යෙදුමෙන් කියවන්න

විනීතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

විනීතවත්‍ථුවණ‍්ණනා

විනිශ්චිත කථාවස්තු

විනීතවත්‍ථුකථාසු පඨමවත්‍ථුස‍්මිං – කාරුඤ‍්ඤෙනාති තෙ භික‍්ඛූ තස‍්ස මහන‍්තං ගෙලඤ‍්ඤදුක‍්ඛං දිස‍්වා කාරුඤ‍්ඤං උප‍්පාදෙත්‍වා “සීලවා ත්‍වං කතකුසලො, කස‍්මා මීයමානො භායසි, නනු සීලවතො සග‍්ගො නාම මරණමත‍්තපටිබද‍්ධොයෙවා”ති එවං මරණත්‍ථිකාව හුත්‍වා මරණත්‍ථිකභාවං අජානන‍්තා මරණවණ‍්ණං සංවණ‍්ණෙසුං. සොපි භික‍්ඛු තෙසං සංවණ‍්ණනාය ආහාරුපච‍්ඡෙදං කත්‍වා අන‍්තරාව කාලමකාසි. තස‍්මා ආපත‍්තිං ආපන‍්නා. වොහාරවසෙන පන වුත‍්තං “කාරුඤ‍්ඤෙන මරණවණ‍්ණං සංවණ‍්ණෙසු”න‍්ති. තස‍්මා ඉදානිපි පණ‍්ඩිතෙන භික‍්ඛුනා ගිලානස‍්ස භික‍්ඛුනො එවං මරණවණ‍්ණො න සංවණ‍්ණෙතබ‍්බො. සචෙ හි තස‍්ස සංවණ‍්ණනං සුත්‍වා ආහාරූපච‍්ඡෙදාදිනා උපක‍්කමෙන එකජවනවාරාවසෙසෙපි ආයුස‍්මිං අන‍්තරා කාලංකරොති, ඉමිනාව මාරිතො හොති. ඉමිනා පන නයෙන අනුසිට‍්ඨි දාතබ‍්බා – “සීලවතො නාම අනච‍්ඡරියා මග‍්ගඵලුප‍්පත‍්ති, තස‍්මා විහාරාදීසු ආසත‍්තිං අකත්‍වා බුද‍්ධගතං ධම‍්මගතං සඞ‍්ඝගතං කායගතඤ‍්ච සතිං උපට‍්ඨපෙත්‍වා මනසිකාරෙ අප‍්පමාදො කාතබ‍්බො”ති. මරණවණ‍්ණෙ ච සංවණ‍්ණිතෙපි යො තාය සංවණ‍්ණනාය කඤ‍්චි උපක‍්කමං අකත්‍වා අත‍්තනො ධම‍්මතාය යථායුනා යථානුසන්‍ධිනාව මරති, තප‍්පච‍්චයා සංවණ‍්ණකො ආපත‍්තියා න කාරෙතබ‍්බොති.

විනීතවස්තු කථාවන් අතුරෙහි ප්‍රථම වස්තුවෙහි ‘කාරුඤ්ඤෙන’ ඒ භික්‍ෂූහු ඔහුගේ මහත් වූ ගිලන් බවෙන් හටගත් දුක දැක කරුණාව උපදවා ‘තෝ සිල්වත් වෙහි, කළ කුසල් ඇත්තෙහි, කුමක් හෙයින් මියෙන්නේ බිය වෙහිද, සිල්වත්හට ස්වර්‍ගය නම් මරණ මාත්‍ර ප්‍රතිබද්ධමය’යි මෙසේ මරණය කැමැත්තාහුමව මරණය කැමැති බව නො දන්නාහු මරණයෙහි ගුණ වැණූහ. ඒ මහණ තෙමේ ද ඔවුන්ගේ ඒ ගුණ වැනීමෙන් අහර ගැනීම වළකා සිට අතරදීම කලුරිය කෙළේය. එහෙයින් ඇවැතට පැමිණියාහුය. ව්‍යවහාර වශයෙන් ‘කාරුඤ්ඤෙන මරණවණ්ණං සංවණ්ණෙසුං’ යනු වදාරණ ලද්දේය. එහෙයින් දැනුදු නුවණැති මහණහු විසින් ගිලන් මහණහුට මෙසේ මරණයෙහි ගුණ නො වැඩිය යුතුය. ඉදින් ඔහුගේ මරණ ගුණ වැණුම් අසා ආහාර වළකාලීම් ආදී වූ උපක්‍රමයෙකින් එක් ජවන් වාරයක් ඉතිරිව සිටි ආයුෂයෙහි අතර දී කලුරිය කෙරේ නම්, මොහු විසින්ම මරණ ලද්දේ වේ. ‘සිල්වත්හට නම් මාර්‍ගඵල ලැබීම අරුමයක් නොවේ. එහෙයින් වෙහෙර අරම් ආදියෙහි ආලය නොකොට බුදුන් කෙරෙහි බැස ගත් ධර්‍මය කෙරෙහි බැස ගත් සඞ්ඝයා කෙරෙහි බැස ගත් කයෙහි බැසගත් සිහිය එළවා මනස්කාරයෙහි අප්‍රමාදය කටයුතුය, යන මේ නයින් අවවාද දිය යුතුය. මරණ ගුණ වැණූ කල්හි ද හෙතෙමේ ඒ ගුණ වැනීමෙන් කිසි උපක්‍රමයක් නොකොට තමන්ගේ ධර්‍මතාවෙන් ආයු පරිදි ආයු පිරිසිදීම් පරිදි මැරීයේද ඒ හේතුවෙන් ඒ ගුණ වැණූ තැනැත්තේ ඇවැතින් නො කටයුතුය.

දුතියවත්‍ථුස‍්මිං – න ච භික‍්ඛවෙ අප‍්පටිවෙක‍්ඛිත්‍වාති එත්‍ථ කීදිසං ආසනං පටිවෙක‍්ඛිතබ‍්බං , කීදිසං න පටිවෙක‍්ඛිතබ‍්බං? යං සුද‍්ධං ආසනමෙව හොති අපච‍්චත්‍ථරණකං, යඤ‍්ච ආගන‍්ත්‍වා ඨිතානං පස‍්සතංයෙව අත්‍ථරීයති, තං නපච‍්චවෙක‍්ඛිතබ‍්බං , නිසීදිතුං වට‍්ටති. යම‍්පි මනුස‍්සා සයං හත්‍ථෙන අක‍්කමිත්‍වා “ඉධ භන‍්තෙ නිසීදථා”ති දෙන‍්ති, තස‍්මිම‍්පි වට‍්ටති. සචෙපි පඨමමෙවාගන‍්ත්‍වා නිසින‍්නා පච‍්ඡා උද‍්ධං වා අධො වා සඞ‍්කමන‍්ති, පච‍්චවෙක‍්ඛණකිච‍්චං නත්‍ථි. යම‍්පි තනුකෙන වත්‍ථෙන යථා තලං දිස‍්සති, එවං පටිච‍්ඡන‍්නං හොති, තස‍්මිම‍්පි පච‍්චවෙක‍්ඛණකිච‍්චං නත්‍ථි. යං පන පටිකච‍්චෙව පාවාරකොජවාදීහි අත්‍ථතං හොති, තං හත්‍ථෙන පරාමසිත්‍වා සල‍්ලක‍්ඛෙත්‍වා නිසීදිතබ‍්බං. මහාපච‍්චරියං පන “ඝනසාටකෙනාපි අත්‍ථතෙ යස‍්මිං වලි න පඤ‍්ඤායති, තං නප‍්පටිවෙක‍්ඛිතබ‍්බන‍්ති වුත‍්තං.

ද්විතීය වස්තුවෙහි ‘න ච භික්‍‍‍ඛවෙ අප්පටිවෙක්‍ඛිත්‍වා’ ‘කෙබඳු අසුනක් පරීක්‍ෂා කටයුතු ද? කෙබඳු අසුනක් පරීක්‍ෂා නො කටයුතු ද?’ යන මෙහි යම් අසුනක් ඇතිරිලි නො ඇතුරූ පිරිසිදු අසුනක් වේ ද, යම් අසුනක් අවුත් සිටියවුන් බලා සිටියදීම අතුරණු ලැබේද, ඒ අසුන පරීක්‍ෂා නො කටයුතුය. එහි හිඳීම වරද නැත. මිනිස්සු තමන් අතින් මැඩ ‘ස්වාමීනි! මෙහි හිඳිනු මැනැවැ’යි යම් අසුනක් දෙත් ද, එහිද හිඳීම සුදුසුය. පළමුවම අවුත් හුන්නාහු පසුව පැමිණියවුන්ට ඉඩ දෙනු පිණිස උඩට හෝ පහළට හෝ යෙත් ද, එහිද පසුව පැමිණියවුන්ට පරීක්‍ෂා කිරීමක් නැත්තේය. යම් අසුනක් තුනී වතකින් අතුරන ලද්දේ යම්සේ තට්ටුව පෙනේ ද, මෙසේ අසන ලද්දේ වේ ද එහිද පරීක්‍ෂණයක් නැත්තේය. යම් අසුනක් පළමුකොටම උතුරුසළු කොඳුපලස් ආදියෙන් අතුරණ ලද්දේ වේ ද, එය අතින් පහසාම සලකා බලා හිඳිය යුතුය. මහාපච්චරියෙහි වනාහි ඝනවස්ත්‍රයකින් නමුදු ඇතුරූ කල්හි යම් අසුනෙක රැලි නො පෙනේ ද, එය පරීක්‍ෂා කටයුතුයයි කියන ලදී.

මුසලවත්‍ථුස‍්මිං – අසඤ‍්චිච‍්චොති අවධකචෙතනො විරද‍්ධපයොගො හි සො. තෙනාහ “අසඤ‍්චිච‍්චො අහ”න‍්ති. උදුක‍්ඛලවත්‍ථු උත‍්තානමෙව. වුඩ‍්ඪපබ‍්බජිතවත්‍ථූසුපඨමවත්‍ථුස‍්මිං “භික‍්ඛුසඞ‍්ඝස‍්ස පටිබන්‍ධං මා අකාසී”ති පණාමෙසි. දුතියවත්‍ථුස‍්මිං – සඞ‍්ඝමජ‍්ඣෙපි ගණමජ‍්ඣෙපි “මහල‍්ලකත්‍ථෙරස‍්ස පුත‍්තො”ති වුච‍්චමානො තෙන වචනෙන අට‍්ටීයමානො “මරතු අය”න‍්ති පණාමෙසි. තතියවත්‍ථුස‍්මිං – තස‍්ස දුක‍්ඛුප‍්පාදනෙන ථුල‍්ලච‍්චයං.

මූසල වස්තුවෙහි - ‘අසඤ්චිච්චො’ යනු වධ නො කරන සිත් ඇතියෙම්ය. ඒ විරුද්ධ ප්‍රයොගයක්මය. ‘අසඤ්චිච්චො අහං’ යනු එහෙයින් වදාළ සේක. උදුක්‍ඛල වස්තුව ප්‍රකටමය. ඛුඩ්ඪපබ්බජිත වස්තූන් අතුරෙහි ප්‍රථම වස්තුවෙහි භික්‍ෂු සඞ්ඝයාහට ප්‍රතිබන්‍ධයක් පලිබොධයක් නො කරවයි පහ කෙළේය. ද්විතීයවස්තුවෙහි සඟ මැද ද ගණ මැද ද මහලු තෙරහුගේ පුත්‍රයි කියනු ලබන්නේ ඒ වචනයෙන් පෙළෙනු ලබන්නේ මෙතෙමේ මැරේවා’යි බැහැර කෙළේය. තෘතීය වස්තුවෙහි ඔහුට දුක් ඉපදවීමෙන් ථුල්ලච්චය වේ.

තතො පරානි තීණි වත්‍ථූනි උත‍්තානත්‍ථානෙව. විසගතපිණ‍්ඩපාතවත්‍ථුස‍්මිං – සාරාණීයධම‍්මපූරකො සො භික‍්ඛු අග‍්ගපිණ‍්ඩං සබ්‍රහ‍්මචාරීනං දත්‍වාව භුඤ‍්ජති. තෙන වුත‍්තං “අග‍්ගකාරිකං අදාසී”ති. අග‍්ගකාරිකන‍්ති අග‍්ගකිරියං; පඨමං ලද‍්ධපිණ‍්ඩපාතං අග‍්ගග‍්ගං වා පණීතපණීතං පිණ‍්ඩපාතන‍්ති අත්‍ථො. යා පන තස‍්ස දානසඞ‍්ඛාතා අග‍්ගකිරියා, සා න සක‍්කා දාතුං, පිණ‍්ඩපාතඤ‍්හි සො ථෙරාසනතො පට‍්ඨාය අදාසි. තෙ භික‍්ඛූති තෙ ථෙරාසනතො පට‍්ඨාය පරිභුත‍්තපිණ‍්ඩපාතා භික‍්ඛූ; තෙ කිර සබ‍්බෙපි කාලමකංසු. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. අස‍්සද‍්ධෙසු පන මිච‍්ඡාදිට‍්ඨිකෙසු කුලෙසු සක‍්කච‍්චං පණීතභොජනං ලභිත්‍වා අනුපපරික‍්ඛිත්‍වා නෙව අත‍්තනා පරිභුඤ‍්ජිතබ‍්බං, න පරෙසං දාතබ‍්බං. යම‍්පි ආභිදොසිකං භත‍්තං වා ඛජ‍්ජකං වා තතො ලභති, තම‍්පි න පරිභුඤ‍්ජිතබ‍්බං. අපිහිතවත්‍ථුම‍්පි හි සප‍්පවිච‍්ඡිකාදීහි අධිසයිතං ඡඩ‍්ඩනීයධම‍්මං තානි කුලානි දෙන‍්ති. ගන්‍ධහලිද‍්දාදිමක‍්ඛිතොපි තතො පිණ‍්ඩපාතො න ගහෙතබ‍්බො. සරීරෙ රොගට‍්ඨානානි පුඤ‍්ඡිත්‍වා ඨපිතභත‍්තම‍්පි හි තානි දාතබ‍්බං මඤ‍්ඤන‍්තීති.

