පදභාජනීයවණ්ණනා අට්ඨකථා
පදභාජනීයවණ්ණනා
පදභාජනීයවණ්ණනා
සඤ්චිච්චාති අයං “සඤ්චිච්ච මනුස්සවිග්ගහ”න්ති මාතිකාය වුත්තස්ස සඤ්චිච්චපදස්ස උද්ධාරො. තත්ථ සන්ති උපසග්ගො, තෙන සද්ධිං උස්සුක්කවචනමෙතං සඤ්චිච්චාති ; තස්ස සඤ්චෙතෙත්වා සුට්ඨු චෙතෙත්වාති අත්ථො. යස්මා පන යො සඤ්චිච්ච වොරොපෙති, සො ජානන්තො සඤ්ජානන්තො හොති, තඤ්චස්ස වොරොපනං චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො හොති. තස්මා බ්යඤ්ජනෙ ආදරං අකත්වා අත්ථමෙව දස්සෙතුං “ජානන්තො සඤ්ජානන්තො චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො”ති එවමස්ස පදභාජනං වුත්තං. තත්ථ ජානන්තොති “පාණො”ති ජානන්තො. සඤ්ජානන්තොති “ජීවිතා වොරොපෙමී”ති සඤ්ජානන්තො; තෙනෙව පාණජානනාකාරෙන සද්ධිං ජානන්තොති අත්ථො. චෙච්චාති වධකචෙතනාවසෙන චෙතෙත්වා පකප්පෙත්වා. අභිවිතරිත්වාති උපක්කමවසෙන මද්දන්තො නිරාසඞ්කචිත්තං පෙසෙත්වා. වීතික්කමොති එවං පවත්තස්ස යො වීතික්කමො අයං සඤ්චිච්චසද්දස්ස සිඛාප්පත්තො අත්ථොති වුත්තං හොති.
‘සඤ්චිච්ච’ යන මෙය, ‘සඤ්චිච්ච මනුස්සවිග්ගහං’ මාතෘකාවෙහි කියනලද ‘සඤ්චිච්ච’ යන පදයාගේ නගා දැක්වීමය. එහි සං යනු උපසර්ගයි. ඒ හා සමග ‘සඤ්චිච්ච’ යන මෙය, පූර්වකාල ක්‍රියා වචනයි. සඤ්චෙතනයකොට මොනවට සිතා යනු එහි අර්‍ත්‍ථයි. යම්හෙයකින් වනාහි යමෙක් තෙමේ සිතා දිවි තොර කෙරේ ද, හෙතෙමේ දන්නේ මනාකොට දන්නේ වේ. ඔහුගේ ඒ දිවි තොර කිරීම සිතා සනිටුහන් කොට කළ ව්‍යතික්‍රමය වේ. එහෙයින් ව්‍යඤ්ජනයෙහි ආදරය නො කොට අර්ත්ථයම දක්වනු පිණිස ‘ජානන්තො සඤ්ජානන්තො වෙච්ච අභිවීතරිත්වා විතික්කමො’යි මෙසේ ඔහු පිළිබඳ පදභාජනය වදාරණ ලදී. එහි ‘ජානන්තො’ යනු ප්‍රාණියෙකැයි දන්නේය. ‘සඤ්ජානත්තො’ ජීවිතයෙන් තොර කරමියි මනාකොට දන්නේය. එම ප්‍රාණය දන්නා ආකාරය සමග මනාකොට දන්නේය යන අර්‍ත්‍ථයි. ‘වෙච්ච’ වධක චේතනා වසයෙන් සිතා කල්පනාකොට ‘අභිවීතරිත්වා’ උපක්‍රම වශයෙන් මඩිමින් නිසැක සිත යවා ‘විතික්කමො’ මෙසේ පැවැතියහුගේ යම් ව්‍යතික්‍රමයක් වේ ද, මෙය සඤ්චිච්ච ශබ්දයාගේ කෙළ පැමිණි අර්ත්ථයයි කියන ලද්දේ වේ.
ඉදානි “මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙය්යා”ති එත්ථ වුත්තං මනුස්සත්තභාවං ආදිතො පට්ඨාය දස්සෙතුං “මනුස්සවිග්ගහො නාමා”තිආදිමාහ. තත්ථ ගබ්භසෙය්යකානං වසෙන සබ්බසුඛුමඅත්තභාවදස්සනත්ථං “යං මාතුකුච්ඡිස්මි”න්ති වුත්තං. පඨමං චිත්තන්ති පටිසන්ධිචිත්තං. උප්පන්නන්ති ජාතං. පඨමං විඤ්ඤාණං පාතුභූතන්ති ඉදං තස්සෙව වෙවචනං. “මාතුකුච්ඡිස්මිං පඨමං චිත්ත”න්ති වචනෙන චෙත්ථ සකලාපි පඤ්චවොකාරපටිසන්ධි දස්සිතා හොති. තස්මා තඤ්ච පඨමං චිත්තං තංසම්පයුත්තා ච තයො අරූපක්ඛන්ධා තෙන සහ නිබ්බත්තඤ්ච කලලරූපන්ති අයං සබ්බපඨමො මනුස්සවිග්ගහො. තත්ථ “කලලරූප”න්ති ඉත්ථිපුරිසානං කායවත්ථුභාවදසකවසෙන සමතිංස රූපානි, නපුංසකානං කායවත්ථුදසකවසෙන වීසති. තත්ථ ඉත්ථිපුරිසානං කලලරූපං ජාතිඋණ්ණාය එකෙන අංසුනා උද්ධටතෙලබින්දුමත්තං හොති අච්ඡං විප්පසන්නං. වුත්තඤ්චෙතං අට්ඨකථායං –
දැන් ‘මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙය්ය’ යන මෙහි වදාළ මිනිසත් බව ප්රතිසන්ධි විඥානය සමග උපන් කලල රූපය මුල පටන් දක්වනු පිණිස ‘මනුස්සවිග්ගහො නාම’ යනාදිය වදාළ සේක. එහි ගැබ හෝනවුන්ගේ වසයෙන් සියල්ලට වඩා සියුම් අත්බව දක්වනු පිණිස ‘යං මාතුකුච්ඡිස්මිං’ යනු වදාරණ ලදී. ‘පඨමං චිත්තං’ ප්රතිසන්ධි චිත්තයයි. ‘උප්පන්නං’ උපන්නේය ‘පඨමං විඤ්ඤාණං පාතුභූතං’ යන මෙය එයටම පර්‍ය්‍යාය වචනයි. ‘මාතුකුච්ඡිස්මිං පඨමං චිත්තං’ යන වචනයෙන් ද මෙහි සියලුම පිරිපුන් නො අඩු වූ රූපාදි පඤ්චස්කන්ධයන්ගේ ප්රතිසන්ධිය දක්වන ලද්දී වේ. එහෙයින් ඒ ප්‍රථම චිත්තයක් වේද, ඒ ප්‍රථම චිත්තය හා යෙදී ගත් ත්‍රිවිධ අරූපස්කන්ධයෝ ද, ඒ හා උපන් කලල රූපය ද යි යන මෙය සියල්ලට පළමු වූ මිනිස් සිරුරය. එහි ‘කලලරූපං’ යනු ස්ත්‍රීපුරුෂයන්ගේ කාය වස්තුභාව දශක වසයෙන් සමතිස් රූපයෝය. නපුංසකයන්ට කායවස්තු දශක වශයෙන් රූප විස්සක් වේ. එහි ස්ත්‍රී පුරුෂයන්ගේ කලල රූපය හිමාලයෙහි වසන ජාතිඋණණා නම් මකුළුවකුගේ එක් හුයකින් නගාත් එහි අග රැඳී සිටි මසැසට විෂය නොවූ පිරිසිදු වූ වෙසෙසින් පහන් වූ තෙල් බින්දුවක් පමණ වේ. මෙය අර්‍ත්‍ථකථාවෙහි කියන ලද්දේය:
“තිලතෙලස්ස යථා බින්දු, සප්පිමණ්ඩො අනාවිලො; එවංවණ්ණප්පටිභාගං කලලන්ති පවුච්චතී”ති. (විභ· අට්ඨ· 26 පකිණ්ණකකථා; සං· නි· අට්ඨ· 1.1.235);
‘තිලතෙලස්ස යථා බින්දු - සප්පිමණ්ඩො අනාවිලො, එවං වණ්ණපටිභාගං - කලලන්ති පවුච්චති’යි
‘තලතෙල් බින්දුවක්, නො කැලඹුනු පහන් ගිතෙලක් යම්සේ ද, එසේ රූ සටහන් ඇත්තේ කලල රූප’යි කියනු ලැබේ.
එවං පරිත්තකං වත්ථුං ආදිං කත්වා පකතියා වීසවස්සසතායුකස්ස සත්තස්ස යාව මරණකාලා එත්ථන්තරෙ අනුපුබ්බෙන වුඩ්ඪිප්පත්තො අත්තභාවො එසො මනුස්සවිග්ගහො නාම.
මෙසේ ස්වල්ප වූ වස්තුවක් ආදිකොට ප්‍රකෘතියෙන් එකසිය විසිවස් ඇති සත්ත්වයාගේ මරණ කාලය දක්වා මේ අතර පිළිවෙළින් වැඩීමට පැමිණි මේ අත්බව මනුෂ්‍යවිග්‍රහ නම් වේ.
ජීවිතා වොරොපෙය්යාති කලලකාලෙපි තාපනමද්දනෙහි වා භෙසජ්ජසම්පදානෙන වා තතො වා උද්ධම්පි තදනුරූපෙන උපක්කමෙන ජීවිතා වියොජෙය්යාති අත්ථො. යස්මා පන ජීවිතා වොරොපනං නාම අත්ථතො ජීවිතින්ද්රියුපච්ඡෙදනමෙව හොති, තස්මා එතස්ස පදභාජනෙ “ජීවිතින්ද්රියං උපච්ඡින්දති උපරොධෙති සන්තතිං විකොපෙතී”ති වුත්තං. තත්ථ ජීවිතින්ද්රියස්ස පවෙණිඝටනං උපච්ඡින්දන්තො උපරොධෙන්තො ච “ජීවිතින්ද්රියං උපච්ඡින්දති උපරොධෙතී”ති වුච්චති. ස්වායමත්ථො “සන්තතිං විකොපෙතී”තිපදෙන දස්සිතො. විකොපෙතීති වියොජෙති.
‘ජීවිතා වොරොපෙය්ය’ පළමු සතිය තුළ සන්තති වසයෙන් පැවැති කලල සඞ්ඛ්‍යාත ආත්මභාවය දිවියෙන් තොර කරන්නට හැකි බැවින් කලල කාලයෙහි හෝ හැවීම් මැඩීම්වලින් හෝ බෙහෙත් යෙදීමෙන් හෝ ඒ කලල කාලයෙන් මත්තෙහි හෝ එයට අනුරූප වූ උපක්‍රමයෙන් ජීවිතයෙන් තොර කරන්නේය, යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් වනාහි ජීවිතයෙන් තොර කිරීම අර්ත්ථ වශයෙන් ජීවිතෙන්ද්රියයාගේ සිඳීමම වේද, එහෙයින් මේ පිළිබඳ පදභාජනයෙහි ‘ජිවිතින්‍ද්‍රියං උපච්ඡින්දති උපරොධෙති සන්තතිං විකොපෙති’යි වදාරණ ලද්දේය. එහි ජීවිතෙන්ද්රිය පිළිබඳ සන්තතියගේ ගැළපීම සිඳින්නේ වළකාලන්නේ ජීවිතෙන්ද්රිය සිඳියි, වළකාලයි කියනු ලැබේ. ඒ මේ අර්ත්ථය තෙමේ ‘සන්තතිං විකොපෙති’ යන පදයෙන් දක්වන ලද්දේය. ‘විකොපෙති’ වෙන් කරයි.
තත්ථ දුවිධං ජීවිතින්ද්රියං – රූපජීවිතින්ද්රියං, අරූපජීවිතින්ද්රියඤ්ච. තෙසු අරූපජීවිතින්ද්රියෙ උපක්කමො නත්ථි, තං වොරොපෙතුං න සක්කා. රූපජීවිතින්ද්රියෙ පන අත්ථි, තං වොරොපෙතුං සක්කා. තං පන වොරොපෙන්තො අරූපජීවිතින්ද්රියම්පි වොරොපෙති. තෙනෙව හි සද්ධිං තං නිරුජ්ඣති තදායත්තවුත්තිතො. තං පන වොරොපෙන්තො කිං අතීතං වොරොපෙති, අනාගතං, පච්චුප්පන්නන්ති? නෙව අතීතං, න අනාගතං, තෙසු හි එකං නිරුද්ධං එකං අනුප්පන්නන්ති උභපම්පි අසන්තං, අසන්තත්තා උපක්කමො නත්ථි, උපක්කමස්ස නත්ථිතාය එකම්පි වොරොපෙතුං න සක්කා. වුත්තම්පි චෙතං –
එහි රූපජීවිතෙන්ද්රිය-අරූපජීවිතෙන්ද්රියයි ජීවිතෙන්ද්රිය දෙවැදෑරුම් වේ. එදෙක අතුරෙහි අරූපජීවිතෙන්ද්රියයෙහි උපක්‍රමයක් නැත්තේය. එය උපක්‍රමයෙන් තොර කරන්නට නොහැක්කේය. රූපජීවිතෙන්ද්රියයෙහි වනාහි උපක්‍රමය ඇත්තේය. එය තොර කරන්නට හැක්කේය. රූපජීවිතෙන්ද්රිය තොර කරණුයේ අරූපජීවිතෙන්‍ද්‍රිය ද තොර කරයි. එයට අයත් පැවැතුම් ඇති බැවින් රූපජීවිතෙන්ද්රිය සමග අරූපජීවිතෙන්‍ද්‍රිය ද නිරුද්ධ වන්නේ ය. කිම? රූප ජීවිතෙන්ද්රිය තොර කරණුයේ අතීත ජීවිතෙන්ද්රිය තොර කෙරේ ද, අනාගත ජීවිතෙන්ද්රිය තොර කෙරේ ද, වර්තමාන ජීවිතෙන්ද්රිය තොර කෙරේ ද: යන මෙහි අතීත ජීවිතෙන්ද්රිය තොර නොකෙරේමය. එසේම අනාගත ජීවිතෙන්ද්රිය ද තොර නො කෙරේමය. ඔවුන් අතුරෙහි එකෙක් නිරුද්ධ වූයේ, එකෙක් නො උපන්නේයයි අතීත - අනාගත රූප දෙකම නැත්තේය. නැති බැවින් උපක්‍රමයක් නැත්තේය. උපක්‍රමයක් නැති බැවින් එකකුදු තෙර කරන්නට නොහැකිය.
“අතීතෙ චිත්තක්ඛණෙ ජීවිත්ථ, න ජීවති; න ජීවිස්සති. අනාගතෙ චිත්තක්ඛණෙ ජීවිස්සති, න ජීවිත්ථ; න ජීවති. පච්චුප්පන්නෙ චිත්තක්ඛණෙ ජීවති, න ජීවිත්ථ; න ජීවිස්සතී”ති (මහානි· 10).
‘අතීත චිත්තක්ෂණයෙහි ජීවත් වූයේය, ජීවත් නොවේ, ජීවත් නොවන්නේය, අනාගත චිත්තක්ෂණයෙහි ජීවත් වන්නේය, ජීවත් නො වූයේය, ජීවත් නොවේ, වර්තමාන චිත්තක්ෂණයෙහි ජීවත් වේ. ජීවත් නො වූයේය, ජීවත් නො වන්නේය’යි මෙය වදාරණ ලද්දේය.
තස්මා යත්ථ ජීවති තත්ථ උපක්කමො යුත්තොති පච්චුප්පන්නං වොරොපෙති.
එහෙයින් යම්කලෙක්හි ජීවත් වේ ද, එකල්හි උපක්‍රමය තෙමේ යුතුයයි වර්තමාන ජීවිතෙන්ද්රිය තොර කරයි.
පච්චුප්පන්නඤ්ච නාමෙතං ඛණපච්චුප්පන්නං, සන්තතිපච්චුප්පන්නං, අද්ධාපච්චුප්පන්නන්ති තිවිධං. තත්ථ “ඛණපච්චුප්පන්නං” නාම උප්පාදජරාභඞ්ගසමඞ්ගි, තං වොරොපෙතුං න සක්කා. කස්මා? සයමෙව නිරුජ්ඣනතො. “සන්තතිපච්චුප්පන්නං” නාම සත්තට්ඨජවනවාරමත්තං සභාගසන්තතිවසෙන පවත්තිත්වා නිරුජ්ඣනකං, යාව වා උණ්හතො ආගන්ත්වා ඔවරකං පවිසිත්වා නිසින්නස්ස අන්ධකාරං හොති, සීතතො වා ආගන්ත්වා ඔවරකෙ නිසින්නස්ස යාව විසභාගඋතුපාතුභාවෙන පුරිමකො උතු නප්පටිප්පස්සම්භති, එත්ථන්තරෙ “සන්තතිපච්චුප්පන්න”න්ති වුච්චති . පටිසන්ධිතො පන යාව චුති, එතං “අද්ධාපච්චුප්පන්නං” නාම. තදුභයම්පි වොරොපෙතුං සක්කා. කථං? තස්මිඤ්හි උපක්කමෙ කතෙ ලද්ධුපක්කමං ජීවිතනවකං නිරුජ්ඣමානං දුබ්බලස්ස පරිහීනවෙගස්ස සන්තානස්ස පච්චයො හොති. තතො සන්තතිපච්චුප්පන්නං වා අද්ධාපච්චුප්පන්නං වා යථාපරිච්ඡින්නං කාලං අපත්වා අන්තරාව නිරුජ්ඣති . එවං තදුභයම්පි වොරොපෙතුං සක්කා, තස්මා තදෙව සන්ධාය “සන්තතිං විකොපෙතී”ති ඉදං වුත්තන්ති වෙදිතබ්බං.
මේ වර්තමාන ජීවිතෙන්ද්රිය ක්ෂණප්රත්යුත්පන්න - සන්තතිපත්යුත්පන්න - අද්ධාප්රත්යුත්පන්නයි තෙවැදෑරුම් වේ. එහි ක්ෂණප්රත්යුත්පන්න ජීවිතෙන්ද්රිය නම් උප්පාද ජරා - භඞ්ග යන මෙයින් යුක්ත වූයේය. එය තොර කරන්නට නො හැක්කේය. කුමක් හෙයින් යත්:- තමාම නිරුද්ධ වන බැවිනි. සන්තතිප්රත්යුත්පන්නය වනාහි ජීවන වාර සක අටක් පමණ කුසලාකුසලසොමනස්සඋපෙක්ඛාආදිසභාගසන්තති වසයෙන් පැවැත නිරුද්ධ වන්නේය. යම්තාක්කල් උෂ්ණයෙහි සිට අවුත් ඇතුල් ගබඩාවට පිවිස හුන්නහුට යම්තාක් විසභාග සෘතු පහළවීමෙහි හේතුවෙන් පළමු පැවැති සෘතුව නො සන්සිඳේ ද මේ අතර සන්තතිප්රත්යුපන්නයි කියනු ලැබේ. ප්රතිසන්ධිය පටන් ච්‍යුතිය දක්වා ඇති මෙය අද්ධාප්රත්යුත්පන්න නම් වේ. එදෙකම තොර කරන්නට හැක්කේය. කෙසේද යත්:- එහි උපක්‍රම කළ කල්හි ලද උපක්‍රම ඇති ජීවිතනවකය නිරුද්ධ වනුයේ දුර්වල වූ පිරිහුනු කර්මවෙගය ඇති සන්තානයට සහකාරී ප්‍රත්‍යය වේ. එහෙයින් සන්තතිප්රත්යුපන්නය හෝ අද්ධාප්රත්යුත්පන්නය හෝ පිරිසිඳින ලද කාලයට නො පැමිණ අතරදීම නිරුද්ධ වන්නේය. මෙසේ එදෙකම තොර කරන්නට හැක්කේය. එහෙයින් එයම සඳහා ‘සන්තතිං විකොපෙති’ යන මෙය වදාරණ ලද්දේ යයි දතයුතුය.
ඉමස්ස පනත්ථස්ස ආවිභාවත්ථං පාණො වෙදිතබ්බො, පාණාතිපාතො වෙදිතබ්බො, පාණාතිපාති වෙදිතබ්බො, පාණාතිපාතස්ස පයොගො වෙදිතබ්බො. තත්ථ “පාණො”ති වොහාරතො සත්තො, පරමත්ථතො ජීවිතින්ද්රියං. ජීවිතින්ද්රියඤ්හි අතිපාතෙන්තො “පාණං අතිපාතෙතී”ති වුච්චති තං වුත්තප්පකාරමෙව. “පාණාතිපාතො”ති යාය චෙතනාය ජීවිතින්ද්රියුපච්ඡෙදකං පයොගං සමුට්ඨාපෙති, සා වධකචෙතනා “පාණාතිපාතො”ති වුච්චති. “පාණාතිපාතී”ති වුත්තචෙතනාසමඞ්ගි පුග්ගලො දට්ඨබ්බො. “පාණාතිපාතස්ස පයොගො”ති පාණාතිපාතස්ස ඡපයොගා – සාහත්ථිකො, ආණත්තිකො, නිස්සග්ගියො, ථාවරො, විජ්ජාමයො, ඉද්ධිමයොති.
මේ අර්ත්ථය පැහැදිලි කරනු පිණිස ප්‍රාණය දතයුතුය. ප්රාණානිපාතය දතයුතුය. ප්රාණාතිපාතී දතයුතුය. ප්‍රාණාතිපාත ප්‍රයොගය දතයුතුය. එහි පාණො යනු ව්‍යවහාර වශයෙන් සත්ත්ව තෙමේය. පරමාර්‍ත්‍ථ වශයෙන් ජීවිතෙන්ද්‍රියය. ජීවිතෙන්ද්රිය වනසනුයේ ප්‍රාණය ජීවිතයෙන් වහා පහකෙරේයයි කියනු ලැබේ. එය කියූ අයුරු ඇත්තේමය. ‘පාණාතිපාතො’ යනු යම් චේතනාවකින් ජීවිතෙන්ද්රිය සිඳලන ප්‍රයෝග උපදවා ද, ඒ වධක චේතනා තොමෝ පාණාතිපාතයි කියනු ලැබේ. ‘පාණාතිපාතී’ යනු කියන ලද චේතනාවෙන් යුක්ත පුද්ගල තෙමේයයි දතයුතුය. ‘පාණාතිපාතස්ස පයොගො’ ප්රාණාතිපාතයට සාහත්ථික - ආණත්තිය - නිස්සග්ගිය ථාවර - විජ්ජාමය - ඉද්ධිමයයි ප්‍රයොග සයක් වේ.
තත්ථ “සාහත්ථිකො”ති සයං මාරෙන්තස්ස කායෙන වා කායප්පටිබද්ධෙන වා පහරණං. “ආණත්තිකො”ති අඤ්ඤං ආණාපෙන්තස්ස “එවං විජ්ඣිත්වා වා පහරිත්වා වා මාරෙහී”ති ආණාපනං. “නිස්සග්ගියො”ති දූරෙ ඨිතං මාරෙතුකාමස්ස කායෙන වා කායප්පටිබද්ධෙන වා උසුසත්තියන්තපාසාණාදීනං නිස්සජ්ජනං. “ථාවරො”ති අසඤ්චාරිමෙන උපකරණෙන මාරෙතුකාමස්ස ඔපාතඅපස්සෙනඋපනික්ඛිපනං භෙසජ්ජසංවිධානං. තෙ චත්තාරොපි පරතො පාළිවණ්ණනායමෙව විත්ථාරතො ආවිභවිස්සන්ති.
එහි ‘සාහත්ථිකො’ යනු සතකු මරන්නාහු තමන්ගේ කයින් හෝ කය පිළිබඳ වූවකින් හෝ පැහැරීමය. ‘ආණන්තියො’ යනු ‘මෙසේ විද හෝ පහර දී හෝ මරව’යි අනෙකක්හට අණවන්නහුගේ අණ කිරීමය. ‘නිස්සග්ගියො’ යනු දුර සිටියකු මරණු කැමැත්තහුගේ කයින් හෝ කය පිළිබඳ වූවකින් හෝ ඊ සැත් යතුරු පහන් ආදිය දමාගැසීමය. ‘ථාවරො’ යනු නිශ්චල වූ උපකරණයකින් මරනු කැමැත්තහුගේ වළකැණීම් හේත්තු පුවරු තැබීම් කඩු ආදිය එළවා තැබීම්, බෙහෙත් යෙදීම්ය. සාහත්ථිකාදී වූ ඔවුහු සතරම ඉදිරියෙහි පාලිවර්ණනාවෙහි විස්තර වශයෙන් ප්‍රකාශ වන්නාහුය.
