යෙදුමෙන් කියවන්න

බුද‍්ධාචිණ‍්ණකථා අට‍්ඨකථා

බුද‍්ධාචිණ‍්ණකථා

බුද්ධාචිණ්ණකථා

එවං ධම‍්මසෙනාපතිං සඤ‍්ඤාපෙත්‍වා වෙරඤ‍්ජායං තං වස‍්සාවාසං වීතිනාමෙත්‍වා වුත්‍ථවස‍්සො මහාපවාරණාය පවාරෙත්‍වා අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි. ආමන‍්තෙසීති ආලපි අභාසි සම‍්බොධෙසි. කින‍්ති? ආචිණ‍්ණං ඛො පනෙතන‍්ති එවමාදි. ආචිණ‍්ණන‍්ති චරිතං වත‍්තං අනුධම‍්මතා. තං ඛො පනෙතං ආචිණ‍්ණං දුවිධං හොති – බුද‍්ධාචිණ‍්ණං, සාවකාචිණ‍්ණන‍්ති. කතමං බුද‍්ධාචිණ‍්ණං? ඉදං තාව එකං – යෙහි නිමන‍්තිතා වස‍්සං වසන‍්ති, න තෙ අනපලොකෙත්‍වා අනාපුච‍්ඡිත්‍වා ජනපදචාරිකං පක‍්කමන‍්ති. සාවකා පන අපලොකෙත්‍වා වා අනපලොකෙත්‍වා වා යථාසුඛං පක‍්කමන‍්ති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ දම්සෙනෙවි සැරියුත් මහතෙරුන්ට කරුණු අවබෝධ කරවා, වෙරඤ්ජාවෙහි ඒ වස්විසීම ගෙවා, වැස නිමකළ වස් ඇතිසේක් මහාපවාරණයෙන් පවරා ‘අථ ඛො භගවා ආයසමන්තං ආනන්‍දං ආමන්තෙසි’යි ඇමතූ සේක. වදාළ සේක. අවබෝධ කරවූ සේක. කුමක් අවබෝධ කරවූ සේක්දයත්: ‘ආචිණ්ණං ඛො පනෙතං’ යන මේ ආදිය අවබෝධ කරවූ සේක: ‘ආචිණ්ණං’ පුරුදු කරන ලදය. සිරිතය. වතය. ලොකොත්තර ධර්‍මානුගත ධර්‍මයය. ඒ මේ පුරුදු කරන ලද්ද, බුදුවරුන් විසින් පුරුදු කරන ලද්දය, ශ්‍රාවකයන් විසින් පුරුදු කරන ලද්ද යයි දෙවැදෑරුම් වේ. බුදුවරයන් විසින් පුරුදු කරන ලද්ද කවරේද යත්: එහි බුදුවරයෝ යම් කෙනෙකුන් විසින් නිමන්ත්‍රණය කරන ලද්දාහු, වස් වසත්ද, ඔවුන් නොබලා නොවිචාරා දනවු සැරිසැරීමට නොවඩින්නාහ. මේ වනාහි එක්සිරිතකි. ශ්‍රාවකයෝ වනාහි විචාරා හෝ නොවිචාරා පහසු ඇති පරිද්දෙන් දනවු සැරිසැරීමට යන්නාහ.

අපරම‍්පි බුද‍්ධාචිණ‍්ණං – වුත්‍ථවස‍්සා පවාරෙත්‍වා ජනසඞ‍්ගහත්‍ථාය ජනපදචාරිකං පක‍්කමන‍්තියෙව. ජනපදචාරිකං චරන‍්තා ච මහාමණ‍්ඩලං මජ‍්ඣිමමණ‍්ඩලං අන‍්තිමමණ‍්ඩලන‍්ති ඉමෙසං තිණ‍්ණං මණ‍්ඩලානං අඤ‍්ඤතරස‍්මිං මණ‍්ඩලෙ චරන‍්ති. තත්‍ථ මහාමණ‍්ඩලං නවයොජනසතිකං, මජ‍්ඣිමමණ‍්ඩලං ඡයොජනසතිකං, අන‍්තිමමණ‍්ඩලං තියොජනසතිකං. යදා මහාමණ‍්ඩලෙ චාරිකං චරිතුකාමා හොන‍්ති, තදා මහාපවාරණාය පවාරෙත්‍වා පාටිපදදිවසෙ මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරා නික‍්ඛමිත්‍වා ගාමනිගමාදීසු මහාජනං ආමිසපටිග‍්ගහෙන අනුග‍්ගණ‍්හන‍්තා ධම‍්මදානෙන චස‍්ස විවට‍්ටුපනිස‍්සිතං කුසලං වඩ‍්ඪෙන‍්තා නවහි මාසෙහි ජනපදචාරිකං පරියොසාපෙන‍්ති. සචෙ පන අන‍්තොවස‍්සෙ භික‍්ඛූනං සමථවිපස‍්සනා තරුණා හොන‍්ති, මහාපවාරණාය අප‍්පවාරෙත්‍වා පවාරණාසඞ‍්ගහං දත්‍වා කත‍්තිකපුණ‍්ණමායං පවාරෙත්‍වා මාගසිරස‍්ස පඨමදිවසෙ මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරා නික‍්ඛමිත්‍වා වුත‍්තනයෙනෙව මජ‍්ඣිමමණ‍්ඩලෙ අට‍්ඨහි මාසෙහි චාරිකං පරියොසාපෙන‍්ති. සචෙ පන නෙසං වුත්‍ථවස‍්සානං අපරිපාකින්‍ද්‍රියා වෙනෙය්‍යසත‍්තා හොන‍්ති, තෙසං ඉන්‍ද්‍රියපරිපාකං ආගමෙන‍්තා මාගසිරමාසම‍්පි තත්‍ථෙව වසිත්‍වා ඵුස‍්සමාසස‍්ස පඨමදිවසෙ මහාභික‍්ඛුසඞ‍්ඝපරිවාරා නික‍්ඛමිත්‍වා වුත‍්තනයෙනෙව අන‍්තිමමණ‍්ඩලෙ සත‍්තහි මාසෙහි චාරිකං පරියොසාපෙන‍්ති. තෙසු ච මණ‍්ඩලෙසු යත්‍ථ කත්‍ථචි විචරන‍්තාපි තෙ තෙ සත‍්තෙ කිලෙසෙහි වියොජෙන‍්තා සොතාපත‍්තිඵලාදීහි පයොජෙන‍්තා වෙනෙය්‍යවසෙනෙව නානාවණ‍්ණානි පුප‍්ඵානි ඔචිනන‍්තා විය චරන‍්ති.