එයින් අන්‍ය වූ වස්තු තුන ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. විසගතපිණ්ඩපාත වස්තුවෙහි සාරාණීයධර්‍මය පුරණ ඒ භික්‍ෂු තෙමේ අග්‍රපිණ්ඩය සබ්‍රම්සරුන්ට දීලාම වළඳන්නේය. ‘අග්ගකාරිකං අදාසි’ යනු එහෙයින් වදාරණ ලදී. අග්ගකාරිකං යනු අග්‍රක්‍රියාය. පළමු ලද පිණ්ඩපාතය ඉතා අග්‍ර වූ හෝ ඉතා ප්‍රණීත වූ හෝ පිණ්ඩපාතය යන අර්‍ත්‍ථයි. ඔහුගේ දානසඞ්ඛ්‍යාත වූ යම් අග්‍ර ක්‍රියාවක් වේ ද, එය දෙන්නට නො හැකිය. හෙතෙමේ පිණ්ඩපාතය ථෙරාසනය පටන් දුන්නේය. ‘තෙ භික්‍‍‍ඛූ’ ථෙරාසනය පටන් වැළඳු පිණ්ඩපාතය ඇති ඒ භික්‍ෂූහුය. ඒ සියලු භික්‍ෂූහුම කලුරිය කළහ. මෙහි සෙස්ස ප්‍රකටමය. ශ්‍රද්ධා නැති මිත්‍ථ්‍යාදෘෂ්ටික වූ කුලයන්හි සකස් කළ ප්‍රණීත භොජනයක් ලැබ පරීක්‍ෂා නොකොට තමන් විසින්ම නො වැළඳිය යුතුය. අන්හට නො දිය යුතුය. පිළුනු වූ යම් බතක් හෝ කැවිල්ලක් හෝ එතැනින් ලැබේද, එ ද නො වැළඳිය යුතුය. නො වසා තැබූ වස්තුවක් සර්‍ප ගෝනුසු ආදීන් විසින් හෝනා ලද්දෙ හළයුතු ස්වභාවය ඇත්තේ වේ ද, එබඳු වස්තු ද ඒ කුලයෝ දෙන්නාහුය. ගඳ කහා ආදිය වැකුනා වූ පිණ්ඩපාතය ද නො පිළිගත යුතුය. ඒ කුලයෝ සිරුරෙහි රෝගස්ථාන පිස දමා තැබු බත ද දිය යුතුයි සිතන්නාහ.

වීමංසනවත්‍ථුස‍්මිං – වීමංසමානො ද‍්වෙ වීමංසති – “සක‍්කොති නු ඛො ඉමං මාරෙතුං නො”ති විසං වා වීමංසති, “මරෙය්‍ය නු ඛො අයං ඉමං විසං ඛාදිත්‍වා නො”ති පුග‍්ගලං වා. උභයථාපි වීමංසාධිප‍්පායෙන දින‍්නෙ මරතු වා මා වා ථුල‍්ලච‍්චයං. “ඉදං විසං එතං මාරෙතූ”ති වා “ඉදං විසං ඛාදිත්‍වා අයං මරතූ”ති වා එවං දින‍්නෙ පන සචෙ මරති, පාරාජිකං; නො චෙ, ථුල‍්ලච‍්චයං.

වීමංසන වස්තුවෙහි විමසන්නේ කරුණු දෙකක් විමසයි. ‘මොහු මරන්නට හැක්කේ ද, නො හැක්කේදැ’යි විෂය හෝ විමසයි. ‘මෙතෙමේ මේ විෂය කා මැරෙන්නේ ද, නො මැරෙන්නේදැ’යි පුද්ගලයා හෝ විමසයි. මෙ කියූ දෙපරිද්දෙන්ම විමසන අදහසින් දුන් කල්හි මැරේවා හෝ නො මැරේවා හෝ ථුල්ලච්චය වේ. ‘මේ විෂය තෙමේ මොහු මරාවා’යි හෝ මෙතෙමේ මේ විෂය කා මැරේවා’යි හෝ මෙසේ දුන් කල්හි ඉදින් මැරේ ද, පාරාජිකය වේ. නො මැරේ නම් ථුල්ලච්චය වේ.

ඉතො පරානි තීණි සිලාවත්‍ථූනි තීණි ඉට‍්ඨකවාසිගොපානසීවත්‍ථූනි ච උත‍්තානත්‍ථානෙව. න කෙවලඤ‍්ච සිලාදීනංයෙව වසෙන අයං ආපත‍්තානාපත‍්තිභෙදො හොති, දණ‍්ඩමුග‍්ගරනිඛාදනවෙමාදීනම‍්පි වසෙන හොතියෙව, තස‍්මා පාළියං අනාගතම‍්පි ආගතනයෙනෙව වෙදිතබ‍්බං.

මෙයින් අන්‍ය වූ ශිලාවස්තු තුන, තෘණවස්තු තුන, ඉට්ඨකවස්තු තුන, වාසිවස්තු තුන, ගොපානසීවස්තු තුන ද ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුමය. හුදෙක් ශිලාදීන්ගේ වසයෙන්ම මේ ආපත්ති අනාපත්ති භෙදය නොවේ. දඬු මුගුරු නියන් වියන දඬු ආදීන්ගේ ද වසයෙන් වේමය. එහෙයින් පෙළෙහි නො ආයේ ද ඈ නයින්ම දතයුතුය.

අට‍්ටකවත්‍ථූසු – අට‍්ටකොති වෙහාසමඤ‍්චො වුච‍්චති; යං සෙතකම‍්මමාලාකම‍්මලතාකම‍්මාදීනං අත්‍ථාය බන්‍ධන‍්ති. තත්‍ථ ආවුසො අත්‍රට‍්ඨිතො බන්‍ධාහීති මරණාධිප‍්පායො යත්‍ර ඨිතො පතිත්‍වා ඛාණුනා වා භිජ‍්ජෙය්‍ය, සොබ‍්භපපාතාදීසු වා මරෙය්‍ය , තාදිසං ඨානං සන්‍ධායාහ. එත්‍ථ ච කොචි උපරිඨානං නියාමෙති “ඉතො පතිත්‍වා මරිස‍්සතී”ති, කොචි හෙට‍්ඨා ඨානං “ඉධ පතිත්‍වා මරිස‍්සතී”ති, කොචි උභයම‍්පි “ඉතො ඉධ පතිත්‍වා මරිස‍්සතී”ති. තත්‍ර යො උපරි නියමිතට‍්ඨානා අපතිත්‍වා අඤ‍්ඤතො පතති, හෙට‍්ඨා නියමිතට‍්ඨානෙ වා අපතිත්‍වා අඤ‍්ඤත්‍ථ පතති, උභයනියාමෙ වා යංකිඤ‍්චි එකං විරාධෙත්‍වා පතති, තස‍්මිං මතෙ විසඞ‍්කෙතත‍්තා අනාපත‍්ති. විහාරච‍්ඡාදනවත්‍ථුස‍්මිම‍්පි එසෙව නයො.

අට්ටක වස්තූන් අතුරෙහි - අට්ටකො යනු අහස්ගත ඇඳයයි කියනු ලැබේ. යම් මැස්සක් සුදුවියන් බැඳීම හා මල්ලියකම් ආදිය පිණිස බඳිත් ද ඒ ය. එහි ‘ආවුසො අනුට්ඨිතො බන්‍ධාහි’ යනු මරණ අදහස් ඇත්තේ යම් තැනක සිටියෙක් වැටී කණුවකින් හෝ අඟපසඟ බිඳෙන්නේ ද, ගැඹුරු වළ පල්ලම් ආදීන්හි හෝ වැටී මැරෙන්නේ ද, එබඳු තැන් සඳහා වදාළ සේක. මෙහිද කිසිවෙක් ‘මෙතැනින් වැටී මැරෙන්නේය’යි මතුවෙහි තැනක් නියම කෙරේ ද, කිසිවෙක් ‘මෙහි වැටී මැරෙන්නේය’යි යට තැනක් නියම කෙරේද, කිසිවෙක් ‘මෙතැනින් මෙහි වැටී මැරෙන්නේය’යි දෙතැනම නියම කෙරේ ද, එහි යමෙක් මතුවෙහි නියම කළ තැනින් නො වැටී අන් තැනකින් වැටේ ද, යට නියම කළ තැන හෝ නො වැටී අන් තැනක වැටේ ද, නියම කළ දෙතැන යම්කිසි එක් තැනක් වරදවා වැටේ ද, එහි මළ කල්හි විසඞ්කෙත බැවින් ඇවැත් නොවේ. විහාරච්ඡාදන වස්තුවෙහි ද මෙම නය වේ.

අනභිරතිවත්‍ථුස‍්මිං – සො කිර භික‍්ඛු කාමවිතක‍්කාදීනං සමුදාචාරං දිස‍්වා නිවාරෙතුං අසක‍්කොන‍්තො සාසනෙ අනභිරතො ගිහිභාවාභිමුඛො ජාතො. තතො චින‍්තෙසි – “යාව සීලභෙදං න පාපුණාමි තාව මරිස‍්සාමී”ති. අථ තං පබ‍්බතං අභිරුහිත්‍වා පපාතෙ පපතන‍්තො අඤ‍්ඤතරං විලීවකාරං ඔත්‍ථරිත්‍වා මාරෙසි. විලීවකාරන‍්ති වෙණුකාරං. න ච භික‍්ඛවෙ අත‍්තානං පාතෙතබ‍්බන‍්ති න අත‍්තා පාතෙතබ‍්බො. විභත‍්තිබ්‍යත‍්තයෙන පනෙතං වුත‍්තං. එත්‍ථ ච න කෙවලං න පාතෙතබ‍්බං, අඤ‍්ඤෙනපි යෙන කෙනචි උපක‍්කමෙන අන‍්තමසො ආහාරුපච‍්ඡෙදෙනපි න මාරෙතබ‍්බො. යොපි හි ගිලානො විජ‍්ජමානෙ භෙසජ‍්ජෙ ච උපට‍්ඨාකෙසු ච මරිතුකාමො ආහාරං උපච‍්ඡින්‍දති, දුක‍්කටමෙව. යස‍්ස පන මහාආබාධො චිරානුබද‍්ධො, භික‍්ඛූ උපට‍්ඨහන‍්තා කිලමන‍්ති ජිගුච‍්ඡන‍්ති “කදා නු ඛො ගිලානතො මුච‍්චිස‍්සාමා”ති අට‍්ටීයන‍්ති. සචෙ සො “අයං අත‍්තභාවො පටිජග‍්ගියමානොපි න තිට‍්ඨති, භික‍්ඛූ ච කිලමන‍්තී”ති ආහාරං උපච‍්ඡින්‍දති, භෙසජ‍්ජං න සෙවති වට‍්ටති. යො පන “අයං රොගො ඛරො, ආයුසඞ‍්ඛාරා න තිට‍්ඨන‍්ති, අයඤ‍්ච මෙ විසෙසාධිගමො හත්‍ථප‍්පත‍්තො විය දිස‍්සතී”ති උපච‍්ඡින්‍දති වට‍්ටතියෙව. අගිලානස‍්සාපි උප‍්පන‍්නසංවෙගස‍්ස “ආහාරපරියෙසනං නාම පපඤ‍්චො, කම‍්මට‍්ඨානමෙව අනුයුඤ‍්ජිස‍්සාමී”ති කම‍්මට‍්ඨානසීසෙන උපච‍්ඡින්‍දන‍්තස‍්ස වට‍්ටති. විසෙසාධිගමං බ්‍යාකරිත්‍වා ආහාරං උපච‍්ඡින්‍දති, න වට‍්ටති. සභාගානඤ‍්හි ලජ‍්ජීභික‍්ඛූනං කථෙතුං වට‍්ටති.

අභිරති වස්තුවෙහි ඒ මහණ තෙමේ වනාහි කාමවිතර්‍කාදීන්ගේ බලවත් පැවැත්ම දැක එය වළකාලන්නට නො හැකි වන්නේ, සසුනෙහි නො ඇලුනේ ගිහි බවට අභිමුඛ වූයේය. එහෙයින් ‘යම්තාක් ශීලභෙදයට නො පැමිණෙම් ද, ඒ තාක් මැරෙන්නෙමි’යි සිතුයේය. ඉක්බිති ඒ පර්‍වතයට නැගී පල්ලමක හෙන්නේ එක්තරා කුලුපොත්තකු යට කොට මැරූයේය. ‘විලීවකාරං’ යනු කුලුපොත්තකුය. ‘න ච භික්‍‍‍ඛවෙ අත්තානං පාතෙතබ්බං’ තෙමේ නො හෙළිය යුත්තේය. ‘අත්තානං පාතෙතබ්බං’ යන මෙය විභක්ති විපර්‍ය්‍යාසයෙන් කියන ලදී. හුදෙක් මෙහිද නො හෙළිය යුත්තේ නොවේ. අන්‍ය වූ ද යම්කිසි උපක්‍රමයකින් යටත් පිරිසයින් ආහාර වැළකීමෙන් ද නො මැරිය යුත්තේය. යමෙක් ගිලන් වූයේ වනාහි බෙහෙත් තිබිය දී ද, උපස්ථායකයන් ඇති කල්හි ද මැරෙණු කැමැත්තේ ආහාර වළකා ද, දුක්කටයම වේ. යම් මහණක්හුගේ මහත් ආබාධයක් බොහෝ කලක් ලුහුබැඳී පවත්නේ ද, උපස්ථාන කරන භික්‍ෂූහු වෙහෙසෙත් ද, පිළිකුල් කෙරෙත් ද, ‘කවදා වනාහි ගිලනාගෙන් මිදෙන්නෙමුදැ’යි පෙළෙත් ද, එකල්හි ඒ මහණ තෙමේ ‘මේ ආත්මභාවය පිළිදැගුම් කරනු ලබන්නේ ද, නො පවත්නේය භික්‍ෂූහු ද වෙහෙසෙත්’යි ආහාර වළකා නම්, බෙහෙත් නො වළඳා නම් වරද නැත. යමෙක් වනාහි ‘මේ රෝගය ක්‍රෑරය, ආයුස්කාරයෝ නො පවතිත්, මේ විශෙෂාධිගමය ද මාගේ අතට පැමිණියක් මෙන් පෙනෙන්නේ යයි ආහාර වළකා ද, එ ද වටීමය. උපන් සංවෙගය ඇති නො ගිලන් වූවහුට ද ආහාර සෙවීම ප්‍රමාදයෙකි. කමටහන්හිම යෙදෙන්නෙමියි කර්‍මස්ථාන මුඛයෙන් ආහාර වළකා සිටීම වරද නොවේ, ලොකොත්තර ධර්‍මප්‍රතිලාභය ප්‍රකාශකොට ආහාර වළකා නම්, එය නො වටියි. සභාගලජ්ජී භික්‍ෂූන්ට කීම සුදුසු වේ.

සිලාවත්‍ථුස‍්මිං – දවායාති දවෙන හස‍්සෙන; ඛිඩ‍්ඩායාති අත්‍ථො. සිලාති පාසාණො; න කෙවලඤ‍්ච පාසාණො, අඤ‍්ඤම‍්පි යංකිඤ‍්චි දාරුඛණ‍්ඩං වා ඉට‍්ඨකාඛණ‍්ඩං වා හත්‍ථෙන වා යන‍්තෙන වා පවිජ‍්ඣිතුං න වට‍්ටති. චෙතියාදීනං අත්‍ථාය පාසාණාදයො හසන‍්තා හසන‍්තා පවට‍්ටෙන‍්තිපි ඛිපන‍්තිපි උක‍්ඛිපන‍්තිපි කම‍්මසමයොති වට‍්ටති. අඤ‍්ඤම‍්පි ඊදිසං නවකම‍්මං වා කරොන‍්තා භණ‍්ඩකං වා ධොවන‍්තා රුක‍්ඛං වා ධොවනදණ‍්ඩකං වා උක‍්ඛිපිත්‍වා පවිජ‍්ඣන‍්ති, වට‍්ටති. භත‍්තවිස‍්සග‍්ගකාලාදීසු කාකෙ වා සොණෙ වා කට‍්ඨං වා කථලං වා ඛිපිත්‍වා පලාපෙති, වට‍්ටති.