විජ්ජාමයඉද්ධිමයා පන පාළියං අනාගතා. තෙ එවං වෙදිතබ්බා. සඞ්ඛෙපතො හි මාරණත්ථං විජ්ජාපරිජප්පනං විජ්ජාමයො පයොගො. අට්ඨකථාසු පන “කතමො විජ්ජාමයො පයොගො? ආථබ්බණිකා ආථබ්බණං පයොජෙන්ති; නගරෙ වා රුද්ධෙ සඞ්ගාමෙ වා පච්චුපට්ඨිතෙ පටිසෙනාය පච්චත්ථිකෙසු පච්චාමිත්තෙසු ඊතිං උප්පාදෙන්ති, උපද්දවං උප්පාදෙන්ති, රොගං උප්පාදෙන්ති, පජ්ජරකං උප්පාදෙන්ති, සූචිකං කරොන්ති, විසූචිකං කරොන්ති, පක්ඛන්දියං කරොන්ති. එවං ආථබ්බණිකා ආථබ්බණං පයොජෙන්ති. විජ්ජාධාරා විජ්ජං පරිවත්තෙත්වා නගරෙ වා රුද්ධෙ…පෙ… පක්ඛන්දියං කරොන්තී”ති එවං විජ්ජාමයං පයොගං දස්සෙත්වා ආථබ්බණිකෙහි ච විජ්ජාධරෙහි ච මාරිතානං බහූනි වත්ථූනි වුත්තානි, කිං තෙහි! ඉදඤ්හෙත්ථ ලක්ඛණං මාරණාය විජ්ජාපරිජප්පනං විජ්ජාමයො පයොගොති.
විද්‍යාමය - ඍද්ධිමය ප්‍රයෝග දෙක පෙළෙහි නො ආයේය. එදෙක මෙසේ දතයුතු :- මැරීම පිණිස මන්ත්‍ර ජපකිරීම විද්‍යාමය ප්‍රයෝගයයි සැකෙවින් කියයුතුය. අර්‍ත්‍ථකථාවන්හි ‘විද්‍යාමය ප්‍රයොගය කවරේදැ’යි ප්‍රශ්නකොට අථර්වන වෙදීහු අථර්වණය යොදත්. නුවර ඇවුරූ කල්හි හෝ යුද්ධයක් එළැඹ සිටි කල්හි හෝ සතුරු සේනාවෙහි විරෝධී වූ පසමිතුරන් කෙරෙහි දෂ්ටකොට මරණු පිණිස ගෝනුසු විසකුරු සතුන් හැසිරවීමෙන් පීඩා උපදවත්. එයට වැඩිනරම් වූ උවදුරු උපදවත්. රෝග උපදවත්. විෂමජ්වර උපදවත්. අඟපසඟ හිදිවලින් විද රුජා උපදවත්, රුජා සහිත ආමාතිසාරය උපදවත්, රක්තාතිසාරය උපදවත්. මෙසේ අථර්වන් වේදය දන්නෝ අථර්වණය යොදති. විද්‍යාධරයෝ ගන්ධාරවිද්යාදිය ජපකොට නුවර ඇවුරූ කල්හි හෝ -පෙ- රක්තාතිසාරය උපදවත්යි මෙසේ විද්‍යාමය ප්‍රයෝගය දක්වා ආථර්වණිකයන් විසින් ද විද්‍යාධරයන් විසින් ද මරණ ලද්දවුන්ගේ බොහෝ වස්තූහු කියන ලද්දාහ. එයින් කම් කිම? මේ මෙහි ලක්ෂණයයි. මැරීම පිණිස විද්‍යා පරිකල්පනය විද්‍යාමය ප්රයොගයයි.
කම්මවිපාකජාය ඉද්ධියා පයොජනං ඉද්ධිමයො පයොගො. කම්මවිපාකජිද්ධි ච නාමෙසා නාගානං නාගිද්ධි, සුපණ්ණානං සුපණ්ණිද්ධි, යක්ඛානං යක්ඛිද්ධි, දෙවානං දෙවිද්ධි, රාජූනං රාජිද්ධීති බහුවිධා. තත්ථ දිට්ඨදට්ඨඵුට්ඨවිසානං නාගානං දිස්වා ඩංසිත්වා ඵුසිත්වා ච පරූපඝාතකරණෙ “නාගිද්ධි” වෙදිතබ්බා. සුපණ්ණානං මහාසමුද්දතො ද්වත්තිබ්යාමසතප්පමාණනාගුද්ධරණෙ “සුපණ්ණිද්ධි” වෙදිතබ්බා. යක්ඛා පන නෙව ආගච්ඡන්තා න පහරන්තා දිස්සන්ති, තෙහි පහටසත්තා පන තස්මිංයෙව ඨානෙ මරන්ති, තත්ර තෙසං “යක්ඛිද්ධි” දට්ඨබ්බා. වෙස්සවණස්ස සොතාපන්නකාලතො පුබ්බෙ නයනාවුධෙන ඔලොකිතකුම්භණ්ඩානං මරණෙ අඤ්ඤෙසඤ්ච දෙවානං යථාසකං ඉද්ධානුභාවෙ “දෙවිද්ධි” වෙදිතබ්බා. රඤ්ඤො චක්කවත්තිස්ස සපරිසස්ස ආකාසගමනාදීසු, අසොකස්ස හෙට්ඨා උපරි ච යොජනෙ ආණාපවත්තනාදීසු, පිතුරඤ්ඤො ච සීහළනරින්දස්ස දාඨාකොටනෙන චූළසුමනකුටුම්බියස්සමරණෙ “රාජිද්ධි” දට්ඨබ්බාති.
කර්මවිපාකජඍද්ධිය යෙදීම සෘද්ධිමය ප්‍රයෝගයයි. කර්මවිපාකජඍද්ධිය නම් නාගයන්ගේ නාගසෘද්ධිය, ගුරුළන්ගේ ගුරුළුසෘද්ධිය, යකුන්ගේ යක්ෂසෘද්ධිය, දෙවියන්ගේ දෙවඍද්ධිය, රජුන්ගේ රාජඍද්ධියයි බොහෝ අයුරු වන්නීය. එහි දක්නාලද දෂ්ට කරණලද පැහැසූ විෂ ඇති නාගයන්ගේ දැකීමෙන් දෂ්ට කිරීමෙන් ස්පර්ශ කිරීමෙන් අන්හු නැසීමෙහි නාගසෘද්ධිය දතයුතුය. ගුරුළන්ගේ ගරුඩඍද්ධිය මහ මුහුදින් බඹ දෙතුන්සියය පමණ වූ නාගයන් නගාගැණීමෙහි දතයුතුය. යක්ෂයෝ වනාහි එන්නෝත් පහර දෙන්නෝත් නොපෙණෙත්මය. ඔවුන් විසින් පහර දෙන ලද සත්ත්වයෝ එතැනම මැරී වැටෙත්. එහි ඔවුන්ගේ යක්ෂසෘද්ධිය දතයුතුය. වෛශ්රවණයා තමා සෝවාන්වීමට පෙර නයනායුධයෙන් බැලූ කුම්භාණ්ඩයන්ගේ මරණයෙහි ද, අන්‍යවූත් දෙවියන්ගේ තම තමන් පිළිබඳ සෘද්ධ්යනුභාවයෙහි දෙවඍද්ධිය දතයුතුය. පිරිස් සහිත වූ සක්විති රජුගේ අහස් ගමන් ආදියෙහි ද, අශෝක රජුගේ යට උඩ යොදුනක් පමණ තැන අණ පැවැතීම් ආදියෙහි ද, පිතෘරාජ නම් වූ සිංහල නරෙන්ද්රයාගේ දත්වල ගැටීම හේතුකොට චූලසුමන කෙළෙඹිහුගේ මැරීමෙහි රාජසෘද්ධිය දතයුතුය.
කෙචි පන “පුන චපරං, භික්ඛවෙ, සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පත්තො අඤ්ඤිස්සා කුච්ඡිගතං ගබ්භං පාපකෙන මනසාඅනුපෙක්ඛිතා හොති ‘අහො වතායං කුච්ඡිගතො ගබ්භො න සොත්ථිනා අභිනික්ඛමෙය්යා’ති. එවම්පි භික්ඛවෙ කුලුම්බස්ස උපඝාතො හොතී”ති ආදිකානි සුත්තානි දස්සෙත්වා භාවනාමයිද්ධියාපි පරූපඝාතකම්මං වදන්ති; සහ පරූපඝාතකරණෙන ච ආදිත්තඝරූපරිඛිත්තස්ස උදකඝටස්ස භෙදනමිව ඉද්ධිවිනාසඤ්ච ඉච්ඡන්ති; තං තෙසං ඉච්ඡාමත්තමෙව. කස්මා? යස්මා කුසලවෙදනාවිතක්කපරිත්තත්තිකෙහි න සමෙති. කථං? අයඤ්හි භාවනාමයිද්ධි නාම කුසලත්තිකෙ කුසලා චෙව අබ්යාකතා ච, පාණාතිපාතො අකුසලො. වෙදනාත්තිකෙ අදුක්ඛමසුඛසම්පයුත්තා පාණාතිපාතො දුක්ඛසම්පයුත්තො. විතක්කත්තිකෙ අවිතක්කාවිචාරා, පාණාතිපාතො සවිතක්කසවිචාරො. පරිත්තත්තිකෙ මහග්ගතා, පාණාතිපාතො පරිත්තොති.
මහාසඞ්ඝකනිකායික වූ ඇතැම් කෙනෙක් ‘පුන ච පරං භික්ඛවෙ සමණො වා බ්රාහ්මණො වා ඉද්ධිමා චෙතොවසිප්පතො අඤ්ඤිස්සා කුච්ඡිගතං ගබ්භං පාපකෙ මනසානුපෙක්ඛිතා හොති අහො වතායං කුච්ඡිගතං ගබ්හං න සොත්ථිනා අභිනික්ඛමෙය්යාති, එවම්පි භික්ඛවෙ කුලුම්බස්ස උපඝාතො හොති’ යනාදී වූ සූත්‍ර දක්වා භාවනාමය සෘද්ධියෙන් ද පරුපඝාතකර්මය කියන්නාහුය. පරුපඝාතකරණය සමග ද ගිනිගත් ගෙයක් මතුවෙහි තුබූ පැන්කළයක බිඳීම මෙන් සෘද්ධි විනාශය ද කැමැති වෙත්. එය ඔවුන්ගේ ඊප්සාමාත්රයෙකි. කුමක් හෙයින් යත්: යම්හෙයකින් කුශලවෙදනා විතර්ක පරිත්තත්රිකය හා සම නොවේද, එහෙයිනි. මේ භාවනාමය සෘද්ධිය කෙසේ කුශලත්‍රිකයෙහි කුශලයත් අව්යාකෘතයත් වී ද, ප්‍රාණාතිපාතය අකුශල වේ. වෙදනාත්රිකයෙහි උපෙක්ෂාව හා යුක්තය. ප්‍රාණාතිපාතය දුඃඛසම්ප්රයුක්තය. විතර්කත්රිකයෙහි විතර්ක විචාර රහිතය. ප්‍රාණාතිපාතය විතර්ක විචාර සහිතය. පරිත්තත්රිකයෙහි මහද්ගතය. ප්‍රාණාතිපාතය පරිත්තය සියුම්ය.
සත්ථහාරකං වාස්ස පරියෙසෙය්යාති එත්ථ හරතීති හාරකං. කිං හරති? ජීවිතං. අථ වා හරිතබ්බන්ති හාරකං; උපනික්ඛිපිතබ්බන්ති අත්ථො. සත්ථඤ්ච තං හාරකඤ්චාති සත්ථහාරකං. අස්සාති මනුස්සවිග්ගහස්ස. පරියෙසෙය්යාති යථා ලභති තථා කරෙය්ය; උපනික්ඛිපෙය්යාති අත්ථො. එතෙන ථාවරප්පයොගං දස්සෙති. ඉතරථා හි පරියිට්ඨමත්තෙනෙව පාරාජිකො භවෙය්ය; න චෙතං යුත්තං. පාළියං පන සබ්බං බ්යඤ්ජනං අනාදියිත්වා යං එත්ථ ථාවරප්පයොගසඞ්ගහිතං සත්ථං, තදෙව දස්සෙතුං “අසිං වා…පෙ… රජ්ජුං වා”ති පදභාජනං වුත්තං.
‘සත්ථහාරකං වාස්ස පරියෙසෙය්ය’ මෙහි හරීනුයි හාරක නමි. කුමක් හරීද? ජීවිතයයි. නොහොත් හැරිය යුත්තේනුයි හාරක නමි. එළවා තැබිය යුත්තේය යන අර්‍ත්‍ථයි. ශස්ත්‍ර වූයේත් ඒමය, හාරක වූයේත් ඒමනුයි සත්ථහාරක නමි. ‘අස්ස’ මනුෂ්‍ය ශරීරයාගේ. ‘පරියෙසෙය්ය’ යම් සේ ලබා ද, එසේ කරන්නේය. එළවා තබන්නේය යන අර්‍ත්‍ථයි. මෙයින් ස්ථාවර ප්‍රයෝගය දක්වන්නේය. අන්ලෙසකින් වනාහි සෙවූ පමණකින්ම පාරාජිකයෙක් වන්නේ නම් මෙය යුතු නොවේ. පෙළෙහි වනාහි සියලු ව්‍යඤ්ජන නොගෙණ මෙහි ස්ථාවර ප්‍රයොගයෙන් සඞ්ග්‍රහ කරණලද යම් ආයුධයෙක් වේද, එයම දක්වන්නට ‘අසිං වා -පෙ- රජ්ජුං වා’යි පදභාජනයෙහි වදාරණ ලද්දේය.
තත්ථ සත්ථන්ති වුත්තාවසෙසං යංකිඤ්චි සමුඛං වෙදිතබ්බං. ලගුළපාසාණවිසරජ්ජූනඤ්ච ජීවිතවිනාසනභාවතො සත්ථසඞ්ගහො වෙදිතබ්බො. මරණවණ්ණං වාති එත්ථ යස්මා “කිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීවිතෙන, යො ත්වං න ලභසි පණීතානි භොජනානි භුඤ්ජිතු”න්තිආදිනා නයෙන ජීවිතෙ ආදීනවං දස්සෙන්තොපි “ත්වං ඛොසි උපාසක කතකල්යාණො…පෙ… අකතං තයා පාපං, මතං තෙ ජීවිතා සෙය්යො, ඉතො ත්වං කාලඞ්කතො පරිචරිස්සසි අච්ඡරාපරිවුතො නන්දනවනෙ සුඛප්පත්තො විහරිස්සසී”තිආදිනා නයෙන මරණෙ වණ්ණං භණන්තොපි මරණවණ්ණමෙව සංවණ්ණෙති. තස්මා ද්විධා භින්දිත්වා පදභාජනං වුත්තං – “ජීවිතෙ ආදීනවං දස්සෙති, මරණෙ වණ්ණං භණතී”ති.
එහි සත්ථං යනු කියනලද කඩු ආදියෙන් ඉතිරි වූ මුවහත් කළ යම්කිසි ආයුධයෙකැයි දතයුතුය. මුගුරු ගල් විස රැහන් ද ජීවිතය නසන බැවින් මාතෘකාවෙහි ‘සත්ථහාරකං වා’යි කියූ ශස්ත්‍ර සඞ්ග්‍රහයෙහි දතයුතුය. ‘මරණවණ්ණං වා’ යන මෙහි යම්හෙයකින් ‘තට මේ ලාමක වූ නින්දිත ජීවිතයෙන් කම් කිම? යම්බඳු වූ තෝ ප්‍රණීත වූ භොජනයන් වළඳන්නට නො ලබහිද, යනාදි නයින් ජීවිතයෙහි ආදීනව දක්වන්නේ ද, ‘උපාසකය! තෝ කළ පිරිසිදු කර්ම ඇත්තෙහිය - පෙ- තා විසින් පව් නොකරන ලදය. තට ජීවත්වීමට වඩා මැරීයෑම ශ්‍රේෂ්ඨය, තෝ මෙහි කලුරිය කෙළෙහි -පෙ- ඉඳුරන් හසුරු වන්නෙහිය, දෙවඟනන් විසින් පිරිවරණ ලදුයෙහි නන්දන වනයෙහි සැපයට පැමිණියේ වසන්නෙහිය, යනාදි ක්‍රමයෙන් මරණයෙහි ගුණ කියන්නේ, මරණයෙහි ගුණම වර්ණනා කෙරේ. එහෙයින් ‘ජීවිතෙ ආදීනවං දස්සෙති මරණෙ වණ්ණං භණති’යි දෙපරිද්දෙකින් බිඳ පදභාජනය වදාරණ ලද්දේය.
මරණාය වා සමාදපෙය්යාති මරණත්ථාය උපායං ගාහාපෙය්ය. සත්ථං වා ආහරාති ආදීසු ච යම්පි න වුත්තං “සොබ්භෙ වා නරකෙ වා පපාතෙ වා පපතා”තිආදි, තං සබ්බං පරතො වුත්තනයත්තා අත්ථතො වුත්තමෙවාති වෙදිතබ්බං. න හි සක්කා සබ්බං සරූපෙනෙව වත්තුං.
‘මරණාය වා සමාදපෙය්ය’ මැරෙණු පිණිස උපාය හෝ ගන්වන්නේය. ‘සත්ථං වා ආහර’ යනාදි තන්හි ද ‘සොබ්හෙ වා පපත, නරකෙ වා පපත’, යනාදී වූ යමක් වදාරණ ලදද, ඒ සියල්ල පසුභාගයෙහි කියූ නය ඇති බැවින් අර්ත්ථ වශයෙන් කියන ලදමැයි දතයුතුය. සියල්ල ස්වරූප වශයෙන් කියන්නට නොහැකිය.
ඉති චිත්තමනොති ඉතිචිත්තො ඉතිමනො; “මතං තෙ ජීවිතා සෙය්යො”ති එත්ථ වුත්තමරණචිත්තො මරණමනොති අත්ථො. යස්මා පනෙත්ථ මනො චිත්තසද්දස්ස අත්ථදීපනත්ථං වුත්තො, අත්ථතො පනෙතං උභයම්පි එකමෙව, තස්මා තස්ස අත්ථතො අභෙදං දස්සෙතුං “යං චිත්තං තං මනො, යං මනො තං චිත්ත”න්ති වුත්තං. ඉතිසද්දං පන උද්ධරිත්වාපි න තාව අත්ථො වුත්තො. චිත්තසඞ්කප්පොති ඉමස්මිං පදෙ අධිකාරවසෙන ඉතිසද්දො ආහරිතබ්බො. ඉදඤ්හි “ඉතිචිත්තසඞ්කප්පො”ති එවං අවුත්තම්පි අධිකාරතො වුත්තමෙව හොතීති වෙදිතබ්බං. තථා හිස්ස තමෙවඅත්ථං දස්සෙන්තො “මරණසඤ්ඤී”තිආදිමාහ. යස්මා චෙත්ථ “සඞ්කප්පො”ති නයිදං විතක්කස්ස නාමං. අථ ඛො සංවිදහනමත්තස්සෙතං අධිවචනං. තඤ්ච සංවිදහනං ඉමස්මිං අත්ථෙ සඤ්ඤාචෙතනාධිප්පායෙහි සඞ්ගහං ගච්ඡති. තස්මා චිත්තො නානප්පකාරකො සඞ්කප්පො අස්සාති චිත්තසඞ්කප්පොති එවමත්ථො දට්ඨබ්බො. තථා හිස්ස පදභාජනම්පි සඤ්ඤාචෙතනාධිප්පායවසෙන වුත්තං. එත්ථ ච “අධිප්පායො”ති විතක්කො වෙදිතබ්බො.
‘ඉතිචිත්තමනො’ මෙබඳු සිතැත්තේය. මෙබඳු මනස් ඇත්තේය. ‘මතන්තෙ ජීවිතා සෙය්යා’ යන මෙහි කියූ මරණ සිත් ඇත්තේය. මරණයෙහි මනස් ඇත්තේය යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් වනාහි මෙහි මනො යනු චිත්තයාගේ අර්ත්ථ දක්වනු පිණිස වදාරණ ලද්දේ ද, අර්ත්ථ වශයෙන් මේ දෙකම එකක්ම වේ. එහෙයින් අර්ත්ථ වශයෙන් භෙදයක් නැති බව දක්වනු පිණිස ‘යං චිත්තං තං මනො, යං මනො තං චිත්තං’ යනු වදාරණ ලද්දේ ය. ඉති ශබ්දය වනාහි උදුරා ද ඒ තාක් අර්ත්ථය නො කියන ලදය. ‘චිත්තසඞ්කප්පො’ යන මේ පදයෙහි අධිකාර වසයෙන් ඉති ශබ්දය ගෙන හැර දැක්විය යුතුය. මේ වනාහි ‘ඉතිචිත්තසඞ්කප්පො’යි මෙසේ නො කියන ලද්දේ ද, අධිකාර වසයෙන් කියන ලද්දේම වේයයි දතයුතුය. ඒ එසේමය. මේ ඉති ශබ්දය පිළිබඳ ඒ මරණ සඞ්ඛ්‍යාත අර්ත්ථය දක්වන සේක් ‘මරණසඤ්ඤී’ යනාදිය වදාළ සේක. යම්හෙයකින් මෙහි ‘සඞ්කප්ප’ යන මෙය විතර්කයට නමක් නොවේද, එහෙත් සංවිදහනමාත්රයට මේ නමක් වේ. ඒ සංවිදහනය ද මේ අර්‍ත්‍ථයෙහි සංඥාචෙතනාභිප්රායයන් හා සඞ්ග්‍රහයට යන්නේය. එහෙයින් විචිත්‍ර වූ නානාප්‍රකාර වූ සඞ්කල්පය මොහුට නුයි චිත්තසඞ්කප්පයි මෙසේ අර්ත්ථ දතයුතුය. ඒ එසේමය. මොහු පිළිබඳ පදභාජනය ද සංඥාචෙතනාභිප්රාය වශයෙන් කියන ලදී. මෙහි ද අභිප්‍රාය යන විතර්කය දතයුත්තේය.
උච්චාවචෙහි ආකාරෙහීති මහන්තාමහන්තෙහි උපායෙහි. තත්ථ මරණවණ්ණසංවණ්ණනෙ තාව ජීවිතෙ ආදීනවදස්සනවසෙන අවචාකාරතා මරණෙ වණ්ණභණනවසෙන උච්චාකාරතා වෙදිතබ්බා. සමාදපනෙ පන මුට්ඨිජාණුනිප්ඵොටනාදීහි මරණසමාදපනවසෙන උච්චාකාරතා, එකතො භුඤ්ජන්තස්ස නඛෙ විසං පක්ඛිපිත්වා මරණාදිසමාදපනවසෙන අවචාකාරතා වෙදිතබ්බා.
‘උච්චාවචෙහි ආකාරෙහි’ මහත් නොමහත් උපායයන්ගෙන් එහි මරණය පිළිබඳ ගුණවර්ණනාවෙහි වනාහි ජීවිතයෙහි ආදීනව දැක්වීම් වශයෙන් නො මහත් අයුරු ඇති බව ද මරණයෙහි ගුණකීම් වසයෙන් මහත් අයුරු ඇති බව ද දතයුතුය. සමාදන් කරවීමෙහි වනාහි මිටින් දණින් මැඩීම් ආදියෙන් මරණයෙහි සමාදන් කරවීම් වසයෙන් මහත් අයුරු ඇති බවද එක්ව බුදින්නහුගේ හිසෙහි විෂ බහා මරණයෙහි සමාදන් කරවීම් වසයෙන් නො මහත් අයුරු ඇති බවද දතයුතුය.
සොබ්භෙ වා නරකෙ වා පපාතෙ වාති එත්ථ සොබ්භො නාම සමන්තතො ඡින්නතටො ගම්භීරො ආවාටො. නරකො නාම තත්ථ තත්ථ ඵලන්තියා භූමියා සයමෙව නිබ්බත්තා මහාදරී, යත්ථ හත්ථීපි පතන්ති, චොරාපි නිලීනා තිට්ඨන්ති. පපාතොති පබ්බතන්තරෙ වා ථලන්තරෙ වා එකතො ඡින්නො හොති. පුරිමෙ උපාදායාති මෙථුනං ධම්මං පටිසෙවිත්වා අදින්නඤ්ච ආදියිත්වා පාරාජිකං ආපත්තිං ආපන්නෙ පුග්ගලෙ උපාදාය. සෙසං පුබ්බෙ වුත්තනයත්තා උත්තානත්ථත්තා ච පාකටමෙවාති.
‘සොබ්හෙ වා නරකෙ වා පපාතෙ වා’ යන මෙහි සොබ්හ නම් හාත්පසින් සුන්වීගිය තටය ඇති ගැඹුරු වළය. නරක නම් ඒ ඒ තැන පැළීයන බිමෙහි තමන්ම හටගත් මහත් විවර ඇති බිහිසුණු ගැඹුරු වළය. යම් තැනෙක්හි ඇත්තු වැටෙත් ද, සොරු සැඟවී සිටිත් ද ඒ තැනය. පපාත නම් කඳු අතර හෝ ගොඩ බිම් අතර හෝ එක් පසෙකින් සිඳුනේ වේ ද ඒ ය. කඳු බෑවුම්ය. ‘පුරිමෙ උපාදාය’ මෙවුන්දම් සේවනය කොට, නොදුන් දෙය ද ගෙණ පරිජි ඇවතට පැමිණි පුද්ගලයා පටන් සෙස්ස පෙර කියූනය ඇති බැවින් ද පැහැදිලි අරුත් ඇති බැවින් ද ප්‍රකට වේමය.
