සුඞ්කඝාතකථා අට්ඨකථා
සුඞ්කඝාතකථා
සුඞ්කඝාතකථා
සුඞ්කං තතො හනන්තීති සුඞ්කඝාතං; සුඞ්කට්ඨානස්සෙතං අධිවචනං. තඤ්හි යස්මා තතො සුඞ්කාරහං භණ්ඩං සුඞ්කං අදත්වා නීහරන්තා රඤ්ඤො සුඞ්කං හනන්ති විනාසෙන්ති, තස්මා සුඞ්කඝාතන්ති වුත්තං. තත්ර පවිසිත්වාති තත්ර පබ්බතඛණ්ඩාදීසු රඤ්ඤා පරිච්ඡෙදං කත්වා ඨපිතෙ සුඞ්කට්ඨානෙ පවිසිත්වා. රාජග්ගං භණ්ඩන්ති රාජාරහං භණ්ඩං; යතො රඤ්ඤො පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං සුඞ්කං දාතබ්බං හොති, තං භණ්ඩන්ති අත්ථො. රාජකන්තිපි පාඨො, අයමෙවත්ථො. ථෙය්යචිත්තොති “ඉතො රඤ්ඤො සුඞ්කං න දස්සාමී”ති ථෙය්යචිත්තං උප්පාදෙත්වා තං භණ්ඩං ආමසති, දුක්කටං. ඨපිතට්ඨානතො ගහෙත්වා ථවිකාය වා පක්ඛිපති, පටිච්ඡන්නට්ඨානෙ වා ඌරුනා සද්ධිං බන්ධති, ථුල්ලච්චයං. සුඞ්කට්ඨානෙන පරිච්ඡින්නත්තා ඨානාචාවනං න හොති. සුඞ්කට්ඨානපරිච්ඡෙදං දුතියං පාදං අතික්කාමෙති, පාරාජිකං.
එතැනින් අයබද්ද නසත්නුයි සුඞ්කඝාත නමි. අයබදු අයකරන තැනට මේ නමෙකි. යම්හෙයකින් එතැනින් අයබදු දීමට සුදුසු වූ ඒ භාණ්ඩය, අයබදු නොදී ගෙනයන්නාහු රජුගේ අයබද්ද නසත්ද, වනසත්ද එහෙයින් සුඞ්කඝාතයි කියන ලද්දේය. එහි ‘පවිසිත්වා’ යනු එහි පර්වතඛණ්ඩාදීන් අතුරෙහි රජු විසින් පරිසිඳීමකොට තබනලද අයබදු ගන්නාතැනට පිවිස. ‘රාජග්ඝං භණ්ඩං’ රජුට සුදුසුවූ භාණ්ඩයක්. යම් භාණ්ඩයකින් රජුට පස්මස්සක් හෝ පස්මස්සට වැඩිතරම්වූ හෝ අගනා අයබද්ද දියයුතුවේද, ඒ භාණ්ඩය යන අර්‍ත්‍ථයි. ‘රාජකං’යිද පාඨයක් වේ. එය මේ අර්ත්ථයම වේ. ‘ථෙය්‍යචිත්තො’ මේ භාණ්ඩයෙන් රජුට අයබදු නොදෙන්නෙමි’යි සොරසිත් උපදවා ඒ භාණ්ඩය පහසාද, දුක්කටය වේ. තැබූ තැනින් ගෙන ථවිකයක හෝ බහාද, වැසීතිබූ තැනකදී හෝ කලවය බඳීද ථුල්ලච්චය වේ. අයබදු ගන්නා තැනින් පිරිසිඳි බැවින් ඨානාචාවනයෙක් නොවේ. සුඞ්කස්ථානය පිරිසිඳි තැනින් දෙවනපය ඉක්මවාද පාරාජිකය වේ.
බහිසුඞ්කඝාතං පාතෙතීති රාජපුරිසානං අඤ්ඤවිහිතභාවං පස්සිත්වා අන්තො ඨිතොව බහි පතනත්ථාය ඛිපති. තඤ්චෙ අවස්සං පතනකං, හත්ථතො මුත්තමත්තෙ පාරාජිකං. තඤ්චෙ රුක්ඛෙ වා ඛාණුම්හි වා පටිහතං බලවවාතවෙගුක්ඛිත්තං වා හුත්වා පුන අන්තොයෙව පතති, රක්ඛති. පුන ගණ්හිත්වා ඛිපති, පුබ්බෙ වුත්තනයෙනෙව පාරාජිකං. භූමියං පතිත්වා වට්ටන්තං පුන අන්තො පවිසති, පාරාජිකමෙව. කුරුන්දීසඞ්ඛෙපට්ඨකථාසු පන “සචෙ බහි පතිතං ඨත්වා වට්ටන්තං පවිසති, පාරාජිකං. සචෙ අතිට්ඨමානංයෙව වට්ටිත්වා පවිසති රක්ඛතී”ති වුත්තං.
‘ඛහි සුඞ්කඝාතං පාතෙති’ රාජපුරුෂයන්ගේ අන්යවිහිතභාවය දැක ඇතුළත සිටියේම පිටතට වැටෙනු පිණිස ගෙනෙන ලද යමක් බහාද, එකාන්තයෙන් පිටතට වැටෙන එය අතින්මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. ඉදින් ඒ භාණ්ඩය රුකක හෝ කණුවක හෝ වැදුනේ බලවත් වාතවේගයෙන් නගන ලද්දක්ව හෝ නැවත ඇතුළටම වැටේද, රකියි. නැවත ගෙන බහාද, පෙර කියූ නයින්ම පාරාජිකය වේ. බිමවැටී පෙරළෙන්නේ නැවත ඇතුළට පිවිසේද, පාරාජිකයම වේ. කුරුන්දි සඞ්ක්ෂෙපාර්ත්ථකථාවන්හි වනාහි පිටත වැටුනක් සිට සිට පෙරළෙමින් පිවිසේද පාරාජිකය වේ. ඉදින් රැඳී නොසිටින්නේම පෙරළී පිවිසේද, රකීයි කියන ලදී.
අන්තො ඨත්වා හත්ථෙන වා පාදෙන වා යට්ඨියා වා වට්ටෙති, අඤ්ඤෙන වා වට්ටාපෙති, සචෙ අට්ඨත්වා වට්ටමානං ගතං, පාරාජිකං. අන්තො ඨත්වා බහි ගච්ඡන්තං රක්ඛති, “වට්ටිත්වා ගමිස්සතී”ති වා “අඤ්ඤො නං වට්ටෙස්සතී”ති වා අන්තො ඨපිතං පච්ඡා සයං වා වට්ටමානං අඤ්ඤෙන වා වට්ටිතං බහි ගච්ඡති, රක්ඛතියෙව. සුද්ධචිත්තෙන ඨපිතෙ පන තථා ගච්ඡන්තෙ වත්තබ්බමෙව නත්ථි. ද්වෙ පුටකෙ එකාබද්ධෙ කත්වා සුඞ්කට්ඨානසීමන්තරෙ ඨපෙති, කිඤ්චාපි බහිපුටකෙ සුඞ්කං පාදං අග්ඝති, තෙන සද්ධිං එකාබද්ධතාය පන අන්තො පුටකො රක්ඛති. සචෙ පන පරිවත්තෙත්වා අබ්භන්තරිමං බහි ඨපෙති, පාරාජිකං. කාජෙපි එකබද්ධං කත්වා ඨපිතෙ එසෙව නයො. සචෙ පන අබන්ධිත්වා කාජකොටියං ඨපිතමත්තමෙව හොති, පාරාජිකං.
ඇතුළෙහි සිට අතින් හෝ පයින් හෝ යටින් හෝ පෙරළාද, අනිකෙකුලවා හෝ පෙරළවාද, ඉදින්නොසිට පෙරළෙමින් ගියේද, පාරාජිකය වේ. ඇතුළත සිට පිටතට යන්නේ රකියි. පෙරළීයන්නේයයි හෝ අනිකෙක් එය පෙරළන්නේයයි හෝ ඇතුළත තැබූ භාණ්ඩයක් පසුව තමන් විසින් හෝ පෙරළනු ලබන්නේ අනිකෙකු විසින් හෝ පෙරළන ලද්දේ පිටතටද යේද, රකීමය. පිරිසිදු සිතින් තැබූ භාණ්ඩය එසේ පෙරළී යනකල්හි කියයුත්තෙක්ම නැත්තේය. ගොටුදෙකක් ඒකාබද්ධකොට අයබදුගන්නා ස්ථාන සීමාව තුළ තබාද කොයිලෙසකින් නමුත් එහි පිටත ගොටුවෙහි අයබද්ද පාදයක් අගීද, ඒ සමග ඒකාබද්ධබැවින් ඇතුළතතුබූ ගොටුව රකියි. ඉදින්වනාහි පෙරළා ඇතුළතතුබූ ගොටුව පිටත තබාද, පාරාජිකය වේ. කදෙහිද කදකෙළවර රැහණින් බැඳ ඒකාබද්ධකොට තැබූ කල්හි මේනයම වේ. ඉදින්වනාහි නොබැඳ කදකෙළවර තැබූ මාත්රයෙක්මවේද, පාරාජිකය වේ.
ගච්ඡන්තෙ යානෙ වා අස්සපිට්ඨිආදීසු වා ඨපෙති “බහි නීහරිස්සතී”ති නීහටෙපි අවහාරො නත්ථි, භණ්ඩදෙය්යම්පි න හොති. කස්මා? “අත්ර පවිට්ඨස්ස සුඞ්කං ගණ්හන්තූ”ති වුත්තත්තා ඉදඤ්ච සුඞ්කට්ඨානස්ස බහි ඨිතං, න ච තෙන නීතං, තස්මා නෙව භණ්ඩදෙය්යං න පාරාජිකං.
සොරහුගේ ප්‍රයෝගයක් නැතිව තමන් යන්නාවූ යානාවක හෝ එසේ යන අසුන්ගේ පිට ආදියෙහි හෝ පිටතට ගෙනයන්නේනුයි තබාද, ගෙනගියකල්හිද අවහාරයක් නැත්තේය. භණ්ඩදෙය්යද නොවේ. කුමක් හෙයින්දයත්: මෙතන්හි පිවිසියහුගේ අයබද්ද ගනිත්වායි කියූ බැවිනි. මෙද අයබදු ගන්නා ස්ථානයෙන් පිටත තබන ලද්දේද ඔහු විසින් ගෙනයන ලද්දේ නොවේද, එහෙයින් භණ්ඩදෙය්‍ය නොමවේ. පාරාජිකය නොවේ.
ඨිතයානාදීසු ඨපිතෙ විනා තස්ස පයොගං ගතෙසු ථෙය්යචිත්තෙපි සති නෙවත්ථි අවහාරො. යදි පන ඨපෙත්වා යානාදීනි පාජෙන්තො අතික්කාමෙති , හත්ථිසුත්තාදීසු වා කතපරිචයත්තා පුරතො ඨත්වා “එහි, රෙ”ති පක්කොසති, සීමාතික්කමෙ පාරාජිකං. එළකලොමසික්ඛාපදෙ ඉමස්මිං ඨානෙ අඤ්ඤං හරාපෙති, අනාපත්ති, ඉධ පාරාජිකං. තත්ර අඤ්ඤස්ස යානෙ වා භණ්ඩෙ වා අජානන්තස්ස පක්ඛිපිත්වා තියොජනං අතික්කාමෙති, නිස්සග්ගියානි හොන්තීති පාචිත්තියං. ඉධ අනාපත්ති.
නැවතී සිටි යානාවන්හි තැබූ කල්හි ඔහුගේ ප්‍රයෝගයක් නැතිවගිය කල්හි සොරසිත ඇතිකල්හිදු අවහාරයක් නැත්තේමය. ඉදින්වනාහි යානාදියෙහි භාණ්ඩ තබා පදවන්නේ අයබදු ගන්නා තැන ඉක්මවාද, හස්තිශික්ෂාදියෙහි හෝ කළපුරුද්ද ඇති බැවින් ඉදිරියෙහි සිට ‘බොල එව’යි කැඳවාද, සීමාව ඉක්මීමෙහිදී පාරාජිකය වේ. එළකලොම් ශික්‍ෂාපදයෙහි යටකියූ යනාදිය කරණකොට කියූලෙසින් යන මෙතැන්හි අනිකෙකුලවා ගෙන යවාද ඇවැත් නොවේ. මේ අදත්තාදාන ශික්‍ෂාපදයෙහි පාරාජිකය වේ. ඒ එළකලොම ශික්‍ෂාපදයෙහි නොදන්නා වූ අනිකෙක්හුගේ යානයක හෝ භාණ්ඩයක හෝ බහා තුන්යොදුනක් ඉක්මවාද, යමක් හේතුකොට එළුලොම් නිසගීහු වෙත්නුයි පාචිත්තිය වේ. මේ ශික්‍ෂාපදයෙහි ඇවැත් නොවේ.
සුඞ්කට්ඨානෙ සුඞ්කං දත්වාව ගන්තුං වට්ටති. එකො ආභොගං කත්වා ගච්ඡති “සචෙ ‘සුඞ්කං දෙහී’ති වක්ඛන්ති, දස්සාමි; නො චෙ වක්ඛන්ති, ගමිස්සාමී”ති. තං දිස්වා එකො සුඞ්කිකො “එසො භික්ඛු ගච්ඡති, ගණ්හථ නං සුඞ්ක”න්ති වදති, අපරො “කුතො පබ්බජිතස්ස සුඞ්කං, ගච්ඡතූ”ති වදති, ලද්ධකප්පං හොති, ගන්තබ්බං. “භික්ඛූනං සුඞ්කං අදත්වා ගන්තුං න වට්ටති, ගණ්හ උපාසකා”ති වුත්තෙ පන “භික්ඛුස්ස සුඞ්කං ගණ්හන්තෙහි පත්තචීවරං ගහෙතබ්බං භවිස්සති, කිං තෙන, ගච්ඡතූ”ති වුත්තෙපි ලද්ධකප්පමෙව. සචෙපි සුඞ්කිකා නිද්දායන්ති වා, ජූතං වා කීළන්ති, යත්ථ කත්ථචි වා ගතා, අයඤ්ච “කුහිං සුඞ්කිකා”ති පක්කොසිත්වාපි න පස්සති, ලද්ධකප්පමෙව. සචෙපි සුඞ්කට්ඨානං පත්වා අඤ්ඤවිහිතො, කිඤ්චි චින්තෙන්තො වා සජ්ඣායන්තො වා මනසිකාරං අනුයුඤ්ජන්තො වා චොරහත්ථිසීහබ්යග්ඝාදීහි සහසා වුට්ඨාය සමනුබද්ධො වා, මහාමෙඝං උට්ඨිතං දිස්වා පුරතො සාලං පවිසිතුකාමො වා හුත්වා තං ඨානං අතික්කමති, ලද්ධකප්පමෙව.
අයබදු ගන්නාතන්හි අයබදු දීලාම යෑම සුදුසු වේ. එකෙක්, ‘අයබදු දෙව’යි කියත්නම් දෙන්නෙමි, නොකියත්නම් යන්නෙමි’යි කල්පනාකොට යේද, එසේ යන ඔහු දැක එක් අයබදු ගන්නෙක් ‘මේ මහණ යන්නේය, ඔහුගෙන් අයබදු ගනිවු’යි කියාද අනිකෙක් ‘පැවිද්දහුට අයබදු කොයින්ද යේවා’යි කියන්නේද ලබන ලද්ද කැපවේ. යායුතුය. අයබදු නොදී මහණුන්ට යෑම නොවටියි. ‘උපාසකයෙනි! අයබදු ගනිවු’යි කියූකල්හි අයබදු ගන්නවුන් විසින් ‘මහණහුගේ පාසිවුරු ගතයුතු වන්නේය, ඒ ගැනීමෙන් කිම? යේවා’යි කියූ කල්හිද ලබන ලද්ද කැපමය. ඉදින්අයබදු ගන්නෝ නිදත් හෝ දූකෙළි හෝ කෙළිත්ද, යම්කිසි තැනක ගියාහු හෝ වෙත්ද, මේ මහණතෙමේද අයබදු ගන්නෝ කොහිදැයි කැඳවාද නොදකීද, ලබනලද්ද කැපමය. ඉදින් අයබදුගන්නා තැනට පැමිණ අන්යවිහිතවූයේ හෝ කිසිවක් සිතන්නේ හෝ හදාරන්නේ හෝ මනස්කාරයෙහි යෙදුනේ හෝ සොරු ඇත් සිංහ කොටිආදීන් විසින් වහා නැගීසිට එක්වන් ලුහුබඳින ලද්දේ හෝ නැංගාවූ මහාමේඝයක් දැක ඉදිරියෙහි ශාලාවකට ඇතුල්වනු කැමැතිව හෝ එතැන ඉක්මවායේද, ලබනලද්ද කැපමය.
