පඨමපඤ්ඤත්තිනිදානවණ්ණනා අට්ඨකථා
පඨමපඤ්ඤත්තිනිදානවණ්ණනා
පඨමපඤ්ඤත්තිනිදානවණ්ණනා
තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායන්ති එත්ථ වෙසාලියන්ති එවංනාමකෙ ඉත්ථිලිඞ්ගවසෙන පවත්තවොහාරෙ නගරෙ. තඤ්හි නගරං තික්ඛත්තුං පාකාරපරික්ඛෙපවඩ්ඪනෙන විසාලීභූතත්තා “වෙසාලී”ති වුච්චති. ඉදම්පි ච නගරං සබ්බඤ්ඤුතප්පත්තෙයෙව සම්මාසම්බුද්ධෙ සබ්බාකාරෙන වෙපුල්ලං පත්තන්ති වෙදිතබ්බං. එවං ගොචරගාමං දස්සෙත්වා නිවාසට්ඨාන මාහ – “මහාවනෙ කූටාගාරසාලාය”න්ති. තත්ථ මහාවනං නාම සයංජාතං අරොපිමං සපරිච්ඡෙදං මහන්තං වනං. කපිලවත්ථුසාමන්තා පන මහාවනං හිමවන්තෙන සහ එකාබද්ධං අපරිච්ඡෙදං හුත්වා මහාසමුද්දං ආහච්ච ඨිතං. ඉදං තාදිසං න හොති, සපරිච්ඡෙදං මහන්තං වනන්ති මහාවනං. කූටාගාරසාලා පන මහාවනං නිස්සාය කතෙ ආරාමෙ කූටාගාරං අන්තො කත්වා හංසවට්ටකච්ඡදනෙන කතා සබ්බාකාරසම්පන්නා බුද්ධස්ස භගවතො ගන්ධකුටි වෙදිතබ්බා.
‘තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං’ යන මෙහි වෙසාලියං මෙසේ නම් ඇති ස්ත්‍රීලිඞ්ග වශයෙන් පැවැති ව්‍යවහාර ඇති නගරයෙහි. ඒ නගරය වනාහි තෙවරක් ප්‍රාකාර පරික්‍ෂෙපයෙන් නුවර බිම වැඩීම් හේතුවෙන් අතරතුර ගව්ව ගව්ව පමණ පුළුල් කළ බැවින් වෙසාලී යි කියනු ලැබේ. මේ නගරය ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතාවයට පැමිණි කල්හිම හැමතින් මහත්බවට පැමිණියේයයි දතයුතුය. මෙසේ ගොදුරුගම දක්වා ‘මහාවනෙ කූටාගාරසාලායං’යි නිවාස ස්ථානය දැක්වූයේය. එහි මහාවන නම් තෙමේම හටගත් අනෙකකු විසින් රෝපණය නොකළ පිරිසිඳීම් සහිත වූ මහත් වනයයි. කිඹුල්වත්පුරයට සමීප වූ මහාවනය වනාහි හිමවත සමග ඒකාබද්ධ පිරිසිඳීම් රහිතව මහාසමුද්‍රය හා හැපී සිටියේය. මේ මහාවනය එබඳු නොවේ. මෙය පිරිසිදීම් සහිත වූ මහත් වූ වනය නු යි මහාවන නම් වීය. කූටාගාරය ඇතුළත් කොට හස්මඩුලු සෙවනියෙන් කරණලද සියලු ආකාරයෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගඳකිළියයි දතයුතුය.
අනෙකපරියායෙන අසුභකථං කථෙතීති අනෙකෙහි කාරණෙහි අසුභාකාරසන්දස්සනප්පවත්තං කායවිච්ඡන්දනියකථං කථෙති. සෙය්යථිදං – “අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා…පෙ· … මුත්ත”න්ති. කිං වුත්තං හොති? භික්ඛවෙ, ඉමස්මිං බ්යාමමත්තෙ කළෙවරෙ සබ්බාකාරෙනපි විචිනන්තො න කොචි කිඤ්චි මුත්තං වා මණිං වා වෙළුරියං වා අගරුං වා චන්දනං වා කුඞ්කුමං වා කප්පූරං වා වාසචුණ්ණාදීනි වා අණුමත්තම්පි සුචිභාවං පස්සති. අථ ඛො පරමදුග්ගන්ධං ජෙගුච්ඡං අස්සිරීකදස්සනං කෙසලොමාදිනානප්පකාරං අසුචිංයෙව පස්සති. තස්මා න එත්ථ ඡන්දො වා රාගො වා කරණීයො. යෙපි හි උත්තමඞ්ගෙ සිරස්මිං ජාතා කෙසා නාම, තෙපි අසුභා චෙව අසුචිනො ච පටික්කූලා ච. සො ච නෙසං අසුභාසුචිපටික්කූලභාවො වණ්ණතොපි සණ්ඨානතොපි ගන්ධතොපි ආසයතොපි ඔකාසතොපීති පඤ්චහි කාරණෙහි වෙදිතබ්බො. එවං ලොමාදීනන්ති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.182) වුත්තනයෙන වෙදිතබ්බො. ඉති භගවා එකමෙකස්මිං කොට්ඨාසෙ පඤ්චපඤ්චප්පභෙදෙන අනෙකපරියායෙන අසුභකථං කථෙති.
‘අනෙක පරියායෙන අසුභකථං කථෙහි’ නොයෙක් කාරණයන්ගෙන් කෙශාදීන්ගේ වසයෙන් අශුභාකාරය දැක්වීම් වසයෙන් පැවැති තමන්ගේ හා අන්‍යයාගේ ද කරජකායයෙහි නො ඇලීම උපදවන කථාව වදාරණ සේක. ‘අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා -පෙ මුත්තං’යි. කුමක් කියන ලද්දේ වේද, මහණෙනි! බඹයක් පමණ වූ මේ සිරුරෙහි සියලු අයුරින් සොයන්නේ කිසිවෙක් කිසි මුතුවක් හෝ මැණිකක් හෝ වයිරෝඩියක් හෝ අඟිලක් හෝ සඳුනක් හෝ කොකුමක් හෝ කපුරක් හෝ වත්සුණු ආදියක් හෝ අණුවක් තරම් වූ පිරිසිදු බවක් නොදකීයි. එහෙත් ඉතා තද දුගඳැති පිළිකුල් කටයුතු වූ නොසිරි දැකුම් ඇති කෙස් ලොම් ආදී වූ නන් වැදෑරුම් වූ අශුචියක්ම දකියි. එහෙයින් මෙහි දුර්වල රාගයක් හෝ බලවත් රාගයක් හෝ නො කටයුතුය. හිසෙහි හටගත් කෙශයෝ වෙත්ද ඔවුහු පවා අශුභ ද වෙති. අශුචි ද වෙති. පිළිකුල් ද වෙති. ඔවුන්ගේ ඒ අශුභ අශුචි ප්රතික්කුලභාවය ද වර්ණ විසින් ද යන පස්කරුණෙන් දත යුතුය. ලොමාදීන් පිළිබඳව ද මෙසේ දතයුතුය. මෙහි මේ සංක්‍ෂෙපයයි. විස්තරය වනාහි විශුද්ධි මාර්ගයෙහි කියූ නයින්ම දතයුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එක් එක් කොටසෙහි පස් පස් අයුරකින් බෙදීමෙන් නොයෙක් කාරණයෙන් අශුභ කථාව වදාරණ සේක.
