යෙදුමෙන් කියවන්න

තතියපාරාජිකං

2. 3.

2. 3.

තෘතීය පාරාජිකය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා භික‍්ඛූනං අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ‍්ණං භාසති, අසුභභාවනාය වණ‍්ණං භාසති, ආදිස‍්ස ආදිස‍්ස අසුභසමාපත‍්තියා වණ‍්ණං භාසති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කූටාගාරසාලාවෙහි වෙසෙන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් භික්‍ෂූන්ට අසුභය පිළිබඳ කථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර වදාරණ සේක. අසුභභාවනාවෙහි ගුණ කියන සේක. කරුණු දක්ව දක්වා අසුභසමාපත්තියෙහි අනුසස් වදාරණ සේක.

2. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “ඉච‍්ඡාමහං භික‍්ඛවෙ අද‍්ධමාසං පටිසල‍්ලීයිතුං, නම‍්හි කෙනචි උපසඞ‍්කමිතබ‍්බො අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙනා”ති. “එවං, භන‍්තෙ”ත ඛො තෙ භික‍්ඛූ භගවතො පටිස‍්සුත්‍වා නාස‍්සුධ කොචි භගවන‍්තං උපසඞ‍්කමති, අඤ‍්ඤත්‍ර එකෙන පිණ‍්ඩපාතනීහාරකෙන.

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මම අඩමසක් හුදකලාව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙණෙන එක් මහණකු හැර කිසිවකු විසින් නොඑළඹිය යුත්තෙම් වෙමි” යි. “වහන්ස, එසේ ය” යි. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී මෙහි පිණ්ඩපාතය ගෙණෙන එක් මහණකු හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි.

3. භික‍්ඛූ “භගවා ඛො අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ‍්ණං භාසති, අසුභභාවනාය වණ‍්ණං භාසති, ආදිස‍්ස ආදිස‍්ස අසුභසමාපත‍්තියා වණ‍්ණං භාසතී”ති තෙ අනෙකාකාරවොකාරං අසුභභාවනානුයොගමනුයුත‍්තා විහරන‍්ති.

3. භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අසුභකථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර කියන සේක. අසුභභාවනාවෙහි ගුණ කියන සේක. කරුණු දක්ව දක්වා අසුභසමාපත්තියෙහි අනුසස් වදාරණ සේකැ” යි ඒ භික්‍ෂූහු නොයෙක් අයුරින් මුසු වූ අසුභභාවනාවෙහි යෙදුනාහු වෙසෙත්.

4. තෙ සකෙන කායෙන අට‍්ටීයන‍්ති හරායන‍්ති ජිගුච‍්ඡන‍්ති. සෙය්‍යථාපි නාම ඉත්‍ථී වා පුරිසො වා දහරො යුවා මණ‍්ඩනකජාතිකො සීසං නහාතො අහිකුණපෙන වා කුක‍්කුරකුණපෙන වා මනුස‍්සකුණපෙන වා කණ‍්ඨෙ ආසත‍්තෙන අට‍්ටීයෙය්‍ය හරායෙය්‍ය ජිගුච‍්ඡෙය්‍ය. එවමෙව තෙ භික‍්ඛූ සකෙන කායෙන අට‍්ටීයන‍්තා හරායන‍්තා ජිගුච‍්ඡන‍්තා අත‍්තනාපි අත‍්තානං ජීවිතා වොරොපෙන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤම‍්පි ජීවිතා වොරොපෙන‍්ති. මිගලණ‍්ඩිකම‍්පි සමණකුත‍්තකං උපසඞ‍්කමිත්‍වා එවං වදෙන‍්ති:– “සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි, ඉදං තෙ පත‍්තචීවරං භවිස‍්සතී”ති.

4. යම්සේ සැරසීම පියවි කොට ඇති හිස නෑවාවූ තරුණ වූ යොවුනෙහි සිටියා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුනු සර්‍පකුණපයකින් හෝ බලුකුණකින් හෝ මිනිස් කුණකින් හෝ පෙළෙන්නේ ද, ලජ්ජිතවන්නේ ද, පිළිකුල් කරන්නේ ද, එපරිද්දෙන් ම ඒ භික්‍ෂූහු සියකයින් පෙළෙන්නාහු ලජ්ජිත වන්නාහු, පිළිකුල් කරන්නාහු තුමූ තමන් ම ජීවිතයෙන් තොරකර ගණිත්. ඔවුනොවුන් ද ජීවිතයෙන් තොරකර ගණිත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත ද එළඹ මෙසේ කියත්: “ඇවත, අප ජීවිතයෙන් තොර කරණු මැනව. මේ පා සිවුරු තට වන්නේය” යි.

5. අථ ඛො මිගලණ‍්ඩිකො සමණකුත‍්තකො පත‍්තචීවරෙහි භටො සම‍්බහුලෙ භික‍්ඛූ ජීවිතා වොරොපෙත්‍වා ලොහිතකං අසිං ආදාය යෙන වග‍්ගමුදා නදී, තෙනුපසඞ‍්කමි. අථ ඛො මිගලණ‍්ඩිකස‍්ස සමණකුත‍්තකස‍්ස ලොහිතකං අසිං ධොවන‍්තස‍්ස අහුදෙව කුක‍්කුච‍්චං අහු විප‍්පටිසාරො: “අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල‍්ලද‍්ධං වත මෙ, න වත මෙ සුලද‍්ධං. බහුං වත මයා අපුඤ‍්ඤං පසුතං යො’හං භික‍්ඛූ සීලවන‍්තෙ කල්‍යාණධම‍්මෙ ජීවිතා වොරොපෙසි”න‍්ති.

5. ඉක්බිති මහණ වෙස් ගත් මිගලණ්ඩික තෙමේ පා සිවුරුවලින් පෝෂිත වූයේ බොහෝ භික්‍ෂූන් දිවියෙන් තොර කොට ලේ වැකුනු කඩුව ගෙණ වග්ගුමුදා නදිය වෙත පැමිණියේ ය. ඉක්බිති ලේ වැකුණු කඩුව දෝනා මහණවෙස් ගත් මිගලණ්ඩිකයාට කුකුස් වූයේ ම ය. විපිළිසර වූයේ ම ය. “ඒකාන්තයෙන් මට අලාභයහ. ඒකාන්තයෙන් මට ලාභයෝ නො වෙති. මා ලත් මිනිසත් බව ද නපුරු ය. මනාසේ ලද්දක් ද නො වෙයි. යම් බඳු වූ මම සිල්වත් වූ කලණදම් ඇති භික්‍ෂූන් දිවියෙන් තොර කෙළෙම් ද, ඒ මා විසින් ඒකාන්තයෙන් බොහෝ අකුසල් රැස්කරන ලද්දේය” යී.

6. අථ ඛො අඤ‍්ඤතරා මාරකායිකා දෙවතා අභිජ‍්ජමානෙ උදකෙ ආගන‍්ත්‍වා මිගලණ‍්ඩිකං සමණකුත‍්තකං එතදවොච: “සාධු සාධු සප‍්පුරිස, ලාභා තෙ සප‍්පුරිස, සුලද‍්ධං තෙ සප‍්පුරිස, බහුං තයා සප‍්පුරිස, පුඤ‍්ඤං පසුතං, යං ත්‍වං අතිණ‍්ණෙ තාරෙසී”ති.

6. ඉක්බිති එක්තරා මාරපාක්‍ෂික දෙවියෙක් නොබිඳෙන දියෙහි (ඍද්ධියෙන්) අවුත් මහණවෙස් ගත් මිගලණ්ඩිකයාට මෙය කීය: “සත්පුරුෂය, ඉතා මැනවි. සත්පුරුෂය, තට ලාභයහ. සත්පුරුෂය, තා විසින් ලද්දේ මනා මිනිසත් බවෙක. යම් හෙයකින් තෝ සසරින් එතර නුවූවන් එතර කෙළෙහි ද එහෙයින් තා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේය.” යි

7. අථ ඛො මිගලණ‍්ඩිකො සමණකුත‍්තකො: “ලාභා කිර මෙ, සුලද‍්ධං කිර මෙ, බහුං කිර මයා පුඤ‍්ඤං පසුතං, අතිණ‍්ණෙ කිරාහං තාරෙමී”ති තිණ‍්හං අසිං ආදාය විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං උපසඞ‍්කමිත්‍වං එවං වදෙති “කො අතිණ‍්ණො කං තාරෙමී”ති. තත්‍ථ යෙ තෙ භික‍්ඛූ අවීතරාගා තෙසං තස‍්මිං සමයෙ හොතියෙව භයං. හොති ඡම‍්භිතත‍්තං. හොති ලොමහංසො. යෙ පන තෙ භික‍්ඛූ වීතරාගා තෙසං තස‍්මිං සමයෙ න හොති භයං න හොති ඡම‍්භිතත‍්තං. න හොති ලොමහංසො.

7. ඉක්බිති මහණ වෙස්ගත් මිගලණ්ඩිකයා “මට ලාභය. මා විසින් ලද්දේ මනා මිනිසත් බවෙක. මා විසින් බොහෝ පින් රැස් කරන ලද්දේ ය. මම වනාහි සසරින් එතර නුවූවන් එතර කෙරෙමි”යි තියුණු අසිපතක් ගෙණ වෙහෙරින් වෙහෙරට ද, පිරිවෙණින් පිරිවෙණට ද එළඹ මෙසේ කියයි: “කවරෙක් සසරින් එතර නුවූයේ ද? කවරකු සසරින් එතර කෙරෙම්දැ”යී. එහි යම් අවීතරාග භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එකල්හි බියෙක් වේ ම ය. තැති ගැණීමෙක් වෙයි. ලොමුදහගැන්මෙක් වෙයි. යම් ඒ වීතරාග භික්‍ෂූහු වෙද්ද එකල්හි ඔවුන්ට බියෙක් නො වෙයි. තැතිගැන්මෙක් නො වෙයි. ලොමු දහගැන්මෙක් නො වෙයි.

8. අථ ඛො මිගලණ‍්ඩිකො සමණකුත‍්තකො එකම‍්පි භික‍්ඛුං එකාහෙන ජීවිතා වොරොපෙසි, ද‍්වෙ’පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, තයො’පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, චත‍්තාරො’පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, පඤ‍්ච’පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, දස’පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, වීසම‍්පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, තිංසම‍්පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, චත‍්තාලීසම‍්පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, පඤ‍්ඤාසම‍්පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි, සට‍්ඨිම‍්පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි.

8. ඉක්බිති මහණ වෙස් ගත් මිගලණ්ඩික තෙමේ එකදවසකින් එක් මහණකුදු දිවියෙන් තොර කළේය. එකදවසකින් භික්‍ෂූන් දෙනමක් ද දිවියෙන් තොර කෙළේය. එකදවසකින් භික්‍ෂූන් තෙනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සිවුනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් පස්නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් දසනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් වීසිනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් තිස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සතළිස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් පනස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සැට නමක් ද දිවියෙන් තොර කෙළේ ය.

9. අථ ඛො භගවා තස‍්ස අද‍්ධමාසස‍්ස අච‍්චයෙන පටිසල‍්ලානා වුට‍්ඨිතො ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: “කිං නු ඛො ආනන්‍ද තනුභූතො විය භික‍්ඛුසඞ‍්ඝො”ති.

9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් පල සමවතින් නැගී සිටිසේක් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, කුමක් හෙයින් භික්‍ෂූ සඞ්ඝයා තුනීවූවාක් මෙන් වී ද?”යී

10. “තථාහි පන භන‍්තෙ, භගවා භික‍්ඛූනං අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ‍්ණං භාසති, අසුභභාවනාය වණ‍්ණං භාසති, ආදිස‍්ස ආදිස‍්ස අසුභසමාපත‍්තියා වණ‍්ණං භාසති. තෙ ච භන‍්තෙ භික‍්ඛූ භගවා ඛො අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ‍්ණං භාසති, අසුභභාවනාය වණ‍්ණං භාසති, ආදිස‍්ස ආදිස‍්ස අසුභසමාපත‍්තියා වණ‍්ණං භාසතී”ති තෙ අනෙකාකාරවොකාරං අසුභභාවනානුයොගමනුයුත‍්තා විහරන‍්ති. තෙ සකෙන කායෙන අට‍්ටීයන‍්ති හරායන‍්ති ජිගුච‍්ඡන‍්ති. සෙය්‍යථාපි නාම ඉත්‍ථි වා පුරිසො වා දහරො යුවා මණ‍්ඩනකජාතිකො සීසං නහාතො අහිකුණපෙන වා කුක‍්කුරකුණපෙන වා මනුස‍්සකුණපෙන වා කණ‍්ඨෙ ආසත‍්තෙන අට‍්ටීයෙය්‍ය හරායෙය්‍ය ජිගුච‍්ඡෙය්‍ය, එවමෙව තෙ භික‍්ඛූ සකෙන කායෙන අට‍්ටීයන‍්තා හරායන‍්තා ජිගුච‍්ඡන‍්තා අත‍්තනාපි අත‍්තානං ජීවිතා වොරොපෙන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤම‍්පි ජීවිතා වොරොපෙන‍්ති, මිගලණ‍්ඩිකම‍්පි සමණකුත‍්තකං උපසඞ‍්කමිත්‍වා එවං වදෙන‍්ති: “සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි. ඉදං තෙ පත‍්තචීවරං භවිස‍්සතී”ති. අථ ඛො භන‍්තෙ මිගලණ‍්ඩිකො සමණකුත‍්තකො පත‍්තචීවරෙහි භටො එකම‍්පි භික‍්ඛුං එකාහෙන ජීවිතා වොරොපෙසි -පෙ- සට‍්ඨිම‍්පි භික‍්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසි. “සාධු භන‍්තෙ භගවා අඤ‍්ඤං පරියායං ආචික‍්ඛතු, යථායං භික‍්ඛුසඞ‍්ඝො අඤ‍්ඤායං සණ‍්ඨහෙය්‍යා”ති.

10. වහන්ස, එසේ ම ය. භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් භික්‍ෂූන්ට අසුභකථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර කියන සේක. අසුභ භාවනාවෙහි ගුණ කියන සේක, කරුණු දක්ව දක්වා අසුභ සමවතෙහි අනුසස් වදාරණ සේක. වහන්ස, ඒ භික්‍ෂූහු ද “භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අසුභකථාව වදාරති. අසුභයෙහි විස්තර කියති. අසුභ භාවනාවෙහි ගුණ කියති. කරුණු දක්ව දක්වා අසුභ සමවතෙහි අනුසස් කියති” යි ඒ භික්‍ෂුහු නන් අයුරින් මුසු වූ අසුභභාවනාවෙහි යෙදුනාහු වෙසෙත්. ... යම් සේ සැරසීම පියවි කොට ඇති ශීර්‍ෂස්නානය කළ තරුණ වූ යොවුනෙහි සිටියා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුනු අහිකුණපයකින් හෝ බලුකුණකින් හෝ මිනිස් කුණකින් හෝ පීඩිත වන්නේ ද, ලජ්ජිතවන්නේ ද, ජුගුප්සිත වන්නේ ද, එමෙන් ම ඒ භික්‍ෂූහු සිය කයින් පීඩිත වෙමින් ලජ්ජිත වෙමින් ජුගුප්සිත වෙමින් තුමූ ම තමන් නසා ගනිත්. ඔවුනොවුන් ද දිවි තොර කර ගණිත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත ද පැමිණ මෙසේ කියත්: “ඇවැත්නි, අප දිවියෙන් තොර කරණු මැනැවි. මේ පාසිවුරු තට වන්නේය” යි. ඉක්බිති ශ්‍රමණවේශය ගත් මිගලණ්ඩික තෙමේ පාසිවුරු වලින් පෝෂිත වූයේ එක් දවසකින් එක් භික්‍ෂූ නමක් ද, ... එක් දවසකින් භික්‍ෂූන් සැට නමක් ද දිවියෙන් තොර කෙළේ ය. “වහන්ස, යම් සේ මේ භික්ඛුසඞ්ඝතෙමේ අර්‍හත්‍වයෙහි පිහිටන්නේ ද භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ අනික් ක්‍රමයක් දෙසන සේක්වා” යී.

11. “තෙනහානන්‍ද යාවතිකා භික‍්ඛූ වෙසාලිං උපනිස‍්සාය විහරන‍්ති, තෙ සබ‍්බෙ උපට‍්ඨානසාලායං සන‍්නිපාතෙහී”ති . “එවං භන‍්තෙ”ති ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො පටිසුත්‍වා යාවතිකා භික‍්ඛූ වෙසාලිං උපනිස‍්සාය විහරන‍්ති තෙ සබ‍්බෙ උපට‍්ඨානසාලායං සන‍්නිපාතෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං එතදවොච: “සන‍්නිපතිතො භන‍්තෙ භික‍්ඛුසඞ‍්ඝො, යස‍්ස’දානි භන‍්තෙ භගවා කාලං මඤ‍්ඤතී”ති.