සුඞ්කං පරිහරතීති එත්ථ උපචාරං ඔක්කමිත්වා කිඤ්චාපි පරිහරති, අවහාරොයෙවාති කුරුන්දට්ඨකථායං වුත්තං. මහාඅට්ඨකථායංපන “‘පරිහරන්තං රාජපුරිසා විහෙඨෙන්තී’ති කෙවලං ආදීනවං දස්සෙත්වා උපචාරං ඔක්කමිත්වා පරිහරතො දුක්කටං, අනොක්කමිත්වා පරිහරතො අනාපත්තී”ති වුත්තං. ඉදං පාළියා සමෙති. එත්ථ ද්වීහි ලෙඩ්ඩුපාතෙහි උපචාරො පරිච්ඡින්දිතබ්බොති.
‘සුඞ්කං පරිහරති’ යන මෙහි අයබදු ගන්නා තැනින් පිටත හාත්පස ලෙඩ්ඩුපාත දෙකක්හුගේ උපචාරයට බැස කිසිසේත් පරිහරණය කෙරේද අවහාරයමැයි, කුරුන්දි අර්‍ත්‍ථකථාවෙහි කියන ලද්දේය. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි රාජපුරුෂයෝ පරිහරණය කරන්නහුට වෙහෙසත්යයි හුදෙක් ආදීනවය දක්වා උපචාරයට බැස පරිහරණය කරන්නහුට දුක්කටය වේ. නොබැස පරිහරණය කරන්නහුට ඇවැත් නොවේයයි කියන ලදී. මේ ක්‍රමය පෙළ හා සමවේ. මේ සුඞ්කඝාතස්ථානයෙහි ලෙඩ්ඩුපාත දෙකකින් උපචාරය පිරිසිඳිය යුත්තේය.
සුඞ්කඝාතකථා නිට්ඨිතා.
සුඞ්කඝාතකථා නිමි.
පාණකථා
පාණකථා
ඉතො පරස්මිං එකංසෙන අවහාරප්පහොනකපාණං දස්සෙන්තො “මනුස්සපාණො”ති ආහ. තම්පි භුජිස්සං හරන්තස්ස අවහාරො නත්ථි. යොපි භුජිස්සො මාතරා වා පිතරා වා ආඨපිතො හොති, අත්තනා වා අත්තනො උපරි කත්වා පඤ්ඤාසං වා සට්ඨිං වා අග්ගහෙසි, තම්පි හරන්තස්ස අවහාරො නත්ථි; ධනං පන ගතට්ඨානෙ වඩ්ඪති. අන්තොජාතක-ධනක්කීත-කරමරානීතප්පභෙදං පන දාසංයෙව හරන්තස්ස අවහාරො හොති. තමෙව හි සන්ධාය ඉදං වුත්තං – “පාණො නාම මනුස්සපාණො වුච්චතී”ති. එත්ථ ච ගෙහදාසියා කුච්ඡිම්හි දාසස්ස ජාතො අන්තොජාතකො, ධනෙන කීතො ධනක්කීතො, පරදෙසතො පහරිත්වා ආනෙත්වා දාසබ්යං උපගමිතො කරමරානීතොති වෙදිතබ්බො. එවරූපං පාණං “හරිස්සාමී”ති ආමසති, දුක්කටං. හත්ථෙ වා පාදෙ වා ගහෙත්වා උක්ඛිපන්තො ඵන්දාපෙති, ථුල්ලච්චයං. උක්ඛිපිත්වා පලායිතුකාමො කෙසග්ගමත්තම්පි ඨිතට්ඨානතො අතික්කාමෙති, පාරාජිකං. කෙසෙසු වා හත්ථෙසු වා ගහෙත්වා කඩ්ඪති, පදවාරෙන කාරෙතබ්බො.
මෙයින් මත්තෙහි එකාන්තයෙන් අවහාරයට පොහෝනා ප්රාණියෙකු දක්වන්නේ ‘මනුස්සපාණො’ යනු වදාළ සේක. දාසකමින් නිදහස්වූ ඔහුද සොරසිතින් ගෙනයන්නහුට අවහාරයක් නැත්තේය. යමෙක්වනාහි නිදහස්වූයේද, මව විසින් හෝ පියා විසින් හෝ ණය ගන්නා කාලයෙහි යම්තාක් කලකින් ණය ආපසු දෙන්නෙම්ද, ඒතාක්කල් මෙතෙමේ තොප සතු වේවායි ණය දෙන්නවුන්ට පාවාදෙන ලද්දේවේද, තමන් විසින් හෝ තමන්ගේ මත්තෙහි කොට පණසක් හෝ සැටක් ගන්නේද ඔහුද සොරසිතින් ගෙනයන්නහුට අවහාරයක් නැත්තේය. පාවාදී ගත් ධනය ගියතන්හිම වැඩේ. ගෙයි දාසියගේ කුස දාසයා හට දාව උපන්නහු, ධනයෙන් විකිණී ගන්නා ලද්දහු, පරවිෂය විලොපනයකොට ගෙනවුත් දාසභාවයට පමුණුවා ගන්නා ලද්දාහු යන ප්‍රභෙද ඇති දාසයාම සොරසිතින් ගෙනයන්නහුටම අවහාරය වේ. ඒ සඳහාම ‘පාණොනාම මනුස්සපාණො වුච්චති’ යනු වදාරණ ලදී. මෙහිද ගෙයි සිටි දාසියගේ කුසෙහි දාසයාහට දාව උපන්නේ අන්තොජාතක නම්වේ. ධනයෙන් මිලදී ගන්නා ලද්දේ ධනක්කීත නම්වේ. පරදෙශය විලොපනයකොට ගෙනවුත් දාසභාවයට පමුණුවන ලද්දේ කරමරාතීතයි දතයුතුය. මෙබඳු ප්රාණියෙකු ගෙනයන්නෙමියි පහසාද දුක්කටය වේ. අත් හෝ පා හෝ ගෙන ඔසවමින් සොලොවාද ථුල්ලච්චය වේ. ඔසවා පලායනු කැමැතිව කෙසගක් පමණකුදු සිටිතැනින් අන්තැනකට පමුණුවාද පාරාජිකය වේ. කෙසේ හෝ අත් හෝ ගෙන අදීද, පදවාරයෙන් කටයුත්තේය.
පදසා නෙස්සාමීති තජ්ජෙන්තො වා පහරන්තො වා “ඉතො ගච්ඡාහී”ති වදති, තෙන වුත්තදිසාභාගං ගච්ඡන්තස්ස දුතියපදවාරෙන පාරාජිකං. යෙපි තෙන සද්ධිං එකච්ඡන්දා හොන්ති, සබ්බෙසං එකක්ඛණෙ පාරාජිකං. භික්ඛු දාසං දිස්වා සුඛදුක්ඛං පුච්ඡිත්වා වා අපුච්ඡිත්වා වා “ගච්ඡ, පලායිත්වා සුඛං ජීවා”ති වදති, සො චෙ පලායති, දුතියපදවාරෙ පාරාජිකං. තං අත්තනො සමීපං ආගතං අඤ්ඤො “පලායා”ති වදති, සචෙ භික්ඛුසතං පටිපාටියා අත්තනො සමීපමාගතං වදති, සබ්බෙසං පාරාජිකං. යො පන වෙගසා පලායන්තංයෙව “පලාය, යාව තං සාමිකා න ගණ්හන්තී”ති භණති, අනාපත්ති පාරාජිකස්ස. සචෙ පන සණිකං ගච්ඡන්තං භණති, සො ච තස්ස වචනෙන සීඝං ගච්ඡති, පාරාජිකං. පලායිත්වා අඤ්ඤං ගාමං වා දෙසං වා ගතං දිස්වා තතොපි පලාපෙන්තස්ස පාරාජිකමෙව.
පයින් ගෙනයන්නෙමියි තර්ජනය කරන්නේ හෝ පහරදෙන්නේ හෝ ‘මෙතැනින් යව’යි කියාද, ඔහු විසින් කියූ දිසාභාගට යන්නහුගේ දෙවන පියවර නිමිතිකොට පාරාජිකය වේ. යම් මහණ කෙනෙක් ඔහු හා සමාන අදහස් ඇත්තාහු වෙත්ද, සියලුදෙනාහට එකෙණෙහි පාරාජිකය වේ. මහණෙක් දාසයෙකු දැක සුවදුක් විචාරා හෝ නොවිචාරා යව පලාගොස් සුවසේ ජීවත්වෙව’යි හිමියන්ගේ සමීපයෙන් පහකරනු කැමතිව සොරසිතින් කියාද, ඉදින් ඔහු පලායද, දෙවන පියවර නිමිතිකොට පාරාජිකය වේ. තමන්ගේ සමීපයට ආවාවූ ඔහුට අනිකෙක් ‘පලායව’යි කියාද, ඉදින් මහණුන් සියයක් පිළිවෙළින් තමතමන්ගේ සමීපයට ආවහුට කියාද, සියල්ලන්ට පාරාජිකය වේ. යමෙක්වනාහි වේගයෙන් පලායන්නහුටම ‘හිමියෝ තා නොඅල්ලා ගනිත්ද, එයට පෙර තෝ පලායව’යි කියාද පාරාජිකයෙන් ඇවැත් නොවේ. ඉදින්වනාහි හිමින් යන්නහුට කියාද, ඔහුද ඔහුගේ වචනයෙන් වහායේද පාරාජිකය වේ. පලාගොස් අන්ගමකට හෝ දෙශයකට ගියහු දැක එතැනිනුදු පලවා යවන්නහුට පාරාජිකයම වේ.
අදින්නාදානං නාම පරියායෙන මුච්චති. යො හි එවං වදති – “ත්වං ඉධ කිං කරොසි, කිං තෙ පලායිතුං න වට්ටතීති වා, කිං කත්ථචි ගන්ත්වා සුඛං ජීවිතුං න වට්ටතීති වා, දාසදාසියො පලායිත්වා අමුකං නාම පදෙසං ගන්ත්වා සුඛං ජීවන්තී”ති වා, සො ච තස්ස වචනං සුත්වා පලායති, අවහාරො නත්ථි. යොපි “මයං අමුකං නාම පදෙසං ගච්ඡාම, තත්රාගතා සුඛං ජීවන්ති, අම්හෙහි ච සද්ධිං ගච්ඡන්තානං අන්තරාමග්ගෙපි පාථෙය්යාදීහි කිලමථො නත්ථී”ති වත්වා සුඛං අත්තනා සද්ධිං ආගච්ඡන්තං ගහෙත්වා ගච්ඡති මග්ගගමනවසෙන, න ථෙය්යචිත්තෙන; නෙවත්ථි අවහාරො. අන්තරාමග්ගෙ ච චොරෙසු උට්ඨිතෙසු “අරෙ! චොරා උට්ඨිතා, වෙගෙන පලාය, එහි යාහී”ති වදන්තස්සාපි චොරන්තරාය මොචනත්ථාය වුත්තත්තා අවහාරං න වදන්තීති.
අදින්නාදානය නම් පරියාය වචනය කරනකොට මිදේ. යමෙක්වනාහි ‘තෝ මෙහි කුමක් කරන්නෙහිද? පලායෑම තට නොවටීදැ’යි හෝ කිම, කොතැනක හෝ ගොස් සුවසේ ජීවත්වීම නොවටීදැයි හෝ දැසිදස්සෝ පලාගොස් අසුවල් පෙදෙසට පැමිණ සුවසේ ජීවත්වෙතියි හෝ මෙසේකියාද, හෙතෙමේද ඔහුගේ වචනය අසා පලායේද, අවහාරයක් නැත්තේය. යමෙක් ‘අපි අසුවල් පෙදෙසට යමු, එහි ගියාහු සුවසේ ජීවත්වෙත්, අප සමග යන්නවුන්ටද අතර මගදී මාර්ගොපකරණාදියෙන් පීඩාවක් නැත්තේය’යි කියා සුවසේ තමන් සමග එන්නහු ගෙනයේද, මග යෑම් වසයෙන්මුත් සොරසිත කරනකොට නොවේද, එහෙයින් අවහාරයක් නැත්තේමය. අතරමගද සොරු නැගීසිටි කල්හි ‘කොල! සොරු නැගීසිටියාහුය, වේගයෙන් පලායව, එව, යව’යි කියන්නහුටද සොරුන්ගෙන් වන අනතුරුවලින් මිදීම පිණිස කියූබැවින් අවහාරයක් නොකියත්.
පාණකථා නිට්ඨිතා.
පාණකථා නිමි.
අපදකථා
අපදකථා
අපදෙසු අහි නාම සස්සාමිකො අහිතුණ්ඩිකාදීහි ගහිතසප්පො; යං කීළාපෙන්තා අඩ්ඪම්පි පාදම්පි කහාපණම්පි ලභන්ති, මුඤ්චන්තාපි හිරඤ්ඤං වා සුවණ්ණං වා ගහෙත්වාව මුඤ්චන්ති. තෙ කස්සචි භික්ඛුනො නිසින්නොකාසං ගන්ත්වා සප්පකරණ්ඩං ඨපෙත්වා නිද්දායන්ති වා, කත්ථචි වා ගච්ඡන්ති, තත්ර චෙ සො භික්ඛු ථෙය්යචිත්තෙන තං කරණ්ඩං ආමසති, දුක්කටං. ඵන්දාපෙති, ථුල්ලච්චයං. ඨානා චාවෙති, පාරාජිකං. සචෙ පන කරණ්ඩකං උග්ඝාටෙත්වා සප්පං ගීවාය ගණ්හාති, දුක්කටං. උද්ධරති, ථුල්ලච්චයං. උජුකං කත්වා උද්ධරන්තස්ස කරණ්ඩතලතො සප්පස්ස නඞ්ගුට්ඨෙ කෙසග්ගමත්තෙ මුත්තෙ පාරාජිකං. ඝංසිත්වා කඩ්ඪන්තස්ස නඞ්ගුට්ඨෙ මුඛවට්ටිතො මුත්තමත්තෙ පාරාජිකං . කරණ්ඩමුඛං ඊසකං විවරිත්වා පහාරං වා දත්වා “එහි, රෙ”ති නාමෙන පක්කොසිත්‍වා නික්ඛාමෙති, පාරාජිකං . තථෙව විවරිත්වා මණ්ඩූකසද්දං වා මූසිකසද්දං වා ලාජාවිකිරණං වා කත්වා නාමෙන පක්කොසති, අච්ඡරං වා පහරති, එවං නික්ඛන්තෙපි පාරාජිකං. මුඛං අවිවරිත්වාපි එවං කතෙ ඡාතො සප්පො සීසෙන කරණ්ඩපුටං ආහච්ච ඔකාසං කත්වා පලායති, පාරාජිකමෙව. සචෙ පන මුඛෙ විවරිතෙ සයමෙව සප්පො නික්ඛමිත්වා පලායති, භණ්ඩදෙය්යං. අථාපි මුඛං විවරිත්වා වා අවිවරිත්වා වා කෙවලං මණ්ඩූකමූසිකසද්දං ලාජාවිකිරණමෙව ච කරොති, න නාමං ගහෙත්වා පක්කොසති, න අච්ඡරං වා පහරති, සප්පො ච ඡාතත්තා “මණ්ඩූකාදීනි ඛාදිස්සාමී”ති නික්ඛමිත්වා පලායති, භණ්ඩදෙය්යමෙව. මච්ඡො කෙවලං ඉධ අපදග්ගහණෙන ආගතො. යං පනෙත්ථ වත්තබ්බං, තං උදකට්ඨෙ වුත්තමෙවාති.