බුදුවරයන්ගේ අනික් සිරිතක්ද වේ: බුදුවරයෝ වැස නිමකළ වස් ඇත්තාහු, පවාරණයකොට ජනසඞ්ග්‍රහය පිණිස දනවු සැරිසැරීමට වඩින්නාහුමය. දනවු සැරිසරන්නාහුද, මහා මණ්ඩල, මද්ධ්‍ය මණ්ඩල, ක්‍ෂුද්‍ර මණ්ඩල යන මේ තෙවැදෑරුම් වූ මණ්ඩලයන් අතුරෙහි එක්තරා මණ්ඩලයක සැරිසරන්නාහුය. එහි මහා මණ්ඩලය, යොදුන් නවසියයක් ඇත්තේය. මද්ධ්‍යමණ්ඩලය, යොදුන් සසියයක් ඇත්තේය. ක්‍ෂුද්‍රමණ්ඩලය, යොදුන් තුන්සියයක් ඇත්තේය. යම්කලක මහාමණ්ඩලයෙහි හැසිරෙනු කැමැත්තාහු වෙත්ද, එකල්හි මහා පවාරණයෙන් පවාරණයකොට පෑළවිය දවසෙහි මහා භික්‍ෂු සඞ්ඝයා පිරිවරකොට ඇතිව නික්ම ගම්නියම්ගම් ආදියෙහි ආමිෂ සඞ්ග්‍රහ පිළිගැනීමෙන් මහජනයාහට අනුග්‍රහ කරන්නාහු ධර්‍ම දානයෙන්ද මේ මහජනයාගේ නිවණට හේතුවූ නිවණ ඇසුරු කළ කුසල් වඩමින් නව මසකින් ජනපද චාරිකාව අවසන් කරත්. ඉදින්වනාහි ඇතුළුවස භික්‍ෂූන්ගේ ශමථ විදර්‍ශනාවෝ තරුණ වූවාහු වෙත්ද, මහා පවාරණයෙන් පවාරණය නොකොට අනුමතිදාන වසයෙන් පවාරණ සඞ්ග්‍රහයද, ඉල්මස මැදිපෝයදා පවාරණයකොට උඳුවප්මස පළමු දිනයෙහි මහාභික්‍ෂු සඬඝයා පිරිවරකොට ඇතිව නික්ම කියූ ලෙසින්ම මද්ධ්‍යමණ්ඩලයෙහි චාරිකාව අටමසකින් අවසන් කරත්. ඉදින්වනාහි, වැස නිමකළ වස්ඇති බුදුවරයන් විසින් හික්මවියයුතු වූ නොමේරු ඉඳුරන් ඇති සත්ත්‍වයෝ වෙත්ද, ඔවුන්ගේ ඉඳුරන් මෝරායෑම බලාපොරොත්තුවන්නාහු, උඳුවප් මසද එහිම වැඩවාසයකොට, දුරුතුමස පළමු දිනයෙහි මහාභික්‍ෂු සඞ්ඝයා පිරිවරකොට ඇතිව නික්ම කියූ ලෙසින්ම ක්‍ෂුද්‍ර මණ්ඩලයෙහි චාරිකාව සත්මසකින් අවසන් කරත්. ඒ මණ්ඩලයන්හිද යම්කිසිතැනක හැසිරෙන්නාහුද, ඒ ඒ සත්ත්‍වයන් කෙලෙසුන්ගෙන් වෙන්කරමින් ස්‍රොතාපත්ති ඵලාදිය හා යොදමින් හික්මවිය යුතු සත්ත්‍වයන්ගේ වසයෙන්ම නන්පැහැති මල් නෙලන්නවුන් මෙන් හැසිරෙත්.

අපරම‍්පි බුද‍්ධානං ආචිණ‍්ණං – දෙවසිකං පච‍්චූසසමයෙ සන‍්තං සුඛං නිබ‍්බානාරම‍්මණං කත්‍වා ඵලසමාපත‍්තිසමාපජ‍්ජනං, ඵලසමාපත‍්තියා වුට‍්ඨහිත්‍වා දෙවසිකං මහාකරුණාසමාපත‍්තියා සමාපජ‍්ජනං, තතො වුට‍්ඨහිත්‍වා දසසහස‍්සචක‍්කවාළෙ බොධනෙය්‍යසත‍්තසමවලොකනං.

බුදුවරයන්ගේ අනිකුදු සිරිතක් බුදුවරයන් විසින් පුරුදු කරන ලද්දක් වේ: දිනපතා අලුයම් කාලයෙහි ශාන්ත වූ සුඛවූ නිවන අරමුණුකොට, ඵලසමාපත්තියට සමවැදීම, ඵලසමාපත්තියෙන් නැගිට මහා කරුණා සමාපත්තියට සමවැදීම හා ඉනික්බිති දසදහස් සක්වළෙහි දහම් අවබෝධ කරවියහැකි සත්ත්‍වයන් බැලීමය.

