තතියපාරාජිකං අට‍්ඨකථා
තෘතීය පාරාජිකය
තතියං තීහි සුද‍්ධෙන, යං බුද‍්ධෙන විභාවිතං; පාරාජිකං තස‍්ස දානි, පත‍්තො සංවණ‍්ණනාක‍්කමො.
කායාදි තුන් දොරින් පිරිසිදු වූ මැනැවින් සිවුසස් දහම් අවබෝධ කළා වූ බුදුරජාණන් වහන්සේ විසින් යම් තෘතීය ශික්‍ෂාපදයෙක් පණවන ලද්දේ ද දැන් ඒ ශික්‍ෂාපදය පිළිබඳ සංවර්‍ණනා ක්‍රමය පැමිණියේය.
යස‍්මා තස‍්මා සුවිඤ‍්ඤෙය්‍යං, යං පුබ‍්බෙ ච පකාසිතං; තං වජ‍්ජයිත්‍වා අස‍්සාපි, හොති සංවණ‍්ණනා අයං.
යම්හෙයකින් පෙර ද ප්‍රකාශ කරන ලද යමක් මනාකොට දත හැක්කේ ද, එහෙයින් එය හැර පියා තෘතීයපාරාජිකය පිළිබඳ මේ සංවර්‍ණනාව වේ.