පා නැත්තවුන් අතුරෙහි - අහි නම් සස්වාමිකව අභිගුණ්ඨිකාදීන් විසින් ගන්නාලද සර්පතෙමේය. යම් සර්පයෙකු ක්‍රීඩා කරවන්නාහු අඩක්ද පාදයක්ද කහවණුවක්ද ලබත්ද, මුදාහරින්නාහු අමුරන් හෝ රන් හෝ ගෙනම මුදාහරිත්ද, ඔවුහු කිසියම් මහණෙකු හුන්තැනට ගොස් නයිපෙට්ටිය තබා නිදත් හෝ කොතැනක හෝ යෙද, එහිදී ඒ මහණ සොරසිතින් ඒ පෙට්ටිය පහසාද, දුක්කටය වේ. සොලවාද, ථුල්ලච්චය වේ. තුබූ තැනින් පහකෙරේද පාරාජිකය වේ. ඉදින්වනාහි පෙට්ටිය හැර සර්පයා බෙල්ලෙන් අල්ලාගනීද, දුක්කටය වේ. එයින් නගාගනීද, ථුල්ලච්චය වේ. කෙලින් නගාගන්නහුට පෙට්ටියේ යටතලින් සර්පයාගේ නගුට කෙසගක් පමණ මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. පෙට්ටියෙහි මූණත මදක් ඇර පහරක් හෝ දී ‘කොල! එව’යි නාමයෙන් කැඳවා නික්මවාද, පාරාජිකය වේ. එසේම පෙට්ටිය ඇර මැඩිහඬක් හෝ මීහඬක් හෝ විලඳ විසිරීම හෝ කොට නමින් කැඳවාද, අසුරක් හෝ ගසාද, මෙසේ නික්මුනු කල්හිද පාරාජිකය වේ. පෙට්ටියෙහි මූණත නොඇරද මෙසේ කළකල්හි බඩසයින් පෙරළුණු සර්පයා හිසින් පෙට්ටියෙහි පියනට පැහැර ඉඩලබාගෙන පලායේද පාරාජිකයම වේ. ඉදින්වනාහි පෙට්ටියෙහි මූණත විවෘත කළකල්හි සර්පයා, තෙමේම පලායේද, භණ්ඩදෙය්‍ය වේ. නැවතද මුඛය විවෘතකොට හෝ විවෘත නොකොට හෝ හුදෙක් මැඩිහඬ මීහඬ හෝ විලඳ විසිරීම හෝ කෙරේද, නම කියා නොකැඳවාද, අසුර හෝ නොගසාද, සර්පයා බඩසයින් පෙළුනු බැවින් මැඩි ආදීන් කන්නෙමියි පිටතට නික්ම පලායේද, භණ්ඩදෙය්යම වේ. මත්ස්‍යයා හුදෙක් මෙහි අපදග්රහණයෙන් ආයේය. මෙහි යමක් කියයුතුනම් එය උදකට්ඨකථාවෙහි කියන ලද්දේමය.
අපදකථා නිට්ඨිතා.
අපදකථා නිමි.
ද්විපදකථා
ද්විපදකථා
ද්විපදෙසු – යෙ අවහරිතුං සක්කා, තෙ දස්සෙන්තො “මනුස්සා පක්ඛජාතා”ති ආහ. දෙවතා පන අවහරිතුං න සක්කා. පක්ඛා ජාතා එතෙසන්ති පක්ඛජාතා. තෙ ලොමපක්ඛා චම්මපක්ඛා අට්ඨිපක්ඛාති තිවිධා. තත්ථ මොරකුක්කුටාදයො ලොමපක්ඛා, වග්ගුලිආදයො චම්මපක්ඛා, භමරාදයො අට්ඨිපක්ඛාති වෙදිතබ්බා. තෙ සබ්බෙපි මනුස්සා ච පක්ඛජාතා ච කෙවලං ඉධ ද්විපදග්ගහණෙන ආගතා. යං පනෙත්ථ වත්තබ්බං, තං ආකාසට්ඨෙ ච පාණෙ ච වුත්තනයමෙවාති.
දෙපා ඇත්තවුන් අතුරෙහි යම්කෙනෙකු අවහරණය කරන්නට හැක්කේද, ඔවුන් දක්වන්නෝ ‘මනුස්සා පක්ඛජාතා’ යනු වදාළ සේක. දෙවියන් අවහරණය කරන්නට නොහැකිය. මොවුනට පක්ෂයෝ හටගත්හයි පක්ඛජාත නම්වූහ. ඔවුහු ලොමපක්ෂ - චර්මපක්ෂ - අස්ථි පක්ෂයි තෙපරිදි වෙත්. ඔවුන් අතුරෙහි මොනර, කුකුළු ආදීහු ලොමපක්ෂයෝය. වවුළු ආදීහු චර්මපක්ෂයෝය. භ්රමරාදීහු අස්ථි පක්ෂයෝයයි දතයුත්තාහ. ඒ සියල්ලෝද මනුෂ්‍යයෝද පක්ෂජාතීහුද හුදෙක් මෙහි ද්විපදග්රහණයෙන් ආවාහුය. මෙහි යමක් කියයුත්තේනම් එය ආකාසට්ඨ කථාවෙහිද ප්රාණිකථාවෙහිද කියනලදනය ඇත්තේමය.
ද්විපදකථා නිට්ඨිතා.
ද්විපදකථා නිමි.
චතුප්පදකථා
චතුප්පදකථා
චතුප්පදෙසු – පසුකාති පාළියං ආගතාවසෙසා සබ්බා චතුප්පදජාතීති වෙදිතබ්බා. හත්ථිආදයො පාකටායෙව. තත්ථ ථෙය්යචිත්තෙන හත්ථිං ආමසන්තස්ස දුක්කටං, ඵන්දාපෙන්තස්ස ථුල්ලච්චයං. යො පන මහාබලො බලමදෙන තරුණං භිඞ්කච්ඡාපං නාභිමූලෙ සීසෙන උච්චාරෙත්වා ගණ්හන්තො චත්තාරො පාදෙ, සොණ්ඩං ච භූමිතො කෙසග්ගමත්තම්පි මොචෙති, පාරාජිකං. හත්ථී පන කොචි හත්ථිසාලායං බන්ධිත්වා ඨපිතො හොති, කොචි අබද්ධොව තිට්ඨති, කොචි අන්තොවත්ථුම්හි තිට්ඨති, කොචි රාජඞ්ගණෙ තිට්ඨති, තත්ථ හත්ථිසාලායං ගීවාය බන්ධිත්වා ඨපිතස්ස ගීවාබන්ධනඤ්ච චත්තාරො ච පාදාති පඤ්ච ඨානානි හොන්ති. ගීවාය ච එකස්මිඤ්ච පාදෙ අයසඞ්ඛලිකාය බද්ධස්ස ඡ ඨානානි. ගීවාය ච ද්වීසු ච පාදෙසු බද්ධස්ස සත්ත ඨානානි. තෙසං වසෙන ඵන්දාපනඨානාචාවනානි වෙදිතබ්බානි. අබද්ධස්ස සකලා හත්ථිසාලා ඨානං. තතො අතික්කමනෙ, පාරාජිකං. අන්තොවත්ථුම්හි ඨිතස්ස සකලං අන්තොවත්ථුමෙව ඨානං. තස්ස වත්ථුද්වාරාතික්කමනෙ පාරාජිකං. රාජඞ්ගණෙ ඨිතස්ස සකලනගරං ඨානං. තස්ස නගරද්වාරාතික්කමනෙ පාරාජිකං. බහිනගරෙ ඨිතස්ස ඨිතට්ඨානමෙව ඨානං. තං හරන්තො පදවාරෙන කාරෙතබ්බො. නිපන්නස්ස එකමෙව ඨානං. තං ථෙය්යචිත්තෙන උට්ඨාපෙන්තස්ස උට්ඨිතමත්තෙ පාරාජිකං. අස්සෙපි අයමෙව විනිච්ඡයො. සචෙ පන සො චතූසු පාදෙසු බද්ධො හොති, අට්ඨ ඨානානි වෙදිතබ්බානි. එස නයො ඔට්ඨෙපි.
සිවුපා ඇත්තවුන් අතුරෙහි - පසුකා යන මෙයින් පෙළෙහි ආවාවූ සෙසු සියල්ලෝ සිවුපා ජාතිහයි දතයුත්තාහ. හස්ති ආදීහු ප්රකටයෝමය. එහි සොරසිතින් ඇතෙකු පහසන්නහුට දුක්කටය වේ. සොලවන්නහුට ථුල්ලච්චය වේ. මහත් ශක්ති ඇති යමෙක් බලමදය කරණකොට තරුණ වූ භිඞ්ක, භිඞ්කයි හඬනගන බැවින් එනම්ලද ඇත්පැටවෙකු නැබමුල හිසින් උඩට නගාගන්නේ පාසතර හා සොඬය බිමින් කෙසගක් පමණ නමුදු මුදාද පාරාජිකය වේ. කිසි ඇතෙක් වනාහි ඇත්හලෙහි බැඳ තබන ලද්දේවේද, කිසි ඇතෙක් නොබඳින ලදුවම සිටීද, කිසි ඇතෙක් වත්ත තුළ සිටීද, කිසි ඇතෙක් රජමිදුලෙහි සිටීද, එහි ඇත්හලෙහි බෙල්ලෙන් බැඳතැබූ ඇතුගේ බෙල්ල බැඳීමද පාසතරදැයි පස්තැනක් ලැබේ. බෙල්ලෙන්ද එක් පාදයක් යකඩ හැකිල්ලෙන්ද බඳිනලද ඇතුට සතැනක් ලැබේ. බෙල්ලෙන් හා දෙපාදයෙන් බඳිනලද ඇතුට සත්තැනක් ලැබේ. ඒ ස්ථානයන්ගේ වසයෙන් සෙලවීම් හුන්තැනින් පහකිරීම් ආදිය දතයුතුය. නොබඳිනලද ඇතුට මුළු ඇත්හලම තැන් වේ. ඒ ඇත්හලින් ඉක්මවාද පාරාජිකය වේ. වත්ත තුළ සිටි ඇතුට සියලු ඇතුල්වත්තම තැන් වේ. ඒ ඇතු වත්තදොර ඉක්මීමෙහිදී පාරාජිකය වේ. රජ මිදුලෙහි සිටියහුට සියලු නගරය ස්ථාන වේ. ඒ ඇතු නුවරදොරින් ඉක්මීමෙහිදී පාරාජිකය වේ. පිටනුවරෙහි සිටියහුට සිටිතැනම ස්ථාන වේ. ඔහු ගෙනයන්නේ පදවාරයෙන් කරවිය යුත්තේය. හොත්තහුට එක්ම ස්ථානයක් වේ. ඔහු සොරසිතින් නගාසිටුවන්නහුට නැගීසිටි ඇසිල්ලෙහි පාරාජිකය වේ. අසුකෙරෙහිද මේ විනිශ්චය වේ. ඉදින්වනාහි ඒ අසු පාසතරින් බඳින ලද්දේවේද ඔහු පිළිබඳව අටතැනක් දතයුතුය. ඔටුවා කෙරෙහිද මේ නයම වේ.
ගොණොපි කොචි ගෙහෙ බන්ධිත්වා ඨපිතො හොති. කොචි අබද්ධොව තිට්ඨති, කොචි පන වජෙ බන්ධිත්වා ඨපිතො හොති, කොචි අබද්ධොව තිට්ඨති. තත්ථ ගෙහෙ බන්ධිත්වා ඨපිතස්ස චත්තාරො පාදා, බන්ධනඤ්චාති පඤ්ච ඨානානි; අබද්ධස්ස සකලං ගෙහං. වජෙපි බද්ධස්ස පඤ්ච ඨානානි. අබද්ධස්ස සකලො වජො. තං වජද්වාරං අතික්කාමෙති, පාරාජිකං. වජං භින්දිත්වා හරන්තො ඛණ්ඩද්වාරං අතික්කාමෙති, පාරාජිකං. ද්වාරං වා විවරිත්වා වජං වා භින්දිත්වා බහි ඨිතො නාමෙන පක්කොසිත්‍වා නික්ඛාමෙති, පාරාජිකං. සාඛාභඞ්ගං දස්සෙත්වා පක්කොසන්තස්සාපි එසෙව නයො. ද්වාරං අවිවරිත්වා වජං අභින්දිත්වා සාඛාභඞ්ගං චාලෙත්වා පක්කොසති, ගොණො ඡාතතාය වජං ලඞ්ඝෙත්වා නික්ඛමති, පාරාජිකමෙව. සචෙ පන ද්වාරෙ විවරිතෙ වජෙ වා භින්නෙ සයමෙව නික්ඛමති, භණ්ඩදෙය්යං. ද්වාරං විවරිත්වා වා අවිවරිත්වා වා වජම්පි භින්දිත්වා වා අභින්දිත්වා වා කෙවලං සාඛාභඞ්ගං චාලෙති, න පක්කොසති, ගොණො ඡාතතාය පදසා වා ලඞ්ඝෙත්වා වා නික්ඛමති, භණ්ඩදෙය්යමෙව. එකො මජ්ඣෙ ගාමෙ බද්ධො ඨිතො, එකො නිපන්නො. ඨිතගොණස්ස පඤ්ච ඨානානි හොන්ති, නිපන්නස්ස ද්වෙ ඨානානි; තෙසං වසෙන ඵන්දාපනඨානාචාවනානි වෙදිතබ්බානි.
කිසි ගොනෙක් ගෙයි බැඳ තබන ලද්දේ වේ. එකෙක් නොබඳින ලදුවම සිටියි. කිසි ගොනෙක් ගාලෙහි බැඳතබන ලද්දේ වේ. කිසි ගොනෙක් නොබඳින ලදුවම සිටියි. එහි ගෙයි බැඳතැබූ ගොනු පිළිබඳව පාසතර හා බැඳීමයි ස්ථාන පසක් වේ. නොබඳිනලද ගොනුට මුළු ගෙයම ස්ථාන වේ. ගාලෙහි බැඳතබන ලද්දාහුට පස්තැනක් ලැබේ. නොබඳින ලද්දහුට මුළු ගාලම ස්ථාන වේ. ඒ ගාල්දොර ඉක්මවාද පාරාජිකය වේ. ගාල බිඳගෙන යන්නේ තමන් කැඩූදොර ඉක්මවාද පාරාජිකය වේ. දොර විවෘතකොට හෝ ගාල බිඳ හෝ පිටත සිටියේ නම කියා කැඳවා නික්මවාද, පාරාජිකය වේ. අතුකඩක් හෝ දක්වා කැඳවන්නහුටද මෙම නයවේ. දොර නොඇර ගාල නොබිඳ හුදෙක් අතුකඩක් සොලවා නොකැඳවාද, ගොනාට බඩසා ඇති බැවින් ගාලෙන් පැන නික්මේද, පාරාජිකයම වේ. ඉදින්වනාහි දොර ඇරියකල්හි, ගාල හෝ බිඳි කල්හි තෙමේම නික්මේද, භණ්ඩදෙය්‍ය වේ. දොර විවෘත කොට හෝ විවෘත නොකොට හෝ ගාල බිඳ හෝ නොබිඳ හෝ හුදෙක් අතුකඩක් සොලවාද, නොකැඳවාද, ගොන් තෙමේ බඩසා ඇති බැවින් පයින් හෝ උඩපැන හෝ නික්මේද, භණ්ඩදෙය්යම වේ. එක් ගොනෙක් ගමමැද බඳිනලදුව සිටියේවේද, එකෙක් හොත්තේවේද, සිටි ගොන්හට පස්තැනක් ලැබේ. හොත්තහුට දෙතැනක් ලැබේ. ඔවුන්ගේ වසයෙන් සෙලවීම් හුන්තැනින් පහකිරීම් දතයුතුය.
යො පන නිපන්නං අනුට්ඨාපෙත්වා තත්ථෙව ඝාතෙති, භණ්ඩදෙය්යං. සුපරික්ඛිත්තෙ පන ද්වාරයුත්තෙ ගාමෙ ඨිතගොණස්ස සකලගාමො ඨානං. අපරික්ඛිත්තෙ ඨිතස්ස වා චරන්තස්ස වා පාදෙහි අක්කන්තට්ඨානමෙව ඨානං ගද්රභපසුකාසුපි අයමෙව විනිච්ඡයොති.