අසුභාය වණ්ණං භාසතීති උද්ධුමාතකාදිවසෙන අසුභමාතිකං නික්ඛිපිත්වා පදභාජනීයෙන තං විභජන්තො වණ්ණෙන්තො සංවණ්ණෙන්තො අසුභාය වණ්ණං භාසති. අසුභභාවනාය වණ්ණං භාසතීති යා අයං කෙසාදීසු වා උද්ධුමාතකාදීසු වා අජ්ඣත්තබහිද්ධාවත්ථූසු අසුභාකාරං ගහෙත්වා පවත්තස්ස චිත්තස්ස භාවනා වඩ්ඪනා ඵාතිකම්මං, තස්සා අසුභභාවනාය ආනිසංසං දස්සෙන්තො වණ්ණං භාසති, ගුණං පරිකිත්තෙති. සෙය්යථිදං – “අසුභභාවනාභියුත්තො, භික්ඛවෙ , භික්ඛු කෙසාදීසු වා වත්ථූසු උද්ධුමාතකාදීසු වා පඤ්චඞ්ගවිප්පහීනං පඤ්චඞ්ගසමන්නාගතං තිවිධකල්යාණං දසලක්ඛණසම්පන්නං පඨමං ඣානං පටිලභති. සො තං පඨමජ්ඣානසඞ්ඛාතං චිත්තමඤ්ජූසං නිස්සාය විපස්සනං වඩ්ඪෙත්වා උත්තමත්ථං අරහත්තං පාපුණාතී”ති.
‘අසුභාය වණ්ණං භාසති’ උද්ධුමාතකාදීන්ගේ වසයෙන් අශුභ මාතෘකා තබා පදභාජනීයයෙන් ඒ මාතෘකාව විභජනය කරණ සේක් වර්ණනා කරණ සේක් මොනවට විස්තර කරණ සේක් අශුභ කථාවෙහි වර්ණනාව කරණ සේක. ‘අසුභභාවනාය වණ්ණං භාසති’ කෙශාදීන් අතුරෙහි හෝ උද්ධුමාතකාදීන් අතුරෙහි හෝ අද්ධ්‍යාත්මික බාහිර වස්තූන් අතුරෙහි හෝ අශුභාකාරය ගෙන පැවැති සිත පිළිබඳ යම් මේ භාවනාවක් වැඩීමෙක් බහුල කිරීමෙක් වේ ද, ඒ අශුභ භාවනාවගේ අනුසස් දක්වන සේක් ‘අසුභභාවනාභියුත්තො භික්ඛවෙ භික්ඛු කෙසාදීසු වා වත්ථුසු උද්ධුමාතකාදිසු වා වත්ථුසු පඤ්චඞ්ගසමන්නාගතං තිවිධකල්යාණං දසලක්ඛණසම්පන්නං පඨමජ්ඣානං පටිලභති. සො තං පඨමජ්ඣානසඞ්ඛාතං චිත්තමඤ්ජුසං නිස්සාය විපස්සනං වඩ්ඪෙත්වා උත්තමත්ථං අරහත්තං පාපුණාති’යි ගුණය වදාරණ සේක. ගුණය කීර්තනය කරන සේක.
තත්රිමානි පඨමස්ස ඣානස්ස දස ලක්ඛණානි – පාරිපන්ථිකතො චිත්තවිසුද්ධි, මජ්ඣිමස්ස සමාධිනිමිත්තස්ස පටිපත්ති, තත්ථ චිත්තපක්ඛන්දනං, විසුද්ධස්ස චිත්තස්ස අජ්ඣුපෙක්ඛනං, සමථප්පටිපන්නස්ස අජ්ඣුපෙක්ඛනං, එකත්තුපට්ඨානස්ස අජ්ඣුපෙක්ඛනං, තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන තදුපගවීරියවාහනට්ඨෙන ආසෙවනට්ඨෙන සම්පහංසනාති.
එහි මේ දශලක්ෂණ විභාවනයෙහි ප්රථමද්ධ්යානයාගේ දශලක්ෂණයෝය:- විරුද්ධ කාරණයන්ගෙන් වෙන් වූ සිතෙහි පිරිසිදු බව, මද්ධ්‍යම වූ සමාධි නිමිත්තට පැමිණීම, එහි සිත වැදීම, පිරිසිදු සිතෙහි මැදහත් බව, බැලීම, සමථයට පැමිණියහුගේ උපෙක්ෂාව, සමථයට පිළිපන් බැවින් ක්ලෙශසංසර්ගය හැර එකත්වයෙන් වැටහුනු සමාධිහුගේ උපෙක්ෂාව, එහි උපන් ධර්මයන් නො ඉක්ම පවත්නා අර්ත්ථයෙන් ඥානයාගේ කෘත්‍යනිෂ්පත්ති වශයෙන් ශොධනය, ඉන්ද්රියයන්ගේ එක රසාර්ත්ථයෙන් එයට අනුරූප වූ වීර්‍ය්‍යය පැවැත්වීමෙන් විශොධනය, ආසෙවනාර්‍ත්‍ථයෙන් විශොධනය, යන මොවුහුයි.
තත්රායං පාළි – “පඨමස්ස ඣානස්ස කො ආදි, කිං මජ්ඣෙ, කිං පරියොසානං? පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, සම්පහංසනා පරියොසානං. පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස කති ලක්ඛණානි? ආදිස්ස තීණි ලක්ඛණානි – යො තස්ස පරිපන්ථො තතො චිත්තං විසුජ්ඣති, විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති. යඤ්ච පරිපන්ථතො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමථනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති. පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීණි ලක්ඛණානි. තෙන වුච්චති – ‘පඨමං ඣානං ආදිකල්යාණඤ්චෙව හොති තිලක්ඛණසම්පන්නඤ්ච’.
එහි මේ කල්‍යාණ ලක්ෂණයෙහි පාළියය: ‘පඨමස්ස ඣානස්ස කො ආදි, කිං භික්ඛවෙ මජ්ඣෙ, කිං පරියොසානං, පඨමස්ස ඣානස්ස පටිපදාවිසුද්ධි ආදි උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ සංපහංසනා පරියොසානං පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්ධි ආදි. ආදිස්ස කති ලක්ඛණානි, ආදිස්ස තීනි ලක්ඛණානි. යො තස්ස පරිපන්ථො තතො චිත්තං විසුජ්ඣති. විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමාධි නිමිත්තං පටිපජ්ජති, පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති, යඤ්ච පරිපන්ථතො චිත්තං විසුජ්ඣති, යඤ්ච විසුද්ධත්තා චිත්තං මජ්ඣිමං සමාධිනිමිත්තං පටිපජ්ජති, යඤ්ච පටිපන්නත්තා තත්ථ චිත්තං පක්ඛන්දති, පඨමස්ස ඣානස්ස පටිපදා විසුද්ධි ආදි, ආදිස්ස ඉමානි තීනි ලක්ඛණානි. තෙන වුච්චති පඨමජ්ඣානං ආදිකල්යාණඤ්චෙව හොති, තිලක්ඛණසම්පන්නඤ්චාති.
“පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස කති ලක්ඛණානි? මජ්ඣස්ස තීණි ලක්ඛණානි – විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථප්පටිපන්නං අජ්ඣුපෙක්ඛති, එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති. යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, යඤ්ච සමථප්පටිපන්නං අජ්ඣුපෙක්ඛති , යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති. පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්රූහනා මජ්ඣෙ, මජ්ඣස්ස ඉමානි තීණි ලක්ඛණානි. තෙන වුච්චති – ‘පඨමං ඣානං මජ්ඣෙකල්යාණඤ්චෙව හොති තිලක්ඛණසම්පන්නඤ්ච’.
පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ. මජ්ඣස්ස කති ලක්ඛණානි, මජ්ඣස්ස තීනි ලක්ඛණානි. විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති, සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච විසුද්ධං චිත්තං අජ්ඣුපෙක්ඛති. යඤ්ච සමථපටිපන්නං අජ්ඣුපෙක්ඛති, යඤ්ච එකත්තුපට්ඨානං අජ්ඣුපෙක්ඛති පඨමස්ස ඣානස්ස උපෙක්ඛානුබ්‍රෑහණා මජ්ඣෙ. මජ්ඣස්ස ඉමානි තීනි ලක්ඛණානි. තෙන වුච්චති පඨමජ්ඣානං මජ්ඣෙකල්යාණඤ්චෙව හොති තිලක්ඛණසම්පන්නඤ්චාති.
“පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං, පරියොසානස්ස කති ලක්ඛණානි? පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි – තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා, ඉන්ද්රියානං එකරසට්ඨෙන සම්පහංසනා, තදුපගවීරියවාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සම්පහංසනා. පඨමස්ස ඣානස්ස සම්පහංසනා පරියොසානං, පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛණානි . තෙන වුච්චති – ‘පඨමං ඣානං පරියොසානකල්යාණඤ්චෙව හොති චතුලක්ඛණසම්පන්නඤ්ච. “එවං තිවිධත්තගතං චිත්තං තිවිධකල්යාණකං දසලක්ඛණසම්පන්නං විතක්කසම්පන්නඤ්චෙව හොති විචාරසම්පන්නඤ්ච පීතිසම්පන්නඤ්ච සුඛසම්පන්නඤ්ච චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධාසම්පන්නඤ්ච වීරියසම්පන්නඤ්ච සතිසම්පන්නඤ්ච සමාධිසම්පන්නඤ්ච පඤ්ඤාසම්පන්නඤ්චා”ති (පටි· රො· 1.158).
පඨමස්ස ඣානස්ස සංපහංසනා පරියොසානං පරියොසානස්ස කති ලක්ඛණානි, පරියොසානස්ස චත්තාරි ලක්ඛණානි. තත්ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන සම්පහංසනා ඉන්ද්රියානං එකරසට්ඨෙන සංපහංසනා. තදුපගවිරිය වාහනට්ඨෙන සම්පහංසනා, ආසෙවනට්ඨෙන සංපහංසනා, පඨමස්ස ඣානස්ස සංපහංසනා පරියොසානං, පරියොසානස්ස ඉමානි චත්තාරි ලක්ඛණානි. තෙන වුච්චති, පඨමජ්ඣානං පරියොසානකල්යාණඤ්චෙව හොති චතුලක්ඛණසම්පන්නඤ්චාති. එවං තිවිධත්තගතං චිත්තං තිවිධ කල්‍යාණං දසලක්ඛණසම්පන්නං විතක්කසම්පන්නඤ්චෙව හොති විචාර පීති සුඛ සම්පන්නඤ්ච. චිත්තස්ස අධිට්ඨානසම්පන්නඤ්ච සද්ධා සම්පඤ්ච. විරිය සති සමාධි පඤ්ඤා සම්පන්නඤ්චාති’
ආදිස්ස ආදිස්ස අසුභසමාපත්තියා වණ්ණං භාසතීති “එවම්පි ඉත්ථම්පී”ති පුනප්පුනං වවත්‍ථානං කත්වා ආදිසන්තො අසුභසමාපත්තියා වණ්ණං භාසති, ආනිසංසං කථෙති, ගුණං පරිකිත්තෙති. සෙය්යථිදං – “අසුභසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පටිලීයති පටිකුටති පටිවට්ටති, න සම්පසාරීයති, උපෙක්ඛා වා පාටිකුල්යතා වා සණ්ඨාති. සෙය්යථාපි, භික්ඛවෙ, කුක්කුටපත්තං වා න්හාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පටිලීයති පටිකුටති පටිවට්ටති, න සම්පසාරීයති; එවමෙව ඛො, භික්ඛවෙ, අසුභසඤ්ඤාපරිචිතෙන භික්ඛුනො චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පටිලීයති පටිකුටති පටිවට්ටති, න සම්පසාරීයතී”ති (අ· නි· 7.49).
‘ආදිස්ස ආදිස්ස අසුභසමාපත්තියා වණ්ණං භාසති’ මෙසේද මේ ආකාරයෙන්දැයි නැවත නැවත ව්යවස්ථාකොට දක්වන සේක් අශුභසමාපත්තියෙහි ගුණ වදාරණ සේක. අනුසස් වදාරණ සේක. ගුණ කීර්තනය කරණ සේක. ඒ කෙසේ ද යත්: ‘අසුභසඤ්ඤා පරිචිතෙන භික්ඛවෙ භික්ඛුනො චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකූටති පතිවට්ටති, න සම්පසාරීයති, උපෙක්ඛා වා පාටිකුල්යතා වා සණ්ඨාති. සෙය්යථාපි භික්ඛවෙ කුක්කුටපත්තං වා නහාරුදද්දුලං වා අග්ගිමහි පක්ඛිත්තං පතිලීයති පතිකුටති න සම්පසාරීයති, එවමෙව ඛො භික්ඛවෙ අසුභසඤ්ඤා පරිචිතෙන භික්ඛුනො චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකූටති පතිවට්ටති න සම්පසාරීයතීති’
ඉච්ඡාමහං, භික්ඛවෙ, අද්ධමාසං පටිසල්ලීයිතුන්ති අහං භික්ඛවෙ එකං අද්ධමාසං පටිසල්ලීයිතුං නිලීයිතුං එකොව හුත්වා විහරිතුං ඉච්ඡාමීති අත්ථො. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනාති යො අත්තනා පයුත්තවාචං අකත්වා මමත්ථාය සද්ධෙසු කුලෙසු පටියත්තං පිණ්ඩපාතං නීහරිත්වා මය්හං උපනාමෙති, තං පිණ්ඩපාතනීහාරකං එකං භික්ඛුං ඨපෙත්වා නම්හි අඤ්ඤෙන කෙනචි භික්ඛුනා වා ගහට්ඨෙන වා උපසඞ්කමිතබ්බොති.
‘ඉච්ඡාමහං භික්ඛවෙ අද්ධමාසං පතිසල්ලීයිතුං’ යනු ‘මහණෙනි! මම එක් අඩමසක් මුළුල්ලෙහි විවෙකයෙන් යුක්තවන්නට සැඟවෙන්නට තනිව හෝ වාසය කරන්නට කැමැත්තෙමි’ යන අර්‍ත්‍ථයි. ‘නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන’ යමෙක් තමන් විසින් ප්රයුක්තවචනය නොකොට මා පිණිස සැදැහැති කුලයන්හි පිළියෙල කළ පිණ්ඩපාතය ගෙන අවුත් මට එළවා ද, ඒ පිණ්ඩපාතය ගෙන එන එක් මහණකු හැර අන්කිසි මහණකු විසින් හෝ ගිහියකු විසින් හෝ මම නො එළැඹිය යුතුවෙමි.
