යෙදුමෙන් කියවන්න

මක‍්කටීවත්‍ථුකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මක‍්කටීවත්‍ථුකථා

මක්කටී වස්තුව

ඉදානි යං තං අඤ‍්ඤං වත්‍ථු උප‍්පන‍්නං, තං දස‍්සෙතුං “තෙන ඛො පන සමයෙනා”තිආදිමාහ. තත්‍රායං අනුත‍්තානපදවණ‍්ණනා – මක‍්කටිං ආමිසෙනාති මහාවනෙ භික‍්ඛූනං ඛන‍්තිමෙත‍්තාදිගුණානුභාවෙන නිරාසඞ‍්කචිත‍්තා බහූ මිගමොරකුක‍්කුටමක‍්කටාදයො තිරච‍්ඡානා පධානාගාරට‍්ඨානෙසු විචරන‍්ති. තත්‍ර එකං මක‍්කටිං ආමිසෙන යාගුභත‍්තඛජ‍්ජකාදිනා උපලාපෙත්‍වා, සඞ‍්ගණ‍්හිත්‍වාති වුත‍්තං හොති. තස‍්සාති භුම‍්මවචනං. පටිසෙවතීති පචුරපටිසෙවනො හොති; පචුරත්‍ථෙ හි වත‍්තමානවචනං. සො භික‍්ඛූති සො මෙථුනධම‍්මපටිසෙවනකො භික‍්ඛු. සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තාති තෙ භික‍්ඛූ ආගන‍්තුකා බුද‍්ධදස‍්සනාය ආගතා පාතොව ආගන‍්තුකභත‍්තානි ලභිත්‍වා කතභත‍්තකිච‍්චා භික‍්ඛූනං නිවාසනට‍්ඨානානි පස‍්සිස‍්සාමාති විචරිංසු. තෙන වුත‍්තං – “සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තා”ති. යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමීති තිරච‍්ඡානගතා නාම එකභික‍්ඛුනා සද‍්ධිං විස‍්සාසං කත්‍වා අඤ‍්ඤෙසුපි තාදිසඤ‍්ඤෙව චිත‍්තං උප‍්පාදෙන‍්ති. තස‍්මා සා මක‍්කටී යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි; උපසඞ‍්කමිත්‍වා ච අත‍්තනො විස‍්සාසිකභික‍්ඛුස‍්සෙව තෙසම‍්පි තං විකාරං දස‍්සෙසි.

දැන් යම් ඒ උපන් අන්‍ය වස්තුව දක්වනු පිණිස ‘තෙන ඛො පන සමයෙන’ යනාදිය වදාළ සේක. එහි මේ ප්‍රකට නොවූ පදයන්ගේ වර්‍ණනාය: ‘මක්කටිං ආමිසෙන’ මහාවනයෙහි විසූ භික්‍ෂූන්ගේ ක්‍ෂාන්ති, මෛත්‍රී ආදී ගුණයන්ගේ ආනුභාවයෙන් නිසැක සිත්ඇති බොහෝ මුව, මොනර, කුකුළු, වඳුරු ආදී තිරිසන්නු භාවනා කරන ගෘහස්ථානයහි හැසිරෙන්නාහ. එහි එක් වැඳිරියක කැඳ, බත්, කැවිලි ආදී වූ ආමිෂයෙන් ‘උපලාපෙත්‍වා’ සඞ්ග්‍රහ කොටයි වදාරණ ලද්දේ වේ. ‘තස්සා’ යනු සප්තමී වචනයි. ‘පතිසෙවති’ බහුල වූ සෙවනය කිරීම් ඇත්තේ වේ. දවස්පතා නිතර නිතර සෙවනය කරයි. ප්‍රචුරාර්‍ත්‍ථයෙහි වර්‍තමාන වචනයි. ‘සො භික්‍‍‍ඛු’ මෙවුන්දම් සෙවුමෙහි යෙදුනු ඒ මහණතෙමේ ‘සෙනාසනචාරිකං ආභිණ්ඩන්තා’ ඒ ආගන්තුක භික්‍ෂූහු බුදුරජුන් දකිනු පිණිස පැමිණියාහු, උදෑසනම ආගන්තුක බත් ලැබ කළ බත්කිස ඇත්තාහු, ‘භික්‍ෂූන් වසන තැන් බලන්නෙමු’යි ඒ ඒ තැන හැසුරුනාහ. ‘සෙනාසනචාරිකං ආභිණ්ඩන්තා’ යනු එහෙයින් වදාරණ ලද්දේය. ‘යෙන තෙ භික්‍‍‍ඛු තෙනුපසඞ්කමි’ එක් මහණෙකු සමග විශ්වාසයට පැමිණියාහු අන්හු කෙරෙහිද එබඳුම සිත් උපදවත්. එහෙයින් ඒ වැඳිරිය ඒ ආගන්තුක භික්‍ෂූන් වෙත එළැඹියාය. එළඹද තමන්ගේ විශ්වාසයට පැමිණ සිටි මහණහුට මෙන් ඒ ආගන්තුක භික්‍ෂූනටද ඒ විකාරය දැක්වූය.

