කුසසඞ්කාමනවත්ථුකථා අට්ඨකථා
කුසසඞ්කාමනවත්ථුකථා
කුසසඞ්කාමනවත්ථුකථා
තදනන්තරෙ වත්ථුස්මිං කුසං සඞ්කාමෙත්වා චීවරං අග්ගහෙසීති පුබ්බෙ “ආදියෙය්යා”ති ඉමස්ස පදස්ස අත්ථවණ්ණනායං නාමමත්තෙන දස්සිතෙසු ථෙය්‍යාවහාර-පසය්හාවහාර-පරිකප්පාවහාරපඅච්ඡන්නාවහාර-කුසාවහාරෙසු කුසාවහාරෙන අවහරීති අත්ථො.
එයට අනතුරු වස්තුවෙහි - ‘කුසං සඞ්කාමෙත්වා චීවරං අග්ගහෙසි’ පෙර ‘ආදියෙය්‍ය’ යන මේ පදයාගේ අර්ත්ථ වර්ණනාවෙහි නාමමාත්රයෙන් දක්වනලද ථෙය්‍යාවහාර - පසය්හාවහාර - පරිකප්පාවහාර - පටිච්ඡන්නාවහාර - කුසාවහාර යන මේ අතුරෙහි කුසාවහාරයෙන් සොරකම් කෙළේය යන අර්‍ත්‍ථයි.
ඉමෙසං පන අවහාරානං එවං නානත්තං වෙදිතබ්බං – යො හි කොචි සස්සාමිකං භණ්ඩං රත්තිභාගෙ වා දිවසභාගෙ වා සන්ධිච්ඡෙදාදීනි කත්වා අදිස්සමානො අවහරති, කූටමානකූටකහාපණාදීහි වා වඤ්චෙත්වා ගණ්හාති, තස්සෙවං ගණ්හතො අවහාරො “ථෙය්යාවහාරො”ති වෙදිතබ්බො.
මේ අවහාරයන්ගේ වෙනස වනාහි මෙසේ දතයුතුය. යම්කිසිවෙක් සස්වාමික භාණ්ඩයක් රාත්‍රි කාලයෙහි හෝ දවල් කාලයෙහි හෝ ගෘහසන්ධි සිඳීම් ආදියකොට නොපෙනෙනුයේ සොරාගනීද කූටමාන කූටකහාපණාදියෙන් හෝ වඤ්චාකොට රවටාගනීද, මෙසේ ගන්නා වූ ඔහුගේ අවහාරය ථෙය්යාවහාරයයි දතයුතුය.
යො පන පරෙ පසය්හ බලසා අභිභුය්ය, අථ වා පන සන්තජ්ජෙත්වා භයං දස්සෙත්වා තෙසං සන්තකං ගණ්හාති, පන්ථඝාත-ගාමඝාතාදීනි කරොන්තා දාමරිකචොරා විය කොධවසෙන පරඝරවිලොපං කරොන්තා අත්තනො පත්තබලිතො ච අධිකං බලක්කාරෙන ගණ්හන්තා රාජ-රාජමහාමත්තාදයො විය; තස්සෙවං ගණ්හතො අවහාරො “පසය්හාවහාරො”ති වෙදිතබ්බො.
යම් මහණෙක් තෙමේ පරහුමැඩ බලාත්කාරයෙන් යටපත්කොට, නොහොත් තැතිගන්වා භය දක්වා ඔවුන් සතු භාණ්ඩය ගනීද, මංපැහැරීම් ගම්පැහැරීම් ආදිය කරමින් රාජ්‍යය පතමින් සිටින ප්‍රකට සොරුන් මෙන්ද, ක්‍රොධ වශයෙන් අන්හු අයත් ගෘහය නැසීම කරමින් තමන්ට ලැබුනු බලයට වඩා වැඩියක් බලත්කාරයෙන් ගන්නා වූ රාජරාජමහාමාත්‍යාදීන් මෙන් ගනීද, මෙසේ ගන්නාවූ ඔහුගේ අවහාරය පස්යහාවහාරයයි දතයුතුය.
පරිකප්පෙත්වා ගණ්හතො පන අවහාරො “පරිකප්පාවහාරො”ති වුච්චති, සො භණ්ඩපරිකප්ප-ඔකාසපරිකප්පවසෙන දුවිධො . තත්රායං භණ්ඩපරිකප්පො – ඉධෙකච්චො සාටකත්ථිකො අන්තොගබ්භං පවිසිත්වා “සචෙ සාටකො භවිස්සති, ගණ්හිස්සාමි; සචෙ සුත්තං, න ගණ්හිස්සාමී”ති පරිකප්පෙත්වා අන්ධකාරෙ පසිබ්බකං ගණ්හාති, සාටකො චෙ තත්ර හොති, උද්ධාරෙයෙව පාරාජිකං. සුත්තං චෙ හොති, රක්ඛති. බහි නීහරිත්වා මුඤ්චිත්වා “සුත්ත”න්ති ඤත්වා පුන ආහරිත්වා යථාඨානෙ ඨපෙති, රක්ඛතියෙව. “සුත්ත”න්ති ඤත්වාපි “යං ලද්ධං, තං ගහෙතබ්බ”න්ති ගච්ඡති, පදවාරෙන කාරෙතබ්බො. භූමියං ඨපෙත්වා ගණ්හාති, උද්ධාරෙ පාරාජිකං. “චොරො, චොරො”ති සාමිකෙහි පරියුට්ඨිතො ඡඩ්ඩෙත්වා පලායති, රක්ඛති. සාමිකා තං දිස්වා ගණ්හන්ති, ඉච්චෙතං කුසලං. අඤ්ඤො චෙ කොචි ගණ්හාති, භණ්ඩදෙය්යං. අථ නිවත්තෙසු සාමිකෙසු සයමෙව තං දිස්වා “පගෙවෙතං මයා නීහටං, මම දානි සන්තක”න්ති ගණ්හාති, රක්ඛති; භණ්ඩදෙය්යං පන හොති. “සචෙ සුත්තං භවිස්සති, ගණ්හිස්සාමි; සචෙ සාටකො, න ගණ්හිස්සාමි. සචෙ සප්පි භවිස්සති, ගණ්හිස්සාමි; සචෙ තෙලං, න ගණ්හිස්සාමී”තිආදිනා නයෙන පරිකප්පෙත්වා ගණ්හන්තස්සාපි එසෙව නයො.
කල්පනාකොට බලාගන්නහුගේ අවහාරයට පරිකප්පාවහාර යයි කියනු ලැබේ. ඒ අවහාරය භණ්ඩපරිකප්ප - ඔකාසපරිකප්ප වසයෙන් දෙවැදෑරුම් වේ. එහි මේ භණ්ඩපරිකප්පයයි: මෙහි ඇතැම් ඵකෙක් සළුවෙන් ප්‍රයෝජන ඇත්තේ ගැබ තුළට පිවිස ‘ඉදින් සළුවක් වන්නේනම් ගන්නෙමි, හූ නම් නොගන්නෙමි’යි කල්පනාකොට අඳුරෙහි පසුම්බියක් ගනීද, එහි සළුවක්වේද නගාගැනීමෙහිදීම පාරාජිකය වේ. හුයක්වීනම් රකියි. පිටතට ගෙනගොස් පසුම්බිය ඇරබලා හූය යි දැන නැවත තුබූතැනම තබාද රකීමය. හූය යි දැනද යමක් ලද්දේද, එය ගතයුතුයයියේද, පියවරින් කරවිය යුතුය. බිම තබාගනීද නගා ගැනීමෙහිදී පාරාජිකය වේ. ‘සොරෙක සොරෙකැ’යි හිමියන් විසින් ලුහුබඳින ලද්දේ හැරපියා පලායේද රකියි. හිමියෝ හැරදැමූ එය දැක ගනිත්නම් මැනවි. අන්කිසිවෙක් ගනීනම් භණ්ඩදෙය්‍ය වේ. නැවත හිමියන් ගමන් නවතාලූ කල්හි තෙමේම එය දැක ‘පළමුකොටම මා විසින් ඒ භාණ්ඩය ගෙන එන ලද්දේය. දැන් මාසතුයයි ගනීද රකියි. භණ්ඩදෙය්‍ය වේ. ‘ඉදින් හූයක් වන්නේනම්, ගන්නෙමි, සළුවක් වන්නේනම්, නොගන්නෙමි, ඉදින් ගිතෙල් වන්නේනම්, ගන්නෙමි, තෙල් වන්නේනම් නොගන්නෙමි’යි මේ ආදිනයින් කල්පනාකොට ගන්නහුටද මේනයම වේ.
මහාපච්චරියාදීසු පන “සාටකත්ථිකොපි සාටකපසිබ්බකමෙව ගහෙත්වා නික්ඛන්තො බහි ඨත්වා මුඤ්චිත්වා ‘සාටකො අය’න්ති දිස්වා ගච්ඡන්තො පදුද්ධාරෙනෙව කාරෙතබ්බො”ති වුත්තං. එත්ථ පන “සචෙ සාටකො භවිස්සති, ගණ්හිස්සාමී”ති පරිකප්පිතත්තා පරිකප්පො දිස්සති, දිස්වා හටත්තා පරිකප්පාවහාරො න දිස්සති. මහාඅට්ඨකථායං පන යං පරිකප්පිතං තං අදිට්ඨං පරිකප්පිතභාවෙ ඨිතංයෙව උද්ධරන්තස්ස අවහාරො වුත්තො, තස්මා තත්ථ පරිකප්පාවහාරො දිස්සති. “තං මඤ්ඤමානො තං අවහරී”ති පාළියා ච සමෙතීති. තත්ථ ය්වායං “සචෙ සාටකො භවිස්සති, ගණ්හිස්සාමී”තිආදිනා නයෙන පවත්තො පරිකප්පො, අයං “භණ්ඩපරිකප්පො” නාම.
මහාපච්චරී ආදියෙහි වනාහි සළුවෙන් ප්‍රයෝජන ඇත්තේද සළුපසුම්බියට ගෙන නික්මුණේ පිටත සිට පසුම්බිය ඇර බලා ‘මෙය සළුවකැ’යි දැක යන්නේ පියවරින්ම කරවිය යුතුයයි කියන ලද්දේය. මෙහි ‘සළුවක් වන්නේනම් ගන්නෙමි’යි කල්පනා කළ බැවින් පරිකල්පය දක්නා ලැබේ. දැක ගෙන ගිය බැවින් පරිකප්පාවහාරය නොදක්නා ලැබේ. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි යමක් ගැන කල්පනා කරන ලදද, එය නොදක්නා ලද්දේද, පරිකල්පිතභාවයෙහිම සිටියක්ම නගාගන්නහුට අවහාරය කියන ලද්දේය. එහෙයින් එහි පරිකප්පාවහාරය දක්නා ලැබේ. ‘තං මඤ්ඤමානො තං අවහරි’ යන පාළි හාද සමවේ. එහි සළුවක් වන්නේනම්, ගන්නෙමියි මේආදිනයින් පැවති යම් මේ පරිකල්පයක්වේද, මෙය භණ්ඩපරිකප්ප නම්වේ.
ඔකාසපරිකප්පො පන එවං වෙදිතබ්බො – ඉධෙකච්චො ලොලභික්ඛු පරපරිවෙණං වා කුලඝරං වා අරඤ්ඤෙ කම්මන්තසාලං වා පවිසිත්වා තත්ථ කථාසල්ලාපෙන නිසින්නො කිඤ්චි ලොභනෙය්යං පරික්ඛාරං ඔලොකෙති, ඔලොකෙන්තො ච පන දිස්වා ද්වාරපමුඛහෙට්ඨාපාසාදපරිවෙණද්වාරකොට්ඨකරුක්ඛමූලාදිවසෙන පරිච්ඡෙදං කත්වා “සචෙ මං එත්ථන්තරෙ පස්සිස්සන්ති, දට්ඨුකාමතාය ගහෙත්වා විචරන්තො විය එතෙසංයෙව දස්සාමි; නො චෙ පස්සිස්සන්ති, හරිස්සාමී”ති පරිකප්පෙති. තස්ස තං ආදාය පරිකප්පිතපරිච්ඡෙදං අතික්කන්තමත්තෙ පාරාජිකං. සචෙ උපචාරසීමං පරිකප්පෙති, තදභිමුඛොව ගච්ඡන්තො කම්මට්ඨානාදීනි මනසි කරොන්තො වා අඤ්ඤවිහිතො වා අසතියා උපචාරසීමං අතික්කමති, භණ්ඩදෙය්යං. අථාපිස්ස තං ඨානං පත්තස්ස චොරො වා හත්ථී වා වාළමිගො වා මහාමෙඝො වා වුට්ඨහති, සො ච තම්හා උපද්දවා මුච්චිතුකම්යතාය සහසා තං ඨානං අතික්කමති, භණ්ඩදෙය්යමෙව. කෙචි පනෙත්ථ “යස්මා මූලෙව ථෙය්යචිත්තෙන ගහිතං, තස්මා න රක්ඛති, අවහාරොයෙවා”ති වදන්ති. අයං තාව මහාඅට්ඨකථානයො. මහාපච්චරියං පන “සචෙපි සො අන්තොපරිච්ඡෙදෙ හත්ථිං වා අස්සං වා අභිරුහිත්වා තං නෙව පාජෙති, න පාජාපෙති; පරිච්ඡෙදෙ අතික්කන්තෙපි පාරාජිකං නත්ථි, භණ්ඩදෙය්යමෙවා”ති වුත්තං. තත්ර ය්වායං “සචෙ මං එත්ථන්තරෙ පස්සිස්සන්ති, දට්ඨුකාමතාය ගහෙත්වා විචරන්තො විය එතෙසංයෙව දස්සාමී”ති පවත්තො පරිකප්පො, අයං “ඔකාසපරිකප්පො” නාම.
ඔකාසපරිකප්පය වනාහි මෙසේ දතයුතුය: මෙහි ඇතැම් ලොල් මහණෙක් අන්‍යයන්ගේ පිරිවෙණකට හෝ කුලගෙයකට හෝ වනයෙහි කම්හලකට හෝ පිවිස එහි කථාසල්ලාපයෙහි යෙදීහුන්නේම ලෝහකටයුතු වූ කිසිපිරිකරක් දෙස බලයි. බලන්නේද අක්දෙරිය යටපහ පිරිවෙන් දොර කොටු රුක්මුල් ආදීන්ගේ වසයෙන් පිරිසිඳීමකොට ‘ඉදින් කිසිකෙනෙක් මේ අතරදී මා දකින්නාහු නම්, දකිනු කැමති බැවින් ගෙන හැසිරෙන්නෙකු මෙන් මොවුන්ටම දෙන්නෙමි. ඉතින් නොදකින්නාහු නම් ගෙනයන්නෙමියි කල්පනා කරයි. ඒ ඒ භාණ්ඩය ගෙන කල්පනා කොට පිරිසිඳගත් තැන ඉක්මුනු ඇසිල්ලෙහි ඔහුට පාරාජිකය වේ. ඉදින් උපචාර සීමාව ගැන කල්පනා කෙරේද, එයට අභිමුඛව යන්නේ කමටහන් ආදිය මෙනෙහි කරමින් හෝ අන්තැන යැවූ සිත් ඇතිව හෝ නොසිහියෙන් උපචාර සීමාව ඉක්මවානම් භණ්ඩදෙය්‍ය වේ. තවද මොහු එතැනට පැමිණි කල්හි සොරෙක් හෝ ඇතෙක් හෝ චණ්ඩ මෘගයෙක් හෝ මහාමේඝයක් හෝ නගීද, ඔහුද ඒ උවදුරෙන් මිදෙනු කැමති බැවින් වහා එතැන ඉක්මවාද, භණ්ඩදෙය්යම වේ. මෙහි ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ යම්හෙයකින් මුලදීම සොරසිතින් ගන්නා ලද්දේද, එහෙයින් නොරකියි. අවහාරයම වේයයි කියත්. මේවනාහි මහාඅර්ත්ථකථානය වේ. මහාපච්චරියෙහි වනාහි ඉදිනුදු යමෙක් පිරිසිඳ ගත්තැන ඇතුළතදී ඇතෙකු පිට හෝ අසෙකු පිට හෝ නොම යවාද, පිරිසිඳගත් තැන ඉක්මගියකල්හිද පාරාජිකයක් නැත්තේය. භණ්ඩදෙය්යම වේය’යි කියන ලදී. එහි ‘මේ අතරදී මා දකින්නාහුද, දකිනු කැමති බැවින් ගෙන හැසිරෙන්නෙකු මෙන් මොවුන්ටම දෙන්නෙමි’යි පැවති යම් මේ පරිකල්පයක්වේද, මෙය ඔකාසපරිකප්ප නම්වේ.