අපරම‍්පි බුද‍්ධානං ආචිණ‍්ණං – ආගන‍්තුකෙහි සද‍්ධිං පඨමතරං පටිසන්‍ථාරකරණං, අට‍්ඨුප‍්පත‍්තිවසෙන ධම‍්මදෙසනා, ඔතිණ‍්ණෙ දොසෙ සික‍්ඛාපදපඤ‍්ඤාපනන‍්ති ඉදං බුද‍්ධාචිණ‍්ණං.

බුදුවරයන්ගේ අනිකුදු සිරිතක් වේ: ආගන්තුකයන් හා ඉතා පළමුකොට පිළිසඳර කිරීම, අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් දහම් දෙසීම හා අවතීර්‍ණ දෝෂයෙහි ශික්‍ෂාපද පැනවීමය යන මෙය බුදුවරයන්ගේ සිරිතය.

කතමං සාවකාචිණ‍්ණං? බුද‍්ධස‍්ස භගවතො කාලෙ ද‍්වික‍්ඛත‍්තුං සන‍්නිපාතො පුරෙ වස‍්සූපනායිකාය ච කම‍්මට‍්ඨානග‍්ගහණත්‍ථං, වුත්‍ථවස‍්සානඤ‍්ච අධිගතගුණාරොචනත්‍ථං උපරි කම‍්මට‍්ඨානග‍්ගහණත්‍ථඤ‍්ච . ඉදං සාවකාචිණ‍්ණං. ඉධ පන බුද‍්ධාචිණ‍්ණං දස‍්සෙන‍්තො ආහ – “ආචිණ‍්ණං ඛො පනෙතං, ආනන්‍ද, තථාගතාන”න‍්ති.

ශ්‍රාවකයන්ගේ සිරිත කවරේදයත්: බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි වස් එළැඹීමට පෙරටුව කමටහන් ගැනීම පිණිසද, වස් වැස නිමකළවුන්ගේ තමන් ලැබූ ගුණ සැලකිරීම පිණිසද, මතුවෙහි කමටහන් ගැනීම පිණිසද අවුරුද්දට දෙවරක් සන්නිපාතය වේ. මේ ශ්‍රාවකයන්ගේ සිරිතය. මෙහි වනාහි බුදුවරුන්ගේ සිරිත දක්වන සේක් ‘ආචිණ්ණං ඛො පනෙතං ආනන්‍ද තථාගතානං’ යනු වදාළ සේක.

ආයාමාති ආගච‍්ඡ යාම. අපලොකෙස‍්සාමාති චාරිකං චරණත්‍ථාය ආපුච‍්ඡිස‍්සාම. එවන‍්ති සම‍්පටිච‍්ඡනත්‍ථෙ නිපාතො. භන‍්තෙති ගාරවාධිවචනමෙතං; සත්‍ථුනො පටිවචනදානන‍්තිපි වට‍්ටති. භගවතො පච‍්චස‍්සොසීති භගවතො වචනං පටිඅස‍්සොසි, අභිමුඛො හුත්‍වා සුණි සම‍්පටිච‍්ඡි. එවන‍්ති ඉමිනා වචනෙන පටිග‍්ගහෙසීති වුත‍්තං හොති.

‘ආයාම’ එව යමු. ‘අපලොකෙස්සාම’ චාරිකාවෙහි හැසිරෙනු පිණිස විචාරන්නෙමු. ‘එවං’ යනු පිළිගැණුම් අරුත්හි නිපාතයි. ‘භන්තෙ’ යන මෙය ගාරවාධි වචනයි. ශාස්තෲන් වහන්සේට පිළිවදන් දීමයි කීමද වටියි. ‘භගවතො පච්චස්සොසි’ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට පිළිවදන් දුන්නේය. මූණ දී ඇසූයේය. පිළිගත්තේය. ‘එවං’ යන මේ වචනයෙන් පිළිගත්තේ යයි කියන ලද්දේ වේ.

අථ ඛො භගවා නිවාසෙත්‍වාති ඉධ පුබ‍්බණ‍්හසමයන‍්ති වා සායන‍්හසමයන‍්ති වා න වුත‍්තං. එවං සන‍්තෙපි භගවා කතභත‍්තකිච‍්චො මජ‍්ඣන‍්හිකං වීතිනාමෙත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං පච‍්ඡාසමණං කත්‍වා නගරද‍්වාරතො පට‍්ඨාය නගරවීථියො සුවණ‍්ණරසපිඤ‍්ජරාහි රංසීහි සමුජ‍්ජොතයමානො යෙන වෙරඤ‍්ජස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. ඝරද‍්වාරෙ ඨිතමත‍්තමෙව චස‍්ස භගවන‍්තං දිස‍්වා පරිජනො ආරොචෙසි. බ්‍රාහ‍්මණො සතිං පටිලභිත්‍වා සංවෙගජාතො සහසා වුට‍්ඨාය මහාරහං ආසනං පඤ‍්ඤපෙත්‍වා භගවන‍්තං පච‍්චුග‍්ගම‍්ම “ඉතො, භගවා, උපසඞ‍්කමතූ”ති ආහ. භගවා උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො වෙරඤ‍්ජො බ්‍රාහ‍්මණො භගවන‍්තං උපනිසීදිතුකාමො අත‍්තනා ඨිතපදෙසතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. ඉතො පරං උත‍්තානත්‍ථමෙව.