ඡෙප‍්පන‍්ති නඞ‍්ගුට‍්ඨං. ඔඩ‍්ඩීති අභිමුඛං ඨපෙසි. නිමිත‍්තම‍්පි අකාසීති යෙන නියාමෙන යාය කිරියාය මෙථුනාධිප‍්පායං තෙ ජානන‍්ති තං අකාසීති අත්‍ථො . සො භික‍්ඛූති යස‍්සායං විහාරො. එකමන‍්තං නිලීයිංසූති එකස‍්මිං ඔකාසෙ පටිච‍්ඡන‍්නා අච‍්ඡිංසු.

‘ඡෙප්පං’ නගුට ‘ඔඩ්ඩි’ ඉදිරිපත්කොට තැබූය. ‘නිමිත්තම්පි අකාසි’ ඒ භික්‍ෂූහු යම් ලෙසකින් යම් ක්‍රියාවකින් මෙවුන්දම් සෙවීමෙහි අදහස දැනගනිත්ද, ඒ ලෙසින් නිමිති කළාය යන අර්‍ත්‍ථයි. ‘සො භික්‍‍‍ඛු’ මේ විහාරය යමක්හුගේද ඒ මහණතෙමේ. ‘එකමන්තං නිලීයිංසු’ එක් අවකාශයෙක්හි සැඟවී හුන්හ.

සච‍්චං, ආවුසොති සහොඩ‍්ඪග‍්ගහිතො චොරො විය පච‍්චක‍්ඛං දිස‍්වා චොදිතත‍්තා “කිං වා මයා කත”න‍්තිආදීනි වත‍්තුං අසක‍්කොන‍්තො “සච‍්චං, ආවුසො”ති ආහ. නනු, ආවුසො, තථෙව තං හොතීති ආවුසො යථා මනුස‍්සිත්‍ථියා, නනු තිරච‍්ඡානගතිත්‍ථියාපි තං සික‍්ඛාපදං තථෙව හොති. මනුස‍්සිත්‍ථියාපි හි දස‍්සනම‍්පි ගහණම‍්පි ආමසනම‍්පි ඵුසනම‍්පි ඝට‍්ටනම‍්පි දුට‍්ඨුල‍්ලමෙව. තිරච‍්ඡානගතිත්‍ථියාපි තං සබ‍්බං දුට‍්ඨුල‍්ලමෙව. කො එත්‍ථ විසෙසො? අලෙසට‍්ඨානෙ ත්‍වං ලෙසං ඔඩ‍්ඩෙසීති.

‘සච්චං ආවුසො’ බඩු සහිතව අල්ලාගත් සොරහු මෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැක චෝදනා කළබැවින් ‘මා විසින් කුමක් කරන ලදදැ’යි යනාදිය කියන්නට නොහැකිව ‘ඇවැත්නි! සැබැව’යි කීයේය. ‘න නු ආවුසො තත්‍ථෙව තං හොති’ ඇවත! ඒ ශික්‍ෂාපදය මනුෂ්‍ය ස්ත්‍රියක විෂයයෙහි යම්සේනම් තිරශ්චීන ස්ත්‍රිය විෂයයෙහිද එසේම නොවේද? මනුෂ්‍ය ස්ත්‍රියකගේ අනුරාග සහිත දැකීමද අනුරාගයෙන් අතින් ඇල්ලීමද තම සිරුරෙන් ඇයගේ සිරුර පිරිමැදීමද එයට වඩා දැඩිකොට පැහැසීමද සිරුරෙන් සිරුර ගැටීමද දුට්ඨුල්ලම වේ. තිරශ්චින ස්ත්‍රියක පිළිබඳවූද ඒ සියල්ල දුට්ඨුල්ලමය. මෙහි විශේෂය කවරේද? තෝ අලෙශස්ථානයෙහි ලෙශයක් අභිමුඛකොට තැබූයෙහිය.

