යෙදුමෙන් කියවන්න

ආනාපානස‍්සතිසමාධිකථා අට‍්ඨකථා

ආනාපානස‍්සතිසමාධිකථා

ආනාපානස්සතිසමාධිකථා

අථ ඛො භගවා…පෙ… භික‍්ඛූ ආමන‍්තෙසි – අයම‍්පි ඛො භික‍්ඛවෙති ආමන‍්තෙත්‍වා ච පන භික‍්ඛූනං අරහත‍්තප‍්පත‍්තියා පුබ‍්බෙ ආචික‍්ඛිතඅසුභකම‍්මට‍්ඨානතො අඤ‍්ඤං පරියායං ආචික‍්ඛන‍්තො “ආනාපානස‍්සතිසමාධී”ති ආහ.

‘අථ ඛො භගවා -පෙ- භික්‍ඛූ ආමන්තෙසි අයම්පි ඛො භික්‍‍‍ඛවෙ’ ආමන්ත්‍රණය කොට ද භික්‍ෂූන්ට රහත්බවට පැමිණීම පිණිස පෙර දේශනා කළ අශුභකර්‍මස්ථානයෙන් පිටත් අනික් කාරණයක් දේශනා කරණ සේක් ‘ආනාපානසතිසමාධි’ යනු වදාළ සේක.

ඉදානි යස‍්මා භගවතා භික‍්ඛූනං සන‍්තපණීතකම‍්මට‍්ඨානදස‍්සනත්‍ථමෙව අයං පාළි වුත‍්තා, තස‍්මා අපරිහාපෙත්‍වා අත්‍ථයොජනාක‍්කමං එත්‍ථ වණ‍්ණනං කරිස‍්සාමි. තත්‍ර “අයම‍්පි ඛො භික‍්ඛවෙ”ති ඉමස‍්ස තාව පදස‍්ස අයං යොජනා – භික‍්ඛවෙ න කෙවලං අසුභභාවනායෙව කිලෙසප‍්පහානාය සංවත‍්තති, අපිච අයම‍්පි ඛො ආනාපානස‍්සතිසමාධි…පෙ… වූපසමෙතීති.

දැන් යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට ශාන්තප්‍රණීත කර්‍මස්ථාන දක්වනු පිණිසම මේ පාළිය වදාරණ ලද්දීය. එහෙයින් නො පිරිහෙළා අර්‍ත්‍ථයොජනාක්‍රමය මෙහි වර්‍ණනා කරන්නෙමි. එහි පළමුකොට ‘අයම්පි ඛො භික්‍‍‍ඛවෙ’ යන මේ පදයාගේ මේ යොජනාය:- ‘මහණෙනි! හුදෙක් අශුභ භාවනාවම කෙලෙස් දුරු කිරීම පිණිස නො ද පවතියි. අනෙකුදු ඇත. ‘අයම්පි ඛො ආනාපානසති සමාධි -පෙ- වූපසම්මෙති’ යන

අයං පනෙත්‍ථ අත්‍ථවණ‍්ණනා – ආනාපානස‍්සතීති අස‍්සාසපස‍්සාසපරිග‍්ගාහිකා සති. වුත‍්තඤ‍්හෙතං පටිසම‍්භිදායං –

මෙහි මේ වනාහි අර්‍ත්‍ථවර්‍ණනාය:- ‘ආනාපානසති’ යනු ආශ්වාස ප්‍රශ්වාසයන් තදින් අල්ලාගත් සිහියය. පටිසම්භිදාවෙහි -

“ආනන‍්ති අස‍්සාසො, නො පස‍්සාසො. අපානන‍්ති පස‍්සාසො, නො අස‍්සාසො. අස‍්සාසවසෙන උපට‍්ඨානං සති, පස‍්සාසවසෙන උපට‍්ඨානං සති. යො අස‍්සසති තස‍්සුපට‍්ඨාති, යො පස‍්සසති තස‍්සුපට‍්ඨාතී”ති (පටි· ම· 1.160).

ආනං යනු ආශ්වාසයය. ප්‍රශ්වාසය නොවේ. අපානං යනු ප්‍රශ්වාසය. ආශ්වාසය නොවේ. ආශ්වාසය අරමුණුකොට එළඹසිටි සිහි තොමෝය. ඔහුට එළැඹ සිටි සිහි තොමෝය. යමෙක් ප්‍රශ්වාස කෙරේ ද, ඔහුට එළැඹ සිටීය’යි. මෙය කියන ලද්දේය.

සමාධීති තාය ආනාපානපරිග‍්ගාහිකාය සතියා සද‍්ධිං උප‍්පන‍්නා චිත‍්තෙකග‍්ගතා; සමාධිසීසෙන චායං දෙසනා, න සතිසීසෙන. තස‍්මා ආනාපානස‍්සතියා යුත‍්තො සමාධි ආනාපානස‍්සතිසමාධි, ආනාපානස‍්සතියං වා සමාධි ආනාපානස‍්සතිසමාධීති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. භාවිතොති උප‍්පාදිතො වඩ‍්ඪිතො ච. බහුලීකතොති පුනප‍්පුනං කතො. සන‍්තො චෙව පණීතො චාති සන‍්තො චෙව පණීතො චෙව, උභයත්‍ථ එවසද‍්දෙන නියමො වෙදිතබ‍්බො. කිං වුත‍්තං හොති? අයඤ‍්හි යථා අසුභකම‍්මට‍්ඨානං කෙවලං පටිවෙධවසෙන සන‍්තඤ‍්ච පණීතඤ‍්ච ඔළාරිකාරම‍්මණත‍්තා පන පටිකූලාරම‍්මණත‍්තා ච ආරම‍්මණවසෙන නෙව සන‍්තං න පණීතං, න එවං කෙනචි පරියායෙන අසන‍්තො වා අප‍්පණීතො වා, අපිච ඛො ආරම‍්මණසන‍්තතායපි සන‍්තො වූපසන‍්තො නිබ‍්බුතො පටිවෙධසඞ‍්ඛාතඅඞ‍්ගසන‍්තතායපි ආරම‍්මණප‍්පණීතතායපි පණීතො අතිත‍්තිකරො අඞ‍්ගප‍්පණීතතායපීති. තෙන වුත‍්තං – “සන‍්තො චෙව පණීතො චා”ති.

සමාධි යනු ආනාපානය අරබයා පැවැති සිහිය සමග උපන් චිත්තෙකාග්‍රතාය. මේ දෙශනා තොමෝ සමාධිශීර්‍ෂයෙන් කරන ලද්දීය. ස්මෘතිශීර්‍ෂයෙන් නොකරන ලදය. එහෙයින් ආනාපාන ස්මෘතිය සමග යෙදී ගත් සමාධිය ආනාපානස්මෘතිසමාධි නම් වේ. ආනාපානස්මෘතියෙහි හෝ සමාධිය ‘ආනාපානසතිසමාධි’යි මෙසේ ද මෙහි අර්‍ත්‍ථ දතයුතුය. ‘භාවිතො’ උපදවන ලද්දේය. වඩන ලද්දේ ද වේ. ‘බහුලීකතො’ නැවත නැවත කරන ලද්දේය. ‘සන්තො චෙව පණීතො ච’ ශාන්ත ද ප්‍රණීත ද වේ. දෙතැන්හිම වූ එම ශබ්දයෙන් නියමය දතයුතුය. කුමක් කියන ලද්දේ වේ ද යත්: අශුකර්‍මස්ථානය යම් සේ හුදෙක් ධ්‍යානප්‍රතිවෙධ වශයෙන් ශාන්ත වූයේද ප්‍රණීත වූයේද ඖදාරික අරමුණක් බැවින්ද පිළිකුල් අරමුණක් බැවින්ද, අරමුණු වසයෙන් ශාන්ත නොවේමය. ප්‍රණීත නොවේමය. මේ ආනාපානසතිතොමෝ එසේ කිසි කරුණකින් ශාන්ත නොවූයේ හෝ ප්‍රණීත නො වූයේ හෝ නොවේ. වැලි කිම? ආලම්බනය පරමසුඛුම බවට පැමිණීමෙන් ශාන්ත බැවින් ද ශාන්ත වේ. අතිශයින් ශාන්ත වේ. නිවුනු සියලු පරිදාහ ඇත්තේ වේ. ප්‍රතිවෙධසඞ්ඛ්‍යාත අඞ්ගශාන්තභාවයෙන් ද ආලම්බන ප්‍රණීතභාවයෙන් ද ප්‍රණීතය. අතෘප්තිකරය. අඞ්ග ප්‍රණීතභාවයෙන් ද ප්‍රණීතය. අතෘප්තිකරය. ‘සන්තො චෙව පණීතො ච’යි එහෙයින් කියනලදී.

අසෙචනකො ච සුඛො ච විහාරොති එත්‍ථ පන නාස‍්ස සෙචනන‍්ති අසෙචනකො අනාසිත‍්තකො අබ‍්බොකිණ‍්ණො පාටෙක‍්කො ආවෙණිකො, නත්‍ථෙත්‍ථ පරිකම‍්මෙන වා උපචාරෙන වා සන‍්තතා ආදිමනසිකාරතො පභුති අත‍්තනො සභාවෙනෙව සන‍්තො ච පණීතො චාති අත්‍ථො. කෙචි පන අසෙචනකොති අනාසිත‍්තකො ඔජවන‍්තො සභාවෙනෙව මධුරොති වදන‍්ති. එවමයං අසෙචනකො ච අප‍්පිතප‍්පිතක‍්ඛණෙ කායිකචෙතසිකසුඛප‍්පටිලාභාය සංවත‍්තනතො සුඛො ච විහාරොති වෙදිතබ‍්බො.

‘අසෙචනකො ච සුඛො ච විහාරො’ යන මෙහි වනාහි ශාන්ත ප්‍රණීතභාවය එළවන කිසි වැගිරීමක් මොහුට නැත්තේනුයි අසෙචනක නමි. වැගිරීමක් නැති බැවින් නොතෙත්ය. නොතෙත් බැවින් පරිකර්‍මාදියෙන් අසම්මිශ්‍රය. එහෙයින් වෙන්ව සිටියේය. අසාධාරණය. මෙහි පරිකර්‍මයෙන් හෝ උපචාරයෙන් හෝ ශාන්තභාවයක් නැත්තේය. මුල් මෙනෙහි කිරීමෙහි පටන් තමන්ගේ ස්වභාවයෙන්ම ශාන්ත ද ප්‍රණීත ද වේය, යන අර්‍ත්‍ථයි. උත්තරවිහාරවාසීහු ‘අසෙචනකො’ යන්නට ලං කොට ඉසීමෙන් නොතෙත් වූයේය. ඔදවත් වේ. ස්වභාවයෙන්ම මිහිරිය, යන අර්‍ත්‍ථ කියත්, මෙසේ මෙය අසෙචනක වූයේ ද සමවන් සමවන් කෙරෙහි කය සිත පිළිබඳ සැප ලැබීම පිණිස පවත්නා බැවින් සැපවූ විහරණ ඇත්තේය’යි වදතයුතුය.

උප‍්පන‍්නුප‍්පන‍්නෙති අවික‍්ඛම‍්භිතෙ අවික‍්ඛම‍්භිතෙ. පාපකෙති ලාමකෙ. අකුසලෙ ධම‍්මෙති අකොසල‍්ලසම‍්භූතෙ ධම‍්මෙ. ඨානසො අන‍්තරධාපෙතීති ඛණෙනෙව අන‍්තරධාපෙති වික‍්ඛම‍්භෙති. වූපසමෙතීති සුට‍්ඨු උපසමෙති, නිබ‍්බෙධභාගියත‍්තා වා අනුපුබ‍්බෙන අරියමග‍්ගවුඩ‍්ඪිප‍්පතො සමුච‍්ඡින්‍දති පටිප‍්පස‍්සම‍්භෙතීතිපි අත්‍ථො.

‘උප්පන්නුප්පන්නෙ’ යටපත් නොකළ, යටපත් නොකළ. ‘පාපකෙ’ ලාමක වූ ‘අකුසලෙ ධම්මෙ’ අවිද්‍යාවෙන් හටගත් ධර්‍මයන්. ‘ඨානසො අන්තරධාපෙති’ ක්‍ෂණයකින්ම අතුරුදහන් කරයි. යටපත් කරයි. ‘වූපසමෙති’ මොනවට සන්සිඳුවයි. නිර්‍වෙධභාගීයභාවයෙන් හෝ පිළිවෙළින් ආර්‍ය්‍යමාර්‍ගයෙන් වැඩීමට පැමිණියේ මුළුමනින් සිඳලන්නේය. සන්සිඳුවා ලන්නේය යන අර්‍ත්‍ථයි.

සෙය්‍යථාපීති ඔපම‍්මනිදස‍්සනමෙතං. ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙති ආසාළ‍්හමාසෙ. ඌහතං රජොජල‍්ලන‍්ති අද‍්ධමාසෙ වාතාතපසුක‍්ඛාය ගොමහිංසාදිපාදප‍්පහාරසම‍්භින‍්නාය පථවියා උද‍්ධං හතං ඌහතං ආකාසෙ සමුට‍්ඨිතං රජඤ‍්ච රෙණුඤ‍්ච. මහා අකාලමෙඝොති සබ‍්බං නභං අජ‍්ඣොත්‍ථරිත්‍වා උට‍්ඨිතො ආසාළ‍්හජුණ‍්හපක‍්ඛෙ සකලං අද‍්ධමාසං වස‍්සනකමෙඝො. සො හි අසම‍්පත‍්තෙ වස‍්සකාලෙ උප‍්පන‍්නත‍්තා අකාලමෙඝොති ඉධාධිප‍්පෙතො. ඨානසො අන‍්තරධාපෙති වූපසමෙතීති ඛණෙනෙව අදස‍්සනං නෙති, පථවියං සන‍්නිසීදාපෙති. එවමෙව ඛොති ඔපම‍්මසම‍්පටිපාදනමෙතං. තතො පරං වුත‍්තනයමෙව.

‘සෙය්‍යථාපි’ යන මෙය උපමා දැක්වීමය. ‘ගිම්හානං පච්ඡිමෙ මාසෙ’ ඇසළ මාසයෙහි. ‘ඌභතං රජොජල්ලං’ අඩ මසෙහි සුළඟින් හා අව්වෙන් වියලී ගියා වූ ගොමහිසාදීන්ගේ පාපහරින් බිඳුනු පොළොවෙන් අහසට නැගි උඩට නැගි අහසෙහි පිහිටි රජස් හා රේණු ද ‘මහාඅකාලමෙඝො’ සියලු අහස තදින් පැතිර ගෙන නැගී සිටියා වූ ඇසළ මස පුරපසැ සියලු අඩමස මුළුල්ලෙහි වස්නා මෙඝය තෙමේ. ඒ මෙඝය වනාහි වැසිකාලය නොපැමිණියදීම හටගත් බැවින් අකාලමෙඝයයි මෙහි අදහස් කරන ලද්දේය. ‘ඨානසො අන්තරධාපෙති වූපසමෙති’ ක්‍ෂණයකින්ම නොදැක්වීමට පමුණුවයි. පොළොවෙහි හිඳුවාලයි. ‘එවමෙව ඛො’ යන මෙය උපමා ප්‍රතිපාදනයයි. එයින් මත්තෙහි කියූනයම වේ.

ඉදානි කථං භාවිතො ච භික‍්ඛවෙ ආනාපානස‍්සතිසමාධීති එත්‍ථ කථන‍්ති ආනාපානස‍්සතිසමාධිභාවනං නානප‍්පකාරතො විත්‍ථාරෙතුකම්‍යතාපුච‍්ඡා. භාවිතො ච භික‍්ඛවෙ ආනාපානස‍්සතිසමාධීති නානප‍්පකාරතො විත්‍ථාරෙතුකම්‍යතාය පුට‍්ඨධම‍්මනිදස‍්සනං . එස නයො දුතියපදෙපි. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – භික‍්ඛවෙ කෙනපකාරෙන කෙනාකාරෙන කෙන විධිනා භාවිතො ආනාපානස‍්සතිසමාධි කෙනපකාරෙන බහුලීකතො සන‍්තො චෙව…පෙ… වූපසමෙතීති.

දැන් ‘කථං භාවිතො ච භික්‍‍‍ඛවෙ ආනාපානසතිසමාධි’ යන මෙහි කථං යනු ආනාපානසති සමාධි භාවනාව නොයෙක් අයුරින් විස්තර කරණු කැමැති පිළිවිසීමය. ‘භාවිතො ච භික්‍‍‍ඛවෙ ආනාපානසතිසමාධි’ යනු නොයෙක් අයුරින් විස්තර කරනු කැමැත්තෙන් විචාළ ධර්‍මයාගේ දැක්වීමය. දෙවන පදයෙහි ද මේනයම වේ. මේ වනාහි මෙහි සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථයයි:- ‘මහණෙනි! කවර ප්‍රකාරයකින් කවර අයුරකින් කවර විධියකින් ආනාපානසතිසමාධිය වඩන ලද්දේ කවර ප්‍රකාරයකින් බහුල කරණ ලද්දේ ශාන්ත වේ ද -පෙ- ව්‍යපශමනය කෙරේදැ’යි

ඉදානි තමත්‍ථං විත්‍ථාරෙන‍්තො “ඉධ භික‍්ඛවෙ”තිආදිමාහ. තත්‍ථ ඉධ භික‍්ඛවෙ භික‍්ඛූති භික‍්ඛවෙ ඉමස‍්මිං සාසනෙ භික‍්ඛු. අයඤ‍්හෙත්‍ථ ඉධසද‍්දො සබ‍්බප‍්පකාරආනාපානස‍්සතිසමාධිනිබ‍්බත‍්තකස‍්ස පුග‍්ගලස‍්ස සන‍්නිස‍්සයභූතසාසනපරිදීපනො අඤ‍්ඤසාසනස‍්ස තථාභාවපටිසෙධනො ච. වුත‍්තඤ‍්හෙතං – “ඉධෙව, භික‍්ඛවෙ, සමණො…පෙ… සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙභි අඤ‍්ඤෙහී”ති (ම· නි· 1.139). තෙන වුත‍්තං – “ඉමස‍්මිං සාසනෙ භික‍්ඛූ”ති.

දැන් ඒ අර්‍ත්‍ථය විස්තර කරන සේක් ‘ඉධ භික්‍‍‍ඛවෙ’ යනාදිය වදාළ සේක. එහි ‘ඉධ භික්‍‍‍ඛවෙ භික්‍‍‍ඛු’ යන මෙහි ‘මහණෙනි! මේ ශාසනයෙහි මහණ තෙමේ යන අර්‍ත්‍ථයි. මෙහි මේ ඉධ ශබ්දයතෙමේ සර්‍වප්‍රකාරයෙන් ආනාපානසතිසමාධිය උපදවන පුද්ගලයා හට සංනිශ්‍රය වූ ශාසනය දක්වනසේක් තීර්ථකශාසනයෙහි පුද්ගලයාහට සංනිශ්‍රය වූ ශාසනය දක්වනසේක් තීර්ථකශාසනයෙහි තථාභාවය ප්‍රතිෂෙධය කරන සේක. මෙය ‘ඉධෙව භික්‍‍‍ඛවෙ සමණො -පෙ- සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ’යි වදාරණ ලද්දේය. එහෙයින් ‘ඉමස්මිං සාසනෙ භික්‍‍‍ඛු’ යනු ද වදාරණ ලදී.

අරඤ‍්ඤගතො වා…පෙ… සුඤ‍්ඤාගාරගතො වාති ඉදමස‍්ස ආනාපානස‍්සතිසමාධිභාවනානුරූපසෙනාසනපරිග‍්ගහපරිදීපනං. ඉමස‍්ස හි භික‍්ඛුනො දීඝරත‍්තං රූපාදීසු ආරම‍්මණෙසු අනුවිසටං චිත‍්තං ආනාපානස‍්සතිසමාධිආරම‍්මණං අභිරුහිතුං න ඉච‍්ඡති. කූටගොණයුත‍්තරථො විය උප‍්පථමෙව ධාවති. තස‍්මා සෙය්‍යථාපි නාම ගොපො කූටධෙනුයා සබ‍්බං ඛීරං පිවිත්‍වා වඩ‍්ඪිතං කූටවච‍්ඡං දමෙතුකාමො ධෙනුතො අපනෙත්‍වා එකමන‍්තෙ මහන‍්තං ථම‍්භං නිඛණිත්‍වා තත්‍ථ යොත‍්තෙන බන්‍ධෙය්‍ය. අථස‍්ස සො වච‍්ඡො ඉතො චිතො ච විප‍්ඵන්‍දිත්‍වා පලායිතුං අසක‍්කොන‍්තො තමෙව ථම‍්භං උපනිසීදෙය්‍ය වා උපනිපජ‍්ජෙය්‍ය වා; එවමෙව ඉමිනාපි භික‍්ඛුනා දීඝරත‍්තං රූපාරම‍්මණාදිරසපානවඩ‍්ඪිතං දුට‍්ඨචිත‍්තං දමෙතුකාමෙන රූපාදිආරම‍්මණතො අපනෙත්‍වා අරඤ‍්ඤං වා…පෙ… සුඤ‍්ඤාගාරං වා පවෙසෙත්‍වා තත්‍ථ අස‍්සාසපස‍්සාසථම‍්භෙ සතියොත‍්තෙන බන්‍ධිතබ‍්බං. එවමස‍්ස තං චිත‍්තං ඉතො චිතො ච විප‍්ඵන්‍දිත්‍වාපි පුබ‍්බෙ ආචිණ‍්ණාරම‍්මණං අලභමානං සතියොත‍්තං ඡින්‍දිත්‍වා පලායිතුං අසක‍්කොන‍්තං තමෙවාරම‍්මණං උපචාරප‍්පනාවසෙන උපනිසීදති චෙව උපනිපජ‍්ජති ච. තෙනාහු පොරාණා –

‘අරඤ්ඤගතො වා -පෙ- සුඤ්ඤාගාරගතො වා’ යන මෙය මේ යෝගීහට ආනාපානසතිසමාධි භාවනාවට අනුරූප වූ සෙනසුන් ගැන්ම දැක්වීමය. මේ මහණහුගේ බොහෝ කලක් මුළුල්ලෙහි රූපාදී වූ අරමුණුවල විසුරුණු සිත ආනාපානසතිසමාධි අරමුණට නගින්නට කැමැති නොවේ. කුළුගොනකු යෙදූ රියක් මෙන් නොමගටම දුවන්නේය. එහෙයින් යම්සේ ගොපලුතෙමේ, කුළුදෙනකගේ කිරි බී වැඩුනු කුළුවසු දමනු කැමැත්තේ දෙනගෙන් ඈත් කොට එක් පසෙක බිම මහත් කණුවක් සිටුවා එහි යොතකින් බඳින්නේය, එකල්හි ඒ වසු ඈතට මෑතට පැන සැලී පලායන්නට නොහැක්කේ ඒ කණුව වෙතම හිඳින්නේ හෝ වේ ද, නිදන්නේ හෝ වේ ද, එපරිද්දෙන්ම මේ මහණහු විසින් ද බොහෝ කාලයක් මුළුල්ලෙහි රූපාරම්මණාදි රසපානයෙන් වැඩුනු දුෂ්ටචිත්තය දමනු කැමැත්තහු රූපාදිආරම්මණයන්ගෙන් ඈත් කොට වනයට හෝ -පෙ- ශුන්‍යාගාරයකට හෝ ඇතුල් කරවා එහි ආශ්වාස ප්‍රශ්වාස නැමැති කණුවෙහි ස්මෘති නැමැති යොතින් බැඳිය යුතුය. මෙසේ මේ මහණහුගේ සිත ඔබ මොබ සැලී ද පෙර පුරුදු අරමුණක් නො ලබන්නේ ස්මෘති නැමැති යොත සිඳපියා පැනයන්නට නොහැකි වන්නේ ඒ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ වෙතම උපචාර අර්‍පණා වශයෙන් එළැඹ හිඳීම ද කරයි. හොවීම ද කරයි. එහෙයින් පොරාණයෝ:

“යථා ථම‍්භෙ නිබන්‍ධෙය්‍ය, වච‍්ඡං දම‍්මං නරො ඉධ; බන්‍ධෙය්‍යෙවං සකං චිත‍්තං, සතියාරම‍්මණෙ දළ‍්හ”න‍්ති. (විසුද‍්ධි· 1.217; දී· නි· අට‍්ඨ· 2.374; ම· නි· අට‍්ඨ· 1.107; පටි· ම· අට‍්ඨ· 2.1.163);

‘යථා ථම්හෙ නිබන්‍ධෙය්‍ය වච්ඡං දම්මං නරො ඉධ, බන්‍ධෙය්‍යෙවං සකං චිත්තං - සතියාරම්මණෙ දළ්හං’යි කීහ.

එවමස‍්සෙතං සෙනාසනං භාවනානුරූපං හොති. තෙන වුත‍්තං – “ඉදමස‍්ස ආනාපානස‍්සතිසමආධිභාවනානුරූපසෙනාසනපරිග‍්ගහපරිදීපන”න‍්ති.

මෙසේ මොහුට ඒ සෙනසුන භාවනාවට අනුරූප වෙයි. ‘ඉදමස්ස ආනාපානසතිසමාධි භාවනානූරූපසෙනාසනපරිග්ගහපරිදීපනං’ යනු එහෙයින් කියන ලදී.

අථ වා යස‍්මා ඉදං කම‍්මට‍්ඨානප‍්පභෙදෙ මුද‍්ධභූතං සබ‍්බඤ‍්ඤුබුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකානං විසෙසාධිගමදිට‍්ඨධම‍්මසුඛවිහාරපදට‍්ඨානං ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං ඉත්‍ථිපුරිසහත්‍ථිඅස‍්සාදිසද‍්දසමාකුලං ගාමන‍්තං අපරිච‍්චජිත්‍වා න සුකරං සම‍්පාදෙතුං, සද‍්දකණ‍්ටකත‍්තා ඣානස‍්ස. අගාමකෙ පන අරඤ‍්ඤෙ සුකරං යොගාවචරෙන ඉදං කම‍්මට‍්ඨානං පරිග‍්ගහෙත්‍වා ආනාපානචතුත්‍ථජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා තදෙව ච පාදකං කත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා අග‍්ගඵලං අරහත‍්තං සම‍්පාපුණිතුං, තස‍්මාස‍්ස අනුරූපංසෙනාසනං දස‍්සෙන‍්තො භගවා “අරඤ‍්ඤගතො වා”තිආදිමාහ.

තවද යම්හෙයකින් කර්‍මස්ථාන ප්‍රභෙදයෙහි මුදුන් වූ උතුම් වූ සර්‍වඥ බුද්ධ ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධ ශ්‍රාවකයන්ගේ විශේෂාධිගමයට ද අන්‍ය කර්‍මස්ථානයකින් ලැබූ විශේෂ ඇත්තන්ගේ දිට්ඨධම්ම සුඛවිහරණයට ද ආසන්න කාරණය වූ මේ ආනාපානසතිකම්මට්ඨානය ස්ත්‍රී පුරුෂ හස්ති අශ්වාදීන්ගේ හඬින් ආකූල වූ ග්‍රාමාන්තය නොහැර සැපයීම පහසු නොවේ. ධ්‍යානයට ශබ්දය තමා කටු බැවිනි. අගාමකාරණ්‍යයෙහි දී යෝගාවචරයාහට මේ කර්‍මස්ථානය දැඩිව ගෙණ ආනාපානචතුර්‍ත්‍ථද්ධ්‍යානය උපදවා එයම පාදක කොට සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනය කොට අග්‍රඵලසඞ්ඛ්‍යාත වූ රහත් බවට පැමිණෙන්නට පහසු වේද, එහෙයින් මේ යෝගාවචරයාහට සුදුසු වූ සෙනාසනය දක්වන භාග්‍යවතුන් වහන්සේ ‘අරඤ්ඤගතො වා’ යනාදිය වදාළ සේක.

වත්‍ථුවිජ‍්ජාචරියො විය හි භගවා, සො යථා වත්‍ථුවිජ‍්ජාචරියො නගරභූමිං පස‍්සිත්‍වා සුට‍්ඨු උපපරික‍්ඛිත්‍වා “එත්‍ථ නගරං මාපෙථා”ති උපදිසති, සොත්‍ථිනා ච නගරෙ නිට‍්ඨිතෙ රාජකුලතො මහාසක‍්කාරං ලභති; එවමෙව යොගාවචරස‍්ස අනුරූපසෙනාසනං උපපරික‍්ඛිත්‍වා එත්‍ථ කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජිතබ‍්බන‍්ති උපදිසති. තතො තත්‍ථ කම‍්මට‍්ඨානං අනුයුත‍්තෙන යොගිනා කමෙන අරහත‍්තෙ පත‍්තෙ “සම‍්මාසම‍්බුද‍්ධො වත සො භගවා”ති මහන‍්තං සක‍්කාරං ලභති. අයං පන භික‍්ඛු “දීපිසදිසො”ති වුච‍්චති. යථා හි මහාදීපිරාජා අරඤ‍්ඤෙ තිණගහනං වා වනගහනං වා පබ‍්බතගහනං වා නිස‍්සාය නිලීයිත්‍වා වනමහිංසගොකණ‍්ණසූකරාදයො මිගෙ ගණ‍්හාති; එවමෙවායං අරඤ‍්ඤාදීසු කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජන‍්තො භික‍්ඛු යථාක‍්කමෙන සොතාපත‍්තිසකදාගාමිඅනාගාමිඅරහත‍්තමග‍්ගෙ චෙව අරියඵලඤ‍්ච ගණ‍්හාතීති වෙදිතබ‍්බො. තෙනාහු පොරාණා –

භාග්‍යවතුන් වහන්සේ වාස්තුවිද්‍යාචාර්‍ය්‍යයකු වැනියහ. ඒ භාග්‍යවතුන් වහන්සේ යම්සේ වාස්තුවිද්‍යාචාර්‍ය්‍යතෙමේ නුවරක් ඉදිකිරීමට සුදුසු බිමක් බලා මැනැවින් පරීක්‍ෂාකොට මෙහි නුවර ඉදිකරවුයි දක්වන්නේ ද, ගැහැටින් තොරව නුවර ඉදි කිරීම නිමිකල්හි රජකුලයෙන් මහත් සත්කාර ලබන්නේ ද, එපරිද්දෙන්ම යෝගාවචරයාහට සුදුසු සෙනසුනක් පරීක්‍ෂාකොට බලා මෙහි ඉඳ කර්‍මස්ථානයෙහි යෙදිය යුතුයයි වදාරණ සේක. ඉක්බිති එහි කර්‍මස්ථානයෙහි යෙදුනු යෝගීහු විසින් ක්‍රමයෙන් රහත්බවට පැමිණි කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේ එකාන්තයෙන් ‘සම්‍යක් සම්බුද්ධහ’යි මහත් සත්කාර ලබන සේක. මේ මහණතෙමේ දිවියකු වැනියයි කියනු ලැබේ. යම්සේ මහදිවිරජෙක් වනයෙහි තෘණ ගහණයක් හෝ වන ගහණයක් හෝ පර්‍වත ගහණයක් හෝ නිසා සැඟවී සිට වන මී ගෝන හූරු ආදී වූ සතුන් අල්ලා ගනීද, එපරිද්දෙන්ම වන සෙනසුන් ආදියෙහි කමටහන්හි යෙදෙන මේ මහණ තෙමේ පිළිවෙළින් ස්‍රොතාපත්ති සකෘදාගාමී අනාගාමී අර්‍හත්මාර්‍ගයන් හා ආර්‍ය්‍යඵලයන් ද අල්ලා ගනීයයි දතයුතුය. පුරාතනයෝ එහෙයින් කියන ලදී:

“යථාපි දීපිකො නාම, නිලීයිත්‍වා ගණ‍්හතී මිගෙ; තථෙවායං බුද‍්ධපුත‍්තො, යුත‍්තයොගො විපස‍්සකො; අරඤ‍්ඤං පවිසිත්‍වාන, ගණ‍්හාති ඵලමුත‍්තම”න‍්ති. (මි· ප· 6.1.5);

‘යථා පි දීපිකො නාම නිලීයිත්‍වා ගණ්භතී මිගෙ, තථෙවායං බුද්ධපුත්තො යුත්තයොගො විපස්සකො, අරඤ්ඤං පවිසිත්‍වාන ගණ්හාති ඵලමුත්තමන්ති’යි

දිවිතෙමේ සැඟවී සිට යම් සේ මුවන් අල්ලා ගනීද, එසේම යුක්තයොගී වූ මේ විදර්‍ශක බුද්ධ පුත්‍රතෙමේ වනයට වැද ශ්‍රාමණ්‍යඵලය විඳ ගන්නේය යන අර්‍ත්‍ථයි.