එවං උද්දිට්ඨසික්ඛාපදං පදානුක්කමෙන විභජිත්වා ඉදානි යස්මා හෙට්ඨා පදභාජනීයම්හි සඞ්ඛෙපෙනෙව මනුස්සවිග්ගහපාරාජිකං දස්සිතං, න විත්ථාරෙන ආපත්තිං ආරොපෙත්වා තන්ති ඨපිතා. සඞ්ඛෙපදස්සිතෙ ච අත්ථෙ න සබ්බාකාරෙනෙව භික්ඛූ නයං ගහෙතුං සක්කොන්ති, අනාගතෙ ච පාපපුග්ගලානම්පි ඔකාසො හොති, තස්මා භික්ඛූනඤ්ච සබ්බාකාරෙන නයග්ගහණත්ථං අනාගතෙ ච පාපපුග්ගලානං ඔකාසපටිබාහනත්ථං පුන “සාමං අධිට්ඨායා”තිආදිනා නයෙන මාතිකං ඨපෙත්වා විත්ථාරතො මනුස්සවිග්ගහපාරාජිකං දස්සෙන්තො “සාමන්ති සයං හනතී”තිආදිමාහ.
මෙසේ උදෙසූ ශික්ෂාපදය පද පිළිවෙළින් විභාගකොට දැන් යම්හෙයකින් යට පදභාජනියෙහි සැකෙවින්ම මනුෂ්‍ය විග්රහ පාරාජිකය දක්වන ලද්දේ විස්තර වශයෙන් නො දක්වන ලද්දේ ද, ආපත්තියට නගා පාළිය තබන ලද්දී ද, අර්ත්ථය සැකෙවින් දැක්වූ කල්හි භික්ෂූහු මුළුමනින් නය ගැණීමෙහි අසමර්ත්ථ වෙත්ද, අනාගතයෙහි ද පාපී පුද්ගලයන්ටත් ඉඩ ලැබේද, එහෙයින් සියලු අයුරින් භික්ෂූන්ට නය ගැනීම පිණිස ද, අනාගතයෙහි පාපී පුද්ගලයන්ට අවකාශ වළකනු පිණිස ද නැවත ‘සාමං අධිට්ඨාය’ යනාදි නයින් මාතෘකාව තබා විස්තර වශයෙන් මනුෂ්යවිග්රහපාරාජිකය දක්වන සේක් ‘සාමන්ති සයං හනති’ යනාදිය වදාළ සේක.
තත්රායං අනුත්තානපදවණ්ණනාය සද්ධිං විනිච්ඡයකථා – කායෙනාති හත්ථෙන වා පාදෙන වා මුට්ඨිනා වා ජාණුනා වා යෙන කෙනචි අඞ්ගපච්චඞ්ගෙන. කායපටිබද්ධෙනාති කායතො අමොචිතෙන අසිආදිනා පහරණෙන. නිස්සග්ගියෙනාති කායතො ච කායපටිබද්ධතො ච මොචිතෙන උසුසත්තිආදිනා. එත්තාවතා සාහත්ථිකො ච නිස්සග්ගියො චාති ද්වෙ පයොගා වුත්තා හොන්ති.
එහි මේ ප්‍රකට නොවූ පද වර්ණනාව සමග විනිශ්චය කථාය. ‘කායෙන’ අතින් හෝ පයින් හෝ මිටින් හෝ දණින් හෝ යන යම්කිසි අඟපසඟකින්. ‘කායපටිබද්ධෙන’ කයින් නොමිදූ කඩු ආදී වූ ආවුධයෙන්, ‘නිස්සග්ගියෙන’ කයින් ද කය පිළිබැඳියකින් ද මුදන ලද ඊ සැත් ආදියෙන්. මෙපමණකින් සාහර්ත්ථය ද නිස්සග්ගිය ද යන ප්‍රයෝග දෙක කියන ලද්දේ වේ.
තත්ථ එකමෙකො උද්දිස්සානුද්දිස්සභෙදතො දුවිධො. තත්ථ උද්දෙසිකෙ යං උද්දිස්ස පහරති, තස්සෙව මරණෙන කම්මුනා බජ්ඣති. “යො කොචි මරතූ”ති එවං අනුද්දෙසිකෙ පහාරප්පච්චයා යස්ස කස්සචි මරණෙන කම්මුනා බජ්ඣති. උභයථාපි ච පහරිතමත්තෙ වා මරතු පච්ඡා වා තෙනෙව රොගෙන, පහරිතමත්තෙයෙව කම්මුනා බජ්ඣති. මරණාධිප්පායෙන ච පහාරං දත්වා තෙන අමතස්ස පුන අඤ්ඤචිත්තෙන පහාරෙ දින්නෙ පච්ඡාපි යදි පඨමප්පහාරෙනෙව මරති, තදා එව කම්මුනා බද්ධො. අථ දුතියප්පහාරෙන මරති, නත්ථි පාණාතිපාතො. උභයෙහි මතෙපි පඨමප්පහාරෙනෙව කම්මුනා බද්ධො. උභයෙහි අමතෙ නෙවත්ථි පාණාතිපාතො. එස නයො බහූහිපි එකස්ස පහාරෙ දින්නෙ. තත්රාපි හි යස්ස පහාරෙන මරති, තස්සෙව කම්මුනා බද්ධො හොතීති.
එහි එකක් එකක් උද්දිස්ස - අනුද්දිස්ස භෙදයෙන් දෙවැදෑරුම් වේ. එහි උද්දිස්සක ප්රයොගයෙහි යමකු උදෙසා පහර දේ ද, ඔහුගේම මරණයෙන් ප්රාණඝාතකර්මයෙන් බැඳේ. ‘යම්කිසිවෙක් මැරේවා’යි මෙසේ අනුද්දෙසික ප්‍රයොග විෂයයෙහි පහරදීම් හේතුවෙන් කිසිවෙක් මැරේ ද, ඔහුගේ මරණයෙන් ප්‍රාණඝාත කර්මයෙන් බැඳේ. උද්දිස්ස - අනුද්දිස්ස යන දෙයයුරෙන්ම පහරදුන් ඇසිල්ලෙහි හෝ මැරේවා, පසුව හෝ එයින් හටගත් රෝගයකින්ම මැරේවා පහරදුන් ඇසිල්ලෙහිම ප්‍රාණඝාත කර්මයෙන් බැඳෙන්නේය. මැරීමෙහි අදහසින්ම පහර දී, ඒ පහරින් නො මැරුණහුට, නැවත අන් සිතකින් පහර දුන් කල්හි, ඉන්පසුද පළමු පහරින්ම මැරේද, එකල්හිම ප්රාණඝාතයෙක් නැත්තේය. පළමු දෙවන පහරදීම්වලින් මළ කල්හි ද පළමු පහරින්ම කර්මයෙන් බැදේ. දෙපහරින්ම නොමළ කල්හි ප්රාණඝාතයෙක් නැත්තේය. බොහෝ දෙනකුන් විසින් එකක්හට පහර දුන් කල්හි ද මේ ක්රමයම වේ. එහිදු යමක්හුගේ පහරින් මැරේ ද, ඔහුටම ප්‍රාණඝාත කර්මයෙන් බැඳීම වේ.
කම්මාපත්තිබ්යත්තිභාවත්ථඤ්චෙත්ථ එළකචතුක්කම්පි වෙදිතබ්බං. යො හි එළකං එකස්මිං ඨානෙ නිපන්නං උපධාරෙති “රත්තිං ආගන්ත්වා වධිස්සාමී”ති. එළකස්ස ච නිපන්නොකාසෙ තස්ස මාතා වා පිතා වා අරහා වා පණ්ඩුකාසාවං පාරුපිත්වා නිපන්නො හොති. සො රත්තිභාගෙ ආගන්ත්වා “එළකං මාරෙමී”ති මාතරං වා පිතරං වා අරහන්තං වා මාරෙති. “ඉමං වත්ථුං මාරෙමී”ති චෙතනාය අත්ථිභාවතො ඝාතකො ච හොති, අනන්තරියකම්මඤ්ච ඵුසති, පාරාජිකඤ්ච ආපජ්ජති . අඤ්ඤො කොචි ආගන්තුකො නිපන්නො හොති , “එළකං මාරෙමී”ති තං මාරෙති, ඝාතකො ච හොති පාරාජිකඤ්ච ආපජ්ජති, ආනන්තරියං න ඵුසති. යක්ඛො වා පෙතො වා නිපන්නො හොති, “එළකං මාරෙමී”ති තං මාරෙති ඝාතකොව හොති, න චානන්තරියං ඵුසති, න ච පාරාජිකං ආපජ්ජති, ථුල්ලච්චයං පන හොති. අඤ්ඤො කොචි නිපන්නො නත්ථි, එළකොව හොති තං මාරෙති, ඝාතකො ච හොති, පාචිත්තියඤ්ච ආපජ්ජති. “මාතාපිතුඅරහන්තානං අඤ්ඤතරං මාරෙමී”ති තෙසංයෙව අඤ්ඤතරං මාරෙති, ඝාතකො ච හොති, ආනන්තරියඤ්ච ඵුසති, පාරාජිකඤ්ච ආපජ්ජති. “තෙසං අඤ්ඤතරං මාරෙස්සාමී”ති අඤ්ඤං ආගන්තුකං මාරෙති, යක්ඛං වා පෙතං වා මාරෙති, එළකං වා මාරෙති, පුබ්බෙ වුත්තනයෙන වෙදිතබ්බං. ඉධ පන චෙතනා දාරුණා හොතීති.
ආනන්තර්ය්යාදිකර්මවිභාගය, පාරාජිකාදිආපත්තිවිභාගය යන මොවුන්ගේ ප්‍රකටභාවය පිණිස ද මෙහි එළකචතුෂ්කය ද දතයුතුය. යමෙක් වනාහි එක් තැනක හොත් එළුවකු රෑ අවුත් මරන්නෙමියි විමසා බලා ද, එළුවා හොත් අවකාශයෙහි ඔහුගේ මව හෝ පියා හෝ රහත් නමක් හෝ පඬුකසාවතක් පොරොවා ගෙණ හොත්තේ වේද, එළුවා සොයා දැන ගත් ඔහු රෑ අවුත් ‘එළුවා මරමි’යි මව හෝ පියා හෝ රහත්නම හෝ මරා ද, මේ වස්තුව ‘මරමි’යි සිත් ඇති බැවින් ඝාතකයෙක් ද වේ. ආනන්තර්ය්යකර්මය ද පහසයි. පරිජි ඇවැතට ද පැමිණේ. එහි අන්කිසි ආගන්තුකයෙක් හොත්තේ වේද ‘එළුවා මරමි’යි ඒ අගන්තුකයා මරා ද, ඝාතකයෙක් ද වේ. පරිජි ඇවැතට ද පැමිණේ. ආනන්තර්ය්යකර්මය නො පහසයි. එහි යක්ෂයෙක් හෝ ප්‍රේතයෙක් හෝ හොත්තේ වේ ද, ‘එළුවා මරමි’යි ඒ එකකු මරා ද, ඝාතකයෙක් ද වේ. ආනන්තර්ය්යකර්මය නො පහසයි. පරිජි ඇවැතට ද නො පැමිණේ. ථුල්ලච්චය වේ. එහි හොත් අන් කිසිවෙක් නැත්තේ ද, එළුවාම හොත්තේ වේද, ඒ එළුවා මරාද, ඝාතකයෙක් වේ. පාචිත්තියට ද පැමිණේ. මවු පිය රහත් යන මොවුන් අතුරෙහි එක්තරා එකකු මරමියි ඔවුන්ගෙන් එක්තරා එකකු මරා ද, ඝාතකයෙක් ද වේ. ආනන්තර්ය්යකර්මය ද පවසයි. පරිජි ඇවැතට ද පැමිණේ. ඔවුන් අතුරෙන්ම එක්තරා එකකු මරමියි අන්‍ය වූ ආගන්තුකයකු මරා ද, යකකු හෝ ප්‍රේතයකු හෝ මරාද, එළුවකු හෝ මරාද, පෙර කියූ නයින්ම දතයුතුය. මෙහි වනාහි චෙතනා තොමෝ දරුණු වන්නීය.
අඤ්ඤානිපි එත්ථ පලාලපුඤ්ජාදිවත්ථූනි වෙදිතබ්බානි. යො හි “ලොහිතකං අසිං වා සත්තිං වා පුච්ඡිස්සාමී”ති පලාලපුඤ්ජෙ පවෙසෙන්තො තත්ථ නිපන්නං මාතරං වා පිතරං වා අරහන්තං වා ආගන්තුකපුරිසං වා යක්ඛං වා පෙතං වා තිරච්ඡානගතං වා මාරෙති, වොහාරවසෙන “ඝාතකො”ති වුච්චති, වධකචෙතනාය පන අභාවතො නෙව කම්මං ඵුසති, න ආපත්තිං ආපජ්ජති. යො පන එවං පවෙසෙන්තො සරීරසම්ඵස්සං සල්ලක්ඛෙත්වා “සත්තො මඤ්ඤෙ අබ්භන්තරගතො මරතූ”ති පවෙසෙත්වා මාරෙති, තස්ස තෙසං වත්ථූනං අනුරූපෙන කම්මබද්ධො ච ආපත්ති ච වෙදිතබ්බා. එස නයො තත්ථ නිදහනත්ථං පවෙසෙන්තස්සාපි වනප්පගුම්බාදීසු ඛිපන්තස්සාපි.
මෙහි අන්‍ය වූ ද පිදුරු බිසි ආදී වූ වස්තූහු දතයුත්තාහ. යමෙක් වනාහි ලෙයින් වැකුණු කඩුවක් හෝ සැතක් හෝ පිසදමන්නෙමියි පිදුරු බිස්සක් තුළට ප්‍රවෙශ කරන්නේ එහි හොත් මව හෝ පියා හෝ රහතකු හෝ ආගන්තුක පුරුෂයකු හෝ යකකු හෝ ප්‍රේතයකු හෝ තිරිසනකු හෝ මරා ද, හෙතෙමේ ව්‍යාවහාර වශයෙන් ඝාතකයි කියනු ලැබේ. වධක චේතනාව නැති බැවින් කර්මය නොම පහසයි. ඇවැතට, ද නොපැමිණේ. යමෙක් වනාහි මෙසේ ප්‍රවේශ කරන්නේ සිරුරු පහස සලකා ඇතුළත වූයේ සත්ත්වයෙකැයි හඟිමි, මැරේවායි ප්‍රවේශකොට මරාද, ඔහුගේ ඒ වස්තූන්ට අනුරූප වසයෙන් කර්මයෙන් බැඳීම ද, ඇවැත ද දතයුතුය. එහි තැබීම පිණිස ප්‍රවේශ කරන්නහුට ද වන ලැහැබ් ආදියෙහි බහන්නහුට ද මේ ක්‍රමය වේ.
යොපි “චොරං මාරෙමී”ති චොරවෙසෙන ගච්ඡන්තං පිතරං මාරෙති, ආනන්තරියඤ්ච ඵුසති, පාරාජිකො ච හොති. යො පන පරසෙනාය අඤ්ඤඤ්ච යොධං පිතරඤ්ච කම්මං කරොන්තෙ දිස්වා යොධස්ස උසුං ඛිපති, “එතං විජ්ඣිත්වා මම පිතරං විජ්ඣිස්සතී”ති යථාධිප්පායං ගතෙ පිතුඝාතකො හොති. “යොධෙ විද්ධෙ මම පිතා පලායිස්සතී”ති ඛිපති, උසු අයථාධිප්පායං ගන්ත්වා පිතරං මාරෙති, වොහාරවසෙන “පිතුඝාතකො”ති වුච්චති; ආනන්තරියං පන නත්ථීති.
යමෙක් තෙමේ ‘සොරහු මරමි’යි සොර වෙසින් යන පියා මරා ද, ආනන්තර්ය්යය ද පහසයි. පාරාජික ද වේ. යමෙක් වනාහි පරසෙනගක අන් යෝධයකු ද පියා ද කර්මාන්ත කරන්නවුන් දැක ‘මූට විද මාගේ පියාට විදින්නෙමි’යි යෝධයාට ඊයක් දමා ගසා ද, අදහස් කළ පරිදි පැමිණි කල්හි යෝධයාට විද පියාට විද්ද කල්හි පිතෘඝාතකයෙක් වේ. යෝධයාට විද්ද කල්හි මාගේ පියා පැන යන්නේයයි ඊය දමා ගසා ද, ඊය තමන් අදහස් නොකළ පරිදි ගොස් පියා මරාද, ව්‍යාවහාර වශයෙන් පිතෘඝාතකයෙක් වේයයි කියනු ලැබේ. ආනන්තර්ය්යකර්මයක් නම් නැත්තේය.
අධිට්ඨහිත්වාති සමීපෙ ඨත්වා. ආණාපෙතීති උද්දිස්ස වා අනුද්දිස්ස වා ආණාපෙති. තත්ථ පරසෙනාය පච්චුපට්ඨිතාය අනුද්දිස්සෙව “එවං විජ්ඣ , එවං පහර, එවං ඝාතෙහී”ති ආණත්තෙ යත්තකෙ ආණත්තො ඝාතෙති, තත්තකා උභින්නං පාණාතිපාතා. සචෙ තත්ථ ආණාපකස්ස මාතාපිතරො හොන්ති, ආනන්තරියම්පි ඵුසති. සචෙ ආණත්තස්සෙව මාතාපිතරො, සොව ආනන්තරියං ඵුසති. සචෙ අරහා හොති, උභොපි ආනන්තරියං ඵුසන්ති. උද්දිසිත්වා පන “එතං දීඝං රස්සං රත්තකඤ්චුකං නීලකඤ්චුකං හත්ථික්ඛන්ධෙ නිසින්නං මජ්ඣෙ නිසින්නං විජ්ඣ පහර ඝාතෙහී”ති ආණත්තෙ සචෙ සො තමෙව ඝාතෙති, උභින්නම්පි පාණාතිපාතො; ආනන්තරියවත්ථුම්හි ච ආනන්තරියං. සචෙ අඤ්ඤං මාරෙති, ආණාපකස්ස නත්ථි පාණාතිපාතො. එතෙන ආණත්තිකො පයොගො වුත්තො හොති. තත්ථ –
‘අධිට්ඨහිත්වා’ සමීපයෙහි සිට, ‘ආණාපෙති’ උදෙසා හෝ නොඋදෙසා හෝ අණවයි. එහි අන් සේනාවක එළැඹ සිටි කල්හි නොඋදෙසාම. ‘එවං විජ්ඣ, එවං පහර, එවං ඝාතෙහි’ මෙසේ විදුව, මෙසේ පහර දෙව, මෙසේ නසවයි ඇණ වූ කල්හි යම්පමණක අණවන ලද්දේ නසාද, ආනාපක - ආණත්ත දෙදෙනාහටම එපමණ වූ ප්රාණඝාතයෝ වෙති. ඉදින් එහි ආණාපකයාගේ මවුපියෝ වෙත්ද, ආනන්තර්ය්යකර්මය පහසයි. ඉදින් එහි අණවන ලද්දහුගේම මවුපියෝ වෙත්ද, ඒ අණවන ලද්දේම ආනන්තර්ය්යකර්මය පහසයි. ඉදින් එහි රහතෙක් වේද දෙදෙනම ආනන්තර්ය්යකර්මය පහසත්. උදෙසා වනාහි ‘මේ දික් වූ මිටි වූ රතුසැට්ටය ලෑ නිල් සැට්ටය ලෑ ඇත්කඳෙහි හුන් ඇතු පිට මැද හුන් මොහුට විදුව, මොහුට පහර දෙව, මොහු නසව’යි ඇණ වූ කල්හි ඉදින් ඒ අණවන ලද්දේ ඔහුම නසාද, දෙදෙනාහටම ප්‍රාණඝාතය වේ. ආනන්තර්ය්යවස්තුවෙහි ද ආනන්තර්ය්යම වේ. ඉදින් අනෙකකු මරාද අණකළහුට ප්රාණඝාතයෙක් නැත්තේය. ‘අධිට්ඨහිත්වා ආණපෙති’ යන මෙයින් ආණත්තිප්රයෝගය කියන ලද්දේය. එහි:-
වත්ථුං කාලඤ්ච ඔකාසං, ආවුධං ඉරියාපථං; තුලයිත්වා පඤ්ච ඨානානි, ධාරෙය්යත්ථං විචක්ඛණො.
‘වත්ථු - කාල - ඔකාස - ආවුධ - ඉරියාපථ යන කරුණු පස ප්‍රමාණකොට බලා විචක්ෂණ තෙමේ අර්ත්ථය දරන්නේය.
අපරො නයො –
එහි අන් ක්‍රමයක් ද වේ:-
වත්ථු කාලො ච ඔකාසො, ආවුධං ඉරියාපථො; කිරියාවිසෙසොති ඉමෙ, ඡ ආණත්තිනියාමකා.
‘වත්ථු - කාල - ඔකාස - ආවුධ - ඉරියාපථ - කිරියා විසෙස යන මේ සය ආණත්තිය නියම කරන්නේය.
තත්ථ “වත්ථූ”ති මාරෙතබ්බො සත්තො. “කාලො”ති පුබ්බණ්හසායන්හාදිකාලො ච යොබ්බනථාවරියාදිකාලො ච. “ඔකාසො”ති ගාමො වා වනං වා ගෙහද්වාරං වා ගෙහමජ්ඣං වා රථිකා වා සිඞ්ඝාටකං වාති එවමාදි. “ආවුධ”න්ති අසි වා උසු වා සත්ති වාති එවමාදි. “ඉරියාපථො”ති මාරෙතබ්බස්ස ගමනං වා නිසජ්ජා වාති එවමාදි. “කිරියාවිසෙසො”ති විජ්ඣනං වා ඡෙදනං වා භෙදනං වා සඞ්ඛමුණ්ඩකං වාති එවමාදි.
එහි වත්ථු යනු මැරිය යුතු සත්ත්ව තෙමේය. කාල යනු පෙරවරු පස්වරු ආදි කාල හා යෞවන ශක්ති - වීර්ය්යාදි කාලයයි. ඔකාස යනු ගමක් හෝ වනයක් හෝ ගෙදොරක් හෝ ගෙමැද්දක් හෝ වීථියක් හෝ සිවුමංසන්දියක් හෝ යන මේ ආදියය. ආවුධ යනු කඩුවක් හෝ ඊයක් හෝ සැතක් හෝ යන මේ ආදියය. ඉරියාපථ යනු මැරිය යුත්තහුගේ යෑම හෝ හිඳීම හෝ යන මේ ආදියය. කිරියාවිසෙස යනු විදීම හෝ සිඳීම හෝ බිඳීම හෝ හිස සකක් සේ මුඩුකිරීම හෝ යන මේ ආදියය.
යදි හි වත්ථුං විසංවාදෙත්වා “යං මාරෙහී”ති ආණත්තො තතො අඤ්ඤං මාරෙති, “පුරතො පහරිත්වා මාරෙහී”ති වා ආණත්තො පච්ඡතො වා පස්සතො වා අඤ්ඤස්මිං වා පදෙසෙ පහරිත්වා මාරෙති. ආණාපකස්ස නත්ථි කම්මබන්ධො; ආණත්තස්සෙව කම්මබන්ධො. අථ වත්ථුං අවිසංවාදෙත්වා යථාණත්තියා මාරෙති, ආණාපකස්ස ආණත්තික්ඛණෙ ආණත්තස්ස ච මාරණක්ඛණෙති උභයෙසම්පි කම්මබන්ධො. වත්ථුවිසෙසෙන පනෙත්ථ කම්මවිසෙසො ච ආපත්තිවිසෙසො ච හොතීති. එවං තාව වත්ථුම්හි සඞ්කෙතවිසඞ්කෙතතා වෙදිතබ්බා.
ඉදින් වනාහි ‘යමකු මරව’යි අණවන ලදුයේ වස්තුව වරදවා එයින් අනෙකකු මරාද, ‘ඉදිරියෙන් පහර දී මරව’යි අණවන ලදුයේ පසුපසින් හෝ පසකින් හෝ අන් පෙදෙසෙක හෝ පහරා මරා ද, ඇණවූවහුට කර්මයෙන් බැඳීමක් නැත්තේය. ඇණවුම් ලද්දහුටම කර්මබන්ධනය වේ. නැවත වස්තුව නො වරදවා අණකළ පරිදි මරාද, ඇණවූවහුට ඇණ වූ කෙණෙහි ද ඇණවුම් ලද්දහුට මැරූ කෙණෙහිදැයි දෙදෙනාහටම කර්මබන්ධනය වේ. මෙහි වස්තු විශේෂයෙන් වනාහි ආනන්තර්ය්යාදි කර්‍මවිශේෂය ද පාරාජිකාදි ආපත්තිවිශෙෂය ද වේයයි මෙසේ වස්තුවෙහි සඞ්කෙත විසඞ්කෙතතාවෝ දතයුත්තාහ.