අන‍්තමසො තිරච‍්ඡානගතායපි පාරාජිකො හොති අසංවාසොති තිරච‍්ඡානගතායපි මෙථුනං ධම‍්මං පටිසෙවිත්‍වා පාරාජිකො යෙව හොතීති දළ‍්හතරං සික‍්ඛාපදමකාසි. දුවිධඤ‍්හි සික‍්ඛාපදං – ලොකවජ‍්ජං, පණ‍්ණත‍්තිවජ‍්ජඤ‍්ච. තත්‍ථ යස‍්ස සචිත‍්තකපක‍්ඛෙ චිත‍්තං අකුසලමෙව හොති, තං ලොකවජ‍්ජං නාම. සෙසං පණ‍්ණත‍්තිවජ‍්ජං. තත්‍ථ ලොකවජ‍්ජෙ අනුපඤ‍්ඤත‍්ති උප‍්පජ‍්ජමානා රුන්‍ධන‍්තී ද‍්වාරං පිදහන‍්තී සොතං පච‍්ඡින්‍දමානා ගාළ‍්හතරං කරොන‍්තී උප‍්පජ‍්ජති, අඤ‍්ඤත්‍ර අධිමානා, අඤ‍්ඤත්‍ර සුපිනන‍්තාති අයං පන වීතික‍්කමාභාවා අබ‍්බොහාරිකත‍්තා ච වුත‍්තා. පණ‍්ණත‍්තිවජ‍්ජෙ අකතෙ වීතික‍්කමෙ උප‍්පජ‍්ජමානා සිථිලං කරොන‍්තී මොචෙන‍්තී ද‍්වාරං දදමානා අපරාපරම‍්පි අනාපත‍්තිං කුරුමානා උප‍්පජ‍්ජති, ගණභොජනපරම‍්පරභොජනාදීසු අනුපඤ‍්ඤත‍්තියො විය. “අන‍්තමසො තඞ‍්ඛණිකායපී”ති එවරූපා පන කතෙ වීතික‍්කමෙ උප‍්පන‍්නත‍්තා පඤ‍්ඤත‍්තිගතිකාව හොති. ඉදං පන පඨමසික‍්ඛාපදං යස‍්මා ලොකවජ‍්ජං, න පණ‍්ණත‍්තිවජ‍්ජං; තස‍්මා අයමනුපඤ‍්ඤත‍්ති රුන්‍ධන‍්තී ද‍්වාරං පිදහන‍්තී සොතං පච‍්ඡින්‍දමානා ගාළ‍්හතරං කරොන‍්තී උප‍්පජ‍්ජි.