කස්මා පන එවමාහාති? අතීතෙ කිර පඤ්චසතා මිගලුද්දකා මහතීහි දණ්ඩවාගුරාහි අරඤ්ඤං පරික්ඛිපිත්වා හට්ඨතුට්ඨා එකතොයෙව යාවජීවං මිගපක්ඛිඝාතකම්මෙන ජීවිකං කප්පෙත්වා නිරයෙ උපපන්නා; තෙ තත්ථ පච්චිත්වා පුබ්බෙ කතෙන කෙනචිදෙව කුසලකම්මෙන මනුස්සෙසු උපපන්නා කල්යාණූපනිස්සයවසෙන සබ්බෙපි භගවතො සන්තිකෙ පබ්බජ්ජඤ්ච උපසම්පදඤ්ච ලභිංසු; තෙසං තතො මූලාකුසලකම්මතො අවිපක්කවිපාකා අපරාපරචෙතනා තස්මිං අද්ධමාසබ්භන්තරෙ අත්තූපක්කමෙන ච පරූපක්කමෙන ච ජීවතුපච්ඡෙදාය ඔකාසමකාසි, තං භගවා අද්දස. කම්මවිපාකො නාම න සක්කා කෙනචි පටිබාහිතුං. තෙසු ච භික්ඛූසු පුථුජ්ජනාපි අත්ථි සොතාපන්නසකදාගාමීඅනාගාමීඛීණාසවාපි. තත්ථ ඛීණාසවා අප්පටිසන්ධිකා, ඉතරෙ අරියසාවකා නියතගතිකා සුගතිපරායණා, පුථුජ්ජනානං පන ගති අනියතා. අථ භගවා චින්තෙසි – “ඉමෙ අත්තභාවෙ ඡන්දරාගෙන මරණභයභීතා න සක්ඛිස්සන්ති ගතිං විසොධෙතුං, හන්ද නෙසං ඡන්දරාගප්පහානාය අසුභකථං කථෙමි. තං සුත්වා අත්තභාවෙ විගතච්ඡන්දරාගතාය ගතිවිසොධනං කත්වා සග්ගෙ පටිසන්ධිං ගණ්හිස්සන්ති. එවං නෙසං මම සන්තිකෙ පබ්බජ්ජා සාත්ථිකා භවිස්සතී”ති.
කුමක් හෙයින් මෙසේ වදාළ සේක්ද යත්: අතීතයෙහි පන්සියයක් මුවවැද්දෝ මහත් වූ දිග දඬු බඳින ලද දිග් දැලින් වනය වට කොට තුටු පහටුව එකතුවම දිවිහිම්කොට මුවකුරුලු නැසීම් කර්මයෙන් ජීවිකාව කොට නිරයෙහි උපන්නාහුය. ඔවුහු එහි පැසී පෙර කළ කිසියම් කුශලකර්මයකින් මිනිසුන් අතර උපන්නාහු ප්රව්රජ්යොපනිශ්ශ්රය වශයෙන් සියල්ලෝම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ද ලැබුහ. ඔවුන්ගේ ඒ මුල් අකුශල කර්මයෙන් නො පැසුනු විපාක ඇත්තා වූ අපරාපර්ය්යචෙතනා තොමෝ ඒ අඩමස තුළ ආත්මොපක්රමයෙන් ද පරොපක්‍රමයෙන් ද දිවි නසාලීමට අවකාශ කළාය. ඉඩ තැබීය. භාග්‍යවතුන් වහන්සේ එය දුටු සේක. කර්මවිපාකය වනාහි කිසිවක්හු විසිනුදු ප්‍රතිබාහනය කරන්නට නොහැකිය. ඒ භික්ෂූන් අතුරෙහිද පෘථග්ජනයෝද ස්රොතාපන්නයෝද සකෘදාගාමීහු ද අනාගාමීහු ද ක්ෂීණාස්රවයෝ ද ඇත්තාහ. ඔවුන් අතුරෙහි ක්ෂීණාස්රවයෝ ඉදිරියෙහි පිළිසිඳ ගැනුම් නැත්තෝ වූහ. අන්‍ය වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ නියතගතිකයෝ වූහ. සුගතිපරායණයෝය. පෘථග්ජනයන්ගේ වනාහි ගතිය අනියත වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘මොවුහු ආත්මභාවයෙහි ඡන්දරාගය හේතුකොට මරණ බියෙන් බියපත් වූවාහු ගති විශොධනය කරන්නට නොහැක්කාහුය. එබැවින් ඔවුන්ගේ ඡන්දරාගය පහකොට හරිනු පිණිස අශුභකථාව කියමි, එය අසා අත්බවෙහි පහ වූ ඡන්දරාගය ඇති බැවින් ගති විශොධනය කොට ස්වර්ගයෙහි පිළිසිඳ ගන්නාහුය. මෙසේ ඇති කල්හි මාගේ සමීපයෙහි ඔවුන්ගේ පැවිද්ද සාර්‍ත්‍ථක වන්නේය’යි සිතා වදාළ සේක.
තතො තෙසං අනුග්ගහාය අසුභකථං කථෙසි කම්මට්ඨානසීසෙන, නො මරණවණ්ණසංවණ්ණනාධිප්පායෙන. කථෙත්වා ච පනස්ස එතදහොසි – “සචෙ මං ඉමං අද්ධමාසං භික්ඛූ පස්සිස්සන්ති, ‘අජ්ජ එකො භික්ඛු මතො, අජ්ජ ද්වෙ…පෙ… අජ්ජ දසා’ති ආගන්ත්වා ආගන්ත්වා ආරොචෙස්සන්ති. අයඤ්ච කම්මවිපාකො න සක්කා මයා වා අඤ්ඤෙන වා පටිබාහිතුං. ස්වාහං තං සුත්වාපි කිං කරිස්සාමි? කිං මෙ අනත්ථකෙන අනයබ්යසනෙන සුතෙන? හන්දාහං භික්ඛූනං අදස්සනං උපගච්ඡාමී”ති. තස්මා එවමාහ – “ඉච්ඡාමහං, භික්ඛවෙ, අද්ධමාසං පතිසල්ලීයිතුං; නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා”ති.
එහෙයින් ඔවුන්ට අනුග්‍රහ පිණිස කමටහන් හිසින් අශුභ කථාව වදාළ සේක. මරණයෙහි ගුණ වණන අදහසින් නොවදාළ සේක. වදාරා ද උන්වහන්සේට ‘ඉදින් මේ අඩමස මුළුල්ලෙහි භික්ෂූහු මා දකින්නාහු නම්, අද එක් මහණෙක් මළේය, අද දෙදෙනෙක් මළාහුය -පෙ- අද දස දෙනෙක් මළාහුය’යි අවුත් මට සැල කරන්නාහුය, මේ කර්මවිපාකය මා විසින් හෝ අනිකක්හු විසින් හෝ ප්‍රතිබාහනය කරන්නට නොහැක්කේය. ඒ මම එය අසා ද කුමක් කරන්නෙම් ද අසනලද අර්ත්ථ රහිත වූ අනයව්යසනයෙන් මට කවර වැඩෙක් ද, එබැවින් මම භික්ෂූන්ගේ නොදැක්මට එළැඹෙමියි මෙබඳු අදහසක් වූයේය. එහෙයින් ‘ඉච්ඡාමහං භික්ඛවෙ අද්ධමාසං පතිසල්ලීයිතුං නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන’ යනු වදාළ සේක.
අපරෙ පනාහු – “පරූපවාදවිවජ්ජනත්ථං එවං වත්වා පටිසල්ලීනො”ති. පරෙ කිර භගවන්තං උපවදිස්සන්ති – “අයං ‘සබ්බඤ්ඤූ, අහං සද්ධම්මවරචක්කවත්තී’ති පටිජානමානො අත්තනොපි සාවකෙ අඤ්ඤමඤ්ඤං ඝාතෙන්තෙ නිවාරෙතුං න සක්කොති. කිමඤ්ඤං සක්ඛිස්සතී”ති? තත්ථ පණ්ඩිතා වක්ඛන්ති – “භගවා පටිසල්ලානමනුයුත්තො නයිමං පවත්තිං ජානාති, කොචිස්ස ආරොචයිතාපි නත්ථි, සචෙ ජානෙය්ය අද්ධා නිවාරෙය්යා”ති. ඉදං පන ඉච්ඡාමත්තං, පඨමමෙවෙත්ථ කාරණං. නාස්සුධාති එත්ථ “අස්සුධා”ති පදපූරණමත්තෙ අවධාරණත්ථෙ වා නිපාතො; නෙව කොචි භගවන්තං උපසඞ්කමතීති අත්ථො.