සිලා වස්තුවෙහි - ද්වාය ක්‍රීඩා වශයෙන් සිනාවෙන්, ක්‍රීඩා පිණිසය යන අර්‍ත්‍ථයි. සිලා යනු ගලය. හුදෙක් ගලම පමණක් නොවේ. අන් කිසි දැවකඩක් හෝ ගඩොල්කඩක් හෝ අතින් හෝ යන්ත්‍රයකින් හෝ විදීම සුදුසු නොවේ. සෑ ආදීන් පිණිස සිනාසෙමින් සිනාසෙමින් ගල් ආදිය පෙරළත් ද, දමත් ද, ඔසොවත් ද කර්‍මසමයයි වරද නැත්තේය. අන්‍ය වූ ද මෙබඳු නවකර්‍මයක් හෝ කරන්නාහු, චීවර සඞ්ඛ්‍යාත භාණ්ඩයක් හෝ සෝදන්නාහු, රුකක් හෝ බඩු දෝනා දඬුවක් හෝ ඔසොවා විදිත් ද වටියි. බත් බෙදන කාලාදියෙහි ලී දඬු කඩක් හෝ කැටක් හෝ දමා ගසා කවුඩන් හෝ බල්ලන් හෝ පලවා හරී ද, එ ද වරද නැත.

සෙදනාදිවත්‍ථූනි සබ‍්බානෙව උත‍්තානත්‍ථානි. එත්‍ථ ච අහං කුක‍්කුච‍්චකොති න ගිලානුපට‍්ඨානං න කාතබ‍්බං, හිතකාමතාය සබ‍්බං ගිලානස‍්ස බලාබලඤ‍්ච රුචිඤ‍්ච සප‍්පායාසප‍්පායඤ‍්ච උපලක‍්ඛෙත්‍වා කාතබ‍්බං.

දෙසනාදි වස්තූහු සියල්ලම ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුමය. මෙහිද ‘මම මාගේ ක්‍රියාවෙන් මැරෙම් ද, නො මැරෙම් දැ’යි උපන් කුකුස් ඇතියෙමියි ගිලානොපස්ථානය නොකට යුතු නොවේ. හිත කැමැති බැවින් ගිලනහුගේ සියලු බල අබල ද රුචිය ද සත්ප්‍රාය අසත්ප්‍රාය ද සලකා බලා කටයුතුය.

ජාරගබ‍්භිනිවත්‍ථුස‍්මිං – පවුත්‍ථපතිකාති පවාසං ගතපතිකා. ගබ‍්භපාතනන‍්ති යෙන පරිභුත‍්තෙන ගබ‍්භො පතති, තාදිසං භෙසජ‍්ජං. ද‍්වෙ පජාපතිකවත්‍ථූනි උත‍්තානත්‍ථානෙව. ගබ‍්භමද‍්දනවත්‍ථුස‍්මිං – “මද‍්දිත්‍වා පාතෙහී”ති වුත‍්තෙ අඤ‍්ඤෙන මද‍්දාපෙත්‍වා පාතෙති, විසඞ‍්කෙතං. “මද‍්දාපෙත්‍වා පාතාපෙහී”ති වුත‍්තෙපි සයං මද‍්දිත්‍වා පාතෙති, විසඞ‍්කෙතමෙව. මනුස‍්සවිග‍්ගහෙ පරියායො නාම නත්‍ථි. තස‍්මා “ගබ‍්භො නාම මද‍්දිතෙ පතතී”ති වුත‍්තෙ සා සයං වා මද‍්දතු, අඤ‍්ඤෙන වා මද‍්දාපෙත්‍වා පාතෙතු, විසඞ‍්කෙතො නත්‍ථි; පාරාජිකමෙව තාපනවත්‍ථුස‍්මිම‍්පි එසෙව නයො.

ජාරගබ්හිණී වස්තුවෙහි - පවුත්‍ථපතිකා වෙන්ව විසීමට නො රට ගිය හිමියා ඇත්තී. ගබ්හපාතං වැළඳූ යමකින් ගැබ වැටේ ද, එබඳු බෙහෙතකි. පජාපතික වස්තු දෙක ප්‍රකට වූ අර්‍ත්‍ථ ඇත්තේමය. ගබ්හමද්දන වස්තුවෙහි - ‘මැඩ හෙළව’යි කියූ කල්හි ද අනෙකකු ලවා මඩවා හෙළා ද, විසඞ්කෙතය වේ. මඩවා හෙළවා ලව යි කියූ කල්හි ද තෙමේ මැඩ හෙළා ද විසඞ්කෙතයම වේ. මනුෂ්‍ය විග්‍රහයෙහි පර්‍ය්‍යායෙක් නැත්තේය. එහෙයින් ‘මැඩූ කල්හි ගැබ වැටේය’ කියූ කල්හි ඕතොමෝ, තොමෝ හෝ මඩීවා, අනෙකකු ලවා හෝ මඩවා හෙළාවා, විසඞ්කෙතයක් නැත්තේය. පාරාජිකයම වේ. තාපන වස්තුවෙහි ද මේ නයම වේ.

වඤ‍්ඣිත්‍ථිවත්‍ථුස‍්මිං – වඤ‍්ඣිත්‍ථී නාම යා ගබ‍්භං න ගණ‍්හාති. ගබ‍්භං අගණ‍්හනකඉත්‍ථී නාම නත්‍ථි, යස‍්සා පන ගහිතොපි ගබ‍්භො න සණ‍්ඨාති, තංයෙව සන්‍ධායෙතං වුත‍්තං. උතුසමයෙ කිර සබ‍්බිත්‍ථියො ගබ‍්භං ගණ‍්හන‍්ති. යා පනායං “වඤ‍්ඣා”ති වුච‍්චති, තස‍්සා කුච‍්ඡියං නිබ‍්බත‍්තසත‍්තානං අකුසලවිපාකො සම‍්පාපුණාති. තෙ පරිත‍්තකුසලවිපාකෙන ගහිතපටිසන්‍ධිකා අකුසලවිපාකෙන අධිභූතා විනස‍්සන‍්ති. අභිනවපටිසන්‍ධියංයෙව හි කම‍්මානුභාවෙන ද‍්වීහාකාරෙහි ගබ‍්භො න සණ‍්ඨාති – වාතෙන වා පාණකෙහි වා. වාතො සොසෙත්‍වා අන‍්තරධාපෙති, පාණකා ඛාදිත්‍වා. තස‍්ස පන වාතස‍්ස පාණකානං වා පටිඝාතාය භෙසජ‍්ජෙ කතෙ ගබ‍්භො සණ‍්ඨහෙය්‍ය; සො භික‍්ඛු තං අකත්‍වා අඤ‍්ඤං ඛරභෙසජ‍්ජං අදාසි. තෙන සා කාලමකාසි. භගවා භෙසජ‍්ජස‍්ස කටත‍්තා දුක‍්කටං පඤ‍්ඤාපෙසි.

වඤ්ජිර්‍ත්‍ථ වස්තුවෙහි වඳ ස්ත්‍රිය නම්, යම් ස්ත්‍රියක් තෙමෝ ගැබ් නො ගණීද, ඕ තොමෝය. ගැබ් නොගන්නා ස්ත්‍රියක් නම් නැත්තීය. යම් ස්ත්‍රියකගේ හටගත් ගැබ පිහිටා නො සිටී ද, එය සඳහා මෙය වදාරණ ලදී. සෘතුකාලයෙහි සියලු ස්ත්‍රීහු ගැබ් ගණිත්. යම් මේ ස්ත්‍රියක් තොමෝ වඳයයි කියනු ලබන්නී ද, ඇයගේ කුසයෙහි උපන් සත්ත්‍වයන්ට අකුශල විපාකය පැමිණේ. ස්වල්ප වූ කුශල විපාකයකින් ගත් ප්‍රතිසන්‍ධි ඇති ඔවුහු අකුශල විපාකයකින් මඩනා ලද්දාහු වැනසෙන්නාහ. අභිනව ප්‍රතිසන්‍ධියෙහිම කර්‍මානුභාවයෙන් වාතයෙන් හෝ පණුවන්ගෙන් හෝ යන දෙයයුරෙන් ගැබ නොපිහිටයි. වාතය තෙමේ ගැබ වියලා අතුරුදහන් කරයි. පණුවෝ කා දමා අතුරුදහන් කරත්. ඒ වාතය හෝ පණුවන් හෝ නසනු පිණිස බෙහෙත් කළ කල්හි ගැබ පිහිටන්නේය. ඒ මහණ තෙමේ එය නොකොට අන් රළු බෙහෙතක් දුන්නේය. එයින් ඕ තොමෝ කලුරිය කළාය. භාග්‍යවතුන් වහන්සේ බෙහෙත් කළ බැවින් දුක්කටය පැණවූ සේක.

දුතියවත්‍ථුස‍්මිම‍්පි එසෙව නයො. තස‍්මා ආගතාගතස‍්ස පරජනස‍්ස භෙසජ‍්ජං න කාතබ‍්බං, කරොන‍්තො දුක‍්කටං ආපජ‍්ජති. පඤ‍්චන‍්නං පන සහධම‍්මිකානං කාතබ‍්බං භික‍්ඛුස‍්ස භික‍්ඛුනියා සික‍්ඛමානාය සාමණෙරස‍්ස සාමණෙරියාති. සමසීලසද‍්ධාපඤ‍්ඤානඤ‍්හි එතෙසං තීසු සික‍්ඛාසු යුත‍්තානං භෙසජ‍්ජං අකාතුං න ලබ‍්භති, කරොන‍්තෙන ච සචෙ තෙසං අත්‍ථි, තෙසං සන‍්තකං ගහෙත්‍වා යොජෙත්‍වා දාතබ‍්බං. සචෙ නත්‍ථි, අත‍්තනො සන‍්තකං කාතබ‍්බං. සචෙ අත‍්තනොපි නත්‍ථි, භික‍්ඛාචාරවත‍්තෙන වා ඤාතකපවාරිතට‍්ඨානතො වා පරියෙසිතබ‍්බං. අලභන‍්තෙන ගිලානස‍්ස අත්‍ථාය අකතවිඤ‍්ඤත‍්තියාපි ආහරිත්‍වා කාතබ‍්බං.

ද්විතීයවස්තුවෙහි ද මේ නයම වේ. එහෙයින් පැමිණි පැමිණි අන්දෙනාහට බෙහෙත් නො කටයුතුය. කරන්නේ නම් දුක්කටයට පැමිණේ. භික්‍ෂු - භික්‍ෂුණී - ශික්‍ෂ්‍යමාණ - ශ්‍රාමණේර - ශ්‍රාමණේරී යන පස් සහ දැහැමියන්ට බෙහෙත් කටයුතුය. සම ශීල ශ්‍රද්ධා ප්‍රඥා ඇති ත්‍රිවිධ ශික්‍ෂාවන්හි යෙදී ගත් මොවුන්ට බෙහෙත් නො කරන්නට නො ලබන්නේය. බෙහෙත් කටයුතුය. ඉදින් බෙහෙත් කරන්නහු විසින් ද ඔවුන්ට බෙහෙත් ඇත්තේ නම්, ඔවුන් සතු දෙය ගෙන යොදා දියයුතුය. ඔවුනට නැත්තේ නම් තමන් සතු දෙය ගෙන යොදා දියයුතුය. ඔවුනට නැත්තේ නම් තමන් සතු දෙය දිය යුතුය. ඉදින් තමහට ද නැත්තේ නම්, භික්‍ෂාචාරවතින් හෝ තමන්ගේ හෝ ඔවුන්ගේ නෑයන්ගෙන් හෝ පැවැරූ තැනින් හෝ සොයා ගත යුතුය. නො ලබන්නහු විසින් ගිලනහු පිණිස නො නෑ නො පැවරූවන්ගෙන් ඉල්ලීමයයි කියූ නොකළ යුතු තැන පවත්වන විඥප්තියෙනුදු ගෙණ අවුත් කටයුතුය.

අපරෙසම‍්පි පඤ‍්චන‍්නං කාතුං වට‍්ටති – මාතු, පිතු, තදුපට‍්ඨාකානං, අත‍්තනො වෙය්‍යාවච‍්චකරස‍්ස, පණ‍්ඩුපලාසස‍්සාති. පණ‍්ඩුපලාසො නාම යො පබ‍්බජ‍්ජාපෙක‍්ඛො යාව පත‍්තචීවරං පටියාදියති තාව විහාරෙ වසති. තෙසු සචෙ මාතාපිතරො ඉස‍්සරා හොන‍්ති, න පච‍්චාසීසන‍්ති, අකාතුං වට‍්ටති. සචෙ පන රජ‍්ජෙපි ඨිතා පච‍්චාසීසන‍්ති, අකාතුං න වට‍්ටති. භෙසජ‍්ජං පච‍්චාසීසන‍්තානං භෙසජ‍්ජං දාතබ‍්බං, යොජෙතුං අජානන‍්තානං යොජෙත්‍වා දාතබ‍්බං. සබ‍්බෙසං අත්‍ථාය සහධම‍්මිකෙසු වුත‍්තනයෙනෙව පරියෙසිතබ‍්බං. සචෙ පන මාතරං විහාරෙ ආනෙත්‍වා ජග‍්ගති, සබ‍්බං පරිකම‍්මං අනාමසන‍්තෙන කාතබ‍්බං. ඛාදනීයං භොජනීයං සහත්‍ථා දාතබ‍්බං. පිතා පන යථා සාමණෙරො එවං සහත්‍ථෙන න‍්හාපනසම‍්බාහනාදීනි කත්‍වා උපට‍්ඨාතබ‍්බො. යෙ ච මාතාපිතරො උපට‍්ඨහන‍්ති පටිජග‍්ගන‍්ති, තෙසම‍්පි එවමෙව කාතබ‍්බං. වෙය්‍යාවච‍්චකරො නාම යො වෙතනං ගහෙත්‍වා අරඤ‍්ඤෙ දාරූනි වා ඡින්‍දති, අඤ‍්ඤං වා කිඤ‍්චි කම‍්මං කරොති, තස‍්ස රොගෙ උප‍්පන‍්නෙ යාව ඤාතකා න පස‍්සන‍්ති තාව භෙසජ‍්ජං කාතබ‍්බං. යො පන භික‍්ඛුනිස‍්සිතකොව හුත්‍වා සබ‍්බකම‍්මානි කරොති, තස‍්ස භෙසජ‍්ජං කාතබ‍්බමෙව. පණ‍්ඩුපලාසෙපි සාමණෙරෙ විය පටිපජ‍්ජිතබ‍්බං.

