යෙදුමෙන් කියවන්න

විනයපඤ‍්ඤත‍්තියාචනකථාවණ‍්ණනා අට‍්ඨකථා

විනයපඤ‍්ඤත‍්තියාචනකථාවණ‍්ණනා

විනයපඤ්ඤත්තියාචනකථාවණ්ණනා

ඉදානි ආයස‍්මා උපාලි විනයපඤ‍්ඤත‍්තියා මූලතො පභුති නිදානං දස‍්සෙතුං සාරිපුත‍්තත්‍ථෙරස‍්ස සික‍්ඛාපදපටිසංයුත‍්තං විතක‍්කුප‍්පාදං දස‍්සෙන‍්තො “අථ ඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්සා”තිආදිමාහ. තත්‍ථ රහොගතස‍්සාති රහසි ගතස‍්ස. පටිසල‍්ලීනස‍්සාති සල‍්ලීනස‍්ස එකීභාවං ගතස‍්ස. කතමෙසානන‍්ති අතීතෙසු විපස‍්සීආදීසු බුද‍්ධෙසු කතමෙසං. චිරං අස‍්ස ඨිති, චිරා වා අස‍්ස ඨිතීති චිරට‍්ඨිතිකං. සෙසමෙත්‍ථ උත‍්තානපදත්‍ථමෙව.

දැන් ආයුෂ්මත් උපාලි මහාස්ථවිරයන් වහන්සේ විනය ප්‍රඥප්තියෙහි මුල පටන් නිදානය දක්වනු පිණිස ශාරිපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේගේ ශික්‍ෂාපද ප්‍රතිසංයුක්තවූ චිත්තොත්පාදය දක්වන්නාහු ‘අථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස’ යනාදිය කීහ. එහි ‘රභොගතස්ස’ රහසිගත වූ ජනවිවිකතස්ථානයට පැමිණියාවූ ‘පතිසල්ලීනස්ස’ සැඟවුනු චිත්තවිවෙකයෙන් යුක්තවූ එකලාබවට පැමිණියා වූ ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේට ‘කතමෙසානං’ අතීතයෙහි වූ විදර්ශී ආදීවූ බුදුරජුන් අතුරෙහි කවර බුදුරජුන්ගේ ශාසනයෙහි පැවැත්ම බොහෝ කල්වූයේද, බොහෝකල්යුත් පැවැත්මවීදැයි චිරට්ඨිතික නමි. මෙහි සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

කිං පන ථෙරො ඉමං අත‍්තනො පරිවිතක‍්කං සයං විනිච‍්ඡිනිතුං න සක‍්කොතීති? වුච‍්චතෙ – සක‍්කොති ච න සක‍්කොති ච. අයඤ‍්හි ඉමෙසං නාම බුද‍්ධානං සාසනං න චිරට‍්ඨිතිකං අහොසි, ඉමෙසං චිරට‍්ඨිතිකන‍්ති එත‍්තකං සක‍්කොති විනිච‍්ඡිනිතුං. ඉමිනා පන කාරණෙන න චිරට‍්ඨිතිකං අහොසි, ඉමිනා චිරට‍්ඨිතිකන‍්ති එතං න සක‍්කොති. මහාපදුමත්‍ථෙරො පනාහ – “එතම‍්පි සොළසවිධාය පඤ‍්ඤාය මත්‍ථකං පත‍්තස‍්ස අග‍්ගසාවකස‍්ස න භාරියං, සම‍්මාසම‍්බුද‍්ධෙන පන සද‍්ධිං එකට‍්ඨානෙ වසන‍්තස‍්ස සයං විනිච‍්ඡයකරණං තුලං ඡඩ‍්ඩෙත්‍වා හත්‍ථෙන තුලනසදිසං හොතීති භගවන‍්තංයෙව උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡී”ති. අථස‍්ස භගවා තං විස‍්සජ‍්ජෙන‍්තො “භගවතො ච සාරිපුත‍්ත විපස‍්සිස‍්සා”තිආදිමාහ. තං උත‍්තානත්‍ථමෙව.

කිම? මහාස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේගේ මේ පරිවිතර්‍කය තුමූ විනිශ්චය කරන්නට අපොහොසත් වෙත්දයත්: මෙහිලා කියනු ලැබේ සමර්‍ත්‍ථද අසමර්‍ත්‍ථද වෙත්. මේ මහාස්ථවිරයන් වහන්සේ මෙනම් බුදුරජුන්ගේ ශාසනය කල් නොපවත්නේ වූයේය, මෙනම් බුදුරජුන්ගේ ශාසනය කල් පවත්නේ වූයේය, යන මෙපමණක්ම විනිශ්චය කරන්නට සමර්‍ත්‍ථ වෙත්. මේ කාරණය හේතුකොට කල් නොපවත්නේ වූයේය. මේ කාරණය හේතුකොට කල් පවත්නේ වූයේය, යන මෙය විනිශ්චය කරන්නට සමර්‍ත්‍ථ නොවෙත් මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ වනාහි ‘ෂොඩශවිධ ප්‍රඥාවෙහි මුදුනට පැමිණි අග්‍රශ්‍රාවකයා හට මෙයද බැරෑරුම් නොවේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග එක්තැන වසන්නහුට තමන් විනිශ්චය කිරීම, තරාදිය හැරදමා අතින් කිරීමක් වැනිවේයයි සිතා භාග්‍යවතුන් වහන්සේ කරාම එළඹ විචාළාහුය’යි කීහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මුන්වහන්සේගේ විචාරීම විසඳන සේක් ‘භගවතොච සාරිපුත්ත විපස්සිස්ස’ යනාදිය වදාළ සේක. එය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

පුන ථෙරො කාරණං පුච‍්ඡන‍්තො කො නු ඛො, භන‍්තෙ, හෙතූතිආදිමාහ. තත්‍ථ කො නු ඛො භන‍්තෙති කාරණපුච‍්ඡා , තස‍්ස කතමො නු ඛො භන‍්තෙති අත්‍ථො. හෙතු පච‍්චයොති උභයමෙතං කාරණාධිවචනං; කාරණඤ‍්හි යස‍්මා තෙන තස‍්ස ඵලං හිනොති පවත‍්තති, තස‍්මා හෙතූති වුච‍්චති. යස‍්මා තං පටිච‍්ච එති පවත‍්තති, තස‍්මා පච‍්චයොති වුච‍්චති. එවං අත්‍ථතො එකම‍්පි වොහාරවසෙන ච වචනසිලිට‍්ඨතාය ච තත්‍ර තත්‍ර එතං උභයම‍්පි වුච‍්චති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව.

නැවත මහාස්ථවිරයන් වහන්සේ කරුණු විචාරන්නාහු ‘කො නුඛො භන්තෙ හෙතු’ යනාදිය කීහ. එහි ‘කො නුඛො භන්තෙ’ යනු කරුණු විචාරීමය. ‘ස්වාමීනි! එයට හේතු කවරේද’ යනු එහි අර්‍ත්‍ථයි. හෙතු - පච්චය යන මෙදෙක කාරණයන්හට නමකි. යම්හෙයකින් ඒ කරනකොට ඔහුගේ ඵලය පිහිටුවාද පවත්වාද, එහෙයින් කාරණය හෙතුයි කියනු ලැබේ. යම්හෙයකින් එය නිසා එය ඇසුරු කොට ඒද, පවතීද එහෙයින් ප්‍රත්‍යයයි කියනු ලැබේ. මෙසේ අර්‍ත්‍ථ වශයෙන් එකක් වූයේද, ව්‍යවහාර වශයෙන් වචනයන්ගේ සිලිටිබව පිණිසද ඒ ඒ තන්හි මේ දෙපදයම කියනු ලැබේ. මෙහි සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

ඉදානි තං හෙතුඤ‍්ච පච‍්චයඤ‍්ච දස‍්සෙතුං “භගවා ච සාරිපුත‍්ත විපස‍්සී”තිආදිමාහ. තත්‍ථ කිලාසුනො අහෙසුන‍්ති න ආලසියකිලාසුනො, න හි බුද‍්ධානං ආලසියං වා ඔසන‍්නවීරියතා වා අත්‍ථි. බුද‍්ධා හි එකස‍්ස වා ද‍්වින‍්නං වා සකලචක‍්කවාළස‍්ස වා ධම‍්මං දෙසෙන‍්තා සමකෙනෙව උස‍්සාහෙන ධම‍්මං දෙසෙන‍්ති, න පරිසාය අප‍්පභාවං දිස‍්වා ඔසන‍්නවීරියා හොන‍්ති, නාපි මහන‍්තභාවං දිස‍්වා උස‍්සන‍්නවීරියා. යථා හි සීහො මිගරාජා සත‍්තන‍්නං දිවසානං අච‍්චයෙන ගොචරාය පක‍්කන‍්තො ඛුද‍්දකෙ වා මහන‍්තෙ වා පාණෙ එකසදිසෙනෙව වෙගෙන ධාවති. තං කිස‍්ස හෙතු? “මා මෙ ජවො පරිහායී”ති. එවං බුද‍්ධා අප‍්පකාය වා මහතියා වා පරිසාය සමකෙනෙව උස‍්සාහෙන ධම‍්මං දෙසෙන‍්ති. තං කිස‍්ස හෙතු? “මා නො ධම‍්මගරුතා පරිහායී”ති. ධම‍්මගරුනො හි බුද‍්ධා ධම‍්මගාරවාති.

දැන් ඒ හේතුව හා ප්‍රත්‍යය දක්වනු පිණිස භාග්‍යවතුන් වහන්සේ ‘භගවා ච සාරිපුත්ත විපස්සි’ යනාදිය වදාළ සේක. එහි ‘කිලාසුනො අහෙසුං’ අලස බැවින් උත්සහ රහිත වූවාහු නොවූහ. බුදුවරුන්ට අලසබවක් හෝ පසුබස්නා වැරඇතිබවක් නැත්තේය. බුදුවරයෝ වනාහි එකට හෝ දෙදෙනකුට හෝ සියලු සක්වළ වැසියනට හෝ ධර්‍ම දේශනා කරනසේක් සමවූම උත්සාහයෙන් ධර්‍මදේශනා කෙරෙත්. පිරිසෙහි මදබව බව දැක පසුබස්නා වැර ඇත්තාහු නොවෙත්. පිරිසෙහි මහත්බව දැක වැඩිවැර ඇත්තාහු නොවෙත්. මෘගරාජන් වූ සිංහතෙමේ සත්දවසක්හුගේ ඇවෑමෙන් ගොදුරු පිණිස යනුයේ කුඩාවූ හෝ මහත්වූ ප්‍රාණීන් දැක එක්සමානවූම වේගයෙන් කඩාපනියි. එයට හේතුකිමයත්: ‘මාගේ වේගය නොපිරිහේවා’ යනුයි. එසේ බුදුවරයෝ ස්වල්ප වූ හෝ මහත් වූ පිරිසට සමවූම උත්සාහයෙන් ධර්‍ම දේශනා කෙරෙත්. එයට හේතු කිමයත්: ‘අපගේ ධර්‍මගෞරවය නොපිරිහේවා’ යනුයි. බුදුවරයෝ ධර්‍මය ගරුකොට ගත්තාහුය. ධර්‍මයෙහි ගෞරව ඇත්තාහුය.

යථා පන අම‍්හාකං භගවා මහාසමුද‍්දං පූරයමානො විය විත්‍ථාරෙන ධම‍්මං දෙසෙසි, එවං තෙ න දෙසෙසුං. කස‍්මා? සත‍්තානං අප‍්පරජක‍්ඛතාය. තෙසං කිර කාලෙ දීඝායුකා සත‍්තා අප‍්පරජක‍්ඛා අහෙසුං. තෙ චතුසච‍්චපටිසංයුත‍්තං එකගාථම‍්පි සුත්‍වා ධම‍්මං අභිසමෙන‍්ති, තස‍්මා න විත්‍ථාරෙන ධම‍්මං දෙසෙසුං. තෙනෙව කාරණෙන අප‍්පකඤ‍්ච නෙසං අහොසි සුත‍්තං…පෙ… වෙදල‍්ලන‍්ති. තත්‍ථ සුත‍්තාදීනං නානත‍්තං පඨමසඞ‍්ගීතිවණ‍්ණනායං වුත‍්තමෙව.

යම්සේ වනාහි අපගේ භාග්‍යවතුන් වහන්සේ මහමුහුද පුරවන්නා සේ විස්තර විසින් ධර්‍මය දේශනා කළ සේක්ද, ඒ බුදුවරයෝ මෙසේ ධර්‍මදේශනා නොකළාහුය. කුමක්හෙයින්දයත්: සත්ත්‍වයන්ගේ නුවණෙහි අල්පරජස්කභාවය හේතුකොටය. ඒ බුදුවරුන්ගේ කාලයෙහි දීර්‍ඝායුස්ක වූ සත්ත්‍වයෝ අල්පරජස්ක වූහ. ඒ අල්පරජස්ක සත්ත්‍වයෝ චතුස්සත්‍ය ප්‍රතිසංයුක්ත වූ එක්ගාථාවකුදු අසා ධර්‍මය අවබෝධ කරගනිත්. එහෙයින් විස්තර විසින් ධර්‍මදේශනා නොකළාහුය. ඒ කාරණයෙන්ම ඒ බුදුවරුන්ගේ සූත්‍ර-වෙදල්ල ධර්‍ම ස්වල්ප වූයේය. එහි සූත්‍රාදීන්ගේ නානාභාවය ප්‍රථමසඞ්ගීති වර්‍ණනාවෙහි කියන ලද්දේමය.