11. “ආනන්‍දය, එසේ වී නම් යම් පමණ භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙද් ද, ඒ සියල්ලන් උවැටන්හලෙහි රැස් කරවයි. “වහන්ස, එසේය” යි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යම් පමණ භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් ද, ඒ සියල්ලන් උවැටන්හලෙහි රැස්කරවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙය සැළ කෙළේ ය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යමකට කල් දන්නා සේක් ද ඒ සඳහා භික්‍ෂූසඞ්ඝතෙමේ රැස්වීය” යි.

12. අථ ඛො භගවා යෙන උපට‍්ඨානසාලා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “අයම‍්පි ඛො භික‍්ඛවෙ ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො සන‍්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප‍්පන‍්නුප‍්පන‍්නෙ ච පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙති වූපසමෙති. සෙය්‍යථාපි, භික‍්ඛවෙ ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ ඌහතං රජොජල‍්ලං, තමෙනං මහා අකාලමෙඝො ඨානසො අන‍්තරධාපෙති වූපසමෙති, එවමෙව ඛො භික‍්ඛවෙ ආනාපාන සතිසමාධි භාවිතො බහුලීකතො සන‍්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙති වූපසමෙති.

12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උවටැන්හල වෙත එළඹ පැණවූ අසුන්හි වැඩහිඳ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මේ ආනාපානසති සමාධිය වඩනලද්දේ බහුල කරන ලද්දේ සාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුව විහරණ ඇත්තේ ද වෙයි. උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරෙයි. සන්සිඳුවයි. මහණෙනි, යම් සේ ගිම්හානයේ පැසුළු මස අහසට නැඟුණු දූවිලි නො කල් මහ වැස්සක් ක්‍ෂණයකින් ම අතුරුදන් කෙරේ ද, එසේ ම මහණෙනි ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරණ ලද්දේ ශාන්ත ද, ප්‍රණීත ද, පියවින් මිහිරි ද, සුව විහරණ ඇත්තේ ද වෙයි. උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරෙයි. සන්සිඳුවයි.

13. කථං භාවිතො ච භික‍්ඛවෙ ආනාපානසතිසමාධි කථං බහුලීකතො සන‍්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප‍්පන‍්නුප‍්පන‍්නෙ ච පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙති වූපසමෙති?

13. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරණ ලද්දේ ශාන්ත වේ ද ප්‍රණීත වේ ද පියවින් මිහිරි වේ ද සැප විහරණ ඇත්තේ වේ ද, උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරේ ද, සන්සිඳුවා ද?

14. “ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතො වා නිසීදති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. සො සතොව අස‍්සසති සතො පස‍්සසති:-

14. “මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ වනසෙනසුනට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ පලක් බැඳ සිරුර කෙළින් තබා ගෙණ සිහිය කමටහනට යොමු කොට හිඳියි. හෙතෙමේ සිහි ඇත්තේ ආශ්වාස කෙරෙයි. සිහි ඇත්තේ ප්‍රශ්වාස කෙරෙයි:–

දීඝං වා අස‍්සසන‍්තො දීඝං අස‍්සසාමීති පජානාති, දීඝං වා පස‍්සසන‍්තො දීඝං පස‍්සසාමීති පජානාති. රස‍්සං වා අස‍්සසන‍්තො රස‍්සං අස‍්සසාමීති පජානාති, රස‍්සං වා පස‍්සසන‍්තො රස‍්සං පස‍්සසාමීති පජානාති. සබ‍්බකායපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. සබ‍්බකායපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පීතිපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පීතිපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. සුඛපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. සුඛපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. චිත‍්තසඞ‍්ඛාරපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. චිත‍්තසඞ‍්ඛාරපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පස‍්සම‍්භයං චිත‍්තසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති. පස‍්සම‍්භයං චිත‍්තසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. චිත‍්තපටිසංවෙදී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, චිත‍්තපටිසංවෙදී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති, අභිප‍්පමොදයං චිත‍්තං -පෙ- සමාදහං චිත‍්තං -පෙ- විමොචයං චිත‍්තං -පෙ- අනිච‍්චානුපස‍්සී -පෙ- විරාගානුපස‍්සී -පෙ- නිරොධානුපස‍්සී -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං භාවිතො ඛො භික‍්ඛවෙ ආනාපානසතිසමාධි එවං බහුලීකතො සන‍්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙති වූපසමෙතී”ති.

ප්‍රවෘත්තිකාල වශයෙන් දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරන්නේ දීර්‍ඝ කොට ආශ්වාස කරමියි දනියි. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරන්නේ දීර්‍ඝ කොට ප්‍රශ්වාස කරමියි දනියි. ලුහුඬු කොට හෝ ආශ්වාස කරන්නේ ලුහුඬු කොට ආශ්වාස කරමියි දනි යි. ලුහුඬු කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ලුහුඬු කොට ප්‍රශ්වාස කරමි’යි දනියි. සියලු ආශ්වාසකය මොනොවට දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සියලු ප්‍රශ්වාසකය මොනොවට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික කායසංස්කාරය සන්සිදුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික කායසංස්කාරය සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය අරමුණු විසින් මොනොවට දනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ප්‍රීතිය මොනොවට දනිමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. කායික චෛතසික සුවය දනිමින් ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. කායික චෛතසික සුවය දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසඞ්ඛාරයන් දනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්තසඞ්ඛාරයන් දනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික චිත්තසඞ්ඛාරයන් සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඕළාරික චිත්තසඞ්ඛාරයන් සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. චිත්තපටිසංවේදී වූයේ ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත පටිසංවේදී වූයේ ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. (සමථ විපස්සනා වශයෙන්) සිත පහන් කරමින් ... අරමුණෙහි සිත පිහිටුවමින් ... නීවරණාදියෙන් සිත මුදමින් ... අනිස විසින් දක්නා සුලු වූයේ ... (ඛය–අච්චන්ත විසින්) විරාගානුපස්සී වූයේ ... නිරෝධානුපස්සී වූයේ ... (පරිච්චාගපක්ඛන්‍දන වශයෙන්) කෙලෙස් දුරලීම දන්නා සුලුවූයේ ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. (පරිච්චාග–පක්ඛන්‍දන වශයෙන්) කෙලෙස් දුරලීම දක්නා සුලුවූයේ ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. “මහණෙනි, ආනාපාන සති සමාධිය මෙසේ වඩනා ලද්දේ, මෙසේ බහුල කරණ ලද්දේ, සාන්තවූයේ ද, ප්‍රණීතවූයේ ද, ස්වභාව මධුරවූයේ ද, සුව විහරණ ඇත්තේ වූයේ ද, උපනුපන් ලාමක අකුසල් ක්‍ෂණයකින් අතුරුදන් කෙරෙයි. සන්සිඳුව”යි.

15. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛූ පටිපුච‍්ඡි: “සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ අත‍්තනාපි අත‍්තානං ජීවිතා වොරොපෙන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤම‍්පි ජීවිතා වොරොපෙන‍්ති මිගලණ‍්ඩිකම‍්පි සමණකුත‍්තකං උපසඞ‍්කමිත්‍වා එවං වදෙන‍්ති: ‘සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි, ඉදං තෙ පත‍්තචීවරං භවිස‍්සතී”ති. “සච‍්චං භගවා”ති. “විගරහි බුද‍්ධො භගවා, අනනුච‍්ඡවියං භික‍්ඛවෙ තෙසං භික‍්ඛූනං අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. කථං හි නාම තෙ භික‍්ඛවෙ භික‍්ඛූ අත‍්තනාපි අත‍්තානං ජීවිතා වොරොපෙස‍්සන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤම‍්පි ජීවිතා වොරොපෙස‍්සන‍්ති, මිගලණ‍්ඩිකම‍්පි සමණකුත‍්තකං උපසඞ‍්කමිත්‍වා එවං වක‍්ඛන‍්ති: “සාධු නො ආවුසො ජීවිතා වොරොපෙහි, ඉදං තෙ පත‍්තචීවරං භවිස‍්සතී”ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:-

15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ නිදානයෙහි ඒ ප්‍රස්තාවයෙහි බික්සඟන රැස් කරවා භික්‍ෂූන් විචාළසේක. “සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු තුමූ ද තමන් දිවියෙන් තොර කෙරෙත්, ඔවුනොවුන් ද දිවියෙන් තොර කෙරෙත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත එළඹ ‘ඇවැත, අප දිවියෙන් තොර කරණු මැනව, මේ පාසිවුරු තට වන්නේය’ යි මෙසේ කියද්ද?” “සැබව භාග්‍යවතුන් වහන්සැ” යි. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරහූ සේක: “මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ ක්‍රියාව නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක. නොගැළපෙන්නෙක. නොමහණකමෙක. නොකැපයෙක. නොකටයුත්තෙක. “මහණෙනි, ඒ භික්‍ෂූහු කෙසේ නම් තුමූ තමනු දු දිවියෙන් තොරකර ගන්නාහු ද, ඔවුනොවුනුදු දිවියෙන් තොරකර ගන්නාහු ද, මහණ වෙස්ගත් මිගලණ්ඩිකයා වෙත එළඹ ‘ඇවැත්නි, අප දිවියෙන් තොර කරණු මැනව. මේ පා සිවුරු තට වන්නේය’ යි මෙසේ කියන්නාහු ද? මහණෙනි, මේ කරුණ නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස ද නො වෙයි. ... මහණෙනි, මේ සික පදය මෙසේ උදෙසවු:–

“යො පන භික‍්ඛු සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහං ජීවිතා වොරොපෙය්‍ය, සත්‍ථහාරකං වාස‍්ස පරියෙසෙය්‍ය, අයම‍්පි පාරාජිකො හොති අසංවාසො”ති.

“යම් මහණෙක් ‘මොහු මරමී’ දැන දැන මිනිස් සිරුරක් දිවියෙන් තොර කෙරේ ද, දිවි තොර කරණ අවියක් හෝ ඔහුට ගත හැකි සේ එළවා තබා ද, මේ මහණ ද පැරදුනේ සංවාසරහිතයෙක් වේ.”

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මේ සිකපදය මෙසේත් පණවන ලද්දේ වෙයි.

[මූලපඤ‍්ඤත‍්ති.]

[මුල්පැණවීමයි.]

1. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො උපාසකො ගිලානො හොති. තස‍්ස පජාපති අභිරූපා හොති දස‍්සනීයා පාසාදිකා. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තස‍්සා ඉත්‍ථියා පටිබද‍්ධචිත‍්තා හොන‍්ති. අථ ඛො ඡබ‍්බග‍්ගියානං භික‍්ඛූනං එතදහොසි: “සචෙ ඛො සො ආවුසො උපාසකො ජීවිස‍්සති න මයං තං ඉත්‍ථිං ලභිස‍්සාම. හන්‍ද මයං ආවුසො තස‍්ස උපාසකස‍්ස මරණවණ‍්ණං සංවණ‍්ණෙමා”ති.

1. එසමයෙහි එක්තරා උවසුවෙක් ගිලන් වෙයි. ඔහුගේ බිරිඳ මනා රූ ඇත්තී, දැකුම්කලු වූවා, දුටුවන් පහදවන්නී වෙයි. සවග මහණහු ඈ කෙරෙහි පිළිබඳ සිත් ඇත්තාහු වෙත්. එකල්හි සවග භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය. “ඇවැත්නි, ඉදින් ඒ උවසු තෙමේ ජීවත්වන්නේ නම් අපි ඒ මාගම නො ලබන්නෙමු. ඇවැත්නි, එබැවින් අපි ඒ උවසුහට මරණයෙහි ගුණ වණමු” යි.

2. අථ ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ යෙන සො උපාසකො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා තං උපාසකං එතදවොචුං: “ත්‍වං ඛො’සි උපාසක, කතකල්‍යාණො කතකුසලො කතභීරුත‍්තාණො අකතපාපො අකතලුද‍්දො අකතකිබ‍්බිසො. කතං තයා කල්‍යාණං, අකතං තයා පාපං. කිං තුය‍්හිමිනා පාපකෙන දුජ‍්ජීවිතෙන, මතං තෙ ජීවිතා සෙය්‍යො. ඉතො ත්‍වං කාලකතො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සසි. තත්‍ථ දිබ‍්බෙහි පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරෙස‍්සසී”ති.

2. ඉක්බිති සවග මහණහු ඒ උවසු වෙත එළඹ මෙය කීහ. “උපාසකය, තෝ කළ කලණදම් ඇත්තෙහි. කළ කුසල් ඇත්තෙහි. කළ බිය රැකුම් ඇත්තෙහි. නොකළපව් ඇත්තෙහි. නොකළ රුදුකම් ඇත්තෙහි. නොකළ සැහැසිකම් ඇත්තෙහි. තා විසින් යහපතක් ම කරණ ලදී. තා විසින් පව් නො කරණ ලදී. තට මේ ලාමක වූ ජීවිතයෙන් කිම? තාගේ ජීවත් වීමට වඩා මරණය උතුමි. තෝ මෙලොවින් කලුරිය කළේ කාබුන් මරණින් මතු සුගතිය වූ දෙව්ලොවට පැමිණෙන්නෙහි. එහි දී දිව පස්කම් ගුණයෙන් පිණාගියෙහි, එයින් යුතු වූයේ අභිරමණය කරන්නෙහි ය.”

3. අථ ඛො සො උපාසකො “සච‍්චං ඛො අය්‍යා ආහංසු. අහං හි කතකල්‍යාණො කතකුසලො කතභීරුත‍්තාණො, අකතපාපො අකතලුද‍්දො අකතකිබ‍්බිසො. කතං මයා කල්‍යාණං, අකතං මයා පාපං. කිං මය‍්හිමිනා පාපකෙන දුජ‍්ජීවිතෙන, මතං මෙ ජීවිතා සෙය්‍යො. ඉතො අහං කාලකතො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සාමි. තත්‍ථ දිබ‍්බෙහි පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරෙස‍්සාමි”ති. සො අසප‍්පායානි චෙව භොජනානි භුඤ‍්ජි, අසප‍්පායානි ච ඛාදනීයානි ඛාදි, අසප‍්පායානි සායනීයානි සායි, අසප‍්පායානි පානානි පිවි. තස‍්ස අසප‍්පායානි චෙව භොජනානි භුඤ‍්ජතො අසප‍්පායානි ච ඛාදනීයානි ඛාදතො අසප‍්පායානි සායනීයානි සායතො අසප‍්පායානි පානානි පිවතො ඛරො ආබාධො උප‍්පජ‍්ජි. සො තෙනෙව ආබාධෙන කාලමකාසි.

3. ඉක්බිති ඒ උවසු තෙමේ “ආර්‍ය්‍යයෝ සැබවක් කීහු. මම වනාහි කළ යහපත ඇත්තෙක් මි. කළ කුසල් ඇත්තෙක්මි. කළ බිය රැකුම් ඇත්තෙක් මි. නොකළ පව් ඇත්තෙක්මි. නොකළ රුදු කම් ඇත්තෙක් මි. නොකළ සැහැසි කම් ඇත්තෙක් මි. මා විසින් යහපත කරණලදී. මා විසින් පව් නො කරණ ලදී. මට මේ ලාමක දුඃඛ ජීවිතයෙන් කිම? මගේ ජීවත් වීමට වඩා මරණය උතුමි. මම මෙලොවින් කලුරිය කෙළෙම් කාබුන්, මරණින් මතු සුගතිය වූ ස්වර්‍ගලෝකයට පැමිණෙන්නෙමි. එහි දී දිව පස් කම් ගුණයෙන් පිණා ගියෙම් එයින් යුතුවූයෙම් අභිරමණය කරන්නෙමි” යි. හෙ තෙමේ නොසැපවූ ම බොජුන් වැළඳී ය. නොසැප වූ කැවිලි කෑවේ ය. නො සැප වූ ලේහයන් ලෙවී ය. නොසැප වූ පැන් පානය කෙළේ ය. අහිත බොජුන් ම බුදින, අහිත කැවිලි කන, අහිත ලේහයන් ලොවින, අහිත පැන් බොන, ඔහුට දැඩි ආබාධයෙක් උපන. හෙතෙමේ ඒ ආබාධයෙන් ම කලුරිය කෙළේ ය.

4. තස‍්ස පජාපති උජ‍්ඣායති ඛීයති විපාචෙති: “අලජ‍්ජිනො ඉමෙ සමණා සක්‍යපුත‍්තියා දුස‍්සීලා මුසාවාදිනො. ඉමෙ හි නාම ධම‍්මචාරිනො සමචාරිනො බ්‍රහ‍්මචාරිනො සච‍්චවාදිනො සීලවන‍්තො කල්‍යාණධම‍්මා පටිජානිස‍්සන‍්ති. නත්‍ථි ඉමෙසං සාමඤ‍්ඤං, නත්‍ථි ඉමෙසං බ්‍රහ‍්මඤ‍්ඤං. නට‍්ඨං ඉමෙසං සාමඤ‍්ඤං, නට‍්ඨං ඉමෙසං බ්‍රහ‍්මඤ‍්ඤං. කුතො ඉමෙසං සාමඤ‍්ඤං, කුතො ඉමෙසං බ්‍රහ‍්මඤ‍්ඤං. අපගතා ඉමෙ සාමඤ‍්ඤා, අපගතා ඉමෙ බ්‍රහ‍්මඤ‍්ඤා. ඉමෙ මෙ සාමිකස‍්ස මරණවණ‍්ණං සංවණ‍්ණෙසුං. ඉමෙහි මෙ සාමිකො මාරිතො”ති.