‘අථ ඛො භගවා නිවාසෙත්‍වා’ මෙහි පෙරවරු කාලයෙහියි හෝ පස්වරු කාලයෙහියි නොකියන ලද්දේය. මෙසේ ඇතිකල්හිදු භාග්‍යවතුන් වහන්සේ කළ බත්කිස ඇතිසේක්, මද්ධ්‍යාහ්න කාලය ඉක්මවා ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පැසුළු මහණහුකොට, නුවරදොර පටන් නගර වීථීන් රන්දිය දහරක වැනි රන්වන් බුදුරැසින් මොනවට බබුලුවමින් වෙරඤ්ජ බ්‍රාහ්මණයාගේ ගෙට වැඩිය සේක. භාග්‍යවතුන් වහන්සේ මොහුගේ ගෙදොර සමීපයෙහි සිටි ඇසිල්ලෙහිම පිරිවර ජනතෙමේ උන්වහන්සේ දැක ඔහුට සැලකෙළේය. බ්‍රාහ්මණතෙමේ සිහිලැබ හටගත් සංවේග ඇත්තේ වහා නැගිට මාහැඟි අසුනක් පණවා භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියට ගොස් භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩින සේක්වායි දන්වා සිටියේය. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩමකොට, පැණවූ අසුනෙහි වැඩහුන් සේක. ඉක්බිති වෙරඤ්ජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හිඳිනු කැමැත්තේ තමන් සිටි පෙදෙසින් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට පැමිණියේය. මෙයින් මතු ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

යං පන බ්‍රාහ‍්මණො ආහ – “අපිච යො දෙය්‍යධම‍්මො, සො න දින‍්නො”ති. තත්‍රායමධිප‍්පායො – මයා නිමන‍්තිතානං වස‍්සංවුත්‍ථානං තුම‍්හාකං තෙමාසං දිවසෙ දිවසෙ පාතො යාගුඛජ‍්ජකං, මජ‍්ඣන‍්හිකෙ ඛාදනීයභොජනීයං, සායන‍්හෙ අනෙකවිධ පානවිකති ගන්‍ධපුප‍්ඵාදීහි පූජාසක‍්කාරොති එවමාදිකො යො දෙය්‍යධම‍්මො දාතබ‍්බො අස‍්ස, සො න දින‍්නොති. තඤ‍්ච ඛො නො අසන‍්තන‍්ති එත්‍ථ පන ලිඞ‍්ගවිපල‍්ලාසො වෙදිතබ‍්බො. සො ච ඛො දෙය්‍යධම‍්මො අම‍්හාකං නො අසන‍්තොති අයඤ‍්හෙත්‍ථ අත්‍ථො. අථ වා යං දානවත්‍ථුං මයං තුම‍්හාකං දදෙය්‍යාම, තඤ‍්ච ඛො නො අසන‍්තන‍්ති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො.

බ්‍රාහ්මණ තෙමේ ‘අපි ච යො දෙය්‍යධම්මො සො න දින්නො’යි යමක් කීයේද, එහි අදහස මෙසේය: මා විසින් පවරණලද වස්විසූ ඔබවහන්සේලාට තෙමසක් මුළුල්ලෙහි දවසක් පාසා උදෑසන දියයුතු කැඳ කැවිලි මැදහන දියයුතු කෑයුතු බිඳිය යුතුදැය, සවස නන්වැදෑරුම් පැන් වර්‍ග හා ගඳමලින් කළයුතු පූජා සත්කාරදැයි යන මේ ආදීවූ යම් දියයුතු දැයක් වන්නේද එය නොදෙන ලද්දේය. ‘තඤ්ච ඛො නො අසන්තං’ මෙහි ලිඞ්ග විපර්‍ය්‍යාසය දතයුතුය. ඒ දියයුතුදැය අපට නැත්තේ නොවේ යනු අර්‍ත්‍ථයි. තවද අපි ඔබවහන්සේලාට යමක් යමක් දෙන්නෙමුද, එය අපට නැත්තේ නොවේයි මෙසේද මෙහි අර්‍ත්‍ථ දතයුතුය.

නොපි අදාතුකම්‍යතාති අදාතුකාමතාපි නො නත්‍ථි, යථා පහූතවිත‍්තූපකරණානං මච‍්ඡරීනං. තං කුතෙත්‍ථ ලබ‍්භා බහුකිච‍්චා ඝරාවාසාති තත්‍රායං යොජනා – යස‍්මා බහුකිච‍්චා ඝරාවාසා, තස‍්මා එත්‍ථ සන‍්තෙපි දෙය්‍යධම‍්මෙ දාතුකම්‍යතාය ච තං කුතො ලබ‍්භා කුතො තං සක‍්කා ලද‍්ධුං, යං මයං තුම‍්හාකං දෙය්‍යධම‍්මං දදෙය්‍යාමාති ඝරාවාසං ගරහන‍්තො ආහ. සො කිර මාරෙන ආවට‍්ටිතභාවං න ජානාති, “ඝරාවාසපලිබොධෙන මෙ සතිසම‍්මොසො ජාතො”ති මඤ‍්ඤි, තස‍්මා එවමාහ. අපිච – තං කුතෙත්‍ථ ලබ‍්භාති ඉමස‍්මිං තෙමාසබ‍්භන‍්තරෙ යමහං තුම‍්හාකං දදෙය්‍යං, තං කුතො ලබ‍්භා? බහුකිච‍්චා හි ඝරාවාසාති එවමෙත්‍ථ යොජනා වෙදිතබ‍්බා.