මවට, පියාට, ඔවුන්ට උවැටන් කරන්නවුන්ට, තමාගේ වතාවත් කරන්නහුට, පණ්ඩුපලාසහට යන මේ අන්‍ය වූ පස්දෙනාහට ද බෙහෙත් කිරීම වරද නොවේ. පණ්ඩුපලාස නම්, යමෙක් පැවිද්දෙහි බලාපොරොත්තු ඇතිව යම්තාක් පා සිවුරු පිළියෙල කර ගණී ද, ඒ තාක් වෙහෙර වසන්නේය. ඔවුන් අතුරෙහි මවුපියෝ ධනවත් වෙත් ද, පිළියම් බලාපොරොත්තු නොවෙත් ද, එසේ ඇති කල්හි ඔවුන්ට බෙහෙත් නො කිරීම වටියි. ඉදින් වනාහි රජයේ සිටියේත් බලාපොරොත්තු වෙත් නම් දුෂ්කෘත හෙයින් නො කිරීම නො වටියි. බෙහෙත් ප්‍රාර්‍ත්‍ථනා කරන්නවුන්ට බෙහෙත් දිය යුතුය. සියල්ලන් පිණිස සහ දැහැමියන් විෂයයෙහි කියූ නයින්ම බෙහෙත් සෙවිය යුතුය. ඉදින් මව වෙහෙරට ගෙන අවුත් පිළිදැගුම් කරන්නේ නම්, නො පහසන්නහු විසින් සියලු පිරියම් කටයුතුය. කෑ යුතු බිඳිය යුතු දැය සියතින් දිය යුතුය. සාමණේර තෙමේ යම් සේ ද, පියා එසේ සියතින් නෑවීම් මිරීකීම් ආදියකොට උවැටන් කළයුතුය. යම්කෙනෙක් මවු පියන්ට උවැටන් කෙරෙත් ද, පිළිදැගුම් කෙරෙත් ද, ඔවුනට ද එපරිද්දෙන්ම කළ යුතුය. වෙය්‍යාවච්චකර නම්, යමෙක් තෙමේ වැටුප් ගෙන වනයෙහි දර කපා ද, අන් කිසි වැඩක් හෝ කෙරේ ද, හෙතෙමේය. ඔහුට රෝගයක් හටගත් කල්හි යම්තාක් නෑයෝ නො බලත් ද, ඒ තාක් බෙහෙත් කටයුතුය. යමෙක් වනාහි මහණුන් ඇසුරු කළ එකෙක්වම සියලු වැඩ කෙරේද, ඔහුට බෙහෙත් කටයුතුමය. පණ්ඩුපලාසයා කෙරෙහි ද සාමණේරයා කෙරෙහි මෙන් පිළිපැදිය යුතුය.

අපරෙසම‍්පි දසන‍්නං කාතුං වට‍්ටති – ජෙට‍්ඨභාතු, කනිට‍්ඨභාතු, ජෙට‍්ඨභගිනියා, කනිට‍්ඨභගිනියා, චූළමාතුයා, මහාමාතුයා, චූළපිතුනො, මහාපිතුනො, පිතුච‍්ඡාය, මාතුලස‍්සාති. තෙසං පන සබ‍්බෙසම‍්පි කරොන‍්තෙන තෙසංයෙව සන‍්තකං භෙසජ‍්ජං ගහෙත්‍වා කෙවලං යොජෙත්‍වා දාතබ‍්බං. සචෙ පන නප‍්පහොන‍්ති, යාචන‍්ති ච “දෙථ නො, භන‍්තෙ, තුම‍්හාකං පටිදස‍්සාමා”ති තාවකාලිකං දාතබ‍්බං. සචෙපි න යාචන‍්ති, “අම‍්හාකං භෙසජ‍්ජං අත්‍ථි, තාවකාලිකං ගණ‍්හථා”ති වත්‍වා වා “යදා නෙසං භවිස‍්සති තදා දස‍්සන‍්තී”ති ආභොගං වා කත්‍වා දාතබ‍්බං. සචෙ පටිදෙන‍්ති, ගහෙතබ‍්බං, නො චෙ දෙන‍්ති, න චොදෙතබ‍්බා. එතෙ දස ඤාතකෙ ඨපෙත්‍වා අඤ‍්ඤෙසං න කාතබ‍්බං.

අනිකුදු දෙටු බෑයාහට, කනිටු බෑයාහට, දෙටුබුහුනැනියට, කනිටු බුහුනැනියට, සුලු මවට, මහ මවට, සුලු පියාට, මහ පියාට, පියාගේ සොහොයුරියට, මවුගේ සොහොයුරාට යන දසදෙනාහට බෙහෙත් කිරීම වරද නොවේ. ඒ සියල්ලන්ටම බෙහෙත් කරන්නහු විසින් ඔවුන් සතු වූ ම බෙහෙත් ගෙන එකලාව එයම යොදා දියයුතුය. බෙහෙත් නො පොහොනේ නම්, ‘ස්වාමීනි! දුන මැනැව, ඔබ වහන්සේට නැවත දෙන්නෙමු’යි ඉල්ලත් නම්, තාවකාලික කොට දිය යුතුය. ඉදින් නො ඉල්ලත් නම් ‘අපගේ බෙහෙත් තිබේ, තාවකාලික කොට ගණිවු’යි කියා හෝ ‘යම් කලෙක ඔවුන්ට වන්නාහු නම්, එකල්හි දෙන්නාහ’යි කල්පනාකොට දියයුතුය. ඉදින් පෙරළා දෙත් නම්, ගතයුතුය. නො දෙත් නම් චෝදනා නො කටයුතුය. මේ දස නෑයන් හැර අන්‍යයන්හට බෙහෙත් නො කටයුතුය.

එතෙසං පුත‍්තපරම‍්පරාය පන යාව සත‍්තමො කුලපරිවට‍්ටො තාව චත‍්තාරො පච‍්චයෙ ආහරාපෙන‍්තස‍්ස අකතවිඤ‍්ඤත‍්ති වා භෙසජ‍්ජං කරොන‍්තස‍්ස වෙජ‍්ජකම‍්මං වා කුලදූසකාපත‍්ති වා න හොති. සචෙ භාතුජායා භගිනිසාමිකො වා ගිලානා හොන‍්ති, ඤාතකා චෙ, තෙසම‍්පි වට‍්ටති. අඤ‍්ඤාතකා චෙ, භාතු ච භගිනියා ච කත්‍වා දාතබ‍්බං, “තුම‍්හාකං ජග‍්ගනට‍්ඨානෙ දෙථා”ති. අථ වා තෙසං පුත‍්තානං කත්‍වා දාතබ‍්බං, “තුම‍්හාකං මාතාපිතූනං දෙථා”ති. එතෙනුපායෙන සබ‍්බපදෙසුපි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මොවුන්ගේ පුත්‍ර පරම්පරාවෙහි සත්වන කුලපරපුර යම්තාක් ද, ඒතාක් සිවුපසය ගෙන්වන්නහුට අකතවිඤ්ඤත්තිය හෝ බෙහෙත් කරන්නහුට වෙදකම හෝ වෙදකමින් වන කුලදූසකාපත්තිය හෝ නොවේ. බෑබිරිය හෝ බුහුනැනි හිමියා හෝ ගිලන්හු වෙත් ද, නෑයෝ හෝ වෙත්නම්, ඔවුන්ට ද බෙහෙත් කිරීම සුදුසු වේ. නො නෑයෝ නම්, සහෝදරයාහට ද සහෝදරියන්ට ද අයත්කොට ‘තොප පිළිදග්නා තැනට දෙවු’යි දියයුතුය නොහොත් ඔවුන්ගේ දූ පුතුන්ට අයත්කොට ‘තොපගේ මවුපියන්ට දෙවු’යි දියයුතුය. මේ උපායයෙන් සියලු පදයන්හි විනිශ්චය දතයුතුය.

තෙසං අත්‍ථාය ච සාමණෙරෙහි අරඤ‍්ඤතො භෙසජ‍්ජං ආහරාපෙන‍්තෙන ඤාතිසාමණෙරෙහි වා ආහරාපෙතබ‍්බං. අත‍්තනො අත්‍ථාය වා ආහරාපෙත්‍වා දාතබ‍්බං. තෙහිපි “උපජ‍්ඣායස‍්ස ආහරාමා”ති වත‍්තසීසෙන ආහරිතබ‍්බං. උපජ‍්ඣායස‍්ස මාතාපිතරො ගිලානා විහාරං ආගච‍්ඡන‍්ති, උපජ‍්ඣායො ච දිසාපක‍්කන‍්තො හොති, සද‍්ධිවිහාරිකෙන උපජ‍්ඣායස‍්ස සන‍්තකං භෙසජ‍්ජං දාතබ‍්බං. නො චෙ අත්‍ථි, අත‍්තනො භෙසජ‍්ජං උපජ‍්ඣායස‍්ස පරිච‍්චජිත්‍වා දාතබ‍්බං. අත‍්තනොපි අසන‍්තෙ වුත‍්තනයෙන පරියෙසිත්‍වා උපජ‍්ඣායස‍්ස සන‍්තකං කත්‍වා දාතබ‍්බං. උපජ‍්ඣායෙනපි සද‍්ධිවිහාරිකස‍්ස මාතාපිතූසු එවමෙව පටිපජ‍්ජිතබ‍්බං. එස නයො ආචරියන‍්තෙවාසිකෙසුපි. අඤ‍්ඤොපි යො ආගන‍්තුකො වා චොරො වා යුද‍්ධපරාජිතො ඉස‍්සරො වා ඤාතකෙහි පරිච‍්චත‍්තො කපණො වා ගමියමනුස‍්සො වා ගිලානො හුත්‍වා විහාරං පවිසති, සබ‍්බෙසං අපච‍්චාසීසන‍්තෙන භෙසජ‍්ජං කාතබ‍්බං.

ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස හෙරණුන් ලවා වනයෙන් බෙහෙත් ගෙන්වන්නහු විසින් නෑ හෙරණුන් ලවා හෝ ගෙන්විය යුතුය. තමන්ගේ ප්‍රයෝජනය පිණිස හෝ ගෙන්වා දිය යුතුය. ඔවුන් විසින් ද ‘උපාද්ධ්‍යායයාහට ගෙණෙමු’යි වත්හිසින් ගෙන ආ යුතුය. උපාද්ධ්‍යායයාගේ මවුපියෝ ගිලන්වූවාහු විහාරයට එත් ද, උපාද්ධ්‍යාය තෙමේත් දිසා බලා ගියේ වේ ද, සද්ධිවිහාරිකයා විසින් ඔවුන්ට උපාද්ධ්‍යායයා සතු බෙහෙත් දිය යුතුය. නැත්තේ නම් තමන්ගේ බෙහෙත් උපාද්ධ්‍යායයාහට පරිත්‍යාගකොට දිය යුතුය. තමන්ට ද බෙහෙත් නැති කල්හි කියූ නයින් සොයා බලා උපාද්ධ්‍යායයා සතු කොට දිය යුතුය. උපාද්ධ්‍යායයා විසිනුදු සද්ධිවිහාරිකයාගේ මවුපියන් කෙරෙහි මෙපරිද්දෙන්ම පිළිපැදිය යුතුය. ආචාර්‍ය්‍ය අන්තෙවාසිකයන් කෙරෙහි ද මේ නය වේ. අන්‍ය වූ යම් ආගන්තුකයෙක් හෝ සොරෙක් හෝ යුදෙන් පැරදුනු ඉසුරෙක් හෝ නෑයන් විසින් හැර දැමු දුගියෙක් හෝ ගමික මනුෂ්‍යයෙක් හෝ ගිලන්ව විහාරයට පැමිණේ ද, ඒ සියල්ලන්ට, ඔවුන් විසින් තමාට කරණ ලාභය ගැන නො තකන්නහු විසින් බෙහෙත් කටයුතුය.

සද‍්ධං කුලං හොති චතූහි පච‍්චයෙහි උපට‍්ඨායකං භික‍්ඛුසඞ‍්ඝස‍්ස මාතාපිතුට‍්ඨානියං, තත්‍ර චෙ කොචි ගිලානො හොති, තස‍්සත්‍ථාය විස‍්සාසෙන “භෙසජ‍්ජං කත්‍වා භන‍්තෙ දෙථා”ති වදන‍්ති, නෙව දාතබ‍්බං න කාතබ‍්බං. අථ පන කප‍්පියං ඤත්‍වා එවං පුච‍්ඡන‍්ති – “භන‍්තෙ, අසුකස‍්ස නාම රොගස‍්ස කිං භෙසජ‍්ජං කරොන‍්තී”ති? “ඉදඤ‍්චිදඤ‍්ච ගහෙත්‍වා කරොන‍්තී”ති වත‍්තුං වට‍්ටති. “භන‍්තෙ, මය‍්හං මාතා ගිලානා, භෙසජ‍්ජං තාව ආචික‍්ඛථා”ති එවං පුච‍්ඡිතෙ පන න ආචික‍්ඛිතබ‍්බං. අඤ‍්ඤමඤ‍්ඤං පන කථා කාතබ‍්බා – “ආවුසො, අසුකස‍්ස නාම භික‍්ඛුනො ඉමස‍්මිං රොගෙ කිං භෙසජ‍්ජං කරිංසූ”ති? “ඉදඤ‍්චිදඤ‍්ච භන‍්තෙ”ති. තං සුත්‍වා ඉතරො මාතු භෙසජ‍්ජං කරොති, වට‍්ටතෙව.

භික්‍ෂු සඞ්ඝයාහට සිවුපසයෙන් උපස්ථාන කරන මවුපිය තනතුරට සුදුසු සැදැහැති කුලයක් වේ. එහි ඉදින් කිසිවෙක් ගිලන් වේ ද, ඔහු පිණිස විශ්වාසයෙන්, ‘ස්වාමීනි! බෙහෙත් කොට දුන මැනැවැ’යි කියත් නම්, බෙහෙත් නො දිය යුතුමය. බෙහෙත් නො කටයුතුය. තවද කැපය දැන ‘ස්වාමීනි! අසුවල් රොගයට කිනම් බෙහෙතක් කරත් දැ’යි මෙසේ විචාරත් ද, ‘මේ මේ දැය ගෙණ කෙරෙත්’යි කීම වටියි. ‘ස්වාමීනි! මාගේ මවු තොමෝ ගිලන් වූය. බෙහෙත් කියනු මැනැවැ’යි මෙසේ විචාළ කල්හි වනාහි නො කියයුතුය. ‘ඇවැත! අසුවල් භික්‍ෂු නමට මේ රොගයෙහි දී කිනම් බෙහෙතක් කළාහු ද? ‘ස්වාමීනි! මේ බෙහෙතැ’යි ඔවුනොවුන් කථා කළයුතුය. ඒ අසා අන්‍යයා මවට බෙහෙත් කෙරේ ද, වරද නැත්තේමය.