යමෙක් වනාහි හොත්තහු නොනැගුටුවා එතැනදීම නසාද භණ්ඩදෙය්‍ය වේ. මනාකොට වට කළ දොරකින් යුත් ගමෙහි සිටි ගොන්හට මුළුගම ස්ථාන වේ. වටනොකළ ගමෙහි සිටියහුට හෝ හැසිරෙන්නහුට හෝ පාවලින් පෑගූ තැනම ස්ථාන වේ. කොටලු සිවුපා ආදීන් අතුරෙහිද මේ විදියම වේ.
චතුප්පදකථා නිට්ඨිතා.
චතුප්පදකථා නිමි.
බහුප්පදකථා
බහුප්පදකථා
බහුප්පදෙසු – සචෙ එකාය සතපදියා වත්ථු පූරති, තං පදසා නෙන්තස්ස නවනවුති ථුල්ලච්චයානි, එකං පාරාජිකං. සෙසං වුත්තනයමෙවාති.
බොහෝ පා ඇත්තවුන් අතුරෙහි එක් සතපදියක කරණකොට පාරාජික වස්තුව පිරේද, ඔහු පයින් යවන්නහුට නවානූවක් ථුල්ලච්චයෝ වෙත්. එක් පාරාජිකයෙක් වේ. සෙස්ස කියූනය ඇත්තේමය.
බහුප්පදකථා නිට්ඨිතා.
බහුප්පදකථා නිමි.
ඔචරකකථා
ඔචරකකථා
ඔචරතීති ඔචරකො, තත්ථ තත්ථ අන්තො අනුපවිසතීති වුත්තං හොති. ඔචරිත්වාති සල්ලක්ඛෙත්වා, උපධාරෙත්වාති අත්ථො. ආචික්ඛතීති පරකුලෙසු වා විහාරාදීසු වා දුට්ඨපිතං අසංවිහිතාරක්ඛං භණ්ඩං අඤ්ඤස්ස චොරකම්මං කාතුං පටිබලස්ස ආරොචෙති. ආපත්ති උභින්නං පාරාජිකස්සාති අවස්සං හාරියෙ භණ්ඩෙ ඔචරකස්ස ආණත්තික්ඛණෙ ඉතරස්ස ඨානාචාවනෙති එවං ආපත්ති උභින්නං පාරාජිකස්ස. යො පන “පුරිසො ගෙහෙ නත්ථි, භණ්ඩං අසුකස්මිං නාම පදෙසෙ ඨපිතං අසංවිහිතාරක්ඛං, ද්වාරං අසංවුතං, ගතමත්තෙනෙව සක්කා හරිතුං, නත්ථි නාම කොචි පුරිසකාරූපජීවී, යො තං ගන්ත්වා හරෙය්යා”තිආදිනා නයෙන පරියායකථං කරොති, තඤ්ච සුත්වා අඤ්ඤො “අහං දානි හරිස්සාමී”ති ගන්ත්වා හරති, තස්ස ඨානාචාවනෙ පාරාජිකං, ඉතරස්ස පන අනාපත්ති. පරියායෙන හි අදින්නාදානතො මුච්චතීති.
විමසා බලානුයි ඔවරක නමි. ඒ ඒ තැන ඇතුළට පිවියේනුයි කියන ලද්දේ වේ. ‘ඔවරිත්වා’ සලකා විමසා යන අර්‍ත්‍ථයි. ‘ආවික්ඛති’ පරකුලයන්හි හෝ විහාරාරාමාදියෙහි හෝ නොමනාව තැබූ නොකළ රැකුම් ඇති භාණ්ඩයක් සොරකම් කරන්නට ප්‍රතිබල ඇති අනෙකක්හට සැලකෙරෙයි. ‘ආපත්ති උභින්තං පාරාජිකස්ස’ අවශ්‍යයෙන් සොරකම්කොට ගතයුතු භාණ්ඩයෙහි ඔත්තු කියන්නහුට අණකළ මොහොතෙහිද, අනෙකාහට ඨානාචාවනයෙහිදැයි මෙසේ දෙදෙනාහට පාරාජිකාපත්තිය වේ. යම් මහණෙක් වනාහි ‘පුරුෂතෙමේ ගෙයි නැත්තේය, භාණ්ඩය අසුවල් පෙදෙසෙහි තබන ලද්දේය, නොකළ රැකුම් ඇත්තේය, දොර නොවසන ලද්දේය, ගිය ඇසිල්ලකින්ම ගන්නට හැක්කේය, පුරුෂයන් විසින් කළයුතු කටයුතුවලින් ජීවත්වන කිසිවෙක් නම් නැත්තේය, යමෙක් ගොස් එය ගන්නේය’ යන මේ ආදි ක්‍රමයෙන් පරියාය කථාකෙරේද, එද අසා අනෙකෙක් ‘මම දැන් ගෙනයන්නෙමි’යි ගොස් ගණීද, එය ගන්නහුට ඨානාචාවනය නිමිතිකොට පාරාජිකය වේ. අනෙකාට වනාහි ඇවැත් නොවේ. පරියාය කථාවෙන් අදින්නාදානයෙන් මිදෙන්නේය.
ඔචරකකථා නිට්ඨිතා.
ඔචරකකථා නිමි.
ඔණිරක්ඛකථා
ඔණිරක්ඛකථා
ඔණිං රක්ඛතීති ඔණිරක්ඛො. යො පරෙන අත්තනො වසනට්ඨානෙ ආභතං භණ්ඩං “ඉදං තාව, භන්තෙ, මුහුත්තං ඔලොකෙථ, යාව අහං ඉදං නාම කිච්චං කත්වා ආගච්ඡාමී”ති වුත්තො රක්ඛති, තස්සෙතං අධිවචනං. තෙනෙවාහ – “ඔණිරක්ඛො නාම ආහටං භණ්ඩං ගොපෙන්තො”ති. තත්ථ ඔණිරක්ඛො යෙභුය්යෙන බන්ධිත්වා ලග්ගෙත්වා ඨපිතභණ්ඩං අමොචෙත්වාව හෙට්ඨා පසිබ්බකං වා පුටකං වා ඡින්දිත්වා කිඤ්චිමත්තං ගහෙත්වා සිබ්බනාදිං පුන පාකතිකං කරොති, “එවං ගණ්හිස්සාමී”ති ආමසනාදීනි කරොන්තස්ස අනුරුපා ආපත්තියො වෙදිතබ්බාති.
ගෙන අවුත් තැබූ බඩු රකින්නේනුයි ඔණිරක්ඛ නම් වේ. යමෙක් අනිකෙකු විසින් තමන්ගේ වාසස්ථානයට ගෙනෙන ලද භාණ්ඩයක් ‘ස්වාමීනි! මම මෙනම් කෘත්‍යයකොට යම්තාක් එන්නෙම්ද ඒතාක් මොහොතක් මේ භාණ්ඩය බලාගනු මැනවැ’යි කියන ලද්දේවේද, ඒතාක් රකියි. ඔහුට මේ නමෙකි. එහෙයින්ම ‘ඔණිරක්ඛො නාම ආහටං භණ්ඩං ගොපෙන්තො’ යනු වදාළ සේක. එහි ඔණිරක්ඛ තෙමේ බොහෝසෙයින් බැඳ එල්ලා තැබූ භාණ්ඩයක් නොමුදාම යට පසුම්බිය හෝ ගොටුව හෝ කපා ස්වල්පමාත්‍රයක් ගෙන මැහීම් ආදිය නැවත ප්‍රකෘතිමත් කෙරේද, ‘මෙසේ ගන්නෙමි’යි පැහැසීම් ආදිය කරන්නහුට සුදුසු වූ ආපත්තීහු දතයුත්තාහ.
ඔණිරක්ඛකථා නිට්ඨිතා.
ඔණිරක්ඛකථා නිමි.
සංවිදාවහාරකථා
සංවිදාවහාරකථා
සංවිධාය අවහාරො සංවිදාවහාරො; අඤ්ඤමඤ්ඤසඤ්ඤත්තියා කතාවහාරොති වුත්තං හොති. සංවිදහිත්වාති එකච්ඡන්දතාය එකජ්ඣාසයතාය සම්මන්තයිත්වාති අත්ථො. තත්රායං විනිච්ඡයො – සම්බහුලා භික්ඛූ “අසුකං නාම ගෙහං ගන්ත්වා, ඡදනං වා භින්දිත්වා, සන්ධිං වා ඡින්දිත්වා භණ්ඩං හරිස්සාමා”ති සංවිදහිත්වා ගච්ඡන්ති. තෙසු එකො භණ්ඩං අවහරති. තස්සුද්ධාරෙ සබ්බෙසං පාරාජිකං. පරිවාරෙපි චෙතං වුත්තං –
සංවිධානයකොට සොරකම් කිරීම සංවිදාවහාර නම්වේ. ඔවුනොවුන්ගේ ප්රඥප්තිය කරණකොට කළ සොරකමැයි කියන ලද්දේ වේ. ‘සංවිදහිත්වා’’ සමානච්ඡන්දය ඇති බැවින් සමානාද්ධ්යාසය ඇති බැවින් එක්ව මන්ත්‍රණයකොට යන අර්‍ත්‍ථයි. එහි මේ විනිශ්චය වේ: බොහෝ භික්ෂූහු ‘අසුවල් ගෙට ගොස් වහල හෝ බිඳ ගෘහසන්ධි හෝ සිඳ භාණ්ඩය ගන්නෙමු’යි නියමකොට ගෙනයෙත්ද, ඔවුන් අතුරෙහි එකෙක් භාණ්ඩය සොරකම් කරයි. ඒ භාණ්ඩය ඉදිරීම නිමිතිකොට සියල්ලන්ට පාරාජිකය වේ. පරිවාරයෙහි ද වදාරණ ලද්දේය:-
“චතුරො ජනා සංවිධාය, ගරුභණ්ඩං අවාහරුං; තයො පාරාජිකා, එකො න පාරාජිකො; පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”ති. (පරි· 479);
‘චතුරො ජනා සංවිධාය ගරුභණ්ඩං අවාහරුං, තයො පාරාජිකා වුත්තා එකො ච න පාරාජිකො, පඤ්හා මෙසා කුසලෙහි වින්තිතා’යි
‘සිවුදෙනෙක් තුළ සමානච්ඡන්දයෙන් මන්ත්‍රණයකොට ගරුභාණ්ඩයක් සොරකම් කළහ. එහිදී තිදෙනෙක් පාරාජිකාවට පැමිණියාහුයයි කියන ලදහ. එකෙක් නොද පාරාජික වූයේය. මේ ප්රශ්නය විඥයන් විසින් සිතන ලදය,
තස්සායං අත්ථො – චත්තාරො ජනා ආචරියන්තෙවාසිකා ඡමාසකං ගරුභණ්ඩං ආහරිතුකාමා ජාතා. තත්ථ ආචරියො “ත්වං එකං මාසකං හර, ත්වං එකං, ත්වං එකං, අහං තයො හරිස්සාමී”ති ආහ. අන්තෙවාසිකෙසු පන පඨමො “තුම්හෙ, භන්තෙ, තයො හරථ, ත්වං එකං හර, ත්වං එකං, අහං එකං හරිස්සාමී”ති ආහ. ඉතරෙපි ද්වෙ එවමෙව ආහංසු. තත්ථ අන්තෙවාසිකෙසු එකමෙකස්ස එකෙකො මාසකො සාහත්ථිකො හොති, තෙන නෙසං දුක්කටාපත්තියො; පඤ්ච ආණත්තිකා, තෙහි තිණ්ණම්පි පාරාජිකං. ආචරියස්ස පන තයො සාහත්ථිකා, තෙහිස්ස ථුල්ලච්චයං. තයො ආණත්තිකා, තෙහිපි ථුල්ලච්චයමෙව. ඉමස්මිඤ්හි අදින්නාදානසික්ඛාපදෙ සාහත්ථිකං වා ආණත්තිකස්ස, ආණත්තිකං වා සාහත්ථිකස්ස අඞ්ගං න හොති. සාහත්ථිකං පන සාහත්ථිකෙනෙව කාරෙතබ්බං, ආණත්තිකං ආණත්තිකෙනෙව. තෙන වුත්තං – “චතුරො ජනා සංවිධාය…පෙ… පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”ති.
ඒ ප්‍රශ්නයෙහි මේ අර්ත්ථය වේ: ආචාර්ය්ය - අන්තෙවාසිකයෝ සිවුදෙනෙක් සමස්සක් වටිනා ගරුභාණ්ඩයක් සොරකම් කොටගනු කැමැත්තෝ වූහ. එහි ආචාර්‍ය්‍යතෙමේ ‘තෝ එක්මස්සක් ගනුව, තෝ එක් මස්සක් ගනුව, තෝ එක් මස්සක් ගනුව, මම තුන් මසක් ගන්නෙමි’යි කීයේය. අන්තෙවාසිකයන් අතර පළමුවැන්නා ‘ස්වාමීනි! ඔබවහන්සේ මසුතුනක් ගනුමැනව, තෝ එක්මස්සක් ගනුව, තෝ එක්මස්සක් ගනුව, මම එක්මස්සක් ගන්නෙමි’යි කීයේය. අනික් දෙදෙනද මෙපරිද්දෙන්ම කීහ. එහි අතවැසියන් අතුරෙන් එකක් එකක්හට එක් එක් මස්සෙක් සාහර්ත්ථික වේ. එයින් ඔවුන්ට දුක්කටාපත්ති වේ. පසෙක් ආණත්තික වේ. එයින් තිදෙනකුටම පාරාජිකාපත්තිය වේ. ආචාර්‍ය්‍යයා හටවනාහි තුනක් සාහර්ත්ථික වේ. එයින් මොහුට ථුල්ලච්චය වේ. තුනක් ආණත්තික වේ. එයිනුදු ථුල්ලච්චයම වේ. මේ අදින්නාදාන ශික්‍ෂාපදයෙහි සාහර්ත්ථිකයට ආණත්තිය හෝ ආණත්තියට සාහර්ත්ථිකය හෝ අඞ්ග නොවේ. සාහර්ත්ථිකය වනාහි සාහර්ත්ථිකයෙන්ම කරවිය යුතුය. ආණත්තිකය ආණත්තිකයෙන්ම කරවිය යුතුය. එහෙයින්, ‘චතුරො ජනා සංවිධාය -පෙ- පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා’යි කියන ලදී.
අපිච සංවිදාවහාරෙ අසම්මොහත්ථං “එකභණ්ඩං එකට්ඨානං, එකභණ්ඩං නානාඨානං; නානාභණ්ඩං එකට්ඨානං, නානාභණ්ඩං නානාඨාන”න්ති ඉදම්පි චතුක්කං අත්ථතො සල්ලක්ඛෙතබ්බං. තත්ථ එකභණ්ඩං එකට්ඨානන්ති එකකුලස්ස ආපණඵලකෙ පඤ්චමාසකං භණ්ඩං දුට්ඨපිතං දිස්වා සම්බහුලා භික්ඛූ එකං ආණාපෙන්ති “ගච්ඡෙතං ආහරා”ති, තස්සුද්ධාරෙ සබ්බෙසං පාරාජිකං. එකභණ්ඩං නානාඨානන්ති එකකුලස්ස පඤ්චසු ආපණඵලකෙසු එකෙකමාසකං දුට්ඨපිතං දිස්වා සම්බහුලා එකං ආණාපෙන්ති “ගච්ඡෙතෙ ආහරා”ති, පඤ්චමස්ස මාසකස්ස උද්ධාරෙ සබ්බෙසං පාරාජිකං. නානාභණ්ඩං එකට්ඨානන්ති බහූනං සන්තකං පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං භණ්ඩං එකස්මිං ඨානෙ දුට්ඨපිතං දිස්වා සම්බහුලා එකං ආණාපෙන්ති “ගච්ඡෙතං ආහරා”ති, තස්සුද්ධාරෙ සබ්බෙසං පාරාජිකං. නානාභණ්ඩං නානාඨානන්ති පඤ්චන්නං කුලානං පඤ්චසු ආපණඵලකෙසු එකෙකමාසකං දුට්ඨපිතං දිස්වා සම්බහුලා එකං ආණාපෙන්ති “ගච්ඡෙතෙ ආහරා”ති, පඤ්චමස්ස මාසකස්ස උද්ධාරෙ සබ්බෙසං පාරාජිකන්ති.