එවමිමෙසං ද්වින්නම්පි පරිකප්පානං වසෙන පරිකප්පෙත්වා ගණ්හතො අවහාරො “පරිකප්පාවහාරො”ති වෙදිතබ්බො.
මෙසේ මේ දෙවැදැරුම් වූ පරිකල්පයන්ගේ වසයෙන් කල්පනාකොට සලකාගෙන ගන්නහුගේ අවහාරය පරිකප්පාවහාරයයි දතයුතුය.
පටිච්ඡාදෙත්වා පන අවහරණං පටිච්ඡන්නාවහාරො. සො එවං වෙදිතබ්බො – යො භික්ඛු මනුස්සානං උය්යානාදීසු කීළන්තානං වා පවිසන්තානං වා ඔමුඤ්චිත්වා ඨපිතං අලඞ්කාරභණ්ඩං දිස්වා “සචෙ ඔනමිත්වා ගහෙස්සාමි, ‘කිං සමණො ගණ්හාතී’ති මං ජානිත්වා විහෙඨෙය්යු”න්ති පංසුනා වා පණ්ණෙන වා පටිච්ඡාදෙති – “පච්ඡා ගණ්හිස්සාමී”ති, තස්ස එත්තාවතා උද්ධාරො නත්ථීති න තාව අවහාරො හොති. යදා පන තෙ මනුස්සා අන්තොගාමං පවිසිතුකාමා තං භණ්ඩකං විචිනන්තාපි අපස්සිත්වා “ඉදානි අන්ධකාරො, ස්වෙ ජානිස්සාමා”ති සාලයා එව ගතා හොන්ති. අථස්ස තං උද්ධරතො උද්ධාරෙ පාරාජිකං. “පටිච්ඡන්නකාලෙයෙව තං මම සන්තක”න්ති සකසඤ්ඤාය වා “ගතා දානි තෙ, ඡඩ්ඩිතභණ්ඩං ඉද”න්ති පංසුකූලසඤ්ඤාය වා ගණ්හන්තස්ස පන භණ්ඩදෙය්යං. තෙසු දුතියදිවසෙ ආගන්ත්වා විචිනිත්වා අදිස්වා ධුරනික්ඛෙපං කත්වා ගතෙසුපි ගහිතං භණ්ඩදෙය්යමෙව. කස්මා? යස්මා තස්ස පයොගෙන තෙහි න දිට්ඨං, යො පන තථාරූපං භණ්ඩං දිස්වා යථාඨානෙ ඨිතංයෙව අප්පටිච්ඡාදෙත්වා ථෙය්‍යචිත්තො පාදෙන අක්කමිත්වා කද්දමෙ වා වාලිකාය වා පවෙසෙති, තස්ස පවෙසිතමත්තෙයෙව පාරාජිකං.
වසා තබාගැනීම වනාහි පටිච්ඡන්නාවහාර නම්වේ. ඒ පටිච්ඡන්නාවහාරය මෙසේ දතයුතුය. යම් මහණෙක් උයන් ආදියෙහි කෙළින්නා වූ හෝ එහි හිඳ වළඳන්නා වූ හෝ මිනිසුන්ගේ ගලවා තැබූ ඇඟිලිමුදු ආදී අලඞ්කාර භාණ්ඩයක් දැක ‘ඉදින් මම මෙය නැමී ගන්නෙම්නම්, මහණතෙමේ කුමක් ගනීදැ’යි ඔවුහු මා හැඳින වෙහෙසන්නාහයි සිතා පසින් හෝ කොළපතින් හෝ ‘පසුව ගන්නෙමි’යි වසාතබාද, ඔහුට මෙපමණකින් නගාගැනීමක් නැත්තේය’යි ඒතාක් අවහාරයක් නොවේ. යම්කලෙක වනාහි ඒ මිනිස්සු ගම තුළට වදිනු කැමැත්තාහු ඒ භාණ්ඩය සොයන්නාහුද නොදැක ‘දැන් ඇඳිරි වූයේය, හෙට දැනගන්නමෝ යයි ආලය සහිතවම ගියාහු වෙත්ද, එකල්හි ඒ භාණ්ඩය නගාගන්නා වූ මේ මහණහුට නගාගැනීම නිමිතිකොට පාරාජිකය වේ. වසාදැමූ කාලයෙහිම ‘ඒ භාණ්ඩය මා සතුය’යි ස්වකීය යන සංඥාවෙන් හෝ ‘ඒ මිනිස්සු දැන් ගියහ, මේ භාණ්ඩය හැරදමන ලද්දේය’යි පාංශුකූල සංඥාවෙන් හෝ ගන්නහුට භණ්ඩදෙය්‍ය වේ. ඔවුන් දෙවන දිනයෙහි අවුත් සොයා නොදැක ධුරනිඃක්ෂෙපයකොට ගිය කල්හි ගන්නා ලද්දේද භණ්ඩදෙය්යම වේ. කුමක්හෙයින්දයත්: යම්හෙයකින් ඔහුගේ ප්‍රයෝගය හෙතුකොට ඒ මිනිසුන් විසින් භාණ්ඩය නොදක්නා ලද්දේද එහෙයිනි. යම් මහණෙක් එබඳු වූ භාණ්ඩයක් දැක තැබූතැන තුබූ භාණ්ඩය නොවසා සොරසිත් ඇත්තේ පයින් පාගා මඩෙහි හෝ වැල්ලෙහි හෝ ඇතුල් කෙරේද, ඇතුල්කළ ඇසිල්ලෙහිම ඔහුට පාරාජිකය වේ.
කුසං සඞ්කාමෙත්වා පන අවහරණං “කුසාවහාරො”ති වුච්චති. සොපි එවං වෙදිතබ්බො – යො භික්ඛු කුසං පාතෙත්වා චීවරෙ භාජියමානෙ අත්තනො කොට්ඨාසස්ස සමීපෙ ඨිතං අප්පග්ඝතරං වා මහග්ඝතරං වා සමසමං වා අග්ඝෙන පරස්ස කොට්ඨාසං හරිතුකාමො අත්තනො කොට්ඨාසෙ පතිතං කුසදණ්ඩකං පරස්ස කොට්ඨාසෙ පාතෙතුකාමො උද්ධරති, රක්ඛති තාව. පරස්ස කොට්ඨාසෙ පාතෙති, රක්ඛතෙව. යදා පන තස්මිං පතිතෙ පරස්ස කොට්ඨාසතො පරස්ස කුසදණ්ඩකං උද්ධරති, උද්ධටමත්තෙ පාරාජිකො හොති. සචෙ පඨමතරං පරකොට්ඨාසතො කුසදණ්ඩකං උද්ධරති අත්තනො කොට්ඨාසෙ පාතෙතුකාමතාය උද්ධාරෙ රක්ඛති , පාතනෙ රක්ඛති. අත්තනො කොට්ඨාසතො පන අත්තනො කුසදණ්ඩකං උද්ධරති, උද්ධාරෙයෙව රක්ඛති. තං උද්ධරිත්වා පරකොට්ඨාසෙ පාතෙන්තස්ස හත්ථතො මුත්තමත්තෙ පාරාජිකං.
කුසපත තුබූතැනින් පහකොට ගැනීම වනාහි කුසාවහාරයයි කියනු ලැබේ. ඒ කුසාවහාරයද මෙසේ දතයුතුය: යම් මහණෙක් වැහැරියෙන් හෝ තල්පතින් හෝ කළ යම්කිසි කුසපතක් හෙලා සිවුරු බෙදනකල්හි තමන්ගේ කොටස සමීපයෙහි තුබූ ඉතාමද මිලක් අගනා වූ හෝ ඉතාමහත් මිලක් අගනා වූ හෝ ඇගීමෙන් සමසමවූ හෝ අන්හුඅයත් කොටසක් ගනු කැමැත්තේ තමන්ගේ කොටසෙහි වැටුනු කුසදණ්ඩ අන්හු අයත් කොටසෙහි හෙලනු කැමැතිව නගා ගනීද, ඒතාක් රකියි. අන්හුඅයත් කොටසෙහි හෙළාද රකීමය. යම්කලෙක එය වැටුනුකල්හි අන්හුඅයත් කොටසින් අන්හුඅයත් කුසදණ්ඩ උදුරාගනීද, උදුරාගත් ඇසිල්ලෙහි පාරාජිකය වේ. ඉදින් ඉතා පළමුකොට තමන්ගේ කොටසෙහි හෙළනු කැමති බැවින් අන්හු අයත් කොටසින් කුසදණ්ඩ උදුරාගනීද, උදුරා ගැනීමෙහිදී රකියි. හෙළීමෙහිදී රකියි. තමන්ගේ කොටසින් තමන්ගේ කුසදණ්ඩ උදුරාගනීද, උදුරා ගැනීමෙහිදීම රකියි. ඒ කුසදණ්ඩ උදුරාගෙන අන්හු අයත් කොටසෙහි හෙළන්නහුට අතින් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ.
සචෙ පන ද්වීසුපි කොට්ඨාසෙසු පතිතදණ්ඩකෙ අදස්සනං ගමෙති, තතො අවසෙසභික්ඛූසු ගතෙසු ඉතරො “‘මය්හං, භන්තෙ, දණ්ඩකො න පඤ්ඤායතී’ති. ‘මය්හම්පි, ආවුසො, න පඤ්ඤායතී’ති. ‘කතමො පන, භන්තෙ, මය්හං භාගො’ති? ‘අයං තුය්හං භාගො’”ති අත්තනො භාගං දස්සෙති, තස්මිං විවදිත්වා වා අවිවදිත්වා වා තං ගණ්හිත්වා ගතෙ ඉතරො තස්ස භාගං උද්ධරති, උද්ධාරෙ පාරාජිකං. සචෙපි තෙන “අහං මම භාගං තුය්හං න දෙමි, ත්වං පන අත්තනො භාගං ඤත්වා ගණ්හා”ති වුත්තෙ “නායං මමා”ති ජානන්තොපි තස්සෙව භාගං ගණ්හාති, උද්ධාරෙ පාරාජිකං. සචෙ පන ඉතරො “අයං තුය්හං භාගො, අයං මය්හං භාගොති කිං ඉමිනා විවාදෙනා”ති චින්තෙත්වා “මය්හං වා පත්තො හොතු, තුම්හාකං වා, යො වරභාගො තං තුම්හෙ ගණ්හථා”ති වදති, දින්නකං නාම ගහිතං හොති, නත්ථෙත්ථ අවහාරො. සචෙපි සො විවාදභීරුකො භික්ඛු “යං තුය්හං රුච්චති, තං ගණ්හා”ති වුත්තො අත්තනො පත්තං වරභාගං ඨපෙත්වා ලාමකංයෙව ගහෙත්වා ගච්ඡති, තතො ඉතරස්ස විචිනිතාවසෙසං ගණ්හන්තස්සාපි අවහාරො නත්ථෙවාති.
ඉදින්වනාහි දෙකොටසෙහිම වැටුනු කුසදඬු නොදැක්මට පමුණුවාද, ඉන්පසු සෙසු භික්ෂූන් ගිය කල්හි අනික් තැනැත්තේ ‘ස්වාමීනි! මාගේ කුසදණ්ඩ නොපෙණේ, ඇවැත! මාගේ කුසදණ්ඩද නොපෙණේ, ස්වාමීනි! මාගේ කොටස කවරේදැ’යි විචාරකල්හි ‘මේ තාගේ කොටසැ’යි තමන්ගේ කොටස දක්වාද, ඔහු විවාදකොට හෝ විවාද නොකොට හෝ ඒ කොටස ගෙනගියකල්හි අනික් තැනැත්තේ ඔහුගේ කොටස උදුරාගනීද, උදුරාගැනීම නිමිතිකොට පාරාජිකය වේ. ඉදිනුදු ඔහු විසින් ‘මම මාගේ කොටස තට නොදෙමි, තෝ තමන්ගේ කොටස දැන ගනුව’යි කියූ කල්හිද, ‘මේ කොටස මාගේ නොවේය’යි දන්නේ ඔහුගේම කොටස ගනීද, උදුරා ගැනීම නිමිතිකොට පාරාජිකය වේ. ඉදින් අනික් තැනැත්තේ ‘මේ තාගේ කොටසය, මේ මාගේ කොටසය’යි යන මේ විවාදයෙන් කිමැයි සිතා ‘මට හෝ පැමිණියේවේවා, තට හෝ පැමිණියේවේවා, යම් උතුම් කොටසක්වේද, ඒ කොටස ඔබවහන්සේ ගනිවු’යි කියාද, එකල්හි දුන්දෙය ගන්නා ලද්දේ නම්වේ. මෙහි අවහාරයක් නැත්තේය. ඉදිනුදු විවාදයට බියවූ ඒ මහණතෙමේ ‘තට යමක් රුස්නේද, එය ගනුව’යි කියන ලද්දේ තමන්ට පැමිණි උතුම්කොටස තබා ලාමකවූම කොටස ගෙනයේද, ඉන්පසු සොයාගත් දෙයින් ඉතිරි කොටස ගන්නාවූද අනික් මහණහුට අවහාරයක් නැත්තේමය.
අට්ඨකථාසුපන වුත්තං – “ඉමස්මිං ඨානෙ කුසසඞ්කාමනවසෙන චීවරභාජනීයමෙව එකං ආගතං, චතුන්නම්පි පන පච්චයානං උප්පත්තිඤ්ච භාජනීයඤ්ච නීහරිත්වා දස්සෙතබ්බ”න්ති එවඤ්ච වත්වා චීවරක්ඛන්ධකෙ“පටිග්ගණ්හාතු මෙ, භන්තෙ, භගවා සීවෙය්යකං දුස්සයුගං; භික්ඛුසඞ්ඝස්ස ච ගහපතිචීවරං අනුජානාතූ”ති (මහාව· 337) ඉදං ජීවකවත්ථුං ආදිං කත්වා උප්පන්නචීවරකථා, සෙනාසනක්ඛන්ධකෙ “තෙන ඛො පන සමයෙන රාජගහං දුබ්භික්ඛං හොති, මනුස්සා න සක්කොන්ති සඞ්ඝභත්තං කාතුං, ඉච්ඡන්ති උද්දෙසභත්තං නිමන්තනං සලාකභත්තං පක්ඛිකං උපොසථිකං පාටිපදිකං කාතු”න්ති (චූළව· 325) ඉදං සුත්තමාදිං කත්වා පිණ්ඩපාතකථා, සෙනාසනක්ඛන්ධකෙයෙව “තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අඤ්ඤතරං පච්චන්තිමං මහාවිහාරං පටිසඞ්ඛරොන්ති – ‘ඉධ මයං වස්සං වසිස්සාමා’ති. අද්දසංසු ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්තෙ”ති (චූළව· 316) ඉදං ඡබ්බග්ගියවත්ථුං ආදිං කත්වා ආගතසෙනාසනකථා, තදවසානෙ ච සප්පිආදිභෙසජ්ජකථා විත්ථාරෙන කථිතා. මයං පන තං සබ්බං ආගතාගතට්ඨානෙයෙව කථයිස්සාම; එවං කථනෙ කාරණං පුබ්බෙ වුත්තමෙව.