තෙනස‍්ස පරක‍්කමජවයොග‍්ගභූමිං අරඤ‍්ඤසෙනාසනං දස‍්සෙන‍්තො භගවා “අරඤ‍්ඤගතො වා”තිආදිමාහ.

එහෙයින් මොහුට භාවනොත්සාහජවයට යෝග්‍යභූමි වූ සෙනාසනය දක්වන භාග්‍යවතුන් වහන්සේ ‘අරඤ්ඤගතො වා’ යනාදිය වදාළ සේක.

තත්‍ථ අරඤ‍්ඤගතො වාති අරඤ‍්ඤන‍්ති “නික‍්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලා සබ‍්බමෙතං අරඤ‍්ඤ”න‍්ති (විභ· 529) ච “ආරඤ‍්ඤකං නාම සෙනාසනං පඤ‍්චධනුසතිකං පච‍්ඡිම”න‍්ති (පාරා· 653) ච එවං වුත‍්තලක‍්ඛණෙසු අරඤ‍්ඤෙසු අනුරූපං යංකිඤ‍්චි පවිවෙකසුඛං අරඤ‍්ඤං ගතො. රුක‍්ඛමූලගතො වාති රුක‍්ඛසමීපං ගතො. සුඤ‍්ඤාගාරගතො වාති සුඤ‍්ඤං විවිත‍්තොකාසං ගතො. එත්‍ථ ච ඨපෙත්‍වා අරඤ‍්ඤඤ‍්ච රුක‍්ඛමූලඤ‍්ච අවසෙසසත‍්තවිධසෙනාසනගතොපි සුඤ‍්ඤාගාරගතොති වත‍්තුං වට‍්ටති. එවමස‍්ස උතුත‍්තයානුකූලං ධාතුචරියානුකූලඤ‍්ච ආනාපානස‍්සතිභාවනානුරූපං සෙනාසනං උපදිසිත්‍වා අලීනානුද‍්ධච‍්චපක‍්ඛිකං සන‍්තමිරියාපථං උපදිසන‍්තො “නිසීදතී”ති ආහ. අථස‍්ස නිසජ‍්ජාය දළ‍්හභාවං අස‍්සාසපස‍්සාසානං පවත‍්තනසුඛතං ආරම‍්මණපරිග‍්ගහූපායඤ‍්ච දස‍්සෙන‍්තො “පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා”තිආදිමාහ.

එහි ‘අරඤ්ඤගතො වා’ යනු අරණ්‍ය නම්, පිටත ඉන්‍ද්‍රකීලයෙන් නික්මුනු තැන පටන් මේ සියලු පෙදෙස අරණ්‍යය යි ද, ආරණ්‍යක සේනාසනය නම් ඉන්‍ද්‍රකීලයෙහි පටන් දුනු පන්සියයක් ඇත්තේ පශ්චිමයයි ද මෙසේ කියනලද ලක්‍ෂණ ඇති අරණ්‍යයන් අතුරෙහි යම්කිසිවිටෙක සුඛ ඇති අරණ්‍යයට ගියේ හෝ ය. ‘රුක්‍ඛමූලගතො වා’ රුක්මුලක් සමීපයට ගියේ හෝ ය. ‘සුඤ්ඤාගාරගතො වා’ ජනශුන්‍ය වූ විවික්ත අවකාශ ස්ථානයකට ගියේ හෝ ය. මෙහිද අරණ්‍යය ද වෘක්‍ෂ මූලය ද හැර සෙසු පර්‍වත කන්‍දර ගිරිගුහා ශ්මශාන වානප්‍රස්ථ අභ්‍යවකාශ පලාලපුඤ්ජ යන සත්වැදෑරුම් සෙනසුනකට ගියේද, ශුන්‍යාගාරයට ගියේයයි ද කීම වටියි. මෙසේ මොහුට සෘතුත්‍රයානුරූප වූ ධාතුචර්‍ය්‍යාවනට අනුකූල වූ ආනාපානසති භාවනාවට අනුරූප වූ සේනාසනය දක්වා නොහැකිලුනු අවික්‍ෂෙපපාක්‍ෂික වූ ශාන්තඊර්‍ය්‍යාපථය දක්වන සේක් ‘නිසීදති’ යනු වදාළ සේක. නැවත මොහුගේ නිෂද්‍යාවෙහි දැඩිබව ද ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ පැවැත්මෙහි සැපය ද අරමුණු ගැණීමෙහි උපාය ද දක්වන සේක් ‘පල්ලඞ්කං ආභුජිත්‍වා’ යනාදිය වදාළ සේක.

තත්‍ථ පල‍්ලඞ‍්කන‍්ති සමන‍්තතො ඌරුබද‍්ධාසනං. ආභුජිත්‍වාති ආබන්‍ධිත්‍වා. උජුං කායං පණිධායාති උපරිමං සරීරං උජුකං ඨපෙත්‍වා, අට‍්ඨාරස පිට‍්ඨිකණ‍්ටකෙ කොටියා කොටිං පටිපාදෙත්‍වා. එවඤ‍්හි නිසින‍්නස‍්ස චම‍්මමංසන‍්හාරූනි න පණමන‍්ති. අථස‍්ස යා තෙසං පණමනප‍්පච‍්චයා ඛණෙ ඛණෙ වෙදනා උප‍්පජ‍්ජෙය්‍යුං, තා න උප‍්පජ‍්ජන‍්ති. තාසු අනුප‍්පජ‍්ජමානාසු චිත‍්තං එකග‍්ගං හොති. කම‍්මට‍්ඨානං න පරිපතති. වුඩ‍්ඪිං ඵාතිං උපගච‍්ඡති.

එහි ‘පල්ලඞ්කං’ යනු හාත්පසින් ඌරුබද්ධාසනයයි ‘ආභුජිත්‍වා’ අභිමුඛකොට බැඳ, ‘උජුං කායං පණිධාය’ මතු සිරුර කෙලින් තබා අටළොස් පිටකටු කොණින් කොණ සිටින සේ පිළියෙලකොට, මෙසේ හුන්නහුගේ වනාහි සම් මස් නහර නොනැමේ. මොහුට සම් මස් නහර නැමීම හේතු කොට ක්‍ෂණක්‍ෂණයෙහි යම් වෙදනාවෝ උපදින්නාහු ද, ඒ වෙදනාවෝ නො උපදින්නාහ. ඒ වේදනාවන් නො උපදින කල්හි සිත එකඟ වන්නේය. කර්‍මස්ථානවීථිය නොඉක්මවයි. වැඩීමට සමෘද්ධියට පැමිණෙයි.

පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වාති කම‍්මට‍්ඨානාභිමුඛං සතිං ඨපයිත්‍වා. අථ වා “පරී”ති පරිග‍්ගහට‍්ඨො; “මුඛ”න‍්ති නිය්‍යානට‍්ඨො; “සතී”ති උපට‍්ඨානට‍්ඨො; තෙන වුච‍්චති – “පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා”ති. එවං පටිසම‍්භිදායං (පටි· ම· 1.164-165) වුත‍්තනයෙනපෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. තත්‍රායං සඞ‍්ඛෙපො – “පරිග‍්ගහිතනිය්‍යානං සතිං කත්‍වා”ති. සො සතොව අස‍්සසතීති සො භික‍්ඛු එවං නිසීදිත්‍වා එවඤ‍්ච සතිං උපට‍්ඨපෙත්‍වා තං සතිං අවිජහන‍්තො සතොඑව අස‍්සසති, සතො පස‍්සසති, සතොකාරී හොතීති වුත‍්තං හොති.

‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ කර්‍මස්ථානයට අභිමුඛකොට සිහිය තබා නොහොත් පරි යනු පරිග්‍රහාර්‍ත්‍ථයි. මුඛං යනු නීයානාර්‍ත්‍ථයි. සති යනු උපස්ථානාර්‍ත්‍ථයි. ‘පරිමුඛං සතිං’යි එහෙයින් කියනු ලැබේ. ප්‍රතිසම්භිදාවෙහි කියූ නයින් ද මෙහි මෙහේ අර්‍ත්‍ථ දතයුතුය. එහි පරිගෘහිත නෛර්‍ය්‍යාණික ස්මෘතියකොට යනු සඞ්ක්‍ෂෙපයයි. ‘සො සතොව අස්සසති’ ඒ මහණ තෙමේ මෙසේ හිඳ මෙසේද සිහිය එළවා ඒ සිහිය නොහරිමින් සිහි ඇත්තේම ආශ්වාස කරයි. සිහි ඇත්තේම ප්‍රශ්වාස කරයි. සිහියෙන් කරණසුලු වේයයි වදාරණ ලද්දේ වේ.

ඉදානි යෙහාකාරෙහි සතොකාරී හොති, තෙ දස‍්සෙන‍්තො “දීඝං වා අස‍්සසන‍්තො”තිආදිමාහ. වුත‍්තඤ‍්හෙතං පටිසම‍්භිදායං – “සො සතොව අස‍්සසති, සතො පස‍්සසතී”ති එතස‍්සෙව විභඞ‍්ගෙ –

දැන් යම් අයුරකින් සිහි ඇතිව කරණසුලු වේ ද, ඒ ආකාරයන් දක්වන සේක් ‘දීඝං වා අස්සසන්තො’ යනාදිය වදාළ සේක. ප්‍රතිසම්භිදාවෙහි ‘හෙතෙමේ සිහි ඇත්තේම ආශ්වාස කෙරේ. සිහි ඇත්තේම ප්‍රශ්වාස කෙරේ’යි මෙය කියනලදී. මොහුගේම විභඞ්ගයෙහි

“බාත‍්තිංසාය ආකාරෙහි සතොකාරී හොති. දීඝං අස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතො සති උපට‍්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සතොකාරී හොති. දීඝං පස‍්සාසවසෙන…පෙ… පටිනිස‍්සග‍්ගානුපස‍්සී අස‍්සාසවසෙන පටිනිස‍්සග‍්ගානුපස‍්සී පස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතො සති උපට‍්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සතොකාරී හොතී”ති (පටි· ම· 1.165).

‘දෙතිස් අයුරකින් සිහි ඇතිව කරණසුලු වේ. දීර්‍ඝකොට ආශ්වාස වශයෙන් සිතෙහි එකඟබව නො විසිරීම දන්නහුට සිහි තොමෝ එළැඹ සිටියා වන්නීය. ඒ සිහියෙන් ඒ ඤාණයෙන් සිහි ඇතිව කරණ සුලු වේ. දීර්‍ඝකොට ප්‍රශ්වාස කිරීම් වශයෙන් - පෙ- බැහැර කිරීම එක්වන් දක්නාසුලුව ආශ්වාස කිරීම් වශයෙන් බැහැර කිරීම එක්වන් දක්නාසුලුව ප්‍රශ්වාස කිරීම් වශයෙන් සිතෙහි එකඟබව නො විසිරීම දන්නහුට සිහි තොමෝ එළැඹ සිටියා වන්නීය. ඒ සිහියෙන් ඒ ඤාණයෙන් සිහි ඇතිව කරණසුලු වේය’යි කියනලදී.

තත්‍ථ දීඝං වා අස‍්සසන‍්තොති දීඝං වා අස‍්සාසං පවත‍්තෙන‍්තො. “අස‍්සාසො”ති බහි නික‍්ඛමනවාතො. “පස‍්සාසො”ති අන‍්තො පවිසනවාතො. සුත‍්තන‍්තට‍්ඨකථාසු පන උප‍්පටිපාටියා ආගතං.

එහි ‘දීඝං වා අස්සසන්තො’ දීර්‍ඝකොට ආශ්වාස පවත්වනුයේය. ‘අස්සාසො’ පිටත නික්මෙන වාතයයි. ‘පස්සාසො’ ඇතුළට පිවිසෙන වාතයයි. සූත්‍රාන්තාර්‍ත්‍ථකථාවන්හි වනාහි උපිළිවෙළින් ආයේය.

තත්‍ථ සබ‍්බෙසම‍්පි ගබ‍්භසෙය්‍යකානං මාතුකුච‍්ඡිතො නික‍්ඛමනකාලෙ පඨමං අබ‍්භන‍්තරවාතො බහි නික‍්ඛමති. පච‍්ඡා බාහිරවාතො සුඛුමං රජං ගහෙත්‍වා අබ‍්භන‍්තරං පවිසන‍්තො තාලුං ආහච‍්ච නිබ‍්බායති. එවං තාව අස‍්සාසපස‍්සාසා වෙදිතබ‍්බා. යා පන තෙසං දීඝරස‍්සතා, සා අද‍්ධානවසෙන වෙදිතබ‍්බා. යථා හි ඔකාසද‍්ධානං ඵරිත්‍වා ඨිතං උදකං වා වාලිකා වා “දීඝමුදකං දීඝා වාලිකා, රස‍්සමුදකං රස‍්සා වාලිකා”ති වුච‍්චති. එවං චුණ‍්ණවිචුණ‍්ණාපි අස‍්සාසපස‍්සාසා හත්‍ථිසරීරෙ අහිසරීරෙ ච තෙසං අත‍්තභාවසඞ‍්ඛාතං දීඝං අද‍්ධානං සණිකං පූරෙත්‍වා සණිකමෙව නික‍්ඛමන‍්ති, තස‍්මා “දීඝා”ති වුච‍්චන‍්ති. සුනඛසසාදීනං අත‍්තභාවසඞ‍්ඛාතං රස‍්සං අද‍්ධානං සීඝං පූරෙත්‍වා සීඝමෙව නික‍්ඛමන‍්ති, තස‍්මා “රස‍්සා”ති වුච‍්චන‍්ති. මනුස‍්සෙසු පන කෙචි හත්‍ථිඅහිආදයො විය කාලද‍්ධානවසෙන දීඝං අස‍්සසන‍්ති ච පස‍්සසන‍්ති ච. කෙචි සුනඛසසාදයො විය රස‍්සං. තස‍්මා තෙසං කාලවසෙන දීඝමද‍්ධානං නික‍්ඛමන‍්තා ච පවිසන‍්තා ච තෙ දීඝා. ඉත‍්තරමද‍්ධානං නික‍්ඛමන‍්තා ච පවිසන‍්තා ච “රස‍්සා”ති වෙදිතබ‍්බා. තත්‍රායං භික‍්ඛු නවහාකාරෙහි දීඝං අස‍්සසන‍්තො ච පස‍්සසන‍්තො ච “දීඝං අස‍්සසාමි පස‍්සසාමී”ති පජානාති. එවං පජානතො චස‍්ස එකෙනාකාරෙන කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවනා සම‍්පජ‍්ජතීති වෙදිතබ‍්බා.

එහි මවුගැබ හෝනා සියල්ලන්ගේම මවුකුසින් නික්මෙන කාලයෙහි පළමුකොට ඇතුළත් වූ වාතය පිටතට නික්මෙන්නේය. පසුව පිටත්හි වූ වාතය සියුම් රජස් ගෙන ඇතුළට පිවිසෙනුයේ තල්ල හපා සන්සිඳී නිවී යන්නේය. මෙසේ වනාහි ආශ්වාස ප්‍රශ්වාසයෝ දතයුත්තාහ. ඒ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ යම් දීර්‍ඝභ්‍රස්වත්‍වයක් වේ ද එය අද්ධාන වශයෙන් දතයුතුය. යම්සේ වනාහි ඉඩ ඇති තැනෙක පැතිර සිටි ජලය හෝ වැලි හෝ දීර්‍ඝ ජලය, දීර්‍ඝ වැලිය, භ්‍රස්ව ජලය, භ්‍රස්ව වැලියයි කියනු ලැබේද, එපරිද්දෙන් සුණු විසුණු වූ ද ආශ්වාස ප්‍රශ්වාසයෝ, හස්ති ශරීරයෙහි ද සර්‍පශරීරයෙහි ද ඔවුන්ගේ ආත්මභාව සඞ්ඛ්‍යාත දීර්‍ඝ ප්‍රදේශය හිමිහිට පුරවා හිමිහිටම නික්ම යන්නාහ. එහෙයින් දීඝායි කියනු ලැබෙත්. බලු සා ආදීන්ගේ ආත්මභාව සඞ්ඛ්‍යාත භ්‍රස්ව අද්ධානය වහා පුරවා වහාම නික්ම යන්නාහ. එහෙයින් රස්සා යි කියනු ලැබෙත්. මිනිසුන් අතුරෙහි සමහර කෙනෙක් හස්ති සර්‍පාදීන් මෙන් කාලද්ධාන වසයෙන් දීර්‍ඝකොට ආශ්වාසද කරත්. ප්‍රශ්වාස ද කරත්. සමහර කෙනෙක් බලු සා ආදීන් මෙන් ලුහුඬුකොට ආශ්වාස ද ප්‍රශ්වාස ද කරත්. එහෙයින් කාල වසයෙන් ඔවුන්ට දීර්‍ඝ වූ අද්ධානය වේ. නික්මෙන්නා වූ ද ඇතුළට පිවිසෙන්නා වූ ද ඒ ආශ්වාස ප්‍රශ්වාසයෝ දීර්‍ඝයෝය. අනෙක් අද්ධාන සඞ්ඛ්‍යාත ප්‍රදේශයෙහි ස්වල්ප කාලයක් තුළ නික්මෙන්නා වූ ද ඇතුළට පිවිසෙන්නා වූ ද ආශ්වාස ප්‍රශ්වාසයෝ භ්‍රස්වයෝයයි දතයුත්තාහ. එහි මේ මහණතෙමේ නව අයුරකින් දීර්‍ඝකොට ආවාස කරන්නේ ද ප්‍රශ්වාස කරන්නේ ද, දීර්‍ඝකොට ආශ්වාස කරමි, ප්‍රශ්වාස කරමියි දැන ගණියි. මෙසේ දන්නා වූද මොහුට දීර්‍ඝභ්‍රස්වාදි කරුණු සතරින් එක් අයුරකින් කායානුපස්සනාසතිපට්ඨානභාවනාව පැමිණේයයි දතයුතුය.

යථාහ පටිසම‍්භිදායං –

ප්‍රතිසම්භිදාවෙහි මෙසේ වදාළ සේක.

“කථං දීඝං අස‍්සසන‍්තො ‘දීඝං අස‍්සසාමී’ති පජානාති, දීඝං පස‍්සසන‍්තො ‘දීඝං පස‍්සසාමී’ති පජානාති? දීඝං අස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසති, දීඝං පස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ පස‍්සසති, දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතිපි පස‍්සසතිපි. දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතොපි පස‍්සසතොපි ඡන්‍දො උප‍්පජ‍්ජති; ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං අස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසති, ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං පස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ පස‍්සසති, ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතිපි පස‍්සසතිපි. ඡන්‍දවසෙන තතො සුඛුමතරං දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතොපි පස‍්සසතොපි පාමොජ‍්ජං උප‍්පජ‍්ජති; පාමොජ‍්ජවසෙන තතො සුඛුමතරං දීඝං අස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසති, පාමොජ‍්ජවසෙන තතො සුඛුමතරං දීඝං පස‍්සාසං…පෙ… දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතිපි පස‍්සසතිපි. පාමොජ‍්ජවසෙන තතො සුඛුමතරං දීඝං අස‍්සාසපස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ අස‍්සසතොපි පස‍්සසතොපි දීඝං අස‍්සාසපස‍්සාසා චිත‍්තං විවත‍්තති, උපෙක‍්ඛා සණ‍්ඨාති. ඉමෙහි නවහි ආකාරෙහි දීඝං අස‍්සාසපස‍්සාසා කායො; උපට‍්ඨානං සති; අනුපස‍්සනා ඤාණං; කායො උපට‍්ඨානං, නො සති; සති උපට‍්ඨානඤ‍්චෙව සති ච. තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස‍්සති. තෙන වුච‍්චති – “කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවනා”ති (පටි· ම· 1.166).

දීර්‍ඝකොට ආශ්වාස කරනුයේ දීර්‍ඝකොට ආශ්වාස කරමියි කෙසේ දනී ද, දීර්‍ඝකොට ප්‍රශ්වාස කරනුයේ දීර්‍ඝකොට ප්‍රශ්වාස කරමියි කෙසේ දනී ද, දීර්‍ඝශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි ආශ්වාස කරයි. දීර්‍ඝප්‍රශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි ප්‍රශ්වාස කරයි. දීර්‍ඝාශ්වාස ප්‍රශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි ආශ්වාස ද ප්‍රශ්වාස ද කරයි. දීර්‍ඝාශ්වාස ප්‍රශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි ආශ්වාස ප්‍රශ්වාස කරන්නහුට කත්තුකම්‍යතා ලක්‍ෂණ කුශලඡන්‍දය උපදියි. කුශලච්ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම්වූ දීර්‍ඝ ආශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි දීර්‍ඝකොට ආශ්වාස කරයි. කුශලච්ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ ප්‍රශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි දීර්‍ඝකොට ප්‍රශ්වාස කරයි. කුශලච්ඡන්‍ද වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ ආශ්වාස ප්‍රශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි දීර්‍ඝකොට ආශ්වාස ද කරයි. ප්‍රශ්වාස ද කරයි. කුශල වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝආශ්වාස ප්‍රශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි දීර්‍ඝකොට ආශ්වාස කරන්නහුට ද ප්‍රශ්වාස කරන්නහුට ද ඛුද්දිකාදි ප්‍රභෙදගත තරුණ ප්‍රීතිය උපදියි. ප්‍රමොද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ ආශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි දීර්‍ඝකොට ආශ්වාස කරයි. ප්‍රමොද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝප්‍රශ්වාස කරයි. ප්‍රමාද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝප්‍රශ්වාසය දීර්‍ඝ කොට -පෙ- දීර්‍ඝ වූ ආශ්වාස ප්‍රශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි දීර්‍ඝකොට ආශ්වාස ද කරයි. ප්‍රශ්වාස ද කරයි. ප්‍රමාද්‍ය වශයෙන් එයට වඩා ඉතා සියුම් වූ දීර්‍ඝ ආශ්වාස ප්‍රශ්වාසය දීර්‍ඝක්‍ෂණයෙහි දීර්‍ඝකොට ආශ්වාස ප්‍රශ්වාසයෙන් සිත තවන්නේය. තත්‍රමජ්ඣත්තුපෙක්‍ඛාව පිහිටයි. මේ නව ආකාරයෙන් දීර්‍ඝකාර වූ ආශ්වාස ප්‍රශ්වාස කායයෝ සුණු විසුණු වූවාහු ද සමූහාර්‍ත්‍ථයෙන් කාය නම් වෙති. අරමුණ කරා එළැඹ සිටින අර්‍ත්‍ථයෙන් ස්මෘතිය උපට්ඨාන නම් වේ. ශමථ වශයෙන් නිමිත්ත දැකීම ඤාණ නම් වේ. සිහිය කය අරමුණ කිරීම් වසයෙන් එළැඹීමෙහි සිටීනුයි උපට්ඨාන නම් වේ. ඒ කය සති නම් නොවේ. සතිය උපට්ඨාන ද සති ද වේ. ඒ සතිය හෙතු කොට ඒ ඤාණය හේතු කොට ඒ කය එක්වන් දක්නේයයි ‘කායෙ කායානුපස්සනා සතිපට්ඨානභාවනා’යි එහෙයින් කියනු ලැබේ.

එසෙව නයො රස‍්සපදෙපි. අයං පන විසෙසො – “යථා එත්‍ථ ‘දීඝං අස‍්සාසං අද‍්ධානසඞ‍්ඛාතෙ’ති වුත‍්තං; එවමිධ ‘රස‍්සං අස‍්සාසං ඉත‍්තරසඞ‍්ඛාතෙ අස‍්සසතී”ති ආගතං. තස‍්මා තස‍්ස වසෙන යාව “තෙන වුච‍්චති කායෙ කායානුපස‍්සනාසතිපට‍්ඨානභාවනා”ති තාව යොජෙතබ‍්බං. එවමයං අද‍්ධානවසෙන ඉත‍්තරවසෙන ච ඉමෙහාකාරෙහි අස‍්සාසපස‍්සාසෙ පජානන‍්තො දීඝං වා අස‍්සසන‍්තො “දීඝං අස‍්සසාමී”ති පජානාති…පෙ… රස‍්සං වා පස‍්සසන‍්තො “රස‍්සං පස‍්සසාමී”ති පජානාතීති වෙදිතබ‍්බො.

භ්‍රස්වපදයෙහි ද මෙම නය වේ. මේ වනාහි විශේෂය වේ:- යම්සේ මෙහි ‘දිඝං අස්සාසං අද්ධානසඞ්ඛාතෙ’යි කියන ලද්දේ ද, එසේ මෙහි ‘රස්සං අස්සාසං ඉත්තරසඞ්ඛාතෙ අස්සසති’යි ආයේය. එහෙයින් ඒ භ්‍රස්වආශ්වාසයාගේ වසයෙන් ‘කායෙකායානුපස්සනා සතිපට්ඨානභාවනා’යි යම්තාක් කියනු ලැබේද, ඒතාක් යෙදිය යුතුය. මෙසේ මේ යෝගාවචර තෙමේ දීර්‍ඝක්‍ෂණ වශයෙන් ද ස්වල්ප ලක්‍ෂණ වශයෙන් ද යන මේ නව ආකාරයෙන් ආශ්වාස කරමි’යි දැනගණියි -පෙ- භ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නේ භ්‍රස්වකොට ප්‍රශ්වාස කරමි’යි දැන ගණියි දතයුතුය.

එවං පජානතො චස‍්ස –

මෙසේ දන්නා වූ මේ යෝගීහට:-

“දීඝො රස‍්සො ච අස‍්සාසො; පස‍්සාසොපි ච තාදිසො; චත‍්තාරො වණ‍්ණා වත‍්තන‍්ති; නාසිකග‍්ගෙව භික‍්ඛුනො”ති. (විසුද‍්ධි· 1.219; පටි· ම· අට‍්ඨ· 2.1.163);

දීර්‍ඝාකාර භ්‍රස්වාකාර දෙක ද එබඳු වූ ආශ්වාස ප්‍රශ්වාස දෙක ද යන සතර ආකාරයෝ මහණහුගේ නාසිකාග්‍රයෙහි මතු තොලෙහි පවතිත්.

සබ‍්බකායප‍්පටිසංවෙදී අස‍්සසිස‍්සාමි…පෙ… පස‍්සසිස‍්සාමීති සික‍්ඛතීති සකලස‍්ස අස‍්සාසකායස‍්ස ආදිමජ‍්ඣපරියොසානං විදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො “අස‍්සසිස‍්සාමී”ති සික‍්ඛති. සකලස‍්ස පස‍්සාසකායස‍්ස ආදිමජ‍්ඣපරියොසානං විදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො “පස‍්සසිස‍්සාමී”ති සික‍්ඛති. එවං විදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන අස‍්සසති චෙව පස‍්සසති ච; තස‍්මා “අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමී”ති සික‍්ඛතීති වුච‍්චති. එකස‍්ස හි භික‍්ඛුනො චුණ‍්ණවිචුණ‍්ණවිසටෙ අස‍්සාසකායෙ පස‍්සාසකායෙ වා ආදි පාකටො හොති, න මජ‍්ඣපරියොසානං. සො ආදිමෙව පරිග‍්ගහෙතුං සක‍්කොති, මජ‍්ඣපරියොසානෙ කිලමති. එකස‍්ස මජ‍්ඣං පාකටං හොති, න ආදිපරියොසානං. සො මජ‍්ඣමෙව පරිග‍්ගහෙතුං සක‍්කොති, ආදිපරියොසානෙ කිලමති. එකස‍්ස පරියොසානං පාකටං හොති, න ආදිමජ‍්ඣං. සො පරියොසානංයෙව පරිග‍්ගහෙතුං සක‍්කොති, ආදිමජ‍්ඣෙ කිලමති. එකස‍්ස සබ‍්බම‍්පි පාකටං හොති, සො සබ‍්බම‍්පි පරිග‍්ගහෙතුං සක‍්කොති, න කත්‍ථචි කිලමති. තාදිසෙන භවිතබ‍්බන‍්ති දස‍්සෙන‍්තො ආහ – “සබ‍්බකායප‍්පටිසංවෙදී අස‍්සසිස‍්සාමි…පෙ… පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති.

‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමි -පෙ- පස්සසිස්සාමීති සික්‍ඛති’ සියලු ආශ්වාසකයාගේ මුල මැද කෙළවර පහදාලමින් ප්‍රකට කරමින් ආශ්වාස කරමි’යි හික්මෙන්නේය. සියලු ප්‍රශ්වාස කායයාගේ මුල මැද කෙළවර පහදා ලමින් ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරමියි හික්මෙන්නේය. මෙසේ පහදාලමින් ප්‍රකට කරමින් ඤාණසම්ප්‍රයුක්ත චිත්තයෙන් ආශ්වාස ද කරයි. ප්‍රශ්වාස ද කරයි. එහෙයින් ‘අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්‍ඛති’යි කියනු ලැබේ. එක් මහණක්හුගේ ආශ්වාසකාය හෝ ප්‍රශ්වාසකාය හෝ නොයෙක් කලාප බැවින් සුණු විසුණුව විසුරුණු කල්හි මුල ප්‍රකට වේ. මැද හා කෙළවර ප්‍රකට නොවේ. ඒ මහණතෙමේ මුලම අල්ලා ගැණීමට සමර්‍ත්‍ථ වේ. මැද හා කෙළවර වෙහෙසට පත් වේ. එක් මහණක්හට මැද ප්‍රකට වේ. මුල හා කෙළවර ප්‍රකට නොවේ. එක් මහණක්හට කෙළවර ප්‍රකට වේ. මුල මැද ප්‍රකට නොවේ. හෙතෙමේ කෙළවරම අල්ලා ගැනීමට සමර්‍ත්‍ථ වේ. මුල මැද දෙක්හි වෙහෙසට පත් වේ. එකක්හට සියල්ලම ප්‍රකට වේ. ඔහු සියල්ලම අල්ලා ගැනීමට සමර්‍ත්‍ථ වේ. කිසිතැනෙක වෙහෙසට පත් නොවේ. එබන්දකු වියයුතු යයි දක්වන සේක් ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමි -පෙ පස්සසිස්සාමීති සික්‍ඛති’යි වදාළ සේක.

තත්‍ථ සික‍්ඛතීති එවං ඝටති වායමති. යො වා තථාභූතස‍්ස සංවරො; අයමෙත්‍ථ අධිසීලසික‍්ඛා. යො තථාභූතස‍්ස සමාධි; අයං අධිචිත‍්තසික‍්ඛා. යා තථාභූතස‍්ස පඤ‍්ඤා; අයං අධිපඤ‍්ඤාසික‍්ඛාති. ඉමා තිස‍්සො සික‍්ඛායො තස‍්මිං ආරම‍්මණෙ තාය සතියා තෙන මනසිකාරෙන සික‍්ඛති ආසෙවති භාවෙති බහුලීකරොතීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. තත්‍ථ යස‍්මා පුරිමනයෙ කෙවලං අස‍්සසිතබ‍්බං පස‍්සසිතබ‍්බමෙව ච, න අඤ‍්ඤං කිඤ‍්චි කාතබ‍්බං; ඉතො පට‍්ඨාය පන ඤාණුප‍්පාදනාදීසු යොගො කරණීයො. තස‍්මා තත්‍ථ “අස‍්සසාමීති පජානාති පස‍්සසාමීති පජානාති”ච‍්චෙව වත‍්තමානකාලවසෙන පාළිං වත්‍වා ඉතො පට‍්ඨාය කත‍්තබ‍්බස‍්ස ඤාණුප‍්පාදනාදිනො ආකාරස‍්ස දස‍්සනත්‍ථං “සබ‍්බකායප‍්පටිසංවෙදී අස‍්සසිස‍්සාමී”තිආදිනා නයෙන අනාගතවචනවසෙන පාළි ආරොපිතාති වෙදිතබ‍්බා.