මහාපදුමත්‍ථෙරොපි කිර වසභරඤ‍්ඤො දෙවියා රොගෙ උප‍්පන‍්නෙ එකාය ඉත්‍ථියා ආගන‍්ත්‍වා පුච‍්ඡිතො “න ජානාමී”ති අවත්‍වා එවමෙව භික‍්ඛූහි සද‍්ධිං සමුල‍්ලපෙසි. තං සුත්‍වා තස‍්සා භෙසජ‍්ජමකංසු. වූපසන‍්තෙ ච රොගෙ තිචීවරෙන තීහි ච කහාපණසතෙහි සද‍්ධිං භෙසජ‍්ජචඞ‍්කොටකං පූරෙත්‍වා ආහරිත්‍වා ථෙරස‍්ස පාදමූලෙ ඨපෙත්‍වා “භන‍්තෙ, පුප‍්ඵපූජං කරොථා”ති ආහංසු. ථෙරො “ආචරියභාගො නාමාය”න‍්ති කප‍්පියවසෙන ගාහාපෙත්‍වා පුප‍්ඵපූජං අකාසි. එවං තාව භෙසජ‍්ජෙ පටිපජ‍්ජිතබ‍්බං.

මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි වසභ රජුගේ දේවියට රෝගයක් උපන් කල්හි එක් ස්ත්‍රියක අවුත් විචාරණ ලද්දේ ‘නො දකිමි’යි නො කියා භික්‍ෂූන් සමග මෙපරිද්දෙන්ම කථා කළහ. එය අසා ඇයට බෙහෙත් කළහ. රොගය සන්සුන් කල්හි තුන් සිවුරක් ද කහවණු තුන්සියයක් ද සමග බෙහෙත් කරඬුවක් පුරවා ගෙන අවුත් තෙරුන්ගේ පාමුල තබා ‘ස්වාමීනි! මල් පූජා කරනු මැනැවැ’යි කීහ. ස්ථවිරයන් වහන්සේ ‘මේ ආචාර්‍ය්‍යභාගය’යි කැප වසයෙන් ගන්වා මල් පූජාව කළහ. මෙසේ වනාහි බෙහෙතෙහි පිළිපැදිය යුතුය.

පරිත‍්තෙ පන “ගිලානස‍්ස පරිත‍්තං කරොථ, භන‍්තෙ”ති වුත‍්තෙ න කාතබ‍්බං, “භණථා”ති වුත‍්තෙ පන කාතබ‍්බං. සචෙ පිස‍්ස එවං හොති “මනුස‍්සා නාම න ජානන‍්ති, අකයිරමානෙ විප‍්පටිසාරිනො භවිස‍්සන‍්තී”ති කාතබ‍්බං; “පරිත‍්තොදකං පරිත‍්තසුත‍්තං කත්‍වා දෙථා”ති වුත‍්තෙන පන තෙසංයෙව උදකං හත්‍ථෙන චාලෙත්‍වා සුත‍්තං පරිමජ‍්ජෙත්‍වා දාතබ‍්බං. සචෙ විහාරතො උදකං අත‍්තනො සන‍්තකං වා සුත‍්තං දෙති, දුක‍්කටං. මනුස‍්සා උදකඤ‍්ච සුත‍්තඤ‍්ච ගහෙත්‍වා නිසීදිත්‍වා “පරිත‍්තං භණථා”ති වදන‍්ති, කාතබ‍්බං. නො චෙ ජානන‍්ති, ආචික‍්ඛිතබ‍්බං. භික‍්ඛූනං නිසින‍්නානං පාදෙසු උදකං ආකිරිත්‍වා සුත‍්තඤ‍්ච ඨපෙත්‍වා ගච‍්ඡන‍්ති “පරිත‍්තං කරොථ, පරිත‍්තං භණථා”ති න පාදා අපනෙතබ‍්බා. මනුස‍්සා හි විප‍්පටිසාරිනො හොන‍්ති. අන‍්තොගාමෙ ගිලානස‍්සත්‍ථාය විහාරං පෙසෙන‍්ති, “පරිත‍්තං භණන‍්තූ”ති භණිතබ‍්බං. අන‍්තොගාමෙ රාජගෙහාදීසු රොගෙ වා උපද‍්දවෙ වා උප‍්පන‍්නෙ පක‍්කොසාපෙත්‍වා භණාපෙන‍්ති, ආටානාටියසුත‍්තාදීනි භණිතබ‍්බානි. “ආගන‍්ත්‍වා ගිලානස‍්ස සික‍්ඛාපදානි දෙන‍්තු, ධම‍්මං කථෙන‍්තු. රාජන‍්තෙපුරෙ වා අමච‍්චගෙහෙ වා ආගන‍්ත්‍වා සික‍්ඛාපදානි දෙන‍්තු, ධම‍්මං කථෙන‍්තූ”ති පෙසිතෙපි ගන‍්ත්‍වා සික‍්ඛාපදානි දාතබ‍්බානි, ධම‍්මො කථෙතබ‍්බො. “මතානං පරිවාරත්‍ථං ආගච‍්ඡන‍්තූ”ති පක‍්කොසන‍්ති, න ගන‍්තබ‍්බං. සීවථිකදස‍්සනෙ අසුභදස‍්සනෙ ච මරණස‍්සතිං පටිලභිස‍්සාමීති කම‍්මට‍්ඨානසීසෙන ගන‍්තුං වට‍්ටති. එවං පරිත‍්තෙ පටිපජ‍්ජිතබ‍්බං.

පිරිතෙහි වනාහි ‘ස්වාමීනි! ගිලන්හට පිරිත් කරණු මැනැවැ’යි කියූ කල්හි ‘ගිහින්ට වතාවත් කරන තැන සිටීය’යි පිරිත් නොකට යුතුය. ‘වදාළ මැනැවැ’යි කියූ කල්හි ‘ධර්‍මකථාවට ආරාධනා කළ තැන සිටින බැවින් කටයුතුය. ‘මනුෂ්‍යයෝ නො දනිත්, නො කරන කල්හි විපිළිසර ඇත්තාහු වන්නාහ’යි ඔහුට මෙසේ අදහස් වන්නේ නම් කටයුතුය. ‘පිරිත්දිය කොට පිරිත්හු කොට දෙනු මැනැවැ’යි කියන ලද්දහු විසින් වනාහි ඔවුන්ගේම දිය අතින් සොලොවා හුය පිරිමැද දිය යුතුය. විහාරයෙන් දිය හෝ තමන් සතු වූ හෝ දේ ද, නො නෑයන්හට දෙන්නහුට දුක්කටය වේ. මිනිස්සු දියත් හූත් ගෙණ හිඳ පිරිත් වදාළ මැනැවැයි කියත් නම්, කටයුතුය. මෙසේ කියන්නට නො දනිත් නම් කියයුතුය. වැඩහුන් භික්‍ෂූන්ගේ පාමුල, රොග සන්සිදීම් ආදිය පිණිස දක්‍ෂිණොදකය ද වත් කොට හූ ද තබා ‘පිරිත් කළ මැනැවැ, පිරිත් වදාළ මැනැවැ’යි කියා යෙත් ද, තැබූ තැනින් පා බැහැර නො කටයුතුය. පා පහ කළ කල්හි මිනිස්සු අවමඞ්ගලසංඥා ඇත්තාහු විපිළිසර ඇත්තාහු වෙත්. ඇතුළුගමින් ගිලනකු සඳහා ‘පිරිත් බෙණෙත්වා’යි විහාරයට යවත් ද, පිරිත් බිණිය යුතුය. ගම තුළ රජයේ ආදියෙහි රෝගයක් හෝ උවදුරක් හෝ උපන් කල්හි කැඳවා කියවත් නම්, ආටානාටිය සූත්‍රාදිය කිය යුතුය. ‘අවුත් ගිලනහුට ශික්‍ෂාපද දෙත්වා, ධර්‍මය කියත්වා, රාජන්තඃපුරයට හෝ ඇමතිගෙයකට හෝ අවුත් ශික්‍ෂාපද දිය යුතුය. ධර්‍මය කියයුතුය. මළවුන්ට පිරිවර පිණිස එත්වා’යි කැඳවත් නම් නොයා යුතුය. සොහොන දැකීමෙහි ද, අසුබ දැකීමෙහි ද, මරණසතිය පිළිලබන්නෙමුයි කමටහන් හිසින් යෑම සුදුසු වේ. පිරිතෙහි මෙසේ පිළිපැදිය යුතුය.

පිණ‍්ඩපාතෙ පන – අනාමට‍්ඨපිණ‍්ඩපාතො කස‍්ස දාතබ‍්බො, කස‍්ස න දාතබ‍්බො? මාතාපිතුනං තාව දාතබ‍්බො. සචෙපි කහාපණග‍්ඝනකො හොති, සද‍්ධාදෙය්‍යවිනිපාතනං නත්‍ථි. මාතාපිතුඋපට‍්ඨාකානං වෙය්‍යාවච‍්චකරස‍්ස පණ‍්ඩුපලාසස‍්සාති එතෙසම‍්පි දාතබ‍්බො. තත්‍ථ පණ‍්ඩුපලාසස‍්ස ථාලකෙ පක‍්ඛිපිත්‍වාපි දාතුං වට‍්ටති. තං ඨපෙත්‍වා අඤ‍්ඤෙසං ආගාරිකානං මාතාපිතුනම‍්පි න වට‍්ටති. පබ‍්බජිතපරිභොගො හි ආගාරිකානං චෙතියට‍්ඨානියො. අපිච අනාමට‍්ඨපිණ‍්ඩපාතො නාමෙස සම‍්පත‍්තස‍්ස දාමරිකචොරස‍්සාපි ඉස‍්සරස‍්සාපි දාතබ‍්බො. කස‍්මා? තෙ හි අදීයමානෙපි “න දෙන‍්තී”ති ආමසිත්‍වා දීයමානෙපි “උච‍්ඡිට‍්ඨකං දෙන‍්තී”ති කුජ‍්ඣන‍්ති. කුද‍්ධා ජීවිතාපි වොරොපෙන‍්ති, සාසනස‍්සාපි අන‍්තරායං කරොන‍්ති. රජ‍්ජං පත්‍ථයමානස‍්ස විචරතො චොරනාගස‍්ස වත්‍ථු චෙත්‍ථ කථෙතබ‍්බං. එවං පිණ‍්ඩපාතෙ පටිපජ‍්ජිතබ‍්බං.

පිණ්ඩපාතයෙහි වනාහි නො පැවිද්දකු අතින් ලද තමන් විසින් හෝ අන් පැවිද්දකු විසින් හෝ නොගත් ඉඳුල් නොකළ අග්‍රපිණ්ඩපාතය කවරක්හට දිය යුතුද? කවරක්හට නො දියයුතුද යත්:- මවුපියන්ට දියයුතුය. කහවණුවක් අගනේ නමුත් එහි සද්ධාදෙය්‍යවිනිපාතනයක් නැත්තේය. මවුපියන්ට උවැටන් කරන්නවුන්ට වතාවත් කරන්නහුට පණ්ඩුපලාසයාහට යන මොවුන්ට ද දියයුතුය. එහි පණ්ඩුපලාසයාහට තලුයෙහි බහා ද දීම වරද නැත්තේය. ඔහු හැර අන්‍ය අගාරික වූ මවුපියන්ට ද තලුයෙහි බහා දීම නො වටියි. ප්‍රව්‍රජිත පරිභොග වස්තුව වනාහි ගිහියන්ට චෛත්‍යස්ථානයට සුදුසු වේ. තවද අනාමෘෂ්ට පිණ්ඩපාත නම් වූ මෙය පැමිණි රාජ්‍යය පතන ප්‍රකට සොරාට ද අධිපතියාහට ද දිය යුත්තේය. කුමක් හෙයින යත්:- ඔවුහු වනාහි නො දෙනු ලබන කල්හි නො දෙත් යි ද, අත ගා දෙන කල්හි ඉඳුල් දෙත් යි ද කිපෙන්නාහ. කිපියාහු ජීවිතයෙන් ද තොර කරත්. සසුනට ද අන්තතරාය කරන්නාහ. රාජ්‍යය පතමින් හැසුරුණු චොරනාගයාගේ වස්තුව මෙහිලා කියයුතුය. පිණ්ඩපාතයෙහි මෙසේ පිළිපැදිය යුතුය.

පටිසන්‍ථාරො පන කස‍්ස කාතබ‍්බො, කස‍්ස න කාතබ‍්බො? පටිසන්‍ථාරො නාම විහාරං සම‍්පත‍්තස‍්ස යස‍්ස කස‍්සචි ආගන‍්තුකස‍්ස වා දලිද‍්දස‍්ස වා චොරස‍්ස වා ඉස‍්සරස‍්ස වා කාතබ‍්බොයෙව. කථං? ආගන‍්තුකං තාව ඛීණපරිබ‍්බයං විහාරං සම‍්පත‍්තං දිස‍්වා පානීයං දාතබ‍්බං, පාදමක‍්ඛනතෙලං දාතබ‍්බං. කාලෙ ආගතස‍්ස යාගුභත‍්තං, විකාලෙ ආගතස‍්ස සචෙ තණ‍්ඩුලා අත්‍ථි; තණ‍්ඩුලා දාතබ‍්බා. අවෙලායං සම‍්පත‍්තො “ගච‍්ඡාහී”ති න වත‍්තබ‍්බො. සයනට‍්ඨානං දාතබ‍්බං. සබ‍්බං අපච‍්චාසීසන‍්තෙනෙව කාතබ‍්බං. “මනුස‍්සා නාම චතුපච‍්චයදායකා එවං සඞ‍්ගහෙ කයිරමානෙ පුනප‍්පුනං පසීදිත්‍වා උපකාරං කරිස‍්සන‍්තී”ති චිත‍්තං න උප‍්පාදෙතබ‍්බං. චොරානං පන සඞ‍්ඝිකම‍්පි දාතබ‍්බං.

පටිසන්‍ථාරය වනාහි කවරක්හට කටයුතුද? කවරක්හට නො කටයුතු ද යත්:- පටිසන්‍ථාරය වනාහි විහාරයට පැමිණි ආගන්තුක වූ යම් කිසිවකට හෝ දිළින්දහුට හෝ සොරට හෝ අධිපතියහුට හෝ කටයුතුමය. කෙසේ ද යත්:- ක්‍ෂය වූ මග වියදම් ඇති විහාරයට පැමිණි ආගන්තුකයා දැක පැන් දිය යුතුය. පා ගල්වන තෙල් දිය යුතුය. සුදුසු කාලයෙහි ආවහුට කැඳ බත් ද, නො කල්හි ආවහුට සහල් තිබේ නම් සහල් දිය යුතුය. ‘නො කල්හි පැමිණියෙහි, යව’යි නො කියයුතුය. නිදන්නට තැනක් දිය යුතුය. මේ සියල්ලම කිසිත් ලාභයක් බලාපොරොත්තු නො වන්නහු විසින්ම කළයුතු ය. මිනිස්සු වනාහි සිවුපසය දෙන්නෝය, ඔවුන්ට මෙසේ සඞ්ග්‍රහ කරණු ලබන කල්හි නැවත නැවත පැහැද උපකාර කරන්නාහයි සිත් නො ඉපදවිය යුතුය. සොරුන්ට වනාහි සඟසතු දැය ද දිය යුතුය.