අපඤ‍්ඤත‍්තං සාවකානං සික‍්ඛාපදන‍්ති සාවකානං නිද‍්දොසතාය දොසානුරූපතො පඤ‍්ඤපෙතබ‍්බං සත‍්තාපත‍්තික‍්ඛන්‍ධවසෙන ආණාසික‍්ඛාපදං අපඤ‍්ඤත‍්තං. අනුද‍්දිට‍්ඨං පාතිමොක‍්ඛන‍්ති අන්‍වද‍්ධමාසං ආණාපාතිමොක‍්ඛං අනුද‍්දිට‍්ඨං අහොසි. ඔවාදපාතිමොක‍්ඛමෙව තෙ උද‍්දිසිංසු; තම‍්පි ච නො අන්‍වද‍්ධමාසං. තථා හි විපස‍්සී භගවා ඡන‍්නං ඡන‍්නං වස‍්සානං සකිං සකිං ඔවාදපාතිමොක‍්ඛං උද‍්දිසි; තඤ‍්ච ඛො සාමංයෙව. සාවකා පනස‍්ස අත‍්තනො අත‍්තනො වසනට‍්ඨානෙසු න උද‍්දිසිංසු. සකලජම‍්බුදීපෙ එකස‍්මිංයෙව ඨානෙ බන්‍ධුමතියා රාජධානියා ඛෙමෙ මිගදායෙ විපස‍්සිස‍්ස භගවතො වසනට‍්ඨානෙ සබ‍්බොපි භික‍්ඛුසඞ‍්ඝො උපොසථං අකාසි. තඤ‍්ච ඛො සඞ‍්ඝුපොසථමෙව; න ගණුපොසථං, න පුග‍්ගලුපොසථං, න පාරිසුද‍්ධිඋපොසථං, න අධිට‍්ඨානුපොසථං.

‘අපඤ්ඤත්තං සාවකානං සික්‍ඛාපදං’ ශ්‍රාවකයන් පිළිබඳ වස්තුව්‍යතික්‍රමයන්ගේ අභාවයෙන් වූ නිර්දොෂභාවය හේතුකොට දොෂයන්ට අනුරූප වශයෙන් පැනවියයුතු වූ සප්තාපත්ති ස්කන්‍ධයන්ගේ වශයෙන් පැවති ආඥාශික්‍ෂාපද නොපනවන ලද්දේය. ‘අනුද්දිට්ඨං පාතිමොක්‍ඛං’ අඩමසක් පාසා ආඥාප්‍රාතිමොක්‍ෂය නොඋදෙසන ලද්දේ වූයේය. ඒ බුදුවරයෝ අවවාද ප්‍රාතිමොක්‍ෂයම උදෙසූහ. එදා අඩමසක් පාසා නොවේ. ඒ එසේමය. විදර්ශී භාග්‍යවතුන් වහන්සේ සාවුරුද්ද සාවුරුද්ද ඇවෑමෙන් එක් එක්වර, සාවුරුද්දට එක්වරක් අවවාද ප්‍රාතිමොක්‍ෂය තමන්වහන්සේම උදෙසූ සේක. මුන්වහන්සේගේ ශ්‍රාවකයෝ වනාහි තමතමන් වසන තන්හිදු නොඋදෙසූහ. සියලු දඹදිව එක්තැන බන්‍ධුමතී රාජධානියෙහි ක්‍ෂෙම නම් මෘගදායයෙහි විදර්ශී භාග්‍යවතුන් වහන්සේගේ වාසස්ථානයෙහිදී සියලු භික්‍ෂු සඞ්ඝතෙමේ පොහොය කෙළේය. ඒ ද සඞ්ඝුපොසථයමය. ගණූපොසථය නොකෙළේය. පුග්ගලුපොසථය නොකෙළේය. පාරිසුද්ධිඋපොසථය නොකෙළේය. අධිට්ඨානූපොසථය නොකෙළේය.

තදා කිර ජම‍්බුදීපෙ චතුරාසීතිවිහාරසහස‍්සානි හොන‍්ති. එකමෙකස‍්මිං විහාරෙ අබ‍්බොකිණ‍්ණානි දසපි වීසතිපි භික‍්ඛුසහස‍්සානි වසන‍්ති, භිය්‍යොපි වසන‍්ති. උපොසථාරොචිකා දෙවතා තත්‍ථ තත්‍ථ ගන‍්ත්‍වා ආරොචෙන‍්ති – “මාරිසා, එකං වස‍්සං අතික‍්කන‍්තං, ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච වස‍්සානි අතික‍්කන‍්තානි, ඉදං ඡට‍්ඨං වස‍්සං, ආගාමිනියා පුණ‍්ණමාසියා බුද‍්ධදස‍්සනත්‍ථං උපොසථකරණත්‍ථඤ‍්ච ගන‍්තබ‍්බං! සම‍්පත‍්තො වො සන‍්නිපාතකාලො”ති. තතො සානුභාවා භික‍්ඛූ අත‍්තනො අත‍්තනො ආනුභාවෙන ගච‍්ඡන‍්ති, ඉතරෙ දෙවතානුභාවෙන. කථං? තෙ කිර භික‍්ඛූ පාචීනසමුද‍්දන‍්තෙ වා පච‍්ඡිමඋත‍්තරදක‍්ඛිණසමුද‍්දන‍්තෙ වා ඨිතා ගමියවත‍්තං පූරෙත්‍වා පත‍්තචීවරමාදාය “ගච‍්ඡාමා”ති චිත‍්තං උප‍්පාදෙන‍්ති; සහ චිත‍්තුප‍්පාදා උපොසථග‍්ගං ගතාව හොන‍්ති. තෙ විපස‍්සිං සම‍්මාසම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා නිසීදන‍්ති. භගවාපි සන‍්නිසින‍්නාය පරිසාය ඉමං ඔවාදපාතිමොක‍්ඛං උද‍්දිසති.

ඒ කාලයෙහි දඹදිව අසූහාරදහසක් විහාර විය. එක් එක් විහාරයෙහි විසභාග පුද්ගලයන් හා මිශ්‍රනොවූ එක්නොවූ දසදහස් විසිදහස් ගණන් භික්‍ෂූහු වාසය කරත්. එයට වැඩිතරම්වූද භික්‍ෂූහු වෙසෙත්. උපොසථය සැලකරන දෙවියෝ ඒ ඒ තැන ගොස් ‘නිදුකාණෙනි! එක්වසක් ඉක්මගියේය, දෙවසක්, තෙවසක්, සිවුවසක්, පස්වසක් ඉක්ම ගියේය, මේ සවන වසය, එන පුන්පසළොස්වක බුදුරජුන් දැකීම පිණිසද, පොහොය කරනු පිණිසද, යායුතුය. ඔබවහන්සේලාගේ සන්නිපාත කාලය පැමිණ සිටියේය’යි සැලකෙරෙත්. එයින් පසු සෘද්ධ්‍යනුභාව සහිත වූ භික්‍ෂූන් වහන්සේ පැදුම්දෙස මුහුදුකෙළවර පිහිටි පෙදෙස්හිද, පැසුළු, උතුරු, දකුණුදෙස මුහුදුකෙළවර පිහිටි පෙදෙස්හිද, සිටියාහු, ගමිකවත් පුරා පාසිවුරු ගෙන යමු’යි සිත් උපදවත්. සිත් ඉපදවීම සමගම පොහොය කරන තැනට ගියාහුම වෙති. ඔවුහු එහි විදර්ශී සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මනාකොට වැඳ හිඳගනිත්. භාග්‍යවතුන් වහන්සේද රැස්වහුන් පිරිසෙහි මේ අවවාදප්‍රාතිමොක්‍ෂය උදෙසන සේක:

“ඛන‍්තී පරමං තපො තිතික‍්ඛා; නිබ‍්බානං පරමං වදන‍්ති බුද‍්ධා; න හි පබ‍්බජිතො පරූපඝාතී; න සමණො හොති පරං විහෙඨයන‍්තො.

‘ඛන්තීපරමං තපො තිතික්‍ඛා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා, න හි පබ්බජිතො පරූපඝාතී සමණා හොති පරං විහෙඨයන්තො

“සබ‍්බපාපස‍්ස අකරණං, කුසලස‍්ස උපසම‍්පදා; සචිත‍්තපරියොදපනං, එතං බුද‍්ධාන සාසනං.

සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්තපරියොදපනං එතං බුද්ධානසාසනං

“අනුපවාදො අනුපඝාතො, පාතිමොක‍්ඛෙ ච සංවරො; මත‍්තඤ‍්ඤුතා ච භත‍්තස‍්මිං, පන‍්තඤ‍්ච සයනාසනං; අධිචිත‍්තෙ ච ආයොගො, එතං බුද‍්ධාන සාසන”න‍්ති. (දී· නි· 2.90; ධ· ප· 183-185);

අනුපවාදො අනුපඝාතො පාතිමොක්‍ඛෙ ච සංවරො, මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තඤ්ච සයනාසනං, අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධානසාසනං’ යි

එතෙනෙව උපායෙන ඉතරෙසම‍්පි බුද‍්ධානං පාතිමොක‍්ඛුද‍්දෙසො වෙදිතබ‍්බො. සබ‍්බබුද‍්ධානඤ‍්හි ඉමා තිස‍්සොව ඔවාදපාතිමොක‍්ඛගාථායො හොන‍්ති. තා දීඝායුකබුද‍්ධානං යාව සාසනපරියන‍්තා උද‍්දෙසමාගච‍්ඡන‍්ති; අප‍්පායුකබුද‍්ධානං පඨමබොධියංයෙව. සික‍්ඛාපදපඤ‍්ඤත‍්තිකාලතො පන පභුති ආණාපාතිමොක‍්ඛමෙව උද‍්දිසීයති. තඤ‍්ච ඛො භික‍්ඛූ එව උද‍්දිසන‍්ති, න බුද‍්ධා. තස‍්මා අම‍්හාකම‍්පි භගවා පඨමබොධියං වීසතිවස‍්සමත‍්තමෙව ඉදං ඔවාදපාතිමොක‍්ඛං උද‍්දිසි. අථෙකදිවසං පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ නිසින‍්නො භික‍්ඛූ ආමන‍්තෙසි – “න දානාහං, භික‍්ඛවෙ, ඉතො පරං උපොසථං කරිස‍්සාමි පාතිමොක‍්ඛං උද‍්දිසිස‍්සාමි, තුම‍්හෙව දානි භික‍්ඛවෙ ඉතො පරං උපොසථං කරෙය්‍යාථ, පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍යාථ. අට‍්ඨානමෙතං, භික‍්ඛවෙ, අනවකාසො යං තථාගතො අපරිසුද‍්ධාය පරිසාය උපොසථං කරෙය්‍ය, පාතිමොක‍්ඛං උද‍්දිසෙය්‍යා”ති (චූළව· 386). තතො පට‍්ඨාය භික‍්ඛූ ආණාපාතිමොක‍්ඛං උද‍්දිසන‍්ති. ඉදං ආණාපාතිමොක‍්ඛං තෙසං අනුද‍්දිට‍්ඨං අහොසි. තෙන වුත‍්තං – “අනුද‍්දිට‍්ඨං පාතිමොක‍්ඛ”න‍්ති.

මේ උපායෙන්ම අන් බුදුවරයන්ගේද ප්‍රාතිමොක්‍ෂොද්දෙශය දතයුතුය. මේ ගාථා තුනම සියලු බුදුවරයන්ගේ අවවාදප්‍රාතිමොක්‍ෂ ගාථාය. ඒ ගාථා දීර්‍ඝායුෂ්ක වූ බුදුවරයන්ගේ සසුන් කෙළවර තෙක් උදෙසීමට එන්නේය. අල්පායුෂ්ක වූ බුදුවරයන්ගේ ප්‍රථම බෝධියෙහිම උදෙසනු ලබත්. ශික්‍ෂාපදප්‍රඥප්ති කාලයෙහි පටන් ආඥාප්‍රාතිමොක්‍ෂයම උදෙසනු ලැබේ. ඒද භික්‍ෂූහුම උදෙසත්. බුදුවරයෝ නොඋදෙසත්. එහෙයින් අපගේ භාග්‍යවතුන් වහන්සේද, ප්‍රථම බෝධියෙහි විසිවසක් පමණම මේ අවවාදප්‍රාතිමොක්‍ෂය උදෙසූ සේක. නැවත, එක් දවසක් පූර්‍වාරාමයෙහි මෘගාරිමාතෘ ප්‍රාසාදයෙහි වැඩහුන්සේක් ‘මහණෙනි! දැන් මම මෙයින් මතු පොහොය නොකරන්නෙමි, ප්‍රාතිමොක්‍ෂය නොඋදෙසන්නෙමි, මහණෙනි! තෙපිම දැන් මෙයින් මතු පොහොය කරවු, පාමොක් උදෙසවූ, මහණෙනි! තථාගතතෙමේ යම්කරුණක් හේතුකොට අපිරිසිදු පිරිසෙහි පොහොය කරන්නේද, පාමොක් උදෙසන්නේද, යන යමක්වේද, මෙය හේතු රහිතය, ප්‍රත්‍යය රහිතය’යි භික්‍ෂූන් ඇමතු සේක. එතැන් පටන් භික්‍ෂූහු, ආඥාප්‍රාතිමොක්‍ෂය උදෙසත්. මේ ආඥාප්‍රාතිමොක්‍ෂය නොඋදෙසන ලද්දේ වූයේය. එහෙයින් ‘අනුදිට්ඨං පාතිමොක්‍ඛං’ යන වදාරණ ලද්දේය.

