විනීතවත්ථු
විනීතවත්ථු
විනිශ්චිත කථාවස්තු
උද්දානගාථා:
උද්දාන ගාථාවෝ:
මක්කටී වජ්ජිපුත්තා ච ගිහී නග්ගො ච තිත්ථියා, දාරිකුප්පලවණ්ණා ච බ්යඤ්ජනෙහිපරෙ දුවෙ.
මක්කටී වජ්ජිපුත්තක ගිහී නග්න තිත්ථිය වස්තුහු ය, දාරිකා උප්පලවණ්ණා වස්තු දෙක ය, අන්‍ය වූ බ්‍යඤ්ජන වස්තු දෙක ය, (15)
මාතා ධීතා භගිනී ච ජායා ච මුදු ලම්බිනො, ද්වෙ වණාලෙපචිත්තඤ්ච දාරුධීතලිකාය ච.
මාතු දුහිතු භගිනි ජායා වස්තුහු ය, මුදුපිට්ඨී ලම්බී වස්තු දෙක ය, වණවත්ථු දෙක ය, දාරුධීතලිකා වස්තුව සමග ආලේපචිත්ත වස්තු ය, (10)
සුන්දරෙන සහ පඤ්ච පඤ්ච සිවථිකට්ඨිකා, නාගී යක්ඛී ච පෙතී ච පණ්ඩකොපහතො ඡුපෙ.
සුන්දර වස්තුව සමග වස්තු පස හා සීවථික වස්තු පසය, අට්ඨිකවස්තුව ය, යක්ඛී නාගී පේතී පණ්ඩක උපහත ඡුපිත යන වස්තුහු ය, (17)
භද්දියෙ අරහං සුත්තො සාවත්ථියා චතුරො පරෙ, වෙසාලියා තයො මල්ලා සුපිනෙ භාරුකච්ඡකො.
භද්දිය නුවර සුත්ත අරහ වස්තුව ය. අන්‍ය වූ සැවැතෙහි වස්තු සතර ය, විසල්පුර මල්ල වස්තු තුණ ය, සුපින වස්තුව ය, භාරුකච්ඡක වස්තුව ය. (10)
සුපබ්බා සද්ධා භික්ඛුනී සික්ඛමානා සාමණෙරී ච, වෙසියා පණ්ඩකො ගිහී අඤ්ඤමඤ්ඤං බුඩ්ඪපබ්බජිතො මිගො ති.
සුපබ්බා වස්තු නව ය, සද්ධා වස්තු නව ය, භික්ඛුණී වස්තුව ය, සික්ඛමානා සාමණෙරී වස්තු දෙක ය, වේසී පණ්ඩක ගිහි වස්තු තුණ ය, අඤ්ඤමඤ්ඤ බුඩ්ඪපබ්බජිත මිග වස්තු ය යන මොහු වෙත්. (27)
1. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මක්කටියා මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි. භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං. කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නො’ති. භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (1)
1. එ සමයෙහි එක්තරා මහණෙක් වැඳිරියක හා මෙවුන්දම් සෙවී ය. “භාග්‍යවතුන්වහන්සේ විසින් සික පද පනවන ලදී. කිම, මම පරිජි ඇවැත් අවන්නෙම් දෝ?” යි ඔහුට කුකුසෙක් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (1)
2. තෙන ඛො පන සමයෙන සම්බහුලා වෙසාලිකා වජ්ජිපුත්තකා භික්ඛූ සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවිංසු. තෙසං කුක්කුච්චං අහොසි: භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං. කච්චි නු ඛො මයං පාරාජිකං ආපත්තිං ආපන්නා’ති. භගවතො එතමත්ථං අරොචෙසුං -පෙ- ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජිකන්ති. (2)
2. එ සමයෙහි විසල්පුර වැසි බොහෝ වජ්ජිපුත්තක භික්ෂුහු සික පිළිකෙව් නො කොට දුබල බව් පළ නො කොට මෙවුන්දම් සෙවූහ. “භාග්‍යවතුන් වහන්සේ විසින් සික පදයක් පණවන ලදී. කිම, අපි පරිජි ඇවැත් අවන්නමෝ දැ?”යි ඔවුනට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජි ඇවැත් අවන්නහු ය”. (2)
3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එවං මෙ අනාපත්ති භවිස්සතීති ගිහීලිඞ්ගෙන මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (3)
3. එසමයෙහි එක්තරා මහණෙක් ‘මෙසේ මට ඇවැත් නොවන්නේය’යි ගිහි වෙසින් මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (3)
4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එවං මෙ අනාපත්ති භවිස්සතීති නග්ගො හුත්වා මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (4)
4. එ සමයෙහි එක්තරා මහණෙක් තෙමේ ‘මෙසේ මට ඇවැත් නොවන්නේය’යි නග්න ව සිවුර ඉවත ලා මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (4)
5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එවං මෙ අනාපත්ති භවිස්සතීති කුසචීරං නිවාසෙත්වා -පෙ- වාකචීරං නිවාසෙත්වා -පෙ- ඵලකචීරං නිවාසෙත්වා -පෙ- කෙසකම්බලං නිවාසෙත්වා -පෙ- වාලකම්බලං නිවාසෙත්වා -පෙ- උලූකපක්ඛං නිවාසෙත්වා -පෙ- අජිනක්ඛිපං නිවාසෙත්වා මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (5-11)
5. එසමයෙහි එක්තරා මහණෙක් තෙමේ මෙසේ මට ඇවැත් නොවන්නේය යි කුසතණ වැහැරි හැඳ ... නියඳ වැහැරි හැඳ ... පුවරු සටහනින් මසා කළ වැහැරි හැඳ ... කෙස්වලින් කළ කම්බිලි හැඳ ... සෙමර වලින් කළ කම්බිලි හැඳ ... මහමුහුණු පියාපතින් කළ වැහැරි හැඳ ... ලොම් කුර සහිත අඳුන් දිවිසම් හැඳ ... මෙවුන් දම් සෙවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණෙ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (5-11)
6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු පීඨකෙ නිපන්නං දාරිකං පස්සිත්වා සාරත්තො අඞ්ගුට්ඨං අඞ්ගජාතං පවෙසෙසි. සා කාලමකාසි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සඞ්ඝාදිසෙසස්සා”ති. (12)
6. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් පුටුවක හොත් දැරියක් දැක කායසංසග්ගරාගයෙන් යුක්තවූයේ මාපටැඟිල්ල අංගජාතයට ප්‍රවිෂ්ට කෙළේ ය. ඕ කලුරිය කළා ය. ඔහුට කුකුසෙක් විය. ...“මහණ පරිජි ඇවත් නො වේ. සඟ වෙසෙස් ඇවත් වේ.” (12)
