දුතියපාරාජිකං
ද්විතීයපාරාජිකය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා සන්දිට්ඨා සම්භත්තා භික්ඛූ ඉසිගිලිපස්සෙ තිණකුටියො කරිත්වා වස්සං උපගච්ඡිංසු. ආයස්මාපි ධනියො කුම්භකාරපුත්තො තිණකුටිකං කරිත්වා වස්සං උපගච්ඡි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ සමයෙහි දුටු පමණින් මිතුරු වූ දැඩි මිතුරු වූ බොහෝ භික්ෂූහු ඉසිගිලි පර්වත පාර්ශවයෙහි තණ කිළි කොට වස් එළඹියාහු ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේත් තණ කිළියක් කොට වස් එළඹියේ ය.
2. අථ ඛො තෙ භික්ඛූ වස්සං වුත්ථා තෙමාසච්චයෙන තිණකුටියො භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච පටිසාමෙත්වා ජනපදචාරිකං පක්කමිංසු. ආයස්මා පන ධනියො කුම්භකාරපුත්තො තත්වෙව වස්සං වසි, තත්ථ හෙමන්තං, තත්ථ ගිම්හං.
2. ඉක්බිති ඒ භික්ෂූහු විසූ වස් ඇත්තාහු තෙමස ඉක්ම යෑමෙන් තණ කිළි බිඳ දමා තණ ද ලී දඬු ද තැම්පත් කොට තබා දනව් සැරිසැරීමෙහි නික්මුනාහු ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ එහි ම (තමන් කළ කුටියෙහි) වස්සානය ද එහි ම හේමන්තය ද එහි ම ගිම්හානයෙහි ද විසී ය.
3. අථ ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු.
3. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දර ගෙන යන ස්ත්‍රීහු ද තණකිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
4. දුතියම්පි ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො තිණඤ්ච කට්ඨඤ්ච සංකඩ්ඪිත්වා තිණකුටිකං අකාසි. දුතියම්පි ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු.
4. දෙවෙනි වර ද කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද දැව ද රැස් කොට ගෙන තණ කිළියක් කළේ ය. දෙවෙනි වර ද කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
5. තතියම්පි ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො තිණඤ්ච කට්ඨඤ්ච සංකඩ්ඪිත්වා තිණකුටිකං අකාසි. තතියම්පි ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු.
5. තෙවෙනි වර ද කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද දැව ද රැස් කොට තණ කිළියක් කෙළේ ය. තෙවෙනි වර ද කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
6. අථ ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස එතදහොසි: ‘යාව තතියකං ඛො මෙ ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු. අහං ඛො පන සුසික්ඛිතො අනවයො සකෙ ආචරියකෙ කුම්භකාරකම්මෙ පරියොදාතසිප්පො. යන්නූනාහං සාමං චික්ඛල්ලං මද්දිත්වා සබ්බමත්තිකාමයං කුටිකං කරෙය්ය’න්ති.
6. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන්ට මේ සිත විය: “තෙවෙනි වර දක්වාත් මා ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද, දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය. මම් වනාහි ස්වකීය ආචාර්‍ය්‍යයන්ගේ කර්මය වූ කුම්භකාරකර්‍මය මනාසේ උගත්තෙම් වෙමි. පිරිපුන් සිප් ඇත්තෙම් වෙමි. අසදෘශ ශිල්ප ඇත්තෙම් වෙමි. ඉදින් මම් තෙමේ ම මැටි පාගා පදම් කොට හැම මැටිමුවා කිළියක් කරන්නෙම් නම් යෙහෙක” යනු යි.
7. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො සාමං චික්ඛල්ලං මද්දිත්වා සබ්බමත්තිකාමයං කුටිකං කරිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ගොමයඤ්ච සංකඩ්ඪිත්වා තං කුටිකං පචි. සා අහොසි කුටිකා අභිරූපා දස්සනීයා පාසාදිකා ලොහිතිකා, සෙය්යථාපි ඉන්දගොපකො. සෙය්යථාපි නාම කිඞ්කිණිකසද්දො එවමෙවං තස්සා කුටිකාය සද්දො අහොසි.
7. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ මැටි පාගා පදම් කොට හැම මැටිමුවා කිළියක් කොට තණ ද දර ද ගොම වැරටි ද රැස් කොට ඒ කිළිය පිළිස්සීය ය. රතිඳුගොව්වකු වැනි පැහැ ඇති ඒ කිළිය මනා රූ ඇත්තක් විය. දැකුම්කලු විය. ප්‍රසාද එළවන්නක් විය. ලෙහෙවන් විය. ඒ කිළියේ හඬ කිකිණි හඬ සේ විය.
8. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දස තං කුටිකං අභිරූපං දස්සනීයං පාසාදිකං ලොහිතිකං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “කිං එතං භික්ඛවෙ අභිරූපං දස්සනීයං පාසාදිකං ලොහිතිකං සෙය්යථාපි ඉන්දගොපකො?”ති:
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් සමඟ ගිජුකුළු පව්වෙන් බස්නා සේක් මනා පැහැ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ලේවන් වූ ඒ කිළිය දුටු සේක. දැක භික්ෂූන් අමතා “මහණෙනි, රතිඳුගොව්වකු වැනි පැහැති මනා රූ ඇති දැකුම් කළු ප්‍රසාද එළවන ලෙහෙවන් වූ තෙල කිමෙක් දැ?” යි ඇසූ සේක.
9. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං භික්ඛවෙ තස්ස මොඝපුරිසස්ස අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම සො භික්ඛවෙ මොඝපුරිසො සබ්බමත්තිකාමයං කුටිකං කරිස්සති. න හි නාම භික්ඛවෙ තස්ස මොඝපුරිසස්ස පාණෙසු අනුද්දයා අනුකම්පා අවිහෙසා භවිස්සති. ගච්ඡථෙතං භික්ඛවෙ කුටිකං භින්දථ. මා පච්ඡිමා ජනතා පාණෙසු පාතබ්යතං ආපජ්ජි. න ච භික්ඛවෙ සබ්බමත්තිකාමයා කුටිකා කාතබ්බා. යො කරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති.
9. ඉක්බිති ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළාහු ය. භාග්‍යවත් බුදු රජානන් වහන්සේ “මහණෙනි, ඒ හිස් පුරුෂයාට නුසුදුසු වූවකි. අනුලොම් නුවූවකි. නොගැළපෙන්නකි, ශ්‍රමණසාරුප්‍ය නුවූවකි. කැප නුවූවකි. නොකටයුත්තකි” යි ගැරහූ සේක. “මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් හැම මැටිමුවා වූ කිළියක් කළේ ද! මහණෙනි, ඒ හිස් පුරුෂයාට ප්‍රාණීන් කෙරෙහි දයාවක් අනුකම්පාවක් අවිහිංසාවක් නො වූයේ ම ය. මහණෙනි, යවු. තෙල කිළිය බිඳිවු. පශ්චිම ජන තෙමේ ප්‍රාණීන් වැනසීමට නහමක් පැමිණේවා. මහණෙනි, හැම මැටිමුවා කිළියක් නොකටයුතු ය. යමෙක් කරන්නේ නම් දුකුළාඇවැත් වේ”.
10. “එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා යෙන සා කුටිකා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තං කුටිකං භින්දිංසු. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො තෙ භික්ඛූ එතදවොච: “කිස්ස මෙ තුම්හෙ ආවුසො කුටිකං භින්දථා”ති. “භගවා ආවුසො භෙදාපෙතී”ති. “භින්දථාවුසො සචෙ ධම්මස්සාමී භෙදාපෙතී”ති.
10. ඒ භික්ෂූහු “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ කිළිය වෙත එළඹ එය බිඳ දැමූහ. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ ඒ භික්ෂූන්ට “ඇවැත්නි, තෙපි කුමක් හෙයින් මාගේ කිළිය බිඳිවු දැ?” යි මෙය කී. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ බිඳවන සේක” යි කීහ. “ඇවැත්නි, ඉදින් දම්රජහු බිඳුවත් නම් බිඳිවු” යි හේ කී ය.
11. අථ ඛො ආයස්මතො ධනියස්ස කුම්භකාරපුත්තස්ස එතදහොසි: “යාවතතියකං ඛො මෙ ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨඤ්ච ආදාය අගමංසු. යාපි මයා සබ්බමත්තිකාමයා කුටිකා කතා, සාපි භගවතා භෙදාපිතා. අත්ථි ච මෙ දාරුගහෙ ගණකො සන්දිට්ඨො. යන්නූනාහං දාරුගහෙ ගණකං දාරූනි යාචිත්වා දාරුකුඩ්ඩිකං කුටිකං කරෙය්ය”න්ති.
11. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන්ට මේ සිත විය. “තෙවෙනි වර තෙක් ගමට පිඬු පිණිස මා පිවිසිය දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ, තණ ද දැව ද රැගෙන ගියාහු ය. මා විසින් හැම මැටිමුවා වූ යම් කිළියක් කරන ලද ද, හේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුවන ලදී. රජහුගේ දැව ගබඩාවෙහි වූ දැවමුදලි තෙමේ මාගේ මිත්රයෙකි. මම දැව මුදලිගෙන් දැව ඉල්ලා ගෙන දැව මුවා බිත්ති ඇති කිළියක් කරන්නෙම් නම් ඉතා යෙහෙක” යනු යි.
12. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො යෙන දාරුගහෙ ගණකො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා දාරුගහෙ ගණකං එතදවොච: “යාවතතියකං ඛො මෙ ආවුසො ගාමං පිණ්ඩාය පවිට්ඨස්ස තිණහාරියො කට්ඨහාරියො තිණකුටිකං භින්දිත්වා තිණඤ්ච කට්ඨං ච ආදාය අගමංසු. යාපි මයා සබ්බමත්තිකාමයා කුටිකා කතා, සාපි භගවතා භෙදාපිතා. දෙහි මෙ ආවුසො දාරූනි, ඉච්ඡාමි දාරුකුඩ්ඩිකං කුටිකං කාතුන්ති. “නත්ථි භන්තෙ තාදිසානි දාරූනි, යානාහං අය්යස්ස දදෙය්යං. අත්ථි භන්තෙ දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි. සචෙ තානි දාරූනි රාජා දාපෙති, හරාපෙථ, භන්තෙ”ති. “දින්නානි ආවුසො රඤ්ඤා”ති.
12. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ දැව මුදලියා වෙත එළඹ ඔහුට මෙය කීය: “ඇවත, තෙවැනිවර තෙක් මා ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ, තණ ද දැව ද රැගෙන ගියාහු ය. මා විසින් හැම මැටිමුවා වූ යම් කිළියක් කරන ලද ද එය භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුවන ලදි. ඇවත, දැවමුවා කිළියක් කරනු කැමැත්තෙමි. මට දැව දෙන්න” යනු යි. “වහන්ස, ආර්‍ය්‍යයන් වහන්සේට දීමට සුදුසු දැව නැත. වහන්ස, නගර ප්‍රතිසංස්කරණයට වෙන් වූ, ආපදාවකට තබන ලද, රජුට අයත් දැව ඇත. ඉදින් ඒ දැව රජ තෙමේ පරිත්‍යාග කෙරේ නම්, වහන්ස, ගෙන්වා ගනු මැනවි” යි හේ කීය. “ඇවත, රජු විසින් අපට දෙන ලද්දාහු ය” යි හේ කීය.
13. අථ ඛො දාරුගහෙ ගණකො “ඉමෙ ඛො සමණා සක්යපුත්තියා ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා. රාජාපිමෙසං අභිප්පසන්නො. න අරහති අදින්නං දින්නන්ති වත්තු”න්ති ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං එතදවොච: “හරාපෙථ භන්තෙ’ති. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො තානි දාරූනි ඛණ්ඩාඛණ්ඩිකං ඡෙදාපෙත්වා සකටෙහි නිබ්බාහාපෙත්වා දාරුකුඩ්ඩිකං කුටිකං අකාසි.
13. ඉක්බිති දැවමුදලි “මේ ශ්‍රමණ ශාක්යපුත්රීයෝ ධර්මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහුය, සත්‍යවාදීහු ය, සිල්වත්තු ය, කළණදහම්හි පිළිපන්නෝ ය, මොවුනට රජ ද වෙසෙසින් පහන් ය. නොදෙන ලද්දක් දෙන ලදැ යි කියන්නට සුදුසු නො වේ” ය යි සිතී ය. සිතා කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය ස්ථවිරයන්ට “වහන්ස, ගෙන්වා ගනු මැනවැ” යි කීය. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ ඒ දැව කඩ කඩ කොට සිඳුවා ගැල්වලින් ගෙන්වා ගෙන දැව මුවා බිතු ඇති කිළියක් කළේ ය.
14. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො රාජගහෙ කම්මන්තෙ අනුසඤ්ඤායමානො යෙන දාරුගහෙ ගණකො, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා දාරුගහෙ ගණකං එතදවොච: “යානි තානි භණෙ දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි, කහං තානි දාරූනී?”ති තානි සාමි, දාරූනි දෙවෙන අය්යස්ස ධනියස්ස කුම්භකාරපුත්තස්ස දින්නානී”ති.
14. ඉක්බිති මගධ රටෙහි මහ ඇමති වූ වස්සකාර නම් බමුණු තෙමේ රජගහනුවර කර්මාන්තයන් විමසමින් දැවමුදලි කරා පැමිණ ඔහුට “සගය, නගර ප්‍රතිසංස්කරණයට වෙන් වූ, ආපදාවක් පිණිස ගත යුතු, යම් ඒ රජුට අයත් දැව රැසක් වී ද, ඒ දැව කොහි දැ?” යි කීය. “හිමිය, ඒ දැව රජහු විසින් කුම්භකාර පුත්‍ර වූ ධනිය ආර්‍ය්‍යයන් වහන්සේට දෙන ලදි”. හේ කීය.
15. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො අනත්තමනො අහොසි: “කථං හි නාම දෙවො දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි ධනියස්ස කුම්භකාරපුත්තස්ස දස්සතී”ති.
15. ඉක්බිති මගධ මහාමාත්‍ය වූ වස්සකාර බමුණු තෙමේ “කෙසේ නම් රජ තෙමේ නගර ප්‍රතිසංස්කරණය පිණිස වෙන් වූ, ආපදාවක් පිණිස තබන ලද්දා වූ, රජු සතු දැව කුම්භකාර පුත්‍ර වූ ධනිය තෙරුන්ට දෙන්නේ දැ?” යි නො සතුටු සිතැති විය.
16. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො, තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “සච්චං කිර දෙව දෙවෙන දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි ධනියස්ස කුම්භකාරපුත්තස්ස දින්නානී?”ති “කො එවමාහා”ති. “දාරුගහෙ ගණකො දෙවා”ති. “තෙන හි බ්‍රාහ්මණ දාරුගහෙ ගණකං ආණාපෙහී”ති.
16. එකල්හි මගධ මහඇමති වූ වස්සකාර බමුණු තෙමේ මගධාධිපති, සේනිය බිම්සර රජු කරා පැමිණියේ ය. පැමිණ මගධාධිපති සේනිය බිම්සර රජුගෙන් “දේවයන් වහන්ස, රජු විසින් නගර ප්‍රතිසංස්කරණය පිණිස වෙන් වූ ආපදාවක් පිණිස තබන ලද්දා වූ රජු සතු දැව කුම්භකාර පුත්‍ර වූ ධනිය තෙරුන්ට දෙන ලද්දේ ය යනු සැබෑ දැ?” යි විචාළේ ය. “කවරෙක් මෙසේ කියයි ද?” “දේවයන් වහන්ස, දැව මුදලියා ය.” “බමුණ, එසේ වී නම් දැවමුදලි කැඳවාලව” යි රජ කීය.
17. අථ ඛො වස්සකාරො බ්රාහ්මණො මගධමහාමත්තො දාරුගහෙ ගණකං බද්ධං ආණාපෙසි. අද්දසා ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො දාරුගහෙ ගණකං බද්ධං76 නිය්යමානං. දිස්වාන දාරුගහෙ ගණකං එතදවොච: “කිස්ස ත්වං ආවුසො බද්ධො නිය්යාසී?”ති. “තෙසං භන්තෙ දාරූනං කිච්චා”ති. “ගච්ඡාවුසො අහම්පි ආගච්ඡාමී”ති. “එය්යාසි භන්තෙ පුරාහං හඤ්ඤාමී”ති.
17. ඉක්බිති මගධ මහාමාත්‍ය වූ වස්සකාර තෙමේ දැවමුදලි අත් පා බැඳ ගෙන්වී ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ බැඳගෙන යනු ලබන්නා වූ දැවමුදලි දිටී ය. දැක දැව මුදලිහට “ඇවත, තෝ කුමක් හෙයින් බඳනා ලදුවැ ගෙනයෙහි” ද? කී ය. “වහන්ස, තෙල දැව හේතු කොටගෙන ය” යි හේ කීය. “ඇවත, යනු. මම ද එමි” යි තෙරුණුවෝ කීහ. “වහන්ස, මම නැස්නෙම් වේ ද, එයට පෙර එනු මැනවි” යි හේ කීය.
18. අථ ඛො ආයස්මා ධනියො කුම්භකාරපුත්තො යෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස නිවෙසනං, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො යෙනායස්මා ධනියො කුම්භකාරපුත්තො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො රාජා මාගධො සෙනියො බිම්බිසාරො ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං එතදවොච:
18. ඉක්බිති කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ මගධාධිපති සේනා ඇති බිම්සර රජුගේ නිවස වෙත එළඹ පැණ වූ අස්නෙහි හුනි. ඉක්බිති මගධාධිපති සේනිය බිම්සර රජ තෙමේ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් වෙත එළඹියේ ය. එළඹ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් වැඳ එකත්පසෙක හුනි. එකත්පසෙක හුන් මගධාධිපති සේනිය බිම්සර රජතෙමේ කුම්භකාර පුත්‍ර ආයුෂ්මත් ධනිය තෙරුන්ට මෙය කීය. “වහන්ස, මා විසින් නගර ප්‍රතිසංස්කරණයට වෙන් වූ ආපදාවක් පිණිස තබන ලද්දා වූ රාජසන්තක දැව ආර්‍ය්‍යයන් වහන්සේට දෙන ලද්දේ ය, යනු සැබෑ ද?”
19. “සච්චං කිර මයා භන්තෙ දෙවගහදාරූනි නගරපටිසඞ්ඛාරිකානි ආපදත්ථාය නික්ඛිත්තානි අය්යස්ස දින්නානී?”ති. “එවං මහාරාජා”ති. “මයං ඛො භන්තෙ රාජානො නාම බහුකිච්චා බහුකරණීයා. දත්වාපි නස්සරෙය්යාම. ඉඞ්ඝ භන්තෙ සරාපෙහී”ති. “සරසි ත්වං මහාරාජ, පඨමාභිසිත්තො එවරූපිං වාචං භාසිතා: දින්නං යෙව සමණබ්රාහ්මණානං තිණකට්ඨොදකං පරිභුඤ්ජන්තූ”ති. “සරාමහං භන්තෙ. සන්ති භන්තෙ, සමණබ්රාහ්මණා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා. තෙසං අප්පමත්තකෙ’පි කුක්කුච්චං උප්පජ්ජති. තෙසං මයා සන්ධාය භාසිතං. තඤ්ච ඛො අරඤ්ඤෙ අපරිග්ගහිතං. සො ත්වං භන්තෙ, තෙන ලෙසෙන දාරූනි අදින්නං හරිතුං මඤ්ඤසි. කථං හි නාම මාදිසො සමණං වා බ්රාහ්මණං වා විජිතෙ වසන්තං හනෙය්‍ය වා? බන්ධෙය්ය වා? පබ්බාජෙය්ය වා, ගච්ඡ භන්තෙ. ලොමෙන ත්වං මුත්තොසි. මාස්සු පුනපි එවරූපං අකාසී”ති.
19. “මහරජ, සැබෑය.” “වහන්ස, රජවරු වූ අපි බොහෝ කිස ඇත්තමෝ වෙමු. බොහෝ කටයුතු ඇත්තමෝ වෙමු. පරිභෝග කොට ද සිහි නො කරන්නෙමු”. “වහන්ස, එසේ වී නම් සිහිකරවනු මැනවැ” යි. “මහරජතුමනි, ප්රථමාභිෂික්ත වැ ඔබ කී මෙබඳු වචනයක් සිහි කෙරෙහි ද ‘මහණ බමුණන්ට තණ දැව ජලය පරිත්‍යාග කරණ ලද්දේ ම ය. (කැමති සේ) පරිභෝග කෙරෙත්වා”යි. “වහන්ස, මම සිහි කරමි. වහන්ස, ලජ්ජී වූ කුකුස් ඇත්තා වූ ශික්ෂාකාමී වූ මහණ බමුණෝ වෙති. උන්වහන්සේලාට ස්වල්ප මාත්‍ර දෙයෙහි ද කුකුස් උපදී. මා විසින් උන්වහන්සේලා සඳහා කියන ලදි. හේ ද වනාහි අරණෙහි වූ නොරක්නා ලද දෙයයි. වහන්ස, ඒ ඔබ ඒ ලේසයෙන් නො දෙන ලද දැව පැහැර ගන්නට හඟනෙහිය. කෙසේ නම් මා වැන්නෙක් මගේ රටෙහි වසන්නා වූ ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ නසන්නේ ද, සිරගෙහි ලන්නේ ද, රටින් නෙරපන්නේ ද, “වහන්ස, යනු මැනවි. ඔබ ලෝමමාත්රයෙන් (පැවිදිලිංගයෙන්) මිදුනහු ය. නැවත මෙබන්දක් නහමක් කරණු මැනවි.”
20. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා මුසාවාදිනො. ඉමෙ හි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රාහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං. නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං, නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං? කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා. අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. රාජානම්පිමෙ වඤ්චෙන්ති. කිමපනඤ්ඤෙ මනුස්සෙ”ති.
20. මිනිස්සු අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. “ශාක්‍ය පුත්‍ර වූ මේ ශ්‍රමණයෝ අලජ්ජීහු ය. දුශ්ශීලයෝ ය. මුසාවාදීහු ය. මොහු වනාහි ‘ධම්මචාරීහු. සමචාරීහුය. බ්‍රහ්මචාරීහුය. සච්චවාදීහුය. සීලවන්තයෝ ය. කලණදම් ඇත්තමෝ වෙමු’ යි පිළින කරන්නාහු ය. මොවුන්ට මහණ කමක් නැත. මොවුන්ට බමුණුකමක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමක් කොයින් ද? මොවුන්ට බමුණුකමක් කොයින්ද? මොහු මහණකමින් පහවූවෝ ය. මොහු බමුණුකමින් පහ වූවෝ ය. මොහු රජුන් ද රවටත්. අන් මිනිසුන් ගැණ කියනු කවරේ ද” යි.
21. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා සන්තුට්ඨා ලජ්ජිනො කුක්කුච්චකා සික්ඛාකාමා, තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා ධනියො කුම්භකාරපුත්තො රඤ්ඤො දාරූනි අදින්නං ආදියිස්සතී”ති. අථ ඛො තෙ භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
21. භික්ෂූහු අවමන් කරන්නා වූ අයුණු කියන්නා වූ නුගුණ පතුරු වන්නා වූ ඒ මිනිසුන්ගේ කථාව ඇසූහ. අපිස් වූ සතොස් වූ ලජ්ජී වූ කුකුස් කරන්නා වූ ශික්ෂාකාමී යම් ඒ භික්ෂූහු වෙද්ද, ඔහු අවමන් කරත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්: “කෙසේ නම් කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය ස්ථවිර තෙමේ, රජු සතු නුදුන් දැව සොරකම් කළේද’ යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළාහු ය.
22. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං පටිපුච්ඡි: “සච්චං කිර ත්වං ධනිය, රඤ්ඤො දාරූනි අදින්නං ආදියී?”ති. “සච්චං භගවා. විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං, මොඝපුරිස, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම ත්වං මොඝපුරිස, රඤ්ඤො දාරූනි අදින්නං ආදියිස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය. අථඛ්වෙතං මොඝපුරිස අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
22. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්ෂු සඞ්ඝයා රැස් කරවා කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් විචාළ සේක. “ධනිය, තෝ රජු සතු නුදුන් දැව ගත්තෙහි යනු සැබෑ ද?” “සැබෑය, භාග්‍යවතුන් වහන්ස”. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූසේක. “හිස් පුරුෂය, නුසුදුසු වූවකි. අනුලොම් නුවූවකි. නොගැළපෙන්නකි. ශ්‍රමණසාරුප්‍ය නුවූවකි. නොකැපවූවකි. නොකටයුත්තකි. “හිස් පුරුෂය, කෙසේ නම් තෝ නුදුන් රජු සතු දැව ගත්තෙහි ද?, හිස් පුරුෂය, තෙල කරුණ නොපහන් වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ පහන් වූවන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො වෙයි. වැලි හිස් පුරුෂය, තෙල කරුණ නො පහන් වූවන්ගේ නො පැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද වේ”.
23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරාණවොහාරිකො මහාමත්තො භික්ඛූසු පබ්බජිතො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච: “කිත්තකෙන ඛො භික්ඛු, රාජා මාගධො සෙනියො බිම්බිසාරො චොරං ගහෙත්වා හනති වා බන්ධති වා පබ්බාජෙති වා?”ති “පාදෙන වා භගවා පාදාරහෙන වා”ති. තෙන ඛො පන සමයෙන රාජගහෙ පඤ්චමාසකො පාදො හොති. අථ ඛො භගවා ආයස්මන්තං ධනියං කුම්භකාරපුත්තං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ: –
23. එසමයෙහි එක්තරා ගිහිකල විනිසකරු මහ ඇමතියෙක් භික්ෂූන් අතර පැවිදි වූයේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි හුන්නේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුහට මෙය කී සේක. “මහණ, මගධාධිපති වූ සේනාසම්පන්න වූ බිම්සර රජතෙමේ කොපමණකින් සොරකු අල්ලා නසා ද? සිර කෙරේ ද? රටින් නෙරපා ද?” “භාග්‍යවතුන් වහන්ස, පාදයකින් හෝ පාදයක් පොහෝනා දෙයකිනි”. එසමයෙහි රජගහනුවර මසුපසක් පාදයක් වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනියහට නන් අයුරින් ගරහා දුභර බැව් පිළිබඳ -පෙ- මහණෙනි, මේ සික පදය මෙසේ උදෙසව්:
“යො පන භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්‍ය, යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්‍යුං වා බන්ධෙය්යුං වා පබ්බාජෙය්යුං වා, චොරො’සි බාලො’සි මූළ්හො’සි ථෙනො’සීති, තථාරූපං භික්ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසොති”
“යම් මහණෙක් හිමියන් විසින් නුදුන් වස්තුව සොර සිතින් ගනී ද, යම්බඳු වූ නුදුන් වස්තුව ගැන්මෙහි රජවරු සොරහු ගෙන ‘සොරෙහි, බාලයෙහි, මූඪයෙහි, අනුන් අයත් දැය සොරා ගත්තෙහි’යි පෙළද්ද, බඳිද්ද, රටින් නගද්ද, එබඳු වූ නුදුන් වස්තුව ගන්නා මේ මහණ තෙමේ ද පරිජි අවන්නේ සංවාස නැත්තෙක් වේ”.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ සික පදය මෙසේත් පණවන ලද්දේ වෙයි.
[මූලපඤ්ඤත්ති]
මුල් පැණවීමයි.
1. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිත්වා ආරාමං හරිත්වා භාජෙසුං. භික්ඛූ එවමාහංසු: “මහාපුඤ්ඤත්ථ තුම්හෙ ආවුසො, බහුං තුම්හාකං චීවරං උප්පන්න”න්ති. “කුතො ආවුසො අම්හාකං පුඤ්ඤං? ඉදානි මයං රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිම්හා”ති.
1. එසමයෙහි සවගමහණහු රදා තොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කොට ආරාමයට ගෙණ ගොස් බෙදා ගත්තාහු ය. භික්ෂූහු මෙසේ කීහු. “ඇවැත්නි, තෙපි මහ පිණැත්තෝ වහු ය. තොපට බොහෝ සිවුරු උපන.” “ඇවැත්නි, අපට පිනක් කොයින් ද? දැන් අපි රදා තොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කෙළෙමු” යි.
“නනු ආවුසො භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං, කිස්ස තුම්හෙ ආවුසො රජකභණ්ඩිකං අවහරිත්ථා”ති.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂා පදයක් පණවන ලද්දේ නො වේ ද, ඇවැත්නි, තෙපි කුමක් හෙයින් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහුද?” යි.
“සච්චං ආවුසො භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං, තඤ්ච ඛො ගාමෙ නො අරඤ්ඤෙ”ති.
“ඇවැත්නි, සැබව. භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපදයක් පණවන ලදි. හේ ද වනාහි ගමෙහි ය. අරණෙහි නො වේ.”
2. නනු ආවුසො තථෙව තං හොති. අනනුච්ඡවියං ආවුසො අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තුම්හෙ ආවුසො රජකභණ්ඩිකං අවහරිස්සථ? නෙතං ආවුසො අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්යොභාවාය, අථඛ්වෙතං ආවුසො අප්පසන්නානඤ්චෙව අප්පසාදාය පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තායා”ති.
2. “ඇවැත්නි, එය එසේ ම නො වේ ද?” ඇවැත්නි, නුසුදුසුවූවකි, අනුලොම් නුවූවකි, නොගැලපෙන්නකි, ශ්‍රමණසාරුප්‍ය නුවූවකි, නොකැපවූවකි, නොකටයුත්තකි. ඇවැත්නි, කෙසේ නම් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහු ද? ඇවැත්නි, මෙය නොපහන්වූවන්ගේ ප්‍රසාදය පිණිස හෝ පහන්වූවන්ගේ වැඩි පැහැදීම පිණිස හෝ නො වේ”. “ඇවැත්නි, වැලි එය නොපහන්වූවන්ගේ නොපැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද වේ” යි.
3. අථ ඛො තෙ භික්ඛූ ඡබ්බග්ගියෙ භික්ඛූ අනෙකපරියායෙන විගරහිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි “සච්චං කිර තුම්හෙ භික්ඛවෙ රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිත්ථා?” “සච්චං භගවා.” විගරහි බුද්ධො භගවා: “අනනුච්ඡවියං මොඝපුරිසා, අනනුලොමිකං අප්පතිරූපං අස්සාමණකං අකප්පියං අකරණීයං. කථං හි නාම තුම්හෙ මොඝපුරිසා රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
3. ඉක්බිති ඒ භික්ෂූහු සවගමහණුන්ට නන් අයුරින් ගරහා භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළාහුය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්ෂුසඞ්ඝයා රැස් කරවා සවගමහණුන් පුළුවුත්හ: “සැබෑ ද, මහණෙනි, තෙපි රදාතොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහු ද?” යි. “භාග්‍යවතුන් වහන්ස සැබෑ ය.” භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගැරහූසේක. “හිස් පුරුෂයෙනි, නුසුදුස්සකි. අනුලොම් නුවූවකි. නො ගැලපෙන්නකි. ශ්‍රමණ සාරුප්‍ය නුවූවකි. නොකැපවූවකි. නො කටයුත්තකි. හිස් පුරුෂයෙනි, තෙපි කෙසේ නම් රදාතොටට ගොස් රජකයන් සතු රෙදි පොදියක් සොරකම් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. -පෙ- මහණෙනි, මෙසේත් මේ සික පදය (අනුප්රඥප්තවශයෙන්) උදෙසවු:
“යො පන භික්ඛු ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්‍ය, යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්‍යුං වා බන්ධෙය්යුං වා පබ්බාජෙය්යුං වා ‘චොරො’සි බාලො’සි මූළ්හො’සි ථෙනො’සී’ති, තථාරූපං භික්ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසො”ති.
“යම් මහණෙක් නුදුන් වස්තුවක් ග්‍රාමයෙන් හෝ අරණ්‍යයෙන් හෝ සොරසිතින් ගනී ද, යම් බඳු වූ නුදුන් වස්තුවක් ගැන්මෙහි රජවරු ‘සොරහු ගෙන, සොරෙහි, බාලයෙහි, මූඪයෙහි, අනුන් අයත් දැය සොරා ගත්තෙහි’යි ඔහු පෙළද්ද, බඳිද්ද, රටින් නගද්ද එබඳු නුදුන් වස්තුව සොරසිතින් ගන්නා වූ මේ මහණ ද පරිජි අවන්නේ සංවාස රහිත වූයේ වෙයි”.
[දුතියපඤ්ඤත්ති]
[දෙවැනි පැණවීමයි]
4. යො පනාති - යො යාදිසො -පෙ-
4. යෝපන යනු යම්බඳු වූ යමෙක් -පෙ-;
භික්ඛූති - භික්ඛකො’ති භික්ඛු -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
භික්ඛු යනු හිඟන්නේ “භික්ෂු” නම් වේ. -පෙ- මේ තෙමේ මේ අරුත්හි භික්‍ෂුය යි අභිප්‍රේතයි.
ගාමො නාම - එකකුටිකො’පි ගාමො ද්විකුටිකො’පි ගාමො තිකුටිකො’පි ගාමො චතුකුටිකො’පි ගාමො සමනුස්සො’පි ගාමො, අමනුස්සො’පි ගාමො පරික්ඛිත්තො’පි ගාමො, අපරික්ඛිත්තො’පි ගාමො ගොනීසාදිනිවිට්ඨො’පි ගාමො යො’පි සත්ථො අතිරෙකචාතුමාසනිවිට්ඨො, සො’පි වුච්චති ගාමො.
ගාම නම්: එක් කිළියක් ඇත්තේ ද ගමය. දෙකිළියක් ඇත්තේ ද ගමය. ගෙවල් තුනක් ඇත්තේ ද ගමය. ගෙවල් සතරක් ඇත්තේ ද ගමය. මිනිසුන් සහිත වූයේ ද ගමය. මිනිසුන් රහිත වූයේ ද ගමය. පිරිකෙව් කරණ ලද්දේ ද ගමය. පිරිකෙව් නො කරණ ලද්දේ ද ගමය. වීථි වෙන් කිරීමක් නො මැතිව ගෙවල් දෙකක් තුනක් (ගවයන් ලැගුනාක් මෙන්) තැනින් තැන වූයේ ද ගමය. යම් සාර්‍ත්‍ථවාහක සමූහයක් ගැල් බඩු වෙළඳමුලක් අයිරා සිවුමස් කලක් විසුයේ ද ගමයි කියනු ලැබේ.
ගාමූපචාරො නාම: පරික්ඛිත්තස්ස ගාමස්ස ඉන්දඛීලෙ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාත. අපරික්ඛිත්තස්ස ගාමස්ස ඝරූපචාරෙ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩුපාතො.
ගාමූපචාරය නම්: පිරිකෙව් කළ ගමෙහි ඉන්ද්රකීලය (පුරටැඹ) වෙත සිටි මැදුම් පුරුෂයෙකුගේ ලෙඩ්ඩුපාත යයි. (ගලක් ගසන දුරයි) නො පිරිකෙව් කළ ගමෙහි ගෘහෝපචාරයෙහි සිටියා වූ මැදුම් පුරුෂයෙකුගේ ලෙඩ්ඩුපාත යයි.
අරඤ්ඤං නාම: ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච අවසෙසං අරඤ්ඤං නාම.
අරඤ්ඤ නම්: ගම ද, ගාමූපචාරය ද හැර සෙස්ස අරණ නමි.
අදින්නං නාමං: යං අදින්නං අනිස්සට්ඨං අපරිච්චත්තං රක්ඛිතං ගොපිතං මමායිතං පරපරිග්ගහිතං, එතං අදින්නං නාම.
අදින්න නම්: යමක් නො දෙන ලද ද, (අයිතියෙන්) බැහැර නො කරණ ලද ද, පරිත්‍යාග නො කරණ ලද ද, රක්නා ලද ද, ගෝපනය කරණ ලද ද, මාගේ යයි ගන්නා ලද ද, අනුන් අයත් දෑ ද, මෙය අදින්න නමි.
ථෙය්යසඞ්ඛාතන්ති - ථෙය්‍යචිත්තො අවහරණචිත්තො.
ථෙය්යසඞ්ඛාතං යනු: සොර සිත් ඇත්තේ, පැහැර ගන්නා සිත් ඇත්තේ ය.
ආදියෙය්යාති - ආදියෙය්‍ය හරෙය්ය අවහරෙය්ය ඉරියාපථං විකොපෙය්ය ඨානා චාවෙය්ය සංකෙතං වීතිනාමෙය්‍ය.
ආදියෙය්‍ය යනු: ගණී නම්, හැර ගණී නම්, පැහැර ගණී නම්, ඉරියව් වෙනස් කෙරේ නම්, තුබූ තැනින් වෙන් කෙරේ නම්, සලකුණ ගැණීමෙහි කළ ලකුණ ඉක්මවා නම් ය.
යථාරූපං නාම: පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා.
යථාරූපං යනු: පාදයක් (මසු පහක්) හෝ, පාදයක් අගනේ හෝ පාදයකට වැඩි වූයේ හෝ ය.
රාජානො නාම: පථබ්යාරාජා, පදෙසරාජා, මණ්ඩලිකා, අන්තරභොගිකා, අක්ඛදස්සා, මහාමත්තා, යෙ වා පන ඡෙජ්ජභෙජ්ජං අනුසාසන්ති, එතෙ රාජානො නාම.
රාජානෝ යනු: පෘථිවීශ්වර රජහු ය, ප්‍රදේශ රජහු ය, මණ්ඩලිකයෝ ය, අතර පිහිටි ගම් කිහිපයක් වළඳනා රජහු ය. අක්ෂදර්ශක (විනිශ්චයකාරක)යෝ ය, මහාමාත්‍යයෝ ය, යම් කෙනෙක් සිඳුම් බිඳුම් ඈ දඬුවම් නියම කෙරෙද්ද, මොහු මෙහි රජවරු නම් වෙත්.
චොරො නාම: යො පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, එසො චොරො නාම.
චෝර යනු: යමෙක් මසු පහක් හෝ අයිරා මසු පහක් හෝ අගනා හිමියන් නුදුන් දෙය සොර සිතින් ගනී ද, හේ චෝර නමි.
හනෙය්‍යුං වාති - හත්ථෙන වා පාදෙන වා කසාය වා වෙත්තෙන වා අද්ධදණ්ඩකෙන වා ඡෙජ්ජාය වා හනෙය්‍යුං.
හනෙය්‍යුං වා යි: අතින් හෝ පයින් හෝ කසයෙන් හෝ වේවැලින් හෝ අඩදඬුවකින් හෝ අවියකින් හෝ පෙළන්නාහු ය.
බන්ධෙය්යුං වාති - රජ්ජුබන්ධනෙන වා අන්දුබන්ධනෙන වා සඞ්ඛලිකබන්ධනෙන වා ඝරබන්ධනෙන වා නගරබන්ධනෙන වා ගාමබන්ධනෙන වා නිගමබන්ධනෙන වා බන්ධෙය්යුං, පුරිසගුත්තිං වා කරෙය්යුං.
බන්ධෙය්යුං වා යි: රැහැන් බැම්මෙන් හෝ විලංගු බැම්මෙන් හෝ හැකිලි බැම්මෙන් හෝ ගෙයක සිර කර තැබීමෙන් හෝ නුවරක සිර කර තැබීමෙන් හෝ ගමක සිර කර තැබීමෙන් හෝ නියම් ගමක සිර කර තැබීමෙන් හෝ මෙසේ බඳින්නාහු ය. පුරුෂාරක්ෂාව හෝ කරන්නාහු ය.
පබ්බාජෙය්යුං වාති - ගාමා වා නිගමා වා නගරා වා ජනපදා වා ජනපදපදෙසා වා පබ්බාජෙය්යුං.
පබ්බාජෙය්යුං වා යි: ගමින් හෝ නියම් ගමින් හෝ නුවරින් හෝ ජනපදයෙන් හෝ ජනපද පෙදෙසින් හෝ බැහැර කරන්නාහු ය.
චොරොසි බාලොසි මූළ්හොසි ථෙනොසීති - පරිභාසො එසො.
චෝරොසි බාලොසි මූළ්හෝසි ථේනෝසි යනු: මෙය පරිභව බිණීමකි.
තථාරූපං නාම: පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා.
තථාරූපං නම්: පාදයක් හෝ පාදයක් අගනේ හෝ අයිරා පාදයක් හෝ ය.
ආදියමානොති - ආදියමානො හරමානො අවහරමානො ඉරියාපථං විකොපයමානො ඨානා චාවයමානො සඞ්කෙතං වීතිනාමයමානො.
ආදියමානෝ යනු: ගන්නේ, හැරගන්නේ, පැහැර ගන්නේ, ඉරියව් වෙනස් කරන්නේ, තුබූ තැනින් ඉවත් කරන්නේ, සලකුණ වෙනස් කරන්නේ ය.
අයම්පීති - පුරිමං උපාදාය වුච්චති.
අයම්පි යනු: පළමු පරිජි ඇවතට අවන් පුද්ගලයා ගෙන ‘මෙතෙමේත්’ යි කියනු ලැබේ.
පාරාජිකො හොතීති - සෙය්යථාපි නාම පණ්ඩුපලාසො බන්ධනා පවුත්තො අභබ්බො හරිතත්තාය. එවමෙව භික්ඛු පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියිත්වා අස්සමණො හොති අසක්යපුත්තියො. තෙන වුච්චති පාරාජිකො හොතීති.
පාරාජිකො හොති යනු: යම් සේ නටුවෙන් ගිලිහුණු කොළය නැවත නිල් වීමට නුසුදුසු වේ ද, එපරිද්දෙන් ම මහණ තෙමේ පාදයක් හෝ පාදයක් අගනා දෙය හෝ අයිරා පාදයක් හෝ හිමියන් නුදුන් දෙය සොර සිතින් ගෙණ අශ්‍රමණයෙක් වෙයි. අශාක්‍යපුත්‍රීයයෙක් වෙයි. එහෙයින් පාරාජික වේ යයි කියනු ලැබේ.
අසංවාසොති - සංවාසො නාම එකං කම්මං එකුද්දෙසො සමසික්ඛාතා. එසො සංවාසො නාම. සො තෙන සද්ධිං නත්ථීති තෙන වුච්චති අසංවාසොති.
අසංවාසො යි: සංවාස නම් එක්ව විනයකර්ම කිරීම, එක්ව උදෙසීම, සමානශික්‍ෂා ඇති බව මේ සංවාස නමි. එය ඔහු හා නැත් නුයි, එහෙයින් අසංවාස යයි කියනු ලැබේ.
[නයමාතිකා]
[නය මාතෘකා]
1. භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං උදකට්ඨං නාවට්ඨං යානට්ඨං භාරට්ඨං ආරාමට්ඨං විහාරට්ඨං ඛෙත්තට්ඨං වත්ථුට්ඨං ගාමට්ඨං අරඤ්ඤට්ඨං උදකං දන්තපොනං වනප්පති හරණකං උපනිධි සුඞ්කඝාතං පාණො අපදං දිපදං චතුප්පදං බහුප්පදං ඔචරකො ඔනිරක්ඛො සංවිදාවහාරො සඞ්කෙතකම්මං නිමිත්තකම්මන්ති.