පටිසන්‍ථාරානිසංසදීපනත්‍ථඤ‍්ච චොරනාගවත්‍ථු, භාතරා සද‍්ධිං ජම‍්බුදීපගතස‍්ස මහානාගරඤ‍්ඤො වත්‍ථු, පිතුරාජස‍්ස රජ‍්ජෙ චතුන‍්නං අමච‍්චානං වත්‍ථු, අභයචොරවත්‍ථූති එවමාදීනි බහූනි වත්‍ථූනි මහාඅට‍්ඨකථායං විත්‍ථාරතො වුත‍්තානි.

පටිසන්‍ථාරයෙහි අනුසස් දැක්වීම පිණිස චොරනාග වස්තුව, බෑයා සමග දඹදිව ගිය මහානාග රජුගේ වස්තුව, පිතුරජුගේ රාජ්‍යයෙහි සිවු ඇමැතියන්ගේ වස්තුව, අභයචොර වස්තුව යනාදී වූ බොහෝ වස්තූහු මහාඅර්‍ත්‍ථකථාවෙහි විස්තර වශයෙන් කියන ලදහ.

තත්‍රායං එකවත්‍ථුදීපනා – සීහළදීපෙ කිර අභයො නාම චොරො පඤ‍්චසතපරිවාරො එකස‍්මිං ඨානෙ ඛන්‍ධාවාරං බන්‍ධිත්‍වා සමන‍්තා තියොජනං උබ‍්බාසෙත්‍වා වසති. අනුරාධපුරවාසිනො කදම‍්බනදිං න උත‍්තරන‍්ති, චෙතියගිරිමග‍්ගෙ ජනසඤ‍්චාරො උපච‍්ඡින‍්නො. අථෙකදිවසං චොරො “චෙතියගිරිං විලුම‍්පිස‍්සාමී”ති අගමාසි. ආරාමිකා දිස‍්වා දීඝභාණකඅභයත්‍ථෙරස‍්ස ආරොචෙසුං. ථෙරො “සප‍්පිඵාණිතාදීනි අත්‍ථී”ති පුච‍්ඡි. “අත්‍ථි, භන‍්තෙ”ති. “චොරානං දෙථ, තණ‍්ඩුලා අත්‍ථී”ති? “අත්‍ථි, භන‍්තෙ, සඞ‍්ඝස‍්සත්‍ථාය ආහටා තණ‍්ඩුලා ච පත‍්තසාකඤ‍්ච ගොරසො චා”ති. “භත‍්තං සම‍්පාදෙත්‍වා චොරානං දෙථා”ති. ආරාමිකා තථා කරිංසු. චොරා භත‍්තං භුඤ‍්ජිත්‍වා “කෙනායං පටිසන්‍ථාරො කතො”ති පුච‍්ඡිංසු. “අම‍්හාකං අය්‍යෙන අභයත්‍ථෙරෙනා”ති. චොරා ථෙරස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා වන්‍දිත්‍වා ආහංසු – “මයං සඞ‍්ඝස‍්ස ච චෙතියස‍්ස ච සන‍්තකං අච‍්ඡින්‍දිත්‍වා ගහෙස‍්සාමාති ආගතා, තුම‍්හාකං පන ඉමිනා පටිසන්‍ථාරෙනම‍්හ පසන‍්නා, අජ‍්ජ පට‍්ඨාය විහාරෙ ධම‍්මිකා රක‍්ඛා අම‍්හාකං ආයත‍්තා හොතු, නාගරා ආගන‍්ත්‍වා දානං දෙන‍්තු, චෙතියං වන්‍දන‍්තූ”ති. තතො පට‍්ඨාය ච නාගරෙ දානං දාතුං ආගච‍්ඡන‍්තෙ නදීතීරෙයෙව පච‍්චුග‍්ගන‍්ත්‍වා රක‍්ඛන‍්තා විහාරං නෙන‍්ති, විහාරෙපි දානං දෙන‍්තානං රක‍්ඛං කත්‍වා තිට‍්ඨන‍්ති. තෙපි භික‍්ඛූනං භුත‍්තාවසෙසං චොරානං දෙන‍්ති. ගමනකාලෙපි තෙ චොරා නදීතීරං පාපෙත්‍වා නිවත‍්තන‍්ති.

ඔවුන් අතුරෙහි මේ එක් වස්තුවක් දැක්වීමය:- හෙළදිව අභය නම් සොරතෙමේ පන්සියයක් සොරු පිරිවර කොට ගත්තේ එක් තැනක කඳවුරු බැඳ හාත්පස තුන් යොදුන් තැන කොල්ල කමින් මිනිසුන් පලවාහැර වාසය කරන්නේය. අනුරාධපුර වැසියෝ කොළොම් හොය තරණයකොට නො යෙත්. සෑගිරියට යන මගෙහි මිනිසුන්ගේ හැසිරීම මුළුමනින් සිඳින ලද්දේය. නැවත එක් දවසක් සොර තෙමේ ‘සෑගිරිය පැහැර ගන්නෙමි’යි එහි ගියේය. අරම් රක්නෝ ඔහු දැක දීඝභාණක අභය මහාස්ථවිරයන් වහන්සේට සැලකළහ. එවිට ස්ථවිරයන් වහන්සේ ‘ගිතෙල් උක්හකුරු ආදිය ඇත්දැ’යි ඔවුන්ගෙන් ඇසූහ. ‘ස්වාමීනි! සඞ්ඝයාගේ ප්‍රයෝජනය පිණිස ගෙනෙන ලද සහල් පලා කොළ කිරි වෙඬරු ඈ පස්ගෝරස තිබේය’යි කීකල්හි ‘එසේනම් බත් පිළියෙලකොට සොරුන්ට දෙවු’යි කීහ. ආරාමිකයෝ එසේ කළහ. සොරු බත් අනුභව කොට ‘කවරකු විසින් මේ පටිසන්‍ථාරය කරණ ලදදැ’යි ඇසූහ. ‘අපගේ ආර්‍ය්‍ය වූ අභය මහාස්ථවිරයන් වහන්සේ විසිනැ’යි කියූ කල්හි සොරු මහතෙරුන් වෙතට ගොස් වැඳ ‘ස්වාමීනි! අපි සඟසතු දැයත් සෑයසතු දැයත් පැහැර ගන්නෙමු’යි ආවෝ වෙමු. ඔබවහන්සේගේ මේ පටිසන්‍ථාරයෙන් ඔබවහන්සේ කෙරෙහි අපි පැහැදුනෝ වෙමු, අද පටන් මෙහි විහාරයෙහි ධාර්මිකාරක්‍ෂාව අප අයත් වේවා, නුවරු අවුත් දන් දෙත්වා, සෑය වඳිත්වා’යි වැඳ කියා සිටියහ. එතැන් පටන් නුවරුන් දන් දෙන්නට පැමිණෙන කල්හි ගං ඉවුරෙහි දී ම ඔවුන් ඉදිරියට ගොස් ඔවුන්ට රැකවරණ කරමින් නුවරුන් විහාරයට පමුණුවත්. විහාරයෙහි ද දන් දෙන්නවුන්ට ආරක්‍ෂා සංවිධානයකොට සිටිත්. ඔවුහු ද භික්‍ෂූන් වළඳා ඉතිරි වූ දැය සොරුන්ට දෙත්. දන් දුන්නවුන් දන් දී පෙරළා යන කල්හි ද සොරු ඔවුන් ගංඉවුරට පමුණුවා නවතිත්.

අථෙකදිවසං භික‍්ඛුසඞ‍්ඝෙ ඛීයනකකථා උප‍්පන‍්නා “ථෙරො ඉස‍්සරවතාය සඞ‍්ඝස‍්ස සන‍්තකං චොරානං අදාසී”ති. ථෙරො සන‍්නිපාතං කාරාපෙත්‍වා ආහ – “චොරා සඞ‍්ඝස‍්ස පකතිවට‍්ටඤ‍්ච චෙතියසන‍්තකඤ‍්ච අච‍්ඡින්‍දිත්‍වා ගණ‍්හිස‍්සාමා”ති ආගමිංසු. අථ නෙසං මයා එවං න හරිස‍්සන‍්තීති එත‍්තකො නාම පටිසන්‍ථාරො කතො, තං සබ‍්බම‍්පි එකතො සම‍්පිණ‍්ඩෙත්‍වා අග‍්ඝාපෙථ. තෙන කාරණෙන අවිලුත‍්තං භණ‍්ඩං එකතො සම‍්පිණ‍්ඩෙත්‍වා අග‍්ඝාපෙථාති. තතො සබ‍්බම‍්පි ථෙරෙන දින‍්නකං චෙතියඝරෙ එකං වරපොත්‍ථකචිත‍්තත්‍ථරණං න අග‍්ඝති. තතො ආහංසු – “ථෙරෙන කතපටිසන්‍ථාරො සුකතො චොදෙතුං වා සාරෙතුං වා න ලබ‍්භා, ගීවා වා අවහාරො වා නත්‍ථී”ති. එවං මහානිසංසො පටිසන්‍ථාරොති සල‍්ලක‍්ඛෙත්‍වා කත‍්තබ‍්බො පණ‍්ඩිතෙන භික‍්ඛුනාති.

එක් දවසක් ‘මහාස්ථවිරයන් වහන්සේ තමන් අධිපති බැවින් සඟසතුදැය සොරුන්ට දුන්හ’යි සඞ්ඝයා අතර අගුණ කීමෙක් උපන. ස්ථවිරයන් වහන්සේ රැස්වීමක් කරවා ‘සොරු සඞ්ඝයාගේ පිසීමට ගන්නා පියවි දැය ද, සෑ සතුදැය ද පැහැර ගන්නෙමු’යි ආවාහුය. එකල්හි මෙසේ කළොත් පැහැර නො ගන්නාහ’යි සිතා ඔවුන්ට මා විසින් මෙපමණ වූ පටිසන්‍ථාරයක් කරන ලද්දේය, ඒ සියල්ලම එක් රැස්කොට අගය කරවා ලවු, ඒ කාරණයෙන් සොරු පැහැර නො ගත් බඩුත් එක් රැස් කොට අගය කරවා ලවු යි කීහ. එයින් තෙරුන් විසින් දෙන ලද සියල්ලම සෑහෙයි. නන්වැදෑරුම් වූ උතුම් රූපයන්ගෙන් විසිතුරු වූ ඇතිරිල්ලක් පමණකුත් නො අගනේය. ඉක්බිති ඔවුහු තෙරුන් කරණලද පටිසන්‍ථාරය මැනැවින් කරණ ලද්දෙක, චෝදනා කරන්නට හෝ සිහි කරවන්නට හෝ නො ලබයි, ග්‍රීවාවක් හෝ අවහාරයක් හෝ නැත්තේය. මෙසේ පටිසන්‍ථාරය මහත් අනුසස් ඇත්තේයයි සලකා නුවණැති මහණහු විසින් ඒ කටයුතුයයි කීහ.

අඞ‍්ගුලිපතොදකවත්‍ථුස‍්මිං – උත‍්තන‍්තොති කිලමන‍්තො. අනස‍්සාසකොති නිරස‍්සාසො. ඉමස‍්මිං පන වත්‍ථුස‍්මිං යාය ආපත‍්තියා භවිතබ‍්බං සා “ඛුද‍්දකෙසු නිදිට‍්ඨා”ති ඉධ න වුත‍්තා.

අඞ්ගුලිපතොදක වස්තුවෙහි - ‘උත්තසන්තො’ ක්ලාන්ත වනුයේ ‘අනස්සාසකො’ ආශ්වාස ප්‍රශ්වාස රහිත වූයේය. මේ වස්තුවෙහි වනාහි යම් ආපත්තියක් වියයුතු නම් ඒ ආපත්තිය ඛුද්දකයන්හි දක්වන ලදැයි මෙහි නො කියන ලදී.

තදනන‍්තරෙ වත්‍ථුස‍්මිං – ඔත්‍ථරිත්‍වාති අක‍්කමිත්‍වා. සො කිර තෙහි ආකඩ‍්ඪියමානො පතිතො. එකො තස‍්ස උදරං අභිරුහිත්‍වා නිසීදි. සෙසාපි පන‍්නරස ජනා පථවියං අජ‍්ඣොත්‍ථරිත්‍වා අදූහලපාසාණා විය මිගං මාරෙසුං. යස‍්මා පන තෙ කම‍්මාධිප‍්පායා, න මරණාධිප‍්පායා; තස‍්මා පාරාජිකං න වුත‍්තං.

එයට අනතුරු වස්තුවෙහි ‘ඔත්‍ථරිත්‍වා’ යටපත්කොට පාගා හෙතෙමේ වනාහි ඔවුන් විසින් අදිනු ලබනුයේ වැටුනේය. එකෙක් ඔහුගේ උදරයෙහි නැගී හුන්නේය. සෙසු පසළොස් දෙන ද පොළොවෙහි ගැලී ගෙන හබකයෙහි නැගු ගල් මෙන් සිට මුවකු මැරූහ. යම්හෙයකින් ඔවුහු කර්‍මාභිප්‍රාය ඇත්තාහු මරණාභිප්‍රාය නැත්තාහු ද, එහෙයින් පාරාජිකය නො කියන ලදී.

භූතවෙජ‍්ජකවත්‍ථුස‍්මිං – යක‍්ඛං මාරෙසීති භූතවිජ‍්ජාකපාඨකා යක‍්ඛගහිතං මොචෙතුකාමා යක‍්ඛං ආවාහෙත්‍වා මුඤ‍්චාති වදන‍්ති. නො චෙ මුඤ‍්චති, පිට‍්ඨෙන වා මත‍්තිකාය වා රූපං කත්‍වා හත්‍ථපාදාදීනි ඡින්‍දන‍්ති, යං යං තස‍්ස ඡිජ‍්ජති තං තං යක‍්ඛස‍්ස ඡින‍්නමෙව හොති. සීසෙ ඡින‍්නෙ යක‍්ඛොපි මරති . එවං සොපි මාරෙසි; තස‍්මා ථුල‍්ලච‍්චයං වුත‍්තං. න කෙවලඤ‍්ච යක‍්ඛමෙව, යොපි හි සක‍්කං දෙවරාජං මාරෙය්‍ය, සොපි ථුල‍්ලච‍්චයමෙව ආපජ‍්ජති.