7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො මාණවකො උප්පලවණ්ණාය භික්ඛුනියා පටිබද්ධචිත්තො හොති. අථ ඛො සො මාණවකො උප්පලවණ්ණාය භික්ඛුනියා ගාමං පිණ්ඩාය පවිට්ඨාය කුටිකං පවිසිත්වා නිලීනො අච්ඡි. උප්පලවණ්ණා භික්ඛුනී පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා පාදෙ පක්ඛාලෙත්වා කුටිකං පවිසිත්වා මඤ්චකෙ නිසීදි. අථ ඛො සො මාණවකො උප්පලවණ්ණං භික්ඛුනිං උග්ගහෙත්වා දූසෙසි. උප්පලවණ්ණා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනාපත්ති භික්ඛවෙ අසාදියන්තියා”ති. (13)
7. එසමයෙහි එක්තරා මාණවකයෙක් උපුල්වන් මෙහෙණ කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ වෙයි. ඉක්බිති ඒ මාණවක තෙමේ උපුල්වන් මෙහෙණ ගමට පිඬු පිණිස වන් කල්හි කිළියට වැද සැඟවී හුන. උපුල්වන් මෙහෙණ පසුබත් කාලයෙහි පිඬු සිඟා පෙරළා පැමිණියා පා සෝදා කිළියට පිවිස ඇඳෙහි හුන්නු ය. ඉක්බිති ඒ තරුණයා උපුල්වන් මෙහෙණ මැඩ ගෙණ දූෂණය කෙළේ ය. උපුල්වන් මෙහෙණ තෙල කරුණ භික්ෂුණීන්ට සැළ කළා ය. භික්ෂුණීහු භික්ෂුන්ට මේ කරුණ සැළ කළාහු ය. භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට එය සැළ කළාහු ය. ... “මහණෙනි, නොඉවසන්නියට ඇවැත් නො වේ.” (13)
8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො ඉත්ථිලිඞ්ගං පාතුභූතං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං “අනුජානාමි, භික්ඛවෙ තඤ්ඤෙව උපජ්ඣං, තමෙව උපසම්පදං, තානි වස්සානි, භික්ඛුනීහි සඞ්කමිතුං, යා ආපත්තියො භික්ඛූනං භික්ඛුනීහි සාධාරණා, තා ආපත්තියො භික්ඛුනීනං සන්තිකෙ වුට්ඨාතුං, යා ආපත්තියො භික්ඛූනං භික්ඛුනීහි අසාධාරණා තාහි ආපත්තීහි අනාපත්තී”ති. (14)
8. එසමයෙහි එක්තරා මහණකුට ස්ත්‍රීනිමිත්ත පහළ විය. භාග්‍යවතුන්වහන්සේට මෙය සැළ කළාහු ය. “මහණෙනි, එම උපාධ්‍යායයන් ද, ඒ උපසපුව ද, ඒ වස් ද, භික්ෂුණීන් සමග එකතු වන්නට ද භික්ෂූන් පිළිබඳ භික්ෂුණීන් හා සාධාරණ යම් ඇවැත් වේ නම් ඒ ඇවැත් භික්ෂුණීන් වෙත දෙසා නැගී සිටින්ට ද අනුදනිමි. භික්ෂූන් පිළිබඳ භික්ෂුණීන් හා අසාධාරණ යම් ඇවැත් කෙනෙක් වෙත් නම් ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.” (14)
9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්සා භික්ඛුනියා පුරිසලිඞ්ගං පාතුභූතං හොති. භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනුජානාමි භික්ඛවෙ තඤ්ඤෙව උපජ්ඣං, තමෙව උපසම්පදං, තානි වස්සානි, භික්ඛූහි සඞ්කමිතුං, යා ආපත්තියො භික්ඛුනීනං භික්ඛූහි සාධාරණා තා ආපත්තියො භික්ඛූනං සන්තිකෙ වුට්ඨාතුං, යා ආපත්තියො භික්ඛුනීනං භික්ඛූහි අසාධාරණා, තාහි ආපත්තීහි අනාපත්තී”ති. (15)
9. එසමයෙහි එක්තරා භික්ෂුණියකට පුරුෂනිමිත්ත පහළ විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පුවත සැළ කළාහු ය. මහණෙනි එම උපාධ්‍යායයන් වහන්සේ ද, එම උපසපුව ද, ඒ වස් ගණන ද, භික්ෂූන් සමග එක් වන්ට ද අනුදනිමි. භික්ෂුණීන් පිළිබඳ භික්ෂූන් හා සාධාරණ යම් ඇවැත් වේ නම් ඒ ඇවැත් භික්ෂූන් වෙත දෙසා නැගී සිටින්නට ද අනුදනිමි. භික්ෂුණීන් පිළිබඳ භික්ෂූන් හා අසාධාරණ යම් ඇවැත් කෙනෙක් වෙත් නම් ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.” (15)
10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එවං මෙ අනාපත්ති භවිස්සතීති මාතුයා මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- ධීතුයා මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- භගිනියා මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (16-18)
10. එසමයෙහි එක්තරා මහණෙක් “මෙසේ මට ඇවැත් නො වන්නේය”යි මවු හා මෙවුන්දම් සෙවී ය. ... දුව හා මෙවුන් දම් සෙවී ය. ... බුහුන හා මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. භාග්‍යවතුන්වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (16-18)
11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පුරාණදුතියිකාය මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු, ආපන්නො පාරාජික”න්ති. (19)
11. එසමයෙහි එක්තරා මහණෙක් ගිහිකල අඹු වූ තෙනැත්තිය සමග මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි” ය. (19)
12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මුදුපිට්ඨිකො හොති. සො අනභිරතියා පීළිතො අත්තනො අඞ්ගජාතං මුඛෙන අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (20)
12. එසමයෙහි එක්තරා මහණෙක් මොළොක් පිටු ඇත්තෙක් වෙයි. හෙ තෙමේ අනභිරතියෙන් පෙළුනේ සිය රහසඟ මුවින් ගත්තේ ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (20)
13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ලම්බී හොති. සො අනභිරතියා පීළිතො අත්තනො අඞ්ගජාතං අත්තනො වච්චමග්ගං පවෙසෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු, ආපන්නො පාරාජික”න්ති. (21)
13. එසමයෙහි එක්තරා මහණෙක් එල්බෙන රහසඟ ඇත්තේ වෙයි. හේ අනභිරතියෙන් පෙළුනේ සිය රහසඟ තමාගේ වසමගෙහි මෙහෙයී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (21)
14. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මතසරීරං පස්සි. තස්මිඤ්ච සරීරෙ අඞ්ගජාතසාමන්තා වණො හොති. සො එවං මෙ අනාපත්ති භවිස්සතීති අඞ්ගජාතෙ අඞ්ගජාතං පවෙසෙත්වා වණෙන නීහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (22)
14. එසමයෙහි එක්තරා මහණෙක් මළ සිරුරක් දිටී ය. ඒ සිරුරෙහි රහසඟ අවට ව්‍රණයෙක් වෙයි. හේ ‘මෙසේ මට ඇවැත් නොවන්නේ’ ය යි රහසඟෙහි රහසඟ මෙහෙයා ව්රණයෙන් බැහැර කෙළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (22)
15. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු මතසරීරං පස්සි, තස්මිඤ්ච සරීරෙ අඞ්ගජාතසාමන්තා වණො හොති. සො එවං මෙ අනාපත්ති භවිස්සතීති වණෙ අඞ්ගජාතං පවෙසෙත්වා අඞ්ගජාතෙන නීහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (23)
15. එසමයෙහි එක්තරා මහණෙක් මළ සිරුරක් දුට. ඒ සිරුරෙහි ද රහසඟ අවට ව්‍රණයෙක් වෙයි. හෙතෙමේ “මට මෙසේ ඇවැත් නො වන්නේ ය”යි ව්‍රණයෙහි අඞ්ගජාතය මෙහෙයා අඞ්ගජාතයෙන් බැහැර කෙළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (23)
16. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො ලෙපචිත්තස්ස නිමිත්තං අඞ්ගජාතෙන ඡුපි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (24)
16. එසමයෙහි එක්තරා මහණෙක් රාගයෙන් ඇලුනේ සිතුවම්රුවක නිමිත්ත රහසඟින් පහළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ” (24)
17. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාරත්තො දාරුධීතලිකාය නිමිත්තං අඞ්ගජාතෙන ඡුපි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ‘අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (25)
17. එසමයෙහි එක්තරා මහණෙක් රාගයෙන් ඇලුනේ දැවමුවා පෙතැලිරුවක නිමිත්ත රහසඟින් පහළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ” (24)
18. තෙන ඛො පන සමයෙන සුන්දරො නාම භික්ඛු රාජගහා පබ්බජිතො රථිකාය ගච්ඡති. අඤ්ඤතරා ඉත්ථි “මුහුත්තං භන්තෙ ආගමෙහි වන්දිස්සාමී’ති සා වන්දන්තී අන්තරවාසකං උක්ඛිපිත්වා මුඛෙන අඞ්ගජාතං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “සාදියි ත්වං භික්ඛූ”ති. “නාහං භගවා සාදියි”න්ති. “අනාපත්ති භික්ඛු අසාදියන්තස්සා”ති. (26)
18. එසමයෙහි රජගහනුවරින් පැවිදි වූ සුන්දර නම් මහණ තෙමේ වීථියෙහි යෙයි. එක්තරා ස්ත්‍රියක් “වහන්ස, මොහොතක් නවතිනු මැනව. වඳින්නෙමි”යි කීවා ය. වඳින්නී අඳනය ඔසවා රහසඟ මුවින් ගත්තී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ ඉවසූයෙහි දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් නො ඉවසීමි”යි හේ කි ය. “මහණ නොඉවසන්නහුට ඇවැත් නො වේ.” (26)
19. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. “අලං භගිනි නෙතං කප්පතීති”. ‘එහි භන්තෙ අහං වායමිස්සාමි, ත්වං මා වායමි. එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-. “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (27)
19. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් මහණකු දැක “වහන්ස එනු මැනවි. මෙවුන්දම් සෙවුව මැනව”යි මෙය කීවා ය. “නැගනියෙනි, කම් නැත. මෙය නො කැප ය”යි හේ කී ය. “වහන්ස, එනු මැනව. මම වෑයම් කරන්නෙමි. ඔබ නහමක් වෑයම් කරන්න. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (27)
20. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. අලං භගිනි නෙතං කප්පතීති. එහි භන්තෙ ත්වං වායම, අහං න වායමිස්සාමි, එවං තෙ අනාපත්ති භවිස්සතීති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (28)
20. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් මහණකු දැක “වහන්ස, එනු මැනව, මෙවුන්දම් සෙවුව මැනව”යි, මෙය කීවා ය. නැගනියෙනි, නුසුදුසු ය, මෙය නො කැපය”යි හේ කී ය. “වහන්ස, එනු මැනවි. මම වෑයම් නො කරන්නෙමි. ඔබ වෑයම් කරන්න. මෙසේ ඔබට ඇවැත් නො වන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණ හට කුකුසෙක් විය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (28)
21. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා ඉත්ථි භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. අලං භගිනි නෙතං කප්පතීති. “එහි භන්තෙ අබ්භන්තරං ඝට්ටෙත්වා බහි මොචෙහි” -පෙ- “බහි ඝට්ටෙත්වා අබ්භන්තරං මොචෙහි එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (29, 30)
21. එසමයෙහි එක්තරා ස්ත්‍රියක් මහණකු දැක “වහන්ස, එනු මැනව, මෙවුන්දම් සෙවුව මැනව”යි මෙය කී ය. “නැගනියෙනි, නුසුදුසු ය, මෙය නො කැප ය”යි හේ කී ය. “වහන්ස එනු මැනව, අබතුර ගටා බැහැර මුදන්න. ... බැහැර ගටා අබතුර මුදන්න. මෙසේ ඔබට ඇවැත් නො වන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ එසේ කෙළේ ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (29-30)
22. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා අක්ඛයිතං සරීරං පස්සිත්වා තස්මිං මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (31)
22. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් නො ගෙවී ගිය සිරුරක් දැක එහි මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”. (31)
23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා යෙභුය්යෙන අක්ඛයිතං සරීරං පස්සිත්වා තස්මිං මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (32)
23. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් බෙහෙවින් නො ගෙවී ගිය සිරුරක් දැක එහි මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”. (32)
24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා යෙභුය්යෙන ඛයිතං සරීරං පස්සිත්වා තස්මිං මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“අනාපත්ති භික්ඛු, පාරාජිකස්ස, ආපත්ති ථුල්ලච්චයස්සා”ති. (33)
24. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් බෙහෙවින් ගෙවී ගිය සිරුරක් දැක එහි මෙවුන්දම් සෙවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ”. (33)
25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා ඡින්නසීසං පස්සිත්වා වත්තකතෙ මුඛෙ ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (34)
25. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් සුන් හිසක් දැක විවට මියෙහි පහසමින් රහසඟ පිවිසවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජිඇවැත් අවන්නෙහි ය”. (34)
26. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සීවථිකං ගන්ත්වා ඡින්නසීසං පස්සිත්වා වත්තකතෙ මුඛෙ අච්ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (35)
26. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනකට ගොස් සුන් හිසක් දැක විවට මියෙහි නොපහසමින් රහසඟ පිවිසවී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”. (35)
27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරස්සා ඉත්ථියා පටිබද්ධචිත්තො හොති. සා කාලකතා සුසානෙ ඡඩ්ඩිතා. අට්ඨිකානි විප්පකිණ්ණානි හොන්ති. අථ ඛො සො භික්ඛු සීවථිකං ගන්ත්වා අට්ඨිකානි සංකඩ්ඪිත්වා නිමිත්තෙ අඞ්ගජාතං පටිපාදෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (36)
27. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා ස්ත්‍රියක කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ වෙයි. ඕ කලුරිය කළා සොහොනෙහි බහන ලද්දී වෙයි. ඇට විසුරුණේ වෙයි. ඉක්බිති ඒ මහණ සොහොනට ගොස් ඇට රැස් කොට නිමිති සටහනින් රහසඟ මෙහෙයී ය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ.”. (36)
28. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු නාගියා මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- යක්ඛියා මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- පෙතියා මෙථුනං ධම්මං පතිසෙවි. -පෙ- පණ්ඩකස්ස මෙථුනං ධම්මං පතිසෙවි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (37-40)
28. එසමයෙහි එක්තරා මහණෙක් නැයිනියක හා මෙවුන්දම් සෙවී ය. ... යකින්නක හා මෙවුන්දම් සෙවී ය. ... ප්‍රේතියක හා මෙවුන්දම් සෙවී ය. ... පණ්ඩකයකු හා මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (37-40)
29. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු උපහතින්ද්රියො හොති. සො ‘නාහං වෙදියාමි සුඛං වා දුක්ඛං වා, අනාපත්ති මෙ භවිස්සතී’ති මෙථුනං ධම්මං පතිසෙවි -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසුං. “වෙදියි වා සො භික්ඛවෙ මොඝපුරිසො න වා වෙදියි, ආපත්ති පාරාජිකස්සා”ති. (41)
29. එසමයෙහි එක්තරා මහණෙක් නටඉඳුරන් ඇත්තේ වෙයි. හේ “මම සුවයක් හෝ නොසුවයක් නො විඳිමි. මට ඇවැත් නො වන්නේ ය”යි මෙවුන්දම් සෙවීය. ... භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළාහු ය. “මහණෙනි, ඒ හිස් මහණ වින්දේ හෝ නොවින්දේ හෝ පරිජිඇවැත් වේ”. (41)
30. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ඉත්ථියා මෙථුනං ධම්මං පතිසෙවිස්සාමීති ඡුපිතමත්තෙ විප්පටිසාරී අහොසි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති සඞ්ඝාදිසෙසස්සා”ති. (42)
30. එසමයෙහි එක්තරා මහණෙක් ස්ත්‍රියක හා මෙවුන්දම් සෙවුනෙමි යි පහස්නා ලද පමණෙහි විපිළිසර විය. ඒ මහණහට කුකුසෙක් විය. ... “මහණ, පරිජි ඇවැත් නො වේ. සඟවෙසෙස් ඇවැත් වේ.” (42)
31. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භද්දියෙ ජාතියාවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. තස්ස අඞ්ගමඞ්ගානි වාතූපත්ථද්ධානි හොන්ති. අඤ්ඤතරා ඉත්ථි පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදිත්වා යාවදත්ථං කත්වා පක්කාමි. භික්ඛූ කිලින්නං පස්සිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං.