තෙසං බුද‍්ධානන‍්ති තෙසං විපස‍්සීආදීනං තිණ‍්ණං බුද‍්ධානං. අන‍්තරධානෙනාති ඛන්‍ධන‍්තරධානෙන; පරිනිබ‍්බානෙනාති වුත‍්තං හොති. බුද‍්ධානුබුද‍්ධානන‍්ති යෙ තෙසං බුද‍්ධානං අනුබුද‍්ධා සම‍්මුඛසාවකා තෙසඤ‍්ච ඛන්‍ධන‍්තරධානෙන. යෙ තෙ පච‍්ඡිමා සාවකාති යෙ තෙසං සම‍්මුඛසාවකානං සන‍්තිකෙ පබ‍්බජිතා පච‍්ඡිමා සාවකා. නානානාමාති “බුද‍්ධරක‍්ඛිතො, ධම‍්මරක‍්ඛිතො”තිආදි නාමවසෙන විවිධනාමා. නානාගොත‍්තාති “ගොතමො, මොග‍්ගල‍්ලානො”තිආදි ගොත‍්තවසෙන විවිධගොත‍්තා. නානාජච‍්චාති “ඛත‍්තියො, බ්‍රාහ‍්මණො”තිආදිජාතිවසෙන නානාජච‍්චා. නානාකුලා පබ‍්බජිතාති ඛත‍්තියකුලාදිවසෙ නෙව උච‍්චනීචඋළාරුළාරභොගාදිකුලවසෙන වා විවිධකුලා නික‍්ඛම‍්ම පබ‍්බජිතා.

‘තෙසං බුද්ධානං’ ඒ විදර්ශී ආදී තුන්බුදුවරයන්ගේ ‘අන්තරධානෙන’ ස්කන්‍ධයන්ගේ අතුරුදහන් වීමෙන් පිරිනිවීමෙනැයි වදාරණ ලද්දේ වේ. ‘බුද්ධානුබුද්ධානං’ ඒ බුදුවරයන්ගේ යම් අනුබුද්ධ වූ සම්මුඛ ශ්‍රාවකයෝ වෙත්ද, ඒ සම්මුඛ ශ්‍රාවකයන්ගේද ස්කන්‍ධයන්ගේ අතුරුදහන් වීමෙන් ‘යෙ තෙ පච්ඡිමා සාවකා’ ඒ සම්මුඛ ශ්‍රාවකයන්ගේ සමීපයෙහි පැවිදි වූ යම් පශ්චිම ශ්‍රාවකයෝ වෙත්ද, නානා නාමා බුද්ධරක්‍ඛිත, ධම්මරක්‍ඛිත යනාදි නාම වසයෙන් නන්වැදෑරුම් නම් ඇති, නානා ගොත්තා ගෞතම, මොග්ගල්ලාන යනාදි ගොත්‍ර වසයෙන් නන්වැදෑරුම් ගොත් ඇති, ‘නානා ජච්චා’ ඛත්තිය - බ්‍රාහ්මණ යනාදි ජාති වශයෙන් නන්වැදෑරුම් ජාති ඇති ‘නානා කුලා පබ්බජිතා’ ක්‍ෂත්‍රියකුලාදි වශයෙන් හෝ උස්පහත් අතිමහත් භොගාදි කුල වශයෙන් හෝ නන්වැදෑරුම් වූ කුලයන්ගෙන් නික්ම පැවිදි වූ,

තෙ තං බ්‍රහ‍්මචරියන‍්ති තෙ පච‍්ඡිමා සාවකා යස‍්මා එකනාමා එකගොත‍්තා එකජාතිකා එකකුලා පබ‍්බජිතා “අම‍්හාකං සාසනං තන‍්ති පවෙණී”ති අත‍්තනො භාරං කත්‍වා බ්‍රහ‍්මචරියං රක‍්ඛන‍්ති, චිරං පරියත‍්තිධම‍්මං පරිහරන‍්ති. ඉමෙ ච තාදිසා න හොන‍්ති. තස‍්මා අඤ‍්ඤමඤ‍්ඤං විහෙඨෙන‍්තා විලොමං ගණ‍්හන‍්තා “අසුකො ථෙරො ජානිස‍්සති, අසුකො ථෙරො ජානිස‍්සතී”ති සිථිලං කරොන‍්තා තං බ්‍රහ‍්මචරියං ඛිප‍්පඤ‍්ඤෙව අන‍්තරධාපෙසුං, සඞ‍්ගහං ආරොපෙත්‍වා න රක‍්ඛිංසු. සෙය්‍යථාපීති තස‍්සත්‍ථස‍්ස ඔපම‍්මනිදස‍්සනං. විකිරතීති වික‍්ඛිපති. විධමතීති ඨානන‍්තරං නෙති. විද‍්ධංසෙතීති ඨිතට‍්ඨානතො අපනෙති. යථා තං සුත‍්තෙන අසඞ‍්ගහිතත‍්තාති යථා සුත‍්තෙන අසඞ‍්ගහිතත‍්තා අගන්‍ථිතත‍්තා අබද‍්ධත‍්තා එවං විකිරති යථා සුත‍්තෙන අසඞ‍්ගහිතානි විකිරියන‍්ති, එවං විකිරතීති වුත‍්තං හොති. එවමෙව ඛොති ඔපම‍්මසම‍්පටිපාදනං. අන‍්තරධාපෙසුන‍්ති වග‍්ගසඞ‍්ගහ-පණ‍්ණාසසඞ‍්ගහාදීහි අසඞ‍්ගණ‍්හන‍්තා යං යං අත‍්තනො රුච‍්චති, තං තදෙව ගහෙත්‍වා සෙසං විනාසෙසුං අදස‍්සනං නයිංසු.

‘තෙ තං බ්‍රහ්මචරියං’ ඒ පශ්චිම ශ්‍රාවකයෝ යම්හෙයකින් එක් නම් ඇත්තාහු, එක් ගොත් ඇත්තාහු, එක් ජාති ඇත්තාහු, එක් කුලයෙන් නික්ම පැවිදිවූවාහු ‘අපගේ ශාසනය, අපගේ ශාසනතන්තිය, අපගේ ශාසනප්‍රවේණි යයි තමන් භාරයට ගෙන බ්‍රහ්මචර්‍ය්‍යය රකින්නාහුද බොහෝකාලයක් පර්‍ය්‍යාප්ති ධර්‍මය පරිහරණය කරත්ද, මොවුහුද එබඳු වූවාහු නොවෙත්. එහෙයින් ඔවුනොවුන් වෙහෙසනුවෝ විලොම්ව ගන්නාහු ‘අසුවල් ස්ථවිරතෙමේ දන්නේය, අසුවල් ස්ථවිරතෙමේ දන්නේ යයි සිථිල කරන්නාහු ඒ බ්‍රහ්මචර්‍ය්‍යය වහාම අතුරුදහන් කරවූහ. සඞ්ග්‍රහයට නගා නොරැක්කාහුය. ‘සෙය්‍යථාපි’ යනු ඒ අර්‍ත්‍ථය පිළිබඳ උපමා දැක්වීමය. ‘විකිරති’ විසුරුවයි. ‘විධමති’ අන්තැනට පමණුවයි. ‘විද්ධංසෙති’ තුබූ තැනින් පහකරයි. ‘යථා තං සුත්තෙන අසඞ්ගහිතත්තා’ යම්සේ හුයෙන් නොගොතන ලද බැවින් නොබඳින ලද බැවින් මෙසේ විසිරේද, හුයෙන් සඞ්ග්‍රහ නොකරන ලද්දාහු යම්සේ විසිරෙනු ලැබෙත්ද, මෙසේ විසිරේ යයි වදාරණ ලද්දේය. ‘එවමෙව ඛො’ යනු උපමා පිළියෙල කිරීමය. ‘අන්තරධාපෙසුං’ වර්‍ගසඞ්ග්‍රහ පණ්ණාස සඞ්ග්‍රහාදීන් විසින් සඞ්ග්‍රහ නොකරන්නාහු තමාට යමක් යමක් රුස්නේද, ඒ ඒම ගෙන සෙස්ස වැනසූහ. නොදැක්මට පැමිණවූහ.

අකිලාසුනො ච තෙ භගවන‍්තො අහෙසුං සාවකෙ චෙතසා චෙතො පරිච‍්ච ඔවදිතුන‍්ති අපිච සාරිපුත‍්ත තෙ බුද‍්ධා අත‍්තනො චෙතසා සාවකානං චෙතො පරිච‍්ච පරිච‍්ඡින්‍දිත්‍වා ඔවදිතුං අකිලාසුනො අහෙසුං, පරචිත‍්තං ඤත්‍වා අනුසාසනිං න භාරියතො න පපඤ‍්චතො අද‍්දසංසු. භූතපුබ‍්බං සාරිපුත‍්තාතිආදි තෙසං අකිලාසුභාවප‍්පකාසනත්‍ථං වුත‍්තං. භිංසනකෙති භයානකෙ භයජනනකෙ. එවං විතක‍්කෙථාති නෙක‍්ඛම‍්මවිතක‍්කාදයො තයො විතක‍්කෙ විතක‍්කෙථ. මා එවං විතක‍්කයිත්‍ථාති කාමවිතක‍්කාදයො තයො අකුසලවිතක‍්කෙ මා විතක‍්කයිත්‍ථ. එවං මනසි කරොථාති “අනිච‍්චං දුක‍්ඛමනත‍්තා අසුභ”න‍්ති මනසි කරොථ. මා එවං මනසා කත්‍ථාති “නිච‍්චං සුඛං අත‍්තා සුභ”න‍්ති මා මනසි අකරිත්‍ථ. ඉදං පජහථාති අකුසලං පජහථ. ඉදං උපසම‍්පජ‍්ජ විහරථාති කුසලං උපසම‍්පජ‍්ජ පටිලභිත්‍වා නිප‍්ඵාදෙත්‍වා විහරථ.

‘අකිලාසුනො ච තෙ භගවන්තො අහෙසුං සාවකෙ චෙතසා චෙතො පරිච්ච ඔවදිතුං’ තවද, ශාරිපුත්‍ර! ඒ බුදුවරයෝ තමන්ගේ සිතින් ශ්‍රාවකයන්ගේ සිත දැන, පිරිසිඳ අවවාද කරන්නට උත්සාහ සහිත වූහ. උත්සාහ නැත්තාහු නොවූහ. පරසිත් දැන කරන අනුශාසනාව බැරෑරුම් නොවන බැවින් විස්තර විසින් නොදුටහ. ‘භූතපුබ්බං සාරිපුත්ත’ යනාදිය උන්වහන්සේලාගේ උත්සාහයෙන් නොතොරබව පවසනු පිණිස වදාරණ ලදී. ‘හිංසනකෙ’ භයානක වූ බිය උපදවන්නා වූ ‘එවං විතක්කෙථ’ නෛෂ්ක්‍රම්‍ය විර්‍තකාදී වූ ත්‍රිවිධ විතර්‍කයන් විතර්‍කණය කරවු. ‘මා එවං විතක්කයිත්‍ථ’ කාමවිතර්‍කාදී වූ ත්‍රිවිධ අකුශල විතර්‍කයන් විතර්‍කණය නොකරවු. ‘එවං මනසි කරොථ’ අනිත්‍යය, දුඃඛය, අනාත්මය, අශුභයයි මෙනෙහි කරවු ‘මා එවං මනසාකත්‍ථ’ නිත්‍යය, සුඛය, ආත්මය, ශුභයයි මෙනෙහි නොකරවු. ‘ඉදං පජහථ’ මේ අකුශලය දුරුකරවු. ‘ඉදං උපසම්පජ්ජ විහරථ’ කුශලයට පැමිණ කුශලය පිළිලැබ කුශලය නිපදවා වසවු.

අනුපාදාය ආසවෙහි චිත‍්තානි විමුච‍්චිංසූති අග‍්ගහෙත්‍වා විමුච‍්චිංසු. තෙසඤ‍්හි චිත‍්තානි යෙහි ආසවෙහි විමුච‍්චිංසු, න තෙ තානි ගහෙත්‍වා විමුච‍්චිංසු. අනුප‍්පාදනිරොධෙන පන නිරුජ‍්ඣමානා අග‍්ගහෙත්‍වා විමුච‍්චිංසු. තෙන වුත‍්තං – “අනුපාදාය ආසවෙහි චිත‍්තානි විමුච‍්චිංසූ”ති. සබ‍්බෙපි තෙ අරහත‍්තං පත්‍වා සූරියරස‍්මිසම‍්ඵුට‍්ඨමිව පදුමවනං විකසිතචිත‍්තා අහෙසුං. තත්‍ර සුදං සාරිපුත‍්ත භිංසනකස‍්ස වනසණ‍්ඩස‍්ස භිංසනකතස‍්මිං හොතීති තත්‍රාති පුරිමවචනාපෙක‍්ඛං; සුදන‍්ති පදපූරණමත‍්තෙ නිපාතො; සාරිපුත‍්තාති ආලපනං. අයං පනෙත්‍ථ අත්‍ථයොජනා – තත්‍රාති යං වුත‍්තං “අඤ‍්ඤතරස‍්මිං භිංසනකෙ වනසණ‍්ඩෙ”ති, තත්‍ර යො සො භිංසනකොති වනසණ‍්ඩො වුත‍්තො, තස‍්ස භිංසනකස‍්ස වනසණ‍්ඩස‍්ස භිංසනකතස‍්මිං හොති, භිංසනකිරියාය හොතීති අත්‍ථො. කිං හොති? ඉදං හොති – යො කොචි අවීතරාගො…පෙ… ලොමානි හංසන‍්තීති.