අන්‍යයෝ වනාහි ‘පරොපවාදය දුරුකරනු පිණිස මෙසේ වදාරා විවෙකයෙන් යුක්ත වූහ’යි කීහ. පරහු වනාහි මේ සර්වඥ තෙමේ, ‘මම සද්ධර්මවර චක්‍රවර්තී වෙමි’යි පිළිණ කරන්නේ ද, තමන්ගේ ඔවුනොවුන් නසන ශ්‍රාවකයන් වළකා ලන්නට නොහැක්කේ ද? අනෙකක්හට කිම හැක්කේදැ’යි භාග්‍යවත්හට උපවාද කරන්නාහුය. එහිදී පණ්ඩිතයෝ ‘භාග්‍යවත් තෙමේ විවෙකයෙහි යෙදී ගත්තේ මේ පුවත නොදන්නේය. උන්වහන්සේට සැල කරණ කිසිවෙක් ද නැත්තේය, ඉදින් දන්නේ වී නම් ඒකාන්තයෙන් වළකාලන්නේය’යි කියන්නාහ. මේ වනාහි ඊපසා මාත්‍රයෙකි. පළමු කියන ලද්දම මෙහි කාරණය වේ. ‘නාස්සුධ’ යන මෙහි අස්සුධ යනු පදපූරණ මාත්‍රයෙහි හෝ අවධාරණාර්ත්ථයෙහි නිපාතයකි. කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා නොම එළැඹේ යන අර්‍ත්‍ථයි.
අනෙකෙහි වණ්ණසණ්ඨානාදීහි කාරණෙහි වොකාරො අස්සාති අනෙකාකාරවොකාරො; අනෙකාකාරවොකිණ්ණො අනෙකකාරණසම්මිස්සොති වුත්තං හොති. කො සො? අසුභභාවනානුයොගො, තං අනෙකාකාරවොකාරං අසුභභාවනානුයොගං අනුයුත්තා විහරන්තීති යුත්තපයුත්තා විහරන්ති. අට්ටීයන්තීති සකෙන කායෙන අට්ටා දුක්ඛිතා හොන්ති . හරායන්තීති ලජ්ජන්ති. ජිගුච්ඡන්තීති සඤ්ජාතජිගුච්ඡා හොන්ති. දහරොති තරුණො. යුවාති යොබ්බනෙන සමන්නාගතො. මණ්ඩනකජාතිකොති මණ්ඩනකපකතිකො. සීසංන්හාතොති සීසෙන සද්ධිං න්හාතො. දහරො යුවාති චෙත්ථ දහරවචනෙන පඨමයොබ්බනභාවං දස්සෙති. පඨමයොබ්බනෙ හි සත්තා විසෙසෙන මණ්ඩනකජාතිකා හොන්ති. සීසංන්හාතොති ඉමිනා මණ්ඩනානුයොගකාලං. යුවාපි හි කිඤ්චි කම්මං කත්වා සංකිලිට්ඨසරීරො න මණ්ඩනානුයුත්තො හොති; සීසංන්හාතො පන සො මණ්ඩනමෙවානුයුඤ්ජති. අහිකුණපාදීනි දට්ඨුම්පි න ඉච්ඡති. සො තස්මිං ඛණෙ අහිකුණපෙන වා කුක්කුරකුණපෙන වා මනුස්සකුණපෙන වා කණ්ඨෙ ආසත්තෙන කෙනචිදෙව පච්චත්ථිකෙන ආනෙත්වා කණ්ඨෙ බද්ධෙන පටිමුක්කෙන යථා අට්ටීයෙය්ය හරායෙය්ය ජිගුච්ඡෙය්ය; එවමෙව තෙ භික්ඛූ සකෙන කායෙන අට්ටීයන්තා හරායන්තා ජිගුච්ඡන්තා සො විය පුරිසො තං කුණපං විගතච්ඡන්දරාගතාය අත්තනො කායං පරිච්චජිතුකාමා හුත්වා සත්ථං ආදාය අත්තනාපි අත්තානං ජීවිතා වොරොපෙන්ති. “ත්වං මං ජීවිතා වොරොපෙහි; අහං ත”න්ති එවං අඤ්ඤමඤ්ඤම්පි ජීවිතා වොරොපෙන්ති.
නොයෙක් වර්ණසංස්ථානාදී වූ කාරණයන්ගෙන් ලාමකභාවය තෙමේ මෝහට නුයි අනෙකාකාරවොකාර නම් වේ. නොයෙක් අයුරින් ව්යාකීර්ණ වූයේය. නොයෙක් කරුණෙන් මිශ්‍ර වූයේ යයි කියන ලද්දේ වේ. ඒ කවරේ ද යත්:- අශුභභාවනානුයොගයයි. ඒ නොයෙක් අයුරින් ලාමක වූ අශුභභාවනානුයෝගයෙහි ‘අනුයුත්තා විහරන්ති’ යුක්තවූවාහු ප්රයුක්තවූවාහු වාසය කරත්. ‘අට්ටීයන්ති’ ඒ කයින් පෙළුනාහු හටගත් දුක් ඇත්තාහු වෙත්. ‘හරායන්ති’ ලජ්ජිත වෙත්. ‘ජිගුච්ඡන්ති’ හටගත් පිළිකුල ඇත්තාහු වෙත්. ‘දහරො’ තරුණ වූයේය. ‘යුවා’ යොවුන් බැවින් යුක්ත වූයේය. ‘මණ්ඩනක ජාතියො’ සැරසීම ස්වභාවකොට ඇත්තේය. ‘සිසං නහාතො’ හිස පටන් නෑයේය. ‘දහරො යුවා’ යන මෙහි දහර වචනයෙන් පසළොස් වන වස පටන් දෙතිස් වන වස තෙක් මේ අතර වූ පළමු යොවුන් බව දක්වන්නේය. පළමු යොවුන් බවෙහි වනාහි සත්ත්වයෝ වෙසෙසින් සැරසීම ස්වභාවයකොට ඇත්තාහු වෙත්. ‘සීසං නහාතො’ යන මෙයින් සැරසීමට සුදුසු කාලය දක්වන්නේය. තරුණ තෙමේ වනාහි කිසි කර්මාන්තයක්කොට තදින් කිලිටි වූ සිරුරු ඇත්තේ සැරසීමෙහි යෙදුනේ නොවේ. හිස පටන් ස්නානය කළ හෙතෙමේ සැරසීමෙහිම යෙදෙයි. සර්පකුණපාදියක් දකින්නට ද කැමැති නොවේ. හෙතෙමේ එකෙණෙහි ‘අභිකුණපෙන වා කුක්කුරකුණපෙන වා මනුස්සකුණපෙන වා කණ්ඨෙ ආසත්තෙන’ කිසියම් සතුරකු විසින් ගෙණවුත් ගෙළෙහි බඳින ලද ගෙළෙහි යොදන ලද පලඳවන ලද බොටුවෙහි ලැගුනු සර්පකුණපයකින් හෝ බලුකුණපයකින් හෝ මිනිස්කුණපයකින් හෝ යම්සේ පෙළෙන්නේ ද, ලජ්ජිත වන්නේ ද, පිළිකුල් කරන්නේ ද, එපරිද්දෙන්ම ඒ භික්ෂූහු සිය කය කරණකොට පෙළෙන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල් කරන්නාහු, ඒ කුණපයට ඒ පුරුෂයා මෙන් පහ වූ ඡන්දරාගභාවය හේතුකොට තම තමන්ගේ කය හරිනු කැමැත්තාහු, තුමූ ද ශස්ත්‍රයක් ගෙන තම තමන් ජීවිතයෙන් තොර කරත්. ‘තෝ මා ජීවිතයෙන් තොර කරව, මම ද තා ජීවිතයෙන් තොර කරමි’යි මෙසේ උනුන් ජීවිතයෙන් තොර කරත්.