31. එසමයෙහි එක්තරා මහණෙක් භද්දිය නුවර ජාතියාවනයෙහි දිවාවිහාරගත ව හොත්තේ වෙයි. ඔහුගේ අවයවයෝ වාතයෙන් තද වූවාහු වෙත්. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක රහසඟ මතුයෙහි හිඳ ගෙන ඇති තාක් කොට ගියා ය. භික්ෂුහු තෙත් වූවහු දැක භාග්යවත්නු වහන්සේට මෙපවත් සැළ කළාහු ය.
“පඤ්චහි භික්ඛවෙ ආකාරෙහි අඞ්ගජාතං කම්මනියං හොති: රාගෙන වච්චෙන පස්සාවෙන වාතෙන උච්චාලිඞ්ගපාණකදට්ඨෙන. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහාකාරෙහි අඞ්ගජාතං කම්මනියං හොති. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො යං තස්ස භික්ඛුනො රාගෙන අඞ්ගජාතං කම්මනියං අස්ස. අරහං සො භික්ඛවෙ භික්ඛු. අනාපත්ති භික්ඛවෙ තස්ස භික්ඛුනො”ති. (43)
“මහණෙනි, අයුරු පසකින් රහසඟ කර්මණ්ය වෙයි. රාගයෙන් ද වර්චසින් ද මූත්‍රයෙන් ද වාතයෙන් ද බූ පණුවන් ගැටීමෙන් ද යන පසෙනි. මහණෙනි, මේ පස් අයුරෙන් රහසඟ කර්මණ්ය වෙයි. මහණෙනි, ඒ භික්ෂුහුගේ අඞ්ගජාතය රාගයෙන් කර්මන්ය වන්නේය යන මෙයට කරුණෙක් නැත. අවකාශයෙක් නැත. මහණෙනි, ඒ භික්ෂු තෙමේ රහත් ය. මහණෙනි, ඒ භික්ෂුහට ඇවැත් නො වේ”. (43)
32. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං අන්ධවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. අඤ්ඤතරා ගොපාලිකා පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදි. සො භික්ඛු පවෙසනං සාදියි, පවිට්ඨං සාදියි, ඨිතං සාදියි, උද්ධරණං සාදියි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (44)
32. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත් නුවර අන්ධවනයෙහි දිවා විහාරයට ගියේ හොත්තේ වෙයි. එක්තරා ගොපලු ස්ත්‍රියක් දැක අඞ්ගජාතය මත්තෙහි හිඳ ගත්තී ය. ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසී ය. ප්රවිෂ්ටය ඉවසී ය. ස්ථිතය ඉවසී ය. උද්ධරණය ඉවසී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය”. (44)
33. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං අන්ධවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. අඤ්ඤතරා අජපාලිකා පස්සිත්වා -පෙ- අඤ්ඤතරා කට්ඨහාරිකා පස්සිත්වා -පෙ- අඤ්ඤතරා ගොමයහාරිකා පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදි. සො භික්ඛු පවෙසනං සාදියි, පවිට්ඨං සාදියි, ඨිතං සාදියි, උද්ධරණං සාදියි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (45-47)
33. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත් නුවර අන්ධවනයෙහි දිවා විහාරයට ගියේ, හොත්තේ වෙයි. එක්තරා අජපාල ස්ත්‍රියක් දැක ... එක්තරා දර ගෙණෙන්නියක් දැක ... ගොම ගෙණ යන්නියක් දැක අඞ්ගජාතය මත්තෙහි හිඳගත්තී ය. ඒ මහණ තෙමේ ප්‍රවේශය ඉවසී ය. ප්රවිෂ්ටය ඉවසී ය. ස්ථිතය ඉවසී ය. උද්ධරණය ඉවසී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (45-47)
34. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වෙසාලියං මහාවනෙ දිවාවිහාරගතො නිපන්නො හොති. අඤ්ඤතරා ඉත්ථි පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදිත්වා යාවදත්ථං කත්වා සාමන්තා හසමානා ඨිතා හොති . සො භික්ඛු පටිබුජ්ඣිත්වා තං ඉත්ථිං එතදවොච: “තුය්හිදං කම්මන්ති. “ආම මය්හං කම්ම”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “සාදියි ත්වං භික්ඛූ”ති. “නාහං භගවා ජානාමි”ති. “අනාපත්ති භික්ඛු අජානන්තස්සා”ති. (48)
34. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි දිවාවිහාරයට ගියේ හොත්තේ වෙයි. එක්තරා ස්ත්‍රියක් දැක රහසඟ මත්තෙහි හිඳගෙණ ඇතිතාක් කොට සිනාසෙමින් සමීපයෙහි සිටියා වෙයි. ඒ මහණ තෙමේ පිබිදී ඒ ස්ත්‍රියගෙන් “මේ කාර්ය්යය තිගේ දැ?”යි ඇසී ය. “එසේ ය, මගේ කාර්ය්යයකි”යි ඕ කිවු ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ ඉවසූයෙහි ද? ... භාග්‍යවතුන් වහන්ස, මම නො දනිමි”යි හේ කී ය. මහණ, නොදන්නහුට ඇවැත් නො වේ”. (48)
35. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වෙසාලියං මහාවනෙ දිවාවිහාරගතො රුක්ඛං අපස්සාය නිපන්නො හොති. අඤ්ඤතරා ඉත්ථි පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදි. සො භික්ඛු සහසා වුට්ඨාසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “සාදියි ත්වං භික්ඛූ”ති. “නාහං භගවා සාදියි”න්ති. අනාපත්ති භික්ඛු අසාදියන්තස්සා”ති. (49)
35. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි දිවා විහාරයට ගියේ ගහකට හාන්සි වී හොත්තේ වෙයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක රහසඟ මතුයෙහි හිඳගත්තා ය. ඒ මහණ තෙමේ වහා නැගිට සිටියේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ ඉවසුයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො ඉවසීමි”. “මහණ, නො ඉවසන්නහුට ඇවැත් නො වේ”. (49)
36. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වෙසාලියං මහාවනෙ දිවාවිහාරගතො රුක්ඛං අපස්සාය නිපන්නො හොති. අඤ්ඤතරා ඉත්ථි පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදි. සො භික්ඛු අක්කමිත්වා පවට්ටෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “සාදියි ත්වං භික්ඛූ”ති. “නාහං භගවා සාදියි”න්ති. අනාපත්ති භික්ඛු අසාදියන්තස්සා”ති. (50)
36. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි දිවා විහාරයට ගියේ ගහකට හාන්සි වී හොත්තේ වෙයි. එක්තරා ස්ත්‍රියක් ඔහු දැක රහසඟ මතුයෙහි හිඳගත්තා ය. ඒ මහණ තෙමේ ඇක්ම ඇය පෙරළී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ ඉවසුයෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම නො ඉවසීමි”. “මහණ, නො ඉවසන්නහුට ඇවැත් නො වේ”. (50)
37. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වෙසාලියං මහාවනෙ කූටාගාරසාලායං දිවාවිහාරගතො ද්වාරං විවරිත්වා නිපන්නො හොති. තස්ස අඞ්ගමඞ්ගානි වාතූපත්ථද්ධානි හොන්ති. තෙන ඛො පන සමයෙන සම්බහුලා ඉත්ථියො ගන්ධඤ්ච මාලඤ්ච ආදාය ආරාමං අගමංසු විහාරපෙක්ඛිකායො. අථ ඛො තා ඉත්ථියො තං භික්ඛුං පස්සිත්වා අඞ්ගජාතෙ අභිනිසීදිත්වා යාවදත්ථං කත්වා ‘පුරිසූසභො වතාය’න්ති වත්වා ගන්ධඤ්ච මාලඤ්ච ආරොපෙත්වා පක්කමිංසු. භික්ඛූ කිලින්නං පස්සිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං.
37. එසමයෙහි එක්තරා මහණෙක් විසල්පුර මහවනයෙහි කූටාගාරශාලාවෙහි දිවාවිහාරයට ගියේ දොර හැර ගෙණ හොත්තේ වෙයි. ඔහුගේ අවයවයෝ වාතයෙන් දැඩි වූවාහු වෙත්. එසමයෙහි බොහෝ ස්ත්‍රීහු සුවඳ ද මල් ද රැගෙන විහාරය බලනු කැමැතියෝ අරමට පැමිණියාහු ය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඒ මහණ දැක රහසඟ මතුයෙහි හිඳගෙන රිසිතාක් කොට ‘ඒකාන්තයෙන් මේ තෙමේ පුරුෂශ්රේෂ්ඨයෙකැ’යි කියා සුවඳ ද මල් ද (එහි) නගා ගියාහු ය. භික්ෂුහු තෙත් වූවහු දැක එපවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහුය.
“පඤ්චහි භික්ඛවෙ ආකාරෙහි අඞ්ගජාතං කම්මනියං හොති: රාගෙන වච්චෙන පස්සාවෙන වාතෙන උච්චාලිඞ්ගපාණකදට්ඨෙන. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහාකාරෙහි අඞ්ගජාතං කම්මනියං හොති. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං තස්ස භික්ඛුනො රාගෙන අඞ්ගජාතං කම්මනියං අස්ස. අරහං සො භික්ඛවෙ භික්ඛු. අනාපත්ති භික්ඛවෙ තස්ස භික්ඛුනො. අනුජානාමි භික්ඛවෙ දිවා පතිසල්ලීයන්තෙන ද්වාරං සංවරිත්වා පතිසල්ලීයිතු”න්ති. (51)
“මහණෙනි, පස් අයුරකින් රහසඟ කර්මණ්ය වෙයි: රාගයෙන් ද වර්චසින් ද මූත්‍රයෙන් ද වාතයෙන් ද බූපණුපහසින් ද යන පසිනි. මහණෙනි, මේ පස් අයුරෙන් රහසඟ කර්මණ්ය වෙයි. මහණෙනි, ඒ මහණහුගේ රහසඟ යම් හෙයකින් රාගයෙන් කර්මණ්ය වන්නේ ද එයට කරුණු නැත. අවකාශයෙක් නැත. මහණෙනි, ඒ මහණ තෙමේ රහත් ය. මහණෙනි, ඒ මහණහට ඇවැත් නොවේ. “මහණෙනි, දහවල් සැතපෙන්නහු විසින් දොර වසාගෙන සැතපෙන්නට අනුදනිමි”යි වදාළසේක. (51)