එහි ‘සික්‍ඛති’ මෙසේ උත්සාහ කරයි. වෑයම් කරයි. එසේ ආනාපානසතිය වඩන්නහුගේ යම් සංවරයක් වේද මෙය මෙහි අධිශීල ශික්‍ෂා නම් වේ. එබඳු වූවහුගේ යම් සමාධියක් වේ ද, මෙය අධිචිත්තශික්‍ෂා නම්වේ. එබඳු වූවහුගේ යම් ප්‍රඥාවක් වේ ද, මෙය අධිප්‍රඥා ශික්‍ෂා නම් වේ. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ඒ අරමුණෙහි ඒ ආනාපානයන් අරබයා පැවැති සිහියෙන් ඒ සිහිය පෙරටු කරගත් මනස්කාරයෙන් හික්මෙන්නේය. සේවනය කරන්නේය. වඩාලන්නේය. බහුල කරන්නේයයි මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. එහි යම්හෙයකින් ප්‍රථමභාවනාවෙහි හුදෙක් ආශ්වාස කටයුතු වේ ද, ප්‍රශ්වාස කටයුතුම වේ ද, අන් කිසිවක් නො කටයුතු ද මෙතැන් පටන් ඥානොත්පාදනාදියෙහි යෙදීම කටයුතු වේ ද, එහෙයින් එහි ‘අස්සසාමීති පජානාති පස්සසාමීති පජානාති’යි වර්‍තමාන කාල වශයෙන් පාළිය කියා මෙතැන් පටන් කටයුතු වූ ඥානොත්පාදනාදී වූ ආකාරය දැක්වීම පිණිස ‘සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්‍ඛති’ යනාදි නයින් අනාගතවචන වශයෙන් පාළිය නගන ලදැයි දතයුතුය.

පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමි…පෙ… පස‍්සසිස‍්සාමීති සික‍්ඛතීති ඔළාරිකං කායසඞ‍්ඛාරං පස‍්සම‍්භෙන‍්තො පටිප‍්පස‍්සම‍්භෙන‍්තො නිරොධෙන‍්තො වූපසමෙන‍්තො අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති.

‘පස්සම්හයං කායසඞ්ඛාරං අස්සසිස්සාමි -පෙ- පස්සසිස්සාමීති සික්‍ඛති’ ඖදාරික වූ ආශ්වාස ප්‍රශ්වාස කායසංස්කාරය සන්සිඳුවමින් දැඩිව සන්සිඳුවමින් වළකාලමින් ව්‍යුපශමය කරමින් ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.

තත්‍රෙවං ඔළාරිකසුඛුමතා ච පස‍්සද‍්ධි ච වෙදිතබ‍්බා. ඉමස‍්ස හි භික‍්ඛුනො පුබ‍්බෙ අපරිග‍්ගහිතකාලෙ කායො ච චිත‍්තඤ‍්ච සදරථා හොන‍්ති. ඔළාරිකානං කායචිත‍්තානං ඔළාරිකත‍්තෙ අවූපසන‍්තෙ අස‍්සාසපස‍්සාසාපි ඔළාරිකා හොන‍්ති, බලවතරා හුත්‍වා පවත‍්තන‍්ති, නාසිකා නප‍්පහොති, මුඛෙන අස‍්සසන‍්තොපි පස‍්සසන‍්තොපි තිට‍්ඨති. යදා පනස‍්ස කායොපි චිත‍්තම‍්පි පරිග‍්ගහිතා හොන‍්ති, තදා තෙ සන‍්තා හොන‍්ති වූපසන‍්තා. තෙසු වූපසන‍්තෙසු අස‍්සාසපස‍්සාසා සුඛුමා හුත්‍වා පවත‍්තන‍්ති, “අත්‍ථි නු ඛො නත්‍ථී”ති විචෙතබ‍්බාකාරප‍්පත‍්තා හොන‍්ති. සෙය්‍යථාපි පුරිසස‍්ස ධාවිත්‍වා පබ‍්බතා වා ඔරොහිත්‍වා මහාභාරං වා සීසතො ඔරොපෙත්‍වා ඨිතස‍්ස ඔළාරිකා අස‍්සාසපස‍්සාසා හොන‍්ති, නාසිකා නප‍්පහොති, මුඛෙන අස‍්සසන‍්තොපි පස‍්සසන‍්තොපි තිට‍්ඨති. යදා පනෙස තං පරිස‍්සමං විනොදෙත්‍වා න‍්හත්‍වා ච පිවිත්‍වා ච අල‍්ලසාටකං හදයෙ කත්‍වා සීතාය ඡායාය නිපන‍්නො හොති, අථස‍්ස තෙ අස‍්සාසපස‍්සාසා සුඛුමා හොන‍්ති, “අත්‍ථි නු ඛො නත්‍ථී”ති විචෙතබ‍්බාකාරප‍්පත‍්තා. එවමෙව ඉමස‍්ස භික‍්ඛුනො පුබ‍්බෙ අපරිග‍්ගහිතකාලෙ කායො ච…පෙ… විචෙතබ‍්බාකාරප‍්පත‍්තා හොන‍්ති. තං කිස‍්ස හෙතු? තථා හිස‍්ස පුබ‍්බෙ අපරිග‍්ගහිතකාලෙ “ඔළාරිකොළාරිකෙ කායසඞ‍්ඛාරෙ පස‍්සම‍්භෙමී”ති ආභොගසමන‍්නාහාරමනසිකාරපච‍්චවෙක‍්ඛණා නත්‍ථි, පරිග‍්ගහිතකාලෙ පන අත්‍ථි. තෙනස‍්ස අපරිග‍්ගහිතකාලතො පරිග‍්ගහිතකාලෙ කායසඞ‍්ඛාරො සුඛුමො හොති. තෙනාහු පොරාණා –

එහි මෙසේ ඖදාරික සූක්‍ෂමභාවය ද ප්‍රශ්‍රබ්ධිය ද දතයුතුය. පෙර කමටහන් වැඩීමට පටන් නොගත් කාලයෙහි මේ මහණහුගේ කයත් සිතත් පරිදාහ සහිත වේ. ඖදාරික වූ කායචිත්තයන්ගේ ඖදාරිකභාවය නොසන්සිඳුනු කල්හි ආශ්වාස ප්‍රශ්වාසයෝ ද ඖදාරික වෙත්. ඉතා බලවත්ව පවතිත්. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ යෑම ඊමට නැහැය ද නොපෙහොනීය. මුඛයෙන් ආශ්වාස කරමින් ද ප්‍රශ්වාස කරමින් ද සිටියි. යම්කලෙක වනාහි මොහුගේ කාය චිත්තයෝ පරිගෘහිත වෙත්ද, කර්‍මස්ථාන වශයෙන් අරඹන ලද්දාහු වෙත් ද, එකල්හි ඒ සංස්කාරයෝ ශාන්ත වූවාහු සන්සිඳුනාහු වෙත්. ඔවුන් සන්සිඳුනු කල්හි ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම්ව පවතිත්. ඇත්තාහු ද, නැත්තාහුදැයි පරීක්‍ෂා කටයුතු ආකාරයට පැමිණියාහු වෙත්. දුවැවිත් හෝ කඳුමුදුනකින් බැස හෝ මහත් බරක් හිසින් බහා තබා හෝ සිටි පුරුෂයාගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ යම්සේ මහත් වූවාහු වෙත්ද, නැහැය ආශ්වාස ප්‍රශ්වාසයට නොපොහොනී ද, මුඛයෙන් ආශ්වාස කරමින් ද ප්‍රශ්වාස කරමින් ද සිටීද, යම්කලෙක වනාහි මෙතෙමේ ඒ විඩාව දුරුකොට නා පැන් බී තෙත් සළුවක් ලෙහි තබා සිහිල් සෙවණෙක හොත්තේ වේද, එකල්හි මොහුගේ ඒ ආශ්වාස ප්‍රශ්වාසයෝ සියුම් වූවාහු වෙත්. ඇත්තාහු ද, නැත්තාහුදැයි විමසා බැලියයුතු ආකාරයට පැමිණියාහු වෙත්. එපරිද්දෙන්ම කමටහන් අරඹන්නට පෙර මේ යෝගී මහණහුගේ කය ද සිත ද -පෙ- විමසා බැලිය යුතු ආකාරයට පැමිණ සිටියාහු වෙති. එයට හේතු කවරේ ද යත්:- එසේ මැ නු. මොහුට කමටහන් අරඹන්නට පෙර මහත් මහත් වූ සංස්කාරයන් සන්සිඳුවමියි ආභොගසමන්නාභාරමනස්කාර ප්‍රත්‍යවෙක්‍ෂා යන මොවුහු නැත්තාහ. කමටහන් ඇරඹූ කාලයෙහි ආභොගසමන්නාහාරමනස්කාර ප්‍රත්‍යවෙක්‍ෂාවෝ ඇත්තාහුය. එහෙයින් කමටහන් නොඇරඹූ කාලයට වඩා කමටහන් ඇරඹූ කාලයෙහි මොහුගේ කායසංස්කාරය සියුම් වේ. එහෙයින් පුරාතනයේ මෙසේ කීහු:-

“සාරද‍්ධෙ කායෙ චිත‍්තෙ ච, අධිමත‍්තං පවත‍්තති; අසාරද‍්ධම‍්හි කායම‍්හි, සුඛුමං සම‍්පවත‍්තතී”ති. (විසුද‍්ධි· 1.220; පටි· ම· අට‍්ඨ· 2.1.163);

‘කයත් සිතත් පරිදාහ සහිත කාලයෙහි ඉතා දැඩිව පවතී. කය ද සිත ද පරිදාහ රහිත කාලයෙහි සියුම්ව පවතී’යි

පරිග‍්ගහෙපි ඔළාරිකො, පඨමජ‍්ඣානූපචාරෙ සුඛුමො; තස‍්මිම‍්පි ඔළාරිකො පඨමජ‍්ඣානෙ සුඛුමො. පඨමජ‍්ඣානෙ ච දුතියජ‍්ඣානූපචාරෙ ච ඔළාරිකො, දුතියජ‍්ඣානෙ සුඛුමො. දුතියජ‍්ඣානෙ ච තතියජ‍්ඣානූපචාරෙ ච ඔළාරිකො, තතියජ‍්ඣානෙ සුඛුමො. තතියජ‍්ඣානෙ ච චතුත්‍ථජ‍්ඣානූපචාරෙ ච ඔළාරිකො, චතුත්‍ථජ‍්ඣානෙ අතිසුඛුමො අප‍්පවත‍්තිමෙව පාපුණාති. ඉදං තාව දීඝභාණකසංයුත‍්තභාණකානං මතං.

කමටහන් ඇරඹු කාලයෙහි ඖදාරික වූ කාසසංස්කාරය ප්‍රථමද්ධ්‍යානයාගේ උපචාරයෙහි සියුම් වේ. ප්‍රථමද්ධ්‍යානයාගේ උපචාරයෙහි ද ඖදාරික වූයේ ප්‍රථමද්ධ්‍යානයෙහි සියුම් වේ. ප්‍රථමද්ධ්‍යානයෙහි හා ද්විතීයද්ධ්‍යානයාගේ උපචාරයෙහි ඖදාරික වූයේ ද්වීතීයද්ධ්‍යානයෙහි සියුම් වේ. ද්විතීයද්ධ්‍යානයෙහි ද තෘතීයද්ධ්‍යානයාගේ උපචාරයෙහි ද ඖදාරික වූයේ තෘතීයද්ධ්‍යනයෙහි සියුම් වේ. තෘතීයද්ධ්‍යානයෙහි ද චතුර්‍ත්‍ථද්ධ්‍යානයාගේ උපචාරයෙහි ද ඖදාරික වූයේ චතුර්‍ත්‍ථද්ධ්‍යානයෙහි ඉතා සියුම් වේ. නොපැවැත්මටම පැමිණේ. මේ වනාහි දීඝභාණකසංයුත්තභානකයන්ගේ මතය වේ.

මජ‍්ඣිමභාණකා පන “පඨමජ‍්ඣානෙ ඔළාරිකො, දුතියජ‍්ඣානූපචාරෙ සුඛුමො”ති එවං හෙට‍්ඨිමහෙට‍්ඨිමජ‍්ඣානතො උපරූපරිජ‍්ඣානූපචාරෙපි සුඛුමතරං ඉච‍්ඡන‍්ති. සබ‍්බෙසංයෙව පන මතෙන අපරිග‍්ගහිතකාලෙ පවත‍්තකායසඞ‍්ඛාරො පරිග‍්ගහිතකාලෙ පටිප‍්පස‍්සම‍්භති, පරිග‍්ගහිතකාලෙ පවත‍්තකායසඞ‍්ඛාරො පඨමජ‍්ඣානූපචාරෙ…පෙ… චතුත්‍ථජ‍්ඣානූපචාරෙ පවත‍්තකායසඞ‍්ඛාරො චතුත්‍ථජ‍්ඣානෙ පටිප‍්පස‍්සම‍්භති. අයං තාව සමථෙ නයො.

මජ්ඣිමභාණකයෝ වනාහි ප්‍රථමද්ධ්‍යානයෙහි ඖදාරික වූයේ ද්විතීයද්ධ්‍යානයාගේ උපචාරයෙහි සියුම්යයි මෙසේ යට යට ධ්‍යානයන්ට වඩා මතු මතු ධ්‍යානයන්ගේ උපචාරයෙහි ද ඉතා සියුම්යි කැමැති වෙත්. සියල්ලන්ගේ මත විසින් වනාහි කමටහන් පටන් නොගත් කල්හි පැවැති කායසංස්කාරය කමටහන් පටන් ගත් කල්හි සන්සිඳී යන්නේය. කමටහන් පටන් ගත් කල්හි පැවැති කායසංස්කාරය ප්‍රථමද්ධ්‍යානයාගේ උපචාරයෙහි -පෙ චතුර්‍ත්‍ථද්ධ්‍යානයාගේ උපචාරයෙහි පැවැති කායසංස්කාරය චතුර්‍ත්‍ථද්ධ්‍යානයෙහි සන්සිඳී යන්නේය’යි ගතයුතුය. මේ වනාහි ශමථයෙහි ක්‍රමය වේ.

විපස‍්සනායං පන අපරිග‍්ගහෙ පවත‍්තො කායසඞ‍්ඛාරො ඔළාරිකො, මහාභූතපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, උපාදාරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, සකලරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, අරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, රූපාරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, පච‍්චයපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, සප‍්පච‍්චයනාමරූපපරිග‍්ගහෙ සුඛුමො. සොපි ඔළාරිකො, ලක‍්ඛණාරම‍්මණිකවිපස‍්සනාය සුඛුමො. සොපි දුබ‍්බලවිපස‍්සනාය ඔළාරිකො, බලවවිපස‍්සනාය සුඛුමො. තත්‍ථ පුබ‍්බෙ වුත‍්තනයෙනෙව පුරිමස‍්ස පුරිමස‍්ස පච‍්ඡිමෙන පච‍්ඡිමෙන පස‍්සද‍්ධි වෙදිතබ‍්බා. එවමෙත්‍ථ ඔළාරිකසුඛුමතා ච පස‍්සද‍්ධි ච වෙදිතබ‍්බා.

විදර්‍ශනාවෙහි වනාහි කමටහන් පටන් නොගත් කාලයෙහි පැවැති කායසංස්කාරය ඖදාරික වේ. මහාභූතපරිග්‍රහයෙහි සියුම් වේ. එ ද ඖදාරික වේ. උපාදාරූප්පරිග්‍රහයෙහි සියුම් වේ. එ ද ඖදාරික වේ. සකලරූපපරිග්‍රහයෙහි සියුම් වේ. එ ද ඖදාරික වේ. අරූපපරිග්‍රහයෙහි සියුම් වේ. එ ද ඖදාරික වේ. රූපාරූපපරිග්‍රහයෙහි සියුම් වේ. එ ද ඖදාරික වේ. ප්‍රත්‍යයපරිග්‍රහයෙහි සියුම් වේ. එ ද ඖදාරික වේ. සප්‍රත්‍යය නාමරූපපරිග්‍රහයෙහි සියුම් වේ. එ ද දුර්‍වල විදර්‍ශනාවෙහි ඖදාරික වේ. බලවත් විදර්‍ශනාවෙහි සියුම් වේ. එහි ‘අපරිග්ගහිත කාලෙ’ යනාදි වසයෙන් පෙර ශමථයෙහි කියූ නයින්ම පුරිම පුරිමයන්ගේ පශ්චිම පශ්චිමය සමග සන්සිඳීම දතයුතුය. මෙසේ මෙහි ඖදාරික සූක්‍ෂමභාව හා ප්‍රශ්‍රබධිය ද දතයුතුය.

පටිසම‍්භිදායං පනස‍්ස සද‍්ධිං චොදනාසොධනාහි එවමත්‍ථො වුත‍්තො – “කථං පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමි…පෙ… පස‍්සසිස‍්සාමී”ති සික‍්ඛති? කතමෙ කායසඞ‍්ඛාරා? දීඝං අස‍්සාසා කායිකා එතෙ ධම‍්මා කායප‍්පටිබද‍්ධා කායසඞ‍්ඛාරා, තෙ කායසඞ‍්ඛාරෙ පස‍්සම‍්භෙන‍්තො නිරොධෙන‍්තො වූපසමෙන‍්තො සික‍්ඛති. දීඝං පස‍්සාසා කායිකා එතෙ ධම‍්මා…පෙ… රස‍්සං අස‍්සාසා…පෙ… රස‍්සං පස‍්සාසා… සබ‍්බකායප‍්පටිසංවෙදී අස‍්සාසා… සබ‍්බකායප‍්පටිසංවෙදී පස‍්සාසා කායිකා එතෙ ධම‍්මා කායප‍්පටිබද‍්ධා කායසඞ‍්ඛාරා, තෙ කායසඞ‍්ඛාරෙ පස‍්සම‍්භෙන‍්තො නිරොධෙන‍්තො වූපසමෙන‍්තො සික‍්ඛති.

ප්‍රතිසම්භිදාවෙහි වනාහි ‘පස්සම්හයං කායසඞ්ඛාරං’ යන මේ පදයාගේ අනුයොගපරිහාරයන් සමග මෙසේ අර්‍ත්‍ථ කියන ලද්දේය: කායසංස්කාරයන් සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමි -පෙ- ප්‍රශ්වාස කරන්නෙමියි කෙසේ හික්මේද යත්:- කායසංස්කාරයෝ කවරහු ද යත්:- දීර්‍ඝාකාර ආශ්වාසයෝය. මේ ආශ්වාස සඞ්ඛ්‍යාත ධර්‍මයෝ කයෙහි වූහ. කායසන්නිශ්‍රිතයෝය. කයෙන් පිළියෙල කරන ලද්දෝය. ඒ කායසංස්කාරයන් සන්සිඳුවමින් අනුත්පාදනිරොධයට පමුණුවමින් මනාකොට ශාන්ත භාවයට පමුණුවමින් හික්මේ. දීර්‍ඝාකාර ප්‍රශ්වාසයෝ කයෙහි වූහ. මේ ප්‍රශ්වාස ධර්‍මයෝ -පෙ- භ්‍රස්වාකාර ආශ්වාසයෝ - භ්‍රස්වාකාර ප්‍රශ්වාසයෝ - සියලු ආශ්වාස ප්‍රශ්වාසකාය මොනවට වැටහීමෙන් නුවණැසින් දක්නාහුගේ ආශ්වාසයෝ සියලු ආශ්වාස ප්‍රශ්වාසකාය මොනවට වැටහීමෙන් නුවණැසින් දක්නහුගේ ප්‍රශ්වාසයෝ කයෙහි වූහ. මේ ආශ්වාස ප්‍රශ්වාස සඞ්ඛ්‍යාත ධර්‍මයෝ කායප්‍රතිබද්ධයහ. කයින් පිළියෙල කරණ ලද්දාහ. ඒ කායසංස්කාරයන් සන්සිඳුවමින් අනුත්පාද නිරොධයට පමුණුවමින් මනාකොට ශාන්තභාවයට පමුණුවමින් හික්මේ.

යථාරූපෙහි කායසඞ‍්ඛාරෙහි යා කායස‍්ස ආනමනා විනමනා සන‍්නමනා පණමනා ඉඤ‍්ජනා ඵන්‍දනා චලනා කම‍්පනා පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති.

යම්බඳු වූ ඖදාරික කායසංස්කාරයන් කරණකොට කායයාගේ යම් ඉදිරියට නැමීමෙක් දෙපසට නැමීමෙක් සියලු පසට මනාව නැමීමෙක් පිටට නැමීමෙක් වේ ද, ඉඤ්ජන එන්‍දන චලන කම්පනයෙක් වේද, ඉදිරියට නැමීම් ආදියට කරුණු වූ ඒ කායසංස්කාරයන් සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. කායසංස්කාරයන් සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ.

යථාරූපෙහි කායසඞ‍්ඛාරෙහි යා කායස‍්ස න ආනමනා න විනමනා න සන‍්නමනා න පණමනා අනිඤ‍්ජනා අඵන්‍දනා අචලනා අකම‍්පනා, සන‍්තං සුඛුමං පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති.

යම්බඳු වූ කායසංස්කාරයන් කරණකොට කායයාගේ යම් ඉදිරියට නො නැමීමෙක් දෙපසට නො නැමීමෙක් සියලු පසට මනාව නො නැමීමෙක් පිටට නො නැමීමෙක් වේද අනිඤ්ජන - අඵන්‍දන - අචලන - අකම්පනයෙක් වේද, ඒ ශාන්ත වූ සියුම් වූ කායසංස්කාරය සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ.

ඉති කිර පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමීති සික‍්ඛති, පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං සන‍්තෙ වාතූපලද‍්ධියා ච පභාවනා න හොති, අස‍්සාසපස‍්සාසානඤ‍්ච පභාවනා න හොති, ආනාපානස‍්සතියා ච පභාවනා න හොති, ආනාපානස‍්සතිසමාධිස‍්ස ච පභාවනා න න හොති, න ච නං තං සමාපත‍්තිං පණ‍්ඩිතා සමාපජ‍්ජන‍්තිපි වුට‍්ඨහන‍්තිපි.

මෙසේ කියූ ලෙසින් ඉතා සියුම් වූ කායසංස්කාරය සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ ඉතා සියුම් වූ කායසංස්කාරය සන්සිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මෙසේ ඇති කල්හි ආශ්වාසාදිවාතය අරමුණුකොට පවත්නා චිත්තයාගේ ඉපැත්ම පැවැත්ම නොවේ. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ඉපැත්ම පැවැත්ම නොවේ. ආනාපානලම්බන ස්මෘතියගේ ඉපැත්ම පැවැත්ම නොවේ. උක්තප්‍රකාර වූ සමාපත්තියට පණ්ඩිතයෝ සමවදනාහු ද නොවෙත්. නැගී සිටින්නාහු ද නොවෙත්.

ඉති කිර පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සසිස‍්සාමි…පෙ… පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. එවං සන‍්තෙ වාතූපලද‍්ධියා ච පභාවනා හොති, අස‍්සාසපස‍්සාසානඤ‍්ච පභාවනා හොති, ආනාපානස‍්සතියා ච පභාවනා හොති, ආනාපානස‍්සතිසමාධිස‍්ස ච පභාවනා හොති, තඤ‍්ච නං සමාපත‍්තිං පණ‍්ඩිතා සමාපජ‍්ජන‍්තිපි වුට‍්ඨහන‍්තිපි.

මෙසේ වනාහි කායසංස්කාරය සන්සිඳුවමින් ආශ්වාස කරන්නෙමි -පෙ- ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මෙසේ මේ සන්සිඳීම ඇති කල්හි ආශ්වාසාදිවාතය අරමුණුකොට පවත්නා ආනාපාන විෂය විඥානයාගේ පැවැත්ම වේ. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ද පැවැත්ම වේ. ආනාපානස්මෘතියගේ ද පැවැත්ම වේ. ආනාපානස්මෘති සමාධියගේ ද පැවැත්ම වේ. උක්තප්‍රකාර සමාපත්තියට පණ්ඩිතයෝ සමවදනාහු ද වෙත්. එයින් නැගී සිටින්නාහු ද වෙත්.

යථා කථං විය? සෙය්‍යථාපි කංසෙ ආකොටිතෙ පඨමං ඔළාරිකා සද‍්දා පවත‍්තන‍්ති, ඔළාරිකානං සද‍්දානං නිමිත‍්තං සුග‍්ගහිතත‍්තා සුමනසිකතත‍්තා සූපධාරිතත‍්තා නිරුද‍්ධෙපි ඔළාරිකෙ සද‍්දෙ අථ පච‍්ඡා සුඛුමකා සද‍්දා පවත‍්තන‍්ති, සුඛුමකානං සද‍්දානං නිමිත‍්තං සුග‍්ගහිතත‍්තා සුමනසිකතත‍්තා සූපධාරිතත‍්තා නිරුද‍්ධෙපි සුඛුමකෙ සද‍්දෙ අථ පච‍්ඡා සුඛුමසද‍්දනිමිත‍්තාරම‍්මණතාපි චිත‍්තං පවත‍්තති; එවමෙව පඨමං ඔළාරිකා අස‍්සාසපස‍්සාසා පවත‍්තන‍්ති, ඔළාරිකානං අස‍්සාසපස‍්සාසානං නිමිත‍්තං සුග‍්ගහිතත‍්තා සුමනසිකතත‍්තා සූපධාරිතත‍්තා නිරුද‍්ධෙපි ඔළාරිකෙ අස‍්සාසපස‍්සාසෙ අථ පච‍්ඡා සුඛුමකා අස‍්සාසපස‍්සාසා පවත‍්තන‍්ති, සුඛුමකානං අස‍්සාසපස‍්සාසානං නිමිත‍්තං සුග‍්ගහිතත‍්තා සුමනසිකතත‍්තා සූපධාරිතත‍්තා නිරුද‍්ධෙපි සුඛුමකෙ අස‍්සාසපස‍්සාසෙ අථ පච‍්ඡා සුඛුමඅස‍්සාසපස‍්සාසනිමිත‍්තාරම‍්මණතාපි චිත‍්තං න වික‍්ඛෙපං ගච‍්ඡති.

ඒ කුමක් මෙන් ද යත්:- කසුන් බඳුනකට ගැසූ කල්හි යම්සේ පළමුකොට එහි ඖදාරික ශබ්දයෝ පවතිත් ද, ඖදාරික ශබ්දයන්ගේ නිමිත්ත මනා කොට ගත් බැවින් මැනැවින් සිත්හි කළ බැවින් මැනැවින් විමසූ බැවින් ඒ ඖදාරික ශබ්දය නිරුද්ධව ගිය කල්හි ද නැවත පසුව සියුම් වූ ශබ්දයෝ පවතිත් ද, ඒ සියුම් වූ ශබ්දයන්ගේ නිමිත්ත මනාකොට ගත් බැවින් මැනැවින් සිත්හි කළ බැවින් මැනැවින් විමසූ බැවින් සියුම් ශබ්දය නිරුද්ධව ගිය කල්හි ද, නැවත පසුව සියුම් වූ ශබ්දයාගේ නිමිත්තාරම්මණතාවෙන් සිත පවතී ද, එපරිද්දෙන්ම පළමුකොට ඖදාරිකාශ්වාස ප්‍රශ්වාසයෝ පවතිත්. ඖදාරිකාශ්වාසප්‍රශ්වාසයන්ගේ නිමිත්ත මනාකොට ගත්බැවින් මැනැවින් සිත්හි කළ බැවින් මැනැවින් විමසූ බැවින් ඖදාරිකාශ්වාස ප්‍රශ්වාසයන් නිරුද්ධව ගිය කල්හි ද නැවත පසුව සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාසයෝ පවතිත්. සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නිමිත්ත මනාකොට ගත් බැවින් මැනැවින් සිත්හි කළ බැවින් මැනැවින් විමසූ බැවින් සියුම් ආශ්වාස ප්‍රශ්වාසයන් නිරුද්ධව ගිය කල්හි ද, නැවත පසුව සියුම් වූ ආශ්වාසප්‍රශ්වාස නිමිත්තාරම්මණතාවෙන් ද සිත වික්‍ෂෙපයට නොපැමිණේ.

එවං සන‍්තෙ වාතූපලද‍්ධියා ච පභාවනා හොති, අස‍්සාසපස‍්සාසානඤ‍්ච පභාවනා හොති, ආනාපානස‍්සතියා ච පභාවනා හොති, ආනාපානස‍්සතිසමාධිස‍්ස ච පභාවනා හොති, තඤ‍්ච නං සමාපත‍්තිං පණ‍්ඩිතා සමාපජ‍්ජන‍්තිපි වුට‍්ඨහන‍්තිපි.

මෙසේ ඇතිකල්හි ආශ්වාසාදිවාතාලම්බනයාගේ ද ඉපැත්ම පැවැත්ම වේ. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ඉපැත්ම පැවැත්ම වේ. ආනාපාන ස්මෘතියගේ ද ඉපැත්ම පැවැත්ම වේ. ආනාපානස්මෘතිසමාධියගේ ද ඉපැත්ම පැවැත්ම වේ. ඒ සමාපත්තියට පණ්ඩිතයෝ සමවදනාහු ද වෙත් එයින් නැගී සිටින්නාහු ද වෙත්.

පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරන‍්ති අස‍්සාසපස‍්සාසා කායො, උපට‍්ඨානං සති, අනුපස‍්සනා ඤාණං. කායො උපට‍්ඨානං නො සති, සති උපට‍්ඨානඤ‍්චෙව සති ච, තාය සතියා තෙන ඤාණෙන තං කායං අනුපස‍්සති. තෙන වුච‍්චති – “කායෙ කායානුපස‍්සනා සතිපට‍්ඨානභාවනාති (පටි· ම· 1.171).

‘පස්සම්භයං කායසඞ්ඛාරං’ යන මෙහි ආශ්වාසප්‍රශ්වාසයෝ කාය නම් වෙති. එළැඹැ සිටීම ස්මෘතියය. අනුකූල දර්‍ශනය ඥානයය. කය උපස්ථාන නම. ස්මෘතිය නොවේ ස්මෘතිය උපස්ථාන ද ස්මෘතිය ද වේ. ඒ ස්මෘතියෙන් ඒ ඥානයෙන් ඒ කය නැවත නැවත බලන්නේ ද එහෙයින් ‘කායෙ කායානුපස්සනාසතිපට්ඨාන භාවනා’යි කියනු ලැබේ.

අයං තාවෙත්‍ථ කායානුපස‍්සනාවසෙන වුත‍්තස‍්ස පඨමචතුක‍්කස‍්ස අනුපුබ‍්බපදවණ‍්ණනා.

මේ වනාහි මෙහි පළමුකොට කායානුපස්සනා වසයෙන් කියූ ප්‍රථම චතුෂ්කය පිළිබඳ අනුපූර්‍වපදවර්‍ණනායි දතයුතුය.

