් දක හෝ පෙර දක්නා ලද්දා වූ පුරුෂයෙකු ගැන සිතන්නීය. ඕතොමෝ එයින් ගැබ් ගන්නීය. රූප දකීමෙන් ගැබ් හටගැනීම මෙසේ වේ.
බලාකාසු පන පුරිසො නාම නත්ථි, තා උතුසමයෙ මෙඝසද්දං සුත්වා ගබ්භං ගණ්හන්ති. කුක්කුටියොපි කදාචි එකස්ස කුක්කුටස්ස සද්දං සුත්වා බහුකාපි ගබ්භං ගණ්හන්ති. තථා ගාවී උසභස්ස. එවං සද්දෙන ගබ්භග්ගහණං හොති.
කෙකින්නන් අතර පිරිමි සතෙක් නැත. ඒ කෙකින්නෝ ඔසප් කාලයෙහි මේඝශබ්දය අසා ගැබ් ගණිත්. බොහෝ කිකිළියෝද කිසිකලෙක එක් කුකුළෙකුගේ හඬ අසා ගැබ් ගණිත්. එසේ බොහෝ ගවදෙන්නුද එක් වෘෂභයකුගේ හඬ අසා ගැබ් ගණිත්. ශබ්ද ශ්‍රවණයෙන් ගැබ් හටගැනීම මෙසේ වේ.
ගාවී එව ච කදාචි උසභගන්ධෙන ගබ්භං ගණ්හන්ති. එවං ගන්ධෙන ගබ්භග්ගහණං හොති.
ගවදෙන්නුම සමහර කලෙක වෘෂහ ගන්ධයෙන් ගැබ් ගණිත්. ගන්ධාඝ්රාණයෙන් ගැබ් හටගැණීම මෙසේ වේ.
ඉධ පනායං අජ්ඣාචාරෙන ගබ්භං ගණ්හි. යං සන්ධාය වුත්තං – “මාතාපිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපට්ඨිතො හොති, එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති හොතී”ති (ම· නි· 1.408).
මේ වස්තුවෙහි වනාහි සුදින්නගේ මේ පැරණි බිරිද තොමෝ මෛථුනධර්මසෙවනසඞ්ඛ්යාත ආචාරව්යතික්රමයෙන් ගැබ් ගත්තීය. ‘මාතා පිතරො ච සන්නිපතිතා හොන්ති, මාතා ච උතුනී හොති, ගන්ධබ්බො ච පච්චුපඨිතො හොති, එවං තින්නං සන්නිපාතා ගබ්හස්සාවක්කන්ති හොති’ යනු මේ සඳහා වදාරණ ලදය.
භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුන්ති යස්මා නත්ථි ලොකෙ රහො නාම පාපකම්මං පකුබ්බතො. සබ්බපඨමං හිස්ස තං පාපං අත්තනා ජානාති, තතො ආරක්ඛදෙවතා, අථඤ්ඤාපි පරචිත්තවිදුනියො දෙවතා. තස්මාස්ස පරචිත්තවිදූ සකලවනසණ්ඩනිස්සිතා භුම්මා දෙවා තං අජ්ඣාචාරං දිස්වා සද්දං අනුස්සාවෙසුං. යථා අඤ්ඤෙපි දෙවා සුණන්ති, තථා නිච්ඡාරෙසුං. කින්ති ? නිරබ්බුදො වත, භො…පෙ… ආදීනවො උප්පාදිතොති. තස්සත්ථො වෙරඤ්ජකණ්ඩෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
‘භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං’ ‘නත්ථි ලොකෙ රහො නාම පාපකම්මං පකුබ්බතො’ යම්හෙයකින් මොහුගේ ඒ පාපය සියල්ලන්ට පළමු තෙමේ දනීද ඉන්පසු ආරක්ෂක දෙවතාවෝ ඉක්බිති අන්‍යවූද පරසිත් දන්නා දෙවතාවෝ දැනගණිත්ද, එහෙයින් සියලු වනලැහැබ් ඇසුරුකොට සිටි පරසිත් දන්නා භූම්‍යස්ථ දෙවතාවෝ මොහුගේ අද්ධ්යාචාරය දැක ශබ්ද ඇස්වූහ. යම් සේ අන්‍ය වූ දේවතාවෝත් අසත්ද, එසේ ‘නිරබ්බුදො වත හො -පෙ- ආදීනවො උප්පාදිතො’යි හඬ පැතිරවූහ. මෙහි අර්ත්ථය වෙරඤ්ජ කාණ්ඩයෙහි කියූ අයුරින් දතයුතුය.
භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුමහාරාජිකාති එත්ථ පන භුම්මානං දෙවානං සද්දං ආකාසට්ඨදෙවතා අස්සොසුං; ආකාසට්ඨානං චාතුමහාරාජිකාති අයමනුක්කමො වෙදිතබ්බො. බ්රහ්මකායිකාති අසඤ්ඤසත්තෙ ච අරූපාවචරෙ ච ඨපෙත්වා සබ්බෙපි බ්රහ්මානො අස්සොසුං; සුත්වා ච සද්දමනුස්සාවෙසුන්ති වෙදිතබ්බො. ඉතිහ තෙන ඛණෙනාති එවං තෙන සුදින්නස්ස අජ්ඣාචාරක්ඛණෙන. තෙන මුහුත්තෙනාති අජ්ඣාචාරමුහුත්තෙනෙව. යාව බ්රහ්මලොකාති යාව අකනිට්ඨබ්රහ්මලොකා. අබ්භුග්ගච්ඡීති අභිඋග්ගච්ඡි අබ්භුට්ඨාසි එකකොලාහලමහොසීති.
‘භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා’ මෙහි වනාහි භූම්‍යස්ථ දෙවියන්ගේ ශබ්දය ආකාශස්ථ දෙවියෝ ඇසූහ. ආකාශස්ථ දෙවියන්ගේ ශබ්දය චාතුම්මහාරාජික දෙවතාවෝ ඇසූහයි මේ ක්‍රමය දතයුතුය. ‘බ්රහ්මකායිකා’ අසංඥ සත්ත්වයන් හා අරූපාවචරයන්ද හැර සියලුම බ්‍රහ්මයෝ ඇසූහ. අසාද ශබ්ද ඇස්සූහයිද දතයුතුය. ‘ඉතිහ තෙන ඛණෙන’ මෙසේ සුදින්නගේ ඒ අද්ධ්යාචාර ක්ෂණයෙහිම. ‘තෙන මුහුත්තෙන’ ඒ අද්ධ්යාචාර මුහුර්තයෙන්ම. ‘යාව බ්රහ්මලොකා’ අකනිටා බඹලොව තෙක්. ‘අබ්භූග්ගඤ්ඡි’ වෙසෙසින් උස්ව පැනනැංගේය. තදින් නැගීසිටියේය. එක්ම කොලාහලයක් වූයේය.
පුත්තං විජායීති සුවණ්ණබිම්බසදිසං පච්ඡිමභවිකසත්තං ජනෙසි. බීජකොති නාමමකංසූති න අඤ්ඤං නාමං කාතුමදංසු, “බීජකම්පි දෙහී”ති මාතාමහියා වුත්තභාවස්ස පාකටත්තා “බීජකො ත්වෙවස්ස නාමං හොතූ”ති “බීජකො”ති නාමමකංසු. පුත්තස්ස පන නාමවසෙනෙව ච මාතාපිතූනම්පිස්ස නාමමකංසු. තෙ අපරෙන සමයෙනාති බීජකඤ්ච බීජකමාතරඤ්ච සන්ධාය වුත්තං. බීජකස්ස කිර සත්තට්ඨවස්සකාලෙ තස්ස මාතා භික්ඛුනීසු සො ච භික්ඛූසු පබ්බජිත්වා කල්යාණමිත්තෙ උපනිස්සාය අරහත්තෙ පතිට්ඨහිංසු. තෙන වුත්තං – “උභො අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අරහත්තං සච්ඡාකංසූ”ති.
‘පුත්තං විජායි’ රන් පිළිරුවක් සමානවූ පශ්චිමභවික සත්ත්වයෙකු ඉපදවූය. ‘බීජකොති නාමං අකංසු’ අන් නමක් කරන්නට නොදුන්හ. ‘බීජකම්පි දෙහි’යි මිත්තනිය විසින් කියූ බව ප්‍රකට බැවින් මොහුට බීජකැයි කියාම නම් වේවායි බීජකයි නම්කළහ. පුත්‍රයාගේ වනාහි නාමවසයෙන්ම මොහුගේ මවුපියන්ටද නම්කළහ. ‘තෙ අපරෙන සමයෙන’ යනු බීජක හා බීජකගේ මව සඳහා වදාරණ ලද්දේය. බීජකගේ සත්අට වයස් කාලයෙහි ඔහුගේ මවුතොමෝ මෙහෙණන් වෙතද, බීජක තෙමේ මහණුන් වෙතද පැවිදිව කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් රහත්බවෙහි පිහිටාගත්හ. ‘උභො අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අරහත්තං සච්ඡාකංසු’ යනු එහෙයින් වදාරණ ලදී.
එවං මාතාපුත්තානං පබ්බජ්ජා සඵලා අහොසි. පිතා පන විප්පටිසාරාභිභූතො විහාසි. තෙන වුත්තං – “අථ ඛො ආයස්මතො සුදින්නස්සඅහුදෙව කුක්කුච්ච”න්තිආදි. තත්ථ අහුදෙවාති අහු එව, දකාරො පදසන්ධිකරො. අහොසියෙවාති අත්ථො. කුක්කුච්චන්ති අජ්ඣාචාරහෙතුකො පච්ඡානුතාපො. විප්පටිසාරොතිපි තස්සෙව නාමං. සො හි විඤ්ඤූහි අකත්තබ්බතාය කුච්ඡිතකිරියභාවතො කුක්කුච්චං. කතං අජ්ඣාචාරං නිවත්තෙතුං අසමත්ථතාය තං පටිච්ච විරූපං සරණභාවතො විප්පටිසාරොති වුච්චති. අලාභා වත මෙති මය්හං වත අලාභා; යෙ ඣානාදීනං ගුණානං අලාභා නාම, තෙ මය්හං, න අඤ්ඤස්සාති අධිප්පායො. න වත මෙ ලාභාති යෙපි මෙ පටිලද්ධා පබ්බජ්ජසරණගමනසික්ඛාසමාදානගුණා, තෙපි නෙව මය්හං ලාභා අජ්ඣාචාරමලීනත්තා. දුල්ලද්ධං වත මෙති ඉදං සාසනං ලද්ධම්පි මෙ දුල්ලද්ධං. න වත මෙ සුලද්ධන්ති යථා අඤ්ඤෙසං කුලපුත්තානං, එවං න වත මෙ සුලද්ධං. කස්මා? යමහං එවං ස්වාක්ඛාතෙධම්මවිනයෙ…පෙ… බ්රහ්මචරියං චරිතුන්ති. බ්රහ්මචරියන්ති සික්ඛත්තයසඞ්ගහිතං මග්ගබ්රහ්මචරියං. කිසො අහොසීති ඛාදිතුං වා භුඤ්ජිතුං වා අසක්කොන්තො තනුකො අහොසි අප්පමංසලොහිතො . උප්පණ්ඩුප්පණ්ඩුකජාතොති සඤ්ජාතුප්පණ්ඩුප්පණ්ඩුකභාවො පණ්ඩුපලාසප්පටිභාගො. ධමනිසන්ථතගත්තොති පරියාදින්නමංසලොහිතත්තා සිරාජාලෙනෙව සන්ථරිතගත්තො. අන්තොමනොති අනුසොචනවසෙන අබ්භන්තරෙයෙව ඨිතචිත්තො. හදයවත්ථුං නිස්සාය පවත්තනවසෙන පන සබ්බෙපි අන්තොමනායෙව. ලීනමනොති උද්දෙසෙ පරිපුච්ඡාය කම්මට්ඨානෙ අධිසීලෙ අධිචිත්තෙ අධිපඤ්ඤාය වත්තපටිපත්තිපූරණෙ ච නික්ඛිත්තධුරො අවිප්ඵාරිකො අඤ්ඤදත්ථු කොසජ්ජවසෙනෙව ලීනො සඞ්කුචිතො මනො අස්සාති ලීනමනො. දුක්ඛීති චෙතොදුක්ඛෙන දුක්ඛී. දුම්මනොති දොසෙන දුට්ඨමනො, විරූපමනො වා දොමනස්සාභිභූතතාය. පජ්ඣායීති විප්පටිසාරවසෙන වහච්ඡින්නො විය ගද්රභො තං තං චින්තයි.