‘අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු’ අරමුණු වසයෙන් නොගෙන මිදුනාහ. ඔවුන්ගේ සිත් යම් ආස්‍රව කෙනෙකුන්ගෙන් මිදුනේද, ඔවුහු ඒ ආස්‍රවයන් අරමුණු වසයෙන් නොගෙන මිදුනාහ. අනුත්පාද නිරොධයෙන් වනාහි නිරුද්ධ වන්නාහ. ආස්‍රවයන් අරමුණු වසයෙන් නොගෙනම මිදුනාහ. ‘අනුපාදාය ආසෙවෙහි විත්තානි විමුච්චිංසු’ යනු එහෙයින් වදාරණ ලදී. ඒ සියල්ලෝම රහත්බවට පැමිණියාහු, හිරු රැසින් මොනවට පවසන ලද පියුම් වනයක් මෙන් පිබිදි සිත් ඇත්තෝ වූහ. ‘තත්‍ර සුදං සාරිපුත්ත හිංසනතස්ස හිංසනකතස්මිං හොති’ යන මෙහි ‘තත්‍ර’ යනු පූර්‍වවචනාපෙක්‍ෂායි. ‘සුදං’ යනු පරපූරණ මාත්‍රයෙහි නිපාතයි. ‘සාරිපුත්ත’ යනු ආමන්ත්‍රණයි. මේ වනාහි මෙහි අර්‍ත්‍ථ යොජනාය: ‘එක්තරා බිහිසුනු වනලැහැබකැ’යි යමක් වදාරණ ලදද, එහි යම් ඒ වනලැහැබක් බිහිසුනුයි වදාරන ලද්දේද, ඒ බිහිසුනු වනලැහැබෙහි බිහිසුනුබව වේ. හිංසන ක්‍රියාවෙන් වේය, යන අර්‍ත්‍ථයි. කුමක් වේදයත්: ‘නොපහවූ රාග ඇති යම්කිසිවෙක්වේද -පෙ- ලොමු දැහැගනියි, යන මෙය වන්නේය

අථ වා තත්‍රාති සාමිඅත්‍ථෙ භුම‍්මං. සුඉති නිපාතො; “කිං සු නාම තෙ භොන‍්තො සමණබ්‍රාහ‍්මණා”තිආදීසු (ම· නි· 1.469) විය. ඉදන‍්ති අධිප‍්පෙතමත්‍ථං පච‍්චක‍්ඛං විය කත්‍වා දස‍්සනවචනං. සුඉදන‍්ති සුදං, සන්‍ධිවසෙන ඉකාරලොපො වෙදිතබ‍්බො. “චක‍්ඛුන්‍ද්‍රියං, ඉත්‍ථින්‍ද්‍රියං, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං (විභ· 219), “කිං සූධ විත‍්ත”න‍්තිආදීසු (සං· නි· 1.73, 246; සු· නි· 183) විය. අයං පනෙත්‍ථ අත්‍ථයොජනා – තස‍්ස සාරිපුත‍්ත භිංසනකස‍්ස වනසණ‍්ඩස‍්ස භිංසනකතස‍්මිං ඉදංසු හොති. භිංසනකතස‍්මින‍්ති භිංසනකභාවෙති අත්‍ථො. එකස‍්ස තකාරස‍්ස ලොපො දට‍්ඨබ‍්බො. භිංසනකත‍්තස‍්මින‍්තියෙව වා පාඨො. “භිංසනකතාය” ඉති වා වත‍්තබ‍්බෙ ලිඞ‍්ගවිපල‍්ලාසො කතො. නිමිත‍්තත්‍ථෙ චෙතං භුම‍්මවචනං, තස‍්මා එවං සම‍්බන්‍ධො වෙදිතබ‍්බො – භිංසනකභාවෙ ඉදංසු හොති, භිංසනකභාවනිමිත‍්තං භිංසනකභාවහෙතු භිංසනකභාවපච‍්චයා ඉදංසු හොති. යො කොචි අවීතරාගො තං වනසණ‍්ඩං පවිසති, යෙභුය්‍යෙන ලොමානි හංසන‍්තීති බහුතරානි ලොමානි හංසන‍්ති උද‍්ධං මුඛානි සූචිසදිසානි කණ‍්ටකසදිසානි ච හුත්‍වා තිට‍්ඨන‍්ති, අප‍්පානි න හංසන‍්ති. බහුතරානං වා සත‍්තානං හංසන‍්ති. අප‍්පකානං අතිසූරපුරිසානං න හංසන‍්ති.

නොහොත් ‘තත්‍ර’ යනු සම්බන්‍ධාර්‍ත්‍ථයෙහි සප්තමී වචනයි. ‘සු’ යනු නිපාතයි. ‘කිංසූ නාම තෙ භොන්තො සමණ බ්‍රාහ්මණා’ යනාදි තන්හි මෙනි. ‘ඉදං’ යනු අභිමතාර්‍ත්‍ථය ප්‍රත්‍යක්‍ෂ වූවක් මෙන් කොට දැක්වීමෙහිලා යෙදෙන වචනයි. ‘සු+ඉදං’ යනු ‘සුදං’යි වේ. සන්‍ධි වශයෙන් ඉකාරලොපය දතයුතුය. ‘චක්‍ඛුන්‍ද්‍රීයං ඉත්‍ථින්‍ද්‍රියං අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියං, කිංසූධ විත්තං’ යනාදි තන්හි මෙනි. මේ මෙහි අර්‍ත්‍ථයොජනාය: ‘ශාරිපුත්‍ර, ඒ බිහිසුනු වනලැහැබෙහි බිහිසුනු බවෙහිදී මේ වන්නේය. ‘භිංසනකතස්මිං’ බිහිසුනු බවෙහි යන අරුත්ය. එක් තකාරයක ලෝපය දතයුතුය. ‘භිංසනකත්තස්මිං’ කියාම හෝ පාඨය වේ. ‘භිංසනකතාය’යි හෝ කියයුත්තෙහි ලිඞ්ග විපර්‍ය්‍යාසය කරන ලද්දේය. මෙහි නිමිත්තාර්‍ත්‍ථයෙහිද සප්තමී වචනයි. එහෙයින් ‘භිංසනකභාවෙ ඉදංසු හොති’යි සම්බන්‍ධය දතයුතුය. බිහිසුනු බව නිමිතිකොට, බිහිසුනුබව හේතුකොට, හිංසනකභාව ප්‍රත්‍යයයෙන් මේ වන්නේය. ‘යො කොචි අවීතරාගො තං වනසණ්ඩං පවිසති යෙභූය්‍යෙන ලොමාති හංසන්ති’ ඉතා බොහෝ වූ රෝම දහගනී. උඩුහුරුමුව ඇතිවද, හිදි වැනිවද, කටු වැනිවද සිටගනී. ස්වල්පයක් රෝම දහනොගනී. ඉතාබොහෝ සත්ත්‍වයන්ගේ හෝ රෝම දහනොගනී. ඉතාබොහෝ සත්ත්‍වයන්ගේ හෝ රෝම දහගනී. ස්වල්ප ගණනක් අතිසූර පුරුෂයන්ගේ රෝම දහනොගනී.

ඉදානි අයං ඛො, සාරිපුත‍්ත, හෙතූතිආදි නිගමනං. යඤ‍්චෙත්‍ථ අන‍්තරන‍්තරා න වුත‍්තං, තං උත‍්තානත්‍ථමෙව. තස‍්මා පාළික‍්කමෙනෙව වෙදිතබ‍්බං. යං පන වුත‍්තං න චිරට‍්ඨිතිකං අහොසීති, තං පුරිසයුගවසෙන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. වස‍්සගණනාය හි විපස‍්සිස‍්ස භගවතො අසීතිවස‍්සසහස‍්සානි ආයු, සම‍්මුඛසාවකානම‍්පිස‍්ස තත‍්තකමෙව. එවමස‍්ස ය‍්වායං සබ‍්බපච‍්ඡිමකො සාවකො, තෙන සහ ඝටෙත්‍වා සතසහස‍්සං සට‍්ඨිමත‍්තානි ච වස‍්සසහස‍්සානි බ්‍රහ‍්මචරියං අට‍්ඨාසි. පුරිසයුගවසෙන පන යුගපරම‍්පරාය ආගන‍්ත්‍වා ද‍්වෙයෙව පුරිසයුගානි අට‍්ඨාසි. තස‍්මා න චිරට‍්ඨිතිකන‍්ති වුත‍්තං. සිඛිස‍්ස පන භගවතො සත‍්තතිවස‍්සසහස‍්සානි ආයු. සම‍්මුඛසාවකානම‍්පිස‍්ස තත‍්තකමෙව. වෙස‍්සභුස‍්ස භගවතො සට‍්ඨිවස‍්සසහස‍්සානි ආයු. සම‍්මුඛසාවකානම‍්පිස‍්ස තත‍්තකමෙව. එවං තෙසම‍්පි යෙ සබ‍්බපච‍්ඡිමකා සාවකා තෙහි සහ ඝටෙත්‍වා සතසහස‍්සතො උද‍්ධං චත‍්තාලීසමත‍්තානි වීසතිමත‍්තානි ච වස‍්සසහස‍්සානි බ්‍රහ‍්මචරියං අට‍්ඨාසි. පුරිසයුගවසෙන පන යුගපරම‍්පරාය ආගන‍්ත්‍වා ද‍්වෙ ද‍්වෙයෙව පුරිසයුගානි අට‍්ඨාසි. තස‍්මා න චිරට‍්ඨිතිකන‍්ති වුත‍්තං.

දැන් ‘අයං ඛො සාරිපුත්ත හෙතු’ යනාදිය නිගමනය වේ. මෙහි අතරතුර යමක් නොකියන ලදද, එය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. එහෙයින් එය පෙළෙහි ආ ලෙසින්ම දතයුතුය. ‘න චිරට්ඨිතිකං අහොසි’යි යමක් වදාරන ලදද එය පුරුෂයුග වශයෙන් වදාරන ලදැයි දතයුතුය. දවස් ගණනින් වනාහි විදර්ශී භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු අසූදහසකි. උන්වහන්සේගේ සම්මුඛ ශ්‍රාවකයන්ගේද ආයුෂය එපමණම වේ. මෙසේ මුන්වහන්සේගේ යම් සර්‍වපශ්චිමක ශ්‍රාවකයෙක් වූයේද, උන්වහන්සේ හා එක්කොට අවුරුදු එක්ලක්‍ෂ හැටදහසක් පමණ කල් බ්‍රහ්මචර්‍ය්‍යය පැවැත්තේය. පුරුෂයුග වශයෙන් වනාහි යුග පරම්පරාවෙන් අවුත්, පුරුෂයුග දෙකක්ම බ්‍රහ්මචර්‍ය්‍යය පැවැත්තේය. එහෙයින් චිරට්ඨිතික නොවූයේයයි වදාරණ ලදී. සිඛී භාග්‍යවතුන් වහන්සේගේ වනාහි ආයුෂය අවුරුදු සැත්තෑදහසෙහි මුන්වහන්සේගේ සම්මුඛ ශ්‍රාවකයන්ගේද ආයුෂය එපමණම වේ. විශ්වභු භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු සැටදහසෙකි. මුන්වහන්සේගේ සම්මුඛ ශ්‍රාවකයන්ගේද ආයුෂය එපමණම වේ. මෙසේ උන්වහන්සේලාගේද යම් සර්‍වපශ්චිමක ශ්‍රාවකයෝ වෙත්ද ඔවුන් හා එක්කොට ලක්‍ෂයකින් වැඩි අවුරුදු සතළිස්දහසක් පමණද අවුරුදු විසිදහසක් පමණද බ්‍රහ්මචර්‍ය්‍යය පැවැත්තේය. පුරුෂයුග වශයෙන් වනාහි යුග පරම්පරාවෙන් අවුත්, පුරුෂයුග දෙකක් දෙකක්ම බ්‍රහ්මචර්‍ය්‍යය පැවැත්තේය. එහෙයින් ‘චිරට්ඨිතික’ නොවූයේය’යි වදාරණ ලදී.