4. ඔහුගේ බිරිඳ අවමන් කෙරෙයි, අයුණු කියයි, නුගුණ පතුරුවයි; “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු නම් ‘ධර්‍මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහු ය, සච්චවාදීහු ය, සිල්වත්හු ය, කළණ දහම් ඇත්තාහුය’ යි පිළින කෙරෙත්. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණු කමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද, මොවුන්ට බමුණු කමෙක් කොයින් ද, මොහු මහණ කමින් පහවූවෝ ය. මොහු බමුණු කමෙන් පහවූවෝ ය. මොහු මාගේ සැමියාට මරණයෙහි ගුණ වැණූහ. මොවුන් විසින් මාගේ සැමියා මරණ ලද්දේය” යි.

5. අඤ‍්ඤෙපි මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “අලජ‍්ජිනො ඉමෙ සමණා සක්‍යපුත‍්තියා දුස‍්සීලා මුසාවාදිනො. ඉමෙහි නාම ධම‍්මචාරිනො සමචාරිනො බ්‍රහ‍්මචාරිනො සච‍්චවාදිනො සීලවන‍්තො කල්‍යාණධම‍්මා පටිජානිස‍්සන‍්ති. නත්‍ථි ඉමෙසං සාමඤ‍්ඤං, නත්‍ථි ඉමෙසං බ්‍රහ‍්මඤ‍්ඤං. නට‍්ඨං ඉමෙසං සාමඤ‍්ඤං, නට‍්ඨං ඉමෙසං බ්‍රහ‍්මඤ‍්ඤං. කුතො ඉමෙසං සාමඤ‍්ඤං, කුතො ඉමෙසං බ්‍රහ‍්මඤ‍්ඤං. අපගතා ඉමෙ සාමඤ‍්ඤා, අපගතා ඉමෙ බ්‍රහ‍්මඤ‍්ඤා. ඉමෙ උපාසකස‍්ස මරණවණ‍්ණං සංවණ‍්ණෙසුං. ඉමෙහි උපාසකො මාරිතො”ති.

5. අන් මිනිස්සු ද අවමන් කෙරෙත්, අයුණු කියත්, නුගුණ පතුරුවත්. “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, මුසාවාදීහු ය. මොහු වූ කලී ‘ධම්මචාරීහු ය, සමචාරීහු ය, බ්‍රහ්මචාරීහු ය, සච්චවාදීහු ය, සීලවන්තයෝ ය, කළ කළණ දහම් ඇත්තෝය’යි පිළින කෙරෙති. මොවුන්ට මහණකමෙක් නැත. මොවුන්ට බමුණුකමෙක් නැත. මොවුන්ගේ මහණකම නටුයේ ය. මොවුන්ගේ බමුණුකම නටුයේ ය. මොවුන්ට මහණකමෙක් කොයින් ද, මොවුන්ට බමුණු කමෙක් කොයින් ද, මොහු මහණ කමින් පහ වූවෝ ය. මොහු බමුණුකමින් පහවූවෝ ය. මොහු උවසුහට මරණයෙහි ගුණ වැණූහ. මොවුන් විසින් උවසු තෙමේ මරණ ලද්දේය”යී.

6. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උපාසකස‍්ස මරණවණ‍්ණං සංවණ‍්ණිස‍්සන‍්තී”ති.

6. භික්‍ෂූහු අවමන් කරන, අයුණු කියන, නුගුණ පතුරුවන, ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් ඒ අපිස් මහණහු වෙද් ද, ඔහු අවමන් කරති, අයුණු කියති, නුගුණ පතුරුවත්: කෙසේ නම් සවග මහණහු උවසුහට මරණයෙහි ගුණ වැණූහු ද? යි.

7. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසංඝං සන‍්නිපාතාපෙත්‍වා ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ පටිපුච‍්ඡි: “සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ උපාසකස‍්ස මරණවණ‍්ණං සංවණ‍්ණයිත්‍ථා”ති. “සච‍්චං භගවා.” විගරහි බුද‍්ධො භගවා “අනනුච‍්ඡවියං මොඝපුරිසා, අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා උපාසකස‍්ස මරණවණ‍්ණං සංවණ‍්ණිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:-

7. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ නිදානයෙහි ඒ කරුණෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා සවග මහණුන් පිළිවිසි සේක. “සැබෑ ද, මහණෙනි, තෙපි උවසුහට මරණයෙහි ගුණ වැණූහු ද” යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස.’ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: “හිස් පුරුෂයෙනි, නුසුදුස්සෙක. අනුලොම් නුවූවෙක, නොගැළ පෙන්නෙක. නොමහණකමෙක, නොකැපයෙක, නොකටයුත්තෙක. “හිස් පුරුෂයෙනි, තෙල කරුණ නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ.” ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහං ජීවිතා වොරොපෙය්‍ය සත්‍ථහාරකං වාස‍්ස පරියෙසෙය්‍ය මරණවණ‍්ණං වා සංවණ‍්ණෙය්‍ය මරණාය වා සමාදපෙය්‍ය: “අම‍්භො පුරිස කිං තුය‍්හිමිනා පාපකෙන දුජ‍්ජීවිතෙන, මතන‍්තෙ ජීවිතා සෙය්‍යො”ති ඉති චිත‍්තමනො චිත‍්තසඞ‍්කප‍්පො අනෙකපරියායෙන මරණවණ‍්ණං වා සංවණ‍්ණෙය්‍ය මරණාය වා සමාදපෙය්‍ය, අයම‍්පි පාරාජිකො හොති අසංවාසො”ති.

“යම් මහණෙක් දැන දැන මිනිස්සිරුර දිවියෙන් තොර කෙරේද, දිවි හරණ අවියක් උහු වෙත එළවා තබන්නේ ද, මරණයෙහි ගුණ හෝ කියන්නේ ද, මරණය පිණිස උපාය උගන්වන්නේ ද, ‘එම්බා පුරුෂය, තාගේ ලාමක වූ මේ දුඃඛජීවිතයෙන් කිම? තාගේ ජීවත්වීමට වඩා මරණය උතුමි’ යි මෙබඳු මරණ සිත් ඇත්තේ මෙබඳු මරණ සංකල්පනා ඇත්තේ නොයෙක් අයුරින් මරණයෙහි ගුණ හෝ වණා ද, මරණය පිණිස උපාය උගන්වා ද, මේ මහණ තෙමේ ද පැරදුනේ වෙයි, සංවාසයට නුසුදුසු වෙයි.”

[දුතියපඤ‍්ඤත‍්ති.]

[දෙවන පැණවීමයි.]

8. යො පනාති - යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

8. යො පන යි යම්බඳු වූ යමෙක් ... භික්ඛු යි ... (ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසපන් වූයේ ද,) මේ තෙමේ මේ කරුණෙහි භික්ඛු යයි අදහස් කරන ලදි.

සඤ‍්චිච‍්චාති - ජානන‍්තො සංජානන‍්තො චෙච‍්ච අභිවිතරිත්‍වා වීතික‍්කමො.

සඤ්චිච්ච යි ප්‍රාණියෙකැ යි දන්නේ, දිවියෙන් තොර කරමි යී දන්නේ, වධයට සිතා, නිසැකසිත මෙහෙයවා, ව්‍යතික්‍රම (ක්‍රියාවෙහි යෙදීම) කරන්නේ ය.

මනුස‍්සවිග‍්ගහො නාම: යං මාතුකුච‍්ඡිස‍්මිං පඨමං චිත‍්තං උප‍්පන‍්නං පඨමං විඤ‍්ඤාණං පාතුභූතං, යාව මරණකාලා එත්‍ථන‍්තරෙ එසො මනුස‍්සවිග‍්ගහො නාම.

මනුස්සවිග්ගහ නම්: මවුකුසෙහි දී පළමු යම් සිතක් උපන්නේ ද, ප්‍රථම විඥානය පහළ වී ද, මරණය දක්වා මේ අතරෙහි පැවති මේ තෙමේ මනුස්සවිග්ගහ නමි.

ජීවිතා වොරොපෙය්‍යාති - ජීවිතින්‍ද්‍රියං උපච‍්ඡින්‍දති උපරොධෙති සන‍්තතිං විකොපෙති.

ජිවිතා වෝරෝපෙය්‍ය යි රූපාරූප ජීවිතේන්‍ද්‍රිය සිඳියි. වළක්වයි. සන්තතිය වෙන් කරයි.

සත්‍ථහාරකං වාස‍්ස පරියෙසෙය්‍යාති - අසිං වා සත‍්තිං වා භෙණ‍්ඩිං වා ලගුළං වා පාසාණං වා සත්‍ථං වා විසං වා රජ‍්ජුං වා.

සන්‍ථහාරකං වාස්ස පරියෙසෙය්‍ය යි කඩුවක් හෝ අඩයටියක් හෝ හෙල්ලක් හෝ මුගුරක් හෝ පහණක් හෝ සැතක් හෝ වස හෝ රැහැනක් හෝ ඔහු ලඟ තබන්නේ ය.

මරණවණ‍්ණං වා සංවණ‍්ණෙය්‍යාති - ජීවිතෙ ආදීනවං දස‍්සෙති, මරණෙ වණ‍්ණං භණති.

මරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය යි දිවියෙහි දොස් දක්වයි. මරණයෙහි ගුණ කියයි.

මරණාය වා සමාදපෙය්‍යාති - සත්‍ථං වා ආහර, විසං වා ඛාද, රජ‍්ජුයා වා උබ‍්බන්‍ධිත්‍වා කාලං කරොහීති.

මරණාය වා සමාදපෙය්‍ය යි ශස්ත්‍රයක් හෝ ගණුව, වස හෝ අනුභව කරව, වැලකින් හෝ එල්ලී කලුරිය කරව යි උපාය ගන්වන්නේ ය.

අම‍්භො පුරිසාති - ආලපනාධිවචනමෙතං අම‍්භො පුරිසාති.

අම්හො පුරිස යි මෙය ආමන්ත්‍රණ පදයකි.

කිං තුය‍්හිමිනා පාපකෙන දුජ‍්ජීවිතෙනාති - පාපකං නාම ජීවිතං: අඩ‍්ඪානං ජීවිතං උපාදාය දළිද‍්දානං ජීවිතං පාපකං, සධනානං ජීවිතං උපාදාය අධනානං ජීවිතං පාපකං, දෙවානං ජීවිතං උපාදාය මනුස‍්සානං ජීවිතං පාපකං. දුජ‍්ජීවිතං නාම: හත්‍ථච‍්ඡින‍්නස‍්ස පාදච‍්ඡින‍්නස‍්ස හත්‍ථපාදච‍්ඡින‍්නස‍්ස කණ‍්ණච‍්ඡින‍්නස‍්ස නාසච‍්ඡින‍්නස‍්ස කණ‍්ණනාසච‍්ඡින‍්නස‍්ස. ඉමිනා ච පාපකෙන ඉමිනා ච දුජ‍්ජීවිතෙන මතන‍්තෙ ජීවිතා සෙය්‍යොති.

කිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීතෙන යි ලාමකජීවිතය නම් ආඪ්‍යයන්ගේ ජීවිතය නිසා දිළින්දන්ගේ ජීවිතය ලාමක ය. ධනවතුන්ගේ ජීවිතය නිසා ධන හීනයන්ගේ ජීවිතය ලාමක ය. දෙවියන්ගේ ජීවිතය නිසා මිනිසුන්ගේ ජීවිතය ලාමක ය. අත් සිඳුනහුගේ, පා සිඳුනහුගේ, අත් පා සිඳුනහුගේ, කන් සිඳුනහුගේ, නැහැය සිඳුනහුගේ, කන්නාසා සිඳුනහුගේ (දිවිය) දුජ්ජීවිත නමි. මේ ලාමක ජීවිතයෙන්, මේ දුක්ඛජීවිතයෙන් ජීවත් වීමට වඩා තාගේ මරණය උතුමි.

ඉති චිත‍්තමනොති - යඤ‍්චිත‍්තං තං මනො, යං මනො තං චිත‍්තං.

ඉතිචිත්තමනෝ යි යමක් සිතා ද, ඒ මන නමි. යමක් මන ද, එය සිත නමි.

චිත‍්තසඞ‍්කප‍්පොති - මරණසඤ‍්ඤී මරණචෙතනො මරණාධිප‍්පායො.

චිත්තසඞ්කප්පො යි මරණසංඥා ඇත්තේ, මරණචේතනා ඇත්තේ, මරණ අදහස් ඇත්තේ ය.

අනෙකපරියායෙනාති - උච‍්චාවචෙහි ආකාරෙහි.

අනෙකපරියායෙන යි නොයෙක් අයුරෙන්ය.

මරණවණ‍්ණං වා සංවණ‍්ණෙය්‍යාති - ජීවිතෙ ආදීනවං දස‍්සෙති, මරණෙ වණ‍්ණං භණති: – ‘ඉතො ත්‍වං කාලකතො කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපජ‍්ජිස‍්සසි. තත්‍ථ දිබ‍්බෙහි පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචාරෙස‍්සසී”ති.

මරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය යි දිවියෙහි දොස් දක්වයි. මරණයෙහි ගුණ කියයි: මෙයින් තෝ කලුරිය කෙළෙහි කාබුන් මරණින් මතු සුගති නම්වූ දෙව්ලොවට පැමිණෙන්නෙහි ය. එහිදී දිවපස්කම් ගුණයන්ගෙන් සමෘද්ධ වූයේ, යුක්ත වූයේ අභිරමණය කරන්නෙහි ය.

මරණාය වා සමාදපෙය්‍යාති - සත්‍ථං වා ආහර, විසං වා ඛාද, රජ‍්ජුයා වා උබ‍්බන්‍ධිත්‍වා කාලං කරොහි, සොබ‍්භෙ වා නරකෙ වා පපාතෙ වා පපතා’ති.

මරණාය වා සමාදපෙය්‍ය යි සැතක් හෝ ගණුව, වසක් හෝ කව, රැහැනකින් හෝ එල්බී කලුරිය කරව, හෙබක හෝ නරාවළෙක හෝ ප්‍රපාතයක හෝ වැටෙව.

අයම‍්පීති - පුරිමෙ උපාදාය වුච‍්චති.

අයම්පි යි පළමු මෙවුන්දම් සෙවීමෙන් පරිජි අවන් පුඟුලා සලකාගෙණ කියනු ලැබේ.

පාරාජිකො හොතීති - සෙය්‍යථාපි නාම පුථුසිලා ද‍්වෙධා අප‍්පටිසන්‍ධිකා හොති, එවමෙව භික‍්ඛු සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහං ජීවිතා වොරොපෙත්‍වා අස‍්සමණො හොති අසක්‍යපුත‍්තියො. තෙන වුච‍්චති පාරාජිකො හොතීති.

පාරාජිකො හොති යි දෙබෑවූ මහගලක් යම් සේ සන්‍ධි කට නො හැකිවේ ද, එපරිද්දෙන් ම මහණ තෙමේ දැන දැන මිනිස්සිරුර දිවියෙන් තොර කොට නොමහණෙක් වෙයි. අශාක්‍යපුත්‍රීයයෙක් වෙයි. එහෙයින් පරිජි අවන්නේ වේ යයි කියනු ලැබේ.

අසංවාසොති - සංවාසො නාම: එකං කම‍්මං එකුද‍්දෙසො සමසික‍්ඛතා, එසො සංවාසො නාම. සො තෙන සද‍්ධිං නත්‍ථි තෙන වුච‍්චති අසංවාසො’ති.

අසංවාසො යි එකට කර්‍ම කිරීමය, එකට උදෙසීමය, සම වූ ශික්‍ෂා ඇති බවය යන මෙය සංවාස නමි. ඔහු හා ඒ සංවාසය නැත. එහෙයින් අසංවාස යයි කියනු ලැබේ.

[නයමාතිකා]

[නයමාතෘකා]

1. සාමං අධිට‍්ඨාය, දූතෙන, දූතපරම‍්පරාය, විසක‍්කියෙන දූතෙන, ගතපච‍්චාගතෙන දූතෙන, අරහො රහොසඤ‍්ඤී, රහො අරහොසඤ‍්ඤී, අරහො අරහොසඤ‍්ඤී, රහො රහොසඤ‍්ඤී, කායෙන සංවණ‍්ණෙති, වාචාය සංවණ‍්ණෙති, කායෙන වාචාය සංවණ‍්ණෙති, දූතෙන සංවණ‍්ණෙති, ලෙඛාය සංවණ‍්ණෙති, ඔපාතං, අපස‍්සෙනං, උපනික‍්ඛිපනං, භෙසජ‍්ජං, රූපූපහාරො, සද‍්දූපහාරො, ගන්‍ධූපහාරො, රසූපහාරො, ඵොට‍්ඨබ‍්බූපහාරො, ධම‍්මූපහාරො, ආචික‍්ඛනා, අනුසාසනී, සංකෙතකම‍්මං, නිමිත‍්තකම‍්මන‍්ති.