‘නොපි අදාතුකම්‍යතා’ බොහෝසෙයින් සතුට උපදවන උපකරණ ඇත්තාවූ මසුරන්ට මෙන් නොදෙනු කැමති බවක්ද අපට නැත්තේය. ‘තං කුතෙත්‍ථ ලබ්හා බහුකිච්චා ඝරාවාසා’ යන එහි මේ යොජනාය:- යම්හෙයකින් ගෘහවාසයෝ බොහෝ කටයුතු ඇත්තාහු ද, එහෙයින් මෙහි දියයුතු දැය ඇති කල්හිද, දෙනු කැමැති බවක් ඇති කල්හි, එය කොතැනින් ලැබිය හැකිද, අපි යම් දියයුතු දෙයක් ඔබවහන්සේලාට දෙන්නෙමුද, එය කොතැනින් ලබන්නට හැක්කේදැයි ගෘහවාසයට ගරහමින් කීයේය. ඒ බ්‍රාහ්මණ තෙමේ වනාහි මාරයා විසින් ආවර්තිතභාවය නොදනියි. ගෘහවාස පළිබෝධය කරනකොට, මට සිහිමුළාබව වූයේයයි සැලකීය. එහෙයින් ‘අපි ච තං කුතෙත්‍ථ ලබ්හා’යි මෙසේ කීයේය. ‘මේ තෙමස තුළ මම යමක් ඔබවහන්සේලාට දෙන්නෙම්ද, එය කොතැනින් ලබම්ද, ගෘහවාසයෝ බොහෝ කටයුතු ඇත්තාහ’යි මෙසේද මෙහි අර්‍ත්‍ථ යෝජනාව දතයුතුය.

අථ බ්‍රාහ‍්මණො “යංනූනාහං යං මෙ තීහි මාසෙහි දාතබ‍්බං සියා, තං සබ‍්බං එකදිවසෙනෙව දදෙය්‍ය”න‍්ති චින‍්තෙත්‍වා අධිවාසෙතු මෙ භවං ගොතමොතිආදිමාහ. තත්‍ථ ස‍්වාතනායාති යං මෙ තුම‍්හෙසු සක‍්කාරං කරොතො ස‍්වෙ භවිස‍්සති පුඤ‍්ඤඤ‍්චෙව පීතිපාමොජ‍්ජඤ‍්ච, තදත්‍ථාය. අථ තථාගතො “සචෙ අහං නාධිවාසෙය්‍යං, ‘අයං තෙමාසං කිඤ‍්චි අලද‍්ධා කුපිතො මඤ‍්ඤෙ, තෙන මෙ යාචියමානො එකභත‍්තම‍්පි න පටිග‍්ගණ‍්හාති, නත්‍ථි ඉමස‍්මිං අධිවාසනඛන‍්ති, අසබ‍්බඤ‍්ඤූ අය’න‍්ති එවං බ්‍රාහ‍්මණො ච වෙරඤ‍්ජාවාසිනො ච ගරහිත්‍වා බහුං අපුඤ‍්ඤං පසවෙය්‍යුං, තං තෙසං මා අහොසී”ති තෙසං අනුකම‍්පාය අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන.

ඉක්බිති බ්‍රාහ්මණතෙමේ ‘මා විසින් යම්දෙයක් තුන්මසකින් දියයුතු වන්නේද, මම ඒ සියල්ල එක්දවසින්ම දෙන්නෙම්නම්, යෙහෙකැයි සිතා ‘අධිවාසෙතු මෙ භවං ගොතමො’ යනාදිය කීයේය. එහි ‘ස්වාතනාය’ ‘ඔබ වහන්සේලා විෂයයෙහි සත්කාර කළ කල්හි මට හෙට යම් කුශලයක් ප්‍රීති ප්‍රාමොද්‍යයක් වන්නේද, ඒ පිණිසය’. ඉක්බිති තථාගතයන් වහන්සේ ‘ඉදින් මම නොඉවසන්නෙම්නම්, මෙතෙමේ තෙමස මුළුල්ලෙහි කිසිවක් නොලැබීමෙන් කිපියේවන, එහෙයින් මා විසින් යදිනු ලබන්නේද, එක් බතකුදු නොපිළිගනියි. මොහු කෙරෙහි අධිවාසනා ක්‍ෂාන්තිය නැත්තීය. මෙතෙමේ සර්‍වඥ නොවේය’යි මෙසේ බ්‍රාහ්මණ තෙමේද, වෙරඤ්ජා නුවර වැස්සෝද, මට ගරහා, බොහෝ අකුසල් රැස්කරන්නාහ. ඔවුනට ඒ නොවේවා’යි ඔවුනට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවසා වදාළ සේක.