යස‍්මා පනෙත්‍ථ ඉදමෙව චතුක‍්කං ආදිකම‍්මිකස‍්ස කම‍්මට‍්ඨානවසෙන වුත‍්තං, ඉතරානි පන තීණි චතුක‍්කානි එත්‍ථ පත‍්තජ‍්ඣානස‍්ස වෙදනාචිත‍්තධම‍්මානුපස‍්සනාවසෙන වුත‍්තානි, තස‍්මා ඉදං කම‍්මට‍්ඨානං භාවෙත්‍වා ආනාපානස‍්සතිචතුත්‍ථජ‍්ඣානපදට‍්ඨානාය විපස‍්සනාය සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිතුකාමෙන බුද‍්ධපුත‍්තෙන යං කාතබ‍්බං තං සබ‍්බං ඉධෙව තාව ආදිකම‍්මිකස‍්ස කුලපුත‍්තස‍්ස වසෙන ආදිතො පභුති එවං වෙදිතබ‍්බං. චතුබ‍්බිධං තාව සීලං විසොධෙතබ‍්බං. තත්‍ථ තිවිධා විසොධනා – අනාපජ‍්ජනං, ආපන‍්නවුට‍්ඨානං, කිලෙසෙහි ච අප‍්පතිපීළනං. එවං විසුද‍්ධසීලස‍්ස හි භාවනා සම‍්පජ‍්ජති. යම‍්පිදං චෙතියඞ‍්ගණවත‍්තං බොධියඞ‍්ගණවත‍්තං උපජ‍්ඣායවත‍්තං ආචරියවත‍්තං ජන‍්තාඝරවත‍්තං උපොසථාගාරවත‍්තං ද‍්වෙඅසීති ඛන්‍ධකවත‍්තානි චුද‍්දසවිධං මහාවත‍්තන‍්ති ඉමෙසං වසෙන ආභිසමාචාරිකසීලං වුච‍්චති, තම‍්පි සාධුකං පරිපූරෙතබ‍්බං. යො හි “අහං සීලං රක‍්ඛාමි, කිං ආභිසමාචාරිකෙන කම‍්ම”න‍්ති වදෙය්‍ය, තස‍්ස සීලං පරිපූරෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. ආභිසමාචාරිකවත‍්තෙ පන පරිපූරෙ සීලං පරිපූරති, සීලෙ පරිපූරෙ සමාධි ගබ‍්භං ගණ‍්හාති. වුත‍්තඤ‍්හෙතං භගවතා – “සො වත, භික‍්ඛවෙ, භික‍්ඛු ආභිසමාචාරිකං ධම‍්මං අපරිපූරෙත්‍වා ‘සීලානි පරිපූරෙස‍්සතී’ති නෙතං ඨානං විජ‍්ජතී”ති (අ· නි· 5.21) විත්‍ථාරෙතබ‍්බං. තස‍්මා තෙන යම‍්පිදං චෙතියඞ‍්ගණවත‍්තාදි ආභිසමාචාරිකසීලං වුච‍්චති, තම‍්පි සාධුකං පරිපූරෙතබ‍්බං. තතො –

යම් හෙයකින් වනාහි මෙහි මෙම චතුෂ්කය ආදිකර්මිකයාගේ කර්‍මස්ථාන වශයෙන් කියන ලද්දේ ද, අනෙක් තුන් චතුෂ්කයෝ මෙහි පැමිණ ධ්‍යාන ඇත්තහුට වෙදනානුපස්සනා - චිත්තානුපස්සනා - ධම්මානුපස්සනා වශයෙන් කියන ලද්දාහු ද එහෙයින් මේ කමටහන වඩා ආනාපානයෙහි උපදවාගත් චතුර්‍ත්‍ථද්ධ්‍යානය පාදකකොට ඇති විදර්‍ශනාවෙන් සිවුපිළිසැඹියාවන් සමග රහත්බවට පැමිණෙනු කැමැති බුද්ධපුත්‍රයා විසින් යමක් කටයුතුද, ඒ සියල්ල මෙහිම ආදිකර්මික කුලපුත්‍රයාගේ වසයෙන් මුල පටන් මෙසේ දතයුතුය. පළමුකොට ප්‍රාතිමොක්‍ෂසංවරාදි චතුර්විධ ශීලය පිරිසිදු කළයුතුය. එහි චතුර්විධ ශීලවිශොධනයෙහි සප්තාපත්තිස්කන්‍ධයන්ගෙන් එක්තරා එකකට ද නො පැමිණීම, පැමිණියා වූ ආපත්තීන්ගෙන් දෙසීමෙන් හා පිරිවෙස් ඈ පිරීමෙන් නැගී සිටීම, ක්‍රොධාදික්ලෙශයන්ගෙන් නොපෙළීමැයි විශොධනාව තෙපරිදි වන්නීය. මෙසේ ඉතා පිරිසිදු සිල් ඇත්තාහුගේම භාවනා තොමෝ සමෘද්ධ වන්නීය. වෙතියඞ්ගණවත්ත -බොධියඞ්ගණවත්ත - උපජ්ඣායවත්ත - ආචරියවත්ත - ජනතාඝරවත්ත - උපොසථාගාරවත්ත - දෙයසූ ඛන්‍ධකවත්ත - තුදුස්වැදෑරුම් මහාවත්ත - ආගන්තුකවත්ත යන මොවුන්ගේ වසයෙන් යම් මේ ආභිසමාචාරික සීලයක් කියනු ලැබේ ද, එ ද මනාකොට පිරිය යුතුය. යමෙක් වනාහි ‘මම සිල් රකිමි, ආභිසමාචාරිකයෙන් කවර වැඩෙක් දැ’යි කියන්නේ නම් ඔහුගේ ශීලය පිරෙන්නේය, යන මේ කාරණය නොදන්නේය ආභිසමාචාරය පිළිබඳ වත් පිරූ කල්හි ශීලය පිරෙන්නේය. ශීලය පිරී සිටි කල්හි සමාධිය ගැබ් ගන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සො වත භික්‍ඛවෙ භික්‍‍‍ඛු ආභිසමාචාරිකං ධම්මං අපරිපූරෙත්‍වා සීලානි පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති’ යන මෙය වදාරණ ලද්දේය. මෙය විස්තර කටයුතුය. කරුණු මෙසේ බැවින් ඔහු විසින් යම් මේ චෙතියඞ්ගණවත්තාදිය ආභිසමාචාරිකශීලයයි කියනු ලැබේ ද, එ ද මනාකොට පිරිය යුතුය.

“ආවාසො ච කුලං ලාභො, ගණො කම‍්මඤ‍්ච පඤ‍්චමං; අද‍්ධානං ඤාති ආබාධො, ගන්‍ථො ඉද‍්ධීති තෙ දසා”ති.

එයින් මතු ආවාසපළිබොධ - කුලපළිබොධ - ලාභපළිබොධ - ගණපළිබොධ - පස්වනකම්මපළිබොධ - අද්ධානපළිබොධ - ඤාතිපළිබොධ - ආබාධපළිබොධ ගන්‍ථපළිබොධ - ඉද්ධිපළිබොධ යන ඔවුහු දස පළිබොධයෝයි.

එවං වුත‍්තෙසු දසසු පලිබොධෙසු යො පලිබොධො අත්‍ථි, සො උපච‍්ඡින්‍දිතබ‍්බො.

මෙසේ කියන ලද දස පළිබොධයන් අතුරෙහි යම් පළිබොධයක් ඇත්තේ ද ඒ පළිබොධය සිඳහළ යුතුය.

එවං උපච‍්ඡින‍්නපලිබොධෙන කම‍්මට‍්ඨානං උග‍්ගහෙතබ‍්බං. තම‍්පි දුවිධං හොති – සබ‍්බත්‍ථකකම‍්මට‍්ඨානඤ‍්ච පාරිහාරියකම‍්මට‍්ඨානඤ‍්ච. තත්‍ථ සබ‍්බත්‍ථකකම‍්මට‍්ඨානං නාම භික‍්ඛුසඞ‍්ඝාදීසු මෙත‍්තා මරණස‍්සති ච අසුභසඤ‍්ඤාතිපි එකෙ. කම‍්මට‍්ඨානිකෙන හි භික‍්ඛුනා පඨමං තාව පරිච‍්ඡින්‍දිත්‍වා සීමට‍්ඨකභික‍්ඛුසඞ‍්ඝෙ මෙත‍්තා භාවෙතබ‍්බා; තතො සීමට‍්ඨකදෙවතාසු, තතො ගොචරගාමෙ ඉස‍්සරජනෙ, තතො තත්‍ථ මනුස‍්සෙ උපාදාය සබ‍්බසත‍්තෙසු. සො හි භික‍්ඛුසඞ‍්ඝෙ මෙත‍්තාය සහවාසීනං මුදුචිත‍්තතං ජනෙති, අථස‍්ස සුඛසංවාසතා හොති. සීමට‍්ඨකදෙවතාසු මෙත‍්තාය මුදුකතචිත‍්තාහි දෙවතාහි ධම‍්මිකාය රක‍්ඛාය සුසංවිහිතාරක‍්ඛො හොති. ගොචරගාමෙ ඉස‍්සරජනෙ මෙත‍්තාය මුදුකතචිත‍්තසන‍්තානෙහි ඉස‍්සරෙහි ධම‍්මිකාය රක‍්ඛාය සුරක‍්ඛිතපරික‍්ඛාරො හොති. තත්‍ථ මනුස‍්සෙසු මෙත‍්තාය පසාදිතචිත‍්තෙහි තෙහි අපරිභූතො හුත්‍වා විචරති. සබ‍්බසත‍්තෙසු මෙත‍්තාය සබ‍්බත්‍ථ අප‍්පටිහතචාරො හොති.

මෙසේ සිඳහළ පළිබොධ ඇත්තහු විසින් කමටහන් උගත යුතුය. ඒ කමටහන, සබ්බත්‍ථක කම්මට්ඨාන - පාරිහාරීය කම්මට්ඨාන යි දෙවැදැරුම් වේ. එහි භික්‍ෂු සඞ්ඝාදීන් කෙරෙහි මෛත්‍රිය ද මරණානුස්මෘතිය ද යන මේ දෙක සබ්බත්‍ථක කම්මට්ඨාන නම් වේ. ඇතැම් කෙනෙක් අශුභසංඥා යි කියත්. කමටහන්හි යෙදී ගත් මහණහු විසින් පළමුකොට වනාහි පිරිසිඳ ගෙන සීමාවෙහි සිටි භික්‍ෂු සඞ්ඝයා කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතුය. ඉනික්බිති සීමාවෙහි සිටි දෙවතාවන් කෙරෙහි ද, ඉන්පසු ගොදුරු ගමෙහි ඊශ්වර ජනයා කෙරෙහි ද, ඉන්පසු එහි මිනිසුන් පටන් සියලු සත්ත්‍වයන් කෙරෙහි ද මෛත්‍රිය වැඩිය යුතුය. ඒ යෝගාවචර මහණ තෙමේ භික්‍ෂු සඞ්ඝයා කෙරෙහි කළ මෛත්‍රිය කරණකොට එක්ව වසන මහණුන්ගේ සිත්හි මොළොක් බව උපදවයි. එකල්හි ඔහුගේ සැපසේ වසන බව වේ. සීමාවෙහි සිටි දෙවතාවන් කෙරෙහි කළ මෛත්‍රිය කරණ කොට මොළොක් සිත් ඇති දෙවතාවන් විසින් දැහැමි රැකුමෙන් මැනැවින් කළ රැකුම් ඇත්තේ වේ. ගොදුරුගම්හි ඊශ්වර ජනයන් කෙරෙහි කළ මෛත්‍රිය කරණකොට මොළොක්ව ගිය සිත් සතන් ඇති ඊශ්වර ජනයන් විසින් දැහැමි රැකුමෙන් මොනවට රක්නා ලද පිරිකර ඇත්තේ වේ. එහි මිනිසුන් විසින් නොපෙළන ලද්දෙක්ව හැසිරෙන්නේය. සියලු සත්ත්‍වයන් කෙරෙහි කළ මෛත්‍රිය කරණකොට සියලු තන්හි නො පැකුළුණු හැසිරීම් ඇත්තේ වේ.

මරණස‍්සතියා පන “අවස‍්සං මරිතබ‍්බ”න‍්ති චින‍්තෙන‍්තො අනෙසනං පහාය උපරූපරිවඩ‍්ඪමානසංවෙගො අනොලීනවුත‍්තිකො හොති. අසුභසඤ‍්ඤාය දිබ‍්බෙසුපි ආරම‍්මණෙසු තණ‍්හා නුප‍්පජ‍්ජති. තෙනස‍්සෙතං තයං එවං බහූපකාරත‍්තා “සබ‍්බත්‍ථ අත්‍ථයිතබ‍්බං ඉච‍්ඡිතබ‍්බ”න‍්ති කත්‍වා අධිප‍්පෙතස‍්ස ච යොගානුයොගකම‍්මස‍්ස පදට‍්ඨානත‍්තා “සබ‍්බත්‍ථකකම‍්මට‍්ඨාන”න‍්ති වුච‍්චති.

මරණසතිය කරණකොට වනාහි ‘එකාන්තයෙන් මළයුතුය’යි සිතන්නේ එක්විසි අනෙසන හැරපියා මතු මතුවෙහි වැඩෙන සංවෙග ඇත්තේ මනා පිළිවෙත්හි ඇරඹූ වැර ඇත්තේ වේ. අශුභ සංඥාව කරණකොට දිව්‍යාලම්බනයන්හි ද තෘෂ්ණාව නො උපදියි. එහෙයින් මොහුගේ මේ තුන, මෙසේ බොහෝ උපකාර බැවින් ‘සියලු ශ්‍රමණ කාර්‍ය්‍යයන්හි පැතිය යුතුය. කැමැති විය යුතුය’යි කොට අදහස් කළ යෝගීහුගේ භාවනාවෙහි එක්වන් යෙදෙන ඒ යොගානුයොග කර්‍මයට නිෂ්පත්ති හෙතු බැවින් සබ්බත්‍ථක කම්මට්ඨානයි කියනු ලැබේ.

අට‍්ඨතිංසාරම‍්මණෙසු පන යං යස‍්ස චරිතානුකූලං, තං තස‍්ස නිච‍්චං පරිහරිතබ‍්බත‍්තා යථාවුත‍්තෙනෙව නයෙන “පාරිහාරියකම‍්මට‍්ඨාන”න‍්තිපි වුච‍්චති. ඉධ පන ඉදමෙව ආනාපානස‍්සාතිකම‍්මට‍්ඨානං “පාරිහාරියකම‍්මට‍්ඨාන”න‍්ති වුච‍්චති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන සීලවිසොධනකථං පලිබොධුපච‍්ඡෙදකථඤ‍්ච ඉච‍්ඡන‍්තෙන විසුද‍්ධිමග‍්ගතො ගහෙතබ‍්බො.

අටතිස් අරමුණු අතුරෙහි යම් අරමුණක් යමක්හුගේ චරිතයට අනුකූල වේ ද, ඒ අරමුණ ඔහු විසින් නිරතුරුව යථොක්ත නයින්ම පරිහරණය කටයුතු බැවින් පාරිහාරීයකම්මට්ඨානයි ද කියනු ලැබේ. මෙහි වනාහි මේ ආනාපානසතිකම්මට්ඨානයම පාරිහාරියකම්මට්ඨානයි කියනු ලැබේ. මේ මෙහි කෙටි කතාය. විස්තරය වනාහි සීලවිසොධනකථාව ද පළිබොධුපච්ඡෙදකථාව ද දැනගනු කැමැත්තහු විසින් විශුද්ධි මාර්‍ගයෙන් දතයුතුය.

එවං විසුද‍්ධසීලෙන පන උපච‍්ඡින‍්නපලිබොධෙන ච ඉදං කම‍්මට‍්ඨානං උග‍්ගණ‍්හන‍්තෙන ඉමිනාව කම‍්මට‍්ඨානෙන චතුත්‍ථජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත‍්තස‍්ස බුද‍්ධපුත‍්තස‍්ස සන‍්තිකෙ උග‍්ගහෙතබ‍්බං. තං අලභන‍්තෙන අනාගාමිස‍්ස, තම‍්පි අලභන‍්තෙන සකදාගාමිස‍්ස, තම‍්පි අලභන‍්තෙන සොතාපන‍්නස‍්ස, තම‍්පි අලභන‍්තෙන ආනාපානචතුත්‍ථජ‍්ඣානලාභිස‍්ස, තම‍්පි අලභන‍්තෙන පාළියා අට‍්ඨකථාය ච අසම‍්මූළ‍්හස‍්ස විනිච‍්ඡයාචරියස‍්ස සන‍්තිකෙ උග‍්ගහෙතබ‍්බං. අරහන‍්තාදයො හි අත‍්තනා අධිගතමග‍්ගමෙව ආචික‍්ඛන‍්ති. අයං පන ගහනපදෙසෙ මහාහත්‍ථිපථං නීහරන‍්තො විය සබ‍්බත්‍ථ අසම‍්මූළ‍්හො සප‍්පායාසප‍්පායං පරිච‍්ඡින්‍දිත්‍වා කථෙති.

මෙසේ පිරිසිදු සිල් ඇති සිඳහළ පළිබොධ ඇති මේ කමටහන උගන්නහු විසින් මේ කමටහනින්ම චතුර්‍ත්‍ථද්ධ්‍යානය උපදවා විදසුන් වඩා රහත්බවට පැමිණි බුද්ධ පුත්‍රයක්හුගේ සමීපයෙහිම මෙය උගත යුතුය. රහත්වූවකු නො ලබන්නහු විසින් අනැගැමියක්හුගේ ද, අනැගැමියකු නොලබන්නහු විසින් සෙදගැමියකුගේ ද, සෙදගැමියකු නොලබන්නහු විසින් සෝවාන් වූවක්හුගේ ද, සෝවාන්වූවකු නොලබන්නහු විසින් ආනාපානචතුර්‍ත්‍ථද්ධ්‍යානලාභියක්හුගේ ද, චතුර්‍ත්‍ථද්ධ්‍යානලාභියකු නොලබන්නහු විසින් පෙළෙහි හා අටුවාවෙහි නො මුළා වූ විනිශ්චයාචාර්‍ය්‍යයක්හුගේ සමීපයෙහි උගත යුතුය. රහත් ආදීහු තමන් ගිය මගම කියත්. මෙතෙමේ වනාහි ගස් ගල් ආදිය ගහන පෙදෙසක කර්‍මස්ථානවීථිය මහාහස්තිපථයක් කොට දක්වන්නකු මෙන් හැම තැන නො මුළා වූයේ උපකාරානුපකාරයුක්තිමාර්‍ගය පිරිසිඳ කියාලන්නේය.

තත්‍රායං අනුපුබ‍්බිකථා – තෙන භික‍්ඛුනා සල‍්ලහුකවුත‍්තිනා විනයාචාරසම‍්පන‍්නෙන වුත‍්තප‍්පකාරමාචරියං උපසඞ‍්කමිත්‍වා වත‍්තපටිපත‍්තියා ආරාධිතචිත‍්තස‍්ස තස‍්ස සන‍්තිකෙ පඤ‍්චසන්‍ධිකං කම‍්මට‍්ඨානං උග‍්ගහෙතබ‍්බං. තත්‍රිමෙ පඤ‍්ච සන්‍ධයො – උග‍්ගහො, පරිපුච‍්ඡා, උපට‍්ඨානං, අප‍්පනා, ලක‍්ඛණන‍්ති. තත්‍ථ “උග‍්ගහො” නාම කම‍්මට‍්ඨානස‍්ස උග‍්ගණ‍්හනං, “පරිපුච‍්ඡා” නාම කම‍්මට‍්ඨානස‍්ස පරිපුච‍්ඡනා, “උපට‍්ඨානං” නාම කම‍්මට‍්ඨානස‍්ස උපට‍්ඨානං, “අප‍්පනා” නාම කම‍්මට‍්ඨානප‍්පනා, “ලක‍්ඛණං” නාම කම‍්මට‍්ඨානස‍්ස ලක‍්ඛණං. “එවංලක‍්ඛණමිදං කම‍්මට‍්ඨාන”න‍්ති කම‍්මට‍්ඨානසභාවූපධාරණන‍්ති වුත‍්තං හොති.

එහි මේ අනුපූර්‍වකථා තොමෝය:- සැහැල්ලු පැවතුම් ඇති විනයාචාරයෙන් යුක්ත වූ ඒ මහණහු විසින් කියූ ආකාර ඇති ආචාර්‍ය්‍යවරයකු වෙත එළැඹ වත්පිළිවෙතින් සතුටු කළ සිත් ඇති ඒ ආචාර්‍ය්‍යවරයාගේ සමීපයෙහි පඤ්චසන්‍ධික කර්‍මස්ථානය උගත යුතුය. එහි උදග්‍රහ - පරිපෘච්ඡා උපස්ථාන - අර්‍පණා ලක්‍ෂණ යන මොවුහු පඤ්චසන්‍ධීහුය. එහි උදග්‍රහ නම් කමටහන් උගෙනීමය. පරිපෘච්ඡා නම් කමටහන් විචාරීමය. උපස්ථාන නම් කමටහන් නිමිති වැටහීමය. අර්‍පණා නම් මෙසේ කර්‍මස්ථානයට පැමිණේයයි කර්‍මස්ථානයට පැමිණීමය. ලක්‍ෂණ නම් කර්‍මස්ථානයාගේ ස්වභාවයයි. මේ කර්‍මස්ථානය මෙසේ ලක්‍ෂණැයි කර්‍මස්ථානය පිළිබඳ ස්වභාවයයි. මේ කර්‍මස්ථානය මෙසේ ලක්‍ෂණැයි කර්‍මස්ථානය පිළිබඳ ස්වභාවය සැලකීමයයි කියන ලද්දේ වේ.

එවං පඤ‍්චසන්‍ධිකං කම‍්මට‍්ඨානං උග‍්ගණ‍්හන‍්තො අත‍්තනාපි න කිලමති, ආචරියම‍්පි න විහෙඨෙති; තස‍්මා ථොකං උද‍්දිසාපෙත්‍වා බහුකාලං සජ‍්ඣායිත්‍වා එවං පඤ‍්චසන්‍ධිකං කම‍්මට‍්ඨානං උග‍්ගහෙත්‍වා සචෙ තත්‍ථ සප‍්පායං හොති, තත්‍ථෙව වසිතබ‍්බං. නො චෙ තත්‍ථ සප‍්පායං හොති, ආචරියං ආපුච‍්ඡිත්‍වා සචෙ මන්‍දපඤ‍්ඤො යොජනපරමං ගන‍්ත්‍වා, සචෙ තික‍්ඛපඤ‍්ඤො දූරම‍්පි ගන‍්ත්‍වා අට‍්ඨාරසසෙනාසනදොසවිවජ‍්ජිතං, පඤ‍්චසෙනාසනඞ‍්ගසමන‍්නාගතං සෙනාසනං උපගම‍්ම තත්‍ථ වසන‍්තෙන උපච‍්ඡින‍්නඛුද‍්දකපලිබොධෙන කතභත‍්තකිච‍්චෙන භත‍්තසම‍්මදං පටිවිනොදෙත්‍වා රතනත‍්තයගුණානුස‍්සරණෙන චිත‍්තං සම‍්පහංසෙත්‍වා ආචරියුග‍්ගහතො එකපදම‍්පි අසම‍්මුස‍්සන‍්තෙන ඉදං ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං මනසිකාතබ‍්බං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන ඉමං කථාමග‍්ගං ඉච‍්ඡන‍්තෙන විසුද‍්ධිමග‍්ගතො (විසුද‍්ධි· 1.55) ගහෙතබ‍්බො.

මෙසේ කොටස් පසකින් යුත් කමටහන උගන්නේ තෙමේ ද වෙහෙසට පත් නොවේ. ආචාර්‍ය්‍යයා ද නො වෙහෙසයි. එහෙයින් මදක් උදෙසවා ගෙණ බොහෝ කලක් හදාරා මෙසේ කොටස් පසකින් යුත් කමටහන උගෙණ ඉදින් එහි සත්ප්‍රාය වේ නම් එහිම විසිය යුතුය. ඉදින් එහි සත්ප්‍රාය නොවේ නම් ඇදුරහු විචාරා මද නුවණැත්තේ වේ නම් යොදුනක් පරම කොට ඇති තන්හි ගොස්, ඉදින් තියුණු නුවණැත්තේ වේ නම් දුර ද ගොස් අටළොස් සෙනසුන් දොසින් දුරු වූ පස් සෙනසුන් අඟින් යුක්ත වූ සෙනසුනක් කරා එළැඹ සිඳහළ කුඩා පළිබොධ ඇතිව කළ බත් කිස ඇතිව එහි වසන්නහු විසින් බත් මත සන්සිඳුවා තෙරුවන් ගුණ සිහිකිරීමෙන් සිත පහදවා ගෙන ඇදුරහු වෙතින් උගත් භාවනා විධීන්ගෙන් එක් පදයකුදු මුළා නො කරන්නහු විසින් මේ ආනාපානසතිකම්මට්ඨානය මෙනෙහි කළ යුතුය. මෙහි මේ සඞ්ක්‍ෂෙපකථාය. මෙහි විස්තරය මේ කථා මාර්‍ගය දැනගනු කැමැත්තහු විසින් විශුද්ධිමාර්‍ගයෙන් දතයුතුය.

යං පන වුත‍්තං “ඉදං ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං මනසිකාතබ‍්බ”න‍්ති තත්‍රායං මනසිකාරවිධි –

‘මේ ආනාපානසතිකම්මට්ඨානය සිත්හි කටයුතුය’යි යමක් කියනලද ද එහි මේ මනස්කාර විධියයි:-

“ගණනා අනුබන්‍ධනා, ඵුසනා ඨපනා සල‍්ලක‍්ඛණා; විවට‍්ටනා පාරිසුද‍්ධි, තෙසඤ‍්ච පටිපස‍්සනා”ති. (විසුද‍්ධි· 1.223; පටි· ම· අට‍්ඨ· 2.1.163);

‘ගණනා අනුබන්‍ධනා - ඵුසනා ඨපනා සල්ලක්‍ඛණා, විවට්ටනා පාරිසුද්ධි - තෙසඤ්ච පතිපස්සනා’ති

“ගණනා”ති ගණනායෙව. “අනුබන්‍ධනා”ති අනුවහනා. “ඵුසනා”ති ඵුට‍්ඨට‍්ඨානං. “ඨපනා”ති අප‍්පනා. “සල‍්ලක‍්ඛණා”ති විපස‍්සනා. “විවට‍්ටනා”ති මග‍්ගො. “පාරිසුද‍්ධී”ති ඵලං. “තෙසඤ‍්ච පටිපස‍්සනා”ති පච‍්චවෙක‍්ඛණා. තත්‍ථ ඉමිනා ආදිකම‍්මිකකුලපුත‍්තෙන පඨමං ගණනාය ඉදං කමට‍්ඨානං මනසිකාතබ‍්බං. ගණෙන‍්තෙන ච පඤ‍්චන‍්නං හෙට‍්ඨා න ඨපෙතබ‍්බං, දසන‍්නං උපරි න නෙතබ‍්බං, අන‍්තරෙ ඛණ‍්ඩං න දස‍්සෙතබ‍්බං. පඤ‍්චන‍්නං හෙට‍්ඨා ඨපෙන‍්තස‍්ස හි සම‍්බාධෙ ඔකාසෙ චිත‍්තුප‍්පාදො විප‍්ඵන්‍දති, සම‍්බාධෙ වජෙ සන‍්නිරුද‍්ධගොගණො විය. දසන‍්නං උපරි නෙන‍්තස‍්ස ගණනානිස‍්සිතොව චිත‍්තුප‍්පාදො හොති. අන‍්තරා ඛණ‍්ඩං දස‍්සෙන‍්තස‍්ස “සිඛාප‍්පත‍්තං නු ඛො මෙ කම‍්මට‍්ඨානං, නො”ති චිත‍්තං විකම‍්පති. තස‍්මා එතෙ දොසෙ වජ‍්ජෙත්‍වා ගණෙතබ‍්බං.

එහි ගණනා නම් ගිණීමමය. අනුබන්‍ධනා නම් ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ අනුගමන වසයෙන් නිරතුරුව සිහියට අනුව පැවැත්මය. ඵුසනා නම් ආශ්වාස ප්‍රශ්වාසයන් විසින් පැහැසූ තැනය. ඨපනා නම් සිත මනාකොට අරමුණෙහි තැබීමය. සල්ලක්‍ඛණා නම් විදර්‍ශනාය. විවට්ටනා නම් මාර්‍ගයය. පාරිසුද්ධි නම් ඵලයය. ‘තෙසඤ්ච පතිපස්සනා’ යනු ඔවුන්ගේම නැවත නැවත බැලීමය. එහි මේ ආදිකර්මික කුලපුත්‍රයා විසින් පළමුකොට ගණනින් මේ කර්‍මස්ථානය මෙනෙහි කටයුතුය. ගණින්නහු විසින් ද පස් කොටසින් යට නො තැබිය යුතුය. දස කොටසින් උඩට නොපැමිණවිය යුතුය. මේ අතර එක, තුන, පස යි ගණන් කැඩීම නො දැක්විය යුතුය. පසකින් යට ගණන් තබන්නහුට සම්බාධ වූ ගණනවීථිසඞ්ඛ්‍යාත අවකාශයෙහි චිත්තොත්පාදය සැලෙන්නේය. ඉඩ පහසු රහිත වූ ගාලෙක සිරකර තැබූ ගෙරි සමූහයක් මෙනි. දසයකින් උඩට පමුණු වන්නට චිත්තොත්පාදය කමටහන් ඇසුරු නොකොට ගණනම ඇසුරුකොට පවත්නේය. අතර කඩ දක්වන්නහුගේ සිත ‘මාගේ කර්‍මස්ථානය මුදුන් පැමිණියේ ද, නො පැමිණියේදැ’යි කම්පිත වන්නේය. එහෙයින් මේ දොෂයන් දුරු කොට ගිණිය යුතුය.

ගණෙන‍්තෙන ච පඨමං දන්‍ධගණනාය ධඤ‍්ඤමාපකගණනාය ගණෙතබ‍්බං. ධඤ‍්ඤමාපකො හි නාළිං පූරෙත්‍වා “එක”න‍්ති වත්‍වා ඔකිරති. පුන පූරෙන‍්තො කිඤ‍්චි කචවරං දිස‍්වා තං ඡඩ‍්ඩෙන‍්තො “එකං එක”න‍්ති වදති. එස නයො “ද‍්වෙ ද‍්වෙ”තිආදීසු. එවමෙව ඉමිනාපි අස‍්සාසපස‍්සාසෙසු යො උපට‍්ඨාති තං ගහෙත්‍වා “එකං එක”න‍්ති ආදිංකත්‍වා යාව “දස දසා”ති පවත‍්තමානං පවත‍්තමානං උපලක‍්ඛෙත්‍වාව ගණෙතබ‍්බං. තස‍්සෙවං ගණයතො නික‍්ඛමන‍්තා ච පවිසන‍්තා ච අස‍්සාසපස‍්සාසා පාකටා හොන‍්ති.

ගණින්නහු විසින් ද පළමුකොට සෙමින් ගිණීමයි කියූ වී මණින්නහුගේ ගණනින් ගිණිය යුතුය. වී මණින්නේ වනාහි නැළිය පුරවා එකයි කියා නැළියෙහි තුබූ වී බහාලන්නේය. නැවත නැලියෙහි වී පුරවන්නේ කිසියම් කසළක් දැක එය හැර දමමින් ‘එක එක’ යි කියන්නේ ය. ‘දෙක දෙක’ යනාදි ගණන්හි ද මේ ක්‍රමය වේ. එපරිද්දෙන්ම මේ යෝගාවචරයා විසින් ද ආශ්වාස ප්‍රශ්වාසයන් අතුරෙහි යමක් වැටහේ ද, එය අල්ලාගෙන එක, එක යි ගිණීම ආදි කොට දස ය, දස ය යන තැන් දක්වා පවත්නා පවත්නා ආශ්වාස ප්‍රශ්වාස සලකා ගෙනම ගිණිය යුතුය. මෙසේ ගණින්නා වූ ඒ යෝගාවචරයාහට පිටතට නික්මෙන ඇතුළට වදින ආශ්වාස ප්‍රශ්වාසයෝ ප්‍රකට වන්නාහුය.

අථානෙන තං දන්‍ධගණනං ධඤ‍්ඤමාපකගණනං පහාය සීඝගණනාය ගොපාලකගණනාය ගණෙතබ‍්බං . ඡෙකො හි ගොපාලකො සක‍්ඛරායො උච‍්ඡඞ‍්ගෙන ගහෙත්‍වා රජ‍්ජුදණ‍්ඩහත්‍ථො පාතොව වජං ගන‍්ත්‍වා ගාවො පිට‍්ඨියං පහරිත්‍වා පලිඝත්‍ථම‍්භමත්‍ථකෙ නිසින‍්නො ද‍්වාරං පත‍්තං පත‍්තංයෙව ගාවං “එකො ද‍්වෙ”ති සක‍්ඛරං ඛිපිත්‍වා ඛිපිත්‍වා ගණෙති. තියාමරත‍්තිං සම‍්බාධෙ ඔකාසෙ දුක‍්ඛං වුත්‍ථගොගණො නික‍්ඛමන‍්තො අඤ‍්ඤමඤ‍්ඤං උපනිඝංසන‍්තො වෙගෙන වෙගෙන පුඤ‍්ජො පුඤ‍්ජො හුත්‍වා නික‍්ඛමති. සො වෙගෙන වෙගෙන “තීණි චත‍්තාරි පඤ‍්ච දසා”ති ගණෙතියෙව. එවමිමස‍්සාපි පුරිමනයෙන ගණයතො අස‍්සාසපස‍්සාසා පාකටා හුත්‍වා සීඝං සීඝං පුනප‍්පුනං සඤ‍්චරන‍්ති. තතො තෙන “පුනප‍්පුනං සඤ‍්චරන‍්තී”ති ඤත්‍වා අන‍්තො ච බහි ච අග‍්ගහෙත්‍වා ද‍්වාරප‍්පත‍්තං ද‍්වාරප‍්පත‍්තංයෙව ගහෙත්‍වා “එකො ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච , එකො ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච ඡ, එකො ද‍්වෙ තීණි චත‍්තාරි පඤ‍්ච ඡ සත‍්ත…පෙ… අට‍්ඨ… නව… දසා”ති සීඝං සීඝං ගණෙතබ‍්බමෙව. ගණනාපටිබද‍්ධෙ හි කම‍්මට‍්ඨානෙ ගණනාබලෙනෙව චිත‍්තං එකග‍්ගං හොති අරිත‍්තූපත්‍ථම‍්භනවසෙන චණ‍්ඩසොතෙ නාවාඨපනමිව.