කාලෙ පන යො “අජ්ජ ස්වෙ”ති අනියමෙත්වා “පුබ්බණ්හෙ මාරෙහී”ති ආණත්තො යදා කදාචි පුබ්බණ්හෙ මාරෙති, නත්ථි විසඞ්කෙතො. යො පන “අජ්ජ පුබ්බණ්හෙ”ති වුත්තො මජ්ඣන්හෙ වා සායන්හෙ වා ස්වෙ වා පුබ්බණ්හෙ මාරෙති. විසඞ්කෙතො හොති, ආණාපකස්ස නත්ථි කම්මබන්ධො. පුබ්බණ්හෙ මාරෙතුං වායමන්තස්ස මජ්ඣන්හෙ ජාතෙපි එසෙව නයො. එතෙන නයෙන සබ්බකාලප්පභෙදෙසු සඞ්කෙතවිසඞ්කෙතතා වෙදිතබ්බා.
කාලයෙහි වනාහි යමෙක් අද - සෙටයි නියම නොකොට පෙරවරුයෙහි මරවයි අණවන ලද්දේ යම්කිසි කලෙක පෙරවරුයෙහි මරාද, එහි විසඞ්කෙතයක් නැත්තේය. හෙතෙමේ ‘අද පෙරවරුයෙහි’යි කියන ලද්දේ මද්දහනයෙහි හෝ සවස හෝ හෙට පෙරවරුයෙහි හෝ මරාද, එහි විසඞ්කෙතය වේ. අණකළහුට කර්ම ඛන්ධනයක් නැත්තේය. පෙරවරුයෙහි මරන්නට වෑයම් කරන්නහුට මද්දහනය වූ කල්හි ද මේ නයම වේ. මේ නයින් සියලු කාලප්රභෙදයන්හි සඞ්කෙත - විසඞ්කෙතතාවෝ දතයුත්තාහ.
ඔකාසෙපි යො “එතං ගාමෙ ඨිතං මාරෙහී”ති අනියමෙත්වා ආණත්තො තං යත්ථ කත්ථචි මාරෙති, නත්ථි විසඞ්කෙතො. යො පන “ගාමෙයෙවා”ති නියමෙත්වා ආණත්තො වනෙ මාරෙති, තථා “වනෙ”ති ආණත්තො ගාමෙ මාරෙති. “අන්තොගෙහද්වාරෙ”ති ආණත්තො ගෙහමජ්ඣෙ මාරෙති, විසඞ්කෙතො. එතෙන නයෙන සබ්බොකාසභෙදෙසු සඞ්කෙතවිසඞ්කෙතතා වෙදිතබ්බා.
[missing trans]
ආවුධෙපි යො “අසිනා වා උසුනා වා”ති අනියමෙත්වා “ආවුධෙන මාරෙහී”ති ආණත්තො යෙන කෙනචි ආවුධෙන මාරෙති, නත්ථි විසඞ්කෙතො. යො පන “අසිනා”ති වුත්තො උසුනා, “ඉමිනා වා අසිනා”ති වුත්තො අඤ්ඤෙන අසිනා මාරෙති. එතස්සෙව වා අසිස්ස “ඉමාය ධාරාය මාරෙහී”ති වුත්තො ඉතරාය වා ධාරාය තලෙන වා තුණ්ඩෙන වා ථරුනා වා මාරෙති, විසඞ්කෙතො. එතෙන නයෙන සබ්බආවුධභෙදෙසු සඞ්කෙතවිසඞ්කෙතතා වෙදිතබ්බා.
ආවුධයෙහිද යමෙක් කඩුවෙන් හෝ ඊයෙන් හෝ යි නියම නොකොට ‘ආයුධයෙන් මරව’යි අණවන ලද්දේ යම්කිසි ආයුධයකින් මරාද, විසඞ්කෙතයක් නැත්තේය. යමෙක් වනාහි ‘කඩුවෙන් මරව’යි අණවන ලද්දේ ඊයෙන් මරාද, ‘මේ කඩුවෙන් හෝ මරව’යි කියන ලද්දේ, අනික් කඩුවකින් මරාද, මේ කඩුවෙහිම හෝ මේ මුවහතින්ම මරවයි කියන ලද්දේ අන් මුවහතින් හෝ තලයෙන් හෝ තුඩින් හෝ කඩුමිටින් හෝ මරා ද, එහි විසඞ්කෙතය වේ. මේ නයින් සියලු ආයුධ ප්රභෙදයන්හි සඞ්කෙත විසඞ්කෙතතාවෝ දතයුත්තාහ.
ඉරියාපථෙ පන යො “එතං ගච්ඡන්තං මාරෙහී”ති වදති, ආණත්තො ච නං සචෙ ගච්ඡන්තං මාරෙති, නත්ථි විසඞ්කෙතො. “ගච්ඡන්තමෙව මාරෙහී”ති වුත්තො පන සචෙ නිසින්නං මාරෙති. “නිසින්නමෙව වා මාරෙහී”ති වුත්තො ගච්ඡන්තං මාරෙති, විසඞ්කෙතො හොති. එතෙන නයෙන සබ්බඉරියාපථභෙදෙසු සඞ්කෙතවිසඞ්කෙතතා වෙදිතබ්බා.
ඊර්ය්යාපථයෙහි යමෙක් ‘යන්නා වූ මොහු මරව’යි කියාද, අණ ලද්දේ ද යන්නා වූ ඔහු මරා ද, විසඞ්කෙතයක් නැත්තේය. ‘යන්නහුම මරව’යි කියන ලද්දේ වනාහි, ඉදින් හුන්නහු මරාද, හුන්නහුම මරවයි කියන ලද්දේ, යන්නහු මරාද, එහි විසඞ්කෙතය වේ. මේ නයින් සියලු ඊර්‍ය්‍යාපථ ප්රභෙදයන්හි සඞ්කෙත විසඞ්කෙතතාවෝ දතයුත්තාහ.
කිරියාවිසෙසෙපි යො “විජ්ඣිත්වා මාරෙහී”ති වුත්තො විජ්ඣිත්වාව මාරෙති, නත්ථි විසඞ්කෙතො. යො පන “විජ්ඣිත්වා මාරෙහී”ති වුත්තො ඡින්දිත්වා මාරෙති, විසඞ්කෙතො. එතෙන නයෙන සබ්බකිරියාවිසෙසභෙදෙසු සඞ්කෙතවිසඞ්කෙතතා වෙදිතබ්බා.
ක්රියාවිශෙෂයෙහි ද ‘විද මරව’යි කියන ලද්දේ විද මරාද, විසඞ්කෙතයක් නැත්තේය. යමෙක් වනාහි ‘විද මරව’යි කියන ලද්දේ, අත් පා ආදිය සිඳ දමා මරාද, විසඞ්කෙතය වේ. මේ නයින් සියලු ක්‍රියා විශේෂ ප්රභෙදයන්හි සඞ්කෙත විසඞ්කෙතතාවෝ දත යුත්තාහ.
යො පන ලිඞ්ගවසෙන “දීඝං රස්සං කාළං ඔදාතං කිසං ථූලං මාරෙහී”ති අනියමෙත්වා ආණාපෙති, ආණත්තො ච යංකිඤ්චි තාදිසං මාරෙති, නත්ථි විසඞ්කෙතො උභින්නං පාරාජිකං. අථ පන සො අත්තානං සන්ධාය ආණාපෙති, ආණත්තො ච “අයමෙව ඊදිසො”ති ආණාපකමෙව මාරෙති, ආණාපකස්ස දුක්කටං, වධකස්ස පාරාජිකං. ආණාපකො අත්තානං සන්ධාය ආණාපෙති, ඉතරො අඤ්ඤං තාදිසං මාරෙති, ආණාපකො මුච්චති, වධකස්සෙව පාරාජිකං. කස්මා? ඔකාසස්ස අනියමිතත්තා. සචෙ පන අත්තානං සන්ධාය ආණාපෙන්තොපි ඔකාසං නියමෙති, “අසුකස්මිං නාම රත්තිට්ඨානෙ වා දිවාට්ඨානෙ වා ථෙරාසනෙ වා නවාසනෙ වා මජ්ඣිමාසනෙ වා නිසින්නං එවරූපං නාම මාරෙහී”ති. තත්ථ ච අඤ්ඤො නිසින්නො හොති, සචෙ ආණත්තො තං මාරෙති, නෙව වධකො මුච්චති න ආණාපකො. කස්මා? ඔකාසස්ස නියමිතත්තා. සචෙ පන නියමිතොකාසතො අඤ්ඤත්ර මාරෙති, ආණාපකො මුච්චතීති අයං නයො මහාඅට්ඨකථායං සුට්ඨු දළ්හං කත්වා වුත්තො. තස්මා එත්ථ න අනාදරියං කාතබ්බන්ති.
යමෙක් වනාහි ලිඞ්ග වශයෙන් ‘දිග්වූවකු මිටිවූවකු කලු පැහැතියකු සුදු පැහැතියකු කෙට්ටුවූවකු තරවූවකු මරව’යි නියම නොකොට අණ කෙරේ ද, අණ ලදුයේ ද එබඳු වූ යම් කිසිවකු මරා ද විසඞ්කෙතයක් නැත්තේය. දෙදෙනාහටම පාරාජිකය වේ. තවද හෙතෙමේ තමන් සඳහාම අණවා ද, අණවන ලදුයේ ‘මෙතෙමේම මෙබඳුය’යි අණ කළහුම මරා ද, අණ කළහුට දුක්කටය වේ. වධකයාහට පාරාජිකය වේ. ආණපක තෙමේ තමන් සඳහා අණවා නම්, අනික් තැනැත්තේ එවැනි අනෙකකු මරා ද, ආණපක තෙමේ මිදෙන්නේය. වධකයාහටම පාරාජිකය වේ. කුමක් හෙයින යත්:- අවකාශය තමන් නියම නොකළ බැවිනි. ඉදින් වනාහි තමන් සඳහා අණවනුයේ ද ‘අසුවල් රාත්‍රි ස්ථානයෙහි දී හෝ දිවා ස්ථානයෙහිදී හෝ ථෙරාසනයෙහි හෝ නවකාසනයෙහි හෝ මද්ධ්යමාසනයෙහි හෝ හුන් මෙවැන්නහු මරව’යි අවකාශය නියම කෙරේ ද, එහිද හුන්නේ අනෙකෙක් වේද, අණවන ලදුයේ ඔහු මරා ද, වධක තෙමේ නො මිදෙන්නේමය. ආණපක තෙමේ ද නො මිදෙන්නේය. කුමක් හෙයින යත්:- අවකාශය නියම කළ බැවිනි. නියම කළ තැනින් අන් තැනක දී මරාද, ආණපක තෙමේ මිදෙන්නේය. මේ ක්‍රමය මහාඅර්‍ත්‍ථකථාවෙහි මැනැවින් දැඩි කොට කියන ලද්දේය. එහෙයින් මෙහි අනාදරය නොකටයුතුය.
අධිට්ඨායාති මාතිකාවසෙන ආණත්තිකපයොගකථා නිට්ඨිතා.
අධිට්ඨාය යන මාතෘකා වශයෙන් ආණත්තිකප්රයොගකථා නිමි.
ඉදානි යෙ දූතෙනාති ඉමස්ස මාතිකාපදස්ස නිද්දෙසදස්සනත්ථං “භික්ඛු භික්ඛුං ආණාපෙතී”තිආදයො චත්තාරො වාරා වුත්තා. තෙසු සො තං මඤ්ඤමානොති සො ආණත්තො යො ආණාපකෙන “ඉත්ථන්නාමො”ති අක්ඛාතො, තං මඤ්ඤමානො තමෙව ජීවිතා වොරොපෙති, උභින්නං පාරාජිකං. තං මඤ්ඤමානො අඤ්ඤන්ති “යං ජීවිතා වොරොපෙහී”ති වුත්තො තං මඤ්ඤමානො අඤ්ඤං තාදිසං ජීවිතා වොරොපෙති, මූලට්ඨස්ස අනාපත්ති. අඤ්ඤං මඤ්ඤමානො තන්ති යො ආණාපකෙන වුත්තො, තස්ස බලවසහායං සමීපෙ ඨිතං දිස්වා “ඉමස්ස බලෙනායං ගජ්ජති, ඉමං තාව ජීවිතා වොරොපෙමී”ති පහරන්තො ඉතරමෙව පරිවත්තිත්වා තස්මිං ඨානෙ ඨිතං “සහායො”ති මඤ්ඤමානො ජීවිතා වොරොපෙති, උභින්නං පාරාජිකං. අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤන්ති පුරිමනයෙනෙව “ඉමං තාවස්ස සහායං ජීවිතා වොරොපෙමී”ති සහායමෙව වොරොපෙති, තස්සෙව පාරාජිකං.
දැන් ‘දූතෙන’ යන මේ මාතෘකාපදය පිළිබඳ නිර්දෙශය දක්වනු පිණිස ‘භික්ඛු භික්ඛුං ආණපෙති’ යනාදී වූ යම් සිවුවාර කෙනෙක් වදාරණ ලද්දාහු ද, ඔවුනතුරෙහි ‘සො තං මඤ්ඤමානො’ ඒ ඇණවුම් ලද්දේ ආණාපකයා විසින් ‘යමෙක් තෙමේ මෙනම් ඇත්තේ ය’යි කියන ලද්දේ ද, ඔහුයි හඟිමින් ඔහුම ජීවිතයෙන් තොර කෙරේ ද, දෙදෙනාහටම පාරාජිකය වේ. ‘තං මඤ්ඤමානො අඤ්ඤං’ යමකු ජීවිතයෙන් තොර කරවයි කියන ලද්දේ, ඔහුයි හඟිමින් එබඳු වූ අනෙකකු ජීවිතයෙන් තොර කෙරේ ද, ඇණවූවහුට ඇවැත් නොවේ. ‘අඤ්ඤං මඤ්ඤමානො තං’ ඇණවූවහු විසින් යමෙක් දක්වන ලද්දේ ද, ඔහුගේ සමීපයෙහි සිටි බලවත් සහායයකු දැක, ‘මොහුගේ බලයෙන් මෙතෙමේ යන්නේය, එහෙයින් පළමුකොට මොහු ජීවිතයෙන් තොර කරමි’යි පහර දෙන්නේ පෙරැළී එතැන සිටි අන්යායාම යහළුවායි හඟිමින් ජීවිතයෙන් තොර කෙරේද දෙදෙනාහට පාරාජිකය වේ. ‘අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං’ පෙර කියූ නයින්ම වනාහි ‘මොහුගේ මේ යහළුවා ජීවිතයෙන් තොර කරමි’යි යහළුවාම ජීවිතයෙන් තොර කෙරේ ද, ඔහුටම පාරාජිකය වේ.
දූතපරම්පරාපදස්ස නිද්දෙසවාරෙ ඉත්ථන්නාමස්ස පාවදාතිආදීසු එකො ආචරියො තයො බුද්ධරක්ඛිතධම්මරක්ඛිතසඞ්ඝරක්ඛිතනාමකා අන්තෙවාසිකා දට්ඨබ්බා. තත්ථ භික්ඛු භික්ඛුං ආණාපෙතීති ආචරියො කඤ්චි පුග්ගලං මාරාපෙතුකාමො තමත්ථං ආචික්ඛිත්වා බුද්ධරක්ඛිතං ආණාපෙති. ඉත්ථන්නාමස්ස පාවදාති ගච්ඡ ත්වං, බුද්ධරක්ඛිත, එතමත්ථං ධම්මරක්ඛිතස්ස පාවද. ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතූති ධම්මරක්ඛිතොපි සඞ්ඝරක්ඛිතස්ස පාවදතු. ඉත්ථන්නාමො ඉත්ථන්නාමං ජීවිතා වොරොපෙතූති එවං තයා ආණත්තෙන ධම්මරක්ඛිතෙන ආණත්තො සඞ්ඝරක්ඛිතො ඉත්ථන්නාමං පුග්ගලං ජීවිතා වොරොපෙතු; සො හි අම්හෙසු වීරජාතිකො පටිබලො ඉමස්මිං කම්මෙති. ආපත්ති දුක්කටස්සාති එවං ආණාපෙන්තස්ස ආචරියස්ස තාව දුක්කටං. සො ඉතරස්ස ආරොචෙතීති බුද්ධරක්ඛිතො ධම්මරක්ඛිතස්ස, ධම්මරක්ඛිතො ච සඞ්ඝරක්ඛිතස්ස “අම්හාකං ආචරියො එවං වදති – ‘ඉත්ථන්නාමං කිර ජීවිතා වොරොපෙහී’ති. ත්වං කිර අම්හෙසු වීරපුරිසො”ති ආරොචෙති; එවං තෙසම්පි දුක්කටං. වධකො පටිග්ගණ්හාතීති “සාධු වොරොපෙස්සාමී”ති සඞ්ඝරක්ඛිතො සම්පටිච්ඡති. මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්සාති සඞ්ඝරක්ඛිතෙන පටිග්ගහිතමත්තෙ ආචරියස්ස ථුල්ලච්චයං. මහාජනො හි තෙන පාපෙ නියොජිතොති. සො තන්ති සො චෙ සඞ්ඝරක්ඛිතො තං පුග්ගලං ජීවිතා වොරොපෙති, සබ්බෙසං චතුන්නම්පි ජනානං පාරාජිකං. න කෙවලඤ්ච චතුන්නං, එතෙනූපායෙන විසඞ්කෙතං අකත්වා පරම්පරාය ආණාපෙන්තං සමණසතං සමණසහස්සං වා හොතු සබ්බෙසං පාරාජිකමෙව.
දූතපරම්පරාපදයාගේ නිර්දෙශවාරයෙහි ‘ඉත්ථන්නාමස්ස පාවද’ යනාදි තන්හි එකෙක් ඇදුරුය. බුද්ධරක්ඛිත - ධම්මරක්ඛිත - සඞ්ඝරක්ඛිත නම් ඇති තිදෙන අතවැසියෝයයි දතයුත්තාහ. එහි ‘භික්ඛු භික්ඛුං ආණාපෙති’ ඇදුරු තෙමේ කිසියම් පුද්ගලයකු මරවනු කැමැත්තේ ඒ කරුණ කියා, බුද්ධරක්ඛිතහට මෙනම් ඇත්තහුට කියව’යි අණවා ද ‘බුද්ධරක්ඛිත! තෝ යව, මේ කරුණ ධම්මරක්ඛිතහට කියව, මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියාවායි. ධම්මරක්ඛිත තෙමේ ද සඞ්ඝරක්ඛිත හට කියාවා:- මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහු ජීවිතයෙන් තොර කෙරේවායි. මෙසේ තා විසින් අණවනලද ධම්මරක්ඛිත විසින් අණවනලද සඞ්ඝරක්ඛිත තෙමේ මෙනම් ඇති පුද්ගලයා ජීවිතයෙන් තොර කෙරේවා, හෙතෙමේ වනාහි අප අතුරෙහි වීර ස්වභාවය ඇත්තේය, මේ ක්‍රියාවෙහි ප්‍රතිබල ඇත්තේයයි. ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ අණ කරන්නා වූ ඇදුරුහට පළමු කොට දුක්කටය වේ. ‘සො ඉතරස්ස ආරොචෙති’ බුද්ධරක්ඛිත තෙමේ ධම්මරක්ඛිත හට, ධම්මරක්ඛිත තෙමේද සඞ්ඝරක්ඛිතහට, ‘මෙනම් ඇත්තහු ජීවිතයෙන් තොර කරව’යි අපගේ ඇදුරු තෙමේ මෙසේ කියයි, තෝ අප අතරෙහි වීරපුරුෂයි සැලකෙරේ ද, මෙසේ ඇති කල්හි ඔවුන්ට ද ආරොචන හෙතුවෙන් දුක්කටය වේ. ‘වධකො පතිගණ්හාති’ මැනැව, තොර කරන්නෙමි’යි සඞ්ඝරක්ඛිත තෙමේ පිළිගනියි. ‘මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්ස’ සඞ්ඝරක්ඛිත විසින් පිළිගත් ඇසිල්ලෙහි ඇදුරුහට ථුල්ලච්චය වේ. මහාජන තෙමේ වනාහි ඔහු විසින් පාපයෙහි යොදන ලද්දේ ද එහෙයිනි. ‘සො තං’ ඉදින් ඒ සඞ්ඝරක්ඛිත තෙමේ ඒ පුද්ගලයා ජීවිතයෙන් තොර කෙරේ නම්, සිවු දෙනාහටම පාරාජිකය වේ. ඒ සිවුදෙනාහට පමණක්ම නොවේ. මේ උපායයෙන් විසඞ්කෙත නොකොට පරම්පරාවෙන් අණවන්නා වූ ශ්රමණයන් සියයක් හෝ වේවා, දහසක් හෝ වේවා, සියල්ලන්ට පාරාජිකය වේ.
විසක්කියදූතපදනිද්දෙසෙ සො අඤ්ඤං ආණාපෙතීති සො ආචරියෙන ආණත්තො බුද්ධරක්ඛිතො ධම්මරක්ඛිතං අදිස්වා වා අවත්තුකාමො වා හුත්වා සඞ්ඝරක්ඛිතමෙව උපසඞ්කමිත්වා “අම්හාකං ආචරියො එවමාහ – ‘ඉත්ථන්නාමං කිර ජීවිතා වොරොපෙහී”ති විසඞ්කෙතං කරොන්තො ආණාපෙති. විසඞ්කෙතකරණෙනෙව හි එස “විසක්කියදූතො”ති වුච්චති. ආපත්ති දුක්කටස්සාති ආණත්තියා තාව බුද්ධරක්ඛිතස්ස දුක්කටං. පටිග්ගණ්හාති ආපත්ති දුක්කටස්සාති සඞ්ඝරක්ඛිතෙන සම්පටිච්ඡිතෙ මූලට්ඨස්සෙව දුක්කටන්ති වෙදිතබ්බං. එවං සන්තෙ පටිග්ගහණෙ ආපත්තියෙව න සියා, සඤ්චරිත්ත පටිග්ගහණමරණාභිනන්දනෙසුපි ච ආපත්ති හොති, මරණපටිග්ගහණෙ කථං න සියා තස්මා පටිග්ගණ්හන්තස්සෙවෙතං දුක්කටං. තෙනෙවෙත්ථ “මූලට්ඨස්සා”ති න වුත්තං. පුරිමනයෙපි චෙතං පටිග්ගණ්හන්තස්ස වෙදිතබ්බමෙව; ඔකාසාභාවෙන පන න වුත්තං. තස්මා යො යො පටිග්ගණ්හාති, තස්ස තස්ස තප්පච්චයා ආපත්තියෙවාති අයමෙත්ථ අම්හාකං ඛන්ති. යථා චෙත්ථ එවං අදින්නාදානෙපීති.
විසක්කීයදූතපද නිර්‍දෙශයෙහි ‘සො අඤ්ඤං ආණාපෙති’ ඇදුරහු විසින් අණවනලද ඒ බුද්ධරක්ඛිත තෙමේ ධම්මරක්ඛිත නො දැක හෝ නො කියනු කැමතිව හෝ සඞ්ඝරක්ඛිත කරාම එළැඹ ‘අපගේ ඇදුරු තෙමේ මෙනම් ඇත්තහු ජීවිතයෙන් තොර කරව’යි මෙසේ කීයේ යයි විසඞ්කෙත කරමින් අණ කෙරේ ද, විසඞ්කෙත කරණයෙන්ම මෙතෙමේ ‘විසක්කියදූත’යි කියනු ලැබේ. ‘ආපත්ති දුක්කටස්ස’ ඇණවීම නිමිත්තෙන් පළමුකොට බුද්ධරක්ඛිතහට දුක්කටය වේ. ‘පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස’ සඞ්ඝරක්ඛිත විසින් පිළිගත් කල්හි මුලස්ථායාහටම දුක්කටය වේයයි දතයුතුය. මෙසේ ඇති කල්හි පිළිගැණීම නිමිතිකොට ආපත්තිය නොම වන්නී ද, සඤ්චරිත්තය පිළිගැනීම මරණයට සතුටුවීම යන මොවුන් නිමිතිකොට ආපත්තිය නොම වන්නී ද, සඤ්චරිත්තය පිළිගැණීම මරණයට සතුටුවීම යන මොවුන් නිමිතිකොට ආපත්තිය වන්නී නම්, මරණය පිළිගැනීම නිමිතිකොට කෙසේ නො වන්නී ද, එහෙයින් පිළිගන්නහුටම මේ දුක්කටය වේ. එහෙයින්ම මෙහි මූලස්ථායාහටයි නො කියන ලදී. පෙර නයින් ද, හෙවත් අවිසක්කිය දූත නිර්දෙශයෙන් ද මේ දුක්කටය පිළිගන්නහුටයයි දතයුත්තේම වේ. අවකාශයක් නැති බැවින් නොකියන ලද්දේය. එහෙයින් යමෙක් යමෙක් පිළිගණී ද, ඔහුට ඔහුට ඒ පිළිගැනීම් හේතුවෙන් ආපත්තියමැයි මේ මෙහි අපගේ රුචිය වේ. මෙහි යම්සේ ද අදින්නාදානයෙහි ද එසේය.