අධිවාසෙත්‍වා ච අථ ඛො භගවා වෙරඤ‍්ජං බ්‍රාහ‍්මණං “අලං ඝරාවාසපලිබොධචින‍්තායා”ති සඤ‍්ඤාපෙත්‍වා තඞ‍්ඛණානුරූපාය ධම‍්මියා කථාය දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකං අත්‍ථං සන්‍දස‍්සෙත්‍වා කුසලෙ ධම‍්මෙ සමාදපෙත්‍වා ගණ‍්හාපෙත්‍වා තත්‍ථ ච නං සමුත‍්තෙජෙත්‍වා සඋස‍්සාහං කත්‍වා තාය සඋස‍්සාහතාය අඤ‍්ඤෙහි ච විජ‍්ජමානගුණෙහි සම‍්පහංසෙත්‍වා ධම‍්මරතනවස‍්සං වස‍්සෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි. පක‍්කන‍්තෙ ච පන භගවති වෙරඤ‍්ජො බ්‍රාහ‍්මණො පුත‍්තදාරං ආමන‍්තෙසි – “මයං, භණෙ, භගවන‍්තං තෙමාසං නිමන‍්තෙත්‍වා එකදිවසං එකභත‍්තම‍්පි නාදම‍්හ. හන්‍ද, දානි තථා දානං පටියාදෙථ යථා තෙමාසිකොපි දෙය්‍යධම‍්මො ස‍්වෙ එකදිවසෙනෙව දාතුං සක‍්කා හොතී”ති. තතො පණීතං දානං පටියාදාපෙත්‍වා යං දිවසං භගවා නිමන‍්තිතො, තස‍්සා රත‍්තියා අච‍්චයෙන ආසනට‍්ඨානං අලඞ‍්කාරාපෙත්‍වා මහාරහානි ආසනානි පඤ‍්ඤපෙත්‍වා ගන්‍ධධූමවාසකුසුමවිචිත්‍රං මහාපූජං සජ‍්ජෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි. තෙන වුත‍්තං – “අථ ඛො වෙරඤ‍්ජො බ්‍රාහ‍්මණො තස‍්සා රත‍්තියා අච‍්චයෙන…පෙ… නිට‍්ඨිතං භත‍්ත”න‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ ඉවසාද, ගෘහවාසපළිබොධය ගැන සිතීමෙන් කම් නැතැයි වෙරඤ්ජ බ්‍රාහ්මණයා හට හඟවා, ඒ මොහොතට සුදුසු වූ දැහැමි කතාවෙන් මෙලොව පරලොව වැඩ දක්වා කුසල් දහම්හි සමාදන් කරවා කුසල්දහම් ගන්වා එහිද එ බමුණු මොනවට තෙදගන්වා උත්සාහ ඇත්තෙකු කොට ඒ උත්සාහ සහිත භාවයෙන් අන්‍යවූද විද්‍යාමාන ගුණයන්ගෙන් මොනවට සතුටු කරවා දම්රුවන් වැසිවස්වා හුනස්නෙන් නැගිට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ නැගිට වැඩිය කල්හි වෙරඤ්ජ බ්‍රාහ්මණතෙමේ ‘පින්වත්නි! අපි තෙමසකට භාග්‍යවතුන් වහන්සේ පවරා එක් දවසක් එක් බතකුදු නොදුනිම්හ, එබැවින් දැන් තෙමසට සෑහෙන පමණින් දියයුතුදැය හෙට එක් දවසින්ම දෙන්නට හැකිවේද, එසේ දානය පිළියෙල කරවු’යි අඹුදරුවන්ට නියම කළේය. ඉක්බිති ප්‍රණීතකොට දානය පිළියෙල කරවා, යම්දවසෙක භාග්‍යවතුන් වහන්සේ පවරණ ලද්දාහු ද, එ දවස රැය ඉක්ම ගිය පසු අසුන් පණවන තැන සරසවා මාහැගි අසුන් පණවා සුවඳ දුම් කැවූ මල්වලින් විසිතුරු වූ මහා පූජාවක් සූදානම්කොට භාග්‍යවතුන් වහන්සේට කල් දන්වාලූයේය. ‘අථ ඛො වෙරඤ්ජො බ්‍රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන -පෙ- නිට්ඨිතං භත්තං’යි. එහෙයින් වදාරණ ලද්දේය.

භගවා භික‍්ඛුසඞ‍්ඝපරිවුතො තත්‍ථ අගමාසි. තෙන වුත‍්තං – “අථ ඛො භගවා…පෙ… නිසීදි සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. අථ ඛො වෙරඤ‍්ජො බ්‍රාහ‍්මණො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝන‍්ති බුද‍්ධප‍්පමුඛන‍්ති බුද‍්ධපරිණායකං; බුද‍්ධං සඞ‍්ඝත්‍ථෙරං කත්‍වා නිසින‍්නන‍්ති වුත‍්තං හොති. පණීතෙනාති උත‍්තමෙන. සහත්‍ථාති සහත්‍ථෙන. සන‍්තප‍්පෙත්‍වාති සුට‍්ඨු තප‍්පෙත්‍වා, පරිපුණ‍්ණං සුහිතං යාවදත්‍ථං කත්‍වා. සම‍්පවාරෙත්‍වාති සුට‍්ඨු පවාරෙත්‍වා ‘අල’න‍්ති හත්‍ථසඤ‍්ඤාය මුඛසඤ‍්ඤාය වචීභෙදෙන ච පටික‍්ඛිපාපෙත්‍වා. භුත‍්තාවින‍්ති භුත‍්තවන‍්තං. ඔනීතපත‍්තපාණින‍්ති පත‍්තතො ඔනීතපාණිං; අපනීතහත්‍ථන‍්ති වුත‍්තං හොති. තිචීවරෙන අච‍්ඡාදෙසීති තිචීවරං භගවතො අදාසි. ඉදං පන වොහාරවචනමත‍්තං හොති “තිචීවරෙන අච‍්ඡාදෙසී”ති, තස‍්මිඤ‍්ච තිචීවරෙ එකමෙකො සාටකො සහස‍්සං අග‍්ඝති. ඉති බ්‍රාහ‍්මණො භගවතො තිසහස‍්සග‍්ඝනකං තිචීවරමදාසි උත‍්තමං කාසිකවත්‍ථසදිසං. එකමෙකඤ‍්ච භික‍්ඛුං එකමෙකෙන දුස‍්සයුගෙනාති එකමෙකෙන දුස‍්සයුගළෙන. තත්‍ර එකසාටකො පඤ‍්චසතානි අග‍්ඝති. එවං පඤ‍්චන‍්නං භික‍්ඛුසතානං පඤ‍්චසතසහස‍්සග‍්ඝනකානි දුස‍්සානි අදාසි. බ්‍රාහ‍්මණො එත‍්තකම‍්පි දත්‍වා අතුට‍්ඨො පුන සත‍්තට‍්ඨසහස‍්සග‍්ඝනකෙ අනෙකරත‍්තකම‍්බලෙ ච පට‍්ටුණ‍්ණපත‍්තපටෙ ච ඵාලෙත්‍වා ඵාලෙත්‍වා ආයොගඅංසබද‍්ධකකායබන්‍ධනපරිස‍්සාවනාදීනං අත්‍ථාය අදාසි. සතපාකසහස‍්සපාකානඤ‍්ච භෙසජ‍්ජතෙලානං තුම‍්බානි පූරෙත්‍වා එකමෙකස‍්ස භික‍්ඛුනො අබ‍්භඤ‍්ජනත්‍ථාය සහස‍්සග‍්ඝනකං තෙලමදාසි. කිං බහුනා, චතූසු පච‍්චයෙසු න කොචි පරික‍්ඛාරො සමණපරිභොගො අදින‍්නො නාම අහොසි. පාළියං පන චීවරමත‍්තමෙව වුත‍්තං.

භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයාගෙන් පිරිවැරුණු සේක්, එහි වැඩමකළ සේක. ‘අථ ඛො භගවා -පෙ- නිසීදි භික්‍‍‍ඛු සඞ්ඝෙන’ යනු එහෙයින් වදාරණ ලදය. ‘අථ ඛො වෙරඤ්ජො බ්‍රාහ්මණො බුද්ධපමුඛං භික්‍ඛුසඞ්ඝං’ යන මෙහි ‘බුද්ධපමුඛං’ බුද්ධ පරිනායක වූ ‘බුදුරජාණන් වහන්සේ සඞ්ඝ ස්ථවිරකොට හුන්නාවූ’යි කියන ලද්දේ වේ. ‘පණීතෙන’ උතුම් වූ. ‘සහත්‍ථා’ සියතින් ‘සන්තප්පෙත්‍වා’ මොනවට තර්‍ජණයකොට. ප්‍රයොජන ඇති පමණට පිරිපුන්කොට. පිණායෑමට පත්කොට සෑහෙන පමණකොට. සම්පවාරෙත්‍වා’ මොනවට පවරා. කම් නැත, කම්නැතැයි හස්ත සංඥාවෙන්ද, මුඛසංඥාවෙන්ද, වාග්භෙදයෙන්ද පිළිකෙව් කරවා. ‘භූත්තාවිං’ වැළඳූ. වැළඳීම ඇති ‘ඔනීතපත්තපාණීං’ පාත්‍රයෙන් බැහැර කළ අත්ඇති. බැහැරටගත් අත් ඇත්තාවූයි කියන ලද්දේ වේ. ‘තිචීවරෙන අච්ඡාදෙසි’. භාග්‍යවතුන් වහන්සේට තුන්සිවුරු පිදුයේය. ‘තිචීවරෙන අච්ඡාදෙසි’ යන මෙය ව්‍යවහාර වචන මාත්‍රයක් වේ. ඒ තුන්සිවුරෙහිද, එක් එක් සළුව දහසක් අගනේය. මෙසේ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේට තුන්දහසක් අගනා උතුම් වූ කසීවත් සමානවූ තුන්සිවුරු පිදුයේය. ‘එකමෙකඤ්ච භික්‍ඛුං එකමෙකෙන දුස්සයුගෙන’ එක් එක් භික්‍ෂු නමක් එක් එක් වස්ත්‍ර යුග්මයකින්. එහි එක් සළුවක් පන්සියයක් අගනේය. මෙසේ පන්සියයක් භික්‍ෂූන්ට පන්ලක්‍ෂයක් අගනා වූ වස්ත්‍ර පිදුයේය. බ්‍රාහ්මණතෙමේ මෙපමණකුදු පුදා සතුටුනොවූයේ, සෑහීමට නොපත්ව, නැවත, සත්අට දහසක් අගනා නොයෙක් රතු කම්බිලිද, පත්තුණ්ණ දේශයෙහි උපන් පටවස්ත්‍ර හා චීන දේශයෙහි උපන් පටවස්ත්‍රද පලා පලා යෝගීපට, අස්වැටි, කාබාන්, පෙරහන් යනාදිය පිණිස දුන්නේය. සියක්වර පිසූ, දහස්වර පිසූ බෙහෙත් තෙල්වලින් සමින් කළ සැළි පුරවා එක් එක් භික්‍ෂු නමක්හට ඇඟ ගෑම පිණිස දහසක් අගනා තෙල් පිදුයේය. බොහෝකොට කීමෙන් කිම? සිවුපසය අතුරෙහි ශ්‍රමණ පරිභොග වූ කිසිදු පිරිකරක් නොදෙන ලද්දේනම් නොවූයේය. පෙළෙහි දැක්වූනේ සිවුරු පමණකි.

එවං මහායාගං යජිත්‍වා සපුත‍්තදාරං වන්‍දිත්‍වා නිසින‍්නං අථ ඛො භගවා වෙරඤ‍්ජං බ්‍රාහ‍්මණං තෙමාසං මාරාවට‍්ටනෙන ධම‍්මසවනාමතරසපරිභොගපරිහීනං එකදිවසෙනෙව ධම‍්මාමතවස‍්සං වස‍්සෙත්‍වා පුරිපුණ‍්ණසඞ‍්කප‍්පං කුරුමානො ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා…පෙ… උට‍්ඨායාසනා පක‍්කාමි. බ්‍රාහ‍්මණොපි සපුත‍්තදාරො භගවන‍්තඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච වන්‍දිත්‍වා “පුනපි, භන‍්තෙ, අම‍්හාකං අනුග‍්ගහං කරෙය්‍යාථා”ති එවමාදීනි වදන‍්තො අනුබන්‍ධිත්‍වා අස‍්සූනි පවත‍්තයමානො නිවත‍්ති.

භාග්‍යවතුන් වහන්සේ, මෙසේ මහදන් දී අඹුදරුවන් හා එක්ව වැදහුන්නා වූ තෙමසක් මාරාවර්‍තනයෙන් ධර්‍මශ්‍රවණාමෘත රසපරිභොගයෙන් පිරිහුනු වෙරඤ්ජ බ්‍රාහ්මණයා එක් දවසින්ම දහම් අමාවැසි වස්වා, පිරිපුන් යහපත් අදහස් ඇත්තෙකු කරනසේක්, දැහැමි කතාවෙන් එලොව මෙලොව වැඩදක්වා -පෙ- හුනස්නෙන් නැගිට වැඩිය සේක. බ්‍රාහ්මණතෙමේද, අඹුදරුවන් සහිතවම භාග්‍යවතුන් වහන්සේද, භික්‍ෂු සඞ්ඝයාද වැඳ ‘ස්වාමීනි! නැවතද අපට අනුග්‍රහ කරණු මැනවැ’යි මේආදිය කියමින් අනුව ගොස් කඳුලු හෙලමින් නැවතුනේය.