‘අන්තමසො තිරච්ඡානගතාය පි පාරාජිකො හොති අසංවාසො’යි මෙසේ තිරිසන්ගියක හාද මෙවුන්දම් සෙවුමෙන් පාරාජිකම වේයයි ශික්‍ෂාපදය ඉතා දැඩි කළසේක. ලොකවද්‍ය - ප්‍රඥප්තිවද්‍යයි ශික්‍ෂාපදය දෙවැදෑරුම් වේ. එහි සචිත්තක පක්‍ෂයෙහි යමක්හුගේ සිත අකුසල්මවේද, එය ලොකවද්‍ය නම් වේ. සෙස්ස ප්‍රඥප්තිවද්‍යයය. එහි ලොකවද්‍යයෙහි අනුප්‍රඥප්ති උපදනී ව්‍යතික්‍රමය වළකාලන්නී ව්‍යතික්‍රමලෙශයාගේ දොර වසාලන්නී, ව්‍යතික්‍රම ස්‍රොතස සිඳලන්නී ‘අඤ්ඤත්‍ර අධිමානා අඤ්ඤත්‍ර සුපින්නතා’ යනු විසින් ඉතා දැඩිකරමින් උපදියි. ‘අඤ්ඤත්‍ර අධිමානා අඤ්ඤත්‍ර සුපින්නතා’ යන මෙය ව්‍යතික්‍රමයක් නැති බැවින් හා ව්‍යවහාරයට නොනැගෙන බැවින් වදාරණ ලද්දීය. ප්‍රඥප්තිවද්‍යයෙහි ව්‍යතික්‍රමය නොකළ කල්හි උපදින්නී, පළමුකොට සාමාන්‍යයෙන් පැනවූ ශික්‍ෂාපදය මුදාහැර තමාගේ විෂයයෙහි අනාපත්ති කිරීම් වසයෙන් ලිහිල් කරන්නී මුදාහරින්නී අනාපත්තියට දොර දෙන්නී ගණ භොජන - පරම්පරභොජනාදියෙහි අනුප්‍රඥප්තීන් මෙන් අපරාපර්‍ය්‍ය වශයෙන් අනාපත්ති කරමින් උපදියි. ‘අන්තමසො තඞ්ඛණිකායපි’යි මෙබඳුවූවා වනාහි ව්‍යතික්‍රමණය කළකල්හි උපන්බැවින් මුළු ප්‍රඥප්තියෙහිම ඇතුළත් වූවාවේ. ප්‍රඥප්තිගතිකම වේ. යම්හෙයකින් මේ ප්‍රථම ශික්‍ෂාපදය ලොකවද්‍යවේද, ප්‍රඥප්තිවද්‍ය නොවේද, එහෙයින් මේ අනුපුඥප්ති ව්‍යතික්‍රමය වළකාලන්නී ව්‍යතික්‍රම දොෂයාගේ දොර වසාලන්නී මතුමතුවෙහි ව්‍යතික්‍රම ස්‍රොතස සිඳලන්නී ඉතා දැඩිකරමින් උපන්නීය.

එවං ද‍්වෙපි වත්‍ථූනි සම‍්පිණ‍්ඩෙත්‍වා මූලච‍්ඡෙජ‍්ජවසෙන දළ‍්හතරං කත්‍වා පඨමපාරාජිකෙ පඤ‍්ඤත‍්තෙ අපරම‍්පි අනුපඤ‍්ඤත‍්තත්‍ථාය වජ‍්ජිපුත‍්තකවත්‍ථු උදපාදි. තස‍්සුප‍්පත‍්තිදස‍්සනත්‍ථමෙතං වුත‍්තං – “එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොතී”ති . තස‍්සත්‍ථො – භගවතා භික‍්ඛූනං ඉදං සික‍්ඛාපදං එවං පඤ‍්ඤත‍්තං හොති ච ඉදඤ‍්ච අඤ‍්ඤම‍්පි වත්‍ථු උදපාදීති.

මෙසේ වස්තු දෙකක්ම සම්පිණ්ඩනයකොට මුල්සිඳීම් වසයෙන් ඉතා දැඩිකොට ප්‍රථමපාරාජිකය පැනවූ කල්හිද, අනුප්‍රඥප්තියක් පිණිස අන්‍යවූද වජ්ජිපුත්‍රක වස්තුව උපන්නේය. ඒ වස්තුවෙහි උත්පත්තිය දක්වනු පිණිස ‘එවඤ්චිදං භගවතා භික්‍‍‍ඛූනං සික්‍ඛාපදං පඤ්ඤත්තං හොති’ යන මෙය වදාරණ ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ ශික්‍ෂාපදය මෙසේ පනවන ලද්දේවේද මේ අන්‍ය වස්තුවකුදු උපන්නේය යනු එහි අර්‍ත්‍ථය වේ.

මක‍්කටීවත්‍ථුකථා නිට‍්ඨිතා.