මිගලණ්ඩිකම්පි සමණකුත්තකන්ති මිගලණ්ඩිකොති තස්ස නාමං; සමණකුත්තකොති සමණවෙසධාරකො. සො කිර සිඛාමත්තං ඨපෙත්වා සීසං මුණ්ඩෙත්වා එකං කාසාවං නිවාසෙත්වා එකං අංසෙ කත්වා විහාරංයෙව උපනිස්සාය විඝාසාදභාවෙන ජීවති. තම්පි මිගලණ්ඩිකං සමණකුත්තකං උපසඞ්කමිත්වා එවං වදන්ති. සාධූති ආයාචනත්ථෙ නිපාතො. නොති උපයොගබහුවචනං, සාධු ආවුසො අම්හෙ ජීවිතා වොරොපෙහීති වුත්තං හොති. එත්ථ ච අරියා නෙව පාණාතිපාතං කරිංසු න සමාදපෙසුං, න සමනුඤ්ඤා අහෙසුං. පුථුජ්ජනා පන සබ්බමකංසු. ලොහිතකන්ති ලොහිතමක්ඛිතං. යෙන වග්ගුමුදානදීති වග්ගුමතා ලොකස්ස පුඤ්ඤසම්මතා නදී. සොපි කිර “තං පාපං තත්ථ පවාහෙස්සාමී”ති සඤ්ඤාය ගතො, නදියා ආනුභාවෙන අප්පමත්තකම්පි පාපං පහීනං නාම නත්ථි.
‘මිගලණ්ඩිකම්පි සමණකුත්තකං’ මිගලණ්ඩික යනු ඔහුගේ නාමය වේ. සමණකුත්තක යනු මහණවෙස් දරන්නේය යනුයි. හෙතෙමේ වනාහි සිළුපමණක් තබා හිස මුඩු කොට එක් කසාවතක් හැඳ එකක් උරහිසෙහි කොට විහාරයම ඇසුරු කොට හිඳ ඉතිරිවන ඉඳුල් කෑමෙන් ජීවත් වන්නේය. ඒ මහණවෙස් දරණ මිගලණ්ඩිකයා වෙත එළැඹ මෙසේ කියත්. සාධු යනු ආයාචනාර්ත්ථයෙහි නිපාතයකි. නො යනු ද්විතීයා බහුවචනයි. ‘ඇවැත්නි! යහපතැ’ අප ජීවිතයෙන් තෙර කරවයි කියන ලද්දේ වේ. මෙහිද ආර්‍ය්‍යයෝ ප්‍රාණඝාතය නොකළාහුය. එහි සමාදන් නොකරවූහ. අනුමත කරණ ලද්දෝ නොවූහ. එහි සතුටු වූවෝ නොවූහ. පෘථග්ජනයෝ වනාහි සියල්ල කළහ. ‘ලොහිතකං’ ලෙයින් වැකුනහු. ‘යෙන වග්ගුමුදා’ ලෝකයා විසින් සිත්කලුයි පිළිගත් පවිත්‍රයයි සම්මත නදී තොමෝය. හෙතෙමේ වනාහි තමන් කළ ඒ පාපය එහි පාකොට හරින්නෙමියි යන හැඟීමෙන් ගියේය.
අහුදෙව කුක්කුච්චන්ති තෙසු කිර භික්ඛූසු කෙනචිපි කායවිකාරො වා වචීවිකාරො වා න කතො, සබ්බෙ සතා සම්පජානා දක්ඛිණෙන පස්සෙන නිපජ්ජිංසු. තං අනුස්සරතො තස්ස කුක්කුච්චං අහොසියෙව. අහු විප්පටිසාරොති තස්සෙව කුක්කුච්චස්ස සභාවනියමනත්ථමෙතං වුත්තං . විප්පටිසාරකුක්කුච්චං අහොසි, න විනයකුක්කුච්චන්ති. අලාභා වත මෙතිආදි කුක්කුච්චස්ස පවත්තිආකාරදස්සනත්ථං වුත්තං. තත්ථ අලාභා වත මෙති ආයතිං දානි මම හිතසුඛලාභා නාම නත්ථීති අනුත්ථුනාති. “න වත මෙ ලාභා”තිඉමිනා පන තමෙවත්ථං දළ්හං කරොති. අයඤ්හෙත්ථ අධිප්පායො – සචෙපි කොචි “ලාභා තෙ”ති වදෙය්ය, තං මිච්ඡා, න වත මෙ ලාභාති. දුල්ලද්ධං වත මෙති කුසලානුභාවෙන ලද්ධම්පි ඉදං මනුස්සත්තං දුල්ලද්ධං වත මෙ. න වත මෙ සුලද්ධන්තිඉමිනා පන තමෙවත්ථං දළ්හං කරොති. අයඤ්හෙත්ථ අධිප්පායො – සචෙපි කොචි “සුලද්ධං තෙ”ති වදෙය්ය, තං මිච්ඡා; න වත මෙ සුලද්ධන්ති. අපුඤ්ඤං පසුතන්ති අපුඤ්ඤං උපචිතං ජනිතං වා. කස්මාති චෙ? යොහං භික්ඛූ…පෙ… වොරොපෙසින්ති . තස්සත්ථො – යො අහං සීලවන්තෙ තාය එව සීලවන්තතාය කල්යාණධම්මෙ උත්තමධම්මෙ සෙට්ඨධම්මෙ භික්ඛූ ජීවිතා වොරොපෙසින්ති.
‘අහුදෙව කුක්කුච්චං’ ඒ භික්ෂූන් අතුරෙහි කිසිවකු විසිනුදු කායවිකාරයෙක් හෝ වාග්විකාරයෙක් හෝ නොකරණ ලද්දේය. ඒ සියලු භික්ෂූහු සිහි ඇත්තාහු මනා නුවණ ඇත්තාහු දකුණැලයෙන් නිදි ගත්හ. එය සිහිකරන ඔහුට කුකුසක් වූයේමය. නදියෙහි ආනුභාවයෙන් ස්වල්පමාත්‍ර වූ ද පාපයක් ප්‍රහීණ වූයේ නම් නොවේ. ‘අහු විප්පටිසාරො’ ඒ කුකුස පිළිබඳ වූම ස්වභාවය නියම කරනු පිණිස මෙය වදාරණ ලදය විපිළිසර කුකුස වූයේය. විනය පිළිබඳ කුකුසක් නොවේ. ‘අලාභා වත මෙ’ යන මේ ආදිය කුකුස පැවැති ආකාරය දැක්වීම පිණිස වදාරණ ලද්දේය. එහි ‘අලාභා වත මෙ’ මත්තෙහි හා දැන් මට හිතසුව ලැබීමක් නම් නැත්තේය’යි තතනමින් ශෝක කරයි. ‘න වත මේ ලාභා’ යන මෙයින් ඒ අර්ත්ථයම දැඩි කරයි. මෙහි මේ අදහස වේ:- ඉදිනුදු කිසිවෙක් ‘තට ලාභයෙකැ’යි කියා නම් ඒ මිත්ථ්යාය. ඒකාන්තයෙන් මට ලාභයක් නොවේ. ‘දුල්ලද්ධං වත මෙ’ කුශලානුභාවයෙන් ලද්දා වූ ද මේ මනුෂ්‍යත්වය මා විසින් ලද්දේ නොමනාය. ‘න වත මෙ සුලද්ධං’ යන මෙයින් ඒ අර්ත්ථයම දැඩි කරයි. මෙහි මේ අදහස වේ:- ඉදිනුදු කිසිවෙක් ‘තා විසින් ලද්දේ මනාය’යි කියා නම්, එය මිත්ථ්යාය. මා විසින් ඒකාන්තයෙන් මැනැවින් ලද්දේ නොවේ යනුයි. ‘අපුඤ්ඤං පසුතං’ අකුසල් රැස් කරන ලද්දේය. උපදවන ලද්දේ හෝ ය. කවර හෙයින් ද යත්:- ‘ය්වාහං භික්ඛු -පෙ- වොරොපෙසිං’ එහි අර්ත්ථය මෙසේය:- යම්බදු වු මම සිල්වත් වූ ඒ සිල්වත් බැවින්ම කලණ දහම් ඇත්තා වූ උතුම් ස්වභාව ඇත්තා වූ ශ්රෙෂ්ඨස්වභාව ඇත්තා වූ භික්ෂූන් ජීවිතයෙන් තොර කෙළෙම් ද එහෙයිනි.