මෙසේ මව්පුතුන්ගේ පැවිද්ද ඵල සහිතවිය. පියතෙමේ විපිළිසරින් මඩනා ලදුයේ වාසය කළේය. ‘අථඛො ආයස්මතො සුදින්නස්ස අහුදෙව කුක්කුච්චං’ යනාදිය එහෙයින් වදාරණ ලද්දේය. එහි ‘අහුදෙව’ අහු + එව යනු පද සිඳීමමය. දකාරය පදසන්ධි කරන්නේය. වූසේමය යන අර්‍ත්‍ථයි. ‘කුක්කුච්චං’ අද්ධ්යාචාර හෙතුක වූ පසුතැවිල්ලය. ‘විපප්පටිසාරො’ යනු එයටම නම්ය. ඒ වනාහි නුවණැතියන් විසින් නොකටයුතු බැවින් නින්දිත ක්‍රියාවක් බැවින් කුක්කුච්ච නම. කළ අද්ධ්යචාරය නවතාලන්නට අසමර්ත්ථ බැවින් ඒ නිසා විරූපකොට සිහිකරන බැවින් විප්රතිසාරයි කියනු ලැබේ. ‘අලාභා වත මෙ’ ඒකාන්තයෙන් මට අලාභයෝය, ධ්‍යානාදි ගුණයන්ගේ යම් අලාභයේ වෙත්නම්, ඒ අලෝභයෝ මටම වෙත්. අන්හට නොවෙති යන අදහසය. ‘න වත මෙ ලාභා’ මා විසින් පිළිලද යම් ප්රව්රජ්යාශරණගමන ශික්‍ෂාසමාදාන ගුණයෝ වෙත්ද, ඒ ගුණලාභයෝද අද්ධ්යාචාරයෙන් කිලිටි වූ බැවින් එකාන්තයෙන් මට නැත්තාහුමය. ‘දුල්ලද්ධං වත මෙ’ මේ ශාසනය ලදුයේද, එය මට නින්දිත ලැබීමක් වූයේය. ‘න මෙ වත සුලද්ධං’ අන්‍ය කුලපුත්‍රයන් විසින් යම්සේ ලදද, එසේ මා විසින් එකාන්තයෙන් මොනවට ලද්දේ නොවේ. කුමක් හෙයින්දයත්: ‘යොහං එවං ස්වාක්ඛාතෙ ධම්ම විනයෙ -පෙ- බ්රහ්මචරියං චරිතුං’යි කියූබැවිනි. ‘බ්රහ්මචරියං’ ශික්ෂාත්රය සඞ්ගෘහිත මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය. ‘කිසො අහොසි’ කන්නට හෝ බුදින්නට නොහැකි වනුයේ කෘශ වූයේය. මස්ලේ රහිත වූයේය. ‘උප්පණ්ඩුප්පණ්ඩුකජාතො’ හටගත් තද පඬුවන්බව ඇත්තේ. පඬුපත් සමාන වූයේය. ‘ධමනිසන්ථතගත්තො’ වියලීගිය මස්ලේ ඇති බැවින් නහරවැල් සමූහයෙන්ම වෙළුනු සිරුරු ඇත්තේය. ‘අන්තො මනො’ නැවත නැවත ශොකකිරීම් වසයෙන් ඇතුළතම රැඳුනු සිත් ඇත්තේය. හෘදයවස්තුව නිසා පැවතීම් වසයෙන් වනාහි සියල්ලෝම ඇතුළත පැවති මනස් ඇත්තාහුම වෙති. ‘ලීනමනො’ උදෙසීමෙහිද පිළිවිසීමෙහිද කමටහන්හිද අධිශීලයෙහිද අධිචිත්තයෙහිද අධිප්‍රඥාවෙහිද වත්පිළිවෙත් පිරීමෙහිද බහා තැබූ ධූරඇත්තේය. උදෙසීම් ආදියෙහි පැතිරීම් රහිතවූයේය. එකාන්තයෙන් කුසීතකමින්ම සැඟවුනු හැකුළුනු මනස් මොහුටනුයි ලීනමන නමි. ‘දුක්ඛී’ සිත පිළිබඳ දුකින් දුක් ඇත්තේය. ‘දුම්මනො’ ද්වෙෂයෙන් දුෂ්ට වූ සිත් ඇත්තේය. දොම්නසින් වැඩුනු බැවින් විරූප මනස් ඇත්තේය. ‘පජ්ඣායි’ විපිළිසර වසයෙන් බර ඉසිලීමෙන් නැවුනු සිරුරු ඇති කොටුලුවෙකු මෙන් ‘ඉදින් මම පව්කම් නොකෙළෙම්නම්, මේ මහණුන් මෙන් පිරිපුන් සිල් ඇතියෙම්මි’යි යනාදීන් ඒ ඒ කරුණු සිතුයේය.
සහායකා භික්ඛූති තං එවංභූතං ගණසඞ්ගණිකාපපඤ්චෙන වීතිනාමෙන්තං දිස්වා යස්ස විස්සාසිකා කථාඵාසුකා භික්ඛූ තෙ නං එතදවොචුං. පීණින්ද්රියොති පසාදපතිට්ඨානොකාසස්ස සම්පුණ්ණත්තා පරිපුණ්ණචක්ඛුආදිඉන්ද්රියො. සො දානි ත්වන්ති එත්ථ දානීති නිපාතො, සො පන ත්වන්ති වුත්තං හොති. කච්චිනො ත්වන්ති කච්චි නු ත්වං . අනභිරතොති උක්කණ්ඨිතො; ගිහිභාවං පත්ථයමානොති අත්ථො. තස්මා තමෙව අනභිරතිං පටික්ඛිපන්තො ආහ – “න ඛො අහං, ආවුසො, අනභිරතො”ති. අධිකුසලානං පන ධම්මානං භාවනාය අභිරතොව අහන්ති . අත්ථි මෙ පාපකම්මං කතන්ති මයා කතං එකං පාපකම්මං අත්ථි උපලබ්භති සංවිජ්ජති, නිච්චකාලං අභිමුඛං විය මෙ තිට්ඨති. අථ නං පකාසෙන්තො “පුරාණදුතියිකායා”තිආදිමාහ.
‘සහායකා භික්ඛූ’ මෙසේ වූ ගණයා කෙරෙහි ඇලීමෙන් වූ ප්‍රමාදයෙන් කල්යවන ඔහු දැක, මොහුගේ විශ්වාසික වූ විශ්වාසික බැවින් කථාකිරීමට පහසුවූ යම් භික්ෂූහු වෙත්ද, ඒ භික්ෂූහු ඔහුට මෙය කීහ. පීණිතින්ද්රියො’ ප්‍රසාදය පිහිටන තැන් සම්පූර්ණ බැවින් පිරිපුන් ඇස් කන් නාස් ආදීවූ ඉන්ද්රිය ඇත්තේය. ‘සොදානි ත්වං’ යන මෙහි ‘දානි’ යනු නිපාතයි. හෙතෙමේ වනාහි ‘තෝ’යි කියන ලද්දේ වේ. ‘කච්චි නො ත්වං’ කිමෙක්ද තෝ? ‘අනභිරතො’ කළකිරුණෙහිද? ගිහිබව පතමින් යන අර්‍ත්‍ථයි. එහෙයින් ඒ අනභිරතියම ප්රතික්ෂෙප කරමින් ‘න ඛො අහං ආවුසො අනභිරතො’ යනු කීයේය. මම ශමථ විදර්ශනාදි අධිකුශල ධර්මයන් වැඩීමෙහි ආලය ඇත්තෙම් වෙමි. ‘අර්ත්‍ථි මෙ පාපං කම්මං කතං’ මා විසින් කළ එක් පාපකර්මයක් ඇත්තේය. ලැබේ. විද්‍යාමාන වේ. එය නිතර මා ඉදිරියෙහි මෙන් සිටුනේය. නැවත එය පවසනුයේ ‘පුරාණදුතියිකාය’ යනාදිය කීයේය.
අලඤ්හි තෙ, ආවුසො සුදින්න, කුක්කුච්චායාති ආවුසො සුදින්න, තුය්හෙතං පාපකම්මං අලං සමත්ථං කුක්කුච්චාය; පටිබලං කුක්කුච්චං උප්පාදෙතුන්ති වුත්තං හොති. යං ත්වන්ති ආදිම්හි යෙන පාපෙන ත්වං න සක්ඛිස්සසි බ්රහ්මචරියං චරිතුං, තං තෙ පාපං අලං කුක්කුච්චායාති එවං සම්බන්ධො වෙදිතබ්බො. අථ නං අනුසාසන්තා “නනු ආවුසො භගවතා”තිආදිමාහංසු. තත්ථ නනූති අනුමතිග්ගහණත්ථෙ නිපාතො. අනෙකපරියායෙනාති අනෙකකාරණෙන. විරාගායාති විරාගත්ථාය. නො සරාගායාති නො රාගෙන රජ්ජනත්ථාය. භගවතා හි “ඉමං මෙ ධම්මං සුත්වා සත්තා සබ්බභවභොගෙසු විරජ්ජිස්සන්ති, නො රජ්ජිස්සන්තී” එතදත්ථාය ධම්මො දෙසිතොති අධිප්පායො. එස නයො සබ්බපදෙසු. ඉදං පනෙත්ථ පරියායවචනමත්තං. විසංයොගායාති කිලෙසෙහි විසංයුජ්ජනත්ථාය. නො සංයොගායාති න සංයුජ්ජනත්ථාය. අනුපාදානායාති අග්ගහණත්ථාය. නො සඋපාදානායාති න සඞ්ගහණත්ථාය.
‘අලං හි තෙ ආවුසො සුදින්න කුක්කුච්චාය’ ‘ඇවැත! සුදින්න! තාගේ මේ පාපකර්මය කුකුස පිණිස පමණය. සමත්ය. කුකුස් ඉපදවීමට ප්‍රතිබල වේය’යි කියන ලද්දේ වේ. ‘යං ත්වං’ යනාදි තන්හි ‘යම් පාපකර්මයකින් තෝ බඹසර හැසිරෙන්නට අපහොසත් වන්නෙහිද, තාගේ ඒ පාපකර්මය කුකුස පිණිස සමර්ත්ථ වේය’යි මෙසේ සම්බන්ධය දතයුතුය. ඉක්බිති ඔහුට අනුශාසනා කරන්නාහු ‘නනු ආවුසො භගවතා’ යන මේ ආදිය කීහ. එහි නනු යනු අනුමතිග්රහණාර්ත්ථයෙහි නිපාතයි. ‘අනෙකපරියායෙන’ නොයෙක් කරුණෙන් ‘විරාගාය’ භවභොගයන්හි නොඇලීම පිණිස ‘නො සරාගාය’ භවභොගයන්හිම රාගයෙන් ඇලීම පිණිස නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මාගේ ධර්මය අසා සත්ත්වයෝ භවභොගයන්හි නොඇලෙන්නාහුය, නොරැඳෙන්නාහුය යන මේ අර්ත්ථය පිණිස ධර්ම දේශනා කරන ලද්දේය යන අදහසය. සියලු පදයන්හි මේ ක්‍රමය වේ. මේ වනාහි මෙහි පර්‍ය්‍යාය වචන මාත්‍රයකි. ‘විසංයොගාය’ කෙලෙසුන් හා නොයෙදනු පිණිසය. ‘නො සංයොගාය’ කෙලෙසුන් හා යෙදෙනු පිණිස නොවේ. ‘අනුපාදාය’ ක්ලෙශයන්ගේ වසයෙන් දැඩිව නොගැනීම පිණිසය. ‘නො සඋපාදානය’ තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් දැඩිකොට ගැනීම පිණිස නොවේ.