1. තෙමේ ම ඉටා දූතයකු ලවා හෝ, දූතපරපුරෙන් හෝ, වරදවා කියන දූතයෙකු ලවා හෝ, ගොස් පෙරළා පැමිණි දූතයෙකු ලවා හෝ, නොරහස රහස් යයි හැඟීම් ඇත්තේ හෝ, රහස නො රහස් යයි හැඟීම් ඇත්තේ හෝ නොරහස් නොරහස් යයි හැඟීම් ඇත්තේ හෝ, රහස රහස යයි හැඟීම් ඇත්තේ හෝ, කයින් අඟවයි. වදනින් කියයි. කයින් හා වදනින් අඟවයි. දුතයෙකු ලවා අරොජයි. ලිපියකින් අඟවයි. මරුවළ, වැතිර ගන්නා පුවරුව, ලඟ තබන අවිය, විස බෙහෙත, බිහිසුණු රුව එළවීම, බිහිසුහුණු හඬ එළවීම, දරුණු දුගඳ එළවීම, පිළිකුල් රස එළවීම, කැකුළු පහස එළවීම, බියකරු බණ එළවීම, ඔත්තු කීම, අනුසස් කීම, සලකුණු කිරීම, නිමිති කම් ය.

2. සාමන‍්ති - සයං හන‍්ති කායෙන වා කායපටිබද‍්ධෙන වා නිස‍්සග‍්ගියෙන වා.

2. සාමං යි කයින් හෝ කා පිළිබඳ දෙයකින් හෝ දමා ලූ දෙයකින් හෝ තෙමේ මරයි.

3. අධිට‍්ඨායාති - අධිට‍්ඨහිත්‍වා ආණාපෙති: “එවං විජ‍්ඣ, එවං පහර, එවං ඝාතෙහී”ති.

3. අධිට්ඨාය යි සමීපයෙහි සිට “මෙසේ විදුව, මෙසේ පහර දෙව, මෙසේ නසව” යි අණ කෙරෙයි.

4. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති: “ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො තං මඤ‍්ඤමානො තං ජීවිතා වොරොපෙති, ආපත‍්ති උභින‍්නං පාරාජිකස‍්ස.

4. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණවා නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ ඔහු යයි හඟිමින් උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාටම පරිජිඇවැත් වේ.

5. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති “ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො තං මඤ‍්ඤමානො අඤ‍්ඤං ජීවිතා වොරොපෙති, මූලට‍්ඨස‍්ස අනාපත‍්ති. වධකස‍්ස ආපත‍්ති පාරාජිකස‍්ස.

5. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වේ. හෙතෙමේ ඔහු යයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. වධක මහණහට පිරිජිඇවැත් වේ.

6. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති: “ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො අඤ‍්ඤං මඤ‍්ඤමානො තං ජීවිතා වොරොපෙති, ආපත‍්ති උභින‍්නං පාරාජිකස‍්ස.

6. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකෙකැයි හඟිමින් උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාට ම පරිජිඇවැත් වේ.

7. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති: “ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො අඤ‍්ඤං මඤ‍්ඤමානො අඤ‍්ඤං ජීවිතා වොරොපෙති, මූලට‍්ඨස‍්ස අනාපත‍්ති; වධකස‍්ස ආපත‍්ති පාරාජිකස‍්ස.

7. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වේ. හෙතෙමේ අනෙකෙකැයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙරේ නම් මූලිකයාට ඇවැත් නො වේ. වධක මහණහට පරිජිඇවැත් වේ.

8. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති: “ඉත්‍ථන‍්නාමස‍්ස පාවද: ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමස‍්ස පාවදතු: ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙතූ”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො ඉතරස‍්ස ආරොචෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. වධකො පතිගණ‍්හාති, මූලට‍්ඨස‍්ස ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. සො තං ජීවිතා වොරොපෙති, ආපත‍්ති සබ‍්බෙසං පාරාජිකස‍්ස.

8. මහණෙක් මහණකුට “මෙනම් ඇත්හුට කියව: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියවා: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකාහට කියා නම් දුකුළාඇවැත් වේ. වධක තෙමේ එය පිළිගණී නම් මූලික මහණහට ථුලැසිඇවැත් වේ. ඒ මහණ තෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් හැමට ම පරිජිඇවැත් වේ.

9. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති: “ඉත්‍ථන‍්නාමස‍්ස පාවද: ‘ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමස‍්ස පාවදතු: ඉත්‍ථන‍්නාමො ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙතූ”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො අඤ‍්ඤං ආණාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. වධකො පතිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො තං ජීවිතා වොරොපෙති, මූලට‍්ඨස‍්ස අනාපත‍්ති. ආණාපකස‍්ස ච වධකස‍්ස ච ආපත‍්ති පාරාජිකස‍්ස.

9. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහුට කියව: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියවා: මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අනෙකකුට අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. වධක මහණ තෙමේ පිළිගණී නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් මූලිකයාහට ඇවැත් නො වේ. අණවන්නහුට ද, වධක මහණහට ද පරිජිඇවැත් වේ.

10. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති: “ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො ගන‍්ත්‍වා පුන පච‍්චාගච‍්ඡති ‘නාහං සක‍්කොමි තං ජීවිතා වොරොපෙතු’න‍්ති. සො පුන ආණාපෙති: “යදා සක‍්කොසි තදා තං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො තං ජීවිතා වොරොපෙති, ආපත‍්ති උභින‍්නං පාරාජිකස‍්ස.

10. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළා ඇවැත් වේ. හෙතෙමේ ගොස් “උහු දිවියෙන් තොර කරන්නට මම නො සමත්මි” යි පෙරළා ඒ ද, හෙතෙමේ “යම් කලක හැකි වේ නම් එකල ඔහු දිවියෙන් තොර කරව”යි නැවත අණවා නම් දුකුළා ඇවැත් වේ. ඒ මහණ තෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාහට ම පරිජිඇවැත් වේ.

11. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති: “ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො ආණාපෙත්‍වා විප‍්පටිසාරී න සාවෙති ‘මා ඝාතෙහී’ති. සො තං ජීවිතා වොරොපෙති, ආපත‍්ති උභින‍්නං පාරාජිකස‍්ස.

11. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණ කෙරේ නම් දුකුළාඇවැත් වේ. හෙතෙමේ අණවා විපිළිසරවූයේ “නො නසව” යි නො අස්වයි ද, හෙ තෙමේ උහු දිවියෙන් තොර කෙරේ නම් දෙදෙනාට ම පරිජි ඇවැත් වේ.

12. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති: “ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; සො ‘ආණාපෙත්‍වා විප‍්පටිසාරී සාවෙති ‘මා ඝාතෙහී’ති, සො ‘ආණත‍්තො අහං තයා’ති තං ජීවිතා වොරොපෙති, මූලට‍්ඨස‍්ස අනාපත‍්ති. වධකස‍්ස ආපත‍්ති පාරාජිකස‍්ස.

12. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණවා නම් දුකුළාඇවැත් වේ. හෙ තෙමේ අණවා විපිළිසරවූයේ “නො නසව” යි අස්වා ද තෙල මහණ තෙමේ “තා විසින් මම අණ කරණු ලැබුවෙමි” යි උහු දිවියෙන් තොර කෙරේ නම් මූලික මහණහට ඇවැත් නො වේ. වධක මහණහට පරිජිඇවැත් වේ.

13. භික‍්ඛු භික‍්ඛුං ආණාපෙති: “ඉත්‍ථන‍්නාමං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සො ආණාපෙත්‍වා විප‍්පටිසාරී සාවෙති: ‘මා ඝාතෙහී’ති. සො ‘සුට‍්ඨූ’ති ඔරමති, උභින‍්නං අනාපත‍්ති.

13. මහණෙක් මහණකුට “මෙනම් ඇත්තහු දිවියෙන් තොර කරව” යි අණවා නම් දුකුළාඇවැත් වේ. හෙ තෙමේ අණවා විපිළිසර වූයේ “නො නසව” යි අස්වයි. හෙ තෙමේ මැනවයි එයින් වළකියි. දෙදෙනාට ම ඇවැත් නො වේ.

14. අරහො රහොසඤ‍්ඤී උල‍්ලපති: “අහො ඉත්‍ථන‍්නාමො හතො අස‍්සා”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. රහො අරහොසඤ‍්ඤී උල‍්ලපති: “අහො ඉත්‍ථන‍්නාමො හතො අස‍්සා”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අරහො අරහොසඤ‍්ඤී උල‍්ලපති: “අහො ඉත්‍ථන‍්නාමො හතො අස‍්සා”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. රහො රහොසඤ‍්ඤී උල‍්ලපති: “අහො ඉත්‍ථන‍්නාමො හතො අස‍්සා”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස.

14. සම්මුඛයෙහි සිටියේ ‘අසම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ නම් යෙහෙකැ’ යි කථා කෙරේ නම් දුකුළාඇවැත් වේ. අසම්මුඛයෙහි සිටියේ ‘සම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ නම් යෙහෙකැ’ යි කියා නම් දුකුළාඇවැත් වේ. සම්මුඛයෙහි වූයේ ‘සම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ යෙහෙකැ” යි කියා නම් දුකුළාඇවැත් වේ. අසම්මුඛයෙහි වූයේ ‘අසම්මුඛයෙහි ය’ යන හැඟීම් ඇත්තේ “මෙනම් තැනැත්තේ නසන ලද්දේ යෙහෙකැ” යි කියා නම් දුකුළාඇවැත් වේ.

15. කායෙන සංවණ‍්ණෙති නාම: කායෙන විකාරං කරොති: “යො එවං මරති සො ධනං වා ලභති යසං වා ලභති සග‍්ගං වා ගච‍්ඡතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තාය සංවණ‍්ණනාය මරිස‍්සාමීති දුක‍්ඛං වෙදනං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

15. කායේන සංවණ්ණෙති නම් යමෙක් මෙසේ මැරේ ද, හේ තෙමේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේ යයි කයින් සංඥා කෙරේ නම් දුකුළාඇවැත් වේ. ඒ කායසංවර්‍ණනාව හේතු කොට ගෙණ ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවා නම් ථුලැසිඇවැත් වේ. මැරේ නම් පරිජිඇවැත් වේ.

16. වාචාය සංවණ‍්ණෙති නාම: වාචාය භණති: “යො එවං මරති සො ධනං වා ලභති යසං වා ලභති සග‍්ගං වා ගච‍්ඡතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තාය සංවණ‍්ණනාය, මරිස‍්සාමී’ති දුක‍්ඛං වෙදනං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

16. වාචාය සංවණ්ණෙති නම් යමෙක් මෙසේ මැරේ ද, හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේයයි වචනයෙන් කියා නම් දුකුළාඇවැත් වේ. ඒ වැණීමෙන් මැරෙන්නෙමියි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

17. කායෙන වාචාය සංවණ‍්ණෙති නාම: කායෙන ච විකාරං කරොති, වාචාය ච භණති, “යො එවං මරති. සො ධනං වා ලභති යසං වා ලභති සග‍්ගං වා ගච‍්ඡතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. තාය සංවණ‍්ණනාය “මරිස‍්සාමී”ති දුක‍්ඛං වෙදනං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

17. කායේන වාචාය සංවණ්ණෙති නම් “යමෙක් මෙසේ මැරේද, හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේ ය”යි කයින් ද හඟවයි. වචනයෙන් ද කියයි. දුකුළාඇවැත් වේ. ඒ වැණීමෙන් මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවාද ථුලැසි ඇවැත් වේ. මැරේ ද පරිජි ඇවැත් වේ.

18. දූතෙන සංවණ‍්ණෙති නාම: දූතස‍්ස සාසනං ආරොචෙති: “යො එවං මරති සො ධනං වා ලභති යසං වා ලභති සග‍්ගං වා ගච‍්ඡතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. දූතස‍්ස සාසනං සුත්‍වා ‘මරිස‍්සාමී’ති දුක‍්ඛං වෙදනං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

18. දුතෙන සංවණ්ණෙති නම් “යමෙක් මෙසේ මැරේ ද හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේය” යි දූතයකුට අස්නක් බෙණේ ද, දුකුළාඇවැත් වේ. දූතයාගේ අස්න අසා ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

19. ලෙඛාය සංවණ‍්ණෙති නාම: ලෙඛං ඡින්‍දති “යො එවං මරති සො ධනං වා ලභති යසං වා ලභති සග‍්ගං වා ගච‍්ඡතී”ති, අක‍්ඛරක‍්ඛරාය ආපත‍්ති දුක‍්කටස‍්ස; ලෙඛං පස‍්සිත්‍වා ‘මරිස‍්සාමී’ති දුක‍්ඛං වෙදනං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

19. ලේඛාය සංවණ්ණෙති නම් “යමෙක් මෙසේ මැරේ ද හේ ධනය හෝ ලබයි. කීර්‍තතිය හෝ ලබයි. ස්වර්‍ගයට හෝ යේය”යි (පොත පතක) අකුරු ලියා ද, අකුරක් පාසා දුකුළාඇවැත් වේ. ලිපිය දැක මැරෙන්නෙමි යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

20. ඔපාතං නාම: මනුස‍්සං උද‍්දිස‍්ස ඔපාතං ඛණති ‘පපතිත්‍වා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; පපතිතෙ දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස. අනොදිස‍්ස ඔපාතං ඛණති ‘යො කොචි පපතිත්‍වා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. මනුස‍්සො තස‍්මිං පපතති, ආපත‍්ති දුක‍්කටස‍්ස; පපතිතෙ දුක‍්ඛා වෙදනා උප‍්පජති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස. යක‍්ඛො වා පෙතො වා තිරච‍්ඡානගතමනුස‍්සවිග‍්ගහො වා තස‍්මිං පපතති, ආපත‍්ති දුක‍්කටස‍්ස. පපතිතෙ දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජති, ආපත‍්ති දුක‍්කටස‍්ස; මරති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. තිරච‍්ඡානගතො තස‍්මිං පපතති, ආපත‍්ති දුක‍්කටස‍්ස; පපතිතෙ දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජති, ආපත‍්ති දුක‍්කටස‍්ස. මරති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

20. ඕපාත නම් “වැටී මැරෙන්නේය” යි මිනිසකු උදෙසා වළක් කනී නම් දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. “යම් කිසිවෙක් වැටී මැරෙන්නේය” යි (කෙනකුන්) නො උදෙසා වළක් කනී ද දුකුළාඇවැත් වේ. මිනිසෙක් එහි වැටේ ද දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. යකෙක් හෝ ප්‍රේතයෙක් හෝ තිරිසන්වෙස් හෝ මිනිස් වෙස් ගත්තෙක් (යකෙක් හෝ ප්‍රේතයෙක්) හෝ එහි වැටේ ද, දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද දුකුළාඇවැත් වේ. මැරේ ද ථුලැසිඇවැත් වේ. තිරිසනෙක් එහි වැටේ ද දුකුළාඇවැත් වේ. වැටුනු කල්හි දුක් වේදනා උපදී ද දුකුළාඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

21. අපස‍්සෙනං නාම: අපස‍්සෙනෙ සත්‍ථං වා ඨපෙති, විසෙන වා මක‍්ඛෙති දුබ‍්බලං වා කරොති, සොබ‍්භෙ වා නරකෙ වා පපාතෙ වා ඨපෙති ‘පපතිත්‍වා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සත්‍ථෙන වා විසෙන වා පපතිතෙන වා දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

21. අපස්සේන නම් ආලම්බන පුවරුවෙහි සැතක් හෝ තබා ද, විස හෝ ගල්වා ද දුර්‍වල හෝ කෙරේ ද, හෙබක හෝ නරාවළක හෝ ප්‍රපාතයක ‘හෝ වැටී මැරෙන්නේය’ යි (ආලම්බනඵලකය) තබා ද, දුකුළාඇවැත් වේ. සැත කරණකොටගෙණ හෝ විස කරණකොටගෙණ හෝ වැටීමෙන් හෝ දුක් වේදනා උපදී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

22. උපනික‍්ඛිපනං නාම: අසිං වා සත‍්තිං වා භෙණ‍්ඩිං වා ලගුළං වා පාසාණං වා සත්‍ථං වා විසං වා රජ‍්ජුං වා උපනික‍්ඛිපති ‘ඉමිනා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තෙන මරිස‍්සාමීති දුක‍්ඛං වෙදනං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

22. උපනික්ඛිපන නම් “මෙයින් මැරෙන්නේ ය”යි කඩුවක් හෝ අඩයටියක් හෝ හෙල්ලක් හෝ මුගුරක් හෝ ගලක් හෝ සැතක් හෝ විසක් හෝ රැහැනක් හෝ ලඟ තබා ද දුකුළාඇවැත් වේ. එයින් මැරෙන්නෙමි’යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