මක්කටීවස්තු කථාව නිමි

සන්‍ථතභාණවාරො

සන්‍ථත බණවර

වජ‍්ජිපුත‍්තකවත්‍ථුවණ‍්ණනා

වජ්ජිපුත්තකවත්ථුවණ්ණනා

ඉදානි යං තං අඤ‍්ඤම‍්පි වත්‍ථු උප‍්පන‍්නං, තං දස‍්සෙතුං “තෙන ඛො පන සමයෙනා”තිආදිමාහ. තත්‍රාපි අයමනුත‍්තානපදවණ‍්ණනා – වෙසාලිකාති වෙසාලිවාසිනො. වජ‍්ජිපුත‍්තකාති වජ‍්ජිරට‍්ඨෙ වෙසාලියං කුලානං පුත‍්තා. සාසනෙ කිර යො යො උපද‍්දවො ආදීනවො අබ‍්බුදමුප‍්පජ‍්ජි, සබ‍්බං තං වජ‍්ජිපුත‍්තකෙ නිස‍්සාය. තථා හි දෙවදත‍්තොපි වජ‍්ජිපුත‍්තකෙ පක‍්ඛෙ ලභිත්‍වා සඞ‍්ඝං භින්‍දි. වජ‍්ජිපුත‍්තකා එව ච වස‍්සසතපරිනිබ‍්බුතෙ භගවති උද‍්ධම‍්මං උබ‍්බිනයං සත්‍ථුසාසනං දීපෙසුං. ඉමෙපි තෙසං යෙව එකච‍්චෙ එවං පඤ‍්ඤත‍්තෙපි සික‍්ඛාපදෙ යාවදත්‍ථං භුඤ‍්ජිංසු…පෙ… මෙථුනං ධම‍්මං පටිසෙවිංසූති.

යම් ඒ අන්‍ය වස්තුවකුත් උපන්නේද, දැන් එය දක්වන්නට ‘තෙන ඛො පන සමයෙන’ යනාදිය වදාළ සේක. එහිදු මේ අප්‍රකට පදයන්ගේ වර්‍ණනාය: ‘වෙසාලිකා’ විසල්පුර වැසි. ‘වජ්ජිපුත්තකා’ වැදැරට වෙසාලියෙහි කුලපුත්‍රයෝ. මේ ශාසනයෙහි යම් යම් උපද්‍රවයක් ආදීනවයක් අර්බුදයක් උපන්නේද, ඒ සියල්ල වජ්ජිපුත්‍රයන් නිසා උපන්නේය. ඒ එසේමය. දෙවදත්ත තෙමේද වජ්ජිපුත්‍රක පක්‍ෂය ලැබ සඞ්ඝයා බින්දේය. වජ්ජිපුත්‍රකයෝම භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු සියයක් ගෙවී ගිය කල්හි ශාස්තෲ ශාසනය ධර්‍මයෙන් විනයෙන් පහවූවක්කොට දැක්වූහ. මොවුහුද ඔවුන්ගේම ඇතැම්හු වෙති. මෙසේ ශික්‍ෂාපදය පැනවූ කල්හිද ‘යාවදත්‍ථං නහායිංසු -පෙ- මෛථුනං ධම්මං පතිසෙවිංසු’ කැමතිතාක් ස්නානය කළහ. -පෙ- මෙවුන්දම් සෙවනය කළහ.

ඤාතිබ්‍යසනෙනපීති එත්‍ථ අසනං බ්‍යසනං වික‍්ඛෙපො විද‍්ධංසනං විනාසොති සබ‍්බමෙතං එකත්‍ථං. ඤාතීනං බ්‍යසනං ඤාතිබ්‍යසනං, තෙන ඤාතිබ්‍යසනෙන, රාජදණ‍්ඩබ්‍යාධිමරණවිප‍්පවාසනිමිත‍්තෙන ඤාතිවිනාසෙනාති අත්‍ථො. එස නයො දුතියපදෙපි. තතියපදෙ පන ආරොග්‍යවිනාසකො රොගො එව රොගබ්‍යසනං. සො හි ආරොග්‍යං බ්‍යසති වික‍්ඛිපති විනාසෙතීති බ්‍යසනං. රොගොව බ්‍යසනං රොගබ්‍යසනං, තෙන රොගබ්‍යසනෙන. ඵුට‍්ඨාති අධිපන‍්නා අභිභූතා සමන‍්නාගතාති අත්‍ථො.