තත්ථ නාම ත්වන්ති තස්මිං නාම ත්වං. සරාගාය චෙතෙස්සසීති සහ රාගෙන වත්තමානාය මෙථුනධම්මාය චෙතෙස්සසි කප්පෙස්සසි පකප්පෙස්සසි; එතදත්ථං වායමිස්සසීති අත්ථො. එස නයො සබ්බත්ථ. පුන රාගවිරාගාදීනි නව පදානි නිබ්බත්තිතලොකුත්තරනිබ්බානමෙව සන්ධාය වුත්තානි. තස්මා රාගවිරාගායාති වා මදනිම්මදනායාති වා වුත්තෙපි “නිබ්බානත්ථායා”ති එවමෙව අත්ථො දට්ඨබ්බො. නිබ්බානඤ්හි යස්මා තං ආගම්ම ආරබ්භ පටිච්ච රාගො විරජ්ජති න හොති, තස්මා රාගවිරාගොති වුච්චති. යස්මා පන තං ආගම්ම මානමද-පුරිසමදාදයො මදා නිම්මදා අමදා හොන්ති විනස්සන්ති, තස්මා මදනිම්මදනන්ති වුච්චති. යස්මා ච තං ආගම්ම සබ්බාපි කාමපිපාසා විනයං අබ්භත්ථං යාති, තස්මා පිපාසවිනයොති වුච්චති. යස්මා පන තං ආගම්ම පඤ්ච කාමගුණාලයා සමුග්ඝාතං ගච්ඡන්ති, තස්මා ආලයසමුග්ඝාතොති වුච්චති. යස්මා ච තං ආගම්ම තෙභූමකවට්ටං උපච්ඡිජ්ජති, තස්මා වට්ටුපච්ඡෙදොති වුච්චති. යස්මා පන තං ආගම්ම සබ්බසො තණ්හා ඛයං ගච්ඡති විරජ්ජති නිරුජ්ඣති ච, තස්මා තණ්හක්ඛයො විරාගො නිරොධොති වුච්චති. යස්මා පනෙතං චතස්සො යොනියො, පඤ්ච ගතියො, සත්ත විඤ්ඤාණට්ඨිතියො, නව ච සත්තාවාසෙ, අපරාපරභාවාය විනනතො ආබන්ධනතො සංසිබ්බනතො වානන්ති ලද්ධවොහාරාය තණ්හාය නික්ඛන්තං නිස්සටං විසංයුත්තං, තස්මා නිබ්බානන්ති වුච්චතීති.
‘තත්ථ නාම ත්වං’ එහි වනාහි තෝ ‘සරාගාය චෙතෙස්සසි’ රාගය හා එක්ව පවත්නා මෛථුන ධර්මය පිණිස සිතන්නෙහිය. කල්පනා කරන්නෙහිය. ඉතා තදින් කල්පනා කරන්නෙහිය. මේ පිණිස ව්‍යායාම කරන්නෙහිය යනු අර්‍ත්‍ථයි. සියලු තන්හි මේ ක්‍රමය වේ. නැවත රාග විරාගාදීවූ නවපදයෝ උපදවන ලද ලොකොත්තර නිර්වාණයම සඳහා වදාරණ ලදහ. එහෙයින් ‘රාගවිරාගාය’යි හෝ ‘මදනිම්මදනාය’යි කීකල්හි නිර්වාණය පිණිසැයි මෙපරිද්දෙන්ම අර්ත්ථ දතයුතුය. යම්හෙයකින් ඒ නිවණට පැමිණ නිවණ ඇරැබැ නිවණ නිසා රාගය පහවයේද, රාගය නොවේද, එහෙයින් නිවණ රාගවිරාගයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ නිවණට පැමිණ මානමද පුරිසමදාදි මදයෝ නිමද, අමදවෙත්ද, නැසී යන්නාහුද, එහෙයින් නිවණ මදනිම්මදනයි කියනු ලැබේ. යම්හෙයකින් හෝ ඒ නිවණට පැමිණ සියලු කාම පිපාසා සන්සිඳීමට විනාශයට යේද එහෙයින් නිවන පිපාසවිනයයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ නිවණට පැමිණ පස්කම් ගුණයන්හි පවත්නා ආල විනාශයට යේද, එහෙයින් නිවණ ආලයසමුග්ඝාතයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ නිවණට පැමිණ ත්රෛභූමකකර්ම ක්ලෙශවිපාක වෘත්තය සිඳියේද, එහෙයින් නිවණ වට්ටූපච්ඡෙදයි කියනු ලැබේ. යම්හෙයකින් ඒ නිවණට පැමිණ හැමතින් තෘෂ්ණාව විනාශයටයේද, නොරැඳේද, නිරුද්ධවේද, එහෙයින් නිවණ තණ්හක්ඛය - විරාගනිරොධයි කියනු ලැබේ. යම්හෙයකින් මේ නිවණ චතුර්විධයොනි - පඤ්චගති - සප්ත විඥානස්ථිති - නවසත්ත්වා වාසයන් අනික් අනික් යොනි ආදියෙන් අනික් අනික් යොනි ආදිය පිණිස අවුණන බැවින් ගැටලන බැවින් නිවන බැවින් වාණයි ලද ව්‍යවහාර ඇති තෘෂ්ණාවෙන් නික්මුනේද, බැහැරවූයේද, පහවූ යෙදුම් ඇත්තේද, එහෙයින් නිබ්බාණයි කියනු ලැබේ.
කාමානං පහානං අක්ඛාතන්ති වත්ථුකාමානං, කිලෙසකාමානඤ්ච පහානං වුත්තං. කාමසඤ්ඤානං පරිඤ්ඤාති සබ්බාසම්පි කාමසඤ්ඤානං ඤාතතීරණපහානවසෙන තිවිධා පරිඤ්ඤා අක්ඛාතා. කාමපිපාසානන්ති කාමෙසු පාතබ්යතානං කාමෙ වා පාතුමිච්ඡානං. කාමවිතක්කානන්ති කාමුපසඤ්හිතානංවිතක්කානං. කාමපරිළාහානන්ති පඤ්චකාමගුණිකරාගවසෙන උප්පන්නපරිළාහානං අන්තොදාහානං. ඉමෙසු පඤ්චසු ඨානෙසු කිලෙසක්ඛයකරො ලොකුත්තරමග්ගොව කථිතො. සබ්බපඨමෙසු පන තීසු ඨානෙසු ලොකියලොකුත්තරමිස්සකො මග්ගො කථිතොති වෙදිතබ්බො.
‘කාමානං පහාණං අක්ඛාතං’ වස්තු කාමයන්ගේ හා ක්ලෙශ කාමයන්ගේද ප්රහාණය වදාරණ ලදි. ‘කාමසඤ්ඤානං පරිඤ්ඤා’ සියලු කාමසංඥාවන්ගේ ඤාත - තීරණ - පහාණ වසයෙන් ත්‍රිවිධ පරිඥා වදාරණ ලදී. ‘කාමපිපාසානං’ කාමවස්තූන්හි පාතබ්යතා සඞ්ඛ්යාතශුභාදි ආකාරයන්ගේ කාමයන් පානය කිරීමෙහි වූ ඊප්සාවන්ගේ. ‘කාමවිතක්කානං’ කාමයෙන් යුක්ත විතර්කයන්ගේ. ‘කාමපරිළාහානං’ පඤ්චකාම කොට්ඨාසයන්හි ඇලීම් වසයෙන් උපන් දාහයන්ගේ ඇතුළත දවන්නවුන්ගේ මේ පස්තැන කෙලෙසුන් ක්ෂය කරන ලොකොත්තර මාර්ගයම වදාරණ ලද්දේය. සියල්ලන්ට ප්‍රථම වූ තුන් තැන ලෞකික - ලොකොත්තර දෙකින් මිශ්‍ර වූ මාර්ගය වදාරණ ලදැයි දතයුතුය.
නෙතං ආවුසොති න එතං ආවුසො, තව පාපකම්මං අප්පසන්නානඤ්ච පසාදාය එවරූපානං පසාදත්ථාය න හොති. අථ ඛ්වෙතන්ති අථ ඛො එතං. අථ ඛො තන්තිපි පාඨො. අඤ්ඤථත්තායාති පසාදඤ්ඤථාභාවාය විප්පටිසාරාය හොති. යෙ මග්ගෙන අනාගතසද්ධා, තෙසං විප්පටිසාරං කරොති – “ඊදිසෙපි නාම ධම්මවිනයෙ මයං පසන්නා, යත්ථෙවං දුප්පටිපන්නා භික්ඛූ”ති. යෙ පන මග්ගෙනාගතසද්ධා, තෙසං සිනෙරු විය වාතෙහි අචලො පසාදො ඊදිසෙහි වත්ථූහි ඉතො වා දාරුණතරෙහි. තෙන වුත්තං – “එකච්චානං අඤ්ඤථත්තායා”ති.
‘නෙතං ආවුසො’ ඇවැත! තාගේ මේ පාපකර්මය. ‘අප්පසන්නානං පසාදාය’ මෙබඳු වූවන්ගේ පැහැදීම පිණිස නොවේ. ‘අථඛ්වෙතං’ තවද මෙය. ‘අථ ඛො තං’යි පාඨයක්ද වේ. ‘අඤ්ඤථත්තාය’ ප්‍රසාදයාගේ අන්‍යථාභාවය පිණිස විපිළිසර පිණිස වේ. යම්කෙනෙක් මාර්ගයෙන් නොපැමිණි සැදැහැ ඇත්තාහුද ඔවුන්ට ‘යම්තැනක මෙසේ භික්ෂූහු දුෂ්ප්රතිපන්නයෝ වෙත්ද, අපි මෙබඳු ධර්‍මවිනයයෙහි පහන් වූවෝ වම්හ’යි විපිළිසර උපදවයි. යම්කෙනෙක් වනාහි මාර්ගයෙන් පැමිණ සැදැහැ ඇත්තාහුද, ඔවුන්ගේ පැහැදීම මෙබඳු කරුණු හේතුකොට හෝ මෙයට වඩා ඉතා දරුණු වූ කරුණු හේතුකොට වාතයෙන් මහමෙර සේ නොසැලෙන්නේය. ‘එකච්චානං අඤ්ඤථත්තාය’ යනු එහෙයින් වදාළ සේක.
භගවතො එතමත්ථං ආරොචෙසුන්ති භගවතො එතං අත්ථං ආචික්ඛිංසු පටිවෙදයිංසු. ආරොචයමානා ච නෙව පියකම්යතාය න භෙදපුරෙක්ඛාරතාය , න තස්සායස්මතො අවණ්ණපකාසනත්ථාය, න කලිසාසනාරොපනත්ථාය, නාපි “ඉදං සුත්වා භගවා ඉමස්ස සාසනෙ පතිට්ඨං න දස්සති, නික්කඩ්ඪාපෙස්සති න”න්ති මඤ්ඤමානා ආරොචෙසුං. අථ ඛො “ඉමං සාසනෙ උප්පන්නං අබ්බුදං ඤත්වා භගවා සික්ඛාපදං පඤ්ඤපෙස්සති, වෙලං මරියාදං ආණං ඨපෙස්සතී”ති ආරොචෙසුං.
‘භගවතො එතමත්ථං ආරොචෙසුං’ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැලකළහ, දන්වාලූහ. සැලකරන්නාහුද, තමන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රියභාවය කැමැත්තෙන් නොවෙති. ඒ මහණහු හා භාග්‍යවතුන් වහන්සේ බිඳුවන අදහස පෙරටු කිරීමෙන් නොවෙති. ඒ ආයුෂ්මත්හුගේ අයුණු පහළ කරනු පිණිසද නොවෙති. ක්‍රොධ වශයෙන් ගැරහුම් දොස් නගනු පිණිසද නොවෙති. භාග්‍යවතුන් වහන්සේ මෙය අසා මොහුට ශාසනයෙහි පිහිටක් නොදෙන්නාහ, ඔහු නෙරපා හරින්නාහයි සිතන්නාහු නොසැලකළහ. තවද භාග්‍යවතුන් වහන්සේ ශාසනයෙහි උපන් අර්බුද දැන ශික්ෂාපද පණවන්නාහ. වෙලාමර්ය්යාදා ආඥා තබන්නාහයි සිතා සැලකළහ.
එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙති එත්ථ සුදින්නස්ස අජ්ඣාචාරවීතික්කමො සික්ඛාපදපඤ්ඤත්තියා කාරණත්තා නිදානඤ්චෙව පකරණඤ්චාති වුත්තොති වෙදිතබ්බො. කාරණඤ්හි යස්මා නිදෙති අත්තනො ඵලං “ගණ්හාථ න”න්ති දස්සෙන්තං විය අප්පෙති, පකරොති ච නං කත්තුං ආරභති, කරොතියෙව වා; තස්මා නිදානඤ්චෙව පකරණඤ්චාති වුච්චති. විගරහි බුද්ධො භගවාති බුද්ධො භගවා විගරහි නින්දි; යථා තං වණ්ණාවණ්ණාරහානං වණ්ණඤ්ච අවණ්ණඤ්ච භණන්තෙසු අග්ගපුග්ගලො. න හි භගවතො සීලවීතික්කමකරං පුග්ගලං දිස්වා “අයං ජාතියා වා ගොත්තෙන වා කොලපුත්තියෙන වා ගන්ථෙන වා ධුතඞ්ගෙන වා ඤාතො යසස්සී ඊදිසං පුග්ගලං රක්ඛිතුං වට්ටතී”ති චිත්තං උප්පජ්ජති, නාපි පෙසලං ගුණවන්තං දිස්වා තස්ස ගුණං පටිච්ඡාදෙතුං චිත්තං උප්පජ්ජති. අථ ඛො ගරහිතබ්බං ගරහති එව, පසංසිතබ්බඤ්ච පසංසති එව, අයඤ්ච ගරහිතබ්බො; තස්මා තං තාදිලක්ඛණෙ ඨිතො අවිකම්පමානෙන චිත්තෙන විගරහි බුද්ධො භගවා “අනනුච්ඡවික”න්තිආදීහි වචනෙහි.
‘එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ’ මෙහි සුදින්නගේ අද්ධ්යාචාරව්යතික්රමය ශික්ෂාපද පැනවීමට කරුණු බැවින් නිදානයයිද ප්රකරණයයිද වදාරණ ලදැයි දතයුතුය. කාරණය වනාහි යම්හෙයකින් තමාගේ ඵලය පිහිටුවාද, ඒ ඵලය ගණිවුයි දක්වන්නාහු මෙන් පමුණුවාද, එය මුළුමනින් කෙරේද, එය කරන්නට අරඹාද, කරන්නේම හෝ වේද, එහෙයින් නිදානයිද ප්රකරණයිද කියනු ලැබේ. ‘විගරහි බුද්ධො භගවා’ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. නින්දා කළ සේක. ඒ මෙසේය. ගුණ අගුණ පැවසීමට සුදුස්සන්ගේ ගුණද අගුණද කියා පාන්නවුන් අතුරෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අග්‍රපුද්ගල වන සේක. භාග්‍යවතුන් වහන්සේට වනාහි ශීලව්යතික්රමය කරන පුද්ගලයෙකු දැක ‘මෙතෙමේ ජාතිය හෙතුකොට හෝ ගොත්‍රය හෙතුකොට කුලපුත්රභාවය හෙතුකොට හෝ ග්‍රන්ථය හෙතුකොට හෝ ධුතාඞ්ග හෙතුකොට හෝ ප්‍රසිද්ධ වූයේය. මහත් පිරිවර ඇත්තේය. එහෙයින් මෙබඳු පුද්ගලයා රැකීම වටීය’යි සිතක්නම් නොම උපදින්නේය. එසේම ප්‍රියශීලී වූ ගුණවතෙකු දැක ඔහුගේ ගුණ වසාලන්නටද සිතක් නොද උපදින්නේය. එහෙත් ගැරහිය යුත්තහුට ගරහන සේක්මය. පැසසිය යුත්තහුට පසසන සේක්මය. මෙතෙමේද ගැරහිය යුත්තෙක් වූයේය. එහෙයින් තාදී ලක්ෂණයෙහි සිටියාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොසැලෙන සිතින් යුක්තව ‘අනනුච්ඡවියං’ යනාදි වචනයෙන් ඔහුට ගැරහූ සේක.
තත්ථායං අත්ථවණ්ණනා – යදිදං තයා, මොඝපුරිස, තුච්ඡමනුස්ස කම්මං කතං, තං සමණකරණානං ධම්මානං මග්ගඵලනිබ්බානසාසනානං වා න අනුච්ඡවිකං, තෙසං ඡවිං ඡායං සුන්දරභාවං න අන්වෙති නානුගච්ඡති, අථ ඛො ආරකාව තෙහි ධම්මෙහි. අනනුච්ඡවිකත්තා එව ච අනනුලොමිකං, තෙසං න අනුලොමෙති; අථ ඛො විලොමං පච්චනීකභාවෙ ඨිතං. අනනුලොමිකත්තා එව ච අප්පතිරූපං, පතිරූපං සදිසං පටිභාගං න හොති, අථ ඛො අසදිසං අප්පටිභාගමෙව. අප්පතිරූපත්තා එව ච අස්සාමණකං, සමණානං කම්මං න හොති. අස්සාමණකත්තා අකප්පියං. යඤ්හි සමණකම්මං න හොති, තං තෙසං න කප්පති. අකප්පියත්තා අකරණීයං. න හි සමණා යං න කප්පති, තං කරොන්ති. තඤ්චෙතං තයා කතං, තස්මා අනනුච්ඡවිකං තෙ, මොඝපුරිස, කතං…පෙ… අකරණීයන්ති. කථඤ්හි නාමාති කෙන නාම කාරණෙන, කිං නාම කාරණං පස්සන්තොති වුත්තං හොති. තතො කාරණාභාවං දස්සෙන්තො පරතො “නනු මයා මොඝපුරිසා”තිආදිමාහ. තං සබ්බං වුත්තත්ථමෙව.
එහි මේ අර්ත්ථ වර්ණනාය: ‘මොඝ පුරුෂය! තුච්ඡ මනුෂ්‍යය! තා විසින් යම් මේ කර්මයක් කරන ලදද, ඒ කර්මය මහණකම සිදුකරන ධර්මයන්ට හෝ මාර්ගඵලනිර්වාණ ශාසනයන්ට සුදුසු නොවේ. ඒ ධර්මයන්ගේ ප්රභාස්වරකරණයට ඒ ධර්මයන් බබුලුවන ආලෝකයට සොඳුරු බවට නොපැමිණෙයි, අනුව නොයයි. තවද ඒ ධර්මයන්ගෙන් දුරුවම සිටියේය. නොසුදුසු බැවින්ම අනනුලොමිකය. ඒ ධර්මයන්ට අනුලොම් නොවේ. තවද විලොම්ව පසමිතුරුබවෙහි සිටියේය. අනනුලොමික බැවින්ම අප්පතිරූපය. සුදුසුවූයේ සමානවූයේ ප්රතිභාගවූයේ නොවේ. තවද අසදෘශවූයේ අප්රතිභාගම වේ. අප්‍රතිරූප බැවින්ම අස්සාමණකය. ශ්‍රමණයන්ගේ කර්මයක් නොවේ. ශ්‍රමණයන්ගේ කර්මයක් නොවන බැවින්ම අකප්පියය. යම් කර්මයක් ශ්‍රමණයන්ගේ කර්මයක් නොවේද, එය ශ්‍රමණයෝ යමක් කැප නොවේනම් එය නොකරත්. ඒ මේ අකැපයද තා විසින් කරන ලද්දේය. එහෙයින් ‘අනනුච්ඡවියං තෙ මොඝපුරිස කතං -පෙ- අකරණීයං’ යන වදාළ සේක. ‘කථං හි නාම’ කිනම් කරුණක් හේතුකොට කිනම් කරුණක් දක්නේයි වදාරණ ලද්දේය. අනතුරුව කාරණයාගේ අභාවය දක්වන සේක් පසුභාගයෙහි ‘නනු මයා මොඝපුරිස’ යනාදිය වදාළ සේක. ඒ සියල්ල කියූ අර්ත්ථ ඇත්තේමය.
ඉදානි යස්මා යං තෙන පාපකම්මං කතං, තං විපච්චමානං අතිවිය දුක්ඛවිපාකං හොති, තස්මාස්ස තං විපාකං දස්සෙතුං කතාපරාධං විය පුත්තං අනුකම්පකා මාතාපිතරො දයාලුකෙන චිත්තෙන සුදින්නං පරිභාසන්තො “වරං තෙ මොඝපුරිසා”තිආදිමාහ. තත්ථ ආසු සීඝං එතස්ස විසං ආගච්ඡතීති ආසීවිසො. ඝොරං චණ්ඩමස්ස විසන්ති ඝොරවිසො, තස්ස ආසීවිසස්ස ඝොරවිසස්ස. “පක්ඛිත්ත”න්ති එතස්ස “වර”න්ති ඉමිනා සම්බන්ධො . ඊදිසස්ස ආසීවිසස්ස ඝොරවිසස්ස මුඛෙ අඞ්ගජාතං වරං පක්ඛිත්තං; සචෙ පක්ඛිත්තං භවෙය්ය, වරං සියා; සුන්දරං සාධු සුට්ඨු සියාති අත්ථො. න ත්වෙවාති න තු එව වරං න සුන්දරමෙව න සාධුමෙව න සුට්ඨුමෙව. එස නයො සබ්බත්ථ. කණ්හසප්පස්සාති කාළසප්පස්ස. අඞ්ගාරකාසුයාති අඞ්ගාරපුණ්ණකූපෙ, අඞ්ගාරරාසිම්හි වා. ආදිත්තායාති පදිත්තාය ගහිතඅග්ගිවණ්ණාය. සම්පජ්ජලිතායාති සමන්තතො පජ්ජලිතාය අච්චියො මුච්චන්තියා. සජොතිභූතායාති සප්පභාය. සමන්තතො උට්ඨිතාහි ජාලාහි එකප්පභාසමුදයභූතායාති වුත්තං හොති.
දැන් යම් හෙයකින් ඔහු විසින් යම් පාපකර්මයක් කරන ලද්දේද, ඒ පාපකර්මය පැසෙනුයේ දැඩි දුක්විපාක ඇත්තේද, එහෙයින් ඔහුට ඒ දුක්විපාකය දක්වාලනු පිණිස, කළ අපරාධ ඇති පුතාට අනුකම්පා කරන මවුපියන් මෙන් කරුණා බහුල වූ සිතින් සුදින්න හට ගරහනසේක් ‘වරං තෙ මොඝපුරිස’ යනාදිය වදාළ සේක. එහි මොහුගේ විෂය වහා වේගයෙන් දෂ්ට කරන ලද්දහු කරා නැග ඒනුයි ආසීවිස නම. මොහුගේ විෂය ඝෝරය, චණ්ඩයයි ඝෝර විස නම. ඒ ආසීවිස ඇත්තහුගේය. ඝෝර විස ඇත්තහුගේය. ‘පක්ඛිත්තං’ යන මේ පාදයාගේ ‘වරං’ යන මේ පදය හා සම්බන්ධය වේ. මෙබඳු ඝෝරවිස ඇති ආසීවිසයක්හුගේ මුඛයෙහි අඞ්ගජාතය බහාලන ලද්දේ උතුම් වේ. ඉදින් බැහූයේ වන්නේනම් එය උතුම් වන්නේය. සොඳුරු වන්නේය. යහපත් වන්නේය. මනා වන්නේය යන අර්‍ත්‍ථයි. ‘නත්වෙ’ උතුම් නොවේමය. සොඳුරු නොවේමය. යහපත් නොවේමය. මනා නොවේමය. සියලු තන්හි මේ ක්‍රමය වේ. ‘කණ්හසප්පස්ස’ කළුනයකුගේ. ‘අඞ්ගාරකාසුයා’ අඟුරින් පිරුණු වළෙක. අඟුරු රැසෙක හෝ ‘ආදිත්තාය’ තදින් ඇවිළගත්. ගන්නාලද ගිනි පැහැති ‘සම්පජ්ජලිතාය’ හාත්පසින් තදින් දැල්වෙන. ගිනිදැල් මුදන. ‘සජොතිභූතාය’ ප්‍රභාසහිත වූ හාත්පසින් නැගුනු ගිනිදැලින් එක්ම ගිනිදැල් සමූහයක්වූයි කියන ලද්දේ වේ.