තවද සංවිදාවහාරයෙහි නොමුළාබව පිණිස ‘එකං භණ්ඩං එකට්ඨානං, එකං භණ්ඩං නානාට්ඨානං, නානාභණ්ඩං එකට්ඨානං, නානාභණ්ඩං නානාට්ඨානං’ යන මේ චතුෂ්කයද අර්ත්ථ වශයෙන් සැලකිය යුතුය. එහි ‘එකං භණ්ඩං එකට්ඨානං’ එක් කුලයකට අයත් කඩලෑල්ලක නොමනාව තබනලද පස්මස්සක් වටින භාණ්ඩයක් දැක බොහෝ භික්ෂූහු, එකක්හට ‘යව, මේ භාණ්ඩය ගෙන එව’යි අණ කෙරෙත්ද, එය නගාගැනීම නිමිතිකොට සියල්ලන්ට පාරාජිකය වේයනුයි. ‘එකං භණ්ඩං නානාට්ඨානං’ එක් කුලයකට අයත් කඩලෑලි පසෙක්හි නොමනාව තබනලද එක් එක් මස්ස දැක බොහෝ භික්ෂූහු එකක්හට ‘යව මේ මසුගෙන එව’යි අණ කෙරෙත්ද, පස්වනමස්ස නගාගැනීම නිමිතිකොට සියල්ලන්ට පාරාජිකය වේ යනුයි. ‘නානාභණ්ඩං එකට්ඨානං’ බොහෝදෙනෙකුන් සතු වූ එක්තැනක නොමනාව තබනලද පස්මස්සකට හෝ පස්මස්සකට වැඩිතරම් වූ වටින්නා වූ භාණ්ඩයක් දැක බොහෝභික්ෂූහු එකක්හට ‘යව, මේ භාණ්ඩය ගෙනඑව’යි අණ කෙරෙත්. ඒ භාණ්ඩය නගාගැනීම නිමිතිකොට සියල්ලන්ට පාරාජික වේයනුයි. ‘නානාභණ්ඩං නානාට්ඨානං’ කුලපසකට අයත් වූ කඩලෑලි පසෙක නොමනාව තබනලද එක් එක් මස්ස දැක බොහෝ භික්ෂූහු, එකක්හට ‘යව, මේ මසු ගෙන එව’යි අණ කෙරෙත්. පස්වනමස්ස උදුරා ගැනීම නිමිතිකොට සියල්ලන්ට පාරාජිකය වේ යනුයි.
සංවිදාවහාරකථා නිට්ඨිතා.
සංවිදාවහාරකථා නිමි.
සඞ්කෙතකම්මකථා
සඞ්කෙතකම්මකථා
සඞ්කෙතකම්මන්ති සඤ්ජානනකම්මං; කාලපරිච්ඡෙදවසෙන සඤ්ඤාණකරණන්ති අත්ථො. එත්ථ ච “පුරෙභත්තං අවහරා”ති වුත්තෙ අජ්ජ වා පුරෙභත්තං අවහරතු, ස්වෙ වා, අනාගතෙ වා සංවච්ඡරෙ, නත්ථි විසඞ්කෙතො; උභින්නම්පි ඔචරකෙ වුත්තනයෙනෙව පාරාජිකං. සචෙ පන “අජ්ජ පුරෙභත්තං අවහරා”ති වුත්තෙ ස්වෙ පුරෙභත්තං අවහරති, “අජ්ජා”ති නියාමිතං තං සඞ්කෙතං අතික්කම්ම පච්ඡා අවහටං හොති. සචෙ “ස්වෙ පුරෙභත්තං අවහරා”ති වුත්තෙ අජ්ජ පුරෙභත්තං අවහරති , “ස්වෙ”ති නියාමිතං තං සඞ්කෙතං අප්පත්වා පුරෙ අවහටං හොති; එවං අවහරන්තස්ස අවහාරකස්සෙව පාරාජිකං, මූලට්ඨස්ස අනාපත්ති. “ස්වෙ පුරෙභත්ත”න්ති වුත්තෙ තදහෙව වා ස්වෙ පච්ඡාභත්තං වා හරන්තොපි තං සඞ්කෙතං පුරෙ ච පච්ඡා ච හරතීති වෙදිතබ්බො. එස නයො පච්ඡාභත්තරත්තින්දිවෙසුපි. පුරිමයාම-මජ්ඣිමයාම-පච්ඡිමයාම-කාළජුණ්හ-මාස-උතු-සංවච්ඡරාදිවසෙනාපි චෙත්ථ සඞ්කෙතවිසඞ්කෙතතා වෙදිතබ්බා. “පුරෙභත්තං හරා”ති වුත්තෙ “පුරෙභත්තමෙව හරිස්සාමී”ති වායමන්තස්ස පච්ඡාභත්තං හොති; එත්ථ කථන්ති? මහාසුමත්ථෙරො තාව ආහ – “පුරෙභත්තපයොගොව එසො, තස්මා මූලට්ඨො න මුච්චතී”ති. මහාපදුමත්ථෙරො පනාහ – “කාලපරිච්ඡෙදං අතික්කන්තත්තා විසඞ්කෙතං, තස්මා මූලට්ඨො මුච්චතී”ති.
‘සඞ්කෙතං කම්මං’ හැඳින ගැනීම පිණිස කරන කර්මයයි. කාලපරිච්ඡෙද වසයෙන් සලකුණු කිරීමය යන අර්‍ත්‍ථයි. මෙහිදී ‘පෙරබත සොරකම්කොට ගෙන එව’යි කියන ලද්දේ, අද හෝ පෙරබත ගෙන ඒවා, හෙට හෝ අනාගත සංවත්සරයෙහි හෝ ගෙන ඒවායි කියන ලද්දේද කාලයාගේ පිරිසිඳීම් වසයෙන් සලකුණු කිරීමෙහි විසඞ්කෙතයක් නැත්තේය. දෙදෙනාහටම ඔවරක කථාවෙහි කියූනයින්ම පාරාජිකය වේ. ඉදින්වනාහි ‘අද පෙරබත ගෙනඑව’යි කියන ලද්දේ, හෙට ගෙනඒද, ‘අද’යි නියම කරනලද ඒ සලකුණ ඉක්මවා පසුව ගෙනඑන ලද්දේවේද, ඉදින් ‘හෙට පෙරබත ගෙනඑව’යි කියන ලද්දේ, හෙටගෙන ඒද, ‘අද’යි නියමකරනලද ඒ සලකුණ ඉක්මවා පසුව ගෙන එන ලද්දේවේද, ඉදින් ‘හෙට පෙරබත ගෙන එව’යි කියන ලද්දේ අද පෙරබත ගෙන ඒද, ‘සෙටැ’යි නියමකරනලද ඒ සලකුණට නොපැමිණ එයට පෙර ගෙනඑන ලද්දේවේද, මෙසේ අවහරණය කරන අවහාරකයාහටම පාරාජිකය වේ. ඇණවූවහුට ඇවැත් නොවේ. ‘හෙට පෙරබතැ’යි කියූකල්හි එදවසම හෝ හෙට පසුබත හෝ ගන්නේද, ඒ සලකුණට පෙරද පසුද ගෙනේයයි දතයුතුය. පසුබත රෑදාවලද මෙම නයවේ. පෙරයම මැදුම්යම පැසුළුයම අවපුර දෙපස මාස උතු අවුරුදු යනාදීන්ගේ වසයෙන්ද මෙහි කාලය පිරිසිඳීම් වසයෙන් සඞ්කෙත විසඞ්කෙත භාවය දතයුතුය. ‘පෙරබත ගෙන එව’යි කියූ කල්හි ‘පෙරබතම ගන්නෙමි’යි ව්‍යායාම කරන්නහුට පසු බතවේද, යන මෙහිලා කෙසේවේද යන ප්‍රශ්නයෙහි මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ මෙය පුරෙභත්තප්රයොගයම වේ. එහෙයින් මූලස්ථතෙමේ නොමිදේයයි කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි කාලයාගේ පිරිසිඳීම ඉක්මවූ බැවින් විසඞ්කෙතය වේ. එහෙයින් මූලස්ථතෙමේ මිදේයයි කීහ.
සඞ්කෙතකම්මකථා නිට්ඨිතා.
සඞ්කෙතකම්මකථා නිමි.
නිමිත්තකම්මකථා
නිමිත්තකම්මකථා
නිමිත්තකම්මන්ති සඤ්ඤුප්පාදනත්ථං කස්සචි නිමිත්තස්ස කරණං, තං “අක්ඛිං වා නිඛණිස්සාමී”තිආදිනා නයෙන තිධා වුත්තං. අඤ්ඤම්පි පනෙත්ථ හත්ථලඞ්ඝන-පාණිප්පහාරඅඞ්ගුලිඵොටන-ගීවුන්නාමන-උක්කාසනාදිඅනෙකප්පකාරං සඞ්ගහෙතබ්බං. සෙසමෙත්ථ සඞ්කෙතකම්මෙ වුත්තනයමෙවාති.
‘නිමිත්තකම්මං’ යනු කල්පනා උපදවනු පිණිස වර්ණසංස්ථානාදි වශයෙන් කිසි නිමිත්තක් කිරීමය. ඒ නිමිති කිරීම ‘අක්ඛිං වා නිඛණිස්සාමි’ යනාදි නයින් තෙපරිද්දෙකින් වදාරණ ලද්දේය. මෙහි අන්‍යවූද අත එසවීම අප්පුඩි ගැසීම අසුරු ගැසීම බෙල්ල එසවීම කෑරීම යනාදී වූ අන්අයුරුද සඞ්ග්‍රහ කටයුතුය. මෙහි සෙස්ස සඞ්කෙත කර්මයෙහි කියූනය ඇත්තේය.
නිමිත්තකම්මකථා නිට්ඨිතා.
නිමිත්තකම්මකථා නිමි.
ආණත්තිකථා
ආණත්තිකථා
ඉදානි එතෙස්වෙව සඞ්කෙතකම්මනිමිත්තකම්මෙසු අසම්මොහත්ථං “භික්ඛු භික්ඛුං ආණාපෙතී”තිආදිමාහ. තත්ථ සො තං මඤ්ඤමානො තන්ති සො අවහාරකො යං ආණාපකෙන නිමිත්තසඤ්ඤං කත්වා වුත්තං, තං එතන්ති මඤ්ඤමානො තමෙව අවහරති, උභින්නං පාරාජිකං. සො තං මඤ්ඤමානො අඤ්ඤන්ති යං අවහරාති වුත්තං, තං එතන්ති මඤ්ඤමානො අඤ්ඤං තස්මිංයෙව ඨානෙ ඨපිතං අවහරති, මූලට්ඨස්ස අනාපත්ති. අඤ්ඤං මඤ්ඤමානො තන්ති ආණාපකෙන නිමිත්තසඤ්ඤං කත්වා වුත්තභණ්ඩං අප්පග්ඝං, ඉදං අඤ්ඤං තස්සෙව සමීපෙ ඨපිතං සාරභණ්ඩන්ති එවං අඤ්ඤං මඤ්ඤමානො තමෙව අවහරති, උභින්නම්පි පාරාජිකං. අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤන්ති පුරිමනයෙනෙව ඉදං අඤ්ඤං තස්සෙව සමීපෙ ඨපිතං සාරභණ්ඩන්ති මඤ්ඤති, තඤ්චෙ අඤ්ඤමෙව හොති, තස්සෙව පාරාජිකං.
දැන් මෙම සඞ්කෙතකර්ම - නිමිත්තකර්මයන්හි නොමුළාබව පිණිස ‘භික්ඛු භික්ඛුං ආණාපෙති’ යනාදිය වදාළ සේක. එහි ‘සො තං මඤ්ඤමානො තං’ යනු, ඒ අවහාරක අණවන්නහු විසින් යම්නිමිති හැඟවීමක්කොට කියන ලද්ද, ‘ඒ මේය’යි සිතමින් ඒ භාණ්ඩයම සොරකම්කොට ගනීද, දෙදෙනාහට පාරාජිකය වේ. ‘සො තං මඤ්ඤමානො අඤ්ඤං’ යමක් සොරකම්කොට ගනුවයි කියන ලද්දේ ‘ඒ මේය’යි සිතමින් එතැන්හිම තැබූ අනිකක් සොරකම්කොට ගනීද, මූලස්ථ වූ ඇණවූවහුට ඇවැත් නැත්තේය. ‘අඤ්ඤං මඤ්ඤමානො තං’ ඇණවුවහු විසින් නිමිති හඟවා කියූ භාණ්ඩය මදක් අගනේය, ඒ භාණ්ඩයාගේ සමීපයෙහි තැබූ මේ අනික් භාණ්ඩය සාරභාණ්ඩයකැයි මෙසේ අනිකක් සිතමින් ඒ භාණ්ඩයම සොරකම් කොට ගනීද දෙදෙනාහටම පාරාජිකය වේ. ‘අඤ්ඤං මඤ්ඤමානො අඤ්ඤං’ පෙර කියූ නයින්ම මෙය ඒ භාණ්ඩය සමීපයෙහි තැබූ අනික් සාරභාණ්ඩයයි සලකාද, එද අනෙකක්මවේද, ඒ සොරකම්කොට ගත්තහුටම පාරාජිකය වේ.
ඉත්ථන්නාමස්ස පාවදාතිආදීසු එකො ආචරියො තයො බුද්ධරක්ඛිත-ධම්මරක්ඛිත-සඞ්ඝරක්ඛිතනාමකා අන්තෙවාසිකා දට්ඨබ්බා. තත්ථ භික්ඛු භික්ඛුං ආණාපෙතීති ආචරියො කිඤ්චි භණ්ඩං කත්ථචි සල්ලක්ඛෙත්වා තස්ස හරණත්ථාය බුද්ධරක්ඛිතං ආණාපෙති. ඉත්ථන්නාමස්ස පාවදාති ගච්ඡ ත්වං, බුද්ධරක්ඛිත, එතමත්ථං ධම්මරක්ඛිතස්ස පාවද. ඉත්ථන්නාමො ඉත්ථන්නාමස්ස පාවදතූති ධම්මරක්ඛිතොපි සඞ්ඝරක්ඛිතස්ස පාවදතු. ඉත්ථන්නාමො ඉත්ථන්නාමං භණ්ඩං අවහරතූති එවං තයා ආණත්තෙන ධම්මරක්ඛිතෙන ආණත්තො සඞ්ඝරක්ඛිතො ඉත්ථන්නාමං භණ්ඩං අවහරතු, සො හි අම්හෙසු වීරජාතිකො පටිබලො ඉමස්මිං කම්මෙති. ආපත්ති දුක්කටස්සාති එවං ආණාපෙන්තස්ස ආචරියස්ස තාව දුක්කටං. සචෙ පන සා ආණත්ති යථාධිප්පායං ගච්ඡති, යං පරතො ථුල්ලච්චයං වුත්තං, ආණත්තික්ඛණෙ තදෙව හොති. අථ තං භණ්ඩං අවස්සං හාරියං හොති, යං පරතො “සබ්බෙසං ආපත්ති පාරාජිකස්සා”ති වුත්තං, තතො ඉමස්ස තඞ්ඛණෙයෙව පාරාජිකං හොතීති අයං යුත්ති සබ්බත්ථ වෙදිතබ්බා.