1. භුම්මට්ඨය, ථලට්ඨය, ආකාසට්ඨය, වේහාසට්ඨය, උදකට්ඨය, නාවට්ඨය, යානට්ඨය, භාරට්ඨය, ආරාමට්ඨය, විහාරට්ඨය, ඛෙත්තට්ඨය, වත්ථුට්ඨය, ගාමට්ඨය, අරඤ්ඤට්ඨය, උදකය, දන්තපෝනය, වනස්පතිය, හරණකය, උපනිධිය, සුඞ්කඝාතය, පාණය, අපදය, දිපදය, චතුප්පදය, බහුප්පදය, ඔවරකය, ඔනිරක්ඛය, සංවිදාවහාරය, සංකේතකම්මය, නිමිත්තකම්මය යි.
2. භුම්මට්ඨං නාම භණ්ඩං භූමියං නික්ඛිත්තං හොති නිඛාතං පටිච්ඡන්නං. භුම්මට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති කුද්දාලං වා පිටකං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. තත්ථ ජාතකං කට්ඨං වා ලතං වා ඡින්දති, ආපත්ති දුක්කටස්ස. පංසුං ඛණති වා ව්යූහති වා උද්ධරති වා, ආපත්ති දුක්කටස්ස. කුම්භිං ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. අත්තනො භාජනං පවෙසෙත්වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. අත්තනො භාජනගතං වා කරොති මුට්ඨිං වා ඡින්දති, ආපත්ති පාරාජිකස්ස. සුත්තාරූළ්හං භණ්ඩං වා පාමඞ්ගං වා කණ්ඨසුත්තකං වා කටිසුත්තකං වා සාටකං වා වෙඨනං වා ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. කොටියං ගහෙත්වා උච්චාරෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඝංසන්තො නීහරති, ආපත්ති ථුල්ලච්චයස්ස. අන්තමසො කෙසග්ගමත්තම්පි කුම්භිමුඛා මොචෙති, ආපත්ති පාරාජිකස්ස. සප්පිං වා තෙලං වා මධුං වා ඵාණිතං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො එකෙන පයොගෙන පිවති, ආපත්ති පාරාජිකස්ස. තත්ථෙව භින්දති වා ඡඩ්ඩෙති වා ඣාපෙති වා අපරිභොගං වා කරොති, ආපත්ති දුක්කටස්ස.
2. භුම්මට්ඨ නම්: භාණ්ඩය බිම තබන ලද්දක් වෙයි. වළ දමන ලද්දක් වෙයි. සැඟවුනක් වෙයි. බිම පිහිටි භාණ්ඩය හැරගන්නෙමි යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම් උදැල්ලක් හෝ කූඩයක් හෝ සොයා නම් යේ නම් හෝ දුකුළාඇවැත් වේ. එහි හටගත් දඬු කඩක් හෝ වැලක් හෝ සිඳී ද දුකුළාඇවැත් වේ. පස් සාරයි හෝ රැස් කරයි හෝ නගයි හෝ දුකුළාඇවැත් වේ. සැළක් පහස්නේ හෝ දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. තම බඳුන එව මසු පහක් හෝ අයිරා මසු පහක් හෝ අගනා දැයක් සොර සිත් ඇත්තේ පහස්නේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තම බඳුනට ගනී නම් හෝ මිටු මොළවා ගනී නම් හෝ පරිජිඇවැත් වේ. නූලක ඇවුනු භාණ්ඩයක් හෝ පමුවක් හෝ ගෙලපලඳනාවක් හෝ හින පලඳනාවක් හෝ සළුවක් හෝ හිස් වෙළුමක් හෝ සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. කෙළවර ගෙන ඔසවා නම් ථුලැසිඇවැත් වේ. ගටමින් බැහැර කෙරේ නම් ථුලැසිඇවැත් වේ. යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු සැළි මුවෙන් මුදා නම් පරිජිඇවැත් වේ. ගිතෙල් හෝ තලතෙල් හෝ මී හෝ උක්පැණි හෝ මසුපසක් හෝ අයිරා මසුපසක් හෝ අගනා දෑ සොර සිත් ඇත්තේ එක් පියොවක් පානය කෙරේ නම් පරිජිඇවැත් වේ. එහි ම බිඳි නම් හෝ බැහැර කෙරේ නම් හෝ දවා නම් හෝ පරිභෝගයට නුසුදුසු කෙරේ නම් හෝ දුකුළාඇවැත් වේ.
3. ථලට්ඨං නාම භණ්ඩං ථලෙ නික්ඛිත්තං හොති. ථලට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
3. ස්ථලස්ථ භාණ්ඩය නම්: භුම්යාදි තලයෙහි තබන ලද්දක් වෙයි. ඒ ථලට්ඨ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
4. ආකාසට්ඨං නාම භණ්ඩං ආකාසගතං හොති. මොරො වා කපිඤ්ජරො වා තිත්තිරො වා වට්ටකො වා සාටකං වා වෙඨනං වා හිරඤ්ඤං වා සුවණ්ණං වා ඡිජ්ජමානං පතති. ආකාසට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ගමනං උපච්ඡින්දති, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
4. ආකාශස්ථ භාණ්ඩය නම් ආකාශ ගත වස්තුවෙක් වෙයි. මොනරෙක් හෝ සුදු තිත්වටුවෙක් හෝ කළු තිත්වටුවෙක් හෝ වටුවෙක් හෝ සළුවක් හෝ හිස් වෙළුමක් හෝ අමු රන් කඩක් හෝ රත්රන් කඩක් හෝ සිඳිනු ලබන්නේ වැටේ. අහසෙහි වූ භාණ්ඩය ‘පැහැර ගනිමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නෙකු හෝ සොයා නම්, යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ගමන ඔබ මොබ යාම නවතා නම් දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
5. වෙහාසට්ඨං නාම භණ්ඩං වෙහාසගතං හොති. මඤ්චෙ වා පීඨෙ වා චීවරවංසෙ වා චීවරරජ්ජුයා වා භිත්තිඛීලෙ වා නාගදන්තෙ වා රුක්ඛෙ වා ලග්ගිතං හොති, අන්තමසො පත්තාධාරකෙ’පි. වෙහාසට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
5. විහායසස්ථ භාණ්ඩ නම් අහස් ගත වූ භාණ්ඩයක් වෙයි. ඇඳක හෝ පුටුවක හෝ සිවුරුවසෙක හෝ සිවුරු රැහැනෙක හෝ බිත්තියෙහි සවි කළ ඇණයක හෝ නාදැත්තෙක හෝ රුකෙක හෝ යටත් පිරිසෙයින් පාත්රාධාරයක එල්වන ලද්දක් වෙයි. අහස් ගත භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම්, යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
6. උදකට්ඨං නාම භණ්ඩං උදකෙ නික්ඛිත්තං හොති. උදකට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. නිමුජ්ජති වා උම්මුජ්ජති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. තත්ථ ජාතකං උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා භිසං වා මච්ඡං වා කච්ඡපං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
6. උදකස්ථ භාණ්ඩය නම් ජලයෙහි තබන ලද්දක් වෙයි. උදකස්ථ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. දියේ ගිලේ නම් හෝ දියෙන් මතු වේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. එහි හට ගත් උපුලක් හෝ පියුමක් හෝ හෙල පියුමක් හෝ නෙලුඹු දැළියක් හෝ මසකු හෝ කැසුබුවකු හෝ මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දැය සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම්, දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
7. නාවා නාම යාය තරති. නාවට්ඨං නාම භණ්ඩං නාවාය නික්ඛිත්තං හොති. නාවට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. නාවං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. බන්ධනං මොචෙති, ආපත්ති දුක්කටස්ස. බන්ධනං මොචෙත්වා ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. උද්ධං වා අධො වා තිරියං වා අන්තමසො කෙසග්ගමත්තම්පි සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
7. නෞකා නම් යමකින් තරණය කෙරේ ද, එය යි. (නාවට්ඨ) නෞකාස්ථ භාණ්ඩ නම් නැවෙහි තබන ලද්දෙක් වෙයි. නැවෙහි වූ බඩුවක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම්, යේ නම් දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘නැව පැහැර ගනිමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම්, යේ නම් දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. බැම්ම මුදා නම් දුකුළාඇවැත් වේ. බැම්ම මුදා ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. උඩට හෝ යටට හෝ සරසට හෝ යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු ගමන් කරවා නම් පරිජිඇවැත් වේ.
8. යානං නාම වය්හං රථො සකටං සන්දමානිකා. යානට්ඨං නාම: භණ්ඩං යානෙ නික්ඛිත්තං හොති. යානට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. යානං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
8. යාන නම් හිදොලුව ද, රිය ද, ගැල ද, ගුරුළු පියාපත් නයින් කළ රිය ද, වෙයි. යානස්ථ භාණ්ඩය නම් යානයෙහි තබන ලද්ද වේ. යානයෙහි තුබූ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘යානය පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නෙකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
9. භාරො නාම සීසභාරො ඛන්ධභාරො කටිභාරො ඔලම්බකො. සීසෙ භාරං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඛන්ධං ඔරොපෙති, ආපත්ති පාරාජිකස්ස. ඛන්ධෙ භාරං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. කටිං ඔරොපෙති, ආපත්ති පාරාජිකස්ස. කටියා භාරං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. හත්ථෙන ගණ්හාති, ආපත්ති පාරාජිකස්ස. හත්ථෙ භාරං ථෙය්‍යචිත්තො භූමියං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ථෙය්‍යචිත්තො භූමිතො ගණ්හාති, ආපත්ති පාරාජිකස්ස.
9. භාර නම් හිසින් උසුලන බර ය, උරහිසින් උසුලන බර ය, ඉණෙන් උසුලන බර ය, එල්ලාගෙන යන බර ය: හිසෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. කඳෙහි තබා නම් පරිජිඇවැත් වේ. කඳෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. කටියෙහි තබා නම් පරිජිඇවැත් වේ. කටියෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. අතට ගනී නම් පරිජිඇවැත් වේ. අතෙහි වූ බර සොර සිත් ඇත්තේ බිම තබා නම් පරිජිඇවැත් වේ. සොර සිත් ඇත්තේ බිමින් ගනී නම් පරිජිඇවැත් වේ.
10. ආරාමො නාම පුප්ඵාරාමො ඵලාරාමො. ආරාමට්ඨං නාම භණ්ඩං ආරාමෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. ආරාමට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. තත්ථ ජාතකං මූලං වා තචං වා පත්තං වා පුප්ඵං වා ඵලං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ආරාමං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො ‘න මය්හං භවිස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස.
10. ආරාම නම් පුෂ්පාරාම, ඵලාරාම යි. ආරාමස්ථ භාණ්ඩ නම් අරම්හි භූමිෂ්ඨ, ස්ථලස්ථ, ආකාශස්ථ, විහායසස්ථ යැ යි සතර තැනින් යම් තැනෙක තබන ලද්ද වෙයි. ආරාමයෙහි තුබූ බඩුවක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම් හෝ එයට යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තැනින් බැහැර කෙරේ ද පරිජිඇවැත් වේ. එහි හටගත් මුලක් හෝ පොත්තක් හෝ පත්‍රයක් හෝ මලක් හෝ ගෙඩියක් හෝ, පස් මසක් හෝ අතිරේක පස් මසක් හෝ අගනා දැයක් සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. ‘අරම තමා සතු ය’ යි පැමිණිලි කෙරේ ද දුකුළාඇවැත් වේ. හිමියා ට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට අයත් නොවන්නේ යැ’ යි ධුරනිඃක්ෂේපය කෙරේ ද පරිජිඇවැත්වේ. යුක්ති බණන්නේ හිමියා පරදවා ද පරිජිඇවැත් වේ. යුක්ති බණන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ.
11. විහාරට්ඨං නාම: භණ්ඩං විහාරෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. විහාරට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. විහාරං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො ‘න මය්හං භවිස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස.
11. විහාරස්ථ භාණ්ඩය නම් විහාරයෙහි සිවු තැනින් යම් තැනෙක තබන ලද්ද වෙයි: ඒ භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ යන මොහු ය. විහාරස්ථ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් බැහැර කෙරේ ද පරිජිඇවැත් වේ. විහාරය නිමිති කොට නඩු පවරා ද දුකුළාඇවැත් වේ. හිමියාට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට නො වන්නේ ය’ යි ධුර නිඃක්ෂේපය කෙරේ ද පරිජිඇවැත් වේ. යුක්තිය බණන්නේ හිමියා පරදවා ද පරිජිඇවැත් වේ. යුක්තිය බණන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ.
12. ඛෙත්තං නාම යත්ථ පුබ්බන්නං වා අපරන්නං වා ජායති. ඛෙත්තට්ඨං නාම: භණ්ඩං ඛෙත්තෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. ඛෙත්තට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. තත්ථ ජාතකං පුබ්බන්නං වා අපරන්නං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ඛෙත්තං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො ‘න මය්හං භවිස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඛීලං වා රජ්ජුං වා වතිං වා මරියාදං වා සඞ්කාමෙති, ආපත්ති දුක්කටස්ස. එකං පයොගං අනාගතෙ, ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පයොගෙ ආගතෙ, ආපත්ති පාරාජිකස්ස.
12. ක්ෂේත්‍ර නම් යම් තැනෙක ඇල් ආදී පුබ්බන්න ධාන්‍ය හෝ උඳු, මුං, ආදී අපරන්න ධාන්‍ය හෝ හට ගනී ද එය යි. ක්ෂෙත්රස්ථ භාණ්ඩය නම් කෙතෙහි සිවු තැනින් එක් තැනෙක තබන ලද්ද වෙයි: භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ යන මොහු යි. කෙතෙහි වූ බඩුවක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා ද, යේ ද, දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. මසු පසක් හෝ අයිරා මසු පසක් අගනා එහි හට ගත් පුබ්බන්න හෝ අපරන්න හෝ සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. කෙතට නඩු පවරා ද දුකුළාඇවැත් වේ. හිමියාට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට නො වන්නේ ය’ යි බලාපොරොත්තුව හරී ද පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ (හිමියා) පරදවා ද පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ. ඉම් කණුව හෝ තමන් සතු කරන්නේ ද, රැහැන හෝ පතුරුවන්නේ ද, වැට හෝ ඈත් කරන්නේ ද, ඉම හෝ පුළුල් කරන්නේ ද, මෙසේ ඉම ඉවත් කෙරේ නම් දුකුළාඇවැත් වේ. එය පිළිබඳ එක් ප්‍රයෝගයක් (පමණක්) සම්පූර්ණ නො වූ කල්හි ථුලැසිඇවැත් වේ. ඒ ප්‍රයෝගය (උත්සාහය) ද සම්පූර්ණ වූ කල්හි පරිජිඇවැත් වේ.
13. වත්ථු නාම ආරාමවත්ථු විහාරවත්ථු. වත්ථුට්ඨං නාම: භණ්ඩං වත්ථුස්මිං චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. වත්ථුට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. වත්ථුං අභියුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. සාමිකො ‘න මය්හං භවිස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඛීලං වා රජ්ජුං වා වතිං වා පාකාරං වා සඞ්කාමෙති, ආපත්ති දුක්කටස්ස. එකං පයොගං අනාගතෙ, ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පයොගෙ ආගතෙ, ආපත්ති පාරාජිකස්ස.
13. වාස්තු නම් ආරාම වස්තු යි. වාස්තුස්ථ භාණ්ඩ නම් වත්තෙහි සිවු තැනින් යම් තැනෙක තබන ලද්ද වෙයි: භුම්මට්ඨ ය, ථලට්ඨ ය, ආකාසට්ඨ ය, වේහාසට්ඨ ය යන මොහු ය. වත්තෙහි වූ බඩු ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු හෝ යොදා ද යේ ද දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා ද ථුලැසිඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ ද පරිජිඇවැත් වේ. වත්තට නඩු පවරා ද දුකුළාඇවැත් වේ. හිමියාට විමති උපදවා ද ථුලැසිඇවැත් වේ. හිමියා ‘මට නො වන්නේ යැ’ යි බලාපොරොත්තු හරී ද පරිජිඇවැත්වේ. විනිශ්චය කරන්නේ හිමියා පරදවා ද පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ තෙමේ පැරදේ ද ථුලැසිඇවැත් වේ. ඉම් කණුව හෝ රැහැන හෝ වැට හෝ පවුර හෝ තමන් සතු වන සේ වෙනස් කෙරේ ද දුකුළාඇවැත් වේ. එක් ප්‍රයෝගයක් සම්පූර්ණ නො වූ කල්හි ථුලැසිඇවැත් වේ. ඒ ප්‍රයෝගය ද සම්පූර්ණ වූ කල්හි පරිජිඇවැත් වේ.
14. ගාමට්ඨං නාම: භණ්ඩං ගාමෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. ගාමට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
14. ග්රාමස්ථ නම් ගමෙහි සිවු තැනින් එක් තැනෙක තබන ලද භාණ්ඩය වෙයි: භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ (යන මොහු ය.) ගමෙහි වූ භාණ්ඩය ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
15. අරඤ්ඤං නාම යං මනුස්සානං පරිග්ගහිතං හොති, තං අරඤ්ඤං. අරඤ්ඤට්ඨං නාම: භණ්ඩං අරඤ්ඤෙ චතූහි ඨානෙහි නික්ඛිත්තං හොති: භුම්මට්ඨං ථලට්ඨං ආකාසට්ඨං වෙහාසට්ඨං. අරඤ්ඤට්ඨං භණ්ඩං ‘අවහරිස්සාමී’ති ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති ගච්ඡති වා, ආපත්ති දුක්කටස්ස. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. තත්ථ ජාතකං කට්ඨං වා ලතං වා තිණං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
15. අරණ්‍ය නම් මිනිසුන් විසින් පරිගෘහිත යමක් වේ ද එය අරණ්‍යය යි. අරණ්යස්ථ භාණ්ඩය නම් අරණෙහි සිවු තැනින් එක් තැනෙක තබන ලද්ද වෙයි. භුම්මට්ඨ, ථලට්ඨ, ආකාසට්ඨ, වේහාසට්ඨ යන මොහු යි. අරණෙහි වූ භාණ්ඩයක් ‘පැහැර ගන්නෙමි’ යි සොර සිත් ඇත්තේ දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළාඇවැත් වේ. ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. මසු පසක් හෝ අයිරා මසු පසක් අගනා එහි හට ගත් ලීයක් හෝ වැලක් හෝ තණ හෝ සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
16. උදකං නාම භාජනගතං වා හොති පොක්ඛරණියා වා තළාකෙ වා. ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස . අත්තනො භාජනං පවෙසෙත්වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං උදකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. අත්තනො භාජනගතං කරොති, ආපත්ති පාරාජිකස්ස. මරියාදං ඡින්දති, ආපත්ති දුක්කටස්ස. මරියාදං ඡින්දිත්වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං උදකං නික්ඛාමෙති, ආපත්ති පාරාජිකස්ස. අතිරෙකමාසකං වා ඌනපඤ්චමාසකං වා අග්ඝනකං උදකං නික්ඛාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. මාසකං වා ඌනමාසකං වා අග්ඝනකං උදකං නික්ඛාමෙති, ආපත්ති දුක්කටස්ස.
16. උදක නම් භාජනගත වූ හෝ පොකුණෙහි වූ හෝ තඩාගයෙහි වූ දියෙක් වේ. එය සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. තමාගේ බඳුන එහි එව මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දියක් සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තම බඳුනට ගනී නම් පරිජිඇවැත් වේ. මියර සිඳී නම් දුකුළාඇවැත් වේ. මියර සිඳ මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දියක් නික්මවා ගනී නම් පරිජිඇවැත් වේ. මස්සකට වැඩි වූ හෝ මසු පසකට අඩු වූ අගනා දියක් නික්මවා ගනී නම් ථුලැසිඇවැත් වේ. මස්සක් හෝ උනුමස්සක් හෝ අගනා දියක් නික්මවා ගනී නම් දුකුළාඇවැත් වේ.
17. දන්තපොනං නාම ඡින්නං වා අච්ඡින්නං වා. පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
17. දන්තපොන නම් සිඳින ලද හෝ නො සිඳින ලද හෝ දැහැටුයෙක් දන්ත පවන දැහැටි වෙයි. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා දැහැටි සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
18. වනස්පති නාම යො මනුස්සානං පරිග්ගහිතො හොති රුක්ඛො පරිභොගො. ථෙය්‍යචිත්තො ඡින්දති, පහාරෙ පහාරෙ ආපත්ති දුක්කටස්ස. එකං පහාරං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පහාරෙ ආගතෙ, ආපත්ති පාරාජිකස්ස.
18. වනස්පති නම් මිනිසුන් විසින් පරිගෘහිත මිනිසුන්ගේ පරිභෝග වූ වෘක්ෂයෙක් වෙයි. සොර සිත් ඇත්තේ (එය) සිඳී නම් පහරක් පාසා දුකුළාඇවැත් වේ. එක් පහරක් නො පැමිණි කල්හි ථුලැසිඇවැත් වේ. ඒ පහර ද පැමිණි කල්හි පරිජිඇවැත් වේ.