38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භාරුකච්ඡකො භික්ඛු සුපිනන්තෙන පුරාණදුතියිකාය මෙථුනං ධම්මං පතිසෙවිත්වා ‘අස්සමණො අහං විබ්භමිස්සාමී’ති භාරුකච්ඡං ගච්ඡන්තො අන්තරාමග්ගෙ ආයස්මන්තං උපාලිං පස්සිත්වා එතමත්ථං ආරොචෙසි. ආයස්මා උපාලි එවමාහ: “අනාපත්ති ආවුසො සුපිනන්තෙනා”ති. (52)
38. එසමයෙහි භරුකච්ඡයෙහි උපන් එක්තරා මහණෙක් ගිහිකල අඹු වූ තෙනැත්තිය සමග සිහිනෙන් මෙවුන්දම් සේවනය කොට “මම අශ්‍රමණයෙක් වීමි. ගිහි වන්නෙමි”යි භරුකච්ඡයට යන්නේ අතරමග ආයුෂ්මත් උපාලි තෙරුන් දැක එපුවත සැළ කෙළේ ය. ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ මෙසේ කී ය: “ඇවැත්නි, සිහිනෙන් මෙවුන්දම් සේවනය කරන්නහුට ඇවැත් නො වේ.” (52)
39. තෙන ඛො පන සමයෙන රාජගහෙ සුපබ්බා නාම උපාසිකා මුද්ධප්පසන්නා හොති. සා එවංදිට්ඨිකා හොති: “යා මෙථුනං ධම්මං දෙති, සා අග්ගදානං දෙතී”ති. සා භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. “අලං භගිනි, නෙතං කප්පතී”ති. “එහි භන්තෙ ඌරන්තරිකාය ඝට්ටෙහි, එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි. “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති සඞ්ඝාදිසෙසස්සා” ති. (53)
39. එසමයෙහි රජගහ නුවර සුපබ්බා නම් උවැසියක් මුග්ධප්‍රසන්න වෙයි. ඕ ‘යම් ස්ත්‍රියක් මෙවුන්දම් දේ ද ඕ අගදන් දේ ය’යි මෙසේ දෘෂ්ටි ඇත්තියක් වෙයි. ඕ මහණකු දැක “වහන්ස, එනු මැනව’ මෙවුන්දම් සේවනය කරන්න”යි මෙය කිවු ය. “නැගනියෙනි, නුසුදුසු ය. මෙය අකැප ය’යි හේ කී ය. “වහන්ස, එනු මැනව. ඌරු අතරෙහි ගටනු මැනැවි. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවා ය. ඒ මහණ තෙමේ එසේ කෙළේ ය. ඔහුට කුකුස් විය. “මහණ, පරිජිඇවැත් නො වේ. සඟවෙසෙස්ඇවැත් වේ.” (53)
40. තෙන ඛො පන සමයෙන රාජගහෙ සුපබ්බා නාම උපාසිකා මුද්ධප්පසන්නා හොති. සා එවං දිට්ඨිකා හොති: ‘යා මෙථුනං ධම්මං දෙති, සා අග්ගදානං දෙතී’ති. සා භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. “අලං භගිනි, නෙතං කප්පතී”ති. “එහි භන්තෙ නාභියං ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ උදරවට්ටියං ඝට්ටෙහි” -පෙ-“එහි භන්තෙ උපකච්ඡකෙ ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ ගීවායං ඝට්ටෙහි” -පෙ- එහි භන්තෙ කණ්ණච්ඡිද්දෙ ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ කෙසවට්ටියං ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ අඞ්ගුලන්තරිකාය ඝට්ටෙහි” -පෙ- “එහි භන්තෙ හත්ථෙන උපක්කමිත්වා මොචෙස්සාමි, එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි. “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සඞ්ඝාදිසෙසස්සා”ති. (54-61)
40. එසමයෙහි රජගහ නුවර සුපබ්බා නම් උවැසියක් මුග්ධප්‍රසන්න වෙයි. ඕ “යම් ස්ත්‍රියක් මෙවුන්දම් දේ ද ඕ අගදන් දේ ය” යි මෙසේ දෘෂ්ටි ඇත්තියක් වෙයි. ඕ මහණකු දැක “වහන්ස, එනු මැනව. මෙවුන්දම් සේවනය කරන්නැ”යි කිවු ය. “නැගනියෙනි, නුසුදුසු ය. මෙය කැප නො වෙයි” හේ කී ය. “වහන්ස, නැබැ ගටනු මැනවි. ... වහන්ස, උදරවැටියෙහි ගටනු මැනවි. වහන්ස එනු මැනව. කිසිල්ලෙහි ගටනු මැනව. ... වහන්ස ගීවායෙහි ගටනු මැනව. ... වහන්ස, කන් සිදුරු ගටනු මැනව. ... වහන්ස, කෙස් වැටියෙහි ගටනු මැනව. ... වහන්ස, එනු මැනව. ඇඟිලි අතුරු ගටනු මැනව. ... “වහන්ස, එනු මැනව, අතින් උපක්‍රම කොට මුදන්නෙමි. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවු ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. “මහණ, පරිජිඇවැත් නො වේ. සඟවෙසෙස්ඇවැත් වේ.” (54-61)
41. තෙන ඛො පන සමයෙන සාවත්ථියං සද්ධා නාම උපාසිකා මුධප්පසන්නා හොති. සා එවං දිට්ඨිකා හොති: ‘යා මෙථුනං ධම්මං දෙති, සා අග්ගදානං දෙතී’ති. සා භික්ඛුං පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. “අලං භගිනි, නෙතං කප්පතී”ති. “එහි භන්තෙ ඌරන්තරිකාය ඝට්ටෙහි -පෙ- “එහි භන්තෙ හත්ථෙන උපක්කමිත්වා මොචෙස්සාමි. එවං තෙ අනාපත්ති භවිස්සතී”ති. සො භික්ඛු තථා අකාසි. තස්ස කුක්කුච්චං අහොසි”. අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති සඞ්ඝාදිසෙසස්සා”ති. (62-70.)