තං කිස්ස හෙතූති යං මයා වුත්තං “වර”න්ති තං කිස්ස හෙතු, කතරෙන කාරණෙනාති චෙ? මරණං වා නිගච්ඡෙය්යාති යො තත්ථ අඞ්ගජාතං පක්ඛිපෙය්ය, සො මරණං වා නිගච්ඡෙය්ය මරණමත්තං වා දුක්ඛං. ඉතොනිදානඤ්ච ඛො…පෙ… උපපජ්ජෙය්යාති යං ඉදං මාතුගාමස්ස අඞ්ගජාතෙ අඞ්ගජාතපක්ඛිපනං, ඉතොනිදානං තස්ස කාරකො පුග්ගලො නිරයං උපපජ්ජෙය්ය; එවං කම්මස්ස මහාසාවජ්ජතං පස්සන්තො තං ගරහි, න තස්ස දුක්ඛාගමං ඉච්ඡමානො. තත්ථ නාම ත්වන්ති තස්මිං නාම එවරූපෙ කම්මෙ එවං මහාසාවජ්ජෙ සමානෙපි ත්වං. යං ත්වන්ති එත්ථ යන්ති හීළනත්ථෙ නිපාතො. ත්වන්ති තං-සද්දස්ස වෙවචනං; ද්වීහිපි යං වා තං වා හීළිතමවඤ්ඤාතන්ති වුත්තං හොති. අසද්ධම්මන්ති අසතං නීචජනානං ධම්මං; තෙහි සෙවිතබ්බන්ති අත්ථො. ගාමධම්මන්ති ගාමානං ධම්මං; ගාමවාසිකමනුස්සානං ධම්මන්ති වුත්තං හොති. වසලධම්මන්ති පාපධම්මෙ වසන්ති පග්ඝරන්තීති වසලා, තෙසං වසලානං හීනපුරිසානං ධම්මං, වසලං වා කිලෙසපග්ඝරණකං ධම්මං. දුට්ඨුල්ලන්ති දුට්ඨු ච කිලෙසදූසිතං ථූලඤ්ච අසුඛුමං, අනිපුණන්ති වුත්තං හොති. ඔදකන්තිකන්ති උදකකිච්චං අන්තිකං අවසානං අස්සාති ඔදකන්තිකො, තං ඔදකන්තිකං. රහස්සන්ති රහොභවං, පටිච්ඡන්නෙ ඔකාසෙ උප්පජ්ජනකං. අයඤ්හි ධම්මො ජිගුච්ඡනීයත්තා න සක්කා ආවි අඤ්ඤෙසං දස්සනවිසයෙ කාතුං, තෙන වුත්තං – “රහස්ස”න්ති. ද්වයංද්වයසමාපත්තින්ති ද්වීහි ද්වීහි සමාපජ්ජිතබ්බං, ද්වයං ද්වයං සමාපත්තින්තිපි පාඨො. දයං දයං සමාපත්තින්තිපි පඨන්ති, තං න සුන්දරං. සමාපජ්ජිස්සසීති එතං “තත්ථ නාම ත්ව”න්ති එත්ථ වුත්තනාමසද්දෙන යොජෙතබ්බං “සමාපජ්ජිස්සසි නාමා”ති.
‘තං කිස්ස හෙතු’ මා විසින් උතුමියි යමක් කියන ලදද, එය කුමක් හෙතුකොට කවර කරුණකින්දයත්: ‘මරණං වා නිගච්ඡෙය්ය’ යමෙක් එහි අඞ්ගජාතය බහන්නේද, හෙතෙමේ මරණයට හෝ පැමිණෙන්නේය. ‘ඉතො නිදානඤ්ච ඛො -පෙ- උප්පජ්ජෙය්ය’ මාගමකගේ අඞ්ගජාතයෙහි යම් මේ අඞ්ගජාතය බැහීමක්වේද, මේ හෙතුකොට ඒ පාපකර්මය කළ පුද්ගලතෙමේ නිරයෙහි උපදින්නේය. මෙසේ මේ කර්මයාගේ මහාසාවද්යභාවය දක්නාසේක් ඔහුට ගැරහූ සේක. ඔහුට දුක් ඉපදවීම කැමතිවෙමින් මේ ගැරහීම නොකළසේක. ‘තත්ථ නාම ත්වං’ මෙසේ මහාසාවද්‍ය වූ ඒ මෙබඳු කර්මයෙහිද තෝ. ‘යං ත්වං’ යන මෙහි ‘යං’ යනු නින්දාර්ත්ථයෙහි නිපාතයි. ත්වං යනු තං ශබ්දයාගේ වෙවචනයි. යං කියා හෝ තං කියා යන දෙකින්ම හෝ ගැරහීම වේ. ලාමක කොට දන්නා ලද්දේය’යි වදාරණ ලද්දේය. ‘අසද්ධම්මං’ නොසන්සුන් වූ නීචජනයන්ගේ ධර්මයෙකි. ඒ නීචජනයන් විසින් සෙවිය යුතුය යන අර්‍ත්‍ථයි. ‘ගාමධම්මො’ ගම්වැස්සන්ගේ ධර්මයෙකි. ගම්වැසි මිනිසුන්ගේ ධර්මයයි වදාරණ ලද්දේ වේ. ‘වසලධම්මං’ පාපධර්ම වස්වති, වගුරුවතීයි වසලයහ. ඒ වසල ලාමක පුරුෂයන්ගේ ධර්මයකි. වසලවූ හෝ කෙලෙස් වගුරණ ධර්මයකි. ‘දුට්ඨුල්ලං’ දුෂ්ටද වේ. කෙලෙසුන්ගෙන් තදින් දූෂිතද වේ. තරද වේ. නොසියුම්ද වේ. අනිපුණදැයි වදාරණ ලදය. ‘ඔදකන්තිකං’ දියකිස මෙයට කෙළවරය. අන්තිකය. අවසානයි ඔදකන්තික නමි. ඒ ඔදකන්තිකය. ‘රහස්සං’ රහස්හි වන. පිළිසන් අවකාශයෙහි උපදින. මේ ධර්මය වනාහි පිළිකුල් කටයුතු බැවින් ප්රකටව අන්හුගේ ඇස් හමුවෙහි කරන්නට නොහැක්කේය. ‘රහස්සං’යි එහෙයින් වදාරණ ලදී. ‘ද්වයං ද්වයසමාපත්තිං’ දෙදෙනෙකු දෙදෙනෙකු විසින් පැමිණිය යුතුය. ‘ද්වයං ද්වයං සමාපත්තිං’යිද පාඨයක් වේ. ‘දයං දයසමාපත්තිං’යිද හදාරත්. එය නොමැනවි. ‘සමාපජ්ජිස්සසි’ යන මෙය ‘තත්ථ නාම ත්වං’ යි මෙහි කියූ නාම ශබ්දය සමග ‘සමාපජ්ජිස්සසි නාම’යි යෙදිය යුතුය.
බහූනං ඛො…පෙ… ආදිකත්තා පුබ්බඞ්ගමොති සාසනං සන්ධාය වදති. ඉමස්මිං සාසනෙ ත්වං බහූනං පුග්ගලානං අකුසලානං ධම්මානං ආදිකත්තා, සබ්බපඨමං කරණතො; පුබ්බඞ්ගමො සබ්බපඨමං එතං මග්ගං පටිපන්නත්තා; ද්වාරංදදො, උපායදස්සකොති වුත්තං හොති. ඉමඤ්හි ලෙසං ලද්ධා තව අනුසික්ඛමානා බහූ පුග්ගලා නානප්පකාරකෙ මක්කටියා මෙථුනපටිසෙවනාදිකෙ අකුසලධම්මෙ කරිස්සන්තීති අයමෙත්ථ අධිප්පායො.
‘බහුන්තං ඛො පෙ- ආදිකත්තා පුබ්බඞ්ගමො’ යනු ශාසනය සඳහා වදාරණ සේක. ‘තෝ මේ ශාසනයෙහි බොහෝ පුද්ගලයන්ගේ අකුශල ධර්මයන්ට ආදිකර්තෘ වෙහිය. සියල්ලන්ට පළමුකොට කිරීමෙන් පූර්වඞ්ගම වෙහිය. සියල්ලන්ට පළමුකොට මේ මගට පිළිපන් බැවින් දොර ඇරදුන්නේ වෙහිය. උපාය දැක්වූයේ වෙහියයි වදාරණ ලද්දේය. මේ මද ඉඩක් ලැබ තට අනුව හික්මෙන බොහෝ පුද්ගලයෝ නන්වැදෑරුම් වූ වැඳිරියක හා මෙවුන්දම් සෙවුම් ආදීවූ අකුශල ධර්මයන් කරන්නාහ යනු මෙහි අදහස වේ.
අනෙකපරියායෙනාති ඉමෙහි “අනනුච්ඡවික”න්තිආදිනා නයෙන වුත්තෙහි, බහූහි කාරණෙහි. දුබ්භරතාය…පෙ… කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වාති දුබ්භරතාදීනං වත්ථුභූතස්ස අසංවරස්ස අවණ්ණං නින්දං ගරහං භාසිත්වාති අත්ථො. යස්මා හි අසංවරෙ ඨිතස්ස පුග්ගලස්ස අත්තා දුබ්භරතඤ්චෙව දුප්පොසතඤ්ච ආපජ්ජති, තස්මා අසංවරො “දුබ්භරතා, දුප්පොසතා”ති ච වුච්චති. යස්මා පන අසංවරෙ ඨිතස්ස අත්තා චතූසු පච්චයෙසු මහිච්ඡතං සිනෙරුප්පමාණෙපි ච පච්චයෙ ලද්ධා අසන්තුට්ඨිතං ආපජ්ජති, තස්මා අසංවරො “මහිච්ඡතා, අසන්තුට්ඨිතා”ති ච වුච්චති. යස්මා ච අසංවරෙ ඨිතස්ස අත්තා ගණසඞ්ගණිකාය චෙව කිලෙසසඞ්ගණිකාය ච සංවත්තති, කොසජ්ජානුගතො ච හොති අට්ඨකුසීතවත්ථුපාරිපූරියා සංවත්තති, තස්මා අසංවරො “සඞ්ගණිකා, චෙව කොසජ්ජඤ්චා”ති වුච්චති.
‘අනෙකපරියායෙන’ ‘අනනුච්ඡවියං’ යනාදි ක්‍රමයෙන් කියු බොහෝ කරුණුවලිනි. ‘දුභරතාය -පෙ- කොසජ්ජස්ස අවණ්ණං භාසිත්වා’ දුර්භරභාවාදියට වස්තු වූ අසංවරයාගේ නොපැසසීම -නින්දාව - ගැරහීම වදාරා යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් අසංවරයෙහි සිටි පුද්ගලයාගේ සිත දුක සේ ඉසිලිය යුතුබවට හා දුකසේ පෝෂණය කළයුතු බවට පැමිණේද, එහෙයින් අසංවරය දුභරතා - දුප්පොසතායි කියනු ලැබේ. යම්හෙයකින් වනාහි අසංවරයෙහි සිටියහුගේ සිත සිවුපසයෙහි මහත් ආශා ඇතිබවට මහමෙර තරම් සිවුපසය ලබාද නොසතුටුබවට පැමිණේද, එහෙයින් අසංවරය මහිච්ඡතා අසන්තුට්ඨිතායි කියනු ලැබේ. යම්හෙයකින් අසංවරයෙහි සිටියහුගේ සිත ගණයා හා එක්වීමෙහිද කෙලෙසුන් හා එක්වීමෙහිද රැදීසිටීද කුසීත භාවයට අනුව ගියේවේද, කුසීතභාවයට කරුණු වූ අෂ්ටකුසීත වස්තූන් පිරීමෙහි පවත්නේද එහෙයින් අසංවරය සඞ්ගණිකාකොසජ්ජයි කියනු ලැබේ.
සුභරතාය…පෙ… වීරියාරම්භස්ස වණ්ණං භාසිත්වාති සුභරතාදීනං වත්ථුභූතස්ස සංවරස්ස වණ්ණං භාසිත්වාති අත්ථො. යස්මා හි අසංවරං පහාය සංවරෙ ඨිතස්ස අත්තා සුභරො හොති සුපොසො, චතූසු ච පච්චයෙසු අප්පිච්ඡතං නිත්තණ්හභාවං ආපජ්ජති, එකමෙකස්මිඤ්ච පච්චයෙ යථාලාභ-යථාබල-යථාසාරුප්පවසෙන තිප්පභෙදාය සන්තුට්ඨියා සංවත්තති, තස්මා සංවරො “සුභරතා චෙව සුපොසතා ච අප්පිච්ඡො ච සන්තුට්ඨො චා”ති වුච්චති.
‘සුභරතාය -පෙ- විරියාරම්හස්ස වණ්ණං භාසිත්වා’ සුභරභාවාදියට වස්තු වූ සංවරයාගේ ගුණ වදාරා යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් අසංවරය හැරපියා සංවරයෙහි සිටි පුද්ගලයාගේ සිත සුවසේ ඉසිලිය හැකිවේද, සුවසේ පෝෂණය කළ හැකිවේද, සිවුපසයෙහි අල්පෙච්ඡ භාවයට තෘෂ්ණාරහිතභාවයට පැමිණේද, එක් එක් ප්‍රත්‍යයයෙහි යථාලාභ - යථාබල - යථාසාරුප්ප වසයෙන් තෙවැදෑරුම් වූ භෙදඇති සන්තුෂ්ටියෙහි පවත්නේද, එහෙයින් සංවරය සුභරතාය, සුප්පොසතාය, අප්පිච්ඡය - සන්තුට්ඨයි කියනු ලැබේ.