‘ඤාතිබ්‍යසන්නෙපි’ මෙහි අසන - ව්‍යසන වික්‍ඛෙප - විද්ධංසන - විනාශ යන මේ සියල්ල එකාර්‍ත්‍ථවත් වේ. ඥාතීන්ගේ ව්‍යාසනය ඤාතිව්‍යසන නම් වේ. ඒ ඤාතිව්‍යසනයෙන්. රාජදණ්ඩ - ව්‍යාධි - මරණ - විප්‍රවාස යන මොවුන්ගේ හෙතුවෙන් වූ ඤතිව්‍යසනයෙන් යන අර්‍ත්‍ථයි. දෙවන පදයෙහිද මේ ක්‍රමය වේ. තෙවන පදයෙහි ආරොග්‍යය නසන රොගයම රොගව්‍යසන නම්. ඒ රෝගය ආරොග්‍යය වනසන්නේය. විසුරුවන්නේය. විනාශ කරන්නේනුයි ව්‍යසනනම්. රොගයම බ්‍යසනනුයි රොගව්‍යසන නම් වේ. ඒ රොගව්‍යසනයෙන්. ‘ඵුට්ඨා’ පීඩාවට පැමිණියහ. මඩින ලද්දාහ. යුක්තයහ යන අර්‍ත්‍ථයි.

න මයං, භන‍්තෙ ආනන්‍ද, බුද‍්ධගරහිනොති භන‍්තෙ ආනන්‍ද, මයං න බුද‍්ධං ගරහාම, න බුද‍්ධස‍්ස දොසං දෙම. න ධම‍්මගරහිනො, න සඞ‍්ඝගරහිනො. අත‍්තගරහිනො මයන‍්ති අත‍්තානමෙව මයං ගරහාම, අත‍්තනො දොසං දෙම. අලක‍්ඛිකාති නිස‍්සිරිකා. අප‍්පපුඤ‍්ඤාති පරිත‍්තපුඤ‍්ඤා. විපස‍්සකා කුසලානං ධම‍්මානන‍්ති යෙ අට‍්ඨතිංසාරම‍්මණෙසු විභත‍්තා කුසලා ධම‍්මා, තෙසං විපස‍්සකා; තතො තතො ආරම‍්මණතො වුට‍්ඨාය තෙව ධම‍්මෙ විපස‍්සමානාති අත්‍ථො. පුබ‍්බරත‍්තාපරරත‍්තන‍්ති රත‍්තියා පුබ‍්බං පුබ‍්බරත‍්තං, රත‍්තියා අපරං අපරරත‍්තං, පඨමයාමඤ‍්ච පච‍්ඡිමයාමඤ‍්චාති වුත‍්තං හොති. බොධිපක‍්ඛිකානන‍්ති බොධිස‍්ස පක‍්ඛෙ භවානං, අරහත‍්තමග‍්ගඤාණස‍්ස උපකාරකානන‍්ති අත්‍ථො. භාවනානුයොගන‍්ති වඩ‍්ඪනානුයොගං. අනුයුත‍්තා විහරෙය්‍යාමාති ගිහිපලිබොධං ආවාසපලිබොධඤ‍්ච පහාය විවිත‍්තෙසු සෙනාසනෙසු යුත‍්තපයුත‍්තා අනඤ‍්ඤකිච‍්චා විහරෙය්‍යාම.

‘න මයං භන්තෙ ආනන්‍ද බුද්ධගරහිනො’ ස්වාමීනි! ආනන්‍ද ස්ථවිරයන් වහන්ස! අපි බුදුරජාණන් වහන්සේට නොගරහමු. බුදුරජාණන් වහන්සේට දොස් නොකියමු. ‘න ධම්මගරහිනො න සඞ්ඝ ගරහිනො අත්තගරහිනො මයං’ අපි ධර්‍මයට නොගරහන්නමෝය. සඞ්ඝයාට නොගරහන්නමෝය. තමන්ටම ගරහන්නමෝය. තමන්ගේම දොස් කියන්නෙමු. ‘අලක්‍ඛිකා’ නිශ්ශ්‍රීකයෝ වම්හ ‘අප්පපුඤ්ඤා’ මද පිණැත්තෝ වම්හ. ‘විපස්සකා කුසලානං ධම්මානං’ අටතිස් අරමුණෙහිලා බෙදූ ප්‍රථමධ්‍යානාදී වූ යම් කුශල ධර්‍මයෝ වෙත්ද, ඒ ධර්‍මයන් විදර්‍ශනා කරන්නමෝය. ඒ ඒ අරමුණෙන් නැගිට ඒ ධර්‍මයන්ම විශේෂයෙන් දක්නමෝය, යන අර්‍ත්‍ථයි. ‘පුබ්බරත්තාපරරත්තං’ රාත්‍රිය පිළිබඳ පූර්‍වකාලය පුබ්බරත්තනම. රාත්‍රිය පිළිබඳ අපරකාලය අපරරත්තනම. මෙයින් රාත්‍රිය පිළිබඳ පූර්‍වයාමයත් රාත්‍රිය පිළිබඳ පශ්චිම යාමයත් කියන ලද්දේ වේ. ‘බොධි පක්‍ඛිකානං’ අර්‍හනමාර්‍ගඥානයාගේ පක්‍ෂයෙහි වූ අර්‍හනමාර්‍ගඥානයට උපකාර වූ, යන අර්‍ත්‍ථයි. ‘භාවනානුයොගං’ එක්වන් භාවනා වැඩීමෙහි. ‘අනුයුත්තා විහරෙය්‍යාම’ ගිහිපළිබොධ හා ආවාසපළිබොධ හැරපියා විවික්ත සේනාසනයන්හි යුක්තප්‍රයුක්ත වූවමෝ අන්කටයුතු නැත්තමෝ වාසය කරන්නෙමු.