එවං ආයස‍්මා සාරිපුත‍්තො තිණ‍්ණං බුද‍්ධානං බ්‍රහ‍්මචරියස‍්ස න චිරට‍්ඨිතිකාරණං සුත්‍වා ඉතරෙසං තිණ‍්ණං බ්‍රහ‍්මචරියස‍්ස චිරට‍්ඨිතිකාරණං සොතුකාමො පුන භගවන‍්තං “කො පන භන‍්තෙ හෙතූ”ති ආදිනා නයෙන පුච‍්ඡි. භගවාපිස‍්ස බ්‍යාකාසි. තං සබ‍්බං වුත‍්තපටිපක‍්ඛවසෙන වෙදිතබ‍්බං. චිරට‍්ඨිතිකභාවෙපි චෙත්‍ථ තෙසං බුද‍්ධානං ආයුපරිමාණතොපි පුරිසයුගතොපි උභයථා චිරට‍්ඨිතිකතා වෙදිතබ‍්බා. කකුසන්‍ධස‍්ස හි භගවතො චත‍්තාලීසවස‍්සසහස‍්සානි ආයු, කොණාගමනස‍්ස භගවතො තිංසවස‍්සසහස‍්සානි, කස‍්සපස‍්ස භගවතො වීසතිවස‍්සසහස‍්සානි; සම‍්මුඛසාවකානම‍්පි නෙසං තත‍්තකමෙව. බහූනි ච නෙසං සාවකයුගානි පරම‍්පරාය බ්‍රහ‍්මචරියං පවත‍්තෙසුං. එවං තෙසං ආයුපරිමාණතොපි සාවකයුගතොපි උභයථා බ්‍රහ‍්මචරියං චිරට‍්ඨිතිකං අහොසි.

මෙසේ ආයුෂමත් ශාරීපුත්‍ර මහා ස්ථවිරයන් වහන්සේ තුන්බුදුවරයන්ගේ බ්‍රහ්මචර්‍ය්‍යය බොහෝකල් නොපැවැත්මෙහි කරුණු අසා අනික් තුන් බුදුවරයන්ගේ බ්‍රහ්මචර්‍ය්‍යය කල්පැවැත්මෙහි හෙතු අසනු කැමැත්තාහු, නැවත ‘කො පන භන්තෙ’යි ආදි ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළාහුය. භාග්‍යවතුන් වහන්සේද මුන්වහන්සේට එය ප්‍රකාශ කළසේක. ඒ සියල්ල කියන ලද්දට ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතුය. මෙහි චිරස්ථිතිකභාවයෙහිද ඒ බුදුවරයන්ගේ ආයුපමණින්ද පුරුෂයුග වසයෙන්ද යන දෙයයුරෙන් චිරස්ථිතිකභාවය දතයුතුය. කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු හතළිස් දහසකි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂ අවුරුදු තිස්දහසකි. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂ අවුරුදු විසිදහසකි. උන්වහන්සේලාගේ සම්මුඛ ශ්‍රාවකයන්ගේ ආයුෂද එපමණම වේ. උන්වහන්සේලාගේ බොහෝ ශ්‍රාවකයුගයෝද පරම්පරාවෙන් බ්‍රහ්මචර්‍ය්‍යය පැවැත්වූහ. මෙසේ උන්වහන්සේලාගේ ආයුපමණින්ද ශ්‍රාවකයුග වශයෙන්දැයි දෙපරිද්දෙන් බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික වූයේය.

අම‍්හාකං පන භගවතො කස‍්සපස‍්ස භගවතො උපඩ‍්ඪායුකප‍්පමාණෙ දසවස‍්සසහස‍්සායුකකාලෙ උප‍්පජ‍්ජිතබ‍්බං සියා. තං අසම‍්භුණන‍්තෙන පඤ‍්චවස‍්සසහස‍්සායුකකාලෙ, එකවස‍්සසහස‍්සායුකකාලෙ, පඤ‍්චවස‍්සසතායුකකාලෙපි වා උප‍්පජ‍්ජිතබ‍්බං සියා. යස‍්මා පනස‍්ස බුද‍්ධත‍්තකාරකෙ ධම‍්මෙ එසන‍්තස‍්ස පරියෙසන‍්තස‍්ස ඤාණං පරිපාචෙන‍්තස‍්ස ගබ‍්භං ගණ‍්හාපෙන‍්තස‍්ස වස‍්සසතායුකකාලෙ ඤාණං පරිපාකමගමාසි. තස‍්මා අතිපරිත‍්තායුකකාලෙ උප‍්පන‍්නො. තෙනස‍්ස සාවකපරම‍්පරාවසෙන චිරට‍්ඨිතිකම‍්පි බ්‍රහ‍්මචරියං ආයුපරිමාණවසෙන වස‍්සගණනාය නචිරට‍්ඨිතිකමෙවාති වත‍්තුං වට‍්ටති.

කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂයෙන් අඩක් ආයුපමණ වූ දසදහස් අවුරුදු ආයු ඇති කාලයෙහි අප භාග්‍යවතුන් වහන්සේ ඉපදියයුතු වන්නේය. ඒ ආයු කාලයට නොපැමිණෙන භාග්‍යවතුන් වහන්සේ විසින් පන්දහසක් අවුරුදු ආයු ඇති කාලයෙහි හෝ දහසක් අවුරුදු ආයුඇති කාලයෙහි හෝ පන්සියයක් අවුරුදු ආයුඇති කාලයෙහි හෝ ඉපදිය යුතු වන්නේය. යම්හෙයකින් වනාහි බුද්ධකාරක ධර්‍මයන් සොයන්නාවූ හාත්පසින් සොයන්නාවූ නුවණ මෝරවන්නාවූ සර්‍වඥතාඥානය ගැබ්ගන්වන්නාවූ උන්වහන්සේගේ නුවණ සියක් අවුරුදු ආයුඇති කාලයෙහි මේරීමට ගියේද, එහෙයින් ඉතා මද ආයු ඇති කාලයෙහි උපන් සේක. එහෙයින් මුන්වහන්සේගේ ශ්‍රාවක පරම්පරා වශයෙන් බ්‍රහ්මචර්‍ය්‍යය කල්පවත්නේ වූයේද, ආයු පමණින් අවුරුදු ගණනින් කල් නොපවතින්නක්ම වූයේ යයි කියන්නට වටියි.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තොති කො අනුසන්‍ධි? එවං තිණ‍්ණං බුද‍්ධානං බ්‍රහ‍්මචරියස‍්ස චිරට‍්ඨිතිකාරණං සුත්‍වා සික‍්ඛාපදපඤ‍්ඤත‍්තියෙව චිරට‍්ඨිතිකභාවහෙතූති නිට‍්ඨං ගන‍්ත්‍වා භගවතොපි බ්‍රහ‍්මචරියස‍්ස චිරට‍්ඨිතිකභාවං ඉච‍්ඡන‍්තො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං සික‍්ඛාපදපඤ‍්ඤත‍්තිං යාචි. තස‍්සා යාචනවිධිදස‍්සනත්‍ථමෙතං වුත‍්තං – අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො උට‍්ඨායාසනා …පෙ… චිරට‍්ඨිතිකන‍්ති. තත්‍ථ අද‍්ධනියන‍්ති අද‍්ධානක‍්ඛමං; දීඝකාලිකන‍්ති වුත‍්තං හොති. සෙසං උත‍්තානත්‍ථමෙව.

‘අථ ඛො ආයස්මා සාරිපුත්තො’ යන මෙහි පූර්‍වාපරකථා පිළිබඳ අනුසන්‍ධිය කවරේද යත්: මෙසේ තුන් බුදුවරයන්ගේ බ්‍රහ්මචර්‍ය්‍යය පිළිබඳ කල්පැවැත්මෙහි හේතුව අසා ශික්‍ෂාපද ප්‍රඥප්තියම කල්පැවැත්මෙහි හේතුයයි නිමාවට ගොස් භාග්‍යවතුන් වහන්සේගේද බ්‍රහ්මචර්‍ය්‍යයෙහි කල්පැවැත්ම කැමති වන්නාවු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ශික්‍ෂාපද පැණවීම ඇයද සිටියහ. ශික්‍ෂාපද පැණවීම පිළිබඳ ඒ යාච්ඤා විධිය දක්වනු පිණිස ‘අථ ඛො ආයස්මා සාරිපුත්තො උට්ඨායාසනා -පෙ- චිරට්ඨිතිකං’ යන මෙය වදාරණ ලද්දේය. එහි ‘අද්ධනියං’ දිගුකල් පැවැත්මට සමර්‍ත්‍ථය. දීර්‍ඝකාලික යයි කියන ලද්දේ වේ. සෙස්ස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

අථස‍්ස භගවා “න තාවායං සික‍්ඛාපදපඤ‍්ඤත‍්තිකාලො”ති පකාසෙන‍්තො “ආගමෙහි ත්‍වං සාරිපුත‍්තා”තිආදිමාහ. තත්‍ථ ආගමෙහි ත්‍වන‍්ති තිට‍්ඨ තාව ත්‍වං; අධිවාසෙහි තාව ත්‍වන‍්ති වුත‍්තං හොති. ආදරත්‍ථවසෙනෙවෙත්‍ථ ද‍්වික‍්ඛත‍්තුං වුත‍්තං. එතෙන භගවා සික‍්ඛාපදපඤ‍්ඤත‍්තියා සාවකානං විසයභාවං පටික‍්ඛිපිත්‍වා “බුද‍්ධවිසයොව සික‍්ඛාපදපඤ‍්ඤත‍්තී”ති ආවිකරොන‍්තො “තථාගතො වා”තිආදිමාහ. එත්‍ථ ච තත්‍ථාති සික‍්ඛාපදපඤ‍්ඤත‍්තියාචනාපෙක‍්ඛං භුම‍්මවචනං. තත්‍රායං යොජනා – යං වුත‍්තං “සික‍්ඛාපදං පඤ‍්ඤපෙය්‍යා”ති, තත්‍ථ තස‍්සා සික‍්ඛාපදපඤ‍්ඤත‍්තියා තථාගතොයෙව කාලං ජානිස‍්සතීති. එවං වත්‍වා අකාලං තාව දස‍්සෙතුං “න තාව සාරිපුත‍්තා”තිආදිමාහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙතෙක් ශික්‍ෂාපද පැනවීමට කාලය නොවේයයි ශාරීපුත්‍ර මහාස්ථවිරයන් වහන්සේට ප්‍රකාශ කරනසේක් ‘ආගමෙහි ත්‍වං සාරිපුත්ත’ යනාදිය වදාළ සේක. එහි ‘ආගමෙහි ත්‍වං’ ඔබ මදක් බලාපොරොත්තු වෙව, ඔබ මදක් ඉවසවයි වදාරණ ලද්දේ වේ. ආදර වසයෙන් මෙය දෙවරක් වදාරණ ලදි. භාග්‍යවතුන් වහන්සේ මෙයින් ශික්‍ෂාපද පැනවීමෙහි ශ්‍රාවකයන්ගේ විෂයභාවය ප්‍රතික්‍ෂෙපකොට ශික්‍ෂාපද පැණවීම බුදුවරයන්ට විෂයවූවෙකැයි ප්‍රකාශ කරණසේක් ‘තථාගතො වා’ යනාදිය වදාළ සේක. මෙහිද ‘තත්‍ථ’ යනු ශික්‍ෂාපද පනවණ සේක්වා’යි තා විසින් යමක් කියන ලදද, එහි තථාගතතෙමේම ඒ ශික්‍ෂාපද පැනවීමෙහි කල් දන්නේය’යි මෙසේ වදාරා ‘එයට තවම කාලය නොවේය’යි දක්වන්නට ‘න තාව සාරිපුත්ත’ යනාදිය වදාළ සේක.

තත්‍ථ ආසවා තිට‍්ඨන‍්ති එතෙසූති ආසවට‍්ඨානීයා. යෙසු දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකා දුක‍්ඛාසවා කිලෙසාසවා ච පරූපවාදවිප‍්පටිසාරවධබන්‍ධනාදයො චෙව අපායදුක‍්ඛවිසෙසභූතා ච ආසවා තිට‍්ඨන‍්තියෙව, යස‍්මා නෙසං තෙ කාරණං හොන‍්තීති අත්‍ථො. තෙ ආසවට‍්ඨානීයා වීතික‍්කමධම‍්මා යාව න සඞ‍්ඝෙ පාතුභවන‍්ති, න තාව සත්‍ථා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤපෙතීති අයමෙත්‍ථ යොජනා. යදි හි පඤ‍්ඤපෙය්‍ය, පරූපවාදා පරූපාරම‍්භා ගරහදොසා න පරිමුච‍්චෙය්‍ය.

එහි මොවුන් කෙරෙහි ආස්‍රව සිටිත්නුයි ආසවට්ඨානීය නම්වෙත්. මෙලොව පරොපවාද විප්‍රතිසාර වධබන්‍ධනාදී වූ ආස්‍රවයෝද, පරලොව අපායදුඃඛයට විශේෂ වූ ආස්‍රවයෝද, යම්කෙනෙකුන් කෙරෙහි සිටින්නෝම වෙත්ද යම්හෙයකින් ඔවුනට ඔවුහු කරුණුවෙත්ද, යන අර්‍ත්‍ථයි. ආස්‍රවයන්ගේ පැවැත්මට කරුණු වූ ඒ ව්‍යතික්‍රම ධර්‍මයෝ යම්තාක් සඞ්ඝයා කෙරෙහි පහළ නොවෙත්ද, ඒතාක් ශාස්තෘතෙමේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද නොපණවයි යනු මෙහි අර්‍ත්‍ථ යෝජනාය. ඉදින් පණවානම්, පරොපවාදයෙන් පරොපාරම්භයෙන් ගර්‍හාදොෂයෙන් නොමිදෙන්නේය.