යස්මා පන අසංවරං පහාය සංවරෙ ඨිතස්ස අත්තා කිලෙසසල්ලෙඛනතාය චෙව නිද්ධුනනතාය ච සංවත්තති, තස්මා සංවරො “සල්ලෙඛො ච ධුතො චා”ති වුච්චති.
යම්හෙයකින් වනාහි අසංවරය හැරපියා සංවරයෙහි සිටියහුගේ සිත කෙලෙස් කපාලීමෙහි හා කෙලෙස් කම්පනයෙහි පවත්නේද, එහෙයින් සංවරය සල්ලෙඛ යිද ධුත යිදැයි කියනු ලැබේ.
යස්මා ච අසංවරං පහාය සංවරෙ ඨිතස්ස අත්තා කායවාචානං අප්පාසාදිකං අප්පසාදනීයං අසන්තං අසාරුප්පං කායවචීදුච්චරිතං චිත්තස්ස අප්පාසාදිකං අප්පසාදනීයං අසන්තං අසාරුප්පං අකුසලවිතක්කත්තයඤ්ච අනුපගම්ම තබ්බිපරීතස්ස කායවචීසුචරිතස්ස චෙව කුසලවිතක්කත්තයස්ස ච පාසාදිකස්ස පසාදනීයස්ස සන්තස්ස සාරුප්පස්ස පාරිපූරියා සංවත්තති, තස්මා සංවරො “පාසාදිකො”ති වුච්චති.
යම්හෙයකින් අසංවරය හැරපියා සංවරයෙහි සිටියහුගේ සිත කය වචන පිළිබඳ නොපැහැදුම් එළවන නොපැහැදුමට කරුණු වූ අශාන්ත වූ අසාරුප්‍ය වූ කාය වාග් දුශ්චරිතයටද, සිතෙහි නොපැහැදුම් එළවන නොපැහැදුමට කරුණු වූ අශාන්ත වූ අසාරුප්‍ය වූ කාම - ව්‍යාපාද - විහිංසා යන අකුශල විතර්ක තුනට ද නොපැමිණ. තත් විපරීත වූ පැහැදුම් එළවන පැහැදුමට කරුණු වූ ශාන්ත වූ සාරුප්‍ය වූ කායවාක් සුචරිතයාගේද, නෛෂ්ක්‍රම්‍ය - අව්‍යාපාද - අවිහිංසා යන කුශල විතර්ක තුනෙහි පාරිපූරිය පිණිස පවතීද, එහෙයින් සංවරය පාසාදිකයි කියනු ලැබේ.
යස්මා පන අසංවරං පහාය සංවරෙ ඨිතස්ස අත්තා සබ්බකිලෙසාපචයභූතාය, විවට්ටාය, අට්ඨවීරියාරම්භවත්ථුපාරිපූරියා ච සංවත්තති, තස්මා සංවරො “අපචයො චෙව වීරියාරම්භො චා”ති වුච්චතීති.
යම්හෙයකින් වනාහි අසංවරය හැරපියා සංවරයෙහි සිටියහුගේ සිත රාගාදි සියලු කෙලෙසුන්ගේ නොවැඩීමට හේතු වූ නිර්වාණ ධාතුව පිණිසද, අටවැදෑරුම් වූ වීර්‍ය්‍යාරම්භ වස්තූන්ගේ පරිපූර්ණත්වය පිණිසද පවත්නේද, එහෙයින් අපචය යි ද විරියාරම්භ යි ද කියනු ලැබේ.
භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකන්ති තත්ථ සන්නිපතිතානං භික්ඛූනං යං ඉදානි සික්ඛාපදං පඤ්ඤපෙස්සති, තස්ස අනුච්ඡවිකඤ්චෙව අනුලොමිකඤ්ච. යො වා අයං සුභරතාදීහි සංවරො වුත්තො, තස්ස අනුච්ඡවිකඤ්චෙව අනුලොමිකඤ්ච සංවරප්පහානපටිසංයුත්තං අසුත්තන්තවිනිබද්ධං පාළිවිනිමුත්තං ඔක්කන්තිකධම්මදෙසනං කත්වාති අත්ථො. භගවා කිර ඊදිසෙසු ඨානෙසු පඤ්චවණ්ණකුසුමමාලං කරොන්තො විය, රතනදාමං සජ්ජෙන්තො විය, ච යෙ පටික්ඛිපනාධිප්පායා අසංවරාභිරතා තෙ සම්පරායිකෙන වට්ටභයෙන තජ්ජෙන්තො අනෙකප්පකාරං ආදීනවං දස්සෙන්තො, යෙ සික්ඛාකාමා සංවරෙ ඨිතා තෙ අප්පෙකච්චෙ අරහත්තෙ පතිට්ඨපෙන්තො අප්පෙකච්චෙ අනාගාමි-සකදාගාමි-සොතාපත්තිඵලෙසු උපනිස්සයවිරහිතෙපි සග්ගමග්ගෙ පතිට්ඨපෙන්තො දීඝනිකායප්පමාණම්පි මජ්ඣිමනිකායප්පමාණම්පි ධම්මදෙසනං කරොති. තං සන්ධායෙතං වුත්තං – “භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථං කත්වා”ති.
‘භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං’ එහි රැස්වූ භික්ෂූන්ට දැන් යම් ශික්ෂා පදයක් පණවන සේක්නම්, එයට සුදුසුවූද අනුලොම්වූද සුභරතාදිය හේතුකොට යම් සංවරයක් කියන ලදද, එයට සුදුසුවූද අනුලොම්වූද පංචවිධ සංවරයෙන් හා පංචවිධ ප්‍රහාණයෙන් යුක්ත වූ සූත්‍රාන්තයෙහි නොබැඳුනු විනයපාළියට නොනැගු නුවණින් පිවිස අතරදී කියනු ලබන ධර්මදේශනාව කොට යන අර්‍ත්‍ථයි. භාග්‍යවතුන් වහන්සේ මෙබඳු තන්හි ‘මෙයින් කම් කිමැ’යි ප්රතික්ෂෙපයෙහි අදහස් ඇති අසංවරයෙහි ඇලීගත් යම්කෙනෙක් වෙත්ද, ඔවුන් පරලොවෙහි වන සසර බියෙන් තැතිගන්වමින් නන්වෑදෑරුම් වූ ආදීනව දක්වමින් ශික්ෂාකාමී වූ සංවරයෙහි පිහිටි යම්කෙනෙක් වෙත්ද ඔවුන් සමහර කෙනෙකුන් අර්හත්වයෙහි, සමහර කෙනකුන් අනාගාමි ඵලයෙහි, සමහර කෙනෙකුන් සකෘදාගාමි ඵලයෙහි, සමහර කෙනෙකුන් සොතාපත්ති ඵලයෙහි පිහිටුවමින් හෙතු සම්පත්තියෙන් තොරවූවන් ස්වර්ගමාර්ගයෙහි පිහිටුවමින් පස්පැහැති මල්මාලාවක් කරන්නකු සේ රුවන්දමක් සරසන්නෙකු සේ දීඝනිකාය පමණවූද මජ්ඣිමනිකාය පමණවූද ධර්මදේශනා කරන සේක. ‘භික්ඛූනං තදනුච්ඡවිකං තදනුලොමිකං ධම්මිං කථා කත්වා’ යනු ඒ සඳහා මෙය වදාරන ලද්දේය.
තෙන හීති තෙන සුදින්නස්ස අජ්ඣාචාරෙන කාරණභූතෙන. සික්ඛාපදන්ති එත්ථ සික්ඛිතබ්බාති සික්ඛා, පජ්ජතෙ ඉමිනාති පදං, සික්ඛාය පදං සික්ඛාපදං; සික්ඛාය අධිගමුපායොති අත්ථො. අථ වා මූලං නිස්සයො පතිට්ඨාති වුත්තං හොති. මෙථුනවිරතියා මෙථුනසංවරස්සෙතං අධිවචනං. මෙථුනසංවරො හි තදඤ්ඤෙසං සික්ඛාසඞ්ඛාතානං සීලවිපස්සනාඣානමග්ගධම්මානං වුත්තත්ථවසෙන පදත්තා ඉධ “සික්ඛාපද”න්ති අධිප්පෙතො. අයඤ්ච අත්ථො සික්ඛාපදවිභඞ්ගෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. අපිච තස්සත්ථස්ස දීපකං වචනම්පි “සික්ඛාපද”න්ති වෙදිතබ්බං. වුත්තම්පි චෙතං – “සික්ඛාපදන්ති යො තත්ථ නාමකායො පදකායො නිරුත්තිකායො බ්යඤ්ජනකායො”ති. අථ වා යථා “අනභිජ්ඣා ධම්මපද”න්ති වුත්තෙ අනභිජ්ඣා එකො ධම්මකොට්ඨාසොති අත්ථො හොති, එවමිධාපි “සික්ඛාපද”න්ති සික්ඛාකොට්ඨාසො සික්ඛාය එකො පදෙසොතිපි අත්ථො වෙදිතබ්බො.
‘තෙනහි’ සුදින්නගේ ඒ කාරණභූත වූ අද්ධ්යාචාරයෙන්. ‘සික්ඛාපදං’ මෙහි හික්මිය යුතුනුයි සික්ඛා නම්. මේ කරණකොට පැමිණේනුයි පදනම්. ශික්ෂාවෙහි පදය ශික්ෂා පදයයි. ශික්ෂාධිගමයෙහි උපාය යන අර්‍ත්‍ථයි. තවද මූලය, නිශ්ශ්‍රය, ප්‍රතිෂ්ඨායි කියන ලද්දේ වේ. මෛථුන විරතියට මෛථුන සංවරයට මේ නමකි. මෛථුන සංවරය වනාහි එයින් අන්‍ය වූ ශික්ෂාපද සඞ්ඛ්‍යාත වූ ශීල විදර්ශනාධ්යාන මාර්ගධර්මයන්ට කියූ අර්ත්ථ වශයෙන් පදබැවින් මෙහි ශික්ෂා පදයි අදහස්කරන ලද්දේය. මේ අර්ත්ථය පැහැදිලි කරන වචනයද ශික්ෂා පදයි දතයුතුය. ‘ශික්ෂාපද’ යනු එහි යම් නාම සමූහයක්වේද පද සමූහයක්වේද නිරුක්ති සමූහයක්වේද ව්‍යඤ්ජන සමූහයක්වේද හේයයි මෙ ද කියන ලද්දේය. නොහොත් යම් සේ අනභිධ්‍යා තොමෝ එක් ධර්මපදයකැයි කියූ කල්හි අනභිධ්‍යා තොමෝ එක් ධර්ම කොට්ඨාසයෙකැයි යන අර්ත්ථය වේද එසේ මෙහිද ශික්ෂාපද යනු ශික්ෂා කොට්ඨාසයක ශික්ෂාවෙහි එක් ප්රදෙශයකැයිද අර්ත්ථය දතයුතුය.
දස අත්ථවසෙ පටිච්චාති දස කාරණවසෙ සික්ඛාපදපඤ්ඤත්තිහෙතු අධිගමනීයෙ හිතවිසෙසෙ පටිච්ච ආගම්ම ආරබ්භ, දසන්නං හිතවිසෙසානං නිප්ඵත්තිං සම්පස්සමානොති වුත්තං හොති. ඉදානි තෙ දස අත්ථවසෙ දස්සෙන්තො “සඞ්ඝසුට්ඨුතායා”තිආදිමාහ. තත්ථ සඞ්ඝසුට්ඨුතා නාම සඞ්ඝස්ස සුට්ඨුභාවො, “සුට්ඨු දෙවා”ති ආගතට්ඨානෙ විය “සුට්ඨු, භන්තෙ”ති වචනසම්පටිච්ඡනභාවො . යො ච තථාගතස්ස වචනං සම්පටිච්ඡති , තස්ස තං දීඝරත්තං හිතාය සුඛාය හොති, තස්මා සඞ්ඝස්ස “සුට්ඨු, භන්තෙ”ති මම වචනසම්පටිච්ඡනත්ථං පඤ්ඤපෙස්සාමි, අසම්පටිච්ඡනෙ ආදීනවං සම්පටිච්ඡනෙ ච ආනිසංසං දස්සෙත්වා, න බලක්කාරෙන අභිභවිත්වාති එතමත්ථං ආවිකරොන්තො ආහ – “සඞ්ඝසුට්ඨුතායා”ති. සඞ්ඝඵාසුතායාති සඞ්ඝස්ස ඵාසුභාවාය; සහජීවිතාය සුඛවිහාරත්ථායාති අත්ථො.