එවමාවුසොති ථෙරො එතෙසං ආසයං අජානන‍්තො ඉදං නෙසං මහාගජ‍්ජිතං සුත්‍වා “සචෙ ඉමෙ ඊදිසා භවිස‍්සන‍්ති, සාධූ”ති මඤ‍්ඤමානො “එවමාවුසො”ති සම‍්පටිච‍්ඡි. අට‍්ඨානමෙතං අනවකාසොති උභයම‍්පෙතං කාරණපටික‍්ඛෙපවචනං. කාරණඤ‍්හි යස‍්මා තත්‍ථ තදායත‍්තවුත‍්තිභාවෙන ඵලං තිට‍්ඨති. යස‍්මා චස‍්ස තං ඔකාසො හොති තදායත‍්තවුත‍්තිභාවෙන, තස‍්මා “ඨානඤ‍්ච අවකාසො චා”ති වුච‍්චති, තං පටික‍්ඛිපන‍්තො ආහ – “අට‍්ඨානමෙතං, ආනන්‍ද , අනවකාසො”ති. එතං ඨානං වා ඔකාසො වා නත්‍ථි. යං තථාගතොති යෙන තථාගතො වජ‍්ජීනං වා…පෙ… සමූහනෙය්‍ය, තං කාරණං නත්‍ථීති අත්‍ථො. යදි හි භගවා එතෙසං “ලභෙය්‍යාම උපසම‍්පද”න‍්ති යාචන‍්තානං උපසම‍්පදං දදෙය්‍ය, එවං සන‍්තෙ “පාරාජිකො හොති අසංවාසො”ති පඤ‍්ඤත‍්තං සමූහනෙය්‍ය. යස‍්මා පනෙතං න සමූහනති, තස‍්මා “අට‍්ඨානමෙත”න‍්තිආදිමාහ.

‘එවමාවුසො’ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මොවුන්ගේ අදහස නොදන්නාහු ඔවුන්ගේ මේ මහත් ගර්‍ජනාව අසා ‘මොවුහු මෙබන්දෝ වන්නාහුනම් මැනවැ’යි හඟින්නාහු ‘ඇවැත්නි! එසේය’යි පිළිගත්හ. ‘අට්ඨානං අනවකාසො’ මේ දෙපදයම කාරණ ප්‍රතික්‍ෂෙප වචනයි. එහි කාරණය වනාහි යම්හෙයකින් එහි එයට අයත් පැවතුම් ඇති බැවින් ඵලය සිටීද, යම්හෙයකින් එයට අයත් පැවැතුම් ඇති බැවින් ඒ කාරණය මෙයට අවකාශවේද, එහෙයින් ඨානයිද අවකාශයිද කියනු ලැබේ. එය ප්‍රතික්‍ෂෙප කරනසේක් ‘අට්ඨානමෙතං ආනන්‍ද අනවකාසො’ යනු වදාළ සේක. මේ කාරණය හෝ අවකාශය නැත්තේය. ‘යං තථාගතො’ යම් කරුණකින් තථාගතයන් වහන්සේ වජ්ජීන්ට හෝ -පෙ- සමූහනය කරන්නාහුද, ඒ කාරණය නැත්තේය යන අර්‍ත්‍ථයි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ලභෙය්‍යාම උපසම්පදං’යි යාච්ඤා කරන්නා වූ මොවුනට උපසම්පදාව දෙන්නාහු නම්, එසේ ඇතිකල්හි ‘පාරාජිකො හොති අසංවාසො’යි පනවනලද ශික්‍ෂාපදය සමූහනය කරන්නාහ. යම්හෙයකින් වනාහි ඒ ශික්‍ෂාපදය සමූහනය නො කෙරෙත්ද, එහෙයින් ‘අට්ඨානමෙතං’ යනාදිය වදාළ සේක.