19. හරණකං නාම අඤ්ඤස්ස හරණකං භණ්ඩං. ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘සහභණ්ඩහාරකං නෙස්සාමී’ති පඨමං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පතිතං භණ්ඩං ගහෙස්සාමී’ති පාතාපෙති, ආපත්ති දුක්කටස්ස. පතිතං භණ්ඩං පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
19. හරණක නම් අනෙකකුට ගෙන යන බඩුවකි. සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘බඩුව සමඟ ගෙන යන්නහු හැර ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබා නම් ථුලැසිඇවැත් වේ. දෙවෙනි පිය ඉදිරියට තබා නම් පරිජිඇවැත් වේ. ‘වැටුනු බඩුව හැර ගන්නෙමි’ යි බිම ලවා නම් දුකුළාඇවැත් වේ. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා වැටුනු බඩුවක් සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
20. උපනිධි නාම උපනික්ඛිත්තං භණ්ඩං. ‘දෙහි මෙ භණ්ඩ’න්ති වුච්චමානො ‘නාහං ගණ්හාමී’ති භණති, ආපත්ති දුක්කටස්ස. සාමිකස්ස විමතිං උප්පාදෙති, ආපත්ති ථුල්ලච්චයස්ස . සාමිකො ‘න මය්හං දස්සතී’ති ධුරං නික්ඛිපති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො සාමිකං පරාජෙති, ආපත්ති පාරාජිකස්ස. ධම්මං චරන්තො පරජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස.
20. උපනිධි නම් රක්නා පිණිස තැබූ බඩුව ය. ‘මගේ බඩුව දෙව’ යි කියනු ලබන්නේ ‘මම් නො ගනිමි’ යි කියා නම් දුකුළාඇවැත් වේ. හිමියාට විමිති උපදවා නම් ථුලැසිඇවැත් වේ. හිමි තෙමේ ‘මට නො දෙන්නේ යැ’ යි ධූරනිඃක්ෂේප කෙරේ නම් පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ හිමියා පරදවා නම් පරිජිඇවැත් වේ. විනිශ්චය කරන්නේ (තෙමේ) පරදී නම් ථුලැසිඇවැත් වේ.
21. සුඞ්කඝාතං නාම රඤ්ඤා ඨපිතං හොති පබ්බතඛණ්ඩෙ වා නදීතිත්ථෙ වා ගාමද්වාරෙ වා ‘අත්ර පවිට්ඨස්ස සුඞ්කං ගණ්හන්තූ’ති. තත්ර පවිසිත්වා රාජග්ඝං භණ්ඩං පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. පඨමං පාදං සුඞ්කඝාතං අතික්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙති, ආපත්ති පාරාජිකස්ස. අන්තො සුඞ්කඝාතෙ ඨිතො බහි සුඞ්කඝාතං පාතෙති, ආපත්ති පාරාජිකස්ස. සුඞ්කං පරිහරති, ආපත්ති දුක්කටස්ස.
21. සුඞ්කඝාත නම් කඳු කපොල්ලෙක හෝ ගංතොටෙක හෝ ගම් දොරෙක හෝ ‘මෙහි පැමිණියහුගෙන් සුංවත් ගනිත්වා’ යි රජු විසින් නියම කොට තබන ලද්දක් වේ. එහි පිවිසි රජුගේ සුංවතට සුදුසු වූ මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා බඩුවක් සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. පළමු පිය සුංවත් ගන්නා තැනින් ඉක්මවා නම් ථුලැසිඇවැත් වේ. දෙවෙනි පිය ඉක්මවා නම් පරිජිඇවැත් වේ. සුංවත් ගන්නා තැන තුළ සිටියේ සුංවත් ගන්නා තැනින් සුංකම පිටතට හෙළා නම් පරිජිඇවැත් වේ. සුංකම වළකා නම් දුකුළාඇවැත් වේ.
22. පාණො නාම මනුස්සපාණො වුච්චති. ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පදසා නෙස්සාමී’ති පඨමං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
22. ප්‍රාණ නම් මනුෂ්‍ය ප්‍රාණියෙක් කියනු ලැබේ. සොර සිතින් ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබවා නම් ථුලැසිඇවැත් වේ. දෙවැනි පිය තබවා නම් පරිජිඇවැත් වේ.
23. අපදං නාම අහිමච්ඡා. පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
23. අපද නම් සර්පයෝ ය, මත්ස්‍යයෝ ය. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා සතකු සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
24. ද්විපදං නාම මනුස්සා පක්ඛජාතා. ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පදසා නෙස්සාමී’ති පඨමං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
24. ද්විපද නම් මිනිස්සු ද, පක්ෂීහු ද වෙත්. සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබවා නම් ථුලැසිඇවැත් වේ. දෙවැනි පිය තබවා නම් පරිජිඇවැත් වේ.
25. චතුප්පදං නාම හත්ථි අස්සා ඔට්ඨා ගොණා ගද්රභා පසුකා. ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පදසා නෙස්සාමී’ති පඨමං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. තතියං පාදං සඞ්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. චතුත්ථං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
25. චතුප්පද නම් ඇත් ය, අස් ය, ඔටු ය, ගව ය, කොටළු ය, සෙසු සිවුපාවෝ ය යන මොහු වෙති. සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි පළමු පිය ඉදිරියට තබවා නම් ථුලැසිඇවැත් වේ. දෙවැනි පිය තබවා නම් ථුලැසිඇවැත් වේ. තෙවැනි පිය තබවා නම් ථුලැසිඇවැත් වේ. සිවුවන පිය තබවා නම් පරිජිඇවැත් වේ.
26. බහුප්පදං නාම: විච්ඡිකා-සතපදී-උච්චාලිඞ්ගපාණකා. පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස. ‘පදසා නෙස්සාමී’ති සඞ්කාමෙති, පදෙ පදෙ ආපත්ති ථුල්ලච්චයස්ස. පච්ඡිමං පාදං සඞ්කාමෙති, ආපත්ති පාරාජිකස්ස.
26. බහු පද නම් ගෝණුස්සෝ ය, පත්තෑයෝ ය, බූපණුවෝ ය, යන මොහු වෙත් මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා සතකු සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ. ‘පා ගමනින් ගෙන යන්නෙමි’ යි ඉදිරියට ගමන් කරවා නම් පියක් පියක් පාසා ථුලැසිඇවැත් වේ. පැසුම් පිය මාරු කරවා නම් පරිජිඇවැත් වේ.
27. ඔචරකො නාම භණ්ඩං ඔචරිත්වා ආචික්ඛති “ඉත්ථන්නාමං භණ්ඩං අවහරාති” ආපත්ති දුක්කටස්ස. සො තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
27. ඔචරක නම් (යමෙක්) බඩුවක ඔත්තු බලා ‘මේ නම් බඩුව පැහැර ගනු ව’ යි කියා නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ ඒ බඩුව සොරකම් කෙරේ නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ.
28. ඔනිරක්ඛො නාම ආහටං භණ්ඩං ගොපෙන්තො පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං ථෙය්‍යචිත්තො ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
28. ඔනිරක්ඛ නම් අනෙකෙකු ගෙනවුත් තුබූ බඩුවක් රක්නේ වෙයි. මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා එය සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. සෙලවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
29. සංවිදාවහාරො නාම සම්බහුලා සංවිදහිත්වා එකො භණ්ඩං අවහරති, ආපත්ති සබ්බෙසං පාරාජිකස්ස.
29. සංවිදාවහාර නම් බොහෝ දෙනෙකු කතා කොට ගෙන එකෙක් බඩුවක් සොරකම් කරයි. ඒ සියල්ල හට පරිජිඇවැත් වේ.
30. සඞ්කෙතකම්මං නාම සඞ්කෙතං කරොති “පුරෙභත්තං වා පච්ඡාභත්තං වා රත්තිං වා දිවා වා ‘තෙන සඞ්කෙතෙන තං භණ්ඩං අවහරා’ති ආපත්ති දුක්කටස්ස. තෙන සඞ්කෙතෙන තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස. තං සඞ්කෙතං පුරෙ වා පච්ඡා වා තං භණ්ඩං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
30. සඞ්කේතකර්ම නම් පෙරවරු හෝ පස්වරු හෝ රෑ හෝ දවල් හෝ ‘අසෝ සලකුණෙන් බඩුව ගනු ව’ යි සලකුණු කෙරෙයි. ‘ඒ සලකුණෙන් ඒ බඩුව ගනු ව’ යි කියා නම් දුකුළාඇවැත් වේ. ඒ සලකුණෙන් ඒ බඩුව සොරකම් කෙරේ නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ. ඒ සලකුණට නියමිත කාලයට පෙර හෝ පසුව හෝ බඩුව සොරකම් කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
31. නිමිත්තකම්මං නාම නිමිත්තං කරොති ‘අක්ඛිං වා නිඛනිස්සාමි භමුකං වා උක්ඛිපිස්සාමි සීසං වා උක්ඛිපිස්සාමි, තෙන නිමිත්තෙන තං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. තෙන නිමිත්තෙන තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස. තං නිමිත්තං පුරෙ වා පච්ඡා වා තං භණ්ඩං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
31. නිමිත්තකර්‍ම නම් ‘ඇස හෝ කනින්නෙමි, බැම හෝ නගන්නෙමි, හිස හෝ ඔසවන්නෙමි. ඒ නිමිත්තෙන් ඒ බඩුව පැහැර ගනු ව’ යි නිමිති කෙරෙයි නම් දුකුළාඇවැත් වේ. ඒ නිමිත්තෙන් ඒ බඩුව පැහැර ගනී නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ. ඒ නිමිත්තට පෙර හෝ පසුව හෝ ඒ බඩුව සොරකම් කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
32. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො තං මඤ්ඤමානො තං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
32. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරා ගනු ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ එය යැ යි හඟනේ එය ම සොරකම් කෙරේ නම් දෙදෙනාහට පරිජිඇවැත් වේ.
33. භික්ඛු භික්ඛුං ආණාපෙති – ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො තං මඤ්ඤමානො අඤ්ඤං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
33. මහණෙක් මහණෙකුට ‘මේ නම් බඩුව සොරා ගනු ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ එය ම යැ යි හඟනේ අනෙකක් සොරකම් කෙරේ නම් මූලිකයාහට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
34. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො අඤ්ඤං මඤ්ඤමානො තං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
34. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරකම් කර ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකෙකැ යි හඟනේ එය සොරකම් කෙරේ නම් දෙදෙනාහටම පරිජිඇවැත් වේ.
35. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
35. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරකම් කර ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකකැ යි හඟනේ අනෙකක් සොරකම් කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. සොරකම් කරන්නහුට පරිජිඇවැත් වේ.
36. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමස්ස පාවද: ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතු: ඉත්ථන්නාමො ඉත්ථන්නාමං භණ්ඩං අවහරතූ”ති, ආපත්ති දුක්කටස්ස. සො ඉතරස්ස ආරොචෙති, ආපත්ති දුක්කටස්ස. අවහාරකො පතිගණ්හාති, මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. සො තං භණ්ඩං අවහරති, ආපත්ති සබ්බෙසං පාරාජිකස්ස.
36. මහණෙක් ‘මේ නම් ඇත්තේ මේ නම් බඩුව පැහැර ගනී වා’ යි මේ නම් ඇත්තේ මේ නම් ඇත්තහුට කියාවා යි ‘මේ නම් ඇත්තහුට කිය ව’ යි දන්වා නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ (එය) දන්වා නම් දුකුළාඇවැත් වේ. අවහාරක තෙමේ පිළිගනී නම් මූලිකයා හට ථුලැසිඇවැත් වේ. හේ තෙමේ ඒ බඩුව සොරකම් කෙරේ නම් සියල්ලන් හට පරිජිඇවැත් වේ.
37. භික්ඛු භික්ඛුං ආණාපෙති, “ඉත්ථන්නාමස්ස පාවද: ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතු, ඉත්ථන්නාමො ඉත්ථන්නාමං භණ්ඩං අවහරතූ”ති, ආපත්ති දුක්කටස්ස. සො අඤ්ඤං ආණාපෙති, ආපත්ති දුක්කටස්ස. අවහාරකො පතිගණ්හාති, ආපත්ති දුක්කටස්ස. සො තං භණ්ඩං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. ආණාපකස්ස ච අවහාරකස්ස ච ආපත්ති පාරාජිකස්ස.
37. ‘මේ නම් ඇත්තේ මේ නම් බඩුව පැහැර ගනී වා’ යි මේ නම් ඇත්තේ මේ නම් ඇත්තහුට කියා වා යි ‘මේ නම් ඇත්තහුට කියව’ යි මහණෙක් මහණකුට අණවා නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ (අසවලාට මෙසේ කියව යි) අනෙකෙකු හට අණ කරයි නම් දුකුළාඇවැත් වේ. අවහාරක තෙමේ පිළිගනී නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ ඒ බඩුව සොරකම් කෙරේ නම් මූලිකයා හට ඇවැත් නො වේ. අණවන්නහුට ද පැහැර ගන්නහුට ද පරිජිඇවැත් වේ.
38. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො ගන්ත්වා පුන පච්චාගච්ඡති ‘නාහං සක්කොමි තං භණ්ඩං අවහරිතු’න්ති. සො පුන - ආණාපෙති ‘යදා සක්කොසි තදා තං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
38. මහණෙක් මහණකුට, ‘මේ නම් බඩුව සොරකම් කරව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ ගොස් ‘ඒ බඩුව ගන්නට මම නො සමත් මි’ යි පෙරළා එයි. මහණ තෙමේ ‘යම් දවසක සමත් වී නම් ඒ දවසෙහි ඒ බඩුව පැහැර ගනුව’ යි නැවත අණවා නම් දුකුළාඇවැත් වේ. ඒ මහණ තෙමේ බඩුව සොරකම් කරයි නම් දෙදෙනාහට ම පරිජිඇවැත් වේ.
39. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො ආණාපෙත්වා විප්පටිසාරී න සාවෙති ‘මා අවහරී’ති. සො තං භණ්ඩං අවහරති, ආපත්ති උභින්නං පාරාජිකස්ස.
39. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව සොරකම් කරව’ යි අණවයි නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ අණ කොට විපිළිසර වෙයි. ‘නො ගනුව’ යි නො කියයි. හේ ඒ බඩුව සොරකම් කරයි. දෙදෙනාහට ම පරිජිඇවැත් වේ.
40. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො ආණාපෙත්වා විප්පටිසාරී සාවෙති ‘මා අවහරී’ති. සො ‘ආණත්තො අහං තයා’ති, තං භණ්ඩං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අවහාරකස්ස ආපත්ති පාරාජිකස්ස.
40. මහණෙක් මහණකුට ‘මෙනම් බඩුව සොරකම් කරව’ යි අණවා නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ අණ කොට විපිළිසර වූයේ ‘නො ගනුව’ යි අස්වයි. හේ ‘තා විසින් මම අණ කරණ ලද්දෙමි’ යි ඒ බඩුව සොරකම් කරයි. මූලිකයා හට ඇවැත් නො වේ. පැහැර ගන්නහුට පරිජිඇවැත් වේ.
41. භික්ඛු භික්ඛුං ආණාපෙති ‘ඉත්ථන්නාමං භණ්ඩං අවහරා’ති, ආපත්ති දුක්කටස්ස. සො ආණාපෙත්වා විප්පටිසාරී සාවෙති ‘මා අවහරී’ති. සො ‘සුට්ඨූ’ති ඔරමති, උභින්නං අනාපත්ති.
41. මහණෙක් මහණකුට ‘මේ නම් බඩුව ගනු ව’ යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හේ තෙමේ අණවා විපිළිසර වූයේ ‘නො ගනුව’ යි අස්වයි. හේ ‘මැනවැ’ යි අත්හරියි. දෙදෙනාට ම ඇවැත් නො වේ.
42. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති පාරාජිකස්ස පරපරිග්ගහිතඤ්ච හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ගරුකො ච හොති පරික්ඛාරො, පඤ්චමාසකො වා අතිරෙකපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
42. හිමියන් නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් පරිජිඇවැත් වේ. අනුන් අයත් දෙයක් වේ ද, අනුන් අයත් යැයි හැඟීම් ඇත්තෙක් වේ ද, පස් මස්සක් හෝ අයිරා පස් මස්සක් හෝ අගනා ගරු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
43. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස: පරපරිග්ගහිතඤ්ච හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ලහුකො ච හොති පරික්ඛාරො, අතිරෙකමාසකො වා ඌනපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති ථුල්ලච්චයස්ස.
43. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් ථුලැසිඇවැත් වේ. අනුන් සතු දෙයක් වෙයි ද, අනුන් සතු යැයි හැඟීම් ඇත්තේ වෙයි ද, මස්සකට වැඩි වූ හෝ පස් මස්කට අඩු වූ ලඝු පිරිකරක් වෙයි ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් ථුලැසිඇවැත් වේ.
44. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස: පරපරිග්ගහිතඤ්ච හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ලහුකො ච හොති පරික්ඛාරො, මාසකො වා ඌනමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
44. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් දුකුළාඇවැත් වේ. මෙරමා සතු දැයකුත් වේ ද, මෙරමා සතුය යන හැඟීම් ඇත්තේත් වේ ද, මස්සක් හෝ උනුමස්සක් හෝ අගනා ලඝු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් දුකුළාඇවැත් වේ.
45. ඡහි ආකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති පාරාජිකස්ස: න ච සකසඤ්ඤී, න ච විස්සාසගාහී, න ච තාවකාලිකං, ගරුකො ච හොති පරික්ඛාරො, පඤ්චමාසකො වා අතිරෙකපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. ඨානා චාවෙති, ආපත්ති පාරාජිකස්ස.
45. නුදුන් දැය පැහැර ගන්නහුට ආකාර සයෙකින් පරිජිඇවැත් වේ. ‘මෙය මා සතු ය’ යන හැඟීම් නැත්තේත් වේ ද, විශ්වාසග්‍රාහය නැත්තේත් වේ ද, තාවකාලිකත් නො වෙයි ද, මසු පසක් හෝ අයිරිත් මසු පසක් අගනා ගරු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා නම් ථුලැසිඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් පරිජිඇවැත් වේ.
46. ඡහි ආකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. න ච සකසඤ්ඤී, න ච විස්සාසගාහී, න ච තාවකාලිකං, ලහුකො ච හොති පරික්ඛාරො අතිරෙකමාසකො වා ඌනපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති ථුල්ලච්චයස්ස.
46. නුදුන් දැය ගන්නහුට අයුරු සයකින් ථුලැසිඇවැත් වේ. ‘මා සතු ය’ යන හැඟීම් නැත්තේ වේ ද, විශ්වාසග්‍රාහය නැත්තේ වේ ද, තව්කැලිත් නො වේ ද, මස්සකින් වැඩි වූ මසු පසකින් අඩු වූ ලුහු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්ශනය කෙරේ ද දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් ථුලැසිඇවැත් වේ.
47. ඡහි ආකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස. න ච සකසඤ්ඤී, න ච විස්සාසගාහී, න ච තාවකාලිකං, ලහුකො ච හොති පරික්ඛාරො, මාසකො වා ඌනමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති. ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
47. නුදුන් දැය පැහැර ගන්නහුට අයුරු සයෙකින් දුකුළාඇවැත් වේ. ‘තමා සතු ය’ යන හැඟීම් නැත්තේත් වේ ද, විශ්වාසග්‍රාහය නැත්තේත් වේ ද, තව්කැලිත් නො වේ ද, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා ලුහු පිරිකරකුත් වේ ද, සොර සිත එළඹ සිටියේත් වේ ද, ආමර්ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් පහ කෙරේ නම් දුකුළාඇවැත් වේ.
48. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස. න ච පරපරිග්ගහිතං හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ගරුකො ච හොති පරික්ඛාරො, පඤ්චමාසකො වා අතිරෙකපඤ්චමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
48. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් දුකුළාඇවැත් වේ. අනුන් අයිති දැයක් නො වෙයි ද, අනුන් අයත් යැ යි හැඟීම ඇත්තේ වෙයි ද, මසු පසක් හෝ අයිරා මසු පසක් හෝ අගනා ගරු පිරිකරකුත් වෙයි ද, සොර සිතක් එළඹ සිටියේ වෙයි ද, ආමර්ශනය කෙරෙයි ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තුබූ තැනින් පහ කෙරේ නම් දුකුළාඇවැත් වේ.
49. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස. න ච පරපරිග්ගහිතං හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ලහුකො ච හොති පරික්ඛාරො, අතිරෙකමාසකො වා ඌනපඤ්චමාසකො වා, ථෙය්‍ය චිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
49. නුදුන් දැය ගන්නහුට පස් අයුරකින් දුකුළාඇවැත් වේ. අනුන් අයිති දැයකුත් නො වෙයි ද, අනුන් අයත් යැ යි හැඟීම ඇත්තේත් වෙයි ද, අයිරා මස්සක් හෝ උනුපස් මස්සක් හෝ අගනා ලඝු පිරිකරකුත් වෙයි ද, සොර සිතත් එළඹ සිටියේ වෙයි ද, ආමර්ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තුබූ තැනින් මුදවා නම් දුකුළාඇවැත් වේ.
50. පඤ්චහාකාරෙහි අදින්නං ආදියන්තස්ස ආපත්ති දුක්කටස්ස. න ච පරපරිග්ගහිතං හොති, පරපරිග්ගහිතසඤ්ඤී ච, ලහුකො ච හොති පරික්ඛාරො, මාසකො වා ඌනමාසකො වා, ථෙය්යචිත්තඤ්ච පච්චුපට්ඨිතං හොති, ආමසති, ආපත්ති දුක්කටස්ස. ඵන්දාපෙති, ආපත්ති දුක්කටස්ස. ඨානා චාවෙති, ආපත්ති දුක්කටස්ස.
50. පස් අයුරකින් නුදුන් දැය ගන්නහුට දුකුළාඇවැත් වෙයි: අනුන් අයිති දැයක් නො වෙයි ද, අනුන් අයත් යයි හැඟීම ඇත්තේ වෙයි ද, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා ලඝු පිරිකරකුත් වෙයි ද, සොර සිතත් එළඹ සිටියේ වෙයි ද, ආමර්ශනය කෙරේ ද, දුකුළාඇවැත් වේ. සොලොවා නම් දුකුළාඇවැත් වේ. තැනින් මුදවා නම් දුකුළාඇවැත් වේ.