භූතවෙජ්ජක වස්තුවෙහි ‘යක්‍ඛං මාරෙසි’ භූතවිද්‍යාපාඨකයෝ යකකු විසින් ගන්නා ලද්දකු මුදනු කැමැත්තාහු යකු ආවේශ කරවා මුදවයි කියත්. ඉදින් නො මුදා නම්, පිටියෙන් හෝ මැටියෙන් හෝ රූපයක් කොට එහි අත්පා ආදිය සිඳිත්. එහි යම් යම් අවයවයක් සිඳී ද, යකුගේ ඒ ඒ අවයවය සිඳින ලද්දේම වේ. හිස සිඳි කල්හි යක්‍ෂ තෙමේ ද මැරී වැටේ. මෙසේ හෙතෙමේ ද මැරූයේය. එහෙයින් ථුල්ලච්චය වදාරණ ලදී. හුදෙක් යක්‍ෂයකුම නො මරා ද, යමෙක් තෙමේ ද සක් දෙව්රජු මරන්නේ ද, හෙතෙමේ ද ථුල්ලච්චයටම පැමිණේ.

වාළයක‍්ඛවත්‍ථුස‍්මිං – වාළයක‍්ඛවිහාරන‍්ති යස‍්මිං විහාරෙ වාළො චණ‍්ඩො යක‍්ඛො වසති, තං විහාරං. යො හි එවරූපං විහාරං අජානන‍්තො කෙවලං වසනත්‍ථාය පෙසෙති, අනාපත‍්ති. යො මරණාධිප‍්පායො පෙසෙති, සො ඉතරස‍්ස මරණෙන පාරාජිකං, අමරණෙන ථුල‍්ලච‍්චයං ආපජ‍්ජති. යථා ච වාළයක‍්ඛවිහාරං; එවං යත්‍ථ වාළසීහබ්‍යග‍්ඝාදිමිගා වා අජගරකණ‍්හසප‍්පාදයො දීඝජාතිකා වා වසන‍්ති, තං වාළවිහාරං පෙසෙන‍්තස‍්සාපි ආපත‍්තානාපත‍්තිභෙදො වෙදිතබ‍්බො. අයං පාළිමුත‍්තකනයො. යථා ච භික‍්ඛුං වාළයක‍්ඛවිහාරං පෙසෙන‍්තස‍්ස; එවං වාළයක‍්ඛම‍්පි භික‍්ඛුසන‍්තිකං පෙසෙන‍්තස‍්ස ආපත‍්තානාපත‍්තිභෙදො වෙදිතබ‍්බො. එසෙව නයො වාළකන‍්තාරාදිවත්‍ථූසුපි. කෙවලඤ‍්හෙත්‍ථ යස‍්මිං කන‍්තාරෙ වාළමිගා වා දීඝජාතිකා වා අත්‍ථි, සො වාළකන‍්තාරො. යස‍්මිං චොරා අත්‍ථි, සො චොරකන‍්තාරොති එවං පදත්‍ථමත‍්තමෙව නානං. මනුස‍්සවිග‍්ගහපාරාජිකඤ‍්ච නාමෙතං සණ‍්හං, පරියායකථාය න මුච‍්චති; තස‍්මා යො වදෙය්‍ය “අසුකස‍්මිං නාම ඔකාසෙ චොරො නිසින‍්නො , යො තස‍්ස සීසං ඡින්‍දිත්‍වා ආහරති, සො රාජතො සක‍්කාරවිසෙසං ලභතී”ති. තස‍්ස චෙතං වචනං සුත්‍වා කොචි නං ගන‍්ත්‍වා මාරෙති, අයං පාරාජිකො හොතීති.

වාළයක්‍ඛ වස්තුවෙහි- ‘වාළයක්‍ඛවිහාරං’ යම් විහාරයක කැකුළු සැඬ යකෙක් වෙසේ ද, ඒ විහාරයයි. යමෙක් වනාහි මෙබඳු විහාරයකැයි නො දන්නේ හුදෙක් එහි වසනු පිණිස යමකු යවා ද, ඇවැත් නොවේ. යමෙක් තෙමේ මරණ අදහස් ඇත්තේ යවා ද, හෙතෙමේ අනෙකාගේ මරණයෙන් පාරාජිකයට පැමිණේ. නොමළොත් ථුල්ලච්චයට පැමිණේ. වාළයක්‍ඛවිහාරය යම් සේ ද, එසේ යම් විහාරයෙක ව්‍යාල සිංහ ව්‍යාඝ්‍රාදි මෘගයෝ හෝ පිඹුරු කලුසප් ආදී වූ දීර්‍ඝ ජාතිකයෝ හෝ වසත් ද, ඒ ව්‍යාලවිහාරයට යවන්නහු පිළිබඳ ආපත්ති අනාපත්ති භෙදය මෙහිද දතයුතුය. මේ පාලිමුක්තක නය වේ. මහණකු ව්‍යාලයක්‍ෂවිහාරයට යවන්නහු පිළිබඳ ආපත්ති අනාපත්ති භෙදය යම් සේ ද ව්‍යාලයක්‍ෂයකු, මහණහු වෙතට යවන්නහු පිළිබඳ ආපත්ති අනාපත්ති භෙදය එසේ දතයුතුය. වාළකාන්තාරාදි වස්තූන්හි ද මෙම නය වේ. හුදෙක් මෙහි යම් කාන්තාරයෙක්හි ව්‍යාලමෘගයෝ හෝ දීර්‍ඝජාතිකයෝ හෝ වෙසෙත් ද, එය වාළකන්තාර නමි. මෙහි මෙසේ පදාර්‍ත්‍ථමාත්‍රයම වෙනස් වේ. මේ මනුෂ්‍යවිග්‍රහපාරාජිකය වනාහි සියුම්ය. පරියාය කථාවෙන් නො මිදේ. එහෙයින් යමෙක් ‘අසුවල් පෙදෙසෙහි සොරෙක් හුන්නේය. යමෙක් ඔහුගේ හිස සිඳ ගෙණ ඒ නම්, ඔහු රජුගෙන් සත්කාර විශෙෂ ලබායයි කියන්නේ නම්, ඔහුගේ මේ වචනය අසා කිසිවෙක් ඔහු වෙතට ගොස් මරා ද, මෙතෙමේ පාරාජික වේ.

තං මඤ‍්ඤමානොති ආදීසු සො කිර භික‍්ඛු අත‍්තනො වෙරිභික‍්ඛුං මාරෙතුකාමො චින‍්තෙසි – “ඉමං මෙ දිවා මාරෙන‍්තස‍්ස න සුකරං භවෙය්‍ය සොත්‍ථිනා ගන‍්තුං, රත‍්තිං නං මාරෙස‍්සාමී”ති සල‍්ලක‍්ඛෙත්‍වා රත‍්තිං ආගම‍්ම බහූනං සයිතට‍්ඨානෙ තං මඤ‍්ඤමානො තමෙව ජීවිතා වොරොපෙසි. අපරො තං මඤ‍්ඤමානො අඤ‍්ඤං, අපරො අඤ‍්ඤං තස‍්සෙව සහායං මඤ‍්ඤමානො තං, අපරො අඤ‍්ඤං තස‍්සෙව සහායං මඤ‍්ඤමානො අඤ‍්ඤං තස‍්ස සහායමෙව ජීවිතා වොරොපෙසි. සබ‍්බෙසම‍්පි පාරාජිකමෙව.

‘තං මඤ්ඤමානො’ යනාදි තන්හි ඒ මහණතෙමේ වනාහි තමන්ගේ වෛරී භික්‍ෂුනමක් මරණු කැමැත්තේ, මොහු දාවල මරන්නා වූ මට සුවසේ යෑම පහසු නො වන්නේය, රාත්‍රියෙහි ඔහු මරන්නෙමියි සිතුයේය, එසේ සලකා රාත්‍රියෙහි අවුත් බොහෝ දෙනකුන් නිදිගත් තැන ඔහුයි සිතමින් ඔහුම ජීවිතයෙන් තොර කෙළේය. අනෙකෙක් ඔහුයි සිතමින් අනෙකකු, අනෙකෙක් ඔහුගේම යහළුයි සිතමින් ඒ අනෙකකු, අනෙකෙක් ඔහුගේම යහළු වූ අනෙකකුයි සිතමින් ඔහුගේම යහළු වූ අනෙකකු ජීවිතයෙන් තොර කෙළේය. සියල්ලන්ටම පාරාජිකය වේ.

අමනුස‍්සගහිතවත්‍ථූසු පඨමෙ වත්‍ථුස‍්මිං “යක‍්ඛං පලාපෙස‍්සාමී”ති පහාරං අදාසි, ඉතරො “න දානායං විරජ‍්ඣිතුං සමත්‍ථො, මාරෙස‍්සාමි න”න‍්ති . එත්‍ථ ච නමරණාධිප‍්පායස‍්ස අනාපත‍්ති වුත‍්තාති. න එත‍්තකෙනෙව අමනුස‍්සගහිතස‍්ස පහාරො දාතබ‍්බො, තාලපණ‍්ණං පන පරිත‍්තසුත‍්තං වා හත්‍ථෙ වා පාදෙ වා බන්‍ධිතබ‍්බං, රතනසුත‍්තාදීනි පරිත‍්තානි භණිතබ‍්බානි, “මා සීලවන‍්තං භික‍්ඛුං විහෙඨෙහී”ති ධම‍්මකථා කාතබ‍්බාති. සග‍්ගකථාදීනි උත‍්තානත්‍ථානි. යඤ‍්හෙත්‍ථ වත‍්තබ‍්බං තං වුත‍්තමෙව.

අමනුස්සගහිත වස්තූන් අතුරෙහි ප්‍රථම වස්තුවෙහි ‘යකු පලවා හරින්නෙමි’යි අන් මහණෙක්තෙමේ ‘දැන් මෙතෙමේ විරුද්ධ වන්නට සමර්‍ත්‍ථ නොවේ, ඔහු මරන්නෙමියි පහර දුන්නේය. මෙහිද මරණයෙහි අදහස් නැත්තහුට අනාපත්තිය කියන ලදැයි මෙපමණකින්ම අමනුෂ්‍යයන් විසින් ගන්නා ලද්දහුට පහර නො දිය යුතුය. තල්පතක් හෝ පිරිත් හුයක් හෝ අතෙහි හෝ පයෙහි හෝ බැඳිය යුතුය. රතනසූත්‍රාදී සූත්‍ර කියයුතුය. ‘සිල්වත් මහණහු වෙහෙස නො කරව’යි ධර්‍මකථා කටයුතුය. සග්ගකථාදිය ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුය. මෙහි යමක් කියයුතු ද එය කියන ලද්දේමය.

රුක‍්ඛච‍්ඡෙදනවත්‍ථු අට‍්ටබන්‍ධනවත්‍ථුසදිසං. අයං පන විසෙසො – යො රුක‍්ඛෙන ඔත්‍ථතොපි න මරති , සක‍්කා ච හොති එකෙන පස‍්සෙන රුක‍්ඛං ඡෙත්‍වා පථවිං වා ඛනිත්‍වා නික‍්ඛමිතුං, හත්‍ථෙ චස‍්ස වාසි වා කුඨාරී වා අත්‍ථි, තෙන අපි ජීවිතං පරිච‍්චජිතබ‍්බං, න ච රුක‍්ඛො වා ඡින්‍දිතබ‍්බො, න පථවී වා ඛණිතබ‍්බා. කස‍්මා? එවං කරොන‍්තො හි පාචිත‍්තියං ආපජ‍්ජති, බුද‍්ධස‍්ස ආණං භඤ‍්ජති, න ජීවිතපරියන‍්තං සීලං කරොති. තස‍්මා අපි ජීවිතං පරිච‍්චජිතබ‍්බං, න ච සීලන‍්ති පරිග‍්ගහෙත්‍වා න එවං කාතබ‍්බං. අඤ‍්ඤස‍්ස පන භික‍්ඛුනො රුක‍්ඛං වා ඡින්‍දිත්‍වා පථවිං වා ඛනිත්‍වා තං නීහරිතුං වට‍්ටති. සචෙ උදුක‍්ඛලයන‍්තකෙන රුක‍්ඛං පවට‍්ටෙත්‍වා නීහරිතබ‍්බො හොති, තංයෙව රුක‍්ඛං ඡින්‍දිත්‍වා උදුක‍්ඛලං ගහෙතබ‍්බන‍්ති මහාසුමත්‍ථෙරො ආහ. අඤ‍්ඤම‍්පි ඡින්‍දිත්‍වා ගහෙතුං වට‍්ටතීති මහාපදුමත්‍ථෙරො. සොබ‍්භාදීසු පතිතස‍්සාපි නිස‍්සෙණිං බන්‍ධිත්‍වා උත‍්තාරණෙ එසෙව නයො. අත‍්තනා භූතගාමං ඡින්‍දිත්‍වා නිස‍්සෙණී න කාතබ‍්බා, අඤ‍්ඤෙසං කත්‍වා උද‍්ධරිතුං වට‍්ටතීති.

රුක්‍ඛච්ඡෙදන වස්තුව අට්ටබන්‍ධන වස්තුව සමාන වේ. මේ වනාහි විශේෂය වේ:- යමෙක් රුකින් යට වූයේ ද නො මැරේ ද, එක් පසකින් රුක සිඳ පොළොව හෝ සාරා නික්මෙන්නට හැක්කේ වේ ද, මොහුගේ අතෙහි වෑයක් හෝ පොරොවක් හෝ ඇත්තේ ද, ඔහු විසිනුදු ජීවිතය හළයුතුය. රුක හෝ නො සිඳිය යුතුය. පොළොව හෝ නො කැණිය යුතුය. කුමක් හෙයින යත්:- මෙසේ කරන්නේ වනාහි පාචිත්තියට පැමිණේ. බුදුරජුන්ගේ අණ බිඳියි. ජීවිතය කෙළවරකොට සිල් නො රකියි. එහෙයින් කිම? ජීවිතය හළයුතු ද, සීලය නො හළයුතු දැයි සලකා මෙසේ නොකට යුතුය. අන් මහණක්හට වනාහි රුක සිඳ හැර හෝ පොළොව කැන හෝ ඔහු බැහැර කිරීම වටියි. උදුක්‍ඛල යන්ත්‍රයෙන් රුක පෙරළා බැහැර කටයුත්තේ වේ ද, ඒ රුකම සිඳ උදුක්‍ඛලය ගතයුතුයයි මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ කීහ. අනිකක් ද සිඳ ගැනීම වටීය’යි මහාපදුම ස්ථවිරයන් වහන්සේ කීහ. හෙබ් ආදියෙහි වැටනහු ද ඉණිමං බැඳ උඩට නගා ගැනීමෙහි මේ නයම වේ. තමන්ට ගස් කොළන් සිඳ ඉණිමං නො කට යුතුය. අන්හට ඉණිමං කොට නගා ගැණීම වටියි.