‘ඉත්ථන්තාමස්ස පාවද’ යනාදිතන්හි එකෙක් ආචාර්ය්ය වේ. බුද්ධරක්ඛිත - ධම්මරක්ඛිත සඞ්ඝරක්ඛිත යන නම් ඇති තිදෙන අතැවැසියෝයි දතයුත්තාහ. එහි ‘භික්ඛු භික්ඛුං ආණාපෙති’ ආචාර්ය්ය තෙමේ කිසි භාණ්ඩයක් කිසි තැනෙකැයි සලකා ඒ භාණ්ඩය ගෙනඊම පිණිස බුද්ධරක්ඛිත හට අණවයි: ‘ඉත්ථන්තාමස්ස පාවද’යි බුද්ධරක්ඛිත! යව, තෝ මේ කාරණය ධම්මරක්ඛිත හට ‘මෙනම් ඇත්තේ මෙනම් ඇත්තහුට කියාවා’යි කියව. ධම්මරක්ඛිත තෙමේද ‘මෙනම් ඇත්තේ මෙනම් ඇති භාණ්ඩය අවහරණය කෙරේවා’යි සඞ්ඝරක්ඛිතහට කියාවායි මෙසේ තා විසින් අණවන ලද ධම්මරක්ඛිත, ධම්මරක්ඛිත විසින්, අණවන ලද සඞ්ඝරක්ඛිත තෙමේ මෙනම් ඇති භාණ්ඩය අවහරණය කෙරේවා, හෙතෙමේ මේ කර්මයෙහි අප අතර වීර ස්වභාවය ඇත්තේ ප්රතිබලයි කියාද, ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ අණවන්නා වූ ආචාර්‍ය්‍යයාහට පළමුකොට දුක්කටය වේ. ඉදින්වනාහි ඒ අණකිරීම අදහස්කළ ලෙසින් සිදුවේද, පසුව යමකට ථුල්ලච්චය කියන ලද්දේද, අණකළ මොහොතෙහිම එම ථුල්ලච්චය වේ. නැවත ඒ භාණ්ඩය ඒකාන්තයෙන් සොරකම්කොට ගෙනයායුතුවේද, පසුව ‘සබ්බෙසං ආපත්ති පාරාජිකස්ස’යි යමක් කියන ලද්දේද, එයින් මොහුට එකෙණෙහිම පාරාජිකය වේ. මේ යුක්තිය සියලු තන්හි දතයුතුය.
සො ඉතරස්ස ආරොචෙතීති බුද්ධරක්ඛිතො ධම්මරක්ඛිතස්ස, ධම්මරක්ඛිතො ච සඞ්ඝරක්ඛිතස්ස “අම්හාකං ආචරියො එවං වදති – ‘ඉත්ථන්නාමං කිර භණ්ඩං අවහර, ත්වං කිර අම්හෙසු ච වීරපුරිසො’”ති ආරොචෙති, එවං තෙසම්පි දුක්කටං. අවහාරකො පටිග්ගණ්හාතීති “සාධු හරිස්සාමී”ති සඞ්ඝරක්ඛිතො සම්පටිච්ඡති. මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්සාති සඞ්ඝරක්ඛිතෙන පටිග්ගහිතමත්තෙ ආචරියස්ස ථුල්ලච්චයං, මහාජනො හි තෙන පාපෙ නියොජිතොති. සො තං භණ්ඩන්ති සො චෙ සඞ්ඝරක්ඛිතො තං භණ්ඩං අවහරති, සබ්බෙසං චතුන්නම්පි ජනානං පාරාජිකං. න කෙවලඤ්ච චතුන්නං, එතෙන උපායෙන විසඞ්කෙතං අකත්වා පරම්පරාය ආණාපෙන්තං සමණසතං සමණසහස්සං වා හොතු, සබ්බෙසං පාරාජිකමෙව.
‘සො ඉතරස්ස ආරොචෙති’ බුද්ධරක්ඛිතතෙමේ ධම්මරක්ඛිතහට, ධම්මරක්ඛිත තෙමේද සඞ්ඝරක්ඛිතහට ‘අපගේ ආචාර්‍ය්‍යතෙමේ ‘මෙනම් ඇති භාණ්ඩය සොරකම් කොට ගනුව, තෝ අප අතර වීරපුරුෂ’යි මෙසේකියායි සැලකෙරේද, මෙසේ ඔවුන්ටද දුක්කටය වේ. ‘අවහාරකො පතිගණ්හාති’ ‘මැනව ගන්නෙමි’යි සඞ්ඝරක්ඛිත තෙමේ පිළිගනීද, ‘මූලට්ඨස්ස ආපත්ති ථුල්ලච්චයස්ස’ සඞ්ඝරක්ඛිත විසින් පිළිගත් ඇසිල්ලෙහි ආචාර්‍ය්‍යයාහට ථුල්ලච්චය වේ. ඔහු විසින් මහාජනතෙමේ පාපයෙහි යොදන ලද්දේය. මෙහි ‘මහාජනො’ යනු බුද්ධරක්ඛිත - ධම්මරක්ඛිත - සඞ්ඝරක්ඛිතයන් සඳහා කියන ලද්දේය. ‘සො තං භාණ්ඩං’ ඒ සඞ්ඝරක්ඛිත තෙමේ ඒ භාණ්ඩය සොරාගනීද, සියලු සිවුදෙනාහටම පාරාජිකය වේ. හුදෙක් සිවුදෙනාහටම පාරාජිකය නොවේ. මේ උපායෙහි විසඞ්කෙතය නොකොට පරම්පරාවෙන් අණවන්නා වූ ශ්රමණයන් සියයක්වේවා, ශ්රමණයන් දහසක්වේවා, සියල්ලන්හටම පාරාජිකය වේ.
දුතියවාරෙ – සො අඤ්ඤං ආණාපෙතීති සො ආචරියෙන ආණත්තො බුද්ධරක්ඛිතො ධම්මරක්ඛිතං අදිස්වා වා අවත්තුකාමො වා හුත්වා සඞ්ඝරක්ඛිතමෙව උපසඞ්කමිත්වා “අම්හාකං ආචරියො එවමාහ – ‘ඉත්ථන්නාමං කිර භණ්ඩං අවහරා’”ති ආණාපෙති. ආපත්ති දුක්කටස්සාති ආණත්තියා තාව බුද්ධරක්ඛිතස්ස දුක්කටං. පටිග්ගණ්හාති, ආපත්ති දුක්කටස්සාති සඞ්ඝරක්ඛිතෙන සම්පටිච්ඡිතෙ මූලට්ඨස්සෙව දුක්කටන්ති වෙදිතබ්බං. සචෙ පන සො තං භණ්ඩං අවහරති, ආණාපකස්ස ච බුද්ධරක්ඛිතස්ස, අවහාරකස්ස ච සඞ්ඝරක්ඛිතස්සාති උභින්නම්පි පාරාජිකං. මූලට්ඨස්ස පන ආචරියස්ස විසඞ්කෙතත්තා පාරාජිකෙන අනාපත්ති. ධම්මරක්ඛිතස්ස අජානනතාය සබ්බෙන සබ්බං අනාපත්ති. බුද්ධරක්ඛිතො පන ද්වින්නං සොත්ථිභාවං කත්වා අත්තනා නට්ඨො.
ද්විතීය වාරයෙහි - ‘සො අඤ්ඤං ආණාපෙති’ ආචාර්‍ය්‍යයා විසින් අණවනලද ඒ බුද්ධරක්ඛිත තෙමේ ධම්මරක්ඛිත නොදැන හෝ නොකියනු කැමතිව හෝ සඞ්ඝරක්ඛිතයන් කරාම එළැඹ අපගේ ආචාර්‍ය්‍යතෙමේ මෙසේ කීයේය: ‘මෙනම් ඇති භාණ්ඩය සොරාගනුව’යි අණකරවාද, ‘ආපත්ති දුක්කටස්ස’ ඇණවීම හේතුකොට පළමුව බුද්ධරක්ඛිතහට දුක්කටය වේ. ‘පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස’ සඞ්ඝරක්ඛිත විසින් පිළිගත්කල්හි මූලස්ථයාහටම දුක්කටයයි දතයුතුය. ඉදින් මෙතෙමේ ඒ භාණ්ඩය සොරකම් කෙරේද, ඇණවූ බුද්ධරක්ඛිතහට ද සොරාගත් සඞ්ඝරක්ඛිතහටද යන දෙදෙනාහටම පාරාජිකය වේ. මූලස්ථ වූ ආචාර්‍ය්‍යයාහට නියමය වෙනස්වූ බැවින් පාරාජිකයෙන් ඇවැත් නොවේ. ධම්මරක්ඛිත හට නොදන්නා බැවින් මුළුමනින් ඇවැත් නොවේ. බුද්ධරක්ඛිත තෙමේ දෙදෙනාහට සොත්ථිභාවයකොට තෙමේ නැසුනේය.
ඉතො පරෙසු චතූසු ආණත්තිවාරෙසු පඨමෙ තාව සො ගන්ත්වා පුන පච්චාගච්ඡතීති භණ්ඩට්ඨානං ගන්ත්වා අන්තො ච බහි ච ආරක්ඛං දිස්වා අවහරිතුං අසක්කොන්තො ආගච්ඡති. යදා සක්කොසි, තදාති කිං අජ්ජෙව අවහටං හොති? ගච්ඡ යදා සක්කොසි තදා නං අවහරාති. ආපත්ති දුක්කටස්සාති එවං පුන ආණත්තියාපි දුක්කටමෙව හොති. සචෙ පන තං භණ්ඩං අවස්සං හාරියං හොති, අත්ථසාධකචෙතනා නාම මග්ගානන්තරඵලසදිසා, තස්මා අයං ආණත්තික්ඛණෙයෙව පාරාජිකො. සචෙපි අවහාරකො සට්ඨිවස්සාතික්කමෙන තං භණ්ඩං අවහරති, ආණාපකො ච අන්තරායෙව කාලං වා කරොති, හීනාය වා ආවත්තති; අස්සමණොව හුත්වා කාලං වා කරිස්සති, හීනාය වා ආවත්තිස්සති, අවහාරකස්ස පන අවහාරක්ඛණෙයෙව පාරාජිකං.
මෙයින් මතු සිවුවැදෑරුම් වූ ආණත්ති වාරයන්හි ප්‍රථම වාරයෙහි පළමු කොට ‘සො ගනත්වා පුන පච්චාගච්ඡති’ බඩු තිබෙන තැනට ගොස් ඇතුළත හා පිටත කළ ආරක්ෂා දැක සොරකම්කොට ගන්නට නොහැකිවනුයේ පෙරළා ඒද, ‘යදා සක්කොසි තදා’ ‘අදම ගන්නා ලද්දේ කුමක්වේද, යව, යම්කලෙක හැක්කේවෙහිද, එකල්හි ඒ භාණ්ඩය සොරකම් කොට ගණුව’යි. ‘ආපත්ති දුක්කටස්ස’ මෙසේ නැවත ඇණවීම හෙතුකොටද දුක්කටයම වේ. ඉදින් ඒ භාණ්ඩය අවශ්‍යයෙන් ගතහැකිවේද, අර්ත්ථසාධකචෙතනා නම් මාර්ගයට අනතුරුව ලබන ඵලය සමාන වන්නීද, එහෙයින් මෙතෙමේ ඇණවූ කෙණෙහිම පාරාජික වේ. ඉදිනුදු අවහාරකතෙමේ සැට අවුරුද්දක් ඉක්ම ගිය පසු ඒ භාණ්ඩය සොරකම් කෙරේද ඇණවූ තැනැත්තේද අතරදීම කලුරිය හෝ කෙරේද, ගිහිබවට හෝ පෙරළේද, අශ්රමණයෙක්ම කලුරිය හෝ කරන්නේද, ගිහිබවට හෝ පෙරළෙන්නේද අවහාරකයාහට භාණ්ඩය සොරාගත් කෙණෙහිම පාරාජිකය වේ.
දුතියවාරෙ – යස්මා තං සණිකං වා භණන්තො තස්ස වා බධිරතාය “මා අවහරී”ති එතං වචනං න සාවෙති, තස්මා මූලට්ඨො න මුත්තො. තතියවාරෙ – පන සාවිතත්තා මුත්තො. චතුත්ථවාරෙ – තෙන ච සාවිතත්තා, ඉතරෙන ච “සාධූ”ති සම්පටිච්ඡිත්වා ඔරතත්තා උභොපි මුත්තාති.
ද්විතීය වාරයෙහි - යම්හෙයකින් ඔහුට වහා කියන්නේ හෝ ඔහුගේ බිහිරිබව හෙතුකොට හෝ ‘සොරා නොගනුව’ යන මේ වචනය නොඅස්වාද, මූලස්ථ වූ ආණාපකතෙමේ පාරාජිකයෙන් නොමිදුනේය. තෘතීය වාරයෙහි වනාහි, අස්වනලදබැවින් පාරාජිකයෙන් මිදුනේය. චතුර්ත්ථ වාරයෙහි, ඔහු විසින් අස්වනලද බැවින්ද අන්‍යයා විසිනුදු ‘යහපතැ’යි පිළිගෙන වැළකුණු බැවින්ද දෙදෙනම මිදුනාහ.
ආණත්තිකථා නිට්ඨිතා.
ආණත්තිකථා නිමි.
ආපත්තිභෙදං
ආපත්තිභෙදං
ඉදානි තත්ථ තත්ථ ඨානා චාවනවසෙන වුත්තස්ස අදින්නාදානස්ස අඞ්ගං වත්ථුභෙදෙන ච ආපත්තිභෙදං දස්සෙන්තො “පඤ්චහි ආකාරෙහී”තිආදිමාහ. තත්ථ පඤ්චහි ආකාරෙහීති පඤ්චහි කාරණෙහි; පඤ්චහි අඞ්ගෙහීති වුත්තං හොති. තත්රායං සඞ්ඛෙපත්ථො – අදින්නං ආදියන්තස්ස “පරපරිග්ගහිතඤ්ච හොතී”තිආදිනා නයෙන වුත්තෙහි පඤ්චහාකාරෙහි පාරාජිකං හොති, න තතො ඌනෙහීති. තත්රිමෙ පඤ්ච ආකාරා – පරපරිග්ගහිතං, පරපරිග්ගහිතසඤ්ඤිතා , පරික්ඛාරස්ස ගරුකභාවො, ථෙය්යචිත්තං, ඨානාචාවනන්ති. ඉතො පරෙහි පන ද්වීහි වාරෙහි ලහුකෙ පරික්ඛාරෙ වත්ථුභෙදෙන ථුල්ලච්චයඤ්ච දුක්කටඤ්ච දස්සිතං.
දැන් ඒ ඒ තන්හි ඨානාචාවන වසයෙන් කියන ලද අදින්නාදානය පිළිබඳ අඞ්ගයන්ගේ හා වස්තූන්ගේ භෙදයෙන්ද ආපත්තිභෙදය දක්වනසේක් ‘පඤ්චහාකාරෙහි’ යනාදිය වදාළ සේක. එහි ‘පඤ්චහි ආකාරෙහි’ යනු පස්කරුණකින්ය. පසඅඟකින්යි වදාරණ ලද්දේ වේ. මේ එහි සඞ්ක්ෂෙපාර්ත්ථය වේ: වස්තු ස්වාමියා විසින් තුන්දොරින් කිසිත් අයුරකින් නොදුන්දෙය ගන්නහුට. ‘පරපරිග්ගහිතඤ්ච හොති’ යනාදි නයින් කියන ලද පස්අයුරින් පාරාජිකය වේ. එයින් අඩුවෙන් පාරාජිකය නොවේ. අන්හු සතුබව, අන්හු සතුයයි හැඟීම, පිරිකරෙහි ගරුබව, සොරසිත, තුබූතැනින් පහකිරීම යන එහි පස් ආකාරයෝයි. මෙයින් අන්‍ය වූ දෙවරින් ලඝුපරික්ෂාරයෙහි වස්තුභෙදයෙන් ථුල්ලච්චයද දුක්කටයද දක්වන ලදී.