‘දස අත්ථවසෙ පටිච්ච’ ශික්ෂාපද පැණවීමට කරුණු වූ අවබොධ කටයුතු හිතවිශේෂ වූ දස කරුණක් නිසා එයට පැමිණ එය ඇරැබැ දසවැදෑරැම් වූ හිත විශේෂයන්ගේ නිෂ්පත්තිය දකිමින් වදාරණ ලද්දේ වේ. දැන් ඒ දස කරුණ දක්වන සේක් ‘සඞ්ඝසුට්ඨුතාය’ යනාදිය වදාළ සේක. එහි සඞ්ඝසුට්ඨුතා නම් සඞ්ඝයාගේ යහපත්බවයි. ‘සුට්ඨු දෙව’යි ආතන්හි මෙන් ‘මැනව ස්වාමීනි’යි වදන් පිළිගන්නා බවය. යමෙක් තථාගතයන් වහන්සේගේ වචනය පිළිගණීද ඔහුට ඒ පිළිගැනීම බොහෝකලක් මුළුල්ලෙහි හිත පිණිස සැප පිණිස වන්නේය. එහෙයින් සඞ්ඝයා හට ‘මැනව ස්වාමීනි’යි මාගේ වචන පිළිගැනීම පිණිස නොපිළිගැනීමෙහි ආදීනවය හා පිළිගැනීමෙහි ආනිසංස දක්වා පණවන්නෙමි. බලාත්කාරයෙන් මැඩලා නොපණවන්නෙමියි මේ අර්ත්ථය ප්‍රකට කරන සේක ‘සඞ්ඝසුට්ඨුතාය’ යනු වදාළ සේක. ‘සඞ්ඝ ඵාසුතාය’ සඞ්ඝයාගේ පහසුව පිණිස, ජීවිතය පිළිබඳ සුඛවිහරණය පිණිස වේ යනු අර්‍ත්‍ථයි.
දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහායාති දුම්මඞ්කූ නාම දුස්සීලපුග්ගලා; යෙ මඞ්කුතං ආපාදියමානාපි දුක්ඛෙන ආපජ්ජන්ති, වීතික්කමං කරොන්තා වා කත්වා වා න ලජ්ජන්ති, තෙසං නිග්ගහත්ථාය; තෙ හි සික්ඛාපදෙ අසති “කිං තුම්හෙහි දිට්ඨං, කිං සුතං – කිං අම්හෙහි කතං; කතරස්මිං වත්ථුස්මිං කතමං ආපත්තිං ආරොපෙත්වා අම්හෙ නිග්ගණ්හථා”ති සඞ්ඝං විහෙඨෙස්සන්ති, සික්ඛාපදෙ පන සති තෙ සඞ්ඝො සික්ඛාපදං දස්සෙත්වා ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන නිග්ගහෙස්සති. තෙන වුත්තං – “දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහායා”ති.
‘දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය’ දුම්මඞ්කුහු නම් දුශ්ශීල පුද්ගලයෝය. යම් කෙනෙක් මකුබවට පැමිණෙන්නෝද, දුකින් පැමිණෙත්ද, ව්යතික්රම කරන්නෝ හෝ ව්යතික්රම කොට හෝ ලජ්ජිත නොවෙත්ද, ඔවුන්ට නිග්‍රහය පිණිස. ඔව්හු ශික්ෂාපද නැතිකල්හි ‘තොප විසින් කුමක් දක්නා ලදද, කුමක් අසන ලදද? අප විසින් කුමක් කරණ ලදද? කවර වස්තුවක් නිමිතිකොට කවරනම් ඇවැතක් නගා අපට නිග්‍රහ කරවුදැ’යි සඞ්ඝයා වෙහෙස කරන්නාහ. ශික්ෂාපද පණවා ඇති කල්හි සඞ්ඝයා ශික්ෂාපද දක්වා ධර්මයෙන් විනයෙන් ශාස්තෲ ශාසනයෙන් ඔවුනට නිග්‍රහ කරන්නේය. ‘දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය’ යනු එහෙයින් වදාරණ ලද්දේය.
පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරායාති පෙසලානං පියසීලානං භික්ඛූනං ඵාසුවිහාරත්ථාය. පියසීලා හි භික්ඛූ කත්තබ්බාකත්තබ්බං සාවජ්ජානවජ්ජං වෙලං මරියාදං අජානන්තා සික්ඛත්තයපාරිපූරියා ඝටමානා කිලමන්ති, සන්දිට්ඨමානා උබ්බාළ්හා හොන්ති. කත්තබ්බාකත්තබ්බං පන සාවජ්ජානවජ්ජං වෙලං මරියාදං ඤත්වා සික්ඛත්තයපාරිපූරියා ඝටමානා න කිලමන්ති, සන්දිට්ඨමානා න උබ්බාළ්හා හොන්ති. තෙන නෙසං සික්ඛාපදපඤ්ඤාපනා ඵාසුවිහාරාය සංවත්තති. යො වා දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහො, ස්වෙව එතෙසං ඵාසුවිහාරො. දුස්සීලපුග්ගලෙ නිස්සාය හි උපොසථො න තිට්ඨති , පවාරණා න තිට්ඨති, සඞ්ඝකම්මානි නප්පවත්තන්ති, සාමග්ගී න හොති, භික්ඛූ අනෙකග්ගා උද්දෙසපරිපුච්ඡාකම්මට්ඨානාදීනි අනුයුඤ්ජිතුං න සක්කොන්ති. දුස්සීලෙසු පන නිග්ගහිතෙසු සබ්බොපි අයං උපද්දවො න හොති. තතො පෙසලා භික්ඛූ ඵාසු විහරන්ති. එවං “පෙසලානං භික්ඛූනං ඵාසු විහාරායා”ති එත්ථ ද්විධා අත්ථො වෙදිතබ්බො.
‘පෙසලානං භික්ඛූනං ඵාසුවිහාරාය’ යහපත් සොඳුරුවූ ප්‍රියශීලි භික්ෂූන්ගේ පහසුවිහරණය පිණිස. ප්‍රියශීලි භික්ෂූහු කටයුත්ත නොකටයුත්ත සාවද්‍යය අනවද්‍යය කාලය සීමාව නොදන්නාහු ශික්ෂාත්රය පරිපූරණයෙහි ගැටෙන්නාහු ක්ලාන්ත වෙත්. සැකයට පැමිණෙන්නාහු දැඩිසේ පෙළුනෝ වෙත්. කටයුත්ත නොකටයුත්ත සාවද්‍යය අනවද්‍යය කාලය සීමාව දැන ශික්ෂාත්රය පරිපූරණයෙහි ගැටෙන්නාහු වෙහෙසට පත්නොවෙත්. සැකයට පැමිණියාහු නොපෙළෙන්නාහු වෙත්. එයින් සිකපද පැනවීම ඔවුනට පහසු විහරණය පිණිස පවත්නේය. දුශ්ශීල පුද්ගලයන්ට යම් නිග්‍රහයක් වේද, එයම මොවුන්ට පහසු විහරණය වේ. දුශ්ශීල පුද්ගලයන් නිසා උපොසථය නොසිටියි. පවාරණය නොසිටියි. සඞ්ඝ කර්මයෝ නොපවතිත් සාමග්රීභාවය නොවේ. එකඟ නොවූ සිත්ඇති භික්ෂූන් උදෙසීම් පිළිවිසීම් කමටහන් වැඩීම් ආදියෙහි යෙදෙන්නට අසමර්ත්ථ වෙත්. දුශ්ශීලයන්ට නිග්‍රහ කළ කල්හි මේ සියලු උවදුරු මගහැරී යන්නේය. එකල්හි ප්‍රියශීලි භික්ෂූහු සැපසේ වාසය කරත්. මෙසේ ‘පෙසලානං භික්ඛුනං ඵාසුවිහාරාය’ යන මෙහි දෙපරිද්දෙකින් අර්ත්ථ දතයුතුය.
දිට්ඨධම්මිකානං ආසවානං සංවරායාති දිට්ඨධම්මිකා ආසවා නාම අසංවරෙ ඨිතෙන තස්මිඤ්ඤෙව අත්තභාවෙ පත්තබ්බා පාණිප්පහාර-දණ්ඩප්පහාර-හත්ථච්ඡෙද-පාදච්ඡෙද-අකිත්ති-අයසවිප්පටිසාරාදයො දුක්ඛවිසෙසා. ඉති ඉමෙසං දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය පිධානාය ආගමනමග්ගථකනායාති අත්ථො.
‘දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය’ දෘෂ්ටධාර්මික ආස්‍රවයෝ නම්: අසංවරයෙහි සිටියහු විසින් ඒ අත්බවෙහිම පැමිණිය යුතුවූ හස්ත ප්‍රහාර දණ්ඩ ප්‍රහාර හස්තච්ඡෙද පාදච්ඡෙද අකීර්ති නින්දා විප්රතිසාරාදී වූ දුඃඛවිශෙෂයෝය. මෙසේ මේ ඉහාත්මභාවයෙහි වූ ආස්‍රවයන්ගේ සංවරය පිණිස වැසීම පිණිස පැමිණෙන මග වැසීම පිණිසය යන අර්‍ත්‍ථයි.
සම්පරායිකානං ආසවානං පටිඝාතායාති සම්පරායිකා ආසවා නාම අසංවරෙ ඨිතෙන කතපාපකම්මමූලකා සම්පරායෙ නරකාදීසු පත්තබ්බා දුක්ඛවිසෙසා, තෙසං පටිඝාතත්ථාය පටිප්පස්සම්භනත්ථාය වූපසමත්ථායාති වුත්තං හොති.
‘සම්පරායිකානං ආසවානං පටිඝාතාය’ සාම්ප්‍රදායික ආස්‍රවයෝ නම්: අසංවරයෙහි පිහිටියන් විසින් කරන ලද පව්කම් මුල්කොට ඇති පරලෙව්හි නිරයාදියෙහි පැමිණිය යුතු දුඃඛවිශෙෂයෝය. ඔවුන් නැසීම පිණිස සන්සිඳවීම පිණිස ව්යාපශමනය පිණිස යයි කියන ලද්දේ වේ.
අප්පසන්නානං පසාදායාති සික්ඛාපදපඤ්ඤත්තියා හි සති සික්ඛාපදපඤ්ඤත්තිං ඤත්වා වා යථාපඤ්ඤත්තං පටිපජ්ජමානෙ භික්ඛූ දිස්වා වා යෙපි අප්පසන්නා පණ්ඩිතමනුස්සා, තෙ “යානි වත ලොකෙ මහාජනස්ස රජ්ජන-දුස්සන-මුය්හනට්ඨානානි, තෙහි ඉමෙ සමණා සක්යපුත්තියා ආරකා විරතා විහරන්ති, දුක්කරං වත කරොන්ති, භාරියං වත කරොන්තී”ති පසාදං ආපජ්ජන්ති, විනයපිටකෙ පොත්ථකං දිස්වා මිච්ඡාදිට්ඨික-තිවෙදී බ්රාහ්මණො විය. තෙන වුත්තං – “අප්පසන්නානං පසාදායා”ති.
‘අප්පසන්නානං පසාදාය’ ශික්ෂාපද පැනවීම ඇති කල්හි ශික්ෂාපද පැනවීම දැන හෝ පැනවූ පරිදි පිළිපදින්නා වූ භික්ෂූන් දැක හෝ නොපහන් යම් නුවණැති මනුෂ්‍යයෝ වෙත්ද, ඔවුහු ලොකයෙහි මහජනයා ඇලෙන ගැටෙන මුළාවන යම් කරුණුවේද, ඒ කරුණුවලින් මේ ශ්‍රමණශාක්‍ය පුත්‍රීයයෝ ඒකාන්තයෙන් දුරුවූවාහු, වෙන්වූවාහු වාසය කරති. කළනොහැක්කක් කරන්නාහුය. බැරෑරුම් වැඩක් කරත්’යි විනය පිටකයෙහි පොතක් දැක මිත්‍ථ්‍යාදෘෂ්ටික ත්රිවෙදී බ්‍රාහ්මණයා මෙන් ප්‍රසාදයට පැමිණෙත්. ‘අප්පසන්නානං වා පසාදාය’ යනු එහෙයින් වදාරණ ලදී.