සචෙ පන සො තං ජීවිතා වොරොපෙති, ආණාපකස්ස ච බුද්ධරක්ඛිතස්ස වොරොපකස්ස ච සඞ්ඝරක්ඛිතස්සාති උභින්නම්පි පාරාජිකං. මූලට්ඨස්ස පන ආචරියස්ස විසඞ්කෙතත්තා පාරාජිකෙන අනාපත්ති. ධම්මරක්ඛිතස්ස අජානනතාය සබ්බෙන සබ්බං අනාපත්ති. බුද්ධරක්ඛිතො පන ද්වින්නං සොත්ථිභාවං කත්වා අත්තනා නට්ඨොති.
ඉදින් වනාහි සඞ්ඝරක්ඛිත තෙමේ ඔහු ජීවිතයෙන් තොර කෙරේද, අණ කළ බුද්ධරක්ඛිතහට ද දිවි තොර කළ සඞ්ඝරක්ඛිතහට ද යන දෙදෙනාහටම පාරාජිකය වේ. මූලස්ථ වූ ආචාර්‍ය්‍යයා හට වනාහි විසඞ්කෙත බැවින් පාරාජිකයෙන් ඇවැත් නොවේ. ධම්මරක්ඛිතහට නො දන්නා බැවින් මුළුමනින්ම ඇවැත් නොවේ. බුද්ධරක්ඛිත තෙමේ වනාහි දෙදෙනාහටම සොත්ථිභාවයකොට තෙමේ නැසුනේය.
ගතපච්චාගතදූතනිද්දෙසෙ – සො ගන්ත්වා පුන පච්චාගච්ඡතීති තස්ස ජීවිතා වොරොපෙතබ්බස්ස සමීපං ගන්ත්වා සුසංවිහිතාරක්ඛත්තා තං ජීවිතා වොරොපෙතුං අසක්කොන්තො ආගච්ඡති. යදා සක්කොසි තදාති කිං අජ්ජෙව මාරිතො මාරිතො හොති, ගච්ඡ යදා සක්කොසි, තදා නං ජීවිතා වොරොපෙහීති. ආපත්ති දුක්කටස්සාති එවං පුන ආණත්තියාපි දුක්කටමෙව හොති. සචෙ පන සො අවස්සං ජීවිතා වොරොපෙතබ්බො හොති, අත්ථසාධකචෙතනා මග්ගානන්තරඵලසදිසා, තස්මා අයං ආණත්තික්ඛණෙයෙව පාරාජිකො. සචෙපි වධකො සට්ඨිවස්සාතික්කමෙන තං වධති, ආණාපකො ච අන්තරාව කාලඞ්කරොති, හීනාය වා ආවත්තති, අස්සමණොව හුත්වා කාලඤ්ච කරිස්සති, හීනාය වා ආවත්තිස්සති. සචෙ ආණාපකො ගිහිකාලෙ මාතරං වා පිතරං වා අරහන්තං වා සන්ධාය එවං ආණාපෙත්වා පබ්බජති, තස්මිං පබ්බජිතෙ ආණත්තො තං මාරෙති, ආණාපකො ගිහිකාලෙයෙව මාතුඝාතකො පිතුඝාතකො අරහන්තඝාතකො වා හොති, තස්මා නෙවස්ස පබ්බජ්ජා , න උපසම්පදා රුහති. සචෙපි මාරෙතබ්බපුග්ගලො ආණත්තික්ඛණෙ පුථුජ්ජනො, යදා පන නං ආණත්තො මාරෙති තදා අරහා හොති, ආණත්තතො වා පහාරං ලභිත්වා දුක්ඛමූලිකං සද්ධං නිස්සාය විපස්සන්තො අරහත්තං පත්වා තෙනෙවාබාධෙන කාලංකරොති, ආණාපකො ආණත්තික්ඛණෙයෙව අරහන්තඝාතකො. වධකො පන සබ්බත්ථ උපක්කමකරණක්ඛණෙයෙව පාරාජිකොති.
ගතපච්චාගත නිර්‍දෙශයෙහි ‘සො ගනත්වා පුන පච්චාගච්ඡති’ ජීවිතයෙන් තොරකළ යුතු ඔහුගේ සමීපයට ගොස් මැනැවින් කළ ආරක්ෂා ඇති බැවින් ඔහු ජීවිතයෙන් තොර කරන්නට නො හැක්කේ එයි. ‘යදා සක්කොසි තදා’ කිම? අදම මරණ ලද්දේ, මරණ ලද්දේ වේද, යව, යම්කලෙක හැක්කෙහි ද? එකල ඔහු ජීවිතයෙන් තොර කරවයි. ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ නැවත ඇණවීමෙන් ද දුක්කටයම වේ. ඉදින් වනාහි හෙතෙමේ එකාන්තයෙන් ජීවිතයෙන් තොර කළ යුත්තේ නම්, අර්ත්ථසාධක චේතනා තොමෝ මාර්ගයට අනතුරු ඵලය සමාන වන්නීය. එහෙයින් මෙතෙමේ අණ කළ කෙණෙහිම පාරාජික වේ. ඉදින් වධක තෙමේ සැට වසක් ඉක්ම යෑමෙන් පසු ඔහු මරා ද, ආණපක තෙමේත් අතරදීම කලුරිය කෙරේ ද, ගිහි බවට හෝ පැමිණේ ද, අශ්රමණයෙක්වම කලුරිය ද කරන්නේය. ගිහි බවට හෝ පැමිණෙන්නේය. ඉදින් ආණපක තෙමේ ගිහි කාලයෙහි මව හෝ පියා හෝ රහතකු හෝ සඳහා මෙසේ අණ කරවා පැවිදි වේද, ඔහු පැවිදි වූ කල්හි අණ ලදුයේ ඔහු මරාද, ආණපක තෙමේ ගිහි කාලයෙහිම මාතෘඝාතක හෝ පිතෘඝාතක හෝ අරහන්තඝාතක හෝ වේ. එහෙයින් ඔහුට පැවිද්ද නොම හටගණියි. උපසම්පදාව නො පිහිටයි. මැරිය යුතු පුද්ගල තෙමේ ඇණවීම කළ කාලයෙහි පෘථග්ජනව සිටියේ ද, යම්කලෙක්හි වනාහි අණ ලද්දේ ඔහු මරාද, එකල්හි රහත්ව සිටියේ වේද, අණලද්දහුගෙන් හෝ පහර ලැබ දුඃඛමූලික ශ්‍රද්ධාව නිසා විදර්ශනා කරන්නේ රහත්බවට පැමිණ ඒ ආබාධයෙන්ම කලුරිය කෙරේද, ආණපක තෙමේ අණ කළ කෙණෙහිම අරහන්තඝාතක වේ. වධක තෙමේ වනාහි සියලු තන්හි උපක්‍රම කළ කෙණෙහිම පාරාජික වේ.
ඉදානි යෙ සබ්බෙසුයෙව ඉමෙසු දූතවසෙන වුත්තමාතිකාපදෙසු සඞ්කෙතවිසඞ්කෙතදස්සනත්ථං වුත්තා තයො වාරා, තෙසු පඨමවාරෙ තාව – යස්මා තං සණිකං වා භණන්තො තස්ස වා බධිරතාය “මා ඝාතෙහී”ති එතං වචනං න සාවෙති, තස්මා මූලට්ඨො න මුත්තො. දුතියවාරෙ – සාවිතත්තා මුත්තො. තතියවාරෙ පන තෙන ච සාවිතත්තා ඉතරෙන ච “සාධූ”ති සම්පටිච්ඡිත්වා ඔරතත්තා උභොපි මුත්තාති.
දැන් දූත වසයෙන් කියූ මේ සියලුම මාතෘකා පදයන්හි සඞ්කෙත විසඞ්කෙත දක්වනු පිණිස යම් වාර තුනක් වදාරණ ලද ද, ඔවුනතුරෙහි ප්‍රථම වාරයෙහි වනාහි යම්හෙයකින් ඒ වචනය ශීඝ්‍රව හෝ කියනුයේ ඔහුගේ බිහිරි බැවින් හෝ ‘නො නසව’ යන මේ වචනය නො අස්වා ද එහෙයින් මූලස්ථ තෙමේ පරිජියෙන් නො මිදුනේය. දෙවනවර ඇස්වූ බැවින් මිදුනේය. තෙවනවර වනාහි ඔහු විසින් ඇස්වූ බැවින් ද අන්‍යයා විසින් මැනැවැ’යි පිළිගෙණ වැළකුනු බැවින් ද දෙදෙනම මිදුනාහ.
දූතකථා නිට්ඨිතා.
දූතකථා නිමි
අරහො රහොසඤ්ඤීනිද්දෙසාදීසු අරහොති සම්මුඛෙ. රහොති පරම්මුඛෙ. තත්ථ යො උපට්ඨානකාලෙ වෙරිභික්ඛුම්හි භික්ඛූහි සද්ධිං ආගන්ත්වා පුරතො නිසින්නෙයෙව අන්ධකාරදොසෙන තස්ස ආගතභාවං අජානන්තො “අහො වත ඉත්ථන්නාමො හතො අස්ස, චොරාපි නාම තං න හනන්ති, සප්පො වා න ඩංසති, න සත්ථං වා විසං වා ආහරතී”ති තස්ස මරණං අභිනන්දන්තො ඊදිසානි වචනානි උල්ලපති, අයං අරහො රහොසඤ්ඤී උල්ලපති නාම. සම්මුඛෙව තස්මිං පරම්මුඛසඤ්ඤීති අත්ථො. යො පන තං පුරතො නිසින්නං දිස්වා පුන උපට්ඨානං කත්වා ගතෙහි භික්ඛූහි සද්ධිං ගතෙපි තස්මිං “ඉධෙව සො නිසින්නො”ති සඤ්ඤී හුත්වා පුරිමනයෙනෙව උල්ලපති, අයං රහො අරහොසඤ්ඤී උල්ලපති නාම. එතෙනෙවුපායෙන අරහො අරහොසඤ්ඤී ච රහො රහොසඤ්ඤී ච වෙදිතබ්බො. චතුන්නම්පි ච එතෙසං වාචාය වාචාය දුක්කටන්ති වෙදිතබ්බං.
‘අරහො රහොසඤ්ඤී’ යන නිර්දෙශාදීන් අතුරෙහි අරහො යනු හමුවෙහිය. රහො යනු නො හමුවෙහිය. එහි යමෙක් උපස්ථාන කරන කාලයෙහි වෛරී භික්ෂූන් සමග අවුත් ඉදිරියෙහි හුන් කල්හිම අන්ධකාර දොෂයෙන් ඔහු ආ බව නො දන්නේ ‘එකාන්තයෙන් මෙනම් ඇත්තේ නැසුනේ වන්නේ නම් මැනැවි, හොරු ද ඔහු නොනසති, සර්පයෙක් ඩැහ නො ගනියි, සැතක් හෝ විසක් හෝ නො එළවා’යි ඔහුගේ මරණයට සතුටු වෙමින් මෙබඳු වචන කියාද, මෙතෙමේ හමුවෙහි වූයේ නො හමුවෙහි වූයේය යන සංඥා ඇතිව කියා නම් වේ. ඔහු හමු වූ කල්හිම පරාඞ්මුඛසංඥා ඇත්තේය යන අර්‍ත්‍ථයි. යමෙක් වනාහි ඉදිරියෙහි හුන් ඔහු දැක නැවත උපස්ථානකොට ගිය භික්ෂූන් සමග ඔහු ගිය කල්හි ද හෙතෙමේ මෙහිම හුන්නේය යන සංඥා ඇතිව මූල කියූ ලෙසින්ම කියාද, මේ රහසිව නො රහස් සංඥා ඇතිව කියා නම් වේ. මේ උපායයෙන්ම ‘අරහො අරහො සඤ්ඤි රහො රහො සඤ්ඤී ච’ යනු ද දතයුත්තේය. මේ සිවුදෙනාහටම වචනයක් වචනයක් පාසා දුක්කටය වේයයි දතයුතුය.
ඉදානි මරණවණ්ණසංවණ්ණනාය විභාගදස්සනත්ථං වුත්තෙසු පඤ්චසු කායෙන සංවණ්ණනාදිමාතිකානිද්දෙසෙසු – කායෙන විකාරං කරොතීති යථා සො ජානාති “සත්ථං වා ආහරිත්වා විසං වා ඛාදිත්වා රජ්ජුයා වා උබ්බන්ධිත්වා සොබ්භාදීසු වා පපතිත්වා යො මරති සො කිර ධනං වා ලභති, යසං වා ලභති, සග්ගං වා ගච්ඡතීති අයමත්ථො එතෙන වුත්තො”ති තථා හත්ථමුද්දාදීහි දස්සෙති. වාචාය භණතීති තමෙවත්ථං වාක්යභෙදං කත්වා භණති. තතියවාරො උභයවසෙන වුත්තො. සබ්බත්ථ සංවණ්ණනාය පයොගෙ පයොගෙ දුක්කටං. තස්ස දුක්ඛුප්පත්තියං සංවණ්ණකස්ස ථුල්ලච්චයං. යං උද්දිස්ස සංවණ්ණනා කතා, තස්මිං මතෙ සංවණ්ණනක්ඛණෙයෙව සංවණ්ණකස්ස පාරාජිකං. සො තං න ජානාති අඤ්ඤො ඤත්වා “ලද්ධො වත මෙ සුඛුප්පත්තිඋපායො”ති තාය සංවණ්ණනාය මරති, අනාපත්ති. ද්වින්නං උද්දිස්ස සංවණ්ණනාය කතාය එකො ඤත්වා මරති, පාරාජිකං. ද්වෙපි මරන්ති, පාරාජිකඤ්ච අකුසලරාසි ච. එස නයො සම්බහුලෙසු. අනුද්දිස්ස මරණං සංවණ්ණෙන්තො ආහිණ්ඩති, යො යො තං සංවණ්ණනං ඤත්වා මරති, සබ්බො තෙන මාරිතො හොති.
දැන් මරණසංවර්ණනාවෙහි විභාග දක්වනු පිණිස කියන ලද පස් වැදෑරුම් කයින් සංවර්ණනාදී වූ මාතෘකා නිර්දෙශයන්හි ‘කායෙන විකාරං කරොති’ සැතක් හෝ ගෙන විෂක් හෝ අනුභව කොට රැහණකින් හෝ බැඳ උඩ එල්වා හෙබ් ආදියෙහි හෝ වැටී යමෙක් මැරේද, හෙතෙමේ වනාහි ධනය හෝ ලබයි, යසස හෝ ලබයි, ස්වර්ගයට හෝ යයි යන මේ අර්ත්ථය මොහු විසින් කියන ලදැයි යම්සේ හෙතෙමේ දනීද, එසේ හස්තමුද්රාදියෙන් දක්වයි. ‘වාචාය භණති’ ඒ අර්ත්ථයම වාග්භෙදකොට කියයි. තෙවන වාරය කාය වාක් දෙක පිළිබඳකොට වදාරණ ලද්දේය. සියලු තන්හි මරණය පිළිබඳ ගුණ කීමෙහි ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ. ඔහුට දුක් ඉපදීමෙහි ලා ගුණ කීවහුට ථුල්ලච්චය වේ. යමකු උදෙසා ගුණ වැණීම කරන ලදද ඔහු මළ කල්හි ගුණ වැණූ කෙණෙහිම ගුණ කීවහුට පාරාජිකය වේ. හෙතෙමේ එය නො දනී ද, අනෙකෙක් දැන ‘මා විසින් එකාන්තයෙන් සැප උපදින උපායක් ලදැ’යි ඒ ගුණ කීම නිමිතිකොට මැරේද, ඇවැත් නොවේ. දෙදෙනකු උදෙසා ගුණ කීම කළ කල්හි ඔවුන්ගෙන් එකෙක් එය දැන මැරේද, පාරාජිකය වේ. දෙදෙනම මැරෙත් ද පාරාජිකයට ද අකුසල රාසියකට ද පැමිණේ. බොහෝ දෙනා කෙරෙහි ද මේ නය වේ. නො උදෙසා මරණය වර්ණනා කරමින් ඇවිදී ද, යමෙක් යමෙක් ඒ මරණ සංවර්ණනාව අසා දැන මැරේද, සියලු දෙන ඔහු විසින් මරණ ලද්දාහු වෙති.
දූතෙන සංවණ්ණනායං “අසුකං නාම ගෙහං වා ගාමං වා ගන්ත්වා ඉත්ථන්නාමස්ස එවං මරණවණ්ණං සංවණ්ණෙහී”ති සාසනෙ ආරොචිතමත්තෙ දුක්කටං. යස්සත්ථාය පහිතො තස්ස දුක්ඛුප්පත්තියා මූලට්ඨස්ස ථුල්ලච්චයං, මරණෙන පාරාජිකං. දූතො “ඤාතො දානි අයං සග්ගමග්ගො”ති තස්ස අනාරොචෙත්වා අත්තනො ඤාතිස්ස වා සාලොහිතස්ස වා ආරොචෙති, තස්මිං මතෙ විසඞ්කෙතො හොති, මූලට්ඨො මුච්චති. දූතො තථෙව චින්තෙත්වා සයං සංවණ්ණනාය වුත්තං කත්වා මරති, විසඞ්කෙතොව. අනුද්දිස්ස පන සාසනෙ ආරොචිතෙ යත්තකා දූතස්ස සංවණ්ණනාය මරන්ති, තත්තකා පාණාතිපාතා. සචෙ මාතාපිතරො මරන්ති, ආනන්තරියම්පි හොති.
දූතයකු ලවා සංවර්ණනා කරවීමෙහි දී ‘අසුවල් ගෙට හෝ ගමට හෝ ගොස්, මෙනම් ඇත්තහුටම මරණයෙහි ගුණ වර්ණනා කරව’යි හසුන දැන්වූ ඇසිල්ලෙහි දුක්කටය වේ. යමකු පිණිස යවන ලද්දේ නම් ඔහුට දුක් ඉපදීම නිමිති කොට මූලස්ථයාහට ථුල්ලච්චය වේ. මරණයෙන් පාරාජිකය වේ. ‘මෙය ස්වර්ග මාර්ගයකැ’යි දැන් දන්නා ලද්දේයයි දූත තෙමේ ඔහුට නො දන්වා තමන්ගේ නෑයකු හට හෝ දන්වා ද, ඔහු මළ කල්හි විසඞ්කෙතය වේ. මූලස්ථ තෙමේ මිදෙන්නේය. දූත තෙමේ එසේම සිතා තමන් ගුණ වැණීමෙහි කියන ලද්ද කොට මැරේද, විසඞ්කෙතයම වේ. අසුවලාට යයි නො උදෙසා හසුන සැලකළ කල්හි දූතයාගේ ගුණ වැණීම නිමිතිකොට යම් පමණ දෙන මැරෙත් ද, එපමණ ප්රාණඝාතයෝ වෙත්. ඉදින් මවු පියෝ මැරෙත් ද, ආනන්තර්ය්යකර්මය ද වේ.
ලෙඛාසංවණ්ණනාය – ලෙඛං ඡින්දතීති පණ්ණෙ වා පොත්ථකෙ වා අක්ඛරානි ලිඛති – “යො සත්ථං වා ආහරිත්වා පපාතෙ වා පපතිත්වා අඤ්ඤෙහි වා අග්ගිප්පවෙසනඋදකප්පවෙසනාදීහි උපායෙහි මරති, සො ඉදඤ්චිදඤ්ච ලභතී”ති වා “තස්ස ධම්මො හොතී”ති වාති. එත්ථාපි දුක්කටථුල්ලච්චයා වුත්තනයෙනෙව වෙදිතබ්බා. උද්දිස්ස ලිඛිතෙ පන යං උද්දිස්ස ලිඛිතං තස්සෙව මරණෙන පාරාජිකං. බහූ උද්දිස්ස ලිඛිතෙ යත්තකා මරන්ති, තත්තකා පාණාතිපාතා. මාතාපිතූනං මරණෙන ආනන්තරියං. අනුද්දිස්ස ලිඛිතෙපි එසෙව නයො. “බහූ මරන්තී”ති විප්පටිසාරෙ උප්පන්නෙ තං පොත්ථකං ඣාපෙත්වා වා යථා වා අක්ඛරානි න පඤ්ඤායන්ති තථා කත්වා මුච්චති. සචෙ සො පරස්ස පොත්ථකො හොති, උද්දිස්ස ලිඛිතො වා හොති අනුද්දිස්ස ලිඛිතො වා, ගහිතට්ඨානෙ ඨපෙත්වා මුච්චති. සචෙ මූලෙන කීතො හොති, පොත්ථකස්සාමිකානං පොත්ථකං, යෙසං හත්ථතො මූලං ගහිතං, තෙසං මූලං දත්වා මුච්චති. සචෙ සම්බහුලා “මරණවණ්ණං ලිඛිස්සාමා”ති එකජ්ඣාසයා හුත්වා එකො තාලරුක්ඛං ආරොහිත්වා පණ්ණං ඡින්දති, එකො ආහරති, එකො පොත්ථකං කරොති, එකො ලිඛති, එකො සචෙ කණ්ටකලෙඛා හොති, මසිං මක්ඛෙති, මසිං මක්ඛෙත්වා තං පොත්ථකං සජ්ජෙත්වා සබ්බෙව සභායං වා ආපණෙ වා යත්ථ වා පන ලෙඛාදස්සනකොතූහලකා බහූ සන්නිපතන්ති, තත්ථ ඨපෙන්ති. තං වාචෙත්වා සචෙපි එකො මරති, සබ්බෙසං පාරාජිකං. සචෙ බහුකා මරන්ති, වුත්තසදිසොව නයො. විප්පටිසාරෙ පන උප්පන්නෙ තං පොත්ථකං සචෙපි මඤ්ජූසායං ගොපෙන්ති, අඤ්ඤො ච තං දිස්වා නීහරිත්වා පුන බහූනං දස්සෙති, නෙව මුච්චන්ති. තිට්ඨතු මඤ්ජූසා, සචෙපි තං පොත්ථකං නදියං වා සමුද්දෙ වා ඛිපන්ති වා ධොවන්ති වා ඛණ්ඩාඛණ්ඩං වා ඡින්දන්ති, අග්ගිම්හි වා ඣාපෙන්ති, යාව සඞ්ඝට්ටිතෙපි දුද්ධොතෙ වා දුජ්ඣාපිතෙ වා පත්තෙ අක්ඛරානි පඤ්ඤායන්ති, තාව න මුච්චන්ති. යථා පන අක්ඛරානි න පඤ්ඤායන්ති තථෙව කතෙ මුච්චන්තීති.
ලියවිල්ලෙන් කළ වැණුමෙහි ‘ලෙඛං ජින්දති’ ‘යමෙක් සැතක් හෝ ගෙන ප්‍රපාතයක හෝ වැටී අන්‍ය වූ අග්නිප්රවෙශ උදකප්රවෙශාදී වූ උපායයන්ගෙන් හෝ මැරේද, හෙතෙමේ මේ මේ දැය ලබායි හෝ එය ඔහුගේ ගුණයක් හෝ වේයයි පතෙක හෝ පොතක හෝ අකුරු ලියාද, මෙහිද දුක්කට ථුල්ලච්චයෝ කියූ නයින්ම දතයුත්තාහ. උදෙසා ලියන ලද්දෙහි යමකු උදෙසා ලියන ලද්දේ නම්, ඔහුගේ මරණයෙන් පාරාජිකය වේ. බොහෝදෙනකු උදෙසා ලියන ලද්දෙහි යම් පමණ දෙන මැරෙත් ද, එපමණ වූ ප්රාණඝාතයෝ වෙත්. මවුපියන්ගේ මරණයෙන් ආනන්තර්ය්යකර්මය වේ. නො උදෙසා ලියන ලද්දෙහි ද මේ නයම වේ. බොහෝ දෙන මැරෙතියි විපිළිසර උන් කල්හි ඒ පොත දවා හෝ, යම්සේ අකුරු නොපෙණේ ද, එසේ කොට හෝ මිදෙන්නේය, එය අනෙකක්හුගේ පොතක් හෝ වේ ද, උදෙසා ලියන ලද්දක් හෝ වේ ද, නො උදෙසා ලියන ලද්දක් හෝ වේද, ගත් තැන තැබීමෙන් මිදෙන්නේය. ඉදින් මිල දී ගන්නා ලද්දේ වේ ද, පොත හිමියන්ට පොත ද, යම් කෙනකුන් අතින් මිලදී ගන්නා ලද්දේ වේ ද, ඔවුන්ට මිලක් දී මිදෙන්නේය. ඉදින් බොහෝ දෙන මරණයෙහි ගුණ ලියා තබන්නෙමු’යි එක් අදහස් ඇතිව එකෙක් ඒ පිණිස ගසකට නැගී කොළයක් සිඳ ගණියි. එකෙක් එය ගෙන එයි. එකෙක් පොත කරයි. එකෙක් ලියයි. එකෙක් කටුරෙඛා වන්නී නම් කළු මදියි. කළු මැද ඒ පොත සාදා සියල්ලෝම සභාවක හෝ කඩ පිළක හෝ යන යම්තැනෙක ලියවිලි දැක්මෙහි කුහුල් ඇති බොහෝ දෙන රැස්වෙත් ද එතැනක තබත්. ඒ පොත කියවා එකෙක් හෝ මැරේ නම් සියල්ලනට පාරාජිකය වේ. බොහෝ දෙනෙක් මැරෙත් නම් කියන ලද සමාන වූ ම නය වේ. විපිළිසර උපන් කල්හි වනාහි ඒ පොත පෙට්ටියක ලා රකිත් නම් අනෙකෙක් ද එය දැක බැහැරට ගෙන නැවත බොහෝ දෙනාට දක්වා ද, ඔවුහු නො මිදෙත්මය. පෙට්ටිය තිබීයේවා, ඉතින් ඒ පොත ගඟක හෝ මුහුදෙහි හෝ බහත් ද සේදීම හෝ කරත් ද, කුදු මහත් කඩකොට සිඳීම හෝ කරත් ද, ගින්නෙහි ලා හෝ දවත් ද, මැනවින් උලන ලද්දා වූ ද නො මනාව සෝදන ලද්දා වූ හෝ නො මනාව දවන ලද්දා වූ හෝ පත්රයෙක අකුරු පෙනේ නම් ඒ තාක් නො මිදෙන්නාහ. යම්සේ අකුරු නො පෙනේ ද, එසේ කළ කල්හි මිදෙන්නාහ.