51. අනාපත්ති සසඤ්ඤිස්ස, විස්සාසග්ගාහෙ, තාවකාලිකෙ, පෙතපරිග්ගහෙ, තිරච්ඡානගතපරිග්ගහෙ, පංසුකූලසඤ්ඤිස්ස, උම්මත්තකස්ස, ඛිත්තචිත්තස්ස වෙදනට්ටස්ස, ආදිකම්මිකස්සාති.
51. (මේ වස්තුව) මා සතුය යන හැඟීම් ඇත්තාහට ද, විශ්වාස ග්‍රාහය ඇති කල්හි ද, තව්කැලියෙහි ද, ප්‍රේතයන් සතු දැයෙහි ද, තිරිසනුන් සතු දැයෙහි ද, පාංශුකූල සංඥාවෙන් ගන්නහුට ද, උන්මත්තකයාට ද, වික්ෂිප්ත සිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළුනහුට ද, ආදිකම්මිකයාට ද ඇවැත් නො වේ.
අදින්නාදානම්හි පඨමභාණවාරො නිට්ඨිතො.
අදින්නා දාන ශික්ෂා පදයෙහි පළමු වන බණවර නිමි.
විනීතවත්ථු
විනිශ්චිත කථාවස්තු
උද්දානගාථා:
උද්දාන ගාථා:
රජකෙහි පඤ්ච අක්ඛාතා, චතුරො අත්ථරණෙහි ච, අන්ධකාරෙන වෙ පඤ්ච, පඤ්චහාරණකෙන ඡ.
රජක බඩු විසින් වස්තු පසෙක් ද අත්ථරණ නිසා සතරෙක් ද අන්ධකාරයෙන් පසක් ද හාරක විසින් පසක් හා සයෙක් ද කියන ලද හ. (25)
නිරුත්තියා පඤ්ච අක්ඛාතා වාතෙහි අපරෙ දුවෙ, අසම්භින්නෙ කුසාපාතො ජන්තග්ගෙන සහා දස.
නිරුත්තියෙන් පසෙක් ද වාතයෙන් දෙකෙක් ද අසම්භින්න කුසාපාතජන්තග්ග වස්තු තුන සමඟ දසයෙක් කියන ලදි. (10)
විඝාසෙහි පඤ්ච අක්ඛාතා පඤ්ච චෙව අමූලකා දුබ්භික්ඛෙ කුරමංසඤ්ච පූවසක්ඛලිමොදකා.
විඝාස විසින් පසෙක් ද අමූලක පසෙක් ද දුර්භික්ෂයෙහි කුර - මංස - පූව - සක්ඛලික - මෝදක වශයෙන් පසෙක් ද කියන ලද හ. (15)
සපරික්ඛාරථවිකං භිසිවංසා න නික්ඛමෙ, ඛාදනීයඤ්ච විස්සාසං සසඤ්ඤායපරෙ දුවෙ.
පරික්ඛාර වස්තු සතරෙකි, සකපරික්ඛාර එකෙකි, ථවිකා - භිසි - චීවරවංස - න නික්ඛම වසයෙන් සතරෙකි, ඛාදනීය නිසා එකෙකි. තවත් සසඤ්ඤා විසින් දෙකෙකි. (12)
සත්ත නාවහරාමාති, සත්තචෙව අවාහරුං, සඞ්ඝස්ස අවහරුං සත්ත පුප්ඵෙහි අපරෙ දුවෙ.
නාවහරාමයී සතෙකි, අවාහරුංයී සතෙකි, සඞ්ඝසන්තක අවහාර සතෙකි, පුප්ඵාරාම විසින් තවත් දෙකෙකි. (23)
තයො ච වුත්තවාදිනො මණි තීණි අතික්කමෙ, සූකරා ච මිගා මච්ඡා යානඤ්චාපි පවට්ටයී.
වුත්තවාදී තුනෙකි, මණි අතික්කම තුනෙකි, සූකර දෙකෙකි. මිග දෙකෙකි. මච්ඡ දෙකෙකි. යානය පෙරළීයයි කී එකෙකි. (13)
දුවෙ පෙසී දුවෙ දාරු, පංසුකූලං දුවෙ දකා, අනුපුබ්බවිධානෙන තදඤ්ඤො න පරිපූරයි.
මංස පේසි දෙකෙකි. දාරු දෙකෙකි. පංසුකූල එකකි. උදක (නදී) දෙකෙකි. අනුපුබ්බ සංවිධාන ‘නපරිපූරී’ සමඟ දෙකෙකි. එයින් අන්‍ය වූ එකකි. (10)
සාවත්ථියා චතුරො මුට්ඨී ද්වෙ විඝාසා දුවෙ තිණා, සඞ්ඝස්ස භාජයුං සත්ත සත්ත චෙව අසාමිකා.
සැවතෙහි මුට්ඨි වත්ථු සතරෙකි. විඝාස දෙකෙකි. තිණ දෙකෙකි. සඞ්ඝභාජන සතෙකි. අසාමික විසින් සතෙකි. (22)
දාරුදකං මත්තිකා ද්වෙ තිණානි සඞ්ඝස්ස සත්ත අවභාසිසෙය්යුං සස්සාමිකං න චාපි නීහරෙය්ය හරෙය්ය සස්සාමිකං තාවකාලිකං.
දාරු - උදක - මත්තිකා වසයෙන් තුනෙකි. තිණ දෙකෙකි. අවභාසන වත්ථු සතෙකි. සස්සාමික නීහරෙය්ය - තාවකාලික හරෙය්ය වසයෙන් දෙකෙකි. (14)
චම්පා රාජගහෙ චෙව වෙසාලියා ච අජ්ජුකො, බාරාණසී ච කොසම්බී සාගලා දළ්හිකෙන චාති.
චම්පා නුවර, රජගහ නුවර, විසල්පුර, අජ්ජුක බරණැස, කොසඹෑනුවර, සාගලපුර, දල්හික යයි වත්ථු සයෙකි. (6) – 150
1. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ රජකත්ථරණං ගන්ත්වා රජකභණ්ඩිකං අවහරිංසු. තෙසං කුක්කුච්චං අහොසි: භගවතා සික්ඛාපදං පඤ්ඤත්තං. කච්චි නු ඛො මයං පාරාජිකං ආපත්තිං ආපන්නා’ති . භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජිකන්ති. (1)
1. එසමයෙහි සවග මහණු රදා තොටකට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කළාහු ය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සික පද පනවන ලදි. “කිම, අපි පරිජිඇවැත් අවන්නමෝ දැ?” යි ඔවුනට කුකුස් ඇති විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළාහු ය. “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (1)
2. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රජකත්ථරණං ගන්ත්වා මහග්ඝං දුස්සං පස්සිත්වා ථෙය්යචිත්තං උප්පාදෙසි. තස්ස කුක්කුච්චං අහොසි: කච්චි නු ඛො අහං පාරාජිකං ආපත්තිං ආපන්නො’ති. භගවතො එතමත්ථං ආරොචෙසි: අනාපත්ති භික්ඛු චිත්තුප්පාදෙ’ති. (2)
2. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඉපදවීය. “කිම, මම පරිජිඇවැත් අවන්නෙම් දෝ” යි ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළේ ය. “මහණ, චිත්තෝත්පාදයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (2)
3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රජකත්ථරණං ගන්ත්වා මහග්ඝං දුස්සං පස්සිත්වා ථෙය්‍යචිත්තො ආමසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති දුක්කටස්සාති. (3)
3. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිතැතියේ ආමර්ශනය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැ යි වදාළ සේක. (3)
4. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රජකත්ථරණං ගන්ත්වා මහග්ඝං දුස්සං පස්සිත්වා ථෙය්‍යචිත්තො ඵන්දාපෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති ථුල්ලච්චයස්සාති. (4)
4. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඇත්තේ සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ” යැ යි වදාළ සේක. (4)
5. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු රජකත්ථරණං ගන්ත්වා මහග්ඝං දුස්සං පස්සිත්වා ථෙය්‍යචිත්තො ඨානා චාවෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං ත්වං භික්ඛු, ආපන්නො පාරාජිකන්ති. (5)
5. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඇත්තේ තුබූ තැනින් පහ කළේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක.
6. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පිණ්ඩචාරිකො භික්ඛු මහග්ඝං උත්තරත්ථරණං පස්සිත්වා ථෙය්යචිත්තං උප්පාදෙසි -පෙ- ථෙය්‍යචිත්තො ආමසි. -පෙ- ථෙය්‍යචිත්තො ඵන්දාපෙසි -පෙ- ථෙය්‍යචිත්තො ඨානා චාවෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (6-9)
6. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් මාහැඟි උතුරු අතුරුණක් දැක සොර සිත් ඉපද විය ... සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලවිය. ... සොර සිත් ඇත්තේ තුබූ තැනින් පහ කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (6-9)
7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා භණ්ඩං පස්සිත්වා නිමිත්තං අකාසි ‘රත්තිං අවහරිස්සාමී’ති. සො තං මඤ්ඤමානො තං අවහරි -පෙ- තං මඤ්ඤමානො අඤ්ඤං අවහරි, -පෙ- අඤ්ඤං මඤ්ඤමානො තං අවහරි. -පෙ- අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි: -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (10-13)
7. එසමයෙහි එක්තරා මහණෙක් දවල් භාණ්යක් දැක ‘රෑ පැහැර ගන්නෙමි’ යි නිමිති කළේ ය. හේ ‘එයැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘එයැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (10-13)
8. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා භණ්ඩං පස්සිත්වා නිමිත්තං අකාසි ‘රත්තිං අවහරිස්සාමී’ති. සො තං මඤ්ඤමානො අත්තනො භණ්ඩං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි: -පෙ- අනාපත්ති භික්ඛු, පාරාජිකස්ස. ආපත්ති දුක්කටස්සාති. (14)
8. එසමයෙහි එක්තරා මහණෙක් දවල් භාණ්ඩයක් දැක ‘රෑ සොරා ගන්නෙමි’ යි නිමිති කෙළේ ය. හේ තෙමේ ‘ඒ ම යැ’ යි හඟිමින් තමා සතු භාණ්ඩයක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැ යි වදාළ සේක. (14)
9. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අඤ්ඤස්ස භණ්ඩං හරන්තො සීසෙ භාරං ථෙය්‍යචිත්තො ආමසි. -පෙ- ථෙය්‍යචිත්තො ඵන්දාපෙසි. -පෙ- ථෙය්‍යචිත්තො ඛන්ධං ඔරොපෙසි. -පෙ- ඛන්ධෙ භාරං ථෙය්‍යචිත්තො ආමසි. -පෙ- ථෙය්‍යචිත්තො ඵන්දාපෙසි. -පෙ- ථෙය්‍යචිත්තො කටිං ඔරොපෙසි. -පෙ- කටියා භාරං ථෙය්‍යචිත්තො ආමසි. -පෙ- ථෙය්‍යචිත්තො ඵන්දාපෙසි. -පෙ- ථෙය්‍යචිත්තො හත්ථෙන අග්ගහෙසි. -පෙ- හත්ථෙ භාරං ථෙය්‍යචිත්තො භූමියං නික්ඛිපි. -පෙ- ථෙය්‍යචිත්තො භූමිතො අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි: -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (15-25)
9. එසමයෙහි එක්තරා මහණෙක් අනෙකෙකු සතු භාණ්ඩයක් ගෙණ යන්නේ හිසෙහි තුබූ බර සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලැවී ය. ... සොර සිත් ඇත්තේ කරට ගත්තේ ය. ... කරෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්ශනය කළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලැවී ය. ... සොර සිත් ඇත්තේ උකුළට ගත්තේ ය. ... උකුළෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්ශනය කෙළේ ය. සොර සිත් ඇත්තේ සෙලැවී ය ... සොර සිත් ඇත්තේ අතින් ගත්තේ ය. ... අතෙහි වූ බර සොර සිත් ඇත්තේ බිම තැබීය. ... සොර සිත් ඇත්තේ බිමින් උඩට ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (15-25)
10. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අජ්ඣොකාසෙ චීවරං පත්ථරිත්වා විහාරං පාවිසි. අඤ්ඤතරො භික්ඛු ‘මායිදං චීවරං නස්සී’ති පටිසාමෙසි. සො නික්ඛමිත්වා තං භික්ඛුං පුච්ඡි: ආවුසො මය්හං චීවරං කෙන අවහටන්ති. සො එවමාහ: මයා අවහටන්ති. සො තං ආදියි, ‘අස්සමණොසි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි: -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසි. කිංචිත්තො ත්වං භික්ඛූ?ති. ‘නිරුත්තිපථො අහං, භගවා’ති. අනාපත්ති භික්ඛු නිරුත්තිපථෙ’ති. (26)
10. එසමයෙහි එක්තරා මහණෙක් අභ්‍යවකාශයෙහි සිවුරක් අතුට විහාරයට ගියේ ය. එක්තරා මහණෙක් ‘මේ සිවුර නො වැනසේ වා’ යි තැම්පත් කොට තැබී ය. ඒ මහණ තෙමේ නික්ම ගොස් “ඇවත, මාගේ සිවුර කවරකු විසින් පැහැර ගන්නා ලද දැ” යි ඒ මහණ විචාළේ ය. ‘ම විසින් පැහැර ගන්නා ලද යැ’ යි ඒ මහණ කීය. හේ තෙමේ ‘තෝ අශ්‍රමණයෙහි යැ’ යි කියා එය ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළේ ය. “මහණ, තෝ කෙබඳු සිතැතියෙහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් ව්‍යවහාර වචන ඇත්තෙම් වෙමි” යි හේ කීය. “මහණ, ව්‍යවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (26)
11. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පීඨෙ චීවරං නික්ඛිපිත්වා. -පෙ- පීඨෙ නිසීදනං නික්ඛිපිත්වා -පෙ- හෙට්ඨාපීඨෙ පත්තං නික්ඛිපිත්වා විහාරං පාවිසි. අඤ්ඤතරො භික්ඛු ‘මායං පත්තො නස්සී’ති පටිසාමෙසි. සො නික්ඛමිත්වා තං භික්ඛුං පුච්ඡි: ‘ආවුසො මය්හං පත්තො කෙන අවහටො’ති. සො එවමාහ: ‘මයා අවහටො’ති. සො තං ආදියි ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛු නිරුත්තිපථෙ”ති. (27-29
11. එසමයෙහි එක්තරා මහණෙක් පුටුවක් මත සිවුර බහා තබා ... පුටුවක් මත නිසීදනය බහා තබා ... පුටුවක් යට පාත්‍රය බහා තබා විහාරයට ගියේ ය. එක්තරා මහණෙක් ‘මේ පාත්‍රය නො නැසේ ව’ යි තැම්පත් කොට තැබී ය. ඒ මහණ නික්ම අවුත් තෙල මහණගෙන් “ඇවත, මාගේ පාත්‍රය කවරකු විසින් පැහැර ගන්නා ලද දැ” යි විචාළේ ය. හේ තෙමේ ‘ම විසින් පැහැර ගන්නා ලද යැ’ යි මෙසේ කීය. හේ ‘තෝ අශ්‍රමණයෙහි යැ’ යි කියා එය ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, ව්‍යවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (27-29)
12. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා භික්ඛුනී වතියා චීවරං පත්ථරිත්වා විහාරං පාවිසි. අඤ්ඤතරා භික්ඛුනී ‘මායිදං චීවරං නස්සී’ති පටිසාමෙසි. සා නික්ඛමිත්වා තං භික්ඛුනිං පුච්ඡි: ‘අය්යෙ මය්හං චීවරං කෙන අවහට’න්ති. සා එවමාහ: ‘මයා අවහට’න්ති. සා තං ආදියි අස්සමණී’සි ත්ව’න්ති. තස්සා කුක්කුච්චං අහොසි. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනාපත්ති භික්ඛවෙ නිරුත්තිපථෙ”ති. (30)
12. එසමයෙහි එක්තරා මෙහෙණක් වැටේ සිවුර අතුට විහාරයට ගියා ය. එක්තරා මෙහෙණක් ‘මේ සිවුර නො නැසේ ව’ යි තැම්පත් කොට තැබුවා ය. ඕ නික්මවුත් ඒ මෙහෙණගෙන් ‘ආර්‍ය්‍යාවෙනි, මාගේ සිවුර කවරකු විසින් පැහැර ගන්නා ලද දැ?’ යි මෙසේ විචාළා ය. ‘මා විසින් පැහැර ගන්නා ලද යැ’ යි ඕ මෙසේ කීවා ය. ඒ මෙහෙණ එය ගත්තී ය. ‘තෝ නො මෙහෙණකැ’ යි කිවු ය. ඈට කුකුස් විය. ඉන් පසු ඒ මෙහෙණ මෙහෙණන්ට මේ පවත් දැන්වූවා ය. මෙහෙණහු භික්ෂූන්ට මේ පවත් සැල කළාහු ය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළාහු ය. “මහණෙනි, ව්‍යාවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (30)
13. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වාතමණ්ඩලිකාය උක්ඛිත්තං සාටකං පස්සිත්වා ‘සාමිකානං දස්සාමී’ති අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: ‘අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- කිංචිත්තො ත්වං භික්ඛූ’ති. ‘අථෙය්යචිත්තො අහං භගවා’ති. “අනාපත්ති භික්ඛු අථෙය්යචිත්තස්සා”ති. (31)
13. එසමයෙහි එක්තරා මහණෙක් පෙයාසුළඟින් නඟන ලද සළුවක් දැක ‘හිමියන්ට දෙමි’ යි ගත්තේ ය. ‘තෝ අශ්‍රමණයෙක් වෙහි ය’ යි හිමිහු ඒ මහණ හට චෝදනා කළාහු ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ තෝ කෙබඳු සිතැත්තෙහි දැ?” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම නො සොර සිත් ඇත්තෙම් වීමි” යි කීය. “මහණ, සොර සිත් නැත්තහුට ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (31)
14. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු වාතමණ්ඩලිකාය උක්ඛිත්තං වෙඨනං ‘පුරෙ සාමිකා පස්සන්තී’ති ථෙය්‍යචිත්තො අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (32)
14. එසමයෙහි එක්තරා මහණෙක් පෙයාසුලඟින් නඟන ලද හිස් වෙළුමක් (‘නො බෝ වේලාවකින් හිමියෝ දක්නාහ, ඊට පෙර ගනිමි’ යි සිතා) සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණයෙහි” යි චෝදනා කළාහු ය. ඒ මහණට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (32)
15. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සුසානං ගන්ත්වා අභින්නෙ සරීරෙ පංසුකූලං අග්ගහෙසි. තස්මිං ච සරීරෙ පෙතො අධිවත්ථො හොති . අථ ඛො සො පෙතො තං භික්ඛුං එතදවොච: “මා භන්තෙ මය්හං සාටකං අග්ගහෙසී”ති. සො භික්ඛු අනාදියන්තො අගමාසි. අථ ඛො තං සරීරං උට්ඨහිත්වා තස්ස භික්ඛුනො පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො සො භික්ඛු විහාරං පවිසිත්වා ද්වාරං ථකෙසි. අථ ඛො තං සරීරං තත්ථෙව පරිපති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. න ච භික්ඛවෙ අභින්නෙ සරීරෙ පංසුකූලං ගහෙතබ්බං. යො ගණ්හෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති. (83)
15. එසමයෙහි එක්තරා මහණෙක් සොහොනට ගොස් නුබුන් මළ සිරුරෙහි පාංශුකූල වස්ත්‍රය හැර ගත්තේ ය. ඒ සිරුරෙහි ද ප්‍රේතයෙක් අධිගෘහිත විය. එකල්හි ඒ ප්‍රේතයා ඒ මහණහට “වහන්ස, මගේ වස්ත්‍රය නො ගත මැනව” යි කීය. ඒ මහණ තෙමේ එය නො සලකමින් ගියේ ය. ඉන් පසු ඒ සිරුර නැගිට ඒ මහණහු පසු පස ලුහුබැන්දේ ය. එකල්හි ඒ මහණ විහාරයට ගොස් දොර වැසී ය. ඉක්බිති ඒ සිරුර එහි ම පතිත විය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, නුබුන් සිරුරෙහි පාංශුකූල වස්ත්‍රය නො ගත යුතු ය. යමෙක් ගන්නේ නම් දුකුළාඇවැත් වේ” යි වදාළ සේක. (33)
16. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස චීවරෙ භාජියමානෙ ථෙය්‍යචිත්තො කුසං සඞ්කාමෙත්වා චීවරං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ-“ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (34)
16. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු සිවුරු බෙදනු ලබන කල්හි සොර සිත් ඇත්තේ කුසපත් මාරු කොට සිවුරක් ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (34)
17. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො ජන්තාඝරෙ අඤ්ඤතරස්ස භික්ඛුනො අන්තරවාසකං අත්තනො මඤ්ඤමානො නිවාසෙසි. අථ ඛො සො භික්ඛු ආයස්මන්තං ආනන්දං එතදවොච: “කිස්ස මෙ ත්වං ආවුසො ආනන්ද, අන්තරවාසකං නිවාසෙසී”ති. “සකසඤ්ඤී අහං ආවුසො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනාපත්ති, භික්ඛවෙ සකසඤ්ඤිස්සා”ති. (35)
17. එසමයෙහි ආයුෂ්මත් අනඳ තෙරුණුවෝ ගිනිහල් ගෙහි එක්තරා මහණකුගේ අඳනයක් ‘තමාගේ යැ’ යි හඟිමින් හැන්දහ. එකල්හි ඒ මහණ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කී ය. “ඇවැත්නි, ආනන්ද ස්ථවිරයෙනි, තෙපි මගේ අඳනය කුමක් හෙයින් ඇන්දහු ද?” යි විචාළේ ය. “ඇවැත්නි, මම ‘මගේ යැ’ යි හැඟීම් ඇත්තෙම් වීමි’ යි තෙරණුවෝ කීහ. භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළාහු ය. ... “මහණෙනි, ‘තමා සතු ය’ යන හැඟීම් ඇත්තහුට ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (35)
18. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තා සීහවිඝාසං පස්සිත්වා පචාපෙත්වා පරිභුඤ්ජිංසු. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති, භික්ඛවෙ සීහවිඝාසෙ”ති. (36)
18. එසමයෙහි බොහෝ භික්ෂූහු ගිජුකුළු පව්වෙන් බස්නාහු සිංහයකු විසින් ඉඳුල් කළ මසක් දැක පිසවා අනුභව කළාහු ය. ඔවුන්ට කුකුස් විය. ... “මහණෙනි, සීහවිඝාසයෙහි ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (36)
19. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තා ව්යග්ඝවිඝාසං පස්සිත්වා -පෙ- දීපිවිඝාසං පස්සිත්වා -පෙ- තරච්ඡවිඝාසං පස්සිත්වා -පෙ- කොකවිඝාසං පස්සිත්වා පචාපෙත්වා පරිභුඤ්ජිංසු. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ තිරච්ඡානගතපරිග්ගහෙ”ති. (37-40)
19. එසමයෙහි බොහෝ භික්ෂූහු ගිජුකුළු පව්වෙන් බස්නාහු ව්යාග්රයකු ඉඳුල් කළ මසක් දැක, ... දිවියකු කා හැරදැමූ මසක් දැක, ... කරබානා වලසකු කා හැර දැමූ මසක් දැක, ... වෘකයකු කා ඉතිරි කළ මසක් දැක පිසවා අනුභව කළාහු ය. ඔවුන්ට කුකුස් විය. ... “මහණෙනි, තිරිසනුන් අයත් දැයෙහි ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (37-40)
20. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස ඔදනෙ භාජියමානෙ “අපරස්ස භාගං දෙහී”ති අමූලකං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති, භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්සා”ති. (41)
20. එසමයෙහි එක්තරා මහණෙක් සඟනට බත් බෙදන කල්හි ‘අනෙකකුට ද කොටසක් දෙව’ යි අමුලු කොට ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දැන දැන මුසවා කීමෙහි පචිතිඇවැත් වේ” ය යි වදාළ සේක. (41)
21. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස ඛාදනීයෙ භාජියමානෙ -පෙ- සඞ්ඝස්ස පූවෙ භාජියමානෙ -පෙ- සඞ්ඝස්ස උච්ඡුම්හි භාජියමානෙ -පෙ- සඞ්ඝස්ස තිම්බරූසකෙ භාජියමානෙ “අපරස්ස භාගං දෙහී”ති අමූලකං අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්සා”ති. (42-45)
21. එසමයෙහි එක්තරා මහණෙක් සඟනට කැවිලි බෙදන කල්හි, ... සඟනට පූ බෙදන කල්හි, ... සඟනට උක් දඬු බෙදන කල්හි, ... සඟනට තිඹිරි බෙදන කල්හි, ‘අනෙකකුට ද කොටසක් දෙව’ යි අමුලු කොට (පිළිගා නැතිව) ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දැන දැන බොරු කීමෙහි පචිතිඇවැත් වේ” ය යි වදාළ සේක.(42-45)
22. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දුබ්භික්ඛෙ ඔදනීයඝරං පවිසිත්වා පත්තපූරං ඔදනං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (46)
22. එසමයෙහි එක්තරා මහණෙක් දුර්භික්ෂයෙහි විකිණීමට බත් පිසන ගෙයකට පැමිණ සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා බත් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (46)
23. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දුබ්භික්ඛෙ සූනාඝරං පවිසිත්වා පත්තපූරං මංසං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (47)
23. ඒසමෙයහි එක්තරා මහණෙක් දුර්භික්ෂෙයහි විකිණීමට මස් පිසින ගෙයකට පිවිස සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා මස් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි වදාළ සේක. (47)
24. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දුබ්භික්ඛෙ පූවඝරං පවිසිත්වා පත්තපූරං පූවං ථෙය්‍යචිත්තො අවහරි -පෙ- පත්තපූරා සක්ඛලියො ථෙය්‍යචිත්තො අවහරි -පෙ- පත්තපූරෙ මොදකෙ ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (48-50)
24. එසමයෙහි එක්තරා මහණෙක් දුර්භික්ෂයෙහි කැවුම් පිසින ගෙයකට පැමිණ සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා කැවුම් හැර ගත්තේ ය. ... සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා ලහලු හැර ගත්තේ ය. ... සොර සිත් ඇත්තේ පාත්‍රය පුරා අග්ගලා හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි” ය යි වදාළ සේක. (48-50)
25. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා පරික්ඛාරං පස්සිත්වා නිමිත්තං අකාසි: “රත්තිං අවහරිස්සාමී”ති. සො තං මඤ්ඤමානො තං අවහරි -පෙ- තං මඤ්ඤමානො අඤ්ඤං අවහරි -පෙ- අඤ්ඤං මඤ්ඤමානො තං අවහරි -පෙ- අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං අවහරි. -පෙ- තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (51-54)
25. එසමයෙහි එක්තරා මහණෙක් දහවල් පිරිකරක් දැක “රෑ සොරකම් කරන්නෙමි” යි නිමිති ගත්තේ ය. හෙතෙමේ ‘එයැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘එයැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... අනෙකකැයි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි” යයි වදාළ සේක. (51-54)
26. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු දිවා පරික්ඛාරං පස්සිත්වා නිමිත්තං අකාසි “රත්තිං අවහරිස්සාමී”ති. සො තං මඤ්ඤමානො අත්තනො පරික්ඛාරං අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. ආපත්ති දුක්කටස්සා”ති. (55)
26. එසමයෙහි එක්තරා මහණෙක් දහවල් පිරිකරක් දැක “රෑ සොරකම් කරන්නෙමි” යි නිමිති කෙළේ ය. හෙතෙමේ ‘එයැ’ යි හඟිමින් තමාගේ පිරිකරක් (සොර සිතින්) හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යයි වදාළ සේක. (55)
27. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පීඨෙ ථවිකං පස්සිත්වා ඉතො ගණ්හන්තො පාරාජිකො භවිස්සාමීති සහ පීඨකෙන සඞ්කාමෙත්වා අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (56)
27. එසමයෙහි එක්තරා මහණෙක් පුටුවක පියැල්ලක් දැක ‘මෙයින් පැහැර ගන්නෙම් පැරැදුනෙම්’ වෙමි යි සිතා පුටුව සමඟ බැහැර කොට හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. -පෙ- “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.”(56)
28. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස භිසිං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (57)
28. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු බිස්සක් සොර සිතින් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. -පෙ- “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය” යි (57)
29. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු චීවරවංසෙ චීවරං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (58)
29. එසමයෙහි එක්තරා මහණෙක් සිවුරුවසෙහි ලූ සිවුරක් සොර සිතින් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. -පෙ- “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (58)
30. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු විහාරෙ චීවරං අවහරිත්වා ඉතො නික්ඛමන්තො පාරාජිකො භවිස්සාමීති විහාරා න නික්ඛමි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “නික්ඛමෙය්ය වා සො, භික්ඛවෙ, මොඝපුරිසො න වා නික්ඛමෙය්ය ආපත්ති පාරාජිකස්සා”ති. (59)
30. එසමයෙහි එක්තරා මහණෙක් විහාරයෙහි සිවුරක් සොරා ගෙන ‘මෙයින් නික්මෙන්නෙම් පරිජිඇවැත් අවන්නෙමි’ යි විහාරයෙන් නො නික්මින. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැළ කළාහු ය. ... “මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ නික්මෙන්නේ හෝ නො නික්මෙන්නේ හෝ පරිජිඇවැත් අවන්නේ වෙයි.” (59)
31. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ සහායකා හොන්ති. එකො භික්ඛු ගාමං පිණ්ඩාය පාවිසි. දුතියො භික්ඛු සඞ්ඝස්ස ඛාදනීයෙ භාජියමානෙ සහායකස්ස භාගං ගහෙත්වා තස්ස විස්සසන්තො පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි: ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”ති “විස්සාසගාහී අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු විස්සාසගාහෙ”ති. (60)
31. එසමයෙහි යහළු භික්ෂූහු දෙනමක් වෙත්. එක් නමක් පිඬු පිණිස ගමට පිවිසියේ ය. දෙවැන්නා සඟනට කැවිලි බෙදනු ලබන කල්හි යහළුවා අයත් කොටස ගෙන ඔහුට විස්වස් ඇතියේ වැළඳී ය. ඒ මහණ තෙමේ එය දැන “තෝ නො මහණෙක් වෙහි” යි ඒ මහණට චෝදනා කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කෙළේ ය. ... මහණ තෝ කෙබඳු සිතැතියෙහි ද? “භාග්‍යවතුන් වහන්ස, මම් විශ්වාසග්රාහී වීමි.” “මහණ විශ්වාසග්රාහයෙ ඇවැත් නොවේ.” (60)
32. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ චීවරකම්මං කරොන්ති. සඞ්ඝස්ස ඛාදනීයෙ භාජියමානෙ සබ්බෙසං පටිවිංසා ආහරිත්වා උපනික්ඛිත්තා හොන්ති. අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරස්ස භික්ඛුනො පටිවිංසං අත්තනො මඤ්ඤමානො පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි: ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ’ති “සකසඤ්ඤී අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු සකසඤ්ඤිස්සා”ති. (61)
32. එසමයෙහි බොහෝ භික්ෂූහු සිවුරුකම් කරත්. සඟනට කැවිලි බෙදනු ලබන කල්හි සියල්ලන්ගේ කොටස් ගෙනවුත් වෙත තබන ලද්දාහු වෙත්. එක්තරා මහණෙක් ‘අනෙක් මහණකුගේ කොටස තමාගේ ය’ යි හඟිමින් වැළැඳීය. ඒ මහණ තෙමේ එය දැන “තෝ නො මහණෙක් වෙහි” යි ඔහුට චෝදනා කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කෙළේ ය. ... “මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, තමාගේ ය යන හැඟීම් ඇත්තෙම් වීමි.” “මහණ, තමාගේය යන හැඟීම් ඇත්තහුට ඇවැත් නොවේ.” (61)
33. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ චීවරකම්මං කරොන්ති. සඞ්ඝස්ස ඛාදනීයෙ භාජියමානෙ අඤ්ඤතරස්ස භික්ඛුනො පත්තෙන අඤ්ඤතරස්ස භික්ඛුනො පටිවිංසො ආහරිත්වා උපනික්ඛිත්තො හොති. පත්තසාමිකො භික්ඛු අත්තනො මඤ්ඤමානො පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ?”ති “සකසඤ්ඤී අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු සකසඤ්ඤිස්සා”ති. (62)
33. එසමයෙහි බොහෝ භික්ෂූහු සිවුරු ගෙත්තම් කරත්. සඟනට කැවිලි බෙදනු ලබන කල්හි එක්තරා මහණකුගේ පාත්‍රයෙන් අන් මහණකුගේ කොටස ගෙණවුත් තබන ලද්දේ වෙයි. පාත්‍රය හිමි මහණ තෙමේ තමාගේ ය යි සිතමින් වැළැඳී ය. ඒ මහණ එය දැන ඒ මහණහට ‘තෝ නො මහණෙහි’ යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට එපවත් සැළ කළේ ය. ... “මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?” “භාග්‍යවතුන් වහන්ස, මම ස්වකීය ය යන හැඟීම් ඇත්තෙම් වීමි.” “මහණ, ස්වකීය ය යන හැඟීම් ඇත්තහුට ඇවැත් නො වේ.” (62)
34. තෙන ඛො පන සමයෙන අම්බචොරකා අම්බං පාතෙත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො පටිග්ගහාපෙත්වා පරිභුඤ්ඤිංසු. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- කිඤ්චිත්තා තුම්හෙ, භික්ඛවෙ?”ති “පංසුකූලසඤ්ඤිනො මයං භගවා”ති. “අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා”ති. (63)
34. එසමයෙහි අඹ සොරු අඹ නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඒ සොරුන් ලුහු බැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පැන ගියාහු ය. භික්ෂූහු පාංශුකූල සංඥා ඇත්තාහු පිළිගන්වා ගෙන වැළඳූහ. “තෙපි නො මහණහ” යි හිමියෝ ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළහ. මහණෙනි, තෙපි කෙබඳු සිත් ඇත්තෝ වූහු ද? “භාග්‍යවතුන් වහන්ස, අපි පාංශුකූල සංඥා ඇත්තම්හ” යි. “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නොවේ.” (63)
35. තෙන ඛො පන සමයෙන ජම්බුචොරකා -පෙ- ලබුජචොරකා -පෙ- පනසචොරකා -පෙ- තාලපක්කචොරකා -පෙ- උච්ඡුචොරකා -පෙ- තිම්බරූසකචොරකා තිම්බරූසකෙ ඔචිනිත්‍වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො පටිග්ගහාපෙත්වා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා”ති. (64-69)
35. එසමයෙහි දඹ සොරු ... දෙල් සොරු ... කොස් සොරු ... තල්පල සොරු ... උක් සොරු ... තිඹිරි සොරු තිඹිරි පල නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඒ සොරුන් ලුහුබැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පළා ගියාහු ය. භික්ෂූහු පාංශුකූල සංඥා ඇති ව පිළිගන්වා ගෙන වැළඳූහ. “තෙපි නො මහණහ” යි හිමියෝ ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නොවේ.” (64-69)
36. තෙන ඛො පන සමයෙන අම්බචොරකා අම්බං පාතෙත්වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛූ “පුරෙ සාමිකා පස්සන්තී’ති ථෙය්යචිත්තා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (70)
36. එසමයෙහි අඹ සොරු අඹ නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඔවුන් ලුහුබැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පළා ගියාහු ය. භික්ෂූහු සොර සිත් ඇත්තාහු ‘නො බෝ වේලාවකින් හිමියෝ දක්නාහ’ යි වැළඳූහ. හිමියෝ “තෙපි නො මහණහ” යි ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.” (70)
37. තෙන ඛො පන සමයෙන ජම්බුචොරකා -පෙ- ලබුජචොරකා -පෙ- පනසචොරකා -පෙ- තාලපක්කචොරකා -පෙ- උච්ඡුචොරකා -පෙ- තිම්බරූසකචොරකා තිම්බරූසකෙ ඔචිනිත්‍වා භණ්ඩිකං ආදාය අගමංසු. සාමිකා තෙ චොරකෙ අනුබන්ධිංසු. චොරකා සාමිකෙ පස්සිත්වා භණ්ඩිකං පාතෙත්වා පලායිංසු. භික්ඛූ “පුරෙ සාමිකා පස්සන්තී”ති, ථෙය්යචිත්තා පරිභුඤ්ජිංසු. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (71-76)
37. එසමයෙහි දඹ සොරු ... දෙල් සොරු ... කොස් සොරු ... තල්පල සොරු ... උක් සොරු ... තිඹිරි සොරු තිඹිරි පල නෙළා පොදියක් බැඳ ගෙන ගියාහු ය. හිමියෝ ඔවුන් ලුහුබැන්දාහු ය. සොරු හිමියන් දැක පොදිය බිම හෙළා පැන ගියාහු ය. භික්ෂූහු සොර සිත් ඇත්තෝ ‘නො බෝ කලකින් හිමියෝ දක්නාහ’ යි වැළඳූහ. “තෙපි නො මහණහ” යි හිමියෝ ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.” (71-76)
38. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස අම්බං ථෙය්‍යචිත්තො අවහරි -පෙ- සඞ්ඝස්ස ජම්බුං -පෙ- සඞ්ඝස්ස ලබුජං -පෙ- සඞ්ඝස්ස පනසං -පෙ- සඞ්ඝස්ස තාලපක්කං -පෙ- සඞ්ඝස්ස උච්ඡුං -පෙ- සඞ්ඝස්ස තිම්බරූසකං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (77-83)
38. එසමයෙහි එක්තරා මහණෙක් සොර සිත් ඇත්තේ සඟසතු අඹ සොරකම් කෙළේ ය. ... සඟසතු දඹ ... සඟසතු දෙල් ... සඟසතු කොස් ... සඟසතු තල්පල ... සඟසතු උක් ... සඟසතු තිඹිරි සොර සිත් ඇත්තේ පැහැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ...“මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (77-83)
39. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පුප්ඵාරාමං ගන්ත්වා ඔචිතං පුප්ඵං පඤ්චමාසග්ඝනකං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (84)
39. එසමයෙහි එක්තරා මහණෙක් මල් උයනකට පැමිණ මසු පසක් අගනා නෙළා තුබූ මල් සොර සිතින් හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (84)
40. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පුප්ඵාරාමං ගන්ත්වා පුප්ඵානි ඔචිනිත්‍වා පඤ්චමාසග්ඝනකං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (85)
40. එසමයෙහි එක්තරා මහණෙක් මල් උයනට පැමිණ සොර සිත් ඇතියේ මසු පසක් අගනා මල් නෙළා ගෙන ගියේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (85)
41. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගාමකං ගච්ඡන්තො අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “ආවුසො තුය්හං උපට්ඨාකකුලං වුත්තො වජ්ජෙමී”ති. සො ගන්ත්වා එකං සාටකං ආහරාපෙත්වා අත්තනා පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි:– ‘අස්සමණො’සි ත්ව’න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. න ච භික්ඛවෙ වුත්තො වජ්ජෙමී’ති වත්තබ්බො. යො වදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (86)
41. එසමයෙහි එක්තරා මහණෙක් ගමකට යන්නේ එක්තරා මහණකුට, “ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට (ගොස් ඉල්ලා ගැනීමට) ‘තොප විසින් කියනු ලැබූයෙමි’ යි තොප වචනයෙන් කියමි” යි කීය. හේ තෙමේ ගොස් එක් සළුවක් ගෙන්වා ගෙන තෙමේ පරිභෝග කළේ ය. හේ දැන ගෙන ඒ මහණට “තෝ අශ්‍රමණ වෙහි” ය යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. -පෙ- මහණ පරිජිඇවැත් නො වේ. “මහණෙනි, (පණිවුඩයක්) කියනු ලැබුවෙමි යි (ඔවුන්ට) කියමි’ යි නො කිය යුතු ය. යමෙක් කියා නම් දුකුළාඇවැත් වේ.” (86)
42. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගාමකං ගච්ඡති. අඤ්ඤතරො භික්ඛු තං භික්ඛුං එතදවොච: “ආවුසො මය්හං උපට්ඨාකකුලං වුත්තො වජ්ජෙහී”ති. සො ගන්ත්වා යුගසාටකං ආහරාපෙත්වා එකං අත්තනා පරිභුඤ්ජි, එකං තස්ස භික්ඛුනො අදාසි. සො ජානිත්වා තං චොදෙසි: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- අනාපත්ති, භික්ඛු පාරාජිකස්ස. “න ච භික්ඛවෙ ‘වුත්තො වජ්ජෙහී’ති වත්තබ්බො. යො වදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (87)
42. එසමයෙහි එක්තරා මහණෙක් ගමකට යයි. අන් මහණෙක් ඒ මහණ හට “ඇවැත්නි, මගේ උපස්ථායක කුලයට මා විසින් කියන ලද්දෙහි යයි මගේ වචනයෙන් කියව” යි කී ය. හේ තෙමේ ගොස් සළු යුවලක් ගෙන්වා ගෙන එකක් තමා පරිභෝග කළේ ය. එකක් ඒ මහණ හට දින. හේ තෙමේ එය දැන ගෙන ඔහුට ‘තෝ අශ්‍රමණ වෙහි’ යි චෝදනා කළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ”. “මහණෙනි, ‘මා විසින් කියන ලද්දෙහි මගේ වචනයෙන් කියව’ යි නො කිය යුතු ය. යමෙක් කියා නම් දුකුළාඇවැත් වේ.” (87)
43. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු ගාමකං ගච්ඡන්තො අඤ්ඤතරං භික්ඛුං එතදවොච: “ආවුසො තුය්හං උපට්ඨාකකුලං වුත්තො වජ්ජෙමී”ති. සොපි එවමාහ: “වුත්තො වජ්ජෙහී”ති. සො ගන්ත්වා ආළ්හකං සප්පිං, තුලං ගුළං, දොණං තණ්ඩුලං, ආහරාපෙත්වා අත්තනා පරිභුඤ්ජි. සො ජානිත්වා තං චොදෙසි: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස. “න ච භික්ඛවෙ ‘වුත්තො වජ්ජෙමී’ති වත්තබ්බො. න ච වුත්තො වජ්ජෙහී’ති වත්තබ්බො. යො වදෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (88)
43. එසමයෙහි එක්තරා මහණෙක් ගමකට යන්නේ එක්තරා මහණකුට “ඇවැත්නි, තොපගේ උපස්ථායක කුලයට ‘තා විසින් කියන ලදු යෙමි’යි තාගේ වචනයෙන් කියමි” යි කී ය. හේ තෙමේ ද “මා විසින් කියන ලද්දෙහි යයි මාගේ වචනයෙන් කියව” යි කීය. හෙතෙමේ ගොස් නැලියක් ගිතෙල් ද තුලාවක් උක් සකුරු ද තිඹක් සහල් ද ගෙන්වා ගෙන තෙමේ පරිභෝග කළේ ය. හේ තෙමේ එය දැන ගෙන ඔහුට ‘තෝ නො මහණෙක් වෙහි’ යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. මහණ, ‘තා විසින් කියන ලද්දෙමි, තාගේ වචනයෙන් කියමි’ යි නො කිය යුතු ය. ‘මා විසින් කියන ලද්දෙහි මාගේ වචනයෙන් කියව’ යි නො කිය යුතු යි. යමෙක් කියා නම් දුකුළාඇවැත් වේ” යැයි වදාළ සේක. (88)
44. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො මහග්ඝං මණිං ආදාය අඤ්ඤතරෙන භික්ඛුනා සද්ධිං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අථ ඛො සො පුරිසො සුඞ්කට්ඨානං පස්සිත්වා තස්ස භික්ඛුනො අජානන්තස්ස ථවිකාය මණිං පක්ඛිපිත්වා සුඞ්කට්ඨානං අතික්කමිත්වා අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”ති. “නාහං භගවා ජානාමී”ති. අනාපත්ති භික්ඛු අජානන්තස්සාති. (89)
44. එසමයෙහි එක්තරා පුරුෂයෙක් මා හැඟි මැණිකක් රැගෙන එක්තරා මහණකු හා අදන් මඟට පිළිපන්නේ වෙයි. එකල්හි ඒ පුරුෂයා ශුලකස්ථානයක් (සුංකම් අය කරන තැනක්) දැක නො දන්නා වූ ඒ මහණහුගේ පසුම්බියෙහි මැණික බහා සුංකම් අයකරණ තැන ඉක්මවා නැවත හැර ගත්තේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ කෙබඳු සිතැති වෙහි දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම එය නො දනිමි” යි හේ කීය. “මහණ, නො දන්නහුට ඇවැත් නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (89)
45. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො පුරිසො මහග්ඝං මණිං ආදාය අඤ්ඤතරෙන භික්ඛුනා සද්ධිං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අථ ඛො සො පුරිසො සුඞ්කට්ඨානං පස්සිත්වා ගිලානාලයං කරිත්වා අත්තනො භණ්ඩිකං තස්ස භික්ඛුනො අදාසි. අථ ඛො සො පුරිසො සුඞ්කට්ඨානං අතික්කමිත්වා තං භික්ඛුං එතදවොච: ‘ආහර මෙ භන්තෙ භණ්ඩිකං. නාහං අකල්ලකො”ති. “කිස්ස පන ත්වං ආවුසො එවරූපං අකාසීති. අථ ඛො සො පුරිසො තස්ස භික්ඛුනො එතමත්ථං ආරොචෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අජානන්තස්සා”ති. (90)
45. එසමයෙහි එක්තරා පුරුෂයෙක් මාහැඟි මැණිකක් රැගෙන එක්තරා මහණකු සමඟ අදන් මඟට පිළිපන්නේ වෙයි. එකල්හි ඒ පුරුෂයා ශුල්කස්ථානයක් දැක ගිලන් අයුරු දක්වා ස්වකීය බඩු පොදිය ඒ මහණහට දින. ඉන් පසු ඒ පුරුෂයා ශුල්කස්ථානය ඉක්මවා ඒ මහණහට “වහන්ස, මගේ බඩු පොදිය දෙනු මැනව. මම ගිලනෙක් නො වෙමි” යි මෙය කී ය. “ඇවත, තෝ කුමක් හෙයින් මෙබන්දක් කෙළෙහි ද?යි” ඒ මහණ පිළිවිසී ය. එකල ඒ පුරුෂයා ඒ මහණහට තෙල කරුණ දැන්වී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, නො දන්නහුට ඇවැත් නො වේ.” යැ යි වදාළ සේක. (90)
46. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සත්ථෙන සද්ධිං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අඤ්ඤතරො පුරිසො තං භික්ඛුං ආමිසෙන උපලාපෙත්වා සුඞ්කට්ඨානං පස්සිත්වා මහග්ඝං මණිං තස්ස භික්ඛුනො අදාසි: ඉමං භන්තෙ මණිං සුඞ්කට්ඨානං අතික්කාමෙහීති. අථ ඛො සො භික්ඛු තං මණිං සුඞ්කට්ඨානං අතික්කාමෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (91)
46. එසමයෙහි එක්තරා මහණෙක් ගැල් තවලමක් සමඟ අදන් මඟට පිළිපන්නේ වෙයි. එක් පුරුෂයෙක් ඒ මහණහු ආමිෂයෙන් පොළොඹවා ශුල්කස්ථානය දැක “වහන්ස, මේ මැණික ශුල්කස්ථානය ඉක්මවා ගෙණ යනු මැනවැ” යි මාහැඟි මැණිකක් ඒ මහණහට දිනි. වැලි ඒ මහණ තෙමේ ඒ මැණික ශුල්කස්ථානය ඉක්මවා ගෙන ගියේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (91)
47. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං සූකරං කාරුඤ්ඤෙන මුඤ්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “කිඤ්චිත්තො ත්වං භික්ඛූ”ති “කාරුඤ්ඤාධිප්පායො අහං භගවා”ති. “අනාපත්ති භික්ඛු කාරුඤ්ඤාධිප්පායස්සා”ති. (92)
47. එසමයෙහි එක්තරා මහණෙක් මලපුඬුවෙක බැඳුනු ඌරකු කුළුණු සිත් ඇතියේ මුදා ලී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ කෙබඳු සිතැති විහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම කුළුණු සිත් ඇත්තෙම් වීමි” යි හේ කීය. “කුළුණු සිත් ඇත්තහුට ඇවැත් නො වේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (92)
48. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං සූකරං “පුරෙ සාමිකා පස්සන්තී”ති ථෙය්‍යචිත්තො මුඤ්චි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (93)
48. එසමයෙහි එක්තරා මහණෙක් මලපත බැඳි ඌරකු හිමියෝ දක්නාහ’යි පෙර ම සොර සිත් ඇතියේ මුදා ලී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (93)
49. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු පාසෙ බද්ධං මිගං කාරුඤ්ඤෙන මුඤ්චි -පෙ- පාසෙ බද්ධං මිගං “පුරෙ සාමිකා පස්සන්තී”ති, ථෙය්‍යචිත්තො මුඤ්චි -පෙ- කුමිනෙ බද්ධෙ මච්ඡෙ කාරුඤ්ඤෙන මුඤ්චි. -පෙ- කුමිනෙ බද්ධෙ මච්ඡෙ ‘පුරෙ සාමිකා පස්සන්තී”ති ථෙය්‍යචිත්තො මුඤ්චි, තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (94-97)
49. එසමයෙහි එක්තරා මහණෙක් මලපුඬුවෙක බැඳි මුවකු කුළුණු සිත් ඇතියේ මුදා ලී ය. ... මලපත බැඳි මුවකු ‘නො බෝ කලකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇති ව මුදා ලීය. ... කෙමිනෙහි හසු වූ මසුන් කුළුණු සිත් ඇතියේ මුදාලී ය. ... කෙමිනෙහි හසු වූ මසුන් ‘නො බෝ කලෙකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇතිව මුදා ලීය. ඒ මහණ හට කුකුස් විය. “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (94-97)
50. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු යානෙ භණ්ඩං පස්සිත්වා “ඉතො ගණ්හන්තො පාරාජිකො භවිස්සාමී”ති අතික්කමිත්වා පවට්ටෙත්වා අග්ගහෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (98)
50. එසමයෙහි එක්තරා මහණෙක් යානයක භාණ්ඩය දැක ‘මෙයින් ගන්නෙම් නම් පරිජි අවදින්නෙමි’ යි ඉවත් කොට පෙරළා ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (98)
51. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කුලලෙන උක්ඛිත්තං මංසපෙසිං “සාමිකානං දස්සාමී”ති අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අථෙය්යචිත්තස්සා”ති. (99)
51. එසමයෙහි එක්තරා මහණෙක් උකුස්සකු විසින් නඟා ගත් මස් වැදැල්ලක් ‘හිමියනට දෙන්නෙමැ’ යි ගත්තේ ය. හිමියෝ “තෝ අශ්‍රමණ වෙහි” යි ඒ මහණහට චෝදනා කළාහු ය.” ඔහුට කුකුස් විය. ... “මහණ, සොර සිත් නැත්තහුට ඇවැත් නො වේ” යැයි වදාළ සේක. (99)
52. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු කුලලෙන උක්ඛිත්තං මංසපෙසිං “පුරෙ සාමිකා පස්සන්තී”ති ථෙය්‍යචිත්තො අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (100)
52. එසමයෙහි එක්තරා මහණෙක් උකුස්සකු විසින් නඟාගත් මස් වැදැල්ලක් ‘නො බෝ කලෙකින් හිමියෝ දක්නාහ’යි සොරසිත් ඇති ව ගත්තේ ය. “තෝ අශ්‍රමණ වෙහි”යි හිමියෝ ඒ මහණහට චෝදනා කළාහු ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (100)
53. තෙන ඛො පන සමයෙන මනුස්සා උළුම්පං බන්ධිත්වා අචිරවතියා නදියා ඔසාදෙන්ති. බන්ධනෙ ඡින්නෙ කට්ඨානි විප්පකිණ්ණානි අගමංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො උත්තාරෙසුං. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා’ති. (101)
53. එසමයෙහි මිනිස්සු පසුරක් බැඳ අචිරවතී නදියෙහි ඕවාපියති. බැමි සිඳී ගිය කල්හි ලී දඬු විසිර ගියේ ය. භික්ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ ගොඩ ගත්හ. හිමියෝ ඒ භික්ෂූන්ට “තෙපි අශ්‍රමණයව්හ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (101)
54. තෙන ඛො පන සමයෙන මනුස්සා උළුම්පං බන්ධිත්වා අචිරවතියා නදියා ඔසාරෙන්ති. බන්ධනෙ ඡින්නෙ කට්ඨානි විප්පකිණ්ණානි අගමංසු. භික්ඛූ “පුරෙ සාමිකා පස්සන්තී”ති ථෙය්යචිත්තා උත්තාරෙසුං. සාමිකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ’ති.” තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (102)
54. එසමයෙහි මිනිස්සු පසුරක් බැඳ අචිරවතී නදියෙහි ඕවාපියති. බැඳුම් සිඳී ගිය කල්හි ලී දඬු විසිර ගියේ ය. භික්ෂූහු ‘නො බෝ කලකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇත්තාහු ගොඩ දැමූහ. හිමියෝ “තෙපි නො මහණහ” යි ඔවුනට චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි වදාළ සේක. (102)
55. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ගොපාලකො රුක්ඛෙ සාටකං ආලග්ගෙත්වා උච්චාරං අගමාසි. අඤ්ඤතරො භික්ඛු පංසුකූලසඤ්ඤී අග්ගහෙසි . අථ ඛො සො ගොපාලකො තං භික්ඛුං චොදෙසි: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පංසුකූලසඤ්ඤිස්සා”ති. (103)
55. එසමයෙහි එක්තරා ගොපල්ලෙක් ගසක සළුවක් එල්වා මල පහ කිරීම පිණිස ගියේ ය. එක්තරා මහණෙක් පාංශුකූල සංඥා ඇත්තේ එය ගත්තේ ය. ඉන් පසු ඒ ගොපලු තෙමේ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (103)
56. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො නදිං තරන්තස්ස රජකානං හත්ථතො මුත්තං සාටකං පාදෙ ලග්ගං හොති. සො භික්ඛු සාමිකානං දස්සාමීති අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු අථෙය්යචිත්තස්සා”ති. (104)
56. එසමයෙහි නදියක් තරණය කරණ මහණකුගේ පාදයෙහි රජකයන්ගේ අතින් මිදුනු සළුවක් ලැගුනේ වෙයි. ඒ මහණ තෙමේ ‘හිමියන්ට දෙමැ’ යි එය ගත්තේ ය. හිමියෝ “තෝ අශ්‍රමණයෙහි” යි ඒ මහණහට චෝදනා කළාහු ය. ඔහුට කුකුස් විය. ... “මහණ, සොර සිත් නැත්තහුට ඇවැත් නො වේ” යැයි වදාළ සේක. (104)
57. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො නදිං තරන්තස්ස රජකානං හත්ථතො මුත්තං සාටකං පාදෙ ලග්ගං හොති. සො භික්ඛු “පුරෙ සාමිකා පස්සන්තී”ති, ථෙය්‍යචිත්තො අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (105)
57. එසමයෙහි නදියක් තරණය කරණ මහණකුගේ පාදයෙහි රජකයන්ගේ අතින් මිදුනු සළුවෙක් ලැගුනේ වෙයි. ඒ මහණ ‘නො බෝ කලෙකින් හිමියෝ දක්නාහ’ යි සොර සිත් ඇතියේ එය ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළාහු ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි” යැයි වදාළ සේක. (105)
58. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සප්පිකුම්භිං පස්සිත්වා ථොකං ථොකං පරිභුඤ්ජි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (106)
58. එසමයෙහි එක්තරා මහණෙක් ගිතෙල් කළයක් දැක ටික ටික වැළඳී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැයි වදාළ සේක.
59. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සංවිදහිත්වා අගමංසු: “භණ්ඩං අවහරිස්සාමා”ති. එකො භණ්ඩං අවහරි. තෙ එවමාහංසු: “න මයං පාරාජිකා. යො අවහටො සො පාරාජිකො”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (107)
59. එසමයෙහි බොහෝ භික්ෂූහු ‘බඩු සොරකම් කරන්නෙමු’ යි සංවිධාන කොට ගෙන ගියාහු ය. එක් නමක් බඩුව සොරකම් කෙළේ ය. සෙස්සෝ “අපි පරිජිඇවැත් නො අවදුම්හ. යමෙක් එය සොරා ගත්තේ ද හෙතෙමේ පරිජිඇවැත් අවන්නේ වේ” යැයි මෙසේ කීහු. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළාහු ය. “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහුයැ” යි වදාළ සේක. (107)
60. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ සංවිදහිත්වා භණ්ඩං අවහරිත්වා භාජෙසුං . තෙහි භාජියමානෙ එකමෙකස්ස පටිවිංසො න පඤ්චමාසකො පූරි. තෙ එවමාහංසු. “න මයං පාරාජිකා”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “ආපත්තිං තුම්හෙ භික්ඛවෙ ආපන්නා පාරාජික”න්ති. (108)
60. එසමයෙහි බොහෝ භික්ෂූහු සංවිධානය කොට බඩු සොරා ගෙන බෙදුවාහු ය. ඔවුන් විසින් බඩු බෙදනු ලබන කල්හි එක් එක් මහණක්හුගේ කොටස (අගයෙන්) මසු පසක් නො පිරුණි. ඔහු “අපි පැරදුනමෝ නො වන්නමු” යි කීහු. භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (108)
61. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං දුබ්භික්ඛෙ ආපණිකස්ස තණ්ඩුලමුට්ඨිං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (109)
61. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර දුර්භික්ෂයෙක දී වෙළෙන්දකුගේ සහල් මිටක් සොර සිතැතියේ ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (109)
62. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං දුබ්භික්ඛෙ ආපණිකස්ස මුග්ගමුට්ඨිං -පෙ- මාසමුට්ඨිං -පෙ- තිලමුට්ඨිං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජිකන්ති. (110-112)
62. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර දුර්භික්ෂයෙක දී වෙළෙන්දකුට මුං මිටක් ... මෑ මිටක් ... තල මිටක් ... සොර සිතැතියේ ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක.(110-112)
63. තෙන ඛො පන සමයෙන සාවත්ථියා අන්ධවනෙ චොරකා ගාවිං හන්ත්වා මංසං ඛාදිත්වා සෙසකං පටිසාමෙත්වා අගමංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො පටිග්ගහාපෙත්වා පරිභුඤ්ජිංසු. චොරකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා”ති. (113)
63. එසමයෙහි සැවැත් නුවර අන්ධ වනයෙහි සොරු ගවදෙනක මරා මස් කා සෙස්ස සඟවා තබා ගියාහු ය. භික්ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ පිළිගන්වා ගෙන එය වැළදූහ. සොරු ඒ භික්ෂූන්ට “තෙපි අශ්‍රමණයව්හ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (113)
64. තෙන ඛො පන සමයෙන සාවත්ථියා අන්ධවනෙ චොරකා සූකරං හන්ත්වා මංසං ඛාදිත්වා සෙසකං පටිසාමෙත්වා අගමංසු. භික්ඛූ පංසුකූලසඤ්ඤිනො පටිග්ගහාපෙත්වා පරිභුඤ්ජිංසු. චොරකා තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පංසුකූලසඤ්ඤිස්සා”ති. (114)
64. එසමයෙහි සැවැත් නුවර අන්ධ වනයෙහි සොරු ඌරකු මරා මස් කා සෙස්ස සඟවා තබා ගියාහු ය. භික්ෂූහු පාංශුකූල සංඥා ඇත්තෝ පිළිගන්වා ගෙන එය වැළදූහ. සොරු මහණුන්ට “තෙපි නො මහණහ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පාංශුකූල සංඥා ඇත්තහුට ඇවැත් නො වේ” ය යි වදාළ සේක. (114)
65. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු තිණක්ඛෙත්තං ගන්ත්වා ලූනං තිණං පඤ්චමාසග්ඝනකං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (115)
65. එසමයෙහි එක්තරා මහණෙක් තණ කෙතකට ගොස් සිඳ ලන ලද පස් මස්සක් අගනා තණ සොර සිතැතියේ හැර ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (115)
66. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු තිණක්ඛෙත්තං ගන්ත්වා තිණං ලායිත්වා පඤ්චමාසග්ඝනකං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි. -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (116)
66. එසමයෙහි එක්තරා මහණෙක් තණ කෙතකට ගොස් සොර සිත් ඇත්තේ පස් මස්සක් අගනා තණ කපා පැහැර ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (116)