අඤ්ඤතරා මාරකායිකාති නාමවසෙන අපාකටා එකා භුම්මදෙවතා මිච්ඡාදිට්ඨිකා මාරපක්ඛිකා මාරස්සනුවත්තිකා “එවමයං මාරධෙය්යං මාරවිසයං නාතික්කමිස්සතී”ති චින්තෙත්වා සබ්බාභරණවිභූසිතා හුත්වා අත්තනො ආනුභාවං දස්සයමානා අභිජ්ජමානෙ උදකෙ පථවීතලෙ චඞ්කමමානා විය ආගන්ත්වා මිගලණ්ඩිකං සමණකුත්තකං එතදවොච. සාධු සාධූති සම්පහංසනත්ථෙ නිපාතො; තස්මා එව ද්විවචනං කතං. අතිණ්ණෙ තාරෙසීති සංසාරතො අතිණ්ණෙ ඉමිනා ජීවිතාවොරොපනෙන තාරෙසි පරිමොචෙසීති. අයං කිර එතිස්සා දෙවතාය බාලාය දුම්මෙධාය ලද්ධි “යෙ න මතා, තෙ සංසාරතො න මුත්තා. යෙ මතා, තෙ මුත්තා”ති. තස්මා සංසාරමොචකමිලක්ඛා විය එවංලද්ධිකා හුත්වා තම්පි තත්ථ නියොජෙන්තී එවමාහ. අථ ඛො මිගලණ්ඩිකො සමණකුත්තකො තාව භුසං උප්පන්නවිප්පටිසාරොපි තං දෙවතාය ආනුභාවං දිස්වා “අයං දෙවතා එවමාහ – අද්ධා ඉමිනා අත්ථෙන එවමෙව භවිතබ්බ”න්ති නිට්ඨං ගන්ත්වා “ලාභා කිර මෙ”තිආදීනි පරිකිත්තයන්තො. විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං උපසඞ්කමිත්වා එවං වදෙතීති තං තං විහාරඤ්ච පරිවෙණඤ්ච උපසඞ්කමිත්වා ද්වාරං විවරිත්වා අන්තො පවිසිත්වා භික්ඛූ එවං වදති – “කො අතිණ්ණො, කං තාරෙමී”ති?
‘අඤ්ඤතරා මාරකායිකා’ නම් වසයෙන් අප්‍රකට වූ මිසදිටු ගත්තා වූ මාරපාක්ෂික වූ මාරයාට අනුව පවතින්නා වූ එක් භූමිගත දෙවතාවක. මෙසේ මෙතෙමේ මාරයාගේ ගොදුර මාරයාගේ විෂය නොඉක්ම වන්නේය’යි සිතා සර්වාභරණයෙන් විභූෂිතව තමන්ගේ ආනුභාවය දක්වමින් පොළෝතෙලෙහි සක්මන් කරන්නියක මෙන් නොබිඳෙන දියෙහි අවුත් මහණවෙස් ගත් මිගලණ්ඩිකයා හට මෙය කිවූය. ‘සාධු, සාධු’ යනු සම්ප්රහර්ෂණාර්ත්ථයෙහි නිපාතයි. දෙවරක් කීමද එහෙයින්මය. ‘අතිණ්ණෙ තාරෙසි’ සසරින් එතෙර නො වූවන් මේ දිවි තොර කිරීමෙන් එතෙර කරවූයේය. හාත්පසින් මුදවාලූයේය. අඥ වූ නුවණ නැති මේ දෙවඟනගේ මේ ලබ්ධිය ය:- යම්කෙනෙක් නො මළාහු නම් ඔවුහු සසරින් නොමිදුනාහ, යම්කෙනෙක් මළාහු නම්, ඔවුහු මිදුනාහ’ යනුයි. එහෙයින් සංසාරමොචකමිලක්ඛයන් මෙන් මෙසේ ලබ්ධි ඇතිව ඔහු ද එහි යොදන්නී මෙසේ කිවූය. ඉක්බිති මහණවෙස් ගත් මිගලණ්ඩික තෙමේ පළමුව තදින් උපන් විපිළිසර ඇත්තේ ද, දෙවඟනගේ ඒ ආනුභාවය දැක ‘මේ දෙවතා තොමෝ මෙසේ කිවූය, ඒකාන්තයෙන් මේ කරුණෙන් මෙසේ විය යුතුය’යි නිෂ්ඨාවට ගොස් ‘ලාභා කිර මෙ’ යනාදිය කියමින් ‘විහාරෙන විහාරං පරිවෙණෙන පරිවෙණං උපසඞ්කමිත්වා එවං වදෙති’ ඒ ඒ වෙහෙරට ද ඒ ඒ පිරිවෙණටද එළැඹ දොර ඇර ඇතුළට පිවිස ‘කො අතිණ්ණො, කං තාරෙමි’යි භික්ෂූන්ට මෙසේ කියයි.
හොතියෙව භයන්ති මරණං පටිච්ච චිත්තුත්රාසො හොති. හොති ඡම්භිතත්තන්ති හදයමංසං ආදිං කත්වා තස්මා සරීරචලනං හොති; අතිභයෙන ථද්ධසරීරත්තන්තිපි එකෙ, ථම්භිතත්තඤ්හි ඡම්භිතත්තන්ති වුච්චති. ලොමහංසොති උද්ධංඨිතලොමතා, ඛීණාසවා පන සත්තසුඤ්ඤතාය සුදිට්ඨත්තා මරණකසත්තමෙව න පස්සන්ති, තස්මා තෙසං සබ්බම්පෙතං නාහොසීති වෙදිතබ්බං. එකම්පි භික්ඛුං ද්වෙපි…පෙ… සට්ඨිම්පි භික්ඛූ එකාහෙන ජීවිතා වොරොපෙසීති එවං ගණනවසෙන සබ්බානිපි තානි පඤ්ච භික්ඛුසතානි ජීවිතා වොරොපෙසි.
‘හොතියෙව භයං’ මරණය නිසා චිත්තොත්රාසය වේ. ‘ඡම්භිතත්තං’ හෘදයමාංසය ආදි කොට ශරීර චලනය වේ. අධික භීතියෙන් තදබද සිරුර ඇති බවය යි සමහරු කියත්. තදබවම ඡම්භිතත්ත යි කියනු ලැබේ. ‘ලොමහංසො’ උඩුහුරුව සිටි ලොම් ඇතිබවය. ක්ෂීණාස්රවයෝ වනාහි සත්ත්වයන්ගේ ශුන්‍යත්වය මනාව දුටු බැවින් මැරෙන සත්ත්වයකු නොදක්නාහුය. මරණ මාත්‍රය දකිත්. එහෙයින් ඒ ක්ෂීණාස්රවයන්හට මේ තැතිගැනීම් ආදි සියල්ල නොවූයේයයි දත යුතුය. ‘එකම්පි භික්ඛුං ද්වෙපි -පෙ සට්ඨිම්පි භික්ඛූ එකාහෙනෙව ජීවිතා වොරොපෙසි’ මෙසේ ගණන් වසයෙන් පන්සියයක් භික්ෂූන් දිවියෙන් තොර කෙළේය.