ඉදානි ථාවරපයොගස්ස විභාගදස්සනත්ථං වුත්තෙසු ඔපාතාදිමාතිකානිද්දෙසෙසු මනුස්සං උද්දිස්ස ඔපාතං ඛනතීති “ඉත්ථන්නාමො පතිත්වා මරිස්සතී”ති කඤ්චි මනුස්සං උද්දිසිත්වා යත්ථ සො එකතො විචරති, තත්ථ ආවාටං ඛනති, ඛනන්තස්ස තාව සචෙපි ජාතපථවියා ඛනති, පාණාතිපාතස්ස පයොගත්තා පයොගෙ පයොගෙ දුක්කටං. යං උද්දිස්ස ඛනති, තස්ස දුක්ඛුප්පත්තියා ථුල්ලච්චයං, මරණෙන පාරාජිකං. අඤ්ඤස්මිං පතිත්වා මතෙ අනාපත්ති. සචෙ අනුද්දිස්ස “යො කොචි මරිස්සතී”ති ඛතො හොති, යත්තකා පතිත්වා මරන්ති, තත්තකා පාණාතිපාතා. ආනන්තරියවත්ථූසු ච ආනන්තරියං ථුල්ලච්චයපාචිත්තියවත්ථූසු ථුල්ලච්චයපාචිත්තියානි.
දැන් ස්ථාවර ප්රයොගයෙහි විභාග දක්වනු පිණිස කියන ලද ඔපාතාදිමාතෘකා නිර්දෙශයන්හි ‘මනුස්සං ඔදිස්ස ඔපාතං ඛණති’ ‘මෙනම් ඇත්තේ වැටී මැරෙන්නේය’යි කිසියම් මිනිසකු උදෙසා හෙතෙමේ යම්තැනක එකලාව හැසිරේද, එහි වළක් ගණී ද, කණින්නහුට පළමුකොට ජාතපෘථිවියෙහි කණී නම්, ප්‍රාණඝාතයාගේ ප්‍රයොග බැවින් ප්‍රයොගය නිමිති කොට දුක්කටය වේ. යමකු උදෙසා කණී නම් ඔහුට දුක් ඉපදීම නිමිති කොට ථුල්ලච්චය වේ. මරණයෙන් පාරාජිකය වේ. අනෙකකු වළ වැටී මළ කල්හි ඇවැත් නොවේ. ඉදින් නො උදෙසා ‘යම් කිසිවෙක් මැරෙන්නේය’යි කණින ලද්දේ වේ ද, එහි යම් පමණ දෙන වැටී මැරෙත් ද, එපමණ ප්රාණඝාතයෝ වෙත්. ආනන්තර්‍ය්‍ය වස්තුන්හි ද ආනන්තර්‍ය්‍ය කර්මය ද වේ. ථුල්ලච්චය පාචිත්තිය වස්තූන්හි ථුල්ලච්චය පාචිත්තියාපත්තීහු වෙත්.
බහූ තත්ථ චෙතනා; කතමාය පාරාජිකං හොතීති? මහාඅට්ඨකථායං තාව වුත්තං – “ආවාටං ගම්භීරතො ච ආයාමවිත්ථාරතො ච ඛනිත්වා පමාණෙ ඨපෙත්වා තච්ඡෙත්වා පුඤ්ඡිත්වා පංසුපච්ඡිං උද්ධරන්තස්ස සන්නිට්ඨාපිකා අත්ථසාධකචෙතනා මග්ගානන්තරඵලසදිසා. සචෙපි වස්සසතස්ස අච්චයෙන පතිත්වා අවස්සං මරණකසත්තො හොති, සන්නිට්ඨාපකචෙතනායමෙව පාරාජික”න්ති. මහාපච්චරියං පන සඞ්ඛෙපට්ඨකථායඤ්ච – “ඉමස්මිං ආවාටෙ පතිත්වා මරිස්සතීති එකස්මිම්පි කුද්දාලප්පහාරෙ දින්නෙ සචෙ කොචි තත්ථ පක්ඛලිතො පතිත්වා මරති, පාරාජිකමෙව. සුත්තන්තිකත්ථෙරා පන සන්නිට්ඨාපකචෙතනං ගණ්හන්තී”ති වුත්තං.
එහි චේතනා බොහෝය. කවර චේතනාවකින් පාරාජිකය වේ ද, යන මෙහිලා මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි ‘වළ ගැඹුරින් ද දිග පළලින් ද කැණ තමන් සැලකු පමණෙහි තබා නවතා, උස් පෙදෙස් සැස පිසදමා පස් පැස උදුරන්නහුගේ සන්නිට්ඨාපික අර්ත්ථසාධක චේතනා තොමෝ මාර්ගයට අනතුරු වූ ඵලය සමාන වන්නීය. ඉදිනුදු අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් වළ වැටී එකාන්තයෙන් මැරෙණ සත්ත්වයෙක් වේ නම්, සන්නිට්ඨාපකචේතනාවෙන් පාරාජිකය වේය’යි කියන ලදී. මහාපච්චරියෙහි හා සඞ්ක්ෂෙපාර්ත්ථ කථාවෙහි ද ‘මේ වළෙහි වැටී මැරෙන්නේය’යි එක් උදලු පහරකුදු දුන් කල්හි එකි කිසිවෙක් පැකිළී වැටී මැරේද, පාරාජිකයම වේ. සූත්‍රාන්තික ස්ථවිරයන් වහන්සේලා වනාහි සන්නිට්ඨාපක චේතනාව ගණිත් යි කියන ලදී.
එකො “ඔපාතං ඛනිත්වා අසුකං නාම ආනෙත්වා ඉධ පාතෙත්වා මාරෙහී”ති අඤ්ඤං ආණාපෙති, සො තං පාතෙත්වා මාරෙති, උභින්නං පාරාජිකං. අඤ්ඤං පාතෙත්වා මාරෙති, සයං පතිත්වා මරති, අඤ්ඤො අත්තනො ධම්මතාය පතිත්වා මරති, සබ්බත්ථ විසඞ්කෙතො හොති, මූලට්ඨො මුච්චති. “අසුකො අසුකං ආනෙත්වා ඉධ මාරෙස්සතී”ති ඛතෙපි එසෙව නයො. මරිතුකාමා ඉධ මරිස්සන්තීති ඛනති, එකස්ස මරණෙ පාරාජිකං. බහුන්නං මරණෙ අකුසලරාසි , මාතාපිතූනං මරණෙ ආනන්තරියං, ථුල්ලච්චයපාචිත්තියවත්ථූසු ථුල්ලච්චයපාචිත්තියානි.
එකෙක් වළක් කැණ ‘අසුවලා ගෙණවුත් මෙහි හෙළා මරව’යි අනිකක්හට අණ කෙරේ ද, හෙතෙමේ ඔහු ගෙණවුත් හෙළා මරා ද දෙදෙනාහට පාරාජිකය වේ. අනෙකකු හෙළා මරා ද, තෙමේ වැටී මැරේ ද, අනෙකෙක් තමන්ගේ ධර්මතාවෙන් වැටී මැරේද, හැම තන්හි විසඞ්කෙතය වේ. මූලස්ථ තෙමේ මිදෙන්නේය. අසුවල් තෙමේ අසුවලා ගෙණවුත් මරන්නේයයි වළ සෑරූ කල්හි ද මේ නයම වේ. ‘යම් කෙනෙක් මැරෙණු කැමැත්තාහු නම් ඔවුහු මෙහි වැටී මැරෙන්නාහයි වළ කණී ද, එකක්හුගේ මැරීම නිමිතිකොට පාරාජිකය වේ. බොහෝ දෙනාගේ මරණය නිමිති කොට අකුසල රාසියක් වේ. මවු පියන්ගේ මැරීම නිමිති කොට ආනන්තර්ය්යකර්මය වේ. ථුල්ලච්චය පාචිත්තිය වස්තූන්හි ථුල්ලච්චය පාචිත්තියාපත්තීහු වෙත්.
“යෙ කෙචි මාරෙතුකාමා, තෙ ඉධ පාතෙත්වා මාරෙස්සන්තී”ති ඛනති, තත්ථ පාතෙත්වා මාරෙන්ති , එකස්මිං මතෙ පාරාජිකං, බහූසු අකුසලරාසි, ආනන්තරියාදිවත්ථූසු ආනන්තරියාදීනි. ඉධෙව අරහන්තාපි සඞ්ගහං ගච්ඡන්ති. පුරිමනයෙ පන “තෙසං මරිතුකාමතාය පතනං නත්ථී”ති තෙ න සඞ්ගය්හන්ති. ද්වීසුපි නයෙසු අත්තනො ධම්මතාය පතිත්වා මතෙ විසඞ්කෙතො. “යෙ කෙචි අත්තනො වෙරිකෙ එත්ථ පාතෙත්වා මාරෙස්සන්තී”ති ඛනති, තත්ථ ච වෙරිකා වෙරිකෙ පාතෙත්වා මාරෙන්ති, එකස්මිං මාරිතෙ පාරාජිකං, බහූසු අකුසලරාසි, මාතරි වා පිතරි වා අරහන්තෙ වා වෙරිකෙහි ආනෙත්වා තත්ථ මාරිතෙ ආනන්තරියං. අත්තනො ධම්මතාය පතිත්වා මතෙසු විසඞ්කෙතො.
යම්කිසි කෙනෙක් මරණු කැමැත්තාහු ද ඔවුහු මෙහි හෙළා මරන්නාහයි වළ කණී ද, එහි හෙළා මරත් ද, එකකු මළ කල්හි පාරාජිකය වේ. බොහෝ දෙනකුන් මළ කල්හි අකුසල රාසියක් වේ. ආනන්තර්ය්යාදි වස්තූන්හි ආනන්තර්ය්යාදීහු වෙත්. රහත්හු ද මෙහිම සඞ්ග්‍රහයට යෙත්. ‘මරනු කැමැත්තාහු මෙහි මරන්නාහ’යි පෙර කියූ නයෙහි මැරෙණු කැමැති බැවින් ඔවුන්ගේ වැටීමෙක් නැත්තේයයි ඔවුහු සඞ්ග්‍රහ කරණු නො ලබත්. දෙවැදෑරුම් නයයෙහි තමන්ගේ ධර්මතාවෙන් වැටී මළ කල්හි විසඞ්කෙතය වේ. යම්කිසි කෙනෙක් තමන්ගේ වෛරීන් මෙහි හෙළා මරන්නාහයි වළ කණිත් ද, එහිද වෛරීහු වෛරීන් හෙළා මරත් ද, එකකු මළ කල්හි පාරාජිකය වේ. බොහෝ දෙනකුන් මළ කල්හි අකුසල රාසිය වේ. මව හෝ පියා හෝ රහතකු හෝ වෛරීන් විසින් ගෙණවුත් එහි මැරූ කල්හි ආනන්තර්ය්යය වේ. තමන්ගේ ධර්මතාවෙන් වැටී මළ කල්හි විසඞ්කෙතය වේ.
යො පන “මරිතුකාමා වා අමරිතුකාමා වා මාරෙතුකාමා වා අමාරෙතුකාමා වා යෙ කෙචි එත්ථ පතිතා වා පාතිතා වා මරිස්සන්තී”ති සබ්බථාපි අනුද්දිස්සෙව ඛනති. යො යො මරති තස්ස තස්ස මරණෙන යථානුරූපං කම්මඤ්ච ඵුසති, ආපත්තිඤ්ච ආපජ්ජති. සචෙ ගබ්භිනී පතිත්වා සගබ්භා මරති, ද්වෙ පාණාතිපාතා. ගබ්භොයෙව විනස්සති, එකො. ගබ්භො න විනස්සති, මාතා මරති, එකොයෙව. චොරෙහි අනුබද්ධො පතිත්වා මරති, ඔපාතඛනකස්සෙව පාරාජිකං. චොරා තත්ථ පාතෙත්වා මාරෙන්ති, පාරාජිකමෙව. තත්ථ පතිතං බහි නීහරිත්වා මාරෙන්ති, පාරාජිකමෙව. කස්මා? ඔපාතෙ පතිතප්පයොගෙන ගහිතත්තා. ඔපාතතො නික්ඛමිත්වා තෙනෙව ආබාධෙන මරති, පාරාජිකමෙව. බහූනි වස්සානි අතික්කමිත්වා පුන කුපිතෙන තෙනෙවාබාධෙන මරති, පාරාජිකමෙව. ඔපාතෙ පතනප්පච්චයා උප්පන්නරොගෙන ගිලානස්සෙව අඤ්ඤො රොගො උප්පජ්ජති, ඔපාතරොගො බලවතරො හොති, තෙන මතෙපි ඔපාතඛණකො න මුච්චති. සචෙ පච්ඡා උප්පන්නරොගො බලවා හොති, තෙන මතෙ මුච්චති. උභොහි මතෙ න මුච්චති. ඔපාතෙ ඔපපාතිකමනුස්සො නිබ්බත්තිත්වා උත්තරිතුං අසක්කොන්තො මරති, පාරාජිකමෙව. මනුස්සං උද්දිස්ස ඛතෙ යක්ඛාදීසු පතිත්වා මතෙසු අනාපත්ති. යක්ඛාදයො උද්දිස්ස ඛතෙ මනුස්සාදීසු මරන්තෙසුපි එසෙව නයො. යක්ඛාදයො උද්දිස්ස ඛනන්තස්ස පන ඛනනෙපි තෙසං දුක්ඛුප්පත්තියම්පි දුක්කටමෙව. මරණෙ වත්ථුවසෙන ථුල්ලච්චයං වා පාචිත්තියං වා. අනුද්දිස්ස ඛතෙ ඔපාතෙ යක්ඛරූපෙන වා පෙතරූපෙන වා පතති, තිරච්ඡානරූපෙන මරති, පතනරූපං පමාණං, තස්මා ථුල්ලච්චයන්ති උපතිස්සත්ථෙරො. මරණරූපං පමාණං, තස්මා පාචිත්තියන්ති ඵුස්සදෙවත්ථෙරො. තිරච්ඡානරූපෙන පතිත්වා යක්ඛපෙතරූපෙන මතෙපි එසෙව නයො.
යමෙක් වනාහි ‘මරනු කැමැත්තා වූ හෝ නො මරණු කැමැත්තා වූ හෝ මරවනු කැමැත්තා වූ හෝ නො මරවනු කැමැත්තා වූ හෝ යම්කිසිකෙනෙක් මෙහි හෙළුනාහු හෝ හෙළන ලද්දහු හෝ මැරෙන්නාහයි මුළුමනින් නො උදෙසාම කණී යමෙක් මැරේ ද, ඔහුගේ ඔහුගේ මරණයෙන් සුදුසු පරිදි කර්මය ද පහසයි. ඇවැතට පැමිණේ. ඉදින් ගැබිනියක් ගැබ සහිතව වැටී මැරේ ද, ප්‍රාණඝාත දෙකක් වේ. ගැබම නැසේ නම් එක් ප්‍රාණඝාතයක් වේ. සොරුන් විසින් ලුහු බඳිනා ලද්දේ වැටී මැරේ ද, වළ සෑරුවහුටම පාරාජිකය වේ. සොරු එහි හෙළා මරත් ද පාරාජිකම වේ. එහි වැටුනු ගැබිනියක පිටතට ගෙන මරත් ද පාරාජිකම වේ. කුමක් හෙයින යත්: වළෙහි වැටුනු ප්‍රයොගයෙන් ගත් බැවිනි. වළෙන් ගොඩ ඇවිත් ඒ ආබාධයෙන්ම මැරේ ද, පාරාජිකම වේ. අවුරුදු බොහෝ ගණනක් ඉක්ම ගොස් නැවත කිපියා වූ ඒ ආබාධයෙන්ම මැරේ ද, පාරාජිකම වේ. වළෙහි වැටීම් හේතුවෙන් උපන් රෝගයෙන් ගිලන් වූවහුටම අන් රෝගයෙක් හටගණී ද, එහි වළෙහි වැටීමෙන් හටගත් රෝගය ඉතා බලවත් වේ ද, එයින් මළ කල්හි ද වළ කැණූයේ නො මිදෙන්නේය. පසුව හටගත් රෝගය බලවත්ව ගියේ වේ ද, එයින් මළ කල්හි මිදෙන්නේය. මුලින් හටගත් රෝගය හා පසුව හටගත් රෝගය යන දෙකෙන් මළ කල්හි නො මිදෙන්නේය. ඔපපාතිකව මනුෂ්‍යයෙක් වළෙහි ඉපද ගොඩ නගින්නට නො හැකිව එහිම මැරේ ද, පාරාජිකම වේ. මිනිසකු උදෙසා කැණූ වළෙහි යක්ෂාදීන් වැටී මළ කල්හි ඇවැත් නොවේ. යක්ෂාදීන් උදෙසා කැණූ වළෙහි මනුෂ්‍යාදීන් වැටී මැරෙණ කල්හි ද මේ නය වේ. යක්ෂාදීන් උදෙසා වළ කණින්නහුට වනාහි කැණීමෙහි ද ඔවුන්ට දුක් ඉපදීමෙහි ද දුක්කටම වේ. මරණයෙහි වස්තු වශයෙන් ථුල්ලච්චය හෝ පාචිත්තිය හෝ වේ. නො උදෙසා කැණූ වළෙහි යක්ෂ රූපයෙන් හෝ ප්රෙතරූපයෙන් හෝ වැටී තිරශ්චීන රූපයෙන් මැරේ ද, එහි වැටුන රූපය පමණ වේ. එහෙයින් ථුල්ලච්චයයි උපතිස්ස ස්ථවිරයන් වහන්සේ කීහ. මරණ රූපය පමණ වේ. එහෙයින් පාචිත්තියයි ඵුස්සදේව ස්ථවිරයන් වහන්සේ කීහ. තිරශ්චීන රූපයෙන් වැටී යක්ෂ ප්රේතරූපයෙන් මළ කල්හි ද මේ නයම වේ.
ඔපාතඛනකො ඔපාතං අඤ්ඤස්ස වික්කිණාති වා මුධා වා දෙති, යො යො පතිත්වා මරති, තප්පච්චයා තස්සෙව ආපත්ති ච කම්මබන්ධො ච. යෙන ලද්ධො සො නිද්දොසො. අථ සොපි “එවං පතිතා උත්තරිතුං අසක්කොන්තා නස්සිස්සන්ති, සුඋද්ධරා වා න භවිස්සන්තී”ති තං ඔපාතං ගම්භීරතරං වා උත්තානතරං වා දීඝතරං වා රස්සතරං වා විත්ථතතරං වා සම්බාධතරං වා කරොති, උභින්නම්පි ආපත්ති ච කම්මබන්ධො ච. බහූ මරන්තීති විප්පටිසාරෙ උප්පන්නෙ ඔපාතං පංසුනා පූරෙති, සචෙ කොචි පංසුම්හි පතිත්වා මරති, පූරෙත්වාපි මූලට්ඨො න මුච්චති. දෙවෙ වස්සන්තෙ කද්දමො හොති, තත්ථ ලග්ගිත්වා මතෙපි. රුක්ඛො වා පතන්තො වාතො වා වස්සොදකං වා පංසුං හරති, කන්දමූලත්ථං වා පථවිං ඛනන්තා තත්ථ ආවාටං කරොන්ති. තත්ථ සචෙ කොචි ලග්ගිත්වා වා පතිත්වා වා මරති, මූලට්ඨො න මුච්චති. තස්මිං පන ඔකාසෙ මහන්තං තළාකං වා පොක්ඛරණිං වා කාරෙත්වා චෙතියං වා පතිට්ඨාපෙත්වා බොධිං වා රොපෙත්වා ආවාසං වා සකටමග්ගං වා කාරෙත්වා මුච්චති. යදාපි ථිරං කත්වා පූරිතෙ ඔපාතෙ රුක්ඛාදීනං මූලානි මූලෙහි සංසිබ්බිතානි හොන්ති , ජාතපථවී ජාතා, තදාපි මුච්චති. සචෙපි නදී ආගන්ත්වා ඔපාතං හරති, එවම්පි මුච්චතීති.
වළ කැණූයේ වළ අනෙකක්හට විකුණා ද, මිල නොගෙණ හෝ දේ ද, යමෙක් යමෙක් එහි වැටී මැරේ ද, ඒ හේතුවෙන් ඔහුටම ආපත්තිය ද කර්මයෙන් බැඳීම ද වන්නේ ය. යමකු විසින් එය ලද්දේ ද, හෙතෙමේ නිදොස්ය. නැවත හෙතෙමේ ද ‘මෙසේ මෙහි වැටුනාහු ගොඩ නගන්නට නො හැක්කාහු නැසී යන්නාහ, සුවසේ ගොඩ නැගිය හැක්කාහු නො වන්නාහ’යි ඒ වළ ඉතා ගැඹුරු වූවක් හෝ ඉතා උඩුහුරු වූවක් හෝ ඉතා දිග් වුවක් හෝ ඉතා ලුහුඬු වූවක් හෝ ඉතා පුළුල් වූවක් හෝ ඉඩ පහසු ඉතා අඩු වූවක් හෝ කෙරේ ද, දෙදෙනාහටම ආපත්තිය ද කර්මයෙන් බැඳීම ද වේ. ‘බොහෝ දෙන මැරෙති’යි මූලස්ථයාහට විපිළිසරයක් උපන් කල්හි හෙතෙමේ වළ පස්වලින් පුරවා ද, එහෙත් කිසිවෙක් පසෙහි වැටී මැරේ ද, පස් පිරවීමෙන් ද, මූලස්ථයාහට එයින් මිදීමෙක් නැත්තේය. නො මිදෙන්නේය. වැසි වස්නා කල්හි මඩ වේ ද, එහි ගැලී මළ කල්හි ද, පාරාජික වේ. රුකක් හෝ භෙන්නේ, වාතය හෝ වැසිදිය හෝ පස් පහ කෙරේ ද, අල මුල් පිණිස හෝ පොළොව කණින්නාහු එහි වළක් කෙරෙත් ද, ඉදින් කිසිවෙක් එහි ලැගී හෝ වැටී හෝ මැරේ ද, මූලස්ථ තෙමේ නො මිදෙන්නේ ය. ඒ අවකාශයෙහි මහත් විලක් හෝ පොකුණක් හෝ කරවා සෑයක් හෝ පිහිටුවා බෝධියක් හෝ රෝපණය කොට ආවාසයක් හෝ ගැල්මගක් හෝ කරවා මිදෙන්නේය. යම්කලෙක ස්ථිරකොට පිරුණු වළෙහි ගස් වැල් ආදියෙහි මුල්, මුල්වලින් ඝනව හෙවුනාහු ගෙතුනාහු වෙත්ද, ජාතපඨවිය හෝ වූවාද, එකල්හි ද මිදෙන්නේ ය. ඉදිනුදු ගඞ්ගාවක් ගලා අවුත් වළ ගසා ගෙණ යා ද, මෙසේද මිදෙන්නේය.
අයං තාව ඔපාතකථා.
මේ වනාහි ඔපාතකථාය.
