යෙදුමෙන් කියවන්න

මක‍්කටීවත්‍ථු

මක‍්කටීවත්‍ථු

මක්කටී වස්තුව

1. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු වෙසාලියං මහාවනෙ මක‍්කටිං ආමිසෙන උපලාපෙත්‍වා තස‍්සා මෙථුනං ධම‍්මං පටිසෙවති. අථ ඛො සො භික‍්ඛු පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය වෙසාලිං පිණ‍්ඩාය පාවිසි.

1. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහ වෙනෙහි වැඳිරියක ආහාරයෙන් පොළොඹවා ඇය හා මෙවුන්දම් සෙවෙ යි. ඉක්බිති ඒ මහණ තෙමේ පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිඬු සඳහා විසල් පුරයට පිවිසියේ ය.

2. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ සෙනාසනචාරිකං ආහිණ‍්ඩන‍්තා යෙන තස‍්ස භික‍්ඛුනො විහාරො තෙනුපසඞ‍්කමිංසු. අද‍්දසා ඛො සා මක‍්කටී තෙ භික‍්ඛූ දූරතො’ව ආගච‍්ඡන‍්තෙ. දිස‍්වාන යෙන තෙ භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙසං භික‍්ඛූනං පුරතො කටිම‍්පි චාලෙසි, ඡෙප‍්පම‍්පි චාලෙසි, කටිම‍්පි ඔඩ‍්ඩි, නිමිත‍්තම‍්පි අකාසි. අථ ඛො තෙසං භික‍්ඛූනං එතදහොසි: “නිස‍්සංසයං ඛො සො භික‍්ඛු ඉමිස‍්සා මක‍්කටියා මෙථුනං ධම‍්මං පටිසෙවතී”ති එකමන‍්තං නිලීයිංසු. අථ ඛො සො භික‍්ඛු වෙසාලියං පිණ‍්ඩාය චරිත්‍වා පිණ‍්ඩපාතං ආදාය පටික‍්කමි.

2. එසමයෙහි බොහෝ භික්‍ෂුහු සේනාසනචාරිකාවෙහි හැසිරෙන්නෝ ඒ මහණහුගේ විහාරය වෙත පැමිණියාහු ය. ඒ වැඳිරි එන ඒ භික්‍ෂූන් දුර දී ම දුටුවා ය. දැක ඒ භික්‍ෂූන් වෙත පැමිණියා ය. පැමිණ ඒ භික්‍ෂූන් ඉදිරියෙහි කටිය ද සැලූ ය. නඟුට ද සැලූ ය. කටිය ද නැඟු ය. (මෙවුන් දමට ගැළපෙන සේ) නිමිත්ත ද කළා ය. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මේ සිත විය. “නිසැක ව ම ඒ මහණ මේ වැඳිරිය සමග මෙවුන්දම් සෙවෙයි යනුයි” ඔහු පසෙක සැඟවුනාහු ය. ඉක්බිති ඒ මහණ තෙමේ විසල්පුරයෙහි පිඬු පිණිස හැසිර පිඬු රැගෙණ ආපසු පැමිණියේ ය.

3. අථ ඛො සා මක‍්කටී යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි. අථ ඛො සො භික‍්ඛු තං පිණ‍්ඩපාතං එකදෙසං භුඤ‍්ජිත්‍වා එකදෙසං තස‍්සා මක‍්කටියා අදාසි. අථ ඛො සා මක‍්කටී භුඤ‍්ජිත්‍වා තස‍්ස භික‍්ඛුනො කටිං ඔඩ‍්ඩි. අථ ඛො සො භික‍්ඛු තස‍්සා මක‍්කටියා මෙථුනං ධම‍්මං පතිසෙවති.

3. ඉක්බිති ඒ වැඳිරි ඒ මහණ වෙත එළඹියා ය. ඒ මහණ තෙමේ ඒ පිණ්ඩපාතය එක් කොටසක් වළඳා එක් කොටසක් ඒ වැඳිරියට දුන. ඒ වැඳිරි එය අනුභව කොට ඒ මහණහට කටිය නැඟූ ය. තෙල මහණ ඒ වැඳිරිය සමග මෙවුන්දම් සෙවෙයි.

4. අථ ඛො තෙ භික‍්ඛූ තං භික‍්ඛුං එතදවොචුං: “නනු ආවුසො භගවතා සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං. කිස‍්ස ත්‍වං ආවුසො මක‍්කටියා මෙථුනං ධම‍්මං පතිසෙවසී”ති. “සච‍්චං, ආවුසො භගවතා සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං. තඤ‍්ච ඛො මනුස‍්සිත්‍ථියා, නො තිරච‍්ඡානගතායා”ති. “නනු, ආවුසො තථෙව තං හොති. අනනුච‍්ඡවියං ආවුසො අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. කථං හි නාම ත්‍වං ආවුසො එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිත්‍වා න සක‍්ඛිස‍්සසි යාවජීවං පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරිතුං? නනු ආවුසො භගවතා අනෙකපරියායෙන විරාගාය ධම‍්මො දෙසිතො නො සරාගාය -පෙ- කාමපරිළාහානං වූපසමො අක‍්ඛාතො? නෙතං ආවුසො අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය. අථ ඛ‍්වෙතං ආවුසො අප‍්පසන‍්නානඤ‍්චෙව අප‍්පසාදාය පසන‍්නානඤ‍්ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායා”ති. අථ ඛො තෙ භික‍්ඛූ තං භික‍්ඛුං අනෙකපරියායෙන විගරහිත්‍වා භගවතො එතමත්‍ථං අරොචෙසුං.