ඉක්බිති මේ යෝගාවචරයා විසින් ඒ ලැසි ගිණිම වූ ධාන්‍යමාපකගණන හැරපියා සෙද ගිණිම වූ ගොපාලක ගණනින් ගිණිය යුතුය. දක්‍ෂ වූ ගොපලු තෙමේ වනාහි බොරළුකැට උඩොක්කුවෙහි ලා ගෙණ රැහන් දඬු ගත් අත් ඇතිව උදෑසනම ගාලට ගොස් ගෙරින් පිටට ගසා ඉදිකඩුලු ටැම්මතුවෙහි හුන්නේ ඉදිදොරට පැමිණ පැමිණි දෙනම බලා ‘එකියක, දෙන්නෙකැ’යි බොරළුකැට දමමින් ගණින්නේය. තුන්යම් රෑ මුළුල්ලෙහි ඉඩ පහසු නැති ගාල තුළ දුකසේ විසූ ගෙරි සමූහතෙමේ නික්මෙන්නේ උන් උන් ඇල ගටමින් වහ වහා කැටි කැටිව නික්මෙන්නේය. ඒ ගොපලු තෙමේ ද වහ වහා තුන, හතර, පස -පෙ- දස යි ගණින්නේමය. මෙසේ පෙර කියු නයින් ගණින්නා වූ මේ යෝගාවචරයාහට ආශ්වාස ප්‍රශ්වාසයෝ ප්‍රකටව වහ වහා නැවත නැවත හැසිරෙන්නාහුය. ඉක්බිති ඒ යෝගාවචරයා විසින් ආශ්වාස ප්‍රශ්වාසයෝ නැවත නැවත හැසිරෙත්යි දැන ඇතුළත පිටත වාතය අල්ලා නොගෙන දොරකඩට පැමිණියහුම දොරකඩට පැමිණියහුම ගෙන එකෙක, දෙකක, තුනෙක, සතරෙක, පසෙක, එකෙක, දෙකෙක, තුනෙක, සතරෙක, පසෙක, සයෙක, සතෙක, අටෙක, නවයෙක, දසයෙකැයි වහ වහා ගිණිය යුතුමය. ගණනින් පිළිබැඳි කර්‍මස්ථානයෙහි ගිණීමෙහි බලයෙන්ම සිත එකඟ වන්නේය. රිටෙහි උපකාරයෙන් සැඩපහරෙහි නැව තැබීම මෙනි.

තස‍්සෙවං සීඝං සීඝං ගණයතො කම‍්මට‍්ඨානං නිරන‍්තරප‍්පවත‍්තං විය හුත්‍වා උපට‍්ඨාති. අථ “නිරන‍්තරං පවත‍්තතී”ති ඤත්‍වා අන‍්තො ච බහි ච වාතං අපරිග‍්ගහෙත්‍වා පුරිමනයෙනෙව වෙගෙන වෙගෙන ගණෙතබ‍්බං. අන‍්තොපවිසනවාතෙන හි සද‍්ධිං චිත‍්තං පවෙසයතො අබ‍්භන‍්තරං වාතබ‍්භාහතං මෙදපූරිතං විය හොති, බහිනික‍්ඛමනවාතෙන සද‍්ධිං චිත‍්තං නීහරතො බහිද‍්ධා පුථුත‍්තාරම‍්මණෙ චිත‍්තං වික‍්ඛිපති. ඵුට‍්ඨොකාසෙ පන සතිං ඨපෙත්‍වා භාවෙන‍්තස‍්සෙව භාවනා සම‍්පජ‍්ජති. තෙන වුත‍්තං – “අන‍්තො ච බහි ච වාතං අපරිග‍්ගහෙත්‍වා පුරිමනයෙනෙව වෙගෙන වෙගෙන ගණෙතබ‍්බ”න‍්ති.

මෙසේ වහ වහා ගණින්නා වූ ඒ යෝගාවචරයාහට කර්‍මස්ථානය නිතර පවත්නක්හු මෙන් වැටහෙන්නේය. එසේ වැටහෙන කල්හි නිතර පවතීය’යි දැන ඇතුළත පිටත වාතය අල්ලා නොගෙන පෙර නයින්ම වහ වහා ගිණිය යුතුය. ඇතුළට පිවිසෙන වාතය සමග සිත ප්‍රවේශ කරන්නහුට ඇතුළත වාතයෙන් පහරණ ලද්ද, මේද තෙලින් පිරුණක් මෙන් ද වැටහෙන්නේ ය. පිටතට නික්මෙන වාතය සමග සිත, පහස්නාලද අවකාශය මුදා නික්මවන්නහුට පිටත මහත් අරමුණෙහි සිත වික්‍ෂෙපයට පැමිණෙන්නේය. පැහැසූ අවකාශය වූ නාසිකාග්‍රයෙහි සිහිය පිහිටුවා භාවනා කරන්නහුගේම භාවනාව සිද්ධ වන්නීය. එහෙයින් ‘අන්තො ච බහි ච වාතං අපරිග්ගහෙත්‍වා පුරිම නයෙනෙව වෙග වෙගෙන ගණෙතබ්බං’ යනු කියන ලද්දේය.

කීව චිරං පනෙතං ගණෙතබ‍්බන‍්ති? යාව විනා ගණනාය අස‍්සාසපස‍්සාසාරම‍්මණෙ සති සන‍්තිට‍්ඨති. බහි විසටවිතක‍්කවිච‍්ඡෙදං කත්‍වා අස‍්සාසපස‍්සාසාරම‍්මණෙ සති සණ‍්ඨපනත්‍ථංයෙව හි ගණනාති.

මෙය කෙතෙක් කල් ගිණිය යුත්තේ ද යත්:- යම්තාක් කල් ගිණීමෙන් වෙන්ව ආශ්වාස ප්‍රශ්වාසාලම්බනයෙහි සිහිය පිහිටා සිටී ද, ඒ තාක් ගිණිය යුතුය. පිටත පැතිරි විතර්‍කයන්ගේ සිඳීමකොට ආශ්වාස ප්‍රශ්වාසාලම්බනයෙහි සිහිය පිහිටුවනු පිණිසම ගිණීම වේ.

එවං ගණනාය මනසිකත්‍වා අනුබන්‍ධනාය මනසිකාතබ‍්බං. අනුබන්‍ධනා නාම ගණනං පටිසංහරිත්‍වා සතියා නිරන‍්තරං අස‍්සාසපස‍්සාසානං අනුගමනං; තඤ‍්ච ඛො න ආදිමජ‍්ඣපරියොසානානුගමනවසෙන. බහිනික‍්ඛමනවාතස‍්ස හි නාභි ආදි, හදයං මජ‍්ඣං, නාසිකග‍්ගං පරියොසානං. අබ‍්භන‍්තරපවිසනවාතස‍්ස නාසිකග‍්ගං ආදි, හදයං මජ‍්ඣං, නාභි පරියොසානං. තඤ‍්චස‍්ස අනුගච‍්ඡතො වික‍්ඛෙපගතං චිත‍්තං සාරද‍්ධාය චෙව හොති ඉඤ‍්ජනාය ච. යථාහ –

මෙසේ ගිණිමෙන් මෙනෙහි කොට ඊට අනතුරුව අනුබන්‍ධනායෙන් මෙනෙහි කටයුතුය. අනුබන්‍ධනා නම් ගණන් එකතුකොට සිහියෙන් නිරතුරුව පැවැති ආශ්වාස ප්‍රශ්වාසයන් අරමුණු කිරීම් වසයෙන් සිහියට අනුව පැවැත්මය. එ ද වනාහි ආදිමද්ධ්‍යපර්‍ය්‍යවසානානුගමන වශයෙන් මෙනෙහි නො කටයුතුය. පිටත නික්මෙන වාතයට නැබ ආදිය වේ. හෘදයවස්තුව මද්ධ්‍යය වේ. නැහැය පර්‍ය්‍යවසානය වේ. ඇතුළට පිවිසෙන වාතයට නැහයෙහි කෙළවර ආදිය වේ. හෘදයවස්තුව මද්ධ්‍යය වේ. නැබ පර්‍ය්‍යවසානය වේ. එයට ද අනුව යන මොහුගේ වික්‍ෂෙපයට පැමිණි සිත දරථ සහිත භාවය පිණිස කර්‍මස්ථාන මනස්කාරයාගේ චලනය පිණිස ද වේ. ඒ මෙසේ වදාළේමය:-

“අස‍්සාසාදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡතො අජ‍්ඣත‍්තං වික‍්ඛෙපගතෙන චිත‍්තෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා ච. පස‍්සාසාදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡතො බහිද‍්ධා වික‍්ඛෙපගතෙන චිත‍්තෙන කායොපි චිත‍්තම‍්පි සාරද‍්ධා ච හොන‍්ති ඉඤ‍්ජිතා ච ඵන්‍දිතා චා”ති (පටි· ම· 1.157).

‘ආශ්වාසයාගේ ආදි මද්ධ්‍යපර්‍ය්‍යවසානය කරා සිහියෙන් අනුව යන්නහුගේ ඇතුළත වික්‍ෂෙපයට පැමිණි සිත හෙතු කොට ගෙන කය හා සිත දරථ සහිත ද වේ. කම්පිත ද වේ. චලිත ද වේ. ප්‍රශ්වාසයාගේ ආදි මද්ධ්‍යපර්‍ය්‍යවසානය කරා සිහියෙන් අනුව යන්නහුගේ පිටත වික්‍ෂෙපයට පැමිණි සිත හෙතු කොට ගෙන කය හා සිත ද දරථ සහිත ද කම්පිත ද චලිත ද වේ’යි.

තස‍්මා අනුබන්‍ධනාය මනසිකරොන‍්තෙන න ආදිමජ‍්ඣපරියොසානවසෙන මනසිකාතබ‍්බං. අපිච ඛො ඵුසනාවසෙන ච ඨපනාවසෙන ච මනසිකාතබ‍්බං. ගණනානුබන්‍ධනාවසෙන විය හි ඵුසනාඨපනාවසෙන විසුං මනසිකාරො නත්‍ථි. ඵුට‍්ඨඵුට‍්ඨට‍්ඨානෙයෙව පන ගණෙන‍්තො ගණනාය ච ඵුසනාය ච මනසි කරොති. තත්‍ථෙව ගණනං පටිසංහරිත්‍වා තෙ සතියා අනුබන්‍ධන‍්තො අප‍්පනාවසෙන ච චිත‍්තං ඨපෙන‍්තො “අනුබන්‍ධනාය ච ඵුසනාය ච ඨපනාය ච මනසි කරොතී”ති වුච‍්චති. ස‍්වායමත්‍ථො අට‍්ඨකථායං වුත‍්තපඞ‍්ගුළදොවාරිකොපමාහි පටිසම‍්භිදායං වුත‍්තකකචොපමාය ච වෙදිතබ‍්බො.

එහෙයින් අනුබන්‍ධනයෙන් මෙනෙහි කරන්නහු විසින් ආදි මද්ධ්‍යපර්‍ය්‍යවසාන වශයෙන් මෙනෙහි නොකටයුතුය. කෙසේ මෙනෙහි කටයුත්තේ ද යත්:- ඵුසනා වසයෙන් ද අප්පණා වසයෙන් ද මෙනෙහි කටයුතුය. ගණනා අනුබන්‍ධනා වසයෙන් මෙන්, ඵුසනා වසයෙන් හා ඨපනා වසයෙන් වෙන් වූ මනස්කාරයක් නැත්තේය. ආශ්වාස ප්‍රශ්වාසයෙන් පහළ පහළ තන්හිම ගණින්නේ ගණනින් ද ඵුසනයෙන් ද මෙනෙහි කරන්නේය. ඒ පහළ තන්හිම ගණන එක් කොට හකුළුවා ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් සිහියෙන් ලුහුබඳින්නේ අප්පණා වසයෙන් ද සිත තබන්නේ අනුබන්‍ධනාවෙන් ද ඵුසනාවෙන් ද ඨපනාවෙන් ද මෙනෙහි කෙරේයයි කියනු ලැබේ.

තත්‍රායං පඞ‍්ගුළොපමා – “සෙය්‍යථාපි පඞ‍්ගුළො දොලාය කීළතං මාතාපුත‍්තානං දොලං ඛිපිත්‍වා තත්‍ථෙව දොලත්‍ථම‍්භමූලෙ නිසින‍්නො කමෙන ආගච‍්ඡන‍්තස‍්ස ච ගච‍්ඡන‍්තස‍්ස ච දොලාඵලකස‍්ස උභො කොටියො මජ‍්ඣඤ‍්ච පස‍්සති, න ච උභොකොටිමජ‍්ඣානං දස‍්සනත්‍ථං බ්‍යාවටො හොති. එවමෙවායං භික‍්ඛු සතිවසෙන උපනිබන්‍ධනත්‍ථම‍්භමූලෙ ඨත්‍වා අස‍්සාසපස‍්සාසදොලං ඛිපිත්‍වා තත්‍ථෙව නිමිත‍්තෙ සතියා නිසින‍්නො කමෙන ආගච‍්ඡන‍්තානඤ‍්ච ගච‍්ඡන‍්තානඤ‍්ච ඵුට‍්ඨට‍්ඨානෙ අස‍්සාසපස‍්සාසානං ආදිමජ‍්ඣපරියොසානං සතියා අනුගච‍්ඡන‍්තො තත්‍ථ ච චිත‍්තං ඨපෙන‍්තො පස‍්සති, න ච තෙසං දස‍්සනත්‍ථං බ්‍යාවටො හොති. අයං පඞ‍්ගුළොපමා.

ඒ මේ අර්‍ත්‍ථය තෙමේ අටුවාවෙහි කියනලද පඞ්ගුල - ද්වාරපාල උපමාවන්ගෙන් ද, ප්‍රතිසම්භිදාවෙහි කියනලද කකචොපමාවෙන් ද දතයුතුය. එහි මේ පඞ්ගුලොපමාවයි:- යම්සේ පිළුතෙමේ හොවිල්ලෙන් කෙළින තම භාර්‍ය්‍යාවගේ හා පුතුගේ හොවිල්ල පහකොට එහිම හොවිලි ටැම් මුල හුන්නේ ක්‍රමයෙන් මෙහා එහා එන යන හොවිලි පුවරුවෙහි දෙකෙළවර හා මැද ද දකියි. දෙකෙළවර ද මැද ද දැකීම පිණිස ව්‍යාවෘත නොවේ. එපරිද්දෙන්ම මේ යෝගාවචර මහණ තෙමේ ස්මෘති වශයෙන් නාසිකාග්‍ර මුඛනිමිත්ත යන මොවුන්ගේ සමීපයෙහි සිට ආශ්වාස ප්‍රශ්වාස නැමැති හොවිල්ල පහකොට එහි නාසිකාග්‍රාදි නිමිත්තෙහිම සිහියෙන් යුක්තව හුන්නේ ක්‍රමයෙන් එන යන පහස ලද තන්හි ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ආදි මද්ධ්‍යපර්‍ය්‍යවසානය කරා සිහියෙන් අනුව යන්නේ එහිද සිත තබමින් දකියි. ඔවුන් දැකීම පිණිස ව්‍යාවෘත නොවේ. මේ පඞ්ගුලොපමාය.

අයං පන දොවාරිකොපමා – “සෙය්‍යථාපි දොවාරිකො නගරස‍්ස අන‍්තො ච බහි ච පුරිසෙ ‘කො ත්‍වං, කුතො වා ආගතො, කුහිං වා ගච‍්ඡසි, කිං වා තෙ හත්‍ථෙ’ති න වීමංසති, න හි තස‍්ස තෙ භාරා. ද‍්වාරප‍්පත‍්තං ද‍්වාරප‍්පත‍්තංයෙව පන වීමංසති; එවමෙව ඉමස‍්ස භික‍්ඛුනො අන‍්තො පවිට‍්ඨවාතා ච බහි නික‍්ඛන‍්තවාතා ච න භාරා හොන‍්ති, ද‍්වාරප‍්පත‍්තා ද‍්වාරප‍්පත‍්තායෙව භාරාති. අයං දොවාරිකොපමා.

මේ වනාහි දොවාරිකොපමාය:- යම්සේ දොරටුපල් තෙමේ නුවර ඇතුළත ද පිටන ද සිටි පුරුෂයන් අතින් ‘තෝ කවරෙක් වෙහි, කොතැනින් ආයෙහි, කොතැන යෙහි, තාගේ අතැ කිමැ’යි නො විමසා ද, ඔහුට ඒ භාර නොවේද, දොරකඩට පැමිණි පැමිණියහුම විමසා ද එපරිද්දෙන්ම මේ මහණහුට ඇතුළට පිවිසි වාතයෝ ද, පිටතට නික්මුනු වාතයෝ ද භාර නොවෙත්. දොරටුවට පැමිණි, දොරටුවට පැමිණි වාතයෝම භාරවෙත්. මේ දොවාරිකොපමාය.

කකචොපමා පන ආදිතොපභුති එවං වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං –

කකචොපමාව වනාහි උපමෙය්‍යාර්‍ත්‍ථ දර්‍ශනය පටන් මෙසේ දතයුතුය. මෙය කියන ලද්දේමය:

“නිමිත‍්තං අස‍්සාසපස‍්සාසා, අනාරම‍්මණමෙකචිත‍්තස‍්ස; අජානතො ච තයො ධම‍්මෙ, භාවනානුපලබ‍්භති.

‘නිමිත්තං අස්සාසපස්සාසා - අනාරම්මණමෙකචිත්තස්ස, අජානතො ච තයො ධම්මෙ - භාවනානුපලබ්භති.

“නිමිත‍්තං අස‍්සාසපස‍්සාසා, අනාරම‍්මණමෙකචිත‍්තස‍්ස; ජානතො ච තයො ධම‍්මෙ, භාවනා උපලබ‍්භතී”ති. (පටි· ම· 1.159);

නිමිත්තං අස්සාසපස්සාසා - අනාරම්මණමෙකචිත්තස්ස, ජානතො ච තයො ධම්මෙ - භාවනා උපලබ්භතීති’යි

උපනිබන්‍ධන නිමිත්තය ද ආශ්වාස ප්‍රශ්වාසයෝ ද එක් සිතකට අරමුණු නොවෙත්. නිමිත්තය ආශ්වාසය ප්‍රශ්වාසය යන ධර්‍ම තුන අරමුණු කිරීම වසයෙන් නො දන්නහුට ආනාපානසති භාවනාව සිද්ධ නොවේ. උපනිබන්‍ධන නිමිත්තය ද ආශ්වාස ප්‍රශ්වාසයෝ ද එක් සිතකට අරමුණු නොවෙත්. ඒ ධර්‍ම තුන දක්නහුට ආනාපානසති භාවනා තොමෝ සිද්ධ වේ.

කථං ඉමෙ තයො ධම‍්මා එකචිත‍්තස‍්ස ආරම‍්මණං න හොන‍්ති, න චිමෙ තයො ධම‍්මා අවිදිතා හොන‍්ති, න ච චිත‍්තං වික‍්ඛෙපං ගච‍්ඡති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති, විසෙසමධිගච‍්ඡති ? සෙය්‍යථාපි රුක‍්ඛො සමෙ භූමිභාගෙ නික‍්ඛිත‍්තො, තමෙනං පුරිසො කකචෙන ඡින්‍දෙය්‍ය, රුක‍්ඛෙ ඵුට‍්ඨකකචදන‍්තානං වසෙන පුරිසස‍්ස සති උපට‍්ඨිතා හොති, න ආගතෙ වා ගතෙ වා කකචදන‍්තෙ මනසි කරොති, න ආගතා වා ගතා වා කකචදන‍්තා අවිදිතා හොන‍්ති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති.

මේ ධර්‍මතුන එක් සිතකට කෙසේ අරමුණු නොවෙත්ද? මේ ත්‍රිවිධ ධර්‍මයෝ කෙසේ අවිදිත නොවෙත්ද? සිත කෙසේ වික්‍ෂෙපයට නොයේද? භාවනා නිෂ්පාදක වූ වීර්‍ය්‍යයක් පෙනේ ද? නීවරණයන් යටපත් කරන සමාධිය එළවන භාවනාවෙහි යෙදීම කෙසේ සිදු කෙරේද? මතු මතුවෙහි ලෞකික ලෝකෝත්තර ගුණ විශේෂයට කෙසේ පැමිණේ ද යත්:- සමබිම් පෙදෙසක තුබූ රුකක් යම්සේ ද, ඒ මේ රුක පුරුෂයෙක් තෙමේ කියතින් සිඳින්නේය. රුකෙහි පහස ලද කියත් දතුන්ගේ වසයෙන් පුරුෂයාගේ සිහිය එළැඹ සිටියා වේ. ආවා වූ හෝ ගියා වූ හෝ කියත්දත් නො දන්නා ලද්දේ නොවේ. රුක සිඳින වීර්‍ය්‍යය ද පෙනේ. රුක සිඳින ක්‍රියාව ද සිදුකෙරේ. කොටස් කරමින් සිදුකළ යුතු ප්‍රයොජන විශෙෂයට පැමිණේ.

යථා රුක‍්ඛො සමෙ භූමිභාගෙ නික‍්ඛිත‍්තො; එවං උපනිබන්‍ධනනිමිත‍්තං. යථා කකචදන‍්තා; එවං අස‍්සාසපස‍්සාසා. යථා රුක‍්ඛෙ ඵුට‍්ඨකකචදන‍්තානං වසෙන පුරිසස‍්ස සති උපට‍්ඨිතා හොති, න ආගතෙ වා ගතෙ වා කකචදන‍්තෙ මනසි කරොති, න ආගතා වා ගතා වා කකචදන‍්තා අවිදිතා හොන‍්ති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති, එවමෙව භික‍්ඛු නාසිකග‍්ගෙ වා මුඛනිමිත‍්තෙ වා සතිං උපට‍්ඨපෙත්‍වා නිසින‍්නො හොති, න ආගතෙ වා ගතෙ වා අස‍්සාසපස‍්සාසෙ මනසි කරොති, න ආගතා වා ගතා වා අස‍්සාසපස‍්සාසා අවිදිතා හොන‍්ති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති, විසෙසමධිගච‍්ඡති.

සමබිම් පෙදෙසක බැහූ රුකක් යම් සේ ද උපනිබන්‍ධන නිමිත්තය ද මෙසේය. කියත්දත් යම් සේ ද, ආශ්වාස ප්‍රශ්වාසයෝ මෙසේය. යම්සේ රුකෙහි පහළ කියත් දතුන්ගේ වසයෙන් පුරුෂයාගේ සිහිය එළැඹ සිටියා වන්නී ද, ආවා වූ හෝ ගියා වූ හෝ කියත්දත් මෙනෙහි නො කෙරේ ද, ආවා වූ හෝ ගියා වූ හෝ කියත් දත් අප්‍රකට නොවේද, රුක සිඳින වීර්‍ය්‍යයක් පෙනේ ද, රුක සිඳින ක්‍රියාවන් සිදුකෙරේ ද, ප්‍රයොජන විශෙෂයට පැමිණේ ද, එපරිද්දෙන් යෝගාවචර මහණ තෙමේ නැහැය අග හෝ මුව නිමිත්තෙහි හෝ සිහි එළවා හුන්නේ වේ. ආවා වූ හෝ ගියා වූ හෝ ආශ්වාස ප්‍රශ්වාසයන් මෙනෙහි නො කරයි. ආවා වූ හෝ ගියා වූ හෝ ආශ්වාස ප්‍රශ්වාසයෝ අවිදිත නොවෙත්, වීර්‍ය්‍යය ද පෙනේ. ප්‍රයොගය ද සිදු කරයි. ලෞකිකලෝකෝත්තරගුණ විශෙෂයට පැමිණේ.

පධානන‍්ති කතමං පධානං? ආරද‍්ධවීරියස‍්ස කායොපි චිත‍්තම‍්පි කම‍්මනියං හොති – ඉදං පධානං. කතමො පයොගො? ආරද‍්ධවීරියස‍්ස උපක‍්කිලෙසා පහීයන‍්ති, විතක‍්කා වූපසම‍්මන‍්ති – අයං පයොගො. කතමො විසෙසො? ආරද‍්ධවීරියස‍්ස සංයොජනා පහීයන‍්ති, අනුසයා බ්‍යන‍්තී හොන‍්ති – අයං විසෙසො. එවං ඉමෙ තයො ධම‍්මා එකචිත‍්තස‍්ස ආරම‍්මණා න හොන‍්ති, න චිමෙ තයො ධම‍්මා අවිදිතා හොන‍්ති, න ච චිත‍්තං වික‍්ඛෙපං ගච‍්ඡති, පධානඤ‍්ච පඤ‍්ඤායති, පයොගඤ‍්ච සාධෙති, විසෙසමධිගච‍්ඡති.

පධානං යනු කවර ප්‍රධානයක් ද යත්:- භාවනාවට වැර ඇරඹූ යෝගාවචරයාගේ කය ද සිත ද භාවනා කර්‍මයට සුදුසු වේ නම් මේ ප්‍රධාන නමි. ප්‍රයොගය කවරේ ද යත්:- ඇරඹූ වැර ඇත්තහුගේ චිත්තොපක්ලේශ වූ නීවරණයෝ විශ්කම්භණ වශයෙන් ප්‍රහීණ වෙත් ද කාම විතර්‍කාදී වූ මිත්‍ථ්‍යාවිතර්‍කයෝ ව්‍යපශමනය වෙත් ද මේ ප්‍රයොගයයි. විශේෂය කවරේ ද යත්:- භාවනාවට ඇරඹූ වැර ඇති යෝගාවචරයාගේ දශසංයොජනයෝ ප්‍රහීණ වෙත් ද සප්ත අනුශයෝ නැසී යෙත් ද, මේ විශේෂයයි. මෙසේ මේ උපනිබන්‍ධන ආශ්වාස ප්‍රශ්වාස යන ධර්‍ම තුන එක් සිතකට අරමුණු නොවේ. මේ ධර්‍ම තුන එක් සිතකින් නොදන්නා ලද්දේ නොවේ. සිත වික්‍ෂෙපයට නොයයි. වීර්‍ය්‍යය ද පෙනේ. ප්‍රයොගය ද සිදුකෙරේ. ප්‍රයොජන විශෙෂය ලබයි.

“ආනාපානස‍්සතී යස‍්ස, පරිපුණ‍්ණා සුභාවිතා; අනුපුබ‍්බං පරිචිතා, යථා බුද‍්ධෙන දෙසිතා; සො ඉමං ලොකං පභාසෙති, අබ‍්භා මුත‍්තොව චන්‍දිමා”ති. (පටි· ම· 1.160);

‘බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද ආනාපානසතිය යම් යෝගාවචරයකු විසින් යම් සේ සම්පූර්‍ණ කරන ලදී ද, මැනැවින් වඩන ලද්දී ද, පිළිවෙළින් පුරුදු කරන ලදී ද, හෙතෙමේ වලාකුළින් මිදුනු සඳ මෙන් තමාගේ ස්කන්‍ධාදී වූ මේ ලෝකය බබුලුවයි’

අයං කකචොපමා. ඉධ පනස‍්ස ආගතාගතවසෙන අමනසිකාරමත‍්තමෙව පයොජනන‍්ති වෙදිතබ‍්බං. ඉදං කම‍්මට‍්ඨානං මනසිකරොතො කස‍්සචි නචිරෙනෙව නිමිත‍්තඤ‍්ච උප‍්පජ‍්ජති, අවසෙසජ‍්ඣානඞ‍්ගපටිමණ‍්ඩිතා අප‍්පනාසඞ‍්ඛාතා ඨපනා ච සම‍්පජ‍්ජති. කස‍්සචි පන ගණනාවසෙනෙව මනසිකාරකාලතොපභුති අනුක‍්කමතො ඔළාරිකඅස‍්සාසපස‍්සාසනිරොධවසෙන කායදරථෙ වූපසන‍්තෙ කායොපි චිත‍්තම‍්පි ලහුකං හොති, සරීරං ආකාසෙ ලඞ‍්ඝනාකාරප‍්පත‍්තං විය හොති. යථා සාරද‍්ධකායස‍්ස මඤ‍්චෙ වා පීඨෙ වා නිසීදතො මඤ‍්චපීඨං ඔනමති, විකූජති, පච‍්චත්‍ථරණං වලිං ගණ‍්හාති. අසාරද‍්ධකායස‍්ස පන නිසීදතො නෙව මඤ‍්චපීඨං ඔනමති, න විකූජති, න පච‍්චත්‍ථරණං වලිං ගණ‍්හාති, තූලපිචුපූරිතං විය මඤ‍්චපීඨං හොති. කස‍්මා? යස‍්මා අසාරද‍්ධො කායො ලහුකො හොති; එවමෙව ගණනාවසෙන මනසිකාරකාලතොපභුති අනුක‍්කමතො ඔළාරිකඅස‍්සාසපස‍්සාසනිරොධවසෙන කායදරථෙ වූපසන‍්තෙ කායොපි චිත‍්තම‍්පි ලහුකං හොති, සරීරං ආකාසෙ ලඞ‍්ඝනාකාරප‍්පත‍්තං විය හොති.

මේ කකචොපමාය. මෙහි වනාහි මේ ආශ්වාස ප්‍රශ්වාසය ආගතාගත වසයෙන් අමනසිකාරමාත්‍රයම ප්‍රයෝජනයයි දතයුතුය. මේ කමටහන මෙනෙහි කරන කිසිවක්හට නොබෝකලකින්ම ප්‍රතිභාග නිමිත්ත ද උපදියි. සෙසු ධ්‍යානාඞ්ගයන්ගෙන් ප්‍රතිමණ්ඩිත අර්‍පණාසඞ්ඛ්‍යාතඨපනාව ද නිෂ්පාදනය වේ. කිසිවක්හුගේ, ආශ්වාස ප්‍රශ්වාසයන් ගණන් වසයෙන්ම මෙනෙහි කිරීමට පටන් ගත් කාලයෙහි පටන් අනුක්‍රමයෙන් ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් නිරුද්ධවීම් වසයෙන් කායදාහය සන්සිදී ගිය කල්හි කය ද සිත ද සැහැල්ලු වේ. සිරුර අහසෙහි නැගී යන ආකාරයට පැමිණියක් මෙන් වේ. යම්සේ කෙලෙස් දැවිලි සහිත සිරුරු ඇතිව ඇඳක හෝ පුටුවක හෝ හිඳින්නහුගේ ඇඳ පුටු නැමේ ද හඬ නගා ද පසතුරුණු රැලි ගණී ද, එසේ කෙලෙස් දැවිලි සහිත සිරුරු ඇතිව ඇඳක හෝ පුටුවක හෝ හිඳින්නහුගේ ඇඳ පුටු නැමේ ද හඬ නගා ද, පසතුරුණු රැලි ගණී ද, එසේ කෙලෙස් දැවිලි රහිත සිරුරු ඇතිව හිඳන්නහුගේ ඇඳ පුටු නොනැමේ. හඬ නොනගයි. පසතුරුණු රැලි නොගණී. ඇඳ පුටු පුලුන් පොදින් පිරුණක් මෙන් වේ. කුමක් හෙයින්ද යත්:- යම්හෙයකින් කෙලෙස් දැවිලි රහිත කය සැහැල්ලු වේ ද, එහෙයිනි. එපරිද්දෙන්ම ගණන් වසයෙන් මෙනෙහි කරන කාලයෙහි පටන් ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නිරුද්ධවීමේ වශයෙන් කායදාහය නිවී ගිය කල්හි කය ද සිත ද සැහැල්ලු වේ. සිරුර අහසෙහි නැගී යන ආකාරයට පැමිණයක් මෙන් වේ.