දායාලිම‍්පනවත්‍ථූසු – දායං ආලිම‍්පෙසුන‍්ති වනෙ අග‍්ගිං අදංසු. එත්‍ථ පන උද‍්දිස‍්සානුද‍්දිස‍්සවසෙන පාරාජිකානන‍්තරියථුල‍්ලච‍්චයපාචිත‍්තිවත්‍ථූනං අනුරූපතො පාරාජිකාදීනි අකුසලරාසිභාවො ච පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. “අල‍්ලතිණවනප‍්පගුම‍්බාදයො ඩය‍්හන‍්තූ”ති ආලිම‍්පෙන‍්තස‍්ස ච පාචිත‍්තියං. “දබ‍්බූපකරණානි විනස‍්සන‍්තූ”ති ආලිම‍්පෙන‍්තස‍්ස දුක‍්කටං. ඛිඩ‍්ඩාධිප‍්පායෙනාපි දුක‍්කටන‍්ති සඞ‍්ඛෙපට‍්ඨකථායං වුත‍්තං. “යංකිඤ‍්චි අල‍්ලසුක‍්ඛං සඉන්‍ද්‍රියානින්‍ද්‍රියං ඩය‍්හතූ”ති ආලිම‍්පෙන‍්තස‍්ස වත්‍ථුවසෙන පාරාජිකථුල‍්ලච‍්චයපාචිත‍්තියදුක‍්කටානි වෙදිතබ‍්බානි.

දායාලිම්පන වස්තූන්හි ‘දායං ආලිම්පෙසුං’ වනයෙහි ගිනි දුන්හ. මෙහි වනාහි ඔදිස්ස අනොදිස්ස වසයෙන් පාරාජික - ආනන්තරිය - ථුල්ලච්චය - පාචිත්තිය වස්තූන්ට අනුරූප වසයෙන් පාරාජිකාදිය හා අකුසලරාසිභාවය ද පෙර කියූ නයින්ම දතයුතුය. අමුතණ වන ලැහැබ් ආදීහු දනු ලැබේත්වායි ගිනිදල්වන්නහුට ද පාචිත්තිය වේ. ද්‍රව්‍යොපකරණයෝ නැසෙත්වායි ගිනිදල්වන්නහුට දුක්කටය වේ. ක්‍රීඩාද්ධ්‍යාසයෙනුදු ගිනිදල්වන්නහුට දුක්කටයයි සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. අටු වියලුනු ඉන්‍ද්‍රියානින්‍ද්‍රියබද්ධ වූ යම්කිසිවක් දැවෙනු ලැබේවායි ගිනි දල්වන්නහුට වස්තු වශයෙන් පාරාජික - ථුල්ලච්චය - පාචිත්තිය - දුක්කටයෝ දතයුත්තාහ.

පටග‍්ගිදානං පන පරිත‍්තකරණඤ‍්ච භගවතා අනුඤ‍්ඤාතං, තස‍්මා අරඤ‍්ඤෙ වනකම‍්මිකෙහි වා දින‍්නං සයං වා උට‍්ඨිතං අග‍්ගිං ආගච‍්ඡන‍්තං දිස‍්වා “තිණකුටියො මා විනස‍්සන‍්තූ”ති තස‍්ස අග‍්ගිනො පටිඅග‍්ගිං දාතුං වට‍්ටති, යෙන සද‍්ධිං ආගච‍්ඡන‍්තො අග‍්ගි එකතො හුත්‍වා නිරුපාදානො නිබ‍්බාති. පරිත‍්තම‍්පි කාතුං වට‍්ටති තිණකුටිකානං සමන‍්තා භූමිතච‍්ඡනං පරිඛාඛණනං වා, යථා ආගතො අග‍්ගි උපාදානං අලභිත්‍වා නිබ‍්බාති. එතඤ‍්ච සබ‍්බං උට‍්ඨිතෙයෙව අග‍්ගිස‍්මිං කාතුං වට‍්ටති. අනුට‍්ඨිතෙ අනුපසම‍්පන‍්නෙහි කප‍්පියවොහාරෙන කාරෙතබ‍්බං. උදකෙන පන නිබ‍්බාපෙන‍්තෙහි අප‍්පාණකමෙව උදකං ආසිඤ‍්චිතබ‍්බං.

ගිනි පැතිරීම වළකනු පිණිස ගිනි දැල්වීම හා ආරක්‍ෂා කිරීම ද භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දන්නා ලද්දේය. එහෙයින් වනයෙහි වනකාර්මිකයන් විසින් දල්වන ලද්දා වූ හෝ තමන්ම නැගී සිටියා වූ හෝ පැතිර එන ගින්න දැක ‘තණ කිළීහු නො දැවෙත්වා, නො නැසෙත්වා’යි ඒ ගින්නට, පැතිර එන ගින්න යමක් සමග එකතුව දර නැතිව නිවීයේ ද, එයට ප්‍රතිපක්‍ෂ වූ ගිනිදැල්වීම වටියි. ආරක්‍ෂා කිරීම ද වටියි. තණකිළි හාත්පස බිම සැසීම හෝ අගල් කැණීම හෝ යන මේ සියල්ල, යම්සේ පැතිර ආ ගින්න දර නො ලැබ නිවීයේ ද, ගින්න නැගී සිටි කල්හිම කිරීම සුදුසු වේ. ගින්න නො නැගී කල්හි අනුපසම්පන්නයන් ලවා කැපවහරින් කරවිය යුතුය. දියෙන් නිවන්නවුන් විසින් සතුන් නැති දියම ඉසිය යුතුය.

ආඝාතනවත්‍ථුස‍්මිං – යථා එකප‍්පහාරවචනෙ; එවං “ද‍්වීහි පහාරෙහී”ති ආදිවචනෙසුපි පාරාජිකං වෙදිතබ‍්බං. “ද‍්වීහී”ති වුත‍්තෙ ච එකෙන පහාරෙන මාරිතෙපි ඛෙත‍්තමෙව ඔතිණ‍්ණත‍්තා පාරාජිකං, තීහි මාරිතෙ පන විසඞ‍්කෙතං. ඉති යථාපරිච‍්ඡෙදෙ වා පරිච‍්ඡෙදබ‍්භන‍්තරෙ වා අවිසඞ‍්කෙතං, පරිච‍්ඡෙදාතික‍්කමෙ පන සබ‍්බත්‍ථ විසඞ‍්කෙතං හොති, ආණාපකො මුච‍්චති, වධකස‍්සෙව දොසො. යථා ච පහාරෙසු; එවං පුරිසෙසුපි “එකො මාරෙතූ”ති වුත‍්තෙ එකෙනෙව මාරිතෙ පාරාජිකං, ද‍්වීහි මාරිතෙ විසඞ‍්කෙතං. “ද‍්වෙ මාරෙන‍්තූ”ති වුත‍්තෙ එකෙන වා ද‍්වීහි වා මාරිතෙ පාරාජිකං, තීහි මාරිතෙ විසඞ‍්කෙතන‍්ති වෙදිතබ‍්බං. එකො සඞ‍්ගාමෙ වෙගෙන ධාවතො පුරිසස‍්ස සීසං අසිනා ඡින්‍දති, අසීසකං කබන්‍ධං ධාවති, තමඤ‍්ඤො පහරිත්‍වා පාතෙසි, කස‍්ස පාරාජිකන‍්ති වුත‍්තෙ උපඩ‍්ඪා ථෙරා “ගමනූපච‍්ඡෙදකස‍්සා”ති ආහංසු. ආභිධම‍්මිකගොදත‍්තත්‍ථෙරො “සීසච‍්ඡෙදකස‍්සා”ති. එවරූපානිපි වත්‍ථූනි ඉමස‍්ස වත්‍ථුස‍්ස අත්‍ථදීපනෙ වත‍්තබ‍්බානීති.

ආඝාතන වස්තුවෙහි - එක් පහරිනැයි යන වචනය නිමිති කොට පාරාජිකය යම්සේ වේ ද, දෙපහරිනැයි යනාදි වචනයෙන් ද නිමිතිකොට පාරාජිකය මෙසේ දත යුතුය. දෙපහරිනැයි කියූ කල්හි ද එක් පහරින් මැරූ කල්හි ද ක්‍ෂේත්‍රයට බැස සිටි බැවින් පාරාජිකයට පැමිණේ. පහර තුනකින් මැරූ කල්හි විසඞ්කෙතය වේ. මෙසේ නියමිත පිරිසිඳීමෙහි හෝ පිරිසිඳීම තුළ හෝ විසඞ්කෙතයක් නැත්තේය. පිරිසිඳි තැන ඉක්මගිය කල්හි සියළුතැන් විසඞ්කෙතය වේ. අණ කළ මහණ තෙමේ මිදෙන්නේය. වධකයාහටම දොසය වේ. පහරදීම්හි යම්සේ ද මෙසේ පුරුෂයන් අතුරෙහි ද ‘එකෙක් මැරේවා’යි කියූ කල්හි එකෙකු විසින්ම මැරූ කල්හි පාරාජිකය වේ. දෙදෙනකු විසින් මැරූ කල්හි විසඞ්කෙතය වේ. දෙදෙනෙක් එක්ව මරත්වායි කියූ කල්හි එකෙකු විසින් හෝ දෙදෙනෙකු විසින් හෝ මැරූ කල්හි පාරාජිකය වේ. තිදෙනකු විසින් මැරූ කල්හි විසඞ්කෙතයයි දතයුතුය. එකෙක් යුදබිම වේගයෙන් දුවන පුරුෂයක්හුගේ හිස කඩුවෙන් සිඳ හැරියේය. හිස නැති කවන්‍ධ ශරීරය දුවයි. අනෙකෙක් ඒ කවන්‍ධයට පහර දී බිම හෙලීය. මේ දෙදෙනා අතුරෙහි කවරක්හට පාරාජිකයදැයි විචාල කල්හි අඩක් තෙරහු ‘ගමන් සිඳලූවහුටය’යි කීහ. ආභිධම්මිකගොදත්ත ස්ථවිරයන් වහන්සේ ‘හිස සිඳ හැරියහුටය’යි කීහ. මෙබදු වස්තූහු මේ වස්තුවෙහි අර්‍ත්‍ථ දැක්වීම පිණිස කියයුත්තාහ.

තක‍්කවත්‍ථුස‍්මිං – අනියමෙත්‍වා “තක‍්කං පායෙථා”ති වුත‍්තෙ යං වා තං වා තක‍්කං පායෙත්‍වා මාරිතෙ පාරාජිකං. නියමෙත්‍වා පන “ගොතක‍්කං මහිංසතක‍්කං අජිකාතක‍්ක”න‍්ති වා, “සීතං උණ‍්හං ධූපිතං අධූපිත”න‍්ති වා වුත‍්තෙ යං වුත‍්තං, තතො අඤ‍්ඤං පායෙත්‍වා මාරිතෙ විසඞ‍්කෙතං.

තක්ක වස්තුවෙහි - නියම නොකොට ‘මෝරු පොව’යි කියූ කල්හි යම් ඒ මෝරු වෙසෙසක් පොවා මැරූ කල්හි පාරාජිකය වේ. සීත වූ උණුසුම් වූ තැවූ හෝ නො තැවූ ගවමෝරු මීමෝරු එළුමෝරු හෝ යි නියම කොට කියූ කල්හි යමක් කියන ලදද, එයින් අන්‍යවූවක් පොවා මැරූ කල්හි විසඞ්කෙතය වේ.

ලොණසොවීරකවත්‍ථුස‍්මිං – ලොණසොවීරකං නාම සබ‍්බරසාභිසඞ‍්ඛතං එකං භෙසජ‍්ජං. තං කිර කරොන‍්තා හරීතකාමලකවිභීතකකසාවෙ සබ‍්බධඤ‍්ඤානි සබ‍්බඅපරණ‍්ණානි සත‍්තන‍්නම‍්පි ධඤ‍්ඤානං ඔදනං කදලිඵලාදීනි සබ‍්බඵලානි වෙත‍්තකෙතකඛජ‍්ජූරිකළීරාදයො සබ‍්බකළීරෙ මච‍්ඡමංසඛණ‍්ඩානි අනෙකානි ච මධුඵාණිතසින්‍ධවලොණනිකටුකාදීනි භෙසජ‍්ජානි පක‍්ඛිපිත්‍වා කුම‍්භිමුඛං ලිම‍්පිත්‍වා එකං වා ද‍්වෙ වා තීණි වා සංවච‍්ඡරානි ඨපෙන‍්ති, තං පරිපච‍්චිත්‍වා ජම‍්බුරසවණ‍්ණං හොති. වාතකාසකුට‍්ඨපණ‍්ඩුභගන්‍දරාදීනං සිනිද‍්ධභොජනං භුත‍්තානඤ‍්ච උත‍්තරපානං භත‍්තජීරණකභෙසජ‍්ජං තාදිසං නත්‍ථි. තං පනෙතං භික‍්ඛූනං පච‍්ඡාභත‍්තම‍්පි වට‍්ටති, ගිලානානං පාකතිකමෙව, අගිලානානං පන උදකසම‍්භින‍්නං පානපරිභොගෙනාති.

සොවීරක වස්තුවෙහි - ලොණසොවීරක නම් සියලු රසයන්ගෙන් පිළියෙල කළ එක් බෙහෙතකි. එය පිළියෙල කරන්නෝ අරළු නෙල්ලි බුළු යන තිපල තම්බාගත් කෂාය සැළියක වත්කර, එහි සියලු ධාන්‍ය වර්‍ග, මුං මෑ ආදී වූ අපරාණ්ණ, සවැදෑරුම් ධාන්‍යයෙන් පිසූ බත්, කෙසෙල් ආදී වූ සියලු ඵල වර්‍ග, වේවැල් වැටකේ දුනුකේ කරාකේ ඉඳිබඩ ආදී වූ සියලු බඩ වර්‍ග, මස් මාලු කැබලි, නොයෙක් මී උක් හකුරු සවිඳලුණු හා කුළු බෙහෙත් බහා සැළමුව මැටි බැඳ, අවුරුදු එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ තබන්නාහ. එතෙක් කල් මැනැවින් පැසුනු එය දඹ පැන් පැහැය වැනි පැහැය ඇත්තේ වේ. වාත කාශ කුෂ්ඨ පාණ්ඩු භගන්‍දරාදි රෝගයන්ට ද සිනිදු බොජුන් වළඳන්නවුන්ට ද මෙය ඉතා උසස් පානයෙකි. මෙබඳු බත් දිරවන බෙහෙතක් නැත්තේය. මෙය භික්‍ෂූන්ට පසුබත් කාලයෙහි ද වැළඳීමට සුදුසු වේ. ගිලනුන්හට පියවිගති ඇත්තක්ම වටියි. නො ගිලනුන්පට පානපරිභොගයෙන් දිය හා මිශ්‍ර කරන ලද්දේ සුදුසු වේ.

සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය තතියපාරාජිකවණ‍්ණනා නිට‍්ඨිතා.

විනයවිවෘති නම්වූ සිංහල සමන්තපාසාදිකාවෙහි තෘතීයපාරාජිකවර්‍ණනාව