පසන්නානං භිය්යොභාවායාති යෙපි සාසනෙ පසන්නා කුලපුත්තා තෙපි සික්ඛාපදපඤ්ඤත්තිං ඤත්වා යථාපඤ්ඤත්තං පටිපජ්ජමානෙ භික්ඛූ වා දිස්වා “අහො අය්යා දුක්කරකාරිනො, යෙ යාවජීවං එකභත්තං බ්රහ්මචරියං විනයසංවරං අනුපාලෙන්තී”ති භිය්යො භිය්යො පසීදන්ති. තෙන වුත්තං – “පසන්නානං භිය්යොභාවායා”ති.
‘පසන්නානං භීය්‍යොභාවාය’ ශාසනයෙහි පහන් වූ යම් කුලපුත්‍රයෝ වෙත්ද ඔවුහුද ශික්ෂාපද පැනවීම දැන හෝ පැන වූ පරිදි පිළිපදින්නා වූ භික්ෂූන් දැක හෝ ‘යම් කෙනෙක් දිවිහිම්කොට එක් බතක් වැළඳීම, බඹසර හැසිරීම, විනයයෙහි හික්මීම, එක්වන් රකිත්ද, ඒ පුදුමය, ඒ මේ ආර්‍ය්‍යයෝ නොකොටහැකි ක්‍රියා කරන සුල්ලභ’යි වඩ වඩාත් පහදිත්. ‘පසන්නානං භීය්‍යොභාවාය’ යනු එහෙයින් වදාරණ ලදී.
සද්ධම්මට්ඨිතියාති තිවිධො සද්ධම්මො – පරියත්තිසද්ධම්මො, පටිපත්තිසද්ධම්මො, අධිගමසද්ධම්මොති. තත්ථ පිටකත්තයසඞ්ගහිතං සබ්බම්පි බුද්ධවචනං “පරියත්තිසද්ධම්මො” නාම. තෙරස ධුතගුණා, චුද්දස ඛන්ධකවත්තානි, ද්වෙඅසීති මහාවත්තානි, සීලසමාධිවිපස්සනාති අයං “පටිපත්තිසද්ධම්මො” නාම. චත්තාරො අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤඵලානි නිබ්බානඤ්චාති අයං “අධිගමසද්ධම්මො” නාම. සො සබ්බොපි යස්මා සික්ඛාපදපඤ්ඤත්තියා සති භික්ඛූ සික්ඛාපදඤ්ච තස්ස විභඞ්ගඤ්ච තදත්ථජොතනත්ථං අඤ්ඤඤ්ච බුද්ධවචනං පරියාපුණන්ති, යථාපඤ්ඤත්තඤ්ච පටිපජ්ජමානා පටිපත්තිං පූරෙත්වා පටිපත්තියා අධිගන්තබ්බං ලොකුත්තරධම්මං අධිගච්ඡන්ති, තස්මා සික්ඛාපදපඤ්ඤත්තියා චිරට්ඨිතිකො හොති. තෙන වුත්තං – “සද්ධම්මට්ඨිතියා”ති.
‘සද්ධම්මට්ඨිතියා’ පර්ය්යාප්තිසද්ධර්ම - ප්රතිපත්තිසද්ධර්ම - අධිගමසද්ධර්මයි සද්ධර්මය තෙවැදෑරුම් වේ. එහි ත්‍රිපිටකයෙහි සඞ්ග්‍රහ කළ සියලුම බුද්ධ වචනය පර්ය්යාප්තිසද්ධර්ම නමි. තෙළෙස් දුහඟගුණ - තුදුස් කඳුවත් - දෙයසූ මහවත් හා ශීල සමාධි විදර්ශනා යන මෙය ප්‍රතිපත්ති සද්ධර්ම නමි. චතුර්විධ ආර්ය්යමාර්ග - චතුර්විධ ශ්‍රාමණ්‍යඵල - නිර්වාණ යන මෙය අධිගමසද්ධර්ම නමි. යම්හෙයකින් ශික්ෂාපද පැනවීම ඇති කල්හි භික්ෂූහු ශික්ෂාපදද ඒ ශික්ෂා පදයන්ගේ විභඞ්ගයද එහි අරුත් පවසනු පිණිස අන්‍ය වූ බුද්ධ වචනද පුහුණු කෙරෙත්ද, පැණවූ පරිදි පිළිපදින්නාහු පිළිවෙත් පුරා පිළිවෙතින් පැමිණිය යුතු වූ ලොකෝත්තර ධර්මයට පැමිණෙත්ද එහෙයින් ඒ සියලුම සද්ධර්මය ශික්ෂාපද පැනවීම හේතුවෙන් බොහෝ කල් පවත්නේ වේ. ‘සද්ධම්මට්ඨිතියා’ යනු එහෙයින් වදාරණ ලදී.
විනයානුග්ගහායාති සික්ඛාපදපඤ්ඤත්තියා හි සති සංවරවිනයො ච පහානවිනයො ච සමථවිනයො ච පඤ්ඤත්තිවිනයො චාති චතුබ්බිධොපි විනයො අනුග්ගහිතො හොති උපත්ථම්භිතො සූපත්ථම්භිතො. තෙන වුත්තං – “විනයානුග්ගහායා”ති.
‘විනයානුග්ගහාය’ ශික්ෂාපද පැනවීම ඇතිකල්හි සංවර විනයද, පහාණ විනයද, සමථ විනයද, පඤ්ඤත්ති විනය ද යන සිවුවැදෑරුම් වූ විනය අනුග්‍රහ කරන ලද්දේ වේ. රුකුල් දෙන ලද්දේ වේ. බලවත් සේ රුකුල් දෙන ලද්දේ වේ. ‘විනයානුග්ගහාය’ යනු එහෙයින් වදාරණ ලදී.
සබ්බානෙව චෙතානි පදානි “සික්ඛාපදං පඤ්ඤපෙස්සාමී”ති ඉමිනා වචනෙන සද්ධිං යොජෙතබ්බානි . තත්රායං පඨමපච්ඡිමපදයොජනා – “සඞ්ඝසුට්ඨුතාය සික්ඛාපදං පඤ්ඤපෙස්සාමි, විනයානුග්ගහාය සික්ඛාපදං පඤ්ඤපෙස්සාමී”ති.
මේ සියලුම පද ‘සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි’ යන මේ වචනය සමග යොදාගත යුතුය. එහි ‘සඞ්ඝසුට්ඨුතාය සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමි, විනයානුග්ගහාය සික්ඛාපදං පඤ්ඤාපෙස්සාමිං’ යන මෙය ප්‍රථම පශ්චිමපදයොජනාය.
අපි චෙත්ථ යං සඞ්ඝසුට්ඨු තං සඞ්ඝඵාසු, යං සඞ්ඝඵාසු තං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහායාති එවං සඞ්ඛලිකනයං; යං සඞ්ඝසුට්ඨු තං සඞ්ඝඵාසු, යං සඞ්ඝසුට්ඨු තං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහායාති එවඤ්ච එකෙකපදමූලිකං දසක්ඛත්තුං යොජනං කත්වා යං වුත්තං පරිවාරෙ (පරි· 334) –
තවද, මෙහි අනෙකුදු ඇත්තේය. ‘යං සංඝසුට්ඨු, තං සඞ්ඝඵාසු. යං සඞ්ඝඵාසු, තං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය’යි මෙසේ සඞ්ඛලිකනය වේ. මෙය ‘යං සඞ්ඝසුට්ඨු, තං සඞ්ඝඵාසු, යං සඞ්ඝඵාසු, තං දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහාය’යි මෙසේද එක් එක් පදය මුල්කොට දසවරක් යොදා පරිවාරයෙහි:
“අත්ථසතං ධම්මසතං, ද්වෙ ච නිරුත්තිසතානි; චත්තාරි ඤාණසතානි, අත්ථවසෙ පකරණෙ”ති.
‘අත්ථසතං ධම්මසතං - ද්වෙ ච නිරුත්තිසතානි, චත්තාරි ච ඤාණසතානි - අත්ථවසෙ පකරණෙ’
අර්ත්ථවිශෙෂප්රකරණයෙහි ‘අර්ත්ථ සියයක, ධර්ම සියයක, නිරුක්ති දෙසියක, ඤාණසාර සියයෙකැ’යි
තං සබ්බං වෙදිතබ්බං. තං පනෙතං යස්මා පරිවාරෙයෙව ආවි භවිස්සති, තස්මා ඉධ න වණ්ණිතන්ති.
යමක් කියන ලද්දේ ද ඒ සියල්ල දතයුතුය. ඒ මේ විස්තරය යම්හෙයකින් පරිවාරයෙහි පහළවන්නේද එහෙයින් මෙහි වර්ණනා නොකරන ලද්දේය.
එවං සික්ඛාපදපඤ්ඤත්තියා ආනිසංසං දස්සෙත්වා තස්මිං සික්ඛාපදෙ භික්ඛූහි කත්තබ්බකිච්චං දීපෙන්තො “එවඤ්ච පන, භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථා”ති ආහ. කිං වුත්තං හොති? භික්ඛවෙ, ඉමං පන මයා ඉති සන්දස්සිතානිසංසං සික්ඛාපදං එවං පාතිමොක්ඛුද්දෙසෙ උද්දිසෙය්යාථ ච පරියාපුණෙය්යාථ ච ධාරෙය්යාථ ච අඤ්ඤෙසඤ්ච වාචෙය්යාථාති. අතිරෙකානයනත්ථො හි එත්ථ ච සද්දො, තෙනායමත්ථො ආනීතො හොතීති.
මෙසේ ශික්ෂාපද පැනවීමෙහි අනුසස් වදාරා, ඒ ශික්ෂා පදයෙහි භික්ෂූ න් විසින් කළයුතු කිස දක්වන සේක් ‘එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ’යි වදාළ සේක. කුමක් වදාරණ ලද්දේවේදයත්: ‘මහණෙනි! මා විසින් මෙසේ දක්වන ලද අනුසස් ඇති මේ ශික්ෂාපදය, මෙසේ ප්රාතිමොක්ෂාද්දෙශයෙහිදී උදෙසවූ, පුහුණුද කරවු, දැරීමද කරවු, අන්හටද කියවු’යි වදාරණ ලද්දේ වේ. මෙහි ‘වූ’ ශබ්දය අතිරෙකාර්ත්ථයක් ගෙන ඊම අර්‍ත්‍ථකොට සිටියේය. එහෙයින් මේ අර්ත්ථය පමුණුවන ලද්දේ වේ.
ඉදානි යං වුත්තං “ඉමං සික්ඛාපද”න්ති තං දස්සෙන්තො “යො පන භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, පාරාජිකො හොති අසංවාසො”ති ආහ. එවං මූලච්ඡෙජ්ජවසෙන දළ්හං කත්වා පඨමපාරාජිකෙ පඤ්ඤත්තෙ අපරම්පි අනුපඤ්ඤත්තත්ථාය මක්කටීවත්ථු උදපාදි. තස්සුප්පත්තිදීපනත්ථමෙතං වුත්තං – එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොතීති. තස්සත්ථො – භගවතා භික්ඛූනං ඉදං සික්ඛාපදං එවං පඤ්ඤත්තං හොති ච, ඉදඤ්ච අඤ්ඤං වත්ථු උදපාදීති.
දැන් ‘ඉමං සික්ඛාපදං’යි යමක් වදාරණ ලද්දේද, එය දක්වන සේක් ‘යො පන භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවෙය්ය පාරාජිකො හොති අසංවාසො’ යනු වදාළ සේක. මෙසේ මුලච්ඡෙද්ය වශයෙන් දැඩිකොට ප්‍රථම පාරාජිකාව පැනවූන කල්හි අන්‍යවූද අනුප්‍රඥප්තිය පිණිස මක්කටී වස්තුව පහළ වූයේය. ඒ මක්කටී වස්තුවෙහි උත්පත්තිය දක්වනු පිණිස ‘එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති’යි මෙය වදාරණ ලද්දේය. එහි අර්ත්ථය මෙසේය: භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේය. මෙසේ පනවන ලද්දේදැයි මේ අන්යවස්තුවක්ද පහළවූයේ යයි
පඨමපඤ්ඤත්තිකථා නිට්ඨිතා.
ප්‍රථම ප්රඥප්ති කථාව නිමි
සුදින්නභාණවාරං නිට්ඨිතං.