සො ආගතො න උපසම‍්පාදෙතබ‍්බොති “යදි හි එවං ආගතො උපසම‍්පදං ලභෙය්‍ය, සාසනෙ අගාරවො භවෙය්‍ය. සාමණෙරභූමියං පන ඨිතො සගාරවො ච භවිස‍්සති, අත‍්තත්‍ථඤ‍්ච කරිස‍්සතී”ති ඤත්‍වා අනුකම‍්පමානො භගවා ආහ – “සො ආගතො න උපසම‍්පාදෙතබ‍්බො”ති. සො ආගතො උපසම‍්පාදෙතබ‍්බොති එවං ආගතො භික‍්ඛුභාවෙ ඨත්‍වා අවිපන‍්නසීලතාය සාසනෙ සගාරවො භවිස‍්සති, සො සති උපනිස‍්සයෙ නචිරස‍්සෙව උත‍්තමත්‍ථං පාපුණිස‍්සතීති ඤත්‍වා උපසම‍්පාදෙතබ‍්බොති ආහ.

‘සො ආගතො න උපසම්පාදෙතබ්බො’ ඉදින් මෙසේ ආයේවනාහි උපසම්පදාව ලබන්නේ නම්, එය ශාසනයට අගෞරවයක් වන්නේය. සාමණේර භූමියෙහි වනාහි සිටියේ ගෞරවසහිත වන්නේය. ආත්මාර්‍ත්‍ථයද කරන්නේයයි දැන අනුකම්පා කරන්නාවූම භාග්‍යවතුන් වහන්සේ ‘හෙතෙමේ ආයේ උපසම්පදා නොකටයුතුය’යි වදාළ සේක. ‘සො ආගතො උපසම්පාදෙතබ්බො’ මෙසේ ආයේ භික්‍ෂුභාවයෙහි සිට විපතට නොපත් සිල්ඇතිබැවින් ශාසනයෙහි ගෞරවසහිත වන්නේය. හෙතෙමේ හේතු සම්පත් ඇතිකල්හි නොබෝ කලකින්ම නිවණට පැමිණෙන්නේ යයි දැන උපසම්පදා කටයුතු යයි වදාළ සේක.

එවං මෙථුනං ධම‍්මං පටිසෙවිත්‍වා ආගතෙසු අනුපසම‍්පාදෙතබ‍්බඤ‍්ච උපසම‍්පාදෙතබ‍්බඤ‍්ච දස‍්සෙත්‍වා තීණිපි වත්‍ථූනි සමොධානෙත්‍වා පරිපුණ‍්ණං කත්‍වා සික‍්ඛාපදං පඤ‍්ඤපෙතුකාමො “එවඤ‍්ච පන, භික‍්ඛවෙ, ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථා”ති වත්‍වා “යො පන භික‍්ඛු…පෙ… අසංවාසො”ති පරිපුණ‍්ණං සික‍්ඛාපදං පඤ‍්ඤපෙසි.

මෙසේ මෙවුන්දම් සෙවනයකොට ආවුන් අතුරෙහි උපසපන් නොකටයුත්තහුද උපසපන් කටයුත්තහුද දක්වා, ත්‍රිවිධවස්තූන් එක්කොට ගළපා, පිරිපුන්කොට ශික්‍ෂාපදය පනවනු කැමති සේක් ‘එවඤ්ච පන භික්‍‍‍ඛවෙ ඉමං සික්‍ඛාපදං උද්දිසෙය්‍යාථ’යි වදාරා ‘යො පන භික්‍‍‍ඛු - පෙ- අසංවාසො’යි ශික්‍ෂාපදය සම්පූර්‍ණකොට පැණවූ සේක.

වජ‍්ජිපුත‍්තකවත්‍ථුවණ‍්ණනා නිට‍්ඨිතා.