“ඡහාකාරෙහී”තිආදිනා නයෙන වුත්තවාරත්තයෙ පන න සකසඤ්ඤිතා, න විස්සාසග්ගාහිතා, න තාවකාලිකතා, පරික්ඛාරස්ස ගරුකභාවො, ථෙය්යචිත්තං, ඨානාචාවනන්ති එවං ඡ ආකාරා වෙදිතබ්බා. වත්ථුභෙදෙන පනෙත්ථාපි පඨමවාරෙ පාරාජිකං. දුතියතතියෙසු ථුල්ලච්චයදුක්කටානි වුත්තානි. තතො පරෙසු පන තීසු වාරෙසු විජ්ජමානෙපි වත්ථුභෙදෙ වත්ථුස්ස පරෙහි අපරිග්ගහිතත්තා දුක්කටමෙව වුත්තං. තත්ර යදෙතං “න ච පරපරිග්ගහිත”න්ති වුත්තං, තං අනජ්ඣාවුත්ථකං වා හොතු ඡඩ්ඩිතං ඡින්නමූලකං අස්සාමිකවත්ථු, අත්තනො සන්තකං වා, උභයම්පි “න ච පරපරිග්ගහිත”න්ත්වෙව සඞ්ඛ්‍යං ගච්ඡති. යස්මා පනෙත්ථ පරපරිග්ගහිතසඤ්ඤා ච අත්ථි, ථෙය්යචිත්තෙන ච ගහිතං, තස්මා අනාපත්ති න වුත්තාති.
‘ඡහාකාරෙහි’ යනාදි නයින් කියනලද වාර තුනෙහි තමාගේය යන හැඟීම නැතිබව, විශ්වාසයෙන් ගැනීම නැතිබව, තව්කැලි නොවනබව, පිරිකරෙහි ගරුබව, සොරසිත, තුබූ තැනින් පහකිරීමයි සයයුර මෙසේ දතයුතුය. සොරාගන්නා වස්තූන්ගේ ගරුක - ලහුක භෙදයෙන් මෙහිද ප්රථමවාරයෙහි පාරාජිකය වේ. ද්විතීය තෘතීය වාරයන්හි ථුල්ලච්චය - දුක්කටයෝ වදාරණ ලද්දාහුය. එයින් අන්‍යවූ තුන්වාරයෙහි වස්තූන්ගේ භෙදය ඇතිකල්භිද වස්තුව තබා අන්හු විසින් අපරිගෘහිත බැවින් දුක්කටම වදාරණ ලදී. එහි යම් මේ ‘න ච පරපරිග්ගහිතං’ යනු වදාරණ ලද්දේද, එය අපරිගෘහිතයක් හෝ වේවා, ප්‍රයෝජන රහිතබැවින් හැරදමනලද, ආලය සුන්බැවින් සුන්මුල්ඇති අස්වාමික වස්තුවක් හෝ වේවා, තමන් සතුවූවක් හෝ වේවා, ඒ අස්වාමිකය හා ආත්මසන්තකය යන දෙකම අනුන් සතුමයයි ගිනීමට නොයන්නේය. යම්හෙයකින් වනාහි මෙහි අනුන් සතුය, යන හැඟීම ඇත්තේද, සොරසිතින් ගන්නා ලද්දේද, එහෙයින් ඇවැත් නොවේයයි නොවදාරණ ලද්දේය.
ආපත්තිභෙදං නිට්ඨිතං.
අනාපත්තිභෙදං
අනාපත්තිභෙදං
එවං වත්ථුවසෙන ච චිත්තවසෙන ච ආපත්තිභෙදං දස්සෙත්වා ඉදානි අනාපත්තිභෙදං දස්සෙන්තො “අනාපත්ති සසඤ්ඤිස්සා”තිආදිමාහ. තත්ථ සසඤ්ඤිස්සාති සකසඤ්ඤිස්ස, “මය්හං සන්තකං ඉදං භණ්ඩ”න්ති එවං සසඤ්ඤිස්ස පරභණ්ඩම්පි ගණ්හතො ගහණෙ අනාපත්ති, ගහිතං පන පුන දාතබ්බං. සචෙ සාමිකෙහි “දෙහී”ති වුත්තො න දෙති, තෙසං ධුරනික්ඛෙපෙ පාරාජිකං.
මෙසේ වස්තු වශයෙන්ද චිත්ත වශයෙන්ද ආපත්තිභෙදය වදාරා දැන් අනාපත්තිය දක්වනසේක් ‘අනාපත්ති සසඤ්ඤිස්ස’ යනාදිය වදාළ සේක. එහි ‘සසඤ්ඤිස්ස’ යනු සකසංඥා ඇත්තහුට. ‘මේ භාණ්ඩය මා සතුය’යි මෙසේ තමාගේය යන හැඟීම් ඇතිව අන්සතු භාණ්ඩයක් ගන්නහුට ගැනීම නිමිතිකොට ඇවැත් නොවේ. ගන්නා ලද්ද වනාහි දියයුතුය. ඉදින් හිමියන් විසින් ‘දෙව’යි කියන ලද්දේ, නොදේනම් ඔවුන්ගේ ධුරනිඃක්ෂෙපය නිමිතිකොට පාරාජිකය වේ.
විස්සාසග්ගාහෙති විස්සාසග්ගහණෙපි අනාපත්ති. විස්සාසග්ගාහලක්ඛණං පන ඉමිනා සුත්තෙන ජානිතබ්බං – “අනුජානාමි, භික්ඛවෙ, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස විස්සාසං ගහෙතුං – සන්දිට්ඨො ච හොති, සම්භත්තො ච, ආලපිතො ච, ජීවති ච, ගහිතෙ ච අත්තමනො”ති (මහාව· 356). තත්ථ සන්දිට්ඨොති දිට්ඨමත්තකමිත්තො, සම්භත්තොති දළ්හමිත්තො, ආලපිතොති “මම සන්තකං යං ඉච්ඡසි, තං ගණ්හෙය්යාසි, ආපුච්ඡිත්වා ගහණෙ කාරණං නත්ථී”ති වුත්තො. ජීවතීති අනුට්ඨානසෙය්යාය සයිතොපි යාව ජීවිතින්ද්රියුපච්ඡෙදං න පාපුණාති. ගහිතෙ ච අත්තමනොති ගහිතෙ තුට්ඨචිත්තො හොති, එවරූපස්ස සන්තකං “ගහිතෙ මෙ අත්තමනො භවිස්සතී”ති ජානන්තෙන ගහෙතුං වට්ටති. අනවසෙසපරියාදානවසෙන චෙතානි පඤ්චඞ්ගානි වුත්තානි. විස්සාසග්ගාහො පන තීහි අඞ්ගෙහි රුහති – සන්දිට්ඨො, ජීවති, ගහිතෙ අත්තමනො; සම්භත්තො, ජීවති, ගහිතෙ අත්තමනො; ආලපිතො, ජීවති, ගහිතෙ අත්තමනොති.
‘විස්සාසගාහෙ’ විශ්වාසයෙන් ගැනීමෙහිද ඇවැත් නොවේ. විශ්වාසයෙන් ගැනීමෙහි ලක්ෂණ ‘අනුජානාමි භික්ඛවෙ පඤ්චභඞ්ගෙහි සමන්නාගතස්ස විස්සාසං ගහෙතුං, සන්දිට්ඨො ච හොති සම්භත්තො ච ආලපිතො ච ජීවති ච ගහිතෙ ච අත්තමනො’ යන මේ සූත්‍රයෙන් දතයුතුය. එහි ‘සන්දිට්ඨො’ දුටුපමණින් මිත්‍ර වූයේය. ‘සම්භත්තො’ දැඩි මිත්රතෙමේය. ‘ආලපිතො’ ‘මාසතු යමක් කැමැත්තෙහිද, එය ගනුව’යි විචාරා ගැනීමෙහි කාරණයක් නැත්තේයයි කියන ලද්දේය. ‘ජිවති’ නොනැගී සිටි සෙය්යාවෙන් සයනය කරණ ලද්දේද, යම්තාක් ජීවිතේන්ද්රිය සිඳීමට නොපැමිණේද, ඒතාක් සිටියේය. ‘ගහිතෙ ච අත්තමනො’ ගත්කල්හි තුටු සිත් ඇත්තේවේද, එබඳු වූවහුගේ සන්තකය මා ගත්කල්හි තුටු සිත් ඇත්තේ වන්නේයයි දන්නහු විසින් ගැනීම වටියි. ඉතිරි නොකොට සියල්ල ගැනීම් වසයෙන්ද මේ අඞ්ගපස වදාරණ ලද්දේය. විශ්වාසයෙන් ගැනීම කරුණු තුනකින් රූහණය වේ. සන්දිට්ඨ මිත්රයෙක්වේද, ජීවත්වේද, ගත්කල්හි සතුටුවේද, සම්භක්ත මිත්රයෙක්වේද, ජීවත්වේද, ගත්කල්හි සතුටුවේද, ආලපිත මිත්රයෙක්වේද, ජීවත්වේද, ගත්කල්හි සතුටුවේ යන මේ කරුණු තුනය.
යො පන න ජීවති, න ච ගහිතෙ අත්තමනො හොති; තස්ස සන්තකං විස්සාසග්ගාහෙන ගහිතම්පි පුන දාතබ්බං. දදමානෙන ච මතකධනං තාව යෙ තස්ස ධනෙ ඉස්සරා ගහට්ඨා වා පබ්බජිතා වා, තෙසං දාතබ්බං. අනත්තමනස්ස සන්තකං තස්සෙව දාතබ්බං. යො පන පඨමංයෙව “සුට්ඨු කතං තයා මම සන්තකං ගණ්හන්තෙනා”ති වචීභෙදෙන වා චිත්තුප්පාදමත්තෙන වා අනුමොදිත්වා පච්ඡා කෙනචි කාරණෙන කුපිතො, පච්චාහරාපෙතුං න ලභති. යොපි අදාතුකාමො චිත්තෙන පන අධිවාසෙති, න කිඤ්චි වදති, සොපි පුන පච්චාහරාපෙතුං න ලභති. යො පන “මයා තුම්හාකං සන්තකං ගහිතං වා පරිභුත්තං වා”ති වුත්තෙ “ගහිතං වා හොතු පරිභුත්තං වා, මයා පන තං කෙනචිදෙව කරණීයෙන ඨපිතං, පාකතිකං කාතුං වට්ටතී”ති වදති. අයං පච්චාහරාපෙතුං ලභති.
යමෙක් වනාහි ජීවත්වේද, ගත්කල්හි සතුටුවූයේ නොවේද, ඔහු සතුවූවක් විශ්වාස ග්රහණයෙන් ගන්නා ලද්දේද නැවත දිය යුතුය. දෙන්නහු විසින්ද මළහුගේ ධනය වනාහි ඔහුගේ ධනයෙහි ගෘහස්ථ වූ හෝ ප්‍රව්‍රජිත වූ හෝ යම්කෙනෙක් අධිපතිවෙත්ද ඔවුන්ට දියයුතුය. නොසතුටු සිත්ඇත්තහු සතු ධනය ඔහුටම දියයුතුය. යමෙක්වනාහි පළමුකොටම ‘මා සන්තකය ගන්නා වූ තා විසින් කරණ ලද්දේ යහපතැ’යි වාග්භෙදයෙන් හෝ විත්තොත්පාද මාත්‍රයකින් හෝ අනුමෝදන්ව පසුව කිසි කරුණක් හේතුකොට කිපියේ පෙරළා ගෙන්වන්නට නොලබන්නේය. යමෙක් නොදෙනු කැමැත්තේ සිතින් ඉවසාද, කිසිවක් නොකියාද, ඔහුද නැවත ගෙන්වීම නොලබයි. යමෙක් වනාහි ‘මා විසින් තොපගේ සන්තකය ගන්නා ලද්දේ යයි හෝ පරිභොග කරන ලද්දේ යයි හෝ කියූකල්හි ගන්නා ලද්දේ හෝ වේවා, පරිභොග කරන ලද්දේ හෝ වේවා, මා විසින් එය කිසි කටයුත්තක් හෙතුකොට තබන ලද්දේය, එය ප්‍රකෘතිමත් කරන්නට වටීය’යි කියාද, මෙතෙමේ පෙරළා ගෙන්වීම ලබයි.
තාවකාලිකෙති “පටිදස්සාමි පටිකරිස්සාමී”ති එවං ගණ්හන්තස්ස තාවකාලිකෙපි ගහණෙ අනාපත්ති. ගහිතං පන සචෙ භණ්ඩසාමිකො පුග්ගලො වා ගණො වා “තුය්හෙවෙතං හොතූ”ති අනුජානාති, ඉච්චෙතං කුසලං. නො චෙ අනුජානාති, ආහරාපෙන්තෙ දාතබ්බං. සඞ්ඝසන්තකං පන පටිදාතුමෙව වට්ටති.
‘තාවකාලිකෙ’ නැවත දෙන්නෙමි, නැවත කරන්නෙමියි මෙසේ ගන්නනහුට තාවකාලිකය ගැනීමෙහිද ඇවැත් නැත්තේය. ඉදින් ගන්නා ලද්ද වනාහි භාණ්ඩ ස්වාමි වූ පුද්ගලයෙක් හෝ ගණයෙක් හෝ මෙය තටම වේවායි අනුදනීනම් මෙසේ මේ අනුදැනීම මැනවි, ඉදින් නොඅනුදනීනම් ගෙන්වන කල්හි දියයුතුය. සඞ්ඝසන්තකය වනාහි පෙරළා දීමම වටීයි.
පෙතපරිග්ගහෙති එත්ථ පන පෙත්තිවිසයෙ උපපන්නාපි කාලං කත්වා තස්මිංයෙව අත්තභාවෙ නිබ්බත්තාපි චාතුමහාරාජිකාදයො දෙවාපි සබ්බෙ “පෙතා” ත්වෙව සඞ්ඛ්‍යං ගතා, තෙසං පරිග්ගහෙ අනාපත්ති. සචෙපි හි සක්කො දෙවරාජා ආපණං පසාරෙත්වා නිසින්නො හොති, දිබ්බචක්ඛුකො ච භික්ඛු තං ඤත්වා අත්තනො චීවරත්ථාය සතසහස්සග්ඝනකම්පි සාටකං තස්ස “මා ගණ්හ, මා ගණ්හා”ති වදන්තස්සාපි ගහෙත්වා ගච්ඡති, වට්ටති. දෙවතා පන උද්දිස්ස බලිකම්මං කරොන්තෙහි රුක්ඛාදීසු ලග්ගිතසාටකෙ වත්තබ්බමෙව නත්ථි.
‘පෙතපරිග්ගහෙ’ මෙහි වනාහි ප්‍රේතවිෂයයෙහි උපදින්නාහුද කාලක්‍රියාකොට එම ආත්මභාවයෙහිම උපන්නාහුද චාතුර්මහාරාජිකාදී වූ සියලු දෙවියෝද ප්රේතයෝමයි ගිනීමට ගියාහුය. ඔවුන් අයත් භාණ්ඩයෙහි අනාපත්ති වේ. ඉදින් වනාහි සක්දෙව්රජතෙමේ අවන්හලක් විවෘතකොට හුන්නේවේද, දිවැස් ඇති මහණෙක්තෙමේ එය දැන තමන්ට සිවුරු පිණිස සියදහසක් අගනා සළුවක් ඔහු ‘නොගනුව, නොගනුව’යි මොරගා කියනකල්හිත් ගෙනයේද වටියි. දෙවතාවක උදෙසා බිලියම් කරන්නන් විසින් ගස්, වැල් ආදියෙහි එල්ලා තැබූ සළුවෙහි කියයුත්තක් නැත්තේමය.
තිරච්ඡානගතපරිග්ගහෙති තිරච්ඡානගතානම්පි පරිග්ගහෙ අනාපත්ති. සචෙපි හි නාගරාජා වා සුපණ්ණමාණවකො වා මනුස්සරූපෙන ආපණං පසාරෙති, තතො චස්ස සන්තකං කොචි භික්ඛු පුරිමනයෙනෙව ගහෙත්වා ගච්ඡති, වට්ටති. සීහො වා බ්‍යග්ඝො වා මිගමහිංසාදයො වධිත්වා ඛාදන්තො ජිඝච්ඡාපීළිතො ආදිතොව න වාරෙතබ්බො. අනත්ථම්පි හි කරෙය්ය. යදි පන ථොකෙ ඛායිතෙ වාරෙතුං සක්කොති, වාරෙත්වා ගහෙතුං වට්ටති. සෙනාදයොපි ආමිසං ගහෙත්වා ගච්ඡන්තෙ පාතාපෙත්වා ගණ්හිතුං වට්ටති.