අර්‍ත්‍ථකථාවන්හි වනාහි මෙතන්හි කුසසඞ්ක්රාමණ වශයෙන් චීවරභාජනීය නම්වූ එක්ම පරිච්ඡෙදයක් ආයේය. සිවුපසය පිළිබඳ උත්පත්තියද බෙදිය යුත්තද ගෙනහැර දැක්විය යුතුය’යි කියන ලද්දේය. මෙසේද කියා චීවරක්ඛන්ධකයෙහි ‘පතිගණ්හාතු මෙ භන්තෙ භගවා සීවෙය්යකං දුස්සයුගං භික්ඛුසඞ්ඝස්ස ච ගහපතිචීවරං අනුජානාතු’ යන මේ ජීවක වස්තුව ආදිකොට උපන් චීවරකථාවද, සෙනාසනක්‍ඛන්‍ධකයෙහි ‘තෙන ඛො ප සමයෙන රාජගහං දුබ්භික්ඛං හොති, මනුස්සා න සක්කොන්ති සඞ්ඝභත්තං කාතුං, ඉච්ඡන්ති උද්දෙසභත්තං නිමන්තණං සලාකභත්තං පක්ඛිකං උපොසථිකං පාටිපදිකං කාතුං’ යන මේ සූත්‍රය ආදිකොට පිණ්ඩපාතකථාද, සෙනාසනක්ඛන්ධකයෙහිම ‘තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අඤ්ඤතරං පච්චන්තිමං විහාරං පටිසඞ්ඛරොන්ති ඉධ මයං වස්සං වසිස්සාම, අද්දසංසු ඛො ඡබ්බග්ගියා භික්ඛූ සත්තරස වග්ගියෙ භික්ඛූ විහාරං පටිසඞ්ඛරොන්තෙ’ යන මේ ෂඩ්වර්ගීය වස්තුව ආදිකොට ආවාවූ සෙනාසනකථා ඒ අවසානයෙහිද සප්පි ආදි භෙසජ්ජ කථාවද විස්තර වශයෙන් කියන ලදී. අපිවනාහි ඒ සියල්ල ආ ආ තන්හිම කියන්නෙමු. මෙසේ කීමෙහි හේතුව පෙර කියන ලද්දේමය.
කුසසඞ්කාමනවත්ථුකථා නිට්ඨිතා.
කුසසඞ්කාමනවස්තුකථා නිමි.
ඉතො පරං ජන්තාඝරවත්ථු උත්තානත්ථමෙව.
මෙයින් අන්‍යවූ ජනතාඝරවස්තුව ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
පඤ්චසු විඝාසවත්ථූසු තෙ භික්ඛූ අනුපසම්පන්නෙන කප්පියං කාරාපෙත්වා පරිභුඤ්ජිංසු. විඝාසං පන ගණ්හන්තෙන ඛාදිතාවසෙසං ඡඩ්ඩිතං ගහෙතබ්බං. යදි සක්කොති ඛාදන්තෙ ඡඩ්ඩාපෙත්වා ගණ්හිතුං, එතම්පි වට්ටති. අත්තගුත්තත්ථාය පන පරානුද්දයතාය ච න ගහෙතබ්බං.
විඝාසවස්තුපසෙහි ඒ භික්ෂූහු අනුපසම්පන්නයකු ලවා කැපකරවා පිසදා අනුභව කළහ. සිංහාදීන් විසින් කා ඉතිරිය ගන්නහු විසින් කා ඉතිරිකොට දමන ලද්ද ගතයුතුය. ඉදින් කනකල්හි බැහැර දම්මවා ගන්නට හැකිවේද මෙද වටියි. ආත්මාරක්ෂාව පිණිසද පරහට අනුකම්පා පිණිසද නොගත යුතුය.
ඔදනඛාදනීයපූවඋච්ඡුතිම්බරූසකභාජනීයවත්ථූසු අපරස්ස භාගං දෙහීති අසන්තං පුග්ගලං ආහ. අමූලකං අග්ගහෙසීති සාමිකෙසු දෙන්තෙසු එවං අග්ගහෙසි. අනාපත්ති භික්ඛු පාරාජිකස්සාති සාමිකෙහි දින්නං අග්ගහෙසි; තෙනස්ස අනාපත්ති වුත්තා. ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්සාති යො පනානෙන සම්පජානමුසාවාදො වුත්තො, තස්මිං පාචිත්තියං ආහ; පරතො තෙකටුලයාගුවත්ථුම්හි විය. ගහණෙ පන අයං විනිච්ඡයො – සඞ්ඝස්ස සන්තකං සම්මතෙන වා ආණත්තෙහි වා ආරාමිකාදීහි දිය්යමානං, ගිහීනඤ්ච සන්තකං සාමිකෙන වා ආණත්තෙන වා දිය්යමානං “අපරස්ස භාගං දෙහී”ති වත්වා ගණ්හතො භණ්ඩදෙය්යං. අඤ්ඤෙන දිය්යමානං ගණ්හන්තො භණ්ඩග්ඝෙන කාරෙතබ්බො. අසම්මතෙන වා අනාණත්තෙන වා දිය්යමානෙ “අපරම්පි භාගං දෙහී”ති වත්වා වා කූටවස්සානි ගණෙත්වා වා ගණ්හන්තො පත්තචතුක්කෙ විය තස්සුද්ධාරෙයෙව භණ්ඩග්ඝෙන කාරෙතබ්බො. ඉතරෙහි දිය්යමානං එවං ගණ්හතො භණ්ඩදෙය්යං. සාමිකෙන පන “ඉමස්ස දෙහී”ති දාපිතං වා සයං දින්නං වා සුදින්නන්ති අයමෙත්ථ සබ්බඅට්ඨකථාවිනිච්ඡයතො සාරො.
ඔදන - ඛාදනීය - පූව - තිම්බරූසකභාජනීය වස්තුන්හි ‘අපරස්ස භාගං දෙහි’ අන්‍යයාගේ කොටස දෙවයි නැත්තා වූ පුද්ගලයකු ගෙන වදාළ සේක. ‘අමූලකං අග්ගහෙසි’ ආනාපත්ති භික්ඛු පාරාජිකස්ස හිමියන් දෙනකල්හි මෙසේ ගත්තේය. එහෙයින් මොහුට අනාපත්ති වදාරණ ලදී. ‘ආපත්ති සම්පජානමුසාවාදෙ පාචිත්තියස්ස’ මේ කරණකොට යම් සම්පජාන මුසාවාදයක් වදාරණ ලද්දේ ද, එහි පාචිත්තිය වදාළ සේක. ඉදිරියෙහි එන තෙකටුලයාගුස්තුවෙහි මෙනි. ගැනීමෙහි මේ විනිශ්චය වේ: ලද සම්මතය ඇත්තකු විසින් හෝ අණකරනලද ආරාමිකාදීන් විසින් හෝ දෙනු ලබන ගිහින් සතුවූවක්ද ‘අනෙකාගේ කොටස දෙව’යි කියා ගන්නහුට භණ්ඩදෙය්‍ය වේ. අනිකකු විසින් දෙනු ලබන්නක් ගන්නේ බඩුවෙහි ඇගීමෙන් කරවිය යුතුය. සම්මතය නොලද්දහු විසින් හෝ හිමියන් විසින් නොඅණවන ලද්දහු විසින් හෝ දෙනු ලබන කල්හි ‘අනික් කොටසද දෙව’යි කියා හෝ හොරට අවුරුදු ගැන හෝ ගන්නේ පාත්රෂ්චතුකයෙහි මෙන් එය උදුරාගත් ඇසිල්ලෙහිම බඩුවෙහි ඇගීම් වසයෙන් කරවිය යුතුය. අන්‍යයන් විසින් දෙනු ලබන්නක් මෙසේ ගන්නහුට භණ්ඩදෙය්‍ය වේ. හිමියා විසින් වනාහි ‘මොහුට දෙව’යි දෙවූ දෙය හෝ තමන් විසින් දෙන ලද දෙය හෝ මොනවට දෙන ලද්දේ වේ. මේ මෙහි සියළු අර්ත්ථකථා විනිශ්චයෙන් ගතයුතු සාරය වේ.
ඔදනියඝරාදිවත්ථූසු – ඔදනියඝරං නාම වික්කායිකභත්තපචනඝරං. සූනඝරං නාම වික්කායිකමංසපචනඝරං. පූවඝරං නාම වික්කායිකඛජ්ජකපචනඝරං. සෙසමෙත්ථ, පරික්ඛාරවත්ථූසු ච පාකටමෙව.
ඔදනීයඝරාදිවස්තුන්හි - ඔදනීයඝර නම්, විකිණියයුතු බත් පිසන ගෙයයි. සූනාඝර නම්, විකිණියයුතු මස් පිසන ගෙයයි. පූවඝර නම්, විකිණිය යුතු කැවිලි පිසන ගෙයයි. මෙහි සෙස්ස පරිෂ්කාර වස්තුන්හිද ප්‍රකට වූයේමය.
පීඨවත්ථුස්මිං – සො භික්ඛු පරිකප්පෙත්වා “එතං ඨානං සම්පත්තං ගණ්හිස්සාමී”ති සඞ්කාමෙසි. තෙනස්ස සඞ්කාමනෙ අවහාරො නත්ථි. සඞ්කාමෙත්වා පන පරිකප්පිතොකාසතො ගහණෙ පාරාජිකං වුත්තං. එවං හරන්තො ච යදි පීඨකෙ ථෙය්යචිත්තං නත්ථි, ථවිකං අග්ඝාපෙත්වා කාරෙතබ්බො. අථ පීඨකෙපි අත්ථි, උභො අග්ඝාපෙත්වා කාරෙතබ්බොති. භිසිආදීනි තීණි වත්ථූනි පාකටානෙව.
පීඨවස්තුවෙහි ඒ මහණතෙමේ කල්පනාකොට බලා ‘මෙතැනට පැමිණියක් ගන්නෙමි’යි තුබූ තැනින් පහකොට සඞ්ක්රාමණය කරවූයේය. එයින් මේ භාණ්ඩයාගේ සඞ්ක්රමණයෙහි අවහාරයක් නැත්තේය. සඞ්ක්‍රමණය කරවා කල්පනා කළ අවකාශයෙන් ගැනීමෙහි පාරාජිකය කියන ලද්දේය. මෙසේ ගෙනයන්නේද පුටුවෙහි සොරසිතක් නැත්තේනම් පසුම්බිය අගය කරවා කරවිය යුතුය. පුටුවෙහි සොරසිත ඇත්තේනම් පසුම්බිය හා පුටුව යන දෙක අගය කරවා කරවිය යුතුය. භිසිආදි වස්තු තුන ප්‍රකටමය.
විස්සාසග්ගාහාදීසු තීසු වත්ථූසු ගහණෙ අනාපත්ති, ආහරාපෙන්තෙසු භණ්ඩදෙය්යං. පිණ්ඩාය පවිට්ඨස්ස පටිවිසො අන්තොඋපචාරසීමායං ඨිතස්සෙව ගහෙතුං වට්ටති. යදි පන දායකා “බහිඋපචාරට්ඨානම්පි භන්තෙ, භාගං ගණ්හථ, ආගන්ත්වා පරිභුඤ්ජිස්සන්තී”ති වදන්ති, එවං අන්තොගාමට්ඨානම්පි ගහෙතුං වට්ටති. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
විශ්වාසග්රහණාදිවස්තු තුනෙහි ගැනීමෙහි අනාපත්ති වේ. ගෙන්වන කල්හි භණ්ඩදෙය්‍ය වේ. පිඬුපිණිස පිවිසියහුගේ කොටස උපචාර සීමාව තුළ සිටියහුම ගැනීම වටියි. ඉදින්වනාහි දායකයෝ උපචාරස්ථානයෙහි පිටත සිටියවුන්ට ‘ස්වාමීනි! ගනුමැනව, අවුත් වළඳන්නාහුය’යි කියත්නම් මෙසේ ගම තුළ සිටියවුන්ටද ගැනීම වරද නොවේ. සෙස්ස ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
සත්තසු අම්බචොරකාදිවත්ථූසු පංසුකූලසඤ්ඤාය ගහණෙ අනාපත්ති, ආහරාපෙන්තෙසු භණ්ඩදෙය්යං, ථෙය්යචිත්තෙන පරිභොගෙ පාරාජිකං. තත්රායං විනිච්ඡයො – සාමිකාපි සාලයා, චොරාපි සාලයා, පංසුකූලසඤ්ඤාය ඛාදන්තස්ස භණ්ඩදෙය්යං, ථෙය්යචිත්තෙන ගණ්හතො උද්ධාරෙයෙව අවහාරො, භණ්ඩං අග්ඝාපෙත්වා කාරෙතබ්බො. සාමිකා සාලයා, චොරා නිරාලයා, එසෙව නයො. සාමිකා නිරාලයා, චොරා සාලයා; “පුන ගණ්හිස්සාමා”ති කිස්මිඤ්චිදෙව ගහනට්ඨානෙ ඛිපිත්වා ගතා, එසෙව නයො. උභොපි නිරාලයා, පංසුකූලසඤ්ඤාය ඛාදතො අනාපත්ති, ථෙය්යචිත්තෙන දුක්කටං.
අම්බචොරකාදිවස්තු සතෙහි පාංසකූල සංඥාවෙන් ගැනීමෙහි අනාපත්ති වේ. ගෙන්වන කල්හි භණ්ඩදෙය්‍ය වේ. සොරසිතින් වැළඳීමෙහි පාරාජිකය වේ. එහි මේ විනිශ්චයයි. හිමියෝද ආලය සහිතයෝය. සොරුද ආලය සහිතයෝය. පාංශුකූල සංඥාවෙන් කන්නහුට භණ්ඩදෙය්‍ය වේ. සොරසිතින් ගන්නහුට නගාගැනීමෙහිදී අවහාරය වේ. බඩුව අගය කරවා කරවිය යුතුය. හිමියෝ ආලය සහිතයෝය. සොරු ආලය රහිතයෝය. එකල්හිද මෙම නයම වේ. හිමියෝ ආලය රහිතයෝය. සොරු ආලය සහිතයෝය. ‘නැවත ගන්නෙමි’යි කිසියම්වන ඇසුරුකළ තැනක බහා ගියාහුද මේ නයම වේ. දෙදෙනම ආලය රහිතයෝය. පාංශුකූල සංඥාවෙන් කන්නහුට අනාපත්ති වේ. සොර සිතින් කන්නහුට දුක්කටය වේ.
සඞ්ඝස්ස අම්බාදීසු පන සඞ්ඝාරාමෙ ජාතං වා හොතු, ආනෙත්වා දින්නං වා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං අවහරන්තස්ස පාරාජිකං. පච්චන්තෙ චොරුපද්දවෙන ගාමෙසු වුට්ඨහන්තෙසු භික්ඛූපි විහාරෙ ඡඩ්ඩෙත්වා “පුන ආවසන්තෙ ජනපදෙ ආගමිස්සාමා”ති සඋස්සාහාව ගච්ඡන්ති. භික්ඛූ තාදිසං විහාරං පත්වා අම්බපක්කාදීනි “ඡඩ්ඩිතකානී”ති පංසුකූලසඤ්ඤාය පරිභුඤ්ජන්ති, අනාපත්ති; ථෙය්යචිත්තෙන පරිභුඤ්ජතො අවහාරො හොති, භණ්ඩං අග්ඝාපෙත්වා කාරෙතබ්බො.
සඞ්ඝයා අයත් අඹ ආදීන් අතුරෙහි සඞ්ඝාරාමයෙහි හටගත්තක් හෝ වේවා, ගෙන අවුත් දෙනලද්දක් හෝ වේවා, පස්මස්සක් හෝ පස්මස්සකට වැඩිතරම්වූ හෝ අගින්නක් සොරකම්කොට ගන්නට පාරාජිකය වේ. ප්‍රත්‍යන්තයෙහි හොරඋවදුරක් හේතුකොට ගම්වැස්සන් ගම්හැර පලායන කල්හි භික්ෂූහුද විහාර හැරදමා ‘නැවත දනවුවැස්සන් අවුත් වසන කල්හි එන්නෙමු’යි උත්සාහ සහිතවම යෙත්ද, භික්ෂූහු එබඳු විහාරයකට පැමිණ අඹපල ආදිය හැරදමනලදැ’යි පාංශුකූල සංඥාවෙන් වළඳත්ද, ඇවැත් නොවේ. සොර සිතින් වළඳන්නහුට අවහාරය වේ. බඩුව අගය කරවා කරවිය යුතුය.