කථං? පඤ‍්ඤපෙන‍්තෙන හි “යො පන භික‍්ඛු මෙථුනං ධම‍්මං පටිසෙවෙය්‍යා”තිආදි සබ‍්බං පඤ‍්ඤපෙතබ‍්බං භවෙය්‍ය. අදිස‍්වාව වීතික‍්කමදොසං ඉමං පඤ‍්ඤත‍්තිං ඤත්‍වා පරෙ එවං උපවාදඤ‍්ච උපාරම‍්භඤ‍්ච ගරහඤ‍්ච පවත‍්තෙය්‍යුං – “කථඤ‍්හි නාම සමණො ගොතමො භික‍්ඛුසඞ‍්ඝො මෙ අන්‍වායිකො වචනකරොති එත‍්තාවතා සික‍්ඛාපදෙහි පලිවෙඨෙස‍්සති, පාරාජිකං පඤ‍්ඤපෙස‍්සති? නනු ඉමෙ කුලපුත‍්තා මහන‍්තං භොගක‍්ඛන්‍ධං මහන‍්තඤ‍්ච ඤාතිපරිවට‍්ටං හත්‍ථගතානි ච රජ‍්ජානිපි පහාය පබ‍්බජිතා, ඝාසච‍්ඡාදනපරමතාය සන‍්තුට‍්ඨා, සික‍්ඛාය තිබ‍්බගාරවා, කායෙ ච ජීවිතෙ ච නිරපෙක‍්ඛා විහරන‍්ති. තෙසු නාම කො ලොකාමිසභූතං මෙථුනං වා පටිසෙවිස‍්සති, පරභණ‍්ඩං වා හරිස‍්සති, පරස‍්ස වා ඉට‍්ඨං කන‍්තං අතිමධුරං ජීවිතං උපච‍්ඡින්‍දිස‍්සති, අභූතගුණකථාය වා ජීවිතං කප‍්පෙස‍්සති! නනු පාරාජිකෙ අපඤ‍්ඤත‍්තෙපි පබ‍්බජ‍්ජාසඞ‍්ඛෙපෙනෙවෙතං පාකටං කත”න‍්ති. තථාගතස‍්ස ච ථාමඤ‍්ච බලඤ‍්ච සත‍්තා න ජානෙය්‍යුං. පඤ‍්ඤත‍්තම‍්පි සික‍්ඛාපදං කුප‍්පෙය්‍ය, න යථාඨානෙ තිට‍්ඨෙය්‍ය. සෙය්‍යථාපි නාම අකුසලො වෙජ‍්ජො කඤ‍්චි අනුප‍්පන‍්නගණ‍්ඩං පුරිසං පක‍්කොසාපෙත්‍වා “එහි භො පුරිස, ඉමස‍්මිං තෙ සරීරප‍්පදෙසෙ මහාගණ‍්ඩො උප‍්පජ‍්ජිත්‍වා අනයබ්‍යසනං පාපෙස‍්සති, පටිකච‍්චෙව නං තිකිච‍්ඡාපෙහී”ති වත්‍වා “සාධාචරිය, ත්‍වංයෙව නං තිකිච‍්ඡස‍්සූ”ති වුත‍්තො තස‍්ස අරොගං සරීරප‍්පදෙසං ඵාලෙත්‍වා ලොහිතං නීහරිත්‍වා ආලෙපනබන්‍ධනධොවනාදීහි තං පදෙසං සඤ‍්ඡවිං කත්‍වා තං පුරිසං වදෙය්‍ය – “මහාරොගො තෙ මයා තිකිච‍්ඡිතො, දෙහි මෙ දෙය්‍යධම‍්ම”න‍්ති. සො තං “කිමයං බාලවෙජ‍්ජො වදති? කතරො කිර මෙ ඉමිනා රොගො තිකිච‍්ඡිතො? නනු මෙ අයං දුක‍්ඛඤ‍්ච ජනෙති, ලොහිතක‍්ඛයඤ‍්ච මං පාපෙතී”ති එවං උපවදෙය්‍ය චෙව උපාරම‍්භෙය්‍ය ච ගරහෙය්‍ය ච, න චස‍්ස ගුණං ජානෙය්‍ය. එවමෙව යදි අනුප‍්පන‍්නෙ වීතික‍්කමදොසෙ සත්‍ථා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤපෙය්‍ය, පරූපවාදාදීහි ච න පරිමුච‍්චෙය්‍ය, න චස‍්ස ථාමං වා බලං වා සත‍්තා ජානෙය්‍යුං, පඤ‍්ඤත‍්තම‍්පි සික‍්ඛාපදං කුප‍්පෙය්‍ය, න යථාඨානෙ තිට‍්ඨෙය්‍ය. තස‍්මා වුත‍්තං – “න තාව සාරිපුත‍්ත සත්‍ථා සාවකානං…පෙ… පාතුභවන‍්තී”ති.

කෙසේදයත්: පණවන්නහු විසින් ‘යො පන භික්‍‍‍ඛු මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය’ යනාදි සියල්ල පැණවියයුතු වන්නේය. ව්‍යතික්‍රම දෝෂයක් නොදැකම මේ ප්‍රඥප්තිය දැනගෙන අන්‍යයෝ කෙසේද යත්: පණවන්නහු විසින් ‘යො පන භික්‍‍‍ඛු මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය’ යනාදි සියල්ල පැණවියයුතු වන්නේය. ව්‍යතික්‍රම දොෂයක් නොදැකම මේ ප්‍රඥප්තිය දැනගෙන අන්‍යයෝ ‘කෙසේනම් ශ්‍රමණ ගෞතම තෙමේ, භික්‍ෂු සඞ්ඝතෙමේ මට අනුව පවත්නේය. මාගේ වචනය කරන්නේය’යි මෙපමණකිනුදු ශික්‍ෂා පදයන්ගෙන් භික්‍ෂු සඞ්ඝයා වෙළාතබන්නේද? පාරාජිකා පණවන්නේද? මේ කුලපුත්‍රයෝ මහත් භොගසමූහයද, මහත් නෑසමූහයද අතට පත් රාජ්‍යයන්ද, හැරදමා පැවිදි වූවාහුය. කෑම් ඇඳීම් සෙවීමෙහි සැහැල්ලු බව පරමකොට ගැනීමෙන් සතුටුව, ශික්‍ෂාවෙහි දැඩි ගෞරව ඇතිව, කයෙහි හා ජීවිතයෙහි බලාපොරොත්තු රහිතව වසන්නාහුය, ඔවුන් අතුරෙහි කවරෙක්නම් ලෝකයාගේ ආමිෂය වූ මෛථුනය හෝ සේවනය කරන්නේද? අන්හු අයත් බඩු පැහැර ගන්නේද? අන්‍යයාගේ රිසිවූ සිත්කලු වූ ඉමිහිරිවූ ජීවිතය හෝ සිඳින්නේද? තමන්කෙරෙහි නොවූ ගුණ පැවසීමෙන් ජීවිකාව හෝ කරන්නේද? පාරාජිකයන් නොපැණවූ කල්හිද, ප්‍රව්‍රජ්‍යා මුඛයෙන් මේ මෙවුන්දම් ආදිය නොකිරීම ප්‍රකට කරන ලද්දේ නොවේදැයි උපවාද, උපාරම්භ, ගර්‍හා පවත්වන්නාහුය. සත්ත්‍වයෝ තථාගතයන් වහන්සේගේ ශක්තියද බලයද නොදන්නාහ. පැණවූ ශික්‍ෂා පදයද කිපෙන්නේය, සුදුසු තැන නොසිටින්නේය. යම්සේ අදක්‍ෂ වූ වෙදෙක් නොහටගත් ගඩක් ඇති පුරුෂයෙකු කැඳවා ‘එම්බා! පුරුෂය! මෙහි එව, තාගේ මේ සිරුරු පෙදෙසෙහි මහා ගඩක් හටගෙන තා විනාශයට පමුණුවන්නේය. එහෙයින් ගඩ හටගැනීමට පෙරම එයට පිළියම් කරවා ගණුව’යි කියා ‘ඇදුර! මැනව, ඔබම එයට පිළියම් කරව’යි කියන ලද්දේ ඒ පුරුෂයාගේ නීරෝග වූ සිරුරු පෙදෙසක් පළා ලේ බැහැරකොට ආලේපන බන්‍ධන ධොවනාදියෙන් ඒ පෙදෙස සිවිසහිතකොට, නැවත ඒ පුරුෂයා හට ‘මා විසින් තාගේ මහා රෝගය පිළියම් කරන ලද්දේය. එහෙයින් ඒ සඳහා මට දියයුතු දැය දෙව’යි කියන්නේය. ඔහුද ඒ වෙදාට ‘මේ අඥවූ වෙදා කුමක් කියාද? මොහු විසින් මාගේ කිනම් රෝගයක් පිළියම් කරණ ලද්දේද? මෙතෙමේ නිකරුණේ මට දුක් ඉපදවූයේ නොවේද? රුධිරක්‍ෂයට මා පැමිණවූයේ නොවේදැ’යි මෙසේ ආක්‍රෝශද කරන්නේය, දොස්ද කියන්නේය, ගැරහීමද කරන්නේය. ඔහුගේ ගුණයක්ද නොදන්නේය. එපරිද්දෙන්ම ශාස්තෲන් වහන්සේ නොඋපන් ව්‍යතික්‍රම දෝෂයක් නිමිතිකොට, ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවන්නාහු නම්, පරොපවාදාදියෙන් නොමිදෙන්නාහුය. සත්ත්‍වයෝ උන්වහන්සේගේ ශක්තිය හෝ බලය නොදන්නාහුය. පැණවූ ශික්‍ෂා පදයද කොප්‍යවන්නේය. සුදුසු තැන නොසිටින්නේය. එහෙයින් ‘න තාව සාරිපුත්ත සත්‍ථා සාවකානං -පෙ- පාතුභවන්ති’ යනු වදාරණ ලද්දේය.

එවං අකාලං දස‍්සෙත්‍වා පුන කාලං දස‍්සෙතුං “යතො ච ඛො සාරිපුත‍්තා”තිආදිමාහ. තත්‍ථ යතොති යදා; යස‍්මිං කාලෙති වුත‍්තං හොති. සෙසං වුත‍්තානුසාරෙනෙව වෙදිතබ‍්බං. අයං වා හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – යස‍්මිං සමයෙ “ආසවට‍්ඨානීයා ධම‍්මා”ති සඞ‍්ඛ්‍යං ගතා වීතික‍්කමදොසා සඞ‍්ඝෙ පාතුභවන‍්ති, තදා සත්‍ථා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤපෙති, උද‍්දිසති පාතිමොක‍්ඛං. කස‍්මා? තෙසංයෙව “ආසවට‍්ඨානීයා ධම‍්මා”ති සඞ‍්ඛ්‍යං ගතානං වීතික‍්කමදොසානං පටිඝාතාය. එවං පඤ‍්ඤපෙන‍්තො යථා නාම කුසලො වෙජ‍්ජො උප‍්පන‍්නං ගණ‍්ඩං ඵාලනලෙපනබන්‍ධනධොවනාදීහි තිකිච‍්ඡන‍්තො රොගං වූපසමෙත්‍වා සඤ‍්ඡවිං කත්‍වා න ත්‍වෙව උපවාදාදිරහො හොති, සකෙ ච ආචරියකෙ විදිතානුභාවො හුත්‍වා සක‍්කාරං පාපුණාති; එවං න ච උපවාදාදිරහො හොති, සකෙ ච සබ‍්බඤ‍්ඤුවිසයෙ විදිතානුභාවො හුත්‍වා සක‍්කාරං පාපුණාති. තඤ‍්චස‍්ස සික‍්ඛාපදං අකුප‍්පං හොති, යථාඨානෙ තිට‍්ඨතීති.

මෙසේ ශික්‍ෂාපද පැණවීමෙහි අකාලය දක්වා නැවත ශික්‍ෂාපද පැණවීමෙහි කාලය දක්වන්නට ‘යතො ච ඛො සාරිපුත්ත’ යනාදිය වදාළ සේක. එහි ‘යතො ච ඛො සාරිපුත්ත’ යනාදිය එහි ‘යතො’ යම්කලෙක. යම් කලෙකැයි වදාරණ ලද්දේ වේ. සෙස්ස කියූ අනුසාරයෙන්ම දතයුතුය. මේ මෙහි සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථය වෙයි. යම්කලෙක වනාහි ආස්‍රවස්ථානීය ධර්‍මැයි ගිනීමට ගියාවූ ව්‍යතික්‍රම දොෂ සඞ්ඝයා කෙරෙහි පහළවේද, එකල්හි ශාස්තෲන් වහන්සේ ශ්‍රාවකයන් හට ශික්‍ෂාපද පණවන්නෝය. ප්‍රාතිමොක්‍ෂය උදෙසන්නෝය. කුමක්හෙයින්ද යත්: ආස්‍රවස්ථානීය ධර්‍මැයි ගිණීමට ගියාවූ ඒ ව්‍යතික්‍රම දොෂයන්ගේ නැසීම පිණිසය. එසේ පණවන්නේ යම්සේ දක්‍ෂ වූ වෙදෙක් හටගත් ගඩය පැළීම, ආලෙප කිරීම, බැඳීම, සේදීම යන මේ ආදියෙන් එයට පිළියම් කරනුයේ මස්නගා සන්සිඳුවා එතැන සිවිසහිත කිරීමෙන් උපවාදාදිය ලැබීමට සුදුසු නොවූයේමවේද, සිය ඇදුරුකම්හි ප්‍රකට වූ ආනුභාව ඇත්තේ සත්කාරයට පැමිණේද, එපරිද්දෙන් උපවාදාදිය ලැබීමට සුදුසු නොවෙත්. ස්වකීය සර්‍වඥභාව විෂයයෙහි ප්‍රකට ආනුභාව ඇත්තෝ සත්කාරයට පැමිණෙත්. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශික්‍ෂාපදයද කොප්‍ය නොවේ. සුදුසු තැන පිහිටා සිටින්නේය.