තස‍්ස ඔළාරිකෙ අස‍්සාසපස‍්සාසෙ නිරුද‍්ධෙ සුඛුමඅස‍්සාසපස‍්සාසනිමිත‍්තාරම‍්මණං චිත‍්තං පවත‍්තති, තස‍්මිම‍්පි නිරුද‍්ධෙ අපරාපරං තතො සුඛුමතරසුඛුමතමනිමිත‍්තාරම‍්මණං පවත‍්තතියෙව. කථං? යථා පුරිසො මහතියා ලොහසලාකාය කංසතාළං ආකොටෙය්‍ය, එකප‍්පහාරෙන මහාසද‍්දො උප‍්පජ‍්ජෙය්‍ය, තස‍්ස ඔළාරිකසද‍්දාරම‍්මණං චිත‍්තං පවත‍්තෙය්‍ය, නිරුද‍්ධෙ ඔළාරිකෙ සද‍්දෙ අථ පච‍්ඡා සුඛුමසද‍්දනිමිත‍්තාරම‍්මණං, තස‍්මිම‍්පි නිරුද‍්ධෙ අපරාපරං තතො සුඛුමතරසුඛුමතමසද‍්දනිමිත‍්තාරම‍්මණං චිත‍්තං පවත‍්තතෙව; එවන‍්ති වෙදිතබ‍්බං. වුත‍්තම‍්පි චෙතං – “සෙය්‍යථාපි කංසෙ ආකොටිතෙ”ති (පටි· ම· 1.171) විත්‍ථාරො.

ඒ යෝගීහුගේ ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් නිරුද්ධ වූ කල්හි සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත අරමුණුකොට සිත පවත්නේය. ඒ සිත ද නිරුද්ධව ගිය කල්හි නැවත නැවත එයට වඩා සුඛුමතර වූ සුබුමතම වූ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත අරමුණුකොට සිත පවත්නේමය. කෙසේද යත්:- යම් සේ පුරුෂයෙක් තෙමේ මහත් ලොහො කුරකින් ලොහො තලියකට ගසන්නේ නම් එක් පහරින්ම මහත් ශබ්දයක් උපදින්නේය. ඒ ඖදාරික ශබ්දය අරමුණුකොට ඔහුගේ සිත පවත්නේය. ඖදාරික ශබ්දය නිරුද්ධව ගිය කල්හි නැවත පසුව සියුම් ශබ්ද නිමිත්ත අරමුණු කොට සිත පවතී. එ ද නිරුද්ධව ගිය කල්හි නැවත නැවත එයට වඩා අනික් අනික් සුඛුමතර සුඛුමතම ශබ්ද නිමිත්ත අරමුණු කොට සිත පවතීමය. මේ මෙසේයයි දතයුතුය. මෙ ද කිය ලද්දීය. ‘සෙය්‍යථාපි කංසෙ ආකොටිතෙ’ යනු විස්තරය වේ.

යථා හි අඤ‍්ඤානි කම‍්මට‍්ඨානානි උපරූපරි විභූතානි හොන‍්ති, න තථා ඉදං. ඉදං පන උපරූපරි භාවෙන‍්තස‍්ස භාවෙන‍්තස‍්ස සුඛුමත‍්තං ගච‍්ඡති, උපට‍්ඨානම‍්පි න උපගච‍්ඡති. එවං අනුපට‍්ඨහන‍්තෙ පන තස‍්මිං න තෙන භික‍්ඛුනා උට‍්ඨායාසනා චම‍්මඛණ‍්ඩං පප‍්ඵොටෙත්‍වා ගන‍්තබ‍්බං. කිං කාතබ‍්බං? “ආචරියං පුච‍්ඡිස‍්සාමී”ති වා “නට‍්ඨං දානි මෙ කම‍්මට‍්ඨාන”න‍්ති වා න වුට‍්ඨාතබ‍්බං, ඉරියාපථං විකොපෙත්‍වා ගච‍්ඡතො හි කම‍්මට‍්ඨානං නවනවමෙව හොති. තස‍්මා යථානිසින‍්නෙනෙව දෙසතො ආහරිතබ‍්බං.

අන්‍ය කර්‍මස්ථානයෝ මතු මතුවෙහි යම් සේ ප්‍රකට වෙත්ද කර්‍මස්ථානය වනාහි එසේ නොවේ. මේ වනාහි මතු මතුවෙහි වඩත් වඩත්ම සියුම් බවට යන්නේය. වැටහීමට ද නො පැමිණේ. මෙසේ ඒ කර්‍මස්ථානය නො වැටහෙන කල්හි ඒ මහණහු විසින් හුනස්නෙන් නැගිට සම්කඩ ගසා දමා නො යායුතුය. කුමක් කටයුතු ද යත්: ‘ආචාර්‍ය්‍යයා විචාරන්නෙමියි හෝ මාගේ කර්‍මස්ථානය දැන් නටුයේය’යි හෝ නො නැගිටිය යුතුය. ඉරියවු වෙනස්කොට යන්නහුට කර්‍මස්ථානය අළුත් අළුත්ම වේ. එහෙයින් හුන්තැනම හුන්නහු විසින්ම පෙර තමන් විසින් ස්පර්‍ශ කිරීම් වසයෙන් සලකන ලද තැනින් කර්‍මස්ථානය එළවිය යුතුය.

තත්‍රායං ආහරණූපායො. තෙන හි භික‍්ඛුනා කම‍්මට‍්ඨානස‍්ස අනුපට‍්ඨහනභාවං ඤත්‍වා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං – “ඉමෙ අස‍්සාසපස‍්සාසා නාම කත්‍ථ අත්‍ථි, කත්‍ථ නත්‍ථි, කස‍්ස වා අත්‍ථි, කස‍්ස වා නත්‍ථී”ති. අථෙවං පටිසඤ‍්චික‍්ඛතා “ඉමෙ අන‍්තොමාතුකුච‍්ඡියං නත්‍ථි, උදකෙ නිමුග‍්ගානං නත්‍ථි, තථා අසඤ‍්ඤීභූතානං මතානං චතුත්‍ථජ‍්ඣානසමාපන‍්නානං රූපාරූපභවසමඞ‍්ගීනං නිරොධසමාපන‍්නාන”න‍්ති ඤත්‍වා එවං අත‍්තනාව අත‍්තා පටිචොදෙතබ‍්බො – “නනු ත්‍වං, පණ‍්ඩිත, නෙව මාතුකුච‍්ඡිගතො, න උදකෙ නිමුග‍්ගො, න අසඤ‍්ඤීභූතො, න මතො, න චතුත්‍ථජ‍්ඣානසමආපන‍්නො, න රූපාරූපභවසමඞ‍්ගී, න නිරොධසමාපන‍්නො, අත්‍ථියෙව තෙ අස‍්සාසපස‍්සාසා, මන්‍දපඤ‍්ඤතාය පන පරිග‍්ගහෙතුං න සක‍්කොසී”ති. අථානෙන පකතිඵුට‍්ඨවසෙනෙව චිත‍්තං ඨපෙත්‍වා මනසිකාරො පවත‍්තෙතබ‍්බො. ඉමෙ හි දීඝනාසිකස‍්ස නාසා පුටං ඝට‍්ටෙන‍්තා පවත‍්තන‍්ති, රස‍්සනාසිකස‍්ස උත‍්තරොට‍්ඨං. තස‍්මානෙන ඉමං නාම ඨානං ඝට‍්ටෙන‍්තීති නිමිත‍්තං පට‍්ඨපෙතබ‍්බං. ඉමමෙව හි අත්‍ථවසං පටිච‍්ච වුත‍්තං භගවතා – “නාහං, භික‍්ඛවෙ, මුට‍්ඨස‍්සතිස‍්ස අසම‍්පජානස‍්ස ආනාපානස‍්සතිභාවනං වදාමී”ති (ම· නි· 3.149; සං· නි· 5.992). කිඤ‍්චාපි හි යංකිඤ‍්චි කම‍්මට‍්ඨානං සතස‍්ස සම‍්පජානස‍්සෙව සම‍්පජ‍්ජති, ඉතො අඤ‍්ඤං පන මනසිකරොන‍්තස‍්ස පාකටං හොති. ඉදං පන ආනාපානස‍්සතිකම‍්මට‍්ඨානං ගරුකං ගරුකභාවනං බුද‍්ධපච‍්චෙකබුද‍්ධබුද‍්ධපුත‍්තානං මහාපුරිසානමෙව මනසිකාරභූමිභූතං, න චෙව ඉත‍්තරං, න ච ඉත‍්තරසත‍්තසමාසෙවිතං. යථා යථා මනසි කරීයති, තථා තථා සන‍්තඤ‍්චෙව හොති සුඛුමඤ‍්ච. තස‍්මා එත්‍ථ බලවතී සති ච පඤ‍්ඤා ච ඉච‍්ඡිතබ‍්බා.

මේ එහි කර්‍මස්ථානය එළවන උපායය. ඒ මහණහු විසින් කර්‍මස්ථානය නොවැටහෙන බව දැන ‘මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නම් කොතැන ඇත්තාහු ද, කොතැන නැත්තාහු ද, කවරක්හට හෝ ඇත්තාහු ද, කවරක්හට හෝ නැත්තාහු දැ’යි මෙසේ සැලකිය යුතුය. නැවත මෙසේ සලකන්නහු විසින් ‘මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ මවුකුස තුළ වසන්නවුන්ට නැත්තාහ, දියෙහි ගිලුනවුන්ට නැත්තාහ, විසංඥවූවන්ට, මළවුන්ට, චතුර්‍ත්‍ථද්ධ්‍යානයට සමවැදුනවුන්ට, රූපාරූපභවයන්හි උපන්නවුන්ට, නිරෝධ සමාපත්තියට නැත්තාහයි දැන ‘පණ්ඩිතය තෝ මවුකුසට නොගියේම නොවෙහිද? දියෙහි නොගිලුනෙක් නොවෙහිද? විසංඥ නොවූයේ, නොමළේ චතුර්‍ත්‍ථද්ධ්‍යානයට නොසමවැදුනේ රූපාරූපභව හා නොයෙදුනේ නිරෝධ සමාපත්තියට නොපැමිණියේ නොවෙහි ද? තට මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ ඇත්තාහුමය, නුවණ මඳ බැවින් කර්‍මස්ථානය හැමතින් ගන්නට නොහැක්කෙහියි මෙසේ තමන් විසින්ම තෙමේ පෙරළා චෝදනා කළයුතුය. එකල්හි මේ යෝගීහු විසින් ප්‍රකෘතියෙන් පහස්නාලද අවකාශයාගේ වසයෙන් සිත තබා මනස්කාරය පැවැත්විය යුතුයි. මේ ආශ්වාස ප්‍රශ්වාසයෝ වනාහි දීර්‍ඝනාසය ඇත්තහුගේ නාසාපුටය ගටමින් පවතිත්. දීර්‍ඝ නොවූ (කොට) නැහය ඇත්තහුගේ උඩු තොල් කෙළවර ගටමින් පවතිත්. එහෙයින් මේ යෝගීහු විසින් ‘ආශ්වාස ප්‍රශ්වාසයෝ මෙනම් තැන ගටත්’යි නිමිත්ත තැබිය යුතුය. මේ අර්‍ත්‍ථය සඳහාම භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි! මම මුළා වූ සිහි ඇති නුවණ නැත්තහුට ආනාපානසතිය වැඩීම නොකියමි’යි වදාරණ ලද්දේය. කිසිසේත්ම යම්කිසි කර්‍මස්ථානයක් වේ ද, එය සිහි ඇතියහුටම නුවණ ඇතියහුටම නිපදනේය. මෙයින් අන්‍ය කර්‍මස්ථානයක් මෙනෙහි කරන්නහුට නිමිත්ත ප්‍රකට වේ. මේ ආනාපානසතිකම්මට්ඨානය ගරුකය. ගරුභාවනාවක් වේ. බුදු පසේබුදු බුදුපුත් වූ මහා පුරුෂයන්ගේම මනස්කාරභූමිය වූයේය. මේ කර්‍මස්ථානය සුලු එකක් නොවේ. ලාමක සත්ත්‍වයන් විසින් සෙවුනා ලද්දක් නොවේ. යම් යම් අයුරකින් මෙනෙහි කරණු ලැබේ ද, ඒ ඒ අයුරින් ශාන්ත ද සියුම් ද වේ. එහෙයින් මේ ආනාපානසතියෙහි බලවත් සිහිය ද නුවණ ද කැමැති විය යුතුය.

යථා හි මට‍්ඨසාටකස‍්ස තුන‍්නකරණකාලෙ සූචිපි සුඛුමා ඉච‍්ඡිතබ‍්බා, සූචිපාසවෙධනම‍්පි තතො සුඛුමතරං; එවමෙව මට‍්ඨසාටකසදිසස‍්ස ඉමස‍්ස කම‍්මට‍්ඨානස‍්ස භාවනාකාලෙ සූචිපටිභාගා සතිපි සූචිපාසවෙධනපටිභාගා තංසම‍්පයුත‍්තා පඤ‍්ඤාපි බලවතී ඉච‍්ඡිතබ‍්බා. තාහි ච පන සතිපඤ‍්ඤාහි සමන‍්නාගතෙන භික‍්ඛුනා න තෙ අස‍්සාසපස‍්සාසා අඤ‍්ඤත්‍ර පකතිඵුට‍්ඨොකාසා පරියෙසිතබ‍්බා.

යම්සේ පටසළුව මසන කාලයෙහි සියුම් වූ ඉදිකටුවක් කැමැති විය යුතු ද, එයට වඩා ඉතා සියුම් හිදිවිදින කටුවක් කැමැති විය යුතු ද, එපරිද්දෙන්ම පටසළුවක් සමාන වූ මේ කර්‍මස්ථානය භාවනා කරන කාලයෙහි හිදි සමාන වූ සිහිය ද, හිදිවිදින කටුව සමාන වූ ඒ හා යෙදුනු බලවත් නුවණ ද කැමැති විය යුතුය. ඒ ස්මෘති ප්‍රඥාවන්ගෙන් යුක්ත වූ මහණහු විසින් ඒ ආශ්වාස ප්‍රශ්වාසයෝ ප්‍රකෘතියෙන් පහස්නාලද අවකාශය හැර නොසෙවිය යුත්තාහ.

යථා පන කස‍්සකො කසිං කසිත්‍වා බලිබද‍්දෙ මුඤ‍්චිත්‍වා ගොචරාභිමුඛෙ කත්‍වා ඡායාය නිසින‍්නො විස‍්සමෙය්‍ය, අථස‍්ස තෙ බලිබද‍්දා වෙගෙන අටවිං පවිසෙය්‍යුං. යො හොති ඡෙකො කස‍්සකො සො පුන තෙ ගහෙත්‍වා යොජෙතුකාමො න තෙසං අනුපදං ගන‍්ත්‍වා අටවිං ආහිණ‍්ඩති. අථ ඛො රස‍්මිඤ‍්ච පතොදඤ‍්ච ගහෙත්‍වා උජුකමෙව තෙසං නිපාතතිත්‍ථං ගන‍්ත්‍වා නිසීදති වා නිපජ‍්ජති වා. අථ තෙ ගොණෙ දිවසභාගං චරිත්‍වා නිපාතතිත්‍ථං ඔතරිත්‍වා න‍්හත්‍වා ච පිවිත්‍වා ච පච‍්චුත‍්තරිත්‍වා ඨිතෙ දිස‍්වා රස‍්මියා බන්‍ධිත්‍වා පතොදෙන විජ‍්ඣන‍්තො ආනෙත්‍වා යොජෙත්‍වා පුන කම‍්මං කරොති; එවමෙව තෙන භික‍්ඛුනා න තෙ අස‍්සාසපස‍්සාසා අඤ‍්ඤත්‍ර පකතිඵුට‍්ඨොකාසා පරියෙසිතබ‍්බා. සතිරස‍්මිං පන පඤ‍්ඤාපතොදඤ‍්ච ගහෙත්‍වා පකතිඵුට‍්ඨොකාසෙ චිත‍්තං ඨපෙත්‍වා මනසිකාරො පවත‍්තෙතබ‍්බො. එවඤ‍්හිස‍්ස මනසිකරොතො නචිරස‍්සෙව තෙ උපට‍්ඨහන‍්ති, නිපාතතිත්‍ථෙ විය ගොණා. තතො තෙන සතිරස‍්මියා බන්‍ධිත්‍වා තස‍්මිංයෙව ඨානෙ යොජෙත්‍වා පඤ‍්ඤාපතොදෙන විජ‍්ඣන‍්තෙන පුන කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජිතබ‍්බං; තස‍්සෙවමනුයුඤ‍්ජතො නචිරස‍්සෙව නිමිත‍්තං උපට‍්ඨාති. තං පනෙතං න සබ‍්බෙසං එකසදිසං හොති ; අපිච ඛො කස‍්සචි සුඛසම‍්ඵස‍්සං උප‍්පාදයමානො තූලපිචු විය, කප‍්පාසපිචු විය, වාතධාරා විය ච උපට‍්ඨාතීති එකච‍්චෙ ආහු.

යම්සේ වනාහි ගොවියෙක් තෙමේ සීසෑම කොට ගොනුන් මුදා හැර ගොදුරුබිමට අභිමුඛකොට සෙවණෙක හුන්නේ විඩා හරින්නේද එකල්හි මොහුගේ ඒ ගොන්නු වේගයෙන් දුවගොස් වනයට පිවිසෙන්නාහු ද, යම් ගොවියෙක් දක්‍ෂ වේද, ඒ ගොවි තෙමේ නැවත උන් අල්ලාගෙන වැඩෙහි යොදනු කැමැත්තේ උන්ගේ පා අනුව ගොස් වනයෙහි නො ඇවිදියි. එකල්හි රැහණ ද කැවිට ද ගෙණ සජුවම ඒ ගොනුන් රැස්ව තොටට ගොස් හිඳින්නේ හෝ වෙයි. හෝනේ හෝ වෙයි. එකල්හි ඒ ගොනුන් දාවල ඇවිද තණ කා රැස්වන තොටට බැස නා පැන් ද බී ගොඩ නැගී සිටියවුන් දැක රැහණින් බැඳ කැවිටෙන් විදිමින් ගෙන අවුත් නගුලෙහි යොදා නැවත වැඩ කෙරේද, එපරිද්දෙන්ම ඒ මහණහු විසින් ඒ ආශ්වාස ප්‍රශ්වාසයෝ ප්‍රකෘතියෙන් පහස්නාලද අවකාශය හැර නොසෙවිය යුත්තාහ. සිහි නැමැති රැහණ ද නුවණ නැමැති කෙවිට ද ගෙන ස්වභාවයෙන් පහස්නාලද තැන සිත තබා මනස්කාරය පැවැත්විය යුතුය. මෙසේ මෙනෙහි කරන මොහුට වැඩි දවස් නොගොස්ම ආශ්වාස ප්‍රශ්වාසයෝ වැටහෙන්නාහ. පැන් තොටට පැමිණි ගොනුන් මෙනි. ඉක්බිති ඒ මහණහු විසින් ඒ ආශ්වාස ප්‍රශ්වාසයන් සිහි නැමැති රැහණින් බැඳ උපනිබන්‍ධන නම් වූ එතැනම මනස්කාරයන් යොදා නුවණ නැමැති කෙවිටෙන් විදින්නාහු නැවැත කර්‍මස්ථානයෙහි යෙදිය යුතුය. මෙසේ කර්‍මස්ථානයෙහි යෙදෙන්නා වූ ඔහුට නොබෝකලකින්ම උද්ග්‍රහ නිමිත්ත හෝ ප්‍රතිභාග නිමිත්ත හෝ උපදියි. ඒ මේ නිමිත්ත හැමදෙනාහටම එක හා සමාන නොවේ. වැලි කෙසේද යත්:- කිසිවහක්ට සුවපහස් උපදවන ඉඹුල්පුලුන් පිඩක් මෙන් ද, කපුපුලුන් පිඩක් මෙන් ද, වායුධාරාවක් මෙන්ද වැටහේයයි ඇතැම් ඇදුරෝ කියත්.

අයං පන අට‍්ඨකථාවිනිච‍්ඡයො – ඉදඤ‍්හි කස‍්සචි තාරකරූපං විය, මණිගුළිකා විය, මුත‍්තාගුළිකා විය ච කස‍්සචි ඛරසම‍්ඵස‍්සං හුත්‍වා කප‍්පාසට‍්ඨි විය, සාරදාරුසූචි විය ච කස‍්සචි දීඝපාමඞ‍්ගසුත‍්තං විය, කුසුමදාමං විය, ධූමසිඛා විය ච කස‍්සචි විත්‍ථත මක‍්කටකසුත‍්තං විය, වලාහකපටලං විය, පදුමපුප‍්ඵං විය, රථචක‍්කං විය, චන්‍දමණ‍්ඩලං විය, සූරියමණ‍්ඩලං විය ච උපට‍්ඨාති. තඤ‍්ච පනෙතං යථා සම‍්බහුලෙසු භික‍්ඛූසු සුත‍්තන‍්තං සජ‍්ඣායිත්‍වා නිසින‍්නෙසු එකෙන භික‍්ඛුනා “තුම‍්හාකං කීදිසං හුත්‍වා ඉදං සුත‍්තං උපට‍්ඨාතී”ති වුත‍්තෙ එකො “මය‍්හං මහතී පබ‍්බතෙය්‍යා නදී විය හුත්‍වා උපට‍්ඨාතී”ති ආහ. අපරො “මය‍්හං එකා වනරාජි විය”. අඤ‍්ඤො “මය‍්හං සීතච‍්ඡායො සාඛාසම‍්පන‍්නො ඵලභාරභරිතරුක‍්ඛො වියා”ති. තෙසඤ‍්හි තං එකමෙව සුත‍්තං සඤ‍්ඤානානතාය නානතො උපට‍්ඨාති. එවං එකමෙව කම‍්මට‍්ඨානං සඤ‍්ඤානානතාය නානතො උපට‍්ඨාති. සඤ‍්ඤජඤ‍්හි එතං සඤ‍්ඤානිදානං සඤ‍්ඤාප‍්පභවං තස‍්මා සඤ‍්ඤානානතාය නානතො උපට‍්ඨාතීති වෙදිතබ‍්බං.

මේ වනාහි අර්‍ත්‍ථකථා විනිශ්චයයි:- මේ නිමිත්ත වනාහි කිසිවක්හට තාරකාවෙහි ප්‍රභාරූපයක් මෙන් ද, මිණිගුළියක් මෙන් ද, මුතුගුළියක් මෙන් ද, කිසිවක්හට රළුපහස් ඇති කපුඇටක් මෙන් ද, හරදැව ඉද්දක් මෙන් ද, කිසිවක්හට දිග හවඩියක් මෙන්ද, මල්දමක් මෙන්ද, දුම්සිළක් මෙන්ද, කිසිවක්හට පතළ මකුළුහුයක් මෙන්ද, වලාපටලයක් මෙන්ද, නෙළුම් මලක් මෙන්ද, රියසකක් මෙන්ද, සඳමඩල මෙන්ද හිරුමඬල මෙන්ද වැටහේ. ඒ මේ නිමිත්ත ද වනාහි යම්සේ බොහෝ මහණුන් සූත්‍රාන්තය හදාරා හුන් කල්හි එක් මහණහු විසින් ‘තොපට මේ සූත්‍රය කෙසේ වැටහේදැ’යි විචාළ කල්හි උන් අතුරෙහි එක් මහණෙක් ‘මහා පර්‍වතයකින් ගලා බස්නා ගඞ්ගාවක සේ මට වැටහේය’යි කීය. අනෙකෙක් ‘මට එක් වනරොදක් සේ’ ද, අනෙකෙක් ‘මට සිහිල් සෙවණැති අතු පතරින් යුත් පලින් බර වූ රුකක් සේ ද වැටහේය’යි කීය. ඔවුන්ට ඒ එක්ම සූත්‍රය නිමිත්ත එළැඹ සිටීමට පෙර පැවැති සංඥාවන්ගේ නානාත්‍වයෙන් නොයෙක් අයුරින් වැටහුනේය. මෙසේ එක්ම කර්‍මස්ථානය සංඥානානාත්‍වයෙන් නොයෙක් ලෙසින් වැටහේ. මෙය නිමිත්ත සංඥාවෙන් හටගත්තේය. සංඥාව නිදානකොට ඇත්තේය. සංඥාව ප්‍රභවස්ථානය කොටඇත්තේය. එහෙයින් සංඥා නානාත්‍ව හේතුවෙන් නොයෙක් අයුරින් වැටහේයයි දතයුතුය.

එත්‍ථ ච අඤ‍්ඤමෙව අස‍්සාසාරම‍්මණං චිත‍්තං, අඤ‍්ඤං පස‍්සාසාරම‍්මණං, අඤ‍්ඤං නිමිත‍්තාරම‍්මණං යස‍්ස හි ඉමෙ තයො ධම‍්මා නත්‍ථි, තස‍්ස කම‍්මට‍්ඨානං නෙව අප‍්පනං න උපචාරං පාපුණාති. යස‍්ස පනිමෙ තයො ධම‍්මා අත්‍ථි, තස‍්සෙව කම‍්මට‍්ඨානං අප‍්පනඤ‍්ච උපචාරඤ‍්ච පාපුණාති. වුත‍්තඤ‍්හෙතං –

මෙහිදු ආශ්වාසය අරමුණු කොට ඇති සිත අනෙකෙක්මය. ප්‍රශ්වාසය අරමුණුකොට ඇති සිත අනෙකෙක. නිමිත්ත අරමුණුකොට ඇති සිත අනෙකෙක. යම් යෝගාවචරයක්හට මේ ආශ්වාස - ප්‍රශ්වාස - නිමිත්ත යන ධර්‍ම තුන නැත්තේ ද ඔහුගේ කර්‍මස්ථානය අර්‍පණාවට නොම පැමිණේ. උපචාරයට නොම පැමිණේ. යම් යෝගාවචරයක්හට වනාහි මේ ධර්‍ම තුන ඇත්තේ ද, ඔහුගේම කර්‍මස්ථානය අර්‍පණාවටත් උපවාරයටත් පැමිණේ. මෙය කියන ලද්දේය:-

“නිමිත‍්තං අස‍්සාසපස‍්සාසා, අනාරම‍්මණමෙකචිත‍්තස‍්ස; අජානතො ච තයො ධම‍්මෙ, භාවනානුපලබ‍්භති.

‘නිමිත්තං අස්සාසපස්සාසා - අනාරම්මණමෙකචිත්තස්ස, අජානතො ච තයො ධම්මෙ - භාවනා නූපලබ්භති.

“නිමිත‍්තං අස‍්සාසපස‍්සාසා, අනාරම‍්මණමෙකචිත‍්තස‍්ස; ජානතො ච තයො ධම‍්මෙ, භාවනා උපලබ‍්භතී”ති. (විසුද‍්ධි· 1.231);

නිමිත්තං අස්සාසපස්සාසා - අනාරම්මණමෙකචිත්තස්ස, ජානතො ච තයො ධම්මෙ - භාවනා උපලබ්භති’

එවං උපට‍්ඨිතෙ පන නිමිත‍්තෙ තෙන භික‍්ඛුනා ආචරියසන‍්තිකං ගන‍්ත්‍වා ආරොචෙතබ‍්බං – “මය‍්හං, භන‍්තෙ, එවරූපං නාම උපට‍්ඨාතී”ති. ආචරියෙන පන “එතං නිමිත‍්ත”න‍්ති වා “න නිමිත‍්ත”න‍්ති වා න වත‍්තබ‍්බං. “එවං හොති, ආවුසො”ති වත්‍වා පන “පුනප‍්පුනං මනසි කරොහී”ති වත‍්තබ‍්බො. “නිමිත‍්ත”න‍්ති හි වුත‍්තෙ වොසානං ආපජ‍්ජෙය්‍ය; “න නිමිත‍්ත”න‍්ති වුත‍්තෙ නිරාසො විසීදෙය්‍ය. තස‍්මා තදුභයම‍්පි අවත්‍වා මනසිකාරෙයෙව නියොජෙතබ‍්බොති. එවං තාව දීඝභාණකා. මජ‍්ඣිමභාණකා පනාහු – “නිමිත‍්තමිදං, ආවුසො, කම‍්මට‍්ඨානං පුනප‍්පුනං මනසි කරොහි සප‍්පුරිසාති වත‍්තබ‍්බො”ති. අථානෙන නිමිත‍්තෙයෙව චිත‍්තං ඨපෙතබ‍්බං. එවමස‍්සායං ඉතො පභුති ඨපනාවසෙන භාවනා හොති. වුත‍්තඤ‍්හෙතං පොරාණෙහි –

මෙසේ යථොක්ත ප්‍රතිභාග නිමිත්ත එළැඹ සිටි කල්හි ඒ මහණහු විසින් ඇදුරහු වෙතට ගොස් ‘ස්වාමීනි! මට මෙවැන්නක් වැටහේය’යි කියයුතුය. ඇදුරහු විසින් වනාහි ‘මෙය නිමිත්තයි හෝ නිමිත්ත නොවේ’යි හෝ නොකිය යුතුය. ‘ඇවැත! භාවනාවෙහි යෙදෙන්නවුනට මෙසේ වේය’යි කියා ‘නැවත නැවත මෙනෙහි කරව’යි කියයුතුය. නිමිත්තයි කියූකල්හි ‘නිමිත්ත ඉපදවීම දුෂ්කරය, එය මා විසින් ලද්දේය, එහෙයින් මම දැන් යම් ඒ කලෙක විශේෂය උපදවන්නෙමි’යි හැකිළීමට පැමිණෙන්නේය. ‘නිමිත්ත නොවේ’යි කියූ කල්හි ආලය රහිතව පසුබස්නේය. එහෙයින් එදෙකම නොකියා මනස්කාරයෙහිම යෙදිය යුතුයයි මෙසේ වනාහි දිඝභාණකයෝ කීහ. මජ්ඣිමභාණකයෝ වනාහි ‘ඇවැත! සත්පුරුෂය ‘මේ නිමිත්තය, නැවත නැවතත් කර්‍මස්ථානයය මෙනෙහි කරව’යි කියයුතුයයි කීහ. එකල්හි මේ යෝගාවචරයා විසින් නිමිත්තෙහිම සිත තැබිය යුතුය. මෙසේ ඇති කල්හි මොහුගේ මේ ප්‍රතිභාගනිමිත්තොත්පත්තියෙහි පටන් මුලින් කියූ අනුබන්‍ධන ඵුසන දෙක හැර ඨපනා වසයෙන් මෝ භාවනාව වන්නීය. පෙර ඇදුරන් විසින්:-

“නිමිත‍්තෙ ඨපයං චිත‍්තං, නානාකාරං විභාවයං; ධීරො අස‍්සාසපස‍්සාසෙ, සකං චිත‍්තං නිබන්‍ධතී”ති. (විසුද‍්ධි· 1.232; පටි· ම· අට‍්ඨ· 2.1.163);

ධෛර්‍ය්‍යවත් යොගීතෙමේ ආශ්වාස ප්‍රශ්වාසයන් නන් අයුරින් ප්‍රකට කරමින් නොහොත් ඖදාරික ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සන්සිඳුවමින් එහි යම් ප්‍රතිභාග නිමිත්තක් ලබන්නේ ද එහි සිත පිහිටුවමින් පිළිවෙළින් තමාගේ සිත ඒ ප්‍රතිභාග නිමිත්තෙහි අර්‍පණා වශයෙන් බඳින්නේය’යි කියන ලද්දේය.

තස‍්සෙවං නිමිත‍්තුපට‍්ඨානතො පභුති නීවරණානි වික‍්ඛම‍්භිතානෙව හොන‍්ති කිලෙසා සන‍්නිසින‍්නාව සති උපට‍්ඨිතායෙව, චිත‍්තං සමාහිතමෙව. ඉදඤ‍්හි ද‍්වීහාකාරෙහි චිත‍්තං සමාහිතං නාම හොහි – උපචාරභූමියං වා නීවරණප‍්පහානෙන, පටිලාභභූමියං වා අඞ‍්ගපාතුභාවෙන. තත්‍ථ “උපචාරභූමී”ති උපචාරසමාධි; “පටිලාභභූමී”ති අප‍්පනාසමාධි. තෙසං කිං නානාකරණං? උපචාරසමාධි කුසලවීථියං ජවිත්‍වා භවඞ‍්ගං ඔතරති, අප‍්පනාසමාධි දිවසභාගෙ අප‍්පෙත්‍වා නිසින‍්නස‍්ස දිවසභාගම‍්පි කුසලවීථියං ජවති, න භවඞ‍්ගං ඔතරති. ඉමෙසු ද‍්වීසු සමාධීසු නිමිත‍්තපාතුභාවෙන උපචාරසමාධිනා සමාහිතං චිත‍්තං හොති . අථානෙන තං නිමිත‍්තං නෙව වණ‍්ණතො මනසිකාතබ‍්බං, න ලක‍්ඛණතො පච‍්චවෙක‍්ඛිතබ‍්බං. අපිච ඛො ඛත‍්තියමහෙසියා චක‍්කවත‍්තිගබ‍්භො විය කස‍්සකෙන සාලියවගබ‍්භො විය ච අප‍්පමත‍්තෙන රක‍්ඛිතබ‍්බං; රක‍්ඛිතං හිස‍්ස ඵලදං හොති.