මහාපච්චරියං පන සඞ්ඛෙපට්ඨකථායඤ්ච අවිසෙසෙන වුත්තං – “ඡඩ්ඩිතවිහාරෙ පන ඵලාඵලං ථෙය්යචිත්තෙන පරිභුඤ්ජතො පාරාජිකං. කස්මා? ආගතානාගතානං සන්තකත්තා”ති. ගණසන්තකෙ පන පුග්ගලිකෙ ච සඋස්සාහමත්තමෙව පමාණං. සචෙ පන තතො අම්බපක්කාදිං කුලසඞ්ගහණත්ථාය දෙති, කුලදූසකදුක්කටං. ථෙය්යචිත්තෙන දෙන්තො අග්ඝෙන කාරෙතබ්බො. සඞ්ඝිකෙපි එසෙව නයො. සෙනාසනත්ථාය නියමිතං කුලසඞ්ගහණත්ථාය දදතො දුක්කටං, ඉස්සරවතාය ථුල්ලච්චයං, ථෙය්යචිත්තෙන පාරාජිකං. නො චෙ වත්ථු පහොති, අග්ඝෙන කාරෙතබ්බො. බහි උපචාරසීමාය නිසීදිත්වා ඉස්සරවතාය පරිභුඤ්ජතො ගීවා. ඝණ්ටිං පහරිත්වා කාලං ඝොසෙත්වා “මය්හං පාපුණාතී”ති ඛාදිතං සුඛාදිතං. ඝණ්ටිං අපහරිත්වා කාලමෙව ඝොසෙත්වා, ඝණ්ටිමෙව පහරිත්වා කාලං අඝොසෙත්වා, ඝණ්ටිම්පි අපහරිත්වා කාලම්පි අඝොසෙත්වා අඤ්ඤෙසං නත්ථිභාවං ඤත්වා “මය්හං පාපුණාතී”ති ඛාදිතම්පි සුඛාදිතමෙව. පුප්ඵාරාමවත්ථුද්වයං පාකටමෙව.
මහාපච්චරියෙහි සඞ්ක්ෂෙපාර්ත්ථකථාවෙහිද උත්සාහයෙන්ද නිරුත්සාහයෙන්දැයි වෙනසක් නොකොට කියන ලද්දේය. හැරදැමූ විහාරයෙහි කුදුමහත් පල සොරසිතින් වළඳන්නහුට පාරාජිකය නොවේ. කුමක්හෙයින්දයත්: පැමිණියවුන් හා නොපැමිණියවුන් සතු බැවිනි. ගණසන්තකයෙහි හා පුද්ගලසන්තකයෙහි ද සඋත්සාහ මාත්‍රයම ප්‍රමාණ වේ. ඉදින්වනාහි ඒ ගණසත්තකයෙන් හා පුද්ගලසන්තකයෙන් අඹපල ආදිය කුලසඞ්ග්රහය පිණිස දේනම්, කුලදූසන දුක්කටය වේ. සොරසිතින් දෙන්නේ ඇගීමෙන් කරවිය යුතුය. සඞ්ඝිකයෙහිද මේ නයම වේ. සෙනසුන් පිණිස නියම කරන ලද්දක් කුලසඞ්ග්රය පිණිස දෙන්නහුට දුක්කටය වේ. අධිපතිභාවය හේතුකොට දෙන්නහුට ථුල්ලච්චය වේ. සොරසිතින් දෙන්නහුට පාරාජිකය වේ. ඉදින් පාරාජික වස්තුවට නොපොහොනේනම්, ඇගීමෙන් කරවිය යුතුය. උපචාර සීමාවෙන් පිටත සිට අධිපතිභාවය හේතුකොට වළඳන්නහුට ග්‍රීවා වේ. ගෙඩිය ගසා කාලඝෝෂාකොට ‘මට පැමිණේය’යි සිතා කන ලද්දේ නිවැරදි ලෙසින් කන ලද්දේ වේ. ගෙඩිය නොගසා කාලය පමණක්ම ඝෝෂාකොට හෝ ගෙඩිය පමණක්ම ගසා කාලය ඝෝෂා නොකොට, ගෙඩියද නොගසා කාලයද ඝෝෂා නොකොට, අන්හු නැතිබව දැන ‘මට පැමිණේය’යි කන ලද්දේද, නිවැරදි ලෙසින් කනලද්දේම වේ. පුෂ්පාරාමවස්තු දෙක ප්‍රකටමය.
වුත්තවාදකවත්ථුත්තයෙ වුත්තො වජ්ජෙමීති තයා වුත්තො හුත්වා “තව වචනෙන වදාමී”ති අත්ථො. අනාපත්ති භික්ඛු පාරාජිකස්සාති සාමිකෙහි දින්නත්තා අනාපත්ති. න ච, භික්ඛවෙ, “වුත්තො වජ්ජෙමී”ති වත්තබ්බොති “අහං තයා වුත්තො හුත්වා තව වචනෙන වදාමී”ති එවං අඤ්ඤො භික්ඛු අඤ්ඤෙන භික්ඛුනා න වත්තබ්බොති අත්ථො. පරිච්ඡෙදං පන කත්වා “ඉත්ථන්නාමං තව වචනෙන ගණ්හිස්සාමී”ති වත්තුං වට්ටති. වුත්තො වජ්ජෙහීති මයා වුත්තො හුත්වා මම වචනෙන වදෙහීති අත්ථො. සෙසං වුත්තනයමෙව. ඉමෙසුපි ච ද්වීසු වත්ථූසු පරිච්ඡෙදං කත්වා වත්තුං වට්ටති. එත්තාවතා හි උපාරම්භා මුත්තො හොතීති.
වුත්තවාදික වස්තු තුනෙහි ‘වුත්තො වජ්ජෙමි’ යනු ‘තා විසින් කියන ලද්දක්ව තාගේ වචනයෙන් කියමි’ යන අර්‍ත්‍ථයි. ‘අනාපත්ති භික්ඛු පාරාජිකස්ස’ හිමියන් විසින් දුන්බැවින් ඇවැත් නොවේ. ‘න ච භික්ඛවෙ වුත්තො වජ්ජෙමීති වත්තබ්බො’ යනු ‘මම තා විසින් කියන ලද්දෙම්ව තාගේ වචනයෙන් කියමි’යි මෙසේ අන් මහණෙක් අන් මහණකු විසින් නොකිය යුතුය යන අර්‍ත්‍ථයි. පිරිසිඳීමකොට මෙනම් ඇත්තහුට තාගේ වචනයෙන් ගන්නෙමියි කීමෙහි වරදක් නැත්තේය. ‘වුත්තො වජ්ජෙහි’ යනු ‘මා විසින් කියන ලද්දක්ව මාගේ වචනයෙන් කියව’ යන අර්‍ත්‍ථයි. සෙස්ස කියූනය ඇත්තේමය. මේ වස්තු දෙක්හිද පිරිසිඳීමකොට කියයුතුය. මෙපමණකින්ම පිරිසිඳීම නොකොට කියතියන ගර්හාවෙන් මිදුනේ වේය’යි දතයුතුය.
මණිවත්ථුත්තයස්ස මජ්ඣිමෙ වත්ථුස්මිං – නාහං අකල්ලකොති නාහං ගිලානොති අත්ථො. සෙසං පාකටමෙව.
මාණික්යවස්තු තුන අතුරෙහි මද්ධ්‍යම වස්තුවෙහි ‘නාහං අකල්ලකො’ යනු ‘මම නොගිලන්මි’ යන අර්‍ත්‍ථයි. සෙස්ස ප්‍රකටමය.
සූකරවත්ථුද්වයෙ – කිඤ්චාපි පඨමස්ස භික්ඛුනො ඡාතජ්ඣත්තං දිස්වා කාරුඤ්ඤෙන මොචිතත්තා අනාපත්ති. සාමිකෙසු පන අසම්පටිච්ඡන්තෙසු භණ්ඩදෙය්යං, තාව මහන්තො වා මතසූකරො ආහරිත්වා දාතබ්බො, තදග්ඝනකං වා භණ්ඩං. සචෙ පාසසාමිකෙ කුහිඤ්චිපි න පස්සති, පාසසාමන්තා තදග්ඝනකං සාටකං වා කාසාවං වා ථාලකං වා යථා තෙ ආගතා පස්සන්ති, ඊදිසෙ ඨානෙ ඨපෙත්වාව ගන්තබ්බං, ථෙය්යචිත්තෙන පන මොචෙන්තස්ස පාරාජිකමෙව. එත්ථ ච කොචි සූකරො පාසං පාදෙන කඩ්ඪිත්වා ඡින්නමත්තෙ පාසෙ ඨානාචාවනධම්මෙන ඨානෙන ඨිතො හොති චණ්ඩසොතෙ බද්ධනාවා විය. කොචි අත්තනො ධම්මතාය ඨිතො, කොචි නිපන්නො, කොචි කූටපාසෙන බද්ධො හොති. කූටපාසො නාම යස්ස අන්තෙ ධනුකං වා අඞ්කුසකො වා අඤ්ඤො වා කොචි දණ්ඩකො බද්ධො හොති, යො තත්ථ තත්ථ රුක්ඛාදීසු ලග්ගිත්වා සූකරස්ස ගමනං නිවාරෙති. තත්ර පාසං කඩ්ඪිත්වා ඨිතස්ස එකමෙව ඨානං පාසබන්ධනං, සො හි පාසෙ මුත්තමත්තෙ වා ඡින්නමත්තෙ වා පලායති. අත්තනො ධම්මතාය ඨිතස්ස බන්ධනඤ්ච චත්තාරො ච පාදාති පඤ්ච ඨානානි. නිපන්නස්ස බන්ධනඤ්ච සයනඤ්චාති ද්වෙ ඨානානි. කූටපාසබද්ධස්ස යත්ථ යත්ථ ගච්ඡති, තං තදෙව ඨානං. තස්මා තං තතො තතො මොචෙන්තා දසපි වීසතිපි සතම්පි භික්ඛූ පාරාජිකං ආපජ්ජන්ති. තත්ථ තත්ථ ආගතං දිස්වා එකමෙව දාසං පලාපෙන්තො විය.
සූකරවස්තු දෙක්හි බඩසයින් පෙළෙන්නහු දැක කරුණාවෙන් මිදූබැවින් පළමු මහණහුට කිසිසේත් ඇවැත් නොවේ. හිමියන් නොපිළිගන්නා කල්හි භණ්ඩදෙය්‍ය වේ. ඔහුට වඩා මහත්වූ හෝ මළ හූරෙක් ගෙනවුත් දියයුතුය. ඔහුගේ වටිනකමට පමණවන බඩුවක් හෝ ගෙනවුත් දිය යුතුය. මළපුඩු හිමියන් කොතැනකදී හෝ නොදකීනම්, මළපුඩුව සමීපයෙහි ඔහු තරම් අගනා සළුවක් හෝ කසටවතක් හෝ තැලියක් හෝ එහි ආවාවූ ඔවුහු යම් සේ දකිත්ද එබඳු තැනක තබා යායුතුය. සොරසිතින් මුදන්නහුට පාරාජිකයම වේ. මෙහිද කිසි ඌරෙක් තමන්ගේ පියවිගතියෙන් සිටියේ වේද, කිසි ඌරෙක් හොත්තේ වේද, කිසි ඌරෙක් කූටමළයෙන් බැඳුනේ වේද, කූටපාස නම් යම් මළපුඩුවක කෙළවර දුන්නක් හෝ අකුස්සක් හෝ අන්කිසි දඬුකඩක් හෝ බඳින ලද්දේද ඒය. යම් කූටපාසයක් ඒ ඒ තැන රුක්වැල් ආදියෙහි ඇවිණී ඌරාගේ ගමන වළකාද එහි පාසය ඇදසිටියහුට එක්ම පාසබන්ධනය ස්ථාන වේ. ඒ ඌරා පාසය මිදූ ඇසිල්ලෙහිම හෝ සිඳහළ ඇසිල්ලෙහි හෝ පලායේද තමන්ගේ පියවිගතියෙන් සිටියහුට බැම්මද පා සතරදැයි පස්තැනක් වේ. හොත්තහුට බැම්මද නිදීමදැයි දෙතැනක් වේ. කූටපාසයෙන් බැදුනහුට යම් යම් තැනක යේද, ඒ ඒ තැනම තැන් වේ. එහෙයින් ඒ ඌරා ඒ ඒ තැනින් මුදාහරින භික්ෂූහු දසදෙනකු විසිදෙනද සියදෙනද පාරාජිකයට පැමිණෙත්. ඒ ඒ තැන ආවාවූ එක්ම දාසයෙකු දැක පලවාහරින්නාක් මෙනි.
පුරිමානං පන තිණ්ණං චතුප්පදකථායං වුත්තනයෙන ඵන්දාපනඨානාචාවනානි වෙදිතබ්බානි. සුනඛදට්ඨං සූකරං විස්සජ්ජාපෙන්තස්සාපි කාරුඤ්ඤාධිප්පායෙන භණ්ඩදෙය්යං, ථෙය්යචිත්තෙන පාරාජිකං. පාසට්ඨානං පන සුනඛසමීපං වා අසම්පත්තං පටිපථං ගන්ත්වා පඨමමෙව පලාපෙන්තස්ස අවහාරො නත්ථි. යොපි බද්ධසූකරස්ස ඝාසඤ්ච පානීයඤ්ච දත්වා බලං ගාහාපෙත්වා උක්කුට්ඨිං කරොති – “උත්රස්තො පලායිස්සතී”ති; සො චෙ පලායති, පාරාජිකං. පාසං දුබ්බලං කත්වා උක්කුට්ඨිසද්දෙන පලාපෙන්තස්සාපි එසෙව නයො.
පළමු තිදෙනහට චතුෂ්පද කථාවෙහි කියූනයින් සෙලවීම හා තුබූ තැනින් පහකිරීම දතයුතුය. බල්ලන් විසින් ඩැහගත් ඌරෙකු කුළුණු සිතින් පලවාහරින්නහුටද භණ්ඩදෙය්‍ය වේ. සොරසිතින් පලවාහරින්නහුට පාරාජිකය වේ. පාසට්ඨානයට හෝ බලුසමීපයට හෝ නොපැමිණියෙකු පෙරමගට ගොස් පළමුකොටම පලවාහරින්නහුට අවහිරයක් නැත්තේය. යමෙක් බැඳුනු ඌරුහට කෑමද පැන්ද දී බලගන්වා ‘තැතිගත්තේ පලායන්නේය’යි සිතා මහහඬ කෙරේද, ඉදින් ඌරා පලායේනම් පාරාජිකය වේ. පාසය දුබලකොට මහහඬ නගා පලවාහරින්නහුටද මේනයම වේ.
යො පන ඝාසඤ්ච පානීයඤ්ච දත්වා ගච්ඡති, “බලං ගහෙත්වා පලායිස්සතී”ති; සො චෙ පලායති, භණ්ඩදෙය්යං. පාසං දුබ්බලං කත්වා ගච්ඡන්තස්සාපි එසෙව නයො. පාසසන්තිකෙ සත්ථං වා අග්ගිං වා ඨපෙති “ඡින්නෙ වා දඩ්ඪෙ වා පලායිස්සතී”ති. සූකරො පාසං චාලෙන්තො ඡින්නෙ වා දඩ්ඪෙ වා පලායති, භණ්ඩදෙය්යමෙව. පාසං යට්ඨියා සහ පාතෙති, පච්ඡා සූකරො තං මද්දන්තො ගච්ඡති , භණ්ඩදෙය්යං. සූකරො අදූහලපාසාණෙහි අක්කන්තො හොති, තං පලාපෙතුකාමස්ස අදූහලං කාරුඤ්ඤෙන උක්ඛිපතො භණ්ඩදෙය්යං, ථෙය්යචිත්තෙන පාරාජිකං. සචෙ උක්ඛිත්තමත්තෙ අගන්ත්වා පච්ඡා ගච්ඡති, භණ්ඩදෙය්යමෙව. උක්ඛිපිත්වා ඨපිතං අදූහලං පාතෙති, පච්ඡා සූකරො තං මද්දන්තො ගච්ඡති, භණ්ඩදෙය්යං. ඔපාතෙ පතිතසූකරම්පි කාරුඤ්ඤෙන උද්ධරතො භණ්ඩදෙය්යං, ථෙය්යචිත්තෙන පාරාජිකං. ඔපාතං පූරෙත්වා නාසෙති, පච්ඡා සූකරො තං මද්දන්තො ගච්ඡති, භණ්ඩදෙය්යං. සූලෙ විද්ධං කාරුඤ්ඤෙන උද්ධරති, භණ්ඩදෙය්යං, ථෙය්යචිත්තෙන පාරාජිකං. සූලං උද්ධරිත්වා ඡඩ්ඩෙති, භණ්ඩදෙය්යං.