4. එකල්හි ඒ භික්‍ෂුහු ඒ මහණහට මෙය කීහු: “ඇවත, භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපදයක් පණවන ලද්දේ නො වේ ද? ඇවත, තෝ කුමක්හෙයින් වැඳිරිය සමග මෙවුන්දම් සෙවෙහි ද?” “ඇවත, සැබව, භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපදයක් පණවන ලද්දේ වේ. හෙ ද මිනිස් මාගම් හා මෙවුන්දම ඇරබ ය. තිරිසන් මාගම් සමග මෙවුන්දම් අරැබ නො වේ” ය යි ඒ මහණ කී ය. “ඇවැත්නි, එයත් එසේ ම නො වේ ද? ඇවැත්නි, නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක. නො ගැළපෙන්නක. මහණුන්ට අයෝග්‍යයෙක. නො කැපයෙක. නො කටයුත්තෙක. ඇවැත්නි, කෙසේ නම් තෝ මෙසේ මැනැවින් දේශනා කරණ ලද ශාසනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු කොට බඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද? ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? සරාගය පිණිස නො දෙසන ලද්දේ නො වේ ද? ... කාම පරිදාහයන්ගේ සංසිඳීම වදාරණ ලද්දේ නො වේ ද? ඇවැත්නි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස හෝ නො වෙයි. ඇවැත්නි, තව ද මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වේ” යනු යි. ඉක්බිති ඒ භික්‍ෂුහු ඒ මහණහට නොයෙක් ලෙසින් ගරහා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහු ය.

5. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා තං භික‍්ඛුං පටිපුච‍්ඡි: “සච‍්චං කිර ත්‍වං භික‍්ඛු මක‍්කටියා මෙථුනං ධම‍්මං පතිසෙවසී?”ති “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා:

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “සැබෑ ද මහණ, තෝ වැඳිරියක සමග මෙවුන්දම් සෙවෙහි දැ?” යි ඒ මහණ පුළුවුත් සේක. “සැබව, භාග්‍යවතුන් වහන්ස” යි එ මහණ කී ය. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගර්‍හා කළ සේක:

අනනුච‍්ඡවියං මොඝපුරිස, අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. කථං හි නාම ත්‍වං මොඝපුරිස, එවං ස‍්වාක‍්ඛාතෙ ධම‍්මවිනයෙ පබ‍්බජිත්‍වා න සක‍්ඛිස‍්සසි යාවජීවං පරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරිතුං? නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන විරාගාය ධම‍්මො දෙසිතො නො සරාගාය -පෙ- කාමපරිළාහානං වූපසමො අක‍්ඛාතො?

“හිස් පුරුෂය, නුසුදුස්සෙක. අනුලොම් නො වූවෙක. නො ගැළපෙන්නක. මහණුන්ට යෝග්‍ය නුවූවෙක. නො කැපයක. නො කටයුත්තෙක. හිස් පුරුෂය, කෙසේ නම් තෝ මෙසේ මැනවින් දෙසන ලද ශාසනයෙහි පැවිදි වී දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු කොට මගබඹසර හැසිරෙන්නට නො හැකි වූයෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ලෙසින් විරාගය පිණිස ධර්‍මය දේශනා කරණ ලද්දේ නො වේ ද? සරාගය පිණිස දහම් නො දෙසන ලද්දේ නො වේ ද? ... කාමපරිදාහයන්ගේ සංසිඳීම කියන ලද්දේ නො වේ ද?

6. වරං තෙ මොඝපුරිස, ආසීවිසස‍්ස ඝොරවිසස‍්ස මුඛෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං, න ත්‍වෙව මක‍්කටියා අඞ‍්ගජාතෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං. වරං තෙ මොඝපුරිස කණ‍්හසප‍්පස‍්ස මුඛෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං, න ත්‍වෙව මක‍්කටියා අඞ‍්ගජාතෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං. වරං තෙ මොඝපුරිස, අඞ‍්ගාරකාසුයා ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං, න ත්‍වෙව මක‍්කටියා අඞ‍්ගජාතෙ අඞ‍්ගජාතං පක‍්ඛිත‍්තං. තං කිස‍්ස හෙතු? තතොනිදානං හි, මොඝපුරිස, මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛං. න ත්‍වෙව තප‍්පච‍්චයා කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍ය. ඉතො නිදානඤ‍්ච ඛො මොඝපුරිස, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍ය.