මෙසේ ඔහුට නිමිත්ත වැටහුනු තැන් පටන් පඤ්චනීවරණයෝ යටපත් වූවාහුම වෙත්. ක්ලේශයෝ සන්සිඳුනාහුම වෙත්. සිහිය එළැඹ සිටියාම වේ. සිත එකඟ වූයේමය. මේ සිත උපචාර භූමියෙහි නීවරණ ප්‍රහාණයෙන් හෝ ධ්‍යානාධිගම අවස්ථාවෙහි ධ්‍යානාඞ්ගයන්ගේ පහළවීමෙන් හෝ යන දෙයාකාරයෙන් සිත එකඟ වේ. එහි උපචාරභූමි යනු උපචාර සමාධියයි. පටිලාභභූමි යනු අර්‍පණාසමාධියයි. ඔවුන්ගේ වෙනස කවරේ ද යත්:- උපචාර සමාධිය කුශලවීථියෙහි දුවගොස් භවාඞ්ගයට බස්නේය. අර්‍පණා සමාධිය දිවසභාගයෙහි පමුණුවා හුන්නහුට දවස මුළුල්ලෙහිම කුශලවීථියෙහි දුවන්නේය. භවාඞ්ගයට නොබස්නේය. මේ සමාධි දෙක අතුරෙහි නිමිත්ත පහළ වීමෙහි දී උපචාර සමාධියෙන් සිත එකඟ වේ. එකහි යෝගීහු විසින් ඒ නිමිත්ත, එළැඹ සිටි වර්‍ණ වශයෙන් සිත්හි නොම කටයුතුය. ක්‍රෑරභාවාදි ස්වභාවයෙන් හෝ අනිත්‍යාදි ස්වභාවයෙන් හෝ ප්‍රත්‍යවෙක්‍ෂා නොකටයුතුය. එතකුදු වුවත් කැත් මෙහෙසියක විසින් සක්විති ගැබක් මෙන්ද ගොවියකු විසින් හැල්යව ගැබක් මෙන් ද අප්‍රමත්ත වූවහු විසින් රැකිය යුතුය. රක්නාලද නිමිත්ත වනාහි මොහුට ඵල දෙන්නේ වේ.

“නිමිත‍්තං රක‍්ඛතො ලද‍්ධ, පරිහානි න විජ‍්ජති; ආරක‍්ඛම‍්හි අසන‍්තම‍්හි, ලද‍්ධං ලද‍්ධං විනස‍්සතී”ති.

‘නිමිත්ත රක්නාහට ලැබූ උපචාරද්ධ්‍යාන පරිහානියක් නැත්තේය. රැකීම් නැති කල්හි ලද ලද උපචාරද්ධ්‍යානය නැසී යන්නේය,

තත්‍රායං රක‍්ඛණූපායො – තෙන භික‍්ඛුනා ආවාසො, ගොචරො, භස‍්සං, පුග‍්ගලො, භොජනං, උතු, ඉරියාපථොති ඉමානි සත‍්ත අසප‍්පායානි වජ‍්ජෙත්‍වා තානෙව සත‍්ත සප‍්පායානි සෙවන‍්තෙන පුනප‍්පුනං තං නිමිත‍්තං මනසිකාතබ‍්බං. එවං සප‍්පායසෙවනෙන නිමිත‍්තං ථිරං කත්‍වා වුඩ‍්ඪිං විරූළ‍්හිං ගමයිත්‍වා වත්‍ථුවිසදකිරියා, ඉන්‍ද්‍රියසමත‍්තපටිපාදනතා, නිමිත‍්තකුසලතා, යස‍්මිං සමයෙ චිත‍්තං සපග‍්ගහෙතබ‍්බ තස‍්මිං සමයෙ චිත‍්තපග‍්ගණ‍්හනා, යස‍්මිං සමයෙ චිත‍්තං නිග‍්ගහෙතබ‍්බං තස‍්මිං සමයෙ චිත‍්තනිග‍්ගණ‍්හනා, යස‍්මිං සමයෙ චිත‍්තං සම‍්පහංසෙතබ‍්බං තස‍්මිං සමයෙ සම‍්පහංසෙතබ‍්බං තස‍්මිං සමයෙ චිත‍්තසම‍්පහංසනා, යස‍්මිං සමයෙ චිත‍්තං අජ‍්ඣුපෙක‍්ඛිතබ‍්බං තස‍්මිං සමයෙ චිත‍්තඅජ‍්ඣුපෙක‍්ඛනා, අසමාහිතපුග‍්ගලපරිවජ‍්ජනා, සමාහිතපුග‍්ගලසෙවනා, තදධිමුත‍්තතාති ඉමානි දස අප‍්පනාකොසල‍්ලානි අවිජහන‍්තෙන යොගො කරණීයො.

මේ එහි රක්නා උපායය:- යම් ආවාසයෙක වසන්නහුට නොඋපන් නිමිත්ත නො උපදී ද, උපන් නිමිත්ත නැසී යේ ද, නො එළැඹ සිටි සිහිය නො එළැඹ සිටීද, එකඟ නොවූ සිත එකඟ නොවේද, එබඳු ආවාසය, සෙනසුනට උතුරෙන් හෝ දකුණෙන් හෝ ඉතා දුර වූ සැතපුම් එක්හමාරකට වඩා දුර වූ ආහාරපාන සුලභ නොවූ ගොදුරු ගමය, දෙතිස් තිරශ්චීන කථාවට ඇතුළත් වූ දශකථාවස්තු ඇසුරු නොකළ කථාය, ශීලාදිගුණයුක්ත කථාවෙන් තොරවූ යමකු නිසා එකඟ නොවූ සිත එකඟ නොවේද, එකඟ වූ සිත නො එකඟ වේද එබඳු පුද්ගලයා තමහට නො සැප වූ භොජනය, නොසැප වූ සෘතුය, නොසැප වූ ඉරියවුය යන මේ සප්තවිධ අස්තප්‍රායයන් දුරුකොට කියන ලද්දවුනට වෙනස් වූ සත්ප්‍රාය වූ එම සත සෙවනය කරන ඒ මහණහු විසින් නැවත නැවත ඒ නිමිත්ත මෙනෙහි කටයුතුය. මෙසේ සත්ප්‍රාය සෙවනයෙන් නිමිත්ත ස්ථිර කොට වැඩීමට හටගැනීමට පමුණුවා, ආධ්‍යාත්මික බාහිරවස්තු පිරිසිදු කිරීම, ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්ගේ සමබව කිරීම, භාවනාවෙන් ලත් නිමිත්ත රැකීමෙහි දක්‍ෂභාවය, යම්කලෙක සිත ප්‍රග්‍රහ කටයුත්තේද ඒකාලයෙහි චිත්තනිග්‍රහණය, යම්කලෙක සිත සතුටු කළ යුත්තේද, ඒ කාලයෙහි සිත සතුටු කිරීම, යම්කලෙක සිත නිග්‍රහ කටයුත්තේ ද, ඒ කාලයෙහි චිත්තනිග්‍රහණය, යම්කලෙක සිත මැදහත්ව බැලිය යුත්තේ ද ඒ කාලයෙහි සිත මැදහත්ව බැලීම, වික්‍ෂිප්ත පුද්ගලයන් දුරුකිරීම, සමාධිලාභී පුද්ගලයන් සෙවනය කිරීම, සමාධියට සිත නැමීම යන මේ දශඅර්‍පණා කෞශල්‍යයන් නොහරින්නහු විසින් වීර්‍ය්‍යය සමත්‍වයෙහි යොදා නැවත නැවත යොග කටයුතුය.

තස‍්සෙවං අනුයුත‍්තස‍්ස විහරතො ඉදානි අප‍්පනා උප‍්පජ‍්ජිස‍්සතීති භවඞ‍්ගං විච‍්ඡින්‍දිත්‍වා නිමිත‍්තාරම‍්මණං මනොද‍්වාරාවජ‍්ජනං උප‍්පජ‍්ජති. තස‍්මිඤ‍්ච නිරුද‍්ධෙ තදෙවාරම‍්මණං ගහෙත්‍වා චත‍්තාරි පඤ‍්ච වා ජවනානි, යෙසං පඨමං පරිකම‍්මං, දුතියං උපචාරං, තතියං අනුලොමං, චතුත්‍ථං ගොත්‍රභු , පඤ‍්චමං අප‍්පනාචිත‍්තං. පඨමං වා පරිකම‍්මඤ‍්චෙව උපචාරඤ‍්ච, දුතියං අනුලොමං, තතියං ගොත්‍රභු, චතුත්‍ථං අප‍්පනාචිත‍්තන‍්ති වුච‍්චති. චතුත්‍ථමෙව හි පඤ‍්චමං වා අප‍්පෙති, න ඡට‍්ඨං සත‍්තමං වා ආසන‍්නභවඞ‍්ගපාතත‍්තා.

මෙසේ යෙදී වසන ඒ යෝගීහට අර්‍පණාව දැන් උපදින්නීයයි භවාඞ්ගය සිඳගෙන නිමිත්ත, අරමුණුකොට මනොද්වාරාර්‍ජනය උපදින්නේය. එය නිරුද්ධව ගිය කල්හි ඒ අරමුණම ගෙන සතරක් හෝ පසක් ජවනයෝ වෙත්. යම් ජවන කෙනකුන් අතුරෙහි පළමුවැන්න පරිකර්‍මය වේද, දෙවැන්න උපචාරය වේද, තෙවැන්න අනුලොමය වේද, සිවුවැන්න ගොත්‍රභූ වේද, එකල්හි පස්වැන්න අර්‍පණාචිත්තය වේ. නොහොත් පළමුවැන්න පරිකර්‍ම ද උපචාර ද වේද දෙවැන්න අනුලොමය වේ. තෙවැන්න ගොත්‍රභූ වේ. සිවුවැන්න අර්‍පණාචිත්තයයි කියනු ලැබේ. සිවුවැනි වූම ගොත්‍රභූඥානය පස්වැනි වූ අර්‍පණාචිත්තයට හෝ පැමිණේ. සවැන්නට හෝ සත්වැන්නට හෝ නොපැමිණේ. ලං වූ භවාඞ්ගපාතය ඇති බැවිනි.

ආභිධම‍්මිකගොදත‍්තත්‍ථෙරො පනාහ – “ආසෙවනපච‍්චයෙන කුසලා ධම‍්මා බලවන‍්තො හොන‍්ති; තස‍්මා ඡට‍්ඨං සත‍්තමං වා අප‍්පෙතී”ති. තං අට‍්ඨකථාසු පටික‍්ඛිත‍්තං. තත්‍ථ පුබ‍්බභාගචිත‍්තානි කාමාවචරානි හොන‍්ති, අප‍්පනාචිත‍්තං පන රූපාවචරං. එවමනෙන පඤ‍්චඞ‍්ගවිප‍්පහීනං, පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං, දසලක‍්ඛණසම‍්පන‍්නං, තිවිධකල්‍යාණං, පඨමජ‍්ඣානං අධිගතං හොති. සො තස‍්මිංයෙවාරම‍්මණෙ විතක‍්කාදයො වූපසමෙත්‍වා දුතියතතියචතුත්‍ථජ‍්ඣානානි පාපුණාති. එත‍්තාවතා ච ඨපනාවසෙන භාවනාය පරියොසානප‍්පත‍්තො හොති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපකථා. විත්‍ථාරො පන ඉච‍්ඡන‍්තෙන විසුද‍්ධිමග‍්ගතො ගහෙතබ‍්බො.

‘ආසෙවන ප්‍රත්‍යයයෙන් කුශල ධර්‍මයෝ බලවත් වෙති. එහෙයින් සවැනි වූ ජවන චිත්තයට හෝ සත්වැනි වූ ජවන චිත්තයට හෝ පැමිණේයයි ආභිධම්මික ගොදත්ත ස්ථවිරයන් වහන්සේ කීහ. ඒ කීම අර්‍ත්‍ථකථාවන්හි ප්‍රතික්‍ෂෙප කරන ලදී. එහි පූර්‍වභාග තෘතීය චතුර්‍ත්‍ථ චිත්තයෝ කාමාවචර වෙති. අර්‍පණා චිත්තය වනාහි රූපාවචර වේ. මෙසේ මේ යෝගීහු විසින් පඤ්චාඞ්ගයෙන් යුක්ත වූ දශලක්‍ෂණසමන්‍වාගත වූ ත්‍රිවිධ කල්‍යාණයක් ඇති ප්‍රථමද්ධ්‍යානය අවබොධ කරන ලද්දේ වේ. ඒ යොගී තෙමේ එම අරමුණෙහි විතර්‍කාදිය සන්සිඳුවා දෙවන තෙවන සිවුවන ධ්‍යානයන්ට පැමිණේ. මෙපමණකින් ඨපනා වශයෙන් භාවනාවෙහි කෙළවරට පැමිණියේ වේ. මේ මෙහි කෙටිකතාය. විස්තරය කැමැත්තහු විසින් විශුද්ධිමාර්‍ගයෙන් ගතයුතුය.

එවං පත‍්තචතුත්‍ථජ‍්ඣානො පනෙත්‍ථ භික‍්ඛු සල‍්ලක‍්ඛණාවිවට‍්ටනාවසෙන කම‍්මට‍්ඨානං වඩ‍්ඪෙත්‍වා පාරිසුද‍්ධිං පත‍්තුකාමො තදෙව ඣානං ආවජ‍්ජනසමාපජ‍්ජනඅධිට‍්ඨානවුට‍්ඨානපච‍්චවෙක‍්ඛණසඞ‍්ඛාතෙහි පඤ‍්චහාකාරෙහි වසිප‍්පත‍්තං පගුණං කත්‍වා අරූපපුබ‍්බඞ‍්ගමං වා රූපං, රූපපුබ‍්බඞ‍්ගමං වා අරූපන‍්ති රූපාරූපං පරිග‍්ගහෙත්‍වා විපස‍්සනං පට‍්ඨපෙති. කථං? සො හි ඣානා වුට‍්ඨහිත්‍වා ඣානඞ‍්ගානි පරිග‍්ගහෙත්‍වා තෙසං නිස‍්සයං හදයවත්‍ථුං තං නිස‍්සයානි ච භූතානි තෙසඤ‍්ච නිස‍්සයං සකලම‍්පි කරජකායං පස‍්සති. තතො “ඣානඞ‍්ගානි අරූපං, වත්‍ථාදීනි රූප”න‍්ති රූපාරූපං වවත්‍ථපෙති.

මෙසේ මෙහි පැමිණි චතුර්‍ත්‍ථද්ධ්‍යානය ඇති මහණතෙමේ සල්ලක්‍ඛණා විවට්ටනා යන මොවුන්ගේ වසයෙන් කර්‍මස්ථානය වඩා කෙලෙස් කසළ හැර පාරිසුද්ධියට පැමිණෙනු කැමැත්තේ ඒ ධ්‍යානයම ආවජ්ජන - සමාපජ්ජන - අධිට්ඨාන - වුට්ඨාන - පච්චවෙක්‍ඛණ යන පස් අයුරින් වශී‍්‍රප්‍රාප්තකොට ප්‍රගුණ කොට අරූපපූර්‍වඞ්ගම රූපයි හෝ රූපපූර්‍වඞ්ගම අරූපයි හෝ රූපාරූපකර්‍මස්ථානය පරිග්‍රහණයකොට විදර්‍ශනාව පිහිටුවයි. කෙසේද යත්:- ඒ යොගීතෙමේ වනාහි ධ්‍යානයෙන් නැගිට ධ්‍යානාඞ්ගයන් හා තත්සම්ප්‍රයුක්ත ධර්‍මයන් ලක්‍ෂණරසාදි වශයෙන් පරිග්‍රහණයකොට ඒ ධ්‍යානාඞ්ගයන්ට නිශ්ශ්‍රය වූ හෘදයවස්තුව ද, එයට නිශ්ශ්‍රය වූ සතර මහා භූත ද ඔවුන්ට නිශ්ශ්‍රය වූ සියලුම කරජකාය ද දකින්නේය. ඉක්බිති ධ්‍යානාඞ්ගයන් අරූපය, හෘදයවස්තු ආදිය රූපයයි රූපාරූප ව්‍යවස්ථා කරන්නේය.

අථ වා සමාපත‍්තිතො වුට‍්ඨහිත්‍වා කෙසාදීසු කොට‍්ඨාසෙසු පථවීධාතුආදිවසෙන චත‍්තාරි භූතානි තංනිස‍්සිතරූපානි ච පරිග‍්ගහෙත්‍වා යථාපරිග‍්ගහිතරූපාරම‍්මණං යථාපරිග‍්ගහිතරූපවත්‍ථුද‍්වාරාරම‍්මණං වා සසම‍්පයුත‍්තධම‍්මං විඤ‍්ඤාණඤ‍්ච පස‍්සති. තතො “භූතාදීනි රූපං සසම‍්පයුත‍්තධම‍්මං විඤ‍්ඤාණං අරූප”න‍්ති වවත්‍ථපෙති.

නොහොත් සමාපත්තියෙන් නැගිට කෙසාදි කොටස්හි පෘථිවි ධාත්‍වාදීන්ගේ වසයෙන් සතර මහාභූතයන් ද තන්නිශ්‍රිත රූපයන් ද ලක්‍ෂණරසාදි වශයෙන් පරිග්‍රහණය කළ රූපවස්තුද්වරාලම්බන වූ හෝ සම්ප්‍රයුක්තධර්‍මසහිත වූ විඥානය දකියි. ඉක්බිති භූතාදිරූපය සම්ප්‍රයුක්ත ධර්‍මසහිත වූ විඥානය දකියි. ඉක්බිති භූතාදිරූපය සම්ප්‍රයුක්ත ධර්‍මසහිත වූ විඥානය අරූපයි ව්‍යවස්ථා කරන්නේය.

අථ වා සමාපත‍්තිතො වුට‍්ඨහිත්‍වා අස‍්සාසපස‍්සාසානං සමුදයො කරජකායො ච චිත‍්තඤ‍්චාති පස‍්සති. යථා හි කම‍්මාරගග‍්ගරියා ධමමානාය භස‍්තඤ‍්ච පුරිසස‍්ස ච තජ‍්ජං වායාමං පටිච‍්ච වාතො සඤ‍්චරති; එවමෙව කායඤ‍්ච චිත‍්තඤ‍්ච පටිච‍්ච අස‍්සාසපස‍්සාසාති. තතො අස‍්සාසපස‍්සාසෙ ච කායඤ‍්ච රූපං, චිත‍්තඤ‍්ච තංසම‍්පයුත‍්තධම‍්මෙ ච අරූපන‍්ති වවත්‍ථපෙති.

නොහොත් සමවතින් නැගිට ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ උත්පත්තිය ද කරජකය ද සිත ද යන මොවුන් දකියි. යම්සේ කඹුරන්ගේ ගිනි පිඹින සම් පසුම්බියෙන් පිඹින කල්හි සම් පසුම්බිය ද පුරුෂයාගේ එයට අනුරූප වූ ව්‍යායාමය ද නිසා වාතය හැසිරේ ද, එපරිද්දෙන්ම කයත් සිතත් නිසා ආශ්වාස ප්‍රශ්වාසයෝය. ඉක්බිති ආශ්වාස ප්‍රශ්වාසයන් හා කය, රූපයි ද, සිත හා චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් අරූපය යි ද ව්‍යවස්ථා කරන්නේය.

එවං නාමරූපං වවත්‍ථපෙත්‍වා තස‍්ස පච‍්චයං පරියෙසති, පරියෙසන‍්තො ච තං දිස‍්වා තීසුපි අද‍්ධාසු නාමරූපස‍්ස පවත‍්තිං ආරබ‍්භ කඞ‍්ඛං විතරති. විතිණ‍්ණකඞ‍්ඛො කලාපසම‍්මසනවසෙන තිලක‍්ඛණං ආරොපෙත්‍වා උදයබ‍්බයානුපස‍්සනාය පුබ‍්බභාගෙ උප‍්පන‍්නෙ ඔභාසාදයො දස විපස‍්සනුපක‍්කිලෙසෙ පහාය උපක‍්කිලෙසවිමුත‍්තං පටිපදාඤාණං “මග‍්ගො”ති වවත්‍ථපෙත්‍වා උදයං පහාය භඞ‍්ගානුපස‍්සනං පත්‍වා නිරන‍්තරං භඞ‍්ගානුපස‍්සනෙන භයතො උපට‍්ඨිතෙසු සබ‍්බසඞ‍්ඛාරෙසු නිබ‍්බින්‍දන‍්තො විරජ‍්ජන‍්තො විමුච‍්චන‍්තො යථාක‍්කමං චත‍්තාරො අරියමග‍්ගෙ පාපුණිත්‍වා අරහත‍්තඵලෙ පතිට‍්ඨාය එකූනවීසතිභෙදස‍්ස පච‍්චවෙක‍්ඛණඤාණස‍්ස පරියන‍්තප‍්පත‍්තො සදෙවකස‍්ස ලොකස‍්ස අග‍්ගදක‍්ඛිණෙය්‍යො හොති. එත‍්තාවතා චස‍්ස ගණනං ආදිං කත්‍වා විපස‍්සනාපරියොසානා ආනාපානස‍්සතිසමාධිභාවනා ච සමත‍්තා හොතීති.

මෙසේ නාමරූප ව්‍යවස්ථාකොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේය. සොයන්නේ ද එය දැක අතීතාදිකාලත්‍රයයෙහි නාමරූපය පිළිබඳ පැවැත්ම අරභයා ‘මම අතීතයෙහි වූයෙම් දෝ’ යනාදි නයින් පැවැති ෂොඩශවස්තුක විචිකිච්ඡාව දුරු කරන්නේය. තරණය කළ සැක ඇත්තේ කලාප සම්මර්‍ශන වශයෙන් තිලකුණට නගා පටිපදාඤාණදස්සන විසුද්ධියට ඇතුළත් වූ උදයබ්බයානුපස්සනාඤාණයට පෙරටුව උපන් ඔභාසාදී වූ දශවිදර්‍ශනොපක්ලෙශයන් හැර උපක්ලෙශයන්ගෙන් මිදුනු පටිපදාඤාණය මාර්‍ගයයි ව්‍යවස්ථාකොට උදයව්‍යයානුදර්‍ශනයෙන් ගන්නාලද සංස්කාරයන්ගේ උදය හැර බිඳීම දක්නා භඞ්ගානුදර්‍ශනයෙන් භයතොපස්ථානඥානයාගේ වසයෙන් එළැඹ සිටි සියලු සංස්කාරයන්හි කලකිරෙමින් නොඇලෙමින් මිදෙමින් පිළිවෙළින් සතර ආර්‍ය්‍ය මාර්‍ගයන්ට පැමිණ අර්‍හත්ඵලයෙහි පිහිටා එකුන්විසි ප්‍රභෙද වූ ප්‍රත්‍යවෙක්‍ෂා ඥානයාගේ කෙළවරට පැමිණියේ දෙවියන් සහිත ලෝකයට අග්‍රදක්‍ෂිණාර්‍හයෙක් වේ. මෙපමණකින් මේ ආනාපානස්මෘති කර්‍මස්ථානිකයාගේ ගණන ආදි කොට විදර්‍ශනාව කෙළවරකොට ඇති ආනාපානස්මෘති සමාධි භාවනා තොමෝ ද සමාප්ත වූවාය.

අයං සබ‍්බාකාරතො පඨමචතුක‍්කවණ‍්ණනා.

මෝ සියලු අයුරින් ප්‍රථම චතුෂ්ක වර්‍ණනා තොමෝය.

ඉතරෙසු පන තීසු චතුක‍්කෙසු යස‍්මා විසුං කම‍්මට‍්ඨානභාවනානයො නාම නත්‍ථි; තස‍්මා අනුපදවණ‍්ණනානයෙනෙව නෙසං අත්‍ථො වෙදිතබ‍්බො. පීතිප‍්පටිසංවෙදීති පීතිං පටිසංවිදිතං කරොන‍්තො පාකටං කරොන‍්තො අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. තත්‍ථ ද‍්වීහාකාරෙහි පීති පටිසංවිදිතා හොති – ආරම‍්මණතො ච අසම‍්මොහතො ච.

අනික් තුන් චතුෂ්කයන්හි යම්හෙයකින් කර්‍මස්ථාන භාවනා ක්‍රමයෙන් වෙන් වූ කර්‍මස්ථාන භාවනානයක් නම් නැත්තේ ද, එහෙයින් පද අනුව ගිය වර්‍ණනා නයින්ම ඔවුන්ගේ අර්‍ත්‍ථ දතයුතුය. ‘පීතිපටිසංවෙදී’ ප්‍රීතිය මොනවට දන්නා ලද්දක් කරමින් ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. එහි අරමුණු වසයෙන් ද අසම්මොහ වසයෙන් ද යන දෙයයුරෙන් ප්‍රීතිය දන්නා ලද්දී වේ.

කථං ආරම‍්මණතො පීති පටිසංවිදිතා හොති? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජති, තස‍්ස සමාපත‍්තික‍්ඛණෙ ඣානපටිලාභෙන ආරම‍්මණතො පීති පටිසංවිදිතා හොති ආරම‍්මණස‍්ස පටිසංවිදිතත‍්තා.

ප්‍රීතිය අරමුණු වසයෙන් කෙසේ දන්නා ලද්දී වන්නී ද යත්:- පීතිසහගත ප්‍රථමද්වීතීය ධ්‍යාන දෙකට සමවදියි. ඒ යෝගීහු විසින් සමාපත්තික්‍ෂණයෙහි ධ්‍යානප්‍රතිලාභය හේතුකොට ආරම්මණ වසයෙන් ප්‍රීතිය දන්නා ලද්දී වේ. අරමුණ තමා මොනවට දත් බැවිනි.

කථං අසම‍්මොහතො? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තකපීතිං ඛයතො වයතො සම‍්මසති, තස‍්ස විපස‍්සනාක‍්ඛණෙ ලක‍්ඛණපටිවෙධෙන අසම‍්මොහතො පීති පටිසංවිදිතා හොති. වුත‍්තඤ‍්හෙතං පටිසම‍්භිදායං –

ප්‍රීතිය නොමුළා වසයෙන් කෙසේ දන්නා ලද්දී වේද යත්:- ප්‍රීතිසහගත ප්‍රථමද්විතීයධ්‍යාන දෙකට සමවැද එයින් නැගිට ධ්‍යානසම්ප්‍රයුක්ත ප්‍රීතිය ක්‍ෂය වශයෙන් ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කරයි. ඒ යෝගීහු විසින් විදර්‍ශනා ක්‍ෂණයෙහි ප්‍රීතිය පිළිබඳ ස්වලක්‍ෂණ සාමාන්‍ය ලක්‍ෂණ ප්‍රතිවෙධ කිරීම හේතුකොට නොමුළා වසයෙන් ප්‍රීතිය මොනවට දන්නා ලද්දී වේ.

“දීඝං අස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතො සති උපට‍්ඨිතා හොති. තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිසංවිදිතා හොති. දීඝං පස‍්සාසවසෙන…පෙ… රස‍්සං අස‍්සාසවසෙන… රස‍්සං පස‍්සාසවසෙන… සබ‍්බකායප‍්පටිසංවෙදී අස‍්සාසවසෙන… සබ‍්බකායප‍්පටිසංවෙදී පස‍්සාසවසෙන… පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං අස‍්සාසවසෙන… පස‍්සම‍්භයං කායසඞ‍්ඛාරං පස‍්සාසවසෙන චිත‍්තස‍්ස එකග‍්ගතං අවික‍්ඛෙපං පජානතො සති උපට‍්ඨිතා හොති, තාය සතියා තෙන ඤාණෙන සා පීති පටිසංවිදිතා හොති. ආවජ‍්ජතො සා පීති පටිසංවිදිතා හොති ජානතො… පස‍්සතො… පච‍්චවෙක‍්ඛතො… චිත‍්තං අධිට‍්ඨහතො… සද‍්ධාය අධිමුච‍්චතො… වීරියං පග‍්ගණ‍්හතො… සතිං උපට‍්ඨාපයතො… චිත‍්තං සමාදහතො… පඤ‍්ඤාය පජානතො… අභිඤ‍්ඤෙය්‍යං අභිජානතො… පරිඤ‍්ඤෙය්‍යං පරිජානතො… පහාතබ‍්බං පජහතො… භාවෙතබ‍්බං භාවයතො… සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොතො සා පීති පටිසංවිදිතා හොති. එවං සා පීති පටිසංවිදිතා හොතී”ති (පටි· ම· 1.172).

‘දීර්‍ඝාකාර අශ්වාසාලම්බන වශයෙන් ධ්‍යානයට ඇතුළත් වූ අවික්‍ෂෙපචිත්තයාගේ එකඟබව, නො විසිරීම නුවණින් දන්නහුට සිහිය එළැඹ සිටියා වේ. ඒ සිහියෙන් ඒ නුවර්‍ණන් ඒ ප්‍රීතිය මොනවට දන්නා ලද්දී වේ. දීර්‍ඝාකාරප්‍රශ්වාසාලම්බන වශයෙන්, භ්‍රස්වාකාරආශ්වාසාලම්බන වශයෙන්, භ්‍රස්වාකාර ප්‍රශ්වාසාලම්බන වශයෙන් ආශ්වාසාලම්බන වශයෙන්, භ්‍රස්වාකාර භ්‍රශ්වාසාලම්බන වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන් සියලු කය මොනවට දන්නේ, කාය සංස්කාරයන් සන්සිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාසාලම්බනයන්ගේ වශයෙන් ධ්‍යානපර්‍ය්‍යාපන්න අවික්‍ෂෙප චිත්තයාගේ එකඟ බව, නො විසිරීම නුවණින් දන්නහුට සිහිය එළැඹ සිටියා වේ. ඒ සිහියෙන් ඒ නුවණින් ඒ ප්‍රීති තොමෝ මොනවට දන්නා ලද්දී වේ. ධ්‍යානය ආවර්‍ජනය කරන්නහු විසින් ධ්‍යානපර්‍ය්‍යාපන්න වූ ඒ ප්‍රීති තොමෝ මොනවට දන්නා ලද්දී වේ. සමාපත්ති ක්‍ෂණයෙහි අරමුණු වසයෙන් දන්නහු විසින් - විදසුන් නුවණින් ධ්‍යානයෙන් නැගිට දක්නහු විසින් - ධ්‍යානය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නහු විසින් - ‘මෙපමණ කල් ධ්‍යානයෙන් යුක්ත වන්නෙමි’යි ධ්‍යානචිත්තය ඉටන්නහු විසින් - ශ්‍රද්ධාවෙන් ශමථ විදර්‍ශනා වශයෙන් අදහන්නහු විසින් - වීර්‍ය්‍යය දැඩිව ගන්නහු විසින් - සිහිය එළවා තබන්නහු විසින් - සිත එකඟබවට පමුණුවන්නහු විසින් - විදර්‍ශනා ඥානයට පූර්‍වඞ්ගම වූ ප්‍රඥාවෙන් දන්නහු විසින් - විශිෂ්ට ඥානයෙන් දතයුත්ත විදර්‍ශනා ඥානයට පූර්‍වඞ්ගම වූ ප්‍රඥාවෙන් දන්නහු විසින් - දුඃඛසත්‍යය තීරණප්‍රඥාවෙන් හා මාර්‍ගප්‍රඥාවෙන් ප්‍රහාණය කරන්නහු විසින් - මාර්‍ග සත්‍යය වඩන්නහු විසින් - නිරොධසත්‍යය සාක්‍ෂාත් කරන්නහු විසින් ඒ ප්‍රීති තොමෝ මොනවට දන්නා ලද්දී වේ. මෙසේ ඒ ප්‍රීතිය දන්නා ලද්දී වේ’, යන මෙය ප්‍රතිසම්භිදාවෙහි කියන ලදී.