පටිසල්ලානා වුට්ඨිතොති තෙසං පඤ්චන්නං භික්ඛුසතානං ජීවිතක්ඛයපත්තභාවං ඤත්වා තතො එකීභාවතො වුට්ඨිතො ජානන්තොපි අජානන්තො විය කථාසමුට්ඨාපනත්ථං ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි. කිං නු ඛො ආනන්ද තනුභූතො විය භික්ඛුසඞ්ඝොති ආනන්ද ඉතො පුබ්බෙ බහූ භික්ඛූ එකතො උපට්ඨානං ආගච්ඡන්ති, උද්දෙසං පරිපුච්ඡං ගණ්හන්ති සජ්ඣායන්ති, එකපජ්ජොතො විය ආරාමො දිස්සති, ඉදානි පන අද්ධමාසමත්තස්ස අච්චයෙන තනුභූතො විය තනුකො මන්දො අප්පකො විරළවිරළො විය ජාතො භික්ඛුසඞ්ඝො. කින්නු ඛො කාරණං, කිං දිසාසු පක්කන්තා භික්ඛූති?
‘පටිසල්ලානා වුට්ඨිතො’ ඒ පන්සියයක් භික්ෂූන් ජීවිතක්ෂයට පැමිණි බව දැන ඒ එකීභාවයෙන් නැගී සිටි සේක්. දන්නා සේක් ද නොදන්නකු මෙන් කථා උපදවනු පිණිස ‘ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි:- කින්නුඛො ආනන්ද තනුභූතො විය භික්ඛුසඞ්ඝෙ’ ආනන්ද! මෙයට පෙර බොහෝ භික්ෂූහු එකතුව උපස්ථානයට එන්නෝය, උදෙසීම් පිළිවිසීම් කරන්නෝය, හදාරන්නෝ ය. ආරාමය එක්ම ආලෝකයක් මෙන් දක්නා ලබන්නේය. දැන් අඩ මසක පමණ කාලය පටන් භික්ෂු සඞ්ඝ තෙමේ තුනී වුවාක් මෙන් තුනී වූයේ මඳ වූයේ ස්වල්ප වූයේ අතරතුර හැර පවත්නා මෙන් වූයේය. එහි කරුණු කිම? කිම භික්ෂූහු දිශාවන්හි ගියාහුදැයි විචාළ සේක.
අථායස්මා ආනන්දො කම්මවිපාකෙන තෙසං ජීවිතක්ඛයප්පත්තිං අසල්ලක්ඛෙන්තො අසුභකම්මට්ඨානානුයොගපච්චයා පන සල්ලක්ඛෙන්තො “තථා හි පන භන්තෙ භගවා”තිආදිං වත්වා භික්ඛූනං අරහත්තප්පත්තියා අඤ්ඤං කම්මට්ඨානං යාචන්තො “සාධු භන්තෙ භගවා”තිආදිමාහ. තස්සත්ථො – සාධු භන්තෙ භගවා අඤ්ඤං කාරණං ආචික්ඛතු, යෙන භික්ඛුසඞ්ඝො අරහත්තෙ පතිට්ඨහෙය්ය; මහාසමුද්දං ඔරොහණතිත්ථානි විය හි අඤ්ඤානිපි දසානුස්සතිදසකසිණචතුධාතුවවත්ථානබ්රහ්මවිහාරානාපානසතිප්පභෙදානි බහූනි නිබ්බානොරොහණකම්මට්ඨානානි සන්ති. තෙසු භගවා භික්ඛූ සමස්සාසෙත්‍වා අඤ්ඤතරං කම්මට්ඨානං ආචික්ඛතූති අධිප්පායො.
එකල්හි ආයුෂමත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කර්මවිපාක වශයෙන් ඔවුන්ගේ ජීවිතක්ෂයට පැමිණීම නොසලකමින් අශුභකර්මස්ථානයොග හේතුවෙන් ජීවිතක්ෂයට පැමිණීම වීය’යි සලකන්නාහු ‘තථා හි පන භන්තෙ භගවා’ යනාදිය කියා භික්ෂූන්ට රහත්බවට පැමිණීමට හිතවූ අන්‍ය කර්මස්ථානයක් යාචඥා කරණුවෝ ‘සාධු භන්තෙ භගවා’ යනාදිය කියා සිටියහ. එහි අර්ත්ථය මෙසේය: ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! භික්‍ෂුසඞ්ඝ තෙමේ යමක් කරණකොට ගෙන රහත් බවෙහි පිහිටා ගන්නේ නම්, එයට හිත වූ අන් කරුණක් වදාරණ සේක්වා, ඒ මැනැවි, මහාසමුද්‍රයට බස්නා තොටුපලවල් මෙන් අන්‍ය වූ ද දසානුස්සති, දස කසිණ, චතුධාතුවවත්ථාන, බ්‍රහ්මවිහාර ආනාපානසති වසයෙන් ප්‍රභෙදගත වූ නිවණට බස්නා බොහෝ කර්මස්ථාන ඇත්තේය, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අස්වසා ඒ කමටහන් අතුරෙහි එක්තරා කර්මස්ථානයක් වදාරණ සේක්වා, යනු අදහස වේ.
අථ භගවා තථා කාතුකාමො ථෙරං උය්යොජෙන්තො “තෙනහානන්දා”තිආදිමාහ. තත්ථ වෙසාලිං උපනිස්සායාති වෙසාලිං උපනිස්සාය සමන්තා ගාවුතෙපි අද්ධයොජනෙපි යාවතිකා භික්ඛූ විහරන්ති , තෙ සබ්බෙ සන්නිපාතෙහීති අත්ථො. තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වාති අත්තනා ගන්තුං යුත්තට්ඨානං සයං ගන්ත්වා අඤ්ඤත්ථ දහරභික්ඛූ පහිණිත්වා මුහුත්තෙනෙව අනවසෙසෙ භික්ඛූ උපට්ඨානසාලායං සමූහං කත්වා. යස්ස දානි භන්තෙ භගවා කාලං මඤ්ඤතීති එත්ථ අයමධිප්පායො – භගවා භික්ඛුසඞ්ඝො සන්නිපතිතො එස කාලො භික්ඛූනං ධම්මකථං කාතුං, අනුසාසනිං දාතුං, ඉදානි යස්ස තුම්හෙ කාලං ජානාථ, තං කත්තබ්බන්ති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ එසේ කරනු කැමැතිසේක් තෙරුන් පිටත්කොට යවන්නාහු ‘තෙනාහානන්ද’ යනාදිය වදාළ සේක. එහි ‘වෙසාලියං උපනිස්සාය’ විශාලා මහානගරය ගොදුරුගම්කොට අවට ගව්වක් තන්හි ද අඩ යොදුනක් තන්හි ද යම් පමණ භික්ෂූහු වෙසෙත් ද ඒ සියල්ලන් රැස් කරව, යන අර්‍ත්‍ථයි. ‘තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්තිපාතෙත්වා’ තමන් යා යුතු තැනට තමන් ගොස් අන් තන්හි තරුණ භික්ෂූන් යවා මොහොතකින්ම ඉතිරි නොකොට සියලු භික්ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරවා, ‘යස්සදානි භන්තෙ භගවා කාලං මඤ්ඤති’ යන මෙහි මේ අදහස වේ:- ‘භාග්‍යවතුන් වහන්ස! භික්ෂුසඞ්ඝතෙමේ රැස් කරවන ලද්දේය. භික්ෂූන්ට ධර්ම දේශනා කරන්නට, අනුශාසනා කරන්නට මේ කාලය වේ, දැන් යමකට භාග්‍යවතුන් වහන්සේ කල් දන්නාහු ද, එය කටයුතුය යනුයි.