23. භෙසජ‍්ජං නාම: සප‍්පිං වා නවනීතං වා තෙලං වා මධුං වා ඵාණිතං වා දෙති ‘ඉමං සායිත්‍වා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං සායිතෙ දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

23. භේසජ්ජ නම් “මෙය ලෙව මැරෙන්නේය” යි ගිතෙල් හෝ වෙඬරු හෝ තලතෙල් හෝ මී හෝ පැණි හෝ දේ ද, දුකුළාඇවැත් වේ. එය ලෙවි කල්හි ඔහුට දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

24. රූපූපහාරො නාම: අමනාපිකං රූපං උපසංහරති භයානකං භෙරවං “ඉමං පස‍්සිත්‍වා උත‍්තසිත්‍වා මරිස‍්සතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං පස‍්සිත්‍වා උත‍්තසති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස. මනාපිකං රූපං උපසංහරති ඉමං පස‍්සිත්‍වා අලාභකෙන සුස‍්සිත්‍වා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං පස‍්සිත්‍වා අලාභකෙන සුස‍්සති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

24. රුපූපහාර නම් “මෙය දැක තැති ගෙණ මැරෙන්නේය” යි භයජනක බියපත් කරවන, නො මනා රුවක් ලඟ තබා ද, දුකුළාඇවැත් වේ. එය දැක තැති ගණී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය දැක නො ලැබීමෙන් වියලී මැරෙන්නේය’යි මනා රුවක් ලඟ තබා ද දුකුළාඇවැත් වේ. එය දැක නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

25. සද‍්දූපහාරො නාම: අමනාපිකං සද‍්දං උපසංහරති භයානකං භෙරවං ‘ඉමං සුත්‍වා උත‍්තසිත්‍වා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං සුත්‍වා උත‍්තසති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස. මනාපිකං සද‍්දං උපසංහරති පෙමනීයං හදයඞ‍්ගමං ‘ඉමං සුත්‍වා අලාභකෙන සුස‍්සිත්‍වා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං සුත්‍වා අලාභකෙන සුස‍්සති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

25. සද්දූපහාර නම් ‘මෙය අසා තැති ගෙන මැරෙන්නේයයි’ බියජනක, බියපත් කරවන නො මනා ශබ්දයක් ඉදිරිපත් කෙරේ ද, දුකුළාඇවැත් වේ. එය අසා තැති ගැණි ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය අසා නො ලැබීමෙන් වියලී මැරෙන්නේය’ යි ප්‍රේමයට හිත වූ ලගන්නා වූ මනාප ශබ්දයක් ඉදිරිපත් කෙරේ ද දුකුළාඇවැත් වේ. එය අසා නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

26. ගන්‍ධූපහාරො නාම: අමනාපිකං ගන්‍ධං උපසංහරති ජෙගුච‍්ඡං පාටිකුල්‍යං ‘ඉමං ඝායිත්‍වා ජෙගුච‍්ඡතා පාටිකුල්‍යතා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං ඝායිතෙ ජෙගුච‍්ඡතා පාටිකුල්‍යතා දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස. මනාපිකං ගන්‍ධං උපසංහරති ‘ඉමං ඝායිත්‍වා අලාභකෙන සුස‍්සිත්‍වා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං ඝායිත්‍වා අලාභකෙන සුස‍්සති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

26. ගන්‍ධූපහාර නම් ‘මෙය සිඹ ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් මැරෙන්නේය’ යි ජුගුප්සා කටයුතු පිළිකුල් කටයුතු නො මනා ගඳක් එළවා ද දුකුළාඇවැත් වේ. එය සිඹි කල්හි ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් දුක් වේදනා උපදී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය සිඹ නො ලැබීමෙන් වියලී මැරෙන්නේය’ යි මනා සුවඳක් එළවා ද, දුකුළාඇවැත් වේ. එය සිඹ නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

27. රසූපහාරො නාම: අමනාපිකං රසං උපසංහරති ජෙගුච‍්ඡං පාටිකුල්‍යං ‘ඉමං සායිත්‍වා ජෙගුච‍්ඡතා පාටිකුල්‍යතා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං සායිතෙ ජෙගුච‍්ඡතා පාටිකුල්‍යතා දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස. මනාපිකං රසං උපසංහරති, ඉමං සායිත්‍වා අලාභකෙන සුස‍්සිත්‍වා මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං සායිත්‍වා අලාභකෙන සුස‍්සති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

27. රසූපහාර නම් ‘මෙය රස විඳ ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් මැරෙන්නේය’ යි ජුගුප්සා කටයුතු පිළිකුල් කටයුතු නො මනා රසයක් එළවා ද දුකුළාඇවැත් වේ. එය රස විඳි කල්හි ජුගුප්සා බැවින් පිළිකුල් බැවින් දුක් වේදනා උපදී ද, ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජි ඇවැත් වේ. ‘මෙය රස විඳ නො ලැබීමෙන් වියලී මැරෙන්නේ ය’ යි මනාප රසයක් එළවා තබා ද දුකුළාඇවැත් වේ. එය රස විඳ නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

28. ඵොට‍්ඨබ‍්බූපහාරො නාම: අමනාපිකං ඵොට‍්ඨබ‍්බං උපසංහරති දුක‍්ඛසම‍්ඵස‍්සං ඛරසම‍්ඵස‍්සං “ඉමිනා ඵුට‍්ඨො මරිස‍්සතී’ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තෙන ඵුට‍්ඨස‍්ස දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති; ආපත‍්ති පාරාජිකස‍්ස. මනාපිකං ඵොට‍්ඨබ‍්බං උපසංහරති සුඛසම‍්ඵස‍්සං මුදුසම‍්ඵස‍්සං “ඉමිනා ඵුට‍්ඨො අලාභකෙන සුස‍්සිත්‍වා මරිස‍්සතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. තෙන ඵුට‍්ඨො අලාභකෙන සුස‍්සති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

28. ඵොට්ඨබ්බූපහාර නම් ‘මෙයින් පහස්නා ලද්දේ මැරෙන්නේය’ යි දුක් පහස් ඇති රළු පහස් ඇති නො මනා පහස්නා දැයක් එළවා තබා ද දුකුළාඇවැත් වේ. එයින් පහස්නා ලද්දහුට දුක් වේදනා උපදී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙයින් පහස්නා ලද්දේ නො ලැබීමෙන් වියලී මැරෙන්නේ ය’ යි සුවපහස් ඇති මුදුපහස් ඇති මනාප වූ පහස්නා දැයක් එළවා තබා ද දුකුළාඇවැත් වේ. එයින් පහස්නා ලද්දේ නො ලැබීමෙන් වියලේ ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

29. ධම‍්මූපහාරො නාම: නෙරයිකස‍්ස නිරයකථං කථෙති “ඉමං සුත්‍වං උත‍්තසිත්‍වා මරිස‍්සතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තං සුත්‍වා උත‍්තසති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස. කල්‍යාණකම‍්මස‍්ස සග‍්ගකථං කථෙති “ඉමං සුත්‍වා අධිමුත‍්තො මරිස‍්සතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. තං සුත්‍වා අධිමුත‍්තො “මරිස‍්සාමී”ති දුක‍්ඛං වෙදනං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

29. ධම්මූපහාර නම් ‘මෙය අසා තැති ගෙණ මැරෙන්නේ ය’ යි නිරයට සුදුසුවූවකුට නිරය පිළිබඳ කථා කියා ද දුකුළාඇවැත් වේ. එය අසා තැති ගණී ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ. ‘මෙය අසා එහි ඇලුනේ මැරෙන්නේ ය’යි කලණකම් ඇත්තහුට දෙව්ලෝ පිළිබඳ කථා කෙරේ ද දුකුළාඇවැත් වේ. එය අසා එහි ඇලුනේ ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවාද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

30. ආචික‍්ඛනා නාම: පුට‍්ඨො භණති එවං මරස‍්සු“යො එවං මරති, සො ධනං වා ලභති, යසං වා ලභති, සග‍්ගං වා ගච‍්ඡතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස: තාය ආචික‍්ඛනාය මරිස‍්සාමීති දුක‍්ඛං වෙදනං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

30. ආචික්ඛනා නම් විචාරණ ලද්දේ “මෙසේ මැරෙව. යමෙක් මෙසේ මැරේ නම් හේ ධනය හෝ ලබයි. යශස් හෝ ලබයි. දෙව්ලොවට හෝ යේ”යි කියා ද, දුකුළාඇවැත් වේ. ඒ සැළකිරීමෙන් ‘මැරෙන්නෙමි’ යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

31. අනුසාසනී නාම: අපුට‍්ඨො භණති එවං මරස‍්සු. “යො එවං මරති, සො ධනං වා ලභති යසං වා ලභති, සග‍්ගං වා ගච‍්ඡතී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. තාය අනුසාසනියා “මරිස‍්සාමී”ති දුක‍්ඛං වෙදනං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස; මරති, ආපත‍්ති පාරාජිකස‍්ස.

31. අනුසාසනී නම් නොවිචාරණ ලද්දේ “මෙසේ මැරෙව. යමෙක් මෙසේ මැරේද, හේ ධනය හෝ ලබයි. යශස් හෝ ලබයි. ස්වර්‍ග යට හෝ යේ ය”යි කියා ද දුකුළාඇවැත් වේ. ඒ අනුශාසනාවෙන් ‘මැරෙන්නෙමි’යි දුක් වේදනා උපදවා ද ථුලැසිඇවැත් වේ. මැරේ ද පරිජිඇවැත් වේ.

32. සඞ‍්කෙතකම‍්මං නාම: සඞ‍්කෙතං කරොති: පුරෙ භත‍්තං වා පච‍්ඡාභත‍්තං වා රත‍්තිං වා දිවා වා තෙන සඞ‍්කෙතෙන තං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස. තෙන සඞ‍්කෙතෙන තං ජීවිතා වොරොපෙති, ආපත‍්ති උභින‍්නං පාරාජිකස‍්ස; තං සඞ‍්කෙතං පුරෙ වා පච‍්ඡා වා තං ජීවිතා වොරොපෙති, මූලට‍්ඨස‍්ස අනාපත‍්ති; වධකස‍්ස ආපත‍්ති පාරාජිකස‍්ස.

32. සඞ්කේතකම්ම නම් “පෙර බත්කල හෝ පසු බත්කල හෝ රෑ හෝ දවල් හෝ ඒ සලකුණෙන් ඔහු දිවියෙන් තොර කරව” යි සලකුණක් කෙරේ ද දුකුළාඇවැත් වේ. ඒ සලකුණෙන් ඔහු තොර කෙරේ ද දෙදෙනාට ම පරිජිඇවැත් වේ. ඒ සලකුණට පෙර හෝ පසුව හෝ ඔහු දිවියෙන් තොර කෙරේ ද මූලිකයාට ඇවැත් නො වේ. මැරුවහුට පරිජිඇවැත් වේ.

33. නිමිත‍්තකම‍්මං නාම: නිමිත‍්තං කරොති “අක‍්ඛිං වා නිඛණිස‍්සාමි භමුකං වා උක‍්ඛිපිස‍්සාමි සීසං වා උක‍්ඛිපිස‍්සාමි තෙන නිමිත‍්තෙන තං ජීවිතා වොරොපෙහී”ති, ආපත‍්ති දුක‍්කටස‍්ස; තෙන නිමිත‍්තෙන තං ජීවිතා වොරොපෙති, ආපත‍්ති උභින‍්නං පාරාජිකස‍්ස; තං නිමිත‍්තං පුරෙ වා පච‍්ඡා වා ජීවිතා වොරොපෙති, මූලට‍්ඨස‍්ස අනාපත‍්ති; වධකස‍්ස ආපත‍්ති පාරාජිකස‍්ස.

33. නිමිත්තකම්ම නම් “ඇස හෝ කසන්නෙමි. බැම හෝ නගන්නෙමි. හිස හෝ ඔසවන්නෙමි. ඒ නිමිත්තෙන් ඔහු දිවියෙන් තොර කරව යි නිමිති කෙරේ ද, දුකුළාඇවැත් වේ. ඒ නිමිත්තෙන් ඔහු දිවියෙන් තොර කෙරේ ද දෙදෙනාහට ම පරිජිඇවැත් වේ. ඒ නිමිත්තට පෙර හෝ පසුව හෝ ඔහු දිවියෙන් තොර කෙරේ ද මූලිකයාට ඇවැත් නො වේ. මැරුවහුට පරිජිඇවැත් වේ.

34. අනාපත‍්ති අසඤ‍්චිච‍්ච අජානන‍්තස‍්ස න මරණාධිප‍්පායස‍්ස උම‍්මත‍්තකස‍්ස ඛිත‍්තචිත‍්තස‍්ස වෙදනට‍්ටස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

34. නො දැන මරන්නහුට ද, නොදන්නහුට ද, නොමරණ අදහස් ඇත්තහුට ද, උමතුවූවහුට ද, විසුළසිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළුනහුට ද, ආදි කර්මිකයා ද ඇවැත් නො වේ.

මනුස‍්සවිග‍්ගහපාරාජිකම‍්හි පඨමභාණවාරො නිට‍්ඨිතො.

මිනිස්විකාපරිජියෙහි පළමුවන බණවර නිමි.

විනීතවත්‍ථු.

විනිශ්චිත කථාවස්තු

උද‍්දානගාථා:

උද්දානගාථා:

සංවණ‍්ණනා නිසීදන‍්තො මුසලොදුක‍්ඛලෙන ච, බුඩ‍්ඪපබ‍්බජිතා සත‍්ත ලග‍්ගවීමංසනාවිසං.

සංවණ්ණනා, නිසීදන්ත, මුසල, උදුක්ඛල සමඟ සතරක් ද, බුඩ්ඪපබ්බජිත තුණක්දැයි සතකි. ලග්ග තුණක් ද වීමංසන විස දෙකක් දැයි වස්තු 12 ක් ද,

තයො ච වත්‍ථුකම‍්මෙහි, ඉට‍්ඨකාහිපරෙ තයො, වාසී ගොපානසී චෙව අට‍්ටකො තාරණම‍්පති.

විහාරවත්‍ථු තුණක් ද අනෙක් ඉට්ඨකවත්‍ථු තුණක් ද, වාසී, ගෝපානසී, අට්ටක, ඔතාරණ, යන වස්තූන් තුන බැගින් ද, පති දෙකක් දැයි 20 ක් ද,

සෙදං නත්‍ථු ච සම‍්බාහො නහාපනබ‍්භඤ‍්ජනෙන ච, උට‍්ඨාපෙන‍්තො නිපාතෙන‍්තො, අන‍්නපානෙන මරණං.

සෙද, නත්‍ථු, සම්බාහන, නහාපන, අබ්භඤ්ජන, උට්ඨාපන, නිපාතන, අන්නමාරණ, පානමාරණ වස්තු තුන බැගින් 27 ක් ද,

ජාරගබ‍්භො සපත‍්තී ච මාතා පුත‍්තං උභො වධි, උභො න මිය්‍යරෙ මද‍්දා තාපං වඤ‍්ඣා විජායිනී.

ජාරගබ්භ, සපතනිය සම්බන්‍ධ මවුමළ, පුතුමළ, දෙදෙනා ම මළ, දෙදෙනා ම නො මළ වස්තු සතරක් ද, මද්දාපන, තාපන වඤ්ඣා, විජායිනී වස්තු සතරක් දැයි 9 ක් ද,

පතොදං නිග‍්ගහෙ යක‍්ඛො වාළයක‍්ඛඤ‍්ච පාහිණී, තං මඤ‍්ඤමානො පහරි සග‍්ගඤ‍්ච නිරයං භණෙ.

පතෝද, නිග්ගහ, යක්ඛ වස්තු ද, වාළ යක්ඛවස්තු තුණක් ද, පාහිනි කන්තාර වස්තු සයක් ද, මඤ්ඤමාන සතරක් ද, පහාර තුණක් ද, සග්ග තුණක් ද, නිරයවණ්ණනා තුණක් දැයි 25 ක් ද,

ආලවියා තයො රුක‍්ඛා දායෙහි අපරෙ තයො, මා කිලමෙසි න තුය‍්හං තක‍්කං සොවීරකෙන චාති.

ආලවිරුක්ඛවත්‍ථු තුණක් ද දාය වත්‍ථු තුණක් ද, මා කිලමෙසි තුණක් ද, තක්ක, සොවීරක දෙක දැයි 10 ක් ද වූ විනීත වස්තු එක්සිය තුණෙකි.

1. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති, තස‍්ස භික‍්ඛූ කාරුඤ‍්ඤෙන මරණවණ‍්ණං සංවණ‍්ණෙසුං, සො භික‍්ඛු කාලමකාසි, තෙසං කුක‍්කුච‍්චං අහොසි, කච‍්චි නු ඛො මයං පාරාජිකං ආපත‍්තිං ආපන‍්නා”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “ආපත‍්තිං තුම‍්හෙ භික‍්ඛවෙ ආපන‍්නා පාරාජිකන‍්ති.” (1)

1. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. භික්‍ෂූහු ඒ මහණහට කරුණාවෙන් මරණයෙහි ගුණ වැණූහ. ඒ මහණ තෙමේ කලුරිය කෙළේ ය. “කිම අපි පරිජිඇවැත් අවන්නමෝ ද” යි ඔවුන්ට කුකුස් විය. ... ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු ය.”

2. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො පිණ‍්ඩචාරිකො භික‍්ඛු පීඨකෙ පිළොතිකාය පටිච‍්ඡන‍්නං දාරකං නිසීදන‍්තො ඔත්‍ථරිත්‍වා මාරෙසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස.” “න ච භික‍්ඛවෙ අප‍්පටිවෙක‍්ඛිත්‍වා ආසනෙ නිසීදිතබ‍්බං. යො නිසීදෙය්‍ය, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති. (2)

2. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් පුටුවක හිඳගන්නේ රෙදිකඩකින් පිළිසන් දරුවකු මැඩ ගෙණ මැරී ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, පරික්‍ෂා නො කොට අසුනෙහි නො හිඳිය යුතුයි. යමෙක් හිඳී නම් දුකුළා ඇවැත් වේ.”

3. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු භත‍්තග‍්ගෙ අන‍්තරඝරෙ ආසනං පඤ‍්ඤාපෙන‍්තො මුසලෙ උස‍්සිතෙ එකං මුසලං අග‍්ගහෙසි. දුතියො මුසලො පරිපතිත්‍වා අඤ‍්ඤතරස‍්ස දාරකස‍්ස මත්‍ථකෙ අවත්‍ථාසි. සො කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- ‘කිංචිත‍්තො ත්‍වං භික‍්ඛූති?” අසඤ‍්චිච‍්ච අහං භගවා”ති. “අනාපත‍්ති භික‍්ඛු අසඤ‍්චිච‍්චා”ති. (3)

3. එසමයෙහි එක්තරා මහණෙක් ඇතුළු ගම බොජුන්හලෙහි අසුන් පණවන්නේ මොහොල් දෙකක් ඔසවා තැබූ කල්හි එක් මොහොලක් හැර ගත්තේ ය. දෙවෙනි මොහොල පෙරළී එක්තරා දරුවකුගේ හිසමත වැටුනේ ය. ඒ දරු තෙමේ කලුරිය කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ තෝ කෙබඳු සිත් ඇත්තෙහි ද”? “භාග්‍යවතුන් වහන්ස, මම නො දැන කෙළෙමි.” මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ.

4. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු භත‍්තග‍්ගෙ අන‍්තරඝරෙ ආසනං පඤ‍්ඤාපෙන‍්තො උදුක‍්ඛලභණ‍්ඩිකං අක‍්කමිත්‍වා පවට‍්ටෙසි, අඤ‍්ඤතරං දාරකං ඔත්‍ථරිත්‍වා මාරෙසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු අසඤ‍්චිච‍්චා”ති. (4)

4. එසමයෙහි එක්තරා මහණෙක් ඇතුළුගම බොජුන් හලෙහි අසුන් පණවන්නේ වංගෙඩියක් ඇක්ම පෙරළීය. එක්තරා දරුවකු යට කොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ.

5. තෙන ඛො පන සමයෙන පිතාපුත‍්තා භික‍්ඛූසු පබ‍්බජිතා හොන‍්ති. කාලෙ ආරොචිතෙ පුත‍්තො පිතරං එතදවොච: ‘ගච‍්ඡ භන‍්තෙ සඞ‍්ඝො තං පතිමානෙතී’ති පිට‍්ඨියං ගහෙත්‍වා පනාමෙසි. සො පපතිත්‍වා කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “කිඤ‍්චිත‍්තො ත්‍වං භික‍්ඛූ”?ති “නාහං භගවා මරණාධිප‍්පායො”ති. “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (5)

5. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්‍ෂූන් කෙරෙහි මහණවූවෝ වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කී ය: ‘වහන්ස, යනු මැනවි. සඞ්ඝතෙමේ තොප අපේක්‍ෂා කෙරේ’ යි පිට ගෙණ නෙරීය. හෙතෙමේ වැටී මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද? ‘භාග්‍යවතුන් වහන්ස, මම මරණ අදහස් නැත්තෙම් වෙමි.’ මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (5)

6. තෙන ඛො පන සමයෙන පිතාපුත‍්තා භික‍්ඛූසු පබ‍්බජිතා හොන‍්ති. කාලෙ ආරොචිතෙ පුත‍්තො පිතරං එතදවොච: ‘ගච‍්ඡ භන‍්තෙ සඞ‍්ඝො තං පතිමානෙතී’ති මරණාධිප‍්පායො පිට‍්ඨියං ගහෙත්‍වා පනාමෙසි. සො පපතිත්‍වා කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජික”න‍්ති. (6)

6. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්‍ෂූන් කෙරෙහි පැවිදිවූවාහු වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කීය: ‘වහන්ස, යනු මුනවි. සඞ්ඝ තෙමේ තොප අපේක්‍ෂා කෙරේ’ යි මරණ අදහස් ඇත්තේ පිට ගෙණ නෙරීය. හෙ තෙමේ වැටී මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (6)

7. තෙන ඛො පන සමයෙන පිතාපුත‍්තා භික‍්ඛූසු පබ‍්බජිතා හොන‍්ති. කාලෙ ආරොචිතෙ පුත‍්තො පිතරං එතදවොච: ‘ගච‍්ඡ භන‍්තෙ සඞ‍්ඝො තං පතිමානෙතී’ති මරණාධිප‍්පායො පිට‍්ඨියං ගහෙත්‍වා පනාමෙසි. සො පපතිත්‍වා න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (7)

7. එසමයෙහි දෙ පුතු පිය කෙනෙක් භික්‍ෂූන් කෙරෙහි පැවිදිවූවාහු වෙත්. කල් දැන් වූ කල්හි පුත් තෙමේ පියාට මෙය කීය: ‘වහන්ස, යනු මැනවි. සඞ්ඝ තෙමේ තොප අපේක්‍ෂා කෙරේ’ යි මරණ අදහස් ඇත්තේ පිට ගෙණ නෙරීය. හෙ තෙමේ වැටී නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (7)

8. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො භුඤ‍්ජන‍්තස‍්ස මංසං කණ‍්ඨෙ විලග‍්ගං හොති. අඤ‍්ඤතරො භික‍්ඛු තස‍්ස භික‍්ඛුනො ගීවායං පහාරං අදාසි. සලොහිතං මංසං පති. සො භික‍්ඛු කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (8)

8. එසමයෙහි එක්තරා බුදින මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ කලුරිය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (8)

9. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො භුඤ‍්ජන‍්තස‍්ස මංසං කණ‍්ඨෙ විලග‍්ගං හොති. අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො තස‍්ස භික‍්ඛුනො ගීවායං පහාරං අදාසි. සලොහිතං මංසං පති. සො භික‍්ඛු කාලමකාසි . තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජික”න‍්ති. (9)

9. එසමයෙහි එක්තරා බුදින මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. මැරියැටි එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ කලුරිය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (9)

10. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො භුඤ‍්ජන‍්තස‍්ස මංසං කණ‍්ඨෙ විලග‍්ගං හොති. අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො තස‍්ස භික‍්ඛුනො ගීවායං පහාරං අදාසි. සලොහිතං මංසං පති. සො භික‍්ඛු න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (10)

10. එසමයෙහි බුදින එක්තරා මහණකුගේ උගුරෙහි මස් කැබැල්ලෙක් ලැගුනේ වෙයි. මැරියැටි එක්තරා මහණෙක් ඒ මහණහුගේ ගෙලට පහරක් දුනි. ලේ මුසු මස වැටුනේ ය. ඒ මහණ නො ම මෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (10)

11. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො පිණ‍්ඩචාරිකො භික‍්ඛු විසගතං පිණ‍්ඩපාතං ලභිත්‍වා පටික‍්කමනං හරිත්‍වා භික‍්ඛූනං අග‍්ගකාරිකං අදාසි. තෙ භික‍්ඛූ කාලමකංසු. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “කිඤ‍්චිත‍්තො ත්‍වං භික‍්ඛූ”ති? “නාහං භගවා ජානාමී”ති. “අනාපත‍්ති භික‍්ඛු අජානන‍්තස‍්සා”ති. (11)

11. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් විසමුසු අහරක් ලැබ අසුන්හලට ගෙණ ගොස් භික්‍ෂූන්ට අග්‍රපිණ්ඩය දුනි. ඒ භික්‍ෂූහු මළහ. ඔහුට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?’ ‘භාග්‍යවතුන් වහන්ස, මම නො දනිමි.’ මහණ, නො දන්නහුට ඇවැත් නො වේ. (11)

12. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු වීමංසාධිප‍්පායො අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො විසං අදාසි. සො භික‍්ඛු කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “කිඤ‍්චිත‍්තො ත්‍වං භික‍්ඛූ”ති? “වීමංසාධිප‍්පායො අහං, භගවා”ති. “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (12)

12. එසමයෙහි විමැසියැටි එක්තරා මහණෙක් එක්තරා මහණකුට වස දුනි. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... ‘මහණ, තෝ කෙබඳු සිතැත්තෙහි ද?’ ‘භාග්‍යවතුන් වහන්ස, මම විමසන අදහස් ඇත්තෙමි’යී. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (12)

13. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ විහාරවත්‍ථුං කරොන‍්ති . අඤ‍්ඤතරො භික‍්ඛු හෙට‍්ඨා හුත්‍වා සිලං උච‍්චාරෙසි. උපරිමෙන භික‍්ඛුනා දුග‍්ගහිතා සිලා හෙට‍්ඨිමස‍්ස භික‍්ඛුනො මත්‍ථකෙ අවත්‍ථාසි. සො භික‍්ඛු කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ-“අනාපත‍්ති භික‍්ඛු අසඤ‍්චිච‍්චා”ති. (13)

13. එසමයෙහි අලවුරට වැසි භික්‍ෂූහු විහාරභූමියක් (ගෙපළක්) කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගලක් නැගී ය. මත්තෙහි සිටි මහණ විසින් නපුරු කොට ගත් ගල යට සිටි මහණහු හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ. (13)

14. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ විහාරවත්‍ථුං කරොන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු හෙට‍්ඨා හුත්‍වා සිලං උච‍්චාරෙසි. උපරිමො භික‍්ඛු මරණාධිප‍්පායො හෙට‍්ඨිමස‍්ස භික‍්ඛුනො මත්‍ථකෙ සිලං මුඤ‍්චි. සො භික‍්ඛු කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජික”න‍්ති. (14)

14. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු විහාර භූමියක් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගලක් එසවී ය. මත්තෙහි සිටි මැරියැටි මහණෙක් යට සිටි මහණහුගේ හිසමත ගල හෙළී ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (14)

15. තෙන -පෙ- සො භික‍්ඛු න කාලමකාසි තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති, භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (15)

15. එසමයෙහි ... ඒ මහණ නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (15)

16. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ විහාරස‍්ස කුඩ‍්ඩං උට‍්ඨාපෙන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු හෙට‍්ඨා හුත්‍වා ඉට‍්ඨකං උච‍්චාරෙසි. උපරිමෙන භික‍්ඛුනා දුග‍්ගහිතා ඉට‍්ඨකා හෙට‍්ඨිමස‍්ස භික‍්ඛුනො මත්‍ථකෙ අවත්‍ථාසි. සො භික‍්ඛු කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු අසඤ‍්චිච‍්චා”ති. (16)

16. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු විහාරයට බිතක් නංවත්. එක්තරා මහණෙක් යට සිට ගඩොලක් එසවී ය. මත්තේ සිටි මහණ විසින් නපුරු කොට ගත් ගඩොල යට සිටි මහණහු හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො දැන කළහුට ඇවැත් නො වේ. (16)

17. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ විහාරස‍්ස කුඩ‍්ඩං උට‍්ඨාපෙන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු හෙට‍්ඨා හුත්‍වා ඉට‍්ඨකං උච‍්චාරෙසි, උපරිමො භික‍්ඛු මරණාධිප‍්පායො හෙට‍්ඨිමස‍්ස භික‍්ඛුනො මත්‍ථකෙ ඉට‍්ඨකං මුඤ‍්චි. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති තෙන ඛො පන සම‍්පයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (17-18)

17. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු විහාර බිතක් නංවත්. එක්තරා මහණෙක් යට සිට ගඩොලක් එසවී ය. මත්තෙහි සිටි මැරියැටි මහණ යට සිටි මහණහු හිස මත ගඩොල හෙළී ය. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහි ය. ... එසමයෙහි] ... ඒ මහණ නොමළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (17-18)

18. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු හෙට‍්ඨා හුත්‍වා වාසිං උච‍්චාරෙසි. උපරිමෙන භික‍්ඛුනා දුග‍්ගහිතා වාසි හෙට‍්ඨිමස‍්ස භික‍්ඛුනො මත්‍ථකෙ අවත්‍ථාසි. සො භික‍්ඛු කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ-“අනාපත‍්ති භික‍්ඛු අසඤ‍්චිච‍්චා”ති. (19)

18. එසමයෙහි අලවුවැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට වෑයක් එසවී ය. මත්තෙහි සිටි මහණහු විසින් නපුරු කොට ගත් වෑය යට සිටි මහණහු හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ නො දැන කළහුට ඇවැත් නො වේ. (19)

19. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු හෙට‍්ඨා හුත්‍වා වාසිං උච‍්චාරෙසි. උපරිමො භික‍්ඛු මරණාධිප‍්පායො හෙට‍්ඨිමස‍්ස භික‍්ඛුනො මත්‍ථකෙ වාසිං මුඤ‍්චි. සො භික‍්ඛු කාලමකාසි (-පෙ- ආපන‍්නො පාරාජිකන‍්ති තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (20-21)

19. එසමයෙහි අලවුරට වැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට වෑයක් එසවී ය. මත්තෙහි සිටි මහණතෙමේ මැරියැටිවූයේ යට සිටි මහණහුගේ හිස මත වෑය හෙළී ය. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහි ය ... එසමයෙහි] ... ඒ මහණ නො මළේ ය. ... ඔහුට කුකුස් විය. මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (20-21)

20. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු හෙට‍්ඨා හුත්‍වා ගොපානසිං උච‍්චාරෙසි. උපරිමෙන භික‍්ඛුනා දුග‍්ගහිතා ගොපානසී හෙට‍්ඨිමස‍්ස භික‍්ඛුනො මත්‍ථකෙ අවත්‍ථාසි. සො භික‍්ඛු කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු අසඤ‍්චිච‍්චා”ති. (22)

20. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගොනැස්සක් එසවී ය. මත්තෙහි සිටි මහණහු විසින් නපුරු කොට ගත් ගොනැස්ස යට සිටි මහණහුගේ හිස මත වැටුනේ ය. ඒ මහණ මළේ ය. ඔහුට කුකුස් විය. ... නො දැන කළහුට ඇවැත් නො වේ. (22)

21. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු හෙට‍්ඨා හුත්‍වා ගොපානසිං උච‍්චාරෙසි, උපරිමො භික‍්ඛු මරණාධිප‍්පායො හෙට‍්ඨිමස‍්ස භික‍්ඛුනො මත්‍ථකෙ ගොපානසිං මුඤ‍්චි. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු, පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සාති”. (23-24)

21. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු නවහම් කෙරෙත්. එක්තරා මහණෙක් යට සිට ගොනැස්සක් එසවීය. මත්තෙහි සිටි මහණ තෙමේ මැරියැටි වූයේ යට සිටි මහණහුගේ හිස මත ගොනැස්ස හෙළී ය. ඒ මහණ මළේ ය. .... පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ... ඒ මහණ නො මළේ ය. එහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (23-24)

22. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්තා අට‍්ටකං බන්‍ධන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු අඤ‍්ඤතරං භික‍්ඛුං එතදවොච: “ආවුසො අත්‍රට‍්ඨිතො බන්‍ධාහී”ති. සො තත්‍රට‍්ඨිතො බන්‍ධන‍්තො පරිපතිත්‍වා කාලමකාසි . තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “කිඤ‍්චිත‍්තො ත්‍වං භික‍්ඛූ?”ති “නාහං භගවා මරණාධිප‍්පායො”ති. “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (25)

22. එසමයෙහි අලවුරට භික්‍ෂූහු නවහම් කරන්නාහු අටල්ලක් බඳිත්. එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කීය: ‘ඇවැත, මෙහි සිට බඳව’යි, හෙ තෙමේ එහි සිට බඳින්නේ පෙරළී වැටී මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ තෝ කෙබඳු සිතැත්තෙහි ද? “භාග්‍යවතුන් වහන්ස, මම මැරි යැටි නො වෙමි.” මහණ, නො මැරියැටිහුට ඇවැත් නො වේ. (25)

23. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්තා අට‍්ටකං බන්‍ධන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො අඤ‍්ඤතරං භික‍්ඛුං එතදවොච: “ආවුසො අත්‍රට‍්ඨිතො බන්‍ධාහී”ති. සො තත්‍රට‍්ඨිතො බන්‍ධන‍්තො පරිපතිත්‍වා කාලමකාසි -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති තෙන ඛො පන සමයෙන -පෙ- තත්‍රඨිතො) පරිපතිත්‍වා න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (26-27)

23. එසමයෙහි අලවුවැසි භික්‍ෂූහු නවහම් කරන්නාහු අටල්ලක් බඳිත්. එක්තරා මහණෙක් මැරියැටි වූයේ එක්තරා මහණකුට මෙය කීය. “ඇවැත, මෙහි සිට බඳව” යි, හෙ තෙමේ එහි සිට බඳින්නේ පෙරළී වැටී මළේ ය. ... පරිජිඇවැත් අවන්නෙහි ය. එසමයෙහි ... පෙරළී වැටී නො මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (26-27)

24. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු විහාරං ඡාදෙත්‍වා ඔතරති. අඤ‍්ඤතරො භික‍්ඛු තං භික‍්ඛුං එතදවොච: “ආවුසො ඉතො ඔතරාහී”ති. සො තෙන ඔතරන‍්තො පරිපතිත්‍වා කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (28)

24. එසමයෙහි එක්තරා මහණෙක් විහාරය සෙවෙනි කොට බසී. එක්තරා මහණෙක් ඒ මහණහට මෙය කීය: “ඇවත, මේ තැනින් බසිනු” යි හෙ තෙමේ එතැනින් බස්නේ පෙරළී වැටී මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (28)

25. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු විහාරං ඡාදෙත්‍වා ඔතරති . අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො තං භික‍්ඛුං එතදවොච:- “ආවුසො ඉතො ඔතරාහී”ති. සො තෙන ඔතරන‍්තො පරිපතිත්‍වා කාලමකාසි -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති තෙන ඛො පන සමයෙන -පෙ-) පරිපතිත්‍වා න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති, භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (29-30)

25. එසමයෙහි එක්තරා මහණෙක් විහාරය සෙවෙනි කොට බසී. එක්තරා මහණෙක් මැරියැටි වූයේ ඒ මහණහට මෙය කීය. “ඇවැත, මෙතැනින් බසිනු” යි හෙ තෙමේ එතැනින් බස්නේ පෙරළී වැටී මළේ ය. ... පරිජිඇවැත් අවන්නෙහි ය. එසමයෙහි ... පෙරළී වැටී නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (29-30)

26. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අනභිරතියා පීළිතො ගිජ‍්ඣකූටං පබ‍්බතං අභිරුහිත්‍වා පපාතෙ පපතන‍්තො අඤ‍්ඤතරං විලීවකාරං ඔත්‍ථරිත්‍වා මාරෙසි, තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස. න ච භික‍්ඛවෙ අත‍්තානං පාතෙතබ‍්බං. යො පාතෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති. (31)

26. එසමයෙහි එක්තරා මහණෙක් සස්නෙහි උකටලී බැවින් පෙළුනේ ගිජුකුළුපව්වට නැඟී ප්‍රපාතයෙහි වැටෙන්නේ එක්තරා නලකරුවකු යට කොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. මහණෙනි, ආත්මඝාතනය නො කටයුතුයි, යමෙක් ආත්මඝාතනය කෙරේ නම් දුකුළාඇවැත් වේ. (31)

27. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ගිජ‍්ඣකූටං පබ‍්බතං අභිරුහිත්‍වා දවාය සිලං පවිජ‍්ඣිංසු. අඤ‍්ඤතරං ගොපාලකං ඔත්‍ථරිත්‍වා මාරෙසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, න ච භික‍්ඛවෙ දවාය සිලා පවිජ‍්ඣිතබ‍්බා, යො පවිජ‍්ඣෙය්‍ය ආපත‍්ති දුක‍්කටස‍්සා”ති. (32)

27. එසමයෙහි සවග මහණහු ගිජුකුළුපව්වට නැඟී කෙළි පිණිස ගලක් පෙරළූහ. ඒ ගල එක්තරා ගොපල්ලකු යට කොට මැරී ය. ඔවුන්ට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. මහණෙනි, කෙළි පිණිස ගල් නො පෙරළිය යුතුයි. යමෙක් පෙරළන්නේ නම් දුකුළාඇවැත් වේ. (32)

28. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ සෙදෙසුං. සො භික‍්ඛු කාලමකාසි තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (33)

28. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ ඩහ ගැන්වූහ. හෙ තෙමේ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (33)

29. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති . තං භික‍්ඛූ මරණාධිප‍්පායා සෙදෙසුං. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන.....) සො භික‍්ඛු න කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (34-35)

29. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ මැරියැටි වූවෝ ඩහ ගැන්වූ හ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේ ය. ඔවුනට කුකුස් විය: ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (34-35)

30. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො සීසාභිතාපො හොති. තස‍්ස භික‍්ඛූ නත්‍ථුං අදංසු. සො භික‍්ඛු කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (36)

30. එසමයෙහි එක්තරා මහණකුට හිසරුජාවක් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට නස්‍යයක් දුන්හ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, මරණ අදහස් නැත්තහුට ඇවැත් නො වේ. (36)

31. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස භික‍්ඛුනො සීසාභිතාපො හොති. තස‍්ස භික‍්ඛූ මරණාධිප‍්පායා නත්‍ථුං අදංසු. සො භික‍්ඛු කාලමකාසි. -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (37-38)

31. එසමයෙහි එක්තරා මහණකුට හිසරුජාවක් වෙයි. භික්‍ෂූහු මැරියටිවූවෝ ඒ මහණහට නස්‍යයක් දුන්හ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නොමළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (37-38)

32. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ සම‍්බාහෙසුං. සො භික‍්ඛු කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (39)

32. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ සම්බාහනය (=ඇඟ පිරිමැදීම) කළහ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නොමැරියැටි වූවහුට ඇවැත් නො වේ. (39)

33. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ මරණාධිප‍්පායා සම‍්බාහෙසුං. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (40-41)

33. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ මැරියැටි වූවෝ සම්බාහනය කළාහු ය. ඒ මහණ මළේ ය. [පරිජි ඇවැත් අවන්නහු ය. එසමයෙහි ...] ඒ මහණ නොමළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (40-41)

34. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ නහාපෙසුං. සො භික‍්ඛු කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (42)

34. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ නැහැවූ හ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (42)

35. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ මරණාධිප‍්පායා නහාපෙසුං. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (43-44)

35. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ නැහැවූ හ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (43-44)

36. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ තෙලෙන අබ‍්භඤ‍්ජිංසු. සො භික‍්ඛු කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (45)

36. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි, භික්‍ෂූහු ඒ මහණ වෙර තෙල් ගැල් වූ හ. ඒ මහණ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (45)

37. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ මරණාධිප‍්පායා තෙලෙන අබ‍්භඤ‍්ජිංසු. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (46-47)

37. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ වෙර තෙල් ගැල්වූහ. ඒ මහණ මළේය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (46-47)

38. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ උට‍්ඨාපෙසුං. සො භික‍්ඛු කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (48)

38. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ නැගිටවූහ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (48)

39. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ මරණාධිප‍්පායා උට‍්ඨාපෙසුං, සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (49-50)

39. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ නැගිට වූහ. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (49-50)

40. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ නිපාතෙසුං. සො භික‍්ඛු කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (51)

40. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණ බිම හෙළූහ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නොමැරියැටියහුට ඇවැත් නො වේ. (51)

41. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තං භික‍්ඛූ මරණාධිප‍්පායා නිපාතෙසුං. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (52-53)

41. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණ බිම හෙළූහ. ඒ මහණ මළේය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නොමළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (52-53)

42. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තස‍්ස භික‍්ඛූ අන‍්නං අදංසු. සො භික‍්ඛු කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (54)

42. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට බත් දුන්හ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (54)

43. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තස‍්ස භික‍්ඛූ මරණාධිප‍්පායා අන‍්නං අදංසු. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (55-56)

43. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියැටි වූවෝ ඒ මහණහට බත් දුන්හ. ඒ මහණ මළේය. ... [පරිජි ඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නොමළේය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (55-56)

44. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති. තස‍්ස භික‍්ඛූ පානං අදංසු. සො භික‍්ඛු කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (57)

44. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු ඒ මහණහට පැන් දුන්හ. ඒ මහණ මළේය. ඔවුනට කුකුස් වීය. ... මහණෙනි, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (57)

45. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති, තස‍්ස භික‍්ඛූ මරණාධිප‍්පායා පානං අදංසු. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (58-59)

45. එසමයෙහි එක්තරා මහණෙක් ගිලන් වෙයි. භික්‍ෂූහු මැරියටී වූවෝ ඒ මහණහට පැන් දුන්හ. ඒ මහණ මළේ ය. ... [පරිජිඇවැත් අවන්නහුය. එසමයෙහි ...] ඒ මහණ නො මළේය. ඔවුනට කුකුස් වීය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (58-59)

46. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා ඉත්‍ථි පවුත්‍ථපතිකා ජාරෙන ගබ‍්භිනී හොති. සා කුලූපගං භික‍්ඛුං එතදවොච:- “ඉඞ‍්ඝය්‍ය ගබ‍්භපාතනං ජානාහී”ති. “සුට‍්ඨු භගිනී”ති තස‍්සා ගබ‍්භපාතනං අදාසි. දාරකො කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජික”න‍්ති. (60)

46. එසමයෙහි විරහිණී වූ එක්තරා ස්ත්‍රියක් සොර සැමියකු නිසා ගැබිනී වෙයි. ඕ තොමෝ කුලුපග මහණහට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව.” “යහපත නැගණිය”යී ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. දරුවා මළේය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (60)

47. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස පුරිසස‍්ස ද‍්වෙ පජාපතියො හොන‍්ති එකා වඤ‍්ඣා, එකා විජායිනී. වඤ‍්ඣා ඉත්‍ථී කුලූපගං භික‍්ඛුං එතදවොච:- “සචෙ සා භන‍්තෙ විජායිස‍්සති සබ‍්බස‍්ස කුටුම‍්බස‍්ස ඉස‍්සරා භවිස‍්සති. ඉඞ‍්ඝය්‍ය තස‍්සා ගබ‍්භපාතනං ජානාහී”ති . “සුට‍්ඨු භගිනී”ති තස‍්සා ගබ‍්භපාතනං අදාසි. දාරකො කාලමකාසි, මාතා න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජික”න‍්ති. (61)

47. එසමයෙහි එක්තරා පුරුෂයකුට භාර්‍ය්‍යාවෝ දෙදෙනෙක් වෙත්. එකක් වඳ ය, එකක් නො වඳ ය. වඳ ගැහැණිය කුලුපග මහණකුට මෙය කීවාය. “වහන්ස, ඉදින් දරුවන් වදන්නීනම් ඕ සියලු ධනයට හිමි වන්නීය. “ආර්‍ය්‍යයන් වහන්ස, ඇයට ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව” යි. “යහපත, නැගණිය” යි ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. දරුවා මළේ ය. මවු නො මළාය. ඔහුට කුකුස් වීය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (61)

48. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස පුරිසස‍්ස ද‍්වෙ පජාපතියො හොන‍්ති එකා වඤ‍්ඣා, එකා විජායිනී. වඤ‍්ඣා ඉත්‍ථි කුලූපගං භික‍්ඛුං එතදවොච:- “සචෙ සා භන‍්තෙ විජායිස‍්සති සබ‍්බස‍්ස කුටුම‍්බස‍්ස ඉස‍්සරා භවිස‍්සති. ඉඞ‍්ඝය්‍ය තස‍්සා ගබ‍්භපාතනං ජානාහී”ති . “සුට‍්ඨු භගිනී”ති තස‍්සා ගබ‍්භපාතනං අදාසි. මාතා කාලමකාසි. දාරකො න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (62)

48. එසමයෙහි එක්තරා පුරුෂයකුට භාර්‍ය්‍යාවෝ දෙදෙනෙක් වෙත්. එකක් වඳය. එකක් නො වඳය. වඳ ගැහැණිය, කුලුපග මහණකුට මෙය කීවාය. “වහන්ස, ඉදින් ඕ වදන්නී නම් සියලු ධනයට හිමි වන්නීය. “ආර්‍ය්‍යයන් වහන්ස, ඇගේ ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව” යි. “යහපත, නැගණිය” යි ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. මවු මළා ය. දරුවා නො මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසි ඇවැත් වේ. (62)

49. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරස‍්ස පුරිසස‍්ස ද‍්වෙ පජාපතියො හොන‍්ති එකා වඤ‍්ඣා, එකා විජායිනී. වඤ‍්ඣා ඉත්‍ථී කුලූපගං භික‍්ඛුං එතදවොච:- “සචෙ සා භන‍්තෙ විජායිස‍්සති සබ‍්බස‍්ස කුටුම‍්බස‍්ස ඉස‍්සරා භවිස‍්සති. ඉඞ‍්ඝය්‍ය තස‍්සා ගබ‍්භපාතනං ජානාහී”ති . “සුට‍්ඨු භගිනී”ති තස‍්සා ගබ‍්භපාතනං අදාසි. උභො කාලමකංසු -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) උභො න කාලමකංසු. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (65)

49. එසමයෙහි එක්තරා පුරුෂයකුට අඹුවෝ දෙදෙනෙක් වෙත්. එකක් වඳ ය. එකක් නො වඳ ය. වඳ ගැහැණිය කුලුපග මහණකුට මෙය කීවාය. “වහන්ස, ඉදින් ඕ වදන්නී නම් ඕ සියලු සැපතට හිමි වන්නී ය. “ආර්‍ය්‍යයන් වහන්ස, ඇගේ ගැබ හෙළන බෙහෙතක් දනු මැනව”යි. “යහපත, නැගණිය”යි ඇයට ගැබ් හෙළන බෙහෙතක් දුනි. දෙදෙනා ම මළාහුය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] දෙදෙනාම නො මළාහුය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (63-64)

50. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා ගබ‍්භිනී ඉත්‍ථී කුලූපගං භික‍්ඛුං එතදවොච:- “ඉඞ‍්ඝය්‍ය ගබ‍්භපාතනං ජානාහී”ති. “තෙන හි භගිනි මද‍්දස‍්සූ”ති. සා මද‍්දාපෙත්‍වා ගබ‍්භං පාතෙසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජික”න‍්ති. (65)

50. එසමයෙහි එක්තරා ගැබිනි ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව”යි එසේ වී නම් නැගණිය, (කුස) මඩින්නැ”යි. ඕ කුස මැඩ ගැබ හෙළී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (65)

51. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා ගබ‍්භිනී ඉත්‍ථී කුලූපගං භික‍්ඛුං එතදවොච:- “ඉඞ‍්ඝය්‍ය ගබ‍්භපාතනං ජානාහී”ති. “තෙන හි භගිනි තාපෙහී”ති. සා තාපෙත්‍වා ගබ‍්භං පාතෙසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජික”න‍්ති. (66)

51. එසමයෙහි එක්තරා ගැබිනි ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, ගැබ් හෙළන බෙහෙතක් දනු මැනව”යි නැගණිය එසේ වී නම් කුස තවනු”යි. ඕ කුස තවා ගැබ හෙළී ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (66)

52. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා වඤ‍්ඣා ඉත්‍ථී කුලූපගං භික‍්ඛුං එතදවොච:- “ඉඞ‍්ඝය්‍ය භෙසජ‍්ජං ජානාහි යෙනාහං විජායෙය්‍ය”න‍්ති. “සුට‍්ඨු භගිනී”ති තස‍්සා භෙසජ‍්ජං අදාසි. සා කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති දුක‍්කටස‍්සා”ති. (67)

52. එසමයෙහි එක්තරා වඳ ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. “ආර්‍ය්‍යයන් වහන්ස, යම් බෙහෙතකින් මම වදම් ද එබඳු බෙහෙතක් දනු මැනව”යි. යහපත නැගණිය”යි ඇයට බෙහෙතක් දුනි. ඕ මළා ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (67)

53. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා විජායිනී ඉත්‍ථී කුලූපගං භික‍්ඛු එතදවොච:- “ඉඞ‍්ඝය්‍ය භෙසජ‍්ජං ජානාහි යෙනාහං න විජායෙය්‍ය”න‍්ති. “සුට‍්ඨු භගිනී”ති තස‍්සා භෙසජ‍්ජං අදාසි. සා කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති දුක‍්කටස‍්සා”ති. (68)

53. එසමයෙහි එක්තරා වදන ගැහැණියක් කුලුපග මහණකුට මෙය කීවාය. යම් බෙහෙතකින් මම නො වදම් ද එබඳු බෙහෙතක් දනු මැනව” යි. “යහපත නැගණිය” යි ඇයට බෙහෙතක් දුනි. ඕ මළා ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ. (68)

54. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සත‍්තරසවග‍්ගියං භික‍්ඛුං අඞ‍්ගුලිපතොදකෙන හාසෙසුං. සො භික‍්ඛු උත‍්තසන‍්තො අනස‍්සාසකො කාලමකාසි. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්සා”ති