අථ ඛො භගවා වෙරඤ‍්ජායං යථාභිරන‍්තං විහරිත්‍වාති යථාජ‍්ඣාසයං යථාරුචිතං වාසං වසිත්‍වා වෙරඤ‍්ජාය නික‍්ඛමිත්‍වා මහාමණ‍්ඩලෙ චාරිකාය චරණකාලෙ ගන‍්තබ‍්බං බුද‍්ධවීථි පහාය දුබ‍්භික‍්ඛදොසෙන කිලන‍්තං භික‍්ඛුසඞ‍්ඝං උජුනාව මග‍්ගෙන ගහෙත්‍වා ගන‍්තුකාමො සොරෙය්‍යාදීනි අනුපගම‍්ම පයාගපතිට‍්ඨානං ගන‍්ත්‍වා තත්‍ථ ගඞ‍්ගං නදිං උත‍්තරිත්‍වා යෙන බාරාණසී තදවසරි. තෙන අවසරි තදවසරි. තත්‍රාපි යථාජ‍්ඣාසයං විහරිත්‍වා වෙසාලිං අගමාසි. තෙන වුත‍්තං – “අනුපගම‍්ම සොරෙය්‍යං…පෙ… වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලාය”න‍්ති.

‘අථ ඛො භගවා වෙරඤ්ජායං යථාභිරන්තං විහරීත්‍වා’ භාග්‍යවතුන් වහන්සේ අදහස් පරිදි රිසිතාක් ඒ වසවැස වෙරඤ්ජාවෙන් නික්ම මහාමණ්ඩල චාරිකාවෙන් හැසිරෙණ කාලයෙහි යායුතු බුද්ධවීථිය හැර දුර්භික්‍ෂ දොෂයෙන් වෙහෙසට පැමිණි භික්‍ෂු සඞ්ඝයා සෘජුමාර්‍ගයෙන් ගෙනයනු කැමතිසේක් සොරෙය්‍යාදියට නොවැඩ, පයාග නදිය පිහිටි තැනට වැඩ එහි ගඞ්ගා නදිය තරණයකොට බරණැසට වැඩිය සේක. එහිදී අදහස් පරිදි රිසිපරිදි වැඩවාසයකොට විශාලා මහා නගරයට වැඩිය සේක. ‘අනුපගම්ම සොරෙය්‍යං -පෙ- වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං’ යනු එහෙයින් වදාරණ ලද්දේය.

බුද‍්ධාචිණ‍්ණකථා නිට‍්ඨිතා.

සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය වෙරඤ‍්ජකණ‍්ඩවණ‍්ණනා නිට‍්ඨිතා.

විනයවිවෘත නම් වූ සිංහල සමන්තපාසාදිකාවෙහි වෙරඤ්ජකාණ්ඩ වර්‍ණනා නිමි.

තත්‍රිදං සමන‍්තපාසාදිකාය සමන‍්තපාසාදිකත‍්තස‍්මිං –

එහි හාත්පසින් හැමතින් ප්‍රසාදය උපදවන බැවින් එන ලද අර්‍ත්‍ථ කථාව පිළිබඳ මේ සමන්තපාසාදිකභාවයයි.

ආචරියපරම‍්පරතො, නිදානවත්‍ථුප‍්පභෙදදීපනතො; පරසමයවිවජ‍්ජනතො, සකසමයවිසුද‍්ධිතො චෙව.

උපාලි දාසකො යනාදීන් කියන ලද ආචාර්‍ය්‍ය පරම්පරාවෙන්ද නිදානවස්තු ප්‍රභේද දැක්වීමෙන්ද පරලබ්ධි දුරුකිරීමෙන්ද ස්වසමය පිහිටුවීමෙන්ද,

බ්‍යඤ‍්ජනපරිසොධනතො, පදත්‍ථතො පාළියොජනක‍්කමතො; සික‍්ඛාපදනිච‍්ඡයතො, විභඞ‍්ගනයභෙදදස‍්සනතො.

ව්‍යඤ්ජන පරිශොධනයෙන්ද පදාර්‍ත්‍ථ දැක්වීමෙන්ද පාලියොජනා ක්‍රමයෙන්ද ශික්‍ෂාපද විනිශ්චයයෙන්ද විභඞ්ගනයභෙද දැක්වීමෙන්ද,

සම‍්පස‍්සතං න දිස‍්සති, කිඤ‍්චි අපාසාදිකං යතො එත්‍ථ; විඤ‍්ඤූනමයං තස‍්මා, සමන‍්තපාසාදිකාත්‍වෙව.

නුවණැසින් මොනවට බලන්නාවූ නුවණැත්තවුන්ට මේ සමනන්තපාසාදිකාවෙහි නොපැහැදෙන කිසිවක් යම්හෙයකින් නොදක්නා ලැබේද, එහෙයින් හික්මවිය හැකි සත්ත්‍වයන් දැමීමෙහි දක්‍ෂ වූ ලොවට අනුකම්පා කරන්නාවූ ලෝකනාථයන් වහන්සේ විසින් වදාළ විනය ප්‍රවෘත්ති ඇත්තා වූ මේ සංවර්‍ණනාව සමන්තපාසාදිකාම යයි දතයුතුය.

සංවණ‍්ණනා පවත‍්තා, විනයස‍්ස විනෙය්‍යදමනකුසලෙන; වුත‍්තස‍්ස ලොකනාථෙන, ලොකමනුකම‍්පමානෙනාති.

වෙරඤ‍්ජකණ‍්ඩවණ‍්ණනා නිට‍්ඨිතා.