ඔපාතස්සෙව පන අනුලොමෙසු පාසාදීසුපි යො තාව පාසං ඔඩ්ඩෙති “එත්ථ බජ්ඣිත්වා සත්තා මරිස්සන්තී”ති අවස්සං බජ්ඣනකසත්තානං වසෙන හත්ථා මුත්තමත්තෙ පාරාජිකානන්තරියථුල්ලච්චයපාචිත්තියානි වෙදිතබ්බානි. උද්දිස්ස කතෙ යං උද්දිස්ස ඔඩ්ඩිතො, තතො අඤ්ඤෙසං බන්ධනෙ අනාපත්ති. පාසෙ මූලෙන වා මුධා වා දින්නෙපි මූලට්ඨස්සෙව කම්මබන්ධො. සචෙ යෙන ලද්ධො සො උග්ගලිතං වා පාසං සණ්ඨපෙති, පස්සෙන වා ගච්ඡන්තෙ දිස්වා වතිං කත්වා සම්මුඛෙ පවෙසෙති, ථද්ධතරං වා පාසයට්ඨිං ඨපෙති, දළ්හතරං වා පාසරජ්ජුං බන්ධති, ථිරතරං වා ඛාණුකං වා ආකොටෙති, උභොපි න මුච්චන්ති. සචෙ විප්පටිසාරෙ උප්පන්නෙ පාසං උග්ගලාපෙත්වා ගච්ඡති, තං දිස්වා පුන අඤ්ඤෙ සණ්ඨපෙන්ති, බද්ධා බද්ධා මරන්ති, මූලට්ඨො න මුච්චති.
ඔපාතයටම අනුලොම් වූ පාසාදියෙහි ද - යමෙක් ‘සත්ත්වයෝ මෙහි බැඳී මැරෙන්නාහ’යි මළපුඩු අටවා ද, එකකින් එහි බැඳෙන සත්ත්වයන්ගේ වසයෙන් මළපුඩු අටවා අතින් මිදුනු ඇසිල්ලෙහි පාරාජික - ආනන්තරිය - ථුල්ලච්චය - පාචිත්තියයෝ දතයුත්තාහ. උදෙසා ඇටවූ කල්හි යමකු උදෙසා අටවන ලද්දේ නම් එයින් අන්හු බැඳීමෙහි ආපත්ති නො වන්නීය. මළය මිලයට හෝ නො මිලයේ හෝ දුන් කල්හි ද මූලස්ථයාහටම කර්මබන්ධනය වේ. ඉදින් එය යමකු විසින් ලද්දේ නම් හෙතෙමේ ගිලිහුනු හෝ මළය තබා ද, පසෙකින් හෝ යන්නවුන් දැක වැටක් කොට හමුවෙහි ප්‍රවෙශ කෙරේ ද, පාශයෂ්ටියෙහි ස්ථිරභාවය පිණිස අනික් යටක් සමග දැඩිතරව බැඳ හෝ තබාද, දැඩිතර කොට පාස රැහණක් හෝ බඳී ද, පාශයෂ්ටිය බඳිනු පිණිස ස්ථිරභාවය පිණිස අනික් යටක් සමග දැඩිතරව බැඳ හෝ තබාද, දැඩිතර කොට පාස රැහණක් හෝ බඳී ද, පාශයෂ්ටිය බඳිනු පිණිස ස්ථිරතර වූ කණුවක් හෝ සිටුවාද, දෙදෙනම නො මිදෙන්නාහ. ඉදින් මූලස්ථයාහට විපිළිසරයක් උපන් කල්හි පාශය උගුලුවා දමායේ ද, අන්‍යයෝ එය දැක නැවත පිහිටුවත් ද එහි බැඳුනු බැඳුනෝ මැරෙත් ද, මූලස්ථ තෙමේ නො මිදෙන්නේය.
සචෙ පන තෙන පාසයට්ඨි සයං අකතා හොති, ගහිතට්ඨානෙ ඨපෙත්වා මුච්චති. තත්ථජාතකයට්ඨිං ඡින්දිත්වා මුච්චති. සයං කතයට්ඨිං පන ගොපෙන්තොපි න මුච්චති. යදි හි තං අඤ්ඤො ගණ්හිත්වා පාසං සණ්ඨපෙති, තප්පච්චයා මරන්තෙසු මූලට්ඨො න මුච්චති. සචෙ තං ඣාපෙත්වා අලාතං කත්වා ඡඩ්ඩෙති, තෙන අලාතෙන පහාරං ලද්ධා මරන්තෙසුපි න මුච්චති. සබ්බසො පන ඣාපෙත්වා වා නාසෙත්වා වා මුච්චති, පාසරජ්ජුම්පි අඤ්ඤෙහි ච වට්ටිතං ගහිතට්ඨානෙ ඨපෙත්වා මුච්චති. රජ්ජුකෙ ලභිත්වා සයං වට්ටිතං උබ්බට්ටෙත්වා වාකෙ ලභිත්වා වට්ටිතං හීරං හීරං කත්වා මුච්චති. අරඤ්ඤතො පන සයං වාකෙ ආහරිත්වා වට්ටිතං ගොපෙන්තොපි න මුච්චති. සබ්බසො පන ඣාපෙත්වා වා නාසෙත්වා වා මුච්චති.
ඉදින් වනාහි ඔහු විසින් පාශයෂ්ටිය තමන් නො කරණ ලද්දී වේ ද, ගත් තැන තැබීමෙන් මිදෙන්නේය. එහි හටගත් පාශයෂ්ටිය සිඳලීමෙන් මිදෙන්නේය. තමන් කළ යෂ්ටිය රකින්නේ ද නො මිදෙන්නේය. ඉදින් අනෙකෙක් එය ගෙන මළපුඩුව පිහිටුවා ද, ඒ හේතුවෙන් මැරෙණ කල්හි මූලස්ථයා නො මිදෙන්නේ ය. ඉදින් එය දවා පෙණෙහෙලි කොට බැහැර ලන්නේ ද, ඒ පෙණහෙල්ලෙන් පහර ලැබ මැරණ කල්හි ද නො මිදෙන්නේ ය. මුළුමනින් දැවීමෙන් හෝ නැසීමෙන් හෝ මිදෙන්නේ ය. අන්‍යයන් විසින් වැටි කළ මළපුඩු රැහැණ ද ගත් තැන තැබීමෙන් මිදෙන්නේ ය. කුඩා රැහැන් ලැබ තමන් වැටි කරණ ලද්ද නැවත වෙන් වෙන් කොට වැහැරි ලැබ වැටි කරණ ලද තීරු තීරු කොට ලෑමෙන් මිදෙන්නේ ය. වනයෙන් තමන් වැහැරි ගෙණවුත් වැටි කරණ ලද්ද රකින්නේ ද නො මිදෙන්නේ ය. මුළුමනින් දැවීමෙන් හෝ නැසීමෙන් හෝ මිදෙන්නේ ය.
අදූහලං සජ්ජෙන්තො චතූසු පාදෙසු අදූහලමඤ්චං ඨපෙත්වා පාසාණෙ ආරොපෙති, පයොගෙ පයොගෙ දුක්කටං. සබ්බසජ්ජං කත්වා හත්ථතො මුත්තමත්තෙ අවස්සං අජ්ඣොත්ථරිතබ්බකසත්තානං වසෙන උද්දිස්සකානුද්දිස්සකානුරූපෙන පාරාජිකාදීනි වෙදිතබ්බානි. අදූහලෙ මූලෙන වා මුධා වා දින්නෙපි මූලට්ඨස්සෙව කම්මබද්ධො. සචෙ යෙන ලද්ධං සො පතිතං වා උක්ඛිපති, අඤ්ඤෙපි පාසාණෙ ආරොපෙත්වා ගරුකතරං වා කරොති, පස්සෙන වා ගච්ඡන්තෙ දිස්වා වතිං කත්වා අදූහලෙ පවෙසෙති, උභොපි න මුච්චන්ති. සචෙපි විප්පටිසාරෙ උප්පන්නෙ අදූහලං පාතෙත්වා ගච්ඡති, තං දිස්වා අඤ්ඤො සණ්ඨපෙති, මූලට්ඨො න මුච්චති. පාසාණෙ පන ගහිතට්ඨානෙ ඨපෙත්වා අදූහලපාදෙ ච පාසයට්ඨියං වුත්තනයෙන ගහිතට්ඨානෙ වා ඨපෙත්වා ඣාපෙත්වා වා මුච්චති.
යන්ත්රපාෂාණය සාදන්නේ පා සතරෙහි හබක තබා ඒ මත්තෙහි ගල් නගා තබාද, ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ. සියල්ල සාදා නිම කොට අතින් මිදුනු ඇසිල්ලෙහි එකකින් එයට යට කළ යුතු සත්ත්වයන්ගේ වසයෙන් උදෙසා නො උදෙස් ඇත්තවුන්ට අනුරූප වශයෙන් පාරාජිකාදීහු දතයුත්තාහ. යන්ත්රපාෂාණය මිලයට හෝ නො මිලයේ හෝ දුන් කල්හි ද මූලස්ථයාහටම කර්මබන්ධනය වේ. යමකු විසින් එය ලද්දේ නම්, හෙතෙමේ වැටුනක් හෝ ඔසොවා ද, අන්‍ය වූ ද ගල් නගා තබා ඉතා බරවූවක් හෝ කෙරේ ද, පසෙකින් හෝ යන්නවුන් දැක වැටක් කොට යන්ත්රපාෂාණයෙහි ඇතුල් කෙරේ ද දෙදෙනම නො මිදෙත්. ඉදින් විපිළිසරයක් උපන් කල්හි යන්ත්රපාෂාණය හෙළා යේ ද, අනෙකෙක් එය දැක ගෙණ පිහිටුවා ද, මූලස්ථ තෙමේ නො මිදේ. පාෂාණය ගත් තැනම තබා අදූහලපාදයෙහි හා පාශයෂ්ටියෙහි කියූ නයින් ගත් තැනම තැබීමෙන් හෝ දැවීමෙන් හෝ මිදේ.
සූලං රොපෙන්තස්සාපි සබ්බසජ්ජං කත්වා හත්ථතො මුත්තමත්තෙ සූලමුඛෙ පතිත්වා අවස්සං මරණකසත්තානං වසෙන උද්දිස්සානුද්දිස්සානුරූපතො පාරාජිකාදීනි වෙදිතබ්බානි. සූලෙ මූලෙන වා මුධා වා දින්නෙපි මූලට්ඨස්සෙව කම්මබද්ධො. සචෙ යෙන ලද්ධං සො “එකප්පහාරෙනෙව මරිස්සන්තී”ති තිඛිණතරං වා කරොති, “දුක්ඛං මරිස්සන්තී”ති කුණ්ඨතරං වා කරොති, “උච්ච”න්ති සල්ලක්ඛෙත්වා නීචතරං වා “නීච”න්ති සල්ලක්ඛෙත්වා උච්චතරං වා පුන රොපෙති, වඞ්කං වා උජුකං අතිඋජුකං වා ඊසකං පොණං කරොති, උභොපි න මුච්චන්ති. සචෙ පන “අට්ඨානෙ ඨිත”න්ති අඤ්ඤස්මිං ඨානෙ ඨපෙති, තං චෙ මාරණත්ථාය ආදිතො පභුති පරියෙසිත්වා කතං හොති, මූලට්ඨො න මුච්චති. අපරියෙසිත්වා පන කතමෙව ලභිත්වා රොපිතෙ මූලට්ඨො මුච්චති. විප්පටිසාරෙ උප්පන්නෙ පාසයට්ඨියං වුත්තනයෙන ගහිතට්ඨානෙ වා ඨපෙත්වා ඣාපෙත්වා වා මුච්චති.
හුල් නගා තබන්නහුට ද සියල්ල සාදා නිමකොට අතින් මිදුනු ඇසිල්ලෙහි හුල් මුවෙහි වැටී අවශ්‍යයෙන් මැරෙණ සත්ත්වයන්ගේ වසයෙන් උදෙස් නො උපදෙස් ලෙසින් පාරාජිකාදීහු දතයුත්තාහ. හුල මිලයට හෝ නොමිලයේ දුන් කල්හි ද මූලස්ථයාහට කර්මබන්ධනය වේ. ඉදින් යමකු විසින් උල ලද්දේ නම්, හෙතෙමේ ‘එක් පහරින්ම මැරෙන්නාහ’යි ඉතා මොටවූවක් හෝ කෙරේ ද, උසැයි සලකා ඉතා මිටි වූවක් හෝ මිටියි සලකා ඉතා උස්වූවක් හෝ කොට, නැවත නගා තබා ද, වක්වූවක් සෘජු හෝ කෙරේ ද, ඉතා සෘජුවූ වක් මදක් නැමුනක් හෝ කෙරේ ද, දෙදෙනම නො මිදෙත්. ඉදින් වනාහි එය නො සුදුසු තැන තුබුනේයයි අන් තැනක තබා ද, මරණු පිණිස ඒ උල මුල පටන් සොයා වනයට ගොස් රුකක් සිඳ ගෙණ අවුත් සැස කරණ ලද්දේ වේ ද, මූලස්ථ තෙමේ නො මිදේ. නො සොයා කරණ ලද්දක්ම ලැබ නගා තැබූ කල්හි මූලස්ථ තෙමේ මිදේ. විපිළිසර උපන් කල්හි පාශයෂ්ටියෙහි කියූ නයින් ගත් තැන තැබීමෙන් හෝ දවා ලීමෙන් හෝ මිදේ.
අපස්සෙනෙ සත්ථං වාති එත්ථ අපස්සෙනං නාම නිච්චපරිභොගො මඤ්චො වා පීඨං වා අපස්සෙනඵලකං වා දිවාට්ඨානෙ නිසීදන්තස්ස අපස්සෙනකත්ථම්භො වා තත්ථජාතකරුක්ඛො වා චඞ්කමෙ අපස්සාය තිට්ඨන්තස්ස ආලම්බනරුක්ඛො වා ආලම්බනඵලකං වා සබ්බම්පෙතං අපස්සයනීයට්ඨෙන අපස්සෙනං නාම; තස්මිං අපස්සෙනෙ යථා අපස්සයන්තං විජ්ඣති වා ඡින්දති වා තථා කත්වා වාසිඵරසුසත්තිආරකණ්ටකාදීනං අඤ්ඤතරං සත්ථං ඨපෙති, දුක්කටං. ධුවපරිභොගට්ඨානෙ නිරාසඞ්කස්ස නිසීදතො වා නිපජ්ජතො වා අපස්සයන්තස්ස වා සත්ථසම්ඵස්සපච්චයා දුක්ඛුප්පත්තියා ථුල්ලච්චයං, මරණෙන පාරාජිකං. තං චෙ අඤ්ඤොපි තස්ස වෙරිභික්ඛු විහාරචාරිකං චරන්තො දිස්වා “ඉමස්ස මඤ්ඤෙ මරණත්ථාය ඉදං නිඛිත්තං, සාධු සුට්ඨු මරතූ”ති අභිනන්දන්තො ගච්ඡති, දුක්කටං. සචෙ පන සොපි තත්ථ “එවං කතෙ සුකතං භවිස්සතී”ති තිඛිණතරාදිකරණෙන කිඤ්චි කම්මං කරොති, තස්සාපි පාරාජිකං. සචෙ පන “අට්ඨානෙ ඨිත”න්ති උද්ධරිත්වා අඤ්ඤස්මිං ඨානෙ ඨපෙති තදත්ථමෙව කත්වා ඨපිතෙ මූලට්ඨො න මුච්චති. පාකතිකං ලභිත්වා ඨපිතං හොති, මුච්චති. තං අපනෙත්වා අඤ්ඤං තිඛිණතරං ඨපෙති මූලට්ඨො මුච්චතෙව.
‘අපස්සෙනසත්ථං වා’ යන මෙහි අපස්සෙන නම් නිත්යපරිභොග වූ ඇඳක් හෝ පුටුවක් හෝ හේත්තු ලෑලි කඩක් හෝ දිවාස්ථානයෙහි හුන්නහුගේ හේත්තු කණුව හෝ, එහි හටගත් රුකක් හෝ, සක්මනෙහි සිටින්නහුට හේත්තුවීම පිණිස වූ රුකක් හෝ එල්බෙන පුවරුකඩක් හෝ යන මේ සියල්ල හේත්තු යුතු අර්ත්ථයෙන් අපස්සෙන නම් වේ. ඒ අපස්සනයෙහි පිටදී සිටින්නහු යම් සේ විදීම හෝ කෙරේ ද, සිඳීම හෝ කෙරේ ද එසේ කොට වෑ පොරෝ අඩයටි ලියන කටු ආදීන් අතුරෙහි එක්තරා ශස්ත්‍රයක් තබාද, දුක්කට වේ. නිත්යපරිභොගස්ථානයෙහි නිසැකව හුන්නහුට හෝ නිදන්නහුට හෝ හේත්තුවන්නහුට හෝ ශස්ත්රස්පර්ශ හේතුවෙන් දුක් ඉපදීම නිමිති කොට ථුල්ලච්චය වේ. මරණයෙන් පාරාජිකය වේ. ඔහුගේ අන්‍ය වූ ද වෛරී භික්ෂුනමක් විහාර චාරිකාවෙහි හැසිරෙන්නේ එය දැක ‘මොහු මැරීම පිණිස මෙය තබන ලදැයි හඟිමි, යහපති, මැනැවි, මැරේවා’යි සතුටු වෙමින් යේ ද, දුක්කටය වේ. ඉදින් වනාහි හෙතෙමේ ද එහි මෙසේ කළ කල්හි යහපතක් කරන ලද්දේ වන්නේයයි ඉතා සියුම් කිරීම් ඈ කිරීමෙන් කිසි කර්මයක් කෙරේ ඔහුට ද පාරාජිකය වේ. ඉදින් වනාහි අස්ථානයෙහි තබන ලදැයි උදුරා අන්තැනක තබා නම්, ඒ පිණිසම කොට තැබූ කල්හි මූලස්ථ තෙමේ නො මිදේ. ප්‍රකෘති ස්වභාව ඇත්තක් ලැබ තබන ලද්දේ වේ නම් මිදේ. ඒ වෑ පොරෝ ආදිය පහකොට ඉතා තියුණු වූ අනිකක් තබා නම් මූලස්ථතෙමේ මිදේමය.
විසමක්ඛනෙපි යාව මරණාභිනන්දනෙ දුක්කටං තාව එසෙව නයො. සචෙ පන සොපි ඛුද්දකං විසමණ්ඩලන්ති සල්ලක්ඛෙත්වා මහන්තතරං වා කරොති , මහන්තං වා “අතිරෙකං හොතී”ති ඛුද්දකං කරොති, තනුකං වා බහලං; බහලං වා තනුකං කරොති, අග්ගිනා තාපෙත්වා හෙට්ඨා වා උපරි වා සඤ්චාරෙති, තස්සාපි පාරාජිකං. “ඉදං අඨානෙ ඨිත”න්ති සබ්බමෙව තච්ඡෙත්වා පුඤ්ඡිත්වා අඤ්ඤස්මිං ඨානෙ ඨපෙති, අත්තනා භෙසජ්ජානි යොජෙත්වා කතෙ මූලට්ඨො න මුච්චති , අත්තනා අකතෙ මුච්චති. සචෙ පන සො “ඉදං විසං අතිපරිත්ත”න්ති අඤ්ඤම්පි ආනෙත්වා පක්ඛිපති, යස්ස විසෙන මරති, තස්ස පාරාජිකං. සචෙ උභින්නම්පි සන්තකෙන මරති, උභින්නම්පි පාරාජිකං. “ඉදං විසං නිබ්බිස”න්ති තං අපනෙත්වා අත්තනො විසමෙව ඨපෙති, තස්සෙව පාරාජිකං මූලට්ඨො මුච්චති.
විෂ ආලෙපයෙහි ද, මරණයට සතුටුවීම නිමිති කොට යම්තාක් දුක්කටය වේ ද, ඒ තාක් මෙහි කියූ නයම වේ. ඉදින් වනාහි හෙතෙමේ ද, ඇඳ පුටු ආදියෙහි ආලෙප කළ කුඩා විෂමණ්ඩලකැයි සලකා එය ඉතා මහත් කෙරේ ද, මහත්යයි හෝ සලකා කුඩා කෙරේද, තුනී වූවකැයි හෝ සලකා ඝන කෙරේද, ඝනවූවකැයි හෝ සලකා තුනී කෙරේද, ගින්නෙන් තවා යට හෝ මතුවෙහි හෝ හසුරුවා ද, ඔහුට ද පාරාජිකය වේ. මේ විෂය අස්ථානයෙහි තබන ලදැයි සියල්ලම සැස පිසදමා අන් තැනක තබා ද, තමන් බෙහෙත් යොදා කළ කල්හි මූලස්ථතෙමේ නො මිදේ. තමන් නො කළ කල්හි මිදේ. හෙතෙමේ ‘මේ විෂ ඉතා මදය’යි සලකා අන් විෂයකුත් ගෙණ අවුත් එහි බහා ද, යමක්හුගේ විෂයෙන් මැරේ ද, ඔහුට පාරාජිකය වේ. ඉදින් දෙදෙනාම සතු විෂයෙන් මැරේද, දෙදෙනාහටම පාරාජික වේ. මේ විෂය, වීර්‍ය්‍යය රහිතය, විෂ නැතයි එය බැහැර කොට තමන්ගේ විෂයම තබා ද ඔහුටම පාරාජිකය වේ. මූලස්ථ තෙමේ මිදේ.
දුබ්බලං වා කරොතීති මඤ්චපීඨං අටනියා හෙට්ඨාභාගෙ ඡින්දිත්වා විදලෙහි වා රජ්ජුකෙහි වා යෙහි වීතං හොති, තෙ වා ඡින්දිත්වා අප්පාවසෙසමෙව කත්වා හෙට්ඨා ආවුධං නික්ඛිපති “එත්ථ පතිත්වා මරිස්සතී”ති. අපස්සෙනඵලකාදීනම්පි චඞ්කමෙ ආලම්බනරුක්ඛඵලකපරියොසානානං පරභාගං ඡින්දිත්වා හෙට්ඨා ආවුධං නික්ඛිපති, සොබ්භාදීසු මඤ්චං වා පීඨං වා අපස්සෙනඵලකං වා ආනෙත්වා ඨපෙති, යථා තත්ථ නිසින්නමත්තො වා අපස්සිතමත්තො වා පතති, සොබ්භාදීසු වා සඤ්චරණසෙතු හොති, තං දුබ්බලං කරොති; එවං කරොන්තස්ස කරණෙ දුක්කටං. ඉතරස්ස දුක්ඛුප්පත්තියා ථුල්ලච්චයං, මරණෙ පාරාජිකං. භික්ඛුං ආනෙත්වා සොබ්භාදීනං තටෙ ඨපෙති “දිස්වා භයෙන කම්පෙන්තො පතිත්වා මරිස්සතී”ති දුක්කටං. සො තත්ථෙව පතති, දුක්ඛුප්පත්තියා ථුල්ලච්චයං, මරණෙ පාරාජිකං. සයං වා පාතෙති, අඤ්ඤෙන වා පාතාපෙති, අඤ්ඤො අවුත්තො වා අත්තනො ධම්මතාය පාතෙති, අමනුස්සො පාතෙති, වාතප්පහාරෙන පතති, අත්තනො ධම්මතාය පතත්ති, සබ්බත්ථ මරණෙ පාරාජිකං. කස්මා? තස්ස පයොගෙන සොබ්භාදිතටෙ ඨිතත්තා.
‘දුබ්බලං වා කරොති’ ඇඳ පුටු, ඇඳවිට්ටම යටබාගය සිඳ දමා වේවැල්වලින් හෝ රැහැන්වලින් හෝ යන යමකින් පවත්නේ වේ ද, වියන ලද්දේ වේ ද ඒ වේවැල් රැහන් සිඳ දමා හෝ ටිකක්ම ඉතිරිකොට ‘මෙහි වැටී මැරෙන්නේය’යි යට ආයුධයක් තබාද, හේත්තු පුවරු ආදීන්ගේ ද, සක්මනෙහි එල්බෙන රුක්පුවරු කෙළවර කොට කියූ වස්තූන්ගේ ද, පසුභාගය සිඳදමා යට ආයුධයක් තබා ද, හෙබ් ආදියෙහි ඇඳක් හෝ පුටුවක් හෝ හේත්තු පුවරුකඩක් හෝ ගෙණ අවුත් තබා ද, එහි හුන් පමණ ඇත්තේ හෝ පිටදුන් පමණ ඇත්තේ හෝ යම් සේ වැටේ ද, හෙබ් ආදියෙහි හෝ හැසිරෙන හෙයක් වේ ද, එය දුර්වල කෙරේ ද, මෙසේ කරන්නහුට ඒ කිරීම නිමිති කොට දුක්කටය වේ. අන්හට දුක් ඉපදීම නිමිති කොට ථුල්ලච්චය වේ. මරණය නිමිති කොට පාරාජිකය වේ. ‘දැක බියෙන් සැලෙන්නේ වැටී මැරෙන්නේය’යි මහණකු ගෙණ අවුත් හෙබ් ආදීන්ගේ ඉවුරෙහි තබා ද දුක්කටය වේ. ඒ මහණ තෙමේ එහිම වැටේ නම්, දුක් ඉපදීම නිමිති කොට ථුල්ලච්චය වේ. මරණයෙන් පාරාජිකය වේ. තෙමේ හෙළා ද, අනෙකකු ලවා හෝ හෙළවා ද, නොකියනලද අනෙකෙක් හෝ තමන්ගේ ධර්මතාවෙන් හෙළා ද, අමනුෂ්‍යයෙක් හෙළා ද, හුළං පහරින් වැටේ ද, තමන්ගේ ධර්මතාවෙන් වැටේ ද, සියලු තන්හි මරණය නිමිති කොට පාරාජිකය වේ. කුමක් හෙයින යත්:- ඔහුගේ ප්‍රයොගයෙන් හෙබ් ආදීන්ගේ ඉවුරෙහි සිටි බැවිනි.