6. හිස් පුරුෂය, දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, කෘෂ්ණ සර්‍පයක්හුගේ මුඛයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, ඇවිලගත්, හාත්පසින් ඇවිලගත්, ගිනිදැල් සහිත වූ අඟුරුවළෙක ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණය වැනි දුකකට හෝ පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුගති වූ විවස ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. හිස් පුරුෂය, මේ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ ය.

7. තත්‍ථ නාම ත්‍වං මොඝපුරිස, යං ත්‍වං අසද‍්ධම‍්මං ගාමධම‍්මං වසලධම‍්මං දුට‍්ඨුල‍්ලං ඔදකන‍්තිකං රහස‍්සං ද‍්වයංද‍්වයසමාපත‍්තිං සමාපජ‍්ජිස‍්සසි, නෙතං මොඝපුරිස, අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භියොභාවාය. අථ ඛ‍්වෙතං මොඝපුරිස, අප‍්පසන‍්නානඤ‍්චෙව අප‍්පසාදාය පසන‍්නානඤ‍්ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායා’ති.

7. හිස් පුරුෂය, මෙහි තෝ මෙබඳු වූ සාවද්‍ය කර්‍මයෙහි, ගම්වැසියන්ගේ ස්වභාවයක් වූ, නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ලාමක පුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසින් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇත්තා වූ, රහසේ කටයුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන්ගේ සමවැදීමක් වූ, යම් මෙවුන්දම් සෙවීමකට සමවන්නෙහි ද, හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස ද, පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස ද නො වෙයි. හිස් පුරුෂය, වැලිදු මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද, පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වෙයි”.

8. අථ ඛො භගවා තං භික‍්ඛුං අනෙකපරියායෙන විගරහිත්‍වා දුභරතාය දුප‍්පොසතාය මහිච‍්ඡතාය අසන‍්තුට‍්ඨිතාය සඞ‍්ගණිකාය කොසජ‍්ජස‍්ස අවණ‍්ණං භාසිත්‍වා අනෙකපරියායෙන සුභරතාය සුප‍්පොසතාය අප‍්පිච‍්ඡස‍්ස සන‍්තුට‍්ඨස‍්ස සල‍්ලෙඛස‍්ස ධුතස‍්ස පාසාදිකස‍්ස අපචයස‍්ස විරියාරම‍්භස‍්ස වණ‍්ණං භාසිත්‍වා භික‍්ඛූනං තදනුච‍්ඡවිකං තදනුලොමිකං ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි:

8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට නොයෙක් ලෙසින් ගරහා දුභර බව්හි ද, දුකසේ පෝෂණය කට හැකි බව්හි ද, මහත් ආශා ඇති බව්හි ද, ලද දෙයකින් සතුටු නො වීමෙහි ද, සමූහයා කෙරෙහි ඇලීමෙහි ද, කුසීත බව්හි ද අගුණ වදාරා, නොයෙක් කරුණින් සුභර බව්හි ද, සුවසේ පෝෂණය කටහැකි බව්හි ද, අපිස් බව්හි ද, සතොස් බව්හි ද, සැහැල්ලු බව්හි ද, සංලේඛයෙහි ද, ප්‍රසාද එළවීමෙහි ද, කෙලෙස් සංසිඳුවීමෙහි ද, වීර්‍ය්‍යාරම්භයෙහි ද ගුණ වදාරා, භික්‍ෂූන්ට එතැනට සුදුසු වූ ද, එයට අනුලොම් වූ ද, දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූ සේක:

9. “තෙන හි භික‍්ඛවෙ භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤාපෙස‍්සාමි දස අත්‍ථවසෙ පටිච‍්ච: සඞ‍්ඝසුට‍්ඨුතාය, සඞ‍්ඝඵාසුතාය, දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය, පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය, දිට‍්ඨම‍්මිකානං ආසවානං සංවරාය, සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය, අප‍්පසන‍්නානං පසාදාය, පසන‍්නානං භිය්‍යොභාවාය, සද‍්ධම‍්මට‍්ඨිතියා, විනයානුග‍්ගහාය. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

9. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝයාගේ හිත සුව පිණිස, සඞ්ඝයාගේ පහසුව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස, මෙලොව දී විය හැකි විපත් දුරු කිරීම පිණිස, පරලොව දී වන දුක් නැසීම පිණිස, නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස, භික්‍ෂූන්ට සිකපදයක් පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු මෙථුනං ධම‍්මං පතිසෙවෙය්‍ය අන‍්තමසො තිරච‍්ඡානගතායපි, පාරාජිකො හොති අසංවාසො”ති.

“යම් මහණෙක් යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක් හා ද මෙවුන්දම් සෙවියේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ, සංඝයා හා සමාන සංවාස රහිතයෙක් වේ.”

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වෙයි.

[දුතියපඤ‍්ඤත‍්ති]

[දෙවැනි පැණවීමයි.]

මක‍්කටීවත්‍ථු නිට‍්ඨිතං.

මක්කටී වස්තුව නිමි.