41. එසමයෙහි සැවැත් නුවර සද්ධා නම් උවැසියක් මුග්ධප්‍රසන්න වෙයි. ඕ තොමෝ “යම් ස්ත්‍රියක් මෙවුන්දම් දේ නම් ඕ අගදන් දේ ය”යි මෙසේ දෘෂ්ටි ඇත්තියක් වෙයි. ඕ මහණකු දැක “වහන්ස, එනු මැනව. මෙවුන්දම් සේවනය කරන්නැ”යි කිවු ය. “නැගනියෙනි, නුසුදුසු ය. මෙය නො කැප ය”යි හේ කී ය. “වහන්ස, එනු මැනව. ඌරු අතරෙහි ගටන්න. ... “වහන්ස, එනු මැනව. අතින් උපක්‍රම කොට මුදන්නෙමි. මෙසේ ඔබට ඇවැත් නොවන්නේ ය”යි ඕ කීවු ය. ඒ මහණ එසේ කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. “මහණ, පරිජිඇවැත් නො වේ. සඟවෙසෙස්ඇවැත් වේ.” (62-70)
42. තෙන ඛො පන සමයෙන වෙසාලියං ලිච්ඡවිකුමාරකා භික්ඛුං ගහෙත්වා භික්ඛුනියා විප්පටිපාදෙසුං. උභො සාදියිංසු. “උභො නාසෙතබ්බා” -පෙ- උභො න සාදියිංසු. “උභින්නං අනාපත්ති”. (71)
42. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලා ගෙණ මෙහෙණක හා වරදවා පිළිපැදවූහ. දෙදෙන ම ඉවසූහ. “දෙදෙන ම (ලිංගනාසනයෙන්) නැසිය යුත්තාහු ය”. ... දෙදෙන ම නො ඉවසූහ. “දෙදෙනාට ම ඇවැත් නො වේ”. (71)
43. තෙන ඛො පන සමයෙන වෙසාලියං ලිච්ඡවිකුමාරකා භික්ඛුං ගහෙත්වා සික්ඛමානාය විප්පටිපාදෙසුං -පෙ- සාමණෙරියා විප්පටිපාදෙසුං. උභො සාදියිංසු. “උභො නාසෙතබ්බා” -පෙ- උභො න සාදියිංසු. “උභින්නං අනාපත්ති”. (72-73)
43. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලාගෙන සික්ඛමානාවක හා වරදවා පිළිපැදවූහ. ... හෙරණක හා වරදවා පිළිපැදවූහ. දෙදෙන ම ඉවසූහ. “දෙදෙනා ම (ලිංගනාසනායෙන්) නැසිය යුත්තාහු ය”. ... දෙදෙනා ම නො ඉවසූහ. “දෙදෙනාට ම ඇවැත් නො වේ”. (72-73)
44. තෙන ඛො පන සමයෙන වෙසාලියං ලිච්ඡවිකුමාරකා භික්ඛුං ගහෙත්වා වෙසියා විප්පටිපාදෙසුං -පෙ- පණ්ඩකෙ විප්පටිපාදෙසුං -පෙ- ගිහිනියා විප්පටිපාදෙසුං -පෙ- භික්ඛු සාදියි. “භික්ඛු නාසෙතබ්බො”. -පෙ- භික්ඛු න සාදියි. “භික්ඛුස්ස අනාපත්ති”. (74-76)
44. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලා ගෙණ වෙසඟනක හා වරදවා පිළිපැදවූහ. ... පණ්ඩකයකු හා වරදවා පිළිපැදවූහ. ගිහිනියක හා වරදවා පිළිපැදවූහ. ... මහණ ඉවසීය. “මහණ තෙමේ නැසිය යුතු යි”. මහණ නො ඉවසී ය. “මහණහට ඇවැත් නො වේ”. (74-76)
45. තෙන ඛො පන සමයෙන වෙසාලියං ලිච්ඡවිකුමාරකා භික්ඛූ ගහෙත්වා අඤ්ඤමඤ්ඤං විප්පටිපාදෙසුං. උභො සාදියිංසු. “උභො නාසෙතබ්බා” -පෙ- උභො න සාදියිංසු. “උභින්නං අනාපත්ති”. (77.)
45. එසමයෙහි විසල්පුරයෙහි ලිච්ඡවිකුමාරවරු මහණකු අල්ලා ගෙණ ඔවුනොවුන් වරදවා පිළිපැදවූහ. දෙදෙන ම ඉවසූහ. “දෙදෙන ම නැසිය යුත්තාහ”. ... දෙදෙන ම නො ඉවසූහ. “දෙදෙනාට ම ඇවැත් නො වේ”. (77)
46. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො බුඩ්ඪපබ්බජිතො භික්ඛු පුරාණදුතියිකාය දස්සනං අගමාසි. සා ‘එහි භන්තෙ විබ්භමා’ති අග්ගහෙසි. සො භික්ඛු පටික්කමන්තො උත්තානො පරිපති. සා උබ්භුජිත්වා අඞ්ගජාතෙ අභිනිසීදි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අසාදියන්තස්සා”ති. (78)
46. එසමයෙහි මහලුව පැවිදි වූවෙක් ගිහිකල අඹු වූ ස්ත්‍රිය දැකීමට ගියේ ය. ඕ “වහන්ස, එනු මැනව. උපැවිදි වනු මැනවැ”යි අල්ලා ගත්තී ය. තෙමේ පෙරළා යනුයේ උඩුකුරුව වැටුනේ ය. ඕ නැමී රහසඟ මතුයෙහි හිඳ ගත්තී ය. ඔහුට කුකුස් විය. ... “මහණ නො ඉවසන්නහුට ඇවැත් නො වේ”. (1)
47. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අරඤ්ඤෙ විහරති. මිගපොතකො තස්ස පස්සාවට්ඨානං ආගන්ත්වා පස්සාවං පිවන්තො මුඛෙන අඞ්ගජාතං අග්ගහෙසි. සො භික්ඛු සාදියි. තස්ස කුක්කුච්චං අහොසි භගවතො එතමත්ථං ආරොචෙසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (79)
47. එසමයෙහි එක්තරා මහණෙක් අරණෙහි වෙසෙයි. මුවපොව්වෙක් උන්වහන්සේ මුත්‍ර පහ කරණ තැනට පැමිණ මුත්‍ර බොමින් මුවින් රහසඟ ගත්තේ ය. ඒ මහණ ඉවසී ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. “මහණ, තෝ පරිජි ඇවතට පැමිණියෙහි ය”. (2)
පඨමපාරාජිකං සමත්තං.
ප්‍රථමපාරාජිකය නිමි.