67. තෙන ඛො පන සමයෙන ආගන්තුකා භික්ඛූ සඞ්ඝස්ස අම්බං භාජාපෙත්වා පරිභුඤ්ජිංසු. ආවාසිකා භික්ඛූ තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “කිඤ්චිත්තා තුම්හෙ භික්ඛවෙ?”ති “පරිභොගත්ථා මයං භගවා”ති. “අනාපත්ති භික්ඛවෙ පරිභොගත්ථායා”ති. (117)
67. එසමයෙහි ආගන්තුක භික්ෂූහු සඟ සතු අඹ බෙදවා ගෙන වැළදූහ. ආවාසික භික්ෂූහු ඔවුනට “තෙපි නො මහණහ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැළ කළාහු ය. “මහණෙනි, තෙපි කෙබඳු සිත් ඇති වූහු ද?” යි අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්ස, අපි පරිභෝග කැමැත්තමෝ වූමු’ යි ඔහු කීහ. ... “මහණෙනි, පරිභෝග කිරීම පිණිස ඇවැත් නො වේ.” යැයි වදාළ සේක. (117)
68. තෙන ඛො පන සමයෙන ආගන්තුකා භික්ඛූ සඞ්ඝස්ස ජම්බුං -පෙ- සඞ්ඝස්ස ලබුජං -පෙ- සඞ්ඝස්ස පනසං -පෙ- සඞ්ඝස්ස තාලපක්කං -පෙ- සඞ්ඝස්ස උච්ඡුං -පෙ- සඞ්ඝස්ස තිම්බරූසකං භාජාපෙත්වා පරිභුඤ්ජිංසු. ආවාසිකා භික්ඛූ තෙ භික්ඛූ චොදෙසුං: “අස්සමණත්ථ තුම්හෙ”ති. තෙසං කුක්කුච්චං අහොසි. -පෙ- “අනාපත්ති භික්ඛවෙ පරිභොගත්ථායා”ති. (118-123)
68. එසමයෙහි ආගන්තුක භික්ෂූහු සඟ සතු දඹ ... සඟ සතු දෙල් ... සඟ සතු පනා (කොස්) ... සඟ සතු තල් පල ... සඟ සතු උක් ... සඟ සතු තිඹිරි බෙදවා වැළදූහ. ආවාසික භික්ෂූහු ඔවුනට “තෙපි නො මහණහ” යි චෝදනා කළාහු ය. ඔවුනට කුකුස් විය. ... “මහණෙනි, පරිභෝග පිණිස ඇවැත් නො වේ.” යැයි වදාළ සේක. (118-123)
69. තෙන ඛො පන සමයෙන අම්බපාලකා භික්ඛූනං අම්බඵලං දෙන්ති. භික්ඛූ – ‘ගොපෙතුං ඉමෙ ඉස්සරා, නයිමෙ දාතු’න්ති, කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනාපත්ති භික්ඛවෙ ගොපකස්ස දානෙ”ති. (124)
69. එසමයෙහි අඹ පල්ලෝ භික්ෂූන්ට අඹ පල දෙත්. භික්ෂූහු “මොහු අඹ රැක ගැන්මෙහි ඉසුරෝ වෙත්. මොහු අනුන්ට දෙන්නට ඉසුරෝ නො වෙත් යැ” යි කුකුස් කරන්නාහු නො පිළිගනිති. භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැල කළාහු ය. “මහණෙනි, ආරක්ෂකයා දුන් දැය පිළිගැන්මෙහි ඇවැත් නො වේ යැ” යි වදාළ සේක. (124)
70. තෙන ඛො පන සමයෙන ජම්බුපාලකා -පෙ- ලබුජපාලකා -පෙ- පනසපාලකා -පෙ- තාලපක්කපාලකා -පෙ- උච්ඡුපාලකා -පෙ- තිම්බරූසකපාලකා භික්ඛූනං තිම්බරූසකං දෙන්ති. භික්ඛූ “ගොපෙතුං ඉමෙ ඉස්සරා, නයිමෙ දාතු”න්ති කුක්කුච්චායන්තා න පටිග්ගණ්හන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනාපත්ති භික්ඛවෙ ගොපකස්ස දානෙ”ති. (125-130)
70. එසමයෙහි දඹපල්ලෝ ... දෙල් රක්නෝ ... කොස් රක්නෝ ... තල් පල රක්නෝ ... උක් රක්නෝ ... තිඹිරි රක්නෝ භික්ෂූන්ට තිඹිරි දෙත්. භික්ෂූහු ‘මොහු රක්නට ඉසුරෝ වෙත්. මොහු දෙන්නට ඉසුරෝ නො වෙති’ යි කුකුස් කරමින් නො පිළිගනිත්. භාග්‍යවතුන් වහන්සේට මේ පුවත සැල කළාහු ය. ... “මහණෙනි, රක්නහුගේ දානය පිළිගැන්මෙහි ඇවැත් නො වේ යැ” යි වදාළ සේක. (125-130)
71. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස දාරුං තාවකාලිකං හරිත්වා අත්තනො විහාරස්ස කුඩ්ඩං උපත්ථම්භෙසි. භික්ඛූ තං භික්ඛුං චොදෙසුං: “අස්සමණො’සි ත්ව”න්ති. තස්ස කුක්කුච්චං අහොසි. භගවතො එතමත්ථං ආරොචෙසි -පෙ- ‘කිඤ්චිත්තො ත්වං භික්ඛූ’ති. ‘තාවකාලිකො අහං භගවා’ති, “අනාපත්ති භික්ඛු තාවකාලිකෙ”ති. (131)
71. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු දැව තාවකාලික වසයෙන් ගෙන ගොස් තමාගේ විහාරයේ බිත්තියට රුකුල් වශයෙන් යෙදී ය. භික්ෂූහු ඒ මහණහට චෝදනා කළාහු ය, “තෝ අශ්‍රමණ වෙහි” යයි. ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් දැන්විය. “මහණ, තෝ කෙබඳු සිතැති වෙහි ද?” භාග්‍යවතුන් වහන්ස, තව්කැලි සිත් ඇත්තෙමි’. “මහණෙනි, තව්කැලියෙහි ඇවැත් නො වේ.” (131)
72. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස උදකං ථෙය්‍යචිත්තො අවහරි. -පෙ- සඞ්ඝස්ස මත්තිකං ථෙය්‍යචිත්තො අවහරි. -පෙ- සඞ්ඝස්ස පුඤ්ජකිතං තිණං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (132-134)
72. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු ජලය සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. ... සඟ සතු මැටි සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. ... සඟ සතු ගොඩ ගසා තිබූ තණ සොර සිත් ඇත්තේ හැර ගත්තේ ය. ... ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (132-134)
73. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස පුඤ්ජකිතං තිණං ථෙය්‍යචිත්තො ඣාපෙසි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- අනාපත්ති භික්ඛු පාරාජිකස්ස, ආපත්ති දුක්කටස්සා”ති. (135)
73. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු ගොඩ ගැසූ තණකොළ සොර සිතින් දැවීය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ”. (135)
74. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස මඤ්චං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (136)
74. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු ඇඳක් සොර සිත් ඇතියේ හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ...“මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (136)
75. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සඞ්ඝස්ස පීඨං -පෙ- සඞ්ඝස්ස භිසිං -පෙ- සඞ්ඝස්ස බිම්බොහනං -පෙ- සඞ්ඝස්ස කවාටං -පෙ- සඞ්ඝස්ස ආලොකසන්ධිං -පෙ- සඞ්ඝස්ස ගොපානසිං ථෙය්‍යචිත්තො අවහරි. තස්ස කුක්කුච්චං අහොසි -පෙ- “ආපත්තිං ත්වං භික්ඛු ආපන්නො පාරාජික”න්ති. (137-142)
75. එසමයෙහි එක්තරා මහණෙක් සඟ සතු පුටුවක් ... සඟ සතු බිස්සක් ... සඟ සතු කොට්ටයක් ... සඟ සතු කවුළු දොරක් ... සඟ සතු කවුළුවක් ... සඟ සතු ගොනැස්සක් සොර සිත් ඇතියේ හැර ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය.” (137-142)
76. තෙන ඛො පන සමයෙන භික්ඛූ අඤ්ඤතරස්ස උපාසකස්ස විහාරපරිභොගං සෙනාසනං අඤ්ඤත්ර පරිභුඤ්ජන්ති. අථ ඛො සො උපාසකො උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන්තා අඤ්ඤත්ර පරිභොගං අඤ්ඤත්ර පරිභුඤ්ජිස්සන්තී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “න භික්ඛවෙ අඤ්ඤත්ර පරිභොගො අඤ්ඤත්ර පරිභුඤ්ජිතබ්බො, යො පරිභුඤ්ජෙය්ය ආපත්ති දුක්කටස්සා”ති. (143)
76. එසමයෙහි භික්ෂූහු එක්තරා උවසුවකුගේ විහාර පරිභෝග වූ සෙනසුනක් අන් තැනක පරිභෝග කරත්. ඉන් පසු ඒ උවසු තෙමේ අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි: ‘කෙසේ නම් පින්වත්හු අන් තැනක පරිභෝග කළ යුතු දෙයක් අන් තැනක පරිභෝග කෙරෙද් දැ’ යි භාග්‍යවතුන් වහන්සේට එපවත් සැල කළාහු ය. ... “මහණෙනි, අන් තැනක පරිභෝග කළ යුතු දෙය අන් තැනක දී පරිභෝග නො කළ යුතු යි. යමෙක් පරිභෝග කෙරේ නම් දුකුළාඇවැත් වේ” (143)
77. තෙන ඛො පන සමයෙන භික්ඛූ උපොසථග්ගම්පි සන්නිසජ්ජම්පි හරිතුං කුක්කුච්චායන්තා ඡමායං නිසීදන්ති. ගත්තානි’පි චීවරානි’පි පංසුකිතානි හොන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික්ඛවෙ තාවකාලිකං හරිතු”න්ති. (144)
77. එසමයෙහි භික්ෂූහු පොහොය ගෙට ද හිඳිනා කඩ පවා හැරගෙන යන්නට කුකුස් උපදවන්නාහු බිම හිඳ ගනිත්. සිරුරු ද සිවුරු ද පස් වැකුණාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළාහු ය. ... “මහණෙනි, තව්කැලිව ගෙන යන්නට අනු දනිමි.” (144)
78. තෙන ඛො පන සමයෙන චම්පායං ථුල්ලනන්දාය භික්ඛුනියා අන්තෙවාසිකා භික්ඛුනී ථුල්ලනන්දාය භික්ඛුනියා උපට්ඨාකකුලං ගන්ත්වා “අය්යා ඉච්ඡති තෙකටුලයාගුං පාතු”න්ති පචාපෙත්වා හරිත්වා අත්තනා පරිභුඤ්ජි. සා ජානිත්වා තං චොදෙසි: “අස්සමණී’සි ත්ව”න්ති. තස්සා කුක්කුච්චං අහොසි. අථ ඛො සා භික්ඛුනී භික්ඛුනීනං එතමත්ථං ආරොචෙසි. භික්ඛුනියො භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්සා”ති. (145)
78. එසමයෙහි චම්පාවෙහි ථුල්ලනන්දා නම් මෙහෙණගේ අතැවැසි මෙහෙණක් ථුල්ලනන්දා මෙහෙණගේ පසදා කුලයට ගොස් “ආර්ය්යා තොමෝ තිකුළු කැඳ පානය කරන්නට කැමති” යයි පිසවා ගෙන්වා ගෙන තොමෝ පානය කළා ය. ඕ තොමෝ එය දැන ගෙන ඇයට “තී මෙහෙණක් නො වෙහි” යි චෝදනා කළා ය. ඇයට කුකුස් විය. ඉන් පසු ඒ මෙහෙණ මෙහෙණන්ට මෙය සැල කළා ය. මෙහෙණහු මහණුන්ට මෙය සැල කළාහු ය. මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පුවත සැල කළාහු ය. “මහණෙනි, පරිජිඇවැත් නො වේ. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ.” (145)
79. තෙන ඛො පන සමයෙන රාජගහෙ ථුල්ලනන්දාය භික්ඛුනියා අන්තෙවාසිකා භික්ඛුනී ථුල්ලනන්දාය භික්ඛුනියා උපට්ඨාකකුලං ගන්ත්වා “අය්යා ඉච්ඡති මධුගොළකං ඛාදිතු”න්ති, පචාපෙත්වා හරිත්වා අත්තනා පරිභුඤ්ජි. සා ජානිත්වා තං චොදෙසි: “අස්සමණීසි ත්ව”න්ති. තස්සා කුක්කුච්චං අහොසි -පෙ- “අනාපත්ති භික්ඛවෙ පාරාජිකස්ස, ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්සා”ති. (146)
79. එසමයෙහි රජගහ නුවර ථුල්ලනන්දා නම් මෙහෙණගේ අතැවැසි මෙහෙණක් ථුල්ලනන්දා මෙහෙණගේ පසදා කුලයට පැමිණ “ආර්ය්යා තොමෝ අතිරස කැවුම් වළඳන්නට කැමැත්තී” යයි අතිරස කැවුම් පිසවා ගෙන්වා ගෙන තොමෝ වැළදුවා ය. ඕ මේ කරුණ දැන ගෙන තෙල මෙහෙණට “තී නො මෙහෙණක් වෙහි” යි චෝදනා කළා ය. ඒ මෙහෙණට කුකුස් විය. ... “මහණෙනි, පරිජිඇවැත් නො වේ. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ.” (146)
80. තෙන ඛො පන සමයෙන වෙසාලියං ආයස්මතො අජ්ජුකස්ස උපට්ඨාකස්ස ගහපතිනො ද්වෙ දාරකා හොන්ති පුත්තො ච භාගිනෙය්යො ච. අථ ඛො සො ගහපති ආයස්මන්තං අජ්ජුකං එතදවොච: “ඉමං භන්තෙ ඔකාසං යො ඉමෙසං ද්වින්නං දාරකානං සද්ධො හොති පසන්නො තස්ස ආචික්ඛෙය්යාසීති. තෙන ඛො පන සමයෙන තස්ස ගහපතිනො භාගිනෙය්යො සද්ධො හොති පසන්නො. අථ ඛො ආයස්මා අජ්ජුකො තං ඔකාසං තස්ස දාරකස්ස ආචික්ඛි. සො තෙන සාපතෙය්යෙන කුටුම්බඤ්ච සණ්ඨපෙසි, දානඤ්ච පට්ඨපෙසි. අථ ඛො තස්ස ගහපතිනො පුත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච: “කො නු ඛො භන්තෙ ආනන්ද පිතුනො දායජ්ජො පුත්තො වා භාගිනෙය්යො වා”ති. “පුත්තො ඛො ආවුසො පිතුනො දායජ්ජො”ති. “අයං අය්යො අජ්ජුකො අම්හාකං සාපතෙය්යං අම්හාකං මෙථුනකස්ස ආචික්ඛී”ති. “අස්සමණො ආවුසො ආයස්මා අජ්ජුකො”ති. අථ ඛො අජ්ජුකො ආයස්මන්තං ආනන්දං එතදවොච: “දෙහි මෙ ආවුසො ආනන්ද විනිච්ඡය”න්ති. තෙන ඛො පන සමයෙන ආයස්මා උපාලි ආයස්මතො අජ්ජුකස්ස පක්ඛො හොති. අථ ඛො ආයස්මා උපාලි ආයස්මන්තං ආනන්දං එතදවොච: “යො නු ඛො ආවුසො ආනන්ද සාමිකෙන ‘ඉමං ඔකාසං ඉත්ථන්නාමස්ස ආචික්ඛා’ති වුත්තො තස්ස ආචික්ඛති” කිං සො ආපජ්ජතී’ති. “න භන්තෙ කිඤ්චි ආපජ්ජති, අන්තමසො දුක්කටමත්තම්පී”ති. “අයං ආවුසො ආයස්මා අජ්ජුකො සාමිකෙන ‘ඉමං ඔකාසං ඉත්ථන්නාමස්ස ආචික්ඛා’ති වුත්තො තස්ස ආචික්ඛති. අනාපත්ති ආවුසො ආයස්මතො අජ්ජුකස්සා’ති. (147)
80. එසමයෙහි විසල් පුරයෙහි ආයුෂ්මත් අජ්ජුක මහණහුගේ උපස්ථායක ගෘහපතිහුගේ පුත්‍රයා ද බෑනා දැ යි දරුවෝ දෙදෙනෙක් වෙති. ඉක්බිති ඒ ගැහැවි තෙමේ ආයුෂ්මත් අජ්ජුක තෙරුන්ට මෙය කීය: “වහන්ස, මේ දරුවන් දෙදෙනා අතුරෙන් යමෙක් සැදැහැති වේ ද, සස්නෙහි පැහැදුනෙක් වේ ද, ඔහුට මේ ස්ථානය (ධනය) කියනු මැනවැ” යි. එසමයෙහි ඒ ගැහැවියාගේ බෑනා සැදැහැ ඇත්තෙක් ද පැහැදුනෙක් ද වෙයි. ඉක්බිති ආයුෂ්මත් අජ්ජුක තෙමේ ඒ ස්ථානය ඒ දරුහට කීයේ ය. හේ තෙමේ ඒ ධනයෙන් ගෙදළු (ගිහි ජීවිතය) ඇරඹීය. දන් වැට ද තැබී ය. ඉක්බිති ඒ ගැහැවියාගේ පුත් තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය දැන්වී ය. “වහන්ස, ආනන්ද ස්ථවිරයෙනි, කවරකු පිය සතු ධනයට හිමියා වේ ද, ‘පුත්‍රයා ද නැත හොත් බෑනා ද?” යි. “ඇවත, පුත් තෙමේ පිය සතු ධනයට හිමියා වෙයි” කී ය. “වහන්ස, මේ අජ්ජුක හිමි තෙමේ අප සතු ධනය අපගේ නෑ සුහුරුබඩු පැවරී ය. ඇවැත්නි, ආයුෂ්මත් අජ්ජුක තෙමේ නො මහණෙකි’යි. ඉක්බිති අජ්ජුක තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය කී ය: “ඇවැත් ආනන්ද ස්ථවිරයෙනි, මට විනිශ්චයක් දෙනු මැනවැ”යි. එසමයෙහි ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ ආයුෂ්මත් අජ්ජුකහට පක්ෂපාතී වෙයි. ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය කීය: “ඇවැත් ආනන්ද ස්ථවිරය, යමෙක් වනාහි හිමියා විසින් ‘මේ ස්ථානය මෙනම් ඇත්තහුට කියව’ යි කියන ලද්දේ ඔහුට කියා නම් හෙතෙමේ කිනම් ඇවතකට පැමිණේ ද?” “වහන්ස, කිසියම් ඇවතකට නො පැමිණෙයි. යටත් පිරිසෙයින් දුකුළාවක් පමණකට ද නො පැමිණේ” යි. “ඇවැත්නි, මේ ආයුෂ්මත් අජ්ජුක තෙමේ හිමියා විසින් මේ ස්ථානය මෙනම් ඇත්තහුට කියව’ යි කියන ලද්දේ ඔහුට කී ය. ඇවැත්නි, ආයුෂ්මත් අජ්ජුක හට ඇවැත් නො වේ.” (147)
81. තෙන ඛො පන සමයෙන බාරාණසියං ආයස්මතො පිලින්දිවච්ඡස්ස උපට්ඨාකකුලං චොරෙහි උපද්දුතං හොති. ද්වෙ ච දාරකා නීතා හොන්ති. අථ ඛො ආයස්මා පිලින්දිවච්ඡො තෙ දාරකෙ ඉද්ධියා ආනෙත්වා පාසාදෙ ඨපෙසි. මනුස්සා තෙ දාරකෙ පස්සිත්වා “අය්යස්සායං පිලින්දිවච්ඡස්ස ඉද්ධානුභාවො”ති ආයස්මන්තෙ පිලින්දිවච්ඡෙ අභිප්පසීදිංසු. භික්ඛූ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා පිලින්දිවච්ඡො චොරෙහි නීතෙ දාරකෙ ආනෙස්සතී”ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනාපත්ති භික්ඛවෙ ඉද්ධිමතො ඉද්ධිවිසයෙ”ති. (146)
81. එසමයෙහි බරණැස් නුවර ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන්ගේ උපස්ථායක කුලය සොරුන් විසින් පෙළන ලද්දේ වෙයි. දරුවන් දෙදෙන ද පැහැර ගෙන යන ලද්දාහු වෙත්. ඉක්බිති ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙමේ ඒ දරුවන් ඍද්ධියෙන් ගෙන වුත් පහයෙහි තැබී ය. මිනිස්සු ඒ දරුවන් දැක මෙය පිළින්දිවච්ඡ ආර්‍ය්‍යයන්ගේ ඍද්ධ්‍යානුභාව යයි ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙරුන් කෙරෙහි ඉතා පැහැදුනාහු ය. භික්ෂූහු අවමන් කෙරෙති, අයුණු කියති, නුගුණ පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් පිලින්දිවච්ඡ තෙමේ සොරුන් විසින් ගෙන යන ලද දරුවන් ගෙන ආයේ දැ” යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැල කළාහු ය. ... “මහණෙනි, ඍද්ධිමත්හුගේ ඍද්ධි විෂයෙහි ඇවැත් නො වේ.” (148)
82. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ සහායකා හොන්ති පණ්ඩුකො ච කපිලො ච. එකො ගාමකෙ විහරති එකො කොසම්බියං. අථ ඛො තස්ස භික්ඛුනො ගාමකා කොසම්බිං ගච්ඡන්තස්ස අන්තරා මග්ගෙ නදිං තරන්තස්ස සූකරිකානං හත්ථතො මුත්තා මෙදවට්ටි පාදෙ ලග්ගා හොති. සො භික්ඛු “සාමිකානං දස්සාමී”ති අග්ගහෙසි. සාමිකා තං භික්ඛුං චොදෙසුං: “අස්සමණොසි ත්ව”න්ති. තං උත්තිණ්ණං අඤ්ඤතරා ගොපාලිකා පස්සිත්වා එතදවොච: “එහි භන්තෙ මෙථුනං ධම්මං පතිසෙවා”ති. සො ‘පකතියාපහං අස්සමණො’ති තස්සා මෙථුනං ධම්මං පතිසෙවිත්වා කොසම්බිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං. අනාපත්ති භික්ඛවෙ අදින්නාදානෙ පාරාජිකස්ස, ආපත්ති මෙථුනධම්මසමායොගෙ පාරාජිකස්සා”ති. (149)
82. එසමයෙහි පණ්ඩුකය කපිලය යි යහළු භික්ෂූහු දෙනමක් වෙත්. එක් නමක් ගමක වෙසෙයි. එක් නමක් කොසඹෑ නුවර වෙසෙයි. ඉක්බිති ගමින් කොසඹෑ නුවරට යද්දී අතර මඟ නදියක් තරණය කරන්නා වූ ඒ මහණහුගේ පාදයෙහි හූරු වැද්දන්ගේ අතින් ගිළිහුනු වුරුණු තෙල් වැටිය ලැගුනේ වෙයි. ඒ මහණ තෙමේ “හිමියන්ට දෙන්නෙමැ” යි එය හැර ගත්තේ ය. හිමියෝ ඒ මහණහට “තෝ අශ්‍රමණ වෙහි” යි චෝදනා කළාහු ය. එතර වූ ඒ මහණ දැක එක් ගෙවිලියක් මෙසේ කීවා ය. “වහන්ස, එනු මැනවි. මෙවුන්දම් සේවනය කරන්නැ” යි. හෙතෙමේ “මම පියොවිනිදු අශ්රමණයෙමි” යි ඇය හා මෙවුන්දම් සේවනය කොට කොසඹෑ නුවරට ගොස් භික්ෂූන්ට තෙල පවත් සැල කළේ ය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් සැල කළාහු ය. ... “මහණෙනි, අයිනාදනින් පරිජිඇවැත් නො වේ. මෙවුන්දම් සෙවීමෙන් පරිජිඇවැත් වේ”. (149)
83. තෙන ඛො පන සමයෙන සාගලායං ආයස්මතො දළ්හිකස්ස සද්ධිවිහාරිකො භික්ඛු අනභිරතියා පීළිතො ආපණිකස්ස වෙඨනං අවහරිත්වා ආයස්මන්තං දළ්හිකං එතදවොච: “අස්සමණො අහං භන්තෙ විබ්භමිස්සාමී”ති. “කිං තයා ආවුසො කත”න්ති? සො තමත්ථං ආරොචෙසි. ආහරාපෙත්වා අග්ඝාපෙසි. තං අග්ඝාපෙන්තෙ න පඤ්චමාසකො අග්ඝි “අනාපත්ති ආවුසො පාරාජිකස්සා”ති ධම්මකථං අකාසි. සො භික්ඛු අභිරමිති. (150)
83. එසමයෙහි සගල්පුර ආයුෂ්මත් දළ්හිකගේ සද්ධිවිහාරික මහණෙක් අනභිරතියෙන් පෙළුනේ වෙළෙන්දකුගේ හිස් වෙළුමක් සොරා ගෙන ආයුෂ්මත් වූ දළ්හික තෙරුන්ට මෙය කීය: “වහන්ස, මම අශ්‍රමණ වෙමි. උපැවිදි වන්නෙමි” යි. “ඇවැත්නි, තා විසින් කුමක් කරන ලද ද?”. හෙතෙමේ එ කරුණ කීය. එය ගෙන්වා අගය (මිල නියම) කරවී ය. අගය කරවන කල්හි මසු පසක් නො අගනේ විය. “ඇවැත්නි, පරිජිඇවැත් නො වේ ය” යි දැහැමි කථාවක් කළේ ය. ඒ මහණ තෙමේ සස්නෙහි සිත් ඇලවිය. (150)
දුතියපාරාජිකං සමත්තං.
දෙවන පරිජිය නිමි.