යමෙක්වනාහි ශක්තිය ලබා පලායන්නේයයි සිතා කෑමද පැන්ද දී යේද, ඌරා පලා යේනම් භණ්ඩදෙය්‍ය වේ. පාසය දුබලකොට යන්නහුටද මේනයම වේ. පාසය කපා හළකල්හි හෝ දාගිය කල්හි පලායන්නේයයි සිතා පාසය සමීපයෙහි ආයුධයක් හෝ ගින්නක් හෝ තබාද ඌරා පාසය සොලවන්නේ සිඳුනුකල්හි හෝ දැවුනුකල්හි පලායේද, භණ්ඩදෙය්යම වේ. පාසය යටයසමග බිම හෙළාද, ඌරා පසුව පාසය මඩිමින් යේද, භණ්ඩදය්ය වේ. ඌරා යන්ත්රපාෂාණයන්ගෙන් මැඩුනේ, යටවුයේවේ ඒ ඌරා පලවාහරිනු කැමැතිව යන්ත්රපාෂාණය කුඑණු සිතින් ඔසවන්නහුට භණ්ඩදෙය්‍ය වේ. සොරසිතින් ඔසවන්නහුට පාරාජිකය වේ. ඉදින් යන්ත්‍රයෙහි යෙදූගල එසවූ ඇසිල්ලෙහි පලානොගොස් පසුවයේද, භණ්ඩදෙය්යම වේ. සොරසිතින් ඔසවන්නහුට පාරාජිකය වේ. ඉදින් යන්ත්‍රයෙහි යෙදූගල එසවූ ඇසිල්ලෙහි පලානොගොස් පසුවයේද, භණ්ඩදෙය්යම වේ. ඔසවා තුබූ යන්ත්රපාෂාණය බිම හෙළාද, ඌරා පසුව එය මඩිමින් යේද, භණ්ඩදෙය්‍ය වේ. වළෙහි වැටුනු ඌරෙකුද කුළුණු සිතින් නගාගන්නහුට භණ්ඩදෙය්‍ය වේ. වළෙහි සොරසිතින් නගන්නහුට පාරාජිකය වේ. වළපුරවා නසාද ඌරා පසුව එය මඩමින්යේද, භණ්ඩදෙය්‍ය වේ. උලක ඇවුණුනු ඌරකු කුළුණු සිතින් එයින් නගාද, භණ්ඩදෙය්‍ය වේ. සොරසිතින් නගානම් පාරාජිකය වේ. උල උදුරාදමාද, භණ්ඩදෙය්‍ය වේ.
විහාරභූමියං පන පාසෙ වා අදූහලං වා ඔඩ්ඩෙන්තා වාරෙතබ්බා – “මිගරූපානං පටිසරණට්ඨානමෙතං, මා ඉධ එවං කරොථා”ති. සචෙ “හරාපෙථ, භන්තෙ”ති වදන්ති, හරාපෙතුං වට්ටති. අථ සයං හරන්ති, සුන්දරමෙව. අථ නෙව හරන්ති, න හරිතුං දෙන්ති, රක්ඛං යාචිත්වා හරාපෙතුං වට්ටති. මනුස්සා සස්සරක්ඛණකාලෙ ඛෙත්තෙසු පාසෙ ච අදූහලපාසාණාදීනි ච කරොන්ති – “මංසං ඛාදන්තා සස්සානි රක්ඛිස්සාමා”ති. වීතිවත්තෙ සස්සකාලෙ තෙසු අනාලයෙසු පක්කන්තෙසු තත්ථ බද්ධං වා පතිතං වා මොචෙතුං වට්ටතීති.
විහාරය අවට වනබිමෙහි මළපුඩු හෝ යන්ත්‍ර පාෂාණයක් හෝ අටවන්නාහු ‘මුවන්ට මේ පිළිසරණ තැනකි, මෙහි මෙසේ නොකරවු’යි වැළැක්විය යුත්තාහ. ඉදින් ‘ස්වාමීනි! පහකරහු’යි කියත්නම් පහකිරීම වටියි. එකල්හි තුමූ පහකෙරෙත්නම් යහපත්මය. නොම පහකෙරෙත්නම්, පහකරන්නට නොදෙත්නම්, රාජරාජමහා ඇමැති ආදීන් වෙත ගොස් නොඋදෙසා රැකවල ඉල්ලාගෙන පහකරවීම සුදුසු වේ. මිනිස්සු ගොයම් රක්නා කාලයෙහි මස්කමින් ගොයම් රකින්නෙමුයි කුඹුරුවල පාසද යන්ත්රපාෂාණද අටවන්නාහුය. ගොයම් කාලය ඉක්මගියකල්හි ආලය රහිතව ඔවුන් ගිය කල්හි එහි බැඳුනවුන් හෝ වැටුනවුන් මුදාහැරීම වරද නොවේ.
මිගවත්ථුද්වයෙපි සූකරවත්ථූසු වුත්තසදිසොයෙව විනිච්ඡයො.
මෘගවස්තු දෙක්හිද - සූකර වස්තූන්හි කියනලද්ද සමානවූම විනිශ්චය වේ.
මච්ඡවත්ථුද්වයෙපි එසෙව නයො. අයං පන විසෙසො – කුමීනමුඛං විවරිත්වා වා පච්ඡාපුටකං මුඤ්චිත්වා වා පස්සෙන ඡිද්දං කත්වා වා කුමීනතො මච්ඡෙ පොථෙත්වා පලාපෙන්තස්ස පාරාජිකං. භත්තසිත්ථානි දස්සෙත්වා එවං පලාපෙන්තස්සාපි පාරාජිකං. සහ කුමීනෙන උද්ධරතොපි පාරාජිකං. කෙවලං කුමීනමුඛං විවරති, පච්ඡාපුටකං මුඤ්චති, ඡිද්දං වා කරොති, මච්ඡා පන අත්තනො ධම්මතාය පලායන්ති, භණ්ඩදෙය්යං. එවං කත්වා භත්තසිත්ථානි දස්සෙති, මච්ඡා ගොචරත්ථාය නික්ඛමිත්වා පලායන්ති, භණ්ඩදෙය්යමෙව. මුඛං අවිවරිත්වා පච්ඡාපුටකං අමුඤ්චිත්වා පස්සෙන ඡිද්දං අකත්වා කෙවලං භත්තසිත්ථානි දස්සෙති, මච්ඡා පන ඡාතජ්ඣත්තා සීසෙන පහරිත්වා ඔකාසං කත්වා ගොචරත්ථාය නික්ඛමිත්වා පලායන්ති, භණ්ඩදෙය්යමෙව. තුච්ඡකුමීනස්ස මුඛං වා විවරති, පච්ඡාපුටකං වා මුඤ්චති, ඡිද්දං වා කරොති, ආගතාගතා මච්ඡා ද්වාරං පත්තා පුටකඡිද්දෙහි පලායන්ති, භණ්ඩදෙය්යමෙව. තුච්ඡකුමීනං ගහෙත්වා ගුම්බෙ ඛිපති, භණ්ඩදෙය්යමෙවාති. යානෙ භණ්ඩං පීඨෙ ථවිකාය සදිසං.
මත්ස්යවස්තු දෙක්හිද මේනයම වේ. මේ මතු කියන්නේ වෙනසය. කුමින තුළට මසුන් වදනා කුමින් මුව විවෘතකොට හෝ පසුව ගොටුව මුදා හෝ පසකින් සිදුරක් කොට හෝ මසුන් තළාපෙළා කුමිනෙන් පලවාහරින්නහුට පාරාජිකය වේ. බත්උළු පෙන්වා මෙසේ පලවා හරින්නහුටද පාරාජිකය වේ. කුමින සමග නගාගන්නහුටද පාරාජිකය වේ. හුදෙක් කුමිනෙහි මුව විවෘත කෙරේද, පසුව ගොටුව මුදාද, සිදුරක් හෝ කෙරේද, මත්ස්‍යයෝ තමන්ගේ පියවි ගතියෙන් පලායෙත්ද භණ්ඩදෙය්‍ය වේ. මෙසේ කොට බත්උළු දක්වාද, මත්ස්‍යයෝ ගොදුරු පිණිස නික්ම පලායෙත්ද භණ්ඩදෙය්යම වේ. මුව විවෘත නොකොට පසුව ගොටුව මුදා පසකින් සිදුරු නොකොට හුදෙක් බත්උළු දක්වාද, මත්ස්‍යයෝ බඩසයින් පෙළෙන බැවින් හිසින් පැහැර ඉඩ ලබාගෙන ගොදුරු පිණිස නික්ම පලායෙත්ද, භණ්ඩදෙය්යම වේ. හිස් කුමිනෙහි මුව හෝ විවෘත කෙරේද, පසුව ගොටුව හෝ මුදාද, සිදුරක් හෝ කෙරේද, ආ ආ මත්ස්‍යයෝ දොරකඩට පැමිණ ගොටුවෙහි කළ සිදුරෙන් පලායෙත්ද, භණ්ඩදෙය්යම වේ. හිස්කුමින ගෙන වනලැහැබක දමාද භණ්ඩදෙය්යම වේ. යානයෙහි තුමූ භාණ්ඩය පුටුවෙහි තුබූ පසුම්බිය සමාන වේ.
මංසපෙසිවත්ථුම්හි – සචෙ ආකාසෙ ගණ්හාති, ගහිතට්ඨානමෙව ඨානං. තං ඡහාකාරෙහි පරිච්ඡින්දිත්වා ඨානාචාවනං වෙදිතබ්බං. සෙසමෙත්ථ දාරුගොපාලකරජකසාටකවත්ථූසු ච අම්බචොරකාදිවත්ථූසු වුත්තනයෙන විනිච්ඡිනිතබ්බං.
මංසපෙසී වස්තුවෙහි - ඉදින් අහසෙහිදී ගණීද, ගත්තැනම තැන් වේ. එතැන සයයුරකින් පිරිසිඳීමෙන් ඨානාචාවනය දතයුත්තේය. මෙහි සෙස්ස දාරුගොපාලක - රජකසාටක වස්තූන්හිද අම්බචොරකාදි වස්තූන්හිද කියූනයින් විනිශ්චය කටයුතුය.
කුම්භිවත්ථුස්මිං – යො සප්පිතෙලාදීනි අපාදග්ඝනකානි ගහෙත්වා “න පුන එවං කරිස්සාමී”ති සංවරෙ ඨත්වා දුතියදිවසාදීසුපි පුන චිත්තෙ උප්පන්නෙ එවමෙව ධුරනික්ඛෙපං කත්වා පරිභුඤ්ජන්තො සබ්බම්පි තං පරිභුඤ්ජති, නෙවත්ථි පාරාජිකං. දුක්කටං වා ථුල්ලච්චයං වා ආපජ්ජති, භණ්ඩදෙය්යං පන හොති. අයම්පි භික්ඛු එවමෙවමකාසි. තෙන වුත්තං – “අනාපත්ති භික්ඛු පාරාජිකස්සා”ති. ධුරනික්ඛෙපං පන අකත්වා “දිවසෙ දිවසෙ පරිභුඤ්ජිස්සාමී”ති ථොකං ථොකම්පි පරිභුඤ්ජතො යස්මිං දිවසෙ පාදග්ඝනකං පූරති, තස්මිං පාරාජිකං.
කුම්භී වස්තුවෙහි යමෙක් පාදයක නොඅගින ගිතෙල් - තෙල්ආදිය ගෙන ‘නැවත මෙසේ නොකරන්නෙමි’යි සංවරයෙහි සිට දෙවන දවස් ආදියෙහිද නැවත සිත උපන්කල්හි එපරිද්දෙන්ම ධුරනිඃක්ෂෙපයකොට වළඳන්නේ සියල්ලම වළඳාද, පාරාජිකයක් නැත්තේය. දුක්කටයට හෝ ථුල්ලච්චයට පැමිණේ. භණ්ඩදෙය්‍ය වන්නේය. මේ මහණතෙමේද එපරිද්දෙන්ම කෙළේය. ‘අනාපත්ති භික්ඛු පාරාජිකස්ස’ යනු එහෙයින් වදාළ සේක. ධුරනිඃක්ෂෙය නොකොට දවසක් දවසක් පාසා වළඳන්නෙමියි එය ටික ටිකද ගෙන වළඳන්නහුට, යම්දවසක පාදයක් අගින ගිතෙල් තෙල් පිරීගියේද එකල්හි පාරාජිකය වේ.
සංවිදාවහාරවත්ථූනි සංවිදාවහාරෙ, මුට්ඨිවත්ථූනි ඔදනියඝරාදිවත්ථූසු ද්වෙ විඝාසවත්ථූනි අම්බචොරකාදිවත්ථූසු වුත්තවිනිච්ඡයනයෙන වෙදිතබ්බානි. ද්වෙ තිණවත්ථූනි උත්තානත්ථානෙව.
සංවිදාවහාර වස්තූහු සංවිදාවහාරයෙහි මුට්ඨි වස්තූහු ඔදනීයසරාදි වස්තූන්හි විඝාස වස්තු දෙක අම්බවොරකාදි වස්තූන්හි කියනලද විනිශ්චය නයින් දතයුතුය. තෘණවස්තු දෙක ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
අම්බභාජාපනාදිවත්ථූසු තෙ භික්ඛූ එකං ගාමකාවාසං පරිච්ඡින්නභික්ඛුකං අගමංසු. තත්ථ භික්ඛූ ඵලාඵලං පරිභුඤ්ජමානාපි තෙසු ආගතෙසු “ථෙරානං ඵලානි දෙථා”ති කප්පියකාරකෙ න අවොචුං. අථ තෙ භික්ඛූ “කිං සඞ්ඝිකං අම්හාකං න පාපුණාතී”ති ඝණ්ටිං පහරිත්වා භාජාපෙත්වා තෙසම්පි වස්සග්ගෙන භාගං දත්වා අත්තනාපි පරිභුඤ්ජිංසු. තෙන නෙසං භගවා “අනාපත්ති, භික්ඛවෙ, පරිභොගත්ථායා”ති ආහ. තස්මා ඉදානිපි යත්ථ ආවාසිකා ආගන්තුකානං න දෙන්ති, ඵලවාරෙ ච සම්පත්තෙ අඤ්ඤෙසං අත්ථිභාවං දිස්වා චොරිකාය අත්තනාව ඛාදන්ති, තත්ථ ආගන්තුකෙහි ඝණ්ටිං පහරිත්වා භාජෙත්වා පරිභුඤ්ජිතුං වට්ටති.
අම්බභාජාපනාදි වස්තූන්හි - ඒ භික්ෂූහු විසිතිස් ආදිවසයෙන් පිරිසිඳිනලද මහණුන් ඇති එක් ගමක ආවාසයකට ගියහ. එහි භික්ෂූහු කුදුමහත්පල අනුභව කරන්නාහුද ඔවුන් පැමිණි කල්හි ආගන්තුක තෙරුන්ට ගඩාගෙඩි ගෙනවුත් දෙව’යි කැපකරුවන්ට නොකීහ. එකල්හි ඒ භික්ෂූහු ‘කිම සඞ්ඝසන්තකය අපට නොපැමිණේදැ’යි ගෙඩිය ගසා බෙදවා ඔවුන්ටද වස්ගණනින් කොටසදී තුමූද අනුභව කළහ. එහෙයින් ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ ‘අනාපත්ති භික්ඛවෙ පරිභොගත්ථාය’ යනු වදාළ සේක. එහෙයින් දැනුදු යම්තැනක ආවාසික භික්ෂූහු ආගන්තුක භික්ෂූන්ට නොදෙත්ද, ඵලවාරය පැමිණි කල්හි අන්‍ය ආගන්තුක භික්ෂූන්ගේ අභාවය දැක සොරකමින් තුමූම අනුභව කෙරෙත්ද, එබඳු ආවාසයෙක්හි ආගන්තුක භික්ෂූන් විසින් ගෙඩිය ගසා බෙදවා අනුභව කිරීම සුදුසු වේ.
යත්ථ පන ආවාසිකා රුක්ඛෙ රක්ඛිත්වා ඵලවාරෙ සම්පත්තෙ භාජෙත්වා ඛාදන්ති, චතූසු පච්චයෙසු සම්මා උපනෙන්ති, අනිස්සරා තත්ථ ආගන්තුකා. යෙපි රුක්ඛා චීවරත්ථාය නියමෙත්වා දින්නා, තෙසුපි ආගන්තුකා අනිස්සරා. එසෙව නයො සෙසපච්චයත්ථාය නියමෙත්වා දින්නෙසුපි.
යම් ආවාසයෙක්හි වනාහි ආවාසික භික්ෂූහු පලරුක් රැකගෙන ඵලවාරය පැමිණි කල්හි බෙදා අනුව කෙරෙත්ද, අඹපල ආදිය විකුණවා සිවුපසයෙහිලා මොනවට එළවත්ද, ඒ ආවාසයෙහි ආගන්තුක භික්ෂූහු ඉසුරෝ නොවෙත්. යම් වෘක්ෂයක් සිවුරු පිණිස නියමකොට දෙන ලද්දේද, නියමකොට දුන්බැවින් ඒ වෘක්ෂයන්හිද ආගන්තුක භික්ෂූහු රුක්පෙල බෙදා අනුභව කිරීමෙහි ඉසුරෝ නොවෙත්. සෙසු ප්‍රත්‍යය පිණිස නියමකොට දෙන ලද වෘක්ෂයන්හිද මේනයම වේ.
යෙ පන තථා අනියමිතා, ආවාසිකා ච තෙ රක්ඛිත්වා ගොපෙත්වා චොරිකාය පරිභුඤ්ජන්ති, න තෙසු ආවාසිකානං කතිකාය ඨාතබ්බං. යෙ ඵලපරිභොගත්ථාය දින්නා, ආවාසිකාපි නෙ රක්ඛිත්වා ගොපෙත්වා සම්මා උපනෙන්ති, තෙසුයෙව තෙසං කතිකාය ඨාතබ්බං. මහාපච්චරියං පන වුත්තං – “චතුන්නං පච්චයානං නියමෙත්වා දින්නං ථෙය්යචිත්තෙන පරිභුඤ්ජන්තො භණ්ඩං අග්ඝාපෙත්වා කාරෙතබ්බො. පරිභොගවසෙනෙව තං භාජෙත්වා පරිභුඤ්ජන්තස්ස භණ්ඩදෙය්යං. යං පනෙත්ථ සෙනාසනත්ථාය නියමිතං, තං පරිභොගවසෙනෙව භාජෙත්වා පරිභුඤ්ජන්තස්ස ථුල්ලච්චයඤ්ච භණ්ඩදෙය්යඤ්චා”ති.
යම් වෘක්ෂ එසේ නියම නොකරණ ලද්දේද, ආවාසික භික්ෂූහුද ඒ වෘක්ෂ රැකබලාගෙන ගොපනයකොට සොරකමින් අනුභව කෙරෙත්ද, ඒ වෘක්ෂයන්හි ආවාසික භික්ෂූන්ගේ කතිකාවෙහි නොසිටිය යුතුය. යම් වෘක්ෂයක් ඵල පරිභොගය පිණිස දෙන ලද්දේද, ආවාසිකයෝද ඒ වෘක්ෂ රැකබලාගෙන ගොපනයකොට මනාකොට එළවත්ද ඒ වෘක්ෂයන් කෙරෙහි ඒ ආවාසිකයන්ගේ කතිකාවෙහි සිටිය යුතුය. මහාපච්චරියෙහි වනාහි සිවුපසය පිණිස නියමකොට දෙනලද්ද සොරසිතින් අනුභව කරන්නේ භාණ්ඩය අගය කරවා කරවිය යුතුය. පරිභොග වසයෙන්ම එය බෙදා අනුභව කරන්නහුට භණ්ඩදෙය්‍ය වේ. මෙහි යමක් සෙනසුන් පිණිස නියමකරන ලද්දේද, එය පරිභොග වසයෙන්ම බෙදා අනුභව කරන්නහුට ථුල්ලච්චය හා භණ්ඩදෙය්යයි කියන ලද්දේය.
ඔදිස්ස චීවරත්ථාය දින්නං චීවරෙයෙව උපනෙතබ්බං. සචෙ දුබ්භික්ඛං හොති, භික්ඛූ පිණ්ඩපාතෙන කිලමන්ති, චීවරං පන සුලභං, සඞ්ඝසුට්ඨුතාය අපලොකනකම්මං කත්වා පිණ්ඩපාතෙපි උපනෙතුං වට්ටති. සෙනාසනෙන ගිලානපච්චයෙන වා කිලමන්තෙසු සඞ්ඝසුට්ඨුතාය අපලොකනකම්මං කත්වා තදත්ථායපි උපනෙතුං වට්ටති. ඔදිස්ස පිණ්ඩපාතත්ථාය ගිලානපච්චයත්ථාය ච දින්නෙපි එසෙව නයො. ඔදිස්ස සෙනාසනත්ථාය දින්නං පන ගරුභණ්ඩං හොති, තං රක්ඛිත්වා ගොපෙත්වා තදත්ථමෙව උපනෙතබ්බං. සචෙ පන දුබ්භික්ඛං හොති, භික්ඛූ පිණ්ඩපාතෙන න යාපෙන්ති. එත්ථ රාජරොගචොරභයාදීහි අඤ්ඤත්ථ ගච්ඡන්තානං විහාරා පලුජ්ජන්ති, තාලනාළිකෙරාදිකෙ විනාසෙන්ති, සෙනාසනපච්චයං පන නිස්සාය යාපෙතුං සක්කා හොති. එවරූපෙ කාලෙ සෙනාසනං විස්සජ්ජෙත්වාපි සෙනාසනජග්ගනත්ථාය පරිභොගො භගවතා අනුඤ්ඤාතො. තස්මා එකං වා ද්වෙ වා වරසෙනාසනානි ඨපෙත්වා ඉතරානි ලාමකකොටියා පිණ්ඩපාතත්ථාය විස්සජ්ජෙතුං වට්ටති. මූලවත්ථුච්ඡෙදං පන කත්වා න උපනෙතබ්බං .
උදෙසා සිවුරු පිණිසම දුන්දෙය සිවුරු පිණිසම එළවිය යුතුය. ඉදින් දුර්භික්ෂයක් වේනම් භික්ෂූහු පිණ්ඩපාතයෙන් වෙහෙසට පත්වෙත්නම් සිවුරු වනාහි සුලභවේනම් සඞ්ඝයාගේ යහපත පිණිස අපලොකකර්මයකොට පිණ්ඩපාතයෙහිද එළවීම වරදක් නොවේ. සෙනසුනෙන් හෝ ගිලන්පසින් හෝ වෙහෙසට පත්වන කල්හි සඞ්ඝයාගේ යහපත පිණිස අපලොකනකර්මයකොට ඒ පිණිසද එළවීම වටියි. පිණ්ඩපාතය පිණිසද ගිලන්පස පිණිසද නියමකොට දෙන ලද්දෙහිද මේනයම වේ. සෙනසුන් පිණිස උදෙසා දෙනලද්ද වනාහි ගරුභාණ්ඩයක්වේද, එය රක්ෂාකොට ගොපනයකොට ඒ පිණිසම එළවිය යුතුය. ඉදින්වනාහි දුර්භික්ෂයක්වේනම්, භික්ෂූහුද පිණ්ඩපාතයෙන් නොයැපෙත්ද, මේ විහාරයෙහි නොහොත් විහාරය පිහිටි පෙදෙසෙහි රාජරොගචොරභයාදිය හේතුකොට අන්තැනක යන්නවුන්ගේ විහාරය නැසීයයිද, තල් පොල් ආදිය වනසත්ද, සෙනසුන්පසය නිසා යැපෙන්නට හැකිවේද, මෙබඳු කාලයෙහි සෙනසුන හැරදමාද, සෙනසුන් පිළිදැගුම් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් පරිභොගය අනුදන්නා ලද්දේය. එහෙයින් එකක් හෝ දෙකක් උතුම් සෙනසුන් තබා අන්සෙනසුන් පහත් සෙනසුන පටන් පිණ්ඩපාතය පිණිස හැරීම සුදුසු වේ. මූලවස්තුච්ඡෙදයකොට නොඑළවිය යුතුය.
යො පන ආරාමො චතුප්පච්චයත්ථාය නියමෙත්වා දින්නො, තත්ථ අපලොකනකම්මං න කාතබ්බං. යෙන පන පච්චයෙන ඌනං, තදත්ථං උපනෙතුං වට්ටති. ආරාමො ජග්ගිතබ්බො, වෙතනං දත්වාපි ජග්ගාපෙතුං වට්ටති. යෙ පන වෙතනං ලභිත්වා ආරාමෙයෙව ගෙහං කත්වා වසන්තා රක්ඛන්ති, තෙ චෙ ආගතානං භික්ඛූනං නාළිකෙරං වා තාලපක්කං වා දෙන්ති, යං තෙසං සඞ්ඝෙන අනුඤ්ඤාතං හොති – “දිවසෙ දිවසෙ එත්තකං නාම ඛාදථා”ති තදෙව තෙ දාතුං ලභන්ති; තතො උත්තරි තෙසං දදන්තානම්පි ගහෙතුං න වට්ටති.
යම් ආරාමයක් වනාහි සිවුපසය පිණිස නියමකොට දෙන ලද්දේද, එහි අපලොකනකර්මය කරවිය යුතුය. යම් ප්රත්යයකින් අඩුවක්වේද, ඒපිණිස එළවිය හැකිය. ආරාමය පිළිදැගිය යුතුය. වැටුප්දීද, පිළිදැග්ගවීම වටියි. යම්කෙනෙක් වනාහි වැටුප් ලබා ආරාමයෙහිම ගෙයක්කොට වසන්නාහු රකිත්ද, ඉදින් ඔවුහු ආවා වූ භික්ෂූන්ට පොල්පල හෝ තල්පල දෙත්ද, සඞ්ඝයා විසින් ‘දවසක් දවසක් පාසා මෙපමණ අනුභව කරවු’යි ඔවුන්ට යමක් අනුදන්නා ලද්දේවේද, ඒම ඔවුහු දෙන්නට ලබත්. ඔවුන් එයින් වැඩියක් දෙනකල්හි ගැනීම නොවටියි.
යො පන ආරාමං කෙණියා ගහෙත්වා සඞ්ඝස්ස චතුප්පච්චයත්ථාය කප්පියභණ්ඩමෙව දෙති, අයං බහුකම්පි දාතුං ලභති. චෙතියස්ස පදීපත්ථාය වා ඛණ්ඩඵුල්ලපටිසඞ්ඛරණත්ථාය වා දින්නො ආරාමොපි පටිජග්ගිතබ්බො; වෙතනං දත්වාපි ජග්ගාපෙතබ්බො. වෙතනඤ්ච පනෙත්ථ චෙතියසන්තකම්පි සඞ්ඝසන්තකම්පි දාතුං වට්ටති. එතම්පි ආරාමං වෙතනෙන තත්ථෙව වසිත්වා රක්ඛන්තානඤ්ච කෙණියා ගහෙත්වා කප්පියභණ්ඩදායකානඤ්ච තත්ථ ජාතකඵලදානං වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
යමෙක් වනාහි ආරාමය මිලයෙන් බදුගෙන සඞ්ඝයාහට සිවුපසය පිණිස කැප භාණ්ඩයක්ම දේද, මෙතෙමේ මෙයට වඩා බොහෝ දෙයක් දෙන්නට ලබයි. සෑයට පහන් පිණිස හෝ කැඩුම් බිඳුම් පිළිසකර කිරීම පිණිස හෝ දුන් ආරාමයද පිළිදැගිය යුතුය. වැටුප් දීද පිළිගුදැම් කරවිය යුතුය. මෙහි වැටුප් සෑසතුවූයේද සඟසතුවූයේද දීමෙහි වරද නැත. මේ ආරාමයද වැටුපෙන් එහිම වැස රකින්නවුන්ගේද, මිලයට බදුගෙන කැපබඩු දෙන්නවුන්ගේද එහි හටගත් ඵලදීමද කියූ නයින්ම දතයුතුය.
අම්බපාලකාදිවත්ථූසු – අනාපත්ති, භික්ඛවෙ, ගොපකස්ස දානෙති එත්ථ කතරං පන ගොපකදානං වට්ටති, කතරං න වට්ටතීති? මහාසුමත්ථෙරො තාව ආහ – “යං ගොපකස්ස පරිච්ඡින්දිත්වා දින්නං හොති – ‘එත්තකං දිවසෙ දිවසෙ ගණ්හා’ති තදෙව වට්ටති; තතො උත්තරි න වට්ටතී”ති. මහාපදුමත්ථෙරො පනාහ – “කිං ගොපකානං පණ්ණං ආරොපෙත්වා නිමිත්තසඤ්ඤං වා කත්වා දින්නං අත්ථි, එතෙසං හත්ථෙ විස්සට්ඨකස්ස එතෙ ඉස්සරා, තස්මා යං තෙ දෙන්ති තං බහුකම්පි වට්ටතී”ති. කුරුන්දට්ඨකථායං පන වුත්තං – “මනුස්සානං ආරාමං වා අඤ්ඤං වා ඵලාඵලං දාරකා රක්ඛන්ති, තෙහි දින්නං වට්ටති . ආහරාපෙත්වා පන න ගහෙතබ්බං. සඞ්ඝිකෙ පන චෙතියසන්තකෙ ච කෙණියා ගහෙත්වා රක්ඛන්තස්සෙව දානං වට්ටති. වෙතනෙන රක්ඛන්තස්ස අත්තනො භාගමත්තං වට්ටතී”ති. මහාපච්චරියං පන “යං ගිහීනං ආරාමරක්ඛකා භික්ඛූනං දෙන්ති, එතං වට්ටති. භික්ඛුසඞ්ඝස්ස පන ආරාමගොපකා යං අත්තනො භතියා ඛණ්ඩෙත්වා දෙන්ති, එතං වට්ටති. යොපි උපඩ්ඪාරාමං වා කෙචිදෙව රුක්ඛෙ වා භතිං ලභිත්වා රක්ඛති, තස්සාපි අත්තනො පත්තරුක්ඛතොයෙව දාතුං වට්ටති. කෙණියා ගහෙත්වා රක්ඛන්තස්ස පන සබ්බම්පි වට්ටතී”ති වුත්තං. එතං පන සබ්බං බ්යඤ්ජනතො නානං, අත්ථතො එකමෙව; තස්මා අධිප්පායං ඤත්වා ගහෙතබ්බං.
අම්බපාලකාදි වස්තුන්හි - ‘අනාපත්ති භික්ඛවෙ ගොපකස්ස දානෙ’ මෙහි ගොපකයාහට කවර තරම් දීමක් වටීද, කවර තරම් දීමක් නොවටීදයත්: මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ වනාහි ගොපකයාහට දවසක් දවසක් පාසා මෙපමණ ගනුවයි යමක් පිරිසිඳ දෙන ලද්දේද, එයම වටියි, එයින් වැඩියක් නොවටීයයි කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි ‘කිම? ගොපකයන්ට මෙපමණ රුකෙන් මෙපමණ ගතයුතුය’යි දැක්වූ බැවින් පතක ලියා හෝ සලකුණුකොට දෙනලද යමක් ඇත්තේද, මොවුන්ගේ අතෙහි ඒ හරණලද දෙයට මොවුහු අධිපති වෙත්. එහෙයින් ඔවුහු යමක් දෙත්ද, එය බොහෝවුවද වටීයයි කීහ. කුරුන්දි අටුවාවෙහි වනාහි මිනිසුන්ගේ ආරාමයක් හෝ අකිසි ඵලාඵලයක් හෝ ඔවුන්ගේ දරුමුනුබුරු ආදීහු අන්කිසි කෙනෙක් හෝ රකිත්ද, එහෙයින් ඔවුන් විසින් දෙන ලද්ද වටියි. ගෙන්වා නොගත යුතුය. සඟසතුයෙහිද සෑසතුයෙහිද මිලට බඳුගෙන රකින්නහුගේම දීම වටියි. වැටුපෙන් රකින්නහු තමන්ගේ කොටස පමණක් දීම වටීයයි කියන ලදී. මහාපච්චරියෙහි වනාහි ගිහියන්ගේ අරම් රකින්නෝ භික්ෂූන්ට යමක් දෙත්ද, එය වටියි. ආරාමගොපකයෝ තමන්ගේ බැලයෙන් භික්ෂු සඞ්ඝයාහට යමක් වෙන්කොට දෙත්නම් එය වටියි. යමෙක් ආරාමයක අඩක් හෝ ගස්කොළන් කිසිවක් හෝ බැලය ලබා රකීද, ඔහුටද තමන්ට පැමිණි රුකෙන්ම යමක් දීම වටියි. මිලයට බදුගෙන රකින්නහුට සියල්ලම වටීයයි කියන ලදී. මේ සියල්ල වනාහි අක්ෂර වශයෙන් වෙනස් වේ. අර්ත්ථ වශයෙන් එකෙක්මය. එහෙයින් අදහස් දැනගත යුතුය.
දාරුවත්ථුම්හි – තාවකාලිකො අහං භගවාති තාවකාලිකචිත්තො අහං භගවාති වත්තුකාමෙන වුත්තං, තාවකාලිකචිත්තොති “පුන ආහරිත්වා දස්සාමී”ති එවංචිත්තො අහන්ති වුත්තං හොති. භගවා “තාවකාලිකෙ අනාපත්තී”ති ආහ.
දාරු වස්තුවෙහි - ‘තාවකාලිකො අහං භගවා’ ‘භාග්‍යවතුන් වහන්ස! මම තවුකැලි සිත් ඇතියෙමි’යි කියනු කැමැත්තහු විසින් කියන ලදී. ‘තාවකාලිකචිත්තො’ ‘නැවත ගෙනවුත් දෙන්නෙමි’යි මම මෙසේ සිත් ඇතියෙමියි කියන ලද්දේ වේ. භාග්‍යවතුන් වහන්සේ ‘තාවකාලිකෙ අනාපත්ති’යි වදාළ සේක.
අයං පනෙත්ථ පාළිමුත්තකවිනිච්ඡයො – සචෙ සඞ්ඝො සඞ්ඝිකං කම්මං කාරෙති උපොසථාගාරං වා භොජනසාලං වා, තතො ආපුච්ඡිත්වා තාවකාලිකං හරිතබ්බං. යො පන සඞ්ඝිකො දබ්බසම්භාරො අගුත්තො දෙවෙ වස්සන්තෙ තෙමෙති, ආතපෙන සුක්ඛති, තං සබ්බම්පි ආහරිත්වා අත්තනො ආවාසෙ කාතුං වට්ටති. සඞ්ඝො ආහරාපෙන්තො අඤ්ඤෙන වා දබ්බසම්භාරෙන මූලෙන වා සඤ්ඤාපෙතබ්බො. න සක්කා චෙ හොති සඤ්ඤාපෙතුං, “සඞ්ඝිකෙන, භන්තෙ, කතං සඞ්ඝිකපරිභොගෙන වළඤ්ජථා”ති වත්තබ්බං. සෙනාසනස්ස පන අයමෙව භික්ඛු ඉස්සරො. සචෙපි පාසාණත්ථම්භො වා රුක්ඛත්ථම්භො වා කවාටං වා වාතපානං වා නප්පහොති, සඞ්ඝිකං තාවකාලිකං ආහරිත්වා පාකතිකං කාතුං වට්ටති. එස නයො අඤ්ඤෙසුපි දබ්බසම්භාරෙසූති.
මේවනාහි මෙහි පාලිමුක්තක විනිශ්චය වේ: ඉදින් සඞ්ඝතෙමේ පොහෝගෙයක් හෝ බොජුන්හලක් හෝ යන සඞ්ඝයාහට හිතවූ කර්මාන්තයක් කරවාද කාරකසඞ්ඝයා විචාරා ඒ දැවදඬුවලින් යමක් ඒ පිණිස තාවකාලිකව ගෙනයා යුතුය. සඞ්ඝයාට අයත්වූ යම් ද්‍රව්‍ය සමූහයක් නොරක්නා ලද්දේවේද, වැසි වස්නාකල්හි තෙමීයේද, අව්වෙන් වියලේද, ඒ සියල්ලම නොවිචාරද තාවකාලිකව ගෙනවුත් තමන්ගේ ආවාසයෙහි තැබිය යුතුය. සඞ්ඝතෙමේ ගෙන්වන්නේ නම් අන්‍ය වූ ද්රව්යසමූහයකින් හෝ මිලයකින් දැන්විය යුතුය. සඞ්ඝතෙමේ නොගෙන්වනුයේද, ‘මෙසේ ද්රව්යසම්භාරය දියයුත්තේය’යි හඟවන්නට නොහැක්කේනම් ‘ස්වාමීනි! සඞ්ඝයාහට අයත් ද්‍රව්‍යයෙන් මෙය කරණ ලද්දේය. එහෙයින් සඞ්ඝ පරිභොගයෙන් වළඳනු මැනවයි කියයුතුය. මේ මහණතෙමේම සෙනසුනට අධිපති වේ. ඉදින් පහන්ටැඹක් රුක්ටැඹක් හෝ කවුළුවකට හෝ ජනේලයකට හෝ නොපොහොනේද සඞ්ඝයාහට අයත් වූ ද්‍රව්‍ය තාවකාලිකව ගෙනවුත් ප්‍රකෘතිමත් කිරීම වටියි. අන්‍යවූ ද්රව්යසම්භාරයෙහිද මේනයම වේ.
උදකවත්ථුස්මිං – යදා උදකං දුල්ලභං හොති, යොජනතොපි අඩ්ඪයොජනතොපි ආහරීයති, එවරූපෙ පරිග්ගහිතඋදකෙ අවහාරො. යතොපි ආහරිමතො වා පොක්ඛරණීආදීසු ඨිතතො වා කෙවලං යාගුභත්තං සම්පාදෙන්ති, පානීයපරිභොගඤ්ච කරොන්ති, න අඤ්ඤං මහාපරිභොගං, තම්පි ථෙය්යචිත්තෙන ගණ්හතො අවහාරො. යතො පන එකං වා ද්වෙ වා ඝටෙ ගහෙත්වා ආසනං ධොවිතුං, බොධිරුක්ඛෙ සිඤ්චිතුං උදකපූජං කාතුං, රජනං පචිතුං ලබ්භති, තත්ථ සඞ්ඝස්ස කතිකවසෙනෙව පටිපජ්ජිතබ්බං. අතිරෙකං ගණ්හන්තො, මත්තිකාදීනි වා ථෙය්යචිත්තෙන පක්ඛිපන්තො භණ්ඩං අග්ඝාපෙත්වා කාරෙතබ්බො.
උදක වස්තුවෙහි - යම්කලෙක ජලය දුර්ලභවේද, එකල්හි යොදුනකින් හෝ අඩ යොදුනකින් ඈත සිට හෝ ජලය ගෙන එනු ලැබේ, එබඳු වූ පරිගෘහිත ජලයෙහි අවහාරය වේ. යම්තැනකින් ගෙන ආ ජලයෙන් හෝ පොකුණු ආදියෙහි සිටි ජලයෙන් හෝ හුදෙක් කැඳ බත් පිළියෙල කරත්ද, පානීයපරිභොගය කරත්ද, අන්‍යවූ මහත් පරිභොගයක් නොකරත්ද, ඒ ජලයද සොරසිතින් ගන්නහුට අවහාරය වේ. යම්තැනකින් පැන්කළ එකක් හෝ දෙකක් හෝ ගෙන අසුන් සේදීමට බෝරුකෙහි ඉසීමට උදකපූජා කිරීමට පඬු පිසීමට ලැබේද, එහිදී සඞ්ඝයාගේ කතිකා වසයෙන්ම පිළිපැදිය යුතුය. වැඩියක් ගන්නේ සොරසිතින් මැටිඇදිය බහන්නේ භාණ්ඩය අගය කරවා කරවිය යුතුය.
සචෙ ආවාසිකා කතිකවත්තං දළ්හං කරොන්ති, අඤ්ඤෙසං භණ්ඩකං ධොවිතුං වා රජිතුං වා න දෙන්ති, අත්තනා පන අඤ්ඤෙසං අපස්සන්තානං ගහෙත්වා සබ්බං කරොන්ති, තෙසං කතිකාය න ඨාතබ්බං. යත්තකං තෙ ධොවන්ති, තත්තකං ධොවිතබ්බං. සචෙ සඞ්ඝස්ස ද්වෙ තිස්සො පොක්ඛරණියො වා උදකසොණ්ඩියො වා හොන්ති, කතිකා ච කතා “එත්ථ න්හායිතබ්බං, ඉතො පානීයං ගහෙතබ්බං, ඉධ සබ්බපරිභොගො කාතබ්බො”ති. කතිකවත්තෙනෙව සබ්බං කාතබ්බං. යත්ථ කතිකා නත්ථි, තත්ථ සබ්බපරිභොගො වට්ටතීති.
ඉදින් ආවාසිකයෝ කතිකාවත දැඩිකරත්ද, අන්හට භාණ්ඩයක් සෝදන්නට රඳන් කරන්නට නොදෙත්ද, අන්හු නොදක්නා කල්හි ගෙන තුමූ සියල්ල කරත්ද, ඔවුන්ගේ කතිකාවෙහි නොසිටිය යුතුය. ඔවුහු යම් පමණ සෝදත්ද, එපමණ සේදිය යුතුය. ඉදින් සඞ්ඝයාහට පොකුණු දෙකතුනක් හෝ ගල්පොකුණු දෙකතුනක් හෝ වේද, ‘මෙහි ස්නානය කළ යුතුය. මෙයින් පැන් ගතයුතුය. මෙහි සියලු පරිභොගය කටයුතුයයි කතිකා කරණ ලද්දේද, කතිකාවතින්ම සියල්ල කටයුතුය. යම්තැනක කතිකා නැත්තේද, එහි සියලු පරිභොගය වටීයයි දතයුතුය.
මත්තිකාවත්ථුස්මිං – යත්ථ මත්තිකා දුල්ලභා හොති, නානප්පකාරා වා වණ්ණමත්තිකා ආහරිත්වා ඨපිතා, තත්ථ ථොකාපි පඤ්චමාසකං අග්ඝති, තස්මා පාරාජිකං. සඞ්ඝිකෙ පන කම්මෙ චෙතියකම්මෙ ච නිට්ඨිතෙ සඞ්ඝං ආපුච්ඡිත්වා වා තාවකාලිකං වා ගහෙතුං වට්ටති. සුධායපි චිත්තකම්මවණ්ණෙසුපි එසෙව නයො.
මත්තිකා වස්තුවෙහි - යම්තැනක මැටි දුර්ලභවේද, නන්අයුරු පැහැති මැටි හෝ ගෙනවුත් තබන ලදද, එහි මදක් නමුත් මැටි පස්මස්සක් අගීද, එහෙයින් පාරාජිකය වේ. සඞ්ඝකර්‍ම හා චෛත්‍ය කර්මද නිමිකල්හි සඞ්ඝයා විචාරා තාවකාලික වසයෙන් හෝ ගැනීම වටියි. සුණුපිරියම්හිද සිත්කම් පැහැයෙහිද මේනයම වේ.
තිණවත්ථූසු – ඣාපිතතිණෙ ඨානාචාවනස්ස අභාවා දුක්කටං, භණ්ඩදෙය්යං පන හොති. සඞ්ඝො තිණවත්ථුං ජග්ගිත්වා සඞ්ඝිකං ආවාසං ඡාදෙති, පුන කදාචි ජග්ගිතුං න සක්කොති, අථඤ්ඤො එකො භික්ඛු වත්තසීසෙන ජග්ගති, සඞ්ඝස්සෙවෙතං. නො චෙ ජග්ගති, සඞ්ඝෙනෙකො භික්ඛු වත්තබ්බො “ජග්ගිත්වා දෙහී”ති. සො චෙ භාගං ඉච්ඡති, භාගං දත්වාපි ජග්ගාපෙතබ්බං. සචෙ භාගං වඩ්ඪෙති, දාතබ්බමෙව. වඩ්ඪෙතියෙව, “ගච්ඡ ජග්ගිත්වා සබ්බං ගහෙත්වා අත්තනො සන්තකං සෙනාසනං ඡාදෙහී”ති වත්තබ්බො. කස්මා? නට්ඨෙ අත්ථො නත්ථි. දදන්තෙහි පන සවත්ථුකං න දාතබ්බං , ගරුභණ්ඩං හොති; තිණමත්තං පන දාතබ්බං. තස්මිං චෙ ජග්ගිත්වා අත්තනො සෙනාසනං ඡාදෙන්තෙ පුන සඞ්ඝො ජග්ගිතුං පහොති, “ත්වං මා ජග්ගි, සඞ්ඝො ජග්ගිස්සතී”ති වත්තබ්බොති.
තෘණ වස්තූන්හි - දැවූ තෘණයෙහි ඨානාචාවනයාගේ අභාවයෙන් දුක්කටය වේ. භණ්ඩදෙය්‍ය වනාහි වන්නේ වේ. සඞ්ඝතෙමේ තණවත්තක් සංස්කරණය කොට සඞ්ඝික ආවාසයක වසයි. නැවත කිසිකලෙකත් දැගුම් කරන්නට නොහැකි වේ. එකල්හි අන් මහණෙක්තෙමේ වත්හිසින් දැගුම් කරයි. මෙය සඞ්ඝයාගේම වේ. ඉදින් දැගුම් නොකෙරේනම්, සඞ්ඝයා විසින් ‘දැගුම් කොට දෙව’යි එක් මහණක්හට කියයුතුය. ඒ මහණතෙමේ කොටසක් ගන්නට කැමතිවේනම්, කොටසක් දීද දැගුම් කරවිය යුතුය. ඉදින් කොටස වඩා, දියයුතුමය. වඩාම නම් ‘යව, දැගුම්කොට සියල්ල ගෙන තමන්ගේ සෙනසුන වසාලව’යි කියයුතුය. කුමක් හෙයින්දයත්: නැසුනු කල්හි වැඩක් නැත්තේද, එහෙයිනි. දෙන්නහු විසින් වනාහි භූමිය සහිතව නොදිය යුතුය. ගරුභාණ්ඩය වේ. තණපමණක් දිය යුතුය. ඒ තණ අවුරුදු පතා දැගුම්කොට තමන්ගේ සෙනසුන වසනකල්හි නැවත සඞ්ඝතෙමේ දැගුම් කරන්නට පොහොනේද, ‘තෝ දැගුම් නොකරව, සඞ්ඝතෙමේ දැගුම් කරන්නේ’යයි කියයුතුය.
මඤ්චාදීනි සත්ත වත්ථූනි පාකටානෙව. පාළියං පන අනාගතම්පි පාසාණත්ථම්භං වා රුක්ඛත්ථම්භං වා අඤ්ඤං වා කිඤ්චි පාදග්ඝනකං හරන්තස්ස පාරාජිකමෙව. පධානඝරාදීසු ඡඩ්ඩිතපතිතානං පරිවෙණාදීනං කුට්ටම්පි පාකාරම්පි භින්දිත්වා ඉට්ඨකාදීනි අවහරන්තස්සාපි එසෙව නයො. කස්මා? සඞ්ඝිකං නාම කදාචි අජ්ඣාවසන්ති, කදාචි න අජ්ඣාවසන්ති. පච්චන්තෙ චොරභයෙන ජනපදෙ වුට්ඨහන්තෙ ඡඩ්ඩිතවිහාරාදීසු කිඤ්චි පරික්ඛාරං හරන්තස්සාපි එසෙව නයො. යෙ පන තතො තාවකාලිකං හරන්ති, පුන ආවසිතෙසු ච විහාරෙසු භික්ඛූ ආහරාපෙන්ති, දාතබ්බං. සචෙපි තතො ආහරිත්වා සෙනාසනං කතං හොති, තං වා තදග්ඝනකං වා දාතබ්බමෙව. “පුන ආවසිස්සාමා”ති ආලයං අච්ඡින්දිත්වා වුට්ඨිතෙසු ජනපදෙසු ගණසන්තකං වා පුග්ගලිකං වා ගහිතං හොති; තෙ චෙ අනුජානන්ති, පටිකම්මෙන කිච්චං නත්ථි. සඞ්ඝිකං පන ගරුභණ්ඩං, තස්මා පටිකම්මං කත්තබ්බමෙව.
මඤ්චාදී වූ වස්තුසත ප්‍රකටමය. පෙළෙහි නොදක්වන ලද්දාවූද ගල්ටැඹක් හෝ රුක්ටැඹක් හෝ පාදයක් අගින අන්කිසිවක් හෝ ගෙන යන්නහුට පාරාජිකයම වේ. ප්රදහනගෘහාදීන් අතුරෙහි හැරදැමූ වැටුන පිරිවෙන් ආදීන්ගේ බිත්තියක් හෝ පවුරක් බිඳ ගඩොල් ආදිය සොරකම් කරන්නහුටද මේනයම වේ. කුමක්හෙයින්දයත්: සඞ්සික විහාරයෙහි කිසිකලෙක වාසයකරත්. කිසි කලෙක වාසය නොකරත්. එහෙයිනි, ප්‍රත්‍යන්තයෙහි සොරබියෙන් ජනපදය හැරයන කල්හි හැරදැමූ විහාරාදියෙහිවූ කිසි පිරිකරක් ගන්නහුටද මේනයම වේ. යම්කෙනෙක් වනාහි ඒ හැරදැමූ විහාරයෙන් තාවකාලිකව යමක් ගෙනයෙත්ද, නැවත ආවාසිකයන් විහාරයන්හි වසන කල්හි භික්ෂූහු එය ගෙන්වත්ද දියයුතුය. ඉදින් ඒ හැරදැමූ විහාරයෙන් ගෙන අවුත් සෙනසුනක් කරන ලද්දේවේද ඒ ගෙනෙන ලද්ද හෝ එයට අගින යමක් හෝ දියයුතුය. ‘නැවත අවුත් වසන්නෙමු’යි ආලය නොසිඳ නොහැර දනවුවැස්සන් නැගීගිය කල්හි ගණසන්තකයක් හෝ පුද්ගලසන්තකයක් හෝ ගන්නා ලද්දේවේද, ඔවුහු අනුදනිත්නම් පිළියම් කිරීමෙන් වැඩක් නැත්තේය. සඞ්ඝිකය වනාහි ගරුභාණ්ඩයක් වේ. එහෙයින් ප්‍රතිකර්ම කටයුතුම වේ.
විහාරපරිභොගවත්ථු උත්තානත්ථමෙව.
විහාරපරිභොග වස්තුව ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
අනුජානාමි, භික්ඛවෙ, තාවකාලිකං හරිතුන්ති එත්ථ යො භික්ඛු සඞ්ඝිකං මඤ්චං වා පීඨං වා තාවකාලිකං හරිත්වා අත්තනො ඵාසුකට්ඨානෙ එකම්පි ද්වෙපි මාසෙ සඞ්ඝිකපරිභොගෙන පරිභුඤ්ජති, ආගතාගතානං වුඩ්ඪතරානං දෙති, නප්පටිබාහති , තස්ස තස්මිං නට්ඨෙපි ජිණ්ණෙපි චොරාවහටෙපි ගීවා න හොති. වසිත්වා පන ගච්ඡන්තෙන යථාඨානෙ ඨපෙතබ්බං. යො පන පුග්ගලිකපරිභොගෙන පරිභුඤ්ජති, ආගතාගතානං වුඩ්ඪතරානං න දෙති, තස්මිං නට්ඨෙ තස්ස ගීවා හොති. අඤ්ඤං පන ආවාසං හරිත්වා පරිභුඤ්ජන්තෙන සචෙ තත්ථ වුඩ්ඪතරො ආගන්ත්වා වුට්ඨාපෙති, “මයා ඉදං අසුකාවාසතො නාම ආහටං, ගච්ඡාමි, නං පාකතිකං කරොමී”ති වත්තබ්බං. සචෙ සො භික්ඛු “අහං පාකතිකං කරිස්සාමී”ති වදති, තස්ස භාරං කත්වාපි ගන්තුං වට්ටතීති සඞ්ඛෙපට්ඨකථායං වුත්තං.
‘අනුජානාමි භික්ඛවෙ තාවකාලිකං හරිතුං’ මෙහි යම් මහණෙක් සඞ්ඝසන්තකවූ ඇඳක් හෝ පුටුවක් හෝ තාවකාලිකව ගෙනගොස් තමාට පහසුතන්හි තබා එකක් දෙකක් මාස්පතා සඞ්ඝික පරිභොගයෙන් පරිභොගකෙරේද, ආ ආ වෘද්ධතරයන්ට දේද, ඔවුන් නොවළකාද, ඔහුට ඒ ඇඳ පුටු නැසුනු කල්හිද දිරූ කල්හිද සොරුන් ගෙනගියකල්හිද ග්‍රීවා නොවේ. වාසයකොට යන්නහු විසින් වනාහි තුබූතැන නියම තැන තැබිය යුතුය. යම් මහණෙක් පෞද්ගලික පරිභොගයෙන් පරිභොග කෙරේද, ආ ආ වෘද්ධතරයන්ට නොදේද, ඔහුට ඒ ඇඳපුටු නටකල්හි ග්‍රීවා වේ. අන්ආවාසයකට ගෙනගොස් පරිභොග කරන්නහු විසින් ඉදින් එහි වෘද්ධතරයෙක් අවුත් නගාසිටුවාද, ‘මා විසින් මේ ආසනය අසුවල් ආවාසයෙන් ගෙන එන ලද්දේය, යමි, එය ප්‍රකෘතිමත් කරමි’යි කියයුතුය. ඉදින් ඒ මහණ ‘මම ප්‍රකෘතිමත් කරන්නෙමි’යි කියාද, ඔහුට භාරකොටද යෑම වටීය’යි සංක්ෂෙපාර්ත්ථකථාවෙහි කියන ලද්දේය.
චම්පාවත්ථුම්හි – තෙකටුලයාගූති තිලතණ්ඩුලමුග්ගෙහි වා තිලතණ්ඩුලමාසෙහි වා තිලතණ්ඩුලකුලත්ථෙහි වා තිලතණ්ඩුලෙහි සද්ධිං යංකිඤ්චි එකං අපරණ්ණං පක්ඛිපිත්වා තීහි කතා, එතං කිර ඉමෙහි තීහි චතුභාගඋදකසම්භින්නෙ ඛීරෙ සප්පිමධුසක්කරාදීහි යොජෙත්වා කරොන්ති.
චම්පා වස්තුවෙහි ‘තෙ කටුලා’ තල, සහල්, මුංවලින් හෝ තල, සහල්, මෑයෙන් හෝ තල, සහල්, කොල්ලුයෙන් හෝ තල, සහල් සමග මුං මෑ ආදී වූ යම්කිසි එක් අපරණ්ණයක් බහා තුනකින් කරන ලද්දීය. මේ තෙකටුල යාගුව මෙකියූ තුන හා සතරෙන් කොටසක් දියෙන් මුසුවූ කිරෙහි බහා ගිතෙල්, මී, සකුරු යොදා කරන්නාහුය.
රාජගහවත්ථුම්හි – මධුගොළකොති අතිරසකපූවො වුච්චති; “මධුසීසක”න්තිපි වදන්ති. සෙසමෙත්ථ වත්ථුද්වයෙපි ඔදනභාජනීයවත්ථුස්මිං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
රාජගෘහ වස්තුවෙහි - ‘මධුගොලකො’ යන මෙයින් අතිරස, කැවුම් කියනු ලැබේ. මධුසීසකයිද කියත්. සෙස්ස මේ වස්තු දෙකෙහිද ඔදනභාජනීය වස්තුවෙහිද කියූනයින්ම දතයුතුය.
අජ්ජුකවත්ථුස්මිං – එතදවොචාති ගිලානො හුත්වා අවොච. ආයස්මා උපාලි ආයස්මතො අජ්ජුකස්ස පක්ඛොති න අගතිගමනවසෙන පක්ඛො, අපි ච ඛො අනාපත්තිසඤ්ඤිතාය ලජ්ජීඅනුග්ගහෙන විනයානුග්ගහෙන ච ථෙරො පක්ඛොති වෙදිතබ්බො. සෙසමෙත්ථ උත්තානමෙව.
අජ්ජුක වස්තුවෙහි - ‘එතදවොච’ ගිලෙනෙක්ව කීයේය. ‘ආයස්මා උපාලි ආයස්මතො අජ්ජුකස්ස පක්ඛො’ අගති ගමන වසයෙන් පක්ෂ නොවූයේය. තවද අනාපත්ති සංඥා ඇති බැවින්ද, ලජ්ජීනට අනුග්‍රහයෙන්ද, විනයානුග්රහයෙන්ද, ස්ථවිරයන් වහන්සේ පක්ෂවූහයි දතයුතුය. මෙහි සෙස්ස ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
බාරාණසීවත්ථුස්මිං – චොරෙහි උපද්දුතන්ති චොරෙහි විලුත්තං. ඉද්ධියා ආනෙත්වා පාසාදෙ ඨපෙසීති ථෙරො කිර තං කුලං සොකසල්ලසමප්පිතං ආවට්ටන්තං විවට්ටන්තං දිස්වා තස්ස කුලස්ස අනුකම්පාය පසාදානුරක්ඛණත්ථාය ධම්මානුග්ගහෙන අත්තනො ඉද්ධියා “තෙසංයෙව පාසාදං දාරකානං සමීපෙ හොතූ”ති අධිට්ඨාසි. දාරකා “අම්හාකං පාසාදො”ති සඤ්ජානිත්වා අභිරුහිංසු. තතො ථෙරො ඉද්ධිං පටිසංහරි, පාසාදොපි සකට්ඨානෙයෙව අට්ඨාසි. වොහාරවසෙන පන වුත්තං “තෙ දාරකෙ ඉද්ධියා ආනෙත්වා පාසාදෙ ඨපෙසී”ති. ඉද්ධිවිසයෙති ඊදිසාය අධිට්ඨානිද්ධියා අනාපත්ති. විකුබ්බනිද්ධි පන න වට්ටති.
බාරාණසී වස්තුවෙහි ‘චොරෙහි උපද්දුතං’ සොරුන් විසින් පැහැරගන්නා ලද්දේය. ‘ඉද්ධියා ආනෙත්වා පාසාදෙ ඨපෙසි’ ස්ථවිරයන් වහන්සේ වනාහි ශෝක නමැති හුලින් විදින ලදුව ඔබමොබ පෙරළෙන, වෙසෙසින් පෙරළෙන, ඒ කුලය දැක, ඒ කුලයට අනුකම්පාවෙන් ප්‍රාසාදය රකිනු පිණිස ධර්මානුග්රහයෙන් තමන්ගේ සෘද්ධියෙන් ඔවුන්ගේම ප්‍රාසාදය ලදරුවන්ගේ සමීපයෙහි වේවායි ඉටූහ. ලදරුවෝ ‘අපගේ ප්‍රාසාදය’යි හැඳින එයට නැංගාහ. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ සෘද්ධිය හළහ. ප්රාසාදයද ස්වකීය ස්ථානයෙහිම පිහිටියේය. ව්‍යවහාර වශයෙන් ‘තෙ දාරකෙ ඉද්ධියා ආනෙත්වා පාසාදෙ ඨපෙසි’යි කියන ලද්දේය. ඉද්ධිවිසයෙ මෙබඳු අධිෂ්ඨාන ඍද්ධියෙන් අනාපත්ති වේ. විකුර්වණ සෘද්ධිය වනාහි නොවටියි.
අවසානෙ වත්ථුද්වයං උත්තානත්ථමෙවාති.
අවසානයෙහි වස්තුදෙක ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය දුතියපාරාජිකවණ්ණනා නිට්ඨිතා.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි ද්වීතීයපාරාජිකවර්ණනාව නිමි.
තත්රායං අනුසාසනී –
මේ එහි අනුශාසනාය:
දුතියං අදුතියෙන, යං ජිනෙන පකාසිතං; පරාජිතකිලෙසෙන, පාරාජිකමිදං ඉධ.
දෙවැන්නෙකු නැත්තාවූ එකලාවූ පරදවනලද සියලු කෙලෙස් ඇති පස්මරුන් දිනු බුදුරජාණන් වහන්සේ විසින් මේ ශාසනයෙහි යම් මේ දෙවන පාරාජිකයන් වදාරණ ලද්දේද.
සික්ඛාපදං සමං තෙන, අඤ්ඤං කිඤ්චි න විජ්ජති; අනෙකනයවොකිණ්ණං, ගම්භීරත්ථවිනිච්ඡයං.
ඒ ශික්ෂාපදය සමවූ නොයෙක්නයින් ව්යාකීර්ණ වූ ගැඹුරු වූ අර්ත්ථ හා විනිශ්චය ඇත්තා වූ අන්කිසි ශික්ෂාපදයක් නැත්තේය.
තස්මා වත්ථුම්හි ඔතිණ්ණෙ, භික්ඛුනා විනයඤ්ඤුනා; විනයානුග්ගහෙනෙත්ථ, කරොන්තෙන විනිච්ඡයං.
එහෙයින් චොදනා වස්තුව සඟ මැදට පැමිණි කල්හි මේ පැමිණ වස්තුවෙහි විනයානුග්රහයෙන් විනිශ්චය කරන්නාවූ විනය දන්නාවූ මහණහු විසින්,
පාළිං අට්ඨකථඤ්චෙව, සාධිප්පායමසෙසතො; ඔගය්හ අප්පමත්තෙන, කරණීයො විනිච්ඡයො.
අනවශෙෂයෙන් අභිප්‍රාය සහිතවූ පෙළට හා අටුවාවට බැස අප්‍රමත්ත වූවහු පාරාජිකාපත්ති විනිශ්චයකට යුතුය.
ආපත්තිදස්සනුස්සාහො, න කත්තබ්බො කුදාචනං; පස්සිස්සාමි අනාපත්ති-මිති කයිරාථ මානසං.
කිසිකලෙක ඇවැත් දැක්මෙහි උත්සාහය නොකට යුතුය. අනාපත්තිය දකින්නෙමුයි සිත උපදවමු.
පස්සිත්වාපි ච ආපත්තිං, අවත්වාව පුනප්පුනං; වීමංසිත්වාථ විඤ්ඤූහි, සංසන්දිත්වා ච තං වදෙ.
ඇවත දැකද ‘තෝ පරිජියට පැමිණියෙහි’යි නොකියාම නුවණැතියන් සමග නැවත නැවත සංසන්දනයකොටම විමසා බලා නැවත පාරාජිකාපත්තිය කියන්නේය.
කප්පියෙපි ච වත්ථුස්මිං, චිත්තස්ස ලහුවත්තිනො; වසෙන සාමඤ්ඤගුණා, චවන්තීධ පුථුජ්ජනා.
මේ ශාසනයෙහි පෘථග්ජනයෝ, කියා හෝ නොකියා ගන්නට සුදුසු වූ මවුපියන් සතු වස්තුවෙහි පවා සොරසිත් ඉපදවීමෙන් ලුහුව පෙරළෙන ස්වභාවය ඇති චිත්තයාගේ වසයෙන් ශ්‍රාමණ්‍ය ගුණයෙන් ගිලිහෙත්.
තස්මා පරපරික්ඛාරං, ආසීවිසමිවොරගං; අග්ගිං විය ච සම්පස්සං, නාමසෙය්ය විචක්ඛණොති.
එහෙයින් විචක්ෂණතෙමේ මෙරමා සතු පිරිකර ආසීවිස ඇති සර්පයෙකු මෙන්ද ගින්නක් මෙන්ද දක්නේ නොපහසන්නේය.
පාරාජිකකණ්ඩ-අට්ඨකථාය පඨමො භාගො නිට්ඨිතො.
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
විනයපිටකෙ
පාරාජිකකණ්ඩ-අට්ඨකථා (දුතියො භාගො)