54. එසමයෙහි සවග මහණහු සතළොස්වග මහණකු ඇගිල්ලෙන් කිති කැවීමෙන් සිනෑසූහ. ඒ මහණ අධිකව සිනාසෙන්නේ ආශ්වාසප්‍රශ්වාස රහිත වූයේ මළේ ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවත් නො වේ. (69)

55. තෙන ඛො පන සමයෙන සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ ඡබ‍්බග‍්ගියං භික‍්ඛුං කම‍්මං කරිස‍්සාමාති ඔත්‍ථරිත්‍වා මාරෙසුං. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්සා”ති, (70)

55. එසමයෙහි සතළොස් වග මහණහු සවග මහණකු “කර්‍මයක් (=දඬුවමක්) කරන්නෙමු” යි ඇක්ම මැරූහ. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජිඇවැත් නො වේ. (70)

56. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භූතවෙජ‍්ජකො භික‍්ඛු යක‍්ඛං ජීවිතා වොරොපෙසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (71)

56. එසමයෙහි එක්තරා භූතවෛද්‍ය මහණෙක් යක්‍ෂයකු දිවියෙන් තොර කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (71)

57. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අඤ‍්ඤතරං භික‍්ඛුං වාළයක‍්ඛවිහාරං පාහෙසි. තං යක‍්ඛා ජීවිතා වොරොපෙසුං. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (72)

57. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකු සැඩයකුන් අරක්ගත් විහාරයකට යැවී ය. යක්‍ෂයෝ ඒ මහණ දිවියෙන් තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (72)

58. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො අඤ‍්ඤතරං භික‍්ඛුං වාළයක‍්ඛවිහාරං පාහෙසි. තං යක‍්ඛා ජීවිතා වොරොපෙසුං -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) තං යක‍්ඛා ජීවිතා න වොරොපෙසුං. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (73-74)

58. එසමයෙහි එක්තරා මහණෙක් මැරියැටිවූයේ එක්තරා මහණකු සැඩ යකුන් අරග්ගත් විහාරයකට යැවී ය. යක්‍ෂයෝ ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] යක්‍ෂයෝ ඒ මහණහු දිවියෙන් නොම තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (73-74)

59. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අඤ‍්ඤතරං භික‍්ඛුං වාළකන‍්තාරං පාහෙසි. තං වාළා ජීවිතා වොරොපෙසුං. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (75)

59. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකු ව්‍යාලකාන්තාරයකට යැවීය. ව්‍යාලයෝ ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (75)

60. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො අඤ‍්ඤතරං භික‍්ඛුං වාළකන‍්තාරං පාහෙසි. තං වාළා ජීවිතා වොරොපෙසුං -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) තං වාළා ජීවිතා න වොරොපෙසුං. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (76-77)

60. එසමයෙහි එක්තරා මහණෙක් මැරියටිවූයේ එක්තරා මහණකු ව්‍යාලකාන්තාරයකට යැවී ය. ව්‍යාලයෝ ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] ව්‍යාලයෝ ඒ මහණහු දිවියෙන් නොම තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (76-77)

61. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අඤ‍්ඤතරං භික‍්ඛුං චොරකන‍්තාරං පාහෙසි. තං චොරා ජීවිතා වොරොපෙසුං. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (78)

61. එසමයෙහි එක්තරා මහණෙක් එක්තරා මහණකු සොරකතරකට යැවී ය. සොරු ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ඔහුට කුකුස් විය. ... මහණ, නොමැරියැටියහුට ඇවැත් නො වේ. (78)

62. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො අඤ‍්ඤතරං භික‍්ඛුං චොරකන‍්තාරං පාහෙසි. තං චොරා ජීවිතා වොරොපෙසුං -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) තං චොරා ජීවිතා න වොරොපෙසුං. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (79-80)

62. එසමයෙහි එක්තරා මහණෙක් මැරියටිවූයේ එක්තරා මහණකු සොරකතරකට යැවී ය. සොරු ඒ මහණහු දිවියෙන් තොර කළාහු ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] සොරු ඒ මහණහු දිවියෙන් නොම තොර කළාහු ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (79-80)

63. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු තං මඤ‍්ඤමානො තං ජීවිතා වොරොපෙසි -පෙ- තං මඤ‍්ඤමානො අඤ‍්ඤං ජීවිතා වොරොපෙසි -පෙ- අඤ‍්ඤං මඤ‍්ඤමානො තං ජීවිතා වොරොපෙසි -පෙ- අඤ‍්ඤං මඤ‍්ඤමානො අඤ‍්ඤං ජීවිතා වොරොපෙසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජික”න‍්ති. (81-84)

63. එසමයෙහි එක්තරා මහණෙක් ඔහු යැයි හඟිමින් ඔහු දිවියෙන් තොර කෙළේ ය. ... ඔහු යයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙළේය. ... අනෙකෙකැයි හඟිමින් ඔහු දිවියෙන් තොර කෙළේ ය. ... අනෙකෙකැයි හඟිමින් අනෙකකු දිවියෙන් තොර කෙළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (81-84)

64. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අමනුස‍්සෙන ගහිතො හොති. අඤ‍්ඤතරො භික‍්ඛු තස‍්ස භික‍්ඛුනො පහාරං අදාසි. සො භික‍්ඛු කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (85)

64. එසමයෙහි එක්තරා මහණෙක් අමනුෂ්‍යයකු විසින් ගන්නා ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ඒ මහණහට පහරක් දුනි. ඒ මහණ මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නොමැරියැටියහුට ඇවැත් නො වේ. (85)

65. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අමනුස‍්සෙන ගහිතො හොති. අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො තස‍්ස භික‍්ඛුනො පහාරං අදාසි. සො භික‍්ඛු කාලමකාසි -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො භික‍්ඛු න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස; ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (86-87)

65. එසමයෙහි එක්තරා මහණෙක් අමනුෂ්‍යයකු විසින් ගන්නා ලද්දේ වෙයි. එක්තරා මහණෙක් මැරියැටි වූයේ ඒ මහණහට පහරක් දුනි. ඒ මහණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] ඒ මහණ නො මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (86-87)

66. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු කල්‍යාණකම‍්මකස‍්ස සග‍්ගකථං කථෙසි. සො අධිමුත‍්තො කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (88)

66. එසමයෙහි එක්තරා මහණෙක් කලණකම් ඇත්තකුට ස්වර්‍ග කථාව කෙළේ ය. හෙතෙමේ එහි සිත් ඇලවූයේ මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (88)

67. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො කල්‍යාණකම‍්මකස‍්ස සග‍්ගකථං කථෙසි. සො අධිමුත‍්තො කාලමකාසි -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො අධිමුත‍්තො න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (89-90)

67. එසමයෙහි එක්තරා මහණෙක් මැරියැටි වූයේ කලණකම් ඇත්තකුට ස්වර්‍ගකථාව කෙළේ ය. හෙතෙමේ එහි සිත් ඇලවූයේ මළේ ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] හෙතෙමේ එහි සිත් ඇලවූයේ නො මළේ ය. ඒ මහණහට කුකුසෙක් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (89-90)

68. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු නෙරයිකස‍්ස නිරයකථං කථෙසි. සො උත‍්තසිත්‍වා කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (91)

68. එසමයෙහි එක්තරා මහණෙක් මිනිස්තිරිසනකුට නිරයකථාව කෙළේ ය. හෙ තෙමේ තැති ගෙණ මළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, නො මැරියැටියහුට ඇවැත් නො වේ. (91)

69. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො නෙරයිකස‍්ස නිරයකථං කථෙසි. සො උත‍්තසිත්‍වා කාලමකාසි -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) සො උත‍්තසිත්‍වා න කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ-“අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (92-93)

69. එසමයෙහි එක්තරා මහණෙක් මරණ රිසි ඇතියේ ආපායිකයකුට නිරයකථාව කෙළේ ය. හෙ තෙමේ තැති ගෙණ මළේ ය. ... [පරිජි ඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] හෙ තෙමේ තැති ගෙණ නොමළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (92-93)

70. තෙන ඛො පන සමයෙන ආලවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්තා රුක‍්ඛං ඡින්‍දන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු අඤ‍්ඤතරං භික‍්ඛුං එතදවොච: “ආවුසො අත්‍රට‍්ඨිතො ඡින්‍දාහී”ති. තං තත්‍රට‍්ඨිතං ඡින්‍දන‍්තං රුක‍්ඛො ඔත්‍ථරිත්‍වා මාරෙසි . තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ-“අනාපත‍්ති භික‍්ඛු න මරණාධිප‍්පායස‍්සා”ති. (94)

70. එසමයෙහි අලවුවැසි භික්‍ෂූහු නවකම් කරන්නාහු රුකක් සිඳිත්. එක්තරා මහණෙක් එක්තරා මහණකුට මෙය කීයේ ය: “ඇවැත, මෙහි සිට සිඳුව” යි, වෘක්‍ෂය තෙමේ එහි සිට සිඳින උහු යටකොට මැරී ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, නොමරණරිසි ඇතියහුට ඇවැත් නො වේ. (94)

71. තෙන ඛො පන සමයෙන ආළවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්තා රුක‍්ඛං ඡින්‍දන‍්ති. අඤ‍්ඤතරො භික‍්ඛු මරණාධිප‍්පායො අඤ‍්ඤතරං භික‍්ඛුං එතදවොච: “ආවුසො අත්‍රට‍්ඨිතො ඡින්‍දාහී”ති. තං තත්‍රට‍්ඨිතං ඡින්‍දන‍්තං රුක‍්ඛො ඔත්‍ථරිත්‍වා මාරෙසි -පෙ- (ආපන‍්නො පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) රුක‍්ඛො ඔත්‍ථරිත්‍වා න මාරෙසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (95-96)

71. එසමයෙහි අලවු වැසි භික්‍ෂූහු නවකම් කරන්නෝ රුකක් සිඳිත්. එක්තරා මහණෙක් මරණරිසි ඇතියේ එක්තරා මහණකුට මෙය කීය: “ඇවැත, මෙහි සිට සිඳුව” යි, වෘක්‍ෂය තෙමේ එහි සිට සිඳින මහණහු යට කොට මැරී ය. ... [පරිජිඇවැත් අවන්නෙහිය. එසමයෙහි ...] වෘක්‍ෂය තෙමේ යට කොට නො මැරී ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ. (95-96)

72. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දායං ආලිම‍්පෙසුං මනුස‍්සා දඩ‍්ඪා කාලමකංසු. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ න මරණාධිප‍්පායස‍්සා”ති. (97)

72. එසමයෙහි සවග මහණහු වනය ගිනි ලූහ. මිනිස්සු දැවුනාහු මළාහු ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, නො මරණ රිසි ඇතියහුට ඇවැත් නො වේ. (97)

73. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මරණාධිප‍්පායා දායං ආලිම‍්පෙසුං. මනුස‍්සා දඩ‍්ඪා කාලමකංසු -පෙ- (ආපන‍්නා පාරාජිකන‍්ති. තෙන ඛො පන සමයෙන -පෙ-) මනුස‍්සා දඩ‍්ඪා න කාලමකංසු. තෙසං කුක‍්කුච‍්චං අහොසි -පෙ- “අනාපත‍්ති භික‍්ඛවෙ පාරාජිකස‍්ස, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති. (98-99)

73. එසමයෙහි සවග මහණහු මරණ රිසි ඇත්තෝ වනය ගිනි ලූහ. මිනිස්සු දැවුනාහු මළාහු ය. ... [පරිජිඇවැත් අවන්නහුය. එසමයෙහි ...] මිනිස්සු දැවුනෝ නොමළාහු ය. ඔවුනට කුකුස් විය. ... මහණෙනි, පරිජි ඇවැත් නොවේ. ථුලැසි ඇවැත් වේ. (98-99)

74. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ආඝාතනං ගන‍්ත්‍වා චොරඝාතං එතදවොච: “ආවුසො මායිමං කිලමෙසි, එකෙන පහාරෙන ජීවිතා වොරොපෙහී”ති. ‘සුට‍්ඨු භන‍්තෙ’ති එකෙන පහාරෙන ජීවිතා වොරොපෙසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජික”න‍්ති. (100)

74. එසමයෙහි එක්තරා මහණෙක් වධකස්ථානයට ගොස් චෝර ඝාතකයාට මෙය කීය: “ඇවත, මොහු නොවෙහෙසව. එක පහරින් දිවියෙන් තොර කරව” යි. ‘වහන්ස, මැනව’ යි එක පහරින් දිවියෙන් තොර කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි ය. (100)

75. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ආඝාතනං ගන‍්ත්‍වා චොරඝාතං එතදවොච: “ආවුසො මායිමං කිලමෙසි, එකෙන පහාරෙන ජීවිතා වොරොපෙහී”ති. සො “නාහං තුය‍්හං වචනං කරිස‍්සාමී”ති ජීවිතා වොරොපෙසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- අනාපත‍්ති භික‍්ඛු පාරාජිකස‍්ස, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති. (101)

75. එසමයෙහි එක්තරා මහණෙක් වධකස්ථානයට ගොස් චෝර ඝාතකයාට මෙය කීය: “ඇවත, මොහු නො වෙහෙසව. එක පහරින් දිවියෙන් තොරකරව” යි හෙතෙමේ “මම තාගේ වචනය නහමක් කරන්නෙමි.” යි ඔහු දිවියෙන් තොර කෙළේ ය. ඔහුට කුකුස් විය. ... මහණ, පරිජි ඇවැත් නො වේ. දුකුළා ඇවැත් වේ. (101)

76. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො පුරිසො ඤාතිඝරෙ හත්‍ථපාදච‍්ඡින‍්නො ඤාතකෙහි සම‍්පරිකිණ‍්ණො හොති. අඤ‍්ඤතරො භික‍්ඛු තෙ මනුස‍්සෙ එතදවොච: “ආවුසො ඉච‍්ඡථ ඉමස‍්ස මරණ”න‍්ති. “ආම භන‍්තෙ ඉච‍්ඡාමා”ති. “තෙන හි තක‍්කං පායෙථා”ති. තෙ තං තක‍්කං පායෙසුං. සො කාලමකාසි. තස‍්ස කුක‍්කුච‍්චං අහොසි -පෙ- “ආපත‍්තිං ත්‍වං භික‍්ඛු ආපන‍්නො පාරාජිකන‍්ති. (102)

76. එසමයෙහි එක්තරා පුරුෂයෙක් තෙමේ නෑගෙයකදී සුන් අත් පා ඇතියේ නෑයන් විසින් පිරිවරණ ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ඒ මිනිසුන්ට මෙය කීය: “ඇවැත්නි, මොහුගේ මරණය කැමතිවවු ද? “වහන්ස එසේ ය. කැමැතිවෙමු” යි. “එසේ වීනම් මෝරු පොවවු” යි. ඔවුහු ඔහුට මෝරු පෙවූහ. හෙතෙමේ මළේ ය. ඒ මහණහට කුකුස් විය. ... මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහිය. (102)

77. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො පුරිසො කුලඝරෙ හත්‍ථපාදච‍්ඡින‍්නො ඤාතකෙහි සම‍්පරිකිණ‍්ණො හොති. අඤ‍්ඤතරා භික‍්ඛුනී තෙ මනුස‍්සෙ එතදවොච:- “ආවුසො ඉච‍්ඡථ ඉමස‍්ස මරණ”න‍්ති. “ආමය්‍යෙ ඉච‍්ඡාමා”ති. තෙන හි ලොණසොවීරකං පායෙථා”ති. තෙ තං ලොණසොවීරකං පායෙසුං. සො කාලමකාසි. තස‍්සා කුක‍්කුච‍්චං අහොසි. අථ ඛො සා භික‍්ඛුනී භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ- “ආපත‍්තිං සා භික‍්ඛවෙ භික‍්ඛුනී ආපන‍්නා පාරාජික”න‍්ති. (103)

77. එසමයෙහි එක්තරා පුරුෂයෙක් කුලගෙයක දී සුන් අත් පා ඇතියේ නෑයන් විසින් පිරිවරණ ලද්දේ වෙයි. එක්තරා මෙහෙණක් ඒ මිනිසුන්ට මෙය කිවුය. “ඇවැත්නි, මොහුගේ මරණය රිසිවවු ද? යී” “ආර්‍ය්‍යාවනි, එසේය. රිසියෙමු” යි කීහ. “එසේ නම් ලෝණසෝවීරකය පොවවු” යී. ඔවුහු ඒ පුරුෂයාට ලෝණසෝවීරකය පෙවූහ. හෙතෙමේ මළේ ය. ඒ මෙහෙණට කුකුස් විය. ඉක්බිති ඒ මෙහෙණ භික්‍ෂුණීන්ට මෙ පවත් සැළ කළා ය. භික්‍ෂුණීහු භික්‍ෂූන්ට මෙ පවත් සැළ කළාහු ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, ඒ මෙහෙණ පරිජි ඇවැත් අවන්නී ය.” (103)

තතියපාරාජිකං සමත‍්තං.

තෙවන පරිජිය නිමි.