එවං ආසවට‍්ඨානීයානං ධම‍්මානං අනුප‍්පත‍්තිං සික‍්ඛාපදපඤ‍්ඤත‍්තියා අකාලං උප‍්පත‍්තිඤ‍්ච කාලන‍්ති වත්‍වා ඉදානි තෙසං ධම‍්මානං අනුප‍්පත‍්තිකාලඤ‍්ච උප‍්පත‍්තිකාලඤ‍්ච දස‍්සෙතුං “න තාව සාරිපුත‍්ත ඉධෙකච‍්චෙ”තිආදිමාහ. තත්‍ථ උත‍්තානත්‍ථානි පදානි පාළිවසෙනෙව වෙදිතබ‍්බානි. අයං පන අනුත‍්තානපදවණ‍්ණනා – රත‍්තියො ජානන‍්තීති රත‍්තඤ‍්ඤූ, අත‍්තනො පබ‍්බජිතදිවසතො පට‍්ඨාය බහුකා රත‍්තියො ජානන‍්ති, චිරපබ‍්බජිතාති වුත‍්තං හොති. රත‍්තඤ‍්ඤූහි මහත‍්තං රත‍්තඤ‍්ඤුමහත‍්තං; චිරපබ‍්බජිතෙහි මහන‍්තභාවන‍්ති අත්‍ථො. තත්‍ර රත‍්තඤ‍්ඤුමහත‍්තං පත‍්තෙ සඞ‍්ඝෙ උපසෙනං වඞ‍්ගන‍්තපුත‍්තං ආරබ‍්භ සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තන‍්ති වෙදිතබ‍්බං. සො හායස‍්මා ඌනදසවස‍්සෙ භික‍්ඛූ උපසම‍්පාදෙන‍්තෙ දිස‍්වා එකවස‍්සො සද‍්ධිවිහාරිකං උපසම‍්පාදෙසි. අථ භගවා සික‍්ඛාපදං පඤ‍්ඤපෙසි – “න, භික‍්ඛවෙ , ඌනදසවස‍්සෙන උපසම‍්පාදෙතබ‍්බො. යො උපසම‍්පාදෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති (මහාව· 75). එවං පඤ‍්ඤත‍්තෙ සික‍්ඛාපදෙ පුන භික‍්ඛූ “දසවස‍්සාම‍්හ දසවස‍්සාම‍්හා”ති බාලා අබ්‍යත‍්තා උපසම‍්පාදෙන‍්ති. අථ භගවා අපරම‍්පි සික‍්ඛාපදං පඤ‍්ඤාපෙසි – “න, භික‍්ඛවෙ, බාලෙන අබ්‍යත‍්තෙන උපසම‍්පාදෙතබ‍්බො. යො උපසම‍්පාදෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුජානාමි, භික‍්ඛවෙ, බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන දසවස‍්සෙන වා අතිරෙකදසවස‍්සෙන වා උපසම‍්පාදෙතු”න‍්ති (මහාව· 76) රත‍්තඤ‍්ඤුමහත‍්තං පත‍්තකාලෙ ද‍්වෙ සික‍්ඛාපදානි පඤ‍්ඤත‍්තානි.

මෙසේ ආස්‍රවස්ථානීය ධර්‍මයන්ගේ නොඉපැත්ම, ශික්‍ෂාපද පැණවීමට අකාලයයිද, ඉපැත්ම, කාලයයිද වදාරා ඒ ධර්‍මයන්ගේ අනුත්පත්ති කාලයද උත්පත්ති කාලයද දක්වන්නට ‘න තාව සාරිපුත්ත ඉධෙකච්චෙ’ යනාදිය වදාළ සේක. එහි ප්‍රකට අර්‍ත්‍ථ ඇති පදපෙළ විසින්ම දතයුතුය. මේ වනාහි අප්‍රකට පද වර්‍ණනාය: රාත්‍රි කාලයන් දනිත්නුයි රත්තඤ්ඤු. තමන් පැවිදි වූ දින පටන් බොහෝ රාත්‍රීකාල දනිත්. පැවිද්දෙන් බොහෝකල් ගියහයි කියන ලද්දේ වේ. රාත්‍රි දන්නවුන් හේතුකොට මහත්‍වයට ගියේ රත්තඤ්ඤුමහත්ත නමි. පැවිද්දෙන් බොහෝකල් ගියවුන් අතුරෙහි මහත්බවට පැමිණියේය යන අර්‍ත්‍ථයි. එහි රාත්‍රි කාල දැනීමෙන් මහත්බවට පැමිණි සඞ්ඝයා විෂයෙහි උපසෙන වඞ්ගන්තපුත්‍ර අරබයා ශික්‍ෂාපදය පණවන ලදැයි දතයුතුය. ඒ ආයුෂ්මත්තෙමේ වනාහි උනු දසවස් ඇතිව උපසම්පදා කරන භික්‍ෂූන් දැක එක්වස් ඇතිව සද්ධිවිහාරිකයෙකු උපසම්පදා කෙළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘න භික්‍‍‍ඛවෙ ඌන දසවස්සෙන උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස’ යන ශික්‍ෂාපදය පැණවූ සේක. මෙසේ පැණවූ ශික්‍ෂාපදය ඇතිකල්හි නැවත භික්‍ෂූහු ‘දසවස් ඇත්තම්හ’යි අඥවූවෝ අව්‍යක්තවූවෝ උපසම්පදා කෙරෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, ‘න භික්‍‍‍ඛවෙ බාලෙන අබ්‍යත්තෙන දසවස්සෙන උපසම්පාදෙතබ්බො, යො උපසම්පාදෙය්‍ය ආපත්ති දුක්කටස්ස, අනුජානාමි භික්‍‍‍ඛවෙ ව්‍යත්තෙන භික්‍ඛුනා පටිබලෙන දසවස්සෙන වා අතිරෙක දසවස්සෙන වා උපසම්පාදෙතුං’යි අනිකදු ශික්‍ෂා පදයක් පණවා වදාළ සේක. පැවිද්දෙන් බොහෝකල් ගියවුන් මහත්බවට පැමිණි කල්හි ශික්‍ෂාපද දෙකක් පණවන ලද්දේය.

වෙපුල‍්ලමහත‍්තන‍්ති විපුලභාවෙන මහත‍්තං. සඞ‍්ඝො හි යාව න ථෙරනවමජ‍්ඣිමානං වසෙන වෙපුල‍්ලමහත‍්තං පත‍්තො හොති, තාව සෙනාසනානි පහොන‍්ති. සාසනෙ එකච‍්චෙ ආසවට‍්ඨානීයා ධම‍්මා න උප‍්පජ‍්ජන‍්ති. වෙපුල‍්ලමහත‍්තං පන පත‍්තෙ තෙ උප‍්පජ‍්ජන‍්ති. අථ සත්‍ථා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤපෙති. තත්‍ථ වෙපුල‍්ලමහත‍්තං පත‍්තෙ සඞ‍්ඝෙ පඤ‍්ඤත‍්තසික‍්ඛාපදානි “යො පන භික‍්ඛු අනුපසම‍්පන‍්නෙන උත‍්තරි දිරත‍්තතිරත‍්තං සහසෙය්‍යං කප‍්පෙය්‍ය, පාචිත‍්තියං” (පාචි· 51); “යා පන භික‍්ඛුනී අනුවස‍්සං වුට‍්ඨාපෙය්‍ය, පාචිත‍්තියං” (පාචි· 1171); “යා පන භික‍්ඛුනී එකං වස‍්සං ද‍්වෙ වුට‍්ඨාපෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති (පාචි· 1175) ඉමිනා නයෙන වෙදිතබ‍්බානි.

‘වෙපුල්ලමහත්තං’ ස්ථවිර, මද්ධ්‍යම, නවකයන්ගේ විපුලත්‍වයෙහි මහත්බව. යම්තාක් සඞ්ඝයා වනාහි ස්ථවිර, නවක, මද්ධ්‍යමයන්ගේ වශයෙන් පැවිද්දන්ගේ බහුලභාවයෙන් මහත්බවට පැමිණියේ නොවේද, ඒතාක් සෙනසුන් පොහෝනේ වේ. එහෙයින් ශාසනයෙහි ආවාස මාත්සර්‍ය්‍යාදිය හේතුකොට ඇතැම් ආස්‍රවස්ථානීය ධර්‍ම නොඋපදියි. පැවිද්දන්ගේ බහුලභාවයෙන් මහත්බවට පැමිණි කල්හි ඒ ආස්‍රවස්ථානීය ධර්‍ම උපදියි. එකල්හි ශාස්තෲන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්‍ෂාපද පණවත්. එහි පැවිද්දන්ගේ බහුලභාවයෙන් මහත්බවට පැමිණි සඞ්ඝයා විෂයයෙහි පණවන ලද ශික්‍ෂාපදයෝ ‘යො පන භික්‍‍‍ඛු අනුපසම්පන්නෙන උත්තරිං ද්විරත්තතිරත්තං සහසෙය්‍යං කප්පෙය්‍ය පාචිත්තියං’ ‘යා පන භික්‍‍‍ඛුනී අනුවස්සං වුට්ඨාපෙය්‍ය පාචිත්තියං’ ‘යා පන භික්‍‍‍ඛුනී එකං වස්සං ද්වෙ වුට්ඨාපෙය්‍ය පාචිත්තියං’යි මේ නයින් දතයුත්තාහ.

ලාභග‍්ගමහත‍්තන‍්ති ලාභස‍්ස අග‍්ගමහත‍්තං; යො ලාභස‍්ස අග‍්ගො උත‍්තමො මහන‍්තභාවො, තං පත‍්තො හොතීති අත්‍ථො. ලාභෙන වා අග‍්ගමහත‍්තම‍්පි, ලාභෙන සෙට‍්ඨත‍්තඤ‍්ච මහන‍්තත‍්තඤ‍්ච පත‍්තොති අත්‍ථො. සඞ‍්ඝො හි යාව න ලාභග‍්ගමහත‍්තං පත‍්තො හොති, තාව න ලාභං පටිච‍්ච ආසවට‍්ඨානීයා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. පත‍්තෙ පන උප‍්පජ‍්ජන‍්ති, අථ සත්‍ථා සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤපෙති – “යො පන භික‍්ඛු අචෙලකස‍්ස වා පරිබ‍්බාජකස‍්ස වා පරිබ‍්බාජිකාය වා සහත්‍ථා ඛාදනීයං වා භොජනීයං වා දදෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති (පාචි· 270). ඉදඤ‍්හි ලාභග‍්ගමහත‍්තං පත‍්තෙ සඞ‍්ඝෙ සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං.

‘ලාභග්ගමහත්තං’ චීවරාදිප්‍රත්‍යය ලාභයෙහි අග්‍රමහත්‍වය. ලාභය පිළිබඳ යම් අග්‍රබවක් උත්තමබවක්, මහත්බවක්වේද, එයට පැමිණියේවේද යන අර්‍ත්‍ථයි. නොහොත් ලාභයෙන් අග්‍රමහතත්‍වයටද, ලාභයෙන් ශ්‍රේෂ්ඨත්‍වයටද, මහත්‍වයටද, පැමිණියේය යන අර්‍ත්‍ථයි. සඞ්ඝතෙමේ වනාහි යම්තාක්කල් ලාභාග්‍රමත්‍වයට පැමිණියේ නොවේද, ඒතාක් ලාභය නිසා ආස්‍රවස්ථානීය ධර්‍මයෝ නොඋපදිත්. ලාභාග්‍රමහත්‍වයට පැමිණි කල්හි උපදිත්. එකල්හි ශාස්තෲන් වහන්සේ ශික්‍ෂාපද පනවන සේක. ‘යො පන භික්‍‍‍ඛු අචෙලකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්‍ථා ඛාදනීයං වා භොජනීයං වා දදෙය්‍ය, පාචිත්තියං’ යන මේ ශික්‍ෂාපදය සඞ්ඝයා ලාභාග්‍රමහතත්‍වයට පැමිණි කල්හි පණවන ලද්දේය.