එතෙනෙව නයෙන අවසෙසපදානිපි අත්‍ථතො වෙදිතබ‍්බානි. ඉදං පනෙත්‍ථ විසෙසමත‍්තං. තිණ‍්ණං ඣානානං වසෙන සුඛපටිසංවෙදිතා චතුන‍්නම‍්පි වසෙන චිත‍්තසඞ‍්ඛාරපටිසංවෙදිතා වෙදිතබ‍්බා. “චිත‍්තසඞ‍්ඛාරො”ති වෙදනාදයො ද‍්වෙ ඛන්‍ධා. සුඛප‍්පටිසංවෙදිපදෙ චෙත්‍ථ විපස‍්සනාභූමිදස‍්සනත්‍ථං “සුඛන‍්ති ද‍්වෙ සුඛානි – කායිකඤ‍්ච සුඛං චෙතසිකඤ‍්චා”ති පටිසම‍්භිදායං වුත‍්තං. පස‍්සම‍්භයං චිත‍්තසඞ‍්ඛාරන‍්ති ඔළාරිකං ඔළාරිකං චිත‍්තසඞ‍්ඛාරං පස‍්සම‍්භෙන‍්තො, නිරොධෙන‍්තොති අත්‍ථො. සො විත්‍ථාරතො කායසඞ‍්ඛාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. අපිචෙත්‍ථ පීතිපදෙ පීතිසීසෙන වෙදනා වුත‍්තා. සුඛපදෙ සරූපෙනෙව වෙදනා . ද‍්වීසු චිත‍්තසඞ‍්ඛාරපදෙසු “සඤ‍්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම‍්මා චිත‍්තපටිබද‍්ධා චිත‍්තසඞ‍්ඛාරා”ති (පටි· ම· 1.174; ම· නි· 1.463) වචනතො සඤ‍්ඤාසම‍්පයුත‍්තා වෙදනාති. එවං වෙදනානුපස‍්සනානයෙන ඉදං චතුක‍්කං භාසිතන‍්ති වෙදිතබ‍්බං.

සෙසු පද ද මේ නයින්ම අර්‍ත්‍ථ වශයෙන් දතයුත්තේය. මේ මෙහි විශෙෂමාත්‍රයයි:- ත්‍රිවිධ ධ්‍යානයන්ගේ වසයෙන් සැපය මනාකොට දත්බව, චතුර්විධ ධ්‍යානයන්ගේ වසයෙන් චිත්තසංස්කාරයන් මනාකොට දත්බව දත යුතුය. චිත්තසඞ්ඛාර යනු වෙදනා -සඤ්ඤා යන ස්කන්‍ධ දෙකය. සුඛපටිසංවෙදී පදයෙහි ද මෙහි විදර්‍ශනා භූමිය දක්වනු පිණිස, ‘සුඛ යන මෙයින් කායික සුඛ - චෛතසික සුඛ’යි සුඛ දෙකක් ප්‍රතිසම්භිදාවෙහි කියනලදී. ‘පස්සම්භයං චිත්තසඞ්ඛාරං’ යනු මහත් මහත් වූ චිත්තසංස්කාරය සන්සිඳුවමින් නිරුද්ධ කරමින් යන අර්‍ත්‍ථයි. සන්සිඳීම් ආකාරයෙන් කියූ ඒ නිරොධය විස්තර වශයෙන් ‘ඉමස්ස භික්‍‍‍ඛුනා අපරිග්ගහිත කාලෙ’ යනාදීන් කායසංස්කාරයෙහි කියූ නයින් දතයුතුය. වැලිදු මෙහි ‘පීතිපටිසංවෙදී’ යන පදයෙහි ප්‍රීතිශීර්‍ෂයෙන් වෙදනා තොමෝ කියන දී. ‘සුඛපටිසංවෙදී’ යන පදයෙහි ස්වරූපයෙන්ම වෙදනා තොමෝ කියන ලදී. ‘චිත්තසංඛාරපටිසංවෙදී, පස්සමහ්යං චිත්ත සඞ්ඛාරං’ යන විසංස්කාර ප්‍රතිසංයුක්ත දෙපදයෙහි ‘සඤ්ඤවෙදනා යන මොවුහු සිතෙහි උපදනාහ. මේ ධර්‍ම, සිත පිළිබඳ චිත්ත සංස්කාරයි කියූ බැවින් සංඥාව හා යෙදුනු වෙදනායි දතයුතුය. මෙසේ වෙදනානුපස්සනා නයින් මේ චතුෂ්කය වදාරණ ලද්දේයයි දත යුතුය.

තතියචතුක‍්කෙපි චතුන‍්නං ඣානානං වසෙන චිත‍්තපටිසංවෙදිතා වෙදිතබ‍්බා. අභිප‍්පමොදයං චිත‍්තන‍්ති චිත‍්තං මොදෙන‍්තො පමොදෙන‍්තො හාසෙන‍්තො පහාසෙන‍්තො අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛති. තත්‍ථ ද‍්වීහාකාරෙහි අභිප‍්පමොදො හොති – සමාධිවසෙන ච විපස‍්සනාවසෙන ච.

තෘතීයචතුෂ්කයෙහි ද චතුර්විධ ධ්‍යානයන්ගේ වසයෙන් චිත්ත පටිසංවෙදිතාව දතයුත්තීය. ‘අභිප්පමොදයං චිත්තං’ ධ්‍යාන - විදර්‍ශනා සමග යෙදුනු සිත ප්‍රීතියෙන් සතුටු කරන්නේ අතිශයින් සතුටු කරන්නේ ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. එහි සමාධි වශයෙන් හා විදර්‍ශනා වශයෙන් ද යන දෙයයුරින් අභිප්‍රමොදය වේ.

කථං සමාධිවසෙන? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජති, සො සමාපත‍්තික‍්ඛණෙ සම‍්පයුත‍්තාය පීතියා චිත‍්තං ආමොදෙති පමොදෙති. කථං විපස‍්සනාවසෙන? සප‍්පීතිකෙ ද‍්වෙ ඣානෙ සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තකපීතිං ඛයතො වයතො සම‍්මසති; එවං විපස‍්සනාක‍්ඛණෙ ඣානසම‍්පයුත‍්තකපීතිං ආරම‍්මණං කත්‍වා චිත‍්තං ආමොදෙති පමොදෙති. එවං පටිපන‍්නො “අභිප‍්පමොදයං චිත‍්තං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වුච‍්චති.

සමාධි වශයෙන් කෙසේ ද යත්:- ප්‍රීතිසහගත ප්‍රථම - ද්වීතීය ධ්‍යාන දෙකට සමවදියි. ඒ යෝගාවචර තෙමේ සමාපත්තික්‍ෂණයෙහි ධ්‍යානචිත්තය සමග යෙදුනු ධ්‍යානප්‍රීතියෙන් සිත සතුටු කරන්නේය. ප්‍රමුදිත කරන්නේය. විදර්‍ශනා වශයෙන් කෙසේ ද යත්:- ප්‍රීති සහගත ධ්‍යාන දෙකට සමවැද එයින් නැඟිට ධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රීතිය ක්‍ෂය වශයෙන්ද ව්‍යය වශයෙන්ද සම්මර්‍ශනය කරන්නේය. මෙසේ විදර්‍ශනාක්‍ෂණයෙහි ධ්‍යානසම්ප්‍රයුක්ත ප්‍රීතිය අරමුණුකොට සිත සතුටු කරන්නේය. ප්‍රමුදිත කරන්නේය. මෙසේ පිළිපන්නේ සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේයයි කියනු ලැබේ.

සමාදහං චිත‍්තන‍්ති පඨමජ‍්ඣානාදිවසෙන ආරම‍්මණෙ චිත‍්තං සමං ආදහන‍්තො සමං ඨපෙන‍්තො තානි වා පන ඣානානි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තකචිත‍්තං ඛයතො වයතො සම‍්මසතො විපස‍්සනාක‍්ඛණෙ ලක‍්ඛණපටිවෙධෙන උප‍්පජ‍්ජති ඛණිකචිත‍්තෙකග‍්ගතා; එවං උප‍්පන‍්නාය ඛණිකචිත‍්තෙකග‍්ගතාය වසෙනපි ආරම‍්මණෙ චිත‍්තං සමං ආදහන‍්තො සමං ඨපෙන‍්තො “සමාදහං චිත‍්තං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වුච‍්චති.

‘සමාදහං චිත්තං’ ප්‍රථමද්ධ්‍යානාදීන්ගේ වසයෙන් අරමුණෙහි සිත හැකිළීමට හෝ උඩඟුවීමට නො පමුණුවා සමකොට පිහිටුවමින් සමකොට තබමින් ඒ ධ්‍යානයන්ට හෝ සමවැද එයින් නැගිට ධ්‍යාන සම්ප්‍රයුක්තචිත්තය ක්‍ෂය වශයෙන් ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කරන්නහුට විදර්‍ශනාක්‍ෂණයෙහි අනිත්‍යාදි ලක්‍ෂණාවබොධයෙන් ක්‍ෂණමාත්‍රයක් පවත්නා සිතෙහි එකඟ බව උපදනේය. මෙසේ උපන් ක්‍ෂණික චිත්තෙකාග්‍රතාවගේ වසයෙන් ද අරමුණෙහි සිත සමව පිහිටුවමින් සමව තබමින් මනාකොට තැබූ සිත ඇත්තේ ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමි’යි හික්මේයයි කියනු ලැබේ.

විමොචයං චිත‍්තන‍්ති පඨමජ‍්ඣානෙන නීවරණෙහි චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො, දුතියෙන විතක‍්කවිචාරෙහි, තතියෙන පීතියා, චතුත්‍ථෙන සුඛදුක‍්ඛෙහි චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො. තානි වා පන ඣානානි සමාපජ‍්ජිත්‍වා වුට‍්ඨාය ඣානසම‍්පයුත‍්තකචිත‍්තං ඛයතො වයතො සම‍්මසති. සො විපස‍්සනාක‍්ඛණෙ අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤාතො චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො, දුක‍්ඛානුපස‍්සනාය සුඛසඤ‍්ඤාතො, අනත‍්තානුපස‍්සනාය අත‍්තසඤ‍්ඤාතො, නිබ‍්බිදානුපස‍්සනාය නන්‍දිතො, විරාගානුපස‍්සනාය රාගතො, නිරොධානුපස‍්සනාය සමුදයතො, පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය ආදානතො චිත‍්තං මොචෙන‍්තො විමොචෙන‍්තො අස‍්සසති චෙව පස‍්සසති ච. තෙන වුත‍්තං – “විමොචයං චිත‍්තං අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති. එවං චිත‍්තානුපස‍්සනාවසෙන ඉදං චතුක‍්කං භාසිතන‍්ති වෙදිතබ‍්බං.

‘විමොචයං චිත්තං’ ප්‍රථමද්ධ්‍යානයෙන් විෂ්කම්භණ විමුක්ති වශයෙන් සිත නීවරණයන්ගෙන් මුදමින් වෙසෙසින් මුදමින් ද්විතීය ධ්‍යානයෙන් විතර්‍ක විචාරයන්ගෙන්, තෘතීය ධ්‍යානයෙන් ප්‍රීතියෙන්, චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛඃදුඛයෙන් සිත මුදමින් නීවරණයන් දුරු කරමින්, ඒ ධ්‍යානයන්ට හෝ සමවැද එයින් නැගිට ධ්‍යාන සම්ප්‍රයුක්ත චිත්තය ක්‍ෂය වශයෙන් ව්‍යය වශයෙන් සම්මර්‍ශනය කරන්නේය. ඒ යෝගාවචර තෙමේ විදර්‍ශනා ක්‍ෂණයෙහි අනිත්‍යානුදර්‍ශනයෙන් නිත්‍ය සංඥාවෙන්, සිත මුදමින් නිත්‍ය සංඥාවන් දුරුකරමින්,දුඃඛානුදර්‍ශනයෙන් සුඛසංඥාවෙන්, අනාත්මානුදර්‍ශනයෙන් ආත්මසංඥාවෙන්, නිර්‍වෙදානුදර්‍ශනයෙන් ප්‍රීතිසහගත තෘෂ්ණාවෙන්, විරාගානුදර්‍ශනයෙන් රාගයෙන්, නිරොධානුදර්‍ශනයෙන් සමුදයයෙන්, ප්‍රතිනිස්සර්‍ගානුදර්‍ශනයෙන් නිත්‍යාදි වශයෙන් ගැනීමෙන් සිත මුදමින් නිත්‍යාදි වශයෙන් ගැණීම් දුරුකරමින් ආශ්වාස ද කරන්නේය ප්‍රශ්වාස ද කරන්නේය. ‘විමොචයං චිත්තං අස්සසිස්සාමි පස්සසිස්සාමීති සික්‍ඛති’යි එහෙයින් වදාරණ ලද්දේය. මෙසේ චිත්තානුපස්සනා වසයෙන් මේ චතුෂ්කය වදාරණ ලදැයි දතයුතුය.

චතුත්‍ථචතුක‍්කෙ පන අනිච‍්චානුපස‍්සීති එත්‍ථ තාව අනිච‍්චං වෙදිතබ‍්බං, අනිච‍්චතා වෙදිතබ‍්බා, අනිච‍්චානුපස‍්සනා වෙදිතබ‍්බා , අනිච‍්චානුපස‍්සී වෙදිතබ‍්බො. තත්‍ථ “අනිච‍්ච”න‍්ති පඤ‍්චක‍්ඛන්‍ධා. කස‍්මා? උප‍්පාදවයඤ‍්ඤථත‍්තභාවා. “අනිච‍්චතා”ති තෙසඤ‍්ඤෙව උප‍්පාදවයඤ‍්ඤථත‍්තං හුත්‍වා අභාවො වා නිබ‍්බත‍්තානං තෙනෙවාකාරෙන අඨත්‍වා ඛණභඞ‍්ගෙන භෙදොති අත්‍ථො. “අනිච‍්චානුපස‍්සනා”ති තස‍්සා අනිච‍්චතාය වසෙන රූපාදීසු “අනිච‍්ච”න‍්ති අනුපස‍්සනා; “අනිච‍්චානුපස‍්සී”ති තාය අනුපස‍්සනාය සමන‍්නාගතො; තස‍්මා එවං භූතො අස‍්සසන‍්තො ච පස‍්සසන‍්තො ච ඉධ “අනිච‍්චානුපස‍්සී අස‍්සසිස‍්සාමි, පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වෙදිතබ‍්බො.

චතුර්‍ත්‍ථ චතුෂ්කයෙහි වනාහි ‘අනිච්චානුපස්සි’ මෙහි පළමුකොට අනිත්‍යය දතයුතුය. අනිත්‍යතා දතයුත්තීය. අනිත්‍යානුදර්‍ශනය දත යුතුය. අනිත්‍යානුදර්ශී දතයුතුය. එහි පඤ්චස්කන්‍ධය අනිත්‍යයය. කුමක් හෙයින් යත්:- ඉපදීම - නැසීයෑම වෙනස්වීම යන මෙයින් යුක්ත බැවිනි. ඔවුන්ගේම ඉපදීම - නැසීයෑම - වෙනස්වීම අනිත්‍යතා නම. ඉපිද නැසීයෑම හෝ යි. උපන්නවුන්ගේ ඒ උපන් අයුරින්ම නොසිට ක්‍ෂණික භඞ්ගයෙන් බිඳීමය යන අර්‍ත්‍ථයි. අනිත්‍යානුදර්‍ශනය නම් ක්‍ෂණ භඞ්ග සඞ්ඛ්‍යාත අනිත්‍යතාවගේ වසයෙන් රූපාදීන් විෂයයෙහි අනිත්‍යයයි එක්වන් දැකීමය. අනිත්‍යානුදර්ශී නම් ඒ අනිත්‍යානුදර්‍ශනයෙන් සමන්‍වාගත වූයේය. එහෙයින් මෙසේ වූයේ ආශ්වාස කරන්නේ ද ප්‍රශ්වාස කරන්නේ ද මෙහි අනිත්‍යය දක්නාසුලුව ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේයයි දතයුතුය.

විරාගානුපස‍්සීති එත්‍ථ පන ද‍්වෙ විරාගා – ඛයවිරාගො ච අච‍්චන‍්තවිරාගො ච. තත්‍ථ “ඛයවිරාගො”ති සඞ‍්ඛාරානං ඛණභඞ‍්ගො; “අච‍්චන‍්තවිරාගො”ති නිබ‍්බානං; “විරාගානුපස‍්සනා”ති තදුභයදස‍්සනවසෙන පවත‍්තා විපස‍්සනා ච මග‍්ගො ච. තාය දුවිධායපි අනුපස‍්සනාය සමන‍්නාගතො හුත්‍වා අස‍්සසන‍්තො ච පස‍්සසන‍්තො ච “විරාගානුපස‍්සී අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතී”ති වෙදිතබ‍්බො. නිරොධානුපස‍්සීපදෙපි එසෙව නයො.

‘විරාගානුපස්සී’ මෙහි වනාහි ක්‍ෂයවිරාග - අත්‍යන්තවිරාගයි විරාග දෙකක් වේ. එහි ක්‍ෂයවිරාග නම් සංස්කාරයන්ගේ ක්‍ෂණයක් පාසා බිඳීමය. අත්‍යන්තවිරාග නම් නිර්‍වාණයය. විරාගානුදර්‍ශන නම් ක්‍ෂයවිරාග - අත්‍යන්තවිරාග දෙදෙනාගේ වසයෙන් පැවැති විදර්‍ශනාව හා මාර්‍ගයයි. ඒ දෙවැදැරුම් වූම අනුදර්‍ශනයන්ගෙන් සමන්‍වාගතව ආශ්වාස කරන්නේ ද, ප්‍රශ්වාස කරන්නේ ද, විරාගානුදර්ශීව ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේයයි දතයුතුය. ‘නිරොධානුපස්සි’ යන පදයෙහි ද මේ ක්‍රමයම වේ.

පටිනිස‍්සග‍්ගානුපස‍්සීති එත්‍ථාපි ද‍්වෙ පටිනිස‍්සග‍්ගා – පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො ච පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගො ච. පටිනිස‍්සග‍්ගොයෙව අනුපස‍්සනා පටිනිස‍්සග‍්ගානුපස‍්සනා; විපස‍්සනාමග‍්ගානමෙතං අධිවචනං. විපස‍්සනා හි තදඞ‍්ගවසෙන සද‍්ධිං ඛන්‍ධාභිසඞ‍්ඛාරෙහි කිලෙසෙ පරිච‍්චජති, සඞ‍්ඛතදොසදස‍්සනෙන ච තබ‍්බිපරීතෙ නිබ‍්බානෙ තන‍්නින‍්නතාය පක‍්ඛන්‍දතීති පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො චෙව පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගො චාති වුච‍්චති. මග‍්ගො සමුච‍්ඡෙදවසෙන සද‍්ධිං ඛන්‍ධාභිසඞ‍්ඛාරෙහි කිලෙසෙ පරිච‍්චජති, ආරම‍්මණකරණෙන ච නිබ‍්බානෙ පක‍්ඛන්‍දතීති පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො චෙව පක‍්ඛන්‍දනපටිනිස‍්සගො චාති වුච‍්චති. උභයම‍්පි පන පුරිමපුරිමඤාණානං අනුඅනු පස‍්සනතො අනුපස‍්සනාති වුච‍්චති. තාය දුවිධාය පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය සමන‍්නාගතො හුත්‍වා අස‍්සසන‍්තො ච පස‍්සසන‍්තො ච පටිනිසග‍්ගානුපස‍්සී අස‍්සසිස‍්සාමි පස‍්සසිස‍්සාමීති සික‍්ඛතීති වෙදිතබ‍්බො. එවං භාවිතොති එවං සොළසහි ආකාරෙහි භාවිතො. සෙසං වුත‍්තනයමෙව.

‘පටිනිස්සග්ගානුපස්සි’ යන මෙහි පරිත්‍යාග ප්‍රතිනිස්සර්‍ගය, ප්‍රස්කන්‍දන ප්‍රතිනිස්සර්‍ගයයි ප්‍රතිනිස්සර්‍ග දෙකක් වේ. ප්‍රතිනිස්සර්‍ගයම අනුදර්‍ශන වූයේ පටිනිස්සග්ගානුපස්සනා නම් වේ. විදර්‍ශනා මාර්‍ගයන්ට මේ නමෙකි. විදර්‍ශනාව වනාහි තදඞ්ග වසයෙන් ස්කන්‍ධාභිසංස්කාරයන් සමග කෙලෙසුන් දුරු කරයි. රැස්කරනලද ත්‍රෛභූමික සංස්කාරගත අනිත්‍යාදීන්ගේ දොෂ දැකීමෙන් තදවිපරීත වූ නිර්‍වාණයෙහි ද එයට නැමීමෙන් බැසගණීනුයි පරිත්‍යාග ප්‍රතිනිස්සර්‍ගයම ප්‍රස්කන්‍දන ප්‍රතිනිස්සර්‍ගයයි කියනු ලැබේ. මාර්‍ගය තෙමේ සමුච්ඡෙද වශයෙන් ස්කන්‍ධාභිසංස්කාරයන් සමග කෙලෙස් දුරු කරයි. අරමුණු කිරීමෙන් ද නිවණෙහි බැසගණිනුයි පරිත්‍යාග ප්‍රතිනිස්සර්‍ගයම ප්‍රස්කන්‍දන ප්‍රතිනිස්සර්‍ගයයි ද කියනු ලැබේ. මෙකියූ දෙකම පළමු පළමු ඤාණයන් පුන පුනා දැකීම් වසයෙන් අනුදර්‍ශනායි කියනු ලැබේ. ඒ දෙවදෑරුම් වූ ප්‍රතිනිස්සර්‍ගානුදර්‍ශනයෙන් සමන්‍වාගතව ආශ්වාස කරන්නේ ද ප්‍රශ්වාස කරන්නේ ද ප්‍රතිනිස්සර්‍ගානුදර්ශීව ආශ්වාස කරන්නෙමි, ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේයයි දතයුතුය. ‘එවං භාවිතො’ මෙසේ සොළොස් අයුරින් වඩනා ලද්දේ වේ. සෙස්ස කියූ නය ඇත්තේමය.

ආනාපානස‍්සතිසමාධිකථා නිට‍්ඨිතා.

ආනාපානසතිසමාධිකථාව නිමි.

අථ ඛො භගවාතිආදිම‍්හි පන අයං සඞ‍්ඛෙපත්‍ථො. එවං භගවා ආනාපානස‍්සතිසමාධිකථාය භික‍්ඛූ සමස‍්සාසෙත්‍වා අථ යං තං තතියපාරාජිකපඤ‍්ඤත‍්තියා නිදානඤ‍්චෙව පකරණඤ‍්ච උප‍්පන‍්නං භික‍්ඛූනං අඤ‍්ඤමඤ‍්ඤං ජීවිතා වොරොපනං, එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා පටිපුච‍්ඡිත්‍වා විගරහිත්‍වා ච යස‍්මා තත්‍ථ අත‍්තනා අත‍්තානං ජීවිතා වොරොපනං මිගලණ‍්ඩිකෙන ච වොරොපාපනං පාරාජිකවත්‍ථු න හොති; තස‍්මා තං ඨපෙත්‍වා පාරාජිකස‍්ස වත්‍ථුභූතං අඤ‍්ඤමඤ‍්ඤං ජීවිතා වොරොපනමෙව ගහෙත්‍වා පාරාජිකං පඤ‍්ඤපෙන‍්තො “යො පන භික‍්ඛු සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහ”න‍්තිආදිමාහ. අරියපුග‍්ගලමිස‍්සකත‍්තා පනෙත්‍ථ “මොඝපුරිසා”ති අවත්‍වා “තෙ භික‍්ඛූ”ති වුත‍්තං.

‘අථ ඛො භගවා’ යනාදියෙහි මේ සඞ්ක්‍ෂාර්‍ත්‍ථය වේ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධිකථාවෙන් භික්‍ෂූන් අසා නැවත තෘතීය පාරාජිකප්‍රඥප්තිය පිළිබඳ යම් ඒ නිදානයක් ප්‍රකරණයක් උපන්නේ ද, මහණුන්ගේ ඔවුනොවුන් දිවි තොර කිරීමක් වී ද මේ නිදානයෙහි මේ ප්‍රකරණයෙහි භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා විචාරා ගර්‍හා ද කොට යම්හෙයකින් එහි තමා විසින් තමන් දිවියෙන් තොර කිරීම ද මිගලණ්ඩිකයා ලවා ද තොරකරවීම පාරාජිකයට වස්තු නොවේද, එහෙයින් එය හැර පාරාජිකයට වස්තු වූ ඔවුනොවුන් දිවියෙන් තොර කිරීමම ගෙන පාරාජිකය පණවන සේක් ‘යො පන භික්‍‍‍ඛු සඤ්චිච්ච මනුස්සවිග්ගහං’ යනාදිය වදාළ සේක. ආර්‍ය්‍ය පුද්ගලයන් හා මිශ්‍ර බැවින් මෙහි ‘මොඝපුරුස’යි නො වදාරා ‘තෙ භික්‍‍‍ඛූ’යි වදාළ සේක.

එවං මූලච‍්ඡෙජ‍්ජවසෙන දළ‍්හං කත්‍වා තතියපාරාජිකෙ පඤ‍්ඤත‍්තෙ අපරම‍්පි අනුපඤ‍්ඤත‍්තත්‍ථාය මරණවණ‍්ණසංවණ‍්ණනවත්‍ථු උදපාදි, තස‍්සුප‍්පත‍්තිදීපනත්‍ථං “එවඤ‍්චිදං භගවතා”තිආදි වුත‍්තං.

මෙසේ මූලච්ඡෙද්‍ය වශයෙන් දැඩි කොට තෘතීයපාරාජිකය පැණවූ කල්හි අනුප්‍රඥප්තිය පිණිස අන්‍ය වූ ද මරණ ගුණසංවර්‍ණන වස්තුවක් පහළ වූයේය. එහි උත්පත්තිය දක්වනු පිණිස ‘එවඤ්චිදං භගවතා’ යනාදිය වදාරණ ලද්දේය.

තත්‍ථ පටිබද‍්ධචිත‍්තාති ඡන්‍දරාගෙන පටිබද‍්ධචිත‍්තා; සාරත‍්තා අපෙක‍්ඛවන‍්තොති අත්‍ථො. මරණවණ‍්ණං සංවණ‍්ණෙමාති ජීවිතෙ ආදීනවං දස‍්සෙත්‍වා මරණස‍්ස ගුණං වණ‍්ණෙම; ආනිසංසං දස‍්සෙමාති. කතකල්‍යාණොතිආදීසු අයං පදත්‍ථො – කල්‍යාණං සුචිකම‍්මං කතං තයාති ත්‍වං ඛො අසි කතකල්‍යාණො. තථා කුසලං අනවජ‍්ජකම‍්මං කතං තයාති කතකුසලො. මරණකාලෙ සම‍්පත‍්තෙ යා සත‍්තානං උප‍්පජ‍්ජති භයසඞ‍්ඛාතා භීරුතා, තතො තායනං රක‍්ඛණකම‍්මං කතං තයාති කතභීරුත‍්තාණො පාපං. ලාමකකම‍්මං අකතං තයාති අකතපාපො. ලුද‍්දං දාරුණං දුස‍්සීල්‍යකම‍්මං අකතං තයාති අකතලුද‍්දො. කිබ‍්බිසං සාහසිකකම‍්මං ලොභාදිකිලෙසුස‍්සදං අකතං තයාති අකතකිබ‍්බිසො. කස‍්මා ඉදං වුච‍්චති? යස‍්මා සබ‍්බප‍්පකාරම‍්පි කතං තයා කල්‍යාණං, අකතං තයා පාපං; තෙන තං වදාම – “කිං තුය‍්හං ඉමිනා රොගාභිභූතත‍්තා ලාමකෙන පාපකෙන දුක‍්ඛබහුලත‍්තා දුජ‍්ජීවිතෙන”. මතං තෙ ජීවිතා සෙය්‍යොති තව මරණං ජීවිතා සුන්‍දරතරං. කස‍්මා? යස‍්මා ඉතො ත්‍වං කාලඞ‍්කතො කතකාලො හුත්‍වා කාලං කත්‍වා මරිත්‍වාති අත්‍ථො. කායස‍්ස භෙදා…පෙ… උපපජ‍්ජිස‍්සසි. එවං උපපන‍්නො ච තත්‍ථ දිබ‍්බෙහි දෙවලොකෙ උප‍්පන‍්නෙහි පඤ‍්චහි කාමගුණෙහි මනාපියරූපාදිකෙහි පඤ‍්චහි වත්‍ථුකාමකොට‍්ඨාසෙහි සමප‍්පිතො සමඞ‍්ගීභූතො පරිචරිස‍්සසි සම‍්පයුත‍්තො සමොධානගතො හුත්‍වා ඉතො චිතො ච චරිස‍්සසි, විචරිස‍්සසි අභිරමිස‍්සසි වාති අත්‍ථො.

එහි ‘පටිබද්ධචිත්තා’ ඡන්‍දරාගය හේතුකොට පිළිබඳ සිත් ඇත්තාහු, තදින් ඇලුනාහු, බලාපොරොත්තු ඇත්තාහු යන අර්‍ත්‍ථයි. ‘මරණවණ්ණං සංවණ්ණෙම’ ජීවිතයෙහි දොස් දක්වා මරණයෙහි ගුණ වර්‍ණනා කරම්හ. අනුසස් දක්වම්හ. ‘කතකල්‍යාණො’ යනාදි තන්හි මේ පදර්‍ත්‍ථය වේ. ‘තා විසින් යහපත් වූ පවිත්‍ර කර්‍මයක් කරන ලද්දේ නු’යි හෝ කතකල්‍යාණ වෙහිය. ‘තා විසින් නිරවද්‍ය වූ කුශලකර්‍මයක් කරණ ලද්දේ’යි කතකුසල වෙහිය. මරණ කාලය පැමිණි කල්හි සත්ත්‍වයන්ට භයසඞ්ඛ්‍යාත වූ යම් භීරුත්‍වයක් උපදී ද, එයින් රකින රක්‍ෂණකර්‍මයක් තා විසින් කරන ලද්දේ නුයි කතභීරුත්තාණ වෙහිය. තා විසින් පවිටු වූ ලාමක කර්‍මයක් නොකරන ලද්දේ නුයි අකතපාප වෙහිය. තා විසින් රෞද්‍ර වූ දරුණු වූ දුශ්ශීල්‍ය කර්‍මයක් නොකරන ලද්දේ නුයි අකතලුද්ද වෙහිය. මා විසින් ලොභාදික්ලෙශයන්ගෙන් ඉතා උත්සන්න වූ නපුරු වූ සාහසිකකර්‍මයක් නො කරණ ලද්දේනුයි අකතකිබ්බිස වෙහිය. කුමක් හෙයින් මෙය කියනු ලැබේ ද යත්: යම්හෙයකින් ‘තා විසින් සියලු ආකාර වූ ම කුසල් කරන ලද්දේ ද, තා විසින් පව් නො කරන ලද්දේ ද, එහෙයින් තට එය කියම්හ’ රෝගයෙන් මැඩුනු බැවින්, දුක් බහුල බැවින් ලාමක වූ පවිටු වූ නින්‍දිත ජීවිතයෙන් තට කම් කිම? ‘මතං තෙ ජීවිතා සෙය්‍යො’ තාගේ මරණය ජීවත්වීමට වඩා සුන්‍දරතරය. කුමක් හෙයින් යත්:- යම්හෙයකින් ‘ඉතො ත්‍වං කාලකතො’ කළ කලුරිය කිරීම් ඇතිව. කලුරියකොට මැරී යන අර්‍ත්‍ථයි. ‘කායස්ස භෙදා -පෙ- උප්පජ්ජිස්සසි’ මෙසේ උපන්නේ ද ‘තත්‍ථ දිබ්බෙහි’ දෙව්ලොව උපන් ‘පඤ්චහි කාමගුණෙහි’ මන වඩන රූපාදී වූ පස්වැදෑරුම් වූ වස්තුකාම කොට්ඨාසයන්ගෙන් ‘සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙස්සති’ සම්ප්‍රයුක්ත වූයේ, මනාකොට එකීභාවයට ගියේ, ඔබිමොබ හැසිරෙන්නෙහිය. වසන්නෙහිය. ඇලෙන්නෙහිය යන අර්‍ත්‍ථයි.

අසප‍්පායානීති අහිතානි අවුඩ‍්ඪිකරානි යානි ඛිප‍්පමෙව ජීවිතක‍්ඛයං පාපෙන‍්ති.

‘අසප්පායාති’ අහිත වූ අවෘද්ධිකර වූ යමක් වහාම ජීවිත විනාශයට පමුණුවත් ද.