උපනික්ඛිපනං නාම සමීපෙ නික්ඛිපනං. තත්ථ “යො ඉමිනා අසිනා මතො සො ධනං වා ලභතී”තිආදිනා නයෙන මරණවණ්ණං වා සංවණ්ණෙත්වා “ඉමිනා මරණත්ථිකා මරන්තු, මාරණත්ථිකා මාරෙන්තූ”ති වා වත්වා අසිං උපනික්ඛිපති, තස්ස උපනික්ඛිපනෙ දුක්කටං. මරිතුකාමො වා තෙන අත්තානං පහරතු , මාරෙතුකාමො වා අඤ්ඤං පහරතු, උභයථාපි පරස්ස දුක්ඛුප්පත්තියා උපනික්ඛෙපකස්ස ථුල්ලච්චයං, මරණෙ පාරාජිකං. අනුද්දිස්ස නික්ඛිත්තෙ බහූනං මරණෙ අකුසලරාසි. පාරාජිකාදිවත්ථූසු පාරාජිකාදීනි. විප්පටිසාරෙ උප්පන්නෙ අසිං ගහිතට්ඨානෙ ඨපෙත්වා මුච්චති. කිණිත්වා ගහිතො හොති, අසිස්සාමිකානං අසිං, යෙසං හත්ථතො මූලං ගහිතං, තෙසං මූලං දත්වා මුච්චති. සචෙ ලොහපිණ්ඩිං වා ඵාලං වා කුදාලං වා ගහෙත්වා අසි කාරාපිතො හොති, යං භණ්ඩං ගහෙත්වා කාරිතො, තදෙව කත්වා මුච්චති. සචෙ කුදාලං ගහෙත්වා කාරිතං විනාසෙත්වා ඵාලං කරොති, ඵාලෙන පහාරං ලභිත්වා මරන්තෙසුපි පාණාතිපාතතො න මුච්චති. සචෙ පන ලොහං සමුට්ඨාපෙත්වා උපනික්ඛිපනත්ථමෙව කාරිතො හොති, අරෙන ඝංසිත්වා චුණ්ණවිචුණ්ණං කත්වා විප්පකිණ්ණෙ මුච්චති. සචෙපි සංවණ්ණනාපොත්ථකො විය බහූහි එකජ්ඣාසයෙහි කතො හොති, පොත්ථකෙ වුත්තනයෙනෙව කම්මබන්ධවිනිච්ඡයො වෙදිතබ්බො. එස නයො සත්තිභෙණ්ඩීසු. ලගුළෙ පාසයට්ඨිසදිසො විනිච්ඡයො. තථා පාසාණෙ. සත්ථෙ අසිසදිසොව. විසං වාති විසං උපනික්ඛිපන්තස්ස වත්ථුවසෙන උද්දිස්සානුද්දිස්සානුරූපතො පාරාජිකාදිවත්ථූසු පාරාජිකාදීනි වෙදිතබ්බානි. කිණිත්වා ඨපිතෙ පුරිමනයෙන පටිපාකතිකං කත්වා මුච්චති. සයං භෙසජ්ජෙහි යොජිතෙ අවිසං කත්වා මුච්චති. රජ්ජුයා පාසරජ්ජුසදිසොව විනිච්ඡයො.
‘උපනික්ඛිපනං’ උපනික්ඛිපන නම්, සමීපයෙහි තැබීමය. එහි යමෙක් මේ කඩුවෙන් මළේ ද, හෙතෙමේ ධනය හෝ ලබා, යනාදි නයින් මරණයෙහි ගුණ හෝ වර්ණනාකොට ‘මරණයෙන් ප්‍රයෝජන ඇත්තාහු මෙයින් මැරෙත්වා, අන්හු මැරවීමෙන් ප්‍රයෝජන ඇත්තාහු මෙයින් මරවත්වා’යි හෝ කියා කඩුවක් එළවා තබා ද, එය එළවා තැබීම නිමිතිකොට දුක්කටය වේ. මැරෙණු කැමැත්තේ හෝ එයින් තමාට පහර දේවා, මරවනු කැමැත්තේ හෝ අනෙකක්හට පහර දේවා, යන දෙපරිද්දෙන්ම අන්හට දුක් ඉපදීම නිමිතිකොට වෙත එළවා තැබූවහුට ථුල්ලච්චය වේ. මරණයෙන් පාරාජිකය වේ. නො උදෙසා එළවා තැබූ කල්හි බොහෝදෙනාගේ මරණය නිමිතිකොට අකුසල රාශියක් වේ. පාරාජිකාදි වස්තූන්හි පාරාජිකාදීහු වෙත්. විපිළිසර උපන් කල්හි කඩුව ගත් තැන තැබීමෙන් මිදේ. මිලදී ගන්නා ලද්දේ වේ ද, කඩු හිමියන්ට කඩුව දී යමකු අතින් මිල ගන්නා ලද්දේ නම්, ඔවුන්ට මිල දීමෙන් මිදේ. ඉදින් ලොහොපිඩක් හෝ සීවැලක් හෝ උදැල්ලක් හෝ ගෙන කඩුව කරවන ලද්දේ නම්, යමි බඩුවක් ගෙන කරවන ලද්දේ නම් එයම කොට මිදේ. ඉදිනුදු උදැල්ලක් ගෙන කරවනලද කඩුව විනාශකොට සීවැලක් කෙරේද, සීවැලෙන් පහර ලැබ මැරෙණ කල්හි ද ප්‍රාණඝාතයෙන් නො මිදේ. ඉදින් ලොහොයක් උපදවා එළවා තැබීම පිණිසම කඩුවක් කරවන ලද්දේ වේද, මිටියෙන් තළා සුණු විසුණු කොට විසුරුණු කල්හි මිදේ. ඉදින් මරණයෙහි ගුණ පවසා ලියූ පොතක් මෙන් සම අදහස් ඇති බොහෝ දෙනකුන් විසින් කඩුව කරවන ලද්දේ වේ ද, පොතෙහි කියූ නයින්ම කර්මබන්ධනවිනිශ්චය දතයුතුය. අඩයටි භෙණ්ඩිවාලයන්හි මෙම නය වේ. මුගුරෙහි විනිශ්චය පාශයෂ්ටියෙහි කියූ විනිශ්චය සමාන වේ. පාෂාණයෙහි ද එසේය. ශස්ත්‍රයෙහි විනිශ්චය කඩුවෙහි කියූ විනිශ්චය සමාන වේ. ‘විසං වා’ විෂ එළවා තබන්නහුගේ වස්තු වශයෙන් ඔදිස්ස අනොදිස්සයන්ට අනුරූප ලෙසින් පාරාජිකාදි වස්තූන්හි පාරාජිකාදීහු දතයුත්තාහ. මිලදී ගෙන තැබූ කල්හි පෙර කියූ නයින් නැවත ප්‍රකෘති ස්වභාව ඇත්තක් කොට මිදී සිටියි. තමන් යෙදූ බෙහෙතෙහි විෂ නැති කිරීමෙන් මිදේ. රැහණෙහි විනිශ්චය මළපුඩු රැහණෙහි කියූ විනිශ්චය සමාන වේ.
භෙසජ්ජෙ – යො භික්ඛු වෙරිභික්ඛුස්ස පජ්ජරකෙ වා විසභාගරොගෙ වා උප්පන්නෙ අසප්පායානිපි සප්පිආදීනි සප්පායානීති මරණාධිප්පායො දෙති, අඤ්ඤං වා කිඤ්චි කන්දමූලඵලං තස්ස එවං භෙසජ්ජදානෙ දුක්කටං. පරස්ස දුක්ඛුප්පත්තියං මරණෙ ච ථුල්ලච්චයපාරාජිකානි, ආනන්තරියවත්ථුම්හි ආනන්තරියන්ති වෙදිතබ්බං.
‘භෙසජ්ජෙ’ යම් මහණෙක් වෛරී භික්ෂුනමක්හට උණක් හෝ විසභාග රෝගයක් හෝ උපන් කල්හි නො කැපවූ හිත නොවූ ගිතෙල් ආදිය සත්ප්රායයි මැරීමෙහි අදහස් ඇතිව දේ ද, අන්කිසි අල මුල් ගෙඩි හෝ දේ ද, මෙසේ ඔහුට බෙහෙත් දීම නිමිති කොට දුක්කටය වේ. අන්හට දුක් ඉපදීම නිමිති කොටද, මරණය නිමිතිකොට ද ථුල්ලච්චය පාරාජිකාපත්තීහු වෙත්. ආනන්තර්‍ය්‍ය වස්තුවෙහි ආනන්තර්ය්යය වේ යයි දතයුතුය.
රූපූපහාරෙ – උපසංහරතීති පරං වා අමනාපරූපං තස්ස සමීපෙ ඨපෙති, අත්තනා වා යක්ඛපෙතාදිවෙසං ගහෙත්වා තිට්ඨති, තස්ස උපසංහාරමත්තෙ දුක්කටං. පරස්ස තං රූපං දිස්වා භයුප්පත්තියං ථුල්ලච්චයං, මරණෙ පාරාජිකං. සචෙ පන තදෙව රූපං එකච්චස්ස මනාපං හොති, අලාභකෙන ච සුස්සිත්වා මරති, විසඞ්කෙතො. මනාපියෙපි එසෙව නයො. තත්ථ පන විසෙසෙන ඉත්ථීනං පුරිසරූපං පුරිසානඤ්ච ඉත්ථිරූපං මනාපං තං අලඞ්කරිත්වා උපසංහරති, දිට්ඨමත්තකමෙව කරොති, අතිචිරං පස්සිතුම්පි න දෙති, ඉතරො අලාභකෙන සුස්සිත්වා මරති, පාරාජිකං. සචෙ උත්තසිත්වා මරති , විසඞ්කෙතො. අථ පන උත්තසිත්වා වා අලාභකෙන වාති අවිචාරෙත්වා “කෙවලං පස්සිත්වා මරිස්සතී”ති උපසංහරති, උත්තසිත්වා වා සුස්සිත්වා වා මතෙ පාරාජිකමෙව. එතෙනෙවූපායෙන සද්දූපහාරාදයොපි වෙදිතබ්බා. කෙවලඤ්හෙත්ථ අමනුස්සසද්දාදයො උත්රාසජනකා අමනාපසද්දා, පුරිසානං ඉත්ථිසද්දමධුරගන්ධබ්බසද්දාදයො චිත්තස්සාදකරා මනාපසද්දා. හිමවන්තෙ විසරුක්ඛානං මූලාදිගන්ධා කුණපගන්ධා ච අමනාපගන්ධා, කාළානුසාරීමූලගන්ධාදයො මනාපගන්ධා . පටිකූලමූලරසාදයො අමනාපරසා, අප්පටිකූලමූලරසාදයො මනාපරසා. විසඵස්සමහාකච්ඡුඵස්සාදයො අමනාපඵොට්ඨබ්බා, චීනපටහංසපුප්ඵතූලිකඵස්සාදයො මනාපඵොට්ඨබ්බාති වෙදිතබ්බා.
රූපූපහාරයෙහි ‘උපසංහරති’ අතිශයින් අමනාප වූ හෝ රූපයක් ඔහුගේ සමීපයෙහි තබා ද, තෙමේ හෝ යක්ෂප්රේතාදි වෙශයක් ගෙන සිටී ද, ඔහුට එළවීම් මාත්‍රය නිමිතිකොට දුක්කටය වේ. ඒ රූපය දැක පරහට බිය ඉපදීම නිමිති කොට ථුල්ලච්චය වේ. මරණය නිමිතිකොට පාරාජිකය වේ. ඉදින් ඒ රූපයම ඇතැම් එකක්හට මන වඩන්නේ වේ ද, එය නො ලැබීමෙන් වියලී මැරේ ද විසඞ්කෙතය වේ. මනවඩන රුවෙහි ද මෙම නය වේ. එහි වනාහි විශේෂයෙන් ස්ත්රීන්ට පුරුෂ රූපය ද, පුරුෂයන්ට ස්ත්‍රී රූපය ද මන මඩන්නේ වේ. ඒ රුව සරසා එළවා නම් දුටු පමණ ඇත්තක්ම කෙරේ ද, බොහෝ වේලාවක් බලන්නටත් නොදේද, අනෙක් තැනැත්තේ නො ලැබීමෙන් වියලී මැරේ ද, පාරාජිකය වේ. ඉදින් තැතිගෙන හෝ මැරේ ද විසඞ්කෙතය වේ. තවද තැතිගෙන හෝ නො ලැබීමෙන් හෝ යි විචාරයක් නොකොට හුදෙක් දැක මැරෙන්නේයයි එළවා ද, තැති ගැනීමෙන් හෝ වියලීමෙන් හෝ මළ කල්හි පාරාජිකයම වේ. මේ උපායයෙන්ම ශබ්දොපහාරාදීහු ද දතයුත්තාහ. හුදෙක් මෙහි අමනුෂ්‍ය ශබ්දාදීහු බිය උපදවන අමනාප ශබ්දයෝය. පුරුෂයන්හට ස්ත්‍රී ශබ්ද මිහිරි වේ. ගන්ධර්වශබ්දාදීහු චිත්තාස්වාදකර වූ මනාප ශබ්දයෝය. හිමවත්හි විෂ වෘක්ෂයන්ගේ මුලාදිගන්ධයෝ ද, කුණපගන්ධයෝ ද, අමනාපගන්ධයෝ ය. කාලානුසාරී මූලගන්ධාදීහු මනාපගන්ධයෝය. ප්‍රතික්කූල මූලරසාදීහු අමනාප රසයෝය. අප්රතික්කූල මූලරසාදීහු මනාප රසයෝය. විස පහක් ඇති මහාකසඹිලිය පහස් ආදීහු අමනාපස්ප්රෂ්ටව්යයෝය. චීනපිළි හස්පියාපත් පුළුන්පහස් ආදීහු මනාපස්ප්රෂ්ටව්යයෝය’යි දතයුත්තාහ.
ධම්මූපහාරෙ – ධම්මොති දෙසනාධම්මො වෙදිතබ්බො. දෙසනාවසෙන වා නිරයෙ ච සග්ගෙ ච විපත්තිසම්පත්තිභෙදං ධම්මාරම්මණමෙව. නෙරයිකස්සාති භින්නසංවරස්ස කතපාපස්ස නිරයෙ නිබ්බත්තනාරහස්ස සත්තස්ස පඤ්චවිධබන්ධනකම්මකරණාදිනිරයකථං කථෙති. තං චෙ සුත්වා සො උත්තසිත්වා මරති, කථිකස්ස පාරාජිකං. සචෙ පන සො සුත්වාපි අත්තනො ධම්මතාය මරති, අනාපත්ති. “ඉදං සුත්වා එවරූපං පාපං න කරිස්සති ඔරමිස්සති විරමිස්සතී”ති නිරයකථං කථෙති, තං සුත්වා ඉතරො උත්තසිත්වා මරති, අනාපත්ති. සග්ගකථන්ති දෙවනාටකාදීනං නන්දනවනාදීනඤ්ච සම්පත්තිකථං; තං සුත්වා ඉතරො සග්ගාධිමුත්තො සීඝං තං සම්පත්තිං පාපුණිතුකාමො සත්ථාහරණවිසඛාදනආහාරුපච්ඡෙද-අස්සාසපස්සාසසන්නිරුන්ධනාදීහි දුක්ඛං උප්පාදෙති, කථිකස්ස ථුල්ලච්චයං, මරති පාරාජිකං. සචෙ පන සො සුත්වාපි යාවතායුකං ඨත්වා අත්තනො ධම්මතාය මරති, අනාපත්ති . “ඉමං සුත්වා පුඤ්ඤානි කරිස්සතී”ති කථෙති, තං සුත්වා ඉතරො අධිමුත්තො කාලංකරොති, අනාපත්ති.
ධම්මූපහාරයෙහි ‘ධම්මො’ යනු දෙශනා ධර්මයයි දතයුතුය. දේශනා වශයෙන් හෝ නිරයෙහි ද ස්වර්ගයෙහි ද විපත්ති - සම්පත්ති භෙදය ධර්මාලම්බනයම වේ. ‘නෙරයිකස්ස’ බිඳුනු සංවරය ඇති, කළ පව් ඇති නිරයෙහි ඉපැත්මට සුදුසු වූ සත්ත්වයා හට පඤ්චවිධවධබන්ධන කර්මකරණාදි නෙරයික කථා කියන්නේය. ඉදින් හෙතෙමේ එය අසා තැති ගෙන මැරේ නම්, කථිකයාහට පාරාජිකය වේ. ඉදිනුදු අසාද තමන්ගේ ධර්මතාවෙන් මැරේ නම් අනාපත්ති වේ. මෙය අසාම මෙබඳු වූ පවක් නො කරන්නේ ය, නො ඇලෙන්නේ ය, වළකින්නේ යයි නිරය කථාව කියාද, එය අසා අනෙකෙක් තැතිගෙන මැරේද, අනාපත්ති වේ. ‘සග්ගකථං’ දෙවනාටකාදීන් පිළිබඳවූත් නන්දන වනාදීන් පිළිබඳ වූත් සම්පත්තිකථාව. අනෙකෙක් එය අසා ‘ස්වර්ගයෙහි උපදිමි’යි නිශ්චය ඇතිව වහා ඒ සැපතට පැමිණෙනු කැමැත්තේ සැත්ගැනීම් විස කෑම් අහර නො ගැණීම් හුස්ම ඉහල පහළ නො කිරීම් ආදියෙන් දුක් උපදවා ද කථිකයාහට ථුල්ලච්චය වේ. මැරේද, පාරාජිකය වේ. ඉදින් හෙතෙමේ එය අසා ද ආයු පමණින් සිට තමන්ගේ ධර්මතාවෙන් මැරේද, අනාපත්ති වේ. ‘මෙය අසා පින් කරන්නේය’යි කියා ද, අනෙකෙක් එය අසා තමන්ගේ ධර්මතාවෙන් කැමැත්ත ඇතිව කලුරිය කෙරේද, අනාපත්ති වේ.
ආචික්ඛනායං – පුට්ඨො භණතීති “භන්තෙ කථං මතො ධනං වා ලභති සග්ගෙ වා උපපජ්ජතී”ති එවං පුච්ඡිතො භණති.
‘ආචික්ඛතාය පුට්ඨො භණති’ ‘ස්වාමීනි! කෙසේ මළේ ධනය හෝ ලබා ද, ස්වර්ගයෙහි හෝ උපදී දැ’යි මෙසේ විචාරණ ලද්දේ කියයි.
අනුසාසනියං – අපුට්ඨොති එවං අපුච්ඡිතො සාමඤ්ඤෙව භණති.
‘අනුසාසනියං අපුට්ඨො’ අනුශාසනාවෙහි මෙසේ නො විචාරණ ලද්දේ තෙමේම කියයි.
සඞ්කෙතකම්මනිමිත්තකම්මානි අදින්නාදානකථායං වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
සඞ්කෙතකම්ම නිමිත්තකර්මයෝ අදින්නාදාන කථාවෙහි කියූ නයින්ම දතයුත්තාහ.
එවං නානප්පකාරතො ආපත්තිභෙදං දස්සෙත්වා ඉදානි අනාපත්තිභෙදං දස්සෙන්තො “අනාපත්ති අසඤ්චිච්චා”තිආදිමාහ. තත්ථ අසඤ්චිච්චාති “ඉමිනා උපක්කමෙන ඉමං මාරෙමී”ති අචෙතෙත්වා. එවඤ්හි අචෙතෙත්වා කතෙන උපක්කමෙන පරෙ මතෙපි අනාපත්ති, වක්ඛති ච “අනාපත්ති භික්ඛු අසඤ්චිච්චා”ති. අජානන්තස්සාති “ඉමිනා අයං මරිස්සතී”ති අජානන්තස්ස උපක්කමෙන පරෙ මතෙපි අනාපත්ති, වක්ඛති ච විසගතපිණ්ඩපාතවත්ථුස්මිං “අනාපත්ති භික්ඛු අජානන්තස්සා”ති. නමරණාධිප්පායස්සාති මරණං අනිච්ඡන්තස්ස. යෙන හි උපක්කමෙන පරො මරති, තෙන උපක්කමෙන තස්මිං මාරිතෙපි නමරණාධිප්පායස්ස අනාපත්ති. වක්ඛති ච “අනාපත්ති භික්ඛු නමරණාධිප්පායස්සා”ති. උම්මත්තකාදයො පුබ්බෙ වුත්තනයා එව. ඉධ පන ආදිකම්මිකා අඤ්ඤමඤ්ඤං ජීවිතා වොරොපිතභික්ඛූ, තෙසං අනාපත්ති. අවසෙසානං මරණවණ්ණසංවණ්ණනකාදීනං ආපත්තියෙවාති.
මෙසේ නන් අයුරින් ආපත්තිභෙදය දක්වා දැන් අනාපත්තිභෙදය දක්වන සේක් ‘අනාපත්ති අසඤ්චිච්ච’ යනාදිය වදාළ සේක. එහි අසඤ්චිච්ච ‘මේ උපක්‍රමයෙන් මොහු මරමි’යි නො සිතා. මෙසේ නො සිතා කරන ලද උපක්‍රමයෙන් අනෙකකු මළ කල්හි ද අනාපත්ති වේ. එහෙයින් ‘අනාපත්ති භික්ඛු අසඤ්චිච්ච’යි වදාරණ සේක. ‘අජානන්තස්ස’ මෙයින් මෙතෙමේ මැරෙන්නේයයි නො දන්නහුට. උපක්‍රමයෙන් අනෙකකු මළ කල්හි ද අනාපත්ති වේ. විසගතපිණ්ඩපාත වස්තුවෙහි ‘අනාපත්ති භික්ඛු අජානන්තස්ස’යි එහෙයින් වදාරණ සේක. ‘න මරණාධිප්පායස්ස’ මරණය නො කැමැත්තහුට, යම් උපක්‍රමයකින් අනෙකෙක් මැරේද, උපක්‍රමයෙන් ඔහු මළ කල්හි ද මරණයෙහි අදහස නැත්තහුට අනාපත්ති වේ. ‘අනාපත්ති භික්ඛු න මරණාධිප්පායස්ස’යි එහෙයින් වදාරණ සේක. උන්මත්මතාකාදීහු පෙර කියූ නය ඇත්තාහුමය. මෙහි වනාහි ආදිකර්මිකයෝ ඔවුනොවුන් ජීවිතයෙන් තොර කරනලද භික්ෂූහුය. ඔවුනට අනාපත්ති වේ. මරණයෙහි ගුණ වැණුම් ආදිය කළ සෙසු භික්ෂූන්ට ආපත්ති වේමය.
පදභාජනීයවණ්ණනා නිට්ඨිතා.
පදභාජනීයවර්ණනාව නිමි.
සමුට්ඨානාදීසු – ඉදං සික්ඛාපදං තිසමුට්ඨානං; කායචිත්තතො ච වාචාචිත්තතො ච කායවාචාචිත්තතො ච සමුට්ඨාති. කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනං. සචෙපි හි සිරිසයනං ආරූළ්හො රජ්ජසම්පත්තිසුඛං අනුභවන්තො රාජා “චොරො දෙව ආනීතො”ති වුත්තෙ “ගච්ඡථ නං මාරෙථා”ති හසමානොව භණති, දොමනස්සචිත්තෙනෙව භණතීති වෙදිතබ්බො. සුඛවොකිණ්ණත්තා පන අනුප්පබන්ධාභාවා ච දුජ්ජානමෙතං පුථුජ්ජනෙහීති.
සමුට්ඨානාදීන් අතුරෙහි මේ ශික්ෂාපදය ත්රිසමුත්ථානය. කායචිත්තයෙන් ද, වාචාචිත්තයෙන් ද, කායවාචාචිත්තයෙන් ද නගියි. උපදියි. ක්‍රියාවෙන් පැමිණිය යුතු බැවින් ක්‍රියා සමුත්ථානය. ව්යතික්රම සංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්‍ෂය. සිත් සහිතව පැමිණිය යුතු බැවින් සචිත්තකය. ලෝකයා විසින් අකුසලයයි හැරිය යුතු නියමයෙන් ලොකවද්‍යය, කායකර්ම යි. වාක්කර්ම යි. අකුශල චිත්ත යි. දුඃඛවෙදනායි. ඉදින් සිරියහනට නැගී රජසිරි විඳින රජෙක් ‘දෙවයන් වහන්ස, සොරෙක් ගෙන එන ලද්දේය’යි කියූ කල්හි ‘යවු, ඔහු මරවු’යි සිනාසෙමින්ම කියන්නේ ද, දොම්නස් සිතින්ම කියායි දතයුතුය. සැපයෙන් මුසු බැවින් ද සන්සුන් පැවැත්මක් නැති බැවින් ද පෘථග්ජනයන් විසින් මේ කරුණු දැනගනු නො හැක්කේය.