බාහුසච‍්චමහත‍්තන‍්ති බාහුසච‍්චස‍්ස මහන‍්තභාවං. සඞ‍්ඝො හි යාව න බාහුසච‍්චමහත‍්තං පත‍්තො හොති, තාව න ආසවට‍්ඨානීයා ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති. බාහුසච‍්චමහත‍්තං පත‍්තෙ පන යස‍්මා එකම‍්පි නිකායං, ද‍්වෙපි…පෙ… පඤ‍්චපි නිකායෙ උග‍්ගහෙත්‍වා අයොනිසො උම‍්මුජ‍්ජමානා පුග‍්ගලා රසෙන රසං සංසන්‍දිත්‍වා උද‍්ධම‍්මං උබ‍්බිනයං සත්‍ථුසාසනං දීපෙන‍්ති. අථ සත්‍ථා “යො පන භික‍්ඛු එවං වදෙය්‍ය – තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි…පෙ… සමණුද‍්දෙසොපි චෙ එවං වදෙය්‍යා”තිආදිනා (පාචි· 418) නයෙන සික‍්ඛාපදං පඤ‍්ඤපෙතීති.

‘බාහුසච්ච මහත්තං’ බහුශ්‍රැතභාවයෙහි මහත්බව. සඞ්ඝතෙමේ යම්තාක් බහුශ්‍රැත මහත්‍වයට පැමිණියේ නොවේද, ඒතාක් ආස්‍රවස්ථානීය ධර්‍ම නොඋපදියි. බහුශ්‍රැත මහත්‍වයට පැමිණි කල්හි වනාහි යම්හෙයකින් එක් නිකායකුදු දෙනිකායකුදු -පෙ- නිකාය පසම උගෙන විපරීත වශයෙන් නුනුවණින් ඉල්පෙන්නා වූ පුද්ගලයෝ ස්වභාවයෙන් ස්වභාවය හෙවත් අනුපාදින්න ඵස්ස රසයෙන් උපාදින්න ඵස්ස රසය සසඳා ශාස්තෲ ශාසනය ධර්‍මයෙන් පහවූවක් කොට, විනයෙන් පහවූවක් කොට දක්වත්. එකල්හි ශාස්තෲන් වහන්සේ ‘යො පන භික්‍‍‍ඛු එවං වදෙය්‍ය:- තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි -පෙ- සමණුද්දෙසොපි චෙ එවං වදෙය්‍ය’ යනාදි ක්‍රමයෙන් ශික්‍ෂාපද පණවන සේක.

එවං භගවා ආසවට‍්ඨානීයානං ධම‍්මානං අනුප‍්පත‍්තිකාලඤ‍්ච උප‍්පත‍්තිකාලඤ‍්ච දස‍්සෙත්‍වා තස‍්මිං සමයෙ සබ‍්බසොපි තෙසං අභාවං දස‍්සෙන‍්තො “නිරබ‍්බුදො හි සාරිපුත‍්තා”තිආදිමාහ. තත්‍ථ නිරබ‍්බුදොති අබ‍්බුදවිරහිතො; අබ‍්බුදා වුච‍්චන‍්ති චොරා, නිච‍්චොරොති අත්‍ථො. චොරාති ච ඉමස‍්මිං අත්‍ථෙ දුස‍්සීලාව අධිප‍්පෙතා. තෙ හි අස‍්සමණාව හුත්‍වා සමණපටිඤ‍්ඤතාය පරෙසං පච‍්චයෙ චොරෙන‍්ති. තස‍්මා නිරබ‍්බුදොති නිච‍්චොරො, නිද‍්දුස‍්සීලොති වුත‍්තං හොති. නිරාදීනවොති නිරුපද‍්දවො නිරුපසග‍්ගො; දුස‍්සීලාදීනවරහිතොයෙවාති වුත‍්තං හොති. අපගතකාළකොති කාළකා වුච‍්චන‍්ති දුස‍්සීලායෙව; තෙ හි සුවණ‍්ණවණ‍්ණාපි සමානා කාළකධම‍්මයොගා කාළකාත්‍වෙව වෙදිතබ‍්බා. තෙසං අභාවා අපගතකාළකො . අපහතකාළකොතිපි පාඨො. සුද‍්ධොති අපගතකාළකත‍්තායෙව සුද‍්ධො පරියොදාතො පභස‍්සරො. සාරෙ පතිට‍්ඨිතොති සාරො වුච‍්චන‍්ති සීල-සමාධි-පඤ‍්ඤාවිමුත‍්ති-විමුත‍්තිඤාණදස‍්සනගුණා, තස‍්මිං සාරෙ පතිට‍්ඨිතත‍්තා සාරෙ පතිට‍්ඨිතො.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ, ආස්‍රවස්ථානීය ධර්‍මයන්ගේ අනුත්පත්ති කාලයත් උප්පත්ති කාලයත් දක්වා, ඒ කාලයෙහි මුළුමනින් ඔවුන්ගේ අභාවය දක්වන සේක් ‘නිරබ්බුදො හි සාරිපුත්ත’ යනාදිය වදාළ සේක. එහි ‘නිරබ්බුදො’ අර්බුද රහිතය. සොරහු අර්බුදයි කියනු ලැබෙත්. සොරු නැත්තේය යන අර්‍ත්‍ථයි. මේ අර්‍ත්‍ථයෙහි දුශ්ශීලයෝ සොරභයි අදහස් කරන ලදහ. දුශ්ශීලයෝ වනාහි ශ්‍රමණයෝ නොවූවාහුම ශ්‍රමණැයි ප්‍රතිඥා කිරීමෙන් අනුන් අයත් සිවුපසය සොරකම් කරත්. එහෙයින් නිරබ්බුද යන මෙයින් සොරු රහිතය, දුසිල්හු රහිතයයි කියන ලද්දේ වේ. ‘නිරාදීනවො’ උවදුරු රහිතය. තැතිගැනීම් රහිතය. දුශ්ශීලාදී නවයන්ගෙන් විරහිතමයයි වදාරණ ලදී. ‘අපගතකාළකො’ දුශ්ශීලයෝම කාළකැයි කියනු ලැබේ. ඒ දුශ්ශීලයෝ රන්වන් වූවාහුද, දුශ්ශීලසඞ්ඛ්‍යාත පාපධර්‍මයෙන් යුක්ත බැවින් කාළකයෝමැයි දතයුත්තාහ. ඔවුන්ගේ අභාවයෙන් අපගත කාළකය. ‘අපහත කාළක’යි ද පාඨයක් වේ. ‘සුද්ධො’ අපගත කාළක බැවින්ම පිරිසිදුය. හාත්පසින් පිරිසිදුය. ප්‍රභාස්වරය. ‘සාරෙ පතිට්ඨිතො’ ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්‍ශන ගුණයෝ සාරයි කියනු ලැබෙත්. ඒ සාරයෙහි පිහිටි බැවින් සාරයෙහි පිහිටියේය.

එවං සාරෙ පතිට‍්ඨිතභාවං වත්‍වා පුන සො චස‍්ස සාරෙ පතිට‍්ඨිතභාවො එවං වෙදිතබ‍්බොති දස‍්සෙන‍්තො ඉමෙසඤ‍්හි සාරිපුත‍්තාති ආදිමාහ. තත්‍රායං සඞ‍්ඛෙපවණ‍්ණනා – යානිමානි වෙරඤ‍්ජායං වස‍්සාවාසං උපගතානි පඤ‍්ච භික‍්ඛුසතානි, ඉමෙසං යො ගුණවසෙන පච‍්ඡිමකො සබ‍්බපරිත‍්තගුණො භික‍්ඛු, සො සොතාපන‍්නො. සොතාපන‍්නොති සොතං ආපන‍්නො; සොතොති ච මග‍්ගස‍්සෙතං අධිවචනං. සොතාපන‍්නොති තෙන සමන‍්නාගතස‍්ස පුග‍්ගලස‍්ස. යථාහ –

මෙසේ සාරයෙහි පිහිටි බව වදාරා නැවත මේ සඞ්ඝයාගේ ඒ සාරයෙහි පිහිටිබව මෙසේ දතයුතුයයි දක්වනසේක් ‘ඉමෙසං සාරිපුත්ත’ යනාදිය වදාළ සේක. එහි මේ සඞ්ක්‍ෂෙප වර්‍ණනාය: වෙරඤ්ජාවෙහි යම් මේ පන්සියයක් භික්‍ෂූහු වස්විසීමට එළැඹියාහුද, මොවුන් අතුරෙහි ගුණ වසයෙන් පැසුළු වූ සියල්ලන් අතුරෙහි මදගුණ ඇත්තාවූ මහණෙක් වේද, ඒ ආනන්‍ද තෙමේ සොතාපන්න වේ. ‘සොතාපන්නො’ මාර්‍ගස්‍රොතයට පැමිණියේය. ‘සොත’ යන මෙයද මාර්‍ගයට නමකි. ‘සොතාපන්න’ යනු ඒ මාර්‍ගස්‍රොතයෙන් සමන්‍වාගත පුද්ගලයා හට නමකි. ඒ මෙසේ වදාළ සේක:

“සොතො සොතොති හිදං, සාරිපුත‍්ත, වුච‍්චති; කතමො නු ඛො, සාරිපුත‍්ත, සොතොති? අයමෙව හි, භන‍්තෙ, අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, සෙය්‍යථිදං – සම‍්මාදිට‍්ඨි…පෙ… සම‍්මාසමාධී”ති. “සොතාපන‍්නො සොතාපන‍්නොති හිදං, සාරිපුත‍්ත, වුච‍්චති; කතමො නු ඛො, සාරිපුත‍්ත, සොතාපන‍්නො”ති? “යො හි, භන‍්තෙ, ඉමිනා අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන සමන‍්නාගතො, අයං වුච‍්චති – සොතාපන‍්නො. සොයමායස‍්මා එවංනාමො එවංගොත‍්තො”ති (සං· නි· 5.1001). ඉධ පන මග‍්ගෙන ඵලස‍්ස නාමං දින‍්නං. තස‍්මා ඵලට‍්ඨො “සොතාපන‍්නො”ති වෙදිතබ‍්බො.

‘සොතො සොතොති හිදං සාරිපුත්ත වුච්චති, කතමො නුඛො සාරිපුත්ත සොතොති, අයමෙවහි භන්තෙ අරියො අට්ඨංගිකො මග්ග, සෙය්‍යථිදං; සම්මාදිට්ඨි -පෙ- සම්මා සමාධීති. සොතාපන්නො සොතාපන්නොති යො හි භන්තෙ ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො, අයං වුච්චති සොතාපන්නො සොයමායස්මා එවං නාමො එවං ගොත්තො’යි. මෙහි වනාහි මාර්‍ගයෙන් ඵලයට නම් දෙන ලද්දේය. එහෙයින් ඵලස්ථ පුද්ගලතෙමේ සොතාපන්නයි දතයුතුය.

අවිනිපාතධම‍්මොති විනිපාතෙතීති විනිපාතො; නාස‍්ස විනිපාතො ධම‍්මොති අවිනිපාතධම‍්මො, න අත‍්තානං අපායෙසු විනිපාතනසභාවොති වුත‍්තං හොති. කස‍්මා? යෙ ධම‍්මා අපායගමනීයා, තෙසං පරික‍්ඛයා. විනිපතනං වා විනිපාතො, නාස‍්ස විනිපාතො ධම‍්මොති අවිනිපාතධම‍්මො, අපායෙසු විනිපාතනසභාවො අස‍්ස නත්‍ථීති වුත‍්තං හොති. සම‍්මත‍්තනියාමෙන මග‍්ගෙන නියතත‍්තා නියතො. සම‍්බොධි පරං අයනං පරා ගති අස‍්සාති සම‍්බොධිපරායණො. උපරි මග‍්ගත‍්තයං අවස‍්සං සම‍්පාපකොති අත්‍ථො. කස‍්මා? පටිලද‍්ධපඨමමග‍්ගත‍්තාති.

‘අවිනිපාතධම්මො’ විරූපව දුක්සහිතව උපායාස සහිතව වැටේනුයි විනිපාත නමි. මොහුට විනිපාත ධර්‍මයක් නැත්තේනුයි අවිනිපාතධම්ම. අපායගමනීය ධර්‍මයන් ක්‍ෂය වූ බැවින් තමන්ට අපායන්හි වැටෙන ස්වභාවයක් නැත්තේනුයි වදාරණ ලද්දේය. කුමක්හෙයින්දයත්: යම් ධර්‍ම කෙනෙක් අපායගමනීය වෙත්ද, ඒ අපායගමනීය ධර්‍මයන් ක්‍ෂය වූ බැවිනි. විවසව වැටීම හෝ විනිපාත. ඒ විනිපාත ස්වභාවය මොහුට නැත්තේනුයි අවිනිපාත ධම්ම. අපායයන්හි විවසව වැටෙන ස්වභාවයක් මොහුට නැත්තේනුයි වදාරණ ලද්දේ වේ. මොනවට වැඩුනු සම්පත් දෘෂ්ටි ආදි මාර්‍ගයෙන් පිළිගැන්වූ මාර්‍ගයෙන් නියත බැවින් නියත වේ. යටකෙළවරින් සත්වන භවයෙන් මතු නොඉපැදෙන ස්වභාවයන් නියත වේ. ආර්‍ය්‍යමාර්‍ගසඞ්ඛ්‍යාත නිර්‍වාණයට උතුම් වූ මාර්‍ගය, උතුම් වූ ගතිය මොහුටනුයි සම්බොධිපරායණ. ඒකාන්තයෙන් උපරිමාර්‍ගත්‍රයට පමුණුවන්නේය යන අර්‍ත්‍ථයි. කුමහෙයින්ද යත්: පිළිලැබූ පළමුමග ඇති බැවිනි.

විනයපඤ‍්ඤත‍්තියාචනකථා නිට‍්ඨිතා.