‘තිරච්ඡානගතපරිග්ගහෙ’ තිරිසන්ගියවුනට අයත් දැයෙහි අනාපත්ති වේ. ඉදිනුදු නා රජෙක් හෝ ගරුඩ මාණවකයෙක් හෝ මිනිස් වෙසින් සිට අවන්හලක් විවෘත කෙරේද, එතැනින්ද කිසි මහණෙක්තෙමේ මොහු අයත්වූවක් පෙර කියූලෙසින්ම ගෙනයේනම් වරද නොවේ. සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ මුව, මී, ගොන් ආදීන් නසාකන්නේ බඩගින්නෙන් පෙළුනේ පළමුකොටම නොවැළක්විය යුතුය. යම්හෙයකින් නපුරක් කෙරේද එහෙයිනි. ඉදින්වනාහි මදක් කෑ වළකන්නට හැක්කේද, වළක්වා ගැනීම වටියි. සුනඛ ආදීන්ද ආමිෂයක් ගෙන යනකල්හි හෙළවා ගැනීම වටියි.
පංසුකූලසඤ්ඤිස්සාති අස්සාමිකං “ඉදං පංසුකූල”න්ති එවංසඤ්ඤිස්සාපි ගහණෙ අනාපත්ති. සචෙ පන තං සස්සාමිකං හොති, ආහරාපෙන්තෙ දාතබ්බං . උම්මත්තකස්සාති පුබ්බෙ වුත්තප්පකාරස්ස උම්මත්තකස්සාපි අනාපත්ති. ආදිකම්මිකස්සාති ඉධ ධනියො ආදිකම්මිකො, තස්ස අනාපත්ති. අවසෙසානං පන රජකභණ්ඩිකාදිචොරානං ඡබ්බග්ගියාදීනං ආපත්තියෙවාති.
‘පංසුකූල සඤ්ඤිස්ස’ ‘මේ පාංශුකූලය අස්වාමිකය’යි මෙසේ හැඟීම් ඇත්තහුටද ගැනීමෙහි අනාපත්ති වේ. ඉදින් එය සස්වාමික වේනම් ගෙන්වන කල්හි දියයුතුය. ‘උම්මත්තකස්ස’ පෙර කියූඅයුරු ඇති උමතුවූවහුටද අනාපත්ති වේ. ‘ආදිකම්මිකස්ස’ මෙහි ධනිය ස්ථවිරතෙමේ ආදිකර්මික වේ. ඔහුට ඇවැත් නොවේ. සෙසු රජක භණ්ඩිකාදිය සොරකම්කළ සවගමහණ ආදීන්ට ඇවැත්මය.
අනාපත්තිභෙදං නිට්ඨිතං.
පදභාජනීයවණ්ණනා නිට්ඨිතා.
පදභාජනීය වර්ණනා නිමි.
පකිණ්ණකකථා
පකිණ්ණකකථා
සමුට්ඨානඤ්ච කිරියා, අථො සඤ්ඤා සචිත්තකං; ලොකවජ්ජඤ්ච කම්මඤ්ච, කුසලං වෙදනාය චාති.
‘සමුට්ඨානඤ්ච කිරියා - අථො සඤ්ඤා සචිත්තකං, ලොකවජ්ජඤ්ච කම්මඤ්ච - කුසලං වෙදනාය චාති’
ඉමස්මිං පන පකිණ්ණකෙ ඉදං සික්ඛාපදං තිසමුට්ඨානං – සාහත්ථිකං කායතො ච චිත්තතො ච සමුට්ඨාති, ආණත්තිකං වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, සාහත්ථිකාණත්තිකං කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති. කිරියාසමුට්ඨානඤ්ච, කරොන්තොයෙව හි එතං ආපජ්ජති න අකරොන්තො. “අදින්නං ආදියාමී”ති සඤ්ඤාය අභාවෙන මුච්චනතො සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං , ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, තුට්ඨො වා භීතො වා මජ්ඣත්තො වා තං ආපජ්ජතීති තිවෙදනන්ති සබ්බං පඨමසික්ඛාපදෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං.
මේ මිශ්රකනයෙහි මේ ශික්ෂාපදය ත්‍රිසමුත්‍ථානිකය. සාහර්ත්ථික ප්‍රයොගයෙන් නිපන්නේය. කයින්ද සිතින්ද හටගනියි. ආණත්තිකයෙන් නිපන්නේය. වචනයෙන්ද සිතින්ද හටගනියි. සාහර්ත්ථක ආණත්තිකයෙන් නිපන්නේය. කයින්ද වචනයෙන්ද සිතින්ද හටගනියි. ක්රියාසමුත්ථානද වේ. කරන්නේම මේ ඇවතට පැමිණේ. නොකරන්නේ මේ ඇවතට නොපැමිණේ. ‘නොදුන් දෙය ගනිමි’යි යන සංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥාවිමොක්ෂ වේ. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. තුටුවූයේ හෝ බියවූයේ හෝ මැදහත්වූයේ හෝ එයට පැමිණේ යයි ත්රිවේදන වේ. සියල්ල ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූනයින්ම දතයුතුය.
පකිණ්ණකකථා නිට්ඨිතා.
විනීතවත්ථුවණ්ණනා
විනිශ්චිත කථාවස්තු
විනීතවත්ථුකථාසු ඡබ්බග්ගියවත්ථු අනුපඤ්ඤත්තියං වුත්තමෙව.
විනීතවස්තුකථා අතුරෙහි - ෂට්වර්ගිකවස්තුව අනුප්රඥප්තියෙහි කියන ලද්දේමය.
දුතියවත්ථුම්හි – චිත්තං නාම පුථුජ්ජනානං රාගාදිවසෙන පකතිං විජහිත්වා ධාවති සන්ධාවති විධාවති. සචෙ භගවා කායවචීද්වාරභෙදං විනාපි චිත්තුප්පාදමත්තෙන ආපත්තිං පඤ්ඤපෙය්‍ය, කො සක්කුණෙය්ය අනාපත්තිකං අත්තානං කාතුං! තෙනාහ – “අනාපත්ති භික්ඛු චිත්තුප්පාදෙ”ති. චිත්තවසිකෙන පන න භවිතබ්බං, පටිසඞ්ඛානබලෙන චිත්තං නිවාරෙතබ්බමෙවාති.
ද්වීතීය වස්තුවෙහි - පෘථග්ජනයන්ගේ සිතවනාහි රාගාදීන්ගේ වසයෙන් පියවි ගතිය හැරපියා දුවයි. තදින් දුවයි. නොයෙක් අයුරින් දුවයි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කායවචීද්වාර භෙදය හැරද චිත්තොත්පාද මාත්‍රයෙන් ඇවැත් පණවන සේක්නම්, කවරෙක් තමන් අනාපත්තියෙකු කරන්නට සමර්ත්ථ වන්නේද එහෙයින් ‘අනාපත්ති භික්ඛු චිත්තුප්පාදෙ’ යනු වදාළ සේක. සිතට වසඟ වූවකු නොවිය යුතුය. මේ චිත්තොත්පාදයෙහි ආදීනව ප්රත්යවෙක්ෂා බලයෙන් සිත වළකාගත යුතුමය.
ආමසන-ඵන්දාපන-ඨානාචාවනවත්ථූනි උත්තානත්ථානෙව. තතො පරානි ච ථෙය්‍යචිත්තො භූමිතො අග්ගහෙසීති වත්ථුපරියොසානානි.
ආමසන - ඵන්දාපන - ඨානාචාවන වස්තු ප්‍රකට අර්ත්ථ ඇත්තේමය. එයින් අන්යවූවෝද ‘ථෙය්‍යචිත්තො භුමිතො අග්ගහෙසි’ යන වස්තු කෙළවරකොට ඇත්තාහුය.
නිරුත්තිපථවත්ථුස්මිං 1.329 ආදියීති ගණ්හි, “චොරොසි ත්ව”න්ති පරාමසි. ඉතරො පන “කෙන අවහට”න්ති වුත්තෙ “මයා අවහට”න්ති පුච්ඡාසභාගෙන පටිඤ්ඤං අදාසි. යදි හි ඉතරෙන “කෙන ගහිතං, කෙන අපනීතං, කෙන ඨපිත”න්ති වුත්තං අභවිස්ස, අථ අයම්පි “මයා ගහිතං, අපනීතං, ඨපිත”න්ති වා වදෙය්ය. මුඛං නාම භුඤ්ජනත්ථාය ච කථනත්ථාය ච කතං, ථෙය්යචිත්තං පන විනා අවහාරො නත්ථි. තෙනාහ භගවා – “අනාපත්ති භික්ඛු නිරුත්තිපථෙ”ති. වොහාරවචනමත්තෙ අනාපත්තීති අත්ථො. තතො පරං වෙඨනවත්ථු පරියොසානං සබ්බං උත්තානත්ථමෙව.
නිරුක්තිපථ වස්තුවෙහි - ‘ආදියි’ යනු ගත්තේය. ‘තෝ සොරෙහි’යි පැහසීය. අන්‍යයා වනාහි ‘කවරක්හු විසින් ගන්නා ලදදැ’යි විචාළ කල්හි මා විසින් සොයාගන්නා ලද්දේය’යි පිළිවිසීමට සභාග වසයෙන් ප්‍රතිඥා දුන්නේය. ඉදින් අන්‍යයා විසින් ‘කවරෙකු විසින් සොරාගන්නා ලදද, කවරකු විසින් බැහැර කරන ලදද, කවරකු විසින් තබන ලදදැ’යි කියන ලද්දේ වන්නේනම්, නැවත මෙතෙමේද ‘මා විසින් ගන්නා ලදය, බැහැර කරන ලදය, තබන ලදැ’යි හෝ කියන්නේය. මුඛය වනාහි අනුභවය පිණිසත් කථා කරනු පිණිසත් කරන ලද්දේය. සොරසිත හැර අවහාරයක් නැත්තේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘අනාපත්ති භික්ඛු නිරුත්තිපථෙ’ යනු වදාළ සේක. ව්යවහාරවචන මාත්‍රයෙහි ඇවැත් නොවේය යන අර්‍ත්‍ථයි. එයින් අන්‍ය වූ වෙඨන වස්තුව කෙළවරකොට ඇති සියලු වස්තු කියනලද අර්ත්ථ ඇත්තේමය.
අභින්නසරීරවත්ථුස්මිං අධිවත්ථොති සාටකතණ්හාය තස්මිංයෙව සරීරෙ නිබ්බත්තො. අනාදියන්තොති තස්ස වචනං අගණ්හන්තො, ආදරං වා අකරොන්තො. තං සරීරං උට්ඨහිත්වාති පෙතො අත්තනො ආනුභාවෙන තං සරීරං උට්ඨාපෙසි. තෙන වුත්තං – “තං සරීරං උට්ඨහිත්වා”ති. ද්වාරං ථකෙසීති භික්ඛුස්ස සුසානසමීපෙයෙව විහාරො, තස්මා භීරුකජාතිකො භික්ඛු ඛිප්පමෙව තත්ථ පවිසිත්වා ද්වාරං ථකෙසි. තත්ථෙව පරිපතීති ද්වාරෙ ථකිතෙ පෙතො සාටකෙ නිරාලයො හුත්වා තං සරීරං පහාය යථාකම්මං ගතො, තස්මා තං සරීරං තත්ථෙව පරිපති, පතිතන්ති වුත්තං හොති.
අභින්න සරීර වස්තුවෙහි - ‘අධිවත්ථො’ යනු සළුව කෙරෙහි කළ තෘෂ්ණාව හේතුකොට එම සිරුරෙහිම උපන්නේය. ‘අනාදියන්තො’ ඒ ප්‍රේතයාගේ වචනය නොගන්නේ ආදරය හෝ නොකරන්නේ. ‘තං සරීරං උට්ඨහිත්වා’ ප්රෙතතෙමේ තමන්ගේ ආනුභාවයෙන් ඒ ශරීරය නැගුටුවාලූයේය. ‘තං සරීරං උට්ඨහිත්වා’ යනු එහෙයින් වදාරණ ලද්දේය. ‘ද්වාරං ථකෙසි’ මහණහුගේ විහාරය සොහොන සමීපයෙහිම වූයේද එහෙයින් බියසුලු සැහැවි ඇති මහණතෙමේ වහාම එහි පිවිස දොර වැසුයේය. ‘තත්ථෙව පරිපටි’ දොර වැසූ කල්හි ප්රෙතතෙමේ සළුවෙහි ආලය රහිතව ඒ මළසිරුර හැරපියා කම්වූපරිදි ගියේය. එහෙයින් ඒ ශරීරය එහිම වැටුනේය. වැටෙන ලදැයි කියන ලද්දේ වේ.
අභින්නෙ සරීරෙති අබ්භුණ්හෙ අල්ලසරීරෙ පංසුකූලං න ගහෙතබ්බං, ගණ්හන්තස්ස එවරූපා උපද්දවා හොන්ති, දුක්කටඤ්ච ආපජ්ජති. භින්නෙ පන ගහෙතුං වට්ටති. කිත්තාවතා පන භින්නං හොති? කාක-කුලල-සොණ-සිඞ්ගාලාදීහි මුඛතුණ්ඩකෙන වා දාඨාය වා ඊසකං ඵාලිතමත්තෙනාපි. යස්ස පන පතතො ඝංසනෙන ඡවිමත්තං ඡින්නං හොති, චම්මං අච්ඡින්නං, එතං අභින්නමෙව; චම්මෙ පන ඡින්නෙ භින්නං. යස්සාපි සජීවකාලෙයෙව පභින්නා ගණ්ඩකුට්ඨපිළකා වා වණො වා හොති, ඉදම්පි භින්නං. තතියදිවසතො පභුති උද්ධුමාතකාදිභාවෙන කුණපභාවං උපගතම්පි භින්නමෙව. සබ්බෙන සබ්බං පන අභින්නෙපි සුසානගොපකෙහි වා අඤ්ඤෙහි වා මනුස්සෙහි ගාහාපෙතුං වට්ටති. නො චෙ අඤ්ඤං ලභති, සත්ථකෙන වා කෙනචි වා වණං කත්වා ගහෙතබ්බං. විසභාගසරීරෙ පන සතිං උපට්ඨපෙත්වා සමණසඤ්ඤං උප්පාදෙත්වා සීසෙ වා හත්ථපාදපිට්ඨියං වා වණං කත්වා ගහෙතුං වට්ටති.
‘අභින්නෙ සරීරෙ’ ඉතා උණුසුම් වූ තෙත් සිරුරෙහි පාංශුකුලය නොගත යුතුය. ගන්නහුට මෙබඳු වූ උවදුරු වේ. දුක්කටයටද පැමිණේ. සිරුර බිඳීගිය කල්හි ගැනීම වටියි. කොපමණකින් බිඳුනේදයත්: කවුඩු උකුසු බලු හිවල් ආදීන් විසින් මුවතුඩින් හෝ දළින් හෝ මදක් පැළු පමණින්ද බිඳුනේ වේ. ඒ මත යමක්හුගේ වැටීමෙන්වූ ගැටීමෙන් සිවිය පමණකුත් සිඳුනේවේද, සම නොසිඳුනේවේද, මෙය නොබිඳුනේම වේ. සම සිඳීගිය කල්හි බිඳුනේ වේ. යමක්හුගේ දිවි සහිත කාලයෙහිම බිඳුනු ගණ්ඩ කුෂ්ට පිළිකාවෝ හෝ වෙයිද, වණයක් හෝ වේද, මේ සිරුර ද බිඳුනේ වේ. සිරුර තෙවනදින පටන් ඉදිමීම් ආදියට පැමිණීමෙන් කුණපබවට පැමිණියේවේද, බිඳුනේම වේ. මුළුමනින් නොබිඳුනු කල්හිද සොහොන් ගොව්වන් ලවා හෝ අන් මිනිසුන් ලවා හෝ ගැන්වීම සුදුසු වේ. ඒ පිණිස අනිකෙකු නොලබානම්, සැතකින් හෝ අන්කිසිවකින් හෝ වණයක්කොට ගතයුතුය. විසභාග සරීරයෙහි වනාහි සිහිඑළවා ශ්‍රමණ සංඥාව උපදවා හිසෙහි හෝ අත්පා පිටෙහි හෝ වණයක